Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT227. සීහඞ්ගුලි සීහනඛො සීහපාදපතිට්ඨිතො, සො සීහො සීහසඞ්ඝම්භි එකො නදති අඤ්ඤථා.
Sinhala BJT227. සිංහයනට බඳු ඇඟිලි ඇති සිංහයනට බඳු නිය ඇති සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ රැළෙහි හුදෙකලා වැ අනෙක් පරිද්දෙකින් (සිගාල) නාද කෙරේ.
Pali BJT228. මා ත්වං නදී රාජපුත්ත අප්පසද්දො වනෙ වස, සරෙන{1} ඛො තං ජානෙය්යුං න හි තෙ පෙත්තිකො සරො’ති
Sinhala BJT228. සිංහරාජ පුත්‍රය, තෝ නාද නො කර, නිහඬ වැ වෙනෙහි (සිංහයන් අතරෙහි) වාසය කරව. තා ස්වරයෙන් (සිවල් බව) දැනැගන්නාහු ය. තට පියාගේ ස්වරය නැත.
Pali BJT8. සීහකොත්ථුකජාතකං.
Sinhala BJT8. සීහකොත්‍ථුක ජාතක යි.
Pali BJT229. නෙතං සීහස්ස නදිතං න ව්යග්ඝස්ස{2} න දීපිනො, පාරුතො සීහචම්මෙන ජම්මො නදති ගද්රභො.
Sinhala BJT229. මේ සිංහයකුගේ නාදය නො වෙයි. ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද නාදය නො වෙයි. සිංහහම් පොරවන ලද ලාමක වූ කොටළුවා නාද කෙරේ.
Pali BJT230. චිරම්පි ඛො තං ඛාදෙය්ය ගද්රභො හරිතං යවං, පාරුතො සීහචම්මෙන රවමානොව දූසයී’ති.
Sinhala BJT230. කොටළුවා සිංහහම් පොරවන ලදු වැ බොහෝ කාලයක් නිල්වන් යව කෑවේ ය. තමාගේ කොටළු හඬ නඟන්නේ (ජාතිය ප්‍රකාශ කොට) දූෂණයට (විනාශයට) පැමිණියේ යි.
Pali BJT9. සීහචම්මජාතකං.
Sinhala BJT9. සීහචම්ම ජාතක යි.
Pali BJT231. පස්ස සද්ධාය සීලස්ස චාගස්ස ච අයං ඵලං, නාගො නාවාය වණ්ණෙන සද්ධං වහති උපාසකං{3}.
Sinhala BJT231. ශ්‍රද්ධාවෙහි ද ශීලයෙහි ද ත්‍යාගයෙහි ද ඵලය (අනුසස්) බලව. දිව්‍යනාගයා නැවක ආකාරයෙන් ශ්‍රද්ධාවත් උපාසකයා උසුලයි.
Pali BJT232. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං හි සන්නිවාසෙන සොත්ථිං ගච්ඡති {*}නහාපිතො’ති.
Sinhala BJT232. පණ්ඩිතයන් හා එක් වැ වාසය කරවු. සත්පුරුෂයන් හා මිතුරුකම් කරවු. සත්පුරුෂයන් හා සහවාසයෙන් කරනැහැවියා සුවසේ යයි.
Pali BJT10. සීලානිසංසජාතකං.
Sinhala BJT10. සීලානිසංස ජාතක යි.
Pali BJTඅසදිසවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි අසදෘශ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTධනුග්ගහකුඤ්ජරඅප්පරසො ගිරිදත්තමනාවිලචිත්තවරං, දධිවාහනජම්බුකසීහනඛො හරිතයවනාගවරෙන දස.
Sinhala BJT(ධනුග්ගහ) අසදිස ජාතක යැ, (කුඤ්ජර) සඞ්ගාමාවචර ජාතක යැ, (අප්පරස) වාළොදක ජාතක යැ, ගිරිදත්ත ජාතක යැ, (අනාවිලචිත්ත) අනභිරත ජාතක යැ, දධිවාහන ජාතක යැ, (ජම්බුක) වතුමට්ට ජාතක යැ, (සීහ හඬ) සීහ කොත්‍ථුක ජාතක යැ, (හරිතයව) සීහවම්ම ජාතක යැ, (නාගවරෙන) සීලානිසංස ජාතකය යන මෙයින් ජාතක දසය වේ.
Pali BJT5. රුහකවග්ගො
Sinhala BJT5. රුහක වර්‍ගය
Pali BJT233. අම්භො රුහක{1} ඡින්නාපි ජියා සන්ධීයතෙ පුන, සන්ධීයස්සු පුරාණියා මා කොධස්ස වසං ගමි.
Sinhala BJT233. රුහකය, සිඳී ගිය දුන්නේ ලනුව ද නැවැත සන්‍ධි කරනු ලැබේ. (එපරිද්දෙන්) තා පුරාණී නම් බිරිය හා සමඟි වැ වස. ක්‍රෝධයාගේ වසයට නො යව.
