Pali BJT5611. තෙ ආගතෙ මුද්ධනි ධම්මපාලො චුම්බිත්වා පුත්තෙ අවිකම්පමානො, ආමන්තයිත්වාන අවොච වාක්යං දින්නාහං රඤ්ඤා ඉධ මාණවස්ස.
Sinhala BJT5611. මහබෝසතාණන් වහන්සේ තමා වෙත පැමිණි දරුවන්ගේ හිස සිඹැ (දරුවෙනි) රජතුමා විසින් මේ මාණවකයාට මම දෙන ලද්දෙමි යි කීහ.
Pali BJT5612. තස්සජ්ජහං අත්තසුඛී විධෙය්යො ආදාය යෙනිච්ඡති තෙන ගච්ඡති, අහං ච වො සාසිතුං ආගතොස්මි කථං අහං අපරිත්තාය ගච්ඡෙ.
Sinhala BJT5612. ඔහුට අයිති මම, අද මා සතු සැප ඇත්තෙක් වූයෙමි. එහෙත් පසුව ඔහුට යටත් වෙමි. හේ මා රැගෙන කැමැති මගෙකින් යන්නට පළමු (තොපට) අනුශාසනා කරන්නට ආවෙමි. (තොපගේ) ආරක්‍ෂාව නො සලසා කෙසේ මම යන්නෙම් ද?
Pali BJT5613. සචෙ වො රාජා කුරුඛෙත්තවාසී{1} ජනසන්ධො පුච්ඡෙය්ය පහූතකාමො,{2} කිමාභිජානාථ පුරෙ පුරාණං කිං වො පිතා අනුසාසෙ පුරත්ථා.
Sinhala BJT5613. ජනයා පාලනය කරන, බොහෝ සම්පත් ඇති කුරුරට රජ, පෙර සිදුවූ කෙබඳු පැරණි දේ තෙපි දන්නහු ද? පියා තොපට කවර අනුශාසනාවක් කෙළේදැ යි තොප පුළුවුස්නේ නම් මෙසේ මා දුන් අවවාද කියවු.
Pali BJT5614. සමාසනා හොථ මයාව සබ්බෙ කොනීධ රඤ්ඤො අබ්භතිකො මනුස්සො තමඤ්ජලිං කරිය වදෙථ එවං මාහෙව දෙව නහි එස ධම්මො, වියග්ඝරාජස්ස නිභීනජච්චො සමාසනො දෙව කථං භවෙය්ය.
Sinhala BJT5614. තෙපි සියල්ලෝ මා හා සම අසුන් ගනිත්වා යි රජ තොපට කීවේ නම්, රජකුලයෙහි කවරෙක් රජු හා සමානාසනික වේදැ යි රජුට ඇඳිලිබැඳ කියවු. දේවයන් වහන්ස, මෙලෙස නො කියන්නේ මනා ය. මෙය (රජතුමා හා සමව අසුන් ගැනුම) අපේ පාරම්පරික චාරිත්‍රය නො වෙයි. දේවයන් වහන්ස, සිංහ රාජයකු, නීච ජාතියෙහි වූ සිවලකු හා සමව අසුන් ගැනුම කෙසේ වන්නේ දැ යි.
Pali BJTපෙක්ඛනකණ්ඩො.
Sinhala BJTපෙක්ඛන කාණ්ඩ යි.
Pali BJT5615. සො ච මිත්තෙ අමච්චෙ ච ඤාතයො සුහදං ජනෙ, අලීනමනසඞ්කප්පො විධුරො එතදබ්රවි.
Sinhala BJT5615. නො සැඟවුණ (පැහැදිලි) සිතුවිලි ඇති විධුර පඬිතුමා මිතුරන්ට, ඇමැතියන්ට, නෑයන්ට සහ සුහදයන්ට (හිතවතුන්ට) මෙය කීය:
Pali BJT5616. එථය්යො රාජවසතිං නිසීදිත්වා සුණොථ මෙ, යථා රාජකුලං පත්තො යසං පොසො නිගච්ඡති.
Sinhala BJT5616. ආර්‍ය්‍යයෙනි, එවු එපරිද්දෙන් රජකුලයට පත් පුරුෂයා යම්සේ සම්පතට පැමිණේ ද, මා කියන රාජපරිචර්‍ය්‍යාව (රජමැදුරේ සේවය) මා සමීපයේ සිට අසවු.
Pali BJT5617. නහි රාජකුලං පත්තො අඤ්ඤාතො ලභත්ත යසං, නාසූරො{3} නපි{4} දුම්මෙධො නප්පමත්තො කුදාචනං.
Sinhala BJT5617. අප්‍රකට තැනැත්තා ද අදක්‍ෂ තැනැත්තා ද අඥාන තැනැත්තා ද මුළා වූ සිහි ඇති තැනැත්තා ද රජ මැදුරට පැමිණ කිසි කලෙක යශස් නො ලබයි.
Pali BJT5618. යදාස්ස සීලං පඤ්ඤඤ්ච සොචෙය්යඤ්චාධිගච්ඡති, අථ විස්සසතෙ ත්යම්හි ගුය්හඤ්චස්ස න රක්ඛති.
Sinhala BJT5618. යම් කලෙක රජතුමා සේවකයාගේ ආචාර සම්පත්තිය ඥාන සම්පත්තිය හා පවිත්‍රතාව වටහා ගනී ද, එකලැ ඔහු විශ්වාස කරයි. සඟවාලියයුතු රහස පවා නො සඟවා කියයි.
Pali BJT5619. තුලා යථා පග්ගහිතා සමදණ්ඩා සුධාරිතා, අජ්ඣිට්ඨො න විකම්පෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5619. යම්සේ මැනැවින් ධරනලද ඔසවාලූ තුලාව (තරාදිය) සමදණ්ඩ වැ සිටී ද එසේ මැ රාජ නියෝග ලද සේවකයා නො සැලේ ද හෙතෙම රජකුලෙහි වසන්නේ යැ (රජගෙහි සේවාවට නිසිවෙයි.)
Pali BJT5620. තුලා යථා පග්ගහිතා සමදණ්ඩා සුධාරිතා, සබ්බානි අභිසම්භොන්තො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5620. යම්සේ මැනවින් ධරන ලද ඔසවාලූ තුලාව සමදණ්ඩ වැ සිටී ද, එසෙයින් සියලු රාජකාර්‍ය්‍යය කරන හේ රජකුලෙහි වසන්නේ ය.
