Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5601-5700 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4832. දද්දල්ලමානා ආභෙන්ති{1} විමානා සත්ත නිම්මිතා, තත්ථ යක්ඛො මහිද්ධිකො සබ්බාභරණභූසිතො සමන්තා අනුපරියාති නාරීගණපුරක්ඛතො.
Sinhala BJT4832. මැවුණු දිලිසෙන විමාන සතක් බැබළෙති. එහි මහත් දේව ඍධි ඇති සියලු දෙව් අබරණින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද්දේ හාත්පසින් ඇවිදියි,
Pali BJT4833. විත්ති හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, අයං නු මච්චො කිමකාසි සාධුං යො මොදති සග්ගපත්තො විමානෙ.
Sinhala BJT4833. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වේ ද මේ සත්ත්‍ව තෙම කිනම් යහපතක් කෙළේ දැ යි ඇසී.
Pali BJT4834. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4834. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
Pali BJT4835. සොණදින්නො ගහපති එස දානපතී අහූ, එස පබ්බජිතුද්දිස්ස විහාරෙ සත්ත කාරයි.
Sinhala BJT4835. මේ තෙමේ පෙර දානපති බැව්හි පිහිටා දන් දුන් සෝණදින්න නම් ගහපති ය. මේ තෙම භික්‍ෂූන් ගේ ප්‍රයෝජනයට විහාර සතක් කැරැවී.
Pali BJT4836. සක්කච්චං තෙ උපට්ඨාසි භික්ඛවො තත්ථ වාසිකෙ, අච්ඡාදනඤ්ච භත්තඤ්ච සෙනාසනපදිපියං; අදාසි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4836. එහි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේට සකස් කොට උපස්ථාන කෙළේ ය. ඍජු වූ ගුණවත් භික්‍ෂූන් කෙරෙහි විශේෂයෙන් පැහැදුණු සිතින් සිව්පස පිදුයේ ය.
Pali BJT4837. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං{2}
Sinhala BJT4837. පක්‍ෂය සම්බන්‍ධ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි ද අටවක් දිනයෙහි ද පාටිහාරිය පක්‍ෂයෙහි ද අඞ්ග අටකින් යුත් සිල් සමාදන් වැ,
Pali BJT4838. උපොසථං ච උපවසි සදා සීලෙසු සංවුතො, සංයමො සංවිභාගො ච සො විමානස්මිං මොදති.
Sinhala BJT4838. හැම කල්හි සීල සංවරයෙන් යුත් වූයේ පෙහෙවස් ද විසුයේ ය. සිල් රැකි දන් දුන් හෙ තෙම මේ විමානයෙහි තුටු වේ.
Pali BJT4839. පභාසති ඉදං ව්යම්භං එළිකාසු සුනිම්මිතං. නාරීවරගණාකිණ්ණං කුටාගාරවරොචිතං උපෙතං අන්නපානෙහි නච්චගීතෙහි චූභයං.
Sinhala BJT4839. පළිඟුවලින් මැනැවින් නිමැවුණු උතුම් ස්ත්‍රී සමූහයා ගැවසීගත් උතුම් කුළුගෙවලින් හෙබි ආහාරපානයෙන් ද නෘත්‍ය ගීතයෙන් ද යුත් මේ විමානය බබළයි.
Pali BJT4840. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමා නු නාරියො කිමකංසු සාධුං. යා මොදරෙ සග්ගපත්තා විමානෙ.
Sinhala BJT4840. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද මේ ස්ත්‍රීහු කිනම් යහපතක් කළාහු දැ යි ඇසී ය.
Pali BJT4841. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4841. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් තෙම ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
Pali BJT4842. යා කාචි නාරියො ඉධ ජිවලොකෙ සීලවතියො{1} උපාසිකා, දානෙ රතා නිච්චපසන්නචිත්තා සච්චෙ ඨිතා උපොසථෙ අප්පමත්තා. සංයමා සංවිභාගා ච තා විමානස්මිං මොදරෙ.
Sinhala BJT4842. මේ මිනිස් ලොව යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිල්වත් උපාසිකාවෝ වූහු ද දීමෙහි ඇලුණු නිති පහන් සිතැති සත්‍යයෙහි පිහිටි පෙහෙවස් රැකීමෙහි නො පමා වූ ඔව්හු සිල් රැක්කාහු ද දාන සංවිභාගයෙහි ද ඇලුණු ඒ ස්ත්‍රීහු මේ විමානයෙහි සතුටු වෙත් යි කී ය.
Pali BJT4843. පභාසති ඉදං ව්යම්භං වෙළුරියාසු නිම්මිතං, උපෙතං භූමිභාගෙහි විභත්තං භාගසො මිතං.
Sinhala BJT4843. වෙරළුමිණි බිත්තිවලින් මනා කොට නිමැවුණු සිත්කලු භූමියෙන් යුත් ප්‍රමාණ වශයෙන් කොටස් කර බෙදූ මේ විමානය බබළයි.
Pali BJT4844. ආළම්බරා මුතිඞ්ගා ච නච්චගීතා සුවාදිතා, දිබ්බා සද්දා නිච්ඡරන්ති සවණෙය්යා මනොරමා.
