Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7301-7400 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6482. මඤ්ඤෙ කණ්හාජිනං දාසිං ජාලිං දාසඤ්ච ඉච්ඡසි, අථවා තයො මාතාපුත්තෙ අරඤ්ඤා නෙතුමාගතො; න තස්ස භොගා විජ්ජන්ති ධනං ධඤ්ඤඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT6482. කෘෂ්ණාජිනා දැස් කොට ජාලිය දස් කොට රුස්නා වනැයි හඟිමි. නොහොත් මව යැ දෙදරු යැ යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයෙ වනැ යි හඟිමි. කොළ බමුණ, ඔහට භෝග නැත. ධනධාන්‍ය ද නැත.
Pali BJT6483. අකුද්ධරූපාහං භොතො නාහං යාචිතුමාගතො, සාධු දස්සනමරියානං සන්නිවාසො සදා සුඛො.
Sinhala BJT6483. මම භවත්හු විසින් නො කිපියයුතු සැහැවියෙමි. මම කිසිත් යදනට නො ආමි. ආර්‍ය්‍යයන්ගේ දැක්ම යහපත. ඔවුන් හා සමග විසීම හැමදා සුව යැ.
Pali BJT6484. අදිට්ඨපුබ්බො සිවිරාජා සිවීහි විප්පවාසිතො, තමහං දස්සනමාගතො යදි ජානාසි සංස මෙ.
Sinhala BJT6484. සිවිමහරජ යම් දවසෙකැ සිවීන් විසින් රටින් නෙරන ලද ද එ දවස් පටන් හෙ මා විසින් නුදුටුවිරූ යැ. එයින් මම ඔහු දක්නට අයිමි. ඉදින් දනු නම් මට කියව.
Pali BJT6485. එස සෙලො මහාබ්රහ්මෙ පබ්බතො ගන්ධමාදනො, යත්ථ වෙස්සන්තරො රාජා සහපුත්තෙහි සම්මති.
Sinhala BJT6485. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පව්ව යි.
Pali BJT6486. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසදඤ්ච මසං ජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6486. හේ තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා පුදයි.
Pali BJT6487. එතෙ නීලා පදිස්සන්ති නානාඵලධරා දුමා, උග්ගතා අබ්භකූටාව නීලා අඤ්ජනපබ්බතා.
Sinhala BJT6487. තෙල නිල්වන් වූ නොයෙක් පල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන්කුළු මෙන් පැනෙති.
Pali BJT6488. ධවස්සකණ්ණා ඛදිරා සාලාඵන්දනමාලුවා, සම්පවෙධන්ති වාතෙන සකිං පීතාව මාණවා.
Sinhala BJT6488. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.
Pali BJT6489. උපරි දුමපරියායෙසු සංගීතියොව සූයරෙ, නජ්ජුහා කොකිලසඞ්ඝා සම්පතන්ති දුමා දුමං.
Sinhala BJT6489. රුක්අතු මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුගණා හා කෙවිලිගණා ගසින් ගසට පනිති.
Pali BJT6490. අව්හයන්තෙව ගච්ඡන්තං සාඛාපත්තසමෙරිතා,{1} රමයන්තෙව ආගන්තුං මොදයන්ති නිවාසිනං; යත්ථ වෙස්සන්තරො රාජා සහ පුත්තෙහි සම්මති.
Sinhala BJT6490. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේ ද (එහි) පවනින් සැලෙන තුරුසාපත් තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එනුවහු රමණය කරනුවන් වැන්නහ. නිති වසන දනන් තුටු කරනුවහ.
Pali BJT6491. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසදඤ්ච මසං ජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6491. (එරජ එහි) තවුස්වෙස් ද පලවැළ නෙළන අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් හඳනුයෙ බිමැ (පත් ඇතිරියෙහි) සයන කෙරෙයි, ගිනිදෙවියා නමදී.
Pali BJT6492. කරෙරිමාලා විතතා භූමිභාගෙ මනොරමෙ, සද්දලාහරිතා භූමි න තත්ථුද්ධංසතෙ රජො.
Sinhala BJT6492. (එ වෙනෙහි) සිත්කලු බිම්පෙදෙස්හි පැතිරැ සිටි හෙළගිරිතිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් වූයේ යැ. එ බිමැ ධූලි නො නැඟෙයි.
Pali BJT6493. මයූරගීවසඞ්කාසා තූලඵස්සසමූපමා, තිණානි නාතිවත්තන්ති සමන්තා චතුරඞ්ගුලා.
Sinhala BJT6493. මොනරකර බඳු වූ හිඹුල්පුළුන් පහස් සම උපමා ඇති තෘණයෝ හාත්පස්හි සතරඟුල් ඉක්ම නො වැඩෙති.
Pali BJT6494. අම්බා ජම්බූ කපිත්ථා ච නීචෙ පක්කා උදුම්බරා, පරිභොගෙහි රුක්ඛෙහි වනං තං රතිවඩ්ඪනං.
Sinhala BJT6494.අඹ දඹ ගිවුලු ද මිටිරුක්හි විලිකුන් දිඹුල් ද ඇත. (නොයෙක් මල්පලයෙන් සැදි) පරිභෝග වෘක්‍ෂයෙන් එ වන ඇලුම් වඩයි.
Pali BJT6495. වෙළුරියවණ්ණූපනිභං මච්ඡගුම්බනිසවිතං, සුචිං සුගන්ධං සලිලං ආපො තත්ථපි සන්දති.
Sinhala BJT6495. මස්කැලන් විසින් නිති සෙවුනාලද වෙරළුමිණි වන් පැහැ ඇති පිරිසිදු සුවඳ සිලිල් ඇති (කඳුරැලියෙන් බස්නා) දියදහර එ වනළැව්හි ගළායෙයි.