Pali BJT234. විජ්ජමානාසු{2} මරුවාසු විජ්ජමානෙසු කාරුසු, අඤ්ඤං ජියං කරිස්සාම අලඤ්ඤෙව පුරාණියා’ති.
Sinhala BJT234. (දුනු දිය තනන) මරුවනම් වැහැරි ඇති කල්හි දුනු දිය කරන්නවුන් ඇති කල්හි අනෙක් දුනුදියක් කරන්නෙමු. පුරාණි බිරිය නො කැමැත්තෙමි.
Pali BJT1. රුහකජාතකං.
Sinhala BJT1. රුහක ජාතක යි.
Pali BJT235. ඉත්ථි සියා රූපවතී සා ච සීලවතී සියා, පුරිසො තං න ඉච්ඡෙය්ය සද්දහාසි මහොසධ.
Sinhala BJT235. ස්ත්‍රිය රූ ඇත්තී වන්නී ය, ඒ රූමත් ස්ත්‍රිය ආචාරශීලී ද වන්නී ය. පුරුෂයෙක් එබඳු ස්ත්‍රිය ද නො කැමැත්තේ ය. මහෞෂධයෙනි, (මේ කරුණ ඔබ) අදහන්නෙහි දැ යි (රජ විචාළේ ය).
Pali BJT236. සද්දහාමි මහාරාජ පුරිසො දුබ්භගො සියා, සිරී ච කාලකණ්ණි ච න සමෙන්ති කුදාචනන්ති.
Sinhala BJT236. මහරජ, එය අදහමි. පුරුෂයා පින් නැත්තේ වී නම් ශ්‍රියත් (වාසනාවත්) කාලකණ්ණියත් අවාසනාවත් කිසි කලෙකත් එකතු නො වේ.
Pali BJT2. සිරිකාලකණ්ණි ජාතකං.{3}
Sinhala BJT2. සිරිකාලකණ්ණි ජාතක යි.
Pali BJT237. අයමෙව සා අහම්පි සො අනඤ්ඤො අයමෙව සො හත්ථච්ඡින්නො අනඤ්ඤො යමාහ කොමාරපතී{4} මමන්ති වජ්ඣිත්ථියො නත්ථි ඉත්ථිසු සච්චං.
Sinhala BJT237. හෝ (මා විසින් පෝෂණය කරනු ලැබූ) තැනැත්තී මැ ය. මම ද (මෑ පෝෂණය කළ තැනැත්තා විනා) අනෙකෙක් නො වෙමි. අත් සිඳින ලද මේ කොටා ද අනිකෙක් නො වේ. මාගේ කුමාර කලැ හිමියා යි යමක් කී ද ඕ තොමෝ මෑ ය. ස්ත්‍රීහු වධයට සුදුසු ය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.
Pali BJT238. ඉමඤ්ච ජම්මං මුසලෙන හන්ත්වා ලුද්දං ඡවං පරදාරූපසෙවිං, ඉමිස්සා ච නං පාපපතිබ්බතාය ජීවන්තියා ඡින්දථ කණ්ණනාසන්ති.
Sinhala BJT238. රෞද්‍ර වූ නිර්ගුණභාවයෙන් මළකඳක් බඳු වූ පරදාරයන් සෙවුනා ලාමක වූ මේ කොටා ද මොහොලින් තලා (දමවු). නින්‍දිත පතිව්‍රතා ඇති ජීවත් වන්නා වූ මැ මෑගේ කන් නැහැ කපවු.
Pali BJT3. චුල්ලපදුමජාතකං.
Sinhala BJT3. චුල්ලපදුම ජාතක යි.
Pali BJT239. න සන්ති දෙවා පවසන්ති නූන නහ නූන{5} සන්ති ඉධ ලොකපාලා, සහසා කාරොන්තානං අසඤ්ඤතානං. නහ නූන සන්ති පටිසෙධිතාරො{6}.
Sinhala BJT239. (සිල්වතුන් රක්නා) දෙවියෝ නැතැ යි සිතමි. (එබඳු කටයුතුවලින්) බැහැර යෙති යි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝ ද නැතැ යි සිතමි. අපරික්‍ෂාකාරී වැ දරුණු කම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළකන්නෝ ද නැතැ යි සිතමි.
Pali BJT240. අකාලෙ වස්සති තස්ස කාලෙ තස්ස න වස්සති, සග්ගා ච චවතිට්ඨානා නනු සො තාවතා හතො’ති
Sinhala BJT240. (නො දැහැමි රජුගේ විජිතයෙහි) නො කල් වැසි වසී, ඒ රටෙහි කාලයෙහි නො වසී. ඒ නො දැහැමි රජ දෙව්ලොවින් මිදෙ යි. (අපායයෙහි ඉපිද) ඒකාන්තයෙන් විනාශයට පත්වී ය.
Pali BJT4. මණිචොරජාතකං.
Sinhala BJT4. මණිචෝර ජාතක යි.
