Pali BJT5515. අට්ටාලකා{3} ඔට්ඨගීවියො ලොහිතඞ්කස්ස මසාරගල්ලිනො, පාසාදෙත්ථ සිලාමයා සොවණ්ණරතනෙන ඡාදිතා.
Sinhala BJT5515. ඔටුගෙලසේ දිගැති, රක්තමාණික්‍යයෙන් හා මසාරගල්ල නමැති මාණික්‍යයෙන් කළ අටලු (වේදිකා) ඇත්තේය. මෙම නාගභවනයෙහි මිණිමුවා ප්‍රාසාදයෝ රන්මුවා උළින් වසන ලද්දෝය.
Pali BJT5516. අම්බා තිලකා ච ජම්බුයො සන්තපණ්ණා මුචලින්දකෙතකා,{4} පියකා{5} උද්දාලකා සහා උපරිභද්දකා සින්ධුවාරකා.{6}
Sinhala BJT5516-5517. අඹ මදට දඹ රුක්අත්තන මිදෙල්ල වැටකේ පියල් එරහැඳි මීඅඹ එරබදු සපු නා යොහොඹු කොබලිල යන මේ රුක්හු මල් පල ගත්තාහු අතුපතරින් ගැවසුනාහු නාගමන්‍දිරය අලංකාර කෙරෙති.
Pali BJT5517. චම්පෙය්යකා නාගමාලිකා භගිනිමාලා අථමෙත්ථ කොලියා, එතෙ දුමා පරිනාමිතා සොභයන්ති උරගස්ස මන්දිරං.{7}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5518. ඛජ්ජුරෙත්ථ සිලාමයා සොවණ්ණධුවපුප්ඵිතා, බහූ යත්ථ වසතොපපාතිකො නාගරාජා වරුණො මහිද්ධිකො.
Sinhala BJT5518. ඕපපාතිකව උපන් මහත් ඍධි ඇති වරුණ නාරද යම් තැනෙක වෙසේ ද (එතැන) මෙම නාග භවනයෙහි නිතර පිපුණ රන්මුවා මල් ඇති, ඉඳුනිල්මිණිමුවා ඉඳිගස් බොහෝ යැ.
Pali BJT5519. තස්ස කොමාරිකා භරියා විමලා කඤ්චනවෙල්ලිවිග්ගහා, කාළා තරුණාව උග්ගතා පුචිමන්දත්ථනී චාරුදස්සනා.
Sinhala BJT5519. රුවන් රැසක් වැනි (බබළන) ශරීර ඇති, (මදපවනින් ලෙලෙන) කළුවැල් දල්ලක් මෙන් නැඟී සිටි, කොසඹපල බඳු තනපුඩු ඇති දර්‍ශනී වූ ඔහුගේ තරුණ බිරිඳ විමලා නමැත්තීය.
Pali BJT5520. ලාඛාරසරත්තසුච්ඡවී කණිකාරොව නිවාතපුප්ඵිතො, තිදිවොකචරාව අච්ඡරා විජ්ජුතබ්භඝනාව නිස්සටා.
Sinhala BJT5520. ඕ ලතුදිය වන් රත්පැහැ (අතුල්පතුල්) සිවි ඇත්තීය. නිවාතස්ථානයෙක් පිපීගිය මල් ඇති කිණිහිරිරුකක් වැන්න. දිව්‍යභවනයෙහි හැසිරෙන දෙවඟනක් වැන්න. ඝන වලාපටලයකින් නික්මුණු විදුලියක් වැන්න.
Pali BJT5521. සා දොහළිනී සුචිම්හිතා විධුරස්ස හදයං ධනීයති, තං තෙසං දදාමි{1} ඉස්සර තෙන තෙ දෙන්ති ඉරන්දතිං මමං.
Sinhala BJT5521. සුන්‍දර සිනා ඇති ඕ දොළ ඇත්තී, විධුර පණ්ඩිතයන්ගේ හදවත පතන්නීය. ඉසුරාණෙනි, එය මම ඔවුනට දෙමි. එම හේතුවෙන් ඔවුහු ඉරන්‍දතිය මට පාවා දෙන්නාහ.
Pali BJT5522. ස පුණ්ණකො භූතපතිං යසස්සිං ආමන්තය{2} වෙස්සවණං කුවෙරං, තත්ථෙව සන්තො පුරිසං අසංසි ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්තං.
Sinhala BJT5522. ඒ පූර්‍ණක යක්‍ෂසෙනාධිපති තෙම, යකුන්ගේ අධිපති වූ පරිවාරසම්පත් ඇති කුවේර නම් වූ වෙසවුණු රජු අමතා අවසර ගෙන එහි මැ සිටියේ සරසන ලද ආජානීය අසකු මෙතැනට ම ගෙනෙවයි සේවකයකු ඇණැ වී.
Pali BJT5523. ජාතරූපමයා කණ්ණා කාචම්භමයා{3} ඛුරා, ජම්බොනදස්ස පාකස්ස සුවණ්ණස්ස උරච්ඡදො.
Sinhala BJT5523. අසුගේ සවන් රනින් ද, කුර රතුකැටින් ද, පපුවැස්ම ජාම්බොනද ස්වර්‍ණයෙන් ද කරන ලද්දේය.
Pali BJT5524. දෙවවාහවහං යානං අස්සමාරුය්හ පුණ්ණකො, අලඞ්කතො කප්පිතකෙසමස්සූ පක්කාමි වෙහාසයමන්තලික්ඛෙ.
Sinhala BJT5524. අලංකෘත වූයේ මනහර ලෙසින් සැරසූ කෙහෙ රවුළු ඇති පූර්‍ණක යක්‍ෂ දේවවාහවහ නම් අසු පිටැ නැඟැ අහසින් ගියේය.
Pali BJT5525. සො ආගමා{4} රාජගහං සුරම්මං අඞ්ගස්ස රඤ්ඤො නගරං දුරායුතං,{5} පහූතභක්ඛං බහුඅන්නපානං මසක්කසාරං විය වාසවස්ස.
Sinhala BJT5525. හෙතෙම ආහාරපාන බහුල, ශක්‍රයාගේ මසක්කසාර පුරය සදෘශ වු සතුරන්ට ළංවිය නොහෙන අතිශය රම්‍ය වූ අඟුරජුගේ රජගහපුරයට පැමිණියේය.
Pali BJT5526. මයූරකොඤ්චාගණසම්පඝුට්ඨං දිජාභිඝුට්ඨං දිජසඞ්ඝසෙවිතං, නානාසකුන්තා{6}භිරුදං සුභඞ්ගනං පුප්ඵාභිකිණ්ණං හිමවංව{7} පබ්බතං.