Pali BJT6496. තස්සාවිදූරෙ පොක්ඛරණී භූමිභාගෙ මනොරමෙ, පදුමුප්පලසඤ්ඡන්නා දෙවානමිව නන්දනෙ.
Sinhala BJT6496. එයට නුදුරෙහි මනරම් බිම්පෙදෙසකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලින් සැදි පොකුණෙක් ඇත.
Pali BJT6497. තීණි උප්පලජාතානි තස්මිං සරසි බ්රාහ්මණ, විචිත්ර නීලානෙකානී සෙතා ලොහිතකානි ච.
Sinhala BJT6497. බමුණ, එ සිවුරැස් පොකුණෙහි තුන් උපුල්ජාතියක් ඇත. එක් ජාතියක් නිල්පැහැ වෙයි, එක් ජාතියක් සුදුපැහැ වෙයි, එක් ජාතියක් ලේපැහැ වෙයි, එ පොකුණ විසිතුරු යැ.
Pali BJT6498. ඛොමා ච තත්ථ පදුමා සෙතයොගන්ධිකෙහි ච, කලම්බකෙහි{1} සඤ්ඡන්නො මුචලින්දො නාම සො සරො.
Sinhala BJT6498. බමුණ, ඒ වනළැහැබ්හි විලෙකුදු ඇත.{*} ඒ විලැ හෙළපියුම්හු හෙළ පිළී අතුළ තැන් වැනියහ. හෙළුපුලින් හා හෙල්මැල්ලෙන් ද දියකූරයෙන් ද ගැවසුණෙ යැ. එ විල මුචලින්‍ද නමැ.
Pali BJT6499. අථෙත්ථ පදුමා ඵුල්ලා අපරියන්තාව{2} දිස්සරෙ, ගිම්හා හෙමන්තිකා ඵුල්ලා ජණ්ණුතග්ඝාඋපත්ථරා.
Sinhala BJT6499. තවද ඒ මුදලිඳු විල්හි පිපි පියුම්හු කෙළවර නැත්තවුන් මෙන් පෙනෙන්නාහ. ගිමන් හිමත් ඍතුයෙහි වූ පිපි පියුම්හු දණ පමණ දියෙහි පැතිරැ සිටිති.
Pali BJT6500. සුරභී සම්පවායන්ති විචිත්තා පුප්ඵසන්ථතා, භමරා පුප්ඵගන්ධෙන සමන්තාමභිනාදිතා.
Sinhala BJT6500. විසිතුරු මල්පතර සුවඳ පතුරුවයි. බමරු මල්ගඳින් හාත්පසැ අභිනාද කෙරෙති.
Pali BJT6501. අථෙත්ථ උදකන්තස්මිං රුක්ඛා තිට්ඨන්ති බ්රාහ්මණ, කදම්බා පාටලි ඵුල්ලා කොවිළාරා ච පුප්ඵිතා.
Sinhala BJT6501. තවද බමුණ, ඒ විල්දිය කෙළවරැ වෘක්‍ෂයෝ පවතිත්, සුපිපි කොළොම් රුක් යැ පළොල් රුක් යැ පිපි කොබලිල රුක් යැ.
Pali BJT6502. අඞ්කොලා කච්චිකාරා ච පාරිජඤ්ඤා ච පුප්ඵිතා, වාරණසායනා රුක්ඛා මුචලින්දමභිතො{3} සරං.
Sinhala BJT6502. අඟුණ රුක් යැ වැලකිණිහිරි යැ කරගස් යැ එරබදු යැ නාරුක් යැ යන මෙ රුක් මුදලිඳු විල් වට පිපී සිටි.
Pali BJT6503. සිරීසා සෙතපාරීසා සාධු වායන්ති පද්මකා, නිග්ගුණ්ඩී සිරිනිග්ගුණ්ඩී අසනා චෙත්ථ පුප්ඵිතා.
Sinhala BJT6503. මහරි යැ හෙළපළු යැ පියුම්ගස් යැ යන් මෙ රුක් මනා සුවඳ හමයි, මහනික ද සුළුනික ද පියාරුක් ද එහි පිපි වන සිටී.
Pali BJT6504. පංගුරා වකුලා සාලා{1} සොභඤ්ජනා ච පුප්ඵිතා, කෙතකා කණිකාරා ච කණවෙරා ච පුප්ඵිතා.
Sinhala BJT6504. පඟුරු යැ මුහුළු යැ සල් යැ මුරුංගා යැ යන මෙ රුක් පිපී සිටී. දුනුකේගස් ද කිණිහිරිගස් ද කණේරුගස් ද පිපි වන සිටී.
Pali BJT6505. අජ්ජුනා අජ්ජුකණ්ණා ච මහානාමා ච පුප්ඵිතා, සම්පුප්ඵිතග්ගා{2} තිට්ඨන්ති පජ්ජලන්තෙව කිංසුකා.
Sinhala BJT6505. මහකුඹුක් ද සුළුකුඹුක් ද මහඋක් ද පිපි වන සිටියි, මොනොවට පිපි අග ඇති කෑලරුක්හු දිලියෙන අඟුරු මෙන් සිටිති.
Pali BJT6506. සෙතපණ්ණී{3} සත්තපණ්ණා කදලියො කුසුම්භරා, ධනුතක්කාරි පුප්ඵෙහි සිංසපාවරණෙහි{4} ච.
Sinhala BJT6506. ඇත්දෙමට යැ සත්පත් (රුක්අත්තන) යැ කඳල යැ වනුක් යැ දුනුවලලා හා තිටිඟ යැ යන රුක්මලින් ද ඇට්ටර හා වරණ රුකින් ද එ වන හොබී.
Pali BJT6507. අච්ඡිවා සබලා රුක්ඛා සල්ලකියො ච පුප්ඵිතා. සෙතගෙරූ ච තගරා මංසිකුට්ඨා කුලාවරා.
