Pali BJT6680. කිමිදං තුණ්හීභූතොසි අපි රත්තෙව මෙ මනො, සකුණාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6680. මෙ කිම? නිහඬ වූයෙහි මාගේ සිත සිහින දුටු රැයැ මෙනි. සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළහ හෝ?
Pali BJT6681. කච්චිනු මෙ අය්යපුත්ත මිගා ඛාදිංසු දාරකෙ, අරඤ්ඤෙ ඉරිනෙ{1} විවනෙ කෙන නීතා මෙ දාරකා.
Sinhala BJT6681. කිම හෝ හිමිසඳිනි, මාගේ දරුවෝ සැඬ සිවුපාවෝ කෑහු ද? නිරොජ වූ ජනශූන්‍ය වූ අරනෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙන යන ලද්දාහු ද?
Pali BJT6682. ආදු තෙ පහිතා දූතා ආදු සුත්තා පියංවදා, ආදු බහි නො නික්ඛන්තා ඛිඩ්ඪාසු පසුතා නු තෙ.
Sinhala BJT6682. නොහොත් තොප විසින් දූතමෙහෙ කොට යවන ලද්දාහු ද? නොහොත් ප්‍රිය තෙපුල් ඇති දරුවෝ නිදිගත්තාහු ද? නොහොත් ඔහු ක්‍රීඩායෙහි යෙදී බැහැරැ ගියාහු ද?
Pali BJT6683. නෙවාසං කෙසා දිස්සන්ති හත්ථපාදා න ජාලිනො, සකුණානං ව ඔපාතො කෙන නීතා මෙ දාරකා.
Sinhala BJT6683. ඔවුන්ගේ අඳුන්වන් කේශයෝ නො පැනෙති. ජාලාවනද්ධ අත්පා ද නො පැනෙත් මැ යැ. ලිහිණි කෙනෙකුන්ගේ බැස්මෙක් හෝ වී ද? මාගේ දරුවෝ කවරක්හු විසින් ගෙන යනලද වෙත් ද?
Pali BJT6684. ඉදං තතො දුක්ඛතරං සල්ලවිද්ධො යථා වණෙ, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6684. අද ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙපුතුන් නො දකිම් ද, එදුකට වඩා (තොප නො බණන) මෙ දුක ඉතා දුකැ. හුලින් විදුනාලද වණයක් මෙනි.
Pali BJT6685. ඉදම්පි දුතියං සල්ලං කම්පෙති හදයං මම යඤ්ච පුත්තෙ න පස්සාමි ත්වඤ්ච මං නාභිභාසසි.
Sinhala BJT6685. අද මම ඒ දෙදරුවන් නො දක්මි. තෙපි දු මා හා නො බණනුවහ. මෙ දෙවැනි හුල ද මාගේ ළය කම්පා කරවයි.
Pali BJT6686. අජ්ජෙව මෙ ඉමං රත්තිං රාජපුත්ත න සංසසි, මඤ්ඤෙ උක්කන්තසන්තං මං පාතො දක්ඛසි නො මතං.
Sinhala BJT6686. රාජපුත්‍රයෙනි, අද මේ රෑ මා හා නො බණනවු නම් පහ වැ ගිය දිවි ඇති මා උදය මළ එකක දක්නවු යැ.
Pali BJT6687. නනු මද්දී වරාරොහා රාජපුත්ති යසස්සිනී, පාතො ගතාසි උඤ්ඡාය කිමිදං සායමාගතා.
Sinhala BJT6687. යශස්වී මද්‍රී රාජපුත්‍රිය, උතුම් වළඟ ඇති තෙපි වනමුල් පලවැළ පිණිස උදය මැ ගියාහු නො? මෙ කිකරුණෙක. (වේලා ඉක් මැ) සවසැ ආවහු නො?
Pali BJT6688. නනු ත්වං සද්දමස්සොසි යෙ සරං පාතුමාගතා, සීහස්ස විනදන්තස්ස ව්යග්ඝස්ස ච නිකුජ්ජිතං.
Sinhala BJT6688. යම් සිවුපා කෙනෙක් දිය බොන්නට විලට ආහු ද ඔවුනතුරෙන් තෙපි වෙසෙසින් නාද කරන සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද (සෙසු සතුන්ගේ ද) ඒකනින්නාද හඬ නො ඇසූහු ද?
Pali BJT6689. අහු පුබ්බනිමිත්තං මෙ විචරන්ත්යා බ්රහාවනෙ, ඛණිත්තො මෙ හත්ථා පතිතො උග්ගීවඤ්චාපි අංසතො.
Sinhala BJT6689. මහවෙනෙහි සැරිසරන මට පෙර නිමිති පහළ වී, මා අතින් අල කණන හුල ගිලිහී වැටුණෙ යැ. දසරුයෙන් පලවැළ පැස ගිලිහී වැටුණෙ යැ.
Pali BJT6690. තදාහං බ්යථිතා භීතා පුථුං කත්වාන අඤ්ජලිං, සබ්බා දිසා නමස්සිස්සං අපි සොත්ථි ඉතො සියා.
Sinhala BJT6690. එසඳ මම කම්පිත වැ බියපත් වැ වෙන වෙන ඇඳිලි බැඳැ මෙයින් සෙත් වන්නෙ යැ යි සිතා හැම දිසා වැන්දමු.
Pali BJT6691. මා හෙව නො රාජපුත්තො හතො සීහෙන දීපිනා, දාරකා වා පරාමට්ඨා අච්ඡකොකතරච්ඡිහි.{1}
Sinhala BJT6691. අප හිමි රජපිත් සිංහයකු විසින් හෝ දිවියකු විසින් හෝ නහමක් නැසේවා. දරුවෝ ද වලස් වෘක තරසුන් විසින් නහමක් නැසෙත්වා’ යි.
