Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6501-6600 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5708. සමුද්ධටො ත්යස්මි{1} අහං පපාතා හදයෙන මෙ නදි තෙ අත්ථි කිච්චං, යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා සබ්බෙව මෙ පාතුකරොහි අජ්ජ.
Sinhala BJT5708. තොප විසින් මා ප්‍රපාතයෙන් නඟන ලද්දෙමි. ඉදින්, මාගේ හදවතින් තොපට කටයුත්තෙක් වේ ද, මේ යම්කිසි සාධුනර ධර්‍මකෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
Pali BJT5709. යාතානුයායී ච භවාහි මාණව අද්දඤ්ච{2} පාණිං පරිවජ්ජයස්සු, මා චස්සු මිත්තෙසු කදාචි දූභී මා ච වසං අසතීනං නිගච්ඡෙ.
Sinhala BJT5709. මාණවකය, ‘යාතානුයායී’ (යනුවා අනුව යන්නේ) ද වව. අද්දපාණී දහනය (නෙත් අල්ලදැවීම) ද හැරැපියව. කිසි කලෙකත් මිතුරන් කෙරෙහි නහමක් ද්‍රෝහි ද වව. අසතීන්ගේ වශයට ද නහමක් යව.
Pali BJT5710. කථන්නු යාතං අනුයායි හොති අද්දඤ්ච පාණිං දහතෙ කථං සො, අසතී ච කා කො පන මිත්තදුබ්භො අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං.
Sinhala BJT5710. කිසෙයින් ‘යාතානුයායී’ වේ ද? හෙතෙම කිසෙයින් ‘අද්දපාණි දහන’ කෙරේ ද? ‘අසති’ නම් කවරැ? ‘මිත්‍රද්‍රෝහි’ නම් කවරෙ යැ? තෙල කරුණ විචාරන ලද්දහු මට කියව.
Pali BJT5711. අසන්ථුතං{3} නොපි ච දිට්ඨිපුබ්බං යො ආසනෙනාපි නිමන්තයෙය්ය, තස්සෙව අත්ථං පුරිසො කරෙය්ය යාතානුයායීති තමාහු පණ්ඩිතා.
Sinhala BJT5711. යමෙක් එක්වැ නොවිසූවිරුවකු නො ද දුටුවිරූවකු අසුන් පමණිනුදු පවරා නම් පුරුෂ තෙම ඔහට හිතයක් කරන්නේ මැ යැ. පණ්ඩිතයෝ ඒ පුද්ගලයා ‘යාතානුයායි’ යයි කීහු.
Pali BJT5712. යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්ය යත්ථන්නපානං පුරිසො ලභෙථ,{1} න තස්ස පාපං මනසාපි චෙතයෙ{2} අද්දඤ්චපාණිං{3} දහතෙ මිත්තදුබ්භො.
Sinhala BJT5712. යමෙක් යමකුගේ නිවෙසේ එක් රැයකුදු වසන්නේ ද යම් තැනෙකැ ආහාරපාන ලබන්නේ ද, ඔහුට සිතිනුදු පව් කමක් නො සිතන්නේ ය. මිත්‍රද්‍රෝහී තෙම (දානයෙන්) තෙත් වූ අත්ල දවයි.
Pali BJT5713. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි පාපකො.
Sinhala BJT5713. (යමෙක්) යම් රුක් සේවනක හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද (හේ) එම රුකෙහි අත්තකුදු නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහිකම ලාමක ය.
Pali BJT5714. පුණ්ණම්පි චෙතං පඨවිං ධනෙන දජ්ජිත්ථියා පුරිසො සම්මතාය, ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්ය තම්පි තාසං වසං අසතීනං න ගච්ඡෙ.
Sinhala BJT5714. ඉදින් පුරුෂයෙක් (මම් මැ ඇයට ප්‍රිය වෙමි. තෙල තැනැත්තී අනුන් නො පතා යැ යන) මනා සිතින් යුතු වැ ධනයෙන් පිරුණු මේ පොළොව ද ස්ත්‍රියට දෙන්නේ ද ඕ (අතිචාරයට) අවකාශ ලැබැ ඔහු ද ඉක්මවා අන් පුරුෂයන් සිතන්නී යැ. ඒ අසද්ධර්‍ම සමන්‍වාගත ස්ත්‍රීන් වශයට නො යන්නේ ය.
Pali BJT5715. එවං ඛො යාතං අනුයායි හොති අද්දඤ්ච{4} පාණිං දහතෙ පුනෙවං, අසතී ච සා සො පන මිත්තදුබ්භො සො ධම්මියො හොහි ජහස්සු අධම්මං.
Sinhala BJT5715. මෙසේ ‘යාතානුයායී’ වෙයි. යළි මෙසේ ‘අද්දපාණි දහන’ වෙයි. ඕ ‘අසති’ නම් වෙයි. හෙ ‘මිත්‍රද්‍රෝහි’ නම් වේ. යක්‍ෂය, ඒ තෙපි ධාර්මික වව. අධර්‍මය හැරපියව.
Pali BJTසාධුනරධම්මකණ්ඩං.
Sinhala BJTසාධුනරධම්ම කාණ්ඩ යි.
Pali BJT5716. අවසිං අහං තුය්හ තීහං අගාරෙ අන්නෙන පානෙන උපට්ඨිතොස්මි, මිත්තො මමාසි විසජාමහං තං{5} කාමං ඝරං උත්තමපඤ්ඤ ගච්ඡ.
Sinhala BJT5716. ශ්‍රේෂ්ඨ ප්‍රාඥය, තොපගේ නිවෙසේ මම තුන් දවසක් විසීමි. ආහාරපානයෙන් උවටැන් කරන ලදිමි. (තෙපි) මාගේ මිතුරු වව. මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ගෙට යව.
Pali BJT5717. අපි හායතු නාගකුලස්ස අත්ථො අලම්පි මෙ නාගකඤ්ඤාය හොතු, සො ත්වං සකෙනෙව සුභාසිතෙන මුත්තොසි මෙ අජ්ජ වධාය පඤ්ඤ.
Sinhala BJT5717. නාගකුලයේ කටයුත්ත පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජනයක් නො වේවා. නුවණැත්ත, තෙපි සිය සුබැසි වදනින් මා විසින් අද ප්‍රාණවධයෙන් මුදන ලද්දහුය.
Pali BJT5718. හන්ද තුවං යක්ඛ මමම්පි නෙහි සසුරං නු තෙ අත්ථං මයී චරස්සු, මයම්පි නාගාධිපතිං විමානං දක්ඛෙමු නාගස්ස අදිට්ඨපුබ්බං.
Sinhala BJT5718. එසේ නම් යක්‍ෂය, තෙපි මා ද එහි ගෙන යව. තොපගේ මයිලණුවන්ගේ කාර්‍ය්‍යය මා කෙරෙහි පවරව. අපිදු නො දුටු විරූ නාගවිමානයත් නාරජුත් දකිමු.
