Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7601-7700 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6778. යස්ස නත්ථි{6} ඝරෙ දාසො අස්සො වාස්සතරීරථො, හත්ථි ච කුඤ්ජරො නාගො කිං සො දජ්ජා පිතාමහ.
Sinhala BJT6778. මුත්තණුවෙනි, යමක්හට ගෙහි දසෙක් හෝ අසෙක් හෝ උතුම් අසුන් යෙදූ රියෙක් හෝ ගැඹුරු හඬ ඇති උතුම් ඇතෙක් හෝ නැත් නම් හේ කුමක් දෙන්නෙ යැ?
Pali BJT6779. දානමස්ස පසංසාම න ච නින්දාම{7} පුත්තකා, කථන්නු හදයං ආසි තුම්හෙ දත්වා වණිබ්බකෙ.
Sinhala BJT6779. දරුවනි, ඔහුගේ දන් පසසම්හ, තොප යදියාට දී ඔහු ළය කෙසේ වී දෝ හෝ?
Pali BJT6780. දුක්ඛස්ස හදයං ආසි අථො උණ්හම්පි පස්සසි, රොහිණීහෙව තම්බක්ඛි පිතා අස්සූනි වත්තයි,
Sinhala BJT6780. ඔහුගේ ළය (කන්සිරා කී වදනින්) දුක් වී, ඒ මතු නො වෙයි. මීයෙන් උණු උඩුහුරු නළ විහිට. රෙහෙණ නැකත් සෙයින් තඹ පැහැ ඇස් ඇති මා පියෙ කඳුළු හෙළී.
Pali BJT6781. යං තං කණ්හාජිනාවොච අයං මං තාත බ්රාහ්මණො, ලට්ඨියා පතිකොටෙති ඝරෙ ජාතංව දාසියං.
Sinhala BJT6781. කන්සිරා මෙසේ යම් වදනක් කිවූ ද, “පියාණෙනි, මෙ බමුණු ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි.
Pali BJT6782. න චායං බ්රාහ්මණො තාත ධම්මිකා හොන්ති බ්රාහ්මණා, යක්ඛො බ්රාහ්මණවණ්ණෙන ඛාදිතුං තාත නෙති නො; නීයමානෙ පිසාචෙන කින්නු තාත උදික්ඛසි.
Sinhala BJT6782. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකෙකු විසින් ගෙන යනු ලබන කල්හි කුමට උපේක්‍ෂායෙන් බලා සිටිවු දැ?” යි.
Pali BJT6783. රාජපුත්තී ච වො මාතා රාජපුත්තො ච වො පිතා, පුබ්බෙ මෙ අඞ්කමාරුය්හ කින්නු තිට්ඨථ ආරකා.
Sinhala BJT6783. තොප මවු රාජපුත්‍රී යැ, තොප පියෙ රාජපුත්‍ර යැ පෙර මාගේ ඇකයෙහි නැඟී හිඳුව, කිම දැන් දුරැ සිටිවු ද?
Pali BJT6784. රාජපුත්තී ච නො මාතා රාජපුත්තො ච නො පිතා, දාසා මයං බ්රාහ්මණස්ස තස්මා තිට්ඨාම ආරකා.
Sinhala BJT6784. අපගේ මවු රාජපුත්‍රී යැ, අපගේ පියෙ රාජපුත්‍ර යැ දැන් අපි බමුණහුගේ දාසයෝ වම්හ. එහෙයින් දුරැ සිටුම්හ.
Pali BJT6785. මා සම්මෙචං අවචුත්ථ දය්හතෙ හදයං මම, චිතකා විය{1} මෙ කායො ආසනෙ න සුඛං ලභෙ.
Sinhala BJT6785. සබඳ එසේ නහමක් කියව. මාගේ ළය දැවෙයි. මාගේ සිරුර අඟුරු රැසකට නැඟු කලක් වැන්න. හුනස්නෙහි සුව නො ලැබෙම්.
Pali BJT6786. මා සම්මෙවං අවචුත්ථ භිය්යො සොකං ජනෙථ මං, නික්කිණිස්සාමි දණ්ඩෙන න වො දාසා භවිස්සථ.
Sinhala BJT6786. සබඳ එසේ නහමක් කියව. බෙහෙවින් මට සෝ දනවවු. ධන දී විකිණිගන්මි, තෙපි දස් නො වවු.
Pali BJT6787. කිමග්ඝියං හි වො තාත බ්රාහ්මණස්ස පිතා අදා, යථාභූතං මෙ අක්ඛාථ පටිපාදෙන්තු බ්රාහ්මණං.
Sinhala BJT6787. දරුවෙනි, තොප පියෙ තොප කොතෙක් අගය කොට මෙ බමුණුහට දින් ද? සබවස මැ කියව, බමුණුහට ධනය ප්‍රතිපාදන කෙරෙත්වා.
Pali BJT6788. සහස්සග්ඝං හි මං තාත බ්රාහ්මණස්ස පිතා අදා. අච්ඡං කණ්හාජිනං කඤ්ඤං හත්ථිනා{2} ච සතෙන ච.
Sinhala BJT6788. මුත්නාවෙනි, මා පියෙ මා දහසක් අගය කොට බමුණුහට දින. කනිටු කෘෂ්ණාජිනා කන්‍යාව ඇතුන් සියයෙන් ද අශ්වාදී හැම සියයෙන් ද අගය කෙළේ.
Pali BJT6789. උට්ඨෙහි කත්තෙ තරමානො බ්රාහ්මණස්ස අවාකර,{3} දාසීසතං දාසසතං ගවං හත්ථූසභං සතං; ජාතරූපසභස්සඤ්ච පුත්තානං දෙහි නික්කයං.
Sinhala BJT6789. කාරිය කරවන ඇමැතිය, නැඟී සිටුව. යුහු වැ (මෝහට) දියැයුතු තාක් දෙව. දැස්සන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රිය (විකිණීගත් මිල) දෙව.