Pali BJT5621. දිවා වා යදි වා රත්තිං රාජකිච්චෙසු පණ්ඩිතො, අජ්ඣිට්ඨො න විකම්පෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5621. නුවණැත්තේ රාජකාර්‍ය්‍යයෙහි දවලහි හෝ රාත්‍රියෙහි හෝ මෙහෙයන ලදුයේ නො සැලේ නම් හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5622. දිවා වා යදි වා රත්තිං රාජකිච්චෙසු පණ්ඩිතො, සබ්බානි අභිසම්භොන්තො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5622. නුවණැත්තේ රාජකෘත්‍යයෙහි යෙදුනේ දහවල් හෝ රාත්‍රියෙහි හෝ සියල්ල සම්පාදනය කරන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5623. යො චස්ස සුකතො මග්ගො රඤ්ඤො සුප්පටියාදිතො, න තෙන වුත්තො ගච්ඡෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5623. රජතුමා සඳහා යම් මාර්‍ගයක් මනාව පිළියෙළ කරන ලද ද ඒ මාර්‍ගයෙන් යව යි (රජතුමා විසින් කියන ලද ද) ඒ මගෙහි නො යන්නේ ය.
Pali BJT5624. න රඤ්ඤො සමකං{1} භුඤ්ජෙ කාමභොගෙ කුදාචනං, සබ්බත්ථ පච්ඡතො ගච්ඡෙ ස රාජවසතිං වසෙ.
Sinhala BJT5624. රජතුමාට සමාන ලෙස පස්කම් සැප කිසිවිටෙක නො විඳින්නේ ය. හැම තන්හි එයට වඩා අඩුතරමින් කම්සැප විඳින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5625. න රඤ්ඤො සදිසං වත්ථං න මාලං න විලෙපනං, ආකප්පං සරකුත්තිං වා න රඤ්ඤො සදිසමාචරෙ; අඤ්ඤං කරෙය්ය ආකප්පං ස රාජවසතිං වසෙ.
Sinhala BJT5625. රජතුමාට සමාන අයුරින් වස්ත්‍ර නො ඇඳීම, මල්මාලා නො දැරීම සහ විලෙවුන් නො ගැල්වීම ද කරන්නේ ය. ඉරියව් පැවැත්වීම හා ශබ්ද කිරීම ද රජතුමාට සමාන නොවන ලෙසින් අනිත් ආකාරයකින් කරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5626. කීළෙ රාජා අමච්චෙහි භරියාහි පරිවාරිතො, නාමච්චො රාජභරියාසු භාවං කුබ්බෙථ පණ්ඩිතො.
Sinhala BJT5626. රජතුමා ඇමතියන් හා භාර්‍ය්‍යාවන් පිරිවරා (යම් විටෙක) ක්‍රීඩා කරන්නේ ද එවිට ඥානසම්පන්න ඇමැති රජතුමාගේ බිරියන් විශ්වාස නො කරන්නේ ය. (ඔවුන් හා විශ්වාසයට නො යන්නේ ය.)
Pali BJT5627. අනුද්ධතො අචපලො නිපකො සංවුතින්ද්රියො, මනො පණිධිසම්පන්තො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5627. අහංකාර රහිත ව චපල පැවැතුම් නැත්තෙක් ව මුහුකුරා ගිය ප්‍රඥා ඇත්තෙක් ව සංවෘත ෂඩින්‍ද්‍රිය ඇත්තෙක් ව රජගෙහි වසන්නේ ය.
Pali BJT5628. නාස්ස භරියාහි කීළෙය්ය න මන්තෙය්ය රහොගතො, නාස්ස කොසා ධනං ගණ්හෙ ස රාජවසතිං වසෙ.
Sinhala BJT5628. රජතුමාගේ බිරියන් හා ක්‍රීඩා නො කරන්නේ ය. රහසිගත ව (ඔවුන් හා) සාකච්ඡා නො කරන්නේ ය. ඔහුගේ (රජතුමාගේ) භාණ්ඩාගාරයෙන් ධනය හොරකම් නො කරන්නේ ය. ඒ පුද්ගල තෙම රජගෙහි වසන්නේ ය. (රජුගේ සමීපවාසයට සුදුස්සෙක් වන්නේ ය.)
Pali BJT5629. න නිද්දන්තං බහුං මඤ්ඤෙ{2} න මදාය සුරං පිවෙ, නාස්ස දායෙ මිගං{3} හඤ්ඤෙ ස රාජවසතිං වසෙ.
Sinhala BJT5629. අධික නිද්‍රෝපගතයෙක් නො වන්නේ ය. මත්වීම පිණිස සුරා නො බොන්නේ ය. ඔහුගේ අභය ස්ථානයන්හි (අභයභූමිවලැ) වෙසෙන මුවන් නො මරන්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5630. නාස්ස පීඨං න පල්ලඞ්කං න කොච්ඡං න නාගං{4} රථං, සම්මතොම්භීති ආරූහෙ ස රාජවසතිං වසෙ.
Sinhala BJT5630. මම කාර්මිකයෙක් වෙමි යි රජතුමාගේ පුටුවට, ඇඳට, සිංහාසනයට, ඇතු පිටට, රථයට නො නඟින්නේ ය. හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5631. නාතිදූරෙ භවෙ{1} රඤ්ඤො නාච්චාසන්නෙ විචක්ඛණො, සමෙක්ඛං චස්ස{2} තිට්ඨෙය්ය සන්දිස්සන්තො සභත්තුනො.
Sinhala BJT5631. නැණවත් සේවකයා රජතුමාට දුර තැනක හෝ ඉතා සමීප තැනක හෝ නො සිට රජතුමා කරන දෙය බලමින් සිය ස්වාමියාට පෙනෙන තැන සිටිනේ ය.
Pali BJT5632. න වෙ{3} රාජා සඛා හොති න රාජා හොති මෙථුනො, ඛිප්පං කුජ්ඣන්ති රාජානො සූකෙනක්ඛීව ඝට්ටිතං.
Sinhala BJT5632. රජ එකැතින් ම මිතුරෙක් නො වේ. රජතුමා තමාට සමාන ද නො වේ. ඇසට වැටුණ වීනන්ඩුව ඇසේ පියවි ගතිය වහා හරනා සේ රජවරු වහා කිපෙති.
Pali BJT5633. න පූජිතො මඤ්ඤමානො මෙධාවී පණ්ඩිතො නරො, ඵරුසං පතිමන්තෙය්ය{4} රාජානං පරිසං ගතං.{5}
Sinhala BJT5633. රජතුමා විසින් මම පුදන ලද්දේ වෙමි යි සිතා නැණවත් පණ්ඩිත මනුෂ්‍යයා (සේවකයා) පිරිස්මැදට ගිය රජතුමාට පරුෂ බසින් කතා නො කරන්නේ ය.
