Pali BJT5317. නත්ථි ධම්මස්ස චිණ්ණස්ස{4} ඵලං කල්යාණපාපකං, නත්ථි දෙව පරො ලොකො කො තතො හි ඉධාගතො.
Sinhala BJT5317. පුහුණු කළ ධර්‍මය පිළිබඳ යහපත් නො යහපත් විපාක නැත. මහරජ පර ලොවක් නැත. එ ලොවින් කවරෙක් නම් මෙහි ආයේද?
Pali BJT5318. නත්ථි දෙව පිතරො වා කුතො මාතා කුතො පිතා, නත්ථි ආචරියො නාම අදන්තං කො දමෙස්සති.
Sinhala BJT5318. මහරජ, මුතුන්මිත්තැණියෝ ද නැත. එහෙයින් මෑණියෝ කොයින් ද පියාණෝ කොයින් ද ගුරුවරයෙක් නම් නැත. එහෙයින් නො හික්මුණු අයකු කවරෙක් නම් හික්මවන්නේ ද?
Pali BJT5319. සමතුල්යානි භූතානි නත්ථි ජෙට්ඨාපචායිනො, නත්ථි බලං වා විරියං වා කුතො උට්ඨානපොරිසං,{5} නියතානි හි භූතානි යථා ගොටවිසො තථා.
Sinhala BJT5319. සත්ත්‍වයෝ සම සම වූවෝ වෙති. වැඩිහිටියන් පුදනනෝ ද නැත. බල හෝ වීර්‍ය්‍ය හෝ නැත. උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුත් පෞරුෂයක් නම් කොයින් ද, නැව හැර නො යන ගල්වත මෙන් සත්ත්‍වයෝ නියමය අනුවැ යෙති.
Pali BJT5320. ලද්ධෙය්යං ලභතෙ මච්චො තත්ථ දානඵලං කුතො, නත්ථි දානඵලං දෙව අවසො දෙව වීරියො.
Sinhala BJT5320. මිනිස් තෙමේ ලැබිය යුක්ත ලබයි. එහි දීමෙහි විපාක කොයින් ද. මහරජ දීමෙහි විපාක නැත. මෙසේ දානයෙහි විපාක නැති කලැ (යම්කිසි බාලයෙක් දෙයි නම්) දේවයිනි, නො වසඟ වූයේ උත්සාහ නැත්තෙක් වැ දන් දෙයි.
Pali BJT5321. බාලෙහි දානං පඤ්ඤත්තං පණ්ඩිතෙහි පටිච්ඡිතං, අවාසා දෙන්ති ධීරානං බාලා පණ්ඩිතමානිනො.
Sinhala BJT5321. දානය පනවන ලද්දේ අඥානයන් විසිනි. පිළිගන්නා ලද්දේ නැණවතුන් විසිනි. දුබල නැණවත්යැ යි සිතන අඥානයෝ නැණවතුන් හට දෙතැ යි කී ය.
Pali BJT5322. සත්තිමෙ සස්සතා කායා අච්ඡෙජ්ජා අවිකොපිනො, තෙජො පඨවිරාපො ච{1} වායො සුඛදුඛඤ්චිමෙ ජීවෙ ච සත්තිමෙ කායා යෙසං ඡෙත්තා{2} න විජ්ජති.
Sinhala BJT5322. නො සිඳිය හැකි වෙනස් කෝපනය නො කට හැකි ශාශ්වත (හැම කල් පවත්නා) වූ මේ සමූහයෝ සතක් වෙති. එ නම් තේජස් ය, පෘථිවි ය, ජලය, වාත ය, සැප ය, දුක ය, ජීව ය යන මේ සත යි. යමකුන් පිළිබඳ සිඳින්නෙක් නැද්ද ඒ මේ සමූහ සත යි.
Pali BJT5323. නත්ථි හන්තා වා ඡෙත්තා වා හඤ්ඤරෙ වාපි කොචි නං; අන්තරෙනෙව{3} කායානං සත්ථානි වීතිවත්තරෙ.
Sinhala BJT5323. නසන්නෙක් හෝ සිඳින්නෙක් හෝ නැත. නැසෙන්නෝ ද නැත. කිසිවෙක් කිසිවකු නසන්නේ ද නො වේ. සිඳින සැත් මේ සත්වැදෑරුම් සමූහයන් අතරින් මැ ඉක්ම යත්.
Pali BJT5324. යොපායං{4} සිරමාදාය පරෙසං නිසිතාසිනා, න සො ඡින්දති තෙ කායෙ තත්ථ පාපඵලං කුතො.
Sinhala BJT5324. මේ යමෙක් අනුන්ගේ හිස අල්ලාගෙන මුවහත් කඩුවෙකින් කපා ද හේ ඒ සත්ත්‍ව කායයන් නො සිඳියි. එහි පාපකර්‍මයක් විපාකයක් නම් කොයින් ද?
Pali BJT5325. චුල්ලාසීති මහාකප්පෙ සබ්බෙ සුජ්ඣන්ති සංසරං, අනාගතෙ තම්හි කාලෙ සඤ්ඤතොපි න සුජ්ඣති.
Sinhala BJT5325. සුවාසූ මහා කල්පයක් මුළුල්ලෙහි සැරිසරන මේ සියල්ලෝ පිරිසිදු වෙති. ඒ පැවැසුණු කාලප්‍රමාණය නො පැමිණි කලැ සීලාදි සංයම ඇත්තේ ද පිරිසිදු බවට නො පැමිණෙයි. (සත්ත්‍වයන් පිරිසිදු කරන්නට සමතෙක් නම් නැත.)
Pali BJT5326. චරිත්වාපි බහුං භද්රං නෙව සුජ්ඣන්ති නාගතෙ, පාපං චෙපි බහුං කත්වා තං ඛණං නාතිවත්තරෙ.
Sinhala BJT5326. බොහෝ යහපත කිරීමෙනුදු ඒ පැවසූ කාලය නො පැමිණි කල පිරිසිදු නො වෙති. ඉදින් බොහෝ පව් කිරීමෙන් නමුදු (ශුද්ධිය පිණිස) ඒ කාලය නො ඉක්මවන්නාහ.
Pali BJT5327. අනුපුබ්බෙන නො සුද්ධි කප්පානං චුල්ලසීතියා,{5} නියතිං නාතිවත්තාම වෙලන්තමිව සාගරො.
Sinhala BJT5327. කල්පයන් සම්බන්‍ධ සූ අසූවකින් අප ගේ සංසාර ශුද්ධිය පිළිවෙළින් පවත්නේ ය. වෙරළ නො ඉක්ම පවත්නා සයුර මෙන් අපි දු නියමය හෙවත් සූ අසූ මහකප ඉක්ම නො පවතිමු යි කී ය.