Pali BJT6790. තතො කත්තා තරමානො බ්රාහ්මණස්ස අවාකරි, දාසීසතං දාසසතං ගවං හත්ථූසභා සතං; ජාතරූපසභස්සඤ්ච පුත්තානං දාසි නික්කයං.
Sinhala BJT6790. ඉක්බිති කාරිය කරවන ඇමැති යුහු වැ දැසුන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රය දින.
Pali BJT6791. නික්කිණිත්වා නහාපෙත්වා භොජයිත්වාන දාරකෙ, සමලඞ්කරිත්වා භණ්ඩෙන උච්ඡඞ්ගෙ උපවෙසයුං.
Sinhala BJT6791. දරුවන් නිසේ කොට ගෙන නහවා වළඳවා අලංකාරයෙන් සදා ඇකයෙහි හිඳුවූහ.
Pali BJT6793. සීසං නහාතෙ සුචිවත්ථෙ සබ්බාභරණභූසිතෙ, රාජා අඞ්කෙ කරිත්වාන අය්යකො පරිපුච්ඡථ.
Sinhala BJT6793. මුන්නා මහරජ හිසින් ස්නාන කළ, පිරිසිදු වස්ත්‍ර හැඳි, සව්බරණින් සැදි දරුවන් ඇකයෙහි හිඳුවාගෙන පිළිවිසි.
Pali BJT6794. කුණ්ඩලෙ ඝුසිතෙ මාලෙ සබ්බාලඞ්කාරභූසිතෙ,{1} රාජා අඞ්කෙ කරිත්වාන ඉදං වචනමබ්රවි:
Sinhala BJT6794. රජ තෙම රැව්දෙන කොඬොල් ඇති, පැළැඳි මල්දම් ඇති, සව්බරණින් සදනලද දරුවන් ඇකයෙහි හිඳුවාගෙන මෙවදන් කී:
Pali BJT6795. කච්චි උබො අරොගා තෙ ජාලි මාතාපිතා තව, කච්චි උඤ්ඡෙන යාපෙන්ති කච්චි මූලඵලා බහූ.
Sinhala BJT6795. කියග ජාලිය, තොපගේ මවුපිය දෙදෙන නිරෝගී ද? කිම වනමුල් පලයෙන් යැපෙත් ද? කීම අල හා පලවැළ බොහෝ ඇත් ද?
Pali BJT6796. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා තෙසං න විජ්ජති.{2}
Sinhala BJT6796. කිම මැසිමදුරුවෝ සර්‍පයෝ අල්ප මැ වෙත් ද? කිම ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසිගත් වනයෙහි ඔවුනට පීඩා නැත් ද?
Pali BJT6797. අථො උභො අරොග මෙ දෙව මාතාපිතා මම, අථො උඤ්ඡෙන යාපෙන්ති අථො මූලඵලා බහූ.
Sinhala BJT6797. එසේ යැ දේවයිනි, මාගේ මවුපිය දෙදෙන නීරෝගී වෙති. එසේ මැ වනමුල් පලවැළයෙන් යැපෙති. එසේ මැ අල හා පලවැළ බොහෝ ඇත.
Pali BJT6798. අතො ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා තෙසං න විජ්ජති.
Sinhala BJT6798. එසේ මැ මැසිමදුරුවෝ ද සර්‍පජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන්ගෙන් ගැවැසිගත් වෙනෙහි ඔවුනට පීඩා නැත.
Pali BJT6799. ඛණන්තාලූකලම්බානි බිළාලි තක්කලානි ච, කොලං භල්ලාටකං බෙලලං සා නො ආහච්ච පොසති.
Sinhala BJT6799. ඒ මවු තොමෝ අල ද හූරුඅල ද කටුඅල ද කොකටිය අල ද කණිමින් ඩෙබරපල ද බදුලුපල ද බෙලිපල ද ගෙනවුත් අප පෝෂණ කරයි.
Pali BJT6800. යඤ්චෙව සා ආහරති වනමූලඵලහාරිකා, තං නො සබ්බෙ සමාගන්ත්වා රත්තිං භුඤ්ජාම නො දිවා.
Sinhala BJT6800. වනමුල් පල ගෙන එන ඒ මවු යම් මැ දැයක් ගෙන ඒ ද අපි හැම දෙනමෝ එක් වැ එය රාත්‍රියෙහි වළඳම්හ. දහවල් නො වළඳම්හ.
Pali BJT6801. අම්මා ච නො කිසා පණ්ඩු ආහරන්තී දුමප්ඵලං,{3} වාතාතපෙන සුඛුමාලී පදුමං හත්ථගතාමිව.
Sinhala BJT6801. අපගේ අම්මා ද සියුමැලි වූවා රුක්පල ගෙන එන්නී අවුසුළඟින් වැහැරැ සුදු වැ ගියා. අතින් මැඩි පියුමක් වැන්න.
Pali BJT6802. අම්මාය පතනූ කෙසා විචරන්ත්යා බ්රහාවනෙ, වනෙ වාලමිගාකිණ්ණෙ ඛග්ගදීපිනිසෙවිතෙ.
Sinhala BJT6802. ව්‍යාලමෘගයන්ගෙන් ආකීර්‍ණ වූ කගවෙහෙණුන් දිවියන් විසින් නිති සෙවුනාලද මහවනයෙහි ඇවිදුනා අම්මාගේ කෙස් ඉතා තුනී වැ ගියේ යැ.
Pali BJT6803. කෙසෙසු ජටං බන්ධිත්වා කච්ඡෙ ජල්ලමධාරයි, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6803. කෙස්හි දළමඬුලු බැඳැ සිටී. දෙකිසිලි දැලි ධරයි. සම් හඳනී යැ. බිම හොවී. ගිනි පුදයි.
