Pali BJT5417. යෙ කෙචිමෙ මනුජා ජීවලොකෙ යසස්සිනො සබ්බසමන්තභොගා, අසංසයං තෙහි පුරෙ සුචිණ්ණං, කම්මස්සකාසෙ පුථු පබ්බසත්තා.
Sinhala BJT5417. මේ සත්‍වලෝකයෙහි යසස් ඇති පරිපූර්‍ණ සියලු භෝග ඇති යම් කිසි මිනිස් කෙනෙක් වෙත් ද ඔවුන් විසින් නිසැක ව ම පෙරපින් කරන ලද්දේ ය. නානා ප්‍රකාර වූ සියලු සත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ.
Pali BJT5418. ඉඞ්ඝානුචින්තෙසි සයම්පි දෙව කුතො නිදානා තෙ ඉමා ජනින්ද, යා තෙ ඉමා අච්ඡරාසන්නිකාසා අලඞ්කතා කඤ්චනජාලඡන්නා.
Sinhala BJT5418. දේවයන් වහන්ස, තමා ද සිතනු මැනැවැ. ජනෙන්‍ද්‍රය, (රජ්ජුරුවන් වහන්ස,) අප්සරාවන් හා සමාන වූ අලඞ්කෘත වූ රන්දැලින් වසන ලද්දා වූ ඔබගේ යම් මේ (සොළොස් දහසක්) ස්ත්‍රීහු කුමකින් හටගත්තාහු ද?
Pali BJT5419. ඉච්චෙවං පිතරං කඤ්ඤා රුජා තොසෙසි අඞ්ගතිං, මූළ්හස්ස මග්ගමාචික්ඛි ධම්මමක්ඛාසි සුබ්බතා.
Sinhala BJT5419. සුන්‍දර ව්‍රත ඇති රූජා නම් කන්‍යා තොමෝ මෙ පරිද්දෙන් පිය වූ අඞ්ගාති රජු තුටු කරවූ, මුළා වූ රජුට (යහපත් මග) කිවූ, ධර්‍මය පැවැසූ.
Pali BJT5420. අථාගමා බ්රහ්මලොකා නාරදො මානුසිං{1} පජං, ජම්බුදීපං අවෙක්ඛන්තො අද්දා{2} රාජානමඞ්ගතිං.
Sinhala BJT5420. ඉක්බිති නාරද නම් බ්‍රහ්ම තෙම දඹදිව බලන්නේ අඞ්ගාති රජු දිටී. (එහෙයින්) බ්‍රහ්මලෝකයෙන් මනුෂ්‍යප්‍රජාව වෙත එළැඹියේ ය.
Pali BJT5421. තතො පතිට්ඨා පාසාදෙ වෙදෙහස්ස පුරත්ථතො,{3} තඤ්ච දිස්වා අනුප්පත්තං රුජා ඉසිමවන්දථ.
Sinhala BJT5421. ඉක්බිති වේදේහ රජු ඉදිරියෙහි ප්‍රාසාදය සමීපයෙහි (අහසෙහි) සිටියේය. පැමිණි ඔහු දැක රුජා තොමෝ (ඒ) ඍෂිවරයා වැන්දා ය.
Pali BJT5422. අථාසනම්භා ඔරුය්හ රාජා ව්යම්භිතමානසො, නාරදං පරිපුච්ඡන්තො ඉදං වචනමබ්රවි.
Sinhala BJT5422. වැළි රජ බිය වූ සිත් ඇත්තේ අසුනෙන් බැස නාරද (බ්‍රහ්මයා) විචාරන්නේ මෙ වදන් කී ය:
Pali BJT5423. කුතො නු ආගච්ඡසි දෙවවණ්ණි ඔභාසයං සංවරං චන්දිමාව, අක්ඛාහි මෙ පුච්ඡිතො නාමගොත්තං. කථං තං ජානන්ති මනුස්සලොකෙ.
Sinhala BJT5423. දෙවියකු බඳු ශරීරවර්‍ණ ඇති රාත්‍රිය හොබවන චන්‍ද්‍රයා වැනි වූ (තෙපි) කොහි සිට ආවහුද? මා විසින් විචාරන ලද්දේ නම්ගොත් කියව. මිනිස් ලොවැ තොප කෙසේ දනිත් ද?
Pali BJT5424. අහං හි දෙවතො ඉදානි එමි ඔභාසයං සංවරං{4} චන්දිමාව, අක්ඛාමි තෙ පුච්ඡිතො නාමගොත්තං ජානන්ති මං නාරදො කස්සපො ච.{5}
Sinhala BJT5424. මම වනාහි දැන් දෙව්ලොවින් එමි. රාත්‍රිය හොබවන චන්‍ද්‍රයා මෙන් (මෙහි හැසිරෙන්නෙම්) තොප විසින් විචාරන ලද්දෙම් නම්ගොත් කියමි. නමින් නාරද යී ද ගෝත්‍රයෙන් කාශ්‍යප යි ද මා දනිත්.
Pali BJT5425. අච්ඡරියරූපං{6} වත{7} යාදිසඤ්ච වෙහාසයං ගච්ඡසි තිට්ඨසී ච, පුච්ඡාමි තං නාරද එතමත්ථං අථ කෙන වණ්ණෙන තවායමිද්ධි.
Sinhala BJT5425. (තොපගේ) යම්බඳු වූ ශරීරවර්‍ණයක් වේ නම් එය ද තෙපි අහසෙහි යන්නහු ය, සිටිනහු ය, සිටිනහු ය, (යන මෙ) කරුණ ද ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. නාරද ඍෂිවරය, මෙ කරුණ තොප විචාරමි. කවර කරුණෙකින් තොපගේ මේ ඍද්ධිය වී ද?
Pali BJT5426. සච්චඤ්ච ධම්මො ච දමො ච චාගො ගුණා මමෙතෙ පකතා පුරාණා, තෙහෙව ධම්මෙහි සුසෙවිතෙහි මනොජවො යෙනකාමං ගමොස්මි.{1}
Sinhala BJT5426. වාක්සත්‍යය, ත්‍රිවිධ සුචරිත ධර්‍මය හා ධ්‍යාන ධර්‍මය, ඉන්‍ද්‍රිය දමනය, ක්ලේශත්‍යාගය හා දේයධර්‍ම පරිත්‍යාගය යන මේ ගුණයෝ මා විසින් පෙර භවයෙහි මොනොවට පුරුදු කරන ලදහ. මනාව සෙවුනාලද එ (ගුණ) ධර්‍ම හේතුවෙන් රිසි තැනකට යා හැකි මනෝජව (ඉද්ධි බල) ඇත්තේ වෙමි.
Pali BJT5427. අචඡරිය {2}මාචික්ඛසි පුඤ්ඤසිද්ධිං සචෙ හි එතෙ ත්වං යථා වදෙසි, පුච්ඡාමි තං නාරද එතමත්ථං පුට්ඨො ච මෙ සාධු වියාකරොහි.
Sinhala BJT5427. කුශලකර්‍මයන්ගේ ඵලදායක බව ආශ්චර්‍ය්‍ය කොට කියන්නාහු ය. ඉදින් තෙල කරුණු තොප කියන පරිදි වේ නම් නාරද තපස්විනි, මෙ කරුණ තොප විචාරමි. විචාරන ලද්දේ මනා ලෙස මට ප්‍රකාශ කරව.
Pali BJT5428. පුච්ඡස්සු මං රාජ තවෙස අත්ථො යං සංසයං කුරුසෙ භූමිපාල, අහං තං නිස්සංසයතං ගමෙමි. නයෙහි ඤායෙහි ච හෙතුභී ච.
