Pali BJT5029. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි හත්ථිච්ඡකතානි උජ්ඣෙම.
Sinhala BJT5029. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇත් ඉලත්ති (වසුරු) බැහැර ලම්හ.
Pali BJT5030. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි අස්සච්ඡකණානි උජ්ඣෙම.
Sinhala BJT5030. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද අස් ඉලත්ති බැහැර ලම්හ.
Pali BJT5031. මා නො දෙව අවධි දාසෙ නො දෙහි යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බජිතා භික්ඛාචරියං චරිස්සාම.
Sinhala BJT5031. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප මුබ කැමැති යමක්හට දස් කොට දෙව. අපි රටින් නෙරන ලදුවමෝ ද පිඬුසිඟා හැසිරෙම්හ. (සිඟාකා ඇවිදුම්හ.)
Pali BJT5032. දිව්යං{1} උපයාචන්ති පුත්තත්ථිකා දළිද්දාපි{2} නාරියො, පටිභාණානිපි හිත්වා පුත්තෙ නහි ලභන්ති එකච්චා.
Sinhala BJT5032. දරුවන් කැමැති දිළිඳු ස්ත්‍රීහු ද දෙවොල් ආරාධනා කරති. ඇතැම්හු අභිමත ආහාර (දොළ) ද නො ලැබ දරුවන් නො ලබත් මැ යි.
Pali BJT5033. අස්සාසකානි{1} කරොන්ති පුත්තා නො ජායන්තු තතො පපුත්තා, අථ නො අකාරණස්මා යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි,
Sinhala BJT5033. අපට දරුවෝ උපදිත් ව යි, එයින් මුනුබුරො උපදිත් ව යි පැතුම් කෙරෙති. දේවයිනි, එසේ ඇති කල්හි නො කරුණෙන් අප යාග පිණිස ඝාතන කරව.
Pali BJT5034. උපයාචිතකෙන පුත්තං ලභන්ති මා තාත නො අඝාතෙසි. මා කිච්ඡා ලද්ධකෙහි පුත්තෙහි යජිත්ථො ඉමං යඤ්ඤං.
Sinhala BJT5034. පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. දුකසේ ලද පුතුන්ගෙන් මේ යාගය නො කරව.
Pali BJT5035. උපයාචිතකෙන පුත්තං ලභන්ති මා තාත නො අඝාතෙසි.{2} මා කපණලද්ධකෙහි පුත්තෙහි අම්මාය නො විප්පවාසෙහි.
Sinhala BJT5035. දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. බැගෑපත් වැ ලද පුතුන් වන අප කෙරෙන් මව වෙන් නො කරව.
Pali BJT5036. බහුදුක්ඛපොසියා චන්දං අම්ම තුවං ජිය්යසෙ පුත්තං, වන්දාමි ඛො තෙ පාදෙ ලභතං තාතො පරලොකං.
Sinhala BJT5036. මෑණියනි, බොහෝ දුක්විඳ චන්‍ද කුමාරයා පෝෂණය කළ තෙපි පුතු කෙරෙන් පිරිහෙවු. තොපගේ පාසඟළ වඳිමි. මපියා භොග සහිත පරලොව ලබාවා.
Pali BJT5037. හන්ද ච මං උපගූහ පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි, ගච්ඡාමිදානි පවාසං යඤ්ඤත්ථාය එකරාජස්ස.
Sinhala BJT5037. මෑණියනි, ඔබගෙන් වියෝ වන බැවින් මා වැළැඳ ගනු මැනැවි. ඔබගේ පා වඳින්නට දුන මැනැවි. ඒකරාජ නමැති රජුගේ යාගය පිණිස නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.
Pali BJT5038. හන්ද ච මං උපගූහ පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි, ගච්ඡාමිදානි පවාසං මාතු කත්වා භදයසොකං.
Sinhala BJT5038. මෑණියනි, (වියෝ වන) මා වැළඳැ ගනු මැනැවි. නුඹගේ පා සඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා නැවත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.
Pali BJT5039. හන්ද ච මං උපගූහ පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි, ගච්ඡාමිදානි පවාසං ජනස්ස කත්වා භදයසොකං.
Sinhala BJT5039. මෑණියනි, මා වැළැඳැ ගනු මැනැවි නුඹගේ පාසඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යෙමි යි චන්‍ද කුමාරයා වැලැපුණේ ය.
Pali BJT5040. හන්ද ච පදුමපත්තානං මොළිං බන්ධස්සු ගොතමිපුත්ත, චම්පකදලවීතිමිස්සායො{3} එසා තෙ පොරාණියා පකති.
Sinhala BJT5040. ගෝතමීපුත්‍රය, එසේනම් මේ අන්තිම දැක්ම බැවින් කේශ කලාපය පියුම්පත් වෙළුමෙන් සකස් කිරීමෙන් බැඳ ගන්න ඇතුළත සපුමල් පතින් මුසු මේ වෙළීම ඔබගේ පෙර සිට පැවති චාරිත්‍රයෙකි.
Pali BJT5041. හන්ද ච විලෙපනන්තෙ පච්ඡිමකං චන්දනං විපිම්පස්සු, යෙහි ච සුවිලිත්තො සොභසි රාජපරිසාය.{4}
Sinhala BJT5041. යම් විලෙවුනෙකින් විලේපනය කරන ලද්දේ රජ පිරිසෙහි හොබනේ ද මේ අවසන් සැරසුම බැවින් රත්සඳුන් විලේපනය කරව.
Pali BJT5042. හන්ද මුදුකානි වත්ථානි පච්ඡිමකං කාසිකං වාසෙහි, යෙහි ච සුනිවත්ථො සොභසි රාජපරිසාය.
