Pali BJT6581. තතො කුමාරෙ ආදාය ජාලිං කණ්හාජිනඤ්චුභො, බ්රාහ්මණස්ස අදා දානං සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT6581. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු මහරජ දැලිසිරු කන්සිරු දෙදරුවන් අත් ගෙන බමුණුහට දන් දින.
Pali BJT6582. තතො කුමාරෙ ආදාය ජාලිං කණ්හාජිනඤ්චුභො, බ්රාහ්මණස්ස අදා විත්තො පුත්තකෙ දානමුත්තමං.
Sinhala BJT6582. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙදරුවන් ගෙන තුටු සිත් ඇත්තේ දෙදරුවන් උතුම් දන් කොට බමුණුහට දින.
Pali BJT6583. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, යං කුමාරෙ පදින්නම්හි මෙදිනී සමකම්පථ.
Sinhala BJT6583. යම් කලෙකැ දෙදරුවන් දුන් කල්හි මහපොළොව ප්‍රකම්පිත වූ ද එකල්හි යම් බිහිසුණු බවෙක් වී ද එසඳ ලොමුදහ ගැන්මෙක් වී.
Pali BJT6584. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, යං පඤ්ජලිකතො රාජා කුමාරෙ සුඛවච්ඡිතෙ; බ්රාහ්මණස්ස අදා දානං සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT6584. යම් කලෙකැ සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බැදැඳිලි ඇති වැ සුවසේ වුසූ දෙදරුවන් බමුණුහට දන් දුන්නේ ද එදවස් යම් බිහිසුණු බවෙක් වී ද එදවස් ලොමුදහගැන්මෙක් වී.
Pali BJT6585. තතො සො බ්රාහ්මණො ලුද්දො ලතං දන්තෙහි ඡින්දිය, ලතාය හත්ථෙ බන්ධිත්වා ලතාය අනුමජ්ජථ,{6}
Sinhala BJT6585.ඉක්බිති එ රුදුරු බමුණු වැලක් දතින් සිඳැගෙනැ වැලින් දෑත් බැඳැ වැලින් පහර දින.
Pali BJT6586. තතො සො රජ්ජුමාදාය දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො, ආකොටයන්තො තෙ නෙති සිවිරාජස්ස පෙක්ඛතො.
Sinhala BJT6586. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක් ද ගෙන වෙසතුරු රජු බලා සිටිය දී තලමින් (දරුවන්) ගෙන යයි.
Pali BJT6587. තතො කුමාරා පක්කාමුං බ්රාහ්මණස්ස පමුඤ්චිය, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි පිතරං සො උදික්ඛති.
Sinhala BJT6587. (පැකිළ හුණු බමුණු අතින් වැල ගැලවී ගිය) ඉක්බිති දෙදරුවෝ බමුණු අතින් මිදී (බෝසතුන් කරා) පලාගියහ. කඳුළු පිරි ඇසින් ඒ ජාලිය කුමර පියාණන් බලයි.
Pali BJT6588. වෙධං අස්සත්ථපන්නංව පිතු පාදානි වන්දති, පිතුපාදානි වන්දිත්වා ඉදං වචනමබ්රවි.
Sinhala BJT6588. බෝපත් සෙයින් වෙවුළමින් පියාණන් පා වඳී. පියාණන් පා වැඳැ මෙවදන් කී.
Pali BJT6589. අම්මා ච තාත නික්ඛන්තා ත්වං ච නො තාත දස්සසි, යාව අම්මම්පි පස්සෙමු අථ නො තාත දස්සසි.
Sinhala BJT6589. පියාණෙනි, අම්මා ද පන්සලින් බැහැරැ නික්මගියා යැ. පියාණෙනි තෙපි ද අප බමුණුහට දෙන්නාවු යැ. යම්තාක් අම්මා ද දක්මෝ නම් එසඳ අප දෙව.
Pali BJT6590. අම්මා ච තාත නික්ඛන්තා ත්වං ච නො තාත දස්සසි, මා නො ත්වං තාත අද්දා යාව අම්මාපි එති{1} නො; තදායං බ්රාහ්මණො කාමං වික්කිණාතු හනාතු වා.
Sinhala BJT6590. පියාණෙනි, අම්මා ද නික්මගියා. තෙපි ද අප බමුණුහට දෙන්නාවූ යැ. පියාණෙනි, තෙපි අප නහමක් දෙව. යම් තාක් අපගේ මවු තොමෝ ඒ ද එසඳ මෙ බමුණු රිසි සේ අප විකුණාවා, හෝ මරා පියවයි.
Pali BJT6591. බලඞ්කපාදො{2} අද්ධනඛො අථො ඔවද්ධපිණ්ඩිකො, දීඝුත්තරොට්ඨො චපලො කළාරො භග්ගනාසකො.
Sinhala BJT6591. මෙ බමුණු බකලපා ඇත්තේ යැ; කුණුනිය ඇත්තේ යැ; තවද එලෙන පිඬිමස් ඇත්තේ යැ; දිගු උඩුතොල ඇත්තේ යැ; මහතොලු යැ; නිකුත්දළ ඇත්තේ යැ; බුන් නාසා ඇත්තේ යැ.
Pali BJT6592. කුම්භොදරො භග්ගපිට්ඨි අථො විසම චක්ඛුලො,{3} ලොහමස්සු භරිතකෙසො වලීනං තිලකාහතො.
Sinhala BJT6592. සැළ බඳු උදර ඇතියෙ යැ; බුන් පිටඇට ඇතියෙ යැ; තවද වමරැසි යැ; තඹදැළි ඇතියෙ යැ; පිඟුවන් කෙහෙ ඇතියෙ යැ; සම්රැලි ඇතියෙ යැ; කළුතලකැලලි ඇතියෙ යැ.
