Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5701-5800 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4929. සබ්බං උපට්ඨපෙථ යඤ්ඤං පන උග්ගතම්හි සුරියම්හි, වදෙථදානි කුමාරෙ අජ්ජ වො පච්ඡිමා රත්තිං.
Sinhala BJT4929. සියල්ල සපයවු, යාගය වනාහි හිරු උදා වූ කල උදයෙහි මැ කරන්නෙම් අද තොපගේ අවසන් රාත්‍රිය යි දැන් රජ කුමරුවන්ට කියවයි රජ තෙම කී.
Pali BJT4930. තං තං මාතා අවචා රොදන්ති ආගතා{2} විමානතො, යඤ්ඤො කිර තෙ පුත්ත භවිස්සති චතූහි පුත්තෙහි.
Sinhala BJT4930. තමන් හුන් විමනින් ආ රජුගේ මෑණියෝ හඬමින් ඒ රජුට මෙසේ පැවැසූහ. එම්බා පුත, තොපගේ සිවුපුතුන් ගෙන කරන යාගයක් ඇද්දැ යි ඇසූ.
Pali BJT4931. සබ්බෙපි මය්හං පුත්තා චත්තා චන්දාස්මිං හඤ්ඤමානස්මිං, පුත්තෙහි යඤ්ඤං යජිත්වාන සුගතිං සග්ගං ගමිස්සාමි.
Sinhala BJT4931. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල මාගේ සියලු මැ පුත්තු යාගයට හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති නම් වන දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කීය.
Pali BJT4932. මා{3} පුත්ත සද්දහෙසි සුගති කිර හොති පුත්තයඤ්ඤෙන, නිරයානෙසො මග්ගො නෙසො මග්ගො හි සග්ගානං.
Sinhala BJT4932. එම්බා පුත, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වේ. මේ සග මඟ නො වේ.
Pali BJT4933. දානානි දෙහි කොණ්ඩඤ්ඤ අහිංසා සබ්බභූතභව්යානං, එසමග්ගො සුගතියා න ච මග්ගො පුත්තයඤ්ඤෙන.
Sinhala BJT4933. කොණ්ඩඤ්ඤ නමැති ගෝත්‍ර යුත් පුත, දන් දෙව. ඉපැදුණා වූ ද, උපදින්නා වූ ද හැම සතුන්ට අහිංසා කරව. මෙය සග මඟ වේ. දරුව්න් මැරීමෙන් කරන යාගයෙන් සගට යන මගක් නැත.
Pali BJT4934. ආචරියානං වචනා ඝාතෙස්සං චන්දඤ්ච සුරියඤ්ච, පුත්තෙහි යජිත්වාන දුච්චජෙහි සුගතිං සග්ගං ගමිස්සාමි.
Sinhala BJT4934. මෑණියනි, පෙරෙවි බමුණාගේ වචනයෙන් චන්‍ද්‍ර කුමාරයා සහ සූරිය කුමාරයා ද නසන්නෙම්. හැරිය නො හැකි පුතුන්ගෙන් යාග කොටැ සුගති නමැති දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කී ය.
Pali BJT4935. තං තං පිතාපි අවචා වසවත්තී ඔරසං සකං පුත්තං, යඤ්ඤො කිර තෙ පුත්ත භවිස්සති චතූහි පුත්තෙහි.
Sinhala BJT4935. ඉක්බිති රජුගේ වසවර්ති නම් පියරජ තෙමේ ද උරදා පුත් ඒ මේ රජුට එම්බා පුත, දරුවන් සිව්දෙනා මරා කරන යාගයක් වේ දැ යි කී.
Pali BJT4936. සබ්බෙපි මය්හං පුත්තා චත්තා චන්දාස්මිං හඤ්ඤමානස්මිං, පුත්තෙහි යඤ්ඤං යජිත්වාන සුගතිං සග්ගං ගමිස්සාමි.
Sinhala BJT4936. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල්හි මාගේ සියලු මැ පුත්තු හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති සඞ්ඛ්‍යාත දෙව්ලොවට යන්නෙමි යි රජතෙම කී.
Pali BJT4937. මා පුත්ත සද්දහෙසි සුගතිං කිර හොති පුත්තයඤ්ඤෙන, නිරයානෙසො මග්ගො නෙසො මග්ගො හි සග්ගානං.
Sinhala BJT4937. එම්බා පුතණුවනි, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයෙක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වෙයි. මේ ස්වර්‍ගයට මඟ නො වෙයි.
Pali BJT4938. දානානි දෙහි කොණ්ඩඤ්ඤ අහිංසා සබ්බභූතභව්යානං, එසමග්ගො සුගතියා න ච මග්ගො පුත්තයඤ්ඤෙන.