Sinhala BJT5428. භූමිපාලය, (යම් කරුණෙක්හි) යම් සැකයක් කෙරෙහි ද, මහරජ, තොපගේ ඒ කාරණය මා විචාරව. කාරණයෙන් ද, නුවණින් ද ප්‍රත්‍යයෙන් ද මම තොප නිසැක බවට පමුණුවමි.
Pali BJT5429. පුච්ඡාමි තං නාරද එතමත්ථං පුට්ඨො ච මෙ නාරද මා මුසා භණ, අත්ථි නු දෙවා පිතරො නු අත්ථි ලොකො පරො අත්ථි ජනො යමාහු.
Sinhala BJT5429. නාරද මුනිවරය, ඒ කරුණ තොප විචාරමි. නාරද මුනිවරය, මා විසින් විචාරන ලද්දේ මුසා නො කියව. ජනයා යමක් කියා ද (එබඳු) දෙවියෝ ඇත් ද? පරලොව ඇත් ද?
Pali BJT5430. අත්ථෙව දෙවා පිතරො ච අත්ථි ලොකො පරො අත්ථි ජනො යමාහු, කාමෙසු ගිද්ධා ච නරා පමූළ්හා ලොකං පරං න විදූ මොහයුත්තා.
Sinhala BJT5430. (මහරජ) ජනයා යමක් කියා ද? (එබඳු) දෙවියෝ ඇත් ම ය. මව්පියෝ ද ඇත් ම ය. පරලොව ද ඇත්තේ ම ය. කාමයන්හි ගිජු වූ මෝහයෙන් යුක්ත වූ අතිශයින්ම මුළා වූ දනෝ පරලොව නො දනිත්.
Pali BJT5431. අත්ථිති චෙ නාරද සද්දහාසි නිවෙසනං පරලොකෙ මතානං, ඉධෙව මෙ පඤ්චසතානි දෙහි දස්සාමි තෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5431. නාරද තවුසාණෙනි, ඉදින් මළවුන් සඳහා පරලොව නිවෙසක් ඇතියි හදහවු නම් මට මෙලොව දී (කහවණු) පන්සියයක් දෙව. තොපට පරලොව දී (කහවණු) දහසක් දෙන්නෙමි.
Pali BJT5432. දජ්ජෙමු ඛො පඤ්චසතානි භොතො ජඤ්ඤාමු චෙ සීලවන්තං වදඤ්ඤුං, ලුද්දං තං භොන්තං නිරයෙ වසන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5432. ඉදින් (තොප) සිල්වතෙක, (මහණ බමුණන්ගේ) අදහස දන්නෙකැයි දනුමෝ නම් භවත්හට (කහවණු) පන්සියයක් (පොලියට) දෙම්හ. රෞද්‍ර ක්‍රියා ඇත්තා වූ නිරයෙහි වසන්නා වූ තොප (කරා එළඹ) පරලොව දී කවරෙක් දහසක් ඉල්ලන්නේ ද?
Pali BJT5433. ඉධෙව යො හොති අධම්මසීලො පාපාචාරො{3} අලසො ලුද්දකම්මො, න පණ්ඩිතා තස්මිං ඉණං දදන්ති නහි ආගමො හොති තථාවිධම්භා.
Sinhala BJT5433. යමෙක් මෙලොව දී ම නො දැහැමි ස්වභාව ඇත්තේ ද පවිටු හැසිරීම් ඇත්තේ ද අලස වූයේ ද රෞද්‍රක්‍රියා ඇත්තේ ද නුවණැත්තෝ ඔහුට ණය නො දෙත්. එබඳු තැනැත්තාගෙන් ණය ආපසු ලැබීමක් නො වේ.
Pali BJT5434. දක්ඛඤ්ච පොසං මනුජා විදිත්වා උට්ඨාහකං{1} සීලවන්තං වදඤ්ඤුං, සයමෙව භොගෙහි නිමන්තයන්ති කම්මං කරිත්වා පුනමාහරෙසි.
Sinhala BJT5434. (ධනය ඉපදවීමෙහි) දක්‍ෂ වූ උත්සාහවත් වූ සිල්වත් වූ සත්‍ය වචන ඇති පුරුෂයා දැන (ධනවත්හු), (තොපගේ) කර්‍මාන්ත කොට (අපගේ ධනය) පසුව ගෙනෙව’යි තුමූ ම ධනයෙන් පවරත්.
Pali BJT5435. ඉතො ගතො{2} දක්ඛසි තත්ථ රාජ කාකොලසඞ්ඝෙහිපි කඩ්ඪමානං,{3} තං ඛජ්ජමානං නිරයෙ වසන්තං කාකෙහි ගිජ්ඣෙහි ච සෙණකෙහි සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5435. මහරජ, මෙයින් ච්‍යුත වූයේ එහි (නිරයෙහි) ලෝතුඩු ඇති කපුටු සමූහයා විසින් අදිනුලබන්නේ දක්නෙ හිය. කවුඩන් ගිජුලිහිණියන් හා උකුස්සන් විසින් කනු ලබන සිඳින ලද සිරුර ඇති ව නිරයෙහි වෙසෙන ලේ වැගිරෙන (තොපගෙන්) පරලොව දී කවරෙක් නම් කහවණු දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5436. අන්ධංතමං තත්ථ න චන්දසුරියා නිරයො සදා තුමුලො ඝොරරූපො. සා නෙව රත්ති න දිවා පඤ්ඤායති තථාවිධෙ කො විචරෙ ධනත්ථිකො.
Sinhala BJT5436. එහි (ඒ ලෝකාන්තරික නරකයෙහි චක්‍ෂුර්විඥානයාගේ උත්පත්තිය වළකන) අතිශය අන්‍ධකාරය ඇත්තේ ය. සඳහිරු නැත්තා හ. ඒ නිරය හැමකල්හි ඝන වූ අන්‍ධකාරයෙන් යුක්ත ය. භයානක ස්වරූප ඇත්තේ ය. (මෙහි යම් රාත්‍රියක් වේ ද) ඒ රාත්‍රිය ද නැත්තේ ය. දිවා කාලය ද නො පැනේ. එබඳු තැනෙක ධනය කැමති කවරෙක් හැසිරෙන්නේ ද?
Pali BJT5437. සබලො ච සාමො ච දුවෙ සුපාණා{4} පවද්ධකායා බලිනො මහන්තා, ඛාදන්ති දන්තෙහි අයොමයෙහි ඉතො පනුණ්ණං පරලොකපත්තං.{5}
Sinhala BJT5437. මහත් වූ ශක්තිමත් වූ ඉතා වැඩුණු කය ඇති කඹුරුවන් වූ ද ශ්‍යාම වර්‍ණ වූ ද සුනඛයෝ දෙදෙනෙක් මෙලොවින් ච්‍යුත වැ පරලොව යන්නහු අයෝමය දත්වලින් කති.
Pali BJT5438. තං ඛජ්ජමානං නිරයෙ වසන්තං ලුද්දෙහි වාළෙහි අඝම්මිගෙහි ච, සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5438. නිරයෙහි වෙසෙන දරුණු වූ දුෂ්ට වූ දුක් එළවන්නා වූ (ඒ) සුනඛයන් විසින් කනු ලබන සිඳුණ සිරුර ඇති ලේ වැගිරෙන ඔහු ගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5439. උසූහි සත්තීහි සුනිස්සිතාහි හනන්ති විජ්ඣන්ති ච පච්චමිත්තා කාළුපකාළා නිරයම්හි ඝොරෙ පුබ්බෙ නරං දුක්කතකම්මකාරිං.
