Pali BJT6384. පාපකං වත තෙ ඤාතී මන්තයිංසු රහොගතා, යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6384. මෙවන් ළදරු විය ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහෝගත වැ තිට පව්කමක් මන්ත්‍රණ කළාහු වන.
Pali BJT6385. අමනාපං වත තෙ ඤාතී මන්තයිංසු රහොගතා, යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6385. මෙවන් තුරුණුබව් ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ එකලා වැ හිඳ තිට අමනාපයක් බැණගත්හු වන.
Pali BJT6386. අමනාපවාසං වසසි ජිණ්ණෙන පතිනා සහ, යා ත්වං වසසි ජිණ්ණස්ස මතන්තෙ ජීවිතා වරං.
Sinhala BJT6386. මෙවන් ළදරු බව ඇති කල්හි නොමනා විසීමක් වසහි, යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තීගේ ජීවිතයට වඩා මරණය උතුමැ.
Pali BJT6387. න හි නූන තුය්හං කල්යාණි පිතා මාතා ච සොභනෙ, අඤ්ඤං භත්තාරං වින්දිංසු යෙ තං ජිණ්ණස්ස පාදංසු; එවං දහරියං සතිං.
Sinhala BJT6387. කලණ වූ සොඳුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තීගේ මවු ද පියා ද තිට අනෙක් සැමියකු නො ලත්හ යි හඟුම්හ.
Pali BJT6388. දුයයිට්ඨං තෙ නවමියං අකතං අග්ගිහුත්තකං, යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6388. මෙවන් දහර බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හු ද ඒ තී විසින් නවමි යාගය නපුරු කොට පුදනලද වන. (තී දුන් යාගපිණ්ඩය පළමු කොට මහලු කවුඩකු විසින් ගන්නාලද වන) තී විසින් ගිනිපූජා නො කරනලද වන.
Pali BJT6389. සමණෙ බ්රාහ්මණෙ නූන බ්රහ්මචරියපරායණෙ, සා ත්වං ලොකෙ අභිසපි සීලවන්තෙ බහුස්සුතෙ; යා ත්වං වසසි ජිණ්ණස්ස එවං දහරියං සතිං.
Sinhala BJT6389. මෙවන් තාරුණ්‍ය ඇති කල්හි යම් බඳු තෝ මහල්ලාගේ ගෙහි වාස කෙරෙහි ද ඒ තෝ ලොව්හි බඹසරෙහි නියැලි සිල්වත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහණබමුණන්ට ආක්‍රෝශ කෙළෙහි වන.
Pali BJT6390. න දුක්ඛං අහිනා දට්ඨං න දුක්ඛං සත්තියා හතං, තඤ්ච දුක්ඛඤ්ච තිප්පඤ්ච{1} යං පස්සෙ ජිණ්ණකං පතිං.
Sinhala BJT6390. නයකු විසින් ඩගනලද්දෙ දුක් නො වෙයි, සැතින් පහරන ලද්දේ දුක් නො වෙයි, යම් ස්ත්‍රියක් මහලු සැමියකු දකී ද හෙ මැ දුක් ද තියුණු දුක් ද වෙයි.
Pali BJT6391. නත්ථි ඛිඩ්ඩා නත්ථි රතී ජිණ්ණෙන පතිනා සහ, නත්ථි අල්ලාපසල්ලාපො ජග්ඝිතම්පි{2} න සොභති.
Sinhala BJT6391. මහලු සැමියා සමග ක්‍රීඩාවක් නැත (නො හොබී) කාමරති නැත, අල්ලාපසල්ලාප නැත, (කඩදත් විවර කොට සෙන්නහුගේ) සිනා ද නො හොබී.
Pali BJT6392. යදා ච දහරො දහරා මන්තයන්ති රහොගතා, සබ්බෙසං සොකා නස්සන්ති{3} යෙ කෙචි හදයනිස්සිතා.
Sinhala BJT6392. යම් කලෙක තරුණයා ද තරුණී ද දෙදෙන රහසි වැ හිඳ රහස් කියද්ද එසඳ තුලුන්ගේ ළය ඇසුරු කළ යම් කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයෝ නසිති.
Pali BJT6393. දහරා ත්වං රුපවතී පුරිසානං අභිපත්ථිතා, ගච්ඡ ඤාති කුලෙ අච්ඡ කිං ජිණ්ණො රමයිස්සති.
Sinhala BJT6393. තෝ ළදැරියෙහි, රූ ඇතියහු, පිරිමින් විසින් වෙසෙසින් පතනලදුවහු, නැඟීයා, නෑයන්ගේ ගෙහි වස, මහල්ලා (තී පස්කම් ගුණෙන්) කෙසේ රමණය කරන්නේ දැ යි කීහු.
Pali BJT6394. න තෙ බ්රාහ්මණ ගච්ඡාමි නදිං උදකහාරියා, ථියො මං පරිභාසන්ති තයා ජිණ්ණෙන බ්රාහ්මණ.
Sinhala BJT6394. බමුණ, තොප මහලු හෙයින් (මෙ ගමැ) ගැහැනු මට පිරිහෙළා කියති. එහෙයින් බමුණ, තොපට දිය ගෙනෙනුව හොයට නො යමි.
Pali BJT6395. මා මෙ ත්වං අකරා කම්මං මා මෙ උදකමාහරි, අහං උදකමාහිස්සං මා හොති කුපිතා අහු.
Sinhala BJT6395. තෙපි මට මෙහෙ නො කරව, නහමක් මට දිය ගෙනෙව, මම දිය ගෙනෙමි. භවතී නහමක් කිපෙව.
Pali BJT6396. නාහං තම්හි කුලෙ ජාතා යං ත්වං උදකමාහරෙ, එවං බ්රාහ්මණ ජානාහි න තෙ වච්ඡාමහං ඝරෙ.
