Pali BJT5992. ආරුය්හ නාවං තරමානො කින්නු තීරම්භි තිට්ඨසි, කිච්ඡා මුත්තම්හ දුක්ඛාතො යාමදානි මහොසධ.
Sinhala BJT5992. මහෞෂධ පණ්ඩිතය, වහා නැවු නැඟෙව. කුමක් නිසා ඉවුරැ සිටිනෙහි ද, අපි ඉතා අපහසුවෙන් මිදුණමෝ වම්හ. දැන් වහා පලායම්හ.
Pali BJT5993. නෙස ධම්මො මහාරාජ යොහං සෙනාය නායකො, සෙනඞ්ගං පරිහාපෙත්වා අත්තානං පරිමොචයෙ.
Sinhala BJT5993. මහරජ, මම සේනාවට නායක වෙමි. සේනාව හැර පියා මම් පමණක් මුදවන්නෙම් නම් ඒ සත්පුරුෂ දහම නො වෙයි.
Pali BJT5994. නිවෙසනම්හි තෙ දෙව සෙනඞ්ගං පරිහාපිතං, තං දින්නං බ්රහ්මදත්තෙන අනායිස්සං රථෙසභ.
Sinhala BJT5994. මහරජ, තොපගේ සේනාව ඒ නගරයෙහි හැර දමන ලද්දේ ය. මහරජ, බඹදත්රජු විසින් දෙනු ලබන ඒ සේනාව රැගෙන එන්නෙමි.
Pali BJT5995. අප්පසෙනො මහාසෙනං කථං විග්ගය්හ ඨස්සසි, දුබ්බලො බලවන්තෙන විහඤ්ඤිස්සසි පණ්ඩිත.
Sinhala BJT5995. පණ්ඩිතය, මඳසෙනඟ ඇති තෙපි මහසෙනඟ ඇත්තාට කෙසේ විරුද්ධ වැ සිටිනවු ද? බලවතා විසින් දුර්‍වලයා පෙළනු ලබන්නේ මැ ය.
Pali BJT5996. අප්පසෙනොපි චෙ මන්තී මහාසෙනං අමන්තිනං, ජිනාති{4} රාජා රාජානො ආදිච්චොවුදයං තමං.
Sinhala BJT5996. මඳසෙනඟ ඇති නුවණැත්තා මහා සේනා ඇති අඥානයා ජයගනී. උදාහිරු අඳුර දුරු කරන්නාක් මෙන් නුවණැති රජ අනුවණ රජු ජයග්‍රහණය කරයි.
Pali BJT5997. සුසුඛං වත සංවාසො පණ්ඩිතෙහීති සෙනක, පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ{5} මච්ඡෙ ජාලගතෙරිව අමිත්තහත්ථත්ථගතෙ මොචයී නො මහොසධො.
Sinhala BJT5997. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. පඤ්ජරයෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැලෙහි බැඳුණු මසුන් සේ ද සතුරන් අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවාලිය.
Pali BJT5998. එවමෙතං මහාරාජ පණ්ඩිතා හි සුඛාවහා. පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්ථගතෙ මොචයී නො මහොසධො.
Sinhala BJT5998. මහරජ, එය එසේ මැ ය. නුවණැත්තෝ ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නෝ ය. මැදිරියෙහි බැඳුණු පක්‍ෂීන් සේ ද දැල්හි බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිතතෙමේ මුදවා ලීයැ.
Pali BJT5999. රක්ඛිත්වා කසිණං රත්තිං චූළනීයො මහබ්බලො, උදෙන්තං අරුණුග්ගමහි උපකාරිං උපාගමි.
Sinhala BJT5999. මහත් බල ඇති චූළනීබ්‍රහ්මදත්ත රජ මුළු රෑ රකවල් කොටැ අරුණලු නැඟෙන කලැ උපකාරී නුවරට එළැඹියේ ය.
Pali BJT6000. ආරුය්හ පවරං නාගං බලවන්තං සට්ඨිහායනං, රාජා අවොච පඤ්චාලො චූළනීයො මහබ්බලො.
Sinhala BJT6000. මහාබල ඇති පඤ්චාලදේශවාසී බ්‍රහ්මදත්ත රජ සැට අවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ බලවත් හස්තියකු පිටට පැන නැඟී සිය සෙනඟට මෙසේ කී යැ.
Pali BJT6001. සන්නද්ධො මණිවම්මෙන සරමාදාය පාණිනා, පෙස්සියෙ අජ්ඣභාසිත්ථ පුථුගුම්බෙ සමාගතෙ.
Sinhala BJT6001. මැණික් ඔබා කරන ලද සන්නාහයෙන් සන්නද්ධ වූ රජ බොහෝ යුද්ධශිල්පයන්හි දක්‍ෂ වූ අතින් දුනුහී ගෙන රැස් වූ පණිවිඩකාර යෝධයන්ට පළමු කොට පැවසී යැ.
Pali BJT6002. හත්ථාරූහෙ අනීකට්ඨෙ රථිකෙ පත්තිකාරකෙ, උපාසනම්හි කතහත්ථෙ වාළවෙධෙ සමාගතෙ.
Sinhala BJT6002. ඇතුන් නැඟෙන්නා වූ ද අසුන් නැඟෙන්නා වූ ද රිය නැඟෙන්නා වූ ද පයින් ගමන් කරන්නා වූ මහ සෙනඟ ද රැස් වූ අතිදක්‍ෂ වාළවේධී ධනුර්ධරයන් ද (ඇමැතී ය.)
Pali BJT6003. පෙසෙථ කුඤ්ජරෙ දන්තී බලවන්තෙ සට්ඨිහායනෙ, මද්දන්තු කුඤ්ජරා නගරං{1} වෙදෙහෙන සුමාපිතං.
