Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT287. න චායමග්ගි තපති න සූලො සාදු තච්ඡිතො, යඤ්ච මං මඤ්ඤති මච්ඡි අඤ්ඤං සො රතියා ගතො.
Sinhala BJT287. මේ ගින්න මා නො තවයි, මැනැවින් සස්නා ලද හුල ද නො තවයි, මැසිනි ‘හේ කාම රති හේතුයෙන් අන් මැසින්නක වෙත ගියේ වනැ’ යි මා ගෙන සිතා නම්- (එය මා තවයි.)
Pali BJT288. සො මං දහති රාගග්ගි චිත්තං චුපතපෙති මං, ජාලිනො මුඤ්චථයිරා මං න කාමෙ හඤ්ඤතෙ කච්චීති.
Sinhala BJT288. ඒ රාග නැමැති ගින්න මා දවයි, ඒ රාගසම්ප්‍රයුක්ත සිත ද මා තවයි, ස්වාමී වූ කෙවුලෙනි, මා මුදාපියව, කාම විෂයෙහි සිටි නොහොත් කාම හේතුයෙන් හැසිරෙන කිසිවෙක් (තොප වැනියන් විසින්) නො නසනු ලැබේ.
Pali BJT6. මච්ඡජාතකං.
Sinhala BJT6. මච්ඡ ජාතක යි.
Pali BJT289. සබ්බො ලොකො අත්තමනො අහොසි අකොවිදා ගාමධම්මස්ස සෙග්ගු, කොමාරිකො නාම තවජ්ජධම්මො යං ත්වං ගහිතා පවනෙ පරොදසි.
Sinhala BJT289. සියලු ලෝවැසි තෙම කාමසේවන හේතුයෙන් සතුටු වීය. සෙග්ගු, තෝ ග්‍රාමධර්‍මයෙහි අදක්‍ෂ වුව, දුව කුමරිය, යම් හෙයෙකින් මහවෙනෙහි (කාම සේවන පිණිස) අත ගන්නා ලද තෝ හඬයි ද දැන් තීගේ ස්වභාවය කෙ නම් වී ද?
Pali BJT290. යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං සො මෙ පිතා දූභි වනෙ කරොති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ යො තායිතා සො සහසා කරොතී’ති.
Sinhala BJT290. යමෙක් දුකින් පහස්නා ලද්දියට පිහිට වන්නේ ද, ඒ මාගේ පියෙ වෙනෙහි ද්‍රෝහිකම් කෙරෙයි. ඒ මම වනමැද කවරක්හට හඬම් ද, යමෙක් රක්‍ෂා කරනුයේ වී නම් හේ සැහැසිකම් කෙරේ යයි.
Pali BJT7. සෙග්ගුජාතකං.
Sinhala BJT7. සෙග්ගු ජාතක යි.
Pali BJT291. සඨස්ස සාඨෙය්යමිදං සුචින්තිතං පච්චොඩ්ඩිතං පතිකූටස්ස කූටං, ඵාලඤ්චෙ අදෙය්යුං{3} මූසිකා කස්මා කුමාරං කුලලා නො හරෙය්යුං{4}
Sinhala BJT291. ශඨ (කෛරාටික) වූවහුට මේ ශඨබව මොනවට සිතන ලද, කූට (කපටි) වූවහුට පෙරළා කපටි බව මනාකොට අටවන ලද ඉදින් මීයෝ සීවැල් කෑවාහු නම් කුමක් හෙයින් උකුස්සෝ කුමරු නො ගෙන ගියාහු ද?
Pali BJT292. කූටස්ස හි සන්ති කූටකූටා භවති චාපි{1} නිකතිනො නිකත්යා, දෙහි පුත්තනට්ඨ ඵාලනට්ඨස්ස ඵාලං මා තෙ පුත්තමහාසි ඵාලනට්ඨො’ති.
Sinhala BJT292. කූට (කපටි) වූවහුට කූටාතිකූටයෝ ඇත, නැවත වංචකයා හට වංචාවෙන් යුක්ත වූයෙක් වේ මැය, පුත්‍රයා නට තැනැත්ත, සීවැල් නට තැනැත්තවුට සීවැල් දෙව, සීවැල් නට තැනැත්තේ තාගේ පුතු නහමක් ගෙනයේවා.
Pali BJT8. කූටවාණිජජාතකං.
Sinhala BJT8. කූටවාණිජ ජාතක යි.
Pali BJT293. හිරඤ්ඤං මෙ සුවණ්ණං මෙ එසා රත්තිං දිවා කථා, දුම්මෙධානං මනුස්සානං අරියධම්මං අපස්සතං.
Sinhala BJT293. මාගේ මසුරනැ මාගේ රත්රනැ යි ආර්‍ය්‍යයධර්‍මය නො දක්නා ප්‍රඥා රහිත මිනිසුන්ගේ රෑ දාවලැ පැවැති තෙල කථාව වෙයි.
Pali BJT294. ද්වෙ ද්වෙ ගහපතයො ගෙහෙ එකො තත්ථ අමස්සුකො, ලම්බත්ථනො වෙණිකතො අථො අඞ්කීතකණ්ණකො කීතො ධනෙන බහුනා සො තං විතුදතෙ ජනන්ති.
Sinhala BJT294. ගෘහයෙහි ගැහැවියෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි එකෙක් දැළිරවුළු නැත්තේ යැ. එල්බෙන තන ඇත්තේ යැ, සකස් කළ කෙස්කලබ ඇත්තේ යැ, යළි විදුනා ලද කන් ඇත්තේ යැ, බොහෝ ධනයෙන් විකිණි ගන්නා ලද්දේ යැ, හේ ඒ (දස්කම්කරු ආදි) ජනයා මුව සැතින් විදුනේ යි.
