Pali BJT5220. කලිං{1} හි ධීරානං කටං මගානං භවන්ති වෙදජ්ඣගතානරිට්ඨ, මරීචිධම්මං අසමෙක්ඛිතත්තා මායාගුණා නාති වහන්ති පඤ්ඤං.
Sinhala BJT5220. එම්බා අරිෂ්ට, වේද ඉගෙනීම වනාහි නුවණ ඇත්තන්ට පරාජය නම් අකුසල ග්‍රහණය ද නුවණ නැත්තන්ට ජය නම් කුසලග්‍රහණය ද වෙයි. වේදත්‍රය මිරිඟු ස්වභාව ඇතැ යි නො සිතන්නාහු එයට පැමිණෙති. මායා කොටස් ඇති මේ වේදයෝ නැණැත්තාහු නො ඉක්මවති හෙවත් නො රවටති.
Pali BJT5221. වෙදා න තාණාය භවන්තිරස්ස{2} මිත්තද්දුනො භූනහුනො නරස්ස, න තායතෙ පරිචිණ්ණො ච අග්ගි දොසන්තරං මච්චං අනරියකම්මං.
Sinhala BJT5221. දියුණුව නසන මිත්‍රද්‍රෝහි මිනිසා රැකීමට වේදයෝ සමත් නො වෙති. පිදු ගිනි ද සදොස් සිත් ඇති අකුසල් කරන මිනිසා ආරක්‍ෂා නො කෙරෙයි.
Pali BJT5222. සබ්බඤ්චෙ මච්චා සධනා{3} සභොගා{4} ආදීපිතං දාරුතිණෙන මිස්සං, දහං න තප්පෙ අසමත්ථ{5} තෙජො කො තං සුභික්ඛං දිරසඤ්ඤ කුරියා.{6}
Sinhala BJT5222. ඉදින් ධන හා සම්පත් සහිත මිනිස්සු දර හා තෘණ ද මුසු කොට සියල්ල දල්වත්. අසමාන තේජස් ඇති ඒ ගින්න සියල්ල දවන්නේ සෑහීමට නො පැමිණෙයි. දෙ දිවකින් රස දැනුමට සමත් අරිෂ්ටය, කවරෙක් ඒ ගින්න සුලභ භික්‍ෂා ඇත්තක් කරන්නේ ද?
Pali BJT5223. යථාපි ඛීරං විපරිනාමධම්මං දධී භවිත්වා නවනීතම්පි හොති, එවම්පි අග්ගි විපරිනාමධම්මො තෙජො සමොරොහති යොගයුත්තො.
Sinhala BJT5223. යම්සේ පෙරළෙන ස්වභාව ඇති කිරි දී බවට පැමිණ යළි වෙඬරු බවටත් පැමිණේ ද ගිනි ද මෙසේ පෙරළෙන ස්වභාව ඇත්තේ වේ. ගිනිගාන දඬු හා යෙදීමෙන් ගිනි හටගනී.
Pali BJT5224. න දිස්සතෙ අග්ගිමනුප්පවිට්ඨො සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, නාමන්ථමානො අරණීනරෙන නාකම්මනා ජායති ජාතවෙදො.
Sinhala BJT5224. වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇවිළ ගත් හෙවත් ඇතුළට පිවිසි ගිනි නො දිස්වේ. ගිනිගාන දඬුගත් මිනිසකු විසින් අලළනු නො ලබන්නේ ක්‍රියා රහිත ව ගිනි නො හටගනී.
Pali BJT5225. සචෙ හි අග්ගි අන්තරතො වසෙය්ය සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, සබ්බානි සුස්සෙය්යුං වනානි ලොකෙ සුක්ඛානි කට්ඨානි ච පජ්ජලෙය්යුං.
Sinhala BJT5225. ඉදින් ගිනි වියැළි නො වියැළි කාෂ්ඨයන්හි ඇතුළත වෙසේ නම් ලොව සියලු වනයෝ වියැළෙන්නාහ. වියැළි කාෂ්ඨයෝ ද ගිනි ඇවිළ ගන්නාහ.
Pali BJT5226. කරොති චෙ{1} දාරුතිණෙන පුඤ්ඤං භොජං{2} නරො ධූමසිඛිං පතාපවං, අඞ්ගාරිකා ලොණකරා ච සූදා සරිරදාහාපි කරෙය්යුං පුඤ්ඤං.
Sinhala BJT5226. ඉදින් යමෙක් දුමසිළු ඇති මහත් තේජස් ඇති ගින්නට දර හා තෘණ අනුභව කරවමින් පින් කෙරෙහි නම් අඟුරු දවන්නෝ ද, ලුණු සාදන්නෝ ද, අරක්කැමියෝ ද, මළ මිනී දවන්නෝ ද පින් කරන්නාහ.
Pali BJT5227. අථ වෙ හි එතෙ න කරොන්ති පුඤ්ඤං. අජ්ඣෙනමග්ගිං ඉධ තප්පයිත්වා, න කොචි ලොකස්මිං කරොති පුඤ්ඤං භොජං නරො ධූමසිඛිං පතාපවං.
Sinhala BJT5227. ඉදින් මොහු වනාහි පින් නො කෙරෙත් නම් මෙ ලොවැ මන්ත්‍ර හදාරන බමුණෝ ගිනි තැප පින් කෙරෙද්ද? මෙ ලොවැ කිසි මිනිසෙක් දුම්සිළු ඇති මහත් තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පිනක් නම් නො කෙරේ.
Pali BJT5228. කථං හි ලොකාපචිතො සමානො අමනුඤ්ඤගන්ධං බහුන්නං අකන්තං, යදෙව මච්චා පරිවජ්ජයන්ති තදප්පසත්ථං දිරසඤ්ඤ භුඤ්ජෙ.
Sinhala BJT5228. දෙදිව් ඇත්ත, ලෝවැසියන් පුදනලද්දා වූ ම ගින්න නො මනා ගඳ ඇති බොහෝ දෙනාට අප්‍රිය වූ යම් කුණපයක් මිනිස්සු දුරු කෙරෙත් ද, එබඳු නො පසස්නාලද කුණපය කෙසේ නම් අනුභව කරන්නේ ද?
Pali BJT5229. සිඛිං හි දෙවෙසු වදන්ති හෙකෙ ආපං මිලක්ඛා පන දෙවමාහු, සබ්බෙව එතෙ විතථං භණන්ති{3} අග්ගී න දෙවඤ්ඤතරො න චාපො.
Sinhala BJT5229. සමහරු ගින්න දෙවියන් අතුරෙන් කෙනෙකැ යි කියති. නුවණ නැති මිලේච්ඡයෝ වනාහි ජලය දෙවියෙකැ යි කියති. මේ සියල්ලෝ ම බොරු කියති. ගින්න දෙවියන් අතරෙන් අයෙක් නො වේ. ජලය ද දෙවියෙක් නො වේ.
Pali BJT5230. නිරින්ද්රියං සන්තං අසඤ්ඤකායං{4} වෙස්සානරං කම්මකරං පජානං, පරිචරිය{5} මග්ගිං සුගතිං කථං වජෙ{6} පාපානි කම්මානි පකුබ්බමානො.
Sinhala BJT5230. පව් කරන්නෙක් ඉඳුරන් නැති සිත් නැති සත්ත්‍වයන්ගේ බත් පිසීම් ආදි කටයුතු කරන වෙස්සානර නමැති ගින්න පුදා කෙසේ නම් සුගතියට යන්නේ ද?