Sinhala BJT6003. බලවත් වූ සැට හවුරුද්දෙන් මද නැඟී හිඳුනා වූ දළ ඇති හස්තීන් මෙහෙයවවු. වේදේහ රජු විසින් නිර්‍මාණය කරවන ලද නගරය ඇත්තු මඩිත්වා.
Pali BJT6004. වච්ඡදන්තමුඛා සෙතා තිඛිණග්ගා{2} අට්ඨීවෙධිනො, පනුන්නා ධනුවෙගෙන සම්පතන්තු තරීතරං.{3}
Sinhala BJT6004. දුනුවෙයින් මුදාහළ, නියන් බඳු මුවඇති සුදු පැහැති තියුණු අග ඇති ඇට විදුනා (ශරයෝ) මතුමත්තෙහි (හී වර්‍ෂා සෙයින්) වැටෙත්වා.
Pali BJT6005. මාණවා වම්මිනො සූරා චිත්රදණ්ඩයුතාවුධා, පක්ඛන්දිනො මහානාගා හත්ථීනං හොන්තු සම්මුඛා.
Sinhala BJT6005. සන්නාහයෙන් සැරැසුණු, විසිතුරු දඬුවලින් යුත් ආයුධ අතින් ගත්, ඇතුන් ඉදිරියට වුව පනින්නා වූ නො සැලෙනසුලු මහත් බල ඇති තරුණ යෝධයෝ ඇතුන් වෙතැ එකතුවෙත්වා.
Pali BJT6006. සත්තියො තෙලධොතායො අච්චිමන්තී{4} පභස්සරා, විජ්ජොතමානා තිට්ඨන්තු සතරංසා විය තාරකා.
Sinhala BJT6006. තෙලින් මුවහත් කළ ගිනිසිළු සේ ප්‍රභාස්වර වූ අඩයටි සියක්රැසින් යුත් (ඕසධී) තාරකා සෙයින් බබළමින් සිටීවා.
Pali BJT6007. ආවුධබලවන්තානං ගුණිකායූරධාරිනං, එතාදිසානං යොධානං සඞ්ගාමෙ අපලායිනං. වෙදෙහො කුතො මුච්චිස්සති සචෙ පක්ඛීව කාහති.{5}
Sinhala BJT6007. ආයුධ බලයෙන් යුත්, යුද්ධ සැට්ට හා අඟු පළඳනා දරන්නා වූ සංග්‍රාමයන්හි නො පසු බස්නා වූ මෙ වැනි යෝධයන් වෙතින් කෙසේ නම් වේදේහයා මිදෙන්නේ ද? ඉදින් පක්‍ෂියකු සේ අහසින් ගමන් කළ ද නො මිදෙන්නේ මැ ය.
Pali BJT6008. තිංස මෙ පුරිසනාවුත්යො සබ්බෙ වෙකෙකනිච්ඡිතා,{6} යෙසං සමං න පස්සාමි කෙවලං මහිමං චරං.
Sinhala BJT6008. එක් එක් කෙනකු වෙන වෙන මැ තෝරා ගන්නාලද සියල්ල තිස්නව දහසක් වූ මාගේ යෝධයන්ට සම වූවන් මේ මුළු පොළොවෙහි ඇවිද බැලුව ද නො දක්මි.
Pali BJT6009. නාගා ච කප්පිතා{7} දන්ති බලවන්තො සට්ඨිහායනා, යෙසං ඛන්ධෙසු සොභන්ති කුමාරා චාරුදස්සනා.
Sinhala BJT6009. සැට හවුරුද්දෙන් මඳ නැඟී හිඳුනා වූ මනා වැ සරසන ලද බලවත් දළ ඇතුන් මතැ රන්වන් කුමාරවරු බබළත්.
Pali BJT6010. පීතාලඞ්කාරා පීතවසනා පීතුත්තරනිවාසනා, නාගක්ඛන්ධෙසු සොභන්ති දෙවපුත්තාව නන්දනෙ.
Sinhala BJT6010. නඳුනුයනැ දෙව්පුතුන් සේ රන්වන් හඳනා පොරෝනා වෙන් හා ස්වර්‍ණවර්‍ණාලංකාරයෙන් විභූෂිත යෝධයෝ ඇතුන් පිටැ බබළත්.
Pali BJT6011. පාඨිනවණ්ණා{1} නෙත්තිංසා තෙලධොතා පභස්සරා, නිට්ඨිතා නරවීරෙහි{2} සමධාරා සුනිස්සිතා.{3}
Sinhala BJT6011. පෙටියන් බඩ පෑ සමාන වර්‍ණ ඇති තෙලෙහි මුවහත් තබන ලද ප්‍රභාස්වර වූ, නුවණැති මිනිසුන් විසින් නිමවන ලද මනා වැ මුවහත් කරන ලද සම වූ ධාරා (මුවහත) ඇති-
Pali BJT6012. වෙල්ලාලිනො වීතමලා සික්කායස්මයා දළ්හා, ගහිතා බලවන්තෙහි සුප්පහාරප්පහාරිහි.
Sinhala BJT6012. මලකඩින් තොර හිරු රැස් සේ බබළන්නා වූ ඉතා පිරිසුදු යකඩින් නිමැවුණු දැඩි වූ වහා පහර දෙන යෝධයන් විසින් ගන්නා ලද-
Pali BJT6013. සුවණ්ණථරුසම්පන්නා ලොහිතකච්ඡුපධාරිතා, විවත්තමානා සොභන්ති විජ්ජුවබ්භඝනන්තරෙ.
Sinhala BJT6013. රන් කම් කළ මිටින් යුත් ලෙහෙවන් කොපු දරන අසිපත්හු ඔබ මොබ පෙරළෙන්නාහු වැසි වලාකුළු අතරැ විදුලිය සේ බබළත්.