Pali BJT6804. පුත්තා පියා මනුස්සානං ලොකස්මිං උදපජ්ජිසුං, නහ නූනම්හාකං අය්යස්ස පුත්තෙ සෙනහො අජායථ.
Sinhala BJT6804. ලොව්හි මිනිසුනට දරුවෝ ප්‍රිය වැ උපදිති. අපගේ මුත්නාවන්ට දරුසනා නූපන් වනැ යි සිතම්හ යි.
Pali BJT6805. දුක්කතඤ්ච හි නො පුත්ත භූනහච්චා කතං මයා, යොහං සිවීනං වචනා පබ්බාජෙසිං අදූසකං.
Sinhala BJT6805. දරුව, අප විසින් නපුරක් කරනලද, මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරනලද. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරැපීමි.
Pali BJT6806. යං මෙ කිඤ්චි ඉධ අත්ථි ධනං ධඤ්ඤඤ්ච විජ්ජති, එතු වෙස්සන්තරො රාජා සිවිරට්ඨෙ පසාසතු.
Sinhala BJT6806. පුත, මෙහි මා සතු යම් කිසිවක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද, එ හැම දෙමි. වෙසතුරු රජ ඒවා. සිවිරට අනුශාසනා කෙරේවා.
Pali BJT6807. න දෙව මය්හං වචනා එහිති සිවිසුත්තමො, සයමෙව දෙවො ගන්ත්වාන සිඤ්ච භොගෙහි අත්රජං.
Sinhala BJT6807. දේවයිනි, සිවිරටවසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නො එයි. දේවයෝ තුමූ මැ ගොස් පුතණුවන් භෝගයෙන් අභිෂේක කරව.
Pali BJT6808. තතො සෙනාපතිං රාජා සඤ්ජයො අජ්ඣභාසථ, හත්ථි අස්සා රථා පත්ති සෙනා සන්නාහයන්තු නං, නෙගමා ච මං අන්වෙන්තු බ්රාහ්මණා ච පුරොහිතා.
Sinhala BJT6808. ඉක්බිති සඳමහරජ සෙනෙවිහට මෙසේ කී: ඇත් අස් රිය පාබළ සේනාවෝ සන්නද්ධ වෙත්වා. නිගමවැසියෝ ද පෙරෙවි බමුණෝ ද මා අනු වැ එත්වා.
Pali BJT6809. තතො සට්ඨිසහස්සානි යුධිනො චාරුදස්සනා, ඛිප්පමායන්තු සන්නද්ධා නානාවණ්ණෙහිලඞ්කතා.
Sinhala BJT6809. ඉක්බිති මනහර දසුන් ඇති සැටදහසක් යෝධයෝ සන්නද්ධ වැ නන් පැහැයෙන් සැරසුණාහු වහා එත්වා.
Pali BJT6810. නීලවත්ථධරානෙකෙ පීතානෙකෙ නිවාසිතා, අඤ්ඤෙ ලොහිතඋණ්හීසා සුද්ධානෙකෙ නිවාසිතා; ඛිප්පමායන්තු සන්නද්ධා නානාවත්ථෙහිලඞ්කතා.{1}
Sinhala BJT6810. ඇතැම් කෙනෙක් නීලවස්ත්‍රධර වැ ඇතැම් කෙනෙක් පීතවස්ත්‍රධර වැ අන්‍යයෝ රක්තවර්‍ණ උෂ්ණීෂ (නළල්පට) ධර වැ ඇතැම් කෙනෙක් ශ්වේතවස්ත්‍රධර වැ මෙසේ නන් පිළියෙන් සැරසුණාහු සන්නද්ධ වැ නො ලස් වැ එත්වා.
Pali BJT6811. හිමාවා යථා ගන්ධධරො පබ්බතො ගන්ධමාදනො, නානාරුක්ඛෙහි සඤ්ඡන්නො මහාභූතගණාලයො.
Sinhala BJT6811. සුවඳ මල්පල ඇති එ හෙයින් මැ ‘ගඳමහන්’ නම් ඇති නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රාක්‍ෂසාදි මහාභූතගණයාට නිවාස වූ හිමවත් පර්‍වතය යම් සේ-
Pali BJT6812. ඔසධෙහි ච දිබ්බෙහි දිසා භාති පවාති ච, ඛිප්පමායන්තු සන්නද්ධා දිසා භන්තු පවන්තු ච.{2}
Sinhala BJT6812. දිවඔසුයෙන් දිසා බබළා ද සුවඳ හමා ද එ සෙයින් සන්නද්ධ වූවාහු යුහු වැ එත්වා. පළන් අබරණින් දිසා බබළත්වා තවරගත් විලවුන් සුවඳ හමත්වා.
Pali BJT6813. තතො නාගසහස්සානි යොජයන්තු චතුද්දස, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
Sinhala BJT6813-6814. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැනින් සදනලද, අඩයටි හා අකුසු ගත්අත් ඇති ඇතරුවන් විසින් අරා හිඳුනාලද තුදුස්දහසක් ඇතුන් යොදත්වා. දක්වනලද විභූෂණ ඇති සන්නද්ධයෝ ඇත් කඳටින් යුහු වැ එත්වා.
Pali BJT6814. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, ඛිප්පමායන්තු සන්නද්ධා හත්ථක්ඛන්ධෙහි දස්සිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6815. තතො අස්සසහස්සානි යොජයන්තු චතුද්දස, ආජානීයාව ජාතියා සින්ධවා සීඝවාහනා.
Sinhala BJT6815-6816. ඉක්බිති දුනු හී ධරන අසරුවන් විසින් අරා හිඳුනා ලද ජාතියෙන් ආජානේය වූ සින්‍ධුදේශයෙහි උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා. අලංකෘත වැ සන්නද්ධ වූවාහු අස්පිටින් යුහු වැ එත්වා.