Sinhala BJT6507. අසුගස් ද තෙලඹු රුක් ද හින්සල් රුක් ද පිපි වන සිටියි. හෙළවසුරුවක් ද තුවරලා ද මැසිගස් ද උපුල්කොළ ද කුලුවරගස් ද ඇත.
Pali BJT6508. දහරා ච රුක්ඛා වුද්ධා ච අකුටිලා චෙත්ථ පුප්ඵිතා, අස්සමං උභතො ඨන්ති අග්යාගාරං සමන්තතො.
Sinhala BJT6508. එ වෙනෙහි ඍජු වූ ද පිපියා වූ ද තරුණ රුක් ද මහලු රුක් ද අසපුව දෙපසැ ද ගිනිහල්ගෙය සිසාරා ද සිටී.
Pali BJT6509. අථෙත්ථ උදකන්තස්මිං බහුජාතො ඵජ්ජණිකො, මුග්ගතියො කරතියො සෙවාලසිංසකං බහූ.
Sinhala BJT6509. තවද එ විල්හි උදකාන්තයෙහි බහුල වැ හටගත් දමුණු (දඹල) ද ඇත. සිහින්මුඟු ද මහමෑ ද කටුකොහොවිල ද බෙහෙවැ.
Pali BJT6510. උද්දාපවන්තං{5} උල්ලුළිතං මක්ඛිකා භිංගුජාලකා, දාසීමකචකො{6} චෙත්ථ බහූ නීවෙකලම්බකා.
Sinhala BJT6510. (එ විල) මියර ඇතියෙ යැ. වාතයෙන් අලළන ලද්දේ යැ. මීමැස්සන් නද දෙන මල්පිපි හුඟුගස් හා රත්කරව්ගස් ඇතියෙ යැ. සුළු අංගෙන්ද මහඅංගෙන්ද හුරුකලන්ද රුක් මෙහි බෙහෙවැ.
Pali BJT6511. ඵළම්බරකසඤ්ඡන්තා රුක්ඛා තිට්ඨන්ති බ්රාහ්මණ, සත්තාහං ධාරියමානානං ගන්ධො තෙසං න ඡිජ්ජති.
Sinhala BJT6511. බමුණ, හෙළ කලවැලින් ගැවැසිගත් වෘක්‍ෂයෝ සිටිති. සත්දවසක් මුළුල්ලෙහි ධරනුලබන ඒ (දාසී මකචකාදි) කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.
Pali BJT6512. උභතො සරං මුචලින්දං පුප්ඵා තිට්ඨන්ති සොභනා,{7} ඉන්දීවරෙහි සඤ්ඡන්නං වනං තං උපසොභිතං.{8} අඩ්ඪමාසං ධාරියමානානං ගන්ධො තෙසං න ඡිජ්ජති.
Sinhala BJT6512. මුදලිඳු විල් දෙපසැ හොබනා කුසුම් පවති. එරහැඳි රුකින් සැදි එ වන හොබනෙ යැ. අඩමසක් මුළුල්ලෙහි ධරනු ලබන ඒ එරහැඳි ආදී කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.
Pali BJT6513. නීලපුප්ඵි සෙතවාරී පුප්ඵිතා ගිරිකණ්ණිකා; කටෙරුකෙහි{9} සඤ්ඡන්නං වනං තං තුලසීභි ච.
Sinhala BJT6513. (එහි) පිපියා වූ දියමෙරලිය සෙතවාරි නිල්කටරොළු ඇත. එ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුණෙ යැ.
Pali BJT6514. සද්දම්මතෙව ගන්ධෙන පුප්ඵසාඛාහි තං වනං, භමරා පුප්ඵගන්ධෙන සමන්තාමභිනාදිතා.
Sinhala BJT6514. එ වනය මල් අත්තෙන් පවත්නා ගඳින් (පැමිණි දනන්) මද දනවා මැ යි. මල්ගඳින් හාත්පසැ නද දෙන බමරු වෙති.
Pali BJT6515. තීණිකක්කරුජාතානි{1} තස්මිං සරසි බ්රාහ්මණ, කුම්භමත්තානි චෙකානි මුරජමත්තානි{2} තා උභො.
Sinhala BJT6515. බමුණ, ඒ විල් අසැ තුන් කැකිරි ජාතියෙකැ . එක් ජාතියක් කළ පමණ වෙයි. දෙ ජාතියක් මිහිඟුබෙර පමණ වෙයි.
Pali BJT6516. අථෙත්ථ සාසපො බහුකො{3} නාදියො{4} හරිතායුතො, අසී තාලාව තිට්ඨන්ති ඡෙජ්ජා ඉන්දීවරා බහූ.
Sinhala BJT6516. තවද ඒ අසපු අබියෙස අබ ද හරිතායුත යැ නාදිය යැ යන ලුහුණු ද බෙහෙව. ඉඳිරුක්හු තල්රුක් මෙන් සිටිති. මිටින් සිඳැලියැහැකි රන් එරහැඳි බෙහෙව.
Pali BJT6517. අප්ඵොටා සුරියවල්ලී ච කාළියා{5} මධුගන්ධියා, අසොකා මුදයන්තී ච වල්ලිභො ඛුද්දපුප්ඵියො.
Sinhala BJT6517. ගැහැවි සමණවැල් ද හිරිවැල් ද කෑලිය ද මිහිගෙඳි ද හෝපලු ද නීතු ද ලබුකොමඬු ද හිඟිනි රුක් ද,
Pali BJT6518. කොරණ්ඩකා අනොජා ච පුප්ඵිතා නාගවල්ලිකා, රුක්ඛමාරුය්හ තිට්ඨන්ති ඵුල්ලා කිංසුකවල්ලියො.
Sinhala BJT6518. කටුකරඬු ද අනෝජා ද පිපී සිටියහ. නාලිය ද හිරමුසු වැල් ද ගස් නැඟ පිපිවන මැ සිටිති.