Pali BJT5719. යං වෙ නරස්ස අහිතාය අස්ස න තං පඤ්ඤො අරහති දස්සනාය අථ කෙන වණ්ණෙන අමිත්තගාමං තුවම්පිච්ඡසි උත්තමපඤ්ඤ ගන්තුං.
Sinhala BJT5719. මිනිසාට යමක් අහිත වන්නේ නම් ප්‍රාඥතෙම එය දක්නට නිසි නො වේ. එසේ ඇති කල්හි කවර හේතුවක් නිසා සතුරුගමට යාමට තෙපි කැමැත්තහු ද?
Pali BJT5720. අද්ධා පජානාමි අහම්පි එතං න තං පඤ්ඤො අරහති දස්සනාය, පාපඤ්ච මෙ නත්ථි කතං කුහිඤ්චි තස්මා න සඞ්කෙ මරණාගමාය.
Sinhala BJT5720. ඒකාන්තයෙන් මම ද මෙය දනිමි. එය බැලීමට ප්‍රාඥතෙම නිසි නො වේ. කිසි තැනෙකැ මා කළ පාපයක් ද නැත. එහෙයින් මරණයට පැමිණීමට මම සැක නැත්තෙමි.
Pali BJT5721. හන්ද ච ඨානං අතුලානුභාවං. මයා සහා දක්ඛිසි එහි කත්තෙ, යත්ථච්ඡති නච්චගීතෙහි නාගො රාජා යථා වෙස්සවණො{1} නලිඤ්ඤං.{2}
Sinhala BJT5721. එසේ නම් කර්‍තව්‍යකාරය, මා හා සමග එව. නලිනී රාජධානියේ වෛශ්‍රවණ රජුමෙන් යම් තැනෙක නාරජ නෘත්‍යගීතයෙන් යුතුවැ හිඳීද ඒ මහත් අනුභාව ඇති නාවිමන දකුව.
Pali BJT5722. තං නාගකඤ්ඤාචරිතං ගණෙන නිකීළිතං නිච්චමහො ච රත්තිං, පහූතමාල්යං{3} බහුපුප්ඵඡන්නං{4} ඔභාසතී විජ්ජුරිවන්තලික්ඛෙ.
Sinhala BJT5722. නාමෙනෙවි සමූහයා විසින් දිවරැය නිරතුරු කළ ක්‍රීඩා ඇති බොහෝ මල්දම් ඇති නන්කුසුමෙන් වැසුණු එ විමන අහසෙහි විදුලිය මෙන් බබළයි.
Pali BJT5723. අන්නෙන පානෙන උපෙතරූපං නච්චෙති ගීතෙහි ච වාදිතෙහි, පරිපූරං කඤ්ඤාහි අලඞ්කතාහි උපසොභති වත්ථපිළන්ධනෙන.
Sinhala BJT5723. ආහාරපානයෙන් ද, නෘත්‍ය ගීත හා වාදනයෙන් ද, යුත් ඒ විමානය ඇඳුම්පැළදුම්වලින් සැරසීගත් කන්‍යාවන්ගෙන් පරිපූර්‍ණ වූයේ ඉතා ශෝභන වෙයි.
Pali BJT5724. සො පුණ්ණකො කුරූනං කත්තසෙට්ඨං. නිසීදයි පච්ඡතො ආසනස්මිං, ආදාය කත්තාරං අනොමපඤ්ඤං උපානයී භවනං{5} නාගරඤ්ඤො.
Sinhala BJT5724. ඒ පූර්‍ණක යක්‍ෂ තෙම කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ කර්‍තව්‍යකාරකයා පිටුපස අස්නේ හිඳුවාපී ය. හේ අලාමක නුවණැති කර්‍තව්‍යකාරක විධුර පඬිතුමා ගෙන නාරජුගේ භවනයට පැමිණවී.
Pali BJT5725. පත්වාන ඨානං අතුලානුභාවං අට්ඨාසි කත්තා පච්ඡතො පුණ්ණකස්ස සාමග්ගිපෙක්ඛී පන නාගරාජා පුබ්බෙව ජාමාතරමජ්ඣභාසථ.
Sinhala BJT5725. අතුල්‍යානුභාව ඇති එතැනට පත් විධුර පණ්ඩිත පූර්‍ණකයාගේ පිටුපසැ සිටියේය. සමඟිය බලන නාරජ පළමුව බෑනා හා කතා කෙළේ ය.
Pali BJT5726. යන්නු තුවං අගමා මච්චලොකං අන්වෙසමානො හදයං පණ්ඩිතස්ස, කච්චි සමිද්ධෙන ඉධානුපත්තො ආදාය කත්තාරං අනොමපඤ්ඤං.
Sinhala BJT5726. යම් හෙයෙකින් තෙපි විධුර පණ්ඩිතයන්ගේ හදවත සොයමින් මිනිස් ලොවට ගියහු ද, කිම මනදොළ සමෘඬ කොට ගෙන, අලාමක ප්‍රඥා ඇති පඬිතුමා ගෙන මෙහි අවුද?
Pali BJT5727. අයං හි සො ආගතො යං ත්වමිච්ඡසි ධම්මෙන ලද්ධො මම ධම්මපාලො, තං පස්සථ සම්මුඛා{6} භාසමානං සුඛො භවෙ සප්පුරිසෙහි සඞ්ගමො.
Sinhala BJT5727. තෙපි යමක්හු කැමැත්තහු ද හෙ මෙහි ආ මෙ පුරුෂ මැයි. ධම්මපාල වූ (හෙතෙම) දැහැමින් මා විසින් ලබන ලද. ඉදිරියේ කතාකරන ඔහු බලනු මැනැවි. සත්පුරුෂ සංගමය ඒකාන්තයෙන් සුඛයෙකි.
Pali BJTකාළාගිරිකණ්ඩං.
Sinhala BJTකාළාගිරි කාණ්ඩය යි.
Pali BJT5728. අදිට්ඨපුබ්බං දිස්වාන මච්චො මච්චුභයද්දිතො,{1} ව්යම්හිතො නාභිවාදෙති නයිදං පඤ්ඤවතාමිව.
Sinhala BJT5728. මනුෂ්‍ය තෙම නුදුටු විරූ දැය දැක විෂ්මිතවැ (මෙන්) මරණ බියෙන් පීඩිතව නො වඳිනේ යි. මේ කරුණ ප්‍රාඥයන්ට නො වේ.
Pali BJT5729. නචම්භි ව්යම්භිතො නාග නච මච්චුභයද්දීතො, න වජ්ඣො අභිවාදෙය්ය වජ්ඣං වා නාභිවාදයෙ.
Sinhala BJT5729. නාරදුනි, මම විෂ්මිත නො වෙමි. මරණ බියෙන් පෙළුනෙම් ද නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා නො වඳවන්නේය.