Pali BJT5231. සබ්බාභිභූතාහුධ ජීවිකත්ථා අග්ගිස්ස බ්රහ්මා පරිචාරකොති, සබ්බානුභාවී ච වසී කිමත්ථං අනිම්මිතො නිම්මිතං වන්දිතස්ස.
Sinhala BJT5231. මෙලොවැ ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාහු (බමුණෝ) බ්‍රහ්මයා සියල්ලන් මැඩ පවත්වන්නෙකැයි ද ගිනි දෙවියා පුදන්නෙකැ යි ද කියති. සියලු අනුභාව ඇති සියල්ලන් වසඟ කරන බ්‍රහ්මයා තෙමේ නො මවන ලද්දේ කවර හෙයින් මවන ලද ගින්න වඳින්නෙක් වන්නේ ද?
Pali BJT5232. හස්සං අනිජ්ඣානඛමං අතච්ඡං සක්කාරහෙතු පකිරිංසු{7} පුබ්බෙ, තෙ ලාභසක්කාරෙ අපාතුභොන්තෙ සන්ථම්භිතා{8} ජන්තුහි සන්තිධම්මං.
Sinhala BJT5232. (එම්බා අරිෂ්ටය), මේ බමුණෝ සිනාවට සුදුසු නුවණැතියන්ගේ සිතීමට නො හොබනා බොරුවක් ලාභසත්කාර හේතු කොට පෙරැ පැතිරැ වූහ. ඔව්හු ලාභසත්කාර නො ලැබෙන කල සතුන් හා සම්බන්‍ධකොට (ශාන්තිධර්‍ම නමැති යාගයක් නිපැදැවූහ. නොහොත් ශාන්තිධර්‍ම නමැති යාගසූත්‍රයක් ගෙතූහ.)
Pali BJT5233. අජ්ඣෙනමරියා පඨවිං ජනින්දා වෙස්සා කසිං පරිචරියඤ්ච සුද්දා, උපාගු පච්චෙකං යථා{9} පදෙසං කතාහු එතෙ වසිනාති ආහු.
Sinhala BJT5233. ආර්‍ය්‍ය වූ බමුණෝ මන්ත්‍ර ඉගෙනීමට ද, ක්‍ෂත්‍රියයෝ පොළොව පාලනයට ද, වෛශ්‍යයෝ සී සෑමට ද, ශුද්‍රයෝ ඔවුන්ගේ මෙහෙ කිරීමට ද වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ කුලප්‍රදේශයනට අනුව පැමිණියහ. මොවුහු මහබඹු විසින් මැවුණාහ යි කියති.
Pali BJT5234. එතඤ්ච සච්චං වචනං භවෙය්ය යථා ඉදං භාසිතං බ්රාහ්මණෙහි, නාඛත්තියො ජාතු ලභෙථ රජ්ජං නාබ්රාහ්මණො මන්තපදානි සික්ඛෙ නාඤ්ඤත්ර වෙස්සෙහි කසිං කරෙය්ය සුද්දො න මුඤ්චෙ පරපෙස්සිතාය.{1}
Sinhala BJT5234. යම්සේ බමුණන් විසින් මෙය කියන ලද්දේ ද, (ඉදින්) මෙය සැබෑ බසෙක් වේ නම් ක්‍ෂත්‍රිය නො වූවෙක් කිසි කලෙකත් රජය නො ලබන්නේ ය. බමුණු නො වූවෙක් මන්ත්‍ර නො හදාරන්නේය. වෛශ්‍යයන් මිස අනෙකක් නො සී සාන්නේ ය. ශුද්‍ර තෙමේ අන්‍යයන්ගේ මෙහෙකරු බැවින් නො මිදෙන්නේ ය.
Pali BJT5235. යස්වා ච එතං වචනං අභූතං මුසා චිමෙ ඔදරියා භණන්ති, තදප්පපඤ්ඤා අභිසද්දහන්ති පස්සන්ති තං පණ්ඩිතා අත්තනාව.
Sinhala BJT5235. යම් හෙයකින් මේ වචනය බොරු වේ ද, එහෙයින් බඩ වැඩීම හේතුකොටගෙන මේ බමුණෝ බොරු ද කියති. ඒ බොරුව මද නුවණැත්තෝ අදහති. ප්‍රාඥයෝ තුමූ මැ ඒ බොරුව සදොස් ය යි දකිති.
Pali BJT5236. ඛත්ත්යා න වෙස්සා න බලිං හරන්ති ආදාය සත්ථානි චරන්ති බ්රාහ්මණා, තං තාදිසං සංඛුභිතං විහින්නං{2} කස්මා බ්රහ්මා නුජ්ජුකරොති ලොකං.
Sinhala BJT5236. ක්‍ෂත්‍රියයෝ අයබදු නො ගනිති. වෛශ්‍යයෝ අයබදු නො දෙති. බමුණෝ ආයුධ රැගෙන හැසිරෙති. එසේ කැළැඹුණු වෙසෙසින් බිඳුණු ඒ ලෝකය කවර හෙයින් බඹ තෙම ඍජු නො කෙරෙයි ද?
Pali BJT5237. සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ බ්රහ්මා බහූ භූතපතී පජානං, කිං සබ්බලොකං විදහී අලක්ඛිං කිං සබ්බලොකං න සුඛී අකාසි.
Sinhala BJT5237. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමී වූ ඒ බ්‍රහ්ම තෙම සියලු ලෝකයෙහි අධිපති වේ නම් කවරහෙයින් සියලු ලෝකය දුක් සහිතවූවක් කෙළේ ද? කවර හෙයින් සියලු ලොව සැපවත් නො කෙළේ ද?
Pali BJT5238. සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ බ්රහ්මා බහූ භූතපතී පජානං, මායා මුසාවජ්ජමදෙන චාපි ලොකං අධම්මෙන කිමත්ථකාසි.
Sinhala BJT5238. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බඹ තෙම සියලු ලො වැ අධිපති වේ නම් මායා ය, මුසා ය, මද ය යන මේ නො දහමින් යුතු කොට ලොව කුමක් සඳහා මැවී ද.
Pali BJT5239. සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ බ්රහ්මා බහූ භූතපති පජානං, අධම්මියො{3} භූතපතී අරිට්ඨ ධම්මෙ සති සො විදහී අධම්මං.
Sinhala BJT5239. ඉදින් බොහෝ සත්ත්‍වයනට ස්වාමි වූ ඒ බ්‍රහ්මයා සියලු ලොවැ අධිපති වූ වේ නම්, එම්බා අරිෂ්ට, කුසල් දහම් ඇති කලැ යම් බඹෙක් නො දහම් ඇති කෙළේ ද හේ නො දැහැමියෙකි.
Pali BJT5240. කීටා පටංගා උරගා ච භෙකා{4} හන්ත්වා කිමිං සුජ්ඣති මක්ඛිකා ච, එතෙ හි ධම්මා අනරියරූපා කම්බොජකානං විතථා බහුන්නං.
Sinhala BJT5240. පණු ය, පළඟැටි ය, සර්‍ප ය, මැඩි ය, කෘමි ය, මැසි ය යන මොවුන් නසා පිරිසිදු වෙයි යන මේ අනාර්‍ය්‍ය ස්වරූප වූ ධර්‍මයෝ කාම්බෝජ රටවැසි (අනාර්‍ය්‍යවූ) බොහෝ දෙනාගේ බොරු ය.
Pali BJT5241. සචෙ හි සො සුජ්ඣති යො හනාති හතොපි සො සග්ගමුපෙති ඨානං, භොවාදි භොවාදිනං මාරයෙය්යුං{5} යෙ චාපි තෙසං අභිසද්දහෙය්යුං.