Pali BJT6519. කටෙරුහා ච වාසන්තී යූථිකා{6} මධුගන්ධියො, නීලියා සුමනා භණ්ඩී සොභති පදුමුත්තරො.
Sinhala BJT6519. රන්කටුකරඬු ද වෑකොඳ ද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද යොහොඹු ද ගඳඇඹුලු ද යන මේ රුකින් එ වන හොබී.
Pali BJT6520. පාටලී සමුද්දකප්පාසි කණිකාරා ච පුප්ඵිතා, හෙමජාලාව දිස්සන්ති රුචිරා අග්ගිසිඛූපමා.
Sinhala BJT6520. පළොල් ද සුරිදුගස් ද කිණිහිරිගස් ද පිපියාහු රුසිරු ගිනිසිළු වැන්නහ. එළාලූ රන්දැල් මෙන් පැනෙති.
Pali BJT6521. යානි කානි{7} ච පුප්ඵානි ථලජානුදකානි ච, සබ්බානි තත්ථ දිස්සන්ති එවං රම්මො මහොදධි.
Sinhala BJT6521. දිය ගොඩැ උපදනා යම් කිසි කුසුමයෙක් ඇද්ද එහැම කුසුම් ඒ විල්හි පැනෙති. මහදියකඳ දරන මුදලිඳු විල මෙසේ රමණී වෙයි.
Pali BJT6522. අථස්සා පොක්ඛරණියා පහූතා වාරිගොචරා, රොහිතා නළපී{8} සිඞ්ගු කුම්භීලා මකරා සුසු.
Sinhala BJT6522. තවද ඒ මුදලිඳු විල්හි දිය ගොදුරු කොට ඇති, රෙහෙමස්හු ද ඉස්සෝ ද සුඟුමස්හු ද කිඹුලෝ ද මෝරු ද සුංසුමාරයෝ ද බොහෝ වෙති.
Pali BJT6523. මධූ ච මධුලට්ඨි ච තාලීසා ච පියඞ්ගුකා, උන්නකා භද්දමුත්තා ච{9} සතපුප්ඵා{10} ච ලොලුපා.
Sinhala BJT6523. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවඟු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලෝලුප ද,
Pali BJT6524. සුරභී ච රුක්ඛා තගරා{11} පහූතා තුඞ්ගවණ්ටකා,{12} පද්මකා නරදා කුට්ඨා ඣාමකා ච හරෙණුකා.
Sinhala BJT6524. තුවරලා යැ තුංගවණ්ටක යැ පද්මක යැ නරද යැ කුට්ඨ යැ ඣාමක යැ හරේණුක යැ යන සුවඳ රුක් බෙහෙව.
Pali BJT6525. හලිද්දකා ගන්ධසිලා හිරිවෙරා ච ගුග්ගුලා, විභෙදිකා{13} චොරකා කුට්ඨා කප්පූරා ච කලිඞ්ගු ච.{14}
Sinhala BJT6525. දෙ කසා ද සිරියෙල් ද හිරිවේරිය ද ගුගුල් ද විභේදිකා ද සොරමල ද තකුල් ද කපුරු ද කිලිඟු ද බෙහෙව.
Pali BJT6526. අථෙත්ථ සීහව්යග්ඝා ච පුරිසාලූ ච හත්ථියො,{15} එණෙය්යා පසදා චෙව රොහිච්චා සරභා මිගා.
Sinhala BJT6526. තවද ඒ වෙනෙහි සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වෙළඹ මුව පක්‍ෂීහු ද ඇත්හු ද එණි මුවන් හා පසද මුවෝ ද රෙහෙ මුවන් හා සරභ මුවෝ ද,
Pali BJT6527. කොට්ඨුසුණා සුලොපී ච{1} තුලියා නළසන්නිභා, චමරී චලනී ලඞ්ඝි{2} ඣාපිතා මක්කටා පිචු,
Sinhala BJT6527. කැනහිල්ලු ද කොක්නහවෝ ද ගිජුනහවෝ ද පියා බළල්ලු ද රුක්නහවෝ ද සෙමරහු ද තිත්මුවෝ ද වාමුවෝ ද මහකළුවඳුරෝ ද හැලිවඳුරෝ ද රිලාවඳුරෝ ද,
Pali BJT6528. කක්කටා කතමායා ච{3} ඉක්කා ගොණසිරා බහූ, ඛග්ගා වරාහා නකුලා කාළකෙත්ථ බහූතසො.
Sinhala BJT6528. ගෝණහු ද හඟමොරලියෝ ද වලස්සු ද දඩගෝණහු ද බොහෝ වෙති. කගවෙහෙණහු ද හූරෝ ද මුගටියෝ ද කළවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති.
Pali BJT6529. මහිසා සොණා සිගාලා ච පම්පකා ච සමන්තතො, ආකුච්චා පචලාකා ච චිත්රකා චාපි දීපියො.
Sinhala BJT6529. මිහිවෝ ද රුක්නහවෝ ද සිවල්හු ද උණහපුළුවෝ ද හාත්පසැ ඇවිදුනා ගොයි ද ගජකුඹුවෝ ද චිත්‍රකයෝ ද දිවියෝ ද මෙහි බොහෝ වෙති.
Pali BJT6530. පෙලකා ච විඝාසාදා සීහා කොකනිසාතකා, අට්ඨපාදා ච මොරා ච භස්සරා ච කුකුත්ථකා,{4}
Sinhala BJT6530. සාවෝ ද සිනිඹිල්ලෝද සිංහයෝ ද කොක්නහනුවෝ ද සරභමුවෝ ද රනමොනරු ද ශ්වේතහංසයෝ ද මහසිනිඹිල්ලෝ ද,
Pali BJT6531. වඞ්කොරා කුක්කුටා නාගා අඤ්ඤමඤ්ඤං පකූජිනො, බකා බලාකා නජ්ජුහා දින්දිභා කුඤ්ජවාදිකා.