Pali BJT6014. පතාකා{4} වම්මිනො සූරා අසිචම්මස්ස කොවිදා, ථරුග්ගහා{5} සික්ඛිතාරො නාගක්ඛන්ධාතිපාතිනො.{6}
Sinhala BJT6014. දැරූ සන්නාහ ඇති ශූර වූ කඩු පලිස් දැරීමෙහි අතිදක්‍ෂ වූ ඇත්කඳ වුව දෙකඩ කිරීමෙහි සමත් කඩු ශිල්පයෙහි හික්මුණු පතාක නම් අහසෙහි කරනම් ගසන යෝධයෝ ඇත්තාහ.
Pali BJT6015. එදිසෙහි{7} පරික්ඛිත්තො නත්ථි මොක්ඛො ඉතො තව, පභාවං තෙ න පස්සාමි යෙන ත්වං මිථිලං වජෙ.
Sinhala BJT6015. මෙ බඳු යෝධයන් විසින් පිරිවරන ලද තට මෙයින් මිදීමෙක් නම් නැත්තේ ය. යම් ක්‍රමයෙකින් තෝ මිථිලා පුරයට යන්නෙහි නම් එ වැනි රාජානුභාවයෙක් නො දක්නෙමි.
Pali BJT6016. කින්නු සන්තරමානොව නාගං පෙසෙසි කුඤ්ජරං, පහට්ඨරූපො ආපතසි{8} ලද්ධත්ථොස්මීති{9} මඤ්ඤසි,
Sinhala BJT6016. (මහරජ), කිම වහ වහා උතුම් ඇතු මෙහෙයවන්නෙහි? ප්‍රීතිමත් ස්වභාවයෙන් පෙරට එන්නෙහි, ආත්මාර්‍ත්‍ථය සිද්ධ වී ය යි සිතන්නෙහි ද?
Pali BJT6017. ඔහරෙතං{10} ධනු චාපං ඛුරප්පං පටිසංහර, ඔහරෙතං සුභං චම්මං වෙළුරියමණියන්ථතං.{11}
Sinhala BJT6017. (මහරජ), චාපසංඛ්‍යාත දුන්න දමාපුව මැනව. හී හකුළාපුව මැනව. වෛඩූර්‍ය්‍යමාණික්‍යයෙන් අලඞ්කෘත සන්නාහය තැබුව මැනව.
Pali BJT6018. පසන්නමුඛවණ්ණොසි මිහිතපුබ්බඤ්ච භාසසි, හොති ඛො මරණකාලෙ තාදිසී{12} වණ්ණසම්පදා.
Sinhala BJT6018. ප්‍රසන්න මුඛ වර්‍ණ ඇත්තෙහි. මඳ සිනා පෙරදැරි කොටැ බෙණෙන්නෙහි. මරණාසන්නයෙහි වනාහි එවැනි වර්‍ණසම්පත්තියෙක් වේ.
Pali BJT6019. මොඝං තෙ ගජ්ජිතං{13} භින්තමන්තොසි ඛත්තිය, දුග්ගණ්හො හි තයා රාජා ඛළුඞ්කෙනෙව{14} සින්ධවො.
Sinhala BJT6019. මහරජ, තොපගේ ගර්‍ජනාව හිස් ය. ක්‍ෂත්‍රීයය, තෙපි භින්නමන්ත්‍රණ ඇති වූවහු ය. කොටළුවකුට ජාති සෛන්‍ධවයකු අල්වාපියනු නො පිළිවන් සේ තොප විසිනුදු වේදේහ රජ අල්වාපියනු නො හැක්කේ ම ය.
Pali BJT6020. තිණ්ණෙ හිය්යො රාජා ගඞ්ගං සාමච්චො සපරිජ්ජනො, හංසරාජං යථා ධඞ්කො අනුජ්ජවං පපතිස්සසි.
Sinhala BJT6020. වේදේහ රජ ඊයේ ඇමැතිවරුන් හා පිරිවර ජනයන් සමඟ ගඟ තරණය කළේ ය. ඔහු ලුහුබඳින්නේ හංස රාජයකු ලුහුබැඳ යන කවුඩකු මෙන් බිමැ හෙන්නේ ය.
Pali BJT6021. සිගාලා රත්තිභාගෙන ඵුල්ලං දිස්වාන කිංසුකං, මංසපෙසීති මඤ්ඤන්තා පරබ්බූළ්හා මිගාධමා.
Sinhala BJT6021. මෘගාධම සිවල්ලු රාත්‍රිකාලයෙහි සුපුෂ්පිත කෑල වෘක්‍ෂයක් (සඳරැසින්) දැක මස්වැදැලි ය යි සිතන්නෝ පිරිවරා සිටියහ.
Pali BJT6022. වීතිවත්තාසු රත්තීසු උග්ගතස්මිං දිවාකරෙ, කිංසුකං ඵුල්ලිතං දිස්වා ආසච්ඡින්තා මිගාධමා.
Sinhala BJT6022. හිරු නැඟැ රැය පහන් වූ කලැ සුපිපි කෑල ගස දැකැ ශෘගාලයෝ සුන් වූ ආසා ඇත්තෝ වූහ.
Pali BJT6023. එවමෙව තුවං රාජ වෙදෙහං පරිවාරිය,{1} ආසච්ඡින්නො ගමිස්සසි සිගාලා{2} කිංසුකං යථා.
Sinhala BJT6023. මහරජ, එසෙයින් තෙපි දු වේදේහ රජු පිරිවරා සිටැ කෑලගස වටා සිටි සිවලුන් සේ සුන් වූ ආසා ඇත්තෝ වැ යන්නාහුය.
Pali BJT6024. ඉමස්ස හත්ථපාදෙ ච කණ්ණනාසඤ්ච ඡින්දථ, යො මෙ අමිත්තං හත්ථගතං වෙදෙහං පරිමොචයි.
Sinhala BJT6024. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ අත් පා කන් නාසා ද සිඳිවු.
