Pali BJT6091. එකරත්තෙන උභයො තුවං ච ධනුසෙඛවා, උභො ජාතෙත්ථ පඤ්චාලා පහායා සුසමාවයා.
Sinhala BJT6091-6092. තෙපි ද, මේ ධනුශෙඛර කුමාරයා ද යන දෙදෙන ම එක්මැ රැයෙක මේ නගරයෙහි මැ උපන් පඤ්චාලයෝ ය. සම වයස්හි යහළුවෝ වූහ. හේ ජනපද චාරිකායෙහි නොහැර පසුගමන් කෙළේ යැ, තොප හා සමාන සුව දුක් ඇත්තේ යැ. දිවා රාත්‍රි උත්සාහවත් වැ සියලු කටයුත්තෙහි නිරත ය. කවර දෝෂයෙකින් යහළුවා දිය රකුසාට දෙන්නෙහිද?
Pali BJT6092. චරියා තං අනුබන්ධිත්ථො එකදුක්ඛසුඛො තව, උස්සුක්කො තෙ දිවාරත්තිං සබ්බකිච්චෙසු ව්යාවටො; සහායං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6093. චරියාය{1} අයං අය්යෙ පජග්ඝිත්ථො{2} මයා සහ, අජ්ජාපි තෙන වණ්ණෙන අතිවෙලං පජග්ඝති.{3}
Sinhala BJT6093. ආර්‍ය්‍යාවනි, මේ තෙම කුඩා කලැ මා සමග හැසිරෙන කල්හි මහහඬින් සිනාසුනේ යැ, අද ද පෙරැ සේ මා සමග සීමා ඉක්මවා මහහඬින් සිනාසෙයි.
Pali BJT6094. උබ්බරියාපි{4} මෙ අය්යෙ මන්තයාමි රහොගතො, අනාමන්තා පවිසති පුබ්බෙ අප්පටිවෙදිතො.
Sinhala BJT6094. ආර්‍ය්‍යාවනි, නන්‍දා දේවිය සමග රහෝගත වැ මන්ත්‍රණයෙහි යෙදෙන විටද කලින් නො දන්වා නො විමසා ඇතුළු ගබට ද පිවිසෙයි.
Pali BJT6095. ලද්ධවාරො කතොකාසො අහිරිකං අනාදරං, සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT6095. වාරය ලදුයෙමි. කළ අවකාශ ඇත්තෙමි යි ලජ්ජා නැති ආදර නැති යහළුවා ඒ දෝෂයෙන් මම දියරකුසාට දෙන්නෙමි.
Pali BJT6096. කුසලො සබ්බනිමිත්තානං රුදඤ්ඤූ ආගතාගමො, උප්පාදෙ{5} සුපිනෙ යුත්තො නිය්යාණෙ ච පවෙසනෙ.
Sinhala BJT6096. සියලු නිමිත්තෙහි දක්‍ෂවූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්‍ද්‍ර සූර්‍ය්‍ය ග්‍රහණ උල්කාපාත දික්දාහ ආදි උත්පාතයන් හා ස්වප්නයන්හි ඉෂ්ටානිෂ්ට ඵල දැනීමෙහි යෙදුණු ගෙන් පිටවීමෙහි හා ගෘහප්‍රවේශයෙහි ද ශුභාශුභ කීමෙහි දක්‍ෂ වූ,
Pali BJT6097. පද්ධො{6} භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්තපදකොවිදො, බ්රාහ්මණං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT6097. භූමියෙහි හා අන්තරීක්‍ෂයෙහි ද ගුණදොස් කීමට සමර්‍ත්‍ථ වූ නක්‍ෂත්‍රපදයෙහි ඵලාඵල දැන්මෙහි දක්‍ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද?
Pali BJT6098. පරිසායම්පි මෙ අය්යෙ මීලයිත්වා{7} උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT6098. ආර්‍ය්‍යාවනි, මේ තැනැත්තා පිරිස් මැද ද මා දෙසැ ඇස දල්වා බලයි. එනිසා රෞද්‍ර වූ බැම නැගීම් ඇති බ්‍රාහ්මණයා මම දිය රකුසාට දෙන්නෙමි.
Pali BJT6099. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, වසුන්ධරං ආවසසි අමච්චපරිවාරිතො.
Sinhala BJT6099. ඇමතියන් විසින් පිරිවරනලද තෙපි සමුදුර සිසාරා ඇති මහා සාගරයට කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරන පෘථිවියෙහි වාස කරන්නහු ය.
Pali BJT6100. චාතුරන්තො මහාරට්ඨො විජිතාවී මහබ්බලො, පථව්යා එකරාජාසි යසො තෙ විපුලංගතො.
Sinhala BJT6100. සතර මහාසාගරය හිම්කොට ඇති මහරටක් ඇත්තහු යැ, දිනූ සඞ්ග්‍රාම ඇත්තහු යැ, මහාබල ඇත්තහු යැ, මුළුලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත් බවට ගියේය.
Pali BJT6101. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, නානාජනපදා නරියො{8} දෙවකඤ්ඤූපමා සුභා.
Sinhala BJT6101. පැළඳි මිණිකොඬොල් ඇති දිව්‍යකන්‍යාවන් හා සමාන විවිධ ජනපදයනට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
Pali BJT6102. එවං සබ්බඞ්ගසම්පන්නං සබ්බකාමසමිද්ධිනං, සුඛිතානං පියං දීඝං ජීවිතං ආහු ඛත්තිය.
Sinhala BJT6102. මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්‍වාඞ්ග සම්පූර්‍ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්‍ඝ වූයේ ද ප්‍රිය යැ යි පණ්ඩිතයෝ කියත්.
Pali BJT6103. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජසි දුච්චජං.
Sinhala BJT6103. එසේ ඇති කලැ, ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකැර ගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැපියන්නහු ද?