Pali BJT5730. කථං නු අභිවාදෙය්ය අභිවාදාපයෙථ වෙ, යං නරො හන්තුමිච්ඡෙය්ය තං කම්මං න උපපජ්ජති.
Sinhala BJT5730. මිනිසා යමකු නසන්නට කැමැත්තේ නම් (වධ්‍ය වූ) හෙතෙම කෙසේ නම් වඳිනේ ද? කෙසේ නම් ඔහු ලවා වඳවනේ හෝ වේ ද? ඒ ක්‍රියා යුතු නො වෙයි.
Pali BJT5731. එවමෙතං යථා බ්රූසි සච්චං භාසසි පණ්ඩිත, න වජ්ඣො අභිවාදෙය්ය වජ්ඣං වා නාභිවාදයෙ.
Sinhala BJT5731. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද! මෙය එසේය. තෙපි සත්‍යයක් කියව. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
Pali BJT5732. කථං නු{2} අභිවාදෙය්ය අභිවාදාපයෙථ වෙ, යං නරො හන්තුමිච්ඡෙය්ය තං කම්මං න උපපජ්ජති.
Sinhala BJT5732. මනුෂ්‍යයෙක් යමෙකු නසන්නට කැමැත්තේ නම් (වධාර්‍හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියාව යුතු නො වේ.
Pali BJT5733. අසස්සතං සස්සතං නු තවයිදං ඉද්ධීජුතී බලවිරියූපපත්ති, පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං කථන්නු තෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5733. නාරදුනි, තාවකාලික ඔබගේ මේ විමානය නාග ඍද්ධිය නාග තේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නාසේ සිතා පව්කම් නො කරව. මේ විමන තෙපි කෙසේ ලැබුහු දැ යි විතාරමි.
Pali BJT5734. අධිච්ච ලද්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං, අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං යථෙව තෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5734. මේ විමන හේතු රහිත ව ලබනලද ද? නැතහොත් ඍතු විපර්‍ය්‍යාසයක් නිසා හටගැනුණේ ද? එසේත් නො වේ නම් තමා ම සාදන ලද්දක්ද? නැතහොත් දේවදින්නද? තොප මේ විමන ලද අයුරු මට කියව.
Pali BJT5735. නාධිච්ච ලද්ධං පරිණාමජං මෙ න සයං කතං නපි{3} දෙවෙහි දින්නං, සකෙහි කමෙම්හි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5735. පඬිතුමනි, මේ විමන මා විසින් අහේතුක ව ලබන ලද නො වේ. ඍතු විපර්‍ය්‍යාසයෙන් උපන්නේද නො වෙයි. තමා ම කරන ලද හෝ දෙවියන් විසින් දෙන ලද්දේ හෝ නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්‍ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
Pali BJT5736. කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, ඉදධීජුතී බලවිරියූපපත්ති ඉදං ච තෙ නාග මහාවිමානං.
Sinhala BJT5736. නාරදුනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කෙළේද? කිනම් බ්‍රහ්මචර්‍ය්‍යයක් පුරුදු කෙළේද? මෙය කවර කර්‍මයක විපාකයක්ද? නාග ඍද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේද?
Pali BJT5737. අහඤ්ච භරියා ච මනුස්සලොකෙ සද්ධා උභො දානපතී අහුම්හා, ඔපානභූතං මෙ ඝරං තදාසි සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
Sinhala BJT5737. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද යන අපි දෙදෙනා ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝ ද සන්තර්‍පණය කරන ලද්දෝය.
Pali BJT5738. මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච පදීපියා සෙය්යමුපස්සයඤ්ච, අච්ඡාදනං සයනං අන්නපානං සක්කච්ච දානානි අදම්හ තත්ථ.
Sinhala BJT5738. මල් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර සහ ආහාරපාන එහිදී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
Pali BJT5739. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, ඉදධීජුතී බලවිරියූපපත්ති ඉදඤ්ච මෙ ධීර මහාවිමානං.
Sinhala BJT5739. පඬිතුමනි, එය මගේ ව්‍රතසමාදානය යි. එය මගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්‍මයන් නිසා නාග ඍද්ධිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්‍ය්‍යය නාලොව උපත සහ මාගේ මහා විමානය ද යන මේවා ලත්මි.
Pali BJT5740. එවං චෙ තෙ ලද්ධමිදං විමානං ජානාසි පුඤ්ඤානං ඵලූපපත්ති, තස්මාහි ධම්මං චර අප්පමත්තො යථා විමානං පුන මාවසෙසි.
Sinhala BJT5740. ඉදින් මේ විමන තොප විසින් මෙසේ ලබන ලද වී නම් පුණ්‍යකර්‍මයන්ගේ ඵලවිපාක දනුව. එහෙයින් යළිදු විමන්හි වාස කරන සේ අප්‍රමාදව කුශලක්‍රියාවන්හි හැසිරෙව.
Pali BJT5741. නයිධ සන්ති සමණබ්රාහ්මණා වා යෙසන්නපානානි දදෙමු කත්තෙ, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං යථා විමානං පුන මාවසෙම.
Sinhala BJT5741. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම් එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැතියහ. අපි යළිදු යම්සේ මේ විමනේ වසමෝ නම්, තෙල කරුණ විචාළ තෙපි මට කියව.
Pali BJT5742. භොගී හි තෙ සන්ති ඉධුපපන්තා පුත්තා ච දාරා අනුජීවිනො ච, තෙසු තුවං වචසා කම්මනා ච අසම්පදුට්ඨො ච භවාහි නිච්චං.
Sinhala BJT5742. නාරදුනි, තොපට මෙහි උපන් පුත්‍රයෝ ද බිරියෝ ද සේවකයෝ ද ඇතියහ. තෙපි ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියාවෙන් ද නිරතුරු ද්වේෂ නො කරව.
Pali BJT5743. එවං තුවං නාග අසම්පදොසං අනුපාලයං වචසා කම්මනා ච, ඨත්වා ඉධ යාවතායුං විමානෙ උද්ධං ඉතො ගච්ඡසි දෙවලොකං.
Sinhala BJT5743. නාගය, තෙපි වචනයෙන් හා කර්‍මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත රකිමින් දිවිහිමියෙන් මෙහි සිට මින් ච්‍යුතවැ දෙව්ලොවට යව.
Pali BJT5744. අද්ධා හි සො සොචති රාජසෙට්ඨො තයා විනා යස්ස තුවං සජීවො, දුක්ඛූපනීතොපි{1} තයා සමෙච්ච වින්දෙය්ය පොසො සුඛමාතුරොපි.
Sinhala BJT5744. පඬිතුමනි, තෙපි යමකුට ඇමැති වූහු ද ඒ ශ්‍රේෂ්ඨ රජ තෙම තොපගෙන් වෙන්ව ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පත් දැඩි ගිලන් පුරුෂයා ද තොප හා එක් වැ සුව ලබන්නේය.