Sinhala BJT4938. කෞණ්ඩින්‍යය, දන්දෙව. උපන්නා වූ ද මතු උපදනා වූ ද හැම සත්නට අහිංසා කරව. මෙ සුගතියට මාර්‍ග යැ. පුත්‍ර යාගයෙන් ස්වර්‍ග මාර්‍ග නො වේ.
Pali BJT4939. ආචරියානං වචනා ඝාතෙස්සං චන්දං ච සුරියඤ්ච, පුත්තෙහි යජිත්වා දුච්චජෙහි සුගතිං සග්ගං ගමිස්සාමි.
Sinhala BJT4939. ආචාර්‍ය්‍යයන්ගේ වචනයෙන් චන්‍ද්‍ර කුමරු ද සූර්‍ය්‍යකුමරු ද ඝාතන කරවන්නෙමි. හරනට දුෂ්කර වූ පුතුන්ගෙන් යාග කොට සුන්‍දර ගති ඇති ස්වර්‍ගයට යන්නෙමි.
Pali BJT4940. දානානි දෙහි කොණ්ඩඤ්ඤ අහිංසා සබ්බභූතභව්යානං, පුත්තපරිවුතො තුවං රට්ඨං ජනපදඤ්ච පාලෙහි.
Sinhala BJT4940. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති පුත, දන්දෙව, හැම සතුන්හට හිංසා නො කරනු. පුත්‍රයන් පිරිවැරූ නුඹ සියලු කසීරට ද, ජනපද ද, රක්‍ෂා කරන්නැ යි වසවර්ති නමැති පියරජ තෙම කී.
Pali BJT4941. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස. අපි නිගළ{1}බන්ධකාපි හත්ථි අස්සෙ ච පාලෙම.
Sinhala BJT4941. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.
Pali BJT4942. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස. අපි නිගළබන්ධකාපි හත්ථිච්ඡකණානි උජ්ඣෙම.
Sinhala BJT4942. දේවයන් වහන්ස, අපි නො නැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.
Pali BJT4943. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස. අපි නිගළබන්ධකාපි අස්සච්ඡකණානි උජ්ඣෙම.
Sinhala BJT4943. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.
Pali BJT4944. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස. යස්ස හොන්ති තව කාමා අපි රට්ඨා පබ්බජිතා භික්ඛාචරියං චරිස්සාම.
Sinhala BJT4944. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමැති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත්කොට දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.
Pali BJT4945. දුක්ඛං ඛො මෙ ජනයථ විලපන්තා ජීවිතස්ස කාමා හි, මුඤ්චථදානි කුමාරෙ අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන.
Sinhala BJT4945. ජීවිතයට ආසාවෙන් වැලැපෙන්නාහු මට දුක් උපදවන්නාහුය. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ කී.
Pali BJT4946. පුබ්බෙව ඛොසි මෙ වුත්තො දුක්කරං දුරභිසම්භවං චෙතං, අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස කස්මා කරොසි වික්ඛෙපං.
Sinhala BJT4946. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.
Pali BJT4947. සබ්බෙ වජන්ති සුගතිං{1} යෙ යජන්ති යෙපි චෙව යාජෙන්ති, යෙචාපි අනුමොදන්ති යජන්තානං එදිසං මහායඤ්ඤං.
Sinhala BJT4947. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
Pali BJT4948. අථ කිස්ස ච නො පුබ්බෙ සොත්ථානං බ්රාහ්මණො අවාචෙසි,{2} අථ නො අකාරණස්මා යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි.
Sinhala BJT4948. පියාණෙනි, මෙසේ නම් පෙරෙවි බමුණු තෙම කවර හෙයින් අපගේ සුවපත් බව කීයේ ද, එසේ ඇති කල්හි කවර හෙයින් යාගයට නිකරුණේ අප මරවන්නෙහි ද?
Pali BJT4949. පුබ්බෙව නො දහරකෙ සමානෙ න හනෙසි න ඝාතයෙසි, දහරම්භා යොබ්බනං පත්තා අදූසකා තාත හඤ්ඤාම.
Sinhala BJT4949. අප බාල කාලයෙහි නො නැසුවෙහි ය, නො මැරවූවෙහි ය. අපි තරුණ වයසට පැමිණියෝ වෙමු. මේ දක්වා ද විරුද්ධ නො වූවෝ වෙමු. පියාණෙනි, එ වැනි අපි තොප විසින් කවර හෙයින් මරනු ලබන්නෝ වෙමු ද?
Pali BJT4950. හත්ථිගතෙ අස්සගතෙ සන්නද්ධෙ පස්ස නො මහාරාජ, යුද්ධෙව යුජ්ඣමානෙ නහි මාදිසා සූරා හොන්ති යඤ්ඤත්ථාය.