Pali BJT6816. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියා{3} චාපධාරිහි, ඛිප්පමායන්තු සන්නද්ධා අස්සපිට්ඨෙහිලඞ්කතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6817. තතො රථසහස්සානි යොජයන්තු චතුද්දස,{4} අයො සුකතනෙමියො සුවණ්ණචිතපක්ඛරෙ.
Sinhala BJT6817. ඉක්බිති අය ලොහොයෙන් මොනවට කරනලද නිම්වළලු ඇති, රන්කම් කළ රථාවයව ඇති, තුදුස්දහසක් රිය යොදත්වා.
Pali BJT6818. ආරොපෙන්තු ධජෙ තත්ථ චම්මානි කවචානි ච, විප්ඵාලෙන්තු ච චාපානි දළ්හධම්මා පහාරිනො; ඛිප්පමායන්තු සන්නද්ධා රථෙසු රථජීවිනො.
Sinhala BJT6818. ඒ රියෙහි ධ්වජ නඟත්වා, ඵලකායුධ හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා, පහර දෙන දුනුවායෝ දුනු දිය නඟත්වා, රියැදුරෝ සන්නද්ධ වැ රියෙහි හිඳ වහා එත්වා’ යි (අණ කෙළේ).
Pali BJT6819. ලාජා ඔලොපියා{1} පුප්ඵා මාලාගන්ධවිලෙපනා, අග්ඝීයානි ච තිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
Sinhala BJT6819. ඉස්නා ලදපස්මල් ද (මඟ වියනැ එල්වන) මල්දම් හා සුවඳවිලෙවුන් ප්‍රතිපාදන කරව. (වෙසතුරා) යම් මඟෙකින් ඒ ද එමඟැ මල් ඇගෑ රුවන් ඇගෑ ද සිටීවා.
Pali BJT6820. ගාමෙ ගාමෙ සතං කුම්භා මෙරයස්ස සුරාය ච, මග්ගම්භි පතිතිට්ඨන්තු{2} යෙන මග්ගෙන එහිති.
Sinhala BJT6820. යම් මඟෙකින් ඒ ද එමඟැ ගම්දොරක් පාසා රහමෙර පිරූ සියක් කළ තිබේවා.
Pali BJT6821. මංසා පූවා සඞ්කුලීයො කුම්මාසා මච්ඡසංයුතා, මග්ගමහි පතිතිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
Sinhala BJT6821. යම් මඟෙකින් ඒ ද එමඟැ මස් ද පූ ද සකුලු පූ (ආස්මී) ද මසින් යුතු කොමු ද තිබේවා.
Pali BJT6822. සප්පි තෙලං දධිං ඛීරං කඞ්ගු{3} වීහි බහූ සුරා, මග්ගමහි පතිතිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
Sinhala BJT6822. යම් මඟෙකින් ඒ ද එමඟැ ගිතෙල් ද තලතෙල් ද දිහි ද කිරි ද තණපිටියෙන් හා වීපිටියෙන් කළ බොහෝ සුරා ද තිබේවා.
Pali BJT6823. ආළාරිකා ච සූදා ච නටනට්ටක ගායකා,{4} පාණිස්සරා කුම්භථූනියො මණ්ඩකා{5} සොකඣායිකා.
Sinhala BJT6823. බත් පිසන්නෝ ද මාළු පිසන්නෝ ද නටන්නෝ ද නටා ගීකියන්නෝ ද අත්තල එළනුවෝ ද කළබෙර වයනුවෝ ද මුණ්ඩකයෝ ද ශෝක දවනුවෝ ද (නසනුවෝ) ද එත්වා.
Pali BJT6824. ආහඤ්ඤන්තු සබ්බවීණා භෙරියො දෙණ්ඩිමානි{6} ච, ඛරමුඛානි ධම්මන්තු වදන්තු එකපොක්ඛරා.
Sinhala BJT6824. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණුවත්සක් පිඹිත්වා. පුෂ්කරවාද්‍ය වයත්වා.
Pali BJT6825. මුතිඞ්ගා පණවා සඞ්ඛා ගොධා පරිවදෙන්තිකා, දින්දිමානි ච හඤ්ඤන්තු කුටුම්බදින්දිමානි ච.
Sinhala BJT6825. මිහිඟුබෙර ද පනාබෙර ද ජයසක් ද රොදුබෙර ද පොකුරුබෙර ද මහබෙර ද ලොහො මුවවිටි ඇති තුනැස්බෙර ද වයත්වා.
Pali BJT6826. සා සෙනා මහතී ආසි උය්යුත්තා සිවිවාහිනී, ජාලිනා මග්ගනායෙන වඞ්කං පායාසි පබ්බතං.
Sinhala BJT6826. ගමන්ගත්, සිවිරජහු උසුලන එ සෙනඟ මහත් වී මඟ කියන ජාලිය හා සමග වඞ්කගිරියට නික්මිණ.
Pali BJT6827. කුඤ්චං{7} නදති මාතඞ්ගො කුඤ්ජරො සට්ඨිහායනො, කච්ඡාය බද්ධමානාය කුඤ්චං නදති වාරණො.
Sinhala BJT6827. මහත් සිරුරු ඇති ගැඹුරුහඬ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන් පොරොදු බඳනා ලබන කල්හි කුඤ්චනාද කරයි.
Pali BJT6828. ආජානීයා හසිස්සිංසු{8} නෙමිඝොසො අජායථ, අබ්භං රජො අච්ඡාදෙසි උය්යුත්තා සිවිවාහිනී.
Sinhala BJT6828. අජානීය අශ්වයෝ කිල නැඟූහ. (හේසාරව කළහ.) නිම්වළලු හඬ උපන. ධූලි අහස වැසී යැ සිවිසෙන් ගමන්හි යෙදුණු.
