Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5501-5600 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4735. ධම්මං චර මහාරාජ මිත්තාමච්චෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4735. මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4736. ධම්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4736. මහරජ, රථවාහන කෙරෙහි ද සේනා කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4737. ධම්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4737. මහරජ, ගම් නියම්ගම් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4738. ධම්මං චර මහාරාජ රට්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4738. මහරජ, රටෙහි ද ජනපදයන්හි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4739. ධම්මං චර මහාරාජ සමණබ්රාහ්මණෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4739. මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4740. ධම්මං චර මහාරාජ මිගපක්ඛීසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4740. මහරජ, සිව්පාවුන් කෙරෙහි ද පක්‍ෂීන් කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4741. ධම්මං චර මහාරාජ ධම්මො චිණ්ණො සුඛාවහො, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4741. මහරජ, ධර්‍මයෙහි හැසුරුණ මැනවි. පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4742. ධම්මං චර මහාරාජ ධම්මො චිණ්ණො සුඛාවහො, ඉධ ධම්මං චරිත්වාන ස ඉන්දා දෙවා සබ්රහ්මකා; සුචිණ්ණෙන දිවං පත්තා මා ධම්මං රාජ පමාදොති.
Sinhala BJT4742. මහරජ, ධර්‍මයෙහි හැසිරුණ මැනවි. පුරුදු පුහුණු කළ ධර්‍මය සැප ගෙන දෙන්නේ වේ. ශක්‍රයා සහිත වූ දෙවියෝ ද බ්‍රහ්මයා සහිත වූ බ්‍රහ්මයෝ ද මැනැවින් පුරුදු කළ ධර්‍මය හේතු කොට ගෙන දෙව්ලොවට පැමිණියහ. මහරජ, ධර්‍මයෙහි නො පමා වනු මැනව යි සාම කුමාරයා පිළියක් රජුට දශරාජ ධර්‍ම දේශනා කෙළේය.
Pali BJTසාමජාතකං තතියං.
Sinhala BJTතෙවන සාම ජාතක යි.
Pali BJT4. නිමිජාතකං
Sinhala BJT4. නිමි ජාතකය
Pali BJT4743. අච්ඡෙරං වත ලොකස්මිං උප්පජ්ජන්ති විචක්ඛණා, යදා අහූ නිමිරාජා පණ්ඩිතො කුසලත්ථිකො.
Sinhala BJT4743. යම් කලෙකැ නුවණැ’ති කුසල් කැමැති නිමි නම් රජෙක් වී ද එ කලැ මෙ බඳු දක්‍ෂ පණ්ඩිතයෝ ලොවැ උපදිද්දැ යි කියා දෙවිමිනිස්සු අපට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ යි ගුණ කී හ.
Pali BJT4744. රාජා සබ්බවිදෙහානං අදා දානං අරින්දමො, තස්ස තං දදතො දානං සඞ්කෙප්පා උදපජ්ජථ. දානං වා බ්රහ්මචරියං වා කතමංසු මහප්ඵලං.
Sinhala BJT4744. සතුරන් දමනය කරන සියලු විදේහ රට වැසියන්ගේ රජ තෙමේ දන් දුනි. ඒ දන් දෙන රජහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත් විපාක ඇත්තේ ද යනු යි.
Pali BJT4745. තස්ස සඞ්කප්පමඤ්ඤාය මඝවා දෙවකුඤ්ජරො, සහස්සනෙත්තො පාතුරහූ වණ්ණෙන නිහතං තමං.
Sinhala BJT4745. දෙවියනට අධිපති වූ නුවණැස් දහසක් ඇති සක්දෙවි රජ තෙමේ ඒ රජුගේ අදහස් දැනැ තමන්ගේ ශරීරාලෝකයෙන් අඳුරු දුරු කරමින් ඔහු හමුවෙහි පහළ විය.
Pali BJT4746. ස ලොමහට්ඨො මනුජින්දො වාසවං අවචා නිමි, දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො.
Sinhala BJT4746. ලොමුදහගත් ඒ නිමි රජ තෙමේ සක්දෙව් රජු දැකීමෙන් බිය පත් වැ මෙසේ කී ය: ඔබ දෙවියෙක් ද ගඳඹෙක් ද එසේ නැතහොත් පුරින්‍ද ද නම් වන සක්දෙව්රජ දැ යි.