Sinhala BJT6531. සුවර ලිහිණියෝ ද වනසැවුලෝ ද ඇත්තු ද ඔවුනොවුන්ට රැව්පිළිරැව් දෙන කණකොක්හු ද හෙළකොක්හු ද බස්සෝ ද කිරල්හු ද කොස්ලිහිණියෝ ද දියකාවෝ ද,
Pali BJT6532. ව්යග්ඝීනසා ලොහපිට්ඨා පම්පකා{5} ජීවජීවකා, කපිඤ්ජරා තිත්තිරායො කුලාවා පටිකුත්තකා,
Sinhala BJT6532. උකුස්සෝ ද රත්කොරළුවෝ ද හුණුපුපුළුවෝ ද ‘ජීව ජීව’ යි හඬන ජීවංජීවක ලිහිණියෝ ද කපිඤ්ජර නම් ලිහිණියෝ ද තිත්වටුවෝ ද වඩුකුරුල්ලෝ ද බටු කුරුල්ලෝ ද,
Pali BJT6533. මද්දාලකා චෙලකෙදු භණ්ඩුතිත්තිරනාමකා, වෙලාබකා පිඞ්ගුලායො ගොධකා{6} අඞ්ගහෙතුකා,
Sinhala BJT6533. මද්දාලකයෝ ද සලපිඤ්ජෝ ද මහසැළලිහිණියෝ ද තිත්වටුවෝ ද දනවුලිහිණියෝ ද පිඟුහැලි ලිහිණියෝ ද ගෝලිහිණියෝ ද අඟුහැලි ලිහිණියෝ ද,
Pali BJT6534. කරවීයා ච{7} වග්ගා ච උහුඞ්කාරා ච කුක්කුභා, නානාදිජගණාකිණ්ණං නානාසරනිකුජ්ජිතං.
Sinhala BJT6534. කරවී ලිහිණියෝ ද වැසිලිහිණියෝ ද මහමුහුණෝ ද ඇටිකුකුළෝ ද එ වෙනෙහි බොහෝ වෙති. එ වනය නොයෙක් සියොත්ගණ විසින් ගැවැසිගත්තෙ යැ. නොයෙක් සරින් කුල්නා ලද්දේ යැ.
Pali BJT6535. අථෙත්ථ සකුණා සන්ති නීලකා{8} මඤජුභාණකා, මොදන්ති සභ භරියාහි අඤ්ඤමඤ්ඤං පකූජිනො.
Sinhala BJT6535. තවද එ වෙනෙහි මියුරු හඬ ඇති චිත්‍රරාජිශතපත්‍ර ලිහිණියෝ ඇත. ඔහු ඔවුනොවුනට රැව්දෙමින් ලිහිණි දෙනුන් හා සමග තුටු වෙති.
Pali BJT6536. අථෙත්ථ සකුණා සන්තී දිජා මඤ්ජුස්සරා සිතා, සෙතච්ඡකූටා{9} භද්රක්ඛා අණ්ඩජා චිත්රපෙක්ඛුණා.{10}
Sinhala BJT6536. තවද එහි ලිහිණි කෙනෙක් ඇත. ඒ ලිහිණියෝ නිබඳ මියුරු හඬ ඇතියහ. සුදුපැහැ නෙත්කණ ඇතියහ. සොඳුරු ඇස් ඇතියහ. බිජුවටින් ජනිතයහ. විසිතුරු පත් ඇතියහ.
Pali BJT6537. අථෙත්ථ සකුණා සන්තී දිජාමඤ්ජුස්සරා සිතා, සිඛණ්ඩිනීලගීවාහි අඤ්ඤමඤ්ඤං පකූජිනො.
Sinhala BJT6537. තවද එහි ලිහිණියෝ ඇත. ඔහු නිබඳ මියුරු සර ඇතියහ. සිළු ඇතියහ. නිල්ගල ඇතියහ. ඔවුනොවුනට රැව් දෙන්නාහ.
Pali BJT6538. කුකුත්ථකා{11} කුලීරකා කොට්ඨා පොක්ඛරසාතකා,{12} කාළාමෙය්යා ඛලීයක්ඛා{13} කදම්බා සුවසාළිකා.
Sinhala BJT6538. කළු තලල් ලිහිණියෝ ද කුකුළෝ ද කොට්ඨ සකුණයෝ ද තල්රෙහෙරහු ද කලලොහොල්ලෝ ද කළුහොල ලිහිණියෝ ද දියකෙරළියෝ ද ගිරවු ද සැළලිහිණියෝ ද,
Pali BJT6539. හලිද්දා ලොහිතා සෙතා අථෙත්ථ නළකා බහු, වාරණා හිඞ්ගුරාජා ච කදම්බා සුචිකොකිලා,
Sinhala BJT6539. තවද එහි කහ කුරුල්ලෝ ද තඹතොලුවෝ ද සුදු ලිහිණියෝ ද නළක ලිහිණියෝ ද ඇත්ගිජුලිහිණියෝ ද හිංගුරාජයෝ ද මහදියකෙරැළියෝ ද සමග වැ සරන ගිරා කොවුල්හු ද,
Pali BJT6540. උක්කුසා කුරරා{1} හංසා ආටා පරිවදන්තිකා, පාකහංසා{2} අතිබලා නජ්ජූහා ජීවජීවකා,
Sinhala BJT6540. කළු උකුස්සෝ ද හෙළ උකුස්සෝ ද හංසයෝ ද සැදිමුව ලිහිණියෝ ද පරිවදන්තික ලිහිණියෝ ද පාකහංසයෝ ද අතිබල ලිහිණියෝ ද වලිකුකුළෝ ද ජීවජීවකයෝ ද,
Pali BJT6541. පාරෙවතා රවිහංසා චක්කවාකා{3} නදීචරා, වාරණාභිරුදා රම්මා උභො කාලූපකූජිනො.