Pali BJT6692. සීහො ව්යග්ඝො ච දීපී ච තයො වාලා වනෙ මිගා, තෙ මං පරියාවරුං මග්ගං තෙන සායම්හි ආගතා.
Sinhala BJT6692. සිහ යැ වග යැ දිවි යැ යන සැඩ වන සිවුපාවෝ තිදෙනෙකි. උහු මට මඟ ඇවිරූහ. එහෙයින් කල් ඉක් මැ සවසැ ආමු.
Pali BJT6693. අහං පතිඤ්ච පුත්තෙ ච ආචෙරමිව මාණවො, අනුට්ඨිතා{2} දිවාරත්තිං ජටිනී බ්රහ්මචාරිනී.
Sinhala BJT6693. මම දළමඬුලු දරන්නී බඹසර කරන්නී අතැවැසි මාණවකයෙක් ඇදුරක්හු මෙන් හිමිහට ද දරුවනට ද දවරැය නො පමාව මෙහෙ කළමු.
Pali BJT6694. අජිනානි පරිදහිත්වා වනමූලඵලහාරියා, විචරාමි දිවාරත්තිං තුම්හං කාමා හි පුත්තකා.
Sinhala BJT6694. දරුවනි, මම තොප කැමැත්තෙන් අඳුන්දිවිසම් පෙරෙවැ වනමුල් පලවැළ ගෙනයන්නී දවරැය ඇවිදිනමු.
Pali BJT6695. ඉමං{3} සුවණ්ණහාලිද්දිං ආභතං පණ්ඩුබෙළුවං, රුක්ඛපක්කානි චාහාසිං ඉමෙ තෙ පුත්තා කීළනා.
Sinhala BJT6695. දරුවෙනි, (තොප නහන පිණිස) මෙ රන්වන් කසා කල්ක ගෙනෙනලද යැ. (තොප කෙළනට) රන්වන් බෙලිපල ගෙනෙන ලද යැ. රුක්හි විලිකුන් මිහිරි පල ද ගෙන ආමු. මෙ තොපට කෙළිබඬු යැ.
Pali BJT6696. ඉමං මුළාවටකං{4} සාලුකං පිඤ්ජරොදකං,{5} භුඤ්ජ ඛුද්දෙහි සංයුත්තං සහ පුත්තෙහි ඛත්තිය.
Sinhala BJT6696. මේ නෙලුඹුදැලි වළලු යැ ඕලු යැ පිඤ්ජර යුෂ යැ යන මේ ඇත. රජතුමෙනි, දඬුයෙල්බෑ මීයෙන් හනනලදු වැ දරුවන් හා එක් වැ වළඳ කරව.
Pali BJT6697. පදුමං ජාලිනො දෙහි කුමුදං පන කුමාරියා, මාලිනෙ පස්ස නච්චන්තෙ සිවි පුත්තානි අව්භය.
Sinhala BJT6697. ජාලියහට පියුම දෙව. කුමරියට ඇඹුලමල දෙව, මල් පැළැඳැ නටන දරුවන් බලව. සිවිරාජයෙනි, දරුවන් කැඳව.
Pali BJT6698. තතො කණ්හාජිනායාපි නිසාමෙහි රථෙසභ, මඤ්ජුස්සරාය වග්ගුයා අස්සමං උපයන්තියා.{6}
Sinhala BJT6698. රජතුමනි, ඉක්බිති මියුරු හඬ ඇති ලීලා ඇති කෘෂ්ණාජිනාව ද අසපුව කරා යන්නිය බලව.
Pali BJT6699. සමානුසුඛදුක්ඛම්හා රට්ඨා පබ්බජිතා උභො, අපි සිවිපුත්තෙ පස්සෙසි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6699. රටින් නෙරන ලද අපි දෙදෙනමෝ සමාන සුවදුක් ඇතියම්හ. සිවිමහරජුනි, ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් දුටුවහු ද?
Pali BJT6700. සමණෙ බ්රාහ්මණෙ නූන බ්රහ්මචරියපරායනෙ, අහං ලොකෙ අභිසපිං සීලවන්තෙ බහුස්සුතෙ; ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6700. මම ලොව්හි බඹසර පිහිට කොට ඇති බොහෝ ඇසූ පිරූ තැන් ඇති සිල්වත් මහණුන් ද බමුණන් ද හැවූ වන්මි. එහෙයින් අද ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් නො දක්මි.