Sinhala BJT5241. ඉදින් යාගයෙහි දී යමෙක් නසා ද හේ පිරිසිදු වෙයි නම් ඒ නැසුණු තැනැත්තේ දෙව්ලොවට යේ නම් බමුණෝ බමුණකු ම මරන්නාහ. යම් කෙනෙක් ඔවුන්ගේ වදන් අදහන්නාහු නම් ඔවුන් ද මරවන්නාහු ය.
Pali BJT5242. නෙව මිගා නප්පසුනොපි ගාවො ආයාචන්ති අත්තවධාය{1} කෙචි, විප්ඵන්දමානං ඉධජීවිකත්ථා යඤ්ඤෙසු පාණෙ පසුමාහරන්ති.
Sinhala BJT5242. කිසි මෘග කෙනෙක් තමා නසන්නට නො යදිති. සිවුපාවෝ ද නො යදිති. ගවයෝ ද නො යදිති. මෙ ලොව ජීවත්වීම ප්‍රයෝජන කොට ඇත්තෝ යාගයන්හි දී පණ ඇති සිවුපාවුන් සල්වමින් මරති.
Pali BJT5243. යූපස්ස{2} තෙ පසුබන්ධෙ ච බාලා චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති, අයං තෙ යූපො කාමදුහො පරත්ථ භවිස්සති සස්සතො සම්පරායං.
Sinhala BJT5243. ඒ නුවණ නැති පසු ආදීන් යාගස්තම්භයෙහි බඳිනු ලබනකල මේ යාගස්තම්භය තොපට පරලොව දී කැමැති වස්තුව දෙන්නේ වෙයි පරලොව ශාස්වත වන්නේ ය යි විසිතුරු වර්‍ණනාවන්ගෙන් මුහුණ සතුටු කෙරෙති.
Pali BJT5244. සචෙ ච යූපෙ මණිසඞ්ඛමුත්තං ධඤ්ඤං ධනං රජතං ජාතරූපං, සුක්ඛෙසු කිට්ඨෙසු නවෙසු චාපි සචෙ දුහෙ තිදිවෙ සබ්බකාමෙ තෙවිජ්ජසඞ්ඝා ච පුථූ යජෙය්යුං න බ්රාහ්මණා කඤ්චි තං{3} යාජයෙය්යුං.
Sinhala BJT5244. ඉදින් යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය, යන මෙය වේ නම් ඉදින් වියැළි නො වියැළි කාෂ්ටයන්හි ද දෙව්ලොව කැමති සියලු වස්තුව දීම වේ නම් ත්‍රිවේ ද ය දන්නා බමුණෝ ම බෙහෙවින් යාග කරන්නාහු ය. බමුණෝ අන් කිසිවකු ලවා යාග නො කරවන්නාහු වෙති.
Pali BJT5245. කුතො ච යූපෙ මණිසඞ්ඛමුත්තං ධඤ්ඤං ධනං රජතං ජාතරූපං සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි කුතො දුහෙ තිදිවෙ සබ්බකාමෙ.
Sinhala BJT5245. යාගස්තම්භයෙහි මැණික් ය, සක් ය, මුතු ය, ධාන්‍ය ය, ධන ය, රිදී ය, රත්රන් ය යන මෙය කොයින් ද, වියැළි නො වියැළි කාෂ්ටයන්හි දෙව්ලොව කැමති සියලු වස්තුව දීම කොයින් ලැබෙන්නේ ද?
Pali BJT5246. සඨා ච ලුද්දා උපලද්ධබාලා{4} චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති, ආදාය අග්ගිං මම දෙහි විත්තං තතො සුඛී හොහිසි සබ්බකාමෙ.
Sinhala BJT5246. පෙළඹුණු අඥාන මිනිසුන් ඇති කපටි රුදුරු බමුණෝ තෙපි ගිනි ගෙන පුදා මට වස්තුව දෙව, තෙපි කැමති සියලු සම්පත් ලැබැ සුඛිත වෙව” යි විචිත්‍ර වර්‍ණනාවෙන් ඔවුන්ගේ මුහුණු සතුටු කෙරෙති.
Pali BJT5247. තමග්ගිහුත්තං සරණං පවිස්ස චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති, ඔරොපයිත්වා කෙසමස්සුං නඛඤ්ච වෙදෙහි චිත්තං අතිගාළයන්ති.
Sinhala BJT5247. ඒ ගිනි පුද කරන හලට ඇතුළු වැ හිසකෙස් රැවුල් බාවා නිය ද කප්වා විචිත්‍ර වර්‍ණනාවෙන් මුහුණ තුටු කෙරෙති. වේද කථාවලින් ඔහුගේ සම්පත් විනාශයට පමුණුවති.
Pali BJT5248. කාකා උලූකංච රහො ලභිත්වා එකං සමානං බහුකා සමෙච්ච, අන්නානි භුත්වා කුහකා කුහිත්වා මුණ්ඩං කරිත්වා යඤ්ඤපථොස්සජන්ති.
Sinhala BJT5248. හුදෙකලා වූ බකමූණකු ලැබූ කපුටන් මෙන් ඒ කුහක බමුණෝ බොහෝ දෙන එක් වැ ඔහු වංචා කොට ඔහුගේ රස බොජුන් අනුභවකොට හිස මුඩුකොට යාගස්ථානයෙහි පසෙකට දමති.
Pali BJT5249. එවං හි සො වඤ්චිතො බ්රාහ්මණෙහි එකො සමානො බහූහි{5} සමෙච්ච, තෙ යොගයොගෙන විලුම්පමානා දිට්ඨං අදිට්ඨෙන ධනං හරන්ති.
Sinhala BJT5249. මෙසේ හුදෙකලා වූ හෙ තෙම බොහෝ බමුණන් විසින් රැස් වැ රවටන ලද්දේ වේ. ඒ බමුණෝ නොයෙක් යුක්ති කරණකොට පැහැර ගන්නාහු නො පෙනෙන දෙව් සැපතින් පෙනෙන ධනය රැගෙන යති.
Pali BJT5250. අකාසියා රාජූහි චානු{1}සිට්ඨා තදස්ස ආදාය ධනං හරන්ති, තෙ තාදිසා චොරසමා අසන්තා වජ්ඣා න හඤ්ඤන්ති අරිට්ඨ ලොකෙ.
Sinhala BJT5250. රජුන් විසින් අනුශාසනා කරන ලද අයබදු ගන්නා රාජපුරුෂයන් මෙන් ඔහුගේ එම ධනය රැගෙන යති. අරිෂ්ටය, ලොවැ සොරුන් හා සමාන අසත්පුරුෂ වධයට සුදුසු එබඳු වූ ඒ බමුණෝ කුමක් හෙයින් නො මරවනු ලබත් ද?
Pali BJT5251. ඉන්දස්ස බාහාරසි දක්ඛිණාති යඤ්ඤෙසු ඡින්දන්ති පලාසයට්ඨිං, තං චෙපි සච්චං මඝවා ඡින්නබාහු කෙනස්ස ඉන්දො අසුරෙ ජිනාති.
Sinhala BJT5251. ඔවුහු සක්දෙවිඳුගේ දකුණත ය යි යාගස්ථානයන්හිදී කෑල ලීයක් සිඳිති. ඉදින් එය සැබෑ නම් ශක්‍ර දේවේන්‍ද්‍රයා කපන ලද අත් ඇත්තෙකි. ඉන්‍ද්‍ර ඔහුගේ කවර නම් බලයකින් අසුරයන් දිනා ද?
