Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT346. කාලො ඝසති භූතානි සබ්බානෙව සහත්තනා, යො ච කාලඝසො භූතො ස භූතපවනිං පචී.
Sinhala BJT346. කාලය තමා හා සමග හැම සතුන් මැ කයි. කාලය කෑ යම් සත්ත්‍වයෙක් ඇද්ද. ඒ සත්ත්‍වයා භුතපවනි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව දැවී.
Pali BJT347. බහූනි නරසීසානි ලොමසානි බ්රහානි ච, ගීවාසු පටිමුක්කානි කොවිදෙවෙත්ථ කණ්ණවාති.
Sinhala BJT347. බොහෝ ලෝම ඇති මහත් වූ ගෙල හා බැඳි නර ශීර්‍ෂයෝ බොහෝ වෙති. මොවුනතුරෙහි කිසිවෙක් මැ කන් (ප්‍රඥාවත් නැණවත්හු) ඇත්තේ යි.
Pali BJT5. මූලපරියායජාතකං.
Sinhala BJT5. මූලපරියාය ජාතක යි.
Pali BJT348. හන්ත්වා ඣත්වා වධිත්වා ච දෙති දානං අසඤ්ඤතො, එදිසං භත්තං භුඤ්ජමානො ස පාපෙන උපලිප්පති.
Sinhala BJT348. දුශ්ශීලයා පහර දී, ක්‍ලාන්තකරවා මරා දන් දේ ද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයා ද පාපයෙන් තැවරේ.
Pali BJT349. පුත්තදාරම්පි චෙ හන්ත්වා දෙති දානං අසඤ්ඤතො, භුඤ්ජමානොපි සප්පඤ්ඤො න පාපෙන උපලිප්පතී’ති.
Sinhala BJT349. ඉදින් දුශ්ශීල තෙම අඹුදරුවනුදු මරා දන් දේ ද, එය වළඳන ප්‍රඥාවන්තයා පාපයෙන් නො තැවැරේ.
Pali BJT6. තෙලොවාදජාතකං{2}.
Sinhala BJT6. තේලෝවාද ජාතක යි.
Pali BJT350. අද්ධා පාදඤ්ජලී සබ්බෙ පඤ්ඤාය අතිරොචති, තථා හි ඔට්ඨං භඤ්ජෙති උත්තරිං නූන පස්සති.
Sinhala BJT350. පාදඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් ම අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේ මැ යැ. තොල් බිඳියි, මතුයෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
Pali BJT351. නායං ධම්මං අධම්මං වා අත්ථානත්ථංව බුජ්ඣති, අඤ්ඤත්ර ඔට්ඨනිබ්භොගා නායං ජානාති කිඤ්චනන්ති.
Sinhala BJT351. මෙතෙම (පාදඤ්ජලී කුමාරයා) දහම ද නො දහම ද දියුණුව ද පිරිහීම ද නො දනී. තොල් බිඳුම විනා අන් කිසිවක් නො දනී.
Pali BJT7. පාදඤ්ජලිජාතකං.
Sinhala BJT7. පාදඤ්ජලී ජාතක යි.
Pali BJT352. සබ්බෙහි කිංසුකො දිට්ඨො කින්ත්වෙත්ථ{3} විචිකිච්ඡථ, න හි සබ්බෙසු ඨානෙසු සාරථි පරිපුච්ඡිතො.
Sinhala BJT352. හැමදෙනා විසින් කෑලගස දක්නා ලද. මේ කරුණෙහි කුමට සැක කරවු ද? සියලු තන්හි (කෑලගස පෙන්නූ අවස්ථාවන්හි) රියැදුරා නො විචාරන ලදි.
Pali BJT353. එවං සබ්බෙහි ඤාණෙහි යෙසං ධම්මා අජානිතා, තෙ වෙ ධම්මෙසු කඞ්ඛන්ති කිංසුකස්මිංව භාතරො’ති
Sinhala BJT353. එපරිදි සියලු විදර්‍ශනා ඥානයෙන් යම් කෙනකුන් විසින් ස්පර්‍ශායතනාදී ධර්‍මයෝ නො දන්නා ලද ද ඔවුහු ඒකාන්තයෙන් කෑලගස පිළිබඳ සැකකළ සොහොයුරන් සේ ධර්‍මයන්හි සැක කරත්.
Pali BJT8. කිංසුකොපමජාතකං.
Sinhala BJT8. කිංසුකෝපම ජාතක යි.
Pali BJT354. එකපුත්තකො භවිස්සසි ත්වං ච නො හෙසස්සි ඉස්සරො කුලෙ, ඔරොහ දුමස්මා සාලක එහි දානි ඝරකං වජෙමසෙ
Sinhala BJT354. සාලකය, තෝ එක ම පුතා වූයෙහි ය. අපගේ ගෙහි අධිපති වන්නෙහි ය. රුකින් බසිහි, එව දැන් ගෙට යම්හ.