Pali BJT6701. ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා වෙදිසා සින්ධුවාරිකා, විවිධානි රුක්ඛජාතානි තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6701. මේ ඒ (දරුවන් කෙළි බිමැ) දඹරුක් යැ. එලෙන අතු ඇති සිඳුවර යැ. නන් වැදෑරුම් රුක්දෑ යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6702. අස්සත්ථා පනසා චෙමෙ නිග්රොධා ච කපිත්ථනා, විවිධානි ඵලජාතානි තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6702. මේ ඒ ඇසතු රුක් යැ, පනා රුක් යැ, නුග රුක් යැ, හෙළකිඳි ඇසතු රුක් යැ, නන් වැදෑරුම් පලරුක් දෑ යැ, ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6703. ඉමෙ තිට්ඨන්ති ආරාමා අයං සීතොදිකා නදී, යත්ථස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6703. පෙර යම් තැනෙකැහිඳ ක්‍රීඩා කෙරෙත් නම් මේ ඒ අරම් පවතී. මේ සිහිල් දිය ඇතු හොයා ද පවතී. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6704. විවිධානි පුප්ඵජාතානි අස්මිං උපරිපබ්බතෙ, යත්ථස්සු පුබ්බෙ ධාරිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6704. පෙර යම් කුසුම ජාතීන් පැළඳියාහු ද මේ ගල් මුදුනෙහි ඒ විවිධ පුෂ්පජාති ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6705. විවිධානි ඵලජාතානි අස්මිං උපරිපබ්බතෙ, යත්ථස්සු පුබ්බෙ භුඤ්ජිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6705. පෙර යම් ඵල ජාතීන් වැළඳූහු ද මේ ගල් මුදුනෙහි ඒ විවිධ ඵලජාති ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6706. ඉමෙ තෙ හත්ථිකා අස්සා බලිවද්දා ච තෙ ඉමෙ, යෙහිස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6706. පෙර යම් පෙතැලිරුවින් ක්‍රීඩා කළාහු ද මේ ඒ ඇත් පෙතැලිරූ යැ, අස්පෙතැලිරූ යැ, මේ ඒ ගොන්පෙතැලි රූ ද ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6707. ඉමෙ සාමා සසොලූකා{1} බහුකා කදලීමිගා, යෙහිස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6707. පෙර යම් කෙනෙකුන් හා සම ක්‍රීඩා කළාහු නම් මේ ඒ කුඩා සම්වන් මුවෝ යැ, සාවෝ යැ මහමුහුණෝ යැ, බොහෝ වූ කෙහෙල්මුවෝ යැ, ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6708. ඉමෙ හංසා ච කොඤ්චා ච මයූරා චිත්රපෙඛුනා, යෙහිස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6708. මේ ඒ හංසයෝ යැ කොස් ලිහිණියෝ යැ විසිතුරු පිල්කලබ ඇති මොනරු යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6709. ඉමා තා වනගුම්බායො පුප්ඵිතා සබ්බකාලිකා, යත්ථස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6709. පෙර යම් තැනෙකැ ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැම කල්හි පිපී සිටි වනලැහැබ්හු යැ. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6710. ඉමා තා පොක්ඛරණියො රම්මා චක්කවාකූපකූජිතා, මද්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච; යත්ථස්සු පුබ්බෙ කීළිංසු තෙ කුමාරා න දිස්සරෙ.
Sinhala BJT6710. පෙර යම් තැනෙක ක්‍රීඩා කළාහු නම් මේ ඒ සක්වාලිහිණියන් ළඟ හිඳ කුල්නා හෙල්මැල්ලෙනුදු පියුමිනුදු උපුලෙනුදු ගැවැසිගත් රමණී පොකුණු ඇත. ඒ කුමරුවෝ නො පැනෙති.
Pali BJT6711. න තෙ කට්ඨානි භින්නානි න තෙ උදකමාභතං, අග්ගිපි තෙ න හාපිතො කින්නු මන්දොව ඣායසී:
Sinhala BJT6711. තොප විසින් දර නො බිඳින ලද, තොප විසින් දිය නො ගෙනෙනලද, තොප විසින් ගිනි ද නොදල්වන ලද, කිම නො දන්නා බාලයෙකු මෙන් සිතිවිලිපර වවු ද?
Pali BJT6712. පියො පියෙන සඞ්ගම්ම සමො මෙ ව්යපහඤ්ඤති, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6712. තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක් වැ සම වැ විඳුනා දුක් මා විසින් නසනු ලැබේ. (අද එසේ නො වේ.) ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
Pali BJT6713. න ඛො නො දෙව පස්සාමි යෙන තෙ නිහතා මතා, කාකොලාපි න වස්සන්ති හතා මෙ නූන දාරකා.
Sinhala BJT6713. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදහු ද? නොහොත් මළාහු ද? (මළ දවස් හඬනා) වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ කිසිවක්හු විසින් ගෙනයනලද වන.
Pali BJT6714. න ඛො නො දෙව පස්සාමි යෙන තෙ නිහතා මතා, සකුණාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6714. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදුහු ද? නොහොත් මළාහු ද? සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු වන.
Pali BJT6715. සා තත්ථ පරිදෙවිත්වා පබ්බතානි වනානි ච, පුනදෙවස්සමං ගන්ත්වා සාමිකස්සන්ති{1} රොදති.
Sinhala BJT6715. එ බිසෝ එ වඞ්කගිරියෙහි පර්‍වතයන් ද වනයන් ද බලමින් හඬා ඇවිද යළිදු අසපුවට ගොස් ස්වාමියා වෙත හඬයි.
Pali BJT6716. න ඛො නො දෙව පස්සාමි යෙන තෙ නිහතා මතා, කාකොලාපි න වස්සන්ති හතා මෙ නූන දාරකා.
Sinhala BJT6716. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම් කිසිවකු විසින් ඔහු ගෙනයනලදහු ද? නොහොත් මළාහු ද? වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ කිසිවක්හු විසින් ගෙනයනලද වන.
Pali BJT6717. න ඛො නො දෙව පස්සාමි යෙන තෙ නිහතා{2} මතා, සකුණාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6717. දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක්හු විසින් ඔහු ගෙනයන ලදුහු ද? නොහොත් මළාහු ද? සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු වන.
Pali BJT6718. න ඛො නො දෙව පස්සාමි යෙන තෙ නිහතා මතා, විචරන්ති රුක්ඛමූලෙසු පබ්බතෙසු ගුහාසු ච.
Sinhala BJT6718. දේවයිනි, පර්‍වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්හි ඇවිදිනී අපගේ දරුවන් නො දක්මි. ඔහු යම් කිසිවකු විසින් ගෙනයන ලදහු ද? නොහොත් මළාහු ද?
Pali BJT6719. ඉති මද්දි වරාරොහා රාජපුත්තී යසස්සිනී, බාහා පග්ගය්හ කන්දිත්වා තත්ථෙව පතිතා ඡමා.