Sinhala BJT5042. පුත, මනා කොටැ හඳනා ලද යම් බඳු වස්ත්‍රයකින් රජපිරිසෙහි හොබනේ ද එබඳු මෘදු වස්ත්‍ර හැඳගනුව. (ලක්‍ෂයක් අගනා) අන්තිම කසීසළුව හැඳගනුව.
Pali BJT5043. මුත්තාමණිකනකවිභූතානි ගණ්හස්සු හත්ථාභරණානි, යෙහි ච හත්ථාභරණෙහි සොභසි රාජපරිසාය.
Sinhala BJT5043. පුත, අතෙහි පළඳින ලද යම්බඳු අබරණින් රජපිරිසෙහි හොබනේ ද එ බඳු මුතු මැණික් රත්රන් යන මෙයින් සැරැසුණු අත් අබරණ පළඳින්නැ යි (මෑණියෝ කීහ.)
Pali BJT5044. නහනූනායං රට්ඨපාලො භූමිපති ජනපදස්ස දායාදො, ලොකිස්සරො මහත්තා පුත්තෙසු සිනෙහං ජනයති.
Sinhala BJT5044. දනන්හට ප්‍රධාන මහ පොළොවට අධිපති ජනපදයට හිමි වූ මේ රජ තෙමේ දරුවන් කෙරෙහි ඇති මහත් ආදරය නූපදව යි කියා සිතමි (යි චන්‍දා නම් අගබිසොව පැවැසූ.)
Pali BJT5045. මය්හං පියා පුත්තා අත්තාපි{1} පියො තුම්හෙ ච භරියායො. සග්ගඤ්ච පත්ථයානො තෙනාහං ඝාතයිස්සාමි.
Sinhala BJT5045. මටත් දරුවෝ ප්‍රිය වෙති, ආත්මය ද ප්‍රිය ය, ලෙහෙළි වූ තෙපි ද අඹුවෝ ද මට ඉතා ප්‍රිය වෙති. දෙව්ලොව පතන මම එහෙයින් යාග පිණිස දරුවන් මරන්නෙමි (යි රජ තෙමේ කීය.)
Pali BJT5046. මං{2} පඨමං ඝාතෙහි මා මෙ හදයං දුක්ඛං අඵාලෙසි, අලඞ්කතො සුන්දරකො පුත්තො තව දෙව සුඛුමාලො,
Sinhala BJT5046. දේවයිනි, එසේනම් පළමු කොටැ මා මරනු. සරසන ලද යහපත් සිවුමැලි වූ ඔබ ගේ පුතා මරණයට නො පැමිණේවා, චන්‍ද්‍ර කුමාරයා ගේ මරණ දුක මා හදය නො පළාවා.
Pali BJT5047. හන්දය්ය මං හනස්සු සලොකා චන්දියෙන හෙස්සාමි, පුඤ්ඤං කරස්සු විපුලං විචරාම උභොව පරලොකෙ.
Sinhala BJT5047. දේවයිනි, එසේනම් මා පළමු කොටැ මරව. චන්‍දකුමාරයා හා සමාන දෙව්ලෝ ඇත්තක් වන්නෙමි. ඔබ ද පින් රැස් කළ මැනැවි. එකවර නැසුණු අපි දෙදෙනා සුව අනුභව කරමින් පරලොව හැසිරෙමු (යි චන්‍ද්‍රා දේවී පැවැසූ.)
Pali BJT5048. මා ත්වං චන්දෙ රුච්චි බහුකා තව දෙවරා විසාලක්ඛි, තෙ තං රමයිස්සන්ති යිට්ඨස්මිං ගොතමිපුත්තෙ.
Sinhala BJT5048. චන්‍ද්‍රාවනි, තීගේ මරණයට කැමැති නොවව. විශාල ඇස් ඇත්තිය, සැමියාගේ සොහොවුරෝ තව බොහෝය. ගෝතමී පුතු චන්‍දකුමාරයා මරා යාග කළ කල ඔව්හු තී පංචකාමයෙන් ඇලුම් කරවන්නාහ (යි රජ තෙමේ කී.)
Pali BJT5049. එවං වුත්තෙ චන්දා අත්තානං හන්ති හත්ථතලකෙහී, අලමත්ථු{3} ජීවිතෙන පායාමි{4} විසං මරිස්සාමි.
Sinhala BJT5049. මෙසේ පැවැසූ කල සඳබිසෝසඳ අතුල්තලින් හෙවත් අල්ලෙන් තමන්හට පහර දුනි. හෙවත් ගසා ගති. මගේ ජීවිතයෙන් ප්‍රයෝජන නැත, විස බොමි, මැරෙමි.
Pali BJT5050. නහනූනිමස්ස රඤ්ඤො මිත්තාමච්චා ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි ඔරසෙ පුත්තෙ.
Sinhala BJT5050. දේවයිනි, ඖරෂ පුත්‍රයන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මෙ රජහට මිත්‍රයෝ ද අමාත්‍යයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.
Pali BJT5051. නහනූනිමස්ස රඤ්ඤො ඤාතිමිත්තා ච විජ්ජරෙ සුහදා, යෙ න වදන්ති රාජානං මා ඝාතයි අත්රජෙ පුත්තෙ.
Sinhala BJT5051. දේවයිනි, තමහට මැ දා වැ උපන් දරුවන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මේ රජහට මිත්‍රයෝ ද නෑයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.
Pali BJT5052. ඉමෙ තෙපි මය්හං පුත්තා ගුණිනො කායූරධාරිනො රාජ, තෙහිපි යජස්සු යඤ්ඤං අථ මුඤ්චතු ගොතමීපුත්තෙ.
Sinhala BJT5052. මහරජ, පැළැඳි මල්මාලා ඇති අඟුපළඳනාවෙන් සැරැසුණු ඒ මේ මාගේ පුත්‍රයෝ ද ඇත. ඔවුන්ගෙන් ද යාග කළ මැනැවි. එකල ගෝතමීපුත් සඳකුමරු මුදාවා.