Pali BJT241. පබ්බතූපත්ථරෙ{1} රම්මෙ ජාතා පොක්ඛරණී සිවා, තං සිගාලො{2} අපාපායි ජානං සීහෙන රක්ඛිතං.
Sinhala BJT241. සිත්කලු වූ හිමාලය පර්‍වත සමීපයෙහි සිහිල් දියැති පොකුණෙක් වී ය. ඒ පොකුණ සිංහයකු විසින් රක්‍ෂා කරන ලද බව සිවලෙක් බැසැ පැන් බී ගියේ ය.
Pali BJT242. පිවන්ති වෙ{3} මහාරාජ සාපදානි මහානදිං න තෙන අනදී හොති ඛමස්සු යදි තෙ පියා’ති.
Sinhala BJT242. මහරජ, ඒකාන්තයෙන් මැ සිවුපාවෝ මහානදියෙහි දිය බොත් මැ ය. එයින් (ඒ නදී) අනදී වූයේ නො වේ. ඉදින් තොපට ඒ අඩුව ප්‍රිය වී නම් (ඇමැතිත් ප්‍රිය වී නම් දෙදෙනාට මැ) කමා කරව.
Pali BJT5. පබ්බතූපත්ථරජාතකං.{4}
Sinhala BJT5. පබ්බතූපත්‍ථර ජාතක යි.
Pali BJT243. යෙ න කාහන්ති ඔවාදං නරා බුද්ධෙන දෙසිතං, ව්යසනං තෙ ගමිස්සන්ති රක්ඛසීහීව වාණිජා.
Sinhala BJT243. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද නො කෙරෙත් ද ඔවුහු රාක්‍ෂසීන්ගෙන් විනාශයට පැමිණි වෙළෙඳුන් මෙන් වනසට පැමිණෙත්.
Pali BJT244. යෙ ච කාහන්ති ඔවාදං නරා බුද්ධෙන දෙසිතං, සොත්ථිං පාරං ගමිස්සන්ති වලාහෙනෙව වාණිජා’ති.
Sinhala BJT244. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද කෙරෙත් ද ඔවුහු වලාහක කුලයෙහි උපන් අශ්වරජායා නිසා කැමැති තැනට පැමිණි වෙළෙඳුන් මෙන් සුවසේ පරතෙරට (නිවනට) පැමිණෙත්.
Pali BJT6. වලාහස්සජාතකං.
Sinhala BJT6. වලාහස්ස ජාතක යි
Pali BJT245. න නං උම්භයතෙ{5} දිස්වා න ච නං පටිනන්දති, චක්ඛූනි චස්ස න දදාති පටිලොමඤ්ච වත්තති.
Sinhala BJT245. ඔහු දැකැ සිනහ පහළ නො කෙරේ නම් වචනයට සතුටු නො වේ නම් ඔහු දෙස ඍජුව නො බලා නම් ඔහුට විරුද්ධ වැ පවතී.
Pali BJT246. එතෙ{6} භවන්ති{7} ආකාරා අමිත්තස්සමිං පතිට්ඨිතා, යෙහි අමිත්තං ජානෙය්ය දිස්වා සුත්වා ච පණ්ඩිතො’ති.
Sinhala BJT246. යම් ආකාරයෙකින් පණ්ඩිතයා දැකැ ද අසා ද අමිත්‍රයා (හතුරා) දැනැගනී ද මේ ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙති.
Pali BJT7. මිත්තාමිත්තජාතකං.
Sinhala BJT7. මිත්තාමිත්ත ජාතක යි.
Pali BJT247. පවාසා ආගතො තාත ඉදානි න චිරාගතො, නච්චින්නු තාත තෙ මාතා න අඤ්ඤමුපසෙවති.
Sinhala BJT247. දරුව, විදේශයෙන් ආයෙම් බොහෝ කල් නො වෙමි. කිමෙක් ද තොපගේ මව අනිකකු සේවනය නො කරා ද?
Pali BJT248. න ඛො පනෙතං සුභණං ගිරං සච්චූපසංහිතං, සයෙථ පොට්ඨපාදොව මුම්මුරෙ{1} උපකූසිතො’ති.{*}
Sinhala BJT248. සත්‍යයෙන් යුක්ත වූ මේ වචනය ඇති සැටියෙන් කිව යුතු නො වේ. (ඉදින් ඇති සිටියෙන් ප්‍රකාශ කළ කෙනෙක් වෙත් නම්) ගිනි මුසු අලුයෙහි දවා හොවන ලද පොට්ඨපාදයා මෙන් හෝනේ මැ යි.
Pali BJT8. රාධජාතකං.
Sinhala BJT8. රාධ ජාතක යි.