Pali BJT6829. සා සෙනා මහතී ආසි උය්යුත්තා හාරහාරිණී, ජාලිනා මග්ගනායෙන වඞ්කං පායාසි පබ්බතං.
Sinhala BJT6829. ගමන්හි යෙදුණු නිල්තනබිම් හරනා ඒ සේනාව මහත් වූ. එ සෙනඟ මාර්‍ගනායක ජාලිය කුමරු හා සමග වඞ්කගිරියට පිටත් වැ ගියෙ යැ.
Pali BJT6830. තෙ පාවිසුං බ්රහාරඤ්ඤං බහුසාකං බහූදකං,{1} පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං ඵලරුක්ඛෙහි චූභයං.
Sinhala BJT6830. ඔහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල් රුකින් ද පලරුකින් ද වැසුණු මහවනයට වන්හ.
Pali BJT6831. තත්ථ බින්දුස්සරා වග්ගු නානාවණ්ණා බහූ දිජා, කූජන්තමුපකූජන්ති උතුසමපුප්ඵිතෙ දුමෙ.
Sinhala BJT6831. ඒ වෙනෙහි වට වූ (නො විසුළ) ස්වර ඇති මියුරු හඬ ඇති නන් වන් බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපි රුක්හි හිඳ කුල්නවුන් අනු වැ කුල්ති.
Pali BJT6832. තෙ ගන්ත්වා දීඝමද්ධානං අහොරත්තානමච්චයෙ, පදෙසං තං උපාගඤ්ඡුං යත්ථ වෙස්සන්තරො අහු.
Sinhala BJT6832. ඔහු (සැට යොදුන්) දික් මඟැ ගොස් දවරැය ඇවෑමෙහි යම් පෙදෙසකැ වෙසතුරු රජ වාස කෙළේ වී නම් එ පෙදෙසට එළැඹියහ.
Pali BJTමහාරාජපබ්බං නිට්ඨිතං.
Sinhala BJTමහාරාජ පර්‍වය යි.
Pali BJT6833. තෙසං සුත්වාන නිග්ඝොසං භීතො වෙස්සන්තරො අහු, පබ්බතං අභිරූහිත්වා භීතො සෙනං උදික්ඛති.{2}
Sinhala BJT6833. වෙසතුරු රජ ඔවුන්ගේ හඬ අසා බියපත් වී. බියපත් වූයෙ සානුපව්වකට නැඟ සෙනඟ බලයි.
Pali BJT6834. ඉඞ්ඝ මද්දි නිසාමෙහි නිග්ඝොසො යාදිසො වනෙ, ආජානීයා හසිස්සන්ති ධජග්ගානි ච දිස්සරෙ.
Sinhala BJT6834. කොලෙනි, මද්‍රී දේවිනි, වනයෙහි යම්බඳු මහහඬෙක් ඇද්ද එය (සියසෙන් ද පරසෙන් දැ යි) පිරික්සව. ආජානේය අශ්වයෝ හේසාරව කෙරෙති. රියෙහි නැඟූ දද අග පැනෙයි.
Pali BJT6835. ඉමෙ නූන අරඤ්ඤස්මිං මිගසඞ්ඝානි ලුද්දකා, වාගුරාහි{3} පරික්ඛිප්ප සොබ්භං පාතෙත්වා තාවදෙ; වික්කොසමානා තිප්පාහි{4} හන්ති නෙසං වරං වරං.
Sinhala BJT6835-6836. මොහු වනාහි වැද්දෝ වනයෙහි මුවසමූහයා වරදැලින් සිසාරා බැඳැ හෙබට හෙළා එ කෙණෙහි ‘මරව, තළව’ ආදීන් විවිධාකාරයෙන් නපුරු හඬ නඟමින් ඔවුනතුරෙහි උතුම් උතුම් මුවන් තියුණු සැතින් යම්සේ නසත් ද එ සෙයින් අප නසතී සිතම්. ඇපි නිදොස්මහ. රටින් නෙරන ලදුවැ වෙනෙහි සිර කරන ලදුමෝ සතුරන් අතට ගියම්හ. දුඹුලන් මරන බව බලව යි.
Pali BJT6836. යථා මයං අදූසකා අරඤ්ඤෙ අවරුද්ධකා, අමිත්තහත්ථත්ථගතා පස්ස දුබ්බලඝාතකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6837. අමිත්තා නප්පසහෙය්යුං අග්ගීව උදකණ්ණවෙ, තදෙව ත්වං විචින්තෙහි අපි සොත්ථි ඉතො සියා.
Sinhala BJT6837. තණහුලැ ගිනි ගැඹුරු දියමුහුදු සෙයින් සතුරෝ තොප නො මැඩිය හෙති. තෙපි (පියරජු එතියි සක්දෙව් කී බස) එය මැ සිතව. මේ බළකායෙන් සෙතක් වන්නෙ මැනැවැ යි.
Pali BJT6838. තතො වෙස්සන්තරො රාජා ඔරොහිත්වාන පබ්බතා, නිසීදි පණ්ණසාලයං දළ්හං කත්වාන මානසං.
Sinhala BJT6838. ඉක්බිති වෙසතුරු රජ පර්‍වතයෙන් බැසැ සිත දැඩි කොටගෙනැ පන්සල් දොර හුන්නේ යැ.
Pali BJT6839. නිවත්තයිත්වාන රථං වොත්ථාපෙත්වාන{5} සෙනියො, එකං අරඤ්ඤෙ විහරන්තං පිතා පුත්තං උපාගමී.
Sinhala BJT6839. පියමහරජ රිය නවත්වා සෙනෙවියනට (කඳවුර රක්නට) නියෝග කොට එකලා වැ වෙනෙහි වාස කරන පුතු කරා එළැඹියේ යැ.