Pali BJT5634. ලද්ධද්වාරො ලභෙද්වාරං නෙව රාජූසු විස්සසෙ, අග්ගීව යතො තිට්ඨෙය්ය{6} ස රාජවසතිං වසෙ.
Sinhala BJT5634. ලද දොර ඇත්තේ (දොරටුපාලයකු වූයේ) නමුදු අවසර ලබා ම පිවිසෙන්නේ ය. රජුන් විශ්වාස නො කරන්නේ ය. ගින්න සමීපයේ (සිටින කලෙක) මෙන් සිහියෙන් සිටින්නේ ය.
Pali BJT5635. පුත්තං වා භාතරං සං වා{7} සම්පග්ගණ්හාති ඛත්තියො, ගාමෙහි නිගමෙහි වා රට්ඨෙ ජනපදෙහි වා තුණ්හී භූතො උපෙක්ඛෙය්ය{8} න භනෙ ඡෙකපාපකං.{9}
Sinhala BJT5635. රජතුමා සිය පුතාට හෝ සිය සහෝදරයාට හෝ ගම් වලින් හෝ නියම්ගම්වලින් හෝ ජනපදවලින් හෝ කිසිවක් දෙමි යි සේවකයන් සමග කියා ද එකලැ සේවකයා තුෂ්ණීම්භූත ව මධ්‍යස්ථ වන්නේ ය. ගුණාගුණ (හොඳ නරක) නො කියන්නේ ය.
Pali BJT5636. හත්ථාරූහෙ අනීකට්ඨෙ රථිකෙ පත්තිකාරකෙ, තෙසං කම්මාවදානෙන රාජා වඩ්ඪෙති වෙතනං{10} න තෙසං අන්තරා ගච්ඡෙ ස රාජවසතිං වසෙ.
Sinhala BJT5636. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සේනාවන්හි කාර්‍ය්‍යයන් හා ඔවුන්ගේ හැසිරීම් අනුව රජතුමා වේතන වැඩිකරයි නම් සේවකයා ඔවුන්ගේ ලාභයට අන්තරාය නො කරන්නේ ය.
Pali BJT5637. චාපොවූනූ{11}දරො ධීරො වංසො වාපි පකම්පියො, පටිලොමං න වත්තෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5637. යම් සේවකයෙක් නැණවත් ද දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද නො මේරු උණගසක් සේ චලනය වේ ද රජතුමාට විරුද්ධ පැවැතුම් නැත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5638. චාපොවූනුදරො අස්ස මච්ඡොවස්ස අජිව්හවා,{12} අප්පාසී{13} නිපකො සූරො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5638. (යමෙක්) දුන්නක් සේ සිහින් වූ උදර ඇත්තේ ද (දිව ඇතත්) දිව නැත්තකු සෙයින් මාළුවකු මෙන් වූයේ අල්ප වූ කථා ඇත්තේ ද ස්වල්ප වශයෙන් බුදින සුලු වේ ද දක්‍ෂ ද ශූර ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5639. න බාළ්හං ඉත්ථිං ගච්ඡෙය්ය සම්පස්සං තෙජසඞ්ඛයං, කාසං සාසං දරං බල්යං ඛීණමෙධො නිගච්ඡති.
Sinhala BJT5639. යමෙක් (සිය) තෙද පිරිහීයාම දකිමින් ස්ත්‍රීන් කරා යළි යළිත් නො යන්නේය එසේ යන නුවණ පිරිහුණු පුද්ගලයා කාශස්වාසයනට ද කාය පීඩාවට ද කය දුබලවීමට ද පත් වේ.
Pali BJT5640. නාතිවෙලං පභාසෙය්ය න තුණ්හී සබ්බදා සියා, අවිකිණ්ණං මිතං වාචං පත්තෙ කාලෙ උදීරයෙ.
Sinhala BJT5640. රජුන් සමීපයේ සිට පමණට වඩා කතා නො කරන්නේ ය. හැමකල නිහඬ නො වන්නේ ය. සුදුසු වේලාවෙහි නො විසිරුණ ප්‍රමාණවත් කතා කරන්නේ ය.
Pali BJT5641. අක්කොධනො අසංඝට්ඨො සච්චො සණ්හො අපෙසුනො, සම්ඵං ගිරං න භාසෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5641. නො කිපෙන සුලු වූ අන්‍යයන් හා නො ගැටෙන්නා වූ සත්‍ය වූ සියුම් වූ ප්‍රියශූන්‍ය නො වූ කතා ඇත්තෙක් වන්නේ ය. හිස් වචන නො කියන්නේ ය. හේ රාජභවනයෙහි වසන්නේ ය.
Pali BJT5642. මාතාපෙත්තිභරො අස්ස කුලෙජෙට්ඨාපචායිකො, හිරිඔත්තප්පසම්පන්නො{1} ස රාජවසතිං වසෙ.
Sinhala BJT5642. (යමෙක්) මවුපියන් පෝෂණය කරන්නේ ද කුලදෙටුවන් පුදන්නේ ද හිරි ඔතප් ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
Pali BJT5643. විනීතො සිප්පවා දන්තො කතත්තො නියතො මුදු, අප්පමත්තො සුචි දක්ඛො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5643. (යමෙක්) ආචාරසම්පන්න වූයේ ද ශිල්ප ඇත්තේ ද හික්මවාගත් ඉඳුරන් ඇත්තේ ද සිය ජීවිතය ගුණවත් කරගත්තේ ද නො සැලෙන ස්වභාව ඇත්තේ ද මාන රහිත ද අප්‍රමාද ව (නුමුළා සිහි ඇති ව) ක්‍රියා කරනුයේ ද පිරිසුදු වූයේ ද උවටැන් කිරීමට දක්‍ෂවූයේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5644. නිවාතවුත්ති වද්ධෙසු සප්පතිස්සො සගාරවො, සුරතො සුඛසම්භාසො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5644. (යමෙක්) වැඩිහිටියන් කෙරේ යටහත් පැවතුම් ඇත්තේ ද සාදර සගෞරව වූයේ ද සුවච පැවැතුම් ඇත්තේ ද මොළොක් වදන් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5645. ආරකා{2} පරිවජ්ජෙය්ය සහිතුං පහිතං ජනං, භත්තා රඤ්ඤෙවුදික්ඛෙය්ය අනඤ්ඤස්ස ච රාජිනො.
Sinhala BJT5645. රහස් සෙවීමට අන් රජුන් විසින් එවන ලද ජනයා දුරින් දුරු කරන්නේ ය. තමාගේ රජු ම ස්වාමියා ලෙස සලකන්නේ ය. අන් රජකු සමීපයෙහි නො වසන්නේ ය.