Pali BJT5053. බිලසතම්පි මං කත්වා යජස්සු සත්තධා මහාරාජ, මා ජෙට්ඨපුත්තමවධි අදූසකං සීහසඞ්කාසං.
Sinhala BJT5053. මහරජ මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනැවි. නිදොස් වූ සිංහයකු බඳු මාගේ වැඩිමහලු පුතු නො මරනු මැනැවි.
Pali BJT5054. බිලසතම්පි මං කත්වා යජස්සු සත්තධා මහාරාජ, මා ජෙට්ටපුත්තමවධී අපෙක්ඛිතං සබ්බලොකස්ස
Sinhala BJT5054. මහරජ, මා මරා කොටස් කොටැ සත් තැනෙක යාග කළ මැනැවි. සියලු ලෝවැසියන්ගේ බලාපොරොත්තු ඇති දෙටු පුතු නො මරව (යි චන්‍ද්‍රාදේවී පැවැසූ.)
Pali BJT5055. බහුකා තව දින්නා ආභරණා උච්චාවචා සුභණිතම්භි, මුත්තාමණිවෙළුරියා ඉදං තෙ පච්ඡිමකං දානං.
Sinhala BJT5055. එම්බා චන්‍ද්‍රාවනි, ප්‍රිය වචන පවසන කල්හි මුතු මැණික් වෛදූර්‍ය්‍යමය වූ කුඩා වූ ද මහත් වූ ද බොහෝ අබරණ තිට ම විසින් දෙන ලදයැ. ම විසින් තිට දෙන මේ අන්තිම දීම ය යි චන්‍ද්‍රකුමාරයා පැළැඳි අබරණ දුනි.
Pali BJT5056. යෙසං පුබ්බෙ ඛන්ධෙසු ඵුල්ලා මාලාගුණා විවන්තිංසු, තෙසජ්ජපීතනිසිතො නෙත්තිංසො විවත්තිසස්ති ඛන්ධෙසු.
Sinhala BJT5056. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි පිපුණු මල්දම් පෙරළුනාහු ද අද ඒ මුවහත් කඩුව පවත්නේ ය.
Pali BJT5057. යෙසං පුබ්බෙ ඛන්ධෙස්සු චිත්රා මාලාගුණා විවත්තිංසු, තෙසජ්ජ පීත නිසිතො{1} නෙත්තිංසො විවත්තිසස්ති ඛන්ධෙසු.
Sinhala BJT5057. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි විසිතුරු මල්දම් පෙරළුනාහු ද අද ඒ කුමාරයින්ගේ ස්කන්‍ධයන්හි විෂ පෙවූ තියුණු - මුවහත් කඩුව පවත්නේ ය.
Pali BJT5058. අචිරා{2}වත නෙත්තිංසො විවත්තිස්සති රාජපුත්තානං ඛන්ධෙසු, අථ මම හදයං න ඵලති තාව දළ්හබන්ධනඤ්ච මෙ ආසි.
Sinhala BJT5058. රාජ කුමාරයින්ගේ ශරීරයන්හි ඒකාන්තයෙන් ම නොබෝ කලකින් කඩුව හෙන්නේ ය. එසේ වූ නමුදු මහද නො පැළෙයි. මහද ඉතා දැඩි බැඳුමෙන් යුත් වූයේ විය.
Pali BJT5059. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා,{3} නිය්යාථ චන්දසුරියා යඤ්ඤත්ථාය එකරාජස්ස.
Sinhala BJT5059. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
Pali BJT5060. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා, නිය්යාථ චන්දසුරියා මාතු කත්වා හදයසොකං.
Sinhala BJT5060. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ, මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
Pali BJT5061. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා, නිය්යාථ චන්දසුරියා ජනස්ස කත්වා හදයසොකං.
Sinhala BJT5061. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
Pali BJT5062. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා, නිය්යාථ චන්දසුරියා යඤ්ඤත්ථාය එකරාජස්ස.
Sinhala BJT5062. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
Pali BJT5063. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා, නිය්යාථ චන්දසුරියා මාතු කත්වාහදයසොකං.
Sinhala BJT5063. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මෑණියන්ගේ සිතෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
Pali BJT5064. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ්ඩලිනො අගළුචන්දනවිලිත්තා, නිය්යාථ චන්දසුරියා ජනස්ස කත්වා හදයසොකං.
Sinhala BJT5064. මස්රසයෙන් යුත් සුවඳ ඇල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ යි (චන්‍ද්‍රා දේවී වැලැපුණාය.)
Pali BJT5065. සබ්බස්මිං උපක්ඛටස්මිං නිසීදිතෙ චන්දියස්මිං{1} යඤ්ඤත්ථාය, පඤ්චාලරාජධීතා පඤ්ජලිකා සබ්බපරිසමනුපරියායි.
Sinhala BJT5065. යාගයට අවශ්‍ය සියල්ල පිළියෙල කළ කල්හි චන්‍ද කුමාරයා ඒ සඳහා හිඳ වූ හෙවත් කඩුවෙන් ගෙළ සිඳින්නට නිසි පරිදි හිඳ වූ අවස්ථාවෙහි පඤ්චාල රාජධීතෘ වූ චන්‍ද්‍රා දේවී ඇඳිලි බැඳ ගෙන පිරිස් අතරෙහි හැසුරුණා ය.
Pali BJT5066. යෙන සච්චෙන ඛණ්ඩහාලො පාපකම්මං කරොති දුම්මෙධො, එතෙන සච්චවජ්ජෙන සමඞ්ගිනී සාමිකෙන හොමි.
Sinhala BJT5066. යම් සත්‍යයකින් මේ ඛණ්ඩහාල නම් නුවණ නැති පෙරෙවි බමුණා පාප කර්‍මයක් කෙරේ ද, ඒ සත්‍යයෙන් මා ගේ සැමියා සමඟ එක් වෙම්වා.