Sinhala BJT6719. මෙසේ යශස්වී වූ උතුම් වළඟ ඇති මදුරදූ දොහොත් හිසැ බැඳැ හඬා එහි මැ බිමැ ඇදැහුණු.
Pali BJT6720. තමජ්ඣපත්තං රාජපුත්තිං උදකෙන අභිසිඤ්චථ, අස්සත්ථං තං විදිත්වාන අථ නං එතදබ්රවි.
Sinhala BJT6720. (තමා හමියෙහි) නිසන් වූ ඒ රදුව (මුහුණ) දියෙන් තෙමී. ඉක්බිති ඇය අස්වස් ලද බව දැනැ ඇයට තෙපුල් කී:
Pali BJT6721. ආදියෙනෙව තෙ මද්දී දුක්ඛං න කාතුමිච්ඡිසං, දළිද්දො යාචකො වුද්ධො බ්රාහ්මණො ඝරමාගතො; තස්ස දින්නා මයා පුත්තා මද්දී මා භායි අස්සස.{3}
Sinhala BJT6721. මද්‍රී දේවීනි, ආදියෙහි මැ තොපට දුක්දැයක් කරන්නට නො කැමැති වීමි. දිළිඳු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආයෙ යැ. ඔහට මා විසින් දරුවෝ දෙන ලදහ. මද්‍රිය නො බව, අස්වස්ව.
Pali BJT6722. මං පස්ස මද්දී මා පුත්තෙ බාළ්හං පරිදෙවසි, ලච්ඡාම පුත්තෙ ජිවන්තා අරොගා ච භවාමසෙ.
Sinhala BJT6722. මද්‍රී දේවීනි, මා බලව, දරුවන් නහමක් බලව, නහමක් දැඩි කොට හඬව, ජීවත් වන්නමෝ අරෝග ද වමෝ නම් දරුවන් ලබම්හ.
Pali BJT6723. පුත්තෙ පසුඤ්ච ධඤ්ඤඤ්ච යඤ්ච අඤ්ඤං ඝරෙ ධනං, දජ්ජා සප්පුරිසො දානං දිස්වා යාචකමාගතෙ; අනුමොදාහි මෙ මද්දී පුත්තකෙ දානමුත්තමං.
Sinhala BJT6723. සත්පුරුෂ තෙම යදියා ආ කල්හි දැකැ දරුවනුදු සිවුපාවුනුදු ගෙහි අනෙක් යම් ධනයෙකුත් ඇද්ද එ හැම ද දන් දෙන්නෙ යැ, මද්‍රී දේවීනි, දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දන අනුමෝදන්ව.
Pali BJT6724. අනුමොදාමි තෙ දෙව පුත්තකෙ දානමුත්තමං, දත්වා චිත්තං පසාදෙහි භීයො දානදදො භව.
Sinhala BJT6724. දේවයිනි, තොප දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙමි. දන් දී සිත පහදව. පුනපුනා දන් දෙනුයෙ වව.
Pali BJT6725. යො ත්වං මච්ඡෙරභූතෙසු මනුස්සෙසු ජනාධිප, බ්රාහ්මණස්ස අදා දානං සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT6725. ජනාධිපතිය, සිවිරට වඩනා යම් බඳු තෙපි මසුරුමලින් මැඩුණු මිනිසුන් අතුරෙහි බමුණුහට පුත්‍රදානය දුන්නහු යැ (අසිරියෙකි.)
Pali BJT6726. නින්නාදිතා තෙ පඨවී සද්දො තෙ තිදිවං ගතො, සමන්තා විජ්ජුතා ආගුං ගිරීනංව පටිස්සුතා.
Sinhala BJT6726. තොප විසින් මහපොළොව හඬවනලද. තොප කිත්ගොස දෙව්ලොවට ගියෙ යැ. අකල් විදුලිය අවට හැසිරිණි. පර්‍වතයන්ගේ පිළිරැව්මෙන් නැඟිණ.
Pali BJT6727. තස්ස තෙ අනුමොදන්ති උභො නාරදපබ්බතා ඉන්දො ච බ්රහ්මා ච පජාපති ච සොමො යමො වෙස්සවණො ච රාජා සබ්බෙ දෙවා අනුමොදන්ති තාවතිංසා ස ඉන්දකා.
Sinhala BJT6727. තොපගේ ඒ පුත්‍රදානය නාරද යැ පර්‍වත යැ යන දෙනිකායෙහි දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්‍ද්‍ර ද බ්‍රහ්ම ද ප්‍රජාපතී ද සෝමදේව ද යමදෙව ද වෙසවුණු රජ ද ඉන්‍ද්‍ර සහිත වූ හැම තව්තිසා වැසි දෙවියෝ ද අනුමෝදන් වෙත්.
Pali BJT6728. ඉති මද්දී වරාරොහා රාජපුත්ති යසස්සිනී, වෙස්සන්තරස්ස අනුමොදි පුත්තකෙ දානමුත්තමං.
Sinhala BJT6728. යසපිරිවර ඇති උතුම් රූ ඇති මදුරදූ මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍රදානය අනුමෝදන් වූව.
Pali BJTමද්දිපබ්බං නිට්ඨිතං.
Sinhala BJTමද්‍රී පර්‍වය යි.
Pali BJT6729. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනම්පති, සක්කො බ්රාහ්මණවණෙණ පාතො තෙසං අදිස්සථ.{1}
Sinhala BJT6729. ඉක්බිති රෑ අවසන්හි හිරු උදාවත් මැ සක්දෙව්රජ (ජරපත්) බමුණු වෙසෙකින් යුතුව අලුයම්හි එ දෙදෙනාහට පැනිණි.