Pali BJT5328. කස්සපස්ස වචො සුත්වා අලාතො එතදබ්රවි, යථා භදන්තො{6} භණති මය්හංපෙතෙව රුච්චති.
Sinhala BJT5328. කාශ්‍යප නමැති නුවටාගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කී ය: පින්වත් තෙමේ යම්සේ පවසයි ද මට එය ම රුචි ය.
Pali BJT5329. අහංපි පුරිමං ජාතිං සරෙ සංසරිතත්තනො, පිඞ්ගලො නාමහං ආසිං ලුද්දො ගොඝාතකො පුරෙ.
Sinhala BJT5329. මම ද තමා සසර සැරිසැරූ පූර්‍වජාතිය සිහි කෙරෙමි. මම පූර්‍වජාතියෙහි පිංගල නමැති රුදුරු වූ ගෝඝාතකයෙක් වීමි.
Pali BJT5330. බාරාණසියං ඵිතාය බහුං පාපං කතං මයා, බහූ මය්හං{7} හතා පාණා මහිසා{8} සූකරා අජා.
Sinhala BJT5330. සමෘද්ධිමත් බරණැස් නුවර දී මා විසින් බොහෝ පව් කරන ලද්දේ ය. මීමෝ ය ඌරෝ ය එළුවෝ ය යන බොහෝ සත්ත්‍වයෝ මා විසින් මරන ලදහ.
Pali BJT5331. තතො චුතො ඉධ ජාතො ඉද්ධෙ සෙනාපතීකුලෙ, නත්ථි නූන ඵලං පාපෙ{9} සොහං න නිරයං ගතො.
Sinhala BJT5331. එයින් චුත වූ මම මෙ නුවර සමෘද්ධිමත් සෙනෙවි කුලයක උපනිමි. ඒ මම නිරයට නො පැමිණියෙම්. එයින් පාපකර්‍ම විපාක නැතැ යි සිතමි යි කී ය.
Pali BJT5332. අථෙත්ථ බීජකො නාම දාසො ආසි පළච්චරී,{10} උපොසථං උපවසන්තො ගණසන්තිකුපාගමි.
Sinhala BJT5332. ඉක්බිති මේ මියුලු නුවරැ දුප්පත් වූ බීජක නමැති දාසයෙක් විය. පෙහෙවස් වෙසෙන හේ තෙමේ ගුණ නම් නිවටයා වෙත එළැඹියේ ය.
Pali BJT5333. කස්සපස්ස වචො සුත්වා අලාතස්ස ච භාසිතං, පස්සසන්තො මුහුං උණ්හං රුදං අස්සූනි වත්තයි.
Sinhala BJT5333. කාශ්‍යපයාගේ බස් අසා අලාත නම් සෙන්පතියා ගේ ද බස් අසා වරින් වර උණුසුම් සුසුම් හෙළමින් කඳුළු වැගිර විය. හෙවත් හැඬීය.
Pali BJT5334. තමනුපුච්ඡි වෙදෙහො කිමත්ථං සම්ම රොදසි, කින්තෙ සුතං වා දිට්ඨං වා කිං මං වෙදෙසි වෙදනං.
Sinhala BJT5334. වේදේහ නමැති රජ තෙමේ යහළුව, කවර හෙයින් හඬා දැ යි ඔහු ගෙන් විචාළේ ය. තොප විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ කිමෙක් ද කිනම් වේදනාවක් දනවවුද? එය මට කියව යි කී ය.
Pali BJT5335. වෙදෙහස්ස වචො සුත්වා බීජකො එතදබ්රවි, නත්ථි මෙ වෙදනා දුක්ඛා මහාරාජ සුණොහි මෙ.
Sinhala BJT5335. වේදේහ රජුගේ බස් අසා බීජක නම් දාස තෙමේ මෙය කී ය. මහරජ, මට දුක් වේදනාවක් නැත. මාගේ බස් අසනු මැනැවි.
Pali BJT5336. අහම්පි පුරිමං ජාතිං සරාමි සුඛමත්තනො, සාකෙතාහං පුරෙ ආසිං භාවසෙට්ඨි ගුණෙ රතො.
Sinhala BJT5336. මම මාගේ පූර්‍වජාතියෙහි සුව සිහි කරමි. මම සාකේත නුවර ගුණයෙහි ඇලුණු භාවසෙට්ඨි නම් අසූකෙළක් ධන ඇති සිටුවරයෙක් වීමි.
Pali BJT5337. සම්මතො බ්රාහ්මණිබ්භානං සංවිහාගරතො සුචි, න චාපි පාපකං කම්මං සරාමි කතමත්තනො.
Sinhala BJT5337. බමුණන් හා ගහපතියන් විසින් ගරු කරන ලද දන් දීමෙහි ඇලුණු පිරිසිදු කර්‍මාන්ත ඇති මම තමන් කළ පව් කමක් සිහි නො කරමි.
Pali BJT5338. තතො චුතාහං වෙදෙහ ඉධ ජාතො දුරිත්ථියා, ගබ්භම්භි කුම්භදාසියා යතො ජාතො සුදුග්ගතො.
Sinhala BJT5338. වේදේහ රජුනි, එයින් චුත වූ මම වනාහි මේ මියුලු නුවර දුප්පත් ස්ත්‍රියක වූ කළමිඩියක (කුම්භදාසියක) ගේ කුසැ උපන්මි. උපන් තැන් පටන් ඉතා දුප්පත් වීමි.
Pali BJT5339. එවම්පි දුග්ගතො සන්තො සමචරියං අධිට්ඨිතො, උපඩ්ඪහාගං භත්තස්ස දදාමි යො මෙ ඉච්ඡති.
Sinhala BJT5339. මෙසේ ඉතා දුප්පත් වූයෙම් නමුදු සමචරියා සංඛ්‍යාත කුසල දහම් විෂයෙහි පිහිටියෙම් වෙමි. යමෙක් කැමති වී නම් ඔහුට මා අනුභව කරන බත දෙකට බෙදා කොටසක් දෙමි.
Pali BJT5340. චාතුද්දසිං පඤ්චදසිං සදා උපවසාමහං,{1} න චාපි භූතෙ හිංසාමි ථෙය්යඤ්චාපි විවජ්ජයිං.
Sinhala BJT5340. මම තුදුස්වක් පසළොස්වක් හැම පොහෝ දවස්හි පෙහෙවස් වෙසෙමි. සත්ත්‍වහිංසා ද නොකරමි. සොරකම ද දුරු කෙළෙමි.
Pali BJT5341. සබ්බමෙව හි නූනෙතං සුචිණ්ණං භවති නිප්ඵලං, නිරත්ථං මඤ්ඤිදං සීලං අලාතො යථ භාසති.