Pali BJT249. උභයං මෙ න ඛමති උභයං මෙ න රුච්චති, යා චායං කොට්ඨමොතිණ්ණා න දස්සං{2} ඉති භාසති,
Sinhala BJT249-250. දෙබස මැ මට සිහිය නො හෙයි. දෙබස මැ මට රිසි නො වෙයි. මේ තැනැත්තී (වි නැති බව කැලැ මැ දන්නී) කොටුවට බටුවා වී නො දක්මි යි (නැතැ යි) කිය යි. එකරුණින් ගම්පතිය, තොපට මෙය කියමි: කෂ්ටතර වූ අල්ප ජීවිතය පවත්නා කල්හි වී පිණිස මස් දෙන්නේ දෙමසකට සත්‍යකාර කොට (ගිවිසැ) කෘශ වූ ගොන්මාල්ලා දී දැන් නො පත් කල්හි ඉල්ලයි එ ද මට නො රුස්නේ යි. (තොප දෙදෙනාගේ වඤ්චා ප්‍රයෝග දනිමි’යි සේ යි.)
Pali BJT250. තං තං ගාමපති බ්රූමි කදරෙ අප්පස්මිං ජීවිතෙ, ද්වෙ මාසෙ කාරං කත්වාන{3} මංසං ජරග්ගගවං කිසං, අප්පත්තකාලෙ චොදෙසි තම්පි මය්හං න රුච්චති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT9. ගහපතිජාතකං.
Sinhala BJT9. ගහපති ජාතක යි.
Pali BJT251. සරීරදව්යං වද්ධව්යං{4} සොජච්චං සාධුසීලියං{†}, බ්රාහ්මණන්ත්වෙව පුච්ඡාම කං{5} නු තෙසං වණිම්භසෙ.
Sinhala BJT251. එකකුගේ සුරූපී බව ඇත. එකකුගේ වෘද්ධ භාවය ඇත. එකකුගේ කුලවත් බව ඇත. එකකුගේ ආචාරශීලී බව ඇත. බ්‍රාහ්මණය තොප විචාරමි. මොවුනතුරෙන් කවරක්හු කැමැති වමෝ ද?
Pali BJT252. අත්ථො අත්ථි සරීරස්මිං වද්ධව්යස්ස{6} නමො කරෙ, අත්ථො අත්ථි සුජාතස්මිං සීලං අස්මාක රුච්චතීති.
Sinhala BJT252. මනෝඥ ශරීරයෙහි ද අභිවෘද්ධියෙක් ඇත් මැ ය. වෘද්ධ භාවයට නමස්කාර කෙරෙමි. උසස් කුලයෙහි උපන්නහු කෙරෙහි ද වැඩෙක් ඇත. (එහෙත්) ආචාරශීලය මැ අපට රුස්නේ යි.
Pali BJT10. සාධුසීලජාතකං.
Sinhala BJT10. සාධුසීල ජාතක යි.
Pali BJTරුහකවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි රුහක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅම්භොරුහකරූපවතීමුසලො පවසන්ති සපඤ්චමපොක්ඛරණි, අථ මුත්තිමවාණිජ උම්භයතෙ චිරආගත කොට්ඨ සරීර දස.
Sinhala BJTරුහක ජාතක යැ (රූපවතී) සිරිකාලකන්නි ජාතක යැ, මොහොලින් තැළීම පනවන චුල්ලපදුම ජාතක යැ, ප්‍රවාසය සිතන මණිචෝර ජාතක යැ පස්වැනි පොක්‍ඛරණින් යුත් පබ්බතුපත්‍ථර ජාතක යැ යළි වෙළඳුන් ගේ මිදීම දක්වන වලාහස්ස ජාතක යැ, උම්භයතෙ යනු පවසන මිත්තා මිත්ත ජාතක යැ, (චිරාගත) රාධ ජාතක යැ, (කොට්ඨ) ගහපති ජාතක යැ, අභිරූප ශරීරය පවසන සාධුසීල ජාතක යැ යන දසය යි.
Pali BJT6. නතංදළ්හවග්ගො
Sinhala BJT6. නතංදළ්හ වර්‍ගය
Pali BJT253. න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජඤ්ච,{1} සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙඛා.
Sinhala BJT253. අයෝමය බන්‍ධනය ද දාරුමය බන්‍ධනය ද වැහැරි ආදියෙන් කළ බන්‍ධනය ද දළ බැඳුම් යයි නුවණැත්තෝ නො කියත්. මණිකුණ්ඩලයන්හි දැඩි ඇල්මක් ඇද්ද අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් ඇද්ද-
Pali BJT254. එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන වජන්ති ධීරා අනපෙක්ඛිනො කාමසුඛං පහායාති.
Sinhala BJT254. (යට කී) මේ බන්‍ධනය දැඩි යයි නුවැණත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළෙන්නා වූ සිථිල වූ මුදාලිය නො හැක්කා වූ යම් ක්ලේශ බන්‍ධනයෙක් ඇද්ද එය ද සිඳැ කාමයන්හි අපේක්‍ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරැපියා තපසට යෙති.
Pali BJT1. බන්ධනාගාරජාතකං.
Sinhala BJT1. බන්‍ධනාගාර ජාතක යි.
Pali BJT255. හංසා කොඤ්චා මයූරා ච හත්ථියො{2} පසදා{3} මිගා, සබ්බෙ සීහස්ස භායන්ති නත්ථි කායස්මිං තුල්යතා.