Pali BJT6593. පිඞ්ගලො ච විනතො ච විකටො{4} ච බ්රහා ඛරො, අජිනානි ච සන්නද්ධො අමනුස්සො භයානකො.
Sinhala BJT6593. පිඟුඇස් ඇතියෙ යැ; කටිය පිට කඳට වකැ විසුළුපා ඇතියෙ යැ; මහසිරුරු ඇතියෙ යැ; අඳුන්දිවිසම් ධැරුයෙ යැ; යකකු වැන්න. බිය එළවනුයේ යැ.
Pali BJT6594. මනුස්සො උදාහු යක්ඛො මංසලොහිතභොජනො, ගාමා අරඤ්ඤං ආගම්ම ධනං තං තාත යාචති, නීයමානෙ පිසාචෙන කින්නු තාත උදික්ඛසි.
Sinhala BJT6594. මිනිසෙක් දෝ හෝ නොහොත් මසලේ බුදිනා යකෙක් දෝහෝ යි සිතම්, ගමින් වලට අවුත් පුත්‍රධනය ඉල්වයි. පියාණෙනි, මේ පිසාචයා විසින් ගෙනයනු ලබන අප කුමට උදාසීන වැ බලව.
Pali BJT6595. අස්මා නූන තෙ හදයං ආයසං දළ්හබන්ධනං. යො නො බද්ධෙ න ජානාසි බ්රාහ්මණෙන ධනෙසිනා, අච්චායිකෙන ලුද්දෙන යො නො ගාවොව සුම්භති.
Sinhala BJT6595. තොපගේ ළය ගල කෙළෙ යයි හඟිම්. යපතින් තර කොට බඳනාලද වනැ යි සිතම්, යම්බඳු තෙපි ධනය සොයන ඉතා රුදුරු බමුණා විසින් බඳනාලද අප නො දනුව. එ බමුණු අප ගෙරින් මෙන් තළාපියයි.
Pali BJT6596. ඉධෙව අච්ඡථං කණ්හා න සා ජානාසි කිස්මිචි, මිගීව ඛීරසම්මත්තා යූථා{5} හීනා පකන්දති,
Sinhala BJT6596. කෘෂ්ණජිනා මෙහි මැ හිඳීවා. ඕ කිසි දුකක් නො දනී. කිරෙන් මත් වූ මුවරැළින් ගිලිහුණු මුවපෙල්ලක මෙන් (මව නො දැකැ) හඬයි.
Pali BJT6597. න මෙ ඉදං තථා දුක්ඛං ලබ්භා හි පුමුනා ඉදං, යඤ්ච අම්මං න පස්සාමි{6} තං මෙ දුක්ඛතරං ඉතො.
Sinhala BJT6597. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයෙකින් අම්මා නො දකිම් ද එ දුක මට මෙයට වඩා ඉතා දුක් වෙයි.
Pali BJT6598. න මෙ ඉදං තථා දුක්ඛං ලබ්භා හි පුමුනා ඉදං, යඤ්ච තාතං න පස්සාමි තං මෙ දුක්ඛතරං ඉතො.
Sinhala BJT6598. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයකින් පියා නො දකිම් ද එ දුක මට මෙයට වඩා දුක්තර වෙයි.
Pali BJT6599. සා නූන කපණා අම්මා චිරරත්තාය රුච්ඡති, කණ්හාජිනං අපස්සන්තී කුමාරිං චාරුදස්සනිං.
Sinhala BJT6599. මනෝඥදර්‍ශන ඇති කෘෂ්ණජිනා කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මවු තොමෝ බොහෝ කලක් වලප්නී ය යි සිතම්.
Pali BJT6600. සො නූන කපණො තාතො චිරරත්තාය රුච්ඡති, කණ්හාජිනං අපස්සන්තො කුමාරිං චාරුදස්සනිං.
Sinhala BJT6600. මනකල් දසුන් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පිය තෙම බොහෝ කලක් වලප්නෙ ය යි සිතම්.
Pali BJT6601. සා නූන කපණා අම්මා චිර රත්තාය රුච්ඡති අස්සමෙ, කණ්හාජිනං අපස්සන්තී කුමාරිං චාරුදස්සනිං
Sinhala BJT6601. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මව අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.
Pali BJT6602. සො නූන කපණො තතො චිරං රුච්ඡති අස්සමෙ, කණ්හාජිනං අපස්සන්තො කුමාරිං චාරුදස්සනිං.
Sinhala BJT6602. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පියා අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.
Pali BJT6603. සා නූන කපණා අම්මා චිරරත්තාය රුච්ඡති, අඩ්ඪරත්තෙ ව රත්තෙ වා නදීව අවසුච්ඡති.
Sinhala BJT6603. ඒ අප බැගෑපත් මව අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.
Pali BJT6604. සො නූන කපණො තාතො චිරරත්තාය රුච්ඡති, අඩ්ඪරත්තෙ ව රත්තෙ වා නදීව අවසුච්ඡති.{1}
Sinhala BJT6604. ඒ අප බැගෑපත් පියා අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.
Pali BJT6605. ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා වෙදිසා සින්ධුවාරිකා,{2} විවිධානි රුක්ඛජාතානි තානි අජ්ජ ජහාමසෙ.
Sinhala BJT6605. මොහු ඒ (අපට කෙළි බිමැ සෙවණ දුන්) දඹ රුක්හ. එලෙන අතු ඇති සිඳුවර (නික) යැ, නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.
Pali BJT6606. අස්සත්ථා පනසා චෙමෙ නිග්රොධා ච කපිත්ථනා, විවිධානි ඵලජාතානි තානි අජ්ජ ජහාමසෙ.