Sinhala BJT4844. පණාබෙර ද (අළිඟු බෙර) මිහිඟු බෙර හා නෘත්‍යගීතයෝ ද මැනවින් වාදනය කැරුණු ඇසුමට සුදුසු සිත්කලු දිව්‍යශබ්ද නිකුත් කෙරෙති.
Pali BJT4845. නාහං එවං ගතං ජාතු එවං සුරුචිරං පුරෙ, සද්දං සමභිජානාමි දිට්ඨං වා යදි වා සුතං.
Sinhala BJT4845. මෙසේ ඉතා සිත්කලු බවට පැමිණි මනෝඥ වූ පෙනෙන ඇසෙන යම් රූපයක් හෝ ශබ්දයක් වේ නම් එබන්දක් මම කිසි කලෙක නුදුටු නෑසූ විරීමි.
Pali BJT4846. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලී දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු සාධුං යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ.
Sinhala BJT4846. සාරථිය, මෙය දැක මට සතුට උපදී. එම්බා දේවසාරථි වූ මාතලී, තොප විචාරමි. ස්වර්‍ගයට පැමිණි යම් කෙනෙක් මේ විමානයන්හි සතුටුවෙත් ද, මිනිස් වූ මොහු කවර නම් යහපතක් කළෝ ද?
Pali BJT4847. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4847. නිමි රජු විසින් ඇසූ මාතලී දේවසාරථි තෙම ඔහුට (මෙසේ) ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙතෙම නොදන්නා රජුට මෙසේ කී ය.
Pali BJT4848. යෙ කෙචි මච්චා ඉධ ජිවලොකෙ සීලවන්තො උපාසකා, ආරාමෙ උදපානෙ ච පපා සඞ්කමනානි ච. අරහන්තෙ සීතිභූතෙ{2} සක්කච්චං පටිපාදයුං.
Sinhala BJT4848. මේ මිනිස්ලොවැ යම් කිසි සිල්වත් උපාසක වූ මනුෂ්‍ය කෙනෙක් (කෙලෙස් ගිනි නිවීමෙන්) සිහිල් වූ රහතුන් උදෙසා අරම් ද ළින්පොකුණු ද පැන්හල් ද (දුර්‍ගමස්ථානයෙහි) සේතුබන්‍ධ ද සකසා පිළියෙළ කොට දුන්නාහු ද,
Pali BJT4849. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අදංසු උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4849. ඍජුප්‍රතිපත්ති ඇති රහතුන් කෙරෙහි සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් දුන්නාහු ද,
Pali BJT4850. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං,{1}
Sinhala BJT4850-4851. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද (එයට පෙරගමන් පසුගමන් විසින්) ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් වුසූහු ද, හැම කල්හි සීලයෙහි සංවර වූ ද සංයත වූ ද බෙදා වැළඳුවා වූ ද ඔහු විමානයෙහි තුටු වෙත්.
Pali BJT4851. උපොසථං උපවසුං සදා සීලෙසු සංවුතා, සඤ්ඤාමා සංවිභාගා ච තෙ විමානස්මිං මොදරෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4852. පභාසති ඉදං ව්යම්භං එළිකාසු සුනිම්මිතං, නාරීවරගණාකිණ්ණං කූටාගාරවිරොචිතං.
Sinhala BJT4852. පිළිමිණියෙන් නිමවනලද කුළුගෙයින් බබළන වරඟන සමූහයෙන් ගැවැසීගත් මේ විමන බබළයි.
Pali BJT4853. උපෙතං අන්නපානෙහි නච්චගීතෙහි චූභයං, නජ්ජො ච අනුපරියාති නානාපුප්ඵදුමායුතා.
Sinhala BJT4853. මේ විමන ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යුක්ත වූයෙ යැ. නදියක් ද සිසාරා යෙයි, නොයෙක් මල්රුකින් යුක්ත යැ.
Pali BJT4854. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, අයං නු මච්චො කිමකාසි සාධුං යො මොදති සග්ගපත්තො විමානෙ.
Sinhala BJT4854. සාරථිය, මෙය දැක මට සතුටු උපදි. දේවසාරථී මාතලිය තොප විචාරමි. යමෙක් ස්වර්‍ගයට පැමිණියේ විමානයෙහි තුටු වේ ද මේ මනුෂ්‍ය තෙම මනුෂ්‍ය වැ කවර පිනක් කෙළේ ද?
Pali BJT4855. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.{2}
Sinhala BJT4855. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙතෙම නො දන්නා රජුට මෙසේ කී යැ.
Pali BJT4856. කිම්බිලායං ගහපති එස දානපතී අහූ, ආරාමෙ උදපානෙ ච පපා සඞ්කමනානි ච.
Sinhala BJT4856. තෙල ගෘහපති කිම්බිලායෙහි දානපතියෙක් වී. ආරාම ද ළින් පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි සේතුබන්‍ධ ද (කෙලෙස් ගිනි නිවීමෙන්) සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
Pali BJT4857. අරහන්තෙ සීතිභූතෙ සක්කච්චං පටිපාදයි, චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4857. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් (කායවඞ්කාදි නැතියෙන්) අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
Pali BJT4858. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං,
Sinhala BJT4858-4859. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැම කල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
Pali BJT4859. උපොසථං උපවසි සදා සීලෙසු සංවුතො, සඤ්ඤමො සංවිභාගො ච සො විමානස්මිං මොදති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4860. පභාසති ඉදං ව්යම්භං එළිකාසු සුනිම්මිතං, නාරීවරගණාකිණ්ණං කූටාගාරවරොචිතං.
