Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7001-7100 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6187. ඉමෙ කුමාරෙ පස්සන්තො මඤ්ජුකෙ පියභාණිනො,{1} ආසීනෙ{2} වනගුම්බස්මිං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6187. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6188. ඉමෙ කුමාරෙ පස්සන්තො මඤ්ජුකෙ පියභාණිනො, කීළන්තෙ වනගුම්බස්මිං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6188. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති මහවනයෙහි ක්‍රීඩා කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6189. ඉමෙ කුමාරෙ පස්සන්තො මඤ්ජුකෙ පියභාණිනො, අස්සමෙ රමණීයම්හි න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6189. මිහිරි බස් ඇති ප්‍රිය වදන් ඇති රමණීය ආශ්‍රමයෙහි වෙසෙන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6190. ඉමෙ කුමාරෙ පස්සන්තො මඤ්ජුකෙ පියභාණිනො, කීළන්තෙ අස්සමෙ රම්මෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6190. මිහිරි බස් ඇති ප්‍රිය තෙපුල් ඇති සිත්කලු අසපුවෙහි සෙල්ලම්කරන මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6191. ඉමෙ කුමාරෙ පස්සන්තො මාලාධාරී අලඞ්කතෙ, අස්සමෙ රමණීයම්හි න න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6191. රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6192. ඉමෙ කුමාරෙ පස්සන්තො මාලධාරි අලඞ්කතෙ, කීළන්තෙ අස්සමෙ රම්මෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6192. රම්‍ය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරුන් දක්නේ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6193. යදා දක්ඛිසි නච්චන්තෙ කුමාරෙ මාලධාරිනො,{3} අස්සමෙ රමණීයම්හි න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6193. රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6194. යදා දක්ඛිසි නච්චන්තෙ කුමාරෙ මාලධාරිනො, කීළන්තෙ අස්සමෙ රම්මෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6194. රම්‍ය වූ අසපුවෙහි මල්මාලා දරමින් නටන සෙල්ලම් කරන කුමරුන් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6195. යදා දක්ඛිසි මාතඞ්ගං කුඤ්ජරං සට්ඨිහායනං, එකං අරඤ්ඤෙ විචරන්තං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6195. හුදෙකලා වැ වනයෙහි හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6196. යදා දක්ඛිසි මාතඞ්ගං කුඤ්ජරං සට්ඨිහායනං, සායං{4} පාතො විචරන්තං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6196. උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතඞ්ග නම් ඇතු යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6197. යදා කණෙරුසඞ්ඝස්ස යූථස්ස පුරතො වජං, කොඤ්චං කාහති මාතඞ්ගො කුඤ්ජරො සට්ඨිහායනො; තස්ස තං නදතො සුත්වා න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6197. යම් කලෙක ඇතිනිරැළෙහි ද ඇත්රැලෙහිද පෙරටුවැ යන පිරුණු සැටවස් ඇති මාතඞ්ග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද නාද කරන ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6198. දුභතො වනවිකාසෙ{1} යදා දක්ඛිසි කාමදං,{2} වනෙ වාළමිගාකිණ්ණෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6198. වනමෘගයන් ගැවසුණු කැමැති සම්පත් දෙන දෙපසැ වනයෙහි වනගළ -(ඒකාබද්ධ වූ මහවනය) යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6199. මිගං දිස්වාන සායන්හං පඤ්චමාලිනමාගතං,{3} කිම්පුරිසෙ ච නච්චන්තෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6199. සවස් වේලෙහි පැමිණි අංදළු පහක් ඇති මුවා ද නටන කිඳුරන් ද දැක රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6200. යදා සොස්සසි{4} නිග්ඝොසං සන්දමානාය සින්ධුයා, ගීතං කිම්පුරිසානඤ්ච න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6200. බැස යන නදියගේ ඝෝෂාව ද කිඳුරන්ගේ ගී හඬ ද යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6201. යදා සොස්සිසි නිග්ඝොසං ගිරිගබ්භරචාරිනො, වස්සමානස්ස ලූකස්ස න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6201. පර්‍වත ගුහාවල හැසිරෙන හඬන බකමුහුණන්ගේ නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6202. යදා සීහස්ස ව්යග්ඝස්ස ඛග්ගස්ස ගවයස්ස ච, වනෙ සොස්සසි