Pali BJT5745. අද්ධා සතං භාසසි නාග ධම්මං අනුත්තරං අත්ථපදං සුචිණ්ණං එතාදිසීයාසු හි ආපදාසු පඤ්ඤායතෙ මාදිසානං විසෙසො.
Sinhala BJT5745. නාරදුනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳෙහි මාවැනි පැණවතුන්ගේ වෙනස පෙනේ.
Pali BJT5746. අක්ඛෙහි නො තායං මුධා නු ලද්ධො අක්ඛෙහි නො තායමජෙසි ජූතෙ, ධම්මෙන ලද්ධො ඉති තාය මාහ{1} කථං තුවං හත්ථමිමස්සමාගතො.
Sinhala BJT5746. පඬිතුමනි, පූර්‍ණකයා තොප මුදල් වියදමකින් තොරව ලබා ගත්තේද? දූකෙළි කෙළ දිනා ගත්තේ ද? මෙතෙමේ පඬිතුමා දැහැමින් ලද බව කියයි. තෙපි මොහු අතට කෙසේ පත්වූවහු ද?
Pali BJT5747. යොමිස්සරො තත්ථ අහොසි රාජා තමයමක්ඛෙහි{2} අජෙසි ජූතෙ, සො මං ජිතො රාජා ඉමස්සදාසි ධම්මෙන ලද්ධොස්මි අසාහසෙන.
Sinhala BJT5747. මට අධිපති යම් රජෙක් වී ද, මෙතෙම දූකෙළියෙහි දී ඔහු පැරදවීය. පැරදි රජ තෙම මොහුට මා දුන්නේ ය. ඒ හේතුවෙන් අසාහසික ව දැහැමි ව ලබන ලදිමි.
Pali BJT5748. මහොරගො අත්තමනො උදග්ගො සුත්වාන ධීරස්ස සුභාසිතානි, හත්ථෙ ගහෙත්වාන අනොමපඤ්ඤං පාවෙක්ඛි භරියාය තදා සකාසෙ.
Sinhala BJT5748. මහා නාගරාජයා පඬිතුමාගේ බස් අසා තුටුපහටු වැ අලාමක ප්‍රඥා ඇති ඔහුගේ අත අල්ලා ගෙන බිරිඳ සමීපයට ගියේය.
Pali BJT5749. යෙන ත්වං විමලෙ පණ්ඩු යෙන භත්තං න රුච්චති, න ච මෙ තාදිසො වණ්ණො අයමෙසො තමොනුදො.
Sinhala BJT5749. විමලාවෙනි, යම් හෙයෙකින් (තොප ගත) පඬු පැහැ වී ද, ආහාර අරුචි වී ද, මෙවැනි ගුණවැණුම් ඇතියකු කිසිතැනෙක නැත. මේ ඒ අඳුරු දුරලන විධුර පඬිතුමා වේ.
Pali BJT5750. යස්ස තෙ හදයෙනත්ථො ආගතායං පභඞ්කරො, තස්ස වාක්යං නිසාමෙහි දුල්ලභං දස්සනං පුන.
Sinhala BJT5750. යමකුගේ හදවතින් තොපට ප්‍රයෝජන ඇත්තේ ද ඒ ප්‍රභාකර පඬිතුමා මේ පැමිණියේය. ඔහුගේ කතා අසව. යළි මොහු දැකුම දුලබ වේ.
Pali BJT5751. දිස්වාන තෙ විමලා භූරිපඤ්ඤං දසඞ්ගුලිං පඤ්ජලිං පග්ගහෙත්වා, හට්ඨෙන භාවෙන පතීතරූපා ඉච්චබ්රවි කුරූනං කත්තසෙට්ඨං.
Sinhala BJT5751. විමලා නම් නාගකන්‍යාව මහපැණැති ඔහු දැක උපන් සොම්නස් ඇතිව දසනඛසමෝධානයෙන් යුතුව කුරුරට වාසීන්ගේ උතුම් පඬිතුමාට මෙසේ කීය.
Pali BJT5752. අදිට්ඨපුබ්බං දිස්වාන මච්චො මච්චුභයද්දිතො, ව්යම්හිතො නාභිවාදෙති න ඉදං පඤ්ඤවතාමිව.
Sinhala BJT5752. මනුෂ්‍ය වූ තෙපි නුදුටු විරූ නාග භවනය දැක විෂ්මිත වැ මරණ බියෙන් පීඩිතවැ නො වඳියි. මේ කරුණ ප්‍රාඥයනට සුදුසු නො වේ.
Pali BJT5753. න චම්හි ව්යම්භිතො නාගි න ච මච්චුභයද්දීතො,{3} න වජ්ඣො අභිවාදෙය්ය වජ්ඣං වා නාභිවාදයෙ.
Sinhala BJT5753. නාමෙණෙවියනි, මම විෂ්මිත වූයෙම් නො වෙමි. මරණ බියෙන් පීඩිතයෙම් නො වෙමි. වධයට පැමිණියේ නො වඳින්නේ ය. වධයට පැමිණියාහු ලවා නො වඳවන්නේය.
Pali BJT5754. කථං නු අභිවාදෙය්ය අභිවාදාපයෙථ වෙ, යං නරො භන්තුමිච්ඡෙය්ය තං කම්මං නූපපජ්ජති.
Sinhala BJT5754. මනුෂ්‍යයෙක් යමකු නසනු කැමැත්තේ නම් (එකල්හි) ඔහුට වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවා ගන්නේ කෙසේද? ඒකාන්තයෙන් මේ ක්‍රියා යුතු නො වෙයි.
Pali BJT5755. එවමෙතං යථා බ්රූසි සච්චං භාසසි පණ්ඩිත, න වජ්ඣො අභිවාදෙය්ය වජ්ඣං වා නාභිවාදයෙ.
Sinhala BJT5755. පඬිතුමනි, තෙපි යම්සේ කියවු ද, මෙය මෙසේය. තෙපි සත්‍යයක් කියහු. වධයට පැමිණියේ නො වඳින්නේය. වධයට පැමිණියහු ලවා හෝ නො වඳවන්නේය.
Pali BJT5756. කථං නො{4} අභිවාදෙය්ය අභිවාදාපයෙථ වෙ, යං නරො භන්තුමිච්ඡෙය්ය තං කම්මං නූපපජ්ජති.
Sinhala BJT5756. මනුෂ්‍යයෙක් කෙනකු නසන්නට කැමැත්තේ නම් (වධාර්‍හයා) වඳින්නේ කෙසේද? ඔහු ලවා වන්‍දවාගන්නේ කෙසේද? ඒකාන්තයෙන් ඒ ක්‍රියා යුතු නො වෙයි.