Sinhala BJT4860. පිළිමිණියෙන් නිමවනලද කුළුගෙයින් හෙබි උත්තම ස්ත්‍රී සමූහයා විසින් ගැවැසිගත් මෙ විමන බබළ යි.
Pali BJT4861. උපෙතං අන්නපානෙහි නච්චගීතෙහි චූභයං, නජ්ජො ච අනුපරියාති නානාපුප්ඵදුමායුතා.
Sinhala BJT4861. මෙ විමන ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යුක්ත වූයේ යැ. නොයෙක් මල්රුකින් යුත් නදියක් ද සිසාරා යයි.
Pali BJT4862. රාජායතනා කපිත්ථා අම්බා සාලා ච ජම්බුයො, තින්දුකා{1} ච පියාලා ච දුමා නිච්චඵලා බහූ.
Sinhala BJT4862. කිරිපලු යැ ගිවුළු යැ අඹ යැ සල් යැ දඹ යැ තිඹිරි යැ පියල් යැ යන නිතිපලගත් රුක් බොහෝ වෙති.
Pali BJT4863. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලී දෙවසාරථි, අයං නු මච්චො කිමකාසි සාධුං යො මොදති සග්ගපත්තො විමානෙ.
Sinhala BJT4863. සාරථිය මෙය දැකැ මට සතුටු උපදී. දේවසාරථි මාතලිය තොප විචාරමි. යමෙක් ස්වර්‍ගයට පැමිණියේ විමානයෙහි තුටු වේ ද මෙ තෙම මනුෂ්‍ය වැ කවර පිනක් කෙළේ ද?
Pali BJT4864. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4864. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී:
Pali BJT4865. මිථිලායං ගහපති එස දානපතී අහු, ආරාමෙ උදපානෙ ච පපා සඞ්කමනානි ච. අරහන්තෙ සීතිභූතෙ{2} සක්කච්චං පටිපාදයි,
Sinhala BJT4865. තෙල ගැහැවි මියුලුනුවර දානපති වී. අරම් ද ළින් පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි ඒදඬු පාලම් ද සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
Pali BJT4866. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4866. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
Pali BJT4867. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං,{3}
Sinhala BJT4867-4868. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැම කල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
Pali BJT4868. උපොසථං උපවසි සදා සීලෙසු සංවුතො, සඤ්ඤමො සංවිභාගො ච සො විමානස්මිං මොදති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4869. පභාසති ඉදං ව්යම්භං වෙළුරියාසු නිම්මිතං, උපෙතං භූමිභාගෙහි විභත්තං භාගසො මිතං.
Sinhala BJT4869. වෙරළුමිණියෙන් නිමවනලද කොටස් විසින් පමණ කොට බෙදනලද භූමිභාගයෙන් යුත් මේ විමන වෙසෙසින් බබළයි.
Pali BJT4870. ආළම්බරා මුතිඞ්ගා ච නච්චගීතා සුවාදිතා, දිබ්බා{4} සද්දා නිච්ඡරන්ති සවණෙය්යා මනොරමා.
Sinhala BJT4870. මැනැවින් වයනලද අළිඟුබෙර ද (පණාබෙර) මිහිඟුබෙර ද නෘත්‍ය ගීතයෝ ද කන්කලු වූ මනරම් වූ දිව්‍යශබ්දයෝ නිකුත් කෙරෙති.
Pali BJT4871. නාහං එවං ගතං ජාතු{5} එවං සුරුචිරං{6} පුරෙ, සද්දං සමභිජානාමි දිට්ඨං වා යදි වා සුතං.
Sinhala BJT4871. මම පෙර කිසිකලෙකත් මෙසේ මනහර ශබ්දයක් ප්‍රත්‍යක්‍ෂයෙන් හෝ ශ්‍රැතියෙන් හෝ අසනලදැ යි නො දනිමි.
Pali BJT4872. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, අයං නු මච්චො කිමකාසි සාධුං යො මොදති සග්ගපත්තො විමානෙ.
Sinhala BJT4872. සාරථිය මෙය දැකැ මට සතුටු උපදී. දේවසාරථී මාතලිය, තොප විචාරමි. යමෙක් දෙව්ලොවට පැමිණියෝ විමන්හි තුටු වේ ද මේ තෙම මිනිස් වැ කවර පිනක් කෙළේ ද?
Pali BJT4873. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො
Sinhala BJT4873. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී.