Sinhala BJT5439. ඝෝර වූ කාලූපකාල{*} නම් නිරයෙහි පසමිතුරු වූ එනම් ඇති නිරයපල්ලෝ පෙර (මිසදිටු ගැනුම නම් වූ) පව්කම් කළ මිනිසාට මොනොවට තියුණු කළ හීයෙන් ද අඩයටියෙන් ද පහර දෙත්. විදීම ද කෙරෙත්.
Pali BJT5440. තං හඤ්ඤමානං නිරයෙ වජන්තං කුච්ඡිස්මිං පස්සස්මිං විඵාලිතූදරං, සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදෙයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5440. නිරයෙහි (ඔබමොබ) හැසිරෙන්නා වූ කුසෙහි ඇලයෙහි ද පහර දෙනු ලබන්නා වූ පළන ලද උදර ඇති සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොපගෙන් පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5441. සත්තී උසූ තොමරභෙණ්ඩිවාලා{1} විවිධාවුධං වස්සති තත්ථ දෙවො, පතන්ති අඞ්ගාරමිවචවිමන්තො සිලාසනී වස්සති ලුද්දකම්මෙ.
Sinhala BJT5441. ඒ නිරයෙහි අඩයටි ඊ තෝමර හෙල්ල යන විවිධ ආයුධයුතු වැසි වසී, දිලියෙන අඟුරු මෙන් ගිනිදැල් සහිත ආයුධ පව්කරන්නන් මත වැටෙයි, හෙණ මෙන් ගිනි ගෙන දිලියෙන ගල් වැසි වසී.
Pali BJT5442. උණ්හො ච වාතො නිරයම්හි දුස්සහො න තහිං සුඛං ලබ්භති ඉත්තරම්පි, තං තං විධාවන්තමලෙනමාතුරං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5442. ඒ නිරයෙහි නො ඉසිලිය හැකි උණුසුම් වාතය ඇත්තේ ය. එහි අල්ප වූ ද සුවයෙක් නො ලැබේ. සැඟවෙන තැන් නැති වැ පීඩාවට පත් වැ ඒ ඒ තැන දිවෙන තොප (තොපගෙන්) (ඒ) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5443. සන්ධාවමානං තං රථෙසු යුත්තං සජොතිභූතං{2} පඨවිං කමන්තං, පතොදලට්ඨිහි{3} සුචොදියන්තං{4} කො චොදයෙ පරිලොකෙ සහස්සං.
Sinhala BJT5443. රථයන්හි යොදන ලදුව දුවන්නා වූ ගින්නෙන් දිලියෙන පොළොවෙහි ඇවිදිනා වූ කෙවිටි දඬුවලින් මෙහෙයවනුලබන්නා වූ තොප (තොපගෙන්) පරලොව දී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5444. තමාරුහන්තං ඛුරසඤ්චිතං ගිරිං විභිංසනං පජ්ජලිතං භයානකං, සඤඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5444. පරලොව දී කරමුවහතින් ගැවසීගත් දුටුවන් බිය උපදවන ගින්නෙන් දිලියෙන භයානක පර්‍වතයට නගින්නා වූ සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොප (තොපගෙන්) කවරෙක් නම් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5445. තමාරුහන්තං පබ්බතසන්තිකාසං අඞ්ගාරරාසිං ජලිතං භයානකං, සංදඩ්ඪගත්තං{5} කපණං රුදන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5445. පරලොව දී ගින්නෙන් දිලෙන භයානක පර්‍වතයක් වැනි අඟුරුරැසට නගින්නා වූ මොනොවට දැවුණු සිරුරු ඇති බැගෑපත් වැ හඬන්නා වූ තොප (තොපගෙන්) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5446. අබ්භකූටසමා උච්චා කණ්ටකාපචිතා{6} දුමා, අයොමයෙහි තික්ඛෙහි නරලොහිතපායිහි.
Sinhala BJT5446. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ අයෝමය තියුණු කටුවලින් ගැවසීගත් වෘක්‍ෂයෝ මේකුළු මෙන් ඉතා උස් වෙති.
Pali BJT5447. තමාරුහන්ති නාරියො නරා ච පරදාරගු, චොදිතාසන්ති හත්ථෙහි යමනිද්දෙසකාරිහි.
Sinhala BJT5447. පරදාරගමන පාපකර්‍මයෙහි යෙදුණු ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අඩයටිගත් අත් ඇති යමගේ නියෝග ඉටුකරන්නන් (යම පල්ලන්) විසින් මෙහෙයනලද්දහු ඒ රුකට නගිත්.
Pali BJT5448. තමාරුහන්තං නිරයං සිම්බලිං රුහිරමක්ඛිතං, විදඩ්ඪකායං විතවං ආතුරං ගාළ්හවෙදනං.
Sinhala BJT5448-5449. නිරයෙහි ඇති ඒ ඉඹුල්රුකට නැගෙන්නා වූ ලේ වැකුණු සමින් තොර වූ කඩකඩ වූ කය ඇති පීඩිත වූ දැඩි වේදනා ඇති මොහොතක් පාසා උණුසුම් සුසුම් හෙළන පෙර කළ පව් කම් නැමැති අපරාධ ඇති රුක් අගින් හා වෙළෙප් අගින් පහරනලද තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
Pali BJT5449. පස්සසන්තං මුහුං උණ්හං පුබ්බකම්මාපරාධිකං,{7} දුමග්ගවිටපග්ගහතං{8} කො තං යාචෙය්ය තං ධනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5450. අබ්භකූටසමා උච්චා අසිපත්තාචිතා{1} දුමා, අයොමයෙහි තික්ඛෙහි නරලොහිතපායිහි.
Sinhala BJT5450. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ තියුණු වූ අයෝමය අසිපත්‍රයන්ගෙන් ගැවසීගත් වෘක්‍ෂයෝ මේඝකූට මෙන් ඉතා උස්වැ සිටුනාහ.
Pali BJT5451. තමානුපත්තං{2} අසිපත්තපාදපං අසීහි තික්ඛෙහි ච ඡිජ්ජමානං,{3} සංඡින්නගත්තං රුහිරං සවන්තං කො චොදයෙ පරලොකෙ සහස්සං.
Sinhala BJT5451. පරලොවදී තියුණු අසිපත්වලින් සිඳිනු ලබන කැපුණු සිරුර ඇති වැ ලේ වගුරුවමින් ඒ අසිපත්රුක් වෙත එළඹෙන තොප (වෙත පැමිණ) කවරෙක් (කහවණු) දහසක් ඉල්වන්නේ ද?
Pali BJT5452. තතො නික්ඛන්තමත්තං{4} තං අසිපත්තනිරයා{5} දුඛා,{6} සම්පතිතං වෙතරණිං{7} කො තං යාචෙය්ය තං ධනං.
Sinhala BJT5452. දුක් වූ ඒ අසිපත් නිරයෙන් නික්මුණු පමණෙකින් ම වේතරණී නදියට වැටුණු තොප වෙත එළැඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
Pali BJT5453. ඛරා ඛාරොදිකා{8} නත්තා දුග්ගා වෙතරණී නදී, අයොපොක්ඛරසඤඡන්නා තික්ඛපත්තෙතහි සන්දති.
Sinhala BJT5453. පරුෂ වූ කරදියෙන් යුත් රත් වූ (එහෙයින් ම) දුදුළු වූ වේතරණී නදිය අයෝමය පොකුරු පතින් ගැවසුණි තියුණු පතින් යුතු ව ගලයි.
Pali BJT5454. තත්ථ සඤඡින්නගත්තං තං වුය්හන්තං රුහිරමක්ඛිතං, වෙතරඤ්ඤෙ{9} අනාලම්බෙ කො තං යාචෙය්ය තං ධනං.