Pali BJT5067. යෙධත්ථි අමනුස්සා යානි ච යක්ඛභූතභව්යානි, කරොන්තු මෙ වෙය්යාවටිකං සමඞ්ගිනී සාමිකෙන හොමි.
Sinhala BJT5067. මෙහි අමනුෂ්‍යයෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා මට වතාවත් කෙරෙත්වා, මම සැමියා සමඟ එක් වූ තැනැත්තක් වෙම්වා.
Pali BJT5068. යා දෙවතා ඉධාගතා යානි ච යක්ඛභූතභව්යානි, සරණෙසිනිං අනාථං තායථ මං යාචාමහං පතිමාහං අජීය්යං.{2}
Sinhala BJT5068. මෙහි පැමිණියා වූ දෙවියෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා අස්වාමික වූ පිහිට සොයන මා රකිවු. සැමියාගෙන් මම නො පිරිහෙම්වා යි තොපට මම යාඥා කරමි (යි චන්‍ද්‍රාදේවී තොමෝ වැලැපුණා ය.)
Pali BJT5069. තං සුත්වා අමනුසෙසා අයොකූටං පරිබ්භමෙත්වාන, භයමස්ස ජනයන්තො රාජානං ඉදමවොච.
Sinhala BJT5069. ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම එ බස් අසා යකුළක් කරකවමින් ඒකරාජ නම් රජුට භය උපදවමින් මෙය කී ය:
Pali BJT5070. ඛුජ්ඣස්ස ඛො රාජකලි මාතාහං මත්ථකං නිතාළෙමි, මා ජෙට්ඨපුත්තමවධී අදූසකං සීහසඞ්කාසං.
Sinhala BJT5070. මෝඩ පවිටු රජ, මම තාගේ හිස නො පළම්වා යි දැන ගනුව; සිංහයකු සමාන නිදොස් වැඩිමහලු පුතු නො මරව.
Pali BJT5071. කො තෙ දිට්ඨා රාජකලී පුත්තභරියායො හඤ්ඤමානා,{3} සොට්ඨි ව ගහපතයො අදූසකා සග්ගකාමා හි.
Sinhala BJT5071. මෝඩ කාලකණ්ණි රජ, දෙව්ලොවැ උපදිනු කැමැති වැ මරනු ලබන්නා වූ නිදොස් අඹුදරුවෝ ද සිටුවරු ද ගෘහපතියෝ ද තා විසින් කොතැන්හි දී දක්නා ලද්දාහු ද?
Pali BJT5072. තං සුත්වා ඛණ්ඩහාලො රාජා ව අබ්භුතමිදං දිස්වාන, සබ්බෙසං බන්ධනානි මොචෙසුං යථා තං අපාපානං.{4}
Sinhala BJT5072. එ බස් අසා ඛණ්ඩහාල බමුණා ද රජ ද මේ අද්භූත දර්‍ශනය (ශක්‍රයා) දැකැ නො පවිටුවන් ගේ යම් මිදුමක් වේ නම් එ පරිද්දෙන් සියල්ලන්ගේ බැමි මිදූහ.
Pali BJT5073. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, සබ්බෙ එකෙකලෙඩ්ඩුකමදංසු එස වධො ඛණ්ඩහාලස්ස.
Sinhala BJT5073. සියල්ලන් ගේ බැඳුම් මිදූ කල්හි යම් පමණ ජනයා රැස්වූහු ද ඒ සියලු මිනිස්සු මැ මේ ඛණ්ඩහාල බමුණාගේ වධය යි කියා ඔහුට එක එක කැට පහර දුන්හ. (එහි මැ ඔහු මරණයට පැමිණ වූහ යනු යි.)
Pali BJT5074. සබ්බෙ පතිංසු{1} නිරයං යථා තං පාපකං කරිත්වාන, නහි පාපකම්මං කත්වා ලබ්භා සුගතිං ඉතො ගන්තුං.
Sinhala BJT5074. ඒ පවිටු යාග කොටැ යම්සේ සියල්ලෝ නරකයෙහි වැටුණාහු එසේ මැ පව්කම් කොටැ මෙලොවින් සුගතියට යන්නට ද නො ලැබිය හැකි ය යි වදාළහ.
Pali BJT5075. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චන්දං අභිසිඤ්චිංසු සමාගතා රාජපරිසා ච.
Sinhala BJT5075. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
Pali BJT5076. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චන්දං අභිසිඤ්චිංසු සමාගතා රාජකඤ්ඤායො.
Sinhala BJT5076. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
Pali BJT5077. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චන්දං අභිසිඤ්චිංසු සමාගතා දෙවපරිසා ච.
Sinhala BJT5077. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද චන්‍දකුමාරයා අභිෂේක කළහ.
Pali BJT5078. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චන්දං අභිසිඤ්චිංසු සමාගතා දෙවකඤ්ඤායො.
Sinhala BJT5078. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.
Pali BJT5079. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චෙලුක්ඛෙපමකාරුං සමාගතා රාජපරිසා ච.
Sinhala BJT5079. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද පිළී හිස සිසෑරුහ.
Pali BJT5080. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චෙලුක්ඛෙපමකාරුං සමාගතා රාජකඤ්ඤායො.
Sinhala BJT5080. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.
Pali BJT5081. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චෙලුක්ඛෙපමකාරුං සමාගතා දෙවපරිසා ච.
Sinhala BJT5081. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද පිළී හිස සිසෑරුහ.
Pali BJT5082. සබ්බෙසු විප්පමුත්තෙසු යෙ ච තත්ථ සමාගතා තදා ආසුං, චෙලුක්ඛෙපමකාරුං සමාගතා දෙවකඤ්ඤායො.