Pali BJT4874. බාරාණසියං ගහපති එස දානපතී අහූ, ආරාමෙ උදපානෙ ච පපා සඞ්කමනානි ච. අරහන්තෙ සීතිභූතෙ{1} සක්කච්චං පටිපාදයි,
Sinhala BJT4874. (මහරජ) මෙ තෙම පෙර බරණැස දානපති වූ ගෘහපතියෙක් විය. හෙ තෙම ආරාම ද පැන් පොකුණු හා පැන්හල් ද දුර්‍ගයෙහි ඒ දඬුපාලම් ද, සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
Pali BJT4875. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4875. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
Pali BJT4876. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං,
Sinhala BJT4876-4877. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයෙහි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැමකල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
Pali BJT4877. උපොසථං උපවසි සදා සීලෙසු සංවුතො, සඤ්ඤමො සංවිභාගො ච සො විමානස්මිං මොදති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4878. යථා උදයමාදිච්චො හොති ලොහිතකො මහා, තථූපමං ඉදං ව්යම්භං ජාතරූපස්ස නිම්මිතං.
Sinhala BJT4878. ලේවන් වැ මහත් වැ උදාවන හිරු යම්සේ ද රනින් නිම වුණු මේ විමානය ද එසේ ය.
Pali BJT4879. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, අයං නු මච්චො කිමකාසි සාධුං යො මොදති සග්ගපත්තො විමානෙ.
Sinhala BJT4879. සාරථිය, මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා මාතලී නම් වූ දේවසාරථිය, තොප විචාරමි. ස්වර්‍ගයට පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වෙයි ද (මනුෂ්‍ය වූ) මේ සත්ත්‍ව තෙම කිනම් යහපතක් කෙළේ ද?
Pali BJT4880. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4880. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී.
Pali BJT4881. සාවත්ථියං ගහපති එස දානපතී අහු, ආරාමෙ උදපානෙ ච පපා සඞ්කමනානි ච. අරහන්තෙ සීතිභූතෙ සක්කච්චං පටිපාදයි,
Sinhala BJT4881. තෙල ගැහැවි සැවැත්නුවර දානපති වී. අරම් ද ළිං පොකුණු ද පැන්හල් ද දුර්‍ගයෙහි ඒදඬුපාලම් ද සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළ කොට දින.
Pali BJT4882. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4882. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද පහන් සිතින් අවඞ්ක වූ රහතුන් කෙරෙහි දින.
Pali BJT4883. චාතුද්දසිං පඤ්චදසිං යාව පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරිය පක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං,{2}
Sinhala BJT4883-4884. පක්‍ෂය සම්බන්‍ධී වූ තුදුස්වක් පසළොස්වක් අටවක් පොහෝ දිනයන්හි ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂයෙහි ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් විසී. හැමකල්හි සීලයෙහි සංවර වූ සංයම වූ දන් දුන් හෙ තෙම විමන්හි තුටු වේ.
Pali BJT4884. උපොසථං උපවසි සදා සීලෙසු සංවුතො, සංයමො සංවිභාගො ච සො විමානස්මිං මොදති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4885. වෙහාසයාමෙ බහුකා ජාතරූපස්ස නිම්මිතා, දද්දල්ලමානා ආභෙන්ති විජ්ජුවබ්භඝනන්තරෙ.
Sinhala BJT4885. රනින් නිමැවුණු අහසෙහි පිහිටි මේ බොහෝ විමානයෝ ඝන වලාකුළු අතුරෙහි විදුලිය සමූහයක් මෙන් දිලියෙමින් බබළති.
Pali BJT4886. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චො කිමකංසු සාධුං යො මොදරෙ සග්ගපත්තා විමානෙ.
Sinhala BJT4886. සාරථිය මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් කෙනෙක් මේ විමන්හි සතුටු වෙද්ද මේ සත්ත්‍වයෝ මිනිස් වූවාහු කිනම් යහපතක් කළාහු දැ යි ඇසී.
Pali BJT4887. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4887. (ඔහු විසින්) පුළුවුස්නාලද දේවසාරථී වූ මාතලී දෙව් පුත් ඔහුට පැවැසී. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී:
Pali BJT4888. සද්ධාය සුනිවිට්ඨාය සද්ධම්මෙ සුප්පවෙදිතෙ, අකංසු සත්ථුවචනං සම්මාසම්බුද්ධසාසනං,{1} තෙසං එතානි ඨානානි යානි ත්වං රාජ පස්සසි.
Sinhala BJT4888. මැනැවින් අවබෝධ කළ සද්ධර්‍මයෙහි මාර්‍ගසම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවෙන් මනා කොට පිහිටි ඒ කුලපුත්‍රයෝ සම්බුදුන්ගේ අනුශාසනය බුද්ධාවවාදය එසේ මැ කළහ. මහරජ යම් විමානයන් දක්නෙහි නම් තෙල ඔවුන්ගේ විමානයෝ ය.
Pali BJT4889. විදිතානි තෙ මහාරාජ ආවාසං පාපකම්මිනං, අථො කල්යාණකම්මානං ඨානානි විදිතානි තෙ; උය්යාහිදානි රාජිසි දෙවරාජස්ස සන්තිකෙ.
Sinhala BJT4889. මහරජ ඔබ විසින් පළමු කොට පව්කම් කළවුන් වසන තැන් ද ඉන්පසු පින් කළවුන් වසන තැන් ද දක්නා ලදී. මහරජ දැන් සක්දෙව් රජු සමීපයට යනු මැනැවැයි (මාතලී දෙව්පුත් කී.)
Pali BJTවිමානකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTවිමාන කාණ්ඩය.