Sinhala BJT4950. මහරජ, ඇතුන් අසුන් පිට නැග කරන යුද්ධයක් පැමිණි කලැ යුද්ධයට සැරැසුණු අප සතර දෙන කරන යුද්ධ බලනු මැනවි. අප වැනි ශූරයෝ යාගයට නුසුදුස්සෝ ය.
Pali BJT4951. පච්චන්තෙ වාපි කුපිතෙ අටවීසු වා මාදිසෙ නියොජෙන්ති, අථ නො අකාරණස්මා අභූමිං තාත හඤ්ඤාම.
Sinhala BJT4951. පියාණෙනි, ප්‍රත්‍යන්ත ජනපදය කිපුණු කල හෝ පල් හොරුන් ඇති කල හෝ සතුරන් නසනු පිණිස අප වැන්නන් යොදවත්. එසේ නම් නිකරුණේ නො තැන්හි කවර හෙයින් අපි නසනු ලබන්නෝ වෙමු ද?
Pali BJT4952. යාපි හි තා සකුණියො වසන්ති තිණඝරානි කත්වාන, තාසම්පි පියා පුත්තා අථ නො ත්වං ද්වෙ ඝාතෙසි.
Sinhala BJT4952. මහරජ, යම් ඒ පක්‍ෂීහු තණකැදලි සාදා එහි වෙසෙද්ද ඒ පක්‍ෂීන්ට පවා දරුපැටවු ප්‍රිය වෙති. දේවයන් වහන්ස, එසේ ඇති කල තෙපි අප මරවන්නහු ය.
Pali BJT4953. මා තස්ස{3} සද්දහෙසි න මං ඛණ්ඩහාලො ඝාතයෙ, මමං හි සො ඝාතෙත්වා අනන්තරං තම්පි දෙව ඝාතෙය්ය.
Sinhala BJT4953. ඛණ්ඩහාල නැමැති පෙරෙවි බමුණ මා නො මරවයි යන මේ බසක් ඇත් නම් ඔහුගේ ඒ වචනය විශ්වාස නො කළ මැනවි. දේවයන් වහන්ස, හෙතෙම මා මරවා ඉන්පසු ඔබ ද මරවන්නේ ය.
Pali BJT4954. ගාමවරං නිගමවරං දදන්ති භොගං පිස්ස මහාරාජ, අථ අග්ගපිණ්ඩිකාපි කුලෙ කුලෙහෙතෙ භුඤ්ජන්ති.
Sinhala BJT4954. මහරජ, ගම්වර නියම්ගම්වර හා උපභෝග පරිභෝග වස්තු ද රජවරු මේ බමුණන්ට දෙති. අග්‍ර වූ බත් පැන් ලබන මොහු ගෙයක් පාසා අනුභව කෙරෙති.
Pali BJT4955. තෙසම්පි තාදිසානං ඉච්ඡන්ති දුබ්භිතුං මහාරාජ, යෙභුය්යෙන එතෙ අකතඤ්ඤනො බ්රාහ්මණා දෙව.
Sinhala BJT4955. මහරජ, එබඳු උපකාර ඇති රජවරුන්ටත් ද්‍රෝහ කරන්නට මොහු කැමති වෙති. දේවයන් වහන්ස, මේ බමුණෝ නම් බොහෝ සෙයින් කෙළෙහිගුණ නො දන්නෝ වෙති.
Pali BJT4956. මා නො ද්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි{4} හත්ථි අස්සෙ ච පාලෙම.
Sinhala BJT4956. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.
Pali BJT4957. මා නො ද්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි හත්ථිච්ඡකණානි උජ්ඣෙම.
Sinhala BJT4957. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.
Pali BJT4958. මානො ද්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි අස්සච්ඡකණානි උජ්ඣෙම.
Sinhala BJT4958. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.
Pali BJT4959. මා නො ද්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, යස්ස හොන්ති තව කාමා අපි රට්ඨා පබ්බජිතා භික්ඛාචරියං චරිස්සාම.
Sinhala BJT4959. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත් කොටැ දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.
Pali BJT4960. දුක්ඛං ඛො මෙ ජනයථ විලපන්තා ජීවිතස්ස කාමා හි, මුඤ්චථදානි කුමාරෙ අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන.
Sinhala BJT4960. ජීවිතයට ආසාවෙන් වැලැපෙන මොවුහු මට දුක් ඉපිදැ වූහ. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ තෙම කීය.
Pali BJT4961. පුබ්බෙව ඛොසි මෙ වුත්තො දුක්කරං දුරභිසම්භවං චෙතං, අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස කස්මා කරොසි වික්ඛෙපං.
Sinhala BJT4961. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි ය. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.
Pali BJT4962. සබ්බෙ වජන්ති සුගතිං යෙ යජන්ති යෙපි චෙව යාජෙන්ති, යෙ චාපි අනුමොදන්ති යජන්තානං එදිසං මහායඤ්ඤං.