Sinhala BJT6606. මොහු ඇසතු රුක්හ; පනා රුක්හ; නුග රුක්හ; හෙළ කිඳි ඇසතු රුක්හ; නන් වැදෑරුම් පලරුක්දෑ යැ. එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6607. ඉමෙ තිට්ඨන්ති ආරාමා අයං සීතොදිකා{3} නදී, යත්ථස්සු පුබ්බෙ කීළාම තානි අජ්ජ ජහාමසෙ.
Sinhala BJT6607. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොය ද පවතී. එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6608. විවිධානි පුප්ඵජාතානි අස්මිං උපරි පබ්බතෙ, යානස්සු පුබ්බෙ ධාරෙම තානි අජ්ජ ජහාමසෙ.
Sinhala BJT6608. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පලඳිමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6609. විවිධානි ඵලජාතානි අස්මිං උපරි පබ්බතෙ, යානස්සු පුබ්බෙ භුඤ්ජාම තානි අජ්ජ ජහාමසෙ.
Sinhala BJT6609. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනෙකුන් පෙර වළඳමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6610. ඉමෙ නො හත්ථිකා අස්සා බලිවද්දා ච නො ඉමෙ, යෙහිස්සු පුබ්බෙ කීළාම තානි ආජ්ජ ජහාමසෙ.
Sinhala BJT6610. පෙර යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතැලි රූ යැ අස්පෙතැල්ලෝ යැ මොහු අපගේ ගොන්පෙතැල්ලෝ යැ එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6611. නීයමානා කුමාරා තෙ පිතරං එතදබ්රවුං, අම්මං ආරොග්යං වජ්ජාසි ත්වං ච තාත සුඛී භව.
Sinhala BJT6611. බමුණහු විසින් ගෙන යනු ලබන එ කුමරහු පිය මහරජහට මෙ තෙපුල් කීහු: අම්මාට අප අරෝග බව කියව පියාණෙනි, තෙපිදු සුවපත්ව.
Pali BJT6612. ඉමෙ නො හත්ථිකා අස්සා බලිවද්දා ච නො ඉමෙ, තානි අම්මාය දජ්ජාසි සොකං තෙහි විනෙස්සති.{1}
Sinhala BJT6612. මොහු අපගේ කෙළි ඇත් පෙතැල්ලෝ යැ අස් පෙතැල්ලෝ යැ මොහු ද අපගේ ගොන් පෙතැල්ලෝ යැ එ හැම අම්මාට දෙව එයින් පුත්‍රශෝක දුරුකරගන්නී යැ.
Pali BJT6613. ඉමෙ නො හත්ථිකා අස්සා බලිවද්දා ච නො ඉමෙ, තානි අම්මා උදික්ඛන්ති සොකං පටිවිනෙස්සති.
Sinhala BJT6613. මොහු අපගේ කෙළි ඇත්රූ යැ අස්රූ යැ ගොන්රූ යැ එ හැම අම්මා පුනපුනා බලන්නී යැ එයින් ශෝක දුරුකර ගන්නී යැ.
Pali BJT6614. තතො වෙස්සන්තරො රාජා දානං දත්වාන ඛත්තියො, පණ්ණසාලං පවිසිත්වා කරුණං පරිදෙවයි.
Sinhala BJT6614. ක්‍ෂත්‍රිය වූ ඒ වෙස්සන්තර රජ පුත්‍රදාන දී ඉක්බිති (දරුවන් හඬන හඬ අසා) පන්සලට පිවිසැ බැගෑපත් වැ (මතු කියන සේ) පරිදේවනා කෙළේ (හැඬී.)
Pali BJT6615. ක න්වජ්ජ ජාතා තසිතා උපරුච්ඡන්ති දාරකා, සායං සංවෙසනාකාලෙ කො නෙ දස්සති භොජනං.
Sinhala BJT6615. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියද් ද? සවස වළඳනා වේලෙහි කවරෙක් ඔවුනට බොජුනක් දේ ද?
Pali BJT6616. කං න්වජ්ජ ඡාතා තසිතා උපරුච්ඡන්ති දාරකා, සායං සංවෙසනාකාලෙ අම්ම ඡාතම්හ දෙථ නො.
Sinhala BJT6616. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියත් ද? සවස වළඳනා වේලෙහි මෑණියෙනි, සාගිනි ඇතියහම්හ. අපට අහර දෙවයි කවරක අයදිද්ද?
Pali BJT6617. කථන්නු පථං ගච්ඡන්ති පත්තිකා අනුපාහනා, සන්තා සූණෙහි පදෙහි කො නෙ හත්ථෙ ගහෙස්සති.
Sinhala BJT6617. පාගමන් යෙදුණු වහන් නැති මාගේ දෙදරුවෝ ගමන්හි මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මඟ කෙසේ නම් යෙද්දෝ කවරෙක් විඩාහරනට ඔවුන් අත්හි ගනිත් දෝ හෝ.
Pali BJT6618. කථන්නු සො න ලජ්ජෙය්ය සම්මුඛා පහරං මම, අදූසකානං පුත්තානං අලජ්ජී වත බ්රාහ්මණො.
Sinhala BJT6618. මාගේ නිදොස් දරුවනට මා හමුයෙහි පහර දෙන එ බමුණු කෙසේ නම් ලජ්ජා නො වන්නේ ද? බමුණු ලජ්ජා නැතියෙක් මැ යි.
Pali BJT6619. යො හි මෙ දාසි දාසස්ස අඤ්ඤො වා පන ජෙස්සියො,{2} තස්සාපි සුවිහීනස්ස කො ලජ්ජි පහරිස්සති.