Pali BJT355. නනු මං හදයෙති මඤ්ඤසි යඤ්චි මං හනසි වෙළුයට්ඨියා, පක්කම්බවනෙ රමාමසෙ ගච්ඡ ත්වං ඝරකං යථාසුඛන්ති.
Sinhala BJT355. මා තොපගේ මිතුරෙකැ යි සිතහි ද? යම් හෙයකින් උණ යටියෙන් මා පහළෙහි ද, එ හෙයින් තොප හා නො එමි. විලිකුන් අඹ උයන්හි රමණය කරම්හ. තෙපි සුවසේ ගෙට යව.
Pali BJT9. සාලකජාතකං.
Sinhala BJT9. සාලක ජාතක යි.
Pali BJT356. අයං ඉසී උපසමසංයමෙ රතො සන්තිට්ඨති සිසිරභයෙන අට්ටිතො, හන්ද අයං පවිසතුමං අගාරකං විනෙතු සීතං දරථඤ්ච කෙවලං.
Sinhala BJT356. රාගාදි කෙලෙසුන් සන්සිඳීමෙහි ඇලුණු මේ තවුස් සීතල නිසා හටගත් බියෙන් පෙළුණේ (ගෙදොර) සිටී. අනේ මේ තවුස් මේ ගෙට පිවිසේවා! සියලු සීත පීඩා දුරු කෙරේවා!
Pali BJT357. නායං ඉසී උපසමසංයමෙ රතො, කපී අයං දුමවරසාඛගොචරො, සො දූසකො රොසකො චාපි ජම්මො සචෙ වජෙ ඉමම්පි දූසයෙ ඝරන්ති.
Sinhala BJT357. මේ කෙලෙස් සන්සිඳීමේ ඇලුණු තවුසෙක් නො වෙයි. මේ වෘක්‍ෂශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම ගිය ගිය තැන මල මූ කිරීම් ඇදියෙන් දූෂණය කරන්නෙකි, කිපෙන්නෙකි, ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙය ද දූෂණය කරන්නේ යි.
Pali BJT10. කපිජාතකං
Sinhala BJT10. කපි ජාතක යි.
Pali BJTසිගාලවග්ගො දසමො.
Sinhala BJTදසවැනි සිගාල වර්‍ගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ රාජාසිගාලවරො සුනඛො තථා කොසිය ඉච්ඡති කාලඝසො, අථ දානවරොට්ඨපි සාරථිනා පුනප්පවනඤ්ච සිසිරකපි දස.
Sinhala BJTසිවලා රජ වූ සබ්බදාඨ ජාතක යැ, සුනඛ ජාතක යැ, එසේ මැ (කෝසිය) ගුත්තිල ජාතක යැ, (ඉච්ඡති) විතිච්ඡ ජාතක යැ, (කාලඝසො) මූලපරියාය ජාතක යැ, තෙලොවාද ජාතක යැ, (ඔට්ඨ) පාදඤ්ජලි ජාතක යැ, (සාරථිනා) කිංසුකෝපම ජාතකයෙන් හි සාලක ජාතක යැ, කපි ජාතක ය යන මෙයින් දසය වේ.
Pali BJTදුකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTදුක නිපාතය නිමියේ යි.
Pali BJTවග්ගුද්දානං:
Sinhala BJTවර්‍ග උද්දානය:
Pali BJTදළ්හඤ්ච{1} වග්ගං අපරෙන සන්ථවං කල්යාණවග්ගං සදිසො ච රුහකං, නතංදළ්හං{2} බීරනත්ථම්භකං පුන කාසාවුපාහනසිගාලකෙන දසා’ති.
Sinhala BJTදළ්හ වර්‍ගය ද, අන්‍ය සන්‍ථව වර්‍ගය ද, කල්‍යාණ ධර්‍ම වර්‍ගය ද, අසදිස වර්‍ගය ද, රුහක වර්‍ගය ද, නතංදළ්හ වර්‍ගය ද, යළි බිරණත්‍ථම්හක වර්‍ගය ද, කාසාව වර්‍ගය ද, උපාහන වර්‍ගය ද, සිගාල වර්‍ගය ද යන මෙයින් වර්‍ග දසය වේ.
Pali BJT3. තිකනිපාතො
Sinhala BJT3. තික නිපාතය
Pali BJT1. සඞ්කප්පවග්ගො
Sinhala BJT1. සඞ්කප්ප වර්‍ගය
Pali BJT358. සඞ්කප්පරාගධොතෙන විතක්කනිසිතෙන ච, නාලඞ්කතෙන භද්දෙන න උසුකාරකතෙන ච.