Sinhala BJT5526. මොනර කොස්ලිහිණි සමූහයා විසින් ඝෝෂිත වූ, අන්‍ය පක්‍ෂීන් විසින් හඬනඟන ලද, පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලද නොයෙක් සකුණන් විසින් කරනලද නාද ඇති සුන්‍දර අඞ්ගණ ඇති මල් විසුළ හිමවත් පව්ව බඳු,
Pali BJT5527. ස පුණ්ණකො වෙපුල්ලමාභිරුච්ඡි{8} සිලුච්චයං කිම්පුරිසානුචිණ්ණං, අත්වෙසමානො මණිරතනං උළාරං තමද්දසා පබ්බතකූටමජ්ඣෙ.
Sinhala BJT5527. කිඳුරන් නිරතුරු හැසිරෙන වේපුල්ල පර්‍වතයට ඒ පූර්‍ණක නැගේය. උදාර වූ මිණිරුවන සොයන්නේ පර්‍වතකූට මධ්‍යයෙහි එය දුටුවේය.
Pali BJT5528. දිස්වා මණිං පභස්සරං ජාතිවන්තං ධනාහරං{1} මණිරතනං උළාරං, දද්දල්ලමානං යසසා යසස්සිනං ඔභාසති විජ්ජුරිවන්තලික්ඛෙ.
Sinhala BJT5528. පැහැ විහිදෙන්නා වූ මහඟු වූ රිසි සම්පත් දෙන්නාවූ (පරිවාර) මාණික්‍යයන් නිසා අධික දීප්තියෙන් යුක්ත වූ යසස් ඇත්තාවූ අහසේ බැබළෙන විදුලියක් වන් (ඒ) මිණිරුවන දැක,
Pali BJT5529. තමග්ගහී වෙළුරියං මහග්ඝං මනොහරං නාම මහානුභාවං, ආජඤ්ඤමාරුය්හ අනොමවණ්ණො පක්කාමි වෙහාසයමන්තලික්ඛෙ.
Sinhala BJT5529. මහත් අනුභාව ඇති (සිතූ පැතූ සම්පත් දෙන බැවින්) මනෝහර නම් වූ මහාර්‍ඝ ඒ වෛදූර්‍ය්‍ය මාණික්‍යය (හේ) ගත්තේය. අලාමක පැහැති පූර්‍ණක යක්‍ෂ තෙමේ (එය ගෙන) ආජානීය අසු අරා අහසින් ගියේය.
Pali BJT5530. සො ආගමා නගරං ඉන්දපත්තං ඔරුය්හ චාගඤ්ඡි{2} සභං කුරූනං, සමාගමෙ එකසතං සමග්ගෙ අවෙහත්ථ යක්ඛො අවිකම්පමානො.
Sinhala BJT5530. ඒ යක්‍ෂතෙම ඉඳිපත් නුවරට පැමිණියේය. අසු පිටින් බැසැ කුරුරජුනගේ සභාවට පැමිණියේය. (ඒ) සභාවෙහි රැස්ව සිටි එක්සියක් රජුන් (දූකෙළියට) නො බියව කැඳවී.
Pali BJT5531. කො නීධ රඤ්ඤං වරමාභිජෙති කමාභිජෙය්යාම වරංධනෙන,{3} කමනුත්තරං රතනවරං ජිනාම කො වාපි නො ජෙති වරංධනෙන.
Sinhala BJT5531. මෙහි සිටින රජුන්ගෙන් කවරෙක් උතුම් මිණිරුවන දිනා ද? අපි කවරක්හු උතුම් ධනයෙන් දිනමෝ ද? කවර නම් උතුම් රුවනක් දිනමෝ ද? කවරෙක් හෝ උතුම් ධනයෙන් අප දිනා ද?
Pali BJT5532. කුහිං නු රට්ඨෙ තව ජාතභූමි න කොරව්යස්සෙව වචො තවෙදං, අභිභොසි නො වණ්ණනිභාය සබ්බෙ අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච.
Sinhala BJT5532. (ධනඤ්ජය රජ) තොපගේ ජාතභූමිය කවර රටෙක ද? තොපගේ මේ කථාව කුරුරට වැසියකුගේ මෙන් නො වේ. (තොපගේ) සිරුරු පැහැයෙන් අප හැම අභිභවනය කෙරෙහි. තොපගේ නම ද නෑයන් ද මට කියව.
Pali BJT5533. කච්චායනො මාණවකොස්මි රාජ අනූනනාමො ඉති මව්හයන්ති, අඞ්ගෙසු මෙ ඤාතයො බන්ධවා ච අක්ඛෙන දෙවස්මි ඉධානුපත්තො.
Sinhala BJT5533. (පූර්‍ණක) මහරජ මම කච්චායන නමැති මාණවක වෙමි. අනූන නමින් (සෙස්සෝ) මා අමතති. අඟුරටෙහි මාගේ නෑයෝ ද බන්‍ධූහු ද වෙසෙති. දේවයෙනි දූකෙළි පිණිස මෙහි පැමිණියෙම් වෙමි.
Pali BJT5534. කි මාණවස්ස රතනානි අත්ථි යෙ තං ජිනන්තො හරෙ අක්ඛධුත්තො, බහූනි රඤ්ඤො රතනානි අත්ථි තෙ{4} ත්වං දළිද්දො කථමව්හයෙසි.{5}
Sinhala BJT5534. (රජ) අක්‍ෂධූර්‍තයෙක් තා දිනමින් යම් වස්තූන් ගෙන යා නම් කිම එබඳු රත්නයෝ මාණවකහට ඇද් ද? රජහට බොහෝ රත්න ඇත. තෙපි දිළිඳුව කෙසේ නම් ඒ රජුන් (දූකෙළියට) කැඳවහු ද?
Pali BJT5535. මනොහරො නාම මණී මමායං ධනාහරො{6} මණිරතනං උළාරං ඉමඤ්ච ආජඤ්ඤං අමිත්තතාපනං එතං මෙ ජෙත්වා හරෙ අක්ඛධුත්තො.
Sinhala BJT5535. (පූර්‍ණක) මේ මාගේ ‘මනෝහර’ නම් මාණික්‍යය ධන සම්පත් ගෙනෙන උතුම් මිණිරුවනෙකි. මේ ආජානීයයා ද සතුරන් තවන අස්රුවනෙකි. අක්‍ෂධූර්‍තයෙක් මා දිනා තෙල රුවන් ගෙන යන්නේ යැ.