Sinhala BJT255. හංසයෝ ද කොස් ලිහිණියෝ ද මොණරු ද ඇත්හු ද එළුවෝ ද වෙනත් මෘගයෝ ද යන මේ සියල්ලෝ සිංහයාට බිය වෙත්. ශරීරයෙහි සමාන බවෙක් නැත. (ශරීරයෙහි උස් මිටි බව කරුණක් නො වේ යනු අදහස යි.)
Pali BJT256. එවමෙව මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා සො හි තත්ථ මහා භොති නෙව බාලො සරීරවා’ති.
Sinhala BJT256. එපරිද්දෙන් මැ මනුෂ්‍යයන් අතරැ ද ඉදින් වයසින් බාල නමු දු නුවණැත්තේ වී නම් හේ මැ එහි මහත් වන්නේ ය. මහත් ශරීර ඇත්තේ නමුදු අඥානයා මහත් නො වන්නේ යි.
Pali BJT2. කෙළිසීලජාතකං.
Sinhala BJT2. කේළිසීල ජාතක යි.
Pali BJT257. විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ, ඡබ්බ්යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහි ච.
Sinhala BJT257. විරූපක්ඛ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. එරාපථ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. ඡබ්‍යාපුත්ත නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. කණ්හාගෝතමක නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ.
Pali BJT258. අපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි මෙ, චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙ.
Sinhala BJT258. පා නැතියන් හා ද මාගේ මෛත්‍රිය වේ. දෙපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. සිවු පාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. බහුපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ.
Pali BJT259. මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො, මා මං චතුප්පදො මෙ හිංසි මා මං හිංසි බහුප්පදො
Sinhala BJT259. අපාදක සතෙක් හිංසා නො කෙරේවා. දෙපා සතෙක් මට හිංසා නො කෙරේවා. සිවුපා සතෙක් මට හිංසා නො කෙරේවා. බහුපා සතෙක් මට හිංසා නො කෙරේවා.
Pali BJT260. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා ච කෙවලා, සබ්බෙ භද්රානි පස්සන්තු මා කඤ්චි{4} පාපමාගමා.
Sinhala BJT260. සියලු සත්ත්‍වයෝ ය, සියලු ප්‍රාණීහු ය, සියලු භූතයෝ ය යන සියල්ලෝ මැ, යහපතක් මැ දකිත්වා. කිසිවකු කරා දුකෙක් නො ඒවා.
Pali BJT261. අප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො අප්පමාණො සඞ්ඝො, පමාණවන්තානි සිරිංසපානි{1} අභි විච්ඡිකා සතපදී උණ්ණානාභි සරබූ{2} මූසිකා.
Sinhala BJT261. බුදුරද (අනන්ත ගුණැතියෙන්) අප්‍රමාණය. ධර්‍මය අප්‍රමාණය, සඞ්ඝයා අප්‍රමාණය. දීර්‍ඝජාතීහු ද නයි ද ගෝනුස්සෝ ද සියපාවෝ ද (පත්තෑයෝ ද) මකුළුවෝ ද සිකනලු ද මීයෝ ද ප්‍රමාණවත්හ.
Pali BJT262. කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා පටික්කමන්තු භූතානි, සොහං නමො භගවතො නමො සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.
Sinhala BJT262. මා විසින් (රුවන්තියා ගුණ බෙලෙන්) ආරක්‍ෂාව කරන ලදු. මා විසින් පරිත්‍රාණ ද කරන ලදු. (මට අහිත වූ) භූතයෝ පහවෙත්වා. හේ මම භාග්‍යවතුනට නමස්කාර කෙරෙමි. (විපස්සී ආදි) සත් බුදුවරුනට මාගේ නමස්කාරය වේවා.
Pali BJT3. ඛන්ධවත්තජාතකං{3}.
Sinhala BJT3. ඛන්‍ධවත්ත ජාතක යි.
Pali BJT263. අපි වීරක පස්සෙසි සකුණං මඤ්ජුභාණකං{4}, මයූරගීවසඞ්කාසං පතිං මය්හං{5} සවිට්ඨකං.
Sinhala BJT263. වීරකය, මියුරු කොට හඬන මොණර කරකට බඳු පැහැති මාගේ වල්ලභයා වන සවිට්ඨක නම් පක්‍ෂියා දක්හිද?
Pali BJT264. උදකථලචරස්ස පක්ඛිනො නිච්චං ආමකමච්ඡභොජිනො, තස්සානුකරං සවිට්ඨකො සෙවාලෙ{6} පළිගුණ්ඨිතො{7} මතො’ති.
Sinhala BJT264. දියෙහි ද ගොඩ ද හැසිරෙන නිත්‍යයෙන් අමු මස් කන ඒ පක්‍ෂියාට අනු වැ ක්‍රියා කරන (තී සැමි) සවිට්ඨක නම් කවුඩා සෙවෙලෙහි වෙළී මෙළේ යි.