Sinhala BJT6619. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් වී ද නොහොත් අන් මෙහෙකරුවෙක් හෝ වී ද ඕහට ද වඩා හීනතරයෙක් හෝ වී ද ඕහට පවා ලජ්ජා ඇති කවරෙක් නම් පහර දෙන්නේ ද? (නො දේ මැ යි).
Pali BJT6620. වාරිජස්සෙව මෙ සතො බුද්ධස්ස කුමිනාමුඛෙ, අක්කොසති පහරති පියෙ පුත්තෙ අපස්සතො.
Sinhala BJT6620. කෙමිනෙහි බැඳුණු මසකු මෙන් වූ මා බලාසිටිය දී මැ මාගේ ප්‍රිය දරුවනට ආක්‍රෝශ කෙරෙයි; පහර දෙයි. කියා හැඬී.
Pali BJT6621. ආදුං{3} චාපං ගහෙත්වාන ඛග්ගං බන්ධිත්වා වාමතො, ආනයාමි සකෙ පුත්තෙ පුත්තානං හි වධො දුඛො.
Sinhala BJT6621. වැළිත් වම්දසරුවෙහි කඩුව බැඳැ දුන්න ගෙන (ලුහුබැඳ ගොස්) සිය දරුවන් ගෙන එම් දෝහෝ, දරුවනට දෙන වධ දුකෙකි.
Pali BJT6622. අට්ඨානමෙතං{4} දුක්ඛරූපං යං කුමාරා විහඤ්ඤරෙ, සතඤ්ච ධම්මමඤ්ඤාය කො දත්වා අථ තප්පති.
Sinhala BJT6622. යම් හෙයෙකින් දරුවෝ වෙහෙසෙත් ද තෙල වෙහෙස ඒකාන්තයෙන් මට දුක් දෙනසුලු යැ. වැළිත් පෙර බෝසතුන්ගේ ප්‍රවේණිධර්‍මය දැනැ කවරෙක් නම් දන් දී පසුතැවේ ද?
Pali BJT6623. සච්චං කිරෙවමාහංසු නරා එකච්චියා ඉධ, යස්ස නත්ථි සකා මාතා යථා නත්ථි{5} තථෙව සො.
Sinhala BJT6623. මෙ ලොව්හි ඇතැම් මිනිස් කෙනෙක් යමක්හු අබියෙසැ සිය මව යම්සේ නැත් ද එසෙයින් ම හෙ ද නැතැයි සැබවක් මැ කීහු යැ.
Pali BJT6624. එහි කණ්හෙ මරිස්සාම නත්ථත්ථො ජීවිතෙන නො, දින්නම්හාපි{1} ජනින්දෙන බ්රාහ්මණස්ස ධනෙසිනො; අච්චායිකස්ස ලුද්දස්ස යො නො ගාවොව සුම්භති.
Sinhala BJT6624. කෘෂ්ණාජිනාවෙනි, ධනය සොයන ඉතා රුදුරු බමුණුහට පියරජු විසින් අපි දෙනලදුම්හ. එව මියම්හ. යමෙක් ගෙරිනට මෙන් අපට පහර දේ ද ඔහු වෙත අපට දිවියෙන් කම් නැත.
Pali BJT6625. ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා වෙදිසා සින්ධුවාරිකා, විවිධානි රුක්ඛජාතානි තානි කණ්හෙ ජහාමසෙ.
Sinhala BJT6625. මොහු ඒ (අපට බිමැ සෙවණ දුන්) දඹ රුක්හ, එලෙන අතු ඇති සිඳුවර (නික) යැ. නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.
Pali BJT6626. අස්සත්ථා පනසා චෙමෙ නිග්රොධා ච කපිත්ථනා, විවිධානි ඵලජාතානි තානි කණ්හෙ ජහාමසෙ.
Sinhala BJT6626. මොහු ඇසතු රුක්හ, පනා රුක්හ, නුග රුක්හ, හෙළ කිඳි ඇසතු රුක්හ, නන් වැදෑරුම් පලරුක්දෑ යැ, ඒ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6627. ඉමෙ තිට්ඨන්ති ආරාමා අයං සීතොදිකා නදී, යත්ථස්සු පුබ්බෙ කීළාම තානි කණ්හෙ ජහාමසෙ.
Sinhala BJT6627. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොයද පවතී. එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6628. විවිධානි පුප්ඵජාතානි අස්මිං උපරි පබ්බතෙ, යානස්සු පුබ්බෙ ධාරෙම තානි කණ්හෙ ජහාමසෙ.
Sinhala BJT6628. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6629. විවිධානි ඵලජාතානි අස්මිං උපරි පබ්බතෙ, යානස්සු පුබ්බෙ භුඤ්ජාම තානි කණ්හෙ ජහාමසෙ.
Sinhala BJT6629. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනකුන් පෙර වැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6630. ඉමෙ නො හත්ථිකා අස්සා බලිවද්දා ච නො ඉමෙ, යෙහිස්සු පුබ්බෙ කීළාම තානි කණ්හෙ ජහාමෙස.
Sinhala BJT6630. පෙරැ යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතලිරූ යැ, අස්පෙතල්ලෝ යැ, මොහු අපගේ ගොන් පෙතැල්ලෝ යැ, එ හැම අද හැරැපියා යම්හ.
Pali BJT6631. නීයමානා කුමාරා තෙ බ්රාහ්මණස්ස පමුඤ්චිය, තෙන තෙන පධාවිංසු ජාලී කණ්හාජිනා චුභො.
Sinhala BJT6631. බැඳැගෙනයනු ලබන ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙකුමරහු බමුණා අතින් මිදී ඒ ඒ තන්හි දිවගියහ.
Pali BJT6632. තතො සො රජ්ජුමාදාය දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො, ආකොටයන්තො තෙ නෙති සිවිරාජස්ස පෙක්ඛතො.