Pali BJT4890. සහස්සයුත්තං හයවාහිං දිබ්බං යානං අධිට්ඨිතො, යායමානො මහාරාජා අද්දා සීදන්තරෙ නගෙ; දිස්වානාමන්තයී සූතං ඉමෙ කෙ නාම පබ්බතා.
Sinhala BJT4890. දහසක් අසුන් විසින් උසුලන දිව්‍ය යානාරූඪ වැ ගමන් කරන නිමිරජ තෙම සීදන්ත සාගරයෙහි පර්‍වත දුටුයේ යැ. මොහු කිනම් පර්‍වතයෝ දැ යි මාතලීහු ඇමැතී.
Pali BJT4891. සුදස්සනො කරවීකො ඊසධරො යුගන්ධරො, නෙමින්ධරො විනතකො අස්සකණ්ණො ගිරිබ්රහා.
Sinhala BJT4891. සුදස්සන යැ කරවීක යැ ඊසධර යැ යුගන්‍ධර යැ නෙමින්‍ධර යැ විනතක යැ අස්සකණ්ණ යැ යන මොහු සප්තකුල පර්‍වතයෝ ය.
Pali BJT4892. එතෙ සීදන්තරෙ නගා අනුපුබ්බසමුග්ගතා, මහාරාජානමාවාසා යානි ත්වං රාජ පස්සසි.
Sinhala BJT4892. මහරජ ඔබ යම් පර්‍වතයන් දක්නහු ද පිළිවෙළින් උස් වැ පිහිටි මෙය සතරවරම් දෙව් මහරජදරුවන්ගේ වාසස්ථාන වන්නාහු සීදන්ත සමුද්‍ර පර්‍වතයෝ වෙත්.
Pali BJT4893. අනෙකරූපං රුචිරං නානාචිත්රං පකාසති, ආකිණ්ණං ඉන්දසදිසෙහි ව්යග්ඝෙහෙව සුරක්ඛිතං.{2}
Sinhala BJT4893. සිත්කලු නොයෙක් රත්නයෙන් විසිතුරු වූ සිංහ ව්‍යාඝ්‍රයන් අරක් ගත් වනයක් මෙන් ශක්‍රයාට බඳු ප්‍රතිමාවෙන් ගැවසෙන්නක් වැ මේ පෙනෙන්නෝ කිනම් කෙනෙක් ද?
Pali BJT4894. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමං නු ද්වාරං කිම්භිඤ්ඤමාහු (මනොරමං දිස්සති දූරතොව.){3}
Sinhala BJT4894. සාරථිය, මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. මේ දොරටුව කිනමැ යි කියත් ද?
Pali BJT4895. තස්ස පුට්ඨො වියාකාසී මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4895. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී වූ මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී යැ:
Pali BJT4896. චිත්තකූටොති යං ආහු දෙවරාජපවෙසනං, සුදස්සනස්ස ගිරිනො ද්වාරං හෙතං පකාසති.
Sinhala BJT4896. සක්දෙව් රජුගේ ඇතුළුවීම පිටවීම ඇති යමක් චිත්‍රකූට ය යි කියද්ද, සුදස්සන නමැති පර්‍වතයා ගේ තෙල දොරටුව පෙනෙයි.
Pali BJT4897. අනෙකරූපං රුචිරං නානාචිත්රං පකාසති, ආකිණ්ණං ඉන්දසදිසෙහි ව්යග්ඝෙහෙවෙ සුරක්ඛිතං. පවිසෙතෙන රාජිසි අරජං භූමිමක්කම.
Sinhala BJT4897. සිත්කලු නොයෙක් රුවනින් විසිතුරු නොයෙක් දේව රූප ඇති, සිංහ ව්‍යාඝ්‍රයන් අරක් ගත් වනයක් මෙන් ශක්‍රයාට බඳු ප්‍රතිමාවෙන් ගැවසී ගත් මේ දෙව් නුවර දොරටුව ය. මහරජ මේ දොරටුවෙන් ඇතුළු නුවරට පිවිසෙන්නේ මැනවි. රජස් නැති (රන් රිදී මැණික් යන මෙයින් හා මලින් ගැවැසී ගත්) භූමිය දිව්‍ය රථයෙන් ඉක්මවනු මැනැවැ යි කීය.
Pali BJT4898. සහස්සයුත්තං හයවාහිං දිබ්බං යානං අධිට්ඨිතො, යායමානො මහාරාජා අද්දා දෙවසභං ඉදං.
Sinhala BJT4898. දහසක් අසුන් විසින් උසුලන දිව්‍ය රථාරූඪ වැ යන නිමි රජ තෙම සුධර්‍මා නම් දිව්‍ය සභාව දිටී.
Pali BJT4899. යථා සරදෙ ආකාසො නීලොව පතිදිස්සති, තථූපමං ඉදං ව්යම්භං වෙළුරියාසු නිම්මිතං.
Sinhala BJT4899. සරත් කාලයෙහි නීලවර්‍ණ අහස යම්සේ පෙනේ ද, එ මෙන් මෙ විමන වෛදූර්‍ය්‍ය මාණික්‍යයෙන් නිමවන ලද යැ.
Pali BJT4900. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමං නු ව්යම්භං කිමභිඤ්ඤමාහු.