Pali BJT9. ගරහිතජාතකං.
Sinhala BJT9. ගරහිත ජාතක යි.
Pali BJT295. සුඛං ජීවිතරූපොසි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ කපණො විය ඣායසි
Sinhala BJT295. සුවසේ ජීවත් වූ ස්වභාව ඇතියෙහි රටින් නික්මැ නිර්ජල වනයට ආයෙහි ඒ තෝ එකලා වූයෙහි වනයෙහි ගස්මුලෙක කෘපණයක්හු සෙයින් (සිතිවිලි) සිතහි. ඒ කුමක් හෙයිනැයි?)
Pali BJT296. සුඛං ජිවිතරූපොස්මි රට්ඨා විවනමාගතො, සො එකකො අරඤ්ඤස්මිං රුක්ඛමූලෙ කපණො විය ඣායාමි සතං ධම්මං අනුස්සරන්ති
Sinhala BJT296. ඒ මම් සුවසේ ජීවත් වූ පියවි ඇතියෙමි, සිය රටින් නික්මැ නිරුදක වනයට ආයෙම් එකලා වැ බැගෑපත් වූවකු සෙයින් බුද්ධාදි සත්පුරුෂයන්ගේ (අටලෝ) දහම් සිහි කෙරෙමින් ධ්‍යාන කෙරෙමි යි.
Pali BJT10. ධම්මද්ධජජාතකං.
Sinhala BJT10. ධම්මද්ධජ ජාතක යි.
Pali BJTබීරණත්ථම්භකවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි බීරණත්‍ථම්භකවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ බීරණත්ථම්භවරො ච නටො භරුරාජවරුත්තමපුණ්ණනදී, බහුභාණී අග්ගි පවනෙ මූසිකා සහලම්බත්ථනො කපණෙන දස.
Sinhala BJTබීරණත්‍ථම්භයෙහි සිට පුහුණු කළ සෝමදත්ත ජාතක යැ, නළුවකු ඇති උච්ඡිට්ඨහත්ත ජාතක යැ, භරු ජාතකයැ, පුණ්ණනදි ජාතක යැ, (බහුභාණී) කච්ඡප ජාතක යැ, ගිනි සඳහන් කළ මච්ඡ ජාතක යැ, (පවනෙ) සෙග්ගු ජාතක යැ, සීවැල් මීයන් කෑ කූටවාණිජ ජාතක යැ, ලම්බත්‍ථන පැවැසු ගරහිත ජාතක ය සමඟ (කපණෙන) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.
Pali BJT8. කාසාවවග්ගො
Sinhala BJT8. කාසාව වර්‍ගය
Pali BJT297. අනික්කසාවො කාසාවං යො වත්ථං පරිදහෙස්සති, අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
Sinhala BJT297. ප්‍රහීණ නො කරන ලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය (සිවුර) හඳනේ පොරෝනේ ද ඉන්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පහ වූ හෙතෙමේ කසාවතට (සිවුරට) නුසුදුසු යි.
Pali BJT298. යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහතී’ති.
Sinhala BJT298. යමෙක් දුරු කරන ලද කෙලෙස් කසට ඇත්තේ ද හෙවත් කෙලෙස් නසන ලද්දේ ද (ලෝකෝත්තර - මාර්‍ගඵල) ශීලයෙහි මනාකොට පිහිටියේ ද ඉන‍්‍ද්‍රිය දමනයෙන් හා පරමාර්‍ත්‍ථසත්‍යයෙන් යුක්ත ද හෙතෙමේ ඒකාන්තයෙන් කසාවතට (සිවුරට) සුදුසු යි.
Pali BJT1. කාසාවජාතකං.
Sinhala BJT1. කාසාව ජාතක යි.
Pali BJT299. ඉදං තදාචරියවචො පාරාසරියො යදබ්රවි{1}, මා සු ත්වං අකරා{2} පාපං යං ත්වං පච්ඡා කතං තපෙ
Sinhala BJT299. පාරාසරිය බමුණු තෙමේ, තෝ පාපය නො කරව, යම්බඳු පාපයක් කරන ලද ද තෝ පසුව තැවෙන්නෙහිය කියා යම් වචනයක් එකල්හි කීයේ ද මේ ආචාර්‍ය්‍යවචන යි.
Pali BJT300. යානි කාරොති පුරිසො තානි අත්තනි පස්සති, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං, යාදිසං වපතෙ{3} ඛිජං තාදිසං හරතෙ ඵලන්ති.
Sinhala BJT300. පුරුෂ තෙමේ යම් ක්‍රියාවක් කෙළේ ද ඒ ක්‍රියාව තමා කෙරෙහි දකී. කල්‍යාණ ක්‍රියා කරන්නේ කල්‍යාණයක් ම දකී. පාපක්‍රියා කරන්නේ පාපයක් ම (අයහපතක් ම) දකී යම්බඳු බිජුවටක් වපුරා ද එබඳු ම ඵලයක් ගෙනයන්නේ ය.
Pali BJT2. චූළනන්දියජාතකං.
Sinhala BJT2. චුල්ලනන්‍දි ජාතක යි.