වාළානං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6202. වනයෙහි (වෙසෙන) සිංහ, ව්‍යාඝ්‍ර, කගවෙහෙණ, ගවර යන සතුන්ගේ ද (සෙසු) වනමෘගයන්ගේ ද නාදය යම් කලෙක අසන්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6203. යදා මොරීහි පරිකිණ්ණං බරිහීනං{5} මත්ථකාසීනං, මොරං දක්ඛිසි නච්චන්තං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6203. පර්‍වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවැසුණු මොනරියන් පිරිවැරූ නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6204. යදා මොරීහි පරිකිණ්ණං අණ්ඩජං චිත්ර පෙක්ඛුනං,{6} මොරං දක්ඛිසි නච්චන්තං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6204. සෙබඩුන් විසින් පිරිවැරුණු විසිතුරු පිල් ඇති බිජුවටින් උපන් නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6205. යදා මොරීහි පරිකිණ්ණං නිලගීවං සිඛණ්ඩිනං, මොරං දක්ඛිසි නච්චන්තං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6205. සෙබඩුන් පිරිවරූ නිල්ගෙල ඇති හිසැ සිළු ඇති නටන මොනරා යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6206. යදා දක්ඛිසි හෙමන්තෙ පුප්ඵිතෙ ධරණීරුහෙ, සුරභිසම්පවායන්තෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6206. හේමන්ත ඍතුවෙහි පිපුණු සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6207. යදා හෙමන්තිකෙ මාසෙ හරිතං දක්ඛිසි මෙදිනිං, ඉන්දගොපකසඤ්ඡන්නං න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6207. හේමන්ත මාසයෙහි (මැදින් මසැ) රතිඳුගොව්වන් ගැවැසුණු නිල් පැහැ යුත් පොළොව යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6208. යදා දක්ඛිසි හෙමන්තෙ පුප්ඵිතෙ ධරණීරුහෙ, කුටජං බිම්බජාලඤ්ච පුප්ඵිතං ලොමපදමකං,{7} සුරභිසම්පවායන්තෙ න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6208. හේමන්ත ඍතුවෙහි පිපුණු කෙළිඳගස් හා රත්කරවුගස් ද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවඳ හමන ගස් යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJT6209. යදා හෙමන්තිකෙ මාසෙ වනං දක්ඛිසි පුප්ඵිතං, ඔපුප්ඵානි ච පදුමානි{8} න රජ්ජස්ස සරිස්සසි.
Sinhala BJT6209. හේමන්ත ඍතුවෙහි පිපුණු වනය ද වැටුණු නෙළුම් මල් ද යම් කලෙක දක්නෙහි ද එකලැ රාජ්‍යය නො සිහිකරන්නෙහි.
Pali BJTහිමවන්තවණ්ණනා.
Sinhala BJTහිමවත් වැනුම යි.
Pali BJT6210. තෙසං ලාලප්පිතං සුත්වා පුත්තස්ස සුණිසාය ච, කරුණං පරිදෙවෙසි රාජපුත්ති යසස්සිනී.
Sinhala BJT6210. පුතා යැ ලේලි යැ යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසතීදේවී තොමෝ බැගෑ ලෙස හැඬූ ය.
Pali BJT6211. සෙය්යො විසං මෙ ඛායිතං පපාතා පපතෙය්යහං, රජ්ජුයා බජ්ඣ මිය්යාහං කස්මා වෙස්සන්තරං පුත්තං පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6211.නිවැරැදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද? මා විසින් විස අනුභව කරන ලද්දේ නම් හෝ ප්‍රපාතයෙන් පනින්නෙම් නම් හෝ ගෙලවැල ලා මැරෙන්නෙම් නම් හෝ එයට වඩා උතුම් ය.
Pali BJT6212. අජ්ඣායකං දානපතිං යාචයොගං අමච්ඡරිං, පූජිතං පතිරාජෙහි කිත්තිමන්තං යසස්සසිනං; කස්මා වෙස්සන්තරං පුත්තං පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6212. ත්‍රිවේදයෙහි ද නානාශිල්පයන්හි ද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නො මසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
Pali BJT6213. මාතාපෙත්තිභරං ජන්තුං කුලෙජෙට්ඨාපචායිකං, කස්මා වෙස්සන්තරං පුත්තං පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6213. මවුපියන් පෝෂණය කරන කුලදෙටුවන් පුදන නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
Pali BJT6214. රඤ්ඤො හිතං දෙවහිතං ඤාතීනං සඛීනං හිතං, හිතං සබ්බස්ස රට්ඨස්ස කස්මා වෙස්සන්තරං පුත්තං පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6214. රජුට හිතැ’ති දෙවියනට හිතැ’ති නෑයනට හිතැ’ති යහළුවනට හිතැ’ති සියලු රටවැසියනට හිතැ’ති නිවැරැදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත් ද?
Pali BJT6215. මධූනීව පලාතානි අම්බාව පතිතා ඡමා, එවං හෙස්සති තෙ රට්ඨං පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6215. (යම්හෙයෙකින්) නිවැරැදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත් ද? (එකලැ) ඔබගේ රට මැස්සන් හැරැ දමා ගිය මධුපටල (මීවද) මෙන් ද ගිලිහී බිමැ වැටුණු අඹ මෙන් ද වන්නේය.
Pali BJT6216. හංසො නික්ඛිණපත්තොව පල්ලලස්මිං අනූදකෙ, අපවිද්ධො{1} අමචෙචති එකො රාජ විහීයසි.
Sinhala BJT6216. මහරජ, දිය හිඳුණු විලෙක (මඩකඩිත්තෙකැ) පියාපත් හැලුණු හංසයකු මෙන් ඇමැතියන් විසින් හැරැ දැමූ තෙපි හුදෙකලා යැ, පීඩිත වන්නහු ය.
Pali BJT6217. තං තං බ්රූමි මහාරාජ අත්ථො තෙ මා උපච්චගා, මා තං සිවීනං වචනා පබ්බාජෙසි අදූසකං.
Sinhala BJT6217. මහරජ, තොපට එ කරුණ කියමි. ප්‍රයෝජනය නොහොත් අභිවෘද්ධිය (තොප) ඉක්මැ නො යේවා! සිවිරට වැසියන්ගේ බසට නිවැරැදි තැනැත්තා පිටුවහල් නො කරව.
Pali BJT6218. ධම්මස්සාපචිතිං කුම්මී සිවීනං විනයං ධජං, පබ්බාජෙමි සකං පුත්තං පාණා පියතරොහි මෙ.
Sinhala BJT6218. සොඳුර, මම සිවීන්ගේ ධජයක් බඳු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවාහල් කරමි. සිවීන්ගේ ප්‍රවේණිධර්‍මයට ගරු කරමි. මපුතු වනාහි ප්‍රාණයට ද වඩා මට ප්‍රියතර ය.
Pali BJT6219. යස්ස පුබ්බෙ ධජග්ගානි කණිකාරාව පුප්ඵිතා, යායන්තමනුයායන්ති ස්වාජ්ජෙකොව ගමිස්සති.
Sinhala BJT6219. පෙරැ යමකුගේ ධ්වජාග්‍ර පිපුණු කිණිහිරිගස් මෙන් යන්නහු අනුව යෙද්ද (ගියාහු ද) හේ අද හුදෙකලා වැ යන්නේ ය.
Pali BJT6220. යස්ස පුබ්බෙ ධජග්ගානි කණිකාරාවනානිව, යායන්තමනුයායන්ති ස්වාජ්ජෙකොව ගමිස්සති.
Sinhala BJT6220. පෙරැ යමකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද (ගියාහු ද) හේ අද වනාහි හුදෙකලා වැ යන්නේ ය.
Pali BJT6221. යස්ස පුබ්බෙ අණීකානි කණිකාරාව පුප්ඵිතා, යායන්තමනුයායන්ති ස්වාජ්ජෙකොව ගමිස්සති.
Sinhala BJT6221. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
Pali BJT6222. යස්ස පුබ්බෙ අණීකානි කණිකාරාවනානිව, යායන්තමනුයායන්ති ස්වාජ්ජෙකොව ගමිස්සති
Sinhala BJT6222. පෙරැ යමකුගේ ඇතුන් ආදී කොටැ ඇති සෙනඟ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නහු අනු වැ යෙද්ද හේ අද හුදෙකලා වැ යෙයි.
Pali BJT6223. ඉන්දගොපකවණ්ණාභා ගන්ධාරා පණ්ඩුකම්බලා, යායන්තමනුයායන්ති ස්වාජ්ජෙකොව ගමිස්සති.
Sinhala BJT6223. යමෙකුගේ පෙරැ ඉඳුගොව්වන්ගේ පැහැයට බඳු “ගන්‍ධාර” රටෙහි සාදන ලද රතුකම්බිලි පෙරවූ සෙනඟ යන්නහු අනු වැ යෙද්ද හේ (ගියාහු ද) අද හුදෙකලා වැ යෙයි.
Pali BJT6224. යො පුබ්බෙ හත්ථිනා යාති සිවිකාය රථෙන ච, ස්වාජ්ජ වෙස්සන්තරො රාජා කථං ගච්ඡති පත්තිකො.
Sinhala BJT6224. යමෙක් පෙර ඇතුපිටින් ද දෝලාවෙන් ද රියෙන් ද ගියේ නම් ඒ වෙස්සන්තර රජ තෙමේ අද කෙසේ නම් පයින් යා ද?
Pali BJT6225. කථං චන්දනලිත්තඞ්ගො නච්චගීතප්පබොධනො, ඛරාජිනං ඵරසුඤ්ච ඛාරිකාජඤ්ච භාහිති.{1}
Sinhala BJT6225. සඳුන් ගැල්වුණු ශරීර ඇති ගී නැටුමෙන් පුබුදුවන වෙසතුරු රජ තෙමේ අද අඳුන්දිවිසම ද පොරොව ද තවුස් පිරිකර කද ද කෙසේ නම් ගෙනැ යන්නේ ද?
Pali BJT6226. කස්මා නාභිහරීයන්ති කාසාවා අජානානි වා{2} පවිසන්තං බ්රහාරඤ්ඤං කස්මා චීරං න බජ්ඣරෙ.
Sinhala BJT6226. මහවනයට පිවිසෙනුවහට කාසාව වස්ත්‍ර හෝ අඳුන්දිවිසම් හෝ කවර හෙයින් නො ගෙන යද්ද? කවර හෙයින් වැහැරි (වාකචීර) නො බඳිද්ද?
Pali BJT6227. කථන්නු චීරං ධාරෙන්ති රාජපබ්බජිතා ජනා, කථං කුසමයං චීරං මද්දී පරිදහෙස්සති.{3}
Sinhala BJT6227. රජ වැ සිට පැවිදි වූවෝ කෙසේ නම් වැහැරියෙන් කළ සිවුරු දරත් ද? කුසතණයෙන් කළ වැහැරි මද්‍රීදේවී කෙසේ හඳනී ද?
Pali BJT6228. කාසියානි ච ධාරෙත්වා ඛොමකොදුම්බරානි ච,{4} කුසචීරානි ධාරෙන්ති කථං මද්දී කරිස්සති.
Sinhala BJT6228. කසීසළු ද ‘ඛොම’ රටෙහි ‘කොදුම්බර’ රටෙහි නිපන් සළු ද ධරා මද්‍රීදේවී කුසවැහැරි ධරනු කෙසේ නම් කරන්නී ද?
Pali BJT6229. වය්හාහි පරියායිත්වා සිවිකාය රථෙන ච, සා කථජ්ජ අනුච්චඞ්ගී පථං ගච්ඡති පත්තිකා.
Sinhala BJT6229. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
Pali BJT6230. යස්සා මුදුතලා හත්ථා චරණා ච සුඛෙධිතා, සා කථජ්ජ අනුච්චඞ්ගී වනං ගච්ඡති භීරුකා.{5}
Sinhala BJT6230. යමකුගේ සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති හස්තපාදයෝ වෙත් ද, නිදොස් සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
Pali BJT6231. යස්සා මුදුතලා පාදා චරණා ච{6} සුඛෙධිතා,{7} පාදුකාහි සුවණ්ණාහි පීළමානාව ගච්ඡති; සා කථජ්ජ අනුච්චඞ්ගී පථං ගච්ඡති පත්තිකා.
Sinhala BJT6231. යමකට සුවසේ වැඩුණු මොළොක් අතුල්පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩිසඟළින් යුතු වැ මිරිකෙමින් මැ යා ද, ප්‍රශස්ත අවයව ඇති ඕ අද කෙසේ නම් පාගමනින් මහමඟ යා ද?
Pali BJT6232. යාස්සු ඉත්ථි සහස්සස්ස{1} පුරතො ගච්ඡති මාලිනී, සා කථජ්ජ අනුච්චඞ්ගී වනං ගච්ඡති එකිකා.
Sinhala BJT6232. පැළැඳි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටු වැ යා ද, ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේ නම් එකලා වැ වනයට යා ද?
Pali BJT6233. යාස්සු සිවාය සුත්වාන මුහුං උත්තසතෙ පුරෙ, සා කථජ්ජ අනුච්චඞ්ගී වනං ගච්ඡති භීරුකා.
Sinhala BJT6233. යම් ස්ත්‍රියක් පෙරැ සිවල්දෙනකගේ හඬ අසා එකෙණෙහි තැතිගනී ද, අගරහිත සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
Pali BJT6234. යාස්සු ඉන්දස්ස ගොත්තස්ස උලූකස්ස පවස්සතො, සුත්වාන නදතො භීතා වාරුණීව පවෙධති: සා කථජ්ජ අනුච්චඞ්ගී වනං ගච්ඡති භීරුකා.
Sinhala BJT6234. යම් ස්ත්‍රියක් නාද කරන කෞෂිකගෝත්‍ර ඇති මහමුහුණුහුගේ හඬ අසා බිය වැ දේවතාවිෂ්ට යක්‍ෂදාසියක මෙන් වෙවුළා ද අනින්‍දිත ශරීර ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යා ද?
Pali BJT6235. සකුණී හතපුත්තාව සුඤ්ඤං දිස්වා කුලාවකං, චිරං දුක්ඛෙන ඣායිස්සං සුඤ්ඤං ආගම්මිමං පුරං.
Sinhala BJT6235. හිස් වූ කැදැල්ල දැකැ, දරුවන් නට ලිහිණියක මෙන් මම දරුවන්ගෙන් හිස් වූ මෙ නිවෙසට අවුත් බොහෝ කලක් දුකින් සිතිවිලිපර වන්නමු.
Pali BJT6236. සකුණීහතපුත්තාව සුඤ්ඤං දිස්වා කුලාවකං, කිසා පණ්ඩු භවිස්සාමි පියෙ පුත්තෙ අපස්සති.
Sinhala BJT6236. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් (වෙසතුරු මද්‍රී) ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
Pali BJT6237. සකුණී හත පුත්තාව සුඤ්ඤං දිස්වා කුලාවකං, තෙන තෙන පධාවිස්සං පියෙ පුත්තෙ අපස්සතී.
Sinhala BJT6237. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
Pali BJT6238. කුරරී{2} හතඡාපාව සුඤ්ඤං දිස්වා කුලාවකං, චිරං දුක්ඛෙන ඣායිස්සං සුඤ්ඤං ආගම්මිමං පුරං.
Sinhala BJT6238. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් නැසුණු උකුසුදෙනක මෙන් මම හිස් වූ මෙ නිවෙසට අවුත් දිගුකලක් සිතිවිලිපර වන්නමු.
Pali BJT6239. කුරරී හතඡාපාව සුඤ්ඤං දිස්වා කුලාවකං, කිසා පණ්ඩු භවිස්සාමි පියෙ පුත්තෙ අපස්සතී.
Sinhala BJT6239. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ උකුසුදෙනක මෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
Pali BJT6240. කුරරී හතඡාපාව සුඤ්ඤං දිස්වා කුලාවකං, තෙන තෙන පධාවිස්සං පියෙ පුත්තෙ අපස්සතී.
Sinhala BJT6240. හිස් වූ කැදැල්ල දුටු, පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තැන දිවැයන්නමු.
Pali BJT6241. සා නූන චක්කවාකීව පල්ලලස්මිං අනූදකෙ, චිරං දුක්ඛෙන ඣායිස්සං සුඤ්ඤං ආගම්මිමං පුරං.
Sinhala BJT6241. දිය සිඳී මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම දරුවන් නැති බැවින් හිස් වූ නිවසට අවුත් බොහෝ කලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලිපර වන්නමු.
Pali BJT6242. සා නූන චක්කවාකීව පල්ලලස්මිං අනූදකෙ, කිසා පණ්ඩු භවිස්සාමි පියෙ පුත්තෙ අපස්සතී.
Sinhala BJT6242. දියසුන් මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී කෘශ වැ පඬුවන් වන්නමු.
Pali BJT6243. සා නූන චක්කවාකීව පල්ලලස්මිං අනූදකෙ, තෙන තෙන පධාවිස්සං පියෙ පුත්තෙ අපස්සතී.
Sinhala BJT6243. දියසිඳුණු මඩෙහි සක්වා ලිහිණියෙක මෙන් මම ඒකාන්තයෙන් ප්‍රියපුතුන් නො දක්නී ඒ ඒ තන්හි දිවැයන්නමු.
Pali BJT6244. එවං චෙ මෙ විලපන්තියා රාජපුත්තං අදූසකං, පබ්බාජෙසි වනං රට්ඨා මඤ්ඤෙ හෙස්සාමි ජීවිතං,
Sinhala BJT6244. මෙසේ වැලැපෙන මට අනදර කොට නිදොස් (වෙසතුරු) රජපුතු රටින් වනයට නෙරැපී යැ, මම මදිවි හෙළනෙමී සිතම්.
Pali BJT6245. තස්සා ලාලප්පිතං සුත්වා සබ්බා අන්තෙපුරෙ බහූ,{1} බාහා පග්ගය්හ පක්කන්දුං සිවිකඤ්ඤා සමාගතා.
Sinhala BJT6245. ඇගේ වැලැපීම අසා රැස් වූ අන්තඃපුරයෙහි බොහෝ සිවි කන්‍යාවෝ හිසැ අත් බැඳැගෙන හැඬූහු.
Pali BJT6246. සාලාව සම්පමථිතා මාලුතෙන පමද්දිතා, සෙන්ති පුත්තා ච දාරා ච වෙස්සන්තරනිවෙසනෙ.
Sinhala BJT6246. වෙස්සන්තර මාලිගාවෙහි අඹුදරුවෝ ද පවනින් මඩනා ලදු වැ ඇලලගිය සල්වනයක් මෙන් ඇදැවැටෙති.
Pali BJT6247. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, බාහා පග්ගය්හ පක්කන්දුං වෙස්සන්තරනිවෙසනෙ,
Sinhala BJT6247. වෙස්සන්තර මාලිගාවෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
Pali BJT6248. හත්ථාරූහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, බාහා පග්ගය්හ පක්කන්දුං වෙස්සන්තරනිවෙසනෙ.
Sinhala BJT6248. වෙස්සන්තර මාලිගාවෙහි අසරුවෝ ද ඇතරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද හිසැ අත් බැඳගෙන හැඬූහ.
Pali BJT6249. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, අථ වෙස්සන්තරො රාජා දානං දාතුං උපාගමි.
Sinhala BJT6249. ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන වේලෙහි වෙසතුරු රජ දන් දෙන පිණිස පැමිණියේ යැ.
Pali BJT6250. වත්ථානි වත්ථකාමානං සොණ්ඩානං දෙථ වාරුණිං. භොජනං භොජනත්ථිනං සම්මා දෙථ{2} පචෙච්ඡථ.
Sinhala BJT6250. වස්ත්‍ර කැමැත්තනට වස්ත්‍ර ද රහසොඬුනට මත්පැන් ද බොජුන් කැමැතියනට බොජුන් ද මැනැවින් දෙවයි (සැටදහසක් ඇමැතියනට එහි) පැමිණෙව යි කී.
Pali BJT6251. මා ච කඤ්චි වණිබ්බකෙ හෙඨයිත්ථ ඉධාගතෙ, තප්පෙථ අන්නපානෙන ගච්ඡන්තු පටිපූජිතා.{*}
Sinhala BJT6251. මෙහි ආ කිසි යදියකු නො පෙළවු. ආහාරපානයෙන් පිණවවු. මා විසින් පුදනලදු වැ පෙරළා යෙත්වා!
Pali BJT6252. තෙසු මත්තා කිළන්තාව සම්පතන්තී වණිබ්බකා, නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6252. සිවිරට වර්ධනය කරන රජතුමන් නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් බිම ඇදැවැටෙති.
Pali BJT6253. අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං සබ්බකාමදදං දුමං, යථා වෙස්සන්තරං රට්ඨා පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6253. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් නොයෙක් පල දරන රුකක් සිඳැලූහ.
Pali BJT6254. අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං නානාඵලධරං දුමං, යථා වෙස්සන්තරං රට්ඨා පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6254. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් හැම කැමැතිදෑ දෙන රුකක් සිඳැලූහ.
Pali BJT6255. අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං සබ්බකාමරසාහරං, යථා වෙස්සන්තරං රට්ඨා පබ්බාජෙන්ති අදූසකං.
Sinhala BJT6255. භවත්නි, නිදොස් වෙසතුරු රජ යම්සේ රටින් නෙරපියත් ද ඔහු එකත්නෙන් සියලු කැමැති රස එළවන රුකක් සිඳැලූහ.
Pali BJT6256. යෙ වුද්ධා යෙ ච දහරා යෙ ච මජ්ඣිමපොරිසා, බාහා පග්ගය්හ පක්කන්දුං; නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6256. සිවිරට වඩන මහරජ නික්මෙන කලැ බාල වූ ද වෘද්ධ වූ ද මධ්‍යම වූ ද යම් පුරුෂ කෙනෙක් ඇද්ද (එ හැම දෙන) හිසැ අත් බැඳැගෙන හැඬූහ.
Pali BJT6257. අතියක්ඛා වස්සවරා ඉත්ථාගාරඤ්ච රාජිනො, බාහා පග්ගය්හ පක්කන්දුං; නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6257. සිවිරට වඩන මහරජ නික්මැ යන කලැ භූතවිද්‍යාධරයෝ ද බීජෝද්ධරණ කළ අන්තඃපුර පාලකයෝ ද ඇතොවුරෝ ද රජවරු ද හිසැ අත් බැඳැගෙන හැඬූහ.
Pali BJT6258. ථියොපි තත්ථ පක්කන්දුං යා තම්හි නගරෙ අහු, නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6258. සිවිරට වඩන මහරජ නික්මැයන කලැ එනුවර යම් ස්ත්‍රීහු වූහු නම් ඔහු ද එහි හැඬූහ.
Pali BJT6259. යෙ බ්රාහ්මණා යෙ ච සමණා අඤ්ඤෙවාපි වණිබ්බකා, බාහා පග්ගය්හ පක්කන්දුං අධම්මො කිර භො ඉති.
Sinhala BJT6259. බමුණු යැ මහණ යැ තවද ගුණකියන යදියෝ යැ යන යම් කෙනෙක් ඇද්ද එ හැමදෙන භවත්නි, අධර්‍මයෙකැ යි හිසැ අත් බැඳැගෙන හැඬූහ.
Pali BJT6260. යථා වෙස්සන්තරො රාජා යජමානො සකෙ පුරෙ, සිවීනං වචනත්ථෙන සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJT6260. වෙසතුරු රජ යම්සේ සිය නුවර දන් දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සියරටින් නික්ම යා ද,
Pali BJT6261. සත්ත හත්ථිසතෙ දත්වා සබ්බාලඞ්කාරභූසිතෙ, සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ හෙමකප්පනවාසසෙ.
Sinhala BJT6261-62. සව්බරණින් සරසනලද රන්පොරොදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහසිරුරැති, අඩයටි අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැඟි ඇතුන් සත්සියක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මෙ වෙසතුරු රජ සියරටින් නික්මැ යයි.
Pali BJT6262. අරූළ්හෙ ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6263. සත්ත අස්සසතෙ දත්වා සබ්බාලඞ්කාරභූසිතෙ, ආජානීයෙ ච ජාතියා සින්ධවෙ සීඝවාහනෙ.