Pali BJT6025. ඉම මංසංව පාතබ්බං{3} සූලෙ කත්වා පචන්තු තං, යො මෙ අමිත්තං හත්ථගතං වෙදෙහං පරිමොචයි.
Sinhala BJT6025. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ ද ඒ මොහුගේ ඇඟ මස් පිසිය යුතු (මෘගාදීන්ගේ) මසක් මෙන් කපා හුලැ ඇනැ පිසත්වා.
Pali BJT6026. යථාපි ආසභං චම්මං පථව්යා විතනිය්යති,{4} සීහස්ස අථො ව්යග්ඝස්ස හොති සඞ්කුසමාහතං.
Sinhala BJT6026. යම් සේ වෘෂභයකුගේ හෝ සිංහයකුගේ හෝ ව්‍යාඝ්‍රයකුගේ හෝ සම නඟා හුල් ගසා බිමැ අතුරනු ලබන්නේ වෙයි ද,
Pali BJT6027. එවං තං විතනිත්වාන{5} වෙධයිස්සාමි සත්තියා, යො මෙ අමිත්තං හත්ථගතං වෙදෙහං පරිමොචයි.
Sinhala BJT6027. එසේ මැ යමෙක් මා අතපත් පසමිතුරු වේදේහයා මුදා හළේ ද, ඒ මොහු බිමැ වතුරුවා සැතින් විදවන්නෙමි.
Pali BJT6028. සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි, එවං පඤ්චාලචණ්ඩස්ස{6} වෙදෙහො ඡෙදයිස්සති.
Sinhala BJT6028. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරාගේ ද එසේ සිඳවන්නේ ය.
Pali BJT6029. සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි, එවං පඤ්චාලචණ්ඩියා{7} වෙදෙහො ඡෙදයිස්සති.
Sinhala BJT6029. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳවන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියගේ ද එසේ සිඳවන්නේ ය.
Pali BJT6030. සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි, එවං නන්දාය දෙවියා වෙදෙහො ඡෙදයිස්සති.
Sinhala BJT6030. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දෙවියගේ ද එසේ සිඳවන්නේ ය.
Pali BJT6031. සචෙ මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසඤ්ච ඡෙච්ඡසි, එවං තෙ පුත්තදාරස්ස වෙදෙහො ඡෙදයිස්සති.
Sinhala BJT6031. ඉදින් මාගේ අත්පා හෝ කන්නාසා හෝ සිඳින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ සිඳවන්නේ ය.
Pali BJT6032. සචෙ මංසංව පාතබ්බං සූලෙ කත්වා පවිස්සසි, එවං පඤ්චාලචණ්ඩස්ස වෙදෙහො පාචයිස්සති.
Sinhala BJT6032. ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරාගේ ද එසේ පිසවන්නේ ය.
Pali BJT6033. සචෙ මංසංව පාතබ්බං සූලෙ කත්වා පවිස්සසි, එවං පඤ්චාලචණ්ඩියා වෙදෙහො පාචයිස්සති.
Sinhala BJT6033. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරියගේ ද එසේ පිසවන්නේ ය.
Pali BJT6034. සචෙ මංසංව පාතබ්බං සූලෙ කත්වා පචිස්සසි, එවං නන්දාය දෙවියා වෙදෙහො පාචයිස්සති.
Sinhala BJT6034. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියගේ ද එසේ පිසවන්නේ ය.
Pali BJT6035. සචෙ මංසංව පාතබ්බං සූලෙ කත්වා පචිස්සසි, එවං තෙ පුත්තදාරස්ස වෙදෙහො පාචයිස්සති.
Sinhala BJT6035. ඉදින් මෘගාදීන්ගේ පිසියයුතු මසක් සෙයින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ පිසවන්නේ ය.
Pali BJT6036. සචෙ මං විතනිත්වාන වෙධයිස්සසි සත්තියා, එවං පඤ්චාලචණ්ඩස්ස වෙදෙහො වෙධයිස්සති.
Sinhala BJT6036. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමාරයාට ද එසේ විදවන්නේ ය.
Pali BJT6037. සචෙ මං විතනිත්වාන වෙධයිස්සසි සත්තියා, එවං පඤ්චාලචණ්ඩියා වෙදෙහො වෙධයිස්සති.
Sinhala BJT6037. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියටද එසේ විදවන්නේ ය.
Pali BJT6038. සචෙ මං විතනිත්වාන වෙධයිස්සසි සත්තියා, එවං නන්දාය දෙවියා වෙදෙහො වෙධයිස්සති.
Sinhala BJT6038. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියට ද එසේ විදවන්නේ ය.
Pali BJT6039. සචෙ මං විතනිත්වාන වෙධයිස්සසි සත්තියා, එවං තෙ පුත්තදාරස්ස වෙදෙහො වෙධයිස්සති; එවං නො මන්තිතං රහො වෙදෙහෙන මයා සභ.
Sinhala BJT6039. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවනටද එසේ විදුවන්නේ ය. වේදේහ රජු මාහා මෙසේ රහසින් මන්ත්‍රණය කරන ලද්දේය.
Pali BJT6040. යථා පලසතං{1} චම්මං කොන්තිමන්තී{2}සුනිට්ඨිතං, උපෙති තනුතාණාය සරානං පටිහන්තවෙ.
Sinhala BJT6040. යම්සේ සම්කරුවන්ගේ සැතින් මනා වැ නිමවන ලද සියයක් පටින් කළ හෙයින් පලසත නම් සන්නාහය ශරයන් වළකා ශරීරාරක්‍ෂාවට පැමිණේ ද?