Sinhala BJT5341. මැනැවින් පුරුදු කළ මේ හැම ඒකාන්තයෙන් නිෂ්ඵල ය. අලාත නමැති සෙනෙවි තෙමේ යම් අයුරකින් කියා ද එසේ මැ මේ සීලය වැඩක් නැතැයි සිතමි.
Pali BJT5342. කලිමෙව නූන ගණ්හාමි අසිප්පො ධුත්තකො{2} යථා, කටං අලාතො ගණ්හාති කිතවො සික්ඛිතො යථා.
Sinhala BJT5342. අක්‍ෂ–පසැට ශිල්ප විෂයෙහි නො හික්මුණු දූකෙළින්නකු (සූදු කාරයකු) මෙන් මම ඒකාන්තයෙන් පරාදය ගනිමි. ශිල්ප දැනගත් කපට දූ කෙළින්නකු යම්සේ ද, අලාත නම් සෙනෙවි තෙමේ එමෙන් ජයගනී.
Pali BJT5343. ද්වාරං නප්පතිපස්සාමි යෙන ගච්ඡාමි සුග්ගතිං, තස්මා රාජ පරොදාමි සුත්වා කස්සපභාසිතං.
Sinhala BJT5343. මහරජ, යම්ද්වාරයකින් සුගතියට පැමිණෙම් ද ඒ දොරටුව නො දක්මි. එහෙයින් කාශ්‍යප නිගණ්ඨයාගේ බස් අසා හඬමි යි කී ය.
Pali BJT5344. බීජකස්ස වචො සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි,{3} නත්ථි ද්වාරං සුගතියා නියතිං කඞ්ඛ බීජක.
Sinhala BJT5344. බීජකයාගේ බස් අසා අංගාති රජ මෙසේ කී ය: යහළු බීජකය, සුගතියට ද්වාරයක් හෙවත් පැමිණීමට මඟක් නැත. නියතිය හෙවත් චුල්ලාසීති මහාකල්පය මැ බලව.
Pali BJT5345. සුඛං වා යදිවා දුක්ඛං නියතියා{1} කිර ලබ්භති, සංසාරසුද්ධි සබ්බෙසං මා තුරිත්ථො අනාගතෙ.
Sinhala BJT5345. සුව හෝ ඉදින් දුක් හෝ කියනලද කාලනියමයෙහි දී ලැබේ ල. බීජකය, අප සියල්ලන්ට මැ සංසාරයාගේ පිරිසිදු බව සිදු වන්නේ ය. ඒ කාලය නො පැමිණි කල යුහුසුලු–ඉකිමන් නො වව.
Pali BJT5346. අහම්පි පුබ්බෙ කල්යාණෙ බ්රාහ්මණිබ්භෙසු ව්යාවටො,{2} වොහාරමනුසාසන්තො රතිහිනො තදන්තරා.
Sinhala BJT5346. මම ද පූර්‍වජාතියෙහි විනිශ්චය ස්ථානයෙහි බ්‍රාහ්මණ–ගෘහ පතියන් කෙරෙහි දානාදී කල්‍යාණ කර්‍මයෙහි ව්‍යාපෘත වීමි. රාජකෘත්‍යයෙහි යුක්ති අනුශාසනා කරමින් ඉක්බිති පඤ්චකාම රතියෙන් පිරිහිණිමි යි කී ය.
Pali BJT5347. පුනපි භන්තෙ දක්ඛෙමු සඞ්ගති චෙ භවිස්සති, ඉදං වත්වාන වෙදෙහො පච්චගා සනිවෙසනං.
Sinhala BJT5347. හිමියනි, ඉදින් අපගේ එක්වීමක් වන්නේ නම් නැවත ද දකිමු යි මෙය කියා වේදේහ රජ තෙමේ තමන්ගේ මාලිගාවට පෙරළා ගියේ ය.
Pali BJT5348. තතො රත්යා විවසනෙ උපට්ඨානම්භි අඞ්ගති, අමච්චෙ සන්නිපාතෙත්වා ඉදං වචනමබ්රවි:
Sinhala BJT5348. ඉක්බිති අංගාති රජතෙමේ රැය පහන් වූ කල තමන්ට උපස්ථාන කරන තන්හි හෙවත් රැස්වීම් ශාලාවෙහි ඇමතියන් රැස් කරවා මෙ බස් කී ය:
Pali BJT5349. චන්දකෙ මෙ විමානස්මිං සදා කාමෙ විධෙන්තු මෙ, මාමූපගච්ඡුං{3} අත්ථෙසු ගුය්හප්පාකාසියෙසු ච.
Sinhala BJT5349. චන්‍දක නමැති මාගේ මාලිගාවෙහි මට හැම කල්හි පංචකාම සම්පත් පිළියෙළ කෙරෙත්වා! රහස්‍ය වූ ද ප්‍රකාශ කළයුතු වූ ද කටයුතු පැමිණි කල කිසි කෙනෙක් මා වෙත නො පැමිණෙත්වා!
Pali BJT5350. විජයො ච සුනාමො ච සෙනාපති අලාතකො, එතෙ අත්ථෙ නිසීදන්තු චොහාරකුසලා තයො.
Sinhala BJT5350. යුක්ති පසිඳීමෙහි සමර්‍ත්‍ථ වූ විජය නම් ඇමැති ද සුනාම නම් ඇමැති ද අලාත නම් සෙනෙවි ද යන මේ තිදෙනා විනිශ්චය ශාලාවෙහි හිඳ ගනිත්වා!
Pali BJT5351. ඉදං වත්වාන වෙදෙහො කාමෙ ච බහුමඤ්ඤථ, නචාපි බ්රාහ්මණිබ්භෙසු අත්ථෙ කිස්මිඤ්චි ව්යාවටො.
Sinhala BJT5351. වේදේහ රජතෙමේ මෙය කියා පස්කම් සැප ම බෙහෙවින් වින්දේ ය. බ්‍රාහ්මණගෘහපතියන් පිළිබඳ වූ කිසි කටයුත්තක නො යෙදුණේ ය.
Pali BJT5352. තතො ද්වෙ සත්තරත්තස්ස වෙදෙහස්සත්රජා පියා, රාජකඤ්ඤා රුජා නාම ධාතිමාතරමබ්රවි:
Sinhala BJT5352. එයින් (පස්කම් සැප විඳුමට බැස ගත් දවසින්) තුදුස් දිනකට පසු වේදේහ රජහට ප්‍රිය දූහිතෘ වූ ‘රුජා’ නමැති රාජ කන්‍යාව කිරිමවට මෙසේ කිවු:
Pali BJT5353. අලඞ්කරොථ මං ඛිප්පං සඛියො ච කරොන්තු මෙ, සුවෙ පණ්ණරසො දිබ්බො ගච්ඡං ඉස්සරසන්තිකෙ.