Pali BJT5252. තඤ්චෙව තුච්ඡං මඝවා සමඞ්ගී හන්තා අවජ්ඣො පරමො ස දෙවො, මන්තා{2} ඉමෙ බ්රාහ්මණා තුච්ඡරූපා සන්දිට්ඨිකා වඤ්චනා එස ලොකෙ.
Sinhala BJT5252. බමුණන්ගේ ඒ වචනය හිස්මැ ය. සක්දෙවිඳු අත් ඇත්තෙකි. ඒ උතුම් දෙවි තෙම සතුරන් නසන්නෙකි. කිසිවකු විසිනුදු නො නැසිය හැක්කේ ය. බමුණන්ගේ මේ වේද මන්ත්‍රයෝ තුච්ඡස්වභාව ඇත්තාහ. මෙය ලෝකයෙහි පෙනෙන රැවටීමකි.
Pali BJT5253. මාලාගිරි හිමවා යො ච ගිජ්ඣො සුදස්සනො නිසභො කාකනෙරු,{3} එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු{4}.
Sinhala BJT5253. මාලාගිරි ය, හිමවත් ය, ගිජ්ඣ ය, සුදස්සන ය, නිසභ ය, කාකනේරු ය යන මේ පර්‍වතයෝ ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ආසන සඳහා ගඩොලින් කරන ලදහ යි කියති.
Pali BJT5254. යථාප්පකාරානි හි ඉට්ඨකානි චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු, න පබ්බතා හොන්ති තථප්පකාරා අඤ්ඤාදිසා අචලා තිට්ඨසෙලා.
Sinhala BJT5254. යම් බඳු ගඩොලකින් යාග කරන බමුණන් විසින් ආසන කරන ලදහ යි කියද්ද මේ පර්‍වතයෝ එ බඳු අයුරු ඇත්තෝ නො වෙති. නො සෙල්වෙන පිහිටි ගල් ඇති අන් අයුරු ඇත්තෝ යි.
Pali BJT5255. න ඉට්ඨකා හොන්ති සිලා චිරෙනපි න තත්ථ සඤ්ජායති අයො න ලොහං, යඤ්චෙ ච එතං පරිවණ්ණයන්තා චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු.
Sinhala BJT5255. ගඩොල් බොහෝ කලෙකිනුදු ගල් නො වෙයි. එහි යකඩ ද ලෝහ ද උපදනේ නො වේ. යාගයෙහි දී මෙය වර්‍ණනා කරන්නෝ යාග කරන බමුණන් විසින් කළ ආසන යැ යි කියත්.
Pali BJT5256. අජ්ඣායකං මන්තගුණූපපන්නං තපස්සිනං යාචයොගොති මාහු, තීරෙ සමුද්දස්සුදකං සජන්තං තං සාගරජ්ඣොහරි තෙන, පෙය්යො.
Sinhala BJT5256. වේද හදාරන මන්ත්‍ර කොටස්වලින් යුත් තපස්වී වූ බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කීහ. මුහුදු ඉවුරෙහි දිය නාන්නා වූ එ බඳු බමුණකු සයුර ගිල ගත්තේ ය. එ හෙයින් (මුහුද) පානය නො කළ හැක්කක් (ලුණු දිය ඇත්තක්) කරන ලදී.
Pali BJT5257. පරො සහස්සම්පි සමන්තවෙදෙ මනතුප්පන්නෙ නදියො වහන්ති, න තෙන ව්යාපන්තරසූදකානං{5} කස්මා සමුද්දො අතුලො අපෙය්යො.
Sinhala BJT5257. නිම කොට උගත් වේද ඇති මන්ත්‍රයෙන් යුත් දහසකට වැඩි බමුණන් නදීහු ගිල්වති. එහෙයින් නදී ජලයෙහි වෙනස් රසක් (ලුණු රසක්) නොවේ. කවර කරුණෙකින් අසම වූ සමුද්‍රය බ්‍රහ්මයා නො පිය යුත්තක් කෙළේ ද?
Pali BJT5258. යෙ කෙචි කූපා ඉධ ජීවලොකෙ ලොණූදකා කූපඛණෙහි ඛාතා, න බ්රාහ්මණජ්ඣොහරණෙන තෙසු ආපො අපෙය්යො දිරසඤ්ඤරාහු.
Sinhala BJT5258. දෙදිව් ඇත්ත, මේ ජීව ලෝකයෙහි ළිං හාරන්නන් කැණූ කරදිය ඇති යම් කිසි කූපයෝ වෙත් ද, එහි ජලය බමුණන් ගිලීම නිසා නො පිය හැකි වීයයි නො කියත්.
Pali BJT5259. පුරෙ පුරත්ථා කා කස්ස භරියා මනො මනුස්සං අජනෙසි පුබ්බෙ, තෙනාපි ධම්මෙන න කොචි හීනො එවම්පි වොස්සග්ගවිභාගමාහු.
Sinhala BJT5259. පෙර පළමු කප කවර නම් තැනැත්තක් කවරකුහට අඹු වූ ද? පෙර මනස ම මිනිසා ඉපැදැ වීය. එකරුණෙන් කිසිවෙක් හීන නොවේ. මෙසේ ඇති කල තම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ වෙනස වෙසෙසින් කියති.
Pali BJT5260. චණ්ඩාලපුත්තොපි අධිච්ච වෙදෙ භාසෙය්ය මන්තෙ කුසලො මුතීමා, න තස්ස මුද්ධා විඵලෙය්ය සත්තධා මන්තා ඉමෙ අත්තවධාය කත්තා.{1}
Sinhala BJT5260. ප්‍රඥාවත් දක්‍ෂ චණ්ඩාල පුත්‍රයෙක් ද වේදය ඉගෙන මන්ත්‍ර කියන්නේ නම් ඔහු ගේ මුදුන සත්කඩක් කොට නො පැළෙන්නේ ය. එ බැවින් මේ මන්ත්‍රයෝ තමහට වධ පිණිස කරන ලද්දෝ ය.
Pali BJT5261. වාචාකතා ගිද්ධිකතා{2} ගහීතා දුම්මොචයා කව්යපථානුපන්නා, බාලානචිත්තං විසමෙ නිවිට්ඨං තදප්පපඤ්ඤා අභිසද්දහන්ති.
Sinhala BJT5261. බොරු බසින් කරනලද ලාභයෙහි ගිජුබැවින් බමුණන් විසින් ගනුලබන කාව්‍යකාරයින්ගේ බසට අනුව ගිය මේ වේද මන්ත්‍ර නො මුදාලිය හැක්කෝ ය. නුවණනැත්තන්ගේ සිත මේ විෂම වේදයෙහි බැසගෙන සිටියේ ය. අඥානයෝ එය අදහති.
Pali BJT5262. සීහස්ස ව්යග්ඝස්ස ච දීපිනො ච න විජ්ජති පොරිසියං බලෙන, මනුස්සභාවො ච ගවංව පෙක්ඛො ජාතී හි තෙසං අස්මා සමානා.{3}
Sinhala BJT5262. බලයෙන් සිංහයකුගේ ද ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද පෞරුෂයට සමානවූවක් බමුණන්හට නැත. (ඔවුන්ගේ) මනුෂ්‍යත්‍වය ද ගවයන්ගේ ස්වභාව මෙන් දැක්කයුතු ය. අඥානභාවය හේතු කොට ගෙන ගවයන් හා සමවන ඒ බමුණන්ගේ ජාතිය වනාහි (ගවයන් හා) නො සම වෙයි.