Sinhala BJT358. කාමවිතර්‍ක සම්ප්‍රයුක්ත රාගජලයෙන් දෝනා ලද විතර්‍ක ශිලායෙහි මුවත් තැබූ, නො සැරසූ හී වඩුවකු විසිනුදු නො කළ -
Pali BJT359. න කණ්ණායතමුත්තෙන නපි මොරූපසෙවිනා, තෙනම්හි හදයෙ විද්ධො සබ්බඞ්ගපරිදාහිනා.
Sinhala BJT359. දකුණු කන්සිළුව දක්වා ඇද නො හැරියාවූ ද මොනරපත් ආදියෙන් නො සාදන ලද සියලඟ දවන්නා වූ ඒ කෙලෙස් ඊයෙන් (මගේ) හදවත විදින ලද්දේ -
Pali BJT360. ආවෙධඤ්ච න පස්සාමි යතො රුහිරමස්සවෙ, යාව අයොනිසො චිත්තං සයං දුක්ඛමාභත’න්ති.
Sinhala BJT360. විදිනා ලද තැනකුදු ලේ වැගිරෙන තැනකුදු නො දක්මි. ඉතා අනුවණ ලෙසින් සිත වැඩී ද එහෙයින් මා විසින් මේ දුක පමුණුවා ගන්නා ලදී.
Pali BJT1. සඞ්කප්පජාතකං.
Sinhala BJT1. සංකප්ප ජාතක යි.
Pali BJT361. අජ්ජාපි මෙ තං මනසි{1} යං මං ත්වං තිලමුට්ඨියා, බාහාය මං ගහෙත්වාන ලට්ඨියා අනුතාළයි.
Sinhala BJT361. තලමිටක් නිසා මා අත්කරගන්වා තෙපි මා උණ ලීයෙන් තැලූහු ද, අද දක්වා ඒ පහර මා සිත්හි ඇත.
Pali BJT362. නනු ජීවිතෙ න රමසි යෙනාසි බ්රාහ්මණාගතො. යං මං බාහං ගහෙත්වාන තික්ඛත්තුං අනුතාළයී.
Sinhala BJT362. බමුණ, යම්බඳු මගේ අතකරගන්වා තෙවරක් තැලූහු ද, (මෙහි) පැමිණි හෙයින් ජීවිතයෙහි නො ඇලෙතී සිතම්.
Pali BJT363. අරියො අනරියං කුබ්බානං යො දණ්ඩෙන නිසෙධති, සාසනත්ථං{2} න තං වෙරං ඉති නං පණ්ඩිතා විදූති.
Sinhala BJT363. යම් ආර්‍ය්‍යයෙක් නො කටයුතු කරන්නහු දඬුවමින් වළකා ද එය හික්මවනු පිණිසය. වෛර පිණිස නො වේ යයි පඬිවරු දනිති.
Pali BJT2. තිලමුට්ඨිජාතකං.
Sinhala BJT2. තිලමුට්ඨි ජාතක යි.
Pali BJT364. මමන්නපානං විපුලං උළාරං උප්පජ්ජතීමස්ස මණිස්ස හෙතු, තං තෙ න දස්සං අතියාචකොසි න චාපි තෙ අස්සමං ආගමිස්සං.
Sinhala BJT364. මේ මාණික්‍ය රත්නය නිසා මට උදාර වූ බොහෝ ආහාරපාන උපදී. තොපට එය නො දෙමි. පමණ ඉක්ම යාච්ඤා කරව. එසේ හෙයින් තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
Pali BJT365. සුසූ යථා සක්ඛරධොතපාණී තාසෙසි මං සෙලං යාචමානො, තං තෙ න දස්සං අතියාචකොසි න චාපි තෙ අස්සමං ආගමිස්සං.
Sinhala BJT365. තෙල් පහණ උලා මුවහත් කළ කඩුවක් ගත් තරුණයකු මෙන් තෙපි මැණික්ගල ඉල්ලනුයේ මා තැති ගැන්වූහ. අධිකව යාච්ඤා කරව, තොපට එය නො දෙමි. තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
Pali BJT366. න තං යාචෙ යස්ස පියං ජිගිංසෙ දෙස්සො හොති අතියාචනාය, නාගො මණිං යාචිතො බ්රාහ්මණෙන අදස්සනංයෙව තදජ්ඣගමා’ති.
Sinhala BJT366. යමකුට යමක් ප්‍රිය යයි දන්නේ ද එය නො ඉල්ලන්නේ ය. අධික යාචනයෙන් ද්වේෂ්‍ය වෙයි. බමුණහු විසින් මැණික අයදනා ලද නාරජ එතැන් පටන් නො දැක්මට මැ පැමිණියේ යි.
Pali BJT3. මණිකණ්ඨජාතකං.
Sinhala BJT3. මණිකණ්ඨ ජාතක යි.
Pali BJT367. භුත්වා තිණපරිඝාසං භුත්වා ආවාමකුණ්ඩකං, එතං තෙ භොජනං ආසි කස්මාදානි න භුඤ්ජසී.