Sinhala BJT6396. යම් හෙයෙකින් තෙපි දිය ගෙනෙන්නවු නම් මම් වනාහි එවන් (සැමියන්ගෙන් මෙහෙ ගන්නා) කුලෙහි නූපන්මු. බමුණ, මම තොපගේ ගෙහි නො වසන්නමු. මෙසේ දනුව.
Pali BJT6397. සචෙ මෙ දාසං දාසිං වා නානයිස්සසි බ්රාහ්මණ, එවං බ්රාහ්මණ ජානාහි න තෙ වච්ඡාමි සන්තිකෙ.
Sinhala BJT6397. බමුණ, ඉදින් මට දසකු හෝ දැස්සක හෝ නො ගෙනෙන්නවු නම් තොප කෙරෙහි නො වසන්නමු. බමුණ මෙසේ දනුව.
Pali BJT6398. නත්ථි මෙ සිප්පටඨානං වා ධනං ධඤ්ඤච්ච බ්රාහ්මණිං, කුතොහං දාසං දාසිං වා ආනයිස්සාමි භොතියා; අහං හොතිං උපට්ඨිස්සං මා හොති කුපිතා අහු.
Sinhala BJT6398. බැමිණිය, මා සතු ශිල්පයෙක් හෝ ධනයෙක් ධාන්‍යයෙක් හෝ නැත. මම කිසෙයින් භවතියට දසකු හෝ දැස්සක හෝ ගෙනෙම් ද? මම භවතියට මෙහෙ කරන්නෙමි. භවතී නහමක් කිපෙව.
Pali BJT6399. එහි තෙ අහමක්ඛිස්සං යථා මෙ වචනං සුතං,{1} එස වෙස්සන්තරො රාජා වඞ්කෙ වසති පබ්බතෙ.
Sinhala BJT6399. එව, යම්සේ මා විසින් තෙපුලෙක් අසනලද ද එසෙයින් මම තොපට කියමි, තෙල වෙසතුරු මහරජ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
Pali BJT6400. තං ත්වං ගන්ත්වාන යාචස්සු දාසං දාසිං ච බ්රාහ්මණ, සො තෙ දස්සති යාචිතො දාසං දාසිඤ්ච ඛත්තියො.
Sinhala BJT6400. බමුණ, තෙපි (එහි) ගොස් ඔබ අතින් දසකුදු දැස්සක ද යදුව. තොප විසින් යදනාලද එ රජ තොපට දසකුදු දැස්සක ද දෙන්නෙ යැ.
Pali BJT6401. ජිණ්ණොහමස්මි අබලො දීඝො චද්ධා සුදුග්ගමො, මා භොතී පරිදෙවෙසී{2} මා ච ත්වං විමනා අහු; අහං භොතිං උපට්ඨිස්සං මා භොතී කුපිතා අහූ.
Sinhala BJT6401. මම මහල්ලෙමි, බල නැත්තෙමි, මඟ ද දික් වෙයි, අතිශය දුර්‍ගම යැ. භවති නො හඬව. තෙපි නහමක් දොම්නස්ව, මම භවතියට මෙහෙ කරනෙමි, භවතී නො කිපෙව.
Pali BJT6402. යථා අගන්ත්වා සඞ්ගාමං අයුද්ධොව පරාජිතො, එවමෙව තුවං බ්රහ්මෙ අගන්ත්වාව පරාජිතො.
Sinhala BJT6402. බමුණ, යම්සේ සටනට නො ගොස් යුද නැතියෙ මැ පැරැදියෙහි ද, එසෙයින් මැ තෙපි නො ගොස් මැ පැරැදියෙහි.
Pali BJT6403. සචෙ මෙ දාසං දාසිං වා නානයිස්සසි බ්රාහ්මණ, එවං බ්රාහ්මණ ජානාහි න තෙ වච්ඡාමහං ඝරෙ, අමනාපං තෙ කරිස්සාමි තං තෙ දුක්ඛං භවිස්සති.
Sinhala BJT6403. බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නො ගෙනෙන්නවු නම් මම තොපගේ ගෙහි නො වසමි. බමුණ, මෙසේ දනුව, තොපට නො රුස්නක් කරනෙමි, ඒ තොපට දුක් වන්නෙ යැ.
Pali BJT6404. නක්ඛත්තෙ උතුපබ්බෙසු{3} යදා මං දක්ඛසි ලඞ්කතං, අඤ්ඤෙහි සද්ධිං රමමානං තං තෙ දුක්ඛං භවිස්සති.
Sinhala BJT6404. යම් කලෙකැ (ෂට්ඍතුයෙහි) සෘතුසන්‍ධීන්හි පවත්නා සැණකෙළියෙහි සර්‍වාභරණයෙන් සැදුණු මා අන් පිරිමින් හා සමග රමණය කරන්නිය දක්නහු ද ඒ තොපට දුක් වන්නෙ යැ.
Pali BJT6405. අදස්සනෙන මය්හං තෙ ජිණ්ණස්ස පරිදෙවතො භීයො වඞ්කා ච පලිතා බහූ හෙස්සන්ති බ්රාහ්මණා.
Sinhala BJT6405. මා නො දැක්මෙන් හඬන්නා වූ මහලු තොපගේ වක ද බොහෝ වන්නේ යැ. නර ද බොහෝ වන්නෙ යැ.
Pali BJT6406. තතො සො බ්රාහ්මණො භීතො බ්රාහ්මණියා වසානුගො, අට්ටිතො කාමරාගෙන බ්රාහ්මණිං එතදබ්රවි.
Sinhala BJT6406. ඉක්බිති එ බමුණු බියපත් වැ බැමිණියගේ වයසට ගියෙ කාමරාගයෙන් පෙළනලද්දෙ බැමිණියට තෙල කරුණ කී:
Pali BJT6407. පාථෙය්යං මෙ කරොහි ත්වං සඞ්කුල්යා සගුළානි ච,{4} මධුපිණ්ඩිකා ච සුකතායො සත්තුභත්තඤ්ච බ්රාහ්මණී.