Pali BJT6840. හත්ථික්ඛන්ධතො ඔරුය්හ එකංසො පඤ්ජලීකතො, පරික්ඛිත්තො අමච්චෙහි පුත්තං සිඤ්චිතුමාගමි.
Sinhala BJT6840. ඇත්කඳින් බැසැ එකස් කළ උතුරුසළු ඇතියෙ ජනයා විසින් කරනලද ඇඳිලි ඇතියෙ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට ආයේ යැ.
Pali BJT6841. තත්ථද්දස කුමාරං සො රම්මරූපං සමාහිතං, නිසින්නං පණ්ණසාලායං ඣායන්තං අකුතොභයං.
Sinhala BJT6841. එ සඳමහරජ ඒ අසපුයෙහි පන්සල් දොර හුන් රම්‍ය සැහැවි ඇති එකඟසිත් ඇති ධ්‍යාන කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරහු දිටී.
Pali BJT6842. තඤ්ච දිස්වාන ආයන්තං පිතරං පුත්තගිද්ධිනං, වෙස්සන්තරො ච මද්දී ච පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
Sinhala BJT6842. වෙසතුරු රජ ද මද්‍රී දේවි ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැකැ පෙරමඟට ගොස් වැන්දහ.
Pali BJT6843. මද්දී ච සිරසා පාදෙ සසුරස්සාභිවාදයි, මද්දී අහං හි තෙ දෙව පාදෙ වන්දාමි තෙ හුසා,{1} තෙසු තත්ථ පලිස්සජ්ජ පාණිනා පරිමජ්ජථ.
Sinhala BJT6843. දේවයිනි, මම තොප ලෙහෙලි මද්‍රීමි. පාසඟළ වඳිමි යි සුහුරණුවන්ගේ පා යුවළ හිසින් වැන්දා. එහි දී වැළැඳැගෙන අත්ලෙන් පිට පිරීමට.
Pali BJT6844. කච්චි වො කුසලං පුත්ත කච්චි පුත්ත අනාමයං, කච්චි උඤ්ඡෙන යාපෙථ කච්චි මූලඵලාබහූ.
Sinhala BJT6844. පුතණුවෙනි, කිම තොප සුවසේ ද? පුතණුවනි, කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙවු ද? කීම අල හා පලවැළ බොහෝ ඇද්ද?
Pali BJT6845. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ කච්චි හිංසා න විජ්ජති.
Sinhala BJT6845. කිම මැසිමදුරුවෝ ද සිරිංසපයෝ ද අල්ප මැ වෙත් ද? චණ්ඩමෘගයන්ගෙන් ආකීර්‍ණ වූ වනයෙහි පීඩා නැද්ද?
Pali BJT6846. අත්ථි නො ජීවිකා දෙව යා ච යාදිසි කීදිසා, කයිරා හි ජිවිකා හොම උඤ්ඡාචරියාය ජීවිකං.{2}
Sinhala BJT6846. දේවයිනි, අපගේ දිවිවැටුම් ඇත. එ ද යම්තම් වනුයෙ යැ. වනමුල් පලවැළින් දිවිවැටීම වෙයි. දුකින් මැ දිවි පවත්වම්හ.
Pali BJT6847. අනිද්ධිනං මහාරාජ දමෙතස්සංව{3} සාරථි, ත්යම්හා අනිද්ධිකා දන්තා අසමිද්ධි දමෙති නො.
Sinhala BJT6847. මහරජතුමනි, (දිළිඳු බව) දිළිඳු පුරුෂයා අස්දම්සැරි තෙම අසකුමෙන් දමනය කරයි. ඒ ඇපි දිළිඳු වූවමෝ දැමුණම්හ. දිළිඳු බව අප දමනය කරයි.
Pali BJT6848. අපි නො කිසානි මංසානි පිතු මාතු අදස්සනා, අවරුද්ධානං මහාරාජ අරඤ්ඤෙ ජීවසොකිනං.{4}
Sinhala BJT6848. මහරජුනි, රටින් නෙරනලදු වැ අරනෙහි වසන ජීවශෝකී වූ අපගේ මවුපියන් නො දැක්මෙන් මසුදු කෘශ විය. (සැප නම් කොයින් ද?)
Pali BJT6849. යෙ පි තෙ සිවිසෙට්ඨස්ස දායාදප්පත්තමානසා, ජාලී කණ්හාජිනාචුභො බ්රාහ්මණස්ස වසානුගා; අච්චායිකස්ස ලුද්දස්ස යො නෙ ගාවොව සුම්භති.
Sinhala BJT6849. යම් ඒ දැලිසිරු කන්සිරු දෙකුමරහු සිවිරජහුගේ දායාදයෙන් නො පිරිපුන් මනදොළ ඇති වැ ඉක්මන් වූ රුදුරු බමුණක්හුගේ වසඟ බවට ගියහ. එ බමුණු ඔවුන් ගෙරි පහරිනාසේ පහරී.
Pali BJT6850. තෙ රාජපුත්තියා පුත්තෙ යදි ජානාථ සංසථ, පරියාපුණාථ නො ඛිප්පං සප්පදට්ඨංව මාණවං.
Sinhala BJT6850. ඉදින් ඒ දරුවන් තතු දනිවු නම් මෙ රජදූට කියව. සර්‍පයෙකු විසින් දෂ්ටකරනලද මාණවයක්හට විෂ හරන මතුරු මෙන් වහා අපට කියව යි.
Pali BJT6851. උභො කුමාරා නික්කීතා ජාලී කණ්හාජිනා චුභො, බ්රාහ්මණස්ස ධනං දත්වා පුත්ත මා භායි අස්සස.{5}
Sinhala BJT6851. ජාලිය කෘෂ්ණජිනා දෙකුමරහු බමුණුහට ධනය දී නිසේ කොට (අගය දී) ගන්නාලදහ. පුත නො බව අස්වැසෙව යී.