Sinhala BJT6632. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක්ද ගෙන සිවි රජහු බලා සිටිය දී තළමින් ඔවුන් දෙදෙනා ගෙනයයි.
Pali BJT6633. තං තං කණ්හාජිනාවොච අයං මං තාත බ්රාහ්මණො, ලට්ඨියා පතිකොටෙති ඝරෙ ජාතංව දාසියං.
Sinhala BJT6633. කෘෂ්ණාජිනා ඒ පියරජහට මෙ තෙපුල් කිවු: පියාණෙනි, මෙ බමුණු තමා ගෙහි උපන් දැස්සකට මෙන් වැල්කොනින් පහර දෙයි.
Pali BJT6634. න චායං බ්රාහ්මණො තාත ධම්මිකා හොන්ති බ්රාහ්මණා, යක්ඛො බ්රාහ්මණවණ්ණෙන ඛාදිතුං තාත නෙති නො; නියමානෙ පිසාචෙන කින්නු තාතා උදික්ඛසි.
Sinhala BJT6634. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකකු විසින් ගෙනයනු ලබන කල්හි කුමට උපේක්‍ෂාවෙන් බලන්නහු ද?
Pali BJT6635. ඉමෙ නො පාදුකා දුක්ඛා දීඝො චද්ධා සුදුග්ගමො, නීචෙ වොලම්බතෙ සුරියො බ්රාහ්මණො ච තරෙති{2} නො.
Sinhala BJT6635. අපගේ මේ පතුල්සුඟු රිදෙයි. මඟ ද දිගැ, ඉතා දුදුලැ. හිරුදු පහත එල්බෙයි. (බැස යයි) මෙ බමුණුදු අප වෙලෙවි කෙරෙයි.
Pali BJT6636. ඔකන්දාමසි{3} භූතානි පබ්බතානි වනානි ච, සරස්ස සිරසා වන්දාම සුපතිත්ථෙ ච ආපකෙ.{4}
Sinhala BJT6636. පර්‍වතයෙහි උපන් දෙවියන් ද වෙනෙහි උපන් දෙවියන් ද යටහත් වැ හඬගා යදුම්හ. මෙ විල් අරක්ගත් දෙවියන් ද මුදුනින් වඳුම්හ. මනා තොට ඇති නදියෙහි උපන් දෙවියන් ද වඳුම්හ.
Pali BJT6637. තිණලතා ච ඔසද්ධ්යො පබ්බතානි වනානි ච, අම්මං ආරොග්යං වජ්ජාථ අයං නො නෙති බ්රාහ්මණො.
Sinhala BJT6637. තෘණ දෙවියනි, ලිය දෙවියනි, ඕසධී දෙවියනි, ගිරි දෙවියනි, වන දෙවියනි, අම්මාට අප අරෝග බව කියව. මෙ බමුණු අප මරමින් ගෙන යයි.
Pali BJT6638. වජ්ජන්නු භොන්තො අම්මඤ්ච මද්දිං අම්හාකමාතරං, සචෙ අනුපතිතුකාමාසි ඛිප්පං අනුපතියාසි නො.
Sinhala BJT6638. භවත්නි, ඉදින් අප ලුහුබැඳැ ඉයටි වූහු නම් “වහා අප අනුව යවයි” අප මෑණියත් මද්‍රීදේවීන්ට කියත්වා.
Pali BJT6639. අයං එකපදී එති උජුං ගච්ඡති අස්සමං, තමෙවනුපතෙය්යාසි අපි පස්සෙසි නො ලහුං.
Sinhala BJT6639. මේ එක්පියමඟ අප කරා එයි. ඍජු වැ අසපුවට යෙයි. එ හසර මඟ මැ අනුව යව. ඔවුන් වහා දක්නෙහි නම් මැනැවැයි කියව.
Pali BJT6640. අහො වත රෙ ජටිනි වනමූලඵලහාරිකෙ, සුඤ්ඤං දිස්වාන අස්සමං තං තෙ දුක්ඛං භවිස්සති.
Sinhala BJT6640. අහෝ පරිහානියෙකි. දළමඬලු ඇත්තිය, වනමුල්පල ගෙනෙන්නිය, අප නැති හිස් අසපුව දැකැ එ තොපට දුක් වන්නෙ යැ.
Pali BJT6641. අතිවෙලං නූන අම්මාය උඤ්ඡාලද්ධො අනප්පකො, යා නො බද්ධෙ{1} න ජානාති බ්රාහ්මණෙන ධනෙසිනා; අච්චායිකෙන ලුද්දෙන යො නො ගාවොව සුම්භති.
Sinhala BJT6641. යමෙක් අප ගෙරින් සෙයින් මරා ද ඒ ඉතා රුදුරු වූ ධනය සොයන බමුණා විසින් බඳනාලද අප තතු යම් මවක් නො දනී ද ඒ මව විසින් වේලා ඉක් මැ නො මඳ අලපල ලබන ලද වන.
Pali BJT6642. අහජ්ජ{2} අම්මං පස්සෙමු සායං උඤ්ඡාතො ආගතං, දජ්ජා අම්මා බ්රාහ්මණස්ස ඵලං ඛුද්දෙන මිස්සිතං.
Sinhala BJT6642. අලමුල් පලවැළ නෙළාගෙන සවස වලින් ආ මව අද දක්මෝ නම් යෙහෙකි. අම්මා දඬුයෙල්බෑ මීයෙන් හැනූ පලවැළ මේ බමුණුහට දෙන්නී යැ.
Pali BJT6643. තදායං අසිතො ධාතො න බාළ්හං තරයෙය්ය නො, සූණා ච වත නො පදා බාළ්හං තාරෙති බ්රාහ්මණො; ඉති තත්ථ විලපිංසු කුමාරා මාතුගිද්ධිනො.