Pali BJT5263. සචෙ ච රාජා පඨවිං විජිත්ථා සජීවවා අස්සවො පාරිසජ්ජො, සයමෙව සො සත්තුසඞ්ඝං{4} විජෙය්ය තස්ස පජා නිච්චසුඛී භවෙය්ය.
Sinhala BJT5263. ඉදින් (මහබඹු දුන් හෙයින්) රජ ද පොළොව දිනා කීකරු පිරිස් ඇත්තේ සහජීවනය කරන්නන්ගෙන් යුත් වූයේ වේ ද, ඒ රජ, තෙමේම සතුරු සමූහය ජයගන්නේ නම් ඔහුගේ (රට වැසි) ප්‍රජාව නිබඳ සුවයට පැමිණෙන්නේ ය. (යුද්ධයක් අනවශ්‍ය හෙයිනි).
Pali BJT5264. ඛත්තියමන්තා ච තයො ච වෙදා අත්ථෙන එතෙ සමකා භවන්තී, තෙසඤ්ච අත්ථං අවිනිච්ඡිනිත්වා න බුජ්ඣති ඔඝපථංව ඡන්නං.
Sinhala BJT5264. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථයෙන් සමාන වෙති. ඔවුන් පිළිබඳ අර්‍ත්‍ථ විනිශ්චය නො කොට (ආඥාවශයෙන් ගන්නා තෙනැත්තේ) සැඩ දිය පහරින් වැසුණු මග මෙන් (එහි අර්‍ත්‍ථය) අවබෝධ නො කෙරෙයි.
Pali BJT5265. ඛත්තියමන්තා ච තයො ච වෙදා අත්ථෙන එතෙ සමකා භවන්ති, ලාභො අලාභො අයසො යසො ච සබ්බෙ තෙ සබ්බෙසං චතුන්නධම්මා.
Sinhala BJT5265. ක්‍ෂත්‍රිය මන්ත්‍ර ද ත්‍රිවේදය ද යන මොව්හු වචනාර්‍ත්‍ථ වශයෙන් සම වෙති. ලාභය අලාභය අයසය යසය යන මොව්හු සියලු චතුර්වර්‍ණයන් පිළිබඳ ස්වභාවධර්‍මයෝ ය.
Pali BJT5266. යථාපි ඉබ්භා ධනධඤ්ඤ හෙතු කම්මානි කාරෙන්ති{1} පුථූ පථව්යා, තෙවිජ්ජසඞ්ඝාපි{2} තථෙව අජ්ජ කම්මානි කාරෙන්ති පුථූ පථව්යා.
Sinhala BJT5266. යම් සේ ගෘහපතියෝ ධනධාන්‍ය හේතුවෙන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවද්ද, බමුණෝ ද එලෙසින් ම දැන් පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවති.
Pali BJT5267. ඉබ්බෙහි එතෙ සමකා භවන්ති. නිච්චුස්සකා{3} කාමගුණෙසු යුත්තා, කම්මානි කාරෙන්ති පුථූ පථව්යා තදපප්පඤ්ඤා දිරසඤ්ඤරා තෙ.
Sinhala BJT5267. නිතර උත්සාහ ඇති පස්කම් සැපතෙහි යෙදුණු පොළොවෙහි බොහෝ කර්‍මාන්ත කරවන මොව්හු ගෘහපතියන් හා සමාන වෙති. දෙදිව් ඇති අරිට්ඨය. මඳ නුවණැති ඒ බමුණෝ බමුණු දහමින් දුරුවූවෝය යි (භූරිදත්ත නාරජ කී ය)
Pali BJTයඤ්ඤභෙදවාදකණ්ඩො.
Sinhala BJTයඤ්ඤහෙදවාද කාණ්ඩය යි
Pali BJT5268. කස්ස භෙරී මුතිංගා ච සඞ්ඛාපණවදෙණ්ඩිමා,{4} පුරතො පටිපන්නානි හාසයන්තා රථෙසභං.
Sinhala BJT5268. වැයුම ඇත්තා වූ මහබෙර ද මිහිඟුබෙර ද සක් ද පනාබෙර සහ ගැට බෙර ද යන මේ තූර්‍ය්‍යයෝ රජු සතුටු කෙරෙමින් කවරකුගේ අභිමුඛයෙන් පිළිපන්නාහු ද?
Pali BJT5269. කස්ස කඤ්චනපට්ටෙන පුථුනා විජ්ජුවණ්ණිනා, යුවා කලාපසන්නද්ධො කො එති සිරියා ජලං.
Sinhala BJT5269. මහත් වූ විදුලියට බඳු පැහැ ඇති රන් මුවා නළල්පටින් කවරකුගේ මුහුණ බැබැළේ ද? තරුණ වූ දුනුහියවුරින් සැරැසුණු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?
Pali BJT5270. උක්කාමුඛෙ{5} සහට්ඨංව ඛදිරඞ්ගාරසන්නිභං, මුඛං චාරුරිවාභාති{6} කො එති සිරියා ජලං.
Sinhala BJT5270. කඹුරු උදුනෙහි ඔප දමන ලද්දක් මෙන් දිලියෙන කිහිර’ඟුරු මෙන් ප්‍රභා ඇති මනෝඥ වූ මුහුණ බැබැළෙයි. එ බඳු කවරෙක් සෝභාවෙන් දිලියෙමින් එයි ද?
Pali BJT5271. කස්ස ජම්බොනදං ඡත්තං සසලාකං මනොරමං, ආදිච්චරංසාවරණං කො එති සිරියා ජලං.
Sinhala BJT5271. සිත්කලු සලාක සහිත හිරුරැස් වළකන රන්මුවා ඡත්‍රය කවරකුහට දරනුලැබේ ද? සෝභාවෙන් දිලියෙමින් කවරෙක් එයි ද?
Pali BJT5272. කස්ස අඞ්කං{7} පරිග්ගය්හ වාළවීජනිමුත්තමං, චරතෙ{8} වරපඤ්ඤස්ස මුද්ධනි උපරූපරි.
Sinhala BJT5272. සෙමෙර දරන්නන් කළවයෙන් රඳවන ලද උතුම් වල්විදුනාව උතුම් නුවණ ඇති කවරකුගේ හිස මත්තෙහි හැසිරේ ද?
Pali BJT5273. කස්ස පෙඛුණහත්ථානි විචිත්රානි මුදූනි ච, තපඤ්ඤමණිදණ්ඩානි{9} චරන්ති උභතො මුඛං.
Sinhala BJT5273. සත්රුවනින් විසිතුරු මෘදු වූ රන් හා මිණියෙන් කැරුණු දඬු (මිටි) ඇති මොණර පිල් කලබ්හු කවරකුගේ මුව දෙපසින් හැසිරෙද් ද?
Pali BJT5274. ඛදිරඞ්ගාරවණ්ණභා ඔක්කාමුඛෙ පහංසිතා, කස්සෙතෙ කුණ්ඩලා වග්ගු සොභන්ති උභතො මුඛං.
Sinhala BJT5274. දිලියෙන කිහිර’ඟුරු බඳු පැහැ යුත් කඹුරු උදුනෙහි ඔප දැමූ මේ මනහර කුණ්ඩලාභරණයෝ කවරකුගේ මුව දෙපසැ බැබැළෙත් ද?
Pali BJT5275. කස්ස වාතෙන ඡුපිතා නිද්ධන්තා මුදුකාලකං,{10} සොභයන්ති නලාටන්තං නභා විජ්ජුරිවුග්ගතා.
Sinhala BJT5275. සුළඟින් සැලෙන සිනිඳු වූ අග් ඇති මෘදු වූ කේශයෝ අහසින් පැන නැගුණු විදුලිය මෙන් කවරකුගේ නළල් කෙළවර හොබවද් ද?