Pali BJT6852. කච්චින්නු තාත කුසලං කච්චි තාත අනාමයං, කච්චින්නු තාත මෙ මාතු චක්ඛුං න පරිහායති.
Sinhala BJT6852. කියග පියාණෙනි, සුවසේ ද? කිම පියාණෙනි, දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් (කඳුළින්) නො පිරිහේ දැ යී.
Pali BJT6853. කුසලං චෙව මෙ පුත්ත අථො පුත්ත අනාමයං අථොපි පුත්ත තෙ මාතු චක්ඛුං න පරිහායති.
Sinhala BJT6853. පුතණුවනි, මට රෝග නැත. තවද පුතණුවනි, මට දුක් නැත. තවද පුතණුවනි තොප මවගේ ඇස් නො පිරිහේ.
Pali BJT6854. කච්චි අරොගං යොග්ගං තෙ කච්චි වහති වාහනං, කච්චි ඵිතා ජනපදා{1} කච්චි මුට්ඨි න ඡිජ්ජති.
Sinhala BJT6854. කිම තොපගේ ධුර වහනුවන් සුවසේ ද? කිම (ඇත් අස්) වාහන උසුලා ද? කිම දනවු සමෘද්ධ වේ ද? කිම වැසි නො සිඳේ දැ යී.
Pali BJT6855. අථො ආරොගං යොග්ගං මෙ අථො වහති වාහනං, අථො ඵිතා ජනපදා අථො වුට්ඨි න ඡිජ්ජති.
Sinhala BJT6855. මාගේ ධුර වහනුවෝ ද නීරෝග යැ වාහන ද උසුලා. දනවු ද සමෘද්ධ යැ. වැසි ද නො සිඳේ.
Pali BJT6856. ඉච්චෙවං මන්තයන්තානං මාතා නෙසං අදිස්සථ, රාජපුත්ති ගිරිද්වාරෙ පත්තිකා අනුපාහනා.
Sinhala BJT6856. මෙසේ සල්ලාප කරත් මැ මවුරදූ වහන් නැති වැ පාගමනින් එන්නී පර්‍වතදොරැ ඔවුනට පැනුණු.
Pali BJT6857. තඤ්ච දිස්වාන ආයන්තිං මාතරං පුත්තගිද්ධිනිං, වෙස්සන්තරො ච මද්දී ච පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
Sinhala BJT6857. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව ද එන්නිය දැකැ වෙසතුරුරජ ද මද්‍රීදේවී ද පෙරගමන් කොට වැන්දාහ.
Pali BJT6858. මද්දී ච සිරසා පාදෙ සස්සුසා අභිවාදයි, මද්දි අහම්හි තෙ අය්යෙ පාදෙ වන්දාමි තෙ හුසා.{2}
Sinhala BJT6858. ආර්‍ය්‍යාවෙනි, මම තොප ලෙහෙලි මද්‍රීමු. තොපගේ පායුවළ වඳිමි යි මද්‍රීදේවී ද නැන්දැණියන් පාසඟළ හිසින් වැන්දා.
Pali BJT6859. මද්දිඤ්ච පුත්තකා දිස්වා දූරතො සොත්ථිමාගතා, කන්දින්තා අභිධාවිංසු වච්ඡා බාලාව මාතරං.
Sinhala BJT6859. දුරැ සිට සුවසේ ආ දරුවෝ මද්‍රීදේවිය දැකැ මවුදෙන කරා වසුපැටියන් මෙන් හඬමින් පෙරට දිවූහ.
Pali BJT6860. මද්දී ච පුත්තකෙ දිස්වා දූරතො සොත්ථිමාගතෙ, වාරුණී ව පවෙධෙන්ති ථනධාරාභිසිඤ්චථ.
Sinhala BJT6860. මද්‍රී දේවී ද දුරින් සුවසේ ආ දරුවන් දැකැ භූතාවේශ වූවකු මෙන් වෙව්ළමින් (දිවගොස් ඔවුන්) කිරිදහරින් තෙමූ.
Pali BJT6861. සමාතානං ඤාතීනං මහාඝොසො අජායථ, පබ්බතා සමනාදිංසු{3} මහී පකම්පිතා අහු;
Sinhala BJT6861. රැස් වූ නෑයන්ගේ මහහඬෙක් උපන. පර්‍වතයෝ පිළිරැව් දුන්හ. පොළොව කම්පිත වූ.
Pali BJT6862. වුට්ඨිධාරං පවෙච්ඡන්තො දෙවො පාවස්සි තාවදෙ. අථ වෙස්සන්තරො රාජා ඤාතීහි සමගච්ඡථ,
Sinhala BJT6862. එ කෙණෙහි පොදදහර ඔමින් පොකුරු වැසි වට. එ සඳ වෙසතුරු රජ නෑයන් හා සමග සමග බවට ගියේ.
Pali BJT6863. නත්තාරො සුණිසා පුත්තො රාජා දෙවී ච එකතො. යදා සමාගතා ආසුං තදාසි ලොමහංසනං.
Sinhala BJT6863. මුනුබුරෝ ද ලෙහෙලි ද පුත් ද පියරජ ද මවුදේවී ද යම් දවසෙකැ එකට රැස්වූහු ද එ දවස් ලොමුදහගැන්මෙක් වී.
Pali BJT6864. පඤ්ජලිකා තස්ස යාචන්ති රොදන්තා භෙරවෙ වනෙ. වෙස්සන්තරඤ්ච මද්දිඤ්ච සබ්බෙ රට්ඨා සමාගතා. ත්වං නොසි ඉස්සරො රාජා රජ්ජං කරෙථ නො උභො.
Sinhala BJT6864. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ වෙසතුරු රජුට ද මද්‍රී දේවියට ද බදැඳිලි ඇති වැ හඬමින් ඔහු (පාමුල්හි පතිත වැ) මහරජුනි, තෙපි අපට ඉසුරු වව. දෙදෙන අපගේ රාජ්‍යය කරව යි අයදිත්.