Pali BJT301. නමෙ නමන්තස්ස භජෙ භජන්තං කිච්චානුකුබ්බස්ස කරෙය්ය කිච්චං, නානත්ථකාමස්ස කාරෙය්ය අත්ථං අසම්භජන්තම්පි න සම්භජෙය්ය
Sinhala BJT301. (ආචාර වශයෙන්) නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේ ය. තමා සෙවුනහු සේවනය කරන්නේ ය. තමාගේ කෘත්‍යයට අනුව කටයුතු කරන්නාහට ප්‍රතිකෘත්‍ය (පෙරළා කටයුතු) කරන්නේ ය. අවැඩ කැමැත්තහුට වැඩක් (අර්‍ත්‍ථයක්) නො කරන්නේ ය. තමා භජනය නො කරන්නහු ද භජනය නො කරන්නේ ය.
Pali BJT302. චජෙ චජන්තං වනථං න කයිරා{4} අපෙතචිත්තෙන න සම්භජෙය්ය, දිජො දුමං ඛීණඵලන්ති{5} ඤත්වා අඤ්ඤං සමෙක්ඛෙය්ය මහා හි ලොකොති.
Sinhala BJT302. තමා අත්හරින්නහු තෙමේ ද හරන්නේ ය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නො කරන්නේ ය. පහ වූ චිත්තයෙන් (හෙවත් හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු) නො සෙවුනේ ය. වෘක්‍ෂය ඵලයන්ගෙන් හීන යයි දැනැගත් පක්‍ෂියා අන් රුකක් සොයා යන්නේ ය. ලෝකය මහත් ය, විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නෙහ නො කරන පුරුෂයා හැරැදමා ස්නෙහ කරන පුරුෂයකු සොයා ගතයුතුය යනු කී සේයි.)
Pali BJT3. පුටභත්තජාතකං.
Sinhala BJT3. පුටභත්ත ජාතක යි.
Pali BJT303. යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථා තව, සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අතිවත්තති.
Sinhala BJT303. වානරේන්‍ද්‍රය, වාක්සත්‍යය ද පරික්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ ධර්‍මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයකුට විද්‍යාමාන වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා පවතී.
Pali BJT304. යස්ස චෙතෙ න විජ්ජන්ති ගුණා පරමභද්දකා, සච්චං ධම්මො ධිතී චාගො දිට්ඨිං සො නාතිවත්තතී’ති.
Sinhala BJT304. වාක්සත්‍යයද පරීක්‍ෂාඥානය ද ධෛර්‍ය්‍යය ද ත්‍යාගය ද යන මේ අතිසුන්දර වූ ගුණයෝ යමක්හට විද්‍යාමාන නො වෙත් ද හෙතෙමේ සතුරා ඉක්මවා නො පවතී.
Pali BJT4. කුම්භීලජාතකං.
Sinhala BJT4. කුම්භීල ජාතක යි.
Pali BJT305. අත්ථි මෙ පුරිසො දෙව සබ්බකිච්චෙසු ව්යාවටො, තස්ස චෙකො පරාධත්ථි තත්ථ ත්වං කින්ති මඤ්ඤසි.
Sinhala BJT305. දේවයෙනි, මාගේ සියලු කෘත්‍යයන්හි ව්‍යාවෘත වූ පුරුෂයෙක් ඇත. ඔහුගේ ද එක් අපරාධයෙක් ඇත. ඒ අපරාධයෙහි ලා ඔබ කුමක් සිතන්නෙහි ද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහි ද?)
Pali BJT306. අම්හාකම්පත්ථි{1} පුරිසො එදිසො ඉධ විජ්ජති, දුල්ලභො අඞ්ගසම්පන්නො ඛන්තිරස්මාක රුච්චතීති.
Sinhala BJT306. අපගේ ද එබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ම ඇත. (සිටි) සකලගුණාඞ්ගයෙන් සැදුණු පුද්ගලයෝ දුර්‍ලභයහ (එහෙයින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවැසීම අභිමත යි (සුදුසුයි).
Pali BJT5. ඛන්තිවණ්ණනජාතකං.
Sinhala BJT5. ඛන්තිවණ්ණන ජාතක යි.
Pali BJT307. කාලෙ නික්ඛමනා සාධු නාකාලෙ සාධු නික්ඛමො, අකාලෙන හි නික්ඛම්ම එකකම්පි බහුජනො, න කිඤ්චි අත්ථං ජොතෙති ධංකසෙනාව කොසියං.
Sinhala BJT307. සුදුසු කාලයෙහි නික්මීම නෙහොත් පරාක්‍රමය යහපත් වේ. අකාලයෙහි (තම නිවාසස්ථානයෙන්) නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නො වේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්‍ය්‍ය කොට කිසි දියුණුවක් නො බබළයි හෙවත් නො ලබයි. (නො කල්හි නික්මුණු) බකමුහුණුවා නැසූ කාකසේනාව මෙන් (නො කල්හි) හුදෙකලා වූවහු (වීර්‍ය්‍ය කළ ද) බොහෝ දෙනා වට කොට විනාශයට පමුණුවන්නාහු ය.
Pali BJT308. ධීරො ච විධිවිධානඤ්ඤූ පරෙසං විවරන්තගු, සබ්බාමිත්තෙ වසීකත්වා කොසියොව සුඛී සියා’ති.
Sinhala BJT308. (පැරැණි පඬිවරුන් ව්‍යවස්ථා කොට තබන ලද) විධියගේ විධාන දන්නා වූ නොහොත් විධාන ක්‍රම දන්නා වූ අන්‍යයන්ගේ සිදුරු දන්නා වූ ප්‍රාඥයා සියලු සතුරන් වසඟ කොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේ යි.
Pali BJT6. කොසියජාතකං.
Sinhala BJT6. කෝසිය ජාතක යි.