Pali BJT5536. එකො මණී මාණව කිං කරිස්සති ආජානීයෙකො පන කිං කරිස්සති, බහූනි රඤ්ඤො මණිරතනානි අත්ථි ආජානියා වාතජවා අනප්පකා.
Sinhala BJT5536. (රජ) තරුණය, මේ එක මැණික කුමක් කරන්නේ ද? මේ එක ආජානීය අශ්වයා කුමක් කරන්නේ ද? රජහට බොහෝ මිණිරුවන් ඇත. වාතවේග ඇති ආජානීය අශ්වයෝ අනල්ප යැ.
Pali BJTදොහළකණ්ඩො.
Sinhala BJTදෝහළ කාණ්ඩ යි.
Pali BJT5537. ඉදඤ්ච මෙ මණිරතනං පස්ස ත්වං දිපදුත්තම, ඉත්ථීනං විග්ගහා චෙත්ථ පුරිසානඤ්ච විග්ගහා.
Sinhala BJT5537. (පූර්‍ණක) නරදේවයනි තෙපි මාගේ මේ මිණි රුවන බලව. මෙහි ස්ත්‍රීන්ගේ රූප ද පුරුෂයන්ගේ රූප ද ඇත.
Pali BJT5538. මිගානං විග්ගහා චෙත්ථ සකුණානඤ්ච විග්ගහා, නාගරාජෙ සුපණ්ණෙ ච{1} මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5538. මුවන්ගේ රූප ද පක්‍ෂීන්ගේ රූප ද පැනෙයි. නාගයන් ද ගුරුළන් ද මැණිකෙහි නිමැවුණු (පැණෙන) අසිරි බලව.
Pali BJT5539. හත්ථානීකං රථානීකං අස්සෙ පත්ති ධජානි ච,{2} චතුරඞ්ගිනිං ඉමං සෙනං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5539. මිණිරුවනෙහි නිමැවුණු හස්ති සේනා, රථ සේනා, අශ්ව සේනා, ධජ වලින් යුත් (සැදුම් ලත්) පාබළ සේනා යන චතුරඞ්ගිනී සේනා බලව.
Pali BJT5540. හත්ථාරුහෙ අනීකට්ඨෙ රථිකෙ පත්තිකාරිකෙ, බලග්ගානි වියූළ්හානි මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5540. ඇතරුවන්, අසරුවන්, රියැදුරන්, පාබළ සෙබළුන් යන සේනා සමූහය මැණිකෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5541. පුරං උද්දාපසම්පන්නං{3} බහුපාකාරතොරණං, සිඞ්ඝාටකෙසු භූමියො මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5541. උස්වූ පදනම් ඇති බොහෝ පවුරු හා තොරණ ඇති පුරය ද සිවුමංසල හා ළගන්නා භූමිභාග ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5542. එසිකා පරිඛායො ච පලිඝං අග්ගලානි ච, අට්ටාලකෙ ච ද්වාරෙ ච මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5542. ඉන්‍ද්‍රඛීලය ද දිය අගල ද නුවර දොර කවුළු ද අටලු ද දොරකොටු ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5543. පස්ස තොරණමග්ගෙසු නානාදිජගණා බහූ, හංසා කොඤ්චා මයූරා ච චක්කවාකා ච කුක්කුභා.
Sinhala BJT5543-5544. තොරණ‘ගෙහි (තොරණ මුදුනැ) හංසයන් කොස් ළිහිණින් මොනරුන් සක්වාළිහිණින් ඇටිකුකුළන් කළුකොවුලන් විසිතුරු පියාපත් ඇති කොවුලන් හා ජීවංජීවක පක්‍ෂීන් යන බොහෝ පක්‍ෂීන්ගේ (රූ සටහන්) ඇත. නොයෙක් වර්‍ගයනට අයත් පක්‍ෂීන් ගැවසී ගත් අයුරු මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5544. කුණාලකා බහූ චිත්රා සිඛණ්ඩී ජීවඤ්ජීවකා,{4} නානාදිජගණාකිණ්ණං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5545. පස්ස නගරං සුපාකාරං අබ්භුතං ලොමහංසනං, සමුස්සිතධජං රම්මං සුවණ්ණවාලුකසන්ථතං.
Sinhala BJT5545. මැනැවින් ගොඩ නැගූ පවුරු ඇති අසිරිමත් වූ ලොමුදහගන්නා වූ නඟන ලද ධජ ඇති මනස්කාන්ත වූ රන්වැලි අතුළ නගරය බලව.
Pali BJT5546. පස්ස{5} ත්වං පණ්ණසාලායො විභත්තා භාගසොමිතා, නිවෙසනෙ නිවෙසෙ ච සන්ධිබ්යුභෙ පථද්ධියො.{6}
Sinhala BJT5546. (ඒ නගරයෙහි) කොටස් විසින් බෙදූ ආපන ශාලා ද නිවාස ද ගෙබිම් ද ගෘහසන්‍ධි ද කුදුමහත් වීථි ද බලව.
Pali BJT5547. පානාගාරෙ ච සොණ්ඩෙ ච සූණා{7} ඔදනියාඝරා, වෙසී ච ගණිකායො ච මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5547. සුරාසැල් ද සුරාසොඬුන් ද අඞ්ගානි ද මුළුතැන් ගෙවල් ද වෙසඟනන් ද ගණිකාවන් ද යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5548. මාලාකාරෙ ච රජකෙ ගන්ධිකෙ අථ දුස්සිකෙ, සුවණ්ණකාරෙ මණිකාරෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5548. මල්කරුවන් රජකයන් විලවුන් වෙළෙන්ඳන් රෙදි වෙළෙඳුන් රන්කරුවන් මැණික්කරුවන් යන මොවුන් මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5549. ආළාරියෙ ච{1} සූදචෙ නටනට්ටකගායකෙ,{2} පාණිස්සරෙ කුම්භථූනිකෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5549. බත් පිසන්නවුන් ද මාළු පිසන්නවුන් ද නළුවන් හා ගායකයන් ද අත්තල ගසන්නන් හා කළබෙර වයන්නන් ද මිණිරුවනෙහි නිමැවුණු අසිරි බලව.