Pali BJT5276. කස්ස එතානි අක්ඛීනි ආයතානි පුථුනි ච, කො සොභති විසාලක්ඛො කස්සෙතං උණ්ණජං මුඛං.
Sinhala BJT5276. දිගු පුළුල් වූ මේ ඇස් කවරකුගේ ද? මහත් ඇස් ඇති මේ කවරෙක් බැබළේ ද? රන් කැඩපතක් බඳු පිරිපුන් මේ මුහුණ කවරකුගේ ද?
Pali BJT5277. කස්සෙතෙ ලපනජා{1} සුද්ධා සුද්ධසඞ්ඛවරූපමා, භාසමානස්ස සොභන්ති දන්තා කුප්පීලසාදිසා.
Sinhala BJT5277. කථා කරන යමකු ගේ පිරිසිදු උතුම් සක්පෙති බඳු කොඳ කැකුළු සමාන වූ දත් බැබළේ ද එබඳු පිරිසිදු දත් කවරකු ගේ ද?
Pali BJT5278. කස්ස ලාඛාරස්සමා හත්ථපාදා සුඛෙධිතා, කො සො බිම්බොට්ඨ සම්පන්නො දිවා සුරියොව භාසති.
Sinhala BJT5278. ලාකඩ දියට බඳු පැහැ ඇති මේ සුව සේ වැඩුණු අත් පා කවරකු ගේ ද, බිඹුපල වැනි තොල් ඇති ඒ කවරෙක් දවල් හිරු මෙන් බැබැළේ ද?
Pali BJT5279. හිමච්චයෙ හෙමවතො{2} බ්රහාසාලොව{3} පුප්ඵිතො, කො සො ඔදාතපාවාරො ජයං ඉන්දොව සොභති.
Sinhala BJT5279. හිමඍතුව ගේ අවසන්හි හිමාලයෙහි පිහිටි මහ සල් රුකක් මෙන් පෙරෙවි සුදු උතුරු සළු ඇති ඒ කවරෙක් නම් අසුරයන් දිනූ සක්දෙව් රජු මෙන් බැබැළේ ද?
Pali BJT5280. සුවණ්ණපිළකාකිණ්ණං මණිදණ්ඩවිචිත්තිකං,{4} කො සො පරිසමොගය්හ ඊසො{5} ඛග්ගංව මුච්චති.
Sinhala BJT5280. රන් බුබුලින් ගැවසී ගත් මිණි මිටෙන් විසිතුරු කැරුණු කඩුව පිරිස් මැදට බැසගත් අධිපති කවරෙක් නම් මුදා ද?
Pali BJT5281. සුවණ්ණ විකතා චිත්රා{6} සුකතා චිත්ර{7} සිබ්බනා,{8} කො සො ඔමුඤ්චතෙ පදා නමො කත්වා මහෙසිනො.
Sinhala BJT5281. රනින් කැරුණු විසිතුරු කොට මැනැවින් කැරුණු ගෙතුමෙන් යුත් මිරිවැඩි, මහර්ෂී වූ ඔබ හට නමස්කාර කොට ඒ කවරෙක් පාදයෙන් මුදයි ද? සාගර බ්‍රහ්මදත්ත රජ තෙමේ පිය රජ වූ තාපසයාණන්ගෙන් ඇසීය.
Pali BJT5282. ධතරට්ඨා හි{9} තෙ නාගා ඉද්ධිමන්තො යසස්සිනො, සමුද්දජාය උප්පන්නා එතෙ නාගා මහිද්ධිකාති.
Sinhala BJT5282. ඍද්ධි ඇති යශ පිරිවර ඇති ඔව්හු ධෘතරාෂ්ට්‍ර නම් නාරජු ගේ පුත් වූ නාගයෝ වෙති. මහත් ඍද්ධි ඇති මේ නාගයෝ වනාහි සමුද්‍රජා නමැති මගේ දුවට උපන් පුත්තු වෙති යි පියරජ තෙමේ කී ය.
Pali BJTභූරිදත්තජාතකං ඡට්ඨමං.
Sinhala BJTභූරිදත්ත ජාතකය නිමි.
Pali BJT7. මහානාරදකස්සපජාතකං
Sinhala BJT7. මහානාරදකස්සප ජාතකය
Pali BJT5283. අහු රාජා විදෙහානං අඞ්ගාති{10} නාම ඛත්තියො, පහූතයොග්ගො ධනිමා අනන්තබලපොරිසො.
Sinhala BJT5283. බොහෝ හස්ත්‍යශ්ව වාහනාදිය ඇති ධනවත් වූ අපමණ භට සේනා ඇති විදේහ රට වැසියන්ගේ අංගාති නම් ක්‍ෂත්‍රිය රජෙක් වීය.
Pali BJT5284. සො ච පණ්ණරසිං{11} රත්තිං පුරිමෙ යාමෙ අනාගතෙ, චාතුමස්ස{12} කොමුදියා අමච්චෙ සන්නිපාතයි.
Sinhala BJT5284. ඒ අංගාති නමැති රජ තෙමේ වස්සාර මාසයාගේ අවසන් දවස වන පිපි කුමුදු මල් ඇති ඉල්මසැ පුරපසළොස්වක් රාත්‍රිය පිළිබඳ ප්‍රථම යාමය ඉක් මැ නො ගිය කලැ ඇමතියන් රැස් කැරැ වී ය.
Pali BJT5285. පණ්ඩිතෙ සුතසම්පන්නෙ මිහිතපුබ්බෙ{13} විවක්ඛණෙ, විජයඤ්ච සුනාමඤ්ච සෙනාපතිමලාතකං.
Sinhala BJT5285-5286. පණ්ඩිත වූ ඇසූපිරූ තැන් ඇති සිනා පෙරැදැරි වැ කථා කරන ස්වභාව ඇති දක්‍ෂ වූ විජය නමැති ඇමතියා ද සුනාම නමැති ඇමතියා ද අලාත නමැති සෙන්පතියා ද යන මොවුන් ගෙන් වේදේහ රජ තෙමේ වෙන් වෙන් වශයෙන් තම තමන් ගේ අදහස් වෙන වෙනම කියවු. අද ඉල්මසැ පිපි කුමුදු ඇති මැදිපොහෝ දවස් වෙයි. පුන්සඳ උදාවිය, අඳුරු දුරු විය. අද මෙ බඳු රැයක් කවර නම් ඇල්මකින් වෙසෙමු දැයි විචාළේ ය.
Pali BJT5286. තමනුපුච්ඡි වෙදෙහො පච්චෙකං බ්රූථ සංරුචිං, චාතුමස්ස{14} කොමුදජ්ජ ජුණ්හං ව්යපගතං තමං කායජ්ජ රතියා රත්තිං විහරෙමු ඉමං උතුං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5287. තතො සෙනාපතී රඤ්ඤො අලාතො එතදබ්රවි, හට්ඨං{1} යොග්ගං බලං සබ්බං සෙනං සන්තාහයාමසෙ.
Sinhala BJT5287. ඉක්බිති රජු ගේ අලාත නමැති සෙනෙවි තෙමේ මෙය කී ය: සතුටු වූ හස්ත්‍යශ්වාදි වාහන ඇති මහ බළ ඇණි යුත් සිලු සෙනඟ යුද පිණිස සරසම්හ.