Sinhala BJT4900. සාරථිය මෙය දැක්මෙන් මට සතුටු උපදී. එම්බා දේවසාරථිය, තොප විචාරමි. මේ විමානය කිනමැයි කියත් ද?
Pali BJT4901. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4901. ඔහු විසින් පුළුවුස්නාලද දේවසාරථී මාතලී දෙව්පුත් ප්‍රකාශ කෙළේ යැ. පින්කම්හි විපාක දන්නා හෙතෙම නො දන්නා රජුට මෙසේ කී යැ.
Pali BJT4902. සුධම්මං ඉති යමාහු පස්සෙසා දිස්සතෙ සභා, වෙළුරියා රුචිරා චිත්රා ධාරයන්ති සුනිම්මිතා.
Sinhala BJT4902. සුධර්‍මා දිව්‍ය සභාව යයි යමක් පැවැසූ ද මෙය බලනු මැනවි. වෛදූර්‍ය්‍යයෙන් කරනලද නොයෙක් රත්නයෙන් විසිතුරු වූ මනාව නිමැවුණු මේ සභාව පෙනේ.
Pali BJT4903. අට්ඨංසා සුකතා ථම්භා සබ්බෙ වෙළුරියාමයා, යත්ථ දෙවා තාවතිංසා සබ්බෙ ඉන්දපුරොහිතා.
Sinhala BJT4903. අටැස් වූ මැනැවින් කැරුණු සියල්ල වෙරළුමිණිමුවා ස්තම්භයෝ එය උසුලති. යම් සභාවක සක්දෙව් රජ ප්‍රධාන කොට ඇති තව්තිසා වැසි සියලු දෙවියෝ–
Pali BJT4904. අත්ථං දෙවමනුස්සානං චින්තයන්තා සමච්ඡරෙ, පවිසෙතෙන රාජිසි දෙවානං අනුමොදනං.
Sinhala BJT4904. දෙවිමිනිසුන්ගේ යහපත සිතන්නාහු එක් රැස් වැ හිඳිද්ද මහරජ මේ මගින් දෙවියන් ඔවුනොවුන් තුටුවන තැනට පිවිසෙනු මැනැවැයි මාතලී දෙව්පුත් කී.
Pali BJT4905. තං දෙවා පටිනන්දිංසු දිස්වා රාජානමාගතං, ස්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං.
Sinhala BJT4905. එහි පැමිණි ඒ නිමි රජු දැක දෙවියෝ සතුටු වූහ. මහරජ ඔබගේ පැමිණීම ඉතා යහපති. තවද අයහපත් පැමිණීමක් නම් නො වේ.
Pali BJT4906. නිසීදදානි රාජිසි දෙවරාජස්ස සන්තිකෙ, සක්කොපි පටිනන්දිත්ථ වෙදෙහං මිථිලග්ගහං.
Sinhala BJT4906. මහරජ දැන් සක්දෙව් සමීපයෙහි හුන මැනවි. මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජු දැක සක්දෙව් රජ ද සතුටු විය.
Pali BJT4907. නිමන්තයි ච{1} කාමෙහි ආසනෙන ච වාසවො, සාධු ඛොසි අනුප්පත්තො ආවාසං වසවත්තිනං.
Sinhala BJT4907. සක්දෙව් රජ කම්සැපතින් හා අස්නෙන් ද නිමිරජහු පැවැරී ය. දෙවියන් වෙසෙන තැනට ඔබගේ පැමිණීම ඉතා යහපත් ය.
Pali BJT4908. වස දෙවෙසු රාජිසි සබ්බකාමසමිද්ධිසු, තාවතිංසෙසු දෙවෙසු භුඤ්ජ කාමෙ අමානුසෙ.
Sinhala BJT4908. සියලු කම්සැපතින් සමෘද්ධ වූ දෙව්ලොවැ වාසය කළ මැනවි. තව්තිසා වැසි දෙවියන් කෙරෙහි වූ මිනිසුන් පිළිබඳ නො වූ කාමසම්පත් අනුභව කළ මැනවැ යි කී.
Pali BJT4909. යථා යාචිතකං යානං යථා යාචිතකං ධනං, එවං සම්පදමෙවෙතං යං පරතො දානපච්චයා.
Sinhala BJT4909. අනුන්ගෙන් ඉල්වා ගත් යානාවක් යම්සේ ද අනුන්ගෙන් ඉල්වා ගත් ධනයක් යම්සේ ද මෙරමාගේ දානප්‍රත්‍යයෙන් ලද යමක් ඇත් නම් එද එසේ ම ය, හෙවත් පිරුවට වශයෙන් ලැබූ දෙය වැනි ය.
Pali BJT4910. නචාහමෙතං ඉච්ඡාමි යං පරතො දානපච්චයා, සයං කතානි පුඤ්ඤානි තං මෙ ආවෙණියං ධනං.
Sinhala BJT4910. මෙරමාගේ දානප්‍රත්‍යයෙන් ලද යමක් ඇද්ද එය මම නො කැමැත්තෙමි. මා කළ යම් පුණ්‍යකර්‍මයෝ ඇද්ද ඒ මාගේ ආවේණික ධනය යි.