Pali BJT5550. පස්ස භෙරි මුතිඞ්ගා ච සඞ්ඛා පණවදෙණ්ඩිමා,{3} සබ්බඤ්ච තාළාවචරං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5550. මහබෙර මිහිඟුබෙර සක් ගැටබෙර පනාබෙර ද සියලු තූර්‍ය්‍ය විශේෂ ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5551. සම්මතාලඤ්ච වීණඤ්ච නච්චගීතං සුවාදිතං, තුරියතාළිතසංඝුට්ඨං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5551. කුළුතාලම් ද, වීණා ද, නැටුම් ගැයුම් හා තූර්‍ය්‍යවාදන ද, තූර්‍ය්‍යවාදන ප්‍රතිරාව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5552. ලඞ්ඝිකා මුට්ඨිකා චෙත්ථ මායාකාරා ච සොභියා, චෙතාලිකෙ ච ජල්ලෙ ච මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5552. කරනම් ගසන්නෝ යැ, මුට්ඨිමල්ලවයෝ යැ, ඉන්‍ද්‍රජාලිකයෝ ය, නගරය හොබවන ස්ත්‍රී පුරුෂයෝ යැ යන මොවුන් ද සොහොන් ගොව්වන් හා කරනෑවැමියන් මැණිකෙහි නිර්මිත ඇසිරිය බලව.
Pali BJT5553. සමජ්ජා චෙත්ථ වත්තන්ති ආකිණ්ණා නරනාරිහි, මඤ්චාතිමඤ්චෙ භූමියො මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5553. ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසුණා වූ මැසි පිට මැසි බඳින ලද කෙළිබිම් ද වෙයි. එහැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5554. පස්ස මල්ලෙ සමජ්ජස්මිං පොඨෙන්තෙ දිගුණං භුජං, නිහතෙ නිහතමානෙ ච මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5554. මුෂ්ටිමල්ලයන්ගේ රඟමඬලෙහි අධිකව අත්පොළසන් දෙන්නන් ද, ජයග්‍රාහකයන් ද, පරාජිතයන් ද මැණිකෙහි නිර්මිත අයුරු බැලුව මැනැවි.
Pali BJT5555. පස්ස පබ්බතපාදෙසු නානාමිගගණා බහූ, සීහව්යග්ඝවරාහා ච අච්ඡකොකතරච්ඡයො.{4}
Sinhala BJT5555. බලව, පර්‍වත පාමුලැ සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද ඌරෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිසැති වලස්සු ද බොහෝ වෙසෙති.
Pali BJT5556. පලසතා ච ගවජා ච මහිසා රොහිතා රුරූ, එණෙය්යා ච වරාහා ච ගණිනො නිඞ්කසූකරා.
Sinhala BJT5556. කගවේණෝ ගවරු මීමෝ රෝහිත මුවෝ රූරුමුවෝ ඒනිමුවෝ ඌරෝ ගෝන්නු යන මෘගයෝ ද,
Pali BJT5557. කදලිමිගා බහු චිත්රා බිළාරා සසකණ්ණකා, නානාමිගගණාකිණ්ණං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5557. කෙසෙල් මුවෝ ද, (තවත්) ඉතා විසිතුරු මෘගයෝ (ජාතිහු) ද වලබළල්ලු ද සාවෝ ද මීමින්නෝ ද මෙහි වෙති. නොයෙක් මෘගසමූහයාගෙන් ගැවසුණුසේ මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5558. නජ්ජායො සුපතිත්ථායො සොණ්ණවාලුකසන්ථතා, අච්ඡා සවන්ති අම්බූනි මච්ඡගුම්බනිසෙවිතා.
Sinhala BJT5558. මැනැවින් (සකස්කළ) තොටුපළ ඇති රන්වන් වැලි අතුළ මත්ස්‍ය සමූහයාගෙන් ගැවසීගත් පිවිතුරු ජලය ඇති ගංගාවෝ ගලා බසිත්.
Pali BJT5559. කුම්භීලා මකරා චෙත්ථ සුංසුමාරා ච කච්ඡපා. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤ්චරොහිතා.
Sinhala BJT5559. (ගඟෙහි) කිඹුල්ලු යැ මෝරු යැ ශිශුමාර යැ කැස්බෝ යැ පෙටියෝ ය ලූල්ලු යැ වලයෝ යැ මොද මස්සු යැ රේමස්සු ය යන මේ සත්ත්‍වයෝ ද ඇත.
Pali BJT5560. නානාදූමගණාකිණ්ණා නානාදිජගණායුතා, වෙළුරියඵලකරොදායො{1} මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5560. නානා වෘක්‍ෂ රාශියෙන් යුක්ත, නානාවිධ පක්‍ෂිගණයා ඇති, වෛඩූර්‍ය්‍ය පාෂාණයන්හි හැපී හඬ නගන ගංගාවෝ (මෙහි) ඇතියහ. එ හැම මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5561. පස්සෙත්ථ පොක්ඛරණියො සුවිභත්තා චතුද්දිසා, නානාදිජගණාකිණ්ණා පුථුලොමනිසෙවිතා.{2}
Sinhala BJT5561. මෙහි (මාණික්‍යයෙහි) මනා ලෙස බෙදුණු සිව් දිගුන් ඇති, නොයෙක් පක්‍ෂි සමූහයා ගැවසීගත්, නොයෙක් මත්ස්‍ය වර්‍ගයා ද වෙසෙන තඩාගයෝ ද වෙත්. එය බලව.
Pali BJT5562. සමනොදකසම්පන්නං මහිං සාගරකුණ්ඩලං, උපෙතං වනරාජෙහි{3} මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5563. පුරතො විදෙහෙ පස්ස ගොයානියෙ ච පච්ඡතො, කුරුයො ජම්බුදීපඤ්ච මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5563. පෙරදිග පූර්‍වවිදේහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5564. පස්ස චන්දාඤ්ච සුරියඤ්ච ඔභාසෙන්තෙ{4} චතුද්දිසා, සිනෙරුං අනුපරියන්නෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5564. සතර දිසා ආලෝක කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5565. සිනෙරුං හිමවන්තඤ්ච සාගරඤ්ච මහිද්ධිකං,{5} චත්තාරො ච මහාරාජෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5566. ආරාමෙ වනගුම්බෙ ච පාටියෙ ච{6} සිලුච්චයෙ, රම්මෙ කිම්පුරිසාකිණ්ණෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5566. ආරාම ද වනලැහැබ් ද ගල්තලා ද කිඳුරන් ගැවසුන සිත් ගන්නා පර්‍වත ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව.