Sinhala BJT6263-6264. දුනුහී ධරන අසරුවන් නැඟි සව්බරණින් සදනලද වෙලෙවි ගමන් ඇති සින්දුදේශයෙහි උපන් ආජානේය (ස්වාමියාගේ අදහස දන්නා) අසුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සිය රටින් නික්මැ යයි.
Pali BJT6264. ආරූළ්හෙ ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6265. සත්ත රථසතෙ දත්වා සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යඝ්ගෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT6265-6266. දුනුහී ඵලකායුධ ගත් අත් ඇති රියසරුවන් නැඟි දිවිසමින් හා ව්‍යාඝ්‍රසමින් වට කළ සියලු අලංකාරයෙන් සරහන ලද නඟනලද ධ්වජ ඇති සන්නද්ධ රථ පන්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
Pali BJT6266. අරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6267. සත්ත ඉත්ථිසතෙ දත්වා එකමෙකා රථෙ ඨිතා, සන්නද්ධා නික්ඛරජ්ජූහි සුවණ්ණෙන අලඞ්කතා.
Sinhala BJT6267-6268. රන්බරණින් සැදි, රන්පමුයෙන් (හවඩියෙන්) බඳනා ලද කසාවන් ලකර ඇති, කසාවන් වස්ත්‍ර ඇති, කසාවන් අබරණින් සරසන ලද විසල් ඇස් ගඬ ඇති, මඳසිනා පෙරදැරි කථා ඇති, මනා උකුළු ඇති, සිහිනිඟ ඇති සත්සියක් ස්ත්‍රීන් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
Pali BJT6268. පීතාලඞ්කාරා පීතවසනා පීතාභරණභූසිතා, ආළාරපඛුමා{1} හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා; එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6269. සන්ත ධෙනුසතෙ දත්වා සබ්බා කංසූපධාරණා,{1} එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJT6269. එකෙකි දෙන රිදීමුවා කිරිදෝනා බඳුන් සහිත වැ දෙනුන් සත්සියක් දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
Pali BJT6270. සත්තදාසීසතෙ දත්වා සත්තදාසසතානි ච එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJT6270. සත් සියයක් දාසියන් ද සත් සියයක් දාසයන් ද දන්දී මෙ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.
Pali BJT6271. හත්ථි අස්සෙ රථෙ දත්වා නාරියො ච අලඞ්කතා, එස වෙස්සන්තරො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJT6271. ඇතුන් ද අසුන් ද රිය ද සරසනලද ස්ත්‍රීන් ද දන් දී මෙ වෙසතුරු රජ සියරටින් නික්මෙයි.
Pali BJT6272. තදාසිං යං භිංසනකං තදාසි ලොමහංසනං, මහාදානෙ පදින්නම්හි මෙදිනී සමකම්පථ.
Sinhala BJT6272. මහදන් දුන් කල්හි මහපොළොව කම්පා විය. එකලැ බිහිසුණු බවෙක් විය. එකල ලොමුදහගැන්මෙක් විය.
Pali BJT6273. තදාසිං යං භිංසනකං තදාසි ලොමහංසනං, යං පඤ්ජලිකතො රාජා සම්හා රට්ඨා නිරජ්ජති.
Sinhala BJT6273. යම් කලෙකැ ඇඳිලි බැඳි රජ සියරටින් නික්මැ ගියේ ද එකලැ බිහිසුණු බවෙක් විය. එකලැ ලොමුදහගැන්මෙක් වී.
Pali BJT6274. අථෙත්ථ වත්තතී සද්දො තුමුලො භෙරවො මහා, දානෙන තං නීහරන්ති පුන දානං අදා තුවං.
Sinhala BJT6274. ඉක්බිති “දන්දීම් හේතුවින් තොප රටින් නෙරති. ඒ තෙපි යළිදු දන් දුන්හු” යයි මහත් බිහිසුණු ඝෝෂයෙක් පවතී.
Pali BJT6275. තෙසු මත්තා කිලන්තා ච සම්පතන්ති වණිබ්බකා, නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6275. සිවීන්ගේ රට වඩන වෙසතුරු රජ (සියරටින්) නික්මෙන කලැ ඒ මහාජනකාය අතුරෙහි ගුණකියා යදනා යදියෝ මත් වූවන් මෙන් ක්ලාන්ත වූවන් මෙන් ඇදවැටෙති.
Pali BJT6276. ආමන්තයිත්ථ රාජානං සඤ්ජයං ධම්මිනං වරං, අවරුද්ධසි මං දෙව වඞ්කං{2} ගච්ඡාමි පබ්බතං.
Sinhala BJT6276. දැහැමි රජුන් අතුරෙහි උතුම් වූ සඤ්ජය රජ ඇමතී: දේවයිනි තෙපි මා රටින් නෙරපියව. මම වඞ්කගිරියට යෙමි’ යි.