Sinhala BJT367. (අශ්ව වෘෂභාදීන්) කා ඉතිරි වූ තණ ද කැඳබත් ද කා වැඩුණ හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නො කන්නේ ද?
Pali BJT368. යත්ථ පොසං න ජානන්ති ජාතියා විනයෙන වා, පහූ තත්ථ මහාබ්රහ්මෙ අපි ආචාමකුණ්ඩකං.
Sinhala BJT368. බමුණුතුමනි, යම් තැනෙකැ බොහෝදෙනා උපතින් උසස් බව හා ආචාරශීලයෙන් යුතු බව නො දනිත් ද එහි දී කැඳවතුර ද කුඩු ද පරිභෝග කරමි.
Pali BJT369. ත්වඤ්ච ඛො මං පජානාසි යාදිසායං හයුත්තමො, ජානන්තො ජානමාගම්ම න තෙ භක්ඛාමි කුණ්ඩකන්තී.
Sinhala BJT369. ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකැයි හොඳින් දන්නෙහි ය. දන්නකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නො කමි.
Pali BJT4. කුණ්ඩකකුච්ඡිසින්ධවජාතකං.
Sinhala BJT4. කුණ්ඩකකුච්ඡි සින්‍ධව ජාතක යි.
Pali BJT370. යාව සො මත්තමඤ්ඤාසි භොජනස්මිං විහඞ්ගමො, තාව අද්ධානමාපාදි මාතරඤ්ච අපොසයි.
Sinhala BJT370. ඒ කුරුල්ලා යම් තාක් ආහාරයෙහි පමණ මෙතරම්ය යි දැන සිටියේ ද, එතෙක් ජීවත් විය. මා පියන් ද පෝෂණය කෙළේය.
Pali BJT371. යතො ච ඛො බහුතරං භොජනං අජ්ඣුපාහරි තතො තත්ථෙව සංසීදි අමත්තඤ්ඤූ හි සො අහූ.
Sinhala BJT371. යම් කලෙකැ ඒ කුරුල්ලා අහරෙහි පමණ නො දත්තේ ද අධික ලෙස ආහාර අනුභව කෙළේ ද, එකලැ මුහුදෙහි ම හැලුණේය.
Pali BJT372. තස්මා මත්තඤ්ඤුතා සාධු භොජනස්මිං අගිද්ධතා{1}. අමත්තඤ්ඤූ හි සීදන්ති මත්තඤ්ඤූ ව න සීදරෙති.
Sinhala BJT372. අහරෙහි පමණ නො දන්නෝ යම් හෙයකින් ගිලෙද් ද, දන්නෝ නො ගිලෙද්ද, එහෙයින් අහරෙහි පමණ දැනීමත් එහි ගිජු නො වීමත් මැනවි.
Pali BJT5. සුකජාතකං.
Sinhala BJT5. සුක ජාතක යි.
Pali BJT373. ජරූදපානං ඛණමානා වාණිජා උදකත්ථිකා, අජ්ඣගංසු අයො ලොහං තිපුසීසඤ්ච වාණිජා: රජතං ජාතරූපඤ්ච මුත්තා වෙළුරියා බහු.
Sinhala BJT373. දියෙන් ප්‍රයෝජන ඇති වෙළෙන්දෝ පැරැණි ළිඳක් සාරන්නහු කළුයකඩ, තඹ, ඊයම්, රිදී, රන්, මුතු හා දියමන්ති ද ලදහ.
Pali BJT374. තෙ ච තෙන අසන්තුට්ඨා භිය්යො භිය්යො අඛාණිසුං, තෙ තත්ථාසිවිසො ඝොරො තෙජස්සී{2} තෙජසා හනි.
Sinhala BJT374. එයින් අසතුටු වූ ඔවුහු වැඩි වැඩියක් සෑරූහ. එහි (ළිඳෙහි) හුන් දරුණු තෙදැති නයා තෙදින් (විසෙන්) ඔවුන් නැසී ය.
Pali BJT375. තස්මා ඛණෙ නාතිඛණෙ අතිඛාතං හි පාපකං, ඛාතෙන ව ධනං ලද්ධං අතිඛාතෙන නාසිතන්ති.
Sinhala BJT375. එහෙයින් සාරන්න. පමණට වඩා නො සාරන්න. පමණ ඉක්මවා සෑරීම ලාමකය, (හෙවත් මෝඩ කමකි). සෑරීමෙන් ධනය ලදී. පමණට වඩා සෑරීමෙන් නසන ලදී.
Pali BJT6. ජරූදපානජාතකං.
Sinhala BJT6. ජරූදපාන ජාතක යි.
Pali BJT376. නායං ඝරානං කුසලො ලොලො අයං වලීමුඛො, කතං කතං ඛො දූසෙය්ය එවං ධම්මමිදං කුලං.