Sinhala BJT4962. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
Pali BJT4963. යදි කිර යජිත්වා පුත්තෙහි දෙවලොකං ඉතො චුතා යන්තී, බ්රාහ්මණො තාව යජතු පච්ඡාපි යජසි තුවං රාජ.
Sinhala BJT4963. ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් බ්‍රාහ්මණ තෙම පළමුවෙන් එසේ යාග කෙරේවා. මහරජ, ඉන්පසු තෙපි ද යාග කරනු මැනවි.
Pali BJT4964. යදි කිර යජිත්වා පුත්තෙහි දෙවලොකං ඉතො චුතා යන්තී, එසො ච ඛණ්ඩහාලො යජතු සකෙහි පුත්තෙහි.
Sinhala BJT4964. ඉදින් දරුවන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් මේ ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු ද තමාගේ දරුවන් මරා එසේ යාග කෙරේවා.
Pali BJT4965. එවං ජානං{1} වො ඛණ්ඩහාලො කිං පුත්තකෙ න ඝාතෙසි, සබ්බඤ්ච ඤාතිජනං අත්තානඤ්ච න ඝාතෙසි.
Sinhala BJT4965. මෙසේ දන්නා ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු කවර හෙයින් දරුවන් නො නැසුවේ ද? සියලු නෑයන් ද, තමන් ද කවර හෙයින් නො නැසුවේ ද?
Pali BJT4966. සබ්බෙ වජන්ති නිරයං යෙ යජන්ති යෙපි චෙව යාජෙන්ති, යෙ චාපි අනුමොදන්ති යජන්තානං එදිසං මහායඤ්ඤං.
Sinhala BJT4966. යම් කෙනෙක් මෙබඳු මහායාග කෙරෙද්ද, කරවද්ද, අනුමෝදන් වෙද් ද ඒ සියල්ලෝ නරකයට යෙති යි චන්‍ද්‍ර කුමාර තෙම කීය.
Pali BJT4967. කථඤ්ඤච කිර පුත්තකාමායො ගහපතයො ඝරණියො ච, නගරම්හි න උපරවන්ති රාජානං මා ඝාතයි ඔරසං පුත්තං.
Sinhala BJT4967. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවරු ද තමන්ගේ ඖරස පුත්‍රයා නො මරනු මැනවැ යි රජුට දොස් නො පවරද් ද?
Pali BJT4968. කථඤ්ච කිර පුත්තකාමායො ගහපතයො ඝරණියො ච, නගරම්හි න උපරවන්ති රාජානං මා ඝාතයි අත්රජං පුත්තං.
Sinhala BJT4968. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවෝ ද ආත්මජ පුත්‍රය නො මරව යි රජුට උපක්‍රෝශ නො කරත් ද?
Pali BJT4969. රඤ්ඤොම්හි අත්ථකාමො හිතො ච සබ්බදා ජනපදස්ස, න කොචි අස්ස පටිඝං මයා ජනපදො න පවෙදෙති.
Sinhala BJT4969. (මම) රජහට වැඩ කැමැත්තෙමි. හැම කල්හි දනවු වැසියනට හිත වූයෙම් ද වෙමි. කිසිවෙක් මා හා සමග ප්‍රතිඝ කරන්නෙ නො වෙයි. (එසේ වතුදු) දනවුවැසියා (තොපගේ පුත් ගුණවත යැ යි) රජහට නො දන්වයි.
Pali BJT4970. ගච්ඡථ වො ඝරණියො තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච, මා ඝාතෙථ කුමාරෙ අදූසකෙ සීහසඞ්කාසෙ.
Sinhala BJT4970. එම්බා ගෘහණියනි, තෙපි යව, ‘සිංහයන් බඳු නිවරද කුමරුන් නො මරව’ යි පියරජුටත්, ඛණ්ඩහාල බමුණුටත් කියව.
Pali BJT4971. ගච්ඡථ වො ඝරණියො තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච, මා ඝාතෙථ කුමාරෙ අපෙක්ඛිතෙ සබ්බලොකස්ස.
Sinhala BJT4971. එම්බා ගෘහිණියනි, තෙපි යව, සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුන් නො මරව යි පියරජුටත් ඛණ්ඩහාල බමුණුටත් කියව.
Pali BJT4972. යන්නූනාහං ජායෙය්යං රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා, වෙණෙසු වා ජායෙය්යං නහජ්ජ මං රාජා යඤ්ඤත්ථාය ඝාතෙය්ය.
Sinhala BJT4972. මම සොම්මර හෝ පුප්සඬු කුලයක උපනි නම් යෙහෙකි. කුලුපොතු කුලයෙහි හෝ උපනි නම් පියරජ තෙම අද මා යාගය පිණිස නො මරවයි.