Pali BJT5288. නිය්යාම දෙව යුද්ධාය අනන්තබලපොරිසා,{2} යෙ තෙ වසං න ආයන්ති වසං උපනයාමසෙ,{3} එසා මය්හං සකාදිට්ඨි අජිතං ඔජිනාමසෙ.{4}
Sinhala BJT5288. දේවයන් වහන්ස, අපමණ බළ පිරිස ඇති අපි යුද පිණිස නික්මැ යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟ නො වෙත් නම් ඔවුන් වසඟ කරමු. නො දිනූ යමෙක් වෙයි නම් ඔහු දිනමු. මේ මගේ අදහසය යි කීය.
Pali BJT5289. අලාතස්ස වචො සුත්වා සුනාමො එතදබ්රවි, සබ්බෙ තුය්හං මහාරාජ අමිත්තා වසමාගතා.
Sinhala BJT5289. අලාත නමැති සෙනෙවිහු ගේ බස් අසා සුනාම ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ ගේ සියලු සතුරෝ ඔබට වසඟයහ.
Pali BJT5290. නික්ඛිත්තසත්ථා පච්චත්ථා නිවාතමනුවතතරෙ, උත්තමො උස්සවො අජ්ජ න යුද්ධං මම රුච්චති.
Sinhala BJT5290. බහා තැබූ අවි ඇති සතුරෝ විරුද්ධ නො වෙති. අද උතුම් උත්සව දිනයකි. එහෙයින් මට යුද්ධය නො රිසි ය.
Pali BJT5291. අන්නං පානඤ්ච ඛජ්ජඤ්ච ඛිප්පං අභිහරන්තු තෙ, රමස්සු දෙව කාමෙහි නච්චගීතෙ සුවාදිතෙ.
Sinhala BJT5291. ආහාර හා පාන වර්‍ග ද කෑ යුතු දෑ ද ඔබ වහන්සේට යුහු වැ එළවත්ව යි ද වාදනය කරන ලද නෘත්‍යගීතයන් යුහු වැ එළවත්ව යි ද දේවයන් වහන්ස, ඔබ වහන්සේ පස්කම් සැපතින් සිත් අලවනු යෙහෙකි යි කී ය.
Pali BJT5292. සුනාමස්ස වචො සුත්වා විජයො එතදබ්රවි, සබ්බෙ කාමා මහාරාජ නිච්චං තව අපට්ඨිතා.
Sinhala BJT5292. සුනාම නමැති ඇමතියා ගේ මේ කීම ඇසීමෙන් විජය නමැති ඇමැති තෙමේ මෙය කී ය: මහරජ ඔබ වහන්සේට රූප සද්දාදි සියලු කාමයෝ නිරන්තරයෙන් එළඹ සිටියාහු වෙති.
Pali BJT5293. න හෙතෙ දුල්ලභා දෙව තව කාමෙහි මොදිතුං, සදාපි කාමා ලබ්භන්ති{5} නෙතං චිත්තමතං මම,
Sinhala BJT5293. මහරජ, කම් සැපතින් සතුටුවීම ය යන මෙය ඔබ වහන්සේට සුලබය. හැම කල මැ කාමයෝ ලැබෙති. එහෙයින් මෙය මා සිතට රුචි නො වෙයි කී ය.
Pali BJT5294. සමණං බ්රාහ්මණං වාපි උපාසෙමු බහුස්සුතං, යො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
Sinhala BJT5294. අද අර්‍ත්‍ථ ධර්‍ම දන්නා වූ යම් ඍෂිවරයෙක් අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු බොහෝ ඇසූ පිරූතැන් ඇති මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹෙමු යි (හේ) කී ය.
Pali BJT5295. විජයස්ස වචො සුත්වා රාජා අඞ්ගාතිමබ්රවි, යථා විජයො භණති මය්හම්පෙතෙව රුච්චති.
Sinhala BJT5295. විජය නමැති ඇමතියා ගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කී ය: විජය තෙමේ යම් සේ කියයි ද මට ද මෙ කරුණ රුචි වේ.
Pali BJT5296. සමණං බ්රාහ්මණං වාපි උපාසෙමු බහුස්සුතං, යො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
Sinhala BJT5296. අර්‍ත්‍ථ ධර්‍ම දන්නා යම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද? එ බඳු ඇසූ පිරූ තැන් ඇති මහණකු හෝ බමුණකු වෙත එළෙඹෙමු යි කී ය.
Pali BJT5297. සබ්බෙව සන්තා කරොථ මතිං කං උපාසෙමු පණ්ඩිතං, කො නජ්ජ විනයෙ කඞ්ඛං අත්ථධම්මවිදූ ඉසෙ.
Sinhala BJT5297. අර්‍ත්‍ථ ධර්‍ම දන්නා කවර නම් ඍෂිවරයෙක් අද අපට උපන් සැක දුරු කෙරේ ද, අපි කවර නම් පඬිවරයකු කරා එළඹෙමු දැ යි මෙහි සිටිනා තෙපි හැම දෙනා ම අදහස් කියවු යි කී.
Pali BJT5298. වෙදෙහස්ස වචො සුත්වා අලාතො එතදබ්රවි, අත්ථාය මිගදායස්මිං අචෙලො ධීරසම්මතො.
Sinhala BJT5298. වේදේහ නමැති රජුගේ බස් අසා අලාත නම් සෙනෙවි තෙමේ මෙය කීය: මිගදාය නමැති උයනෙහි පඬිවරයෙකැ යි සම්මත වූ නිඝණ්ඨයෙක් ඇත.
Pali BJT5299. ගුණො කස්සපගොත්තායං සුතො චිත්රකථි ගණී, තං දෙව පයිරුපාසය{1} සො නො කඞ්ඛං විනෙස්සති.
Sinhala BJT5299. කාශ්‍යප ගොත්‍රයෙහි වූ ගුණ නමැති මේ තෙමේ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙකි, විසිතුරු කථා ඇත්තෙකි, ගණාචාර්‍ය්‍යයෙකි. දේවයන් වහන්ස, ඒ නිඝණ්ඨයා ඇසුරු කරන්නේ මැනැවි. හේ අපට උපන් සැක දුරු කරන්නේ ය.
Pali BJT5300. අලාතස්ස වචො සුත්වා රාජා චොදෙසි සාරථිං, මිගදායං ගමිස්සාම යුත්තං යානං ඉධානය.
Sinhala BJT5300. අලාත නමැති සෙනෙවියා ගේ බස් අසා රජ තෙමේ මිගදාය නම් උයනට යන්නෙමු යි සුදුසු වාහනයක් මෙහි ගෙනෙව යි රියදුරාට අණ කෙළේ ය.
Pali BJT5301. තස්ස යානං අයොජෙසුං දන්තං රූපියපක්ඛරං, සුක්කමට්ඨපරිවාරං පණ්ඩරං දොසිනාමුඛං.
Sinhala BJT5301. දන්තමය (දළමුවා) රජතමය (රිදීමුවා) වෙහෙලි ඇති සුදු මටසිලුටු රිය පිරිවර ඇති බැබැළෙන සඳට බඳු රථයක් ඒ රජුට පිළියෙළ කළහ.
Pali BJT5302. තත්රාසුං කුමුදා යුත්තා චත්තාරො සින්ධවා හයා, අනිලූපමසමුප්පාතා{2} සුදන්තා සොණ්ණමාලිනො.
Sinhala BJT5302. කුමුදු පැහැ ඇති පවනට බඳු ගමන් ඇති මැනැවින් දැමුණු ගෙලැ පැළැඳි ස්වර්‍ණමාලා ඇති සෛන්‍ධව අශ්වයෝ සතර දෙනෙක් ඒ රථයෙහි යොදන ලදහ.