Pali BJTඡකඛත්තියපබ්බං.
Sinhala BJTෂට්ක්‍ෂත්‍රිය කාණ්ඩය යි.
Pali BJT6865. ධම්මෙන රජ්ජං{1} කාරෙන්තං රට්ඨා පබ්බාජයිත්ථ මං, ත්වඤ්ච ජානපදා චෙව නෙගමා ච සමාගතා.
Sinhala BJT6865. තෙපි ද දනවු වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද එක් වැ ගෙන දැහැමින් රජ කරන මා රටින් නෙරැපූහ යි.
Pali BJT6866. දුක්කතඤ්ච හි නො පුත්ත භූනහච්චං කතං මයා, යොහං සිවීනං වචනා පබ්බාජෙසිං අදූසතං.
Sinhala BJT6866. පුත, අප විසින් නො කටයුත්තක් කරනලද, මා විසින් අභිවෘද්ධි නැස්මෙක් කරනලද, යම් බඳු මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් තොප රටින් නෙරැපීමි.
Pali BJT6867. යෙන කෙනචි වණ්ණෙන පිතු දුක්ඛං උදබ්බහෙ, මාතු භගිනියා චාපි අපි පාණෙහි අත්තනො.
Sinhala BJT6867. යම්කිසි අයුරෙකින් තමා දිවියෙනුදු පියහට උපන් දුක් ද මවට බුහුනට උපන් දුක් ද (පුත්‍ර තෙම) හරනෙ යැ.
Pali BJT6868. තතො වෙස්සන්තරො රාජා රජොජල්ලං පවාහයි, රජොජල්ලං පවාහෙත්වා සච්චවණ්ණං{2} අධාරයි.
Sinhala BJT6868. ඉක්බිති වෙසතුරු රජ රජස්දැලි සෝදා හළී. රජස්දැලි සෝදාපියා පියවිවෙස් ධැරී.
Pali BJT6869. සීසං නහාතො සුචිවත්ථො සබ්බාභරණභූසිතො, පච්චයං නාගමාරුයහ ඛග්ගං බන්ධි පරන්තපං.
Sinhala BJT6869. හිසින් ස්නාන කෙළේ පිවිතුරු වත් ඇතියෙ සව්බරණින් සැදුණේ ‘පච්චය’ නම් ඇළිඇතු පිට නැඟී පසමිතුරන් තවන කඩුව බැඳගත,
Pali BJT6870. තතො සට්ඨිසහස්සානි යුධිනො{3} චාරුදස්සනා, සහජාතා පරිකරිංසු{4} නන්දයන්තා රථෙසභං.
Sinhala BJT6870. ඉක්බිති තමා සමග උපන් මනා දැකුම් ඇති සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවැරූහ.
Pali BJT6871. තතො මද්දිම්පි නහාපෙසුං සිවිකඤ්ඤා සමාගතා, වෙස්සන්තරො තං පාලෙතු ජාලීකණ්හාජිනා චුභො; අථොපි තං මහාරාජා සඤ්ජයො අභිරක්ඛතු.
Sinhala BJT6871. ඉක්බිති සිවිකන්‍යාවෝ රැස්වැ මද්‍රී දේවිය ද නැහැවූහ. වෙසතුරු මහරජ ද ජාලිය කෘෂ්ණාජිනා දෙදෙනා ද තොප පාලනය කෙරෙත්වා! තවද සඳමහරජ තොප රකීව යි කිවු.
Pali BJT6872. ඉදඤ්ච පච්චයං ලද්ධා පුබ්බෙ කිලෙසමත්තනො, ආනන්දියං ආචරිංසු රමණීයෙ ගිරිබ්බජෙ.
Sinhala BJT6872. මේ පිහිට ලදින් පෙර තමන් වෙනෙහි විඳි දුකුදු සිහි කොට රම්‍ය වූ වඞ්කගිරි කුස්හි සැණකෙළි කළහ.
Pali BJT6873. ඉදඤ්ච පච්චයං ලද්ධා පුබ්බෙ කිලෙසමත්තනො,{5} ආනන්දි චිත්තා සුමනා පුත්තෙ සඞ්ගම්ම ලක්ඛණා.
Sinhala BJT6873. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් ලැබැ සොම්නස් සිතැති වැ සතුටු වූ.
Pali BJT6874. ඉදඤ්ච පච්චයං ලද්ධා පුබ්බෙ කිලෙසමත්තනො, ආනන්දි විත්තා පතීතා සහ පුත්තෙහි ලක්ඛණා.
Sinhala BJT6874. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් හා සමග සොම්නස් සිතැති වැ ආනන්‍දයට පැමිණියා.
Pali BJT6875. එකභත්තා{6} පුරෙ ආසිං නිච්චං ථණ්ඩිලසායිනී, ඉති මෙතං වතං ආසි තුම්හං කාමාහි පුත්තකා.
Sinhala BJT6875. දරුවෙනි, තොප පතන්නී පෙර නිරතුරු එක්වේලේ වළඳන්නී වූමු. බිම හෝනී වූමු. මෙසේ මට තෙල වත් වී.
Pali BJT6876. තං මෙ වතං සමිද්ධජ්ජ තුම්හෙ සඞ්ගම්ම පුත්තකා, මාතුජම්පි තං පාලෙතු පිතුජම්පි ච පුත්තකා, අථො පි තං මහාරාජා සඤ්ජයො අභිරක්ඛතු.
Sinhala BJT6876. දරුවෙනි, මාගේ ඒ ව්‍රත සමාදානය අද තොප හා එක් වැ සමෘද්ධ විය. දරුවෙනි, මව කෙරෙන් ද පියා කෙරෙන් ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. වැළිදු සඳමහරජ එය රකීවා.