Sinhala BJT6643. එසඳ පලවැළ වැළඳු එහෙයින් මැ සුහිත වූ මෙ බමුණු අප වෙලෙවි වැ නො ගෙනයන්නෙ යැ. අපගේ පාදයෝ ඉතා ඉදිමැ ගියහ. මෙ බමුණු අප වෙලෙවි වැ ගෙනයයි කියා මවට ලොල් වූ කුමරහු එ මඟ වැලැපියෝ.
Pali BJTකුමාරපබ්බං.
Sinhala BJTකුමාර පර්‍වය යි.
Pali BJT6644. තෙසං ලාලප්පිතං සුත්වා තයො වාලා වනෙ මිගා, සීහො ව්යග්ඝො ච දීපි ච ඉදං වචනමබ්රවුං.
Sinhala BJT6644. ඒ දරුවන් දෙදෙනාගේ විලාප අසා (වනදෙවියෝ) දෙව්පුතුන් තිදෙනකුන්ට මෙ වදන් කීහු: තෙපි සිහ, වග, දිවි යන වනවැසි සැඩමුව වෙස් ගනුව.
Pali BJT6645. මාහෙව නො රාජපුත්තී සායං උඤ්ඡාතො ආගමා, මාහෙවම්භාකං නිබ්භොගෙ හෙඨයිත්ථ{3} වනෙ මිගා.
Sinhala BJT6645. අපගේ රදූ සවසැ වලින් නහමක් යේවා, අප නිති වළඳනා වෙනෙහි සැඩ මුවෝ ඇය නහමක් පෙළත්වා.
Pali BJT6646. සීහො චෙනං විහෙඨෙය්ය ව්යග්ඝො දීපි ච ලක්ඛණං, නෙව ජාලීකුමාරස්ස කුතො කණ්හාජිනා සියා; උභයෙනෙව ජීයෙථ පතිං පුත්තෙ ච ලක්ඛණාති.
Sinhala BJT6646. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ සිරිමතිය (ඉදින්) වෙහෙසී නම් ජාලිය කුමර නො මැ පවත්නෙ යැ කෘෂ්ණාජිනා කොයින් පවත්නී ද? එ බිසෝ සිරිමතී ස්වාමියා ය දෙදරුවනැ යන දෙකොටසකින් මැ පිරිහෙන්නී යැ. (එයින් තෙපි මනා කොට ඇය රකුවයි) කීහු.
Pali BJT6647. ඛණිත්තිකං මෙ පතති{1} දක්ඛිණක්ඛී ච ඵන්දති,{2} අඵලා ඵලිනො රුක්ඛා සබ්බා මුය්හන්ති මෙ දිසා.
Sinhala BJT6647. මා අතින් ඛණිත්තිය (අල කණන හුල) ගිලිහෙයි. දකුණැස ද සැලෙයි. පල ඇති රුක් පල නැතියන් වැන්න. මට හැම දිසාවෝ මුළා වැ පැනෙති.
Pali BJT6648. තස්සා සායන්හකාලම්හි අස්සමාගමනං පති, අත්ථඞ්ගතම්භි{3} සුරියම්හි වාලා පන්ථෙ උපට්ඨහුං.
Sinhala BJT6648. ඒ මා සවස් වේලෙහි හිරු අස්තයට ගිය කල්හි අසපුව බලා එන කල්හි සැඬ සිවුපාවෝ පෙරමඟ නැඟී සිටියහ.
Pali BJT6649. නීචෙ වොලම්බතෙ සුරියො දූරෙ ච වත අස්සමො, යඤ්ච නෙසං ඉතො භස්සං{4} තං තෙ භුඤ්ජෙය්යුං භොජනං.
Sinhala BJT6649. හිරු ද පහත එල්බෙයි. අසපුව ද ඉතා දුරැ වෙයි, ඔවුනට යමක් මෙයින් ගෙන යම් ද ඔවුහු එ බොජුන් වළඳනාහ. (අන් බොජුන් නැති.)
Pali BJT6650. සො නූන ඛත්තියො එකො පණ්ණසාලාය අච්ඡති, තොසෙන්තො දාරකෙ ඡාතෙ මමං දිස්වා අනායතිං.
Sinhala BJT6650. එ රජ මා නො එන්නා දැකැ හඬන සාගිනි ඇති දරුවන් සනහමින් පන්සල්හි එකලා වැ හිඳිනෙ යයි සිතම්.
Pali BJT6651. තෙ නූන පුත්තකා මය්හං කපණාය වරාකියා, සායං සංවෙසනාකාලෙ ඛිරපීතාව{5} අච්ඡරෙ.
Sinhala BJT6651. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ සවසැ බොජුන් වේලෙහි කිරිබොන දරුවන් (කිරි නො ලැබ නිදන) මෙන් නිදතී සිතම්.
Pali BJT6652. තෙ නූන පුත්තකා මය්හං කපණාය වරාකියා, සායං සංවෙසනාකාලෙ වාරිපීතාව අච්ඡරෙ.
Sinhala BJT6652. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ සවසැ බුදුනා වේලෙහි පැනට හඬා නො ලැබ නිදනුවන් මෙන් නිදතී සිතම්.
Pali BJT6653. තෙ නූන පුත්තකා මය්හං කපණාය වරාකියා, පච්චුග්ගතා මං තිට්ඨන්ති වච්ඡා බාලාව මාතරං.
Sinhala BJT6653. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවන් මවුදෙන පෙර මඟට අවුත් සිටුනා බාල වස්සන් මෙන් මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
Pali BJT6654. තෙ නූන පුත්තකා මය්හං කපණාය වරාකියා, පච්චුග්ගතා මං තිට්ඨන්ති හංසාව උපරි පල්ලලෙ.