Pali BJT309. සූරො සූරෙන සඞ්ගම්ම වික්කන්තෙන පහාරිනා, එහි නාග නිවත්තස්සු කින්නු භීතො පලායසි? පස්සන්තු අඞ්ගමගධා මම තුය්හඤ්ච වික්කමං.
Sinhala BJT309. ශූර ගුණයෙන් යුක්ත වූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නා වූ පුරුෂයා හා ශූර පුරුෂ තෙමේ එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නො කොට කුමට යේ ද?) හස්තිය, මෙහි එව නවතුව. කුමට බිය වූයේ පළා යෙයි ද? මාගේ ද තාගේ ද වික්‍රමය අඟුමගධ දෙරට වැස්සෝ බලත්වා.
Pali BJT310. න තං පාදා වධිස්සාමි න දන්තෙහි න සොණ්ඩියා, මීළ්හෙන තං වධිස්සාමි පූති හඤ්ඤතු පූතිනා’ති.
Sinhala BJT310. තා පාදයෙන් නො මරමි, දළ සඟළෙන් නො මරමි, සොඬිනුත් නො මරමි. අශුචියෙන් ම තා මරමි, අශුචියෙන් අශුචිය නසනු ලැබේවා. (කුරුවැණියක් ඇතකු දැකැ සටනට කැඳවූ අවස්ථාවෙහි ඇතුවර්චස් පිණ්ඩයක් හෙළා කුරුවැණියා මැරූ සැටි දැක්වේ.)
Pali BJT7. ගූථපාණකජාතකං.
Sinhala BJT7. ගුථපාණක ජාතක යි.
Pali BJT311. තයො ගිරිං අන්තරං කාමයාමි පඤ්චාලා කුරුයො කෙකකෙ ච, තතුත්තරිං{1} බ්රාහ්මණ කාමයාමි තිකිච්ඡ මං බ්රාහ්මණ කාමනීතං.
Sinhala BJT311. බ්‍රාහ්මණය, උත්තරපඤ්චාලය ද කුරුරට ද කෙකක නම් රට ද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරය ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. (මා අනුභව කෙරෙමින් සිටි) බරණැස් රජයට වඩා වැඩියක් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි. බමුණ, කාමයෙන් විනාශයට පමුණුවන ලද මා (මට) පිළියම් කරව.
Pali BJT312. කණ්හාහි දට්ඨස්ස කරොන්ති හෙකෙ අමනුස්සවද්ධස්ස කරොන්ති පණ්ඩිතා, න කාමනීතස්ස කාරොති කොචි ඔක්කන්තසුක්කස්ස හි කා තිකිච්ඡා’ති.
Sinhala BJT312. කෘෂ්ණ සර්‍පයන් විසින් දෂ්ට කරන ලද්දහුට සමහර කෙනෙක් පිළියම් කෙරෙති. පඬිවරු අමනුෂ්‍යයන් විසින් මඬනා ලද්දහුට පිළියම් කෙරෙති. කාමයෙන් හානියට පමුණුවන ලද්දහුට කිසිවෙක් පිළියම් නො කෙරෙති. (ඒ එසේ මැයි) කුශලධර්‍ම දුරු කොට අකුශලධර්‍මයෙහි පිහිටියාහට පිළියම් කවරේ ද?
Pali BJT8. කාමනීතජාතකං
Sinhala BJT8. කාමනීත ජාතක යි.
Pali BJT313. ගජග්ගමෙඝෙහි හයග්ගමාලිහි රථූමිජාතෙහි සරාහිවස්සහි, ථරුග්ගහාවට්ටදළ්හප්පහාරිහි පරිවාරිතා තක්කසිලා සමන්තතො.
Sinhala BJT313. උත්තම හස්ති නැමැති මේඝයෙන් ද අග්‍ර වූ තුරඞ්ග මාලාවන්ගෙන් ද සර (ඊතල) නමැති වර්‍ෂාවන් ඇති රථ තරඞ්ග මාලාවන්ගෙන් ද කඩුමිටි ඇත්තා වූ වේගයෙන් පරිභ්‍රමණය කොට දැඩි පහර දෙන යෝධයන්ගෙන් ද හාත්පසින් තක්සලා නම් නගරය වටකරන ලද්දේ ය.
Pali BJT314. අභිධාවථා ච පතථා ව විවිධවිනදිතා ච දන්තිහි, වත්තතජ්ජ තුමුලො ඝොසො යථා විජ්ජුතා ජලධරස්ස ගජ්ජතොති.
Sinhala BJT314. නානාප්‍රකාරයෙන් මහානාද කරන්නා වූ තෙපි හස්තීන් හා සමඟ දුවවු පනිවු. අද මහත් වූ ඝෝෂාවෙක් පවතීවා. ගර්‍ජනා කරන්නා වූ මේඝයාගේ මුඛයෙන් නික්මෙන විදුලියක් මෙන් දුවන්නාහු නුවර වහා වට කරව.
Pali BJT9. පලාසිජාතකං{2}.
Sinhala BJT9. පලාසී ජාතක යි.
Pali BJT315. ධජමපරිමිතං අනන්තපාරං. දුප්පසහං ධඞ්කෙහි සාගරමිව{3}, ගිරිමිව අනිලෙන දුප්පසහො දුප්පසහො අහමජ්ජ තාදිසෙන
Sinhala BJT315. රථයෙහි මයූරපාදයෙහි නගන ලද ධ්වජ අපමණය. මාගේ සේනාව කෙළවර නැත්තේ ය. සමුද්‍රොල්ලඞ්ඝනයෙහි අසමත් කාකයා මෙන් සතුරන් විසින් මැඩපිය නො හැක්කේ ය. පර්‍වතචලනයෙහි අසමත් වාතය මෙන් මාගේ සේනාව තා විසිනුත් විනාශ කොට නො හැක්කේ ය. මම අද තාසේ වූවන් විසින් මැඩපිය නො හැක්කෙම් වෙමි.