Pali BJT6041. සුඛාවහො දුක්ඛනුදො වෙදෙහස්ස යසස්සිනො, මතිං තෙ පටිහඤ්ඤාමි උසුං පලසතෙනිව.{3}
Sinhala BJT6041. එසේ මැ වේදේහ රජුගේ දුක් දුරුකොටැ සැප එළවන්නෙමි. පලසත සන්නාහය හී වළකන්නා සේ මාගේ නුවණින් තොපගේ නුවණ වළකන්නෙමි.
Pali BJT6042. ඉඞ්ඝ පස්ස මහාරාජ සුඤ්ඤං අන්තෙපුරං තව, ඔරොධා ච කුමාරා ච තව මාතා ච ඛත්තිය උම්මග්ගා{4} නීහරිත්වාන වෙදෙහස්සුපනාමිතා.
Sinhala BJT6042. මහරජ, එසේ නම් ඔබගේ සිස් වූ අන්තඃපුරය බලව. ක්‍ෂත්‍රියය, ඔබගේ දේවිය ද, කුමරා ද, මවු බිසව ද උමඟින් හැරැගෙනැ ගොස් වේදේහ රජුට පවරනලදහ.
Pali BJT6043. ඉඞ්ඝ අන්තෙපුරං මය්හං ගන්ත්වාන විචිනාථ නං, යථා ඉමස්ස වචනං සච්චං වා යදි වා මුසා.
Sinhala BJT6043. එසේ නම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේ දැයි සොයා බලව.
Pali BJT6044. එවමෙතං මහාරාජ යථා ආහ මහොසධො, සුඤ්ඤං අන්තෙපුරං සබ්බං කාකපට්ටනකං යථා.
Sinhala BJT6044. මහරජ, මහෞෂධයන් කී දේ සැබෑම ය. සිස් වූ මුළු ඇතොවුර කපුටන් එක් වූ මුහුදු තෙරැ ගමක් මෙනි.
Pali BJT6045. ඉතො ගතා මහාරාජ නාරී සබ්බඞ්ගසොභනා, කොසුම්භඵලකසුස්සොණී හංසගග්ගරභාණිනී.
Sinhala BJT6045. මහරජ, ස්වර්‍ණ ඵලකයක් වැනි ශ්‍රෝණියෙන් යුක්ත වූ හංසධේනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියලු අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී තෙල උමඟින් ගියා ය.
Pali BJT6046. ඉතො නීතා මහාරාජ නාරී සබ්බඞ්ගසොභනා, කොසෙය්යවසනා සාමා ජාතරූපසුමෙඛලා.
Sinhala BJT6046. මහරජ, කසීසළු හඳනා, රනින් මොනවට කළ මෙවුල්දම් පළදනා, ස්වර්‍ණවර්‍ණ වූ, සියල් අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී මේ උමඟින් ගෙන යන ලද්දීය.
Pali BJT6047. සුරත්තපාදා කල්යාණී සුවණ්ණමණිමෙඛලා, පාරෙවතක්ඛී සුතනු බිම්බොට්ඨා තනුමජ්ඣිමා.
Sinhala BJT6047. (ඕ නන්‍දා දේවී තොමෝ) රත්පෑ පා ඇත්තී ය. පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වන්නී ය. රන්මිණිමෙවුල් ඇත්තී ය. පරෙවියනට බඳු ඇස් ඇත්තී ය. බිඹුපල වැනි තොල් ඇත්තීය. මනාසිරුරින් හා කෘශ වූ මධ්‍යප්‍රදේශයෙන් ද යුක්ත වන්නී ය.
Pali BJT6048. සුජාතා භුජගලට්ඨිව වෙල්ලීව{1} තනුමජ්ඣිමා, දීඝස්සා කෙසා අසිතා ඊසකග්ගපවෙල්ලිතා.
Sinhala BJT6048. මනා වැ හටගත් නාග ලතාවකට බඳු ලෙලෙන ගාත්‍රා ඇත්තී ය. සිහින් වූ රන්පෝරුවකට බඳු මධ්‍යප්‍රදේශ ඇත්තී ය. දික් වූ, නිල් වූ, අක්බමරු කේශ කලාප ඇත්තී ය.
Pali BJT6049. සුජාතා මිගඡාපීව{2} හෙමන්තග්ගිසිඛාරිව, නදීව ගිරිදුග්ගෙසු සඤ්ඡන්නා ඛුද්දවෙළුහි.
Sinhala BJT6049. ඕ තොමෝ සුජාත මුව පෙල්ලක බඳු ය. හිමවත් කලැ ගිනිසිළුවකට සමාන වන්නී ය. ගිරිදුර්‍ගයෙකින් ගලා බස්නා කුඩා නළ කොළ සමූහයෙන් ගැවසීගත් නදියක් බඳු රෝමරාජී ඇත්තී ය.
Pali BJT6050. නාගනාසූරු කල්යාණි පඨමා තිම්බරුත්ථනී, නාතිදීඝා නාතිරස්සා නාලොමා නාතිලොමසා.
Sinhala BJT6050. ඇත් සොඬෙක අයුරින් පිහිටි ඌරු යුග්මයෙන් ශෝභමාන වූවා ය. පඤ්ච කල්‍යාණ ඇත්තී ය. ප්‍රථම වසසැ සිටියා ය. තිඹිරි එල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමු වැන්නී ය. නො උස් නො මිටි වූවා ය. ලොම් නැත්තී ද බොහෝ ලොම් ඇත්තී ද, නො වූවා ය.
Pali BJT6051. නන්දාය නූන මරණෙන නන්දසි සිරිවාහන, අහඤ්ච නූන නන්දා ච ගච්ඡාම යමසාධනං.
Sinhala BJT6051. මහරජ, මෙ වැනි නන්‍දා දේවියගේ මරණින් ඔබ තුටු වන්නාහු නම් මම ද නන්‍දාදේවි ද යමරජු වෙත යන්නෙමු.