Pali BJT6104. යතොපි ආගතො අය්යෙ මම හත්ථං මහොසධො, නාභිජානාමි ධීරස්ස අනුමත්තම්පි දුක්කතං.
Sinhala BJT6104. ආර්‍ය්‍යාවනි, මහෞෂධ පණ්ඩිත තෙම යම් දවසක මා වෙත පැමිණියේ ද එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නො දනිමි.
Pali BJT6105. සචෙ ච කිස්මිචි කාලෙ මරණං මෙ පුරෙ සියා, පුත්තෙ ච මෙ පපුත්තෙ ච{1} සුඛාපෙය්ය මහොසධො.
Sinhala BJT6105. ඉදින් කිසි කලෙකැ මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධ වේ ද, මහෞෂධ පණ්ඩිත තෙම මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේ ය.
Pali BJT6106. අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති, අනාපරාධකම්මන්තං න දජ්ජං දකරක්ඛිනො.
Sinhala BJT6106. අනාගත වර්‍තමාන සකලාර්‍ත්‍ථයන් මනාව දකී. නිරපරාධී ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නො දෙමි.
Pali BJT6107. ඉදං සුණොථ පඤ්චාලා චූළනීයස්ස{2} භාසිතං, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං.
Sinhala BJT6107. පඤ්චාලරට වැසියනි, චූලනී රජුගේ මේ වචන අසත්වා. මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි තම දිවි හරියි.
Pali BJT6108. මාතු භරියාය භාතුච්ච සඛිනො බ්රාහ්මණස්ස ච, අත්තනො චාපි පඤ්චාලො ඡන්නං චජති ජීවිතං.
Sinhala BJT6108. පඤ්චාල රජ මවගේ ද, බිරිඳගේ ද, සොහොයුරාගේ ද, යහළුවාගේ ද, පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද, තමාගේ ද යන සදෙනාගේ දිවි පණ්ඩිතයන් සඳහා හැරැයෙයි.
Pali BJT6109. එවං මහත්ථිකා{3} පඤ්ඤා නිපුණා සාධුචින්තනී, දිට්ඨධම්මෙ{4} හිතත්ථාය සම්පරායෙ සුඛාය ච.
Sinhala BJT6109. සූක්‍ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්‍ත්‍ථ ඇත්තී ය. යහපත් චින්තා ඇත්තී ය. මෙලොව හිත පිණිස ද, පරලෝ සුව පිණිස ද පවත්නී ය.
Pali BJTදකරක්ඛසපඤ්හො.
Sinhala BJTඋදකරාක්‍ෂස ප්‍රශ්නය යි.
Pali BJT6110. භෙරි උප්පලවණ්ණාසි පිතා සුද්ධොදනො අහු, මාතා ආසි මහාමායා අමරා බිම්මසුන්දරී.
Sinhala BJT6110. උත්පලවර්‍ණා තොමෝ එකලැ භේරී පරිබ්‍රාජිකාව වූවා ය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මව ද බිම්බා දේවී අමරා දේවී ද වූවා ය.
Pali BJT6111. සුවො අහොසි ආනන්දො සාරිපුත්තොසි චූළනී, මහොසධො ලොකනාථො එවං ධාරෙථ ජාතකං.{*}
Sinhala BJT6111. ආනන්‍ද ස්ථවිර සුව පෝතක විය. ශාරීපුත්‍ර ස්ථවිර චූලනී බ්‍රහ්මදත්ත රජ විය. මහෞෂධ පණ්ඩිත තෙම මෙකලැ ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ය යි මෙසේ ජාතකය දරවු.
Pali BJTමහාඋම්මග්ගජාතකං නවමං.
Sinhala BJTනවවැනි මහාඋම්මග්ග ජාතක යි.
Pali BJT10. මහාවෙස්සන්තරජාතකං
Sinhala BJT10. මහාවෙස්සන්තර ජාතකය
Pali BJT6112. ඵුසතී{1} වරවාණ්ණභෙ වරස්සු දසධා වරෙ, පථව්යා චාරුපුබ්බඞ්ගී යං තුය්හං මනසො පියං.
Sinhala BJT6112. සක්දෙව් රජ: ඵුසතී බිසොවුනි, උතුම් පැහැසපුවෙන් යුත් තැනැත්තිය, දසවිධ වරයක් ලැබැ ගන්න. උතුම් ලකුණින් හොබනා තැනැත්තිය, පොළොවෙහි යමක් තොප සිතට ප්‍රිය නම් එය ගන්න.
Pali BJT6113. දෙවරාජ නමො ත්යත්ථු කිං පාපං පකතං මයා, රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං.
Sinhala BJT6113. ඵුසතීදේවි: දෙව්රජ, ඔබහට නමස්කාර වේවා! මා කවර නම් පවක් කරන ලද ද? සැඬපවන රුකක් හෙළන්නා සේ කුමක් හෙයින් යහපත් තැනින් මා පහ කෙරෙත් ද?
Pali BJT6114. න චෙව තෙ කතං පාපං න ච මෙ ත්වමසි අප්පියා, පුඤ්ඤඤ්ච තෙ පරික්ඛීණං යෙන තෙවං වදාමහං.
Sinhala BJT6114. තොප කළ පවෙක් නැත. තෙපි මට අප්‍රිය ද නොවන්නහු. යම් හෙයෙකින් තොපට මෙසේ පවසම් ද ඒ තොපගේ පින් පිරිහුණු බැවිනි.
Pali BJT6115. පන්තිකෙ මරණං තුය්හං විනාභාවො භවිස්සති, පතිග්ගණහාහි මෙ එතෙ වරෙ දස පචෙච්ඡතො.