Pali BJT316. මා බාලියං විප්පලපි න හිස්ස තාදිසං විළය්හසෙ න හි ලභසෙ නිසෙධකං, ආසජ්ජසි ගජමිව එකචාරිනං යො තං පාදා නළමිව පොථයිස්සතී’ති,
Sinhala BJT316. (තාගේ) බාලභාවය ප්‍රකාශ නො කරව. තාසේ වූ පුරුෂයෝ රාජ්‍යය ගැන්මෙහි සමර්‍ත්‍ථයෝ නො වෙත්. හුදෙක් ක්ලේශ දාහයෙන් දවනු ලැබෙහි මා වළකන්නට නුසුදුස්සෙහි ය. හුදෙකලා ව හැසිරෙන ඇත් රජක්හු සමීපයට මෙන් එන්නෙහි ය. පාදයෙන් සුණු කළ හුණනළක් මෙන් හෙතෙමේ තා මැඩසුණු කෙරේ.
Pali BJT10. දුතියපලාසිජාතකං{4}.
Sinhala BJT10. දුතිය පලාසි ජාතක යි.
Pali BJTකාසාවවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි කාසාව වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරවත්ථචොදුමඛීණාඵලං චතුරො ධම්මවරංපුරිසුත්තම, ධඞ්කමගධා ච තයො ගිරිනාම ගජග්ගවරොධජවරෙන දස.
Sinhala BJTඋතුම් වස්ත්‍ර ඇති කාසාව ජාතක යැ, ආචාර්‍ය්‍යවචනය දක්වන චූළනන්‍දිය ජාතක යැ, ක්‍ෂීණඵලවෘක්‍ෂය දක්වන පුටහත්ත ජාතක යැ, (චතුරෝධම්ම) කුම්භීල ජාතක යැ, උතුම් පුරුෂයා දක්වන ඛන්තිවණ්ණන ජාතක යැ, (වඞ්ක) කෝසිය ජාතක ය හා (මගධ) ගුථපාණ ජාතක යැ, (තයෝගිරි) කාමනීත ජාතක යැ, පාලාසි ජාතකය හා දුතියපාලාසි ජාතකයෙන් දසය වේ.
Pali BJT9. උපාහනවග්ගො
Sinhala BJT9. උපාහන වර්‍ගය
Pali BJT317. යථාපි කීතා පුරිසස්සුපාහනා සුඛස්ස අත්ථාය දුඛං උදබ්බහෙ, ඝම්මාභිතත්තා තලසා පපීළිතා තස්සෙව පාදෙ පුරිසස්ස ඛාදරෙ.
Sinhala BJT317. පුරුෂයාහට සුව පිණිස යම්සේ මිලදී ගන්නා ලද (නපුරු කොට, කළ) උපාහනයෝ (පාවහන්) දුක් එළවත් ද, ග්‍රීෂ්මයෙන් විශේෂයෙන් තැවුණා වූ පාදයෙන් පීඩිත වූවාහු ඒ පුරුෂයාගේ ම පාදයන් කා වණකරන්නාහ.
Pali BJT318. එවමෙව දුක්කුලීනො අනරියො තම්හාකවිජ්ජඤ්ච සුතඤ්චමාදිය, තමෙව සො තත්ථ සුතෙන ඛාදති අනරියො වුච්චති පානදුපමොති{1}.
Sinhala BJT318. එපරිද්දෙන් යම් මැ හීන කුලයෙක උපන්නා වූ අනාර්‍ය්‍ය පුද්ගලයා අචාර්‍ය්‍යවරයාගෙන් විද්‍යාව හා ශ්‍රැතය ද ගෙන එහි ශ්‍රැතයෙන් හෙතෙමේ එය ම කරන්නේ ය. අනාර්‍ය්‍ය පුරුෂයා උපාහනයක් බඳුයි කියනු ලැබේ.
Pali BJT1. උපාහනජාතකං.
Sinhala BJT1. උපාහන ජාතක යි.
Pali BJT319. එකචින්තිතොව අයමත්ථො බාලො අපරිනායකො, න හි ඛුජ්ජෙන වාමෙන භොති සඞ්ගනතුමරහසි.
Sinhala BJT319. (මේ කුදු පුරුෂයා සමඟ පලාගිය මැනැවැයි යන) මේ කාරණය හුදෙකලාව සිතන ලද ද (මේ කුදා ඥානවිරහයෙන්) බාලය. (ස්වශක්තියෙන් යන්නට අපොහොසත් හෙයින්) අපරිණායකය. පින්වතිය, කොර වූ අත්පා ඇති කුදා හා සමාගමයට සුදුසු නො වෙහි.
Pali BJT320. පුරිසූසභං මඤ්ඤමානා අහං ඛුජ්ජමකාමයිං සොයං සඞ්කුචිතො සෙති ඡින්නතන්ති යථා ථුණාති.
Sinhala BJT320. කුදා පුරුෂයන්හට උතුමෙකැයි සිතන්නා වූ මම කුදු පුරුෂයා කැමැති වීමි. ඒ මා කැමැති කුදා සිඳින ලද තත් ඇති වීණාදණ්ඩක් මෙන් හැකුළුණේ හොවී.
Pali BJT2. වීණාථූණජාතකං
Sinhala BJT2. වීණාථූණ ජාතක යි.