Pali BJT4. වීරකජාතකං.
Sinhala BJT4. වීරක ජාතක යි.
Pali BJT265. සොභති{8} මච්ඡො ගඞ්ගෙය්යො අථො සොභතී යාමුනො, චතුප්පදායං{9} පුරිසො නිග්රොධපරිමණ්ඩලො, ඊසකායනගීවො ච සබ්බෙව අතිරොචති.
Sinhala BJT265. ගංගාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. යමුනාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. නිග්‍රෝධ පරිමණ්ඩලකාය ඇති රියහිසක් සේ දික් වූ ග්‍රීවා ද ඇති පා සතරක් ඇති මේ සත්ත්‍ව තෙමේ (මේ ඉදිබුවා) සියල්ලන් මැ (තොප දෙදෙනා මැ) ඉක්මවා බබළ යි.
Pali BJT266. යං පුච්ඡිතො නං තං අක්ඛා අඤ්ඤං අක්ඛාති{10} පුච්ඡිතො, අත්තප්පසංසකො පොසො නායං අස්මාක රුච්චතී’ති.
Sinhala BJT266. යමක් ඇසී ද එය නො කීයේ ය. විචාරන ලද්දේ අනෙකක් කිය යි. ආත්මප්‍රශංසා කරන මේ සත්ත්‍වයා (මේ ඉදිබුවා) අපට නො රුස්නේ ය.
Pali BJT5. ගඞ්ගෙය්යජාතකං.
Sinhala BJT5. ගඞ්ගෙය්‍ය ජාතක යි.
Pali BJT267. ඉඞ්ඝ වද්ධමයං{11} පාසං ඡින්ද දන්තෙහි කච්ඡප, අහං තථා කරිස්සාමි යථා නෙහිති ලුද්දකො.
Sinhala BJT267. එබැවින් ඉදිබුවා, (මුවා බැඳුණු) වරපටින් ඇඹරු මලපුඩුව දතින් කපව. වැදි යම් සේ නො ඒ ද මම එසේ කෙරෙමි. (වැද්දාගේ ගමන වළක්වමි.)
Pali BJT268. කච්ඡපො පාවිසී වාරිං කුරුඞ්ගො පාවිසී වනං. සතපත්තො දුමග්ගම්භා දූරෙ පුත්තෙ අපානයීති.
Sinhala BJT268. ඉදිබුවා දියට පිවිසියේ ය. මුවා වනයට පැවිසියේ ය. ශතපත්‍රයා (කෑරලා) තමා හුන් අතු අගින් දරුවන් ගෙනැ අඳුරට ගියේ යි.
Pali BJT6. කුරුඞ්ගමිගජාතකං.
Sinhala BJT6. කුරුඞ්ගමිග ජාතක යි.
Pali BJT269. අයමස්සකරාජෙන දෙසො විචරිතො මයා, අනුකාමයානුකාමෙන{1} පියෙන පතිනා සහ.
Sinhala BJT269. ඔහු කැමැත්තා වූ මා විසින් කැමැති වූ ප්‍රිය වූ ස්වාමි වූ අස්සක නම් රජු හා පෙරැ මේ ප්‍රදේශය හැසිරෙන ලද.
Pali BJT270. නවෙන සුඛදුක්ඛෙන පොරාණං අපිථීයති{2}, තස්මා අස්සකරඤ්ඤාව කීටො පියතරො මමන්ති.
Sinhala BJT270. අළුත් වූ සුවදුක් දෙකින් පැරැණි සුවදුක් දෙක මුවහ කරනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා මේ ගොම පණුවා මැ මට අතිශයින් ප්‍රිය වේ.
Pali BJT7. අස්සකජාතකං.
Sinhala BJT7. අස්සක ජාතක යි.
Pali BJT271. අලමෙතෙහි අම්බෙහි ජම්බූහි පනසෙහි ච, යානි පාරං සමුද්දස්ස වරං මය්හං උදුම්බරො.
Sinhala BJT271. ගඞ්ගාවෙන් එතෙර යම් මිහිරි ඵලයෙක් දක්නා ලද ද ඒ අඹ පලයෙන් ද දඹ පලයෙන් ද වැළවරකායෙන් ද මට කම් නැත. මාගේ උදුම්බර වෘක්‍ෂය මැ (මට) උතුමි.
Pali BJT272. මහතී වත තෙ බොන්දි න ච පඤ්ඤා තදූපිකා, සුංසුමාර වඤ්චිතො මෙසි ගච්ඡදානි යථා සුඛන්ති.
Sinhala BJT272. සුංසුමාරය, තාගේ සිරුර එකතින් මහත් වේ. ඒ සිරුරු පමණට නුවණ නැත. මා විසින් වංචා කරන ලද්දෙහි ය. දැන් කැමැති පරිදි නැඟී යව.
Pali BJT8. සුංසුමාරජාතකං.
Sinhala BJT8. සුංසුමාර ජාතක යි.