Sinhala BJT376. මේ විලිමුවා නිවාස තනන්නට දක්‍ෂයකු නොවේ. මෙතෙම කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය දූෂණය කිරීම වැනසීම යන) මෙබඳු ස්වභාව ඇත්තේය.
Pali BJT377. නයිදං චිත්තවතො ලොමං නායං අස්සාසිකො මිගො, සත්ථං මෙ ජනසන්ධෙන නායං කිඤ්චි විජානාති.
Sinhala BJT377. විමර්‍ශන ඥානයෙන් යුක්තයකුට මෙබඳු රළුලොම් නැත. මේ මෙරමා අස්වසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නො දනීය යි ජනසන්‍ධ රජතුමා විසින් මට අනුසාසනා කරන ලදී. හෙවත් කියන ලදී.
Pali BJT378. න මාතරං වා පිතරං භාතරං භගිණං සඛං, භරෙය්ය තාදිසො පොසො සිට්ඨං දසරථෙන මෙති.
Sinhala BJT378. එබඳු වඳුරු ජාතික සත්ත්‍ව තෙමේ මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ යහළුවකු පෝෂණය නො කරන්නේය යි දශරථ රජු විසින් මට මේ ශාස්ත්‍රය කියන ලදී.
Pali BJT7. ගාමණීචණ්ඩජාතකං{1}.
Sinhala BJT7. ගාමණීචණ්ඩ ජාතක යි.
Pali BJT379. යාවතා චන්දිමසූරියා පරිහරන්ති දිසාභන්ති විරොචනා, සබ්බෙව දාසා මන්ධාතු යෙ පාණා පඨවිනිස්සිතා.
Sinhala BJT379. සඳහිරු දෙදෙනා යම් පමණ තැන් මෙර පැදැකුණු කෙරෙද්ද යම් පමණ දිසා බබුළුවත් ද, යම් පමණ බබළන ස්වභාවය ඇත්තාහු ද ඒතාක් තන්හි පොළොව ඇසුරු කොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත් ද ඔහු හැම දෙනා මන්‍ධාතු රජුගේ දාසයෝ යැ.
Pali BJT380. න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති, අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.
Sinhala BJT380. කහවණු වැස්සෙන් පවා කාමයෙහි තෘප්තියක් නො පෙනේ. කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ යි ද, දුකට හේතු වන්නාහයි ද මෙසේ පණ්ඩිත තෙම දැනැ.
Pali BJT381. අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති, තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො’ති.
Sinhala BJT381. හේ (පණ්ඩිතයා) දිව්‍ය වූ කාමසම්පතෙහි දු ඇල්මට නො පැමිණේ. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නිවනෙහි ඇලුණේ වෙයි.
Pali BJT8. මන්ධාතුජාතකං.
Sinhala BJT8. මන්‍ධාතු ජාතක යි.
Pali BJT382. නයිමස්ස විජ්ජාමයමත්ථි කිඤ්චි න බන්ධවො නො පන තෙ සහායො, අථ කෙන වණ්ණෙන තිරීටවච්ඡො තෙදණ්ඩිකො භුඤ්ජති අග්ගපිණ්ඩං.
Sinhala BJT382. විද්‍යාවෙන් නිපද වූ කිසිවක් මේ තාපසයාට නැත. තොපගේ නෑයෙක් හෝ යහළුවෙක් හෝ නොවේ. ත්‍රිදණ්ඩයක් ඇති තිරීටවච්ඡ නම් වූ මෙතෙම කවර කරුණක් නිසා බොහෝ රසැති අග්‍රභෝජනය වළඳන්නේ ද.
Pali BJT383. ආපාසු මෙ යුද්ධපරාජිතස්ස එකස්ස කත්වා විවනස්මි ඝොරෙ, පසාරයී කිච්ඡගතස්ස පාණිං තෙනූදතාරිං දුඛසම්පරෙතො.
Sinhala BJT383. සටනින් පරදවන ලද්දේ ජලය රහිත බියකරු වනයෙහි හුදෙකලාව විපතට පත් මට ආපදායෙහි ළිඳෙන් ගොඩ එන්නට අත දිගු කෙළේය. ඒ උපකාරය නිසා දුකින් පෙළුණු මම ගොඩ ආවෙමි.
Pali BJT384. එතස්ස කිච්චෙන ඉධානුපත්තො වෙසායිනො විසයා ජීවලොකෙ, ලාභාරහො තාත තිරීටවච්ඡො{1} දෙථස්ස භොගං යජතඤ්ච යඤ්ඤන්ති.
Sinhala BJT384. මේ තාපසයාගේ උපකාරයෙන් මෙහි පැමිණියෙමි. පරලොවෙන් මිදී මෙලොව වසමි. දරුව, තිරීටවච්ඡ තවුසා ලාබ (සිවුපසය) ලබන්නට නිස්සෙකි. පරිභෝග කටයුතු දේ ද, යාග කිරීමට ගන්නා යාගද්‍රව්‍ය ද දෙවු.