Pali BJT5757. අසස්සතං සස්සතං නු තවයිදං ඉද්ධී ජුතී බල විරියූපපත්ති, පුච්ඡාමි තං නාගකඤ්ඤෙ තමත්ථං කථන්නු තෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5757. නාමෙණෙවියනි, තාවකාලික ඔබගේ මේ විමානය නාගඍද්ධිය නාගතේජස කායික හා චෛතසික බල නාලොවැ උපත (යන මේවා) බොහෝ කල් පවත්නා සේ සිතා පව්කම් නො කරන්න. මේ විමන කෙසේ ලබනලදදැ යි විතාරමි.
Pali BJT5758. අධිච්ච ලද්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං, අක්ඛාහි මෙ නාගකඤ්ඤෙ තමත්ථං යථෙව තෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5758. නාමෙණෙවියනි, මේ විමන හේතු රහිතව ලද්දක් ද? නැතහොත් ඍතු විපර්‍ය්‍යාසයක් නිසා හටගැනුණක් ද? එසේත් නො වේ නම් තමාම සාදන ලද්දක් ද? නැතහොත් දේවදින්න ද? ඔබ ලද විමන, ලද හේතුව මට කියන්න.
Pali BJT5759. නාධිච්ච ලද්ධං න පරිණාමජං මෙ න සයං කතං නපි දෙවෙහි දින්නං, සකෙහි කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT5759. (පඬිතුමනි,) මේ විමන මා විසින් අහේතුක ව ලැබූවක් නො වෙයි, ඍතු විපර්‍ය්‍යාසයක් නිසා ලද්දේ ද නො වෙයි, තමා ම සාදා ගන්නාලද ද නො වෙයි, දෙවියන් විසින් දෙන ලද්දේ ද නො වේ. මා කළ ලාමක නො වන පුණ්‍යකර්‍ම බලයෙන් ලබන ලද්දේ වෙයි.
Pali BJT5760. කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, ඉද්ධී ජුතී බල විරියූපපත්තී ඉදං ච තෙ නාග මහාවිමානං.
Sinhala BJT5760. නාමෙණෙවියනි, පෙර භවයෙහි කවර ව්‍රතයක් පුරුදු කරන ලද ද? කිනම් බ්‍රහ්මචර්‍ය්‍යයක් පුරන ලද ද? මෙය මොනොවට පුරුදු කළ කවර කර්‍මයක විපාකයෙක් ද? නාගඍද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය ද නාලොව උපත ද මේ මහා විමානය ද කෙසේ ලද්දේ ද?
Pali BJT5761. අහඤ්ච ඛො සාමිකො චාපි මය්හං සද්ධා උභො දානපතී අහුම්හා, ඔපානභූතං මෙ ඝරං තදාසි සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
Sinhala BJT5761. පඬිතුමනි, පෙරැ මිනිස් ලොව දී මම ද මාගේ ස්වාමිපුරුෂ ද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න, අපි මහණ බමුණන් සන්තර්‍පණය කෙළෙමු.
Pali BJT5762. මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච පදීපියං සෙය්යමුපස්සයඤ්ච, අච්ඡාදනං සයන{1}මථන්නපානං සක්කච්ච දානානි අදම්හ තත්ථ.
Sinhala BJT5762. මල්දම් සුවඳවිලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර හා ආහාරපාන එහි දී (මනුෂ්‍යලෝකයේ දී) සකස් කොට පිදීමු.
Pali BJT5763. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, ඉද්ධී ජුතී බල විරියූපපත්ති ඉදඤ්ච මෙ ධීර මහාවිමානං.
Sinhala BJT5763. පඬිතුමනි, එය මාගේ ව්‍රතසමාදානය යි. එය මාගේ බඹසර යි. මනාසේ පුහුණු කළ කුශල කර්‍මයන් නිසා නාග ඍද්ධිය නාගතේජස නාගබලය කායික චෛතසික වීර්‍ය්‍යය නාලොව උපත හා මාගේ මහාවිමානය යන මේවා ලබන ලදි.
Pali BJT5764. එවඤ්ච තෙ ලද්ධමිදං විමානං ජානාසි පුඤ්ඤානං ඵලූපපත්තිං, තස්මා හි ධම්මං චර අප්පමත්තා යථා විමානං පුනමාවසෙසි.
Sinhala BJT5764. මෙසේ මේ විමන ලද තොප පුණ්‍ය කර්‍මයන්ගේ ඵලවිපාක දන්නහු ය. ඔබ නැවත මෙම විමනෙහි වසන්නහු නම්, අප්‍රමාද ව කුශලක්‍රියාවන්හි හැසිරෙන්නහුයි බෝසතාණන් වහන්සේ කීහ.
Pali BJT5765. නයිධ සන්ති සමණබ්රාහ්මණා වා යෙසන්නපානානි දදෙමු කත්තෙ, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං යථා විමානං පුනමාවසෙම.
Sinhala BJT5765. පඬිතුමනි, යම් කෙනකුන්ට ආහාරපාන දෙමු නම්, එබඳු (ගැනීමට සුදුසු) මහණ බමුණෝ නාලොව නැත්තාහ. අපි යළි මේ විමනෙහි වසමු ද එබඳු අයුරක් මේ කරුණ විචාරණ මට කියනු මැනවි.
Pali BJT5766. භොගී හි තෙ සන්ති ඉධූපපන්නා පුත්තා ච දාරා අනුජීවිනො ච, තෙසු තුවං වචසා කම්මුනා ච අසම්පදුට්ඨො ච භවාහි නිච්චං.
Sinhala BJT5766. නාමෙණෙවියනි, ඔබට මෙහි උපන් පුත්‍රයෝ ද ස්වාමිපුරුෂයා ද සේවකයෝ ද ඇතියහ. ඔවුන් කෙරෙහි වචනයෙන් ද ක්‍රියායෙන් ද ද්වේෂ නො කරන්න.
Pali BJT5767. එවං තුවං නාග අසම්පදොසං අනුපාලය වචසා කම්මුනා ච, ඨත්වා ඉධ යාවතායුං විමානෙ උද්ධං ඉතො ගච්ඡසි දෙවලොකං.
Sinhala BJT5767. නාමෙණෙවිය, තෙපි වචනයෙන් හා කර්‍මයෙන් (ක්‍රියායෙන්) මෙත් සිත් රකිමින් දිව්හිමියෙන් මෙහි (මේ විමනේ) සිට මෙයින් ච්‍යුත වැ දෙව්ලොවට යන්නහු ය.
Pali BJT5768. අද්ධා හි සො සොචති රාජසෙට්ඨො තයා විනා යස්ස තුවං සජීවො, දුක්ඛූපනීතොපි තයා සමෙච්ච වින්දෙය්ය පොසො සුඛමාතුරොපි.
Sinhala BJT5768. පඬිතුමනි, ඔබ යමකුට ඇමැති වී ද ඒ ශ්‍රේෂ්ඨ රජ තෙම ඔබෙන් වෙන් ව (වෙන්වීම නිසා) ඒකාන්තයෙන් ශෝක කෙරෙයි. දුකට පැමිණියේ නමුදු දැඩි ගිලන් පුරුෂ තෙමේ ඔබ හා එක් වැ සැප ලබන්නේ ය.
Pali BJT5769. අද්ධා සතං භාසසි නාගි ධම්මං අනුස්සරං අත්ථපදං සුචිණ්ණං එතාදිසියාසු හි ආපදාසු පඤ්ඤායතෙ මාදිසානං විසෙසො.
Sinhala BJT5769. නාමෙණෙවියනි, ඒකාන්තයෙන් පුරුදු කළ උතුම් සත්පුරුෂයන්ගේ ස්වභාවයක් කියව. මෙවැනි විපත් පැමිණි සඳ මා වැනි පැනවතුන්ගේ වෙනස පෙනේ.
Pali BJT5770. අක්ඛෙහි නො තායං මුධා නු ලද්ධො අක්ඛෙහි නො තායං මජෙසි ජූතෙ, ධම්මෙන ලද්ධො ඉති තායමාහ කථං තුවං හත්ථමිමස්සමාගතො.
Sinhala BJT5770. පඬිතුමනි, පූර්‍ණකයා ඔබ මුදල් වියදමකින් තොරව ලබා ගත්තේ ද? දූකෙළියෙන් දිනා ගත්තේ දැයි කියව, මෙතෙමේ, (ඔබ) දැහැමින් ලද බව කියයි. ඔබ මොහු අතට පත්වූයේ කෙසේ ද?
Pali BJT5771. යො මිස්සරො තත්ථ අහොසි රාජා තමයමක්ඛෙහි අජෙසි ජූතෙ, සො මං ජිතො රාජා ඉමස්සදාසි ධම්මෙන ලද්ධොස්මි අසාහසෙන.
Sinhala BJT5771. මට අධිපති යම් රජෙක් එහි (කුරුරට) වී ද, මෙ තෙම දූකෙළියෙහි දී ඔහු පැරැද විය. පැරදුණ රජ තෙම මොහුට මා දුන්නේ ය. අසාහසික ව දැහැමින් (ඔහු විසින්) ලද්දේ වෙමි.
Pali BJT5772. යදෙව වරුණො නාගො පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං, තදෙව නාගකඤ්ඤාපි පඤ්හං පුච්ඡිත්ථ පණ්ඩිතං.
Sinhala BJT5772. වරුණ නාගරාජයා යම් මැ ප්‍රශ්නයක් විධුර පඬිතුමාගෙන් ඇසී ද, (ඉරන්‍දති) නාග කන්‍යාව ද එම ප්‍රශ්නය විධුර පඬිතුමාගෙන් ඇසුවා ය.
Pali BJT5773. යථෙව වරුණං නාගං ධීරො තොසෙසි පුච්ඡිතො, තථෙව නාගකඤ්ඤම්පි ධීරො තොසෙසි පුච්ඡිතො.
Sinhala BJT5773. පුළුවුස්නා ලද පණ්ඩිත තෙම වරුණ නාරද යම්සේ සතුටු කෙළේ ද එසේ ම නාගකන්‍යාව ද සතුටු කෙළේ ය.
Pali BJT5774. උභොපි තෙ අත්තමනෙ විදිත්වා මහොරගං නාගකඤ්ඤඤ්ච ධීරො, අච්ඡම්භී අභීතො අලොමහට්ඨො ඉච්චබ්රවී වරුණං නාගරාජං.
Sinhala BJT5774. පණ්ඩිත තෙම, නාරජු හා නාමෙණෙවිය යන දෙදෙන ම සතුටු සිතැති බව දැන බිය රහිත වූයේ ලොමුදහගැනීම නැති ව වරුණ නාරජුට මෙලෙස කී ය:
Pali BJT5775. මා රොධයි නාග අයාහමස්මි යෙන තව අත්ථො ඉදං සරීරං, හදයෙන මංසෙන කරොති කිච්චං සයං කරිස්සාමි යථාමතින්තෙ.
Sinhala BJT5775. නාරජතුමනි, මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් කරමි යි නහමක් පැකිළෙව. ඒ මම වෙමි. හදවතින් හෝ මසින් හෝ යමකින් තොපට ප්‍රයෝජන ඇද්ද මේ සිරුර ඒ කිස කෙරෙයි. තොපගේ සිතැඟි පරිදි මම ක්‍රියා කරන්නෙමි.
Pali BJT5776. පඤ්ඤා හවෙ හදයං පණ්ඩිතානං තෙත්යම්හ පඤ්ඤාය මයං සුතුට්ඨා, අනූනනාමො ලභතජ්ජ දාරං අජ්ජෙව තං කුරුයො පාපයාතු.
Sinhala BJT5776. පණ්ඩිතයන්ගේ ප්‍රඥාව මැ හදවත යි. ඒ අපි තොපගේ ප්‍රඥාවෙන් තුටුපහටු වූම්හ. දැන් පූර්‍ණක ද බිරිය ලබයි. හෙතෙම, අද ම තොප කුරුරට වාසීන් වෙතට පමුණුවාවා!
Pali BJT5777. ස පුණ්ණකො අත්තමනො උදග්ගො ඉරන්දතිං නාගකඤ්ඤං ලභිත්වා, හට්ඨෙන භාවෙන පතීතරූපො ඉච්චබ්රවී කුරුනං කත්ත{1}සෙට්ඨං.
Sinhala BJT5777. පූර්‍ණක යක්‍ෂ තෙමේ ඉරන්‍දතිය ලදින් ඔද වැඩුණු සිතැත්තේ කුරුරටවාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිහට මෙසේ කීය:
Pali BJT5778. භරියාය මං ත්වං අකරී සමඞ්ගිං,{2} අහඤ්ච තෙ විධුර කරොමි කිච්චං, ඉමඤ්ච තෙ මණිරතනං දදාමි අජ්ජෙව තං කුරුයො පාපයාමි.
Sinhala BJT5778. පඬිතුමනි, තෙපි මා හා බිරිඳ සමඟි කළහු ය. මමත් තොපට කළමනා දැයක් කරමි. පඬිතුමනි, තොපට මේ මාණික්‍ය රත්නය දෙමි. අද ම තොප ඉඳිපත් නුවරට පමුණුවමි.
Pali BJT5779. අජෙය්යමෙසා තව හොතු මෙත්ති භරියාය කච්චාන පියාය සද්ධිං ආනන්දි විත්තො සුමනො පතීතො. දත්වා මණිං මඤ්ච නයින්දපන්නං.
Sinhala BJT5779. කාත්‍යායන ය, තොපගේ ප්‍රිය භාර්‍ය්‍යාව හා සමග තෙල ප්‍රියසංවාස සංවේතන මෛත්‍රිය අනෙකකු විසින් නොදිනිය හැකි වේවා තොප සතුට ම ධනය කොට ඇත්තෙක් වැ සොම්නස් සිතැත්තේ ප්‍රීතිමත් වැ වෙසේවා! මිණිරුවන දී මා ඉඳිපත් නුවරට පමුණුවව.
Pali BJT5780. ස පුණ්ණකො කුරූනං කත්තසෙට්ඨං නිසීදයී පුරතො ආසනස්මිං, ආදාය{3} කත්තාරං අනොමපඤ්ඤං{4} උපානයී{5} නගරං ඉන්දපත්තං.
Sinhala BJT5780. පූර්‍ණක යක්‍ෂයා කුරුරට වාසීන්ගේ ඇමැති විධුරපඬි ඉදිරි අසුනෙහි හිඳුවා ගත්තේ ය. අලාමක ප්‍රඥා ඇති විධුර පඬිතුමා රැගෙන ඉඳිපත් නගරයට පැමිණවී.
Pali BJT5781. මනො මනුස්සස්ස යථාපි ගච්ඡෙ තතොපි සඞ්ඛිප්පතරං අහොසි, ස පුණ්ණකො කුරුනං කත්තසෙට්ඨං උපානයී නගරං ඉන්දපත්තං.
Sinhala BJT5781. මිනිසාගේ සිත යම්සේ වහා ගමන් කරන්නේ ද එයට වඩා වේගයෙන් මනෝමය සෛන්‍ධවයාගේ ගමන සිදුවිය. පූර්‍ණකතෙමේ කුරුරට වැස්සන්ගේ ඇමැති ඉඳිපත් නුවරට පැමිණවී.
Pali BJT5782. එතින්දපත්තං නගරං පදිස්සති රම්මානි ච අම්බවනානි භාගසො, අහඤ්ච භරියාය සමඞ්ගිභූතො තුවඤ්ච පත්තොසි සකං නිකෙතං.
Sinhala BJT5782. පඬිතුමනි, තෙල ඉඳිපත් නගරය පෙනේ. සිත්කලු අඹ උයන්හි කොටස් ද පෙනේ. මම ද බිරිය හා එක් වීමි. තෙපිදු සිය නිවෙසට පැමිණියහු.
Pali BJT5783. ස පුණ්ණකො කුරූනං කත්තසෙට්ඨං{1} ඔරොපිය ධම්මසභාය මජ්ඣෙ, ආජඤ්ඤමාරුය්හ අනොමවණ්ණො පක්කාමි{2} වෙහාසයමන්තලික්ඛෙ{*}.
Sinhala BJT5783. පූර්‍ණක යක්‍ෂයා කුරුරට ඇමැතිවරයා ධර්‍මසභායෙහි බස්වා අලාමක පෙණුමැති හේ ආජානේය අසු පිට නැගී අහසින් ගියේ ය.
Pali BJT5784. තං දිස්වා රාජා පරමප්පතීතො උට්ඨාය බාහාහි පලිස්සජිත්වා, අවිකම්පයං ධම්මසභාය මජ්ඣෙ නිසීදයි පමුඛං ආසනස්මිං.
Sinhala BJT5784. රජ තෙම පඬිතුමා දැකැ ඉතා ප්‍රමුදිත වැ (අස්නෙන්) නැගීසිට බුහුමන් පෙරදැරිව පිළිගෙන, අකම්පිත වූයේ ධම්සභා මධ්‍යයෙහි සැරැසූ ධර්‍මාසනයෙහි (තමා) අබිමුවෙහි (රජතුමාට මූණලා) හිඳුවී ය.
Pali BJT5785. ත්වං නො විනෙතාසි{3} රථංව නද්ධං{4} නන්දන්ති තං කුරුයො දස්සනෙන, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං කථං පමොක්ඛො අහු මාණවස්ස.
Sinhala BJT5785. රියැදුරු සැරහූ රිය (යුතු තැනට) පමුණුවන්නා සේ, තෙපි අප යහපත් කටයුත්තෙහි පමුණුවන්නහු, කුරුරට වාසීහු තොපගේ දැකුමෙන් ප්‍රීත වෙති. විතාරණ මේ කරුණ මට කියනු මැනැවි. ඒ මාණවකයාගෙන් තොපගේ මිදීම සිදුවූයේ කෙසේ ද?
Pali BJT5786. යං මාණවොත්යාභිවදී ජනින්ද න සො මනුස්සො නරවිරියසෙට්ඨ{5} යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො රඤ්ඤො කුවෙරස්ස හි සො සජීවො.
Sinhala BJT5786. රජතුමනි, යමකුට මාණවකයා යයි කීවේ ද හේ මිනිසෙක් නො වේ. නරවිරුවාණෙනි, ඔබ පූර්‍ණක නමැති යකා (ගැන) අසා තිබේ ද හේ කුවේර රජුගේ ඇමැතියා යි.
Pali BJT5787. භූමින්ධරො වරුණො නාම නාගො බ්රහා සුචී වණ්ණබලූපපන්නො, තසසානුජං ධීතරං කාමයානො ඉරන්දතී නාම සා නාගකඤ්ඤා.
Sinhala BJT5787. භූමින්‍ධර නාග භවනයෙහි වසන වරුණ නාගරාජයා විශාල ය, පවිත්‍ර ය, පැහැපත් ය, බලවත් ය. ඔහුගේ අනුජාන දූහිතෘ වූ ඉරන්‍දති නමැති නාගකන්‍යාව (ලබන්නට) පූර්‍ණක කැමැති විය.
Pali BJT5788. තස්සා සුමජ්ඣාය පියාය හෙතු පතාරයිත්ථ මරණාය මය්හං, සො චෙව භරියාය සමඞ්ගිභූතො අහඤ්චනුඤ්ඤාතො මණී ච ලද්ධො.
Sinhala BJT5788. මනා මැද පෙදෙස ඇති ඒ ප්‍රියාව බලාපොරොත්තුවෙන් හේ මා මරන්නට වෑයම් කෙළේ ය. හේ බිරිඳ හා සමහන් විය. නාරදුගේ අනුමැතිය ලැබැ මම ද ආයෙමි. මා මේ මැණික ලද්දේ ය. (රජ රටවැසියන්ට මෙසේ කියයි:)
Pali BJT5789. රුක්ඛො හි මය්හං පද්වාරෙ{6} සුජාතො පඤ්ඤාක්ඛන්ධො සීලමයස්ස සාඛා,{7} අත්ථෙ ච ධම්මෙ ච ඨිතො නිපාකො ගවප්ඵලො{8} හත්ථිගවස්සඡන්නො.
Sinhala BJT5789. රජ මැදුර අබියස හටගත් රුකක් මා විසින් සීනෙන් දකිනලද ය. එම රුකැ නුවණ නමැති කඳ ඇත. සීලය නමැති අතු ඇත. උභයලෝකාර්‍ත්‍ථ සිද්ධිය ගෙන දෙන ඒ ප්‍රඥා නමැති රුක පස්ගෝරස නමැති ඵල දරන්නේ ය. ඇතුන් හා අසුන් ගවයන්ගෙන් යුක්ත ය.
Pali BJT5790. නච්චගීතතුරියාභිනාදිතෙ උච්ඡිජ්ජසෙනං පුරිසො අභාසි, සො නො අයං ආගතො සන්තිකෙතං රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
Sinhala BJT5790. මහජනයා නැටුම් ගැයුම් වැයුම් (ඈ පුද විසින්) පවත්වද්දී එක්තරා පුරුෂයෙක් (මහාජනයා පලවාහැර) මේ ගස කපා ගෙන ගියේ ය. ඒ නැණ රුක අප වෙත යළි ආයේය. තෙපි මේ රුකට පුද සත්කාර කරව්.
Pali BJT5791. යෙ කෙචි විත්තා මම පච්චයෙන සබ්බෙව තෙ පාතුකරොන්තු අජ්ජ, තිබ්බානි කත්වාන උපායනානි රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
Sinhala BJT5791. යම්කිසි කෙනෙක් මාගේ උපකාර ලැබ සතුටු වෙත් ද අද ඒ සියල්ලෝ ම සිය සතුට පහළ කෙරෙත්වා! මේ රුකට මහත් පූජා සත්කාර කොට බුහුමන් කරවු.
Pali BJT5792. යෙ කෙචි බද්ධා මම අත්ථි රට්ඨෙ සබ්බෙව තෙ බන්ධනා මොචයන්තු, යථෙවයං බන්ධනස්මා පමුත්තො ඉමෙව තෙ මුච්චරෙ බන්ධනස්මා.
Sinhala BJT5792. මාගේ රාජ්‍යයෙහි බන්‍ධනගත යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඒ සියල්ලෝ බන්‍ධනයෙන් මුදත්වා! යම්සේ මේ පඬිතුමා මිදුණේ ද, එසේ හැම සත්හු ද බැඳුම්වලින් මුදනු ලබත්වා!
Pali BJT5793. උන්නඞ්ගලා මාසමිමං කරොන්තු මංසොදනං බ්රාහ්මණා භක්ඛයන්තු, අමජ්ජපා මජ්ජරහො{1} පිපන්තු පුණ්ණාභි ථාලාහි{2} පලිස්සුතාහි.
Sinhala BJT5793. මේ මාසය මුළුල්ලෙහි නඟුල් (කුඹුරෙන් ගොඩ ගෙන) තැන්පත් කොට තබත්වා! බමුණෝ මස්රසැති ව බත බුදිත්වා! මත්පැන් බොන්නෝ පානාගාරයෙහි සිට පිරී උතුරායන ඔඩම් වලින් රිසිසේ මත්පැන් බොත්වා!
Pali BJT5794. මහාපථං නිච්ච සමව්භයන්තු තිබ්බඤ්ච රක්ඛං විදහන්තු රට්ඨෙ, යථඤ්ඤමඤ්ඤං න විහෙඨයෙය්යුං රුක්ඛස්සිමස්සාපචිතිං කරොථ.
Sinhala BJT5794. මහමඟැ අසල සිටින වෙසඟනෝ නිතර සළෙලුන් කැඳවත්වා! යම්සේ මහජනයා ඔවුනොවුන් නො පෙළත් ද එසේ දැඩි ආරක්‍ෂා සංවිධාන කෙරෙත්වා! මෙ අයුරින් මේ රුකට ගරුබුහුමන් කරවු.
Pali BJT5795. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, බහුං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT5795. ඇතොවුර ස්ත්‍රීහු ද කුමාරවරු ද වෛශ්‍යයෝ ද බමුණෝ ද බොහෝ ආහාරපාන පඬිතුමාට යැවූහ.
Pali BJT5796. හත්ථාරුහා{3} අනීකට්ඨා රථිකා පත්තිකාරකා,{4} බහුං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT5796. ඇතරුවෝ යැ අසරුවෝ යැ රථිකයෝ යැ පාබළ සේනා යැ යන මොහු පඬිතුමාට බොහෝ ආහාරපාන යැවූහ.
Pali BJT5797. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බහුං අන්නඤ්ච පානඤ්ච පණ්ඩිතස්සාභිහාරයුං.
Sinhala BJT5797. රැස් වූ දනවුවැස්සෝ ද නියම්ගම්වැස්සෝ ද පඬිතුමාට ආහාරපාන යැවූහ.
Pali BJT5798. බහුජ්ජනො{5} පසන්තොසි දිස්වා පණ්ඩිතමාගතෙ, පණ්ඩිතම්හි අනුප්පත්තෙ චෙලුක්ඛෙපො අවත්තථාති.{6}
Sinhala BJT5798. පැමිණි පඬිතුමා දැක බොහෝ දෙන සතුටු වූහ. පඬිතුමා යළි පැමිණි කල්හි පිළී හිසැ සිසාරා ඔකඳ වූහු.
Pali BJTවිධුරපණ්ඩිතජාතකං අට්ඨමං.
Sinhala BJTඅටවන විධුරපණ්ඩිත ජාතක යි.
Pali BJT9. උම්මග්ගජාතකං
Sinhala BJT9. උම්මග්ග ජාතකය
Pali BJT5799. සබ්බසංහාරකො නත්ථි සුද්ධං කඞ්ගු පවායති, අලිකං භාසතයං ධුත්තී සච්චමාහු මහල්ලිකා.
Sinhala BJT5799. සර්‍වසංහාරක ගන්‍ධයෙක් නම් නැති. පිරිසුදු පුවඟු මල් සුවඳ හමයි. මේ ධූර්‍තස්ත්‍රී බොරු කියයි. මැහැල්ල සැබෑවක් කිවු.
Pali BJTසත්තදාරකපඤ්හා.
Sinhala BJTසත්දරු පැනය.
Pali BJT5800. හංසි තුවං එවං මඤ්ඤෙසි සෙය්යො පුත්තෙන පිතාති රාජසෙට්ඨ, හන්දස්සතරස්ස තෙ අයං අස්සතරස්ස හි ගද්රභො පිතා.
Sinhala BJT5800. රාජශ්‍රේෂ්ඨය, ඔබ පියා පුතුට වඩා උතුම් ය යි හඟින්නහු නම් ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා ම උතුම් වන්නේ ය. අශ්වතරයාගේ පියා කොටළුවා වන බැවිනි.
Pali BJTගද්රභපඤ්හො.
Sinhala BJTගද්‍රභ පැනය.
Pali BJTඑකූනවීසතිපඤ්හා නිට්ඨිතා.
Sinhala BJTඑකුන්විසි පැන නිමි.