Pali BJT5646. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, සක්කච්චං පයිරුපාසෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5646. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් මැනැවින් ඇසුරු කරනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5647. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, සක්කච්චං අනුවාසෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5647. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් (පෙහෙවස් සමාදන් වී) අනුව වසනුයේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5648. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, තප්පෙය්ය අන්නපානෙන ස රාජවසතිං වසෙ.
Sinhala BJT5648. (යමෙක්) සිල්වත් වූ බහුශ්‍රුත වූ මහණ බමුණන් ආහාරපාන දීමෙන් සන්තර්‍පණය කෙරේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5649. සමණෙ බ්රාහ්මණෙ චාපි සීලවන්තෙ බහුස්සුතෙ, ආසජ්ජ පඤ්ඤෙ සෙවෙථ ආකඞ්ඛං වුද්ධිමත්තනො.
Sinhala BJT5649. සිල්වත් වූ බහුශ්‍රුත වූ පණ්ඩිත වූ මහණ බමුණන් වෙත පැමිණ සිය අභිවෘද්ධිය අපේක්‍ෂාවෙන් ඇසුරු කරන්නේ ය.
Pali BJT5650. දින්නපුබ්බං න හාපෙය්ය දානං සමණබ්රාහ්මණෙ, න ච කිඤ්චි නිවාරෙය්ය දානකාලෙ වණිබ්බකෙ.
Sinhala BJT5650. පෙරසිට මහණ බමුණන්ට දුන් දන නො පිරිහෙළන්නේ ය. දෙන කලැ එතැනට පැමිණි යාචකයන් දැකැ (ඔවුනට දෙන දීමනා) කිසිවක් නො වළක්වන්නේ ය.
Pali BJT5651. පඤ්ඤවා බුද්ධිසම්පන්නො විදානවිධිකොවිදො, කාලඤ්ඤූ සමයඤ්ඤූ ච ස රාජවසතිං වසෙ.
Sinhala BJT5651. යමෙක් වීමංසක ප්‍රඥාවෙන් යුක්ත ද බුද්ධි සම්පන්න ද කාර්‍ය්‍යයන් සංවිධානය කිරීමේ බුහුටි වේ ද දන් දීම සිල්රැකීම ආදියට යෝග්‍ය කාලය දන්නේ ද සී සෑම වැපිරීම ආදිය සඳහා යෝග්‍ය කාලය දන්නේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5652. උට්ඨාතා කම්මධෙය්යෙසු{3} අප්පමත්තො විචක්ඛණො, සුසංවිහිතකම්මන්තො ස රාජවසතිං වසෙ.
Sinhala BJT5652. නොපමා වූ බුද්ධිමත් වූ යමෙක් තම කටයුතු කිරීමේ උත්සාහ ඇත්තේ ද කාර්‍ය්‍ය සංවිධානයේ මනා දක්‍ෂ බව ඇත්තේ ද හෙතෙම රජගෙහි වසන්නේ ය.
Pali BJT5653. ඛලං සාලං පසුං ඛෙත්තං ගන්තා චස්ස අභික්ඛණං මිතං ධඤ්ඤං නිධාපෙය්ය මිතඤ්ච පාචයෙ ඝරෙ.
Sinhala BJT5653. (යමෙක්) කලවිටට ශාලාවට ගවශාලාවට හා කුඹුරට නිතර යන්නේ ය. මනින ලද (ප්‍රමාණය දැන) ධාන්‍ය අටුවල තැන්පත් කරන්නේ ය. ගෘහයේ (ප්‍රයෝජනය සඳහා) මැන (පමණට) පිසන්නේ ය.
Pali BJT5654. පුත්තං වා භාතරං සං වා සීලෙසු අසමාහිතං, අනඞ්ගවා හි තෙ බාලා යථා පෙතා තථෙව තෙ; චොලඤ්ච නෙසං පිණ්ඩඤ්ච ආසීනානං{1} ව දාපයෙ.
Sinhala BJT5654. සීලයන්හි නො පිහිටි සිය පුතකු හෝ සොහොයුරකු හෝ අධිපති තැන්හි (අධිපති තනතුරකැ) නො තබන්නේ ය. අඥාන වූ ඔවුහු අඞ්ග සමාන (සොහොවුරු) නොවෙති. ගුණ සිරුර රහිත වන බැවින් ඔවුහු මළවුන් වැන්න. (කැඳවීමක් නැති ව) අවුදින් හුන්නවුන්ට රෙදි කඩක් හා ආහාර පමණක් දෙවන්නේ ය.
Pali BJT5655. දාසෙ කම්මකරෙ පෙස්සෙ{2} සීලෙසු සුසමාහිතෙ, දක්ඛෙ උට්ඨානසම්පන්නෙ ආධිපච්චස්මිං{3} ඨාපයෙ.
Sinhala BJT5655. දක්‍ෂවූ ද උත්සාහවත් වූ ද මනාව සීලයන්හි පිහිටියා වූ දාසයන් කම්කරුවන් හා පණිවිඩකරුවන් ද ආධිපත්‍යයෙහි පිහිටු වන්නේ ය.
Pali BJT5656. සීලවා ච අලොලො ච{4} අනුරත්තො චස්ස රාජිනො, ආවී රහො හිතො තස්ස ස රාජවසතිං වසෙ.
Sinhala BJT5656. යමෙක් සිල්වත් ද ලෝභ රහිත ද රහසිගත වත් ප්‍රකට වත් රජතුමාට හිතවත්වේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5657. ඡන්දඤ්ඤූ රාජිනො අස්ස{5} චිත්තට්ඨො චස්ස රාජිනො, අසඞ්කුසකවත්තිස්ස ස රාජවසතිං වසෙ.
Sinhala BJT5657. යමෙක් රජතුමාගේ කැමැත්ත දන්නේ ද රජතුමාගේ චිත්තාරාධනය කෙරේ ද රජතුමාට විරුද්ධ නො වූ පැවැතුම් ඇත්තේ ද හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5658. උච්ඡාදයෙ ච{6} නහාපයෙ ධොවෙ පාදෙ අධොසිරං, ආහතොපි න කුප්පෙය්ය ස රාජවසතිං වසෙ.
Sinhala BJT5658. (යමෙක් රජතුමාගේ) ඇඟ උලා නාවනුයේ ද යටිකුරු කළ හිස ඇතිව (බිම බලාගෙන) පා සෝදනුයේ ද, පහර ලදුවත් නො කිපේ ද, හේ රජගෙහි වසන්නේ ය.
Pali BJT5659. කුම්භම්පි පඤ්ජලිං කුරියා{7} වායසං{8} වා පදක්ඛිණං, කිමෙව සබ්බකාමානං දාතාරං ධීරමුත්තමං.