Sinhala BJT5082. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.
Pali BJT5083. සබ්බෙසු විප්පමුත්තෙසු බහු ආනන්දනො අහු වංසො, නන්දිප්පවෙසි නගරං බන්ධනා මොක්ඛො අඝොසිත්ථාති.
Sinhala BJT5083. සියල්ලන් බන්‍ධනයෙන් මිදුණු කල බොහෝ ජනයෝ සතුටු සිතැ’ත්තෝ වූහ. නගරයෙහි තුටු බෙර හැසිරිනි. (අපගේ චන්‍දකුමාර තෙමේ යම්සේ බන්‍ධනයෙන් මිදුණේ ද එසේ සියල්ලෝ මිදෙත්වා යි) බන්‍ධනයෙන් මිදීම පිළිබඳ ඝෝෂාව ද කරන ලද්දේ ය.
Pali BJTඛණ්ඩහාලජාතකං පඤ්චමං.
Sinhala BJTපස්වැනි ඛණ්ඩහාල ජාතක යි.
Pali BJT6. භූරිදත්තජාතකං
Sinhala BJT6. භූරිදත්ත ජාතකය
Pali BJT5084. යං කිඤ්චි රතනං අත්ථි ධතරට්ඨනිවෙසනෙ, සබ්බානි තෙ උපායන්තු{1} ධීතරං දෙහි රාජිනො.
Sinhala BJT5084. මහරජ, ධතරට්ඨ නමැති රජහුගේ මාලිගාවෙහි යම්කිසි රත්නයක් ඇද්ද ඒ සියලු රත්නයෝ ඔබගේ මාලිගාවට පැමිණෙත්වා, අප රජුට සමුද්දජා නමැති ඔබගේ දූකුමරිය දීම මැනැවැ’යි නාගයෝ පැවැසූහ.
Pali BJT5085. න නො විවාහො නාගෙහි කතපුබ්බො කුදාචනං, තං විවාහං අසංයුත්තං කථං අම්හෙ කරොමසෙ.
Sinhala BJT5085. එම්බා නාගයිනි, කවර කලෙක්හි වත් නයින් සමග අපගේ විවාහයක් සිදු නො වූ විරූ ය. තිරිසනුන් සමඟ එක්වීම් ඇති ඒ විවාහය නුසුදුසු ය. මනුෂ්‍ය වන අපි එය කෙසේ සිදු කරමු දැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
Pali BJT5086. ජීවිතං නූන තෙ චත්තං රට්ඨං වා මනුජාධිප, න හි නාගෙ කුපිතම්භි චිරං ජීවන්ති තාදිසා.
Sinhala BJT5086. මහරජ, ඔබ ජීවිතය ද රට ද හැරැදමණලදැ යි සිතම්, නයින් කිපුණු කලැ ඔබ වැන්නෝ බොහෝ කල් ජීවත් නො වෙති.
Pali BJT5087. යො ත්වං දෙව මනුස්සෙසු{2} ඉද්ධිමන්තං අනිද්ධිමා, වරුණස්ස නියං පුත්තං යාමුනං අතිමඤ්ඤසි.
Sinhala BJT5087. මහරජ, මිනිසුන් අතරෙහි ඍද්ධි නැති යම් බඳු ඔබ ඍද්ධි ඇති යමුනා ගඟෙහි යට භාගයෙහි උපන් වරුණ නමැති නාරජුගේ ස්වකීය පුත් ධතරට්ඨ නාරජු ඉක්මවා සිතන්නාහ යි කීය.
Pali BJT5088. නාතිමඤ්ඤාමි රාජානං ධතරට්ඨං යසස්සිනං, ධතරට්ඨො හි නාගානං බහුන්නමපි ඉස්සරො.
Sinhala BJT5088. යස පිරිවර ඇති ධතරට්ඨ නමැති නාරජු ඉක්මවා නො සිතමි. ධතරට්ඨ නම් නා රජ තෙමේ වනාහි බොහෝ නයින් හට අධිපති වෙයි.
Pali BJT5089. අහි මහානුභාවොපි න මෙ ධීතරමාරහො, ඛත්තියො ච විදෙහානං අභිජාතා සමුද්දජා.
Sinhala BJT5089. නාරජ තෙමේ මහත් අනුභාව ඇත්තේ නමුදු මාගේ දුවට නුසුදුසු ය. ක්‍ෂත්‍රිය වූ සමුද්දජා නමැති මාගේ දුව විශිෂ්ට වූ ජාති ඇත්තී යැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.
Pali BJT5090. කම්බලස්සතරා උට්ඨෙන්තු සබ්බෙ නාගෙ නිවෙදය, බාරාණසිං පවජ්ජන්තු මා ච කිඤ්චි විහෙඨයුං.
Sinhala BJT5090. කම්‍බලස්සතර නමැති (මවු පසෙහි වූ) නාගයෝ නැගී සිටිත්වා, සියලු නාගයන්ට වහා රැස්වන්නට දන්වවු. සියලු නාගයෝ බරණැස් නුවරට පැමිණෙත්වා, තොප ගෙන් කිසි කෙනෙක් කිසිවකුට හිංසා නො කෙරෙත්වා.
Pali BJT5091. නිවෙසනෙසු සොබ්භෙසු රථියා චච්චරෙසු ච, රුක්ඛග්ගෙසු ච ලබ්බන්තු{3} විතතා තොරණෙසු ච.
Sinhala BJT5091. ගෙවල්, පොකුණු, වීථි, සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන මේ තන්හි පැතිරැ එල්බෙත් වා.
Pali BJT5092. අහම්පි සබ්බසෙතෙන මහතා සුමහං පුරං, පරික්ඛිපිස්සං භොගෙහි කාසීනං ජනයං{4} භයං.