Sinhala BJT5353. ඉක්මන් කොට මා සරසව, මාගේ යෙහෙළියන් ද සරසත්වා, හෙට (දෙවියන්ගේ රැස්වීමෙන් සැරැසුණු) පසළොස්වක් පොහොය වේ. පිය මහරජු වෙත යමි යි කීවා ය.
Pali BJT5354. තස්සා මාල්යං අභිහරිංසු චන්දනඤ්ච මහාරහං, මණිසඞ්ඛමුත්තරතනං නානාරත්තෙ ච අම්බරෙ.
Sinhala BJT5354. ඈට මල්දම් ය අගනා සඳුන් ය මැණික් ය සක් ය මුතු ය රුවන් ය යන දෑ ද නානා වර්‍ණ වස්ත්‍ර ද සරසනු පිණිස එළවූහ.
Pali BJT5355. තඤ්ච සොවණ්ණයෙ පීඨෙ නිසින්නං බහුකිත්ථියො, පරිකිරිය අසොභිංසු{5} රුජං රුචිරවණ්ණිනිං.
Sinhala BJT5355. රන්මුවා පුටුවෙහි හුන් යහපත් ශරීරවර්‍ණයෙන් යුත් රුජා නමැති රාජ කන්‍යාව පිරිවරා සිටි බොහෝ ස්ත්‍රීහු දෙවඟනන් මෙන් අතිශයින්ම බැබැළුණාහ.
Pali BJT5356. සා ච සඛීමජ්ඣගතා සබ්බාභරණභූසිතා, සතෙරතා{6} අබ්භමිව චන්දකං පාවිසී රුජා.
Sinhala BJT5356. යෙහෙළියන් මැදට පැමිණි සියලු අබරණින් සැරැහුණු රුජා නමැති ඒ රාජකන්‍යා තොමෝ ද වළාකුලකට වදනා විදුලියක් මෙන් චන්‍දක නැමැති පහයට පිවිසියා ය.
Pali BJT5357. උපසඞ්කමිත්වා වෙදෙහං වන්දිත්වා විනයෙ රතා, සුවණ්ණවිකතෙ{1} පීඨෙ එකමන්තං උපාවිසි.
Sinhala BJT5357. විනයෙහි ඇලුණු රුජා වේදේහ රජු වෙත පැමිණ වැඳ සත්රුවනින් විසිතුරු රන් කම් කළ පුටුවෙක එකත් පස් වැ හිඳගත්තා ය.
Pali BJT5358. තඤ්ච දිස්වාන වෙදෙහො අච්ඡරානංව සඞ්ගමං, රුජං සඛිමජ්ඣගතං ඉදං වචනමබ්රවි:
Sinhala BJT5358. වේදේහ රජ තෙමේ දෙවඟනන් සමූහයකට බඳු එ පිරිස දැක යෙහෙළියන් මැදට පත් රුජා නම් රාජ කන්‍යාවට මේ වචනය කී ය:
Pali BJT5359. කච්චි රමසි පාසාදෙ අන්තො පොක්ඛරණිං පති, කච්චි බහුවිධං ඛජ්ජං සදා අභිහරන්ති තෙ.
Sinhala BJT5359. කිම දියණියනි, මා කරවා දුන් පහයෙහි සිත් අලවා වෙසෙහි ද? ගෘහොද්‍යානයෙහි පිහිටි පොකුණෙහි (ජල ක්‍රීඩා කිරීම වශයෙන්) සිත් අලවා වෙසෙහිද නන් වැදෑරුම් කන දෑ හැම දවස් තිට එළවත් ද?
Pali BJT5360. කච්චි බහුවිධං මාල්යං ඔචිනිත්වා කුමාරියො, ඝරකෙ කරොථ පච්චෙකං ඛිඩ්ඪාරතිරතා මුහුං.{2}
Sinhala BJT5360. කිම කුමරියෙනි, තෙපි ක්‍රීඩාරතියෙහි ඇලුණහු නානාවිධ මල්දම් ගොතා එක්වන් මල්ගුළා කරවු ද?
Pali BJT5361. කෙන වා විකලං තුය්හං ඛිප්පං{3} අභිහරන්තු තෙ, මානො කරස්සු කුඩ්ඩමුඛී අපි චන්දසමම්භිපි.{4}
Sinhala BJT5361. කුමන වස්තුවකින් තිට අඩුවක් වෙයි ද, එය වහා ම එළවත්වා! අබ, මැටි, තල කල්කයෙන් පැහැපත් කළ මුහුණු ඇත්තිය, සඳ වැනි දෙයෙහි පවා කැමැත්තෙහි නම් මට කියව සපයා දෙමි යි රජ තෙමේ කී ය.
Pali BJT5362. වෙදෙහස්ස වචො සුත්වා රුජා පිතරමබ්රවි: සබ්බමෙතං මහාරාජ ලබ්භතිස්සරසන්තිකෙ.
Sinhala BJT5362. වේදේහ රජුගේ බස් අසා රුජා නම් රාජකන්‍යාව පියරජහට මෙය පැවැසූ ය: මහරජුනි, ජනාධිපති වන ඔබ වෙතින් මේ සියල්ල ලැබෙයි.
Pali BJT5363. සුවෙ පණ්ණරසො දිබ්බො සහස්සං ආහරන්තු මෙ, යථාදින්නඤ්ච දස්සාමි දානං සබ්බවණීසු’හං.
Sinhala BJT5363. පියාණෙනි, හෙට දිව්‍ය වූ පසළොස්වක් පොහෝ දවස ය. කහවණු දහසක් මට දෙනු මැනැවි. පෙරැ දුන් පරිදි සියලු යාචකයන් කෙරෙහි දෙන්නෙමි යි පැවැසූ ය.
Pali BJT5364. රුජාය වචනං සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි: බහුං විනාසිතං විත්තං නිරත්ථං අඵලං තයා.
Sinhala BJT5364. රුජා කුමරියගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: තී විසින් අවැඩ වන ලෙස නිෂ්ඵල පරිදි බොහෝ වස්තුව විනාශ කරන ලදී.
Pali BJT5365. උපොසථං වසං නිච්චං අන්නපානං න භුඤ්ජසි, නියතෙතං අභුත්තබ්බං නත්ථි පුඤ්ඤං අභුඤ්ජතො.
Sinhala BJT5365. නිති පෙහෙවස් වෙසෙමින් ආහාරපාන අනුභව නො කෙරෙහි ය. නියති විසින් තෙල නො වැළඳියයුතු වෙයි. නො වළඳන්නාහට පින් නැතැ යි කී ය.
Pali BJT5366. බීජකොපි හි සුත්වාන තදා කස්සපභාසිතං, පස්සසන්තො{5} මුහුං උණ්හං රුදං අස්සූනි වත්තයි.