Sinhala BJT5659. අභිවෘද්ධිය තකා වතුර කළය දැක ඇඳිලි බැඳීම ද කවුඩකු දැක ප්‍රදක්‍ෂිණාව ද කෙරේ නම් කැමැති හැම දෙය දෙන්නා වූ ඥානවත් ශ්‍රේෂ්ඨ රජතුමා දුටු විට කියනු කිම? (ඒකාන්තයෙන් හරසර දැක්විය යුත්තේම ය.)
Pali BJT5660. යො දෙති සයනං වත්ථං යානං ආවසථං ඝරං, පජ්ජුන්නොරිව භූතානි භොගෙහි මභිවස්සති.
Sinhala BJT5660. යමෙක් සයනාසන වස්ත්‍ර යානා සහ වාසස්ථාන දෙන්නේ ද සත්ත්‍වයන්ට මේඝය මෙන් සම්පත් නමැති මහවැසි වස්වන රජතුමාට අභිවාදන කටයුතු.
Pali BJT5661. එසය්යො රාජවසති වත්තමානො යථා නරො, ආරාධයති රාජානං පූජං ලභති භත්තුසු.
Sinhala BJT5661. ආර්‍ය්‍යයෙනි, මා විසින් රාජවසතිය (රාජසේවකයන්ගේ පැවැත්ම) මෙසේ කියන ලදී. මෙ පරිදි යම් මිනිසෙක් රජු සතුටු කෙරේ නම් හෙතෙම ස්වාමීන්ගෙන් සැලැකිලි ලබන්නේ ය යි (විධුර පඬිතුමා අනුශාසනා කෙළේ ය.)
Pali BJTරාජවසතිකණ්ඩං.
Sinhala BJTරාජවසතිකාණ්ඩ යි.
Pali BJT5662. එවං සමනුසාසිත්වා ඤාතිසඞ්ඝං විචක්ඛණො, පරිකිණ්ණො සුහදෙහි{9} රාජානමුපසඞ්කමී.
Sinhala BJT5662. විධුර පඬිතුමා මෙසේ ඤාතිසමූහයාට අනුශාසනා කොට මිතුරන් පිරිවරා රජතුමා වෙත පැමිණියේ ය.
Pali BJT5663. වන්දිත්වා සිරසා පාදෙ කත්වා ච නං පදක්ඛිණං, විධුරො අවච රාජානං පග්ගහෙත්වාන අඤ්ජලිං.
Sinhala BJT5663. විධුර පඬිතුමා හිසින් රජතුමාගේ පා වැඳ ඔහු පැදකුණු කොට ඇඳිලි බැඳගෙන රජුට (මෙසේ) කීය:
Pali BJT5664. අයං මං මාණවො නෙති කත්තුකාමො යථාමතිං, ඤාතීනත්ථං පවක්ඛාමි තං සුණොහි අරින්දම.
Sinhala BJT5664. රජතුමාණෙනි, මේ මාණවකයා ඔහුගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීමට මා ගෙන යයි. (මගේ) නෑයන්ට යහපත පිණිස මෙය කියන්නෙමි. එය අසන්නේ මැනැවි.
Pali BJT5665. පුත්තෙ ච මෙ උදික්ඛෙසි යඤ්ච මඤ්ඤං ඝරෙ ධනං, යථා පෙච්ච{1} න හායෙථ ඤාතිසඞ්ඝො මයි ගතෙ.
Sinhala BJT5665. මාගේ දරුවන් බැලුව මැනැව. මාගේ නිවෙසෙහි (ඔබ විසින් හෝ අන් රජුන් විසින් හෝ දෙන ලද) අන්‍ය වූ යම් ධනයක් වේ නම් එයද බැලුව මැනැව. මා ගිය පසු මගේ නෑසියෝ යම්සේ නො පිරිහෙත් ද (එසේ කරන්නේ මැනැවි.)
Pali BJT5666. යථෙව ඛලති භුම්යා භූමියාව පතිට්ඨති, එවෙතං ඛලිතං මය්හං එතං{2} පස්සාමි අච්චයං.
Sinhala BJT5666. යම්සේ පොළොව පැකිලී ගියේ පොළොවෙහිම පිහිටන්නේ ද මාගේ මේ පැකිලීමත් එසේ ය. මාගේ මෙම වරද දකිමි.
Pali BJT5667. සක්කා න ගන්තුං ඉති මය්හ හොතී{3} ඣත්වා වධිත්වා ඉධ කාතියානං, ඉධෙව හොහි ඉති මය්හං රුච්චති මා ත්වං අගා උත්තමභූරිපඤ්ඤ.
Sinhala BJT5667. උතුම් වූ මහාප්‍රාඥය, ඔබට යා නො හැකි ය. මට මෙසේ සිත් වේ. කාත්‍යායන වූ මාණවකයා මෙහි තළා මරා මෙහි නවතිනු යනු මට රිසි වේ. තෙපි නො යව.
Pali BJT5668. මාහෙව ධම්මෙසු මනං පණීදහි අත්ථෙ ච ධම්මෙ ච යුත්තො භවස්සු, ධිරත්ථු කම්මං අකුසලං අනරියං යං කත්වා පච්ඡා නිරයං වජෙය්ය.
Sinhala BJT5668. (රජතුමනි), අධර්‍මයෙහි (පාපයෙහි) හිත නො යොදන්න. අභිවෘද්ධිය ගෙන දෙන දෙයෙහිත් පුණ්‍යක්‍රියාවන්හිත් යෙදෙන්න. යම් කර්‍මයක් කොට පසුව අපායට හේ ද එවැනි ලාමක වූ පාපක්‍රියාවට නින්‍දා වේවා.
Pali BJT5669. නෙවෙස ධම්මො න පුනෙතං කිච්චං අයිරො හි දාසස්ස ජනින්ද ඉස්සරො, ඝාතෙතුං ඣාපෙතුං{4} අථොපි භත්තුං න ච මය්හං කොධත්ථි වජාමි චාහං.
Sinhala BJT5669. මෙ යුක්තිය නො වේ. යළි කටයුතුදෑ ද නො වේ. රජතුමනි, ස්වාමි දාසයාගේ අධිපති ය. (ස්වාමියා විසින් සේවකයා) නසන්ටත් දවන්ටත් පෝෂණය කරන්ටත් සුදුසු ය. මාණවකයා කෙරෙහි මට කෝපයෙක් නැත. මම (ඔහු හා) යමි.
Pali BJT5670. ජෙට්ඨපුත්තං උපගුය්හ විනෙය්ය හදයෙ දරං, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි පාවිසි සො මහාඝරං.