Pali BJT321. කාමං යහිං ඉච්ඡසි තෙන ගච්ඡ විද්ධොසි මම්මම්හි විකණ්ණකෙන, හතොසි භත්තෙන සවාදිතෙන ලොලො ච මච්ඡෙ අනුබන්ධමානො
Sinhala BJT321. ඒකාන්තයෙන් (තෝ) යම් තැනෙක්හි කැමැත්තෙහි නම් එහි යව. මර්‍මස්ථානයෙහි හීයෙන් විදුනා ලද්දෙහි ය. මත්ස්‍යයන් අනුව දුවන්නා වූ ලොල් වූ තෝ බෙරවැයුම් සහිත වූ බත කරණ කොටගෙනැ නටුයෙහිය.
Pali BJT322. එවම්පි ලොකාමිසං ඔපතන්තො, විහඤ්ඤති චිත්තවසානුවත්තී, සො හඤ්ඤති ඤාතිසඛානමජ්ඣෙ මච්ඡානුගො සොරිව සුංසුමාරොති.
Sinhala BJT322. ලෝකාමිසයැයි කියන ලද පඤ්චකාමයට අනුව දුවන්නා වූ චිත්තවසී වැ පවත්නාවූ පුද්ගලයා එරිද්දෙන් ම වැනැසේ. හේ මත්ස්‍යයන් අනුව දුවන්නා වූ සුංසුමාරයා මෙන් නෑ මිතුරන් මධ්‍යයෙහි වැනසේ.
Pali BJT3. විකණ්ණකජාතකං
Sinhala BJT3. විකණ්ණක ජාතක යි.
Pali BJT323. ත්වමෙව දානි මකර යං කාමො ව්යගමා තයි, සොයං අප්පටිසන්ධිකො ඛරාඡින්නංව {1}රෙරුකං.
Sinhala BJT323. තා කෙරෙහි යම්බඳු වූ (මාගේ) කාමයෙක් (ධ්‍යාන බලයෙන්) පහවී ද ගුණවිශේෂය දැන් (මා නො කැමැති වැ කින්නරාව පස්සේ දිවු) තෝ ම කෙළෙහි ය. කියතෙකින් සිඳින ලද අත්දළක් මෙන් (ධ්‍යානයෙන් ඔබන ලද) ඒ මේ ක්ලේශකාමය ප්‍රතිසන්‍ධාන නො කොට හැකි වී.
Pali BJT324. අත්රිච්ඡා අතිලොභෙන අතිලොහමදෙන ච, එවං හායති අත්ථම්හා අහංව අසිතාභූයා’ති.
Sinhala BJT324. ඒ ඒ වස්තුවෙහි ලෝභ කරන තැනැත්තේ අධික ලෝභයෙන් ද අතිලෝභ සඞ්ඛ්‍යාත පුරුෂමදයෙන් ද අසිතාභූ නම් රාජකන්‍යාව කෙරෙන් පිරිහුණු මා මෙන් අභිලාෂිතාර්‍ත්‍ථයෙන් පිරිහේ.
Pali BJT4. අසිතාභූජාතකං.
Sinhala BJT4. අසිතාභූ ජාතක යි.
Pali BJT325. සුඛා ඝරා වච්ඡනඛ සහිරඤ්ඤා සභොජනා, යත්ථ භුත්වා ච පීත්වා ච{2} සයෙය්යාථ{3} අනුස්සුකො.
Sinhala BJT325. වච්ඡනඛය, මධුරාහාර අනුභව කොට ද මධුර පානයන් පානය කොට ද යම් සිරියහනෙක්හි උකටලී නො ව හෝනයෙහි ය. එසේ හෙයින් හිරණ්‍ය සහිත වූ ද භෝජන සහිත වූ ද ගෘහයෝ සුවයයි ගෘහ වර්‍ණා කළෝ.
Pali BJT326. ඝරා නානීහමානස්ස ඝරා නාභණතො මුසා, ඝරා නාදින්නදණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො එවං ඡිද්දං දුරභිභවං කො ඝරං පටිපජ්ජතී’ති.
Sinhala BJT326. උත්සාහවත් නො වන්නාහට ගෘහයෝ නැත. බොරු කියන්නාහට ගෘහයෝ නැත. නො ගන්නා ලද දඬු ඇති මෙරමාහට දඬුවම් නො කරන්නාහට ගෘහයෝ නැත. මෙකී පරිද්දෙන් ඡිද්‍ර ඇති දුරාරාධ්‍ය වූ ගිහිගෙට කවරෙක් නම් පැමිණේ ද? (නො පැමිණෙන්නේ මැයි)
Pali BJT5. වච්ඡනඛජාතකං.
Sinhala BJT5. වච්ඡනඛ ජාතක යි
Pali BJT327. භද්දකො වත යං පක්ඛි ද්විජො කුමුදසන්නිභො වූපසන්තෙහි පක්ඛෙහි මන්දමන්දොව ඣායති.
Sinhala BJT327. හෙළැඹුල පෙති බඳු පියාපත් ඇති මේ පක්‍ෂියා ඉතා යහපත් ය. සන්හුන් පියාපත් ඇතිව (මසුන් දෙස බලමින්) මඳින් මඳ ඉතා දුබල එකකුමෙන් සිතයි.
Pali BJT328. නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ, අම්හෙ දිජො න පාලෙති තෙන පක්ඛී{4} න ඵන්දතී’ති.
Sinhala BJT328. මොහුගේ ආචාරසීලයක් නො ම දනුව නො දැන ප්‍රශංසා කරව. පක්‍ෂියා අප නො රකී (මසුන්ගෙන් කවරකු අල්ලා ගනිම් දැ යි සිතන හෙයින්) පියා පත් නො සොලවයි.