Sinhala BJT5366. බීජක තෙමේ ද එ කල කාශ්‍යප නුවටාගේ බස් අසා නැවත නැවතත් ප්‍රශ්වාස කරන්නේ හඬමින් උණු කඳුළු වැගිරවී ය.
Pali BJT5367. යාව රුජෙ ජීවසි{6} නො මා භත්තමපනාමයි, නත්ථි භද්දෙ පරො ලොකො කිං නිරත්ථං විහඤ්ඤසි.
Sinhala BJT5367. රූජා දියණියනි, යම් පමණ කල් ජීවත් වෙහි ද ඒ තාක් කල් අහර දුරු නො කරව. යහපත් දියණියනි, පරලොවක් නැත, නිකරුණේ කුමට වෙහෙසෙහි දැ යි ඇසී ය.
Pali BJT5368. වෙදෙහස්ස වචො සුත්වා රුජා{7} රුචිරවණ්ණිනි, ජානං පුබ්බාපරං ධම්මං පිතරං එතදබ්රවි:
Sinhala BJT5368. යහපත් ශරීර වර්‍ණ සම්පන්න වූ රූජා රාජකන්‍යා තොමෝ වේදේහ නම් පියරජුගේ බස් අසා (අතීතයෙන් ජාති සතක් ද අනාගතයෙන් ජාති සතක් ද) පූර්‍වාපර දහම් දන්නී පියරජුට මෙ බස් පැවසූ:
Pali BJT5369. සුතමෙව මෙ පුරෙ ආසි සක්ඛී දිට්ඨමිදං{1} මයා, ඛාලූපසෙවී යො හොති බාලොව සමපජ්ජථ.
Sinhala BJT5369. යමෙක් අඥානයන් සෙවුනේ වෙයි ද හේ අඥාන භාවයට මැ පැමිණෙයි යනු මා විසින් පෙරැ අසන ලද්දේ ම ය. මෙය වනාහි දැන් ඇස් හමුවෙහි දක්නා ලදී.
Pali BJT5370. මූළ්හො හි මූළ්හමාගම්ම භිය්යො මොහං නිගච්ඡති, පකිරූපං අලාතෙන බීජකෙන ච මුය්හිතුං.
Sinhala BJT5370. යම් පරිදි මංමුළා වූයෙක් මංමුළා වූවකු කරා එළැඹ අතිශයින් මුළා වේ ද එසෙයින් දෘෂ්ටිමුඪයා ද අතිශයින් මුළාවට පැමිණෙයි. (දේවයන් වහන්ස,) අලාක සෙනෙවියා ද බීජක දාසයා ද (ගුණ නුවටා කරා එළැඹ,) මුළා වන්නට සුදුසු වෙත්.
Pali BJT5371. ත්වඤ්ච ද්වෙ{2} සප්පඤ්ඤො ධීරො අත්ථස්ස කොවිදො, කථං බාලෙහි සදිසං හීනං දිට්ඨිං{3} උපාගමි.
Sinhala BJT5371. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වූකලි නුවණැතියහ, එහෙයින් ධීරයහ, අර්‍ත්‍ථානර්‍ත්‍ථ දැනුමෙහි සමර්‍ත්‍ථයහ. කිසෙයින් බාලයන් හා සදෘශ ව ලාමක දෘෂ්ටියට පැමිණියහු ද?
Pali BJT5372. සචෙ හි සංසාරපථෙන සුජ්ඣති නිරත්ථියා පබ්බජ්ජා ගුණස්ස, කීටොව අග්ගිං ජලිතං අපාපතං{4} උප්පජ්ජති මොමූහො නග්ගභාවං.
Sinhala BJT5372. ඉදින් සංසාරමාර්‍ගයෙන් ශුද්ධිය වේ නම් ගුණ නුවටාගේ පැවිද්ද නිරර්‍ත්‍ථක යැ. දිලියෙන ගින්නට පනන පළඟැටියකු සෙයින් අතිශයින් මුළා වූයේ නග්නභාවයට පැමිණියේ ය.
Pali BJT5373. සංසාරසුද්ධීති පුරෙ නිවිට්ඨා කම්මං විදූසෙන්ති{5} බහූ අජානං, පුබ්බෙ කලී දුග්ගහිතොව අත්ථා{6} දුම්මොචයා බලිසා අම්බුජොව.
Sinhala BJT5373. සංසාරයෙන් ශුද්ධිය වේ ය යි පළමු මැ මිසදිටු ගත් බොහෝ ජනයෝ නො දන්නාහු කර්‍මය ද කර්‍මඵලය ද නසති. ඔවුන් විසින් පළමු මැ ගන්නා ලද පරාජයග්‍රාහය වරදවා ගන්නා ලද මැ වෙයි. ඔහු (බිලිය ගිලැ සිටි) මසකු බිලියෙන් (මුදවාලියැ නොහැක්කා) සේ අනර්‍ත්‍ථයෙන් මුදවාලියැ නො හැකි වෙති.
Pali BJT5374. උපමං තෙ කරිස්සාමි මහාරාජ නවත්ථියා, උපමායපිධෙකච්චෙ අත්ථං ජානන්ති පණ්ඩිතා.
Sinhala BJT5374. මහරජාණෙනි, ඔබට වැඩ පිණිස උපමාවක් කියමි. මෙලොවැ ඇතැම් පණ්ඩිත පුරුෂයෝ උපමායෙනුදු අර්‍ත්‍ථය දැනගනිත්.
Pali BJT5375. වාණිජානං යථා නාවා අප්පමාණභරා ගරු, අතිභාරං සමාදාය අණ්ණවෙ අවසීදති.
Sinhala BJT5375. යම් පරිදි වෙළඳුන්ගේ නැවක් අපමණ වූ බර ගෙනයන්නී අධික වූ වස්තුභාරය ගෙන සයුරෙහි ගැලේ ද,
Pali BJT5376. එවමෙව නරො පාපං ථොක ථොකම්පි ආචිනං, අතිභාරං සමාදාය නිරයෙ අවසීදති.
Sinhala BJT5376. එසෙයින් මැ මිනිසෙක් අකුශලය මඳින් මඳ රැස් කරනුයේ අධික වූ අකුශලභාරය ගෙන නිරයෙහි ගැලෙයි.
Pali BJT5377. න තාව භාරො පරිපූරො{7} අලාතස්ස මහීපති. ආචිනාති ච තං පාපං යෙන ගච්ඡති දුග්ගතිං.
Sinhala BJT5377. මිහිපල්තුමනි, අලාත සෙනෙවියාගේ (ගෝඝාතක) අකුශලභාරය තව නො පිරුණේයැ. හේ යම් පාපයෙකින් දුගතියට යේ ද ඒ පාපකර්‍මය රැස්කරන්නේ ද වෙයි.