Sinhala BJT5454. එල්බෙන පිළිසරණක් නැති ඒ වේතරණී නදීජලයෙහි ඔසොවා ගෙනයනුලබන කැපුණු සිරුරු ඇති ලේ තැවැරුණු තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
Pali BJT5455. වෙධාමි රුක්ඛො විය ඡිජ්ජමානො දිසං න ජානාමි පමූළ්හසඤ්ඤි,{10} භයසානුතප්පාමි මහා ච{11} මෙ භයං සුත්ථාන ගාථා{12} තව භාසිතා ඉසෙ.
Sinhala BJT5455. මුනිවරය, තොප විසින් කියන ලද ගාථා අසා සිඳිනුලබන ගසක් මෙන් සැලෙමි. වෙසෙසින් මුළා වූ සිහි ඇත්තෙම් දිසාවන් නො දනිමි. බියෙන් තැවෙමි. මාගේ බිය ඉතා මහත් ය.
Pali BJT5456. ආදිත්තෙ වාරිමජ්ඣංව දීපංවොඝෙරිවණ්ණවෙ, අන්ධකාරෙව පජ්ජොතො ත්වං නොසි සරණං ඉසෙ.
Sinhala BJT5456. ඍෂින් වහන්ස, දැවුණු කය ඇති කල්හි දිය මැදට පැමිණීම මෙන් ද, සැඬ දියපහරෙහි හෝ සයුරෙහි හෝ දිවයිනක් මෙන් ද, අඳුරෙහි පහනක් මෙන් ද තොපි ම අපට පිහිට වන්නාහු ය.
Pali BJT5457. අත්ථඤ්ච ධම්මඤ්චනුසාස මං ඉසෙ අතීතමද්ධා අපරාධිතං මයා, ආචික්ඛ මෙ නාරද සුද්ධිමග්ගං යථා අහං{13} නො නිරයෙ{14} පතෙය්යං.
Sinhala BJT5457. ඍෂීන් වහන්ස, අර්‍ත්‍ථයෙන් ද ධර්‍මයෙන් ද මට අනුශාසනා කළ මැනව. ගියදවස මා විසින් අපරාධ කරනලද. නාරද මුනිවරය, යම්සේ මම නිරයෙහි නො වැටෙම් ද එබඳු ශුද්ධිමාර්‍ගය (යහපත්මඟ) මට කියනු මැනව.
Pali BJT5458. යථා අහූ ධතරට්ඨො වෙස්සාමිත්තො අට්ඨකො යාමතග්ගි{15} උසින්නරො{16} චාපි සිවී ච රාජා පරිචාරකා{17} සමණබ්රාහ්මණානං.
Sinhala BJT5458. ධතරට්ඨ ය, වෙස්සාමිත්ත ය, අට්ඨක ය, යාමතග්ගි ය, උසින්නර ය, සිවි ය යන රජවරු යම්සේ මහණබමුණන්ට යුතුකම් ඉටු කරන්නෝ වූහු ද,
Pali BJT5459. එතෙ චඤ්ඤෙ ච රාජානො යෙ සක්කවිසයං{1} ගතා, අධම්මං පරිවජ්ජෙත්වා ධම්මං චර මහීපති.
Sinhala BJT5459. (ධතරට්ඨාදි) මොහු ද (එබඳු) අන් යම් රජහු ද (ධර්‍මයෙහි හැසිර) ශක්‍රයාගේ විෂයට ගියාහු නම් මිහිපතිතුමනි, (එසෙයින් තෙපිදු) අධර්‍මය දුරුකොට ධර්‍මයෙහි හැසිරෙව.
Pali BJT5460. අන්නහත්ථා ච තෙ ව්යම්හෙ ඝොසයන්තු පුරෙ තව, කො ඡාතො කො ච තසිතො කො මාලං කො විලෙපනං, නානාරත්තානං වත්ථානං කො නග්ගො පරිදහෙස්සති.{2}
Sinhala BJT5460. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පිපාසා ඇත්තේ ද කවරෙක් මල්දම් රුස්නේ ද කවරෙක් විලෙවුන් රිසි වේ ද නග්න වූ කවරෙක් නන් පැහැයෙන් රඳනාලද වස්ත්‍ර හඳින්නේ දැ යි (කියමින්) අහරගත් අත් ඇති පුරුෂයෝ තොපගේ බවනෙහි ද පුරෙහි ද ඝෝෂා කෙරෙත්වා.
Pali BJT5461. කො පන්ථෙ ඡත්තමාදෙති පාදුකා ච{3} මුදු සුභා, ඉති සායඤ්ච පාතො ච ඝොසයන්තු පුරෙ තව.
Sinhala BJT5461. කවරෙක් මහමඟ ඡත්‍ර දරන්නේ ද කවරෙක් මොළොක් වූ යහපත් පාවහන් කැමැත්තේ දැ යි මෙසේ තොපගේ පුරයෙහි උදේ සවස ඝෝෂා කෙරෙත්වා.
Pali BJT5462. ජිණ්ණං පොසං ගවාස්සඤ්ච මාස්සු යුඤ්ජි{4} යථා පුරෙ, පරිහාරඤ්ච දජ්ජාසි අධිකාරකතො ඛලි.
Sinhala BJT5462. (යමෙක්) පෙර බලවත් වූයේ කළ අධිකාර ඇත්තේ ද (රාජකාර්‍ය්‍යය ඉටුකිරීම් වශයෙන් කළ උපකාර ඇත්තේ වේ ද) ජරාවට පත් වූ (ඒ) අමාත්‍යාදීන් ද ගව–අශ්ව ආදීන් ද පෝෂණය කරන්නේ ඔවුන් පෙර මෙන් (කර්‍මාන්තයන්හි) නො යොදව. (ඔවුන්ට බත් වැටුප් ආදි) පෙරහර ද දෙව.
Pali BJT5463. කායො තෙ රථසඤ්ඤාතො මනොසාරථිකො ලහු, අවිහිංසාසාරිතක්ඛො සංවිභාගපටිච්ඡදො.
Sinhala BJT5463. (මහරජ), තොපගේ කය රියක් වැන්න. (එහි) සැහැල්ලු වූ මනස ම රියැදුරු යැ. අවිහිංසා නමැති මනා කොට නිමවන ලද අකුරු ඇත්තේ ය. බෙදා වැළඳීම ම රථපරිවාර වෙයි.
Pali BJT5464. පාදසඤ්ඤමනෙමියො හත්ථසඤ්ඤමපක්ඛරො, කුච්ඡිසඤ්ඤමනබ්භන්තො වාචාසඤ්ඤමකූජනො.{5}
Sinhala BJT5464. පාදයසංයමය එහි නිම්වළලු යැ. හස්ත සංයම නමැති වෙහෙලි පත් ඇත්තේ ය. පමණ දැන වැළඳීම නමැති තෙල් ගැල්වීම් ඇත්තේ ය. වාක්සංයම නමැති නිහඬබව වෙයි.
Pali BJT5465. සච්චවාක්යසමත්තඞ්ගො අපෙසුඤ්ඤසුසඤ්ඤතො, ගිරාසඛිලනෙලඞ්ගො මිතභාණිසිලෙසිතො.
Sinhala BJT5465. සත්‍යවාක්‍ය නමැති පිරිපුන් අවයව ඇත්තේ ය. කේලාම් නො කීම නමැති මනා සටහන් ඇත්තේ ය. මටසිලුටු වචන නමැති නිදොස් රථාඞ්ග ඇත්තේ ය. පමණ දැන බිණීම නමැති බඳනා ලාටු ඇත්තේ ය.