Pali BJT4911. සොහං ගන්ත්වා සමුස්සෙසු කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සංයමෙන දමෙන ච; යං කත්වා සුඛිතො හොති න ච පච්ඡානුතප්පති.
Sinhala BJT4911. ඒ මම ගොස් මිනිසුන් කෙරෙහි තුන්දොරින් සම වැ හැසිරීමෙන් ද සිල් රැකීමෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යමක් කොට සුවපත්වේ ද නො පසුතැවේ ද එබඳු බොහෝ කුසල් දහම් කරන්නෙමි.
Pali BJT4912. බහූපකාරො නො භවං මාතලී දෙවසාරථි, යො මෙ කල්යාණකම්මානං පාපානි{2} පටිදස්සයි.
Sinhala BJT4912. යමෙක් පින් කළ සත්ත්‍වයන් වසන තැන් ද පව් කළ සත්ත්‍වයන් වසන තැන් ද මට පෙන්වී ද ඒ පින්වත් මාතලී නමැති දේවසාරථී තෙම අපට බොහෝ උපකාර ඇත්තෙකැ යි නිමි රජ ඔහු පැසැසී ය.
Pali BJT4913. ඉදං වත්වා නිමිරාජා වෙදෙහො මිථිලග්ගභො, පුථුයඤ්ඤං යජිත්වාන සඤ්ඤමං අජ්ඣුපාගමීති.
Sinhala BJT4913. මියුලු නුවර වාසස්ථාන කොට ඇති විදේහ රටට අධිපති වූ නිමි රජ මෙය කියා (හෙවත් ‘උත්තමඞ්ගරුහාමය්හං’ යන ආදි මේ ගාථාව කියා) බොහෝ දන් දී සීලසංයමයට පැමිණියේ ය යි වදාළහ.
Pali BJTනිමිජාතකං චතුත්ථං.
Sinhala BJTසතරවන නිමි ජාතකය නිමි.
Pali BJT5. ඛණ්ඩහාලජාතකං.
Sinhala BJT5. ඛණ්ඩහාල ජාතකය
Pali BJT4914. රාජාසි ලුද්දකම්මො{1} එකරාජාති පුප්ඵවතියා,{2} සො පුච්ඡි බ්රහ්මබන්ධුං ඛණ්ඩහාලං පුරොහිතං මූළ්හං.
Sinhala BJT4914. පෙරැ පුෂ්පවතී නම් නුවරැ රුදුරු පාපකර්‍ම ඇති ඒකරාජ ය යි ප්‍රසිද්ධ රජෙක් විය. හෙ තෙම ඛණ්ඩහාල නම් මූඪ වූ පෙරෙවි බමුණාගෙන් ඇසී ය.
Pali BJT4915. සග්ගානමග්ගමාචික්ඛ ත්වංසි බ්රාහ්මණ ධම්මවිනයකුසලො, යථා ඉතො වජන්ති සුගතිං නරා පුඤ්ඤානි කත්වාන.
Sinhala BJT4915. එම්බා බ්‍රාහ්මණය, නුඹ සුචරිත ධර්‍මයෙහි ද, ආචාර විනයෙහි ද දක්‍ෂ වෙහි. යම්සේ සත්ත්‍වයෝ කුසල් කිරීමෙන් මෙ ලොවින් චුත වැ සුගතියට පැමිණෙද්ද, එසේ යන සුගති මාර්‍ගය මට කියව යි රජ තෙම කීය.
Pali BJT4916. අතිදානං දදිත්වාන{3} අවජ්ඣෙ දෙව ඝාතෙත්වා, එවං වජන්ති සුගතිං නරා පුඤ්ඤානි කත්වාන.
Sinhala BJT4916. මහරජ, අතිදාන නම් දන් දී නො නැසිය යුත්තන් නැසීමෙන් මෙසේ සත්ත්‍වයෝ සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.
Pali BJT4917. කිං පන තං{4} අතිදානං කෙ ච අවජ්ඣා ඉමස්මිං ලොකස්මිං, එතඤ්ච ඛො නො අක්ඛාහි යජිස්සාම දදාම දානානි.
Sinhala BJT4917. ඒ අතිදාන නම් කිම? මෙ ලොවැ නො නැසිය යුත්තෝ කවුරු ද? මෙය ද අපට කියනු මැන. යාග කරම්හ දන් දෙම්හ යි රජ පැවැසී.
Pali BJT4918. පුත්තෙහි දෙව යජිතබ්බං මහෙසීහි නෙගමෙහි ච උසභෙහි, ආජානීයෙහි චතූහි සබ්බචතුක්කෙන දෙව යජිතබ්බං.
Sinhala BJT4918. මහරජ, පුත්‍රයෝ යැ, බිසෝවරු යැ, සිටුවරු යැ, වෘෂභයෝ යැ, ආජානීය අශ්වයෝ යැ යන මොවුන්ගෙන් සතර දෙනකු බැගින් ගෙන යාග කළ මැනවි. මහරජ, සබ්බචතුක්ක නමැති යාගය කළයුතු ය යි පෙරෙවි බමුණා කී ය.
Pali BJT4919. තං සුත්වා අන්තෙපුරෙ කුමාරා ච මහෙසියො ච හඤ්ඤන්තු, එකො අහොසි නිග්ඝොසො භෙස්මා{5} අච්චුග්ගතො සද්දො.