Pali BJT9. තිරීටවච්ඡජාතකං.
Sinhala BJT9. තිරීටවච්ඡ ජාතක යි.
Pali BJT385. යස්සත්ථා දූරමායන්ති අමිත්තමපි යාචිතුං, තස්සූදරස්සහං දූතො මා මෙ කුජ්ඣි රථෙසභ.
Sinhala BJT385. යමක්හු සඳහා සතුරාගෙන් වුව ද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට වුව යෙත් ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
Pali BJT386. යස්ස දිවා ච රත්තො ච වසමායන්ති මාණවා තස්සූදරස්සහං දූතො මා මෙ කුජ්ඣි රථෙසභ.
Sinhala BJT386. සත්ත්‍වයෝ රෑ දාවල්හි යම් උදරයක්හුගේ වසඟයට යෙත් ද මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
Pali BJT387. දදාමි තෙ බ්රාහ්මණ රොහිණීනං. ගවං සහස්සං සහ පුඞ්ගවෙන, දූතො හි දූතස්ස කථං න දජ්ජං මයම්පි තස්සෙව භවාම දූතා’ති.
Sinhala BJT387. බමුණ, වෘෂභ රාජයකු සහිතව රතු පැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයකුට කෙසේ නො දෙන්නේ ද? අපි දු ඔහුගේ ම (උදරයාගේ) දූතයෝ වෙමු.
Pali BJT10. දූතජාතකං.
Sinhala BJT10. දූත ජාතක යි.
Pali BJTසඞ්කප්පවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන සංකප්ප වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋසුකාරවරො තිලමුට්ඨිමණි හයරාජවිහඞ්ගමආසිවිසො, ජනසන්ධකහාපණවස්ස පුන තිරීට පුන දූතවරෙන දස
Sinhala BJTඋසිකාරය පවසන සංකප්ප ජාතක යැ, තිලමුට්ඨි ජාතක යැ (මණි) කණ්ඨ ජාතක යැ, අස්රජකු ඇති කුණ්ඩකකුච්ඡිසින්‍ධව ජාතක යැ, (විහඞ්ගම) සුක ජාතක යැ, ආශීවිෂයකු ඇති ජරූදපාන ජාතක යැ, ජනසන්‍ධ රජු ඇති ගාමණීචණ්ඩ ජාතක යැ, යළි කහවණු වැසි සඳහන් මන්‍ධාතු ජාතක යැ, තිරීටවච්ඡ ජාතක යැ, යළි දූත ජාතකයෙන් දසය වේ.
Pali BJT2. පදුමවග්ගො
Sinhala BJT2. පදුම වර්‍ගය
Pali BJT388. යථා කෙසා ච මස්සු ච ඡින්නං ඡින්නං විරූහති. එවං රුහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො.
Sinhala BJT388. යම් සේ හිසකෙස් ද රැවුළු ද කැපූ කැපූසේ යළි වැඩේ ද එලෙස තොපගේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
Pali BJT389. යථා සාරදිකං බීජං ඛෙත්තෙ වුත්තං විරූහති, එවං රුහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො.
Sinhala BJT389. යම් සේ ශරත් සමයෙහි ගෙන තැන්පත් කළ සරු බිජුවට කෙතෙහි වපුළේ මනා සේ වැඩේ ද, එපරිදි ඔබේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.
Pali BJT390. උභොපි පලපන්තෙතෙ අපි පදුමානි දස්සති, වජ්ජ්රං වා තෙ න වා වජ්ජුං නත්ථි නාසාය රූහනා, දෙහි සම්ම පදුමානි අහං යාචාමි යාචිතො.
Sinhala BJT390. තුලුහු දෙදෙන මැ මල් දෙන්නේයයි සිතා බොරු කියති. ඔහු කියත්වයි නො කියත්වයි. නාසිකාවගේ වැඩීමෙක් නැත මිතුර, ඉල්ලන ලද්දෙහි පියුම් දෙව යි.
Pali BJT1. පදුමජාතකං.
Sinhala BJT1. පදුම ජාතකය
Pali BJT391. පාණි චෙ මුදකො චස්ස නාගො චස්ස සුකාරිතො, අන්ධකාරො ච වස්සෙය්ය අථ නූන තදා සියා.
Sinhala BJT391. ඉදින් අත්තල මොළොක් වී නම්, හස්තියා සුසික්‍ෂිත වී නම්, රැය අඳුරු වී නම් වැසි ද වස්නේ වී නම් අපගේ අදහස එකැතින් සඵල වන්නේ යි.
Pali BJT392. අනලා මුදුසම්භාසා දුප්පූරා තා{1} නදීසමා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT392. පුරුෂයන්ගෙන් තෘප්ත නො වන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන වූ ස්ත්‍රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින් දුරු කරන්න.
Pali BJT393. යං එතා උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, ජාතවෙදොව සණ්ඨානං ඛිප්පං අනුදහන්ති නන්ති.
Sinhala BJT393. තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුයෙන් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවති.
Pali BJT2. මුදුපාණීජාතකං.
Sinhala BJT2. මුදුපාණි ජාතක යි.
Pali BJT394. අභිජ්ජමානෙ වාරිස්මිං සයං ආගම්ම ඉද්ධියා, මිස්සීභාවිත්ථියා ගන්ත්වා සංසීදසි මහණ්ණවෙ.
Sinhala BJT394. අභිද්‍යමාන උදකයෙහි තෙමේ ඍද්ධිබලයෙන් අවුත් ස්ත්‍රිය හා මිශ්‍රභාවයට ගොස් මහසයුරේ ගිලෙහි.
Pali BJT395. ආවට්ටනී මහාමායා බුහ්මචරියවිකොපනා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT395. මේ ඉතිරියෝ කාමයෙන් (පුරුෂයන්) පොළොඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින් ම දුරු කරන්නේ යැ.
Pali BJT396. යං එතා උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, ජාතවෙදොව සණ්ඨානං ඛිප්පං අනුදහන්තිනන්ති.
Sinhala BJT396. තෙල ස්ත්‍රීහු කැමැත්තෙන් වේවයි ධන හේතුවින් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැනැ දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවත්.
Pali BJT3. චුල්ලපලොභනජාතකං.
Sinhala BJT3. චුල්ලපලෝහන ජාතක යි.
Pali BJT397. පණාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො, තිරියං සොළස පබ්බෙධො උච්චමානු සහස්සධා.
Sinhala BJT397. යම් රජක්හුගේ ස්වර්‍ණමය වූ ප්‍රාසාදය සරසින් සොළොස් හීසනක් පමණ වේ ද, උසින් දහස් හීසනක් පමණ වේ යයි කීහු ද එ රජ පණාද නම.
Pali BJT398. සහස්සකණ්ඩං සතභෙණ්ඩුං ධජාලු{1} හරිතාමයො, අනච්චුං තත්ථ ගන්ධබ්බා ඡසහස්සානි සත්තධා.
Sinhala BJT398. උසින් දහස්කඩ පමණ වූ ඒ මාලිගාව සියක් මහල් ඇත්තේ යැ ධ්වජ බහුල වූයේ යැ. නිල්මැණිකින් සදනලද්දේ යැ. එහි සදහසක් නළුවෝ සප්තප්‍රකාර වැ නැටූහ.
Pali BJT399. එවමෙතං තදා ආසි යථා භාසසි භද්දජි, සක්කො අහං තදා ආසිං වෙය්යාවච්චකාරො තවන්ති.
Sinhala BJT399. භද්දජී යම් සේ කියා නම් එකල්හි තෙලපහය මෙසේ වී. එකල්හි තොපට (විස්කම් ලවා මාලිගාව කරවූ) වතාවත්කරු සක්දෙව් රජ මම වීමි.
Pali BJT4. මහාපණාදජාතකං.
Sinhala BJT4. මහාපණාද ජාතක යි.
Pali BJT400. දිස්වා ඛුරප්පෙ ධනුවෙගනුන්නෙ ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙලධොතෙ, තස්මිං භයස්මිං මරණෙ වියූළ්හෙ කස්මා නු තෙ නාහු ඡම්භිතත්තන්ති.
Sinhala BJT400. චාප (දුනු) වේගයෙන්, හරනා ලද මහහීතල ද තෙල් සණලා මුවහත් කළ කඩු ද දැක මරණය එළැඹ සිටි ඒ හයෙහි තොපට කුමක් හෙයින් තැතිගැන්මෙක් නො වී ද.
Pali BJT401. දිස්වා ඛුරප්පෙ ධනුවෙගනුන්නෙ ඛග්ගෙ ගහීතෙ තිඛණෙ තෙලධොතෙ, තස්මිං භයස්මිං මරණෙ වියූළ්හෙ වෙදං අලත්ථං විපුලං උළාරං.
Sinhala BJT401. චාපවේගයෙන් හරනාලද, ඊතල ද, තෙල්සණ ලා මුවහත් කළ කඩු ද දැක මරණය සමීප වැ සිටි ඒ හයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.
Pali BJT402. සො වෙදජාතො අජ්ඣභවිං අමිත්තෙ පුබ්බෙව මෙ ජීවිතමාසි චත්තං. න හි ජීවිතෙ ආලයං කුබ්බමානො සූරො කයිරා සුරකිච්චං කදාචීති.
Sinhala BJT402. ප්‍රීත වූ ඒ මම සතුරන් මැඩීමි. පළමු මාගේ ජීවිතය හරනාලද. ජීවිතයෙහි ආලය කරන ශූර තෙම කිසි කලෙක ශූරක්‍රියා නො කරන්නේ යි.