Sinhala BJT5092. මමත් සව්සුදු වූ මහසිරුරකින් යුත් වැ ගොස් කසීරට වැසියනට මහත් බිය උපදවමින් මහනගරය දරණවැලින් වට කරන්නෙමි යි නාරජ තෙමේ කී ය.
Pali BJT5093. තස්ස තං වචනං සුත්වා උරගා නෙකවණ්ණිනො, බාරාණසිං පවජ්ජිංසු න ච කිඤ්චිවිහෙඨයුං.{5}
Sinhala BJT5093. එ බස් අසා නන් වන් පැහැති නාගයෝ බරණැස් නුවරට වැදුනාහ. කිසිවකුහට ද හිංසා නො කළාහු ය.
Pali BJT5094. නිවෙසනෙසු සොබ්භෙසු රථියා චච්චරෙසු ච, රුක්ඛග්ගෙසු ච ලම්බිංසු විතතා තොරණෙසු ච.
Sinhala BJT5094. ගෙවල්, පොකුණු, මං සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන තනුහි පැතිරැ එල්බුණාහ.
Pali BJT5095. තෙ{1} දිස්වාන ලම්බන්තෙ පුථු කන්දිංසු නාරියො, නගෙ සොණ්ඩිකතෙ දිස්වා පස්සසන්තෙ මුහුං මුහුං.
Sinhala BJT5095. පෙණය කොට වරින් වර පිඹින එල්බෙන නාගයන් දැක්මෙන් බොහෝ ස්ත්‍රීහු හැඬූහ.
Pali BJT5096. බාරාණසී පව්යධිතා{2} ආතුරා සමපජ්ජථ, බාහා පග්ගය්හ පක්කන්දුං ධීතරං දෙහි රාජිනො.
Sinhala BJT5096. බරණැස අතිශයින් පෙළිණ. පීඩාවට පත් ඔව්හු රජු වෙත පැමිණියහ. රජුගේ දූ කුමරිය නාරජුහට දෙව යි ඉස අත් බැඳ ඇඬූහ.
Pali BJTනගරඛණ්ඩො.
Sinhala BJTනගර කාණ්ඩය යි.
Pali BJT5097. පුප්ඵාභිහාරස්ස වනස්ස මජ්ඣෙ කො ලොහිතක්ඛො විහතන්තරංසො,{3} කා{4}කම්බුකායූරධරා සුවත්ථා තිට්ඨන්ති නාරියො දස වන්දමානා.
Sinhala BJT5097. පුද පිණිස ගෙනෙන ලද මලින් යුතු මෙ වන මැදැ රතැ’ස් ඇති පිරුණු උරහිස් අතර ඇති ඔබ කවරහු ද, ස්වර්‍ණමය ගෙල පළඳනා හා වළලු ඇති මනා වූ ඇඳුමින් යුත් කවර නම් ස්ත්‍රීහු දස දෙනෙක් වඳිමින් සිටිත් ද?
Pali BJT5098. කො ත්වං බ්රහාබාහු වනස්ස මජ්ඣෙ විරොචසි ඝතසිත්තොව අග්ගි, මහෙසක්ඛො අඤ්ඤතරොසි යක්ඛො උදාහු නාගොසි මහානුභාවො.
Sinhala BJT5098. මහත් වූ අත් ඇති ගිතෙල් ඉසිණු ගින්නක් මෙන් වන මැද බැබැළෙන ඔබ කවර නම් කෙනෙක් ද? මහත් අනුභාව ඇති යකෙක් ද? නොහොත් අනුභාව සම්පන්න නාගයෙක් දැ යි බමුණා ඇසී ය.
Pali BJT5099. නාගොහමස්මිං ඉද්ධිමා තෙජසී දුරතික්කමො, ඩසෙය්යං තෙජසා කුද්ධො ඵීතං ජනපදං අපි.
Sinhala BJT5099. මම ඍද්ධි ඇති විෂ ඇති තේජස් ඇති අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි නාගයෙක්මි. ඉදින් මම කිපියෙම් නම් විෂ තේජසින් මුළු ජනපදය ද දෂ්ට කොට දවා ලන්නෙමි.
Pali BJT5100. සමුද්දජා හි මෙ මාතා ධතරට්ඨො ච මෙ පිතා, සුදස්සනකනිට්ඨොස්මි භූරිදත්තොති මං විදූ.
Sinhala BJT5100. සමුද්දජා නම් බිසොව මාගේ මවු තොමෝ ය. ධතරට්ඨ නම් නාරජ මාගේ පිය තෙමේ ය. මම වනාහි සුදස්සන නම් නාරජු ගේ මල් වෙමි. මා භූරිදත්ත යැ යි නාගභවනයෙහි දනිති යි නා රජ කී ය.
Pali BJT5101. යං ගම්භීරං සදාවට්ටං රහදං භෙස්මං{5} අවෙක්ඛසි, එස දිව්යො මමාවාසො අනෙකසතපොරිසො.
Sinhala BJT5101. හැම කල් පැවැති ගැඹුරු දියසුළි ඇති බිහිසුණු යම් විලක් දක්නෙහි ද? නොයෙක් සිය ගණන් පුරුෂ ප්‍රමාණ ඇති ඒ විල වනාහි මාගේ දිව්‍යමය වූ වාසස්ථානය යි.
Pali BJT5102. මයූරකොඤ්චාභිරුදං නීලොදං වනමජ්ඣතො, යමුනං පවිස මාභිතො ඛෙමං වත්තවතං සිවං.
Sinhala BJT5102. දෙ ඉවුරු වන පෙතැ වෙසෙන මොණරුන් විසින් ද කොස්වා ලිහිණියන් විසින් ද පැවැත්වෙන නද ඇති නිල්වන් ජලය ඇති ආචාර සම්පන්නයන් වාසය කරන ක්‍ෂේමභූමි වූ මේ යමුනා ගඟට භය නැති වැ පිවිසෙව යි නාරජ කී ය.