Sinhala BJT6654. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ විල් පිට හංස පෝතකයන් මෙන් මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
Pali BJT6655. තෙ නූන පුත්තකා මය්හං කපණාය වරාකියා, පච්චුග්ගතා මං තිට්ඨන්ති අස්සමස්සාවිදූරතො.
Sinhala BJT6655. බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ අසපු අබියෙස්හි මා පෙරමඟට අවුත් සිටිතී සිතම්.
Pali BJT6656. එකායනො එකපථො සරා සොබ්භා ච පස්සතො, අඤ්ඤං මග්ගං න පස්සාමි යෙන ගච්ඡෙය්ය අස්සමං.
Sinhala BJT6656. එක්පියමඟෙකැ, හෙ ද එක් මැ මඟෙකැ, දෙපසැ විල් හා හෙල් යැ. යම් මඟෙකින් අසපුවට යන්නෙම් නම් එබඳු අන් මඟක් නො දකිමි.
Pali BJT6657. මිගා නමත්ථු රාජානො කානනස්මිං මහබ්බලා, ධම්මෙන භාතරො හොථ මග්ගං මෙ දෙථ යාචිතා.
Sinhala BJT6657. වෙනෙහි මහබල ඇති මුවරජහට නමස්කාර වේවා, දැහැමින් මට සොහොයුරෝ වවු. මා විසින් අයදනාලද තෙපි මට මඟ (අවකාශ) දෙවු.
Pali BJT6658. අවරුද්ධස්සහං භරියා රාජපුත්තස්ස සිරීමතො, තඤ්චාහං නාතිමඤ්ඤාමි රාමං සීතාවනුබ්බතා.
Sinhala BJT6658. මම රටින් නෙරනාලද සිරිමත් වෙසතුරු මහරජහු අඹු වෙමි. මම ඔහු රාමරජහට අනුගත වූ සීතා දේවිය මෙන් ඉක්ම (අනිකකු) නො සිතමි.
Pali BJT6659. තුම්හෙ ච පුත්තෙ පස්සෙථ සායං සංවෙසනං පති, අහඤ්ච පුත්තෙ පස්සෙය්යං ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6659. තෙපිදු (මට මඟ පියා) සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලවු. මමද දැලිසිරු කන්සිරු දෙදරුවන් දක්නෙමි.
Pali BJT6660. බහුං චිදං මූලඵලං භක්ඛො චායං අනප්පකො, තතො උපඩ්ඪං දස්සාමි මග්ගං මෙ දෙථ යාචිතා.
Sinhala BJT6660. මෙ අල හා පලවැළ බෙහෙව. මෙ කෑයුතු දෑ අනල්ප යැ. ඉන් අඩක් තොපට දෙමි. මා විසින් අයදනාලද තෙපි මට මඟ අවසර දෙව.
Pali BJT6661. රාජපුත්තී ච නො මාතා රාජපුත්තො ච නො පිතා, ධම්මෙන භාතරො හොථ මග්ගං මෙ දෙථ යාචිතා.
Sinhala BJT6661. අප මවු රදූ යැ අප පියෙ රජ යැ (තෙපි මට) දැහැමින් සොහොයුරු වව. මා විසින් අයදනාලද තෙපි මට මඟ අවකාශ දෙව.
Pali BJT6662. තස්සා ලාලප්පමානාය බහුං කාරුඤ්ඤසංහිතං, සුත්වා නෙලපතිං වාචං වාලා පන්ථා අපක්කමුං.
Sinhala BJT6662. වලප්නා වූ ඇගේ බැගෑ බැවින් මුසු බොහෝ වූ මියුරු තෙපුල් අසා සැඬ මුව වෙස් ගත් දෙව්පුත්හු මඟින් පහ වැ ගියෝ.
Pali BJT6663. ඉමම්භහි නං පදෙසම්භි පුත්තකා පංසුකුණ්ඨිතා, පච්චුග්ගතා මං තිට්ඨන්ති වච්ඡා බාලාව මාතරං.
Sinhala BJT6663. පස් වැකුණු සිරුරු ඇති මා දරුසිඟිත්තෝ මවුදෙන පෙරමඟට ආ බාල වස්සන් මෙන් මා පෙරමඟට ආවාහු (පෙර) මෙ තන්හි සිටිති.
Pali BJT6664. ඉමම්හි නං පදෙසම්භි පුත්තකා පංසුකුණ්ඨිතා, පච්චුග්ගතා මං තිට්ඨන්ති හංසාව උපරි පල්ලලෙ.
Sinhala BJT6664. පස් වැකි ගත් ඇති දෙදරු බිළිඳුහු විල්පිට හස්පොවුවන් මෙන් මා පෙරමඟට ආවාහු පෙර මෙ පෙදෙසැ සිටිති.
Pali BJT6665. ඉමම්හි නං පදෙසම්භි පුත්තකා පංසුකුණ්ඨිතා, පච්චුග්ගතා මං තිට්ඨන්ති අස්සමස්සාවිදූරතො.
Sinhala BJT6665. පස් තවරගත් සිරුරු ඇති දෙදරුසුඟහු, මා පෙරමඟට ආවාහු අසපු අබියෙසැ මෙ තන්හි සිටිති.