Pali BJT4747. න ච මෙ තාදිසො වණ්ණො දිට්ඨො වා යදි වා සුතො, ආචික්ඛ මෙ ත්වං භද්දන්තෙ කථං ජානෙමු තං මයං.
Sinhala BJT4747. මෙ බඳු ශරීර වර්‍ණයෙක් මින් පෙරැ මා විසින් දක්නාලද හෝ අසනලද හෝ නො වෙයි. වහන්ස, තෙපි මට කියව. ඇපි තොප කෙසේ දනුමෝ ද?
Pali BJT4748. ස ලොමහට්ඨං ඤත්වාන වාසවො අවචා නිමිං, සක්කොහමස්මි දෙවින්දො ආගතොස්මි තවන්තිකො.
Sinhala BJT4748. ඒ සක්දෙව් රජ තෙමේ ආලෝකයට බියෙන් ලොමු දහගත් නිමි රජු දැනැ මෙසේ කී. මම සක්දෙව් රජ වෙමි. ඔබ වෙත ආයෙමි.
Pali BJT4749. අලොමහට්ඨො මනුජින්ද පුච්ඡ පඤ්හං යදිච්ඡසි.{1} සො ච තෙන කතොකාසො වාසවං අවචා නිමි.
Sinhala BJT4749. මිනිසුන්ට අධිපති මහරජ මාගෙන් යම් පැනයක් අසනු කැමැත්තෙහි නම් එය භය නැති වැ අසනු මැනැවැ යි කී ය.
Pali BJT4750. පුච්ඡාමි තං මහාබාහු සබ්බභූතානමිස්සර, දානං වා බ්රහ්මචරියං වා කතමංසු මහප්ඵලං.
Sinhala BJT4750. (සක්දෙව් රජු විසින් කළ අවකාශ ඇති නිමි රජ තෙමේ සක්දෙව් රජුට මෙසේ කී:) මහත් වූ බාහු ඇති සියලු දෙවියනට අධිපති එම්බා සක්දෙව් රජ, ඔබ විචාරමි. දානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද යන මේ දෙකින් කවර නම් ගුණ ධර්‍මයෙක් වෙසෙසින් මහත් විපාක ඇත්තේ ද?
Pali BJT4751. සො පුට්ඨො නරදෙවෙන වාසවො අවචා නිමිං, විපාකං බ්රහ්මචරියස්ස ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4751. රජු විසින් ඇසූ බ්‍රහ්මචර්‍ය්‍යා විපාක දන්නා සක්දෙව් රජ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී ය.
Pali BJT4752. හීනෙන බ්රහ්මචරියෙන ඛත්තියෙ උපපජ්ජති, මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති.
Sinhala BJT4752. ලාමක බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් රජකුලයෙහි උපදී, මධ්‍යම බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දෙවිබවට පැමිණෙයි, උතුම් බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් පිරිසුදු වේ.
Pali BJT4753. නහෙතෙ සුලභා කායා යාවයොගෙන කෙනචි, යො කායෙ උපපජ්ජන්ති අනාගාරා තපස්සිනො.
Sinhala BJT4753. ගෙවල් නැති තපස් රක්නා යම් කෙනෙක් බ්‍රහ්මසමූහයෙහි උපදිද්ද දන් දෙන කිසිවකු විසින් ඒ බ්‍රහ්මසමූහයෝ නො ලබන්නාහු වෙති.
Pali BJT4754. දුදීපො සාගරො සෙලො මුචලින්දො භගීරසො, උසීනරො{2} අට්ඨකො ච අස්සකො ච පුථුජ්ජනො,
Sinhala BJT4754. මහරජ, පෙරැ බරණැස් නුවර, දුදීප ය සාගර ය සේල ය මුචලින්‍ද ය භගීරස ය උසීර ය අට්ඨක ය අස්සක ය පුථුජ්ජන යැ යි යන,
Pali BJT4755. එතෙ චඤ්ඤෙ ච රාජානො ඛත්තියා බ්රාහ්මණා බහු, පුථු යඤ්ඤං යජිත්වාන පෙතං තෙ නාතිවත්තිසුං.