Pali BJT5. ඛුරප්පජාතකං.
Sinhala BJT5. ඛුරප්ප ජාතක යි.
Pali BJT403. යෙනාසි කිසියා පණ්ඩු යෙන භත්තං න රුච්චති, අයං සො ආගතො තාතො{2} කස්මාදානි පලායසි.
Sinhala BJT403. යම් කරුණෙකින් කෘශ වැ පඬුවන් වී ද, යම් (ප්‍රේම) කරුණෙකින් ආහාර අරුචි වී ද, තී පතන ඒ ප්‍රියයා ආයේ යැ. දැන් කුමට පලායෙහි ද?
Pali BJT404. සචෙ පනාදිකෙනෙව සන්ථවො නාම ජායති, යසො හායති ඉත්ථීනං තස්මා තාත පලායහං.
Sinhala BJT404. පළමු මැ සංසර්‍ග මිත්‍රත්‍වය නො හටගනී. යම් හෙයෙකින් ස්ත්‍රීන්ගේ ගර්‍ව සඞ්ඛ්‍යාත යසස පිරිහේ ද, එහෙයින් දරුව, පලායෙමි.
Pali BJT405. යසස්සීනං කුලෙ ජාතං ආගතං යා න ඉච්ඡති, සොචති චිරරත්තාය වාතග්ගමිව කුන්දලීති.
Sinhala BJT405. යම් ස්ත්‍රියක් තමා සමීපයට ආ ප්‍රශස්ත කුලයෙහි උපන් පුරුෂයා නො කැමති වේ ද, ඕ තොමෝ “වාතග්ග” නම් අසු නො කැමැති වූ ‘කුන්‍දලී’ නම් කොටළුදෙන මෙන් දිගුකලක් ශෝක කරන්නී යැ.
Pali BJT6. වාතග්ගජාතකං.
Sinhala BJT6. වාතග්ගසින්‍ධව ජාතක යි.
Pali BJT406. සිඞ්ගී මිගො ආයතචක්ඛුනෙත්තො අට්ඨිත්තචො වාරිසයො අලොමො, තෙනාභිභූතො කපණං රුදාමි මාහෙව මං පාණසමං ජහෙය්ය.
Sinhala BJT406. දිග ඇස් ඇති ඈට මැ හම ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ “සිංගිමිග” නම් කකුළුවෙක, ඔහු විසින් මඩනා ලද්දෙම් අසරණ වැ හඬමි. ප්‍රාණ සම වූ මා නො හැරපියව.
Pali BJT407. අය්ය{3} තං න ජහිස්සාමි කුඤ්ජර සට්ඨිහායන{4}, පථව්යා චාතුරන්නාය සුප්පියො හොසි මෙ තුවං,
Sinhala BJT407. සැටවිය ඉක්ම ථාමහීන වූ කුඤ්ඡර ස්වාමීනි, විපතට පත් තොප නො හරින්නෙමි. සතර දිග පැතිරැගිය මුහුද අවසන් කොට සිටි මහපොළොවටත් වඩා තොප මට ප්‍රිය යැ.
Pali BJT408. යෙ කුළිරා සමුද්දස්මිං ගඞ්ගාය නම්මදාය ච, තෙසං ත්වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පතින්ති.
Sinhala BJT408. මුහුදෙහි ද ගඞ්ගානදියෙහි ද නර්‍මදා නදියෙහි ද යම් කකුළු කෙනෙක් ඇද්ද, ඒ හැමට වඩා ජලයෙහි උපන් තෙපි රූසපුයෙන් හා මහත්ත්‍වයෙන් ශ්‍රේෂ්ඨ වූවහු යැ. හඬන්නා වූ මාගේ සැමියා මුදව.
Pali BJT7. කක්කටකජාතකං{5}.
Sinhala BJT7. කක්කටක ජාතක යි.
Pali BJT409. යො චෙ සබ්බසමෙතානං අහුවා සෙට්ඨසම්මතො තස්සායං එදිසී පඤ්ඤා කිමෙව ඉතරා පජා.
Sinhala BJT409. රැස් වූ හැමදෙනා අතුරෙහි යමෙක් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨය යි ප්‍රසිද්ධ වූයේ ද ඔහුගේ ප්‍රඥාව ද මෙබඳු විය, අන්‍යයන් ගැන කවර කථා ද?
Pali BJT410. එවමෙව තුවං බ්රහ්මෙ අනඤ්ඤාය විනින්දසි කථං මූලං අදිස්වාන රුක්ඛං ජඤ්ඤා පතිට්ඨිතං.
Sinhala BJT410. බමුණ, තෙපි හේතු නො දැන මෙසේ නින්‍දා කරව. පොළොවට ඇද තිබෙන මුල නො දැක කෙසේ ගස අඳුනන්නහු ද?