Pali BJT4973. සබ්බා සීමන්තිනියො ගච්ඡථ අය්යස්ස ඛණ්ඩහාලස්ස, පාදෙසු නිපතථ අපරාධාහං න පස්සාමි.
Sinhala BJT4973. සියලු ස්ත්‍රීවරුනි, යව, ආර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. මා කළ කිසි අපරාධයක් නො දකිමි.
Pali BJT4974. සබ්බා සීමන්තිනියො ගච්ඡථ අය්යස්ස ඛණ්ඩහාලස්ස, පාදෙසු නිපතථ කිං තෙ භන්තෙ මයං අදූසෙම.
Sinhala BJT4974. සියලු ස්ත්‍රීවරුනි, යන්න, ආචාර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. ස්වාමීනි, ඔබට අපි කවර නම් ද්‍රෝහයක් කෙළෙමු ද? (ඉදින් චන්‍ද්‍ර කුමාරයා කළ වරදක් ඇතහොත් එය කමා කළ මැනවැ යි කියා හඬා වැටෙව් කියා යැවු.)
Pali BJT4975. කපණං විලපති සෙලා දිස්වා භාතරො උපනීතත්තෙ, යඤ්ඤො කිර මෙ උක්ඛීපිතො තාතෙන සග්ගකාමෙන.
Sinhala BJT4975. සේලා නම් සොහොයුරිය සොහොවුරන් වෙත පැමිණි ස්වභාව දැකැ දෙව්ලොව යනු කැමති මපියාණනි, මේ ඔබ විසින් නැංවුණු යාගයක් දැ යි බැගෑපත් වැ වැලැපුණා ය.
Pali BJT4976. ආවත්තී ච පරිවත්තී ච වාසුලො සම්මුඛා රඤ්ඤො, මා නො පිතරං අවධි දහරම්භා අයොබ්බනං පත්තා.
Sinhala BJT4976. චන්‍ද්‍ර කුමාරයාගේ වාසුල නමැති පුත්‍ර කුමාර තෙම අපි තරුණ බවට නො පැමිණි ළදරුවෝ වෙමු. අප පියා නො මැරුව මැනවැ යි රජුගේ පාමුල හඬා වැටුණි.
Pali BJT4977. එසො තෙ වාසුල පිතා සමෙහි{1} පිතරං, දුක්ඛං ඛො මෙ ජනයසි විලපන්තො අන්තරපුරස්මිං මුඤ්චථ දානි කුමාරෙ අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙන.
Sinhala BJT4977. වාසුල නම් කුමාරය, මේ තෙම තොපගේ පියා ය. පියා සනසව. අන්තඃපුරයෙහි මේ කුමාර තෙම හඬමින් මට බොහෝ දුක් ඉපදැ විය. දැන් මේ කුමාරවරුන් මුදා හරිවු. පුතුන් මරා කරන යාගයෙන් මට කම් නැති වේවා යි රජ කීය.
Pali BJT4978. පුබ්බෙව ඛොසි දුක්කරං දුරභිසම්භවං චෙතං, අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස කරොසි{2} වික්ඛෙපං.
Sinhala BJT4978. (මහරජතුමනි), තෙල යාගය දුෂ්කර යැ, දුර්‍ලභ යැ යි කැලැ මැ කියන ලද්දෙහි. එසේ ඇති කල්හිදු එළවන ලද අපගේ යාගයට ආකුල කෙරෙහි.
Pali BJT4979. සබ්බෙ වජන්ති සුගතිං යෙ යජන්ති යෙපි චෙව යාජෙන්ති, යෙ චාපි අනුමොදන්ති යජන්තාං එදිසං මහායඤ්ඤං.
Sinhala BJT4979. යම් කෙනෙක් මෙවන් මහායාග කරත් ද යම් කෙනෙකුත් මෙවන් යාග කරවත් ද, යම් කෙනෙකුත් යාග කරන්නවුන්ගේ මෙවන් යාග අනුමෝදන් වෙත් ද, එ හැම දෙන සුගතියට යෙති.
Pali BJT4980. සබ්බරතනස්ස යඤ්ඤො{1} උපක්ඛටො එකරාජ තව පටියත්තො. අභිනික්ඛමස්සු දෙව සග්ගං ගතො ත්වං පමොදිස්සසි.
Sinhala BJT4980. ඒකරාජය, සර්‍වරත්නයෙන් එළවන ලද තොපගේ යාගය පිළියෙල කරනලද යැ. දේවයිනි, යාගයට නික්මෙව. තෙපි ස්වර්‍ගයට ගියහු තුටු වන්නහු යැ.