Pali BJT273. දිට්ඨා මයා වනෙ රුක්ඛා අස්සකණ්ණවිභීටකා{3}, න තානි එවං සක්කන්ති යථා ත්වං රුක්ඛ සක්කසි.
Sinhala BJT273. වෘක්‍ෂය, මා විසින් වෙනෙහි දක්නා ලද අශ්වකර්‍ණ නම් වූ ද බුළු නම් වූ ද වෘක්‍ෂයෝ වෙති. ඒ රුක්හු තෝ යම් සේ ඔබිනොබ හැසිරෙන්නෙහි ද එසේ නො ඇවිදිත්.
Pali BJT274. පුරාණකක්කරො{4} අයං භෙත්වා පඤ්ජරමාගතො, කුසලො වාළපාසානං අපක්කමති භාසතී’ති.
Sinhala BJT274. මැදිරිය බිඳැ ගෙනැ ආ මේ පුරාණ කක්කරයා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළැවීමෙහි දක්‍ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) බණන්නේ ය.
Pali BJT9. කක්කරජාතකං.
Sinhala BJT9. කක්කර ජාතක යි.
Pali BJT275. අම්භො කො නාමයං රුක්ඛො සීනපත්තො සකණ්ටකො{5}, යත්ථ එකප්පහාරෙන උත්තමඞ්ගං විඝාටිතං.
Sinhala BJT275. පින්වත, යම් රුකෙක්හි එක් පහරින් මුදුන බිඳින ලද ද කුඩා පත් ඇති කටු සහිත වූ මේ කවර නම් ඇති රුකෙක් වේ ද?
Pali BJT276. ආචරිතායං{6} විතුදං වනානි කට්ඨඞ්ගරුක්ඛෙසු අසාරකෙසු, අථාසදා ඛදිරං ජාතසාරං යත්ථබ්හිදා ගරුළො උත්තමඞ්ගන්ති.
Sinhala BJT276. (ඉඹුල් ආදි) හර නැති කාෂ්ට අවයව ඇති වෘක්‍ෂයන් විඳිමින් මේ කන්‍දගලකයා ඇවිදින ලද්දේ ය. පසුව පක්‍ෂියා යම් රුකෙක්හි ඇන හිස පළා ගත්තේ ද එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේ යි.
Pali BJT10 කන්දගළකජාතකං.
Sinhala BJT10. කන්‍දගලක ජාතක යි.
Pali BJTනතංදළ්හවග්ගො ඡට්ඨො
Sinhala BJTසවැනි නතංදළ්හ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදළ්හබන්ධනහංසවරො ච පුන විරූපක්ඛ සවිට්ඨකමච්ඡවරො සකුරුඞ්ගසඅස්සකඅම්බවරො පුන කක්කරකො ගරුළෙන දස.
Sinhala BJTදළ්හබන්‍ධන-බන්‍ධනාගාර ජාතක යැ’ හංසාදීන් පවසන කෙළිසීල ජාතකය ද යළි විරූපක්ඛාදි නම් ඇති ඛන්‍ධවත්ත ජාතක යැ සවිට්ඨක නම් කවුඩා පවසන වීරක ජාතක යැ, (මච්ඡවර) ගඞ්ගෙය්‍ය ජාතක යැ, කුරුඞ්ගමිග ජාතකය හා අස්සක ජාතකය සහිත අඹපල සඳහන් දරන සුංසුමාර ජාතකය කක්කර ජාතක යැ. (ගරුළ) කන්‍දගල ජාතකය යන මෙයින් දසය වේ.
Pali BJT7. බීරණත්ථම්භක වග්ගො
Sinhala BJT7. බීරණථම්භ වර්‍ගය
Pali BJT277. අකාසි යොග්ගං{1} ධුවමප්පමත්තො සංවච්ඡරං බීරණත්ථම්භකස්මිං, ව්යාකාසි සඤ්ඤං{2} පරිසං විගය්හ න නිය්යමො{3} තායති අප්පපඤ්ඤං.
Sinhala BJT277. බීරණත්‍ථම්භක සොහොනෙහි අවුරුද්දක් අප්‍රමාද වැ නිරතුරු පුහුණු කෙළේ ය. පිරිස් අතරට වැද ඒ සංඥාව විකෘත කෙළේ ය. උත්සාහය ප්‍රඥා නැත්තහු නො රකී.
Pali BJT278. ද්වයං{4} යාචනකො තාත සොමදත්ත නිගච්ඡති, අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා’ති.
Sinhala BJT278. පුත සෝමදන්තය, ඉල්ලන්නේ අලාභයට ද ධනලාභයට දැ යි දෙකකට පැමිණෙයි. යාච්ඤාව නම් මෙබඳු ස්වභාව ඇත් මැ ය.
Pali BJT1. සොමදත්ත ජාතකං.
Sinhala BJT1. සෝමදත්ත ජාතක යි.
Pali BJT279. අඤ්ඤො උපරිමො වණ්ණො අඤ්ඤො වණ්ණොව හෙට්ඨිමො බ්රාහ්මණිං ත්වෙව පුච්ඡාමි කිං හෙට්ඨා කිච්ච උප්පරි.