Pali BJT6. බකජාතකං.
Sinhala BJT6. බක ජාතක යි.
Pali BJT329. කො නු ඛො භගවා හෙතු එකච්චෙ ඉධ පුග්ගලෙ, අතීව හදයං නිබ්බාති චිත්තඤ්චාපි පසීදති.
Sinhala BJT329. භාග්‍යවත්නි, මෙලොවැ ඇතැම් පුඟුලකු දුටුමතින් හදවත ඉතා නිවී යයි. සිත ද පැහැදේ. මීට හේතු කවරේ ද?
Pali BJT330. පුබ්බෙව සන්නිවාසෙන පච්චුප්පන්නහිතෙන වා, එවං තං ජායතෙ පෙමං උප්පලංව යථොදකෙ’ති.
Sinhala BJT330. පෙරැ භවයෙහි එක් වැ විසීමෙන් වේවයි මේ භවයෙහි කළ හිතයෙන් වේවයි, මෙසේ ඒ ප්‍රේමය හටගනී. (මඩත් දියත් නිසා) දියේ උපුල් හටගන්නා මෙනි.
Pali BJT7. සාකෙතජාතකං.
Sinhala BJT7. සාකේත ජාතක යි.
Pali BJT331. ඉඞ්ඝ එකපදං තාත අනෙකත්ථපදනිස්සිතං, කිඤ්චි සඞ්ගාහිකං බ්රූහි යෙනත්ථෙ සාවයාමසෙ.
Sinhala BJT331. පියාණෙනි, අයදිමි යම් පදයකින් දියුණුව අස්වන්නමෝ ද එබඳු අරුතැති පද සංග්‍රහ වූ එක පදයක් කිව මැනැව.
Pali BJT332. දක්ඛෙය්යෙකපදං තාත අනෙකත්ථ පදස්සිතං,{1} තඤ්ච සීලෙන සංයුත්තං ඛන්තියා උපපාදිතං. අලං මිත්තෙ සුඛාපෙතුං අමිත්තානං දුඛාය චාති.
Sinhala BJT332. දරුව (ඒ) ලාභොත්පාදක ඥාන සම්ප්‍රයුක්ත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත අනේකාර්‍ත්‍ථනිංශ්‍රිත පදය යි එද සීලයෙන් සංයුක්ත වූයේ ක්‍ෂාන්තියෙන් සමුපේත වූයේ මිතුරන් සැපවත් කරන්නටත් සතුරන් දුක් පත් කරන්නටත් සමර්‍ත්‍ථ වේ.
Pali BJT8. එකපදජාතකං.
Sinhala BJT8. ඒකපද ජාතක යි.
Pali BJT333. ආසීවිසං මමං සන්තං පවිට්ඨං කුමිනාමුඛං, රුච්චතෙ හරිතා මාතා යං මං ඛාදන්ති මච්ඡකා
Sinhala BJT333. විෂදළ ඇති මැ කෙමිනමුවට (කෙමිනෙහි කටට) පිවිසි කලැ යම්බඳු මා මාලුවෝ කත් ද, නිල්මැඩිදෙන මව කොට ඇතිය, තොපට එය රුස්නේ ද?
Pali BJT334. විලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති. යදා චඤ්ඤෙ විලුම්පන්ති සො විලුත්තො විලුප්පතී’ති{2}.
Sinhala BJT334. යම්තාක් ඔහුට ඓශ්චර්‍ය්‍ය සමෘද්ධිය ඇත් ද ඒ තාක් පුරුෂයා (මෙරමා) පහරනේ මැයැ. යම් කලෙකැ සෙස්සෝ ඓශ්චර්‍ය්‍යයෙහි සිට පහරිත් ද, (එකලැ) පහරන ලද හේ පහරනා ලැබේ.
Pali BJT9. හරිතමාතුජාතකං.
Sinhala BJT9. හරිතමාතු ජාතක යි.
Pali BJT335. සබ්බො ජනො හිංසිතො පිඞ්ගලෙන තස්මිං මතෙ පච්චයං{3} වෙදයන්ති, පියො නු තෙ ආසි අකණ්හනෙත්තො {4}කස්මා නු ත්වං රොදසි ද්වාරපාල.
Sinhala BJT335. පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබීය. ඔහු මළ කලැ (ජනයා) ප්‍රීත වෙත්. දොරටුපාලය, පිඟුවන් ඇස් ඇත්තා තට ප්‍රිය වී ද? කවරහෙයින් තෝ හඬන්නෙහි ද?
Pali BJT336. න මෙ පියො ආසි අකණ්හනෙත්තො භායාමි පච්චාගමනාය තස්ස ඉතො ගතො හිංසෙය්ය මච්චුරාජං සො හිංසිතො ආනෙය්ය පුන ඉධ.
Sinhala BJT336. පිඟුවන් ඇස් ඇති රජ මට ප්‍රිය නො වේ. ආපසු ඔහුගේ පෙරළා පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ මෘත්‍යුරාජයාට (යමරජුට) හිංසා කරන්නේ යැ පීඩිත වූ ඒ මෘත්‍යුරාජ යළි මෙහි ගෙනෙන්නේය.
Pali BJT337. දඩ්ඪො වාහසහස්සෙහි සිත්තො ඝටසතෙහි සො, පරික්ඛතා ච සා භූමි මා භායි නාගමිස්සතී’ති.
Sinhala BJT337. හේ දර ගැල් දහසකින් දවන ලද්දේය. දිය කළ සියයකින් තෙමන ලද ඒ බිම ද සාරා දමන ලද, නො බව හේ පෙරළා නො එන්නේ යි.