Sinhala BJT5670. ඒ (විධුර පණ්ඩිත) තෙම දෙටු පුතණුවන් වැළැඳගෙන චිත්තපීඩාව දුරුකොට කඳුළුපිරි නෙතින් යුතු ව මහපායට පිවිසියේ ය.
Pali BJT5671. සාලාව සම්පමථිතා{5} මාළුතෙන පමද්දිතා, සෙන්ති පුත්තා ච දාරා ච විධුරස්ස නිවෙසනෙ.
Sinhala BJT5671. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දරුවෝ ද බිරියෝ ද සුළඟින් මඩනා ලද කම්පිත වූ සල්වනයෙක සල්ගස් මෙන් තන්හි තන්හි වැටී සිටිත්.
Pali BJT5672. ඉත්ථිසහස්සං භරියානං දාසිසත්තසතානි ච, බාහා පග්ගය්හ පක්කන්දුං විධුරස්ස නිවෙසනෙ.
Sinhala BJT5672. විධුර පඬිතුමාගේ නිවෙසෙහි දහසක් භාර්‍ය්‍යා වූ ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද හිස අත් බැඳගෙන හැඬූහ.
Pali BJT5673. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, බාහා පග්ගය්හ පක්කන්දුං විධුරස්ස නිවෙසනෙ.
Sinhala BJT5673. විධුර පඬිතුමාගේ නිවාසයෙහි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද හිස අත් බැඳගෙන හැඬූහ.
Pali BJT5674. හත්ථාරූහා{6} අනීකට්ඨා රථිකා පත්තිකාරකා, බාහා පග්ගය්හ පක්කන්දුං විධුරස්ස නිවෙසනෙ.
Sinhala BJT5674. විධුර පඬිතුමාගේ නිවාසයෙහි ඇතරුවෝ ද අසරුවෝ ද රථිකයෝ ද පාබලසේනාවෝ ද හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5675. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග්ගය්හ පක්කන්දුං විධුරස්ස නිවෙසනෙ.
Sinhala BJT5675. විධුර පඬිතුමාගේ නිවෙසෙහි රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5676. ඉත්ථි සහස්සං භරියානං දාසීසත්තසතානි ච, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහෙස්සසි.
Sinhala BJT5676. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) භාර්‍ය්‍යා වූ දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසීහු ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5677. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහෙස්සසි.
Sinhala BJT5677. (විධුර පඬිතුමාගේ නිවාසයෙහි) අතැවුර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5678. හත්ථාරූහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා විජහෙස්සසි.
Sinhala BJT5678. ඇතරුවෝ, අසරුවෝ, රථිකයෝ ද පාබලසේනාවෝ ද කවර හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5679. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහෙස්සසි.
Sinhala BJT5679. රැස් වූ දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැ යි හිස අත් බැඳ හැඬූහ.
Pali BJT5680. කත්වා ඝරෙසු කිච්චානි අනුසාසිත්වා සකං ජනං, මිත්තාමච්චෙ ච භච්චෙ ච පුත්තදාරෙ ච බන්ධවෙ.
Sinhala BJT5680. පණ්ඩිත තෙම ගෘහයන්හි කළමනා කාර්‍ය්‍යයන් කොට මිත්‍රාමාත්‍යයන් දාසයන් අඹුදරුවන් නෑයන් සහ සිය ජනතාවට අනුශාසනා කොට.
Pali BJT5681. කම්මන්තං සංවිධෙත්වාන ආචික්ඛිත්වා ඝරෙ ධනං, නිධිඤ්ච ඉණදානඤ්ච පුණ්ණං එතදබ්රවී.
Sinhala BJT5681. වැඩ පිළියෙළ කොට ගෙහි ඇති ධනය ද නිධාන ද ණයට දුන් ධනය ද පවසා පූර්‍ණකයාට මෙය කීය:
Pali BJT5682. අවසී තුවං මය්හ තීහං අගාරෙ කතානි කිච්චානි ඝරෙසු මය්හං, අනුසාසිතා පුත්තදාරා මයා ච කරොම කච්චාන යථා මතිං තෙ.
Sinhala BJT5682. මාගේ නිවසෙහි ඔබ තෙදිනක් විසූහු. මාගේ ගෘහයන්හි කළමනා වැඩ මා විසින් කරන ලද. අඹුදරුවනට අනුශාසනා කරන ලදී. කච්චානය දැන් තොපගේ අදහස් පරිදි ක්‍රියා කරමු.
Pali BJT5683. සචෙ හි කත්තෙ අනුසාසිතා තෙ පුත්තා ච දාරා ච අනුජීවිනො ච, හන්දෙහි දානි තරමානරූපො දීඝො හි අද්ධාපි අයං පුරත්ථා.
Sinhala BJT5683. ප්‍රිය තෙනැත්ත, ඉදින් තොප විසින් දරුවන්ට බිරියන්ට සහ සේවකයන්ට අනුශාසනා කරන ලද නම් දැන් වහා එව. ඉදිරියෙහි (ඇති) ගමන් මග ද ඉතා දිග ය.
Pali BJT5684. අසම්භීතොව ගණ්හාහි ආජානීයස්ස{1} වාලධිං, ඉදං පච්ඡිමකං තුය්හං ජීවලොකස්ස දස්සනං.
Sinhala BJT5684. මේ ආජානීය අසුගේ වලිගය බිය රහිතව අල්ලා ගන්න. මෙය තොපගේ මිනිස්ලොව අවසාන දර්‍ශනය වෙයි.
Pali BJT5685. සොහං කිස්ස නු භායිස්සං යස්ස මෙ නත්ථි දුක්කතං, කායෙන වාචා මනසා යෙන ගච්ඡෙය්ය දුග්ගතිං.
Sinhala BJT5685. යමක් නිසා දුගතියට යේ නම් කය වචනය හිත යන තිදොරින් මා කළ එබඳු වරදක් නැත. (එහෙයින්) ඒ මම කුමට බිය වෙම් ද?
Pali BJT5686. සො අස්සරාජා විධුරං වහන්තො පක්කාමි වෙහාසයමන්තලික්ඛෙ, සාඛාසු සෙලෙසු අසජ්ජමානො කාළාගිරිං ඛිප්පමුපාගමාසි.
Sinhala BJT5686. ඒ අශ්වරාජ තෙම විධුර පඬිතුමන් උසුලමින් අහසින් ගමන් කෙළේ ය. අතුවල හා ගල්වල නො ගැටෙමින් කාළාගිරි පර්‍වතයට ඉක්මනින් පැමිණියේ ය.