Pali BJT6730. කච්චින්නු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි උඤ්ඡෙන යාපෙථ කච්චි මූලඵලාබහු.
Sinhala BJT6730. කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමුල්පලයෙන් යැපෙවු ද? කිම අල පලවැළ බොහෝ ඇද්ද?
Pali BJT6731. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා,{2} වනෙ වාලමිගාකිණ්ණෙ කච්චි හිංසා න විජ්ජති.
Sinhala BJT6731. කිම මැසිමදුරුවෝ ද සර්‍පජාතීහු ද අල්ප වෙත් ද? චණ්ඩමෘගයන්ගෙන් ගැවැසිගත් වෙනෙහි කිම හිංසා නැද්දැ යි.
Pali BJT6732. කුසඤ්චෙව නො බ්රහ්මෙ අථො බ්රහ්මෙ අනාමයං, අථො උඤ්ඡෙන යාපෙම අථො මූලඵලාබහු.
Sinhala BJT6732. බමුණාණෙනි, අපට රෝග නැත් මැ යැ, තවද බමුණාණෙනි, අපට දුක් නැත් මැ යැ, තවද වනමුල්පලෙන් යැපෙම්හ. තවද අල හා පලවැළ බොහෝ ඇත.
Pali BJT6733. අතො ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා,{2} වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා අම්හං න විජ්ජති.
Sinhala BJT6733. මැසිමදුරුවෝ ද සරීසෘපයෝ ද අල්ප මැ යැ, වල් මුවන් ගැවැසිගත් වෙනෙහි අපට හිංසා නො පැනෙයි.
Pali BJT6734. සත්ත නො මාසෙ වසතං අරඤ්ඤෙ ජීවසොකිනං, ඉදම්පි දුතියං පස්සාම බ්රාහ්මණං දෙවවණ්ණිනං; ආදාය බෙළුවං දණ්ඩං ධාරෙන්තං අජිනක්ඛිපං.
Sinhala BJT6734. සත්මසක් මුළුල්ලෙහි වෙනෙහි වසන ජීවශෝකී වූ අප වෙතට බෙලි පැහැ හුණදණ්ඩ (සැරයටිය) ගෙන ආ අඳුන් දිවිසම් ධරන දෙවියන් පසස්නා මේ දෙවැනි බමුණහු ද දක්මෝ.
Pali BJT6735. ස්වාගතන්තෙ මහාබ්රහ්මෙ අථොතෙ අදුරාගතං, අන්තො පවිස භද්දන්තෙ පාදෙ පක්ඛාලයස්සු තෙ.
Sinhala BJT6735. බමුණ, තොපගේ මනා ඊමෙකි. තවද තොපගේ නොමනා ඊමෙක් නො වෙයි. තොපට යහපතක් වේවා. තොපගේ දෙපා ධෝවන කරව, පන්සල තුළට පිවිසෙව.
Pali BJT6736. තින්දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
Sinhala BJT6736. තිඹිරිපල යැ පියල්පල යැ කටුඑරමිණිය යැ යන මෙ පලවැළ දඬුවෙල්බෑ මී වැන්න, බමුණාණෙනි, උතුම් උතුම් පල ගෙන වළඳව.
Pali BJT6737. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාබ්රහ්මෙ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT6737. ගල්කුසින් බට හොයින් අළ මෙ (කළෙහි) පැන් ද සිහිලැ. බමුණාණෙනි, ඉදින් තෙපි බියැටියහු නම් එයින් ගෙන පානය කරව.
Pali BJT6738. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, අථප්පත්තො බ්රහාරඤ්ඤං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT6738. තවද තෙපි කිනම් කරුණෙකින් කිනම් හේතුයෙකින් මහ අරනට පැමිණියවු ද? මා විසින් පුළුවුස්නාලදහු එ කරුණ කියව.
Pali BJT6739. යථා වාරිවහො පූරො සබ්බකාලං න ඛීයති, එවං ත යාචිතාගඤ්ඡිං භරියං මෙ දෙහි යාචිතො.
Sinhala BJT6739. යම්සේ පිරුණු නදී හැම කල්හි නො සිඳේ ද එ බඳු වූ තොප අයදනට අයිමි. මා විසින් අයදනාලද තෙපි මට තොපගේ අඹුව දෙව යි.
Pali BJT6740. දදාමි න විකම්පාමි යං මං යාචසි බ්රහාමණ, සන්තං නප්පටිගූහාමි{1} දානෙ මෙ රමතී මනො.
Sinhala BJT6740. බමුණාණෙනි, තෙපි යමක් මා අතින් ඉල්වවු නම් එය දෙමි. (දෙන්නට) නො සැලෙමි. ඇති දැය නො සඟවමි. මා සිත දානයෙහි ඇලෙයි. (කියා)
Pali BJT6741. මද්දිං හත්ථෙ ගහෙත්වාන උදකස්ස ච කමණ්ඩලුං, බ්රාහ්මණස්ස අදා දානං සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT6741. මද්‍රී බිසව අත්හි ගෙන දිය පිරි කමඬලාව ද ගෙන (අතැ පැන් එව) සිවිරට වඩනා වෙසතුරු රජ බමුණුහට දන් දින.
Pali BJT6742. තදාසි යං භිංසනකං තදාසි ලොමංසනං, මද්දිං පරිච්චජන්තස්ස මෙදිනී සමකම්පථ.
Sinhala BJT6742. එ දවස් යම් බිහිසුණු බවෙක් වී ද, එ දවස් ලොමුදහ ගැන්මෙක් වී. මද්‍රීදේවිය පරිත්‍යාග කරත් මැ මහපොළෝ කම්පා වුව.
Pali BJT6743. නෙවස්ස මද්දී භකුටී{2} න සන්ධීයති න රොදති, පෙක්ඛතෙවස්ස තුණ්හී සා එසො ජානාති යං වරං.