Sinhala BJT6541. පරෙවියෝ ද හැල්බෝ ද නදියෙහි සරන සක්වාවෝ ද දෙවරුයෙහි මැ රැව් දෙන මනා හඬ ඇති ඇත්ගිජුලිහිණියෝ ද එ විල්හි බොහෝ වෙති.
Pali BJT6542. අථෙත්ථ සකුණා සන්ති නානාවණ්ණා බහූ දිජා, මොදන්ති සභ භරියාහි අඤ්ඤමඤ්ඤං පකූජිනො.
Sinhala BJT6542. මෙහි නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීතවෙති.
Pali BJT6543. අථෙත්ථ සකුණා සන්ති නානාවණ්ණා බහූ දිජා, සබ්බෙ{4} මඤ්ජූනි කූජන්ති මුචලින්දමභිතො{5} සරං.
Sinhala BJT6543. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහ.
Pali BJT6544. අථෙත්ථ සකුණා සන්ති කරවීයා නාම තෙ දිජා, මොදන්ති සභ භරියාහි අඤ්ඤමඤ්ඤං පකූජිනො.
Sinhala BJT6544. මෙහි කුරවී කෙවිල්ලෝ නම් පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීත වෙති.
Pali BJT6545. අථෙත්ථ සකුණා සන්ති කරවීයා නාම තෙ දිජා, සබ්බෙ මඤ්ජූනි කූජන්ති මුචලින්දමභිතො සරං.
Sinhala BJT6545. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට කුරවීකෙවිල්ලෝ නම් පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහු ප්‍රීත වෙති.
Pali BJT6546. එණෙය්යපසදාකිණ්ණං නාගසංසෙවිතං වනං, නානාලතාහි සඤ්ඡන්නං කදලීමිගසෙවිතං.
Sinhala BJT6546. එ වනය ඒණිමුවන් හා පසදමුවන් විසින් ගැවසි ගත්තේ යැ. ඇතුන් විසින් සෙවුනාලද්දෙ යැ, නන්ලියෙන් වැසුණෙ යැ, කෙහෙල් මුවන් විසින් සෙවුනාලද්දෙ යැ.
Pali BJT6547. අථෙත්ථ සාසපො බහුකො{6} නීවාරො වරකො බහු, සාලී අකට්ඨපාකො ච උච්ඡු තත්ථ අනප්පකො.
Sinhala BJT6547. තවද එ වෙනෙහි අබ බෙහෙව. හූරුහැල් ද වරාසොර ද බෙහෙව. නො සාපු තන්හි පැසුණු (සයංජාත) හැලුදු වනමුල් වනඵල ද එ වෙනෙහි නො මඳ වෙති.
Pali BJT6548. අයං එකපදී එති උජුං ගච්ඡති අස්සමං, ඛුදං පිපාසං අරතිං තත්ථ පත්තො න වින්දති: යත්ථ වෙස්සන්තරො රාජා සහ පුත්තෙහි සම්මති.
Sinhala BJT6548. මේ එක්පිය මඟ අප සිටි තැන් බලා එයි. අසපුවට ඉඳුරා යෙයි. යම් අසපුයෙකැ වෙසතුරු මහරජ අඹුදරුවන් සමග වාස කෙරේ ද එ අසපුවට පැමිණියේ සා පවස් උකටලී නො ලැබෙයි.
Pali BJT6549. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසඤ්ච මසං ජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6549. හේ තවුස්වෙස් ද (මල්පල නෙලන) අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුම්දිවිසම් හඳනෙ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදි යි.
Pali BJT6550. ඉදං සුත්වා බ්රහ්මබන්ධු ඉසිං කත්වා පදක්ඛිණං, උදග්ගචිත්තො පක්කාමි යත්ථ වෙස්සන්තරො අහූ.
Sinhala BJT6550. එ බමුණු මෙ වදන් අසා තවුසා පැදකුණු කොට ඔද වැඩි සිතැතියේ යම් තැනෙකැ වෙසතුරු මහරජ වී ද එ තැනට පිටත් වැ ගියේ.
Pali BJTමහාවනවණ්ණනා නිට්ඨිතා.
Sinhala BJTමහවන වැනුම යි.
Pali BJT6551. උට්ඨෙහි ජාලි පතිතිට්ඨ පොරාණං විය දිස්සති, බ්රාහ්මණං විය පස්සාමි නන්දියො මාභිකීරරෙ.
Sinhala BJT6551. දැලිසිර නැඟී සිටු, පෙරගමන් යා. පෙර (ජයතුරා නුවර යදියකු මෙන්) දසුනක් පැනෙයි. බමුණකු මෙන් දක්මි. සොම්නස්හු මා සිත පැතිරෙති.
Pali BJT6552. අහංපි තාත පස්සාමි යො සො බ්රහ්මාව දිස්සති,{1} අත්ථිකො{2} විය ආයාති අතිථී නො භවිස්සති.
Sinhala BJT6552. පියාණෙනි, මම ද දක්මි. යමෙක් බමුණකු මෙන් පැනේ ද හේ ඉලියනුවකු සෙයින් එයි. හේ අපට අමුත්තෙක් වන්නෙ යි.
Pali BJT6553. කච්චින්නු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි උඤ්ඡෙන යාපෙථ කච්චි මූලඵලා බහු.
Sinhala BJT6553. කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමුල් වනපෙලෙන් යැපෙයි ද? කිම අලපල බොහෝ ඇද්ද?
Pali BJT6554. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා,{3} වනෙ වාළමිගාකිණ්ණෙ කච්චි හිංසා න විජ්ජති.
Sinhala BJT6554. කිම මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම (උන්ගෙන් වන) හිංසා නැද්ද?
Pali BJT6555. කුසලඤ්චෙව නො බ්රහ්මෙ අථො බ්රහ්මෙ අනාමයං, අථො උඤ්ඡෙන යාපෙම අථො මූලඵලා බහු.