Pali BJT5378. පුබ්බෙවස්ස කතං පුඤ්ඤං අලාතස්ස මහීපති, තස්සෙස{8} ද්වෙ නිස්සන්දො යඤ්චෙසො ලභතෙ සුඛං.
Sinhala BJT5378. මිහිපල්තුමනි, අලාත සෙනෙවියා විසින් පූර්‍වභවයෙහි ම කරනලද (පුෂ්පපූජා සංඛ්‍යාත) යම් පිනක් ඇද්ද දේවයිනි, මේ තෙමේ මෙකල යම් සුවයක් විඳී නම් මේ කුශලයාගේ විපාක යැ.
Pali BJT5379. ඛීයතෙවස්ස{9} තං පුඤ්ඤං තථාහි අගුණෙ රතො, උජුමග්ගං අවාහාය{10} කුම්මග්ගමනුධාවති.
Sinhala BJT5379. ඔහුගේ ඒ පින ගෙවීයේ මැ ය. ඒ එසේ මැ යි. අකුශලයෙහි ඇලුණු හේ ඍජු වූ කුශලමාර්‍ගය හැරපියා අකුශලමාර්‍ගයෙහි යෙයි.
Pali BJT5380. තුලා යථා පග්ගහිතා ඔහිතෙ තුලමණ්ඩලෙ, උන්නමෙති තුලාසීසං භාරෙ ඔරොපිතෙ සති.
Sinhala BJT5380. යම්සේ දැඩිව ගන්නාලද තරාදිය භාණ්ඩ ගැනීම පිණිස තුලා තැටිය එල්වා තැබූ කල්හි බඩු නගන ලදුයේ පහතට බසී ද බැහැර කළ කල්හි තුලාහිස උඩට නඟී ද,
Pali BJT5381. එවමෙව නරො පුඤ්ඤං ථොකථොකම්පි ආචිනං, සග්ගාතිමානො දාසොව බීජකො සාතවෙ{1} රතො.
Sinhala BJT5381. එසෙයින් ම මිනිසා කුශලය මඳින් මඳ රැස්කරනුයේ ස්වර්‍ගයට පමුණුවන කුශලයෙහි ඇලුණු බීජක දාසයා මෙන් මධුර විපාක ඇති කුශලයෙහි මැ ඇලුණේ වෙයි.
Pali BJT5382. යඤ්චජ්ජ{2} බීජකො දාසො දුක්ඛං පස්සති අත්තනි, පුබ්බෙ තස්ස{3} කතං පාපං තමෙසො පටිසෙවති.
Sinhala BJT5382. දැන් බීජක දාසයා තමා කෙරෙහි යම් දුකක් දකී ද ඔහු විසින් පෙර කළ යම් (ආක්‍රෝශ) පාපයෙක් වී නම් මේ තෙමේ ඒ පාපඵලය විඳී.
Pali BJT5383. ඛීයතෙචස්ස තං පාපං තථාහි විනයෙ රතො, කස්සපඤ්ච සමාපජ්ජ මාහෙවුප්පථ{4} මාගමා.
Sinhala BJT5383. ඔහුගේ ඒ පාපය ගෙවී යේ මැ ය. එතෙකුදුවත් ආචාරවිනයෙහි ඇලුණු නුඹ වහන්සේ කාශ්‍යප ගෝත්‍ර ඇති ආජීවකයා කරා එළැඹ අකුශලමාර්‍ගයට නහමක් යේවා.
Pali BJT5384. යං යං හි රාජ භජති සතං වා යදි වා අසං, සීලවන්තං විසීලං වා වසං තස්සෙව ගච්ඡති.
Sinhala BJT5384. මහරජාණෙනි, සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ හෝ සිල්වත් වූ හෝ දුශ්ශීල වූ හෝ යම් යම් එකකු සෙවුණේ ද හේ ඔහුගේ මැ වසෙයට පැමිණෙයි.
Pali BJT5385. යාදිසං කුරුතෙ මිත්තං යාදිසඤ්චුපසෙවති, සොපි තාදිසකො හොති සහවාසො හි තාදිසො.
Sinhala BJT5385. යමෙක් යම් බඳු (පුඟුලකු) මිතුරු කෙරේ ද යම් බඳු වූවකු සෙවුනේ ද හේ ඒකාන්තයෙන් එබඳු වූයේ වෙයි. සහවාසය එබඳු මැ යි.
Pali BJT5386. සෙවමානො සෙවමානං සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො{5} කලාපංව අලිත්තමුපලිම්පති උපලෙපභයා{6} ධීරො නෙව පාපසඛා සියා.
Sinhala BJT5386. විස පෙවූ සරයෙක් හියවුරෙහි බහාලන ලද්දේ හියවුර විසයෙන් ආලිප්ත වන්නා සේ පාපමිත්‍රයා පාපයෙන් පහස්නා ලද්දේ තමා සේවනය කරන අන්‍යයා ද (පාපයෙන්) තවරයි. (තමා හා සම අදහස් ඇත්තකු කෙරෙයි සේ යි.) නුවණැති පුරුෂ පාපයෙන් තැවැරෙන බියෙන් පාපමිත්‍රයන් ඇත්තෙක් නො වන්නේ යැ.
Pali BJT5387. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති, කුසාපි පූති වායන්ති එවං බාලූපසෙවනා.
Sinhala BJT5387. යම් මිනිසෙක් කුණු මස් කුසතණයෙන් බඳී ද (එයින්) කුස තණ ද කුණුගඳ හමයි. බාලයන් සේවනය ද එ බඳු යි.
Pali BJT5388. තගරඤ්ච{7} පලාසෙන යො නරො උපනය්හති, පත්තාපි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා.
Sinhala BJT5388. යම් මිනිසෙක් තුවරලා කොළපතෙකින් බඳී නම් ඒ කොළ පත ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබ ඳු යි.
Pali BJT5389. තස්මා පලපුටස්සෙව{8} ඤත්වා සම්පාක{9} මත්තනො, අසන්තෙ නොපසෙවෙය්ය සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගතිං.
Sinhala BJT5389. එහෙයින් පත්‍රපුටයාගේ සුවඳ විහිදීම මෙන් (පණ්ඩිත සේවනයෙන්) තමාගේ ඥාන පරිපාකය දැන පණ්ඩිත පුරුෂ අසත්පුරුෂයන් නො සෙවුනේ යැ. සත්පුරුෂයන් සේවනය කරන්නේ යැ. අසත්පුරුෂයෝ (තමා සෙවුනාහු) නිරයට පමුණුවති. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.
Pali BJT5390. අහම්පි ජාතියො සත්ත සරෙ සංසරිතත්තනො, අනාගතාපි සත්තෙව යා ගමිස්සං ඉතො චුතා.
Sinhala BJT5390. දේවයන් වහන්ස, මම ද තමා විසින් සැරිසරන ලද ජාති සතක් සිහිකරමි. මෙයින් සැවැ යායුතු වූ අනාගත වූ ද සත් ජාතියක් මැ සිහිකරමි.