Sinhala BJT6743. මද්‍රී දේවී (රොෂයෙන්) මුව නො හැකිළූ යැ. දුර්මුඛ නො වූ යැ, නො හැඬූ යැ. මියෙන් නො බැණැ තෙල වෙසතුරු රජ මට යම් වෘද්ධියක් ඇත් ද එය දනී යි ඔහු මුහුණ බලමින් මැ සිටියා.
Pali BJT6744. ජාලිං කණ්හාජිනං ධීතං මද්දිදෙවිං පතිබ්බතං, චජමානො න චින්තෙසිං බොධියා යෙව කාරණා.
Sinhala BJT6744. (මා පුතු) ජාලිය ද දුහිතෘ කෘෂ්ණාජිනා ද පතිනි මද්‍රී දේවිය ද බුදු බව මැ පිණිස ත්‍යාග කරනුයෙම් නො සිතීමි.
Pali BJT6745. න මෙ දෙස්සා උභො පුත්තා මද්දී දෙවී න දෙස්සියා, සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා පියෙ අදාසහං.
Sinhala BJT6745. දෙදරුවෝ මට ද්වේෂ්‍ය (අප්‍රිය) නො වෙති . මද්‍රී දේවිය ද ද්වේෂ්‍ය නො වෙයි. (ඔවුනට වඩා) සර්‍වඥ බව මට ප්‍රිය වෙයි. එ හෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දින්මි.
Pali BJT6746. කොමාරී යස්සහං{3} භරියා සාමිකො මම ඉස්සරො, යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා වික්කිණෙය්ය හනෙය්ය වා.
Sinhala BJT6746. කුමරී වූ මම යමක්හට භාර්‍ය්‍යා වූමු ද ස්වාමි වූ තෙපි මට ඉසුරු වව. යමක්හට දෙන කැමැත්තවු නම් ඔහට මා දෙනු මැනැවැ. (ධන කැමැත) විකුණත් මැනැවැ (මස් කැමැත) මරත් මැනැවි.
Pali BJT6747. තෙසං සඞ්කප්පමඤ්ඤාය දෙවින්දො එතදබ්රවි, සබ්බෙ ජිතා තෙ පච්චුහා යෙ දිබ්බා යෙ ච මානුසා.
Sinhala BJT6747. සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැනැ තෙල වදන් කී: යම් දිව්‍ය වූත් යම් මානුසිකවූත් (සැපත් වළහන මාත්සර්‍ය්‍ය සංඛ්‍යාත) පසමිතුරු කෙනෙක් වූ නම් ඒ හැමදෙන (අඹුදරුවන් දෙන) තොප විසින් දිනන ලදහ.
Pali BJT6748. නින්නාදිතා තෙ පඨවී සද්දො තෙ තිදිවං ගතො, සමන්තා විජ්ජුතා ආගුං ගිරීනංව පටිස්සුතා.
Sinhala BJT6748. තොප විසින් පෘථිවී නින්නාද කරවනලද, කිත්ගොස දෙව්ලොවට ගියේ යැ, අකල් විදුලිය හිමවත සිසාරා ගියා යැ, පර්‍වතයන්ගේ මෙන් පිළිරැව් නැඟිණ.
Pali BJT6749. තස්ස තෙ අනුමොදන්ති උභො නාරදපබ්බතා, ඉන්දො ච බ්රහ්මා ච පජාපතී ච, සොමො යමො වෙස්සවණො ච රාජා සබ්බෙ දෙවා අනුමොදන්ති දුක්කරං හි කරොති සො.
Sinhala BJT6749. තොපගේ ඒ දන නාරද යැ පර්‍වත යැ යන දෙනිකායයෙහි දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්‍ද්‍ර යැ බ්‍රහ්ම යැ ප්‍රජාපතී යැ සෝම යැ යම යැ යන දෙවිවරු ද වෙසවුණු මහරජ ද අනුමෝදන් වෙති. එ වෙසතුරු රජ දුෂ්කරයක් කෙරෙයි කියා හැම දෙවියෝ අනුමෝදන් වෙත්.
Pali BJT6750. දුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො.
Sinhala BJT6750. අසත්පුරුෂයෝ වනාහි නො දියහැකි දැය දෙනුවන් නො කටහැකි කිස කරනුවන් අනුකරණය නො කෙරෙති. සත්පුරුෂයන්ගේ ධර්‍මය (අදහස්) සිතා නො දතහැකි.
Pali BJT6751. තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතොගති, අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණා.
Sinhala BJT6751. එ හෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් සැවැ පරලෝගමන් වෙන් වෙන් වෙයි. අසත්පුරුෂයෝ නිරෑ යෙති. සත්පුරුෂයෝ ස්වර්‍ගපරායණ වෙත්.
Pali BJT6752. යමෙතං කුමාරෙ අද්දා භරියං අදදා වනෙ වසං, බ්රහ්මයානමනොක්කම්ම සග්ගෙ තෙ තං විපච්චතු.{1}
Sinhala BJT6752. යම් හෙයකින් වෙනෙහි වෙසෙමින් දරුවන් දිනි ද අඹුව දිනි ද (එයින් නිපන්) තෙල බ්‍රහ්මයානය අවා බිම් නො බැසැ ස්වර්‍ගයෙහි තොපට විපාක දේවා.
Pali BJT6753. දදාමි භොතො භරියං මද්දිං සබ්බඞ්ගසොභනං, ත්වඤ්ඤෙව මද්දියා ඡන්නො මද්දී ච පතිනා සහ.