Pali BJT6052. දිබ්බං අධීයසෙ මායං අකාසි චක්ඛුමොහනං, යො මෙ අමිත්තං හත්ථගතං වෙදෙහං පරිමොචයි.
Sinhala BJT6052. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ වේ ද, ඒ ඔබ දිව්‍ය මායමක් දන්නාහු ද? ඇසට ඉන්‍ද්‍රජාලයක් කළාහු ද?
Pali BJT6053. අධීයන්ති මහාරාජ දිබ්බමායිධ පණ්ඩිතා, තෙ මොචයන්ති අත්තානං පණ්ඩිතා මන්තිනො ජනා.
Sinhala BJT6053. මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්‍ය මායම් හදාරත්. ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදා ගනිත්.
Pali BJT6054. සන්ති මාණවපුත්ත කුසලා සන්ධිඡෙදකා, යෙසං කතෙන මග්ගෙන වෙදෙහො මිථිලං ගතො.
Sinhala BJT6054. උමං බිඳීමෙහි දක්‍ෂ තරුණ යෝධයෝ මට ඇත්තා හ. ඔවුන් විසින් කරන ලද උමඟින් වේදේහ රජ මිථිලා පුරයට ගියේ ය.
Pali BJT6055. ඉඞ්ඝ පස්ස මහාරාජ උම්මග්ගං සාධු මාපිතං, හත්ථීනං අථ අස්සානං රථානං අථ පත්තිනං. ආලොකභූතං තිට්ඨන්තං උම්මග්ගං{3} සාධු නිට්ඨිතං.
Sinhala BJT6055. ආලෝකවත් වැ සිටින උමඟ මනා වැ නිම කොටැ ඇත්තේ ය. ඇත්, අස්, රිය, පාබළ සෙනඟ පිළිරූ සිතියම් ලෙසින් තනවා ඇත්තේ ය. මහරජ, එසේ නම් මනා වැ නිම වූ උමඟ බලනු මැන.
Pali BJT6056. ලාභා වත විදෙහානං යස්ස මෙ එදිසා පණ්ඩිතා, ඝරෙ වසන්ති විජිතෙ යථා ත්වංසි මහොසධ.
Sinhala BJT6056. මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යම් ගෙයෙකැ හෝ රටෙකැ හෝ වෙසෙත් නම් ඒ විදේහ වැස්සනට ද වූයේ මහත් ලාභයෙකි.
Pali BJT6057. වුත්තිඤ්ච පරිහාරඤ්ච දිගුණං භත්තවෙතනං, දදාමි විපුලං භොගං භුඤ්ජ කාමෙ රමස්සු ච. මා විදෙහං පච්චගමා කිං විදෙහො කරිස්සති.
Sinhala BJT6057. වෘත්තීය ද ගම් බිම් ආදිය හා බත් වැටුප ද දෙගුණ කොටැ දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත් ද දෙන්නෙමි. කාමයන් අනුභව කරව, රමණය කරව, විදේහ පුරයට පෙරළා නො යා. විදේහ කුමක් කරන්නේ ද?
Pali BJT6058. යො චජෙථ මහාරාජ භත්තාරං ධනකාරණා, උභින්නං හොති ගාරය්හො අත්තනො ච පරස්ස ච; යාව ජීවෙය්ය වෙදෙහො නාඤ්ඤස්ස පුරිසො සියා.
Sinhala BJT6058. මහරජ, යමෙක් ධන හේතුයෙන් තම ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගැරැහිය යුත්තෙක් වේ. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනෙකකුගේ සේවකයෙක් නො වන්නෙමි.
Pali BJT6059. යො චජෙථ මහාරාජ භත්තාරං ධනකාරණා, උභින්නං හොති ගාරය්හො අත්තනො ච පරස්ස ච; යාව තිට්ඨෙය්ය වෙදෙහො නාඤ්ඤස්ස විජිතෙ වසෙ.
Sinhala BJT6059. මහරජ, යමෙක් ධන හේතුයෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගර්‍හා ලැබිය යුත්තෙක් වේ. වේදේහ රජු වසනා තාක් අන් විජිතයෙකැ නො වසන්නෙමි.
Pali BJT6060. දම්මි නික්ඛසහස්සං තෙ ගාමාසීතිඤ්ච කාසිසු, දාසීසතානි චත්තාරි දම්මි භරියාසතඤ්ච තෙ; සබ්බං සෙනඞ්ගමාදාය සොත්ථිං ගච්ඡ මහොසධ.
Sinhala BJT6060. මහෞෂධය, ඔබට රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද, දාසීන් සාරසියයක් ද, බිරියන් සියයක් ද දෙමි. සියලු සෙනග ගෙනැ සුවසේ යව.
Pali BJT6061. යාචං දදන්තු හත්ථීනං අස්සානං ද්විගුණං විධං, තප්පෙන්තු අන්නපානෙන රථිකෙ පත්තිකාරකෙ.
Sinhala BJT6061. ඇතුනට හා අසුනට යම් පමණ දෑ අවශ්‍ය වේ ද, එය ද්විගුණ කොට පොහෝනා පමණ දෙත්වා. රථ සේනාවන් හා පාබළ සේනාවන් ආහාර පානයෙන් සතුටු කරත්වා.
Pali BJT6062. හත්ථි අස්සෙ රථෙ පත්ති ගච්ඡෙවාදාය පණ්ඩිත, පස්සතු තං මහාරාජා වෙදෙහො මිථිලං ගතං.
Sinhala BJT6062. මහෞෂධ පණ්ඩිතය, ඇත් අස් රිය පාබළ සේනාවන් ගෙනැ යව. මිථිලා පුරයට ගිය තොප ඒ වේදේහ රජ දකීවා.
Pali BJT6063. හත්ථි අස්සා රථා පත්ති සෙනා පදිස්සතෙ මහා, චතුරඞ්ගිනී භිංසරූපා කින්නු මඤ්ඤන්ති පණ්ඩිතා.