Pali BJT4981. දහරා සත්තසතා එතා පන චන්දකස්ස භරියායො, කෙසෙ පරිකිරිත්වාන{2} රොදන්තියො මග්ගමනුයන්ති.{3}
Sinhala BJT4981. චන්‍ද්‍ර කුමාරයාගේ තෙල සත්සියයක් පමණ වූ තරුණ භාර්‍ය්‍යාවෝ කෙහෙවලු මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
Pali BJT4982. අපරා පන සොකෙන නික්ඛන්තා නන්දනෙ විය දෙව, කෙසෙ පරිකිරිත්වාන රොදන්තියො මග්ගමනුයන්ති.
Sinhala BJT4982. සොවින් නික්මුණු අන්‍ය ස්ත්‍රීහු නඳුනුයන්හි ච්‍යුතවන දෙව්පුතකු පිරිවරනලද දෙවඟනන් මෙන් කෙහෙ මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
Pali BJT4983. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා, නීයන්ති චන්දසුරියා යඤ්ඤත්ථාය එකරාජස්ස.
Sinhala BJT4983. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ ඒකරාජ රජුගේ යාගයට යෙත්.
Pali BJT4984. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගලු{4}චන්දනවිලිත්තා, නීයන්ති චන්දසුරියා මාතු කත්වා භදයසොකං.
Sinhala BJT4984. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් විලෙවුන් දුන් චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
Pali BJT4985. කාසිකසුචිවත්ථධරා කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා, නීයන්ති චන්දසුරියා ජනස්ස කත්වා භදයසොකං.
Sinhala BJT4985. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
Pali BJT4986. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසුරියා යඤ්ඤත්ථාය එකරාජස්ස.
Sinhala BJT4986. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන ඒකරාජ රජහුගේ යාගයට ගෙන යනු ලැබෙති.
Pali BJT4987. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසුරියා මාතු කත්වා භදයසොකං.
Sinhala BJT4987. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
Pali BJT4988. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසුරියා ජනස්ස කත්වා භදයසොකං.
Sinhala BJT4988. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මනාකොට නහවන ලද, පළන් කොඬොල් ඇති අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙත්.
Pali BJT4989. යසසු පුබෙබ හත්ථිවරධුරගතෙ හත්ථිහි අනුවජන්ති, ත්යජ්ජ චන්දසුරියා උභොව පත්තිකා යන්ති.
Sinhala BJT4989. පෙර, උතුම් ඇත්කඳෙහි හුන් යම් කුමර කෙනෙකුන් ඇත් සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද අද ඒ සඳ-හිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
Pali BJT4990. යස්සු පුබ්බෙ අස්සවරධුරගතෙ අස්සෙහි අනුවජන්ති, ත්යජ්ජ චන්දසුරියා උභොව පත්තිකා යන්ති.
Sinhala BJT4990. පෙර, උතුම් අස්වාහනයට ගිය යම් කුමර කෙනකුන් අස්සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
Pali BJT4991. යසසු පුබ්බෙ රථවරධුරගතෙ රථෙහි අනුවජන්ති, ත්යජ්ජ චන්දසුරියා උභොව පත්තිකා යන්ති.
Sinhala BJT4991. පෙර, උතුම් රියට ගිය යම් කුමර කෙනකුන් රිය සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.
Pali BJT4992. යෙ හිස්සු පුබ්බ නිය්යංසු{1} තපනීයකප්පනෙහි{2} තුරඞ්ගෙහි, ත්යජ්ජ චන්දසුරියා උභොව පත්තිකා යන්ති.
Sinhala BJT4992. පෙර යම් කුමර කෙනෙක් රන් අබරණින් සරසනලද අස් සෙනඟින් යුතු වැ නික්මැ ගියාහු ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙත්.
Pali BJT4993. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු{3} පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි පුත්තෙහි.
Sinhala BJT4993. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුප්පවතී නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණුහට මුළාවූයේ පුතුන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.
Pali BJT4994. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා,{4} යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි කඤ්ඤාහි.
Sinhala BJT4994. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුෂ්පවතී නම් නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ දූහිතෘ කන්‍යාවන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.
Pali BJT4995. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි මහෙසීහි,
Sinhala BJT4995. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළාවූයේ මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කෙරෙයි.
Pali BJT4996. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි ගහපතීහි.
Sinhala BJT4996. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණු බසට) මුළාවූයේ ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
Pali BJT4997. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි හත්ථිහි.
Sinhala BJT4997. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වූයේ ඇතුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
Pali BJT4998. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි අස්සෙහි.
Sinhala BJT4998. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වැ අසුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
Pali BJT4999. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො චතුහි උසභෙහි.
Sinhala BJT4999. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ වෘෂභයන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.
Pali BJT5000. යදි සකුණි මංසමිච්ඡසි දයාස්සු පුබ්බෙන පුප්ඵවතියා, යජතෙත්ථ එකරාජා සම්මූළ්හො සබ්බචතුක්කෙන.
