Pali BJT6877. යං කිඤ්චත්ථි කතං පුඤ්ඤං මය්හං වෙච පිතුච්ච තෙ, සබ්බෙන තෙන කුසලෙන අජරො ත්වං අමරො භව.
Sinhala BJT6877. මා විසිනුදු තොප පියා විසිනුදු කරනලද යම්කිසි පිනෙක් ඇද්ද එ හැම පිනින් තෙපි අජර අමර වව.
Pali BJT6878. කප්පාසිකඤ්ච{1} කොසෙය්යං ඛොමකොදුම්බරානි{2} ච, සස්සු සුණ්හාය පාහෙසි යෙහි මද්දී අසොභථ.
Sinhala BJT6878. යම් වස්ත්‍රයෙකින් මද්‍රී දේවී ශෝභමාන වූ ද, එයට නිසි කපුපිළී ද තිහිරිපිළී ද කොමුපිළී ද කොදුම්බර රට නිපන් පිළී ද නැඳි ඵුසතිදේවී ලෙහෙලියට යැවූ.
Pali BJT6879. තතො ඛොමඤ්ච{3} කායූරං අඞ්ගදං මණිමෙඛලං, සස්සු සුණ්හාය පාහෙසි යෙහි මද්දී අසොභථ.
Sinhala BJT6879. ඉක්බිති යම් අලංකාරයෙකින් මද්‍රීදේවී ශෝභමාන වූද එබඳු රන්මුවා ග්‍රීවාභරණ ද අඟුපලඳනා ද මිණිමෙවුල් ද නැන්දණී ලෙහෙලියට යැවූ.
Pali BJT6880. තතො ඛොමඤ්ච කායූරං ගීවෙය්යං රතනාමයං, සස්සු සුණ්හාය පාහෙසි යෙහි මද්දී අසොභථ.
Sinhala BJT6880. ඉක්බිති යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභමාන වූ ද එබඳු (වන ඉඳි පල බඳු) ස්වර්‍ණමය ග්‍රීවාභරණ ද මිණිමුවා ග්‍රීවාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
Pali BJT6881. උණ්ණතං මුඛඵුල්ලඤ්ච නානාරත්තෙ ච මාණියෙ,{4} සස්සු සුණ්හාය පාහෙසි යෙහි මද්දී අසොභථ.
Sinhala BJT6881. යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් බුබුළු ද නන් පැහැ මිණියෙන් කරනලද තිලකාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
Pali BJT6882. උග්ගත්ථනං ගිඞ්ගමකං මෙඛලං පටිපාදුකං,{5} සස්සු සුණ්හාය පාහෙසි යෙහි මද්දි අසොභථ.
Sinhala BJT6882. යම් පළඳනායෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් කසුකම් කළ තනපට ද රන්වොරසු ද මෙවුල්දම් ද පාදාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
Pali BJT6883. සුත්තඤ්ච සුත්තවජ්ජඤ්ච උපනිජ්ඣාය සෙය්යසි, අසොභථ රාජපුත්තී දෙවකඤ්ඤාව නන්දනෙ.
Sinhala BJT6883. හුයැ ඇමුණු අබරණ ද හූ රහිත අබරණ ද පිරික්සා බලා සැරැසී සිටි උතුම්රූ දැරූ රාජපුත්‍රී නඳුන් වෙනෙහි දෙවඟනක මෙන් ශෝභන වූ.
Pali BJT6884. සීසං නාහාතා සුචිවත්ථා සබ්බාභරණභූසිතා, අසොභථ රාජපුත්තී තාවතිංසාව අච්ඡරා.
Sinhala BJT6884. හිසින් ස්නාන කළ පිවිතුරු පිළීහන් සව්බරණින් සැදි රදූ තව්තිසා වැසි දෙවසරක මෙන් ශෝභන වූ.
Pali BJT6885. කදලීව වාතච්ඡුපිතා ජාතා චිත්තලතාවනෙ, දන්තාවරණසම්පන්නා රාජපුත්තී අසොභථ.
Sinhala BJT6885. බිඹුපල වන් ලවනින් සමෘද්ධ වූ රාජපුත්‍රී චිත්‍රලතා වනයෙහි හටගත් මාරුතයෙන් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභන වූ.
Pali BJT6886. සකුණී මානුසිනීව ජාතා චිත්තපත්තා පතී, නිග්රොධපක්කබිම්බොට්ඨි රාජපුත්තී අසොභථ.
Sinhala BJT6886. ඉදුණු නුගපල බිඹුපල වන් ලවන් ඇති එ රදූ උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිඳුරු ලිහිණියක මෙන් ශෝභන වූ,
Pali BJT6887. තස්සා ච නාගමානෙසුං නාතිවද්ධඤ්ච{6} කුඤ්ජරං, සත්තික්ඛමං සරක්ඛමං ඊසාදන්තං උරූළ්හවං.
Sinhala BJT6887. ඇයට ද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ ඇති බර උසුලන හස්තියකු එළැවූහ.
Pali BJT6888. සා මද්දී නාගමාරුය්හි නාතිවද්ධඤ්ච කුඤ්ජරං, සත්තික්ඛමං සරක්ඛමං ඊසාදන්තං උරූළ්හවං.