Pali BJT5303. සෙතං ඡත්තං සෙතරථො සෙතස්සා සෙතවීජනී, වෙදෙහො සහමච්චෙහි නීය්යං චන්දොව සොභථ.{3}
Sinhala BJT5303. සේසත ද සුදු රිය ද සුදු අශ්වයෝ ද සුදු වල් විදුනා ද ඇති රජ තෙමේ ඇමතියන් සමඟ යන්නේ පුන්සඳ මෙන් බැබැළුණේ ය.
Pali BJT5304. තමන්නුයායුං{4} බහාවො ඉන්දඛග්ගධරා ඛලී, අස්සපිට්ඨිගතා ධීරා{5} නරා නරවරාධිපං.
Sinhala BJT5304. ඉන්‍ද්‍රයා හට මෙන් කඩු දරන බලවත් වූ වැර ඇති අසුන් පිට නැගි බොහෝ මිනිස්සු ඒ රජු අනුව ගමන් කළහ.
Pali BJT5305. සො මුහුත්තං ව යායිත්වා යානා ඔරුය්හ ඛත්තියො, වෙදෙහො සහමච්චෙහි පත්ති ගුණමුපාගමි.
Sinhala BJT5305. වේදේහ නමැති ඒ ක්‍ෂත්‍රිය රජ තෙමේ අමාත්‍යයන් සමඟ සැණෙකින් උයනට ගොස් රියෙන් බැස පා ගමන් ඇත්තේ ගුණ නමැති නිගණ්ඨයා (නුවටා) වෙත පැමිණියේ ය.
Pali BJT5306. යොපි තත්ථ තදා ආසුං බ්රාහ්මණිබ්භා සමාගතා, න තෙ අපනයී රාජා අකටං භූමිමාගතෙ.
Sinhala BJT5306. එකලැ එහි රැස් වූ බ්‍රාහ්මණ ගෘහපතියෝ වු හු ද රජ තෙමේ ඔවුන් බැහැර නො කෙළේ ය. අවකාශ නො කළ භූමියෙහි එකත් පස්හි හිඳැ ගත්තේ ය.
Pali BJT5307. තතො සො මුදුකාභිසියා මුදුචිත්තකලන්දකෙ{6}, මුදුපච්චත්ථතෙ රාජා එකමන්තං උපාවිසි.
Sinhala BJT5307. නැවත ඒ රජ තෙමේ මුදු පහස් ඇති විසිතුරු ඇතිරිලි ඇති මුදු පසතුරුණුයෙන් යුත් මොළොක් බිස්සෙක්හි එකත් පස් වැ හිඳැ ගත්තේ ය.
Pali BJT5308. නිසජ්ජ රාජා සම්මොදී කථං සාරාණීයං තතො, කච්චි යාපනීයං භන්තෙ වාතානමවිසග්ගතා.{7}
Sinhala BJT5308. රජ තෙමේ එහි හිඳීමෙන් පසු සතුටු විය. නැවත සිහි කටයුතු කථා කෙළේ ය. හිමියනි, කිම, යැපෙන්නට පුළුවන් ද? ශරීරය පිළිබඳ වාතයන්ගේ විසම බවක් නැද්ද?
Pali BJT5309. කච්චි අකසිරා වුත්ති ලබ්භති පිණ්ඩයාපනං, අප්පාබාධොවසී{8} කච්චි චක්ඛුං නං පරිහායති.
Sinhala BJT5309. කිම, නිදුකින් ජීවත් විය හැකි ද, ආහාරයෙන් යැපෙහි ද, ආබාධ නැත්තෙහි ද, ඇස් පිළිබඳ පීඩා නැත්තෙහි ද?
Pali BJT5310. තං ගුණොපටිසම්මොදි වෙදෙහං විනයෙ රතං, යාපනීයං මහාරාජ සබ්බමෙතං තදූභයං.
Sinhala BJT5310. ගුණ නැමැති නිගණ්ඨ තෙමේ විනයෙහි ඇලුණු ඒ වේදේහ රජහට සතුටු විය යුතු බසින් පිළිවදන් දුනි. මහරජතුමනි, යැපිය හැකි ය. මේ සියල්ල ඒ ලෙස ම ය. වාතාබාධ නැති බව ද ඇස් පිරිහීම් නැති බව ද යන දෙකරුණ ද එසේ ම ය.
Pali BJT5311. කච්චි තුය්හම්පි වෙදෙහ පච්චන්තා න බලීයරෙ, කච්චි අරොගං යොග්ගන්තෙ කච්චි වහති{1} වාහනං කච්චි තෙ ව්යාධයො නත්ථි සරීරස්සුපතාපිකා.{2}
Sinhala BJT5311. වේදේහ මහරජුනි, කිම, ඔබ ගේ පසල්දනවු වැසියෝ බල පවත්වන්නෝ නො වෙද්ද (නොහොත් නො කිපෙද්ද) බළ සෙනඟ රථවාහන නිරෝග වෙත් ද ඔබ ගේ වාහනය ඔබ උසුලන්න හැකි වෙයි ද? කිම, ශරීරය තවන රෝගයෝ ඔබට නැද්ද?
Pali BJT5312. පටිසම්මොදිතො රාජා තතො පුච්ඡි අනන්තරා, අත්ථං ධම්මඤ්ච ඤායඤ්ච ධම්මකාමො රථෙසභො.
Sinhala BJT5312. පිළිසඳර වදනින් තුටු පත් රාජෝත්තම වූ ඒ වේදේහ රජ තෙමේ ඉන් පසු වැ අර්‍ත්‍ථය (පාලි අර්‍ත්‍ථ) ද, ධර්‍මය (පාලි ධර්‍ම) ද, න්‍යායය (කාරණ යුක්ති) විචාළේ ය.
Pali BJT5313. කථං ධම්මං චරෙ මච්චො මාතාපිතුසු කස්සප, කථං චරෙ ආචරියෙ පුත්තදාරෙ කථං චරෙ.
Sinhala BJT5313. එම්බා කස්සපය, මනුෂ්‍ය තෙමේ මවුපියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? ගුරුවරයා කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද, අඹු දරුවන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
Pali BJT5314. කථං චරෙය්ය වුද්ධෙසු කථං සමණබ්රාහ්මණෙ, කථඤ්ච බලකායස්මිං කථං ජානපදෙ චරෙ.
Sinhala BJT5314. වැඩිමහල්ලන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? මහණ බමුණන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද? බළසෙනඟ කෙරෙහි ද දැහැමින් කෙසේ හැසිරේ ද? දනවුවැසියන් කෙරෙහි දැහැමින් කෙසේ හැසිරේ ද?
Pali BJT5315. කථං ධම්මං චරිත්වාන පෙච්ච ගච්ඡති{3} සුග්ගතිං, කථඤ්චෙකෙ අධම්මට්ඨා පතන්ති නිරයං අධො.
Sinhala BJT5315. දහම්හි කවර අයුරකින් හැසිරීම හේතු කොට ගෙන පරලොව සුගතියට යේ ද නො දැමිටු (අධම්මිට්ඨ) සමහරු යට දෙස නරකයට කෙසේ නම් වැටෙද්දැ යි විචාළේ ය.
Pali BJT5316. වෙදෙහස්ස වචො සුත්වා කස්සපො එකදබ්රවි, සුණොහි මෙ මහාරාජ සච්චං අවිතථං පදං.
Sinhala BJT5316. වේදේහ රජුගේ බස් අසා කස්සප නම් නිගණ්ඨ (නුවට) තෙමේ මෙය කී ය: මහරජ, සැබෑ වූ නිබොරු වූ ම බස් ශ්‍රවණය කර: