Pali BJT5125. න ඉමං අකුසලො දිව්යං{4} මණිං ධාරෙතුමාරහො, පටිපජ්ජ සතං නික්ඛං දෙහිමං රතනං මමං.
Sinhala BJT5125. උපචාරයෙහි අදක්‍ෂ වූ යේ මේ දිව්‍යමාණික්‍ය දැරීමට නුසුදුසු ය. එහෙයින් රන්නික සියයක් ගනුව, මෙ මැණික මට දෙව යි බ්‍රාහ්මණයා කී ය.
Pali BJT5126. න වා{5} ම්යායං මණි කෙය්යො ගොහි මා රතනෙන වා,{6} සෙලො ව්යඤ්ජනසම්පන්නො නෙව කෙය්යො මණී මමං.
Sinhala BJT5126. මාගේ මේ මැණික ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ නො විකිණියයුතු ය. සියලු ලකුණින් යුත් මේ මැණික නො විකිණියයුතු මැ යි ආලම්බන තෙමේ කී ය.
Pali BJT5127. නො චෙ තයා මණි කෙය්යො ගොහි වා රතනෙන වා, අථ කෙන මණි කෙය්යො තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT5127. ඉදින් ගවයන් සඳහා හෝ රත්නයන් සඳහා හෝ මැණික නො විකිණියයුතු නම් කුමකට විකිණියයුතු දැ යි අසන ලද නුඹ මට එය කිය ව යි බමුණා කී.
Pali BJT5128. යො මෙ සංසෙ මහානාගං තෙජසිං දුරතික්කමං, තස්ස දජ්ජං ඉමං සෙලං ජලන්තරිව තෙජසා.
Sinhala BJT5128. ඉක්මවිය නො හැකි තේජස් ඇති (භූරිදත්ත) නාගරාජයා ගැන යමෙක් මට කියා නම් ඔහුට ප්‍රභාවෙන් දිලියෙන්නාක් වැනි මේ මැණික දෙමි යි ආලම්බන තෙමේ කී ය.
Pali BJT5129. කොනු බ්රාහ්මණවණ්ණෙන සුපණ්ණො{1} පතතං වරො, නාගං ජිගිංසමන්වෙති අන්වෙසං භක්ඛමත්තනො.
Sinhala BJT5129. කිම? ඔබ බමුණු වෙසින් ආ පක්‍ෂීන්ට උතුම් ගුරුළුරජ වෙයි ද, තමනට ගොදුරු වන නයකු අල්වා ගනු කැමැත්තෙන් සොයා ඇවිදිනේ ය යි සිතමි යි බ්‍රාහ්මණයා කී ය.
Pali BJT5130. නාහං දිජාධිපො හොමි න දිට්ඨො ගරුළො මයා, ආසීවිසෙන විත්තොති වෙජ්ජො{2} මං බ්රාහ්මණං විදූ.
Sinhala BJT5130. මම ගුරුළෙක් නො වෙමි. මා විසින් ගුරුළෙක් නො දක්නා ලද්දේ ය. නාග විෂ බස්වන ආලම්බන නම් වෛද්‍ය බ්‍රාහ්මණයැ යි මා දනිති යි ආලම්බන තෙමේ කී ය.
Pali BJT5131. කින්නු තුය්හං බලං අත්ථි කිං සිප්පං විජ්ජතෙ තව, කිස්මිං වා ත්වං පරත්ථද්ධො උරගං නාපචායසි.
Sinhala BJT5131. ඔබට කිනම් බලයක් ඇත්තේ ද කිනම් ශිල්පයක් තිබේ ද කිනම් කරුණෙක්හි තදින් පිහිටි ඔබ නාගයාට අවමන් හෝ කරන්නෙහි දැ යි ඔහුගෙන් බ්‍රාහ්මණයා ඇසී ය.
Pali BJT5132. ආරඤ්ඤකස්ස ඉසිනො චිරරත්තතපස්සිනො, සුපණ්ණො කොසියස්සක්ඛා විසවිජ්ජං අනුත්තරං.
Sinhala BJT5132. වනයෙහි වෙසෙන බොහෝ කල් දරන ලද තපස් ඇති කෝශීය ගෝත්‍ර ඍෂිවරයාට ගුරුළෙක් විෂ බස්වන උතුම් මන්ත්‍රයක් කීවේ ය.
Pali BJT5133. තං භාවිතත්තඤ්ඤතරං සම්මන්තං{3} පබ්බතන්තරෙ, සක්කච්චං තං උපට්ඨාසිං රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT5133. පර්‍වත අතර වෙසෙන උන්වහන්සේ වනාහි වැඩුණු සිත් ඇති තාපසයන්ගෙන් කෙනෙකි. දිවා රෑ අනලස් වූ මම උන් වහන්සේට සකසා උවැටැන් කෙළෙමි.
Pali BJT5134. සො තදා පරිචිණ්ණො මෙ වතවා{4} බ්රහ්මචරියවා, දිබ්බං පාතුකරී මන්තං කාමසා භගවා මමං.
Sinhala BJT5134. එ සඳ මා විසින් බුහුමන් කැරුණු සිල්වත් බඹසර ඇති ඒ පින්වත් තවුස් තෙමේ සිය කැමැත්තෙන් මැ මට මේ දිව්‍යමන්ත්‍රය පැවැසී ය.
Pali BJT5135. ත්යාහං මන්තෙ පරත්ථද්ධො නාහං භායාමි භොගිනං, ආචරියො විසඝාතානං අලම්බානොති මං විදූ.
Sinhala BJT5135. මම ඒ මන්ත්‍රය ඇසුරු කෙළෙමි. එහෙයින් මම සර්‍පයන්ට බිය නැත්තේ වෙමි. විෂ බස්වන වෙදුන්ට ඇදුරු වූ ආලම්බන යැ යි මා දනිති යි කී ය.
Pali BJT5136. ගණ්හාමසෙ මණිං තාත සොමදත්ත විජානහි, මා දණ්ඩෙන සිරිං පත්තං කාමසා පජහිම්හසෙ.
Sinhala BJT5136. පුත සෝමදත්ත, මේ මැණික ගනිමු. ඔබ ද එය දන්නේ මැනැවි. වෙත පැමිණි සිරිකකට දඬුයෙන් පහර දී දුරු නො කරමු යි බමුණා (සියපුත්) සෝමදත්තට කී ය.
Pali BJT5137. සකං නිවෙසනං පත්තං සො තං බ්රාහ්මණ පූජයි, එවං කල්යාණකාරිස්ස කිං මොහා දූභිමිච්ඡසි.
Sinhala BJT5137. එම්බා බ්‍රාහ්මණය, සිය නිවසට පැමිණි ඔබට හෙතෙමේ පූජා කෙළේ ය. මෙසේ යහපත කරන ඔහුට කවර හෙයින් මෝහයෙන් මිත්‍රද්‍රෝහ කරන්නට කැමැත්තෙහි ද?
Pali BJT5138. සචෙ හි ධනකාමොසි භූරිදත්තො{5} පදස්සති,{6} තමෙව ගන්ත්වා යාචස්සු බහුං දස්සති තෙ ධනං.
Sinhala BJT5138. ඉදින් වස්තුව කැමැත්තෙහි නම් භූරිදත්ත නාරජ එය ඔබට දෙන්නේ ය. ඔහු වෙත පැමිණ ඉල්ලීම යෙහෙකි. බොහෝ ධන ඔබට දෙන්නේ යැ යි පුත් සෝමදත්ත තෙමේ කී ය.
Pali BJT5139. හත්ථගතං පත්තගතං නික්කිණ්ණං ඛාදිතුං වරං, මා නො සන්දිඨිකො අත්ථො සොමදත්ත උපච්චගා.
Sinhala BJT5139. පුත සෝමදත්තය, අතට හෝ භාජනයට පැමිණි හෝ ඉදිරියෙහි තැබූ හෝ යමක් වේ නම් එය අනුභවයට උතුම් ය. තමන්ට පෙනෙන ලාභය ඉක්මැ නොයේවයි බ්‍රාහ්මණ තෙමේ කීය.
Pali BJT5140. පච්චති නිරයෙ ඝොරෙ මහිස්සමවදීයති,{1} මිත්තදුභී{2} හිතච්චාගී ජිවරෙචාපි සුස්සරෙ.
Sinhala BJT5140. පියාණෙනි, යමෙක් තමන්ගේ යහපත කැමැත්තවුන් හැරැ මිත්‍රද්‍රෝහි වේ ද හේ මරණින් මතු දරුණු නිරයෙහි පැසෙන්නේ ය. ජීවත් වුව ද මොහුට පොළොව විවර වෙයි. හේ ජීවත් වූයේ නමුදු වියැළේ.
Pali BJT5141. සචෙ හි ධනකාමොසි භූරිදත්තො පදස්සති, මඤ්ඤෙ අත්තකතං වෙරං නචිරං වෙදයිස්සසි.
Sinhala BJT5141. ඉදින් ධන කැමැත්තෙහි නම් භූරිදත්ත තෙමේ එය දෙන්නේ ය. තමා කළ පාපයෙහි විපාකය නොබෝ කලෙකින් විඳින්නෙහි යැ යි සිතමි යි සෝමදත්ත කී ය.
Pali BJT5142. මහායඤ්ඤං යජිත්වාන එවං සුජ්ඣන්ති බ්රාහ්මණා, මහායඤ්ඤං යජිස්සාම එවං මොක්ඛාම පාපකා.
Sinhala BJT5142. සෝමදත්ත පුත, බමුණෝ වනාහි මෙසේ කළ පවින් මහත් යාග කොට පිරිසිදු වෙති. අපි මහායාගයක් කරමු. එසේ කිරීමෙන් එ පවින් මිදෙමු යි බමුණා කී ය.
Pali BJT5143. හන්දාදානි අපායාමි නාහං අජ්ජ තයා සහ, පදම්පෙකං නගච්ඡෙය්යං එවං කිම්බීසකාරිනා.
Sinhala BJT5143. එසේ නම් මම දැන් ඉවත් වැ යෙමි. මෙසේ පවු කරන ඔබ සමග අද මම පියවරක්වත් නො යමි යි සෝමදත්ත කී ය:
Pali BJT5144. ඉදං වත්වාන පිතරං සොමදත්තො බහුස්සුතො, උජ්ඣාපෙත්වාන භූතානි තම්හා ඨානා අපක්කමි.
Sinhala BJT5144. නුවණැති සෝමදත්ත තෙමේ පියාණන්ට මෙය කියා දෙවියනට ද උස්හඬින් පවසා එතැනින් ගියේ ය.
Pali BJT5145. ගණ්හාහෙතං මහානාගං ආහරෙතං මණිං මම, ඉන්දගොපකවණ්ණභො යස්ස ලොහිතකො සිරො.
Sinhala BJT5145. යම් නාගයකුගේ රක්තවර්‍ණ හිස රතිඳුගොවු පැහැයට බඳු ප්‍රභා ඇත්තේ ද ඒ මේ මහනාගයා අල්ලා ගනුව. මේ මැණික මට දෙව.
Pali BJT5146. කප්පාසපිචුරාසීව එසො කායස්ස දිස්සති,{3} වම්මිකග්ගගතො සෙති තං ත්වං ගණ්හාහි බ්රාහ්මණ.
Sinhala BJT5146. මොහුගේ සිරුර කපුපුළුන් රැසක් මෙන් පෙනේ. හෙ තෙමේ තුඹස මතැ හොවී. බ්‍රාහ්මණය, ඒ නාගයා අල්ලා ගනුව යි කී ය.
Pali BJT5147. අථොසධෙහි දිබ්බෙහි ජපං මන්තපදානි ච, එවං තං අසක්ඛි සට්ඨුං{4} කත්වා පරිත්තමත්තනො.
Sinhala BJT5147. ඉක්බිති දිවඔසුවෙන් ද මන්ත්‍රයෙන් ද තමන්හට ආරක්‍ෂා කරමින් ඒ ආලම්බන තෙමේ භූරිදත්ත නාගරාජයා අල්ලන්නට හැකි වූයේ විය.
Pali BJTකීළනඛණ්ඩො.
Sinhala BJTක්‍රීඩා කාණ්ඩය යි.
Pali BJT5148. මමං දිස්වාන ආයන්තං සබ්බකාමසමිද්ධිනං, ඉන්ද්රියානි අහට්ඨානි සාවං ජාතං{5} මුඛං තව.
Sinhala BJT5148. මෑණියනි, සියලු කම්සැපතින් වැඩුණු මා දැක්මෙන් ඔබගේ ඉඳුරෝ විප්‍රසන්න නො වූහ. රන්කැඩපතකට බඳු මුහුණ ද කළුවන් වී ය.
Pali BJT5149. පදුමං{6} යථා හත්ථගතං පාණිනා පරිමද්දිතං, සාවං ජාතං මුඛං තුය්හං මමං දිස්වාන එදිසං.
Sinhala BJT5149. මා දැක්මෙන් ඔබ මුහුණ, අතින් කඩා අත්ලෙන් පිරිමදින ලද පියුම මෙන් කළු වූයේ කවර හෙයින් දැ යි සුදස්සන නම් නාරජ ඇසී ය.
Pali BJT5150. කච්චින්නු තෙ නාභිසයි කච්චි තෙ අත්ථි වෙදනා, . යෙන සාවං මුඛං තුය්හං මමං දිස්වාන ආගතං.
Sinhala BJT5150. කිම, ඔබට කිසිවෙක් හිංසා කෙළේ ද? කිම, ඔබට කිසියම් වේදනා ඇද්ද? යම් කරුණකට මෙහි පැමිණි මා දැකැ ඔබ මුහුණ කළු වී ද? එ කරුණ මට පවසනු මැනැවැ යි කී ය.
Pali BJT5151. සුපිනං තාත අද්දක්ඛිං ඉතො මාසං අධොගතං, දක්ඛිණං විය මෙ බාහං{1} ඡෙත්වා රුහිරමක්ඛිතං; පුරිසො ආදාය පක්කාමි මමං රොදන්තියා සති.
Sinhala BJT5151. පුත, සිහිනයක් දිටිමි. එයට මසක් ඉක්මිණ. මාගේ දකුණු අත කැපුමෙන් ලේ වැගිරෙන්නාක් මෙන් විය, හඬමින් සිටින කලැ රතු ඇස් ඇති කළු පුරුෂයෙක් මා රැගෙන ගියේ ය.
Pali BJT5152. යතො තං{2} සුපිනමද්දක්ඛිං සුදස්සන විජානහි, තතො දිවා වා රත්තිං වා සුඛං මෙ න උපලබ්භති.{3}
Sinhala BJT5152. එම්බා සුදස්සන පුත, යම් දිනෙක මම ඒ සිහිනය දිටිම් ද එදා සිට දිවා රෑ මට සුවයක් නම් නැතැ යි දැන ගනුව යි කී ය.
Pali BJT5153. යං පුබ්බෙ පරිචාරිංසු{4} කඤ්ඤා රුචිරවිග්ගහා, හෙමජාලපටිච්ඡත්තා භූරිදත්තො න දිස්සති.
Sinhala BJT5153. පෙරැ රන්දලින් වැසූ මනහර ශරීර ඇති නාග කන්‍යාවෝ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත නමැති නාරජ දැන් නො පෙනේ.
Pali BJT5154. යං පුබ්බෙ පරිචාරිංසු නෙත්තිංසවරධාරිනො, කණිකාරා{5} විය සම්ඵුල්ලා භූරිදත්තො න දිස්සති.
Sinhala BJT5154. මැනැවින් පිපුණු කිණිහිරි රුක් මෙන් කඩු දරන උතුම් නාගමානවකයෝ පෙරැ යමකු පිරිවැරූ ද ඒ භූරිදත්ත තෙමේ දැන් නො පෙනේ.
Pali BJT5155. හන්දදානි ගමිස්සාම භූරිදත්තනිවෙසනං, ධම්මට්ඨං සීලසම්පන්නං පස්සාම තව භාතරං.
Sinhala BJT5155. එහෙයින් අපි දැන් භූරිදත්ත ගේ නිවෙසට යමු. දැහැමි සිල්වත් ඔබ ගේ සොහොවුරා දකිමු යි මෑණියෝ පැවැසූ හ.
Pali BJT5156. තඤ්ච දිස්වාන ආයන්තිං{6} භූරිදත්තස්ස මාතරං, බාහා පග්ගය්හ පක්කන්දුං භූරිදත්තස්ස නාරියො.
Sinhala BJT5156. භූරිදත්ත නාරජු ගේ ඒ එන මෑණියන් දැක භූරිදත්ත නාරජු ගේ ස්ත්‍රීහු හිසැ අත් බැඳැ ගෙන (ඉහ අත් බදාගෙන) හැඬූහ.
Pali BJT5157. පුත්තං තෙය්යෙ න ජානාම ඉතො මාසං අධොගතං, මතං වා යදි වා ජීවං භූරිදත්තං යසස්සිනං.
Sinhala BJT5157. ආර්‍ය්‍යාවෙනි, යසස් ඇති භූරිදත්ත නමැති ඔබ පුතා මෙළේ ද, නැතහොත් ජීවත් වේ ද? මෙයින් මසක් පමණ කලක සිට නො දකිමු යි පැවැසූහ.
Pali BJT5158. සකුණී හතපුත්තාව සුඤ්ඤං දිස්වා කුලාවකං, චිරං දුක්ඛෙන ඣායිස්සං භූරිදත්තං අපස්සති.
Sinhala BJT5158. හිස් වූ කැදැල්ල දැකීමෙන් නැසුණු පැටව් ඇති ළිහිණියක මෙන් භූරිදත්ත නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.
Pali BJT5159. සකුණී හතපුත්තාව සුඤ්ඤං දිස්වා කුලාවකං, තෙන තෙන පධාවිස්සං පියපුත්තං අපස්සති.
Sinhala BJT5159. හිස් වූ කැදැල්ල දැක්මෙන් එහා මෙහා දුවන, නැසුණු පැටවුන් ඇති ළිහිණියක මෙන් ප්‍රිය පුතු නො දක්නා මම ඒ ඒ තැන දුවමි.
Pali BJT5160. කුරරී හතඡාපාව සුඤ්ඤං දිස්වා කුලාවකං, චිරං දුක්ඛෙන ඣායිස්සං භූරිදත්තං අපස්සති.
Sinhala BJT5160. හිස් වූ කැදැල්ල දැක්මෙන් පැටවුන් නැසුණු බව දත් කබරුස්සක මෙන් භූරිදත්ත නමැති පුතු නො දක්නා මම බොහෝ කල් සිට දුකින් තැවෙමි.
Pali BJT5161. සා නූන චක්කවාකීව පල්ලලස්මිං අනූදකෙ, චිරං දුක්ඛෙන ඣායිස්සං භූරිදත්තං අපස්සති.
Sinhala BJT5161. භූරිදත්ත නමැති පුතු නො දක්නා ඒ මම දිය සිඳුණු කුඩා විලෙකැ සක්වාළිහිණියක මෙන් බොහෝ කල් මුළුල්ලෙහි දුකින් තැවෙමි.
Pali BJT5162. කම්මාරානං යථා උක්කා අන්තො ඣායති නො බහි, එවං ඣායාමි සොකෙන භූරිදත්තං අපස්සති.
Sinhala BJT5162. කඹුරු උදුනැ යම්සේ ඇතුළතැ මැ ගිනි ඇවිළේ ද පිටත නො ඇවිළේ ද එ මෙන් භූරිදත්ත නො දක්නා මම සොවින් දැවෙමි යි මෑණියෝ වැලැපුණාහ.
Pali BJT5163. සාලාව සම්පමථිතා{1} මාලුතෙන පමද්දිතා, සෙන්ති පුත්තා ච දාරා ච භූරිදත්තනිවෙසනෙ.
Sinhala BJT5163. භූරිදත්ත නාරජුගේ භවනයෙහි අඹුදරුවෝ යුගත් මාරුතයෙන් ඇලළීගිය සල්ගස් මෙන් ශෝකයෙන් වෙසෙති යි (බුදුහු වදාළහ.)
Pali BJT5164. ඉදං{2} සුත්වාන නිග්ඝොසං භූරිදත්තනිවෙසනෙ, අරිට්ඨො ච සුභගො{3} ච උපධාවිංසු{4} අනන්තරා.
Sinhala BJT5164. අරිට්ඨ යැ සුභග යැ යන නාරජහු දෙදෙන අනතුරු වැ භූරිදත්ත නමැති නාරජුගේ භවනයෙහි මේ ශබ්දය ඇසීමෙන් එහි දිවගියහ.
Pali BJT5165. අම්ම අස්සාස මා සොචි එවං ධම්මා හි පාණිනො, චවන්ති උපපජ්ජන්ති ඵසස්ස පරිණාමිතා.{5}
Sinhala BJT5165. මෑණියනි, අස්වැසෙවු, ශෝක නො කරවු, සත්ත්‍වයෝ වනාහි මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ වෙති. මැරෙති උපදිති යන මෙය ලෝකයේ පිරිනැමීම යැ යි කීහ.
Pali BJT5166. අහම්පි තාත ජානාමි එවං ධම්මා හි පාණිනො, සොකෙන ච පරෙතස්මිං භූරිදත්තං අපස්සති.
Sinhala BJT5166. පුත, මම ද දනිමි. සත්ත්‍වයෝ මෙ බඳු ස්වභාව ඇත්තෝ මැ යැ. එහෙත් භූරිදත්ත නො දක්නා මම සොවින් පෙළුනා වෙමි.
Pali BJT5167. අජ්ජ චෙ මෙ ඉමං රත්තිං සුදස්සන විජානහි, භූරිදත්තං අපස්සන්ති මඤ්ඤෙ හෙස්සාමි{6} ජීවිතං.
Sinhala BJT5167. පුත සුදස්සන, ඉදින් අද රෑ භූරිදත්ත නො දක්නී නම් මගේ ජීවිතය හරින්නෙමි යි සිතමි. එ දනුව යි මෑණියෝ පැවැසූහ.
Pali BJT5168. අම්ම අස්සාස මා සොචි ආනයිස්සාම භාතරං, දිසොදිසං ගමිස්සාම භාතුපරියෙසනං චරං.
Sinhala BJT5168. මෑණියෙනි, සැනසෙනු මැනැවි. ශෝක නො කළ මැනැවි. සොහොයුරා සොයා ගෙන එන්නෙමු. සොහොයුරා සොයමින් දිසානුදිසාවනට යන්නෙමු.
Pali BJT5169. පබ්බතෙ ගිරිදුග්ගෙසු ගාමෙසු නිගමෙසු ච, ඔරෙන දසරත්තස්ස{7} භාතරං පස්ස ආගතං.
Sinhala BJT5169. පර්‍වත ගිරිදුර්‍ගයන්හි ද ගම්නියම්ගම්හි ද ඇවිසැ සොයන්නෙමු. රෑ දසයකින් හෙවත් දස දවසකින් මොබ ආ සහෝදරයා බලනු මැනැවි යි පුත්‍රයෝ පැවැසූහ.
Pali BJT5170. හත්ථා පමුත්තො උරගො පාදෙ තෙ නිපතී භුසං, කච්චි{8} තං නු ඩසී තාත මා භායි සුඛිතො භව.{9}
Sinhala BJT5170. (මා) අතින් මිදුණු සර්‍පයා ඔබගේ පයෙහි බලවත් සේ පතිත විය. කිම, ඔබ දෂ්ට කෙළේ ද? බිය නො වෙව, සුවපත් වෙව යි ආලම්බායන කී ය.
Pali BJT5171. නෙව මය්හං අයං නාගො අලං දුක්ඛාය කායචි, යාවතත්ථි අභිග්ගාහා මයා භිය්යො න විජ්ජති.
Sinhala BJT5171. මේ නාගයා සුළු පමණින් වත් මට දුකක් ඉපැදැවීමට නො පොහොසත් ය. යම් පමණ අහිතුණ්ඩිකයෝ වෙත් ද මට වැඩි සමතෙක් නැතැ යි (තාපස වේසයෙන් ආ සුදස්සන නැමැති නාරජ කී ය.)
Pali BJT5172. කොනු බ්රාහ්මණ වණ්ණෙන දත්තො පරිසමාගමා, අව්හයන්තු සුයුද්ධෙන සුණාතු පරිසා මමං.
Sinhala BJT5172. බමුණු වෙසින් කවර නම් අන්‍ධ බාලයෙක් මා යුද්ධයට කැඳවමින් මෙ පිරිස වෙත පැමිණියේ ද? පිරිස මාගේ බස අසාවා යි ආලම්බායන කී ය.
Pali BJT5173. ත්වං මං නාගෙන ආලම්බ අහං මණ්ඩූකඡාපියා, හොතු නො අබ්භුතං තත්ථ ආසහස්සෙහි පඤ්චහි.
Sinhala BJT5173. ආලම්බායන තෝ නාගයා මගින් මා සමඟ යුද කරව, මම මැඩි පැටවක මගින් තා සමඟ යුද කරන්නෙමි. අපගේ යුදයෙහි පන්දහසකින් පරදු තැබුම වේවයි සුදස්සන තෙමේ කී ය.
Pali BJT5174. අහං හි වසුමා අඩ්ඪො ත්වං දළිද්දොසි මාණව, කො නු තෙ පටිභොගත්ථි උපජූතඤ්ච{1} කිං සියා.
Sinhala BJT5174. එම්බා මාණවකය, මම වනාහි ධනය ඇති, වස්තුවෙන් පරිපූර්‍ණ වූවෙක්මි. තෝ වනාහි දිළින්දෙක් වෙහි ය. තට කවර ඇපයක් තිබේ ද මේ දූකෙළියෙහි තැබිය යුතු කවර නම් ධනයක් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(වැලිදු හේ කියයි)
Pali BJT5175. උපජූතඤ්ච මෙ අස්ස පාටිභොගො ච තාදිසො, හොතු{2} නො අබ්භුතං තත්ථ ආසහස්සෙහි පඤ්චහි.
Sinhala BJT5175. මේ දූකෙළිය සඳහා ධනය මට ඇත, තැබිය හැකි ඇප ද ඇත. එහෙයින් එහි දී පන්දහස දක්වා පරදු තැබුම වන්නේ නම් යෙහෙකැ යි ආලම්බායන තෙමේ කී ය.
Pali BJT5176. සුණොහි මෙ මහාරාජ වචනං භද්දමත්ථු තෙ, පඤ්චන්නං මෙ සහස්සානං පාටිභොගොහි කිත්තිමා.
Sinhala BJT5176. මහරජ, ඔබට යහපතක් වේවා, ම බස ඇසුව මැනැවි. කීර්තිමත් රජතෙමේ මට පන්දහසකට ඇප වේවා යි සුදස්සන තෙමේ මයිල් රජුට කී ය.
Pali BJT5177. පෙත්තිකං වා ඉණං හොති යං වා හොති සයං කතං, කිං ත්වං එවං බහුං මය්හං ධනං යාචසි බ්රාහ්මණ.
Sinhala BJT5177. බ්‍රාහ්මණය, පියා විසින් ගත් ණයක් ඇද්ද නැතහොත් තමා වූ යම් ණයක් හෝ වේ ද? කුමකට මෙ බඳු බොහෝ ධන තෝ මාගෙන් ඉල්ලන්නෙහි දැ යි රජ තෙමේ ඇසී ය.
Pali BJT5178. ආලම්බානො{3} හි නාගෙන මමං අභිජිගිංසති,{4} අහං මණ්ඩුකඡාපියා ඩංසසිස්සාමි බ්රාහ්මණං.
Sinhala BJT5178. මහරජ, ආලම්බායන තෙමේ නාගයා කරණ කොට ගෙන යුදයෙහි දි මා දිනන්නට කැමැත්තේ වෙයි. මම මැඬිපැටවක ලවා බ්‍රාහ්මණයා දෂ්ට කරවමි.
Pali BJT5179. තං ත්වං දට්ඨුං මහාරාජ අජ්ජ රට්ඨාභිවද්ධන, ඛත්තසඞ්ඝපරිබ්බූළ්හො නිය්යාහි අහිදස්සනං.
Sinhala BJT5179. රට වර්ධනය කරවන මහරජ, අද ඔබ ඒ නයින්ගේ නැටුම් බලන්නට ක්‍ෂත්‍රිය සමූහයා පිරිවරන ලදු වැ වඩනේ මැනැවැ යි සුදස්සන තෙමේ කී ය.
Pali BJT5180. නෙව තං අතිමඤ්ඤාමි සිප්පවාදෙන මාණව, අතිමත්තොසි සිප්පෙන උරගං නාපචායසි.
Sinhala BJT5180. මාණවකය, ශිල්පවාදයෙන් ඔබ ඉක්මවා නො හඟිමි. ඔබ වනාහි ශිල්ප හේතු කොට ගෙන මත් වූවහු ය. එහෙයින් මේ නාගයාහට බුහුමන් නො කෙරෙහි යැ යි ආලම්බායන තෙමේ කී ය.
Pali BJT5181. මයම්පි නාතිමඤ්ඤාම සිප්පවාදෙන බ්රාහ්මණං, අවිසෙන ච නාගෙන භුසං වඤ්චයසෙ ජනං.
Sinhala BJT5181. අපි දු ශිල්පවාදයෙන් බ්‍රාහ්මණයා ඉක්මවා නො හඟිමු. ඔබ විෂ නැති මේ නයාගෙන් ද බොහෝ සේ ජනයා මුළා කරන්නෙහි ය.
Pali BJT5182. එවං චෙතං ජනො ජඤ්ඤා යථා ජානාමි තං අහං, න ත්වං ලභසි{5} ආලම්බ සත්තුමුට්ඨිං{6} කුතො ධනං.
Sinhala BJT5182. එය මම යම්සේ දනිම් ද, මහාජන තෙමේ එසේ දනී නම් ආලම්බායන, ඔබ අත්සුණු මිටකුදු නො ලබන්නෙහි ය. ධනය නම් කොහින් ලබන්නෙහි දැ යි සුදස්සන තෙමේ ඇසී ය.
Pali BJT5183. ඛරාජිනො ජටී රුම්මී{7} දත්තො{8} පරිසමාගතො, සො ත්වං එවං ගතං නාගං අවිසො අතිමඤ්ඤසි.
Sinhala BJT5183. රළු වූ අඳුන් දිවිසම් දරන ජටාධර අඳුන් නොලා නො සැරැසුණු දත්ත පිරිසට ආයේයැ. තෙපි මෙ වැනි අනුභවසම්පන්න නාගයා විෂ නැත්තෙකැ යි අවමන් කරව.
Pali BJT5184. ආසජ්ජ ඛො තං{1} ජඤ්ඤාසි පුණ්ණං උග්ගස්ස තෙජසා{2} මඤ්ඤෙ තං භස්මරාසිංව ඛිප්පමෙසො කරිස්සති.
Sinhala BJT5184. උග්‍ර විෂ තෙදින් පරිපූර්‍ණ වූ ඒ නාරජුට ළං වැ එය දැන ගන්නෙහි ය. නා රජතෙමේ තොප වහාම අළු ගොඩක් කෙරේ යැ යි සිතමි යි ආලම්බායන තෙමේ කුපිත වැ කී ය.
Pali BJT5185. සියා විසං සිළුත්තස්ස දෙඩ්ඪුහස්ස සිලාභුනො, නෙව ලොහිතසීසස්ස විසං නාගස්ස විජ්ජති.
Sinhala BJT5185. තොපගේ මේ රතු හිසැ’ති සර්‍පයාගේ විෂ ඇත් නම් ගැරැඬි යැ, දියබරි යැ, පණුවුළු යැ යන සතුන්ට ද විෂ ඇතැ යි සුදස්සන තෙමේ කී ය.
Pali BJT5186. සුතං මෙතං අරහතං සඤ්ඤතානං තපස්සිනං, ඉධ දානානි දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා; ජීවන්තො දෙහි දානානි යදි තෙ අත්ථි දාතවෙ.
Sinhala BJT5186. මෙ ලොවැ දායකයෝ දන්දීම හේතු කොටගෙන දෙව්ලොවැ උපදිති යන මෙය සංයමයෙන් හා තපසින් යුත් රහතුන්ගෙන් මා විසින් අසන ලදී. ඉදින් දිය යුතු දෙයක් තොපට ඇතහොත් ජීවත් වෙමින් දන් දෙව.
Pali BJT5187. අයං නාගො මහිද්ධිකො තෙජසී දුරතික්කමො, තෙන තං ඩංසයිස්සාමි සො තං භස්මං කරිස්සති.
Sinhala BJT5187. මේ නාගයා මහත් ඍද්ධි ඇති තේජස් ඇති කිසිවකු හට ඉක්මැ විය නො හැක්කකි. ඔහු ලවා තොප දෂ්ට කරවන්නෙමි. හේ තා අළු කරන්නේ යැ යි ආලම්බායන තෙමේ කී ය.
Pali BJT5188. මයාපෙතං සුතං සම්ම සඤ්ඤතානං තපස්සිනං, ඉධ දානානි දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා; ත්වමෙව දෙහි ජීවන්තො යදි තෙ අත්ථි දාතවෙ.
Sinhala BJT5188. යහළු ආලම්බායනය, මෙ ලොවැ දන් දෙන දායකයෝ දෙව්ලොවැ උපදිතැ යි යන මෙය සංයම ඇති තපස්වීන්ගෙන් මා විසිනුදු අසන ලදයැ. ඉදින් දියයුතු දෙයක් ඇතහොත් එය ජීවත් වන තෙපි මැ දෙව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ඒ අසා භූරිදත්ත මෙසේ කියයි:)
Pali BJT5189. අයං අච්චිමුඛී නාම{3} පුණ්ණා උග්ගස්ස තෙජසා, තෙන තං ඩංසයිස්සාමි සා තං භස්මං කරිස්සති.
Sinhala BJT5189. අච්චිමුඛී නමැති මේ මැඬි පැටි උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ වූවා ය. ඇය ලවා තා දෂ්ට කරවමි. ඕ තා හළු කරන්නී ය.
Pali BJT5190. යා ධීතා ධතරට්ඨස්ස වෙමාතා භගිනී මම, සා දිස්සතු අච්චිමුඛී{4} පුණ්ණා උග්ගස්ස තෙජසා,
Sinhala BJT5190. ධ්‍රතරාෂ්ට නමැති නාරජුට යම් දුවක් වූ ද මාගේ අසමාන මවු දරු නැගණි වූ ද උග්‍ර විෂ තේජසින් පරිපූර්‍ණ ඒ මේ අච්චිමුඛී නමැති මැඬි පැටි දකිනු ලැබේවා යි සුදස්සන තෙමේ කීය.
Pali BJT5191. ඡමායං චෙ නිසිඤ්චිස්සං බ්රහ්මදත්ත විජානහි, තිණලතානි ඔසධ්යො උස්සුස්සෙය්යුං අසංසයං.
Sinhala BJT5191. බ්‍රහ්මදත්ත මහරජ, යම් හෙයකින් මේ විෂ පොළොවෙහි ඉසින්නේ නම් තණකොළ ලිය වැල් ද ඖෂධවර්‍ගයෝ ද නිසැක වැ වියළෙන්නාහ යි දනු මැනවැ යි කී ය.
Pali BJT5192. අද්ධං{5} චෙ පාතයිස්සාමි බ්රහ්මදත්ත විජානහි, සත්තවස්සානයං දෙවො න වස්සෙ න හිමං පතෙ.
Sinhala BJT5192. එම්බා බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ අහසට දමන්නෙම් නම් සත්ත්‍වසක් මුළුල්ලෙහි වැසි නො වස්නේ ය. පිනිබිඳුවකුදු නො වැටෙති දනුව යි කීය.
Pali BJT5193. උදකඤ්චෙ නිසිඤ්චිස්සං බ්රහ්මදත්ත විජානහි, යාවතා{6} ඔදකා පාණා මරෙය්යුං මච්ඡකච්ඡපා.
Sinhala BJT5193. බ්‍රහ්මදත්ත මහරජ, ඉදින් මේ විෂ දියට (මුහුදට) ඉසින්නෙම් නම් දියෙහි උපදින මස්කැසුබු ඈ යම් පමණ සත්ත්‍වයෝ වෙද්ද ඒ සියලු සත්ත්‍වයෝ මැරෙන්නාහ යි දැන ගන්නැ යි සුදස්සන තෙමේ කීය.
Pali BJTනගරප්පවෙසනකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTනගර ප්‍රවේශ කාණ්ඩය යි.
Pali BJT5194. ලොක්යං සජන්තං උදකං පයාගස්මිං පතිට්ඨිතං, කො මං අජ්ඣොහරි භූතො ඔගාළ්හං යමුනං නදිං.
Sinhala BJT5194. පව් සේදීමට සුදුසු යැ යි ලෝවැස්සන් විසින් සම්මත කැරුණු පයාග නම් කොටැ පිහිටි මෙබඳු දිය නහන මා කවර නම් භූතයෙක් යමුනා ගඟෙහි ගිල්වමින් ඇදගති දැ යි වැදි බමුණා ඇසී ය.
Pali BJT5195. යදෙසලොකාධිපතී යසස්සී බාරාණසිම්පකිරහරී සමන්තතො, තස්සාහං පුත්තො උරගූසභස්ස සුභගොති මං බ්රාහ්මණ වෙදයන්ති.
Sinhala BJT5195. ලොවට අධිපති යසපිරිවර ඇති යම් මේ ධෘතරාෂ්ට්‍ර නමැති නා රජෙක් හාත්පසින් බරණැස් නුවර පෙණයෙන් වැසුයේ ද මම ඒ නා රජුගේ පුත් වෙමි. බමුණ මා සුහග යැ යි දනිති යි සුහග නාරජ කීය.
Pali BJT5196. සචෙ හි පුත්තො උරගූසභස්ස කංසස්ස රඤ්ඤො අමරාධිපස්ස මහෙසක්ඛො අඤ්ඤතරො පිතා තෙ මච්චෙසු මාතා පන තෙ අතුල්යා න තාදිසො අරහති බ්රාහ්මණස්ස දාසම්පි ඔහාරිතුං මහානුභාවො.
Sinhala BJT5196. ඉදින් තෙපි වනාහි දිගාසිරි ඇති බැවින් අමර නම් නාගයනට අධිපති කංශ නමැති ධෘතරාෂ්ට්‍ර නාරජුගේ පුත් වවු නම් තොපගේ පිය තෙමේ මහේශාක්‍ය නාරජෙකි. ඔබ මවු තොමෝ මිනිසුන් අතර අසමාන තැනැත්තක යැ. එ බන්දෙක් බ්‍රාහ්මණයකුගේ දාසයකුවත් දියෙහි ගිල්වීමට නුසුදුසු යැ (මහානුභාව බමුණකු ගැන කවර කථායැ යි වැදි බමුණා කීය.)
Pali BJT5197. රුක්ඛං නිස්සාය විජ්ඣිත්ථො ඵණෙය්යං පාතුමාගතං, සො විද්ධො දූරමසරා{1} සරවෙගෙන සෙඛවා.{2}
Sinhala BJT5197. එම්බා බ්‍රාහ්මණය තෙපි රුකක් ඇසුරු කරමින් දිය බොන්නට ආ මුවකු විද්දහු ය. ඊතල වේගය නිසා තැති ගත් විදිනු ලැබූ මුවා ඈතට ගියේ ය.
Pali BJT5198. තං ත්වං පතිතමද්දක්ඛි අරඤ්ඤස්මිං බ්රහාවනෙ, ස මංසකාජමාදාය සායං නිග්රොධුපාගමි.
Sinhala BJT5198. තෙපි මහ වනයෙහි (දුවගොස් මැරී වැටුණු) ඒ මුවා දැක්කහු ය. ඒ තෙපි මුවමස් කද රැගෙන සවස නුග රුකක් වෙත පැමිණියහු ය.
Pali BJT5199. සුවලාසිය{3} සඞ්ඝුට්ඨං පිංගියං{4} සන්ථතායුතං, කොකිලාභිරුදං රම්මං ධුවං හරිතසද්දලං.
Sinhala BJT5199. ගිරා සැළලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති පැසුණු පල කරණකොටගෙන පිඟුවන් ගැවැසී ගත් ඇටුවන් ඇති නුග රුකින් යුත් මේ භූමිය කොවුලන් විසින් පැවැත්වෙන නාද ඇති සිත්කලු නිතර නිල් තෘණයෙන් ගැවැසී ගත්තකි.
Pali BJT5200. තත්ථ තෙ සො පාතුරහූ{5} ඉද්ධියා යසසා ජලං, මහානුභාවො භාතා මෙ කඤ්ඤාහි පරිවාරිතො.{6}
Sinhala BJT5200. ඒ නුග රුකෙහි සිටි තොපට ඍද්ධියෙන් ද, යසසින් ද දිලියෙන මහත් අනුභාව ඇති නාගකන්‍යාවන් පිරිවැරූ මාගේ ඒ සොහොයුරු තෙමේ පෙනුණේ ය.
Pali BJT5201. සො තෙන පරිචිණ්ණො ත්වං සබ්බකාමෙහි තප්පිතො, අදුභස්ස{7} තුවං දූභි තං තෙ වෙරං ඉධාගතං.
Sinhala BJT5201. ඒ තෙපි මගේ සොහොයුරු භූරිදත්ත නමැති ඒ නාරජු විසින් කැමැති සියලු සම්පත්තියෙන් සතුටු කැරුණේ බුහුමන් කැරුණේ ද වවු ය. ද්‍රෝහ නො කළයුතු ඔහුට තෙපි ද්‍රෝහ කළවු ය. තොපට ඒ පාපකර්‍මය දැන් මෙහි පැමිණියේ වෙයි.
Pali BJT5202. ඛිප්පං ගීවං පසාරෙහි න තෙ දස්සාමි ජීවිතං, භාතුපරිසරං වෙරං ඡෙදයිස්සාමි තෙ සිරං.
Sinhala BJT5202. ගෙල වහා දිගු කරව. තා මරමි. සොහොයුරාහට කළ අපරාධය සිහිකරන මම තාගේ හිස සිඳිමි යි සුහග තෙමේ කීය.
Pali BJT5203. අජ්ඣායකො යාචයොගො{8} ආහුතග්ගී ච බ්රාහ්මණො, එතෙහි තීහි ඨානෙහි අවජ්ඣො භවති{9} බ්රාහ්මණො.
Sinhala BJT5203. බමුණා මන්ත්‍ර හදාරයි. ඉල්ලීමට සුදුසු වෙයි, පුදන ලද ගිනි ඇත්තේ ද වෙයි. මේ තෙ කරුණින් බමුණු තෙමේ වධ නො කොට යුත්තෙකැ යි වැදි බමුණා කීය.
Pali BJT5204. යං පුරං ධතරට්ඨස්ස ඔගාළ්හං{1} යමුනං නදිං, ජොතතෙ{2} සබ්බසොවණ්ණං ගිරිං ආහච්ච යාමුනං.{3}
Sinhala BJT5204. යමුනා නදී යට පෙදෙසෙහි ධෘතරාෂ්‍ට්‍ර නා රජුගේ රන්මුවා යම් නුවරක් යමුනා ගඟ අසබඩ හිමාලය පර්‍වතය දක්වා බැබැළේ ද?
Pali BJT5205. තත්ථ තෙ පුරිසව්යග්ඝා සොදරියා මම භාතරො, යථා තෙ තත්ථ වක්ඛන්ති තථා හෙස්සසි බ්රාහ්මණ.
Sinhala BJT5205. එ නුවර පුරුෂ ශ්‍රේෂ්ඨ වූ සමාන මාතෘක මාගේ ඒ සොහොයුරෝ වෙසෙති. ඔහු යම් පරිදි කියද්ද බමුණ, තොප එහි දී එ පරිදි වන්නේ යැ යි සුහග තෙමේ කී ය.
Pali BJTසුභගඛණ්ඩො.
Sinhala BJTසුහග කාණ්ඩය යි.
Pali BJT5206. අනිත්තරා ඉත්තරසම්පයුත්තා යඤ්ඤා ච වෙදා{4} ච සුභොග ලොකෙ, තදග්ගරය්හං හි විනින්දමානො ජහාති විත්තඤ්ච සතඤ්ච ධම්මං.
Sinhala BJT5206. සුහග ය, ලොවැ යාගයෝ ය වේදයෝ ය යන මොහු අලාමක ය. ලාමක බමුණන් විසින් යොදන ලදහ. (බමුණෝ ද අලාමකහ.) එහෙයින් නො ගැරහියයුතු බමුණාට අවමන් කරන තැනැත්තේ වස්තුව ද සත්පුරුෂ ධර්‍මය ද දුරු කරයි කියා දොරටුව අසල සිටි කාණාරිෂ්ට තෙමේ කීය.
Pali BJT5207. අජ්ඣෙනමරියා පඨවිං ජනින්දා වෙස්සා කසිං පරිචරියඤ්ච සුද්දා, උපාගු පච්චෙකං යථා පදෙසං කතාහු එතෙ වසිනාති ආහු.
Sinhala BJT5207. ආර්‍ය්‍ය බමුණෝ වේදය ඉගෙනීමට ද ක්‍ෂත්‍රියයෝ පෘථිවි පාලනයට ද, වෛශ්‍යයෝ සී සාන්නට ද, ශුද්‍රයෝ මෙහෙවර කරන්නට ද පැමිණෙත්වා යි මහබඹ තෙමේ කීය. වෙන වෙන ම එසේ පැමිණෙන්නෝ තම තමන්ගේ කුලයට සුදුසු පරිදි පැමිණියහ. මෙසේ මොවුහු මහබඹු විසින් මවන ලදහ යි කියති.
Pali BJT5208. ධාතා විධාතා වරුණො කුවෙරො සොමො යමො චන්දිමා වායු සුරියො, එතෙ හි යඤ්ඤං පුථුසො යජිත්වා අජ්ඣායකානං අථ{5} සබ්බකාමෙ.
Sinhala BJT5208. ධාතා යැ විධාතා යැ වරුණ යැ කුවේර යැ සෝම යැ යම යැ චන්‍දිමා යැ වායු යැ සූරිය යැ යි යන මේ දෙව් රජවරු වනාහි නොයෙක් අයුරින් යාග කොට බමුණන්ට කැමැති සියලු සම්පත් දීමේ තනතුරුවලට පත්වූහ.
Pali BJT5209. විකාසිතා චාපසතානි පඤ්ච යො අජ්ජුනො බලවා භීමසෙනො,{6} සහස්සබාහු අසමො පඨව්යා සොපි තදා ආදහි ජාතවෙදං.
Sinhala BJT5209. පන්සියක් පමණ අදනා ලද මහදුන්න ඇති බලවත් බිහිසුණු මහසෙන් ඇති (දහසක් බාහුවෙන් ඇදෙන දුනු දිය අදින බැවින්) සහස්සබාහු නමැති, පොළොවෙහි අසමාන යම් අර්ජුන යැ යි රජෙක් වී ද හෙ ද එකලැ ගිනි දෙවියා පිදී යැ.
Pali BJT5210. යො බ්රාහ්මණො භොජයී දීඝරත්තං අන්නෙන පාණෙන යථානුභාවං, පසන්නචිත්තො අනුමොදමානො සුභොග දෙවඤ්ඤතරො අහොසි.
Sinhala BJT5210. යම් බරණැස් රජෙක් බොහෝ කල් මුළුල්ලෙහි සතුටු සිත් ඇත්තේ පහන් සිතින් බමුණන් වැළඳ වී ද සුහගය, හෙතෙමේ එක්තරා මහත් අනුභාව ඇති දෙව්රජෙක් වී යැ.
Pali BJT5211. මහාසනං දෙවමනොමවණ්ණං යො සප්පිනා අසක්ඛි ජෙතුමග්ගිං, සො යඤ්ඤතන්තං වරතො යජිත්වා දිබ්බං ගතිං මුචලින්දජ්ඣගඤ්ඡි.
Sinhala BJT5211. යම් රජෙක් මහත් ආහාර ඇති අලාමක ප්‍රභාව ඇති ගිනි දෙවියා ගිතෙලින් තුටු කරන්නට හැකි වූයේ ද ඒ මුචලින්‍ද නමැති රජ තෙමේ උතුම් ගිනි දෙවියාට යාග කිරීමෙන් දෙව්ලොවට පැමිණියේ යැ.
Pali BJT5212. මහානුභාවො වස්සසහස්සජීවී යො පබ්බජී{1} දස්සනෙය්යො උළාරො, හිත්වා අපරියන්තරථං{2} සසෙනං රාජා දුදීපොපි ජගාමං{3} සග්ගං.
Sinhala BJT5212. මහත් අනුභා ඇති දහසක් හවුරුදු ජීවත් වූ දැකුම් කලු වූ, උදාර වූ යම් රජෙක් අපමණ රිය සෙනඟ හැරදමා පැවිදි වූයේ ද ඒ දුදීප නමැති රජ තෙමේ ද දෙව්ලොවට පැමිණියේ යැ.
Pali BJT5213. යො සාගරො සාගරන්තං විජිත්වා යූපං සුභං සොණ්ණමයං උළාරං, උස්සෙසි වෙස්සානරමාදහානො{4} සුභොග දෙවඤ්ඤතරො අහොසි.
Sinhala BJT5213. සුහග, සාගර නමැති යම් රජෙක් සයුර හිම්කොට ඇති මහපොළොව ජයගෙන යහපත් ස්වර්‍ණමය යාගස්තම්භයක් එසවූයේ ද සුහග ය, ගිනිදෙවියා පුදන ඒ රජ තෙමේ ද එක් මහේශාක්‍ය දෙවියෙක් වී.
Pali BJT5214. යස්සානුභාවෙන සුභොග ගඞ්ගා පවත්තථ{5} දධිසන්නං සමුද්දං, ස ලොමපාදො පරිචරියමග්ගිං අඞ්ගො සහස්සක්ඛපුරජ්ඣගඤ්ඡි.
Sinhala BJT5214. එම්බා සුහග, යම් රජකුගේ අනුභාවයෙන් ගඞ්ගා පැවැත්තාහු ද සමුදුර හට ගත්තේ ද පාදයෙහි ලොම් ඇති ඒ අඟුරජ තෙමේ ගිනිදෙවියා පුදා ශක්‍රපුරයට පැමිණියේ යැ.
Pali BJT5215. මහිද්ධිකො දෙවවරො යසස්සි සෙනාපති තිදිවෙ වාසවස්ස, ස සොමයාගෙන මලං විහන්ත්වා සුභොග දෙවඤ්ඤතරො අහොසි.
Sinhala BJT5215. එම්බා සුහග, දැන් යමෙක් දෙව්ලොවැ සක්දෙව් රජුගේ සේනාපති වැ මහත් ඍද්ධියෙන් හා යසපිරිවරින් යුත් උතුම් දෙවියෙක් වේ ද හෙ ද පෙරැ සෝමයාගයෙන් පව් සෝදා හැරැ එක් මහේශාක්‍ය දෙවියෙක් වූයේ යැ.
Pali BJT5216. අකාරි{6} යො ලොකමිමං පරඤ්ච භාගීරථිං{7} හිමවන්තඤ්ච ගිජ්ඣං, යො ඉද්ධිමා දෙවවරො යසස්සී සොපි තදා ආදහි ජාතවෙදං.
Sinhala BJT5216. සොහොවුරු සුහග, යම් ඍද්ධි ඇති යසස් ඇති මහබඹෙක් මෙ ලොව ද පරලොව ද භාගිරථී ගඞ්ගාව ද හිමවත් පව්ව ද ගිජ්ඣ පර්‍වතය ද යන මේ සියල්ල කෙළේ ද හෙ ද ගිනිදෙවියා පිදී ය.
Pali BJT5217. මාලාගිරී හිමවා යො ච ගිජ්ඣො සුදස්සනො{8} නිසභො කාකනෙරු,{9} එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු.
Sinhala BJT5217. මාලාගිරි යැ හිමවත් යැ ගිජ්ඣ යැ සුදස්සන යැ නිසභ යැ කාකනේරු යැ යන මේ පර්‍වතයෝ වෙද්ද සෙසු මහත් පර්‍වතයෝ ද යාග කරන බමුණන් විසින් ගඩොලින් බැඳුණු ආසන සඳහා කරන ලද්දාහු වෙතැ යි කී හු.
Pali BJT5218. අජ්ඣායකං මන්තගුණූපපන්නං තපස්සිනං යාචයොගොති චාහ,{10} තීරෙ සමුද්දස්සුදකං සජන්තං තං සාගරජ්ඣොහරි තෙනපෙය්යො.
Sinhala BJT5218. හදාරනලද වේද ඇති වේදමන්ත්‍ර පරිච්ඡේද ඇති පිරූ තපස් ඇති බමුණා ඉල්ලීමට සුදුස්සෙකැ යි ද කී ය. සමුද්‍ර තීරයෙහි දිය ස්නානය කරන එබඳු බමුණකු සාගරය තෙමේ ඇද ගත්තේ ය. එ බැවින් සමුද්‍රය පානය කළ නො හැකි ලුණුදිය ඇත් බවට පත් කෙළේ ය.
Pali BJT5219. ආයාගවත්ථූනි පුථූ පථව්යා සංවිජ්ජන්ති බ්රාහ්මණා වාසවස්ස, පුරිමං දිසං පච්ඡිමං දක්ඛිණුත්තරං සංවිජ්ජමානා ජනයන්ති වෙදං.
Sinhala BJT5219. සක්දෙවිඳුගේ යාගයනට සුදුසු බොහෝ බමුණෝ පොළොවෙහි ඇත. පෙරදිග යැ පැසුළුදිග යැ දකුණුදිග යැ උතුරු දිග යැ යන මේ දිසාවන්හි ඇති ඒ බමුණෝ දැනුදු සක්දෙවිඳුහට සතුටු උපදවති යි කාණාරිෂ්ට තෙමේ කී ය.