Sinhala BJT6888. ඒ මද්‍රී දේවී තරුණ වූ ගැඹුරු වූ නාද ඇති, තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් බඳු දළ ඇති බර උසුලන ඇතු පිට නැඟුණු.
Pali BJT6889. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ මිගා අහු, වෙස්සන්තරස්ස තෙජෙන නාඤ්ඤමඤ්ඤමහෙඨයුං.
Sinhala BJT6889. එ හැම වෙනෙහි යම් පමණ සැඬ සිවුපාවෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
Pali BJT6890. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ දිජා අහු, වෙස්සන්තරස්ස තෙජෙන නාඤ්ඤමඤ්ඤමහෙඨයුං.
Sinhala BJT6890. එ හැම වෙනෙහි යම් පමණ ලිහිණියෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
Pali BJT6891. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ මිගා අහු, එකජ්ඣං සන්නිපතිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6891. සිවිරට වඩන වෙසතුරු රජු නික් මැ ගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
Pali BJT6892. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ දිගා අහු, එකජ්ඣං සන්නිපතිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6892. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
Pali BJT6893. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ මිගා අහු, නාස්සු මඤ්ජූනි කූජිංසූ; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6893. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු මියුරු හඬ නො නැඟූහ.
Pali BJT6894. සබ්බම්හි තං අරඤ්ඤම්හි යාවන්තෙත්ථ දිගා අහු, නාස්සු මංජූනි කූජිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6894. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු මියුරු වැ කූජන නො කළහ.
Pali BJT6895. පටියත්තො රාජාමග්ගො විචිත්තො පුප්පසන්ථතො, වසී වෙස්සන්තරො යත්ථ යාවතා ච ජෙතුත්තරා.
Sinhala BJT6895. වෙසතුරු රජ යම් තැනෙකැ විසී ද එ තැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මලින් අතුරන ලද රාජමාර්‍ගය පිළියෙළ කරනලද.
Pali BJT6896. තතො සට්ඨිසහස්සානි යුධිනො{1} චාරුදස්සනා, සමන්තා පරිකරිංසු{2}. වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6896. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි මනෝඥ දර්‍ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්හ.
Pali BJT6897. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, සමන්තා පරිකරිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6897. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරාගත්හ.
Pali BJT6898. හත්ථාරූහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, සමන්තා පරිකරිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6898. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළසෙන් ද හාත්පසින් පිරිවරාගත්හ.
Pali BJT6899. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, සමන්තා පරිකරිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6899. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝ ද නියම්ගම්වැසියෝ ද රැස්වූහ.
Pali BJT6900. කරොටියා චම්මධරා ඛග්ගහත්ථා{1} සුවම්මිනො, පුරතො පටිපජ්ජිංසු; වෙස්සන්තරෙ පයාතම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6900. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පළඟ ධැරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පෙරෙවියෝ රජුට පෙරටු වැ පිළිපන්හ.
Pali BJT6901. තෙ පාවිසුං පුරං රම්මං බහුපාකාරතොරණං,{2} උපෙතං අන්නපානෙහි නච්චගීතෙහි චූභයං.
Sinhala BJT6901. ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යන දෙකින් යුක්ත වූ, බොහෝ පවුරු හා තොරණ ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔහු පිවිසියහ.
Pali BJT6902. විත්තා ජානපදා ආසුං නෙගමා ච සමාගතා, අනුප්පත්තෙ කුමාරම්භි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6902. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපදවැසියෝ ද නියම්ගම්වැසියෝ ද සතුටු වූහ.
Pali BJT6903. චෙලුක්ඛෙපො අවත්තිත්ථ ආගතෙ ධනදායකෙ, නන්දිප්පවෙසි නගරෙ බන්ධනමොක්ඛො අගොසථ.
Sinhala BJT6903. ධනදායක වෙසතුරු රජු (සියනුවරට) පැමිණි කල්හි පිළිහිස සීසෑරීම් පැවැතිණ. (වෙසතුරු මහරජුගේ අණ යි) සතුටු බෙර ලැවී. හැම සතුන් බන්‍ධනයෙන් මුදන්නෙ යැ යි ඝෝෂ කෙළේ.
Pali BJT6904. ජාතරූපමයං වස්සං දෙවො පාවස්සි තාවදෙ, වෙස්සන්තරෙ පවිට්ඨම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6904. සිවිරට වඩන වෙසතුරු රජු (නුවරට) පිවිසි කල්හි එ කෙණෙහි වලාකුළු රන්මුවා වැසි වට.
Pali BJT6905. තතො වෙස්සන්තරො රාජා දානං දත්වාන ඛත්තියො, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජථාති.
Sinhala BJT6905. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති වෙසතුරු රජ (දිවි හිමියෙන්) දන් දී කාබුන් මරණින් මතු (තුසීපුර) ස්වර්‍ගයට පැමිණියේ යි.
Pali BJTනගරඛණ්ඩො
Sinhala BJTනගර කාණ්ඩ යි.
Pali BJTමහාවෙස්සන්තරජාතකං.
Sinhala BJTමහාවෙස්සන්තර ජාතක යි.
Pali BJTමහානිපාතවණ්ණනා නිට්ඨිතා.
Sinhala BJTමහානිපාත වර්‍ණනා නිමි.
Pali BJTජාතකපාළි සමත්තා.
Sinhala BJTජාතක පෙළ සමාප්ත යි.