Pali BJT5687. ඉත්ථිසහස්සං භරියානං දාසීසත්තසතානි ච, බාහා පග්ගය්හ පක්කන්දුං යක්ඛො බ්රාහ්මණවණ්ණෙන විධුරං ආදාය ගච්ඡති. -පෙ-
Sinhala BJT5687. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද, සත්සියයක් දාසීහු ද හිස අත්බැඳ හැඬූහ.
Pali BJT5688. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග්ගය්හ පක්කන්දුං යක්ඛො බ්රාහ්මණවණ්ණෙන විධුරං ආදාය ගච්ඡති.
Sinhala BJT5688. යකෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිතුමා රැගෙන යයි කියමින් ගම් නියම්ගම් ජනපද වැස්සෝ හිස අත්බැඳ හැඬූහ.
Pali BJT5689. ඉත්ථිසහස්සං භරියානං දාසීසත්තසතානි ච, බාහා පග්ගය්හ පක්කන්දුං පණ්ඩිතො සො කුහිං ගතො. -පෙ-
Sinhala BJT5689. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් බිරියන් වන දහසක් ස්ත්‍රීහු ද සත්සියයක් දාසියෝ ද හිස අත්බැඳ හැඬූහ.
Pali BJT5690. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, බාහා පග්ගය්හ පක්කන්දුං පණ්ඩිතො සො කුහිං ගතො.
Sinhala BJT5690. ඒ විධුර පඬිතුමා කොහි ගියේ දැයි කියමින් ගම් නියම්ගම් දනවු වැස්සෝ හිස අත් බැඳගෙන හැඬූහ.
Pali BJT5691. සචෙ සො සත්තරත්තෙන පණ්ඩිතො නාගමිස්සති, සබ්බෙ අග්ගිං පවෙක්ඛාම නත්ථත්ථො ජීවිතෙන නො.
Sinhala BJT5691. ඉදින් ඒ පඬිතුමා සත්රැයෙකින් නො එන්නේ නම්, අපි සියලු දෙන ගින්නට පනින්නෙමු. අපේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත.
Pali BJT5692. පණ්ඩිතො ච වියත්තො ච විභාවී ච විචක්ඛණො, ඛිප්පං මොචෙස්සතත්තානං{1} මා භාථ ආගමිස්සති.
Sinhala BJT5692. (විධුර පඬිතුමා) පඬිවරයෙක, වීමංසායෙන් (විමසන නුවණින්) යුක්තයෙක, ව්‍යක්තයෙක, කටයුතු නො කටයුතු කීමට දත්තෙක, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයෙක, එහෙයින් බිය නො වන්න. (පණ්ඩිත තෙම) වහා (එම) ග්‍රහණයෙන් මිදෙන්නේ ය. යළි මෙහි එන්නේ ය.
Pali BJTඅන්තරපෙය්යාලො.
Sinhala BJTඅන්තරපෙය්‍යාලය.
Pali BJT5693. සො තත්ථ ගන්ත්වාන විචින්තයන්තො උච්චාවචා චෙතනකා{2} භවන්ති, ඉමස්ස ජීවෙන නහත්ථි{3} කිඤ්චි හන්ත්වානිමං හදයං ආදියිස්සං.
Sinhala BJT5693. හෙතෙම (පූර්‍ණකයා) එහි (කාලාගිරි පර්‍වතයට) ගොස් සිතනුයේ ඔහට උස් පහත් සිතිවිලි උපන. මොහුගේ (විධුර පඬිතුමාගේ) ජීවිතයෙන් කිසිත් පලක් නො වේ. මොහු මරා හදවත ගන්නෙමි.
Pali BJT5694. සො තත්ථ ගන්ත්වා පබ්බතමන්තරස්මිං අන්තො පවිසිත්වා පදුට්ඨචිත්තො, අසංවුතස්මිං ජගතිප්පදෙසෙ අධොසිරං ධාරයි කාතියානො.
Sinhala BJT5694. කාතියාන දුෂ්ට සිත් ඇත්තේ එහි (පර්‍වතමස්තකයෙන් පාදයට) ගොස් පර්‍වත අතුරෙහි සිට ඇතුළට පිවිස (මුදුනට නැඟී බෝසතුන් හෙළා) විවෘත ප්‍රදේශයෙහි දී හිස යටිකුරුකොට නඟා ගත්තේ ය.
Pali BJT5695. සො ලම්බමානො නරකෙ පපාතෙ මහබ්භයෙ ලොමහංසෙ විදුග්ගෙ, අසන්තසං{4} කුරූනං කත්තසෙට්ඨො ඉච්චබ්රවී පුණ්ණකං නාම යක්ඛං.
Sinhala BJT5695. කුරුරට වාසීන්ගේ ශ්‍රේෂ්ඨ ඇමැතිතුමා මහබිය දනවන ලොමු ඩැහැගැනුම් ඇති කරවන, යා නො හැකි නිරය වැනි මහා ප්‍රපාතයෙකැ එල්ලෙමින් (සිටැ) නො බියව පූර්‍ණක යක්‍ෂයාට මෙලෙස කීය:
Pali BJT5696. අරියාචකාසොසි අනරියරූපො අසඤ්ඤතො සඤ්ඤතසන්තිකාසො, අච්චාභිතං කම්මං කරොසි ලුද්රං භාවෙ ච තෙ කුසලං නත්ථි කිඤ්චි.
Sinhala BJT5696. රූපයෙන් තෙපි දෙවියකුට සමාන වව. එසේවුව ද අනාර්‍ය්‍ය පැවතුම් ඇත්තහුය. තොපට සංයමයක් නැත. එහෙත් සංයම ඇත්තකු වැනි ය. තෙපි රුදුරු සැහැසිකම් කරව. මඳකුදු කුශලයක් තොප සිතැ නැත.
Pali BJT5697. යං මං පපාතස්මිං පපාතුමිච්ඡසි කොනු තවත්ථො මරණෙන මය්හං, අමානුසස්සෙව තෙ අජ්ජ{1} වණ්ණො ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා.
Sinhala BJT5697. යම් කරුණෙකින් මා ප්‍රපාතයෙහි හෙළනු කැමැත්තහු ද මගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ද? අද තොපගේ පෙනුම අමනුෂ්‍යයකුට සමාන ය. තෙපි කවර (නම්) යක්‍ෂ වවුදැයි මට කියව.
Pali BJT5698. යදි තෙ සුතො පුණ්ණකො නාම යක්ඛො රඤ්ඤො කුවෙරස්ස හි සො සජීවො,{2} භූමින්ධරො වරුණො නාම නාගො බ්රහා සුචී වණ්ණබලූපපන්නො.