Sinhala BJT6753. සර්‍වඞ්ගශෝභන වූ මද්‍රී දේවිය භවත්හට භාර්‍ය්‍ය කොට දෙමි. මද්‍රී බිසවට තෙපි මැ නිසියහු, මද්‍රී ද හිමියා හා වසන්නට නිස්ස.
Pali BJT6754. යථා පයො ච සඞ්ඛො ච උභො සමානවණ්ණිනො, එවං තුවං ච මද්දී ච සමානමනචෙතසා.
Sinhala BJT6754. යම්සේ කිරි ද ධොත සංඛය ද දෙක සම පැහැ ඇත්තාහු ද එ සෙයින් මැ තෙපි ද මද්‍රී ද (ආචාරාදීන්)සම වූ සිතින් යුක්ත වව.
Pali BJT6755. අවරුද්ධෙත්ථ අරඤ්ඤමිං උභො සම්මථ අස්සමෙ, ඛත්තියා ගොත්තසම්පන්නා සුජාතා මාතුපෙත්තිතො; යථා පුඤ්ඤානි කයිරාථ දදන්තා අපරාපරං.
Sinhala BJT6755. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ තෙපි දෙදෙන රටින් නෙරනලදහු මේ වෙනෙහි අසපුවෙකැ වාස කරවු. යළි යළි දන්දෙමින් පොහෝනා පමණින් පින් කරව.
Pali BJT6756. සක්කොහමස්මි දෙවින්දො ආගතොස්මි තවන්තිකෙ, වරං වරස්සු රාජිසි වරෙ අට්ඨ දදාමි තෙ.
Sinhala BJT6756. මම දෙවියනට අධිපති සක්දෙව් රජ වෙමි. තොප සමීපයට අයිමි. රාජර්ෂිය, කැමැති වරයක් අයදුව, තොපට අටවරයක් දෙමි.
Pali BJT6757. වරං වෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, පිතා මං අනුමොදෙය්ය ඉතො පත්තං සකං ඝරං; ආසන්නෙ නිමන්තෙය්ය පඨමං තං වරං වරෙ.
Sinhala BJT6757. හැම දෙවියනට අධිපති සක්දෙව්රජුනි, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් මා පියෙ මේ වෙනෙන් සියගෙට පැමිණීම පිළිගනීවා. සිහසුනෙන් පවරාවා. මේ වරය පළමු කොට ඉල්ලමි.
Pali BJT6758. පුරිසස්ස වධං න රොචෙය්යං අපිකිබ්බිසකාරිකං, වජ්ඣං වධම්භා මොචෙය්යං දුතියෙතං වරං වරං.
Sinhala BJT6758. පුරුෂයක්හට වධ රුචි නො කෙරෙම්වා. දරුණු කම් කළ වධයට පැමිණවියැ යුත්තා ද වධයෙන් මුදනෙම්වා. මෙ වරය දෙවනු කොට ඉල්වමි.
Pali BJT6759. යෙ වුද්ධා යෙ ච දහරා යෙ ච මජ්ඣිමපොරිසා, මමෙව උපජීවෙය්යුං තතියෙතං වරං වරෙ.
Sinhala BJT6759. යම් මහලු මිනිස් කෙනෙක් ඇද්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද, යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද, එ හැම දෙනා මා නිසා මැ ජීවත් වෙත්වා. මේ වරය තුන්වනු කොට ඉල්වමි.
Pali BJT6760. පරදාරං න ගච්ඡෙය්යං සදාරපසුතො සියං, ථිනං වසං නගච්ඡෙය්යං චතුත්ථෙතං වරං වරෙ,
Sinhala BJT6760. පරඹුවන් කරා නො යෙම්වා. ස්වදාර සන්තෝෂයෙහි නියැලෙම්වා. මාගමුන් වශයට නො යෙම්වා. මේ වරය සතරවනු කොට ඉල්වමි.
Pali BJT6761. පුත්තො මෙ සක්ක ජායෙථ සො ච දීඝායුකො සියා, ධම්මෙන ජිනෙ පඨවිං පඤ්චමෙතං වරං වරෙ.
Sinhala BJT6761. සක්දෙව්රජුනි, මට පුතෙක් උපදීවා, හේ ද දීර්‍ඝායු ඇති වේවා. පෘථිවිය දැහැමින් දිනාවා (රජ කෙරේවා). මේ වරය පස්වනු කොට ඉල්වමි.
Pali BJT6762. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනම්පති, දිබ්බා භක්ඛා පාතුභාවෙය්යුං ඡට්ඨමෙතං වරං වරෙ.
Sinhala BJT6762. මා ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රෑ අවසන්හි හිරු උදාවත් මැ දිවබොජුන් පහළ වේවා. මේ වරය සවනු කොට ඉල්වමි.
Pali BJT6763. දදතො මෙ න ඛීයෙථ දත්වා නානුතපෙය්යහං, දදං චිත්තං පසාදෙය්යං සත්තමෙතං වරං වරෙ.
Sinhala BJT6763. මා දන් දෙත් මැ ක්‍ෂය නො වේවා. මම දන් දී නො පසුතැවෙම්වා. දෙමින් සිත පහදවම්වා. මේ වරය සත්වනු කොට ඉල්වමි.
Pali BJT6764. ඉතො චිමුච්චමානාහං සග්ගගාමී විසෙසගු, අනිබ්බත්ති තතො අස්සං අට්ඨමෙතං වරං වරෙ.
Sinhala BJT6764. මම මේ ජාතියෙන් මිදෙනුයෙම් (තුසීපුරවදනා) වෙසෙස් ගමන් ඇති වැ සුගති ගමන් ඇති වෙම්වා. ඉක්බිති භවයෙහි පුනර්‍භව නැතියෙක් (බුදු) වෙම්වා. මේ වරය අටවනු කොට ඉල්වමි.