Sinhala BJT6555. බමුණ, අපට රෝග නැත් මැ යැ. තවද බමුණ දුකුදු නැත. වනමුල් වනපලයෙන් යැපෙමි. අලපල බොහෝ ඇත.
Pali BJT6556. අථො ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ්ණෙ හිංසා අම්හං{4} න විජ්ජති.
Sinhala BJT6556. තවද මැසිමදුරුවෝ ද උරගජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන් විසින් ගැවැසිගත් වෙනෙහි අපට උන්ගෙන් හිංසා නො පැනෙයි.
Pali BJT6557. සත්ත නො මාසෙ වසතං අරඤ්ඤෙ ජීවසොකිනං, ඉදම්පි පඨමං පස්සාම බ්රාහ්මණං දෙවවණ්ණිනං; ආදාය ඛෙළුවං දණ්ඩං අග්ගිහුත්තං කමණ්ඩලුං.
Sinhala BJT6557. සත්මසක් කල් අරනෙහි වසන ජීවශෝකී අප වසන තැනට බෙලිපැහැ හුණදඬුව ද ගිනිපුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන ආ දෙවියන් විසින් වනන ලද මෙ බමුණහු පළමු කොට දක්මහ.
Pali BJT6558. ස්වාගතං තෙ මහාබ්රහ්මෙ අථො තෙ අදුරාගතං, අන්තො පවිස භද්දන්තෙ පදෙ පක්ඛාලයස්සු තෙ
Sinhala BJT6558. බමුණ, තොපගේ මනා ඊමෙකැ, තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. භවත, තොපගේ පාසඟළ ධොවනය කරව. පන්සල ඇතුළට පිවිසෙව.
Pali BJT6559. තින්දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ බ්රහ්මෙ වරං වරං,
Sinhala BJT6559. තිඹිරි යැ පියල් යැ මිහි යැ කටුඑරමිණිය යැ යන ඵලයෝ ද දඬුවෙල්බැ මී ද ඇත. බමුණ උතුම් උතුම් දැය වළඳව.
Pali BJT6560. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිච මහාබ්රහ්මෙ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT6560. මෙ කළෙහි පැනුදු සිහිල, ගල්කුසින් බට හොයින් අළියෙ යැ, බමුණ, ඉදින් තෙපි බියැටියවු නම් එයින් ගෙන බොව.
Pali BJT6561. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, අනුප්පත්තො බ්රහාරඤ්ඤං තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT6561. තවද තෙපි කවර කරුණෙකින් හෝ කවර හේතුයෙකින් හෝ මහවලට පැමිණියවු ද? මා විසින් පුළුවුස්නාලදහු එය මට කියව.
Pali BJT6562. යථා වාරිවහො පූරො සබ්බකාලෙ න ඛීයති, එවං තං යාචිතාගඤ්ඡිං{5} පුත්තෙ මෙ දෙහි යාචිතො.
Sinhala BJT6562. යම් සේ (පස්මහනදියෙහි) පිරුණු දියකඳ හැම කල්හි නො ගෙවේ ද එවන් (නො ගෙවෙන සැදැහැති) තොප අයදනට අයිමි. අයදනාලද තෙපි මට දෙදරුවන් දෙව.
Pali BJT6563. දදාමි න විකම්පාමි ඉස්සරො නය බ්රාහ්මණ. පාතො ගතා රාජපුත්ති සායං උඤ්ඡාතො එහීති.{1}
Sinhala BJT6563. බමුණ (දෙදරුවන්) දෙමි. කම්පා නො වෙමි. ස්වාමි වැ ගෙනයව. (කිවයුත්තෙක් ඇති.) රදූ (පලවැළයට) උදය මැ ගියා. සවසැ අරනෙන් එයි.
Pali BJT6564. එකරත්තිං වසිත්වාන පාතො ගච්ඡසි බ්රාහ්මණ, තස්සා නහාතෙ උපඝාතෙ අථ නෙ මාලධාරිනෙ.
Sinhala BJT6564. බමුණ, අද එක්රැයක් මෙහි වැසැ අලුයමැ යව. ඒ මද්‍රීය විසින් නහවන ලද මුදුන සිප සනහන ලද තවද මල්දම් පැලැඳි,
Pali BJT6565. එකරත්තිං වසිත්වාන පාතො ගච්ඡසි බ්රාහ්මණ, නානාපුප්ඵෙහි සඤ්ඡන්නෙ නානාගන්ධවිභූසිතෙ; නානාමූලඵලාකිණ්ණෙ ගච්ඡිස්සාදාය{2} බ්රාහ්මණ.
Sinhala BJT6565. නොයෙක් සුවඳ කුසුමින් සදන ලද, නොයෙක් සුවඳ විලෙවුනින් සරසන ලද (මඟ අහරට දුන්) නොයෙක් අලපලයෙන් යුතු දෙදරුවන් ගෙන යව.
Pali BJT6566. න වාසමභිරොචාමි ගමනං මය්හ රුච්චති, අන්තරායොපි මෙ අස්ස ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6566. රජතුමනි, (මෙහි එක්රැයක්) විසීම නො රුස්නෙමි. ගමන් මැ මට රිසියෙයි. (මෙහි විසුව) මට ලාභාන්තරාය ද වෙයි. එහෙයින් යන්නෙම් මැ යැ.
Pali BJT6567. න හෙතා යාචයොගී නං අන්තරායස්ස කාරියා,{3} ඉත්ථියො{4} මන්තං ජානන්තී සබ්බං ගණ්හන්ති වාමතො.
Sinhala BJT6567. තෙල මාගම්හු අයදමට නිසි නො වෙති. පුණ්‍යාන්තරාය ද ලාභාන්තරාය ද කෙරෙති. මායා මන්ත්‍ර දනිති. හැම අවැඩ හෙයින් ගනිති.
Pali BJT6568. සද්ධාය දානං දදතො මාසං අද්දක්ඛි{5} මාතරං, අන්තරායම්පි සා කයිරා ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6568. සැදැහැයෙන් දන් දෙනුවහු මොවුන් මව නො දක්ව. හෝ (මොවුන් දුටු නම්) දනට අන්තරාය ද කරන්නී යැ. එහෙයින් රජතුමනි, යන්නෙම් මැ යැ.
Pali BJT6569. ආමන්තයස්සු තෙ{6} පුත්තෙ මා තෙ මාතරමද්දසුං, සද්ධාය දානං දදතො එවං පුඤ්ඤං පවඩ්ඪති.
Sinhala BJT6569. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නහමක් දකිත්වා. මෙසේ සැදැහැයෙන් දන් දෙන්නාහට පින් වැඩෙයි.
Pali BJT6570. ආමන්තයස්සු තෙ පුත්තෙ මා තෙ මාතරමද්දසුං, මාදිසස්ස ධනං දත්වා රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT6570. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නො දකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්නවු යැ.
Pali BJT6571. සචෙ ත්වං නිච්ඡසෙ අට්ඨුං මම භරියං පතිබ්බතං, අය්යකස්සපි{7} දස්සෙහි ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT6571. ඉදින් තෙපි මට පතිනි වූ බිරිය දක්නට නො රිස්සහු නම් දැලිසිරු කන්සිරු දෙදරුවන් මුත්නා (සඳමහරජ) හට හෝ දක්වවු.
Pali BJT6572. ඉමෙ කුමාරෙ දිස්වාන මඤ්ජුකෙ පියභාණිනෙ, පතීතො සුමනො විත්තො බහුං දස්සති තෙ ධනං.
Sinhala BJT6572. සිත්කලු වූ පිය තෙපුල් බණන මේ දෙදරුවන් දැකැ ඔදවැඩි සොම්නස් වූ තුටු වූ මුත්නා රජ තොපට බොහෝ ධනය දෙන්නෙ යැ.
Pali BJT6573. අච්ඡෙදනස්ස භායාමි රාජපුත්ත සුණොහි මෙ, රාජා දණ්ඩාය මං දජ්ජා වික්කිණෙය්ය හනෙය්ය වා; ජිනො ධනඤ්ච දාසෙ ච ගාරය්හස්ස බ්රහ්මබන්ධුයා.
Sinhala BJT6573. (මා අතින් දරුවන්) පැහැරගැනුමට බියෙමි. රාජපුත්‍රය මබස් අසව. එරජ මා දඬුවමට ඇමැතියනට දෙන්නෙ හෝ යැ, රජ මා විකුණන්නෙ හෝ යැ, ඝාතන කරන්නෙ හෝ යැ. ධනය ද දාසයන් ද පිරිහුණෙම් බැමිණිය විසින් ගැරහියැයුතු වෙමි.
Pali BJT6574. ඉමෙ කුමාරෙ දිස්වාන මඤ්ජුකෙ පියභාණිනෙ, ධම්මෙ ඨිතො මහාරාජා සිවීනං රට්ඨවඩ්ඪනො; ලද්ධා පීතිසොමනස්සං බහුං දස්සති තෙ ධනං.
Sinhala BJT6574. සිත්කලු වූ ප්‍රිය තෙපුල් බණන මේ දෙදරුවන් දැක සිවිරට වඩන දහමෙහි සිටි මහරජ ප්‍රීති සොම්නස් ලැබැ තොපට බොහෝ ධනය දෙන්නේ යැ.
Pali BJT6575. නාහං තම්පි කරිස්සාමි යං මං ත්වං අනුසාසසි, දාරකෙ ච අහං නෙස්සං බ්රාහ්මණියා පරිචාරකෙ,
Sinhala BJT6575. මහරජ තෙපි මට යමක් කියවු නම් එ ද නො කෙරෙමි. මම මේ දෙදරුවන් බැමිණියට දාස මෙහෙයට ගෙන යෙමි.
Pali BJT6576. තතො කුමාරා බ්යථිතා සුත්වා ලුද්දස්ස භාසිතං, තෙන තෙන පධාවිංසු ජාලිකණ්හාජිනා චුභො.
Sinhala BJT6576. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙකුමරහු රුදුරු බමුණුහුගේ බස් අසා වෙවුළන්නාහු ඒ ඒ තන්හි දිවූහ.
Pali BJT6577. එහි තාත පියපුත්ත පූරෙථ මම පාරමිං, හදයං මෙභිසිඤ්චෙථ කරොථ වචනං මම.
Sinhala BJT6577. දරුව ප්‍රියපුත්‍රය, එව. මාගේ පැරුම් පුරව. මාගේ ළය තෙමවු. මාගේ තෙපුල් කරවු.
Pali BJT6578. යානනාවා ච මෙ හොථ අචලා භවසාගරෙ, ජාතිපාරං තරිස්සාමි{1} සන්තාරෙස්සං{2} සදෙවකෙ.
Sinhala BJT6578. බවසයුරෙහි මට නිසල වූ ගමන් නැවක් වව. දෑ සයුරෙහි එතෙරට තරණය කරනෙමි. දෙවියන් සහිත ලෝවැසියනුදු තරණය කරවන්නෙමි,
Pali BJT6579. එහි අම්ම පියධීති{3} පූරෙථ මම පාරමිං,{4} හදයං මෙභිසිඤ්චෙථ කරොථ වචනං මම.
Sinhala BJT6579. දරුව, ප්‍රිය දියැණියෙනි, මාගේ දානපාරමිතා පුරව. මාගේ ළය තෙමව. මාගේ වචනය කරව.
Pali BJT6580. යානනාවා ච මෙ හොථ අචලා භවසාගරෙ, ජාතිපාරං තරිස්සාමි උද්ධරිස්සං සදෙවකෙ
Sinhala BJT6580. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වව. දෑ සයුරෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නඟාලන්නෙමි.