Sinhala BJT279. මතු භාගයෙහි අහර අන් අයුරෙකි. යට භාගයෙහි අහර අන් අයුරෙක් මැ යැ. බැමිණිය තී මැ විචාරමි. යට කවර නම් බතෙක් ද උඩ කවර නම් බතෙක් දැ යි.
Pali BJT280. අහං නටොස්මි භද්දන්තෙ භික්ඛකොස්මි ඉධාගතො, අයං හි කොට්ඨමොතිණ්ණො අයං සො යං ගවෙසසීති.
Sinhala BJT280. ස්වාමීනි, මම නළුයෙක්මි. අහර සොයන්නෙම් මෙහි ආයෙමි. තෙපි යමකු සොයවු ද ඇගේ සොර සැමි වූ හේ කොටුවට බැසැ ගත්තේ ය.
Pali BJT2. උච්ඡිට්ඨභත්තජාතකං.
Sinhala BJT2. උච්ඡිට්ඨභත්ත ජාතක යි.
Pali BJT281. ඉසීනමන්තරං කත්වා භරුරාජාති{5} මෙ සුතං, උච්ඡින්නො සහ රට්ඨෙන{6} ස රාජා විභවං ගතො
Sinhala BJT281. භරු නම් රජ ඍෂිනට අනතුරු කොට රාජ්‍යය හා සමඟ උසුන් වූ ඒ රජ විනාශයට ගියේ ය යි මා විසින් අසන ලදී.
Pali BJT282. තස්මා හි ඡන්දා ගමනං නප්පසංසන්ති පණ්ඩිතා, අදුට්ඨචිත්තො භාසෙය්ය ගිරං සච්චූපසංහිතන්ති.
Sinhala BJT282. එහෙයින් ඡන්‍දාගතිය පණ්ඩිතයෝ ප්‍රශංසා නො කෙරෙති. අදුෂ්ට වූ (මෛත්‍රී) සිතැත්තේ සත්‍යයෙන් යුක්ත වූ තෙපුල් බණන්නේ ය.
Pali BJT3. භරුජාතකං{7}.
Sinhala BJT3. භරු ජාතක යි.
Pali BJT283. පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහු ජාතං යවං යෙන ච ගුය්හමාහු, දූරං ගතං යෙන ච අව්හයන්ති සොත්යාගතො හන්ද ච භුඤ්ජ බ්රාහ්මණ
Sinhala BJT283. පිරුණා වූ නදිය යමකු විසින් පිය යුතු ය යි කියා ද, වැඩුණා වූ යව (සස්‍යයන්) යමකු සැඟවීමට සුදුසු ය යි කියා ද, දුර ගිය ප්‍රියයකු පැමිණීම යමකු කරණ කොටගෙනැ කියා ද, හේ තොපට ගෙනෙන ලදී. එබැවින් බ්‍රාහ්මණය අනුභව කරව.
Pali BJT284. යතො මං සරති රාජා වායසම්පි පහෙතවෙ: හංසා{8} කොඤ්චා මයූරා ච අසතියෙව පාපියාති.
Sinhala BJT284. රජ තෙමේ කාකමාංශයකු දු එවනු පිණිස යම් කලෙකැ මා සිහි කෙරෙයි ද හංසයෝ කොස් ළිහිණියෝ ය මයූරයෝ ය යන මොවුන් ලද කල්හි කිම සිහි නො කෙරෙයි ද, එසේ සිහි නො කිරීම ම ලාමක ය.
Pali BJT4. පුණ්ණනදීජාතකං.
Sinhala BJT4. පුණ්ණනදී ජාතක යි.
Pali BJT285. අවධි වත අත්තානං කච්ඡපො ව්යාහරං{1} ගිරං, සුග්ගහිතස්මිං කට්ඨස්මිං වාචාය සකියාවධි.
Sinhala BJT285. කැසුබු තෙමේ බස් තෙපලනුයේ ඒකාන්තයෙන් තමා නැසීය. මුවින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇති කල්හි තමාගේ තෙපුලෙන් තෙමේ මැ තමා නැසී.
Pali BJT286. එතම්පි දිස්වා නරවිරියසෙට්ඨ{2} වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං පස්සසි බහුභාණෙන කච්ඡපං ව්යසනං ගතන්ති.
Sinhala BJT286. මිනිසුන් කෙරෙහි වීර්‍ය්‍යයෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජ, තෙල කරුණ සැක (පණ්ඩිත පුරුෂ) සත්‍යාදීන් ප්‍රතිසංයුක්ත හෙයින් කුශල වූ තෙපුල කල්යල් නො ඉක්මවා බණන්නේ යැ, බොහෝ කොට බිණීමෙන් වනසට පැමිණි කසුබුවා දක්නෙහි යයි.
Pali BJT5. කච්ඡපජාතකං
Sinhala BJT5. කච්ඡප ජාතක යි.