Pali BJT6277. යෙ හි කෙචි මහාරාජ භූතා යෙ ච භවිස්සරෙ, අතිත්තා යෙව කාමෙහි ගච්ඡන්ති යමසාධනං.
Sinhala BJT6277. මහරජතුමනි, යම් කෙනෙක් (අතීතයෙහි) වූහු ද (අනාගතයෙහි) වන්නාහු ද (වර්‍තමානයෙහි වෙත් ද) ඔහු හැම දෙන කාමයෙන් තෘප්ත නො වූවාහු මැ මරණයට යෙති.
Pali BJT6278. සොහං සකෙ අභිසසිං යජමානො සකෙ පුරෙ, සිවීනං වචනත්ථෙන සම්හා රට්ඨා නිරජ්ජහං.
Sinhala BJT6278. ඒ මම සියනුවරැ දන් දෙන්නෙම් තමාගේ නුවර වැසියන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි.
Pali BJT6279. අඝං තං පතිසෙවිස්සං වනෙ වාළමිගාකිණ්ණෙ, ඛග්ගදීපිනිසෙවිතෙ අහං පුඤ්ඤානි කරොමි; තුම්හෙ පඞ්කම්හි සීදථ.
Sinhala BJT6279. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි (මඩෙහි) ගැලෙව.
Pali BJT6280. අනුජානාහි මං අම්ම පබ්බජ්ජා මම රුච්චති, සොහං සකෙ අභිසසිං යජමානො සකෙ පුරෙ. සිවීනං වචනත්ථෙන සම්හා රට්ඨා නිරජ්ජහං.
Sinhala BJT6280. මෑණියෙනි, මට (පැවිදි) අනුදනුව, මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සියනුවරැ දන් දෙන්නම් සියනුවරුන් පෙළීමි. ඒ මම සිවිරටවැසියන්ගේ වචන හේතුවින් සියරටින් නික්මෙන්නෙමි.
Pali BJT6281. අඝං තං පතිසෙවිස්සං වනෙ වාළමිගාකිණ්ණෙ, ඛග්ගදීපිනිසෙවිතෙ අහං පුඤ්ඤානි කරොමි; තුම්හෙ පඞ්කම්හි සීදථ.
Sinhala BJT6281. කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනාලද වල්මුවන් ගැවැසිගත් මහවෙනෙහි විඳියැයුතු ඒ දුක් විඳිනෙමි. මම පින් කෙරෙමි. තෙපි කාමපඞ්කයෙහි ගැලෙව.
Pali BJT6282. අනුජානාමි තං පුත්තං පබ්බජ්ජා තෙ සමිජ්ඣතු, අයඤ්ච මද්දී කල්යාණී සුසඤ්ඤා තනුමජ්ඣිමා; අච්ඡතං සහ පුත්තෙහි කිං අරඤ්ඤෙ කරිස්සති.
Sinhala BJT6282. පුත, පැවිදි අනුදනිමි. තොපගේ පැවිදි සමෘද්ධ වේවා, වැළිත් මනා උකුළු ඇති සිහිනිඟ ඇති යහපත් වූ මේ මද්‍රී දේවි දරුවන් හා සමග මෙහි මැ සිටීවා, වෙනෙහි කුමක් කරන්නී ද?
Pali BJT6283. නාහං අකාමා දාසිම්පි අරඤ්ඤං නෙතුමුස්සහෙ, සචෙ ඉච්ඡති අන්වෙතු සචෙ නිච්ඡති අච්ඡතු.
Sinhala BJT6283. නො කැමැත්තෙන් දාසියක ද වනයට ගෙනයන්නට මම උත්සාහ නො කෙරෙමි. ඉදින් ඕ කැමැති වූ නම් මා අනුව ඒවා, ඉදින් නො කැමැති වූ නම් සිටීවා.
Pali BJT6284. තතො සුණ්හං මහාරාජා යාචිතුං පටිපජ්ජථ, මා චන්දන සමාචාරෙ රජොජල්ලං අධාරයි.
Sinhala BJT6284. ඉක්බිති (පිය) මහරජ (පුතුගේ කථා අසා) ලෙහෙලිය යදනට පිළිපන්නේ යැ: රත්සඳුන් අලෙව් දුන් සිරුරෙහි රජස්දැලි නො දරව.
Pali BJT6285. මා කාසියානි ධාරෙත්වා කුසචීරමධාරයි, දුක්ඛො වාසො අරඤ්ඤස්මිං මා හි ත්වං ලක්ඛණෙ ගමි.
Sinhala BJT6285. කසීසළු ධරා කුසවැහැරි නො ධරව. වෙනෙහි වාසය දුකෙකි. සුන්‍දරලක්‍ෂණ ඇත්තිය, තෙපි නො යව.