Pali BJT5466. සද්ධාලොහසුසඞ්ඛාරො නිවාතඤ්ජලිකුබ්බරො, අත්ථද්ධතානතීසාඛො{6} සීලසංවරනන්ධනො.
Sinhala BJT5466. ශ්‍රද්ධාව හා අලෝභය නමැති මනා අලඞ්කාරයෙන් යුක්ත ය. යටත් පැවතුම් හා ඇඳිලිබැඳීම් සංඛ්‍යාත (රිය දෙපස) කිඹුල්තලු ඇත්තේ ය. නො දැඩිබව නමැති නැමුණු රියහිස ඇත්තේ ය. සීලසංවර නමැති රැහැණ ඇත්තේ ය.
Pali BJT5467. අක්කොධනමනුග්ඝාතී ධම්මපණ්ඩරඡත්තකො, බාහුසච්චමපාලම්බො{7} ඨිතචිත්තමුපාධියො.
Sinhala BJT5467. ක්‍රෝධ නො කිරීම නමැති නො හැකිළීම් ඇත්තේ ය. දශ කුශලධර්‍ම නමැති සේසතින් යුක්ත ය. බොහෝ ඇසූපිරූ තැන් ඇති බව නමැති ආධාරක පුවරු (පිටාටු) ඇත්තේ ය. (අටලෝ දහමින් නො සැලෙන බැවින්) මනාව පිහිටි සිත් නමැති සිහසුන් හෝ උඩ ඇතිරි ඇත්තේ ය.
Pali BJT5468. කාලඤ්ඤුතාවිත්තසාරො වෙසාරජ්ජතිදණ්ඩකො, නිවාතවුත්ති යොත්තකො{1} අනතිමානයුගො ලහු.
Sinhala BJT5468. කල්දැන කරනලද කුසලින් යුත් වූ සිත් නමැති සාරයෙන් යුක්තය, විසාරදබව (බුහුටිබව) නමැති ත්‍රිදණ්ඩයෙන් යුක්ත ය, යටත් පැවතුම් නමැති යොත් ඇත්තේ ය, අධිකමාන නො කිරීම නමැති සැහැල්ලු වියදඬු ඇත්තේ ය.
Pali BJT5469. අලීනචිත්තසන්ථාරො{2} වද්ධසෙවිරජොහතො,{3} සතිපතොදො ධීරස්ස ධිති යොගො ච රස්මියො.
Sinhala BJT5469. නො පසුබස්නා සිත් නමැති ඇතිරි ඇත්තේ ය. නුවණැති වෘද්ධයන් සෙවීමෙන් නසන ලද රජස් ඇත්තේ ය. පණ්ඩිත වූ තොපගේ සිහි නමැති කැවිටි ඇත්තේ ය, (නො සිඳි පවත්නා) වීර්‍ය්‍යය ද (හිත ප්‍රතිපත්තියෙහි යෙදීම නම් වූ) යෝගය ද රැහැණ වෙයි.
Pali BJT5470. මනො දන්තපථත්වෙති{4} සමදන්තෙහි වාහිභී,{5} ඉච්ඡා ලොභො ච කුම්මග්ගො උජුමග්ගො ච සඤ්ඤමො.
Sinhala BJT5470. මොනොවට දැමුණු අසුන්ගෙන් යුත් (රියක් මෙන් තොප ගේ) දැමුණු සිත යහපත් මඟ අනුව යෙයි. (නො ලද දෑ පැතීම නම් වූ) ඉච්ඡාව ද (ලද දැයෙහි) ලෝභය ද නො මග නම් වෙයි. සීලසංයමය ම සුමග වෙයි.
Pali BJT5471. රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ වාහනස්ස පධාවතො, පඤ්ඤා ආකොටනී රාජ තථෙ අත්තාව සාරථි.
Sinhala BJT5471. රූප ශබ්ද ගන්‍ධ රසයන් කරා දිවෙන (තොපගේ කය නමැති) වාහනයාගේ (ලෝභාදි අකුසලධර්‍ම නමැති අශ්වයන් වැළකීම සඳහා) පහරදීම කරන්නී ප්‍රඥාවයි. මහරජ, එහි තෙමේ මැ රියැදුරු වෙයි.
Pali BJT5472. සචෙ එතෙන යානෙන සමචරියා දළ්හා ධිතී, සබ්බකාමදුහො රාජ න ජාතු නිරයං වජෙ.
Sinhala BJT5472. මහරජ, යම්හෙයකින් මේ යානය කැමැති සම්පත් දෙන්නේ ද (එහෙයින් යමකුගේ) සමචරියාව ත් නො පසුබස්නා වීර්‍ය්‍යය ත් දැඩි වූයේ ද හෙතෙම මේ යානයෙන් ඒකාන්තයෙන් කිසිකලෙකත් නිරයට නො පැමිණෙන්නේ ය.
Pali BJT5473. අලාතො දෙවදත්තොසි සුනාමො ආසි භද්දජී, විජයො සාරිපුත්තොසි මොග්ගල්ලානොසි බීජකො.
Sinhala BJT5473. (මෙකල) දේවදත්ත (එකල) අලාත විය. භද්දජි (භද්දිය තෙරුන් වහන්සේ) සුනාම නම් (ඇමති) විය. සැරියුත් තෙරණුවෝ විජය නම් ඇමති වූහ. මුගලන් තෙරණුවෝ බීජක නම් වූහ.
Pali BJT5474. සුනකඛන්තො ලිච්ඡවීපුත්තො ගුණො ආසි අචෙලකො, ආනන්දො ච රුජා{6} ආසි යා රාජානං පසාදයි.
Sinhala BJT5474. සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර ගුණ නම් අචේලක විය. යම් රජ දුවක් රජු පැහැද වූ ද ඒ රුජා නම් රජ දූ ආනන්‍ද තෙරණුවෝ ය.
Pali BJT5475. උරුවෙලකස්සපො රාජා පාපදිට්ඨි තදා අහු, මහාබ්රහ්මා බොධිසත්තො එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT5475. උරුවේලකස්සප තෙරුන් වහන්සේ එකල පාපදෘෂ්ටිගත් රජ වූහ. බෝධිසත්‍වයෝ (නාරද නම්) මහාබ්‍රහ්ම වූහු. මෙසේ (මේ) ජාතකය දරවු.
Pali BJTමහානාරදකස්සපජාතකං සත්තමං.
Sinhala BJTසත්වැනි මහා නාරද කාශ්‍යප ජාතක යි
Pali BJT8. විධුරජාතකං
Sinhala BJT8. විධුර ජාතකය
Pali BJT5476. යො කොපනෙය්යෙ න කරොති කොපං න කුජ්ඣති සප්පුරිසො කදාචි, කුද්ධොපි යො නාවිකරොති කොපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT5476. (වරුණ නා රජ) සත්පුරුෂ වූ යමෙක් කිපියයුත්තහු කෙරෙහි නො කිපේ ද කිසිකලෙකත් කෝප නො කරන්නේ ද යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
Pali BJT5477. ඌනූදරො යො සහතෙ ජිඝච්ඡං දන්තො තපස්සී මිතපාණභොජනො, ආහාරහෙතු න කරොති පාපං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT5477. (ගුරුළු රජ) මඳ අහර ඇති යමෙක් සාගිනි ඉවසා ද, ඉන්‍ද්‍රිය දමනයෙන් හා තවුස් ගුණෙන් යුතුවූයේ පමණ දැන ආහාර පාන වළඳා ද, සාගින්න හේතුකොට පාපක්‍රියා නො කෙරේ ද ඒ මිනිසා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
Pali BJT5478. ඛිඩ්ඩං රතිං විප්පජහෙත්ව බ්බං න චාලිකං භාසති කිඤ්චි ලොකෙ, විභූසනට්ඨානා විරතො මෙථුනස්මා තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT5478. (සක්දෙවු රජ) යමෙක් කායික වාචසික ක්‍රීඩා ද දිව්‍ය කාමසුඛයෙහි ඇල්ම ද හැරපියා ස්වල්ප වූ හෝ බොරු නො කියා කාය මණ්ඩනයෙන් හා මෛථුනයෙන් වැළකුණේ ද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ශ්‍රමණයෙකැ යි ලොවැ පඬිවරු කියති.