Pali BJT5391. යා මෙ සා සත්තමී ජාති අහු පුබ්බෙ ජනාධිප, කම්මාරපුත්තො මගධෙසු අහුං රාජගහෙ පුරෙ.
Sinhala BJT5391. ජනාධිපති රජතුමනි, පෙර මාගේ යම් සත්වැනි ජාතියක් වූ ද, එකල මගධ රට රජගහ නුවර තරහල් පුත් වීමි.
Pali BJT5392. පාපං සභායං ආගම්ම බහුං පාපං කතං මයා, පරදාරස්ස හෙඨෙන්තො චරිම්භ අමරා විය.
Sinhala BJT5392. මා විසින් පවිටු මිතුරකු නිසා බොහෝ පව් කරන ලද, පරදාරාවන් වෙහෙසමින් අපි නො මැරෙනුවන් මෙන් හැසුරුනම්හ.
Pali BJT5393. තං කම්මං නිහිතං අට්ඨා භස්මච්ඡත්තොව පාවකො, අථ අඤ්ඤෙහි කම්මෙහි අජායිං වංසභූමියං.
Sinhala BJT5393. රැස්කරනලද ඒ කර්‍මය හළුයෙන් වැසුණු ගිනිඅඟුරක් සෙයින් නිහිත වැ සිටියේ යැ. ඉක්බිති අන්‍ය කර්‍මයකින් වංසරට උපන්මි.
Pali BJT5394. කොසම්බියං සෙට්ඨිකුලෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ, එකපුත්තො මහාරාජ නිච්චං සක්කතපූජිතො.
Sinhala BJT5394. මහරජාණෙනි, කොසඹෑනුවර සමෘද්ධ වූ සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධන ඇති සිටු කුලයෙකැ නිතර පූජාසත්කාර ඇති එක මැ පුත් වීමි.
Pali BJT5395. තත්ථ මිත්තං අසෙවිස්සං සහායං සාතවෙ{1} රතං, පණ්ඩිතං සුතසම්පන්නං සො මං අත්ථෙ නිවෙසයි.
Sinhala BJT5395. එහි පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති යහපත් ක්‍රියාවන්හි ඇලුණු මිත්‍රයකු සහාය වශයෙන් ඇසුරු කෙළෙමි. හෙතෙම මා කුශලකර්‍මයෙහි පිහිටුවීය.
Pali BJT5396. චාතුද්දසිං පඤ්චදසිං බහුං රත්තිමුපාවසිං,{2} තං කම්මං නිහිතං අට්ඨා නිධීව උදකන්තිකෙ.
Sinhala BJT5396. බොහෝ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි පෙහෙවස් විසීමි. ඒ කර්‍මය ජලාන්තයක පිහිටි නිධානයක් මෙන් වැසී සිටියේ ය.
Pali BJT5397. අථ පාපානං කම්මානං යමෙතං මගධෙ කතං ඵලං පරියාග තං{3} පච්ඡා භුත්වා දුට්ඨවිසං යථා.
Sinhala BJT5397. වැළි, මා සතු පව්කම් අතුරෙන් මගධයෙහි දී කළ යම් මේ පරදාරසේවන කර්‍මයක් වේ ද ඒ (කර්‍මයාගේ) විපාකය අනුභව කළ නපුරු විෂක් මෙන් මා වෙත එළැඹියේ ය.
Pali BJT5398. තතො චුතාහං වෙදෙහ රොරුවෙ නිරයෙ චිරං, සකම්මනා{4} අපච්චිස්සං තං සරං න සුඛං ලභෙ,
Sinhala BJT5398. වේදේහ (රජාණෙනි) මම එයින් සැවැ සිය පව්කම් හේතුයෙන් රෞරව නරකයෙහි බොහෝ කලක් පැසුණෙමි. එය සිහි කරන්නෙම් (සිතට) සැපක් නො ලබමි.
Pali BJT5399. බහුවස්සගණෙ තත්ථ ඛෙපයිත්වා බහුං දුඛං, භෙණ්ණකටෙ{5} අහුං රාජ ඡකලො{6} උද්ධිතප්ඵලො.
Sinhala BJT5399. මහරජාණෙනි, එහි බොහෝ වර්‍ෂ ගණනක් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙවා භෙණ්ණාකට දේශයෙහි බීජෝද්ධරණය කරන ලද එළුවෙක් වීමි.
Pali BJT5400. සාතපුත්තා මයා වූළ්හා පිට්ඨියා ච රථෙන ච, තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
Sinhala BJT5400. මා විසින් පිටින් ද රියෙන් ද ඇමතිපුත්තු උසුලනලදහ. (මේ සියල්ල) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකය යි.
Pali BJT5401. තතො චුතාහං වෙදෙහ කපි ආසිං බ්රහාවනෙ, නිලිච්ඡිත{7} ඵලොයෙව යූථපෙන පගබ්භිනා. තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
Sinhala BJT5401. වේදේහයෙනි, එයින් චුත වූ මම මහවනයෙහි වඳුරෙක් වීමි. (එහිදු) ප්‍රගල්භ වූ ප්‍රධාන වානරයා විසින් උපුටන ලද ඵල (බීජ) ඇත්තෙම් වීමි. එ ද මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
Pali BJT5402. තතො චුතාහං වෙදෙහ දසණ්ණෙසු{8}, පසූ අහුං, නිල්ලච්ඡිතො ජවෙ භද්රො යොග්ගහං වූළ්හං චිරං මයා; තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
Sinhala BJT5402. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම දසණ්න ජනපදයෙහි ගොනෙක් වීමි. (එහි දු,) උපුටන ලද බීජ ඇත්තෙම් ජවයෙහි යහපත් වීමි. මා විසින් (එහි) බොහෝ කලක් විය (බර) උසුලන ලදී. (එ ද) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
Pali BJT5403. තතො චුතාහං වෙදෙහ වජ්ජීසු කුලමාගමා, නෙවිත්ථි න පුමා ආසිං මනුස්සත්තෙ සුදුල්ලභෙ, තස්ස කම්මස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙ.
Sinhala BJT5403. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම වජ්ජි ජනපදයෙහි කුලයකට (උත්පත්ති වශයෙන්) පැමිණියෙමි. අතිශයින් දුර්‍ලභ වූ මනුෂ්‍යාත්මයෙහි ස්ත්‍රියක් ද නො වීමි. පුරුෂයෙක් ද නො වීමි. (නපුංසක වීමි. එය ද) මාගේ ඒ පරදාරගමන කර්‍මයාගේ විපාකයෙකි.
Pali BJT5404. තතො චුතාහං වෙදෙහ අජායිං නන්දනෙ වනෙ, භවනෙ තාවතිංසාහං අච්ඡරා කාමවණ්ණිනී.