Pali BJT5567. ඵාරුසකං චිත්තලතං මිස්සකං නන්දනං වනං, වෙජයන්තඤ්ච පාසාදං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5567. ඵාරුසක චිත්‍රලතා මිස්සක නන්‍දන යන වනයන් (උයන්) ද, විජයොත්පහය ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
Pali BJT5568. සුධම්මං තාවතිංසඤ්ච පාරිච්ඡත්තඤ්ච පුප්ඵිතං, ඵරාවණං නාගරාජං මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5568. සුධර්‍මා නමැති දෙව් සබය ද තව්තිසා දෙව්ලොව ද (මල්) පිපුණු පරසතු රුක ද එරාවණ ඇතු ද මාණික්‍යයෙහි නිර්මිතව ඇති අයුරු බලව.
Pali BJT5569. පස්සෙත්ථ දෙවකඤ්ඤායො නභා විජ්ජුරිවුග්ගතා, නන්දනෙ විචරන්තියො මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5569. අහසින් මතු වූ විදුලිය වැනි දෙවඟනන් බලව. නන්‍දන වනයෙහි හැසිරෙන දෙවඟනන් මාණික්‍යයෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
Pali BJT5570. පස්සෙත්ථ දෙවකඤ්ඤායො දෙවපුත්තපලොභිනී, දෙවපුත්තෙ චරමානෙ මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5570. දිව්‍යපුත්‍රයන් පොළඹවන දිව්‍යාංගනාවන් බලව. හැසිරෙන දෙව්පුතුන් මැණිකෙහි නිර්මිතව පෙණෙන අයුරු බලව.
Pali BJT5571. පරොසහස්සපාසාදෙ වෙළුරියඵලකත්ථතෙ, පජ්ජලන්තෙන වණ්ණෙන මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5571. වෙරළුමිණි මුවා පුවරු අතුළ දීප්තිමත් පැහැයෙන් යුක්ත වූ දහසකට අධික දිව්‍යප්‍රාසාද මාණික්‍යයෙහි නිර්මිත අයුරු බලව.
Pali BJT5572. තාවතිංසෙ ච යාමෙ ච තුසිතෙ චාපි නිම්මිතෙ, පරනිම්මිතාභිරතිනො{1} මණිම්හි පස්ස නිම්මිතං.
Sinhala BJT5572. තව්තිසා යාම තුසිත නිර්‍මාණරති පරනිර්මිත වසවර්ති යන දෙව්ලෝහි දෙවියන් මාණික්‍යයෙහි මැවී ඇති අයුරු බැලුව මැනැවැ.
Pali BJT5573. පස්සෙත්ථ පොක්ඛරණියො විප්පසන්නොදිකා{2} සුචි, මන්දාලකෙහි සංඡන්තා පදුමුප්පලකෙහි ච.
Sinhala BJT5573. අතිශයින් පවිත්‍ර ප්‍රසන්න ජලය ඇති හෙල්මැල්ලෙන් හා පියුම් උපුලින් ගැවැසි පොකුණු බැලුව මැනැවි.
Pali BJT5574. දසෙත්ථ රාජියො සෙතා දස{3} නීලා මනොරමා, ඡ පිඞ්ගලා පණ්ණරසා හළිද්දා ච චතුද්දසා.
Sinhala BJT5574. මාණික්‍යයෙහි සුදුහිරි දසයක් ද සිත්ගන්නා නිල්හිරි දසයක් ද, පිඟුවන්හිරි සයක් හා පසළොසක් ද, කසාවන්හිරි තුදුසක් ද වෙයි.
Pali BJT5575. වීසතිං තත්ථ සොවණ්ණා වීසතිං රජතාමයා, ඉන්දගොපකවණ්ණාභා තාව දිස්සන්ති තිංසති.
Sinhala BJT5575. රන්පැහැ හිරි විස්සක් ද රිදීපැහැ හිරි විස්සක් ද රත් ඉඳුගොව්වන් පැහැ බඳු හිරි තිසක් ද මාණික්‍යයෙහි ඇත.
Pali BJT5576. දසෙත්ථ කාළියො ඡ ච මඤ්ජෙට්ඨා{4} පණ්ණවීසති, මිස්සා බන්ධුකපුප්ඵෙහි නීලුප්පලවිචිත්තිතා.{5}
Sinhala BJT5576. මාණික්‍යයෙහි කළු හිරි දසයක් හා සයක් ද මදටිය පැහැ හිරි විසිපහක් ද වේ. කළුපැහැ හා මදටියපැහැහිරි බඳුවදමලින් හා නිලුපුලින් මුසු වැගියෙන් විචිත්‍රිත ය.
Pali BJT5577. එවං සබ්බඞ්ගසම්පන්නං අච්චිමන්තං පභස්සරං, ඔධිසුඞ්කං මහාරාජ පස්ස ත්වං දිපදුත්තම.
Sinhala BJT5577. දෙපා ඇතියනට උතුම් රජතුමනි, මේ හැම අංගයන්ගෙන් හෙබි රැස් ඇති පැහැ විහිදෙන පරදුව බලව. (දූකෙළියෙහි යමෙක් දිනා ද ඔහුට අයත් වන්නේ ය.)
Pali BJTමණිකණ්ඩො.
Sinhala BJTමණිකාණ්ඩ යි.
Pali BJT5578. උපාගතං රාජ උපෙහි ලක්ඛං නෙතාදිසං මණිරතනං තවත්ථි, ධම්මෙන ජිය්යාම අසාහසෙන ජිතො ච නො ඛිප්පමවාකරොහි.
Sinhala BJT5578. පූර්‍ණක ක්‍රීඩා ශාලාව සාදා අවසන් ය. දාදුකෙළින තැනට එන්නේ මැනැවැ. මෙවැනි මාණික්‍යයක් ඔබට නැත. ක්‍රීඩාවෙහි යෙදෙන අපි සැහැසි ලෙස නොව දැහැමි ලෙස දිනන්නමු. දිනුවහුට කල් නොයවා ධනය දෙනු යෙහේ.
Pali BJT5579. පඤ්චාල පච්චුග්ගත සූරසෙන මච්ඡා ච මද්දා{6} සහකෙකකෙහි, පස්සන්තු නො තෙ අසඨෙන{7} යුද්ධං න නො සභායං න කාරොති කිඤ්චි.
Sinhala BJT5579. සුප්‍රකට පඤ්චාල රජ ද, සූරසේන රජ ද, මච්ඡ රජ ද, කේකක දනව්වේ රජු සමග මදුරට රජ ද යන තුලුහු අපේ මේ සටන අසඨ වැ බලත්වා! සභායෙහි කිසි සාක්‍ෂ්‍යයක් නො කරන්නේ නො වේ. (හැමදෙනා දකිති යි සේ යි.)
Pali BJT5580. තෙ පාවිසුං අක්ඛමදෙන මත්තා රාජා කුරූනං පුණ්ණකො චාපි යක්ඛො, රාජා කලිං විචිනං අග්ගහෙසි කටමග්ගහී පුණ්ණකො නාම යක්ඛො.