Pali BJT5479. පරිග්ගහං ලොභධම්මඤ්ච සබ්බං යෙ වෙ පරිඤ්ඤාය පරිච්චජන්ති, දන්තං ඨිතත්තං අමමං නිරාසං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT5479. (ධනඤ්ජය රජ) තමන් සන්තක ලෝභ කටයුතු සියලු වස්තූන් හැරදමා ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්තව සිත එකඟ කොටැ ගත් මමත්‍වය නැති කර ගත් ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයෙකැ යි ලෙව්හි පඬිවරු කියති.
Pali BJT5480. පුච්ඡාම කත්තාරං අනොමපඤ්ඤං ගාථාසු නො විග්ගහො අත්ථි ජාතො, ඡින්දජ්ජ කඞ්ඛං විචිකිච්ඡිතානි තයජ්ජ කඞ්ඛං විතරෙමු සබ්බෙ.
Sinhala BJT5480. අලාමක නුවණැති, කළමනා දෙය කරන (තොප) විචාරමි. අප කී ගාථාවන් නිසා උපන් විවාදයෙක් ඇත. අපේ සැකය දැන් පසිඳුව. තොප නිසා අද (අපි) සියල්ලෝ සැක රහිත වෙමු. (සිවුදෙනම විධුර පණ්ඩිතයන් පුළුවුත්හ.)
Pali BJT5481. යෙ පණ්ඩිතා අත්ථදස්සා භවන්ති භාසන්ති තෙ යොනිසො තත්ථ කාලෙ, කථන්නු ගාථානං අභාසිතානං අත්ථං නයෙය්යුං කුසලා ජනින්ද.
Sinhala BJT5481. (කී දෙයෙහි) අරුත් දක්නට සමත් යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද ඔහු ඒ විවාදය නුවණින් විමසා යථා කාලයෙහි පවසති. රජතුමනි, නො කී ගාථාවන්ගේ අර්‍ත්‍ථය දක්‍ෂතා ඇත්තෝ වුවත් කෙසේ පමුණුවත් ද? (ඉදිරිපත් කෙරෙත් ද?)
Pali BJT5482. කථං භවෙ භාසති නාගරාජා කථං පන ගරුළො වෙනතෙය්යො, ගන්ධබ්බරාජා පන කිං වදෙති කථං පන කුරූනං රාජසෙට්ඨො.
Sinhala BJT5482. නාගරාජයා කෙසේ කියා ද? වෙනතෙය්‍ය නමැති ගුරුළා කෙසේ කියා ද? ශක්‍රයා කුමක් කියා ද? කුරුරට වාසීන්ගේ ධනඤ්ජය රජ කෙසේ කියා දැයි (විධුර පණ්ඩිත ඔවුන් විචාළේය.)
Pali BJT5483. ඛන්තිං හවෙ භාසති නාගරාජා අප්පාහාරං ගරුළො වෙනතෙය්යො, ගන්ධබ්බරාජා රතිවිප්පහානං අකිඤ්චනං කුරුනං රාජසෙට්ඨො.
Sinhala BJT5483. ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය යි නාගරාජයා කිය යි. වෙනතෙය්‍ය නමැති ගුරුළා ස්වල්ප ආහාරය (ගැනීම) උතුම්ය යි කිය යි. පස්කම් සැපතෙහි ආශාව දුරු කිරීම උතුම්ය යි ශක්‍රයා කිය යි. කුරුරට වැස්සන්ගේ රජතෙම පළිබෝධ රහිත බව උතුම්ය යි කිය යි.
Pali BJT5484. සබ්බානි එතානි සුභාසිතානි න හෙත්ථ දුබ්භාසිතමත්ථි කිඤ්චි, යස්මිඤ්ච එතානි පතිට්ඨිතානි අරාව නාභ්යා සුසමොහිතානි, චතුබ්භි ධම්මෙහි සමඞ්ගිභූතං තං වෙ නරං සමණං ආහු ලොකෙ.
Sinhala BJT5484. (විධුර පණ්ඩිත) මේ සියල්ල සුභාෂිත යැ. දුබැසි කිසිත් මෙහි නැති. චක්‍රනාභියෙහි අර ලෙසින් මේ ගුණදම් යමකු කෙරෙහි පිහිටා තිබේ ද, ඉවසීම ආදි (මේ) ගුණදම් සතරින් හෙබි පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණය යි ලොවැ (පඬිවරු) කියතියි කීය.
Pali BJT5485. තුවන්නු සෙට්ඨො ත්වමනුත්තරොසි ත්වං ධම්මගූ ධම්මවිදූ සුමෙධො පඤ්ඤාය පඤ්හං සමධිග්ගහෙත්වා, අච්ඡෙච්ඡි ධීරො විචිකිච්ඡිතානි අච්ඡෙච්ඡි කඞ්ඛං විචිකිච්ඡිතානි චුන්දො යථා නාගදන්තං ඛරෙන.
Sinhala BJT5485. ඔබ ශ්‍රේෂ්ඨ වෙති, ඔබට වඩා උත්තමයෙක් නැති හෙයින් අනුත්තර වෙති. ඔබ ධර්‍මය රක්නාහ, ධර්‍මය දන්නාහ, මහා ප්‍රාඥය හ. සියනැණින් අපගේ පැනය මැනැවින් වටහා ගෙන අපගේ සැක පසිඳලූහ. ඇත්දළ කැටයම්, කරු කියතෙන් ඇත්දළය යම්සේ කපා ද එසේ අපේ සැක, විමති සිඳ දැමූහ.
Pali BJT5486. නීලුප්පලාභං විමලං අනග්ඝං වත්ථං ඉමං ධූමසමානවණ්ණං, පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT5486. ප්‍රාඥය, නිලුපුල් පැහැයට සමාන වූ පවිත්‍ර වූ මහඟු වූ ධූමවර්‍ණ වූ මේ වස්ත්‍රය, ඔබගේ පැන විසඳුමෙන් තුටුපත් මම් ධර්‍මපූජා පිණිස ඔබට දෙමි.
Pali BJT5487. සුවණ්ණමාලං සතපත්තඵුල්ලං සකෙසරං රතනසහස්සමණ්ඩිතං, පඤ්හස්ස වෙය්යාකරෙණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT5487. ප්‍රාඥය, විකශිත පද්මයක් වැනි කෙසුරු සහිත රත්න සහස්‍රයකින් යුක්ත වූ රන් මාලය දහම් පඬුරු විසින් පැන විසඳුමෙන් තුටුපත් මම ඔබට දෙමි.
Pali BJT5488. මණිං අනග්ඝං රුචිරං පභස්සරං කණ්ඨාවසත්තං මණිභූසිතං මෙ, පඤ්හස්ස වෙය්යාකරෙණෙන තුට්ඨො දදාමි තෙ ධම්මපූජාය ධීර.
Sinhala BJT5488. ප්‍රාඥය, මාගේ ගෙළැ පැළැඳි පැහැ විහිදෙන මනහර මේ මිණි දහම් පඬුරු වශයෙන්, මම පැන විසඳුමෙන් තුටුපත් වූයෙම් ඔබට දෙමි.