Pali BJT5103. තත්ථ පත්තො සානුචරො සහපුත්තෙන බ්රාහ්මණ, පූජිතො මය්හං කාමෙහි සුඛං බ්රාහ්මණ වච්ඡසි.{6}
Sinhala BJT5103. අනුචරයන් හා එහි පැමිණි පුතු සහිත බමුණාට පිදුයේ බ්‍රාහ්මණය, මා සතු කම්සැපතින් සුවසේ වසන්නැ යි නාරජ කී ය.
Pali BJT5104. සමා සමන්තා පරිතො බහූත{7} තගරා මහී, ඉන්දගොපකසඤ්ඡන්නා සොභතී හරිතුත්තමා.
Sinhala BJT5104. පින්වත් නාරජ, ඔබගේ භවන පිළිබඳ මේ පොළොව සියලු දිසා සමතලා ය. තුවරලා බොහෝ ඇති රන්වන් ඉඳු ගොව්වන් ගෙන් ගැවැසීගත් නිල්වන් කුසතනින් බැබැළෙයි.
Pali BJT5105. රම්මා වනචෙත්යානි රම්මා{1} හංසූපකූජිතා, ඔපුප්ඵපදමා තිට්ඨන්ති පොක්ඛරඤ්ඤො සුනිම්මිතා.
Sinhala BJT5105. වනපෙත සිත්කලු ය. හංසයන් පවත්වන නාද ඇති පිපී වැටුණු පියුම් පෙති ඇති සිත්කලු පොකුණු ද මැනැවින් නිමවන ලද යැ.
Pali BJT5106. අට්ඨංසා සුකතත්ථම්භා සබ්බෙ වෙළුරියාමයා, සහස්සථම්භා පාසාදා පූරා කඤ්ඤාහි ජොතරෙ.
Sinhala BJT5106. අටැස් කොට මැනැවින් කැරුණු වෙරළු මිණිමුවා දහසක් ටැම් ඇති ප්‍රාසාදයෝ නාගකන්‍යාවන් ගෙන් පිරිණාහු බැබැළෙති.
Pali BJT5107. විමානං උපපන්නොසි දිබ්බං පුඤ්ඤෙහි අත්තනො, අසම්බාධං සිවං රම්මං අච්චන්තසුඛසංහිතං.
Sinhala BJT5107. සිය පිනින් පහළ වූ කරදර නැති උවදුරු රහිත වූ සිත්කලු වූ ඒකාන්තයෙන් සැප ඇති මේ දිව්‍ය විමානයෙහි උපන්නෙහි ය.
Pali BJT5108. මඤ්ඤෙ සහස්සනෙත්තස්ස විමානං නාභිකඞ්ඛසි, ඉද්ධී හි ත්යායං විපුලා සක්කස්සෙව ජුතීමතො.
Sinhala BJT5108. යම්හෙයකින් ඔබ පිළිබඳ වූ මේ සම්පත්තිය බැබැළෙන සක්දෙවිඳුන්ගේ මෙන් මහත් ද එසේ වුවත් සක්දෙවිඳුන්ගේ වෛජයන්තප්‍රාසාදය නො කැමැත්තෙහි යැ යි සිතමි.
Pali BJT5109. මනසාපි න පත්තබ්බො අනුභාවො ජුතීමතො, පරිවාරයමානානං සඉන්දානං වසවත්තීනං.
Sinhala BJT5109. සැපතින් මහත් සක්දෙවිඳුන්ගේ අනුභාව (කොතරම් දැ යි කිව හොත්) සක්දෙවිඳුන් සහිත දෙවියනට මෙහෙ කරන අපට සිතන්නට ද නො හැකි වේ යැ යි නාරජ කී ය.
Pali BJT5110. තං විමානං අභිජ්ඣාය අමරානං සුඛෙසිනං, උපොසථං උපවසන්තො සෙමි වම්මිකමුද්ධනී.
Sinhala BJT5110. සුව කැමැති දෙවියන්ගේ ඒ විමන පතා මම තුඹස මතැ සයනය කෙරෙමි යි නා රජ කී ය.
Pali BJT5111. අහඤ්ච මිගමෙසානො සපුත්තො පාවිසිං වනං, තං මං මතං වා ජීවං වා නාභිවෙදෙන්ති ඤාතකා.
Sinhala BJT5111. පින්වත් නාරජ, මම ද මුවන් සොයමින් පුතු සමඟ වනයට පිවිසියෙමි. ඒ මා මළ නො මළ බව අප නෑයෝ නො දනිති.
Pali BJT5112. ආමන්තයෙ භූරිදත්තං කාසිපුත්තං යසස්සිනං, තයා වො සමනුඤ්ඤාතා අපි පස්සෙමු ඤාතකෙ.
Sinhala BJT5112. කසීරජහුගේ දුවගේ පුත් යස පිරිවර ඇති භූරිදත්ත නමැති තොප අමතමි. තොප විසින් අනුදන්නා ලද අපි ගොස් නෑයන් දකිමු යි බමුණා කී ය.
Pali BJT5113. එසොහි වත මෙ ඡන්දො යං වසෙසි මමන්තිකෙ, නහි එතාදිසා කාමා සුලභා හොන්ති මානුසෙ.
Sinhala BJT5113. මා වෙත වසන්නෙහි යන යමක් වෙයි ද, මේ වනාහි ඒකාන්තයෙන් මගේ කැමැත්ත ය. මිනිස් ලොවැ මෙ බඳු කම් සැප නො සුලබ ය.
Pali BJT5114. සචෙ ත්වං න ඉච්ඡසෙ වත්ථුං මම කාමෙහි පූජිතො, මහා ත්වං සමනුඤ්ඤාතො සොත්ථිං පස්සාහි{2} ඤාතකෙ.