Sinhala BJT5404. වේදේහයෙනි, එයින් ච්‍යුත වූ මම තව්තිසා භවනයෙහි නන්‍දන වනයෙහි කැමැති කැමැති වෙස් ගැනීමට සමර්‍ත්‍ථ වූ අප්සරාවක් වැ උපන්මි.
Pali BJT5405. විචිත්තවත්ථාභරණා ආවුත්තමණිකුණ්ඩලා, කුසලා නච්චගීතස්ස සක්කස්ස පරිචාරිකා.
Sinhala BJT5405. විසිතුරු වස්ත්‍ර හා ආභරණ ඇත්තී පැළැඳි මිණි කොඬොල් ඇත්තී නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූවා ශක්‍රයාගේ භාර්‍ය්‍යාවක් වීමි.
Pali BJT5406. තත්ථ ඨිතාහං වෙදෙහ සරාමි ජාතියො ඉමා, අනාගතෙපි සත්තෙව යා ගමිස්සං ඉතො චුතා.
Sinhala BJT5406. වේදේහයෙනි, එහි සිටි මම මේ (යට කියන ලද) ජාතීන් සිහි කෙළෙමි. මෙයින් ච්‍යුත වැ යම් තැනකට යන්නෙම් ද ඒ අනාගත ජාති සතක් ද සිහි කෙළෙමි.
Pali BJT5407. පරියාගතන්තං කුසලං යං මෙ කොසම්බියං කතං, දෙවෙ චෙව මනුස්සෙ ච සන්ධාවිස්සං ඉතො චුතා.
Sinhala BJT5407. කොසඹෑනුවර දී මා විසින් යම් කුශලයක් කරන ලද ද එය තමාගේ වාරයෙන් විපාක දීමට එළැඹියේ ය. මෙයින් ච්‍යුත වූ මම දෙව් ලොව ද මිනිස් ලොව ද සැරිසරන්නෙමි.
Pali BJT5408. සත්ත ජච්චො{1} මහාරාජ නිච්චං සක්කතපූජිතා, ථිභාවාපි{2} න මුච්චිස්සං ඡට්ඨානි ගතියො ඉමා.
Sinhala BJT5408. මහරජ, මෙසේ සත්ජාතියෙක නිතර පූජා සත්කාර කරන ලද්දී වෙමි. (යට කී) ජාති සයෙහි ස්ත්‍රීභාවයෙන් නො මිදුණෙමි.
Pali BJT5409. සත්තමී ච ගතී දෙව දෙවපුත්තො මහිද්ධිකො, පුමා දෙවො භවිස්සාමි දෙවකායසමිමුත්තමො.{3}
Sinhala BJT5409. දේවයන් වහන්ස, සත්වැනි ගතියෙහි දෙවියන් අතර උතුම් වූ මහත් ඍද්ධි ඇති පුරුෂදේව වූ දිව්‍ය ප්‍රත්‍රයෙක් වන්නෙමි.
Pali BJT5410. අජ්ජාපි සන්තානමයං මාලං ගන්ථෙන්ති නන්දනෙ, දෙවපුත්තො ජවො නාම යො මෙ මාලං පටිච්ඡති.
Sinhala BJT5410. අද ද නන්‍දන උයනෙහි (මාගේ පරිවාර දිව්‍යස්ත්‍රීහු) (ඒකතෝවණට ආදි වශයෙන්) රැස් කළ මල් (මා සඳහා) ගොතන්නාහ. ජව නම් වූ දිව්‍යපුත්‍රයෙක් මා සඳහා (ගසින්) වැටෙන මල් පිළිගනී ද (හේ මාගේ සැමියා යි).
Pali BJT5411. මුහුත්තො විය සො දිබ්බො ඉමානි වස්සානි සොළස, රත්තින්දිවො ච සො දිබ්බො මානුසිං සරදොසතං.
Sinhala BJT5411. යම් මේ (ගත වූ) සොළොස් වසක් වේ ද එය දෙව්ලොව ඇසිල්ලක් මෙනි. මිනිස් ගණනින් සියක් වසක් (තව්තිසා) දෙව්ලොව එක් රෑ දාවලෙකි. (එක් දවසෙකි.)
Pali BJT5412. ඉති කම්මානි අන්වෙන්ති අසඞ්ඛෙය්යාපි ජාතියො, කල්යාණං යදි වා පාපං නහි කම්මං පනස්සති.
Sinhala BJT5412. මෙසේ නො ගිණිය හැකි ජාතියෙකැ පවා කර්‍මයෝ (සත්‍වයා) අනුව යෙති. කුශල වූ අකුශල වූ හෝ කර්‍මය (විපාක නොදී) නො නස්නේ ය. (මේ අපරාපරියවේදනීය කර්‍මය යි.)
Pali BJT5413. යො ඉච්ඡෙ පුරිසො හොතුං ජාතිජාතිං පුනප්පුනං, පරදාරං විවජ්ජය්යෙ ධොතපාදොව කද්දමං.
Sinhala BJT5413. යමෙක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වීමට කැමැත්තේ නම් දෙවූ පා ඇත්තකු මඩ (දුරු කරන්නා සේ) පරදාර කර්‍මය දුරු කරන්නේ ය.
Pali BJT5414. යා ඉච්ඡෙ පුරිසො හොතුං ජාතිජාතිං පුනප්පුනං, සාමිකං අපචායෙය්ය ඉන්දංව පරිචාරිකා.
Sinhala BJT5414. යම් ස්ත්‍රියක් මතු මතු ජාතීන්හි පුනපුනා පුරුෂයකු වන්නට රිසි වේ නම් පරිචාරිකාවන් ඉන්‍ද්‍රයාහට (අත් පා මෙහෙ කරන්නා) මෙන් සිය සැමියාට අත් පා මෙහෙ කරන්නේ ය.
Pali BJT5415. යො ඉච්ඡෙ දිබ්බභොගඤ්ච දිබ්බං ආයුං යසං සුඛං, පාපානි පරිවජ්ජෙත්වා තිවිධං ධම්මමාචරෙ.
Sinhala BJT5415. යමෙක් දිව්‍ය භොග ද දිව්‍ය ආයුෂ යසස හා සුව ද කැමැත්තේ නම් පව් දුරු කොට ත්‍රිවිධ සුචරිත ධර්‍මයෙහි හැසිරෙන්නේ ය.
Pali BJT5416. කායෙන වාචා මනසා අප්පමත්තො විචක්ඛණො, අත්තනො හොති අත්ථාය ඉත්ථි වා යදි වා පුමා.
Sinhala BJT5416. නුවණැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කයින් වචනින් මනසින් නො පමා වී නම් (එය) තමහට වැඩ පිණිස වෙයි.