Pali BJT6666. තෙ මිගා විය උක්කණ්ණා සමන්තාමභිධාවිනො, ආනන්දිතා පමුදිතා වග්ගමානාව කම්පරෙ. ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6666. ඒ දෙදරුවෝ (මව පෙරමඟට එන) කන් හුවාගත් මුවපොවුවන් මෙන් මා දැකැ තුටු වූවාහු ප්‍රමුදිත වූවාහු අවටින් දුවනුවෝ පනනුවන් මෙන් මාගේ ළය සලති. ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
Pali BJT6667. ඡකලීව{1} මිගී ඡාපං පක්ඛී මුත්තාව පඤ්ජරා, ඔහාය පුත්තෙ නික්ඛමිං සිහීවාමිසගිද්ධිනි; ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6667. පැටවුන් පියා ගොදුරට ගිය එළු දෙනක මෙන් මුව පෙල්ලක මෙන් කැදැල්ල පියා ගිය කිරිල්ලක මෙන් ගොදුරට ගිජු වූ සිහ දෙනක මෙන් දරුවන් පියා (ආහාර සොයා) නික්මුණමු. ඒ මම ජාලිය කෘෂ්ණාජිනා දෙදරුවන් අද නො දක්මි.
Pali BJT6668. ඉදං තෙසං පරක්කන්තං නාගානමිව පබ්බතෙ, චිතකා පරිකිණ්ණායො{2} අස්සමස්සාවිදූරතො; ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6668. පර්‍වතයෙහි ඇතුන්ගේ පිය සටහන් සෙයින් මේ ඔවුන් කෙළැ ඇවිදි පියසටහන් පැනෙයි. අසපුව අබියෙසැ (ඔවුන් රැස් කළ) වැලිසෑයෝ විසූළහ. ඒ දැලිසිරු කන්සිරු දෙදෙන අද නො දක්මි.
Pali BJT6669. වාලුකායපි{3} ඔකිණ්ණා පුත්තකා පංසුකුණ්ඨිතා, සමන්තා මභිධාවන්ති තෙ න පස්සාමි දාරකෙ.
Sinhala BJT6669. පස් තවරගත් වැල්ලෙනුදු ගැවැසිගත් දරුවෝ මා සිසාරා දිවයෙති. ඒ දරුවන් නො දක්මි.
Pali BJT6670. යෙ මං පුරෙ පච්චුදෙන්ති{4} අරඤ්ඤාදූරමායතිං, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6670. පෙර දවස් යම් දරු කෙනෙක් වලින් එන මා දුරැදී මැ දැක පෙරමඟට එත් ද අද ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් නො දක්මි.
Pali BJT6671. ඡකලිංව මිගිං ඡාපා පච්චුග්ගන්ත්වාන අස්සමං, දූරෙ මං පටිවිලොකෙන්ති තෙ න පස්සාමි දාරකෙ.
Sinhala BJT6671. (ඔහු පෙර දවස්) අසපුවෙන් පෙරමඟට අවුත් මවු එළු දෙන මුව දෙන බලා සිටුනා පැටවුන් මෙන් දුරැ සිටැ මා බලති. ඒ දරුවන් නො දක්මි.
Pali BJT6672. ඉදං ච තෙසං කීළන්තං පතිතං පණ්ඩුබෙලුවං, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6672. මෙ ද ඔවුන් කෙළිබඬු වූ ගිලිහී වැටුණු විලිකුන් බෙලිපල යැ. ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් අද නො දක්මි.
Pali BJT6673. ථනා ච මය්හිමෙ පුරා උරො ච සම්පදාලති, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6673. මාගේ මෙ දෙතන කිරෙන් පිරුණහ. ළය පැළෙනු වැන්න. ඒ දැලිසිරු කන්සිරු දෙපුතුන් අද නො දක්මි.
Pali BJT6674. උච්ඡඞ්ගෙ මෙ විචිනන්ති ථනා එකාවලම්බති, ත්යජ්ජ පුත්තෙ න පස්සාමි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6674. එකෙක් මා හිණ සොයයි. එකෙක් තනය එල්බගනියි. ඒ දැලිසිරු කන්සිරු දෙදරුවන් අද නො දක්මි.
Pali BJT6675. යස්සු සායන්හසමයං පුත්තකා පංසුකුණ්ඨිතා, උච්ඡඞ්ගෙ මෙ විවත්තන්ති තෙ න පස්සාමි දාරකෙ.
Sinhala BJT6675. යම් දරු කෙනෙක් පස් වැකි සිරුරු ඇති වැ සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරැළෙත් ද ඒ දරුවන් නො දක්මි.
Pali BJT6676. අයං සො අස්සමො පුබ්බෙ සමජ්ජො පටිභාති මං, ත්යජ්ජ පුත්තෙ අපස්සන්ත්යා භමතෙ විය අස්සමො.
Sinhala BJT6676. පෙර දවස් (යම් අසපුවක්) කෙළිමඬුල්ලක් මෙන් මට වැටහුණේ වේ ද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නො දක්නා මට අසපුව භ්‍රමණය වන්නාක් මෙනි.
Pali BJT6677. කිමිදං අප්පසද්දොව අස්සමො පටිභාති මං, කාකොලාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6677. මෙ කිමෙකැ? අසපුව නිහඬ වැ මෙන් මට වැටහෙයි. වන කවුඩෝ ද නො හඬති. මාගේ දෙදරුවෝ මළාහු දෝ හෝ.
Pali BJT6678. කිමිදං අප්පසද්දොව අස්සමො පටිභාති මං, සකුණාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6678. මෙ කිමැ? අසපුව නිහඬ වැ මෙන් මට වැටහෙයි. සියොත්හු ද නො හඬති. මාගේ දරුවෝ මළාහු හෝ?
Pali BJT6679. කිමිදං තුණ්හීභූතොසි අපි රත්තෙව මෙ මනො, කාකොලාපි න වස්සන්ති මතා මෙ නූන දාරකා.
Sinhala BJT6679. මෙ කිම? නිහඬ වූයෙහි මාගේ සිත (සිහින දුටු) රාත්‍රියෙහි මෙනි. වනකවුඩෝ ද නො හඬති. මාගේ දරුවෝ මළහ හෝ?