Sinhala BJT4919. (රාජකුමාරවරු ද, බිසෝවරු ද නසනු ලබත්වා යන) ඒ හඬ ඇසීමෙන් අන්තඃපුරයෙහි උස් වැ නැගුණු බිහිසුණු හඬින් යුත් එක ම ඝෝෂාවක් විය.
Pali BJT4920. ගච්ඡථ වදෙථ කුමාරෙ චන්දං සුරියං ච භද්දසෙනඤ්ච, සූරඤ්ච වාමගොත්තං පසුරා{6} කිර හොථ යඤ්ඤත්ථාය.
Sinhala BJT4920. යව, චන්‍ද්‍ර කුමාරයා ද, සූරිය කුමාරයා ද, භද්දසේන කුමාරයා ද, වාමගොත්ත කුමාරයා ද සූර කුමාරයා ද යන රාජ කුමාරයන්ට යාගයට එක්තැන් වැ රැස් වන්නට කියව යි රජ අණ කෙළේ ය.
Pali BJT4921. කුමාරියොපි වදෙථ උපසෙනිං{7} කොකිලඤ්ච මුදිතඤ්ච, නන්දඤ්චාපි කුමාරිං පසුරා කිර භොථ යඤ්ඤත්ථාය.
Sinhala BJT4921. උපසේනී යැ, කෝකිලා යැ, මුදිතා යැ, නන්‍දකුමාරී යැ යන රාජකුමාරිකාවන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
Pali BJT4922. විජයම්පි මය්හං මහෙසිං එරාවතිං කෙසිනං සුනන්දඤ්ච, ලක්ඛණවරූපපන්නා පසුරා කිර හොථ යඤ්ඤත්ථාය.
Sinhala BJT4922. මගේ විජයා නම් මෙහෙසිය ද, එරාවතී ද, කේසිනී ද, සුනන්‍දා ද යන උතුම් ස්ත්‍රීලක්‍ෂණයෙන් යුත් වූ මෙහෙසීවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
Pali BJT4923. ගහපතයොපි වදෙථ පුණ්ණමුඛං භද්දියං සිගාලඤ්ච, වඩ්ඪඤ්චාපි ගහපතිං පසුරා කිර හොථ යඤ්ඤත්ථාය.
Sinhala BJT4923. පුණ්ණමුඛ යැ, භද්දිය යැ, සිගාල යැ, වද්ධ නම් ගහපති යැ යන සිටුවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.
Pali BJT4924. තෙ තත්ථ ගහපතයො අවොචිංසු සමාගතා පුත්තදාර පරිකිණ්ණා, සබ්බසිඛිනො දෙව කරොහි අථවා නො දාසෙ සාවෙහි.
Sinhala BJT4924. එහි රැස්වූ අඹුදරුවන් පිරිවැරූ ගෘහපතියෝ රජුට මෙසේ කීහ: මහරජ, අප සියල්ලන් හිස්මුදුනෙහි සිළු තබා දාසභාවයට පත් කළ මැනවි නොහොත් මහ පිරිස් මැදැ අප දාසයන් කොට අස්වනු මැනවි.
Pali BJT4925. අභයඞ්කරම්පි මෙ හත්ථිං නාලාගිරිං අච්චුතං වරුණදන්තං, ආනෙථ ඛො නෙ ඛිප්පං යඤ්ඤත්ථාය භවිස්සන්ති.
Sinhala BJT4925. අභයඞ්කර යැ, නාලාගිරි යැ, අව්ව්‍රත යැ වරුණදන්ත යැ යන ඇතුන් වහා ගෙනෙවු. ඔහු යාගය පිණිස වන්නාහ.
Pali BJT4926. අස්සරතනම්පි කෙසිං සුරාමුඛං පුණ්ණකං විනතකඤ්ච, ආනෙථ ඛො නෙ ඛිප්පං යඤ්ඤත්ථාය භවිස්සන්ති.
Sinhala BJT4926. කේසී යැ, සුරාමුඛ යැ, පුණ්ණක යැ, විනතක යැ යන අශ්වරත්නයන් ද වහා ගෙනෙවු. ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහ.
Pali BJT4927. උසභම්පි යූථපතිං අනොජං නිසභං ගවම්පතිං තෙපි මය්හං ආනෙථ, සමුපාකරොන්තු සබ්බං යජිස්සාම දදාම දානානි.
Sinhala BJT4927. යූථපති යැ, අනෝජ යැ, නිසභ යැ, ගවම්පති යැ යන මාගේ වෘෂභයන් ද ගෙනෙවු. මා කියූ මේ සියල්ල යාගයට රැස් කෙරෙත්වා. යාග කරන්නෙමු. දන් දෙන්නෙමු.
Pali BJT4928. සබ්බං පටියාදෙථ යඤ්ඤං පන උග්ගතම්හි සුරියම්හි, ආණාපෙථ ච කුමාරෙ{1} අභිරමන්තු ඉමං රත්තිං.
Sinhala BJT4928. සියල්ල පිළියෙළ කරවු. හිරු උදා වූ කල යාග කරන්නෙමු. මේ රාත්‍රිය අභිරමණය කරත්වා යි ද කුමාරයන්ට අණ කරවු.