Sinhala BJT5000. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ සර්‍වචතුෂ්කයෙන් යුතු වැ යාග කෙරෙයි.
Pali BJT5001. අයමස්ස පාසාදො ඉදං අන්තෙපුරං සුරමණීයං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5001. මේ චන්‍ද්‍ර කුමරුගේ ප්‍රාසාදය යි. මෙ ඉතා සිත්කලු වූ අන්තඃපුරය යි. දැන් ඒ චන්‍ද්‍ර ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5002. ඉදමස්ස කූටාගාරං සොවණ්ණං පුප්ඵමල්යවීතිණ්ණං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5002. මෙ චන්‍ද්‍ර කුමාරයාගේ කූටාගාරය රනින් කළ මල්දමින් ගැවැසිගත්තේ යැ. දැන් ඒ චන්‍ද්‍රකුමාරාදි ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5003. ඉදමස්ස අසොකවනං{1} සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5003. මෙ ඔබගේ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5004. ඉදමස්ස උය්යානං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5004. මෙ ඔබගේ හෝපලු උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5005. ඉදමස්ස කණිකාරවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5005. මෙ ඔබගේ කිණිහිරි උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5006. ඉදමස්ස පාටලීවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5006. මෙ ඔබගේ පළොල් උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5007. ඉදමස්ස අම්බවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5007. මෙ ඔබගේ අඹ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5008. අයමස්ස පොක්ඛරණී සඤ්ඡන්නා පදුමපුණ්ඩරීකෙහි, නාවා ච සොවණ්ණවිකතා පුප්ඵාවලියා විචිත්තා සුරමණීයා. තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5008. මෙ ඔබගේ පොකුණ පියුම් පඬෙරින් ගැවැසිගත්තේ යැ. රන්කම් කළ නැව ද මල්දමින් විසිතුරු යැ, ඉතා සිත්කලු යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5009. ඉදමස්ස හත්ථිරතනං එරාවණො ගජො වරුණදන්තී,{2} තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5009. මෙ ‘ඓරාවණ’ නම් වූ වරුණදන්ත ඇති මඟුල් ඇත් තෙම ඔබගේ හස්තිරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5010. ඉදමස්ස අස්සරතනං එකඛුරො අස්සො, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5010. මෙ ‘ඒකඛුර’ නම් මඟුලස් තෙම ඔබගේ අශ්වරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5011. අයමස්ස අස්සරථො සාලියනිග්ඝොසො සුභො රතනචිත්තො, යත්ථස්සු අය්යපුත්තා සොභිංසු නන්දනෙ විය දෙවා; තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා.
Sinhala BJT5011. මෙ ඔබගේ අශ්වරථය සැළලිහිණියකට බඳු හඬ ඇත්තේ සුන්‍දර වූයේ යැ. රුවනින් විසිතුරු වූයේ යැ. යම් රථයෙකැ ආර්‍ය්‍යපුත්‍රයෝ නඳුනුයන්හි දෙවියන් මෙන් ශෝභමාන වූහුද ඒ රථය යි. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.
Pali BJT5012. කථං නාම සාමසමසුන්දරෙහි චන්දනමරකතගත්තෙහි,{1} රාජා යජිස්සතෙ යඤ්ඤං සම්මූළ්හො චතූහි පුත්තෙහි.
Sinhala BJT5012. මුළා වූ රජතෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති පුතුන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
Pali BJT5013. කථං නාම සාමසමසුන්දරෙහි චන්දනමරකතගත්තාහි,{2} රාජා යජිස්සතෙ යඤ්ඤං සම්මූළ්හො චතූහි කඤ්ඤාහි.
Sinhala BJT5013. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති කන්‍යාවන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
Pali BJT5014. කථං නාම සාමසමසුන්දරෙහි චන්දනමරකතගත්තාහි, රාජා යජිස්සතෙ යඤ්ඤං සම්මූළ්හො චතූහි මහෙසීහි.
Sinhala BJT5014. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
Pali BJT5015. කථං නාම සාමසමසුන්දරෙහි චන්දනමරකතගත්තෙහි,{1} රාජා යජිස්සතෙ යඤ්ඤං සම්මූළ්හො චතූහි ගහපතීහි.
Sinhala BJT5015. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කරන්නේ ද?
Pali BJT5016. යථා හොන්ති ගාමනිගමා සුඤ්ඤා අමනුස්සකා බ්රහාරඤ්ඤා, තථා හෙස්සති පුප්ඵවතියා යිට්ඨෙසු චන්දසුරියෙසු.
Sinhala BJT5016. යම්සේ ග්‍රාමනිගමයෝ ශූන්‍ය වූවාහු මිනිසුන් නැත්තාහු මහවනයෝ වෙත් ද, චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුවන් යාග කළ කල්හි පුෂ්පවතී නගරය එසේ වන්නේ යි.