Pali BJT10. මහාපිඞ්ගලජාතකං.
Sinhala BJT10. මහාපිංගල ජාතක යි.
Pali BJTඋපාහනවග්ගො නවමො.
Sinhala BJTනවවැනි උපාහන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරුපාහනඛුජ්ජවිකණ්ණකකො අසිතාභූයා පඤ්චම වච්ඡනඛො, දිප්පෙමවරුත්තම එකපදං. කුමිනාමුඛපිඞ්ගලකෙන දසාති.
Sinhala BJTඋපාහනය ජාතක යැ, කුදා උතුමැයි සිතූ විණාථුන ජාතක යැ, විකණ්ණක ජාතක යැ, අසිතාභූ ජාතක යැ, පස්වැනි වච්ඡනඛ ජාතක යැ, (දිප්) බක ජාතක යැ, උත්තම ප්‍රේමය පවසන සාකේත ජාතක යැ, ඒකපද ජාතක යැ, (කුමිනාමුඛ) හරිතමාතු ජාතකය හා මහාපිඞ්ගල ජාතකයෙන් දසය වේ.
Pali BJT10. සිගාලවග්ගො
Sinhala BJT10. සිගාල වර්‍ගය
Pali BJT338. සිගාලො මානත්ථද්ධොව පරිවාරෙන අත්ථිකො පාපුණී මහතිං භූමිං රාජාසි සබ්බදාඨිනං
Sinhala BJT338. පිරිවර නිසා මානයෙන් තද වූ සිවලා තව තවත් පිරිවර කැමති වූයේ, මහත් සම්පත්තියට පැමිණියේ ය. දළැති සියලු සතුනට රජ විය.
Pali BJT339. එවමෙවං මනුස්සෙසු යො හොති පරිවාරවා{1}, සො හි තත්ථ මහා හොති සිගාලො විය දාඨින’න්ති
Sinhala BJT339. එපරිදි මැ මනුෂ්‍යයන් අතුරෙහි පිරිවර ඇත්තේ වේ ද, හේ දළ ඇතියන්ට රජ වූ හිවලා සේ ගරු කළයුතු වේ. (සිවල්හු සෙයින් පිරිවර නිසා වැනසේ යි සේයි)
Pali BJT1. සබ්බදාඨ{2}ජාතකං.
Sinhala BJT1. සබ්බදාඨ ජාතක යි.
Pali BJT340. බාලො වතායං සුනඛො යො වරත්තං න ඛාදති, බන්ධනා ච පමුඤ්චෙය්ය{3} අසිතො ච ඝරං වජෙ.
Sinhala BJT340. යමෙක් වරපට නො කා නම් ඒ මේ සුනඛ තෙම එකත්නෙන් මූඪ වූයේ වෙයි. බන්‍ධනයෙන් මිදුණේ සුහිතව ගෙට යන්නේ යැ.
Pali BJT341. අට්ඨිතං මෙ මනස්මිං මෙ අථො මෙ හදයෙ කතං, කාලඤ්ච පතිකඞ්ඛාමි යාව පස්සුපතූ ජනොති.
Sinhala BJT341. තොප කියන දැය මාගේ සිත්හි පිහිටියේ යැ. යළි ඒ තොප විසින් මාගේ හෘදයෙහි කරන ලද පලා යන්නට නිසි කල් බලමි. යම්තාක් මේ ජනතෙමේ නිද්‍රෝපගත වේවා.
Pali BJT2. සුනඛජාතකං.
Sinhala BJT2. සුනඛ ජාතක යි.
Pali BJT342. සත්තතන්තිං සුමධුරං රාමණෙය්යං අවාචයිං, සො මං රඞ්ගම්භි අව්හෙති සරණං මෙ හොහි කොසිය.
Sinhala BJT342. තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්‍යයා) මා රඟමඬලට (වාද පිණිස) කැඳවයි. ශක්‍රය මට පිහිට වන්න.
Pali BJT343. අහං තං සරණං සම්ම අහමාචරිය පූජකො, න තං ජයිසස්ති සිස්සො සිස්සමාචරිය ජෙස්සසී’ති.
Sinhala BJT343. මිතුර, මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නො දිනන්නේ ය. ඇදුරු තෙම (සිසුහු) දිනන්නේ ය.
Pali BJT3. ගුත්තිලජාතකං.
Sinhala BJT3. ගුත්තිල ජාතක යි.
Pali BJT344. යං පස්සති න තං ඉච්ඡති යඤ්ච න පස්සති තං කිර ඉච්ඡති, මඤ්ඤාමි චිරං චරිස්සති න හි තං ලච්ඡති යං සො ඉච්ඡති.
Sinhala BJT344. යමක් දකී ද එය නො කැමැති ය. යමක් නො දකී ද එය කැමැති ය. (ජලයෙන් විනිර්මුක්ත වූ ගඞ්ගාවක් සොයමින් බොහෝ කල් ඇවිදින්නේය යි සිතමි. යමක් හේ කැමැති ද එය නො ලබන්නේ ය.
Pali BJT345. යං ලභති න තෙන තුස්සති යං පත්ථෙති ලද්ධං හීළෙති, ඉච්ඡා හි අනන්තගොචරා වීතිච්ඡානං{1} නමො කාරොමසෙති.
Sinhala BJT345. යමක් ලබා ද ඉන් තුටු නොවේ, යමක් පතා ද ලද දෙය පිළිකුල් කරයි. ආසාව අනන්ත අරමුණු ඇත්තේ ය. පහ කළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.
Pali BJT4. වීතිච්ඡජාතකං.
Sinhala BJT4. වීතිච්ඡ ජාතක යි.