Sinhala BJT5698. ඉදින්, තොප විසින් පූර්‍ණක නම් යක්‍ෂයා අසන ලද්දේ ද? හේ කුවේර රජුගේ ඇමැති වෙයි. පෘථිවිය දරා සිටින (උසුලා සිටින) වරුණ නාරජ තෙම ආරෝහ පරිණාහ සම්පන්න කායයෙන් මහත් වූයේ යැ, පවිත්‍ර යැ, ශරීරවර්‍ණයෙන් හා කායබලයෙන් යුක්ත යැ.
Pali BJT5699. තස්සානුජං ධීතරං කාමයාමි ඉරන්දතිං නාම සා නාගකඤ්ඤා, තස්සා සුමජ්ඣාය{3} පියාය හෙතු පතාරයිං තුය්හ වධාය ධීර.
Sinhala BJT5699. ප්‍රාඥය, මම ඒ නාගරාජයාගේ අනුජාත දුව කැමැත්තෙමි. ඕ ඉරන්‍දති නාග කන්‍යාවයි. සුන්‍දර මැද පෙදෙස සහිත ඒ ප්‍රියාව හේතුකොට (බලාපොරොත්තුවෙන්) තොපට හිංසා කරන්නට සිතුවෙමි.
Pali BJT5700. මාහෙව ත්වං{4} යක්ඛ අහොසි මූළ්හො නට්ඨා බහූ දුග්ගහිතෙන ලොකා, කින්තෙ සුමජ්ඣාය{5} පියාය කිච්චං මරණෙන මෙ ඉඞ්ඝ සුණොම සබ්බං.
Sinhala BJT5700. යක්‍ෂය, තෙපි නහමක් මුළාවව. බොහෝ දෙන (සිතිවිලි) වරදවා ගැනීම නිසා නැසුනාහ. සුන්‍දර මධ්‍ය ප්‍රදේශ ඇති තොපගේ ප්‍රියාවට මාගේ මරණයෙන් කවර වැඩෙක් ද? ඒ සියල්ල අසමු.
Pali BJT5701. මහානුභාවස්ස මහොරගස්ස ධීතුකාමො ඤාතිභතොහමස්මි,{6} තං යාචමානං සසුරො අවොච යථා මං අඤ්ඤිංසු සුකාමනීතං.
Sinhala BJT5701. මහානුභාවසම්පන්න මහා උරගයාගේ දුව (ලබනු) කැමැත්තේ නෑයන්ට මම බැළයෙමි. මා පහසුවෙන්ම කාමාශක්ත කටහැක්කේ ය යි දැනගත් මයිල් තෙමේ ඇය ඉල්ලන මට මෙලෙස කීය:
Pali BJT5702. දජ්ජෙමු ඛො තෙ සුතනුං සුනෙත්තං සුචිම්භිතං චන්දනලිත්තගත්තං. සචෙ තුවං හදයං පණ්ඩිතස්ස ධම්මෙන ලද්ධා ඉධමාහරෙසි එතෙන විත්තෙන කුමාරි ලබ්භා නාඤ්ඤං ධනං උත්තරිං පත්ථයාම.
Sinhala BJT5702. ඉදින් තෙපි පඬිතුමාගේ හදවත දැහැමිව ලබා මෙහි ගෙන එන්නහු නම් සුන්‍දර සිරුරැති, මනා නෙත් සඟළක් ඇති, සඳුන් අලෙව් දුන් සිරුර ඇති, අතිශය විශ්මයාවහ ඉරන්‍දතිය තොපට දෙන්නෙමු. මෙම තුටුපඬුරෙන් ඉරන්‍දතිය ලද හැකි ය. මෙයින් වැඩි අන් ධනයක් නො පතමු.
Pali BJT5703. එවං න මූළ්හොස්මි සුණොහි කත්තෙ න චාපි මෙ දුග්ගහිතත්ථි කිඤ්චි හදයෙන තෙ ධම්මලද්ධෙන නාගා ඉරන්දතිං නාගකඤ්ඤං දදන්ති.
Sinhala BJT5703. පඬිතුමනි, මම මෙලෙස මුළාවූයෙම් නො වෙමි. පඬිතුමනි අසන්නේ මැනැවි. අයුතු ලෙස මා ගත් කිසිත් නැත. දැහැමින් ලබන ඔබගේ හදවත නිසා නාගයෝ ඉරන්‍දතිය මට දෙති.
Pali BJT5704. තස්මා අහං තුය්හ වධාය යුත්තො එවං මමත්ථො මරණෙන තුය්හං ඉධෙව තං නරකෙ පාතයිත්වා හන්ත්වාන තං හදයං ආදියිස්සං.
Sinhala BJT5704. එහෙයින් මම තොපට වධ කරන්නට යෙදුනෙමි. තොපගේ මරණයෙන් මට මෙසේ ප්‍රයෝජන ඇත. තොප මේ ප්‍රපාතයේ හෙළා මරා හදවත උපුටා ගන්නෙමි.
Pali BJT5705. ඛිප්පං මමං උද්ධර කාතියාන හදයෙන මෙ යදි තෙ අත්ථි කිච්චං යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා සබ්බෙව තෙ පාතුකරොමි අජ්ජ.
Sinhala BJT5705. කාතියානය, ඉදින් මාගේ හදවතින් තොපට කිසෙක් ඇත්නම් මා වහා නඟා ගනුව. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද තොපට ප්‍රකාශ කෙරෙමි.
Pali BJT5706. ස පුණ්ණකො කුරූනං කත්තසෙට්ඨං නගමුද්ධනි ඛිප්පං පතිට්ඨපෙත්වා, අස්සත්ථමාසීනං සමෙක්ඛියාන පරිපුච්ඡි කත්තාරං අනොමපඤ්ඤං.
Sinhala BJT5706. ඒ පූර්‍ණක තෙම කුරුරට වැසියන්ගේ ශ්‍රේෂ්ඨ වූ කර්‍තව්‍යකාරකයා වහා පර්‍වත මස්තකයෙහි පිහිටුවා අස්වැසි වැ හුන්නහු දැකැ අලාමක නුවණැති කර්‍තව්‍යකාරක (විධුර පණ්ඩිත) ගෙන් මෙසේ පිළිවිසි.
Pali BJT5707. සමුද්ධටො මෙසි තුවං පපාතා හදයෙන තෙ අජ්ජ මමත්ථි කිච්චං, යෙ කෙචිමෙ සාධුනරස්ස ධම්මා සබ්බෙව මෙ පාතුකරොහි අජ්ජ.
Sinhala BJT5707. මා විසින් තෙපි ප්‍රපාතයෙන් නඟන ලද්දාහු යැ. අද තොපගේ හදවතින් මට කටයුතු ඇත. යම් මේ සාධුනර ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අද මට ප්‍රකාශ කරව.