Sinhala BJT6115. තොපගේ මරණය ආසන්න ය. (අප කෙරෙන්) වෙන් වීම සිදු වන්නේ ය. මා දෙන මේ දසවිධ වරය පිළිගනු.
Pali BJT6116. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, සිවිරාජස්ස භද්දන්තෙ තත්ථ අස්සං නිවෙසනෙ.
Sinhala BJT6116. සව්සතුනට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙවු නම් ඔබහට අභිවෘද්ධියක් වේවා පින්වත, සිවිරජුගේ භවනෙහි අගමෙහෙසි වෙම්වා.
Pali BJT6117. නීලනෙත්තා නීලභමූ නිලක්ඛී ච යථාමිගී, ඵුසතී නාම නාමෙන තත්ථස්සං පුන්දදරි.
Sinhala BJT6117. සක්දෙව් රජුනි, නිල්වන් ඇස් ඇති මුවැත්තියක සේ නිල්වන් නෙත් නිල්වන් බැම ඇත්තක් වෙම්වා. එහිදු ඵුසතී නමින් යුතු වෙම්වා.
Pali BJT6118. පුත්තං ලභෙථ වරදං යාචයොගං{2} අමච්ඡරිං, පූජිතං පතිරාජෙහි කිත්තිමන්තං යසස්සිනං.
Sinhala BJT6118. කැමැති සම්පත් දෙන ඉල්වන්නට සුදුසු නොමසුරු කීර්ති ඇති පිරිවර ඇති යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා.
Pali BJT6119. ගබ්භං මෙ ධාරයන්තියා මජ්ඣිමඞ්ගං අනුන්නත,{3} කුච්ඡි අනුන්නතො අස්ස චාපංව ලිඛිතං සමං.
Sinhala BJT6119. ගැබ් දරන මාගේ කුස උස් නො වේවා. සමසේ ලියවුණු දුනුමිටක් සෙයින් උස් නො වූ මැද පෙදෙස වේවා.
Pali BJT6120. ථනා මෙ නප්පපතෙය්යුං පලිතා නස්සන්තු වාසව, කායෙ රජො න ලිප්පෙථ වජ්ඣං චාපි පමොචයෙ.
Sinhala BJT6120. සක්දෙව් රජුනි, මගේ පියොවුරු නො එල්බේවා. පැසුණු හිසකෙස් නො පැනේවා. සිරුරෙහි රජස් නො වැකේවා. වධයට පත් වූවන් මුදන්නට ද සමත් වෙම්වා.
Pali BJT6121. මයූරකොඤ්චාභිරුදෙ නාරීවරගණායුතෙ, ඛුජ්ජචෙලාපකාකිණ්ණෙ{4} සූතමාගධවණ්ණිතෙ.
Sinhala BJT6121. පින්වත් සක්දෙව් රජුනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කැරෙන නද ඇති, උත්තම කාන්තාවන් ගැවැසෙන, කුරුන් කුදුන් හා ළදරුවන් බලවතුන් (රජමැදුර රකින රාජ පුරුෂයන්) ගෙන් ආකීර්‍ණ, වන්‍දිභට්ටයන් හා කිළිඟුන් විසින් කැරුණු වැණුම ඇති,
Pali BJT6122. චිත්රග්ගළෙරුඝුසිතෙ{1} සුරාමංසප්පබොධනෙ, සිවිරාජස්ස භද්දන්තෙ තත්ථ අස්සං මහෙසියා.
Sinhala BJT6122. පසඟතුරු රැවට බඳු කන්කලු රැවින් යුත් මනහර විසිතුරු සත්රුවනින් හෙබි දොරකවුළු ඇති සුරාමසින් ප්‍රබෝධ වන මිනිසුන් ඇති ඒ මැදුරෙහි සිවිරජහට අගමෙහෙසුන් තන්හි වෙම්වා.
Pali BJT6123. යෙ තෙ දස වරා දින්නා මයා සබ්බඞ්ගසොභනෙ, සිවිරාජස්ස විජිතෙ{2} සබ්බෙ තෙ ලච්ඡසී වරෙ.
Sinhala BJT6123. සක්දෙව් රජ: සියලු අඟපසඟින් හොබනා තැනැත්තිය, මා විසින් යම් දසවර කෙනෙක් තොපට දෙන ලද ද ඒ සියලු වර සිවිරජුගේ රාජ්‍යයෙහි දී ලබන්නහු ය.
Pali BJT6124. ඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, ඵුසතියා{3} වරං දත්වා අනුමොදිත්ථ වාසවො.
Sinhala BJT6124. මෙපවත් කියා සුජාගේ හිමි වූ මඝවත් නම් සක්දෙව්රජ ඵුසතියට දසවරය දී සතුටු සිත් ඇත්තේ විය.
Pali BJTදසවරගාථා.
Sinhala BJTදසවර ගාථා යි.
Pali BJT6125. {*}තතො චුතා සා ඵුසතී ඛත්තියො උපපජ්ජථ, ජෙතුන්තරම්භි නගරෙ සඤ්ජයෙන සමාගමී.
Sinhala BJT6125. ඒ දෙව්ලොවින් චුත වූ ඒ ඵුසතී තොමෝ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නා ජේතුත්තර නුවර සඤ්ජය කුමරු හා එක් (මෙහෙසි) වූවා ය.
Pali BJT6126. දස මාසෙ ධාරයිත්වාන කාරොන්තී පුරපදක්ඛිණං, වෙස්සානං විථිසා මජ්ඣෙ ජනෙසි ඵුසතී මමං.
Sinhala BJT6126. ඵුසතී තොමෝ දසමසක් මුළුල්ලෙහි කුසින් දරා නුවර පැදකුණු කරන්නී වාණිජවීථිය මැදැ කරවූ සූතිඝරයෙහි මා ප්‍රසූත කළා.
Pali BJT6127. න මය්හං මත්තිකං නාමං නපි පෙත්තිකසමභවං, ජාතොම්හි වෙස්සවීථියං තස්මා වෙස්සන්තරො අහු.
Sinhala BJT6127. මාගේ (වෙසතුරු) නම මවුපසට අයත් නො වෙයි. පියපසට ද අයත් නො වෙයි. යම් හෙයෙකින් වෙළෙඳ වීථියක උපනිම් ද එහෙයින් වෙසතුරු නම් වීමි.
Pali BJT6128. යදාහං දාරකො හොමි ජාතියා අට්ඨවස්සිකො, තදා නිසජ්ජ පාසාදෙ දානං දාතුං විචින්තයිං.
Sinhala BJT6128. මම යම් කලෙක උපතින් අට හැවිරිදි දරුවීම් ද එ කලැ පහයෙහි (පලක් බැඳ) හිඳැ දන් දෙන්නට සිතීමි.
Pali BJT6129. හදයං දදෙය්යං චක්ඛුම්පි මංසම්පි රුධිරම්පි ච, දදෙය්යං කායං සාවෙත්වා යදි කොචි යාචයෙ{4} මමං.
Sinhala BJT6129. ඉදින් කිසිවෙක් මා යදනේ නම් (ඕහට) හදවත ද ඇසුදු මසුදු ලෙහෙදු දෙනුයෙම්, කය ද දස්බව අස්වා දෙන්නෙමි.
Pali BJT6130. සභාවං චින්තයන්තස්ස අකම්පිතමසණ්ඨිතං, අකම්පි තත්ථ පඨවී සිනෙරුවනවටංසකා.
Sinhala BJT6130. මසුරු බැව්හි නො පිහිටි අචල වූ දන් දියටි ස්වභාවය සිතන වෙසතුරු කුමරුහුගේ සිත අනුව මෙරගල මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ.
Pali BJT6131. පරූළ්හකච්ඡනඛලොමා පංකදන්තා රජස්සිරා, පග්ගය්හ දක්ඛිණං බාහුං කිං මං යාචන්ති බ්රාහ්මණා.
Sinhala BJT6131. දික් වූ කිහිලි ලොම් නිය වෙරලොම් ඇති මල හුන් දත් ඇති ධූලි වගුළ කෙහෙ ඇති බමුණෝ දකුණ’ත නඟා මා අතින් කුමක් ඉල්වත් ද? (කුමර ඇසී).
Pali BJT6132. රතනං දෙව යාචාම සිවීනං රට්ඨවඩ්ඪන, දදාහි පවරං නාගං ඊසාදන්තං උරූළ්හවං.
Sinhala BJT6132. සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ. කවර රුවනෙක යත්: රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත් රුවන දුන මැනවි.
Pali BJT6133. දදාමි න විකම්පාමි යං මං යාචන්ති බ්රාහ්මණා, පභින්නං කුඤ්ජරං දන්තිං ඔපවුය්හං ගජුත්තමං.
Sinhala BJT6133. බමුණෝ මා අතින් යමක් ඉල්වත් ද ගිලියෙන මද ඇති මනාදළ ඇති රාජවාහන වූ උතුම් ඇත්රජහු දෙමි. කම්පිත නො වෙමි.
Pali BJT6134. හත්ථික්ඛන්ධතො ඔරුය්හ රාජා චාගාධිමානසො, බ්රාහ්මණානං අදා දානං සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT6134. සිවිරට වඩන වෙසතුරු මහරජ ත්‍යාගයෙහි පිහිටි සිත් ඇති වැ ඇත් කඳින් බැසැ බමුණන්ට ඇත්රජු දන් දින.
Pali BJT6135. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, හත්ථිනාගෙ පදින්නම්හි මෙදිනී සමකම්පථ.
Sinhala BJT6135. උතුම් ඇත්රජු දුන් කල්හි පොළොව සැලිණ. එසඳ යම් බිහිසුණු බවක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.
Pali BJT6136. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, හත්ථිනාගෙ පදින්නම්හි ඛුබ්භීත්ථ නරං තදා.
Sinhala BJT6136. ඇත්රජු දුන් කල්හි නුවර කැළැඹිණ, එදා යම් භිංසනකයෙක් වී ද එසඳ ලොමුදහගැන්ම වී.
Pali BJT6137. සමාකුලං පුරං ආසි ඝොසො ච විපුලො මහා, හත්ථිනාගෙ පදින්නම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6137. සිවිරට වඩන ඇත්රජහු දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂයෙක් ද වී.
Pali BJT6138. අථෙත්ථ වත්තති සද්දො තුමුලො භෙරවො මහා, හත්ථිනාගෙ පදින්නම්හි මෙදිනී සමකම්පථ.
Sinhala BJT6138. ඇත්රජු දුන් කල්හි පොළොව කම්පා විය. එසඳ එහි මහත් වූ බිහිසුණු හඬෙක් පවතී.
Pali BJT6139. {*}අථෙත්ථ වන්තතී සද්දො තුමුලො භෙරවො මහා, හත්ථිනාගෙ පදින්නම්හි ඛුබ්භිත්ථ නගරං තදා
Sinhala BJT6139. එසඳ ඇත්රජු දුන් කල්හි නුවර කැළඹිණ. ඉක්බිති එහි පැතිර උස් වූ බිහිසුණු මහ හඬෙක් පවතී.
Pali BJT6140. අථෙත්ථ වත්තතී සද්දො තුමුලො භෙරවො මහා, හත්ථිනාගෙ පදින්නම්හි සිවීනං රට්ඨවඩ්ඪනෙ.
Sinhala BJT6140. සිවිරට වඩන උතුම් ඇතු දන් දුන් කලැ මහත් බිහිසුණු විශාල හඬෙක් ඒ නගරයෙහි පවතී.
Pali BJT6141. උග්ගා ච රාජපුත්තා ච වෙසියානා ච බ්රාහ්මණා, හත්ථාරුහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා.
Sinhala BJT6141. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෙළෙඳෝ ද, බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද-
Pali BJT6142. කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා, දිස්වා නාගං නීයමානං තෙ රඤ්ඤො පටිවෙදයුං.
Sinhala BJT6142. මුළු නියම්ගම් වැසි කෙලෙඹියෝ ද සිවිරට වැසියෝ ද එක්රැස් වැ ඇතු රැගෙන යනු දැකැ (පිය) රජුට සැලකළාහ.
Pali BJT6143. විධමං දෙව තෙ රට්ඨං පුත්තො වෙස්සන්තරො තව, කථං නො හත්ථිනං දජ්ජා නාගං රට්ඨස්ස පූජිතං.
Sinhala BJT6143. දේවයන් වහන්ස, තොපගේ රට නසමින් තොපගේ පුත් වෙසතුරු රජ රටවැසියා පිදූ අපගේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේ නම් දෙන්නේ ද?
Pali BJT6144. කථං නො කුඤ්ජරං දජ්ජා ඊසාදන්තං උරූළ්හවං, ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං සබ්බසෙතං ගජුත්තමං.
Sinhala BJT6144. රියහිස් බඳු දළ ඇති බර උසුලනු සමත් සියලු යුදයෙහි ජයභූමි දත් හැම අවයව සුදු වූ අපගේ උතුම් ඇතු කෙසේ නම් දෙන්නේ ද?
Pali BJT6145. පණ්ඩුකම්බලසඤ්ඡන්නං පභින්නං සත්තුමද්දනං, දන්තිං සවාළවිජනිං සෙතං කෙලාසසාදිසං.{1}
Sinhala BJT6145. රත්පලසින් වැසුණු මද වැහෙනු වූ සතුරන් මඩනා මනා දළ ඇති කෛලාසකූට පර්‍වතයට බඳු සුදුපැහැති චාමර සහිත,
Pali BJT6146. සසෙතච්ඡත්තං සවුපථෙය්යං{2} සාථබ්බණං{3} සහත්ථිපං, අග්ගයානං රාජවාහිං බ්රාහ්මණානං අදා ධනං.{4}
Sinhala BJT6146. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත් වෙදුන් සහිත වූ ඇත් ගොව්වන් සහිත වූ රජු උසුලන අග්‍ර යාන වූ ධනය කලිඟුරට බමුණන්ට (කවර හෙයින්) දුන්නේ ද?
Pali BJT6147. අන්නං පානඤ්ච සො දජ්ජා වත්ථසෙනාසනානි ච, එතං ඛො දානපතිරූපං එතං ඛො බ්රාහ්මණාරහං.
Sinhala BJT6147. හෙතෙම ආහාරපාන ද වස්ත්‍ර ද සෙනසුන් ද දෙන්නේ යැ. තෙල දනට නිසි ය. තෙල බමුණන්ට යෝග්‍ය යැ.
Pali BJT6148. අයං තෙ වංසරාජා නො සිවීනං රට්ඨවඩ්ඪනං, කථං වෙස්සන්තරො පුත්තො ගජං හාජෙති සඤ්ජය.
Sinhala BJT6148. සඤ්ජය රජතුමනි, මේ වෙසතුරු පරපුරු විසින් අපට ආ රජෙක. තොපගේ වෙසතුරු පුත් කෙසේ නම් සිවිරට වඩන ඇතු දෙන්නේ ද?
Pali BJT6149. සචෙ{1} ත්වං න කරිස්සසි සිවීනං වචනං ඉමං, මඤ්ඤෙ තං සහපුත්තෙන සිවී හත්ථෙ කරිස්සරෙ.
Sinhala BJT6149. ඉදින් තෙපි සිවිරට වැසියන්ගේ මෙ බස නො කරන්නවු නම් සිවිරට වැසියෝ පුතු හා සමග තොප අත්පත් කරතී සිතම්හ.
Pali BJT6150. කාමං ජනපදො මාසි රට්ඨං චාපි විනස්සතු, නාහං සිවීනං වචනා රාජපුත්තං අදූසකං; පබ්බාජෙය්යං සකා රට්ඨා පුත්තො හි මම ඔරසො.
Sinhala BJT6150. ඒකාන්තයෙන් ජනපදය නැති වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ වචන හේතුවින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. මාගේ ඖරසපුත්‍ර හෙයිනි.
Pali BJT6151. කාමං ජනපදො මාසි රට්ඨං චාපි විනස්සතු, නාහං සිවීනං වචනා රාජපුත්තං අදූසකං; පබ්බාජෙය්යං සකා රට්ඨා පුත්තො හි මම අත්රජො.
Sinhala BJT6151. ඒකාන්තයෙන් ජනපදය මට නො වේවා. රට ද වැනැසේවා. මම සිවිරට වැසියන්ගේ බස් හෙයින් නිදොස් රජපුතු සියරටින් නො නෙරනෙමි. හේ මා නිසා උපන් පුත් හෙයිනි.
Pali BJT6152. නචාහං තස්ස{2} දුබ්භෙය්යං අරියසීලවතො හි සො, අසිලොකොපි මෙ අස්ස පාපඤ්ච පසවෙ බහුං; කථං වෙස්සන්තරං පුත්තං සත්ථෙන ඝාතයාමසෙ.
Sinhala BJT6152. මම ඔහුට ද්‍රෝහී නො වෙමි. යම් හෙයෙකින් හේ උතුම් සිල් ඇත්තේ ද එහෙයිනි. මට අපකීර්ති ද වෙයි. බොහෝ පව් ද රැස් වේ. කවර හෙයින් වෙසතුරු පුතු අවියෙකින් මරවම් දැ යි (සඳමහරජ කී.)
Pali BJT6153. මා නං දණ්ඩෙන සත්ථෙන න හි සො බන්ධනාරහො, පබ්බාජෙහි ච නං රට්ඨා වඞ්කෙ වසතු පබ්බතෙ.
Sinhala BJT6153. ඔහු දඬින් ද සැතින් ද නො නැසුව මැනැවි. හේ දඟගෙට ද නො නිසිය. ඔහු රටින් නෙරැපුව මැනැවි. වඞ්කගිරියෙහි වෙසේවා යි(සිවිරට වැසියෝ කීහු.)
Pali BJT6154. එසො චෙ සිවීනං ඡන්දො ඡන්දං න පනුදාමසෙ, ඉමං සො වසතු රත්තිං කාමෙ ච පරිභුඤ්ජතු.
Sinhala BJT6154. ඉදින් මේ සිවිරට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත නො දුරලම්හ. හේ මේ රාත්‍රිය වෙසේවා. කාමසම්පත් ද අනුභව කෙරේවා.
Pali BJT6155. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනම්පති,{3} සමග්ගා සිවයො හුත්වා රට්ඨා පබ්බාජයන්තු නං.
Sinhala BJT6155. ඉක්බිති රාත්‍රිය අවසන්හි ඉරු උදාවන කලැ සිවිරට වැසියෝ සමගි වැ ඔහු රටින් පිට කෙරෙත්වා යි (රජ) කීයැ.
Pali BJT6156. උට්ඨෙහි කත්තෙ තරමානො ගන්ත්වා වෙස්සන්තරං වද, සිවයො දෙව තෙ කුද්ධා නෙගමා ච සමාගතා.
Sinhala BJT6156. කාරියකරවන ඇමැතිය, වහා නැඟෙව. වෙස්සන්තර වෙත ගොස් මෙසේ කියව: දේවයිනි, සිවීහු ද නියම්ගම් වැසි කෙළෙඹියෝ ද එක්රැස් වැ තොපට කිපුණාහ.
Pali BJT6157. උග්ගා ච රාජපුත්තා ච වෙසියානා ච බ්රාහ්මණා, හත්ථාරුහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා; කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා.
Sinhala BJT6157. ප්‍රසිද්ධ වූ මිනිස්සු ද රජදරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියැදුරෝ ද පාබළ සෙනඟ ද නියම්ගම්වැසි සියල්ලෝ ද සිවීහු ද එක්රැස් වූහ.
Pali BJT6158. අස්මා රත්යා විවසනෙ සුරීයස්සුග්ගනම්පති, සමග්ගා සිවයො හුත්වා රට්ඨා පබ්බාජයන්ති තං.
Sinhala BJT6158. මෙ රැය ඉක්මැ හිරු උදාවන වේලෙහි සිවීහු සමග වැ තොප රටින් නෙරති යනු යි.
Pali BJT6159. ස කත්තා තරමානොව සිවිරාජෙන පෙසිතො, ආමුත්තහත්ථාභරණො සුවත්ථො චන්දනභූසිතො.
Sinhala BJT6159. සිවිරජු විසින් මෙහෙයන ලද ඒ කාරියකරවන ඇමැති වෙලෙවි වැ මැ පැළැඳි හස්තාභරණ ඇතියේ මොනොවට හන් පිළී ඇත්තේ සඳුනෙන් සැරසුණේ,
Pali BJT6160. සීසං නහාතො උදකෙසො ආමුත්තමණිකුණ්ඩලො, උපාගමි පුරං රම්මං වෙස්සන්තරනිවෙසනං.
Sinhala BJT6160. හිසින් ස්නාන කෙළේ තෙත් කෙහෙ ඇති වැ පළන් මිණිකොඬොල් ඇති වැ වෙසතුරු නිවෙස් වූ රම්‍ය වූ පුරයට එළැඹියේ යැ.
Pali BJT6161. තත්ථදස්ස කුමාරං සො රමමානං සකෙ{1} පුරෙ, පරිකිණ්ණං අමච්චෙහි තිදසානංව වාසවං.
Sinhala BJT6161. ඒ ඇමැති සිය නුවරැ තව්තිසා දෙවියන් මැදැ ප්‍රීත වන සක්දෙව් රජු මෙන් ඇමැතියන් පිරිවැරූ දුන් දනෙහි සිත් අලවන වෙසතුරු කුමරු දිටී.
Pali BJT6162. සො තත්ථ ගන්ත්වා රමමානං{2} කත්තා වෙස්සන්තරං බ්රවි, දුක්ඛං තෙ වෙදයිස්සාමි මා මෙ කුජ්ඣි රථෙසභ.
Sinhala BJT6162. ඒ කාරියකරවන ඇමැති එහි ගොස් ප්‍රීත වන වෙසතුරු කුමරුහට මෙසේ කී: රජතුමනි, තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. මට නහමක් කිපෙව.
Pali BJT6163. වන්දිත්වා රොදමානො සො කත්තා රාජානමබ්රවි භත්තා මෙසි මහාරාජ සබ්බකාමරසාහරො; දුක්ඛං තෙ වෙදයිස්සාමි තත්ථ අස්සාසයන්තු මං.
Sinhala BJT6163. ඒ ඇමැති රජතුමන් වැඳැ හඬමින් මෙසේ කී: මහරජ, තෙපි වනාහි කැමැති සියලු රස ගෙන දෙන මාගේ ස්වාමි වව. තොප වහන්සේට දුක් හස්නක් දන්වන්නෙමි. එහිලා මා සනසත්වා.
Pali BJT6164. සිවයො දෙව තෙ කුද්ධා නෙගමා ව සමාගතා, උග්ගා ච රාජපුත්තා ච වෙසියානා ච බ්රාහ්මණා.
Sinhala BJT6164. දේවයන් වහන්ස, සිවීහු තොප වහන්සේට කිපියහ. නියම්ගම් වැස්සෝ ද ප්‍රසිද්ධ පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද රැස්වූහ.
Pali BJT6165. හත්ථාරුහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, කෙවලො චාපි නිගමො සිවයො චාපි සමාගතා.
Sinhala BJT6165. ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද හුදෙක් නියම්ගම්වැස්සෝ ද සිවීහු ද වූහ.
Pali BJT6166. අස්මා රත්යා විවසනෙ සුරියස්සුග්ගමනම්පති,{3} සමග්ගා සිවයො හුත්වා රට්ඨා පබ්බාජයන්ති තං.
Sinhala BJT6166. මෙ රෑ අවසන්හි හිරු උදාවන සමයෙහි සිවීහු සමග වැ තොප වහන්සේ රටින් නෙරති යි (කී යැ.)
Pali BJT6167. කිස්මිං මෙ සිවයො කුද්ධා නාහං පස්සාමි දුක්කතං,{4} තම්මෙ කත්තෙ වියාචික්ඛ කස්මා පබ්බාජයන්ති මං.
Sinhala BJT6167. සිවීහු කවර කරුණෙහි මට කිපියාහු ද? නපුරු කොට කරනලද්දක් මම නො දක්මි. කාරියකරවන ඇමැතිය, මට එය විස්තර කොට කියව. කවර හෙයින් මා නෙරත් ද?
Pali BJT6168. උග්ගා ච රාජපුත්තා ච වෙසියානා ච බ්රාහ්මණා, හත්ථාරුහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා; නාගදානෙන ඛීයන්ති තස්මා පබ්බාජයන්ති තං.
Sinhala BJT6168. ප්‍රකට පුද්ගලයෝ ද රාජපුත්‍රයෝ ද වෙළෙඳෝ ද බමුණෝ ද ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළ සෙනඟ ද ඇතු දන් දීම් හේතුයෙන් දොස් පහළ කෙරෙති. එහෙයින් තොප වහන්සේ නෙරති.
Pali BJT6169. හදයං චක්ඛුම්පහං දජ්ජං කිං මෙ බාහිරකං ධනං, හිරඤ්ඤං වා සුවණ්ණං වා මුත්තා වෙළුරියා මණී.
Sinhala BJT6169. මම හදවත (පපුමස්) ද ඇස් ද දෙන්නෙමි. මාගේ බාහිර ධන දීම ගැන කියනු කිම? රන් හෝ අමුරන් හෝ මුතු මැණික් හෝ වෙරළුමිණි හෝ දෙන්නෙමි.
Pali BJT6170. දක්ඛිණං වාපහං බාහුං දිස්වා යාචකමාගතෙ, දදෙය්යං න විකම්පෙය්යං දානෙ මෙ රමතී මනො.
Sinhala BJT6170. වෙත පැමිණි යාචකයන් දැකැ දකුණත හෝ දෙන්නෙමි. නො වරදවන්නෙමි. මා සිත දීමෙහි ඇලේ.
Pali BJT6171. කාමං මං සිවයො සබ්බෙ පබ්බාජෙන්තු හනන්තු වා, නෙව දානා විරමිස්සං කාමං ඡින්දන්තු සත්තධා.
Sinhala BJT6171. ඒකාන්තයෙන් සියලු සිවීහු මා රටින් නෙරත්වා. නොහොත් නසත්වා. (ඔහු) ඒකාන්තයෙන් (මා) සත්කඩක් කොටැ කපත්වා. එහෙත් දීමෙන් නො වළකින්නෙමි යි වෙසතුරු රජ කීය.
Pali BJT6172. එවං තං සිවයො ආහු නෙගමා ච සමාගතා, කොන්තිමාරාය තීරෙන ගිරං ආරඤ්ජරං පති; යෙන පබ්බජිතා යන්ති තෙන ගච්ඡතු සුබ්බතො.
Sinhala BJT6172. සිවීහු ද රැස්වූ නියම්ගම් වැසියෝ ද (තොපට) මෙසේ කීහ: කොන්තිමාරා නමැති ගංතෙරින් අරඤ්ජර නමැති පර්‍වතය බලා වරද කළ රජදරුවෝ යම් මඟෙකින් යෙද් ද ඒ මඟින් මනා පැවතුම් ඇති වෙසතුරු රජ යේවා යි ඇමති අනෙක් හස්නක් දකී.
Pali BJT6173. සොහං තෙන ගමිස්සාමි යෙන ගච්ඡන්ති දූසකා, රත්තින්දිවං මෙ ඛමථ යාව දානං දදාමහං.
Sinhala BJT6173. වරද කළ තැනැත්තෝ යම් මඟෙකින් යන්නාහු ද එ මඟින් ඒ මම ද යන්නෙමි. මම දානයක් දෙමි. එක් දවසකට මට සමාව දෙව යි වෙසතුරු කී.
Pali BJT6174. ආමන්තයිත්ථ රාජා නං මද්දිං සබ්බඞ්ගසොභනං, යං තෙ කිඤ්චි මයා දින්නං ධනං ධඤ්ඤඤ්ච විජ්ජති.
Sinhala BJT6174. වෙසතුරු රජ සියලු අඟපසඟින් හොබනා මද්‍රී දේවිය ඇමතී: මා තොපට දුන් ධනධාන්‍යයක් ඇද්ද
Pali BJT6175. හිරඤ්ඤං වා සුවණ්ණං වා මුත්තා වෙළුරියා බහු, සබ්බං තං නිදහෙය්යාසි යඤ්ච තෙ පෙත්තිකං ධනං.