Sinhala BJT5114. ඉදින් මා සතු සම්සැපතින් පිදූ තෙපි මෙහි වාසයට නො කැමැත්තහු නම් මා විසින් දෙන ලද අවසර පරිදි සුවසේ ගොස් නෑයන් දකින්නැ යි නාරජ කී ය.
Pali BJT5115. ධාරයීමං මණිං දිව්යං පසුං පුත්තෙ ච වින්දති, අරොගො සුඛිතො හොති ගච්ඡෙවාදාය බ්රාහ්මණ.
Sinhala BJT5115. මේ දිව්‍යමය මැණික දරන තැනැත්තේ මෙහි අනුභාවයෙන් ගවයන් ද දරුවන් ද ලබයි. බමුණ මේ මැණික රැගෙන යන්න නිරෝගි සැප ඇත්තෙක් වන්නෙහි කියා කැමැති සියලු සම්පත් දෙන මැණිකක් දුනි.
Pali BJT5116. කුසලං පටිනන්දාමි වචො තව, පබ්බජිස්සාමි ජිණ්ණොස්මි න කාමෙ අභිපත්ථයෙ.
Sinhala BJT5116. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බස් අසා තුටුවෙමි. මම් වනාහි දිරාපත් වීමි. එහෙයින් පැවිදි වන්නෙමි. කම් සැප නො පතන්නෙමි. මට මැණිකෙන් ප්‍රයෝජන කිමැ යි බමුණා කී ය.
Pali BJT5117. බ්රහ්මචරියස්ස චෙ භඞ්ගො හොති භොගෙහි කාරියං, අවිකම්පමානො එය්යාසි බහුං දස්සාමි තෙ ධනං.
Sinhala BJT5117. බ්‍රාහ්මණය, ඉදින් බඹසර බිඳුමක් වුණි නම් වස්තුවෙන් කටයුත්තක් ඇති වුණි නම් එ කලැ නිසැක වැ මා වෙත එනු තොපට බොහෝ ධන දෙන්නෙමි යි නාරජ කී ය.
Pali BJT5118. කුසලං පටිනන්දාමි භූරිදත්ත වචො තව, පුනපි ආගමිස්සාමි සචෙ අත්ථො භවිස්සති.
Sinhala BJT5118. පින්වත් භූරිදත්ත නාරජ, ඔබගේ නිදොස් බසට කැමැති වෙමි. ඉදින් මට ප්‍රයෝජනයක් වෙයි නම් නැවැත ද ඔබ වෙත එන්නෙමි යි බමුණා කී ය.
Pali BJT5119. ඉදං වත්වා භූරිදත්තො පෙසෙසි චතුරො ජනෙ, එථ ගච්ඡථ උට්ඨෙථ ඛිප්පං පාපෙථ බ්රාහ්මණං.
Sinhala BJT5119. භූරිදත්ත නාරජ තෙමේ මෙ බස් කියා නයින් සතර දෙනකුන් යැවී. වරෙවු. යවු. මොවුන් නැගිටුවවු. බ්‍රාහ්මණයා බරණැසට යන මගට වහා පමුණුවවු යි කී ය.
Pali BJT5120. තස්ස තං වචනං සුත්වා උට්ඨාය චතුරො ජනා, පෙසිතං භූරිදත්තෙන ඛිප්පං පාපෙසුං බ්රාහ්මණං.
Sinhala BJT5120. ඔහුගේ එ බස් ඇසූ නාගයෝ සිවුදෙන භූරිදත්ත රජු විසින් මෙහෙයවන ලද්දාහු නැගිට බ්‍රාහ්මණයා බරණැස් මගට වහා පැමිණවූහ.
Pali BJTවනප්පවෙසකණ්ඩො.
Sinhala BJTවන ප්‍රවේශ කාණ්ඩය යි.
Pali BJT5121. මණිං පග්ගය්හ මඞ්ගල්යං සාධු විත්තං මනොරමං, සෙලං ව්යඤ්ජනසම්පන්නං කො ඉමං මණිමජ්ඣගා.
Sinhala BJT5121. මංගල සම්මත වූ සුන්‍දර වස්තුවක් වන සිත්කලු ලක්‍ෂණ සම්පන්න වූ මේ මැණික කොහි දී ලැබුවෙහි දැ යි බමුණා ඇසී ය.
Pali BJT5122. ලොහිතක්ඛසහස්සසාහි{1} සමන්තා පරිවාරිතං, අජ්ජ කාලං පදං{2} ගච්ඡං අජ්ඣගාහං මණිං ඉමං.
Sinhala BJT5122. අද උදෑසන මහමඟ යන්නෙම් රතු ඇස් ඇති නාග-කන්‍යාවන් දහසක් විසින් හාත්පසින් පිරිවනලද මේ මැණික ලදිමි යි ආලම්බන තෙමේ කී ය.
Pali BJT5123. සූපචිණ්ණො අයං සොලො අච්චිතො මහිතො සදා, සුධාරිතො සුනික්ඛිත්තො සබ්බත්ථභිසාධයෙ.
Sinhala BJT5123. හැම කල්හි මැනැවින් කැරුණු අදර ගරු බුහුමන් ඇති මේ මැණික මනා වැ දරන ලද්දේ මැනැවින් බහා තබන ලද්දේ සියලු අර්‍ත්‍ථ සිදු කර ලන්නේ ය.
Pali BJT5124. උපචාරවිපන්නස්ස නික්ඛෙපෙ ධාරණාය වා, අලං{3} සෙලො විනාසාය පරිචිණ්ණො අයොනිසො.
Sinhala BJT5124. පැළැඳීමෙහි ද බහා තැබීමෙහි ද නුනුවණින් පරිහරණ කැරුණු මේ මැණික උපචාර විපන්නයාගේ විනාශයට හේතු වේ ය.