Sinhala BJT6407.බැමිණිය, තෙපි සංකුල පූ ද සකුරු පූ ද මොනවට කළ අත්වට ද අත්සුණු ද බත්පළාවක් (බත්මුලක්) ද මට මඟ උපකරණ කොට දෙව.
Pali BJT6408. ආනයිස්සං මෙථුනකෙ උභෙ දාසකුමාරකෙ, තෙ තං පරිචරිස්සන්ති රත්තින්දිවමතන්දිතා.
Sinhala BJT6408. සමානකුල ඇති කුමරුවන් දෙදෙනකුන් තොපට දස් පිණිස ගෙනෙන්නෙමි. ඔහු දවරැය නො මැළි වැ තොපට මෙහෙ කරන්නාහ.
Pali BJT6409. ඉදං වත්වා බ්රහ්මබන්ධු පටිමුඤ්චි උපාහනා, තතො සො මන්තයිත්වාන භරියං කත්වා පදක්ඛිණං.
Sinhala BJT6409. බමුණු මෙසේ කියා වහන් ලී ය. ඉක්බිති හේ රහස් ඔවා දී අඹුව පැදකුණු කොට,
Pali BJT6410. පක්කාමි සො රුණ්ණමුඛො බ්රාහ්මණො සහිතබ්බතො, සිවීනං නගරං ඵීතං දාසපරියෙසනං චරං.
Sinhala BJT6410. එ බමුණු සමාදන් වූ ව්‍රත ඇතියේ වලප්නා මුහුණු ඇතියේ දැසිදසුන් සොයා ඇවිදිනෙ සිවීන්ගේ සම්පත්තීන් විපුල වූ ජයතුරා නුවර ට පිටත් වැ ගියේ.
Pali BJT6411. සො තත්ථ ගන්ත්වා අවච යෙ තත්ථාසුං සමාගතා, කුහිං වෙස්සන්තරො රාජා කත්ථ පස්සෙමු ඛත්තියං.
Sinhala BJT6411. හේ එහි ගොස් එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද ඔවුන්ට මෙසේ කී: වෙසතුරු මහරජ කොහි ද? එ රජ කොහි දී දක්මෝ දැ යි.
Pali BJT6412. සො ජනො තං අවචාසි{1} යෙ තත්ථාසුං සමාගතා, තුම්හෙහි බ්රහ්මෙ පකතො අතිදානෙන ඛත්තියො; පබ්බාජිතො සකා රට්ඨා වඞ්කෙ වසති පබ්බතෙ.
Sinhala BJT6412. එහි යම් කෙනෙක් රැස් වැ සිටියාහු ද එ ජනයා ඔහට මෙසේ කී: බමුණ, තොප විසින් අධික දානයෙන් පෙළෙන ලද රජ සිය රටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
Pali BJT6413. තුම්භිහි බ්රහ්මෙ පකතො අතිදානෙන ඛත්තියො, ආදාය පුත්තරඤ්ච වඞ්කෙ වසති පබ්බතෙ.
Sinhala BJT6413. බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළනලද රජ තෙම අඹුදරුවන් ද ගෙන ගොස් වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
Pali BJT6414. සො චොදිතො බ්රාහ්මණියා බ්රාහ්මණො කාමගිද්ධිමා, අඝං තං පතිසෙවිත්ථ; වනෙ වාළමිගාකිණ්ණෙ ඛග්ගදීපිනිසෙවිතෙ.
Sinhala BJT6414. කාමයෙහි ගිජු වූ එ බමුණු බැමිණිය විසින් චෝදනා කරනලද්දේ වල්මුවන් විසින් ගැවැසිගත් කගවෙහෙණුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයෙහි වින්දයුතු යම් දුකෙක් ඇද්ද එ දුක් අනුභව කෙළේ.
Pali BJT6415. ආදාය බෙලුවං දණ්ඩං අග්ගිහුත්තං කමණ්ඩලුං, සො පාවිසි බ්රහාරඤ්ඤං යත්ථ අස්සොසි කාමදං.
Sinhala BJT6415. එ බමුණු බේලුව සැරයටිය ද ගිනි පුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන යම් අරනෙකැ කැමැති සැපත් දෙන වෙසතුරු රජ වෙසෙතී ඇසී ද ඒ මහ අරනට පිවිසියේ යැ.
Pali BJT6416. තං පවිට්ඨං බ්රහාරඤ්ඤං කොකා නං පරිවාරයුං, වික්කන්දි සො විප්පනට්ඨො දූරෙ පන්ථා අපක්කමි.
Sinhala BJT6416. ඒ මහවල් වන් බමුණු (වන දොර රක්නහුගේ) බල්ලෝ පිරිවරාගත්හ. හෙ මහ හඬින් හැඬී. මං මුළා වූයේ මඟින් දුරු වැ ගියේ.
Pali BJT6417. තතො සො බ්රාහ්මණො ගන්ත්වා භොගලුද්දො අසඤ්ඤතො, වඞ්කස්සොහරණෙ නට්ඨො, {*} [සුනඛෙහි පරිවාරිතො රුක්ඛස්මිඤ්ච නිසින්නොව]; ඉමා ගාථා අභාසථ.
Sinhala BJT6417. ඉක්බිති භෝගයෙහි ගිජු වූ සංයමයක් නැති එ බමුණු ගොස් වඞ්කගිරියට යන මඟ මුළා වූයෙ මේ ගාථා කී:
Pali BJT6418. කො රාජපුත්තං නිසභං ජයන්තමපරාජිතං, භයෙ ඛෙමස්ස දාතාරං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6418. රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජය ගන්නා වූ අපරාජිත වූ බියෙහි අභය දෙන්නා වූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6419. යො යාචතං පතිට්ඨාසි භූතානං ධරණීරිව, ධරණූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6419. යමෙක් යදියනට පිහිට වී ද, පොළොව මෙන් හැම සත්නට පිහිට වූ දෙරණට උපමා වූ ඒ වෙසතුරු මහරජහු (වසන තැන්) කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6420. යො යාචතං ගතී ආසි සවන්තීනංව සාගරො, උදධූපමං{2} මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6420. ගංගාවනට සාගරය මෙන් යමෙක් යදියනට පිළිසරණ වී ද සයුරට උපමා වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6421. කල්යාණතිත්ථං සුචිමං සීතූදකං මනොරමං, පුණ්ඩරීකෙහි සංඡන්නං යුත්තං කිඤ්ජක්ඛරෙණුනා; රහදූපමං{3} මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6421. හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ තොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බඳු වූ වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6422. අස්සත්ථංච පථෙ ජාතං සීතච්ඡායං මනොරමං, සන්තානං විස්සමෙ{1}තාරං කිලන්තානං පටිග්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6422. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් ඇසතු රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6423. නිග්රොධංව පථෙ ජාතං සීතච්ඡායං මනොරමං, සන්තානං විස්සමෙතාරං කිලන්තානං පටිග්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6423. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්‍ගක්ලාන්තයනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් නුග රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6424. අම්බං ඉව පථෙ ජාතං සීතච්ඡායං මනොරමං, සන්තානං විස්සමෙතාරං කිලන්තානං පටිග්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6424. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මඟ මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් අඹ රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6425. සාලං ඉව පථෙ ජාතං සීතච්ඡායං මනොරමං, සන්තානං විස්සමෙතාරං කිලන්තානං පටිග්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6425. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ පෙළුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් සල්රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6426. දුමං ඉව පථෙ ජාතං සීතච්ඡායං මනොරමං, සන්තානං විස්සමෙතාරං කිලන්තානං පටිග්ගහං; තථූපමං මහාරාජං කො මෙ වෙස්සන්තරං විදූ.
Sinhala BJT6426. විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමඟ මිරිකුණානට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමඟ නැඟි මනරම් රුකක් යම්සේ නම් එබඳු උපමා ඇති වෙසතුරු මහරජහු කවරෙක් මට දැන කියන්නෙ ද?
Pali BJT6427. එවඤ්ච මෙ විලපතො පවිට්ඨස්ස බ්රහාවනෙ, අහං ජානන්ති යො වජ්ජා නන්දිං සො ජනයෙ මමං{2}
Sinhala BJT6427. මහවල්හි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’යි කී නම් හෙ මට සොම්නස් දනවන්නෙ යැ.
Pali BJT6428. එවඤ්ච මෙ විලපතො පවිට්ඨස්ස බ්රහාවනෙ, අහං ජානන්ති යො වජ්ජා (වෙස්සන්තරනිවෙසනං;) තාය සො එකච්චාය පසවෙ පුඤ්ඤං අනප්පකං.
Sinhala BJT6428. මහවෙනෙහි මංමුළා වූ මෙසේ වලප්නා මට යමෙක් ‘මම දන්මි’ කී නම් හෙ ඒ එක් වදනින් බොහෝ පින් රැස් කරන්නෙ යි.
Pali BJT6429. තස්ස චෙතො පටිස්සොසි අරඤ්ඤෙ ලුද්දකො චරං,{3} තුම්හෙහි බ්රහ්මෙ පකතො අතිදානෙන ඛත්තියො; පබ්බාජිතො සකා රට්ඨා වඞ්කෙ වසති පබ්බතෙ.
Sinhala BJT6429. ඔහට, වැදි වැ වෙනෙහි ඇවිදුනා චේත රටවැසියෙක් මෙසේ පිළිවදන් ඇස්වී: බමුණ, තොප විසින් අතිදානයෙන් පෙළෙන ලද රජ තෙම සියරටින් නෙරනලද්දෙ වඞ්කගිරියෙහි වාස කෙරෙයි.
Pali BJT6430. තුම්හෙහි බ්රහ්මෙ පකතො අතිදානෙන ඛත්තියො, ආදාය පුත්තදාරඤ්ච වඞ්කෙ වසති පබ්බතෙ.
Sinhala BJT6430. බමුණ තොප විසින් අධිකදානයෙන් මඩනාලද වෙසතුරු රජ අඹුදරුවන් ද ගෙනගොස් වඞ්කගිරියෙහි වෙසේ.
Pali BJT6431. අකිච්චකාරී දුම්මෙධො රට්ඨා විව{4}නමාගතො, රාජපුත්තං ගවෙසන්තො බකො මච්ඡමිවොදකෙ.
Sinhala BJT6431. නුවණ නැති නො කටයුතු කරනසුලු තෝ දියෙහි මසකු සොයන කොකකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි.
Pali BJT6432. තස්ස ත්යාහං න දස්සාමි ජීවිතං ඉධ බ්රාහ්මණ, අයං හි තෙ{1} මයා නුන්නො සරො පාස්සති{2} ලොහිතං.
Sinhala BJT6432. බමුණ, මම මෙහි දී ඒ නො කටයුතු කරන තට දිවි නො දෙමි. ම විසින් විදුනාලද මේ සරය තාගේ ලේ බොන්නේ යැ.
Pali BJT6433. සිරො තෙ වජ්ඣයිත්වාන{3} හදයං ඡෙත්වා සබන්ධනං, පන්ථසකුණං{4} යජිස්සාමි තුය්හං මංසෙන බ්රාහ්මණං.
Sinhala BJT6433. බමුණ, තා මරා තාගේ හිස සිඳැ අක්මා සහිත හදමස් කපාගෙනැ තාගේ මසින් මාර්‍ගදේවතාවන්ට ‘පන්‍ථසකුණ” යාග කරන්නෙමි. (බිලියම් කරනෙමි)
Pali BJT6434. තුය්හං මංසෙන මෙදෙන මත්ථකෙන ච බ්රාහ්මණ, අහුතිං පග්ගහෙස්සාමි ඡෙත්වාන හදයං තව.
Sinhala BJT6434. බමුණ, තාගේ හදමස් කපාගෙනැ තාගේ මසිනුදු මස්තෙලිනුදු හිස්මුලිනුදු හෝම කරනෙමි.
Pali BJT6435. තං මෙ සුයිට්ඨං සුහුතං තුය්හං මංසෙන බ්රාහ්මණ, න ච ත්වං රාජපුත්තස්ස භරියං පුත්තෙ ච නෙස්සසි.
Sinhala BJT6435. බමුණ, මා විසින් තාගේ මසින් කරනලද එ මොනවට යාග කරනලද මොනොවට පුදනලද කවර හෙයින යත්: ඒ හේතුවින් තෝ රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නො ගෙන යන්නෙහි.
Pali BJT6436. අවජ්ඣො බ්රාහ්මණො දූතො චෙතපුත්ත සුණොහි මෙ, තස්මා හි දූතං න හනන්ති එස ධම්මො සනන්තනො.
Sinhala BJT6436. චේතපුත්‍රය, මාගේ බස් අසව. බමුණා ද දූතයා ද නො මැරියැයුතු වෙයි. එ කරුණෙන් දූතයා නො මරති, මෙ දහම සනාතන (පුරාණ) වෙයි.
Pali BJT6437. නිජ්ඣත්තා සිවයො සබ්බෙ පිතා නං දට්ඨුමිච්ඡති, මාතා ච දුබ්බලා තස්ස අචිරා චක්ඛූනි ජීයරෙ.
Sinhala BJT6437. හැම සිවීහු සන්හිඳුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසි වෙයි, ඔහුගේ මවු ද දුබල යැ. නොබෝ කල්හි මැ ඇස් පිරිහෙයි. (නිරතුරු හැඬීමෙන)
Pali BJT6438. තෙසාහං පහිතො දූතො චෙතපුත්ත සුණොහි මෙ, රාජපුත්තං නයිස්සාමි යදි ජානාසි සංස{5} මෙ.
Sinhala BJT6438. මම ඔවුන් විසින් මෙහෙයන ලදුයෙමි, චේතපුත්‍රය මාගේ බස් අසව. වෙසතුරු රජපුතු ගෙනැ යමි. ඉදින් දනී නම් මට කියව.
Pali BJT6439. පියස්ස මෙ පියො දූතො පුණ්ණපත්තං දදාමි තෙ, ඉමඤ්ච මධුනො තුම්බං මිගසත්ථිඤ්ච{6} බ්රාහ්මණ; තඤ්ච තෙ දෙසමක්ඛිස්සං යත්ථ සම්මති කාමදො.
Sinhala BJT6439. බමුණ, මාගේ ප්‍රිය (වෙසතුරු) හට දූතයෙහි, තට තුටුපඬුරු කොට මේ මීපිරූ ලබුව ද මුවකලවෙ ද දෙමි. කැමැති සැපත් දෙන වෙසතුරු යම් තැනෙකැ වෙසේ ද එ දෙස ද තට කියමි.
Pali BJTජූජකපබ්බං නිට්ඨිතං.
Sinhala BJTජූජක පර්‍වය යි.
Pali BJT6440. එස සෙලො මහාබ්රහ්මෙ පබ්බතො ගන්ධමාදනො, යත්ථ වෙස්සන්තරො ජාරා සහ පුත්තෙහි සම්මති.
Sinhala BJT6440. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වාස කෙරේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පවුව යි. (කඳු පාමුලින් උතුරුදිග බලා ගොස් සක්දෙව් මවාදුන් අසපුවෙහි දක්නෙහි)
Pali BJT6441. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසඤ්ච මසං ජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමසස්ති.
Sinhala BJT6441. (එ රජ) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද (හෝමදබ්බි) දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ කොළ ඇතිරියෙහි හොවී. ගිනිදෙවියා පුදයි.
Pali BJT6442. එතෙ නීලා පදිස්සන්ති නානාඵලධරා දුමා, උග්ගතා අබ්භකූටං{7} ච නීලා අඤ්ජනපබ්බතා.
Sinhala BJT6442. තෙල නිල්වන් වූ නොයෙක් ඵල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන් කුළු මෙන් පැනෙති.
Pali BJT6443. ධවස්සකණ්ණා ඛදිරා සාලා ඵන්දනමාලුවා, සම්පවෙධන්ති වාතෙන සකිං පීතාව මාණවා.
Sinhala BJT6443. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් මැ පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.
Pali BJT6444. උපරි දුමපරියායෙසු සංගීතියොව සූයරෙ, නජ්ජුහා කොකිලසඞ්ඝා සම්පතන්ති දුමා දුමං.
Sinhala BJT6444. වෘක්‍ෂශාඛා මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුමුළු හා කෙවිලිමුළු ගසින් ගසට පනිති.
Pali BJT6445. අව්හයන්තෙව ගච්ඡන්තං සාඛාපණ්ණ{1}සමෙරිතා, අමයන්තෙව ආගන්තුං මොදයන්ති නිවාසිනං; යත්ථ වෙස්සන්තරො රාජා සහ පුත්තෙහි සම්මති.
Sinhala BJT6445. යම් පර්‍වතයෙකැ වෙසතුරු රජ දරුවන් සමග වාස කෙරේ ද (එහි) පවනින් සැලෙන ශාඛාපත්‍රයෝ තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එන්නහු රමණය කරනුවන් වැන්නහ. නිතිවසන දනන් තුටු කෙරෙති.
Pali BJT6446. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසදඤ්ච මසංජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6446. (එ රජ එහි) උතුම් තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන් දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී, ගිනි දෙවියා නමදී.
Pali BJT6447. අම්බා කපිත්ථා{2} පනසා සාලා ජම්බු විභීතකා,{3} හරීතකී ආමලකා අස්සත්ථා ඛදරානි ච,{4}
Sinhala BJT6447. අඹ ද ගිවුළු ද පනා (කොස්) ද සල් ද දඹ ද බුළු ද අරළු ද ඇඹුලු (නෙල්ලි) ද ඇසතු ද ඩෙබරද,
Pali BJT6448. චාරු තිම්බරුක්ඛා චෙත්ථ නිග්රොධා ච කපිත්ථනා, මධු මධුකා ථෙවන්ති නීචෙ පක්කා චුදුම්බරා.
Sinhala BJT6448. එහි රන්තිඹිරි රුක් ද නුග ද හෙළ කිඳි ඇසතු ද ඇත. මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පල ද ඇත.
Pali BJT6449. පාරෙවතා භවෙය්යා ච මුද්දිකා ච මධුත්ථිකා,{5} මධුං අනෙලකං තත්ථ සකමාදාය භුඤ්ජරෙ.
Sinhala BJT6449. කිරිපලු ද එල්ගෙඳ ද මී වැහෙන මිදි ද ඇත. එ වෙනෙහි නිවැසි මී තුමූ මැ ගෙන බුදිති.
Pali BJT6450. අඤ්ඤෙත්ථ පුප්ඵිතා අම්බා අඤ්ඤෙ තිට්ඨන්ති දොමිලා, අඤ්ඤෙ ආමා ච පක්කා ච භෙකවණ්ණා{6} තදූභයං.
Sinhala BJT6450. ඒ වෙනෙහි ඇතැම් අඹරුක් කෙනෙක් මල්පිපී සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් මැලෑගෙන (පලගනිමින්) සිටිති. ඇතැම් අඹරුක් කෙනෙක් අමු පල ද විලිකුන් පල ද ඇති වැ සිටිති. එ අමු විලිකුන් දෙපල මැ නිල්මැඩියන් වැන්න හ.
Pali BJT6451. අථෙත්ථ හෙට්ඨා පුරිසො අම්බපක්කානි ගණ්හති, ආමානි චෙව පක්කානි වන්නගන්ධරසුත්තමෙ.{7}
Sinhala BJT6451. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම (රුකට නො නැඟී මැ) වර්‍ණ ගන්‍ධ රසයෙන් උතුම් වූ අමු අඹ ද විලිකුන් අඹ ද නෙලාගනී.
Pali BJT6452. අතෙව{8} මෙ අච්ඡරියං හිඞ්කාරො පටිභාති මං, දෙවානමිව ආවාසො සොභති නන්දනූපමො.
Sinhala BJT6452. මට ඉතා මැ අසිරි යැ, මට විස්මය වැ වැටහෙයි, දෙවියනට නිවාස වූ නඳුනුයන මෙන් හොබී.
Pali BJT6453. විභෙදිකා නාළිකෙරා ඛජ්ජූරීනං බ්රහාවනෙ, මාලාව ගන්ථිතා ඨන්ති ධජග්ගානෙව දිස්සරෙ; නානාවණ්ණෙහි පුප්ඵෙහි නභං තාරාචිතාමිව.
Sinhala BJT6453. ඉඳි රුකින් සැදි මහවෙනෙහි තල් රුක් ද නෙරළු රුක් ද ඇති. සුපිපි රුක් ගෙතූ මල්දම් සෙයින් සිටි, ධ්වජාග්‍රයන් මෙන් පැනෙයි. නන් පැහැ මලින් තරුවැළින් සැදි අහස මෙනි.
Pali BJT6454. කුටජි කුට්ඨතගරා{9} පාටලියො ච පුප්ඵිතා, පුන්නාගා ගිරිපුන්නාගා කොවිළාරා ච පුප්ඵිතා.
Sinhala BJT6454. සුළුකෙළිඳ ද උපුල්කොළ ද තුවරලා ද පළොල් රුක් ද පිපී සිටිත්, දොඹරුක් ද මහදොඹරුක් ද කොබොළල රුක් ද පිපී සිටිත්.
Pali BJT6455. උද්දාලකා සොමරුක්ඛා අගරු{1}භල්ලියො බහූ, පුත්තජීවා{2} ච කකුධා{3} අසනා චෙත්ථ පුප්ඵිතා.
Sinhala BJT6455. එහි එරහැන්ද ද සෝමරුක් ද අගිල්රුක් ද බදුලුරුක් ද බොහෝ යැ. අවරි ද සුළුකුඹුක් ද පියාරුක් ද පිපී සිටියි.
Pali BJT6456. කුටජා සලලා නීපා කොසම්බලබුජා ධවා, සාලා ච පුප්ඵිතා තත්ථ පලාලඛලසන්නිභා.{4}
Sinhala BJT6456. එහි මහකෙළිඳ ද සලළ රුක් ද බක්මීරුක් ද කොසඹ රුක් ද දෙල් රුක් ද දැවරුක් සල්රුක් ද පිපී සිටියි. (රුක් යට වගළ මල්රැස) පිදුරු කලවිටි වැන්න.
Pali BJT6457. තස්සාවිදූරෙ පොක්ඛරණී භූමිභාගෙ මනොරමෙ, පදුමුප්පලසඤ්ඡන්නා දෙවානමිව නන්දනෙ.
Sinhala BJT6457. එ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසෙකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි (සිවුරැස්) පොකුණෙක් ඇත.
Pali BJT6458. අථෙත්ථ පුප්ඵරසමත්තා කොකිලා මඤ්ජුභාණිකා, අභිනාදෙන්ති පවනං{5} උතුසම්පුප්ඵිතෙ දුමෙ.
Sinhala BJT6458. තවද එහි පොකුරුමී රසින් මත් වූ මියුරු හඬ ඇති කුරවිකෙවිල්ලෝ ඍතු සමයෙහි පිපිරුක්හි හිඳ (සියහඬින්) මහ වනය වෙසෙසින් හඬවති.
Pali BJT6459. භස්සන්ති මකරන්දෙහි{6} පොක්ඛරෙ පොක්ඛරෙ මධු, අථෙත්ථ වාතා වායන්ති දක්ඛිණා අථ පච්ඡිමා; පදුමකිඤ්ජක්ඛරෙණුහි ඔකිණ්ණො හොති අස්සමො.
Sinhala BJT6459. මලින් බස්නා මුවරඳින් පොකුරුපතැ පොකුරුපතැ මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණුදෙසින් අවරදෙසින් දසනුදසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් එ අසපුව ගැවැසි ගත්තේ වෙයි.
Pali BJT6460. ථූලා සිඞ්ඝාටකා චෙත්ථ සංසාදියා පසාදියා,{7} මච්ඡකච්ඡපව්යාවිද්ධා බහු චෙත්ථ මුපයානකා; මධුං භිංසෙහි සවති ඛීරං සප්පි මුලාලිහි.{8}
Sinhala BJT6460. ඒ පොකුණෙහි මහවිල්කටු ද ස්වයංජාත හූරුහැල් ද එයින් පතිත වැ හැටි හැල් ද ඇත. රැහැබැඳ ඇවිදිනා මස්කැස්බෝ ද ඇත. එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙළුඹලයෙන් මී වැහෙයි, නෙළුඹුදැලියෙන් වැහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න.
Pali BJT6461. සුරභි තං වනං වාති නානාගන්ධසමෙරිතං,{9} සම්මද්දතෙව ගන්ධෙන පුප්ඵසාඛාහි තං වනං; භමරා පුප්ඵගන්ධෙන සමන්තාමභිනාදිතා.
Sinhala BJT6461. නන් ගඳින් වැහුණ ඒ වනය සුවඳ හමයි. පුෂ්පශාඛායෙන් ප්‍රවෘත්ත ගන්‍ධයෙන් එ වනය පැමිණි දනන් මත් කෙරේ මැ යැ. බමරු මල්ගඳින් හාත්පසැ නද දෙති.
Pali BJT6462. අථෙත්ථ සකුණා සන්ති නානාවණ්ණා බහූ දිජා, මොදන්ති සහ භරියාහි අඤ්ඤමඤ්ඤං පකූජිනො.
Sinhala BJT6462. තව ද එ වෙනෙහි ලිහිණියෝ ඇත. නන් පැහැති බොහෝ ලිහිණීහු ඔවුනොවුන්ට කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙති.
Pali BJT6463. නන්දිකා ජීවපුත්තා ච ජීව පුත්තා ච පියා ච නො, පියා පුත්තා පියා නන්දා දිජා පොක්ඛරණිඝරා.
Sinhala BJT6463. (වෙසතුරු රජුනි, තෙපි) තුස්ව යි කියන නන්‍දික ලිහිණියෝ ද දරුවන් සමග සැරදෙව යි කියන ජීවපුත්ත ලිහිණියෝ ද තෙපි ද සැරදෙව තොප ප්‍රිය දරුවෝ ද සැරදෙත්ව යි කියන ලිහිණියෝ ද තෙපි ද තුටුව තොප දරුවෝ ද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද පොකුණ මැ නිවෙස් කොට ඇතියහ.
Pali BJT6464. මාලාව ගන්ථිතා ඨන්ති ධජග්ගානෙව දිස්සරෙ, නානාවණ්ණෙහි පුප්ඵෙහි කුසලෙහි සුගන්ධිකා; යත්ථ වෙස්සන්තරො රාජා සහ පුත්තෙහි සම්මති.
Sinhala BJT6464. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද එ වනහිස් නන් පැහැ මලින් නිපුණයන් විසින් ගෙතූ මල්දම් සෙයින් හොබනෙ යැ.
Pali BJT6465. ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසදං ච මසං ජටං, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
Sinhala BJT6465. (එහි වෙසතුරු රජ) තවුස්වෙස් ද දෙහෙටිල්ල ද හෝමදබ්බිය ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදී.
Pali BJT6466. ඉදඤ්ච මෙ සත්තුභත්තං මධුනා පටිසංයුතං, මධුපිණ්ඩිකා ච සුකතායො සත්තුභත්තං දදාමි තෙ.
Sinhala BJT6466. (චේතපුත්‍රය,) මේ මා සතු අත්සුණු බත මීයෙන් හැනුයෙ යැ. මොනවට කළ අත්වට ද අත්සුණුබත ද තොපට දෙමි. (මෙය ගනුව.)
Pali BJT6467. තුය්හෙව සම්බලං හොතු නාහං ඉච්ඡාමි සම්බලං, ඉතොපි බ්රහ්මෙ ගණ්හාහි ගච්ඡ බ්රහ්මෙ යථාසුඛං.
Sinhala BJT6467. මාර්ගෝපකරණ තොපට මැ වේවා. මම තොපගේ මඟ උවරණ නො කැමැත්තෙමි. බමුණ, මෙයිනුදු ගනුව, බමුණ සුවසේ යව.
Pali BJT6468. අයං එකපදී එති උජුං ගච්ඡති අස්සමං, ඉසීපි අච්චුතො තත්ථ පඞ්කදන්තො රජස්සිරො; ධාරෙන්තො බ්රාහ්මණං වණ්ණං ආසදඤ්ච මසඤ්ජටං.
Sinhala BJT6468. මේ එක්පිය මඟ හමුයෙහි එයි, හෙ ද අසපුවට ඉඳුරා යෙයි. එ මඟැ මැලිදත් ඇති රජස්මුසු හිස් ඇති ‘අච්‍යුත’ නම් තවුසෙක් ද වෙසෙ යි.
Pali BJT6469. චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති, තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු සො තෙ මග්ගං පවක්ඛති.
Sinhala BJT6469. හෙ තවුස්වෙස් ද මල්පල නෙලන අකුසුදු ගිනි පුදන සැන්ද ද දළමඬුලුදු ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හෝනෙ යැ. ගිනිදෙවියා පුදයි. තෙපි ගොස් ඔහු අතින් පුළුවුස්ව. හෙ තොපට මඟ කියන්නෙ යැ.
Pali BJT6470. ඉදං සුත්වා බ්රහ්මබන්ධු චෙතං කත්වා පදක්ඛිණං, උදග්ගචිත්තො පක්කාමි යෙනාසි අච්චුතො{1} ඉසි.
Sinhala BJT6470. බමුණු මෙය අසා සෑදරු පැදකුණු කොට ‘අච්‍යුත’ තවුස් යම් තැනෙකැ වී ද එහි ඔදවැඩි සිතැති වැ පිටත් වැ ගියේ.
Pali BJTචූළවනවණ්ණනා නිට්ඨිතා.
Sinhala BJTසුළුවන වැනුම යි.
Pali BJT6471. ගච්ඡන්තො සො භාරද්වාජො අද්දසා අච්චුතං ඉසිං, දිස්වානං තං භාරද්වාජො සම්මොදි ඉසිනා සහ.
Sinhala BJT6471. එ ජූජක බමුණු යන්නෙ ‘අච්‍යුත’ තවුසා දිටි. බමුණු ඔහු දැකැ තවුසා සමග පිළිසඳර කෙළේ යැ.
Pali BJT6472. කච්චින්නු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි උඤ්ඡෙන යාපෙසි කච්චි මූලඵලා බහූ.
Sinhala BJT6472. කිම භවත්හට රෝග නැද් ද? කිම භවත්හට දුක් නැද් ද? කිම වනමුල්පලයෙන් යැපෙහි ද? කිම මුල් හා පලවැළ බොහෝ ඇද්ද?
Pali BJT6473. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා,{2} වනෙ වාළමිගාකිණ්ණෙ කච්චි හිංසා න විජ්ජති.
Sinhala BJT6473. කිම තොපට මැසිමදුරුවෝ ද දික්දෑසප්හු ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම හිංසා නැද්ද?
Pali BJT6474. කුසලඤ්චෙව මෙ බ්රහ්මෙ අථො බ්රහ්මෙ අනාමයං, අථො උඤ්ඡෙන යාපෙමි අථො මූලඵලා බහූ.
Sinhala BJT6474. බමුණ, මට රෝග නැත. තවද මට දුක් නැත. වන මුල්පලවැළින් යැපෙමි. මුල් හා පලවැළ බොහෝ යැ.
Pali BJT6475. අථො ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ්ණෙ හිංසා මය්හං න විජ්ජති.
Sinhala BJT6475. තවද මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙති. සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි මට හිංසා නැත.
Pali BJT6476. බහූනි චස්ස පූගානි අස්සමෙ වසතො{3} මම, නාභිජානාමි උප්පන්නං ආබාධං අමනොරමං.
Sinhala BJT6476. බොහෝ අවුරුදු ගණන් අසපුවෙහි වසන මට උපන් නො සිත්කලු රෝගයක් නො දන්මි.
Pali BJT6477. ස්වාගං තෙ මහාබ්රහ්මෙ අථො තෙ අදුරාගතං. අන්තො පවිස භද්දන්තෙ පාදෙ පක්ඛාලයස්සු තෙ.
Sinhala BJT6477. බමුණ, තොපට ස්වාගත යැ (තොපගේ පැමිණීම මැනැවැ) තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවන කරව. ඇතුළු පන්සලට පිවිසෙව.
Pali BJT6478. තින්දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
Sinhala BJT6478. බමුණ, තිඹිරිපල යැ පියල්පල යැ මිහිරි කටුඑරමිණිය යැ දඬුඑල්බැ මී යැ යන මේ ඇත. උතුම් උතුම් දැය වළඳව.
Pali BJT6479. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාබ්රහ්මෙ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT6479. මෙ පැනුදු සිහිලැ, ගල්කුසින් බට හොයින් ගෙනෙන ලද. බමුණ ඉදින් තෙපි රිසියවු නම් එයින් ගෙන පානය කරව.
Pali BJT6480. පටිග්ගහීතං යං දින්නං සබ්බස්ස අග්ඝියං කතං, සඤ්ජයස්ස සකං පුත්තං සිවීහි විප්පවාසිතං; තමහං දස්සනමාගතො යදි ජානාසි සංස මෙ.
Sinhala BJT6480. යමක් තොප විසින් දෙමි යි කී නම් ඒ දෙනලද මැ වේවා මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. සියල්ල පඬුරු කරන ලද යැ. සඳමහරජුගේ සියපිත් (වෙසතුරු) සිවින් කෙරෙන් වෙන් වැ වසන බව නො දනු ද? මම ඔහු දක්නට අයිමි. ඉදින් දන්නවු නම් මට කියව.
Pali BJT6481. න භවං එති පුඤ්ඤත්ථං සිවිරාජස්ස දස්සනං, මඤ්ඤෙ භවං පත්ථයති රඤ්ඤො භරියං පතිබ්බතං.
Sinhala BJT6481. භවත් සිවිරජහු දක්නට පින් පිණිස නො එයි. භවත් රජහට පතිනි වූ අඹුව පතන වනැයි හඟිමි.