Sinhala BJT6175. අමුරන් හෝ රත්රන් හෝ බොහෝ වූ මුතු හෝ වෙරළුමිණි හෝ ඇද්ද පියාගෙන් (මවුපියන්ගෙන්) ගෙනෙන ලද යම් ධනයක් ඇද්ද ඒ සියල්ල නිදන් කොටැ තබවයි කී.
Pali BJT6176. තමබ්රවී රාජපුත්ති මද්දී සබ්බඞ්ගසොභනා, කුහිං දෙව නිදහෙය්යාමි{1} තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT6176. සියලු අඟපසඟින් හොබනා මද්‍රී නම් රජ දුව දේවයිනි, කවර නම් තැනෙකැ නිදන් කොටැ තබනෙම් ද? විචාරන ලද මට ඒ ස්ථානය කියවයි පැවසූ ය.
Pali BJT6177. සීලවන්තෙසු දජ්ජාසි{2} දානං මද්දි යථාරහං, න හි දානා පරං අත්ථි පතිට්ඨා සබ්බපාණිනං.
Sinhala BJT6177. මද්‍රීදේවීනි, සීලවන්තයන් කෙරෙහි සුදුසු පරිදි දෙව. සව්සතුනට දානයට වැඩි උතුම් පිහිටෙක් නැත.
Pali BJT6178. පුත්තෙසු මද්දි දය්යාසි{3} සස්සුයා{4} සසුරම්හි ච, යො ච තං භත්තා මඤ්ඤෙය්ය සක්කච්චං තං අපට්ඨහෙ.
Sinhala BJT6178. මද්‍රීදේවීනි, දරුවන් කෙරෙහි ද නැදිමයිලන් කෙරෙහි ද දයාමෛත්‍රී පතුරව. යමෙක් තොපගේ ස්වාමියා යැ යි අදහස් කෙරෙවු නම් ඔහුට මැනැවින් උපස්ථාන කරව.
Pali BJT6179. නො චෙ තං භත්තා මඤ්ඤෙය්ය මයා විප්පවසෙන තෙ, අඤ්ඤං භත්තාරං පරියෙස මා කිසිත්ථ මයා විනා.
Sinhala BJT6179. මාගේ වෙන් වීමෙන් පසු ඒ මා තොපගේ සැමියකු ලෙස නො සිතව. වෙන ස්වාමිපුරුෂයකු සොයා ගනුව. මාගේ වෙන් වීම හේතු කොටැගෙන කෘශ නො වව.
Pali BJT6180. අහං හි වනං ගච්ඡාමි ඝොරං වාළමිගායුතං, සංසයො ජීවිතං මය්හං එකකස්ස{5} බ්රහාවනෙ.
Sinhala BJT6180. මම බිහිසුණු වල්මුවන් ගැවැසුණු මහවනයට යමි. මහවනයෙහි හුදෙකලාවැ වෙසෙන මාගේ ජීවිතය සැක සහිත ය.
Pali BJT6181. තමබ්රවී රාජපුත්ති මද්දි සබ්බඞ්ගසොභනා, අභුම්මෙ කථං නු භණසි පාපකං වත භාසසි.
Sinhala BJT6181. හැම අඟපසඟින් හොබනා මද්‍රීදේවී, අහෝ පෙරැ නො පැවසූ වදනක් (අද) කියහි. ඒකාන්තයෙන් නපුරක් - අනර්‍ත්‍ථයක් (අද) කියහි යැ යි වෙසතුරු රජහට කීවා ය.
Pali BJT6182. නෙස ධම්මො මහාරාජ යං ත්වං ගච්ඡෙය්ය එකකො, අහම්පි තෙන ගච්ඡාමි යෙන ගච්ඡසි ඛත්තිය.
Sinhala BJT6182. මහරජ, යම් හෙයෙකින් හුදෙකලා වැ තෙපි (වනයට) යන්නහු නම් ඒ ධර්‍මය නො වෙයි. දේවයිනි, යම් තැනකට තෙපි යන්නෙහු නම් මම ද එ තැනට යමි.
Pali BJT6183. මරණං වා තයා සද්ධිං ජීවිතං වා තයා විනා, තදෙව මරණං සෙය්යො යඤ්චෙ ජීවෙ තයා විනා.
Sinhala BJT6183. තොප සමග මරණය හෝ තොපගෙන් වියෝ වැ ජීවත්වීම හෝ යන මේ දෙකින් තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා මරණය උතුමි.
Pali BJT6184. අග්ගිං නිජ්ජාලයිත්වාන එකජාලසමාහිතං, තත්ථ මෙ මරණං සෙය්යො යඤ්චෙ ජීවෙ තයා විනා.
Sinhala BJT6184. තොපගෙන් වෙන් වැ ජීවත්වීමට වඩා චිතකයෙහි ගිනි දල්වා එක මැ ගිනි ජාලාවක් වූ කලැ එහි මාගේ මරණය උතුමි.
Pali BJT6185. යථා ආරඤ්ඤකං නාගං දන්තිං අන්වෙති හත්ථිනී, ජෙස්සන්තං ගිරිදුග්ගෙසු සමෙසු විසමෙසු ච.
Sinhala BJT6185. යම්සේ ඇතිනි සම විසම ගිරි දුර්‍ගයන්හි හැසිරෙන අරනවැසි දළඇතකු අනු වැ යේ ද,
Pali BJT6186. එවං තං අනුගච්ඡාමි පුත්තෙ ආදාය පච්ඡතො, සුභරා තෙ භවිස්සාමි න තෙ හෙස්සාමි දුබ්භරා.
Sinhala BJT6186. එසෙයින් දරුවන් රැගෙන තොප අනු වැ එමි. තොප විසින් සුවසේ පෝෂණය කළ හැකි තැනැත්තියක් වන්නෙමි. දුහර නො වන්නෙමි.