Pali BJT5489. ගවං සහස්සං උසභඤ්ච නාගං ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ, පඤ්හස්ස වෙය්යාකරෙණෙන තුට්ඨො දදාමි තෙ ගාමවරානි සොළසාති.
Sinhala BJT5489. පැන විසඳුමෙන් තුටුපත් මම දෙනුන් දහසක් ද වෘෂභයකු ද ඇතකු ද ආජානීය අශ්වයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළොසක් ද ඔබට දෙමි.
Pali BJT5490. පණ්ඩු කිසියාසි දුබ්බලා වණ්ණරූපං න තවෙදිසං{1} පුරෙ, විමලෙ අක්ඛාහි පුච්ඡිතා{2} කීදිසි{3} තුය්හං සරීරවෙදනා.
Sinhala BJT5490. (නාරජ) විමලාවෙනි, තිගේ සිරුර පඬුවන් ය, කෘශ ය, දුබල ය, පෙර තිබූ රූසිරි (දැන්) නැත. තිට කවර ශරීර වේදනාවක් පවතී දැ යි මට කියව.
Pali BJT5491. ධම්මො මනුජෙසු මානිනං දොහළො නාම ජනින්ද වුච්චති, ධම්මාහටං{4} නාගකුඤ්ජර විධුරස්ස හදයාභිපත්ථයෙ.
Sinhala BJT5491. මිනිසුන් අතරේ (වෙසෙන) ස්ත්‍රීන්ට දොළ දුක් ඉපැදීම ස්වභාවයෙකි. නාරජතුමනි, දැහැමින් (බලාත්කාරයෙන් තොරව) ගෙනා විධුරපඬිතුමාගේ හදවත පතමියි (ඕ කීවාය.)
Pali BJT5492. චන්දං ඛො ත්වං දොහළායසි{1} සුරියං වා අථවාපි මාලුතං, දුල්ලභෙ{2} හි විධුරස්ස දස්සනෙ{3} කො විධුර ඉධමානයිස්සති.
Sinhala BJT5492. (නා රජ) දොළ විසින් චන්‍ද්‍රයා ප්‍රාර්‍ත්‍ථනා කරහි සූර්‍ය්‍යයා ප්‍රාර්‍ත්‍ථනා කරහි නොහොත් පවන ප්‍රාර්‍ත්‍ථනා කරහි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ වන කල්හි කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
Pali BJT5493. කින්නු තාත තුවං පජ්ඣායසි පදුමං හත්ථගතංව තෙ මුඛං, කිං දුම්මනරූපොසි ඉස්සර මා ත්වං සොචි අමිත්තතාපනා.
Sinhala BJT5493. (ඉරන්‍දති) පියාණෙනි, තෙපි කුමට සිතිවිලි සිතන්නවු ද? තොප වහන්සේගේ මුව අතින් මැඩලූ පියුමක් වැන්න. ඊශ්වරයාණෙනි, කුමට දොම්නස්සැහැවි ඇතියවු ද? සතුරන් ගේ තාපනයෙන් තෙපි නහමක් ශෝක කරව.
Pali BJT5494. මාතා හි තව ඉරන්දතී{4} විධුරස්ස හදයං ධනීයති, දුල්ලභෙ හි විධුරස්ස දස්සනෙ කො විධුරං ඉධමානයිස්සති.
Sinhala BJT5494. (නාරජ) ඉරන්‍දතිය, තීගේ මව විධුරගේ හදමස පතයි. විධුරගේ දර්‍ශනය පවා දුර්‍ලභ යි. කවරෙක් විධුර මෙහි ගෙන එන්නේ ද?
Pali BJT5495. භත්තුපරියෙසනං{5} චර යො විධුරං ඉධමානයිස්සති, පිතුනො ච සා සුත්වාන වාක්යං රත්තිං නික්ඛම්ම අවස්සුතිං චරි.
Sinhala BJT5495. යමෙක් විධුර මෙහි ගෙන එන්නේ නම් එබඳු ස්වාමියකු සොයව යි කී පියාගේ වචනය අසා ඕ තොමෝ රාත්‍රියෙහි (රජගෙන්) නික්මැ ක්ලේශයෙන් ආර්ද්‍ර වැ (ස්වාමියකු සොයා) හැසුරුණා යැ.
Pali BJT5496. කෙ ගන්ධබ්බෙ ච රක්ඛසෙ නාගෙ කිම්පුරිසෙ ච මානුසෙ, කෙ පණ්ඩිතෙ සබ්බකාමදෙ දීඝරත්තං භත්තා මෙ භවිස්සති.
Sinhala BJT5496. කවර නම් ගඳඹෙක් රකුසෙක් නාගයෙක් කිඳුරෙක් මිනිසෙක් (ඔවුනතර) සියලු කාමසම්පත් දෙන කවර නම් පණ්ඩිතයෙක් (මාගේ මවගේ මනදොළ සපුරා) දීර්‍ඝ කාලයක් මට ස්වාමි වන්නේ ද?
Pali BJT5497. අස්සාස හෙස්සාමි තෙ පති භත්තා හෙස්සාමි අනින්දලොචනෙ, පඤ්ඤා හි මම{6} තථා විධා අස්සාස හෙස්සසි භරියා මමං.{7}
Sinhala BJT5497. ප්‍රශස්ත නයන ඇත්තිය, සැනැහෙව. තීගේ ස්වාමි වෙමි. හර්තෘ වන්නෙමි. මට එබඳු (විධුරගේ හදමස් ගෙනෙනු සමත්) ප්‍රඥායෙක් ඇති. සැනැහෙව, මට භාර්‍ය්‍යා වව.
Pali BJT5498. අථ නං අවචාසි{8} ඉරන්දතී පුබ්බපථානුගතෙන චෙතසා, එහි ගච්ඡාම පිතු මමන්තිකෙ එසොව තෙ එතමත්ථං පවක්ඛති.
Sinhala BJT5498. ඉක්බිති ඉරන්‍දතී තොමෝ පූර්‍වභවය අනුවගිය සිතින් යුතු වැ ඔහට මෙසේ කීවා යැ. එව, මාගේ පියා වෙත යම්හ. තෙල පිය තෙමේ මැ තොපට මෙ කරුණ කියන්නේ යැ.
Pali BJT5499. අලංකතා සුවසනා මාලිනී චන්දනුස්සදා, යක්ඛං හත්ථෙ ගහෙත්වාන පිතු සන්තිකමුපාගමි.
Sinhala BJT5499. අලංකෘත වූවා හැඳගත් මනාවස්ත්‍ර ඇති පැළැඳි මාලා ඇති ගැල්වූ සඳුන්කල්ල ඇති ඉරන්‍දතී (පූර්‍ණක) යක්‍ෂයා අතින් ගෙන පියා වෙත පැමිණියා.
Pali BJT5500. නාගවර වචො සුණොහි මෙ පතිරූපං පටිපජ්ජ සුඞ්කියං, පත්ථෙමි අහං ඉරන්දතිං{9} තාය සමඞ්ගී{10} කරොහි මෙ තුවං.{11}
Sinhala BJT5500. (පූර්‍ණක) නාරජතුමනි, මාගේ වචනය අසනු මැනැවි. දූකුමරියට අනුරූප සුංවත් (දායද්‍ය) පිළිගනු මැනැවි. මම ඉරන්‍දතිය පතමි. තෙපි ඇය හා මාගේ සහභාවය කරව.
Pali BJT5501. සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා, සතං වළභියො පුණ්ණා නානාරතනස්ස කෙවලා; තෙ නාග පටිපජ්ජස්සු ධීතරං දෙහි ඉරන්දතිං.
Sinhala BJT5501. ඇත්තු සියයෙක, අශ්වයෝ සියයෙක, වෙළඹුන් යෙදූ රථ සියයෙක, නන්රුවනින් පිරිපුන් බඩුගැල් සියයෙකි. නාරජුනි, එහැම පිළිගනු මැනැවැ. ඉරන්‍දතී දියණියන් දෙව,
Pali BJT5502. යාව ආමන්තයෙ ඤාතී මිත්තෙ ච සුහදං ජනං,{1} අනාමන්තකතං කම්මං තං පච්ඡාමනුතප්පති.
Sinhala BJT5502. (යක් සෙනෙවිය,) යම්තාක් නෑයන් ද මිතුරන් ද සුහද ජනයා ද අමතම් ද ඒ තාක් බලව. නො අමතා කළ කර්‍මයක් වේ නම් ඒ පසුතවායයි (නාරජ කී.)
Pali BJT5503. තතො සො වරුණො නාගො පවිසිත්වා නිවෙසනං, භරියං ආමන්තයිත්වාන ඉදං වචනමබුවි:
Sinhala BJT5503. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙස්නට පිවිසැ භාර්‍ය්‍යාව අමතා මෙවදන් කී:
Pali BJT5504. අයං සො පුණ්ණකො යක්ඛො යාචතී මං ඉරන්දතිං, බහුනා විත්තලාභෙන තස්ස දෙම පියං මමං.
Sinhala BJT5504. මේ ඒ ප්‍රසිද්ධ පූර්‍ණක යක්‍ෂ තෙම මාගෙන් ඉරන්‍දතිය ඉල්වයි. බොහෝ වූ ධනලාභයෙන් ඔහට මාගේ ප්‍රිය වූ දියණිය දෙම්හ.
Pali BJT5505. න ධනෙන න විත්තෙන ලබ්භා අම්හං ඉරන්දතී, සචෙ හි වො{2} හදයං පණ්ඩිතස්ස ධම්මෙන ලද්ධා ඉධමාහරෙය්ය; එතෙන විත්තෙන කුමාරි ලබ්භා නාඤ්ඤං ධනං උත්තරිං පත්ථයාම.
Sinhala BJT5505. (විමලා) ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබිය හැක්ක. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නේ නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
Pali BJT5506. තතො සො වරුණො නාගො නික්ඛමිත්වා නිවෙසනා, පුණ්ණකාමන්තයිත්වාන ඉදං චනමබ්රවි:
Sinhala BJT5506. ඉක්බිති ඒ වරුණ නාරජ නිවෙසින් නික්මැ අවුත් පූර්‍ණක අමතා මෙවදන් කී:
Pali BJT5507. න ධනෙන න විත්තෙන ලබ්භා අම්හං ඉරන්දතී, සචෙ තුවං හදයං පණ්ඩිතස්ස ධම්මෙන ලද්ධා ඉධමාහරෙසි; එතෙන විත්තෙන කුමාරි ලබ්භා නාඤ්ඤං ධනං උත්තරිං පත්ථයාම.
Sinhala BJT5507. ධනසම්පතින් අපගේ ඉරන්‍දතී නො ලැබියහෙයි. ඉදින් පණ්ඩිතයන්ගේ හදමස දැහැමින් ලැබැ මෙහි ගෙන එන්නෙහි නම් තෙල ධනයෙන් කුමරි ලැබියහෙයි. මත්තෙහි අන් ධනයක් නො පතම්හ.
Pali BJT5508. යං පණ්ඩිතො ත්යෙකෙ වදන්ති ලොකෙ තමෙව බාලොති පුනාහු අඤ්ඤෙ අක්ඛාහි මෙ විප්පවදන්ති එත්ථ, කං පණ්ඩිතං නාග තුවං වදෙසි.
Sinhala BJT5508. (පූර්‍ණක) ලෝකයෙහි යමකු පණ්ඩිත යැ යි කෙනෙක් කියත් ද යළි ඔහු මැ බාලයෙකැ යි අන් කෙනෙක් කියති. මෙහිලා විවාද කෙරෙති. මට කියව, නාරජුනි, තෙපි කවර නම් පණ්ඩිතයකු ගෙනැ කියවු ද?
Pali BJT5509. කොරව්යරාජස්ස ධනඤ්ජයස්ස යදි තෙ සුතො විධුරො නාම කත්තා, ආනෙහි තං පණ්ඩිතං ධම්මලද්ධා ඉරන්දතී පද්ධචරා{3} තෙ හොතු.
Sinhala BJT5509. ඉදින් තොප විසින් ධනඤ්ජය කෝරව්‍ය රජුගේ විධුර නම් පණ්ඩිතයෙක් අසනලද වේ ද, එ පණ්ඩිතයා දැහැමින් ලැබැ ගෙනෙව. තොපට ඉරන්‍දතී පාදපරිචාරිකා වේවා.
Pali BJT5510. ඉදඤ්ච සුත්වා වරුණස්ස වාක්යං, උට්ඨාය යක්ඛො පරමප්පතීතො, තත්ථෙව සන්තො පුරිසං අසංසි ආනෙහි ආජඤ්ඤමිධෙව යුත්තං.
Sinhala BJT5510. වරුණ නාරජුගේ මෙ වදන් අසා ප්‍රමුදිත වූ පූර්‍ණක යක්‍ෂ හුනස්නෙන් නැඟී, එහිම සිට, සැරසූ ආජානීය අසකු ගෙනෙවයි සේවකයකුට අණ කෙළේය.
Pali BJT5511. ජාතරූපමයා කණ්ණා කාචම්භමයා{1} ඛුරා, ජම්බොනදස්ස පාකස්ස සුවණ්ණස්ස උරච්ඡදො.
Sinhala BJT5511. මනෝමය අශ්වයාට ස්වර්‍ණමය කන් ඇත. රක්ත මාණික්‍යමය කුර ඇත. ජාම්බොනද රනින් නිම වූ උරසැත්මාලා (පපුවැස්ම) ඇත.
Pali BJT5512. දෙවවාහවහං යානං අස්සමාරුය්හ පුණ්ණකො අලඞ්කතො කප්පිතකෙසමස්සු පක්කාමි වෙහාසයමන්තලික්ඛෙ.
Sinhala BJT5512. අලංකෘත වූයේ මනහරසේ සැරහූ කෙස් රවුළු ඇති පූර්‍ණක යක්‍ෂයා දේවවාහවහ නමැති අසු අරා අහසින් ගියේය.
Pali BJT5513. ස පුණ්ණකො කාමවෙගෙන{2} ගිද්ධො ඉරන්දතිං නාගකඤ්ඤං ජිගිංසං ගන්ත්වාන තං භූතපතිං යසස්සිං ඉච්චබ්රවි වෙස්සවණං කුවෙරං.
Sinhala BJT5513. කාමවේගයෙන් ගිජු වූ ඒ පූර්‍ණකයා ඉරන්‍දතී නාමෙනෙවිය පතමින්, භූතාධිපති වූ පරිවාර සම්පත් ඇති වෛශ්‍රවණ වෙත ගොස් මෙසේ කීය:
Pali BJT5514. භොගවතීනාමමන්දිරෙ වාසා භිරඤ්ඤවතීති වුච්චති, නගරෙ නිම්මිතෙ කඤ්චනමයෙ මණ්ඩලස්ස උරගස්ස නිට්ඨිතං.
Sinhala BJT5514. රනින් නිමහම් කළ නගරයෙහි මැදුරු භෝගවතී, වාසා, හිරඤ්ඤවතී යන නම් ඇත්තේය යි කියනු ලැබේ. දරණයෙන් යුතු නාරජුගේ නගරයෙහි (මෙසේ) නිමහම් කරන ලද්දේය.