Sinhala BJT6063. ඇත්, අස්, රිය, පාබළ යන අතිවිශාල වූ භයානක චතුරඞ්ගිනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරු ඒ කුමකැ යි සිතන්නාහු ද?
Pali BJT6064. ආනන්දො තෙ මහාරාජ උත්තමො පතිදිස්සති, සබ්බං සෙනඞ්ගමාදාය සොත්ථිං පත්තො මහොසධො.
Sinhala BJT6064. මහරජ, ඔබගේ සිත තුටු කරන උතුමා පෙරළා එනු පෙනේ. සියලු සෙනඟ ගෙනැ මහෞෂධ පඬිතුමා මෙහි සුවසේ පැමිණියේ ය.
Pali BJT6065. යථා පෙතං සුසානස්මිං ඡඩ්ඩෙත්වා චතුරො ජනා, එවං කම්පිල්ලියෙ ත්යම්හා ඡඩ්ඩයිත්වා ඉධාගතා.
Sinhala BJT6065. යම්සේ සතරදෙනෙක් මළ මිනිසකු ඔසොවා ගෙනැ ගොස් අමුසොහොනැ හැරැ දමා එත් ද, එසෙයින් අපි දු තොප කම්පිල්ලිය රටෙහි හැරැ දමා මෙහි ආවෙමු.
Pali BJT6066. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, කෙන වා අත්ථජාතෙන අත්තානං පරිමොචයි.
Sinhala BJT6066. එසේ ඇති කලැ කවර ක්‍රමයෙකින්, කවර හේතු යෙකින්, කෙවර අර්‍ත්‍ථයෙකින් සතුරන්ගෙන් තම දිවි මුදා ගත්තහු ද?
Pali BJT6067. අත්ථං අත්ථෙන වෙදෙහ මන්තං මන්තෙන ඛත්තිය, පරිවාරයිස්සං රාජානං ජම්බුදීපංව සාගරො.
Sinhala BJT6067. මහරජ, ඔවුන්ගේ අර්‍ත්‍ථය මාගේ අර්‍ත්‍ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරූවෙමි. එ මතු නොව දඹදිව පිරිවැරූ සයුර සේ එක් සියක් රජුන් පිරිවරනලද එරජු ද පිරිවරන්නෙමි.
Pali BJT6068. දින්නං නික්ඛසහස්සං මෙ ගාමාසීති ච කාසිසු, දාසීසතානි චත්තාරි දින්නං භරියාසතඤ්ච මෙ සබ්බං සෙනඞ්ගමාදාය සොත්ථිනම්භි ඉධාගතො.
Sinhala BJT6068. රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද දැස්සන් සාරසියයක් ද, බිරියන් සියයක් ද මට දෙන ලද ය. සියලු සේනා කොටස් ගෙනැ සුවසේ මෙහි ආවෙමි.
Pali BJT6069. සුසුඛං වත සංවාසො පණ්ඩිතෙහීති සෙනක, පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්ථගතෙ මොචයී නො මහොසධො.
Sinhala BJT6069. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙකැ බැඳුණු කුරුල්ලන් සේ ද දැලෙහි හසු වූ මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මුදාලීය.
Pali BJT6070. එවමෙතං මහාරාජ පණ්ඩිතා හි සුඛාවහා, පක්ඛීව පඤ්ජරෙ බද්ධෙ මච්ඡෙ ජාලගතෙරිව; අමිත්තහත්ථත්ථගතෙ මොචයී නො මහොසධො.
Sinhala BJT6070. මහරජ, එය එසේ මැ යැ. පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙක්හි බැඳුණු කුරුල්ලන් සේ ද, දැලෙක බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මිදීය.
Pali BJT6071. ආහඤ්ඤන්තු සබ්බවීණා භෙරියො දෙණ්ඩිමානි ච, නදන්තු මාගධා{1} සඞ්ඛා වග්ගු වදතු{2} දුන්දුභි.
Sinhala BJT6071. සියලු වීණාද බෙර ද පණා බෙර ද වාදනය කරවු. මාගධසඞ්ඛයෝ නාද කෙරෙත්වා. මහබෙර මිහිරි ලෙස නදදේවා.
Pali BJT6072. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, බහුං අන්නං ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT6072. ඇතොවුරැ කාන්තාවෝ ද, කුමාරවරු ද, වෛශ්‍යයෝ ද, බමුණෝ ද බොහෝ වූ ආහාර පාන පණ්ඩිතයන් වෙතැ එළැවූහ.
Pali BJT6073. හත්ථාරූහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, බහුං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT6073. ඇත්, අස්, රිය, පාබළ සේනාවෝ ද, පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන එළැවූහ.
Pali BJT6074. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බහුං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT6074. රැස් වූ දනවුවැස්සෝ රැස්වූ නියම්ගම් වැස්සෝ (ඔහු) පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන ද එළැවූහ.
Pali BJT6075. බහුජ්ජනො පසන්නොසි දිස්වා පණ්ඩිතමාගතෙ, පණ්ඩිතම්හි අනුප්පත්තෙ චෙලුක්ඛෙපො අවත්තථාති.
Sinhala BJT6075. පණ්ඩිතයන් ආ කලැ දැකැ බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කලැ පිළී හිස සිසෑරීම ද පැවැත්විණි.
Pali BJTමහාඋම්මග්ගකණ්ඩං.
Sinhala BJTමහාඋම්මග්ග කාණ්ඩය යි.
Pali BJT6076. සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ, මනුස්සබලිමෙසානො නාමං ගණ්හෙය්ය රක්ඛසො; අනුපුබ්බං කථං දත්වා මුඤ්චෙසි දකරක්ඛිනො.{3}
Sinhala BJT6076. ඉදින් තොප සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්‍ෂායෙන් එක් දිය රකුසෙක් නැව ගන්නේ නම් අනුපිළිවෙළින් දිය රකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහි ද?