Pali BJT5017. උම්මත්තිකා භවිස්සාමි භූනහතා පංසුතා ච පරිකිණ්ණා, සචෙ චන්දවරං හන්ති පාණා මෙ දෙව නිරුජ්ඣන්ති.{3}
Sinhala BJT5017. දේවයිනි, ඉදින් උතුම් වූ සඳකුමරු නසා නම් වැඩ නැත්තී වූ මම් පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
Pali BJT5018. උම්මත්තිකා භවිස්සාමි භූනහතා පංසුතා ච පරිකිණ්ණා, සචෙ සුරියවරං හන්ති පාණා මෙ දෙව නිරුජ්ඣන්ති.
Sinhala BJT5018. දේවයිනි, ඉදින් උතුම් වූ හිරු කුමරු නසා නම් වැඩ නැත්තී වූ මම පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
Pali BJT5019. කින්නුමා න රමයෙය්යුං{4} අඤ්ඤමඤ්ඤං පියංවදා, ඝට්ටියා{5} ඔපරක්ඛී ච පොක්ඛරක්ඛී ච නායිකා;{6} චන්දසුරියෙසු නච්චන්තියො සමො තාසං න විජ්ජති.
Sinhala BJT5019. ඝට්ටියා යැ ඕපරක්ඛී යැ පොක්ඛරක්ඛී යැ නායිකා යැ යන මොහු ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණන්නාහු චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුන් හමුවෙහි නටන්නාහු කවර හෙයින් රමණය නො කරන්නාහු ද (නෘත්‍යගීතයෙහි) උන් හා සම වූ අන් ස්ත්‍රී කෙනෙක් නැත.
Pali BJT5020. ඉමං මය්හං හදයසොකං පටිමුච්චතු ඛණ්ඩහාල තව මාතා යො මය්හං හදයසොකො චන්දස්මිං වධාය නින්නීතෙ.
Sinhala BJT5020. ඛණ්ඩහාලය, චන්‍ද්‍ර කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.
Pali BJT5021. ඉමං මය්හං හදයසොකං පටිමුච්චතු ඛණ්ඩහාල තව මාතා, යො මය්හං හදයසොකො සුරියස්මිං වධාය නින්නීතෙ.
Sinhala BJT5021. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.
Pali BJT5022. ඉමං මය්හං හදයසොකං පටිමුච්චතු ඛණ්ඩහාල තව ජායා, යො මය්හං හදයසොකො චන්දස්මිං වධාය නින්නීතෙ.
Sinhala BJT5022. ඛණ්ඩහාලය, චන්‍ද්‍රකුමරු වධයට ගෙනගිය කල්හි මට යම් පුත්‍රශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.
Pali BJT5023. ඉමං මය්හං හදයසොකං පටිමුච්චතු ඛණ්ඩහාල තව ජායා, යො මය්හං හදයසොකො සුරියස්මිං වධාය නින්නීතෙ.
Sinhala BJT5023. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.
Pali BJT5024. මා පුත්තෙ මා ච පතිං අද්දක්ඛි ඛණ්ඩහාල තව මාතා, යො ඝාතෙසි කුමාරෙ අදූසකෙ සීහසඞ්කාසෙ.
Sinhala BJT5024. ඛණ්ඩහාලය, යමෙක් සිංහයන් බඳු වූ නිදොස් කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.
Pali BJT5025. මා පුත්තෙ මා ච පතිං අද්දක්ඛි ඛණ්ඩහාල තව මාතා, යො ඝාතෙසි කුමාරෙ අපෙක්ඛිතෙ සබ්බලොකස්ස.
Sinhala BJT5025. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු දරුවන් නො දකීවා හිමියා ද නො දකීවා.
Pali BJT5026. මා පුත්තෙ මා ච පතිං අද්දක්ඛි ඛණ්ඩහාල තව ජායා, යො ඝාතෙසි කුමාරෙ අදූසකෙ සීහසඞ්කාසෙ.
Sinhala BJT5026. ඛණ්ඩහාලය, යමෙක් සිංහ සදෘශ වූ නිදොස් කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.
Pali BJT5027. මා පුත්තෙ මා ච පතිං අද්දක්ඛි ඛණ්ඩහාල තව ජායා, යො ඝාතෙසි කුමාරෙ අපෙක්ඛිතෙ සබ්බලොකස්ස.
Sinhala BJT5027. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරන ලද කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා, හිමියා ද නහමක් දකීවා. (මවුබිසෝ ආක්‍රෝශ කළා.)
Pali BJT5028. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාපි හත්ථි අස්සෙ ච පාලෙම.
Sinhala BJT5028. දේවයිනි, අප නහමක් ඝාතන කෙරේවා. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇතුන් අසුන් පාලනය කරම්හ.