Sinhala BJT5580. කුරුරට වැසියන්ගේ රජතුමා ද පූර්‍ණක යක්‍ෂයා ද දාදු ක්‍රීඩායෙන් මත් වැ ක්‍රීඩාශාලාවට පිවිසියහ. රජ තෙම සූවිසි අයස්ථාන සොයමින් පරාජය (වන පිළ) තෝරා ගත්තේ ය. යක්‍ෂ තෙම දිනුම් පිළ තෝරා ගත්තේ ය.
Pali BJT5581. තෙ තත්ථ ජූතෙ උභයො සමාගතෙ රඤ්ඤං සකාසෙ සඛිනඤ්ච මජ්ඣෙ, අජෙසි යක්ඛො නරවිරියසෙට්ඨං තත්ථප්පනාදො තුමුලො බභූව.
Sinhala BJT5581. ඔව්හු දෙදෙන ක්‍රීඩා ශාලාවෙහි දූකෙළි කෙළියහ. රජුන් සමීපයෙහිත් මිතුරන් මැද්දෙහිත් නරවීර වූ ශ්‍රේෂ්ඨ වූ රජු පරදවා යක්‍ෂයා දිනුවේ ය. එහි සූදුවෙහි මම දිනිමි යි ඉමහත් ඝෝෂයක් විය. (නාදය පැතුරුණේ ය.)
Pali BJT5582. ජයො මහාරාජ පරාජයො ච ආයූහතං අඤ්ඤතරස්ස හොති, ජනින්ද ජීනොසි වරං ධනෙන ජිතො ච මෙ ඛිප්පමවාකරොහි.
Sinhala BJT5582. (පූර්‍ණක) රජතුමනි, ජය හෝ පරාජය හෝ ව්‍යායාම කරනුවන් අතුරෙන් එක්තරයකුට වෙයි. නිරිඳුනි, උත්තම ධනයෙන් පිරිහී ගියහු. මා විසින් තෙපි දිනන ලදුව. වහා මට දිනුම දෙව.
Pali BJT5583. හත්ථි ගවාස්සා මණිකුණ්ඩලා ච යං චාපි මය්හං රතනං පථව්යා, ගණ්හාහි කච්චාන වරං ධනානං ආදාය යෙනිච්ඡසි තෙන ගච්ඡ.
Sinhala BJT5583. (රජ) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, පොළොවෙහි මා සතු යම් රත්නසමූහයක් වේ ද කාත්‍යායනය, ඒ ධනය අතුරෙන් උතුම් ධනයක් ගනුව. ගෙන රිසි දිසාවෙකින් යව.
Pali BJT5584. හත්ථි ගවාස්සා මණිකුණ්ඩලා ච යඤ්චාපි තුය්හං රතනං පථව්යා, තෙසං වරො විධුරො නාම කත්තා සො මෙ ජිතො තං මෙ අවාකරොහි.
Sinhala BJT5584. (පූර්‍ණක) ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මිණිකොඬොල් ද, මේ පොළොවෙහි තොප සතු රුවන් රැසක් වේ ද, ඒ ධනයෙන් විධුර නමැති ඇමති තෙම ඉතා උතුමි. හේ මා විසින් දිනන ලද. ඔහු මට පරදු කොට දෙව.
Pali BJT5585. අත්තා ච මෙ සො සරණං ගතී ච දීපො ච ලෙණො ච පරායනො ච, අසන්තුලෙය්යො මම සො ධනෙන පාණෙන මෙ සදිසො එස කත්තා.
Sinhala BJT5585. (රජ) හේ මාගේ පණ ද පිහිට ද ගතිය ද ප්‍රතිෂ්ඨාස්ථානයද ආරක්‍ෂාස්ථානය ද ඉතා උත්තම ප්‍රතිෂ්ඨාස්ථානය ද වෙයි. හේ මාගේ ධනයට සම කළ නො හැක්ක. තෙල, විධුර ඇමති මාගේ පණ හා සම වෙයි.
Pali BJT5586. චිරං විවාදො මම තුය්හමස්ස{1} කාමඤ්ච පුච්ඡාම තමෙව ගන්ත්වා, එසොව නො විචරතු එතමත්ථං යං වක්ඛතී හොතු කථා{2} උභින්නං.
Sinhala BJT5586. (පූර්‍ණක) මාගේ ද තොපගේ ද විවාදය බොහෝ කල් පවත්නේ ය. එහෙයින් ඔබ වෙත ගොස් විචාරමු. තෙල තැනැත්තේ ම මේ කරුණු අපට ප්‍රකාශ කෙරේවා! හේ යමක් කියා ද එය අප දෙදෙනාට ප්‍රමාණ වේවා!
Pali BJT5587. අද්ධා හි සච්චං භණසි න ච මාණව සාහසං, තමෙව ගන්ත්වා පුච්ඡාම තෙන තුස්සාමුභො ජනා.
Sinhala BJT5587. (රජ) මාණවකය, ඒකාන්තයෙන් තොප කියන්නේ සත්‍යයෙක. සැහැසි නො වෙයි. ඔහු වෙත ගොස් අසමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනා තුටු වෙමු.
Pali BJT5588. සච්චන්නු දෙවා විදහු කුරූනං ධම්මෙ ඨිතං විධුරං නාමමච්චං, දාසොසි රඤ්ඤො උදවාසි ඤාතී විධුරොති සඞ්ඛා කතමාසි ලොකෙ.
Sinhala BJT5588. (පූර්‍ණක) කුරු රටෙහි (සත්‍ය) ධර්‍මයෙහි පිහිටි විධුර නමැති ඇමැතියෙක් ඇතැ යි දෙවියෝ කියති. එය සත්‍යයක් ද? (ඔබ) රජුගේ දාසයෙක් ද? නැතහොත් නෑයෙක් ද? ලොවෙහි විධුර යන ප්‍රඥප්තිය කවරකු වී ද?
Pali BJT5589. ආමාය දාසාපි භවන්ති හෙකෙ ධනෙන කීතාපි භවන්ති දාසා, සයම්පි හෙකෙ උපයන්ති දාසා භයා පණුන්නාපි භවන්ති දාසා එතෙ නරානං චතුරොව දාසා.
Sinhala BJT5589. (විධුර පණ්ඩිත) සමහරු ගෙයිදා මිඬිය කුසැ උපන් දාසයෝ ද වෙති. සමහරු මිල දී ගත් දාසයෝ වෙති. සමහරු (තුමූ ම) දාසබවට පත් වූවාහු වෙති. සමහරු බිය නිසා දාසබවට පත් වූවෝ වෙති. මිනිසුන් අතර දාසයෝ සතර කොටසක් ම වෙත්.