Pali BJT6077. මාතරං පඨමං දජ්ජං භරියං දත්වාන භාතරං, තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජං බ්රාහ්මණං; ඡට්ඨාහං දජ්ජමත්තානං නෙව දජ්ජං මහොසධං.
Sinhala BJT6077. පළමුව වැදූ මව දෙන්නෙමි. (දෙවනුව) නන්‍දා දේවිය දී ( තුන්වැනිව ) මලණුවන් ද, ඉක්බිති යහළුවාද දී පස්වැනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව මම තමන් ද දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො දෙන්නෙමි.
Pali BJT6078. පොසෙතා තෙ ජනෙත්තී ච දිඝරත්තානුකම්පිකා, ඡම්භී තයි පදුට්ඨස්මිං{4} පණ්ඩිතා අත්ථදස්සිනී; අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොචයි.
Sinhala BJT6078. (තලතා දේවී) තොපගේ මව තොප පෝෂණය කළා ය. බොහෝ කල් අනුකම්පා ඇත්තී ය. ඡම්හී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කලැ නුවණැති අර්‍ත්‍ථදර්ශී මවු තොමෝ අන්‍යයකු ඉදිරිපත් කොටැ තොප වධයෙන් මිදුවා ය.
Pali BJT6079. තං තාදිසං පාණදදිං ඔරසං ගබ්භධාරිණිං, මාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT6079. එසේ ප්‍රාණය දුන් ළෙහි හොවා හැදූ දසමසක් කුසැ දැරූ මෑණියන් කිනම් දොසෙකින් දිය රකුසාට දෙන්නහු ද?
Pali BJT6080. දහරාවිය අලඞ්කාරා ධාරෙති අපිළන්ධනං දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.{1}
Sinhala BJT6080. තරුණ කතක සේ නො පැළඳිය යුතු ආභරණ පළඳින්නී ය. දොරටුපල්ලන් හා සෙබළුන් හා සමඟ බොහෝ කොටැ මහහඬින් සිනාසෙන්නී ය.
Pali BJT6081. තතොපි පටිරාජානං සයං දූතානි සාසති, මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT6081. තවද අසල්වැසි රජුනට (මා කී ලෙස හඟවා) තොමෝ මැ දූතයන් යවන්නී ය. මම ඒ දෝෂය හේතු කොට ගෙන දියරකුසාට මව බිලිකොටැ දෙන්නෙමි.
Pali BJT6082. ඉත්ථිගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනි,{2} අනුග්ගතා{3} සීලවතී ඡායාව අනපායිනී.
Sinhala BJT6082-6083. ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරු කල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත් නොහැර පවත්නා වූ ක්‍රෝධ නො කරනසුලු නුවණැති පණ්ඩිත වූ අර්‍ත්‍ථදර්ශී වූ උබ්‍බරිය (නන්‍දා දේවිය) කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
Pali BJT6083. අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිනී, උබ්බරිං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6084. ඛිඩ්ඪාරතිසමාපන්නං අනත්ථවසමාගතං, සා මං සකානං පුත්තානං අයාචං යාචතෙ ධනං,
Sinhala BJT6084. කාමසම්භෝගයෙහි ඇලුණු කෙලෙස් වසඟයටපත් මගෙන් ඕ තොමෝ මගේ දරුවනට අයත් නො ඉල්විය යුතු ධනය ඉල්ලන්නී ය.
Pali BJT6085. සොහං දදාමි සාරත්තො බහුං උච්චාවචං ධනං. සුදුච්චජං චජිත්වාන පච්ඡා සොචාමි දුම්මනො; උබ්බරිං{4} තෙන දොසෙන දජ්ජාමි{5} දකරක්ඛිනො.
Sinhala BJT6085. ඒ මම අතිශයින් ඇලුණෙම් බොහෝ කුදුමහත් ධනය දෙන්නෙමි. නො දියයුතුදේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරිය දියරකුසාට දෙන්නෙමි.
Pali BJT6086. යෙනාවිතා ජානපදා ආනීතා{6} ච පටිග්ගහං, ආභතං{7} පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
Sinhala BJT6086. යමකු විසින් තොපගේ ජනපද වැසියෝ වඩනා ලද්දෝ ද, බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දහු ද, බැහැරි රාජ්‍යයන් ගෙන් බොහෝ ධනය පැහැර ගෙනෙන ලද්දේ ද,
Pali BJT6087. ධනුග්ගහානං පවරං සූරං තිඛිණමන්තිනං, භාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT6087. ධනුර්ධරයනට අග්‍ර වූ, ශුර වූ, තීක්‍ෂණමන්ත්‍රී නම් ඒ සහෝදරයා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
Pali BJT6088. මයොචිතා{8} ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
Sinhala BJT6088. මා විසින් ජනපද වැසියෝ වඩන ලද්දෝ ය. මොහු රජගෙට ගෙනෙන ලදහ. බොහෝ වූ ධනය පර දෙසින් ගෙනෙන ලද්දේ ය.
Pali BJT6089. ධනුග්ගහානං පවරො සූරො තිඛිණමන්ති ච, මයායං සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො.
Sinhala BJT6089. මම ධනුර්ධරයනට උතුම්ය, ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි, මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේ ය යි ඒ තරුණ තෙම මා ඉක්මවා හඟියි.
Pali BJT6090. උපට්ඨානම්පි මෙ අය්යෙ න සො එති යථා පුරෙ, භාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT6090. ආර්‍ය්‍යාවනි, හෙතෙම පෙරැ සේ මට උපස්ථානයට ද නො එයි, ඒ දෝෂය හේතුකර ගෙනැ සහෝදරයා දිය රකුසාට දෙන්නෙමි.