Pali BJT6765. තස්ස තං වචනං සුත්වා දෙවින්දො එතදබ්රවි, අචිරං වත තෙ තාතො පිතා තං දිට්ඨුමෙස්සති.
Sinhala BJT6765. ඒ වෙසතුරුහුගේ එ තෙපුල් අසා සක්දෙව්රජ තෙල තෙපුල් කී: තොපගේ පියමහරජ නොබෝ කල්හි තොප දක්නට එන්නේ යැ යි.
Pali BJT6766. ඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, වෙස්සන්තරෙ වරං දත්වා සග්ගකායං අපක්කමි.
Sinhala BJT6766. සුජා දෙවඟනගේ හිමි වූ ‘මඝ’ නම් සක්දෙව්රජ මෙ වදන් කියා වෙසතුරු රජහට වර දී දෙව්ලොවට ගියේ යි.
Pali BJTසක්කපබ්බං නිට්ඨිතං.
Sinhala BJTශක්‍ර පර්‍වය යි.
Pali BJT6767. කස්සෙතං මුඛමාභාති හෙමං වුත්තත්තමග්ගිනා, නික්ඛංව ජාතරූපස්ස උක්කාමුඛපභංසිතං.
Sinhala BJT6767. ගින්නෙන් තවන ලද රත්රන් සෙයින්, උදුනෙහි ලා පැහැ නැඟු රන්කොඬොලක් සෙයින් තෙල කවරක්හුගේ මුහුණ බබළා ද?
Pali BJT6768. උභො සදීසපචචඞ්ගා උභො සදිසලක්ඛණා, ජාලිස්ස සදිසො එකො එකා කණ්හාජිනා යථා.
Sinhala BJT6768. දෙදෙනා මැ සමාන අඟ පසඟ ඇතියහ, දෙදෙනා මැ සමාන ලක්‍ෂණ ඇතියහ, එකෙක් ජාලිය සමාන යැ, එකක් කෘෂ්ණාජිනා වැන්න.
Pali BJT6769. සීහා බිලාව නික්ඛන්තා උභො සම්පතිරූපකා, ජාතරූපමයා යෙව ඉමෙ දිස්සන්ති දාරකා.
Sinhala BJT6769. දෙදෙනා මැ ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහායෙන් නික්මුණු සිහපොවුවන් වැනියහ. මේ දරුවෝ රනින් මවන ලද්දවුන් සේ පැනෙති.
Pali BJT6770. කුතො නු ත්වං{1} භාරද්වාජ ඉමෙ ආනෙසි දාරකෙ, අජ්ජ රට්ඨමනුප්පත්තො කුතො ආගච්ඡසි බ්රාහ්මණ.{2}
Sinhala BJT6770-6771. භවත් බමුණ, අද මෙ රටට පැමිණි ඔබ කොහි සිට එන්නෙහි ද? මේ දෙදරුවන් කොහි සිට ගෙනෙහි ද? සඳමහරජතුමනි, මේ දරුවෝ මට පහන් වූවකු විසින් දෙනලදහ, මේ දරුවෝ යම් දවසෙකැ මට දෙන ලද්දාහු ද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රිය යි.
Pali BJT6771. මය්හන්තෙ දාරකා දෙව දින්නා විත්තෙන සඤ්ජය, අජ්ජ පන්නරසා රත්තී යතො දින්නාමෙ{3} දාරකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6772. කෙන වා වාචපෙය්යෙන{4} සම්මාඤායෙන සද්දහෙ, කො තෙ තං දානමද්දා පුත්තකෙ දානමුත්තමං.
Sinhala BJT6772. බමුණ, තා විසින් කවර නම් ප්‍රියවචනයෙන් ලබන ලදහු ද? සත්‍ය කරුණෙන් (අප) හදහව. කවරෙක් තට තමා දරුවන් උතුම් දැන් කොට ඒ දන් දිනි ද?
Pali BJT6773. යො යාචතං පතිට්ඨාසි භූතානං ධරණීරිව, සො මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
Sinhala BJT6773. යමෙක් සත්නට මහපොළොව සෙයින් යදියනට පිහිට වී ද එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
Pali BJT6774. යො යාචතං ගතී ආසි සවන්තීනංව සාගරො, සො මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
Sinhala BJT6774. යමෙක් නදීනට සාගරය මෙන් යදියනට පිහිට වී ද, එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
Pali BJT6775. දුක්කං වත භො රඤ්ඤා සද්ධෙන ඝරමෙසිනා, කථං නු පුත්තකෙ දජ්ජා අරඤ්ඤෙ අවරුද්ධකො.
Sinhala BJT6775. භවත්නි, සැදැහැති ගිහිගෙයි විසියටි රජහු විසින් එකත්නෙන් අයුක්තියක් කරනලද, රටින් නෙරනලදු වැ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දෙන්නෙ යැ?
Pali BJT6776. ඉමං භොන්තො නිසාමෙථ යාවන්තෙත්ථ සමාගතා, කථං මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
Sinhala BJT6776. භවත්නි, මෙහි යම්තාක් දෙනා රැස්වූහු ද එහැමදෙනා මේ අසවු. වෙසතුරු රජ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දිනි ද?
Pali BJT6777. දාසං දාසිඤ්ච සො දජ්ජා අස්සං වාස්සතරීරථං,{5} හත්ථිඤ්ච කුඤ්ජරං දජ්ජා කථං සො දජ්ජා දාරකෙ.
Sinhala BJT6777. හෙ දාසියක ද දාසයකු ද අශ්වයකු ද අශ්වතරයන් යෙදූ රියක් ද දේවා, උතුම් ඇතකුදු දේවා, හෙ කුමට දරුවන් දෙන්නෙ යැ යි.