Pali BJT5590. අද්ධා හි යොනිතො අහම්පි ජාතො, භවො ච රඤ්ඤො අභවො ච රඤ්ඤො, දාසාහං දෙවස්ස පරම්පි ගන්ත්වා. ධම්මෙන මං මාණව තුය්හං දජ්ජා.
Sinhala BJT5590. ඒකාන්තයෙන් මම ද දාසයෝනියකින් උපන්මි. වැඩ ද රජහට යැ, අවැඩ ද රජහට යැ, දුරුරට ද ගොස් මම දේවයන්ට දාස වෙමි. මාණවකය, රජ තෙම මා දැහැමින් තොපට දෙන්නේ යැ.
Pali BJT5591. අයම්පි දුතියො විජයො මමජ්ජ පුට්ඨො හි කත්තා විවරිත්ථ පඤ්හං. අධම්මරූපො වත රාජසෙට්ඨො සුභාසිතං නානුජානාසි මය්හං.
Sinhala BJT5591. (පූර්‍ණක) අද මාගේ මේ දෙවැනි දිනීම ය, පුළුවුස්නා ලද ඇමැති තෙම මෙම පැනය විසඳී ය. රජතුමා එකත්නෙන් අධර්‍ම ස්වභාව ඇත්තේ ය. විධුර පඬිතුමන්ගේ සුභාෂිතය මට නො අනුදන්නෙහි ය.
Pali BJT5592. එවං චෙ නො සො විවරෙත්ථ{1} පඤ්හං දාසොහමස්මි න ච ඛොස්මි ඤාති, ගණ්හාහි කච්චාන වරං ධනානං ආදාය යෙනිච්ඡසි තෙන ගච්ඡ.
Sinhala BJT5592. (රජ) මම දාසයෙක් වෙමි, නෑයෙක් නො වෙමි යි මෙලෙස අපගේ පැනය විසඳුවේ නම්, මාණවකය, ධන අතුරෙන් උතුම් ම ධනය වූ මොහු ගෙන, කැමති දිසාවකින් යවයි කීය.
Pali BJTඅක්ඛකණ්ඩො.
Sinhala BJTද්‍යුතකාණ්ඩ යි.
Pali BJT5593. විධුර වසමානස්ස ගහට්ඨස්ස සකං ඝරං, ඛෙමා වුත්ති කථං අස්ස කථන්නු අස්ස සඞ්ගහො,
Sinhala BJT5593. (රජ) විධුර පණ්ඩිතයනි, සිය නිවෙසෙහි වෙසෙන ගිහියාට (තම) ආරක්‍ෂාව කෙසේ වන්නේ ද? (චතුර්විධ) සංග්‍රහය කෙසේ වේ ද?
Pali BJT5594. අව්යාපජ්ඣං කථං අස්ස සච්චවාදී ච මාණවො, අස්මා ලොකා පරං ලොකං කථං පෙච්ච{2} න සොචති.
Sinhala BJT5594. කෙසේ නිදුක් වේ ද? කෙසේ සත්‍යවාදී වේ ද? කෙසේ මෙලොවින් පරලොව ගොස් ශෝක නො කෙරේ ද?
Pali BJT5595. තං තත්ථ ගතිමා ධිතිමා මතිමා අත්ථදස්සිමා, සඞ්ඛාතා සබ්බධම්මානං විධුරො එතදබ්රවි:
Sinhala BJT5595. දම්සෙබෙහි ඤාණගති ඇති, ධෛර්‍ය්‍යය ඇති, විපුල ප්‍රඥා ඇති, සූක්‍ෂම අර්‍ත්‍ථ දන්නා නුවණ ඇති හැම දහම් පිරිසිඳ දන්නා නුවණ ඇති විධුර පඬිතෙමේ රජුහට මෙය කී ය:
Pali BJT5596. න සාධාරණදාරස්ස න භුඤ්ජෙ සාදුමෙකකො, න සෙවෙ ලොකායතිකං නෙතං පඤ්ඤාය වද්ධනං.
Sinhala BJT5596. අනුන් අයත් බිරියන් හා වැරැදි හැසිරීම නො කටයුතු. රසවත් අහර තනිව රස නො විඳියයුතු. ඥාන වර්ධනයට හේතු නොවන ලෝකායත ශාස්ත්‍රය නො සෙවියයුතු.
Pali BJT5597. සීලවා වත්තසම්පන්නො අප්පමත්තො විචක්ඛණො, නිවාතවුත්ති අත්ථද්ධො සුරතො සඛිලො මුදු.
Sinhala BJT5597. සිල්වත් වීම ය වත්සපන් වීම ය කුසල්දහම්හි අප්‍රමාද වීම ය තියුණු නුවණැති වීම ය යටත් පැවැත්ම ය මසුරු නො වීම ය සුවච බව ය මිහිරි කථාව ය මොළොක් බව ය (යන මේ ගති) ඇත්තෙක් වන්නේ ය.
Pali BJT5598. සඞ්ගහෙතා ච මිත්තානං සංවිභාගී විධානවා, තප්පෙය්ය අන්නපානෙන සදා සමණබ්රාහ්මණෙ.
Sinhala BJT5598. මිතුරනට සංග්‍රහ කරන්නේ දුගී මගී ආදීන්ට බෙදා දී වළඳනුයේ කටයුතු සංවිධාන කරනුයේ හැම කල්හි මහණ බමුණන් ආහාරපානයෙන් සතුටු කරන්නේ යැ.
Pali BJT5599. ධම්මකාමො සුතාධාරො භවෙය්ය පරිපුච්ඡකො, සක්කච්චං පයිරුපාසෙය්ය සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT5599. දහම් කැමැතිවීම ය දැනීම දියුණු කිරීම සඳහා මහණ බමුණන්ගෙන් පිළිවිසීම (ප්‍රශ්න කිරීම) සිල්වතුන් හා උගතුන් ගෞරව පූර්‍වකව ඇසුරු කිරීම ය (යන මේ කටයුතු) කරන්නේ ය.
Pali BJT5600. ඝරමාවසමානස්ස ගහට්ඨස්ස සකං ඝරං, ඛෙමා වුත්ති සියා එවං එවන්නු අස්ස සඞ්ගහො.
Sinhala BJT5600. සිය නිවසෙහි වෙසෙන ගිහියාගේ ආරක්‍ෂා සහිත පැවැත්ම මෙසේ යැ. ඔහුගේ චතුර්විධ සංග්‍රහය ද මෙසේ වන්නේ ය.
Pali BJT5601. අව්යාපජ්ඣො{4} සියා එවං සච්චචවාදී ච මාණවො, අස්මා ලොකා පරං ලොකං එවං පෙච්ච න සොචති.
Sinhala BJT5601. සත්‍යවාදී මාණවක තෙම මෙසේ (පිළිපැදීම නිසා) ව්‍යාබාධ රහිත වන්නේ ය. මෙලොවින් පරලොවට ගොස් පරලොව දී ශෝක නො කරන්නේ යි.
Pali BJTඝරාවාසපඤ්හො.
Sinhala BJTගෘහවාස ප්‍රශ්න යි.
Pali BJT5602. එහි දානි ගමිස්සාම දින්නො නො ඉස්සරෙන මෙ, මමෙවත්ථං පටිපජ්ජ එස ධම්මො සනන්තනො.
Sinhala BJT5602. ස්වාමියා විසින් තෙපි මට දෙනලද්දාහු යැ. එව දැන් යමු. මාගේ ම අභිවෘද්ධිය පතා පිළිපදින්න (ක්‍රියා කරන්න). මෙය සනාතන ධර්‍මයෙකි. (පෙර සිට පවත්නා නැණවතුන්ගේ ස්වභාවය යි.)
Pali BJT5603. ජානාමි මාණව තයාහමස්මි දින්නොහමස්මි තව ඉස්සරෙන, තීහඤ්ච තං වාසයෙමු අගාරෙ යෙනද්ධුනා අනුසාසෙමු පුත්තෙ.
Sinhala BJT5603. මාණවකය, තා විසින් මම ලබන ලදිමි යි දනිමි. ස්වාමීහු විසින් මම තොපට දෙන ලද්දෙමි. දරුවන්ට අනුශාසනා පිණිස යම් පමණ කල් යේ ද එ පමණ (කල්) තුන් දිනක් අපගේ නිවසේ වසමු.
Pali BJT5604. තං මෙ තථා හොතු වසෙමු තීහං කුරුතං භවං අජ්ජ ඝරෙසු කිච්චං, අනුසාසතං පපුත්තදාරෙ භවජ්ජ යථා තයි පච්ඡා{1} සුඛී භවෙය්ය.
Sinhala BJT5604. තොප කියන ලෙස සියල්ල මට සිදුවේවා. තුන් දවසක් ගෙදර වසමු. පින්වත් තෙමේ, අද ගෘහයේ අනුශාසනා කෙරේවා. තොප ගිය පසු දරුවන්ට සෙත් ලැබෙන්නේ යම් ලෙසකින් නම් එසේ අනුශාසනා කෙරේවා.
Pali BJT5605. සාධූති වත්වාන පහූතකාමො පක්කාමි යක්ඛො විධුරෙන සද්ධිං, තං කුඤ්ජරාජඤ්ඤහයානුචිණ්ණං පාවෙක්ඛි අන්තොපුරමරියසෙට්ඨො.
Sinhala BJT5605. මහාභෝග ඇති යක්‍ෂ තෙම යහපතැයි කියා විධුර පඬිතුමා සමග පිටත් වී. උසස් පැවතුම් ඇති යක්‍ෂතෙමේ ඇතුන් ද අසුන් ද හැසිරෙන අන්තඃපුරයට පිවිසියේ ය.
Pali BJT5606. කොඤ්චං මයූරඤ්ච පියඤ්ච කෙතං උපාගමී තත්ථ සුරම්ම රූපං, පහූත{2}භක්ඛං බහු අන්නපානං මසක්කසාරං විය වාසවස්ස.
Sinhala BJT5606. කොඤ්චය, මයූරය, පියකේතය යන නම් ඇති තුන් ප්‍රාසාදයෝ වෙති. ඒ පහයන් අතරෙන් අතිශය මනෝහර වූ ද බොහෝ ආහාරපාන ඇත්තා වූ ද ශක්‍රයාගේ භවන වැනි වූ ද තමා වෙසෙන පහයට එළැඹියේ ය.
Pali BJT5607. තත්ථ නච්චන්ති ගායන්ති අව්හයන්ති වරා වරං, අච්ඡරා විය දෙවෙසු නාරියො සමලඞ්කතා.
Sinhala BJT5607. එහි දෙව්ලෝහි දෙවඟනන් මෙන් සරසන ලද ස්ත්‍රීහු උතුම් වූ නෘත්‍ය ගීත වාද්‍යයෙන් ඔවුනොවුන්ට ස්පර්ධා කෙරෙති.
Pali BJT5608. සමඞ්ගි කත්වා පමදාහි{3} යක්ඛං අන්නෙන පානෙන ච ධම්මපාලො, අත්තත්ථමෙවානුවිචින්තයන්තො පාවෙක්ඛි භරියාය තදා සකාසෙ.
Sinhala BJT5608. දහම්රක්නා බෝසත් තෙම එදවසැ යක්‍ෂයා මාගමුන් හා ආහාරපානයෙන් ද සමග කොට ස්වකීය අර්‍ත්‍ථය මැ මෙනෙහි කරමින් භාර්‍ය්‍යාව වෙත එළඹියේ ය.
Pali BJT5609. තං චන්දනගන්ධරසානුලිත්තං සුවණ්ණජම්බොනදනික්ඛසාදිසං,{4} භරියංවචා එහි සුණොහි භොති පුත්තානි ආමන්තය තම්බනෙත්තෙ.
Sinhala BJT5609. සඳුන් ගඳ කලල් තවර කළ ජාම්බොනද ස්වර්‍ණ සදෘග ශරීර ඇත්තා වූ බිරිඳ අමතා, පින්වතිය, එව. මාගේ කීම අහන්න. තඹපැහැති නෙත් ඇත්තිය, මාගේ දරුවන් කැඳවයි කීය.
Pali BJT5610. සුත්වාන වාක්යං පතිනො අනුජ්ජා සුනිසං වච තම්බනඛී සුනෙත්තං, ආමන්තය වම්මධරානි{5} චෙතෙ පුත්තානි ඉන්දීවරපුප්ඵසාමෙ.
Sinhala BJT5610. අනුජ්ජා තොමෝ හිමිහු බස් අසා, නිලුපුල්වන් නෙත් ඇති චේතාවෙනි, ආභරණවලින් විභූෂිත මාගේ දරුවන් කැඳවන්නැ යි තඹපැහැති නිය හා මනා ඇස් ඇති යෙහෙළියට කීවා ය.