Sinhala BJT4755. මේ රජවරු ද සෙසු බොහෝ ක්‍ෂත්‍රියබ්‍රාහ්මණයෝ ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර භූමි සඞ්ඛ්‍යාත දෙව්ලොව ඉක්මවා නො පැවැත්තාහ.
Pali BJT4756. යෙ වෙ අදුතියා න රමන්ති එකිකා විවෙකජං යෙ න ලභන්ති පීතිං, කිඤ්චාපි තෙ ඉන්දසමානභොගා තෙ වෙ පරාධීනසුඛා වරාකා.
Sinhala BJT4756. හුදෙකලා වූ යම් කෙනෙක් නො ඇලෙද්ද යම් කෙනෙක් හුදෙකලා වැ විවේකයෙන් ඇති වූ සතුට නො ලබද්ද ඔහු ඉන්‍ද්‍රයා හට මෙන් සමාන සම්පත් ඇත්තාහු නමුදු ඒ පින්වත්හු අනුන් අයත් සුව ඇත්තාහු මැ වෙති.
Pali BJT4757. අද්ධා ඉමෙ{1} අවත්තිංසු අනාගාරා තපස්සිනො, සත්තිසයො යාමහනු සොමයාගො{2} මනොජවො,
Sinhala BJT4757-4758. ගෙවල් නැති සීලයෙන් හා තපසින් ද සමාපත්තියෙන් ද යුත් යාමහනු ය සෝමයාග ය මනෝජවය ය සමුද්ද ය මාඝ ය භරත ය ඉසිකාලිරක්ඛී ය යන මේ සත් ඍෂීහු ද අඞ්ගීරස ය කස්සප ය කිසවච්ඡ ය අකිත්ති ය යන මේ ඍෂීහු සතර දෙන ද සමග වූ එකොළොස් ඍෂිවරු ඒකාන්තයෙන් කාමාවචර දෙව්ලොව ඉක්මැවූහ හෙවත් බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
Pali BJT4758. සමුද්දො මාඝො භරතො ච{3} ඉසිකාලිකරක්ඛියො,{4} අංගීරසො කස්සපො ච කිසවච්ඡො අකිත්ති ච.{5}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4759. උත්තරෙන නදී සීදා ගම්භීරා දුරතික්කමා, නළග්ගිවණ්ණා ජොතන්ති සදා කඤ්චනපබ්බතා.
Sinhala BJT4759. හිමවතට උතුරු දිගින් ගැඹුරු වූ ඉක්මැවිය නො හැකි සීදා නම් නදියක් විය. එහි දෙපස හැම කල්හි රන් පර්‍වතයෝ ඇවිළෙන ගිනි මෙන් දිලියෙති.
Pali BJT4760. පරූළ්හකච්ඡා තගරා රූළ්හකච්ඡා වනා නගා, තත්රාසුං දසසභස්සානි පොරාණා ඉසයො පුරෙ.
Sinhala BJT4760. ඒ ගඟෙහි වංක ස්ථානයන්හි නොහොත් ගඟ දෙපස තුවරලා ගස් ඇත. එහි දෙපස පර්‍වතයෝ මල්පල දරන වැඩුණු රුක්වලින් යුක්ත වූහ. ඒ මනහර දෙපසෙහි පෙරැ එක් කලෙක දස දහසක් පමණ පුරාණ ඍෂිවරයෝ වූහ.
Pali BJT4761. අහං සෙට්ඨොස්මි දානෙන සංයමෙන දමෙන ච, අනුත්තරං වතං කත්වා පකිරචාරී සමාහිතෙ.
Sinhala BJT4761. මම දානයෙන් උතුම් වීමි. සීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද නිරුත්තර වූ උතුම් ව්‍රත සමාදානයෙන් හුදකලා වැ උපචාර අර්‍පණා සමාධි ඇති දහසක් ඍෂිවරුන්ට බොහෝ කාලයක් උපස්ථාන කෙළෙමි.
Pali BJT4762. ජාතිමන්තං අජච්චං ච අහමුජ්ජුගතං නරං, අතිවෙලං නමස්සිස්සං කම්මබන්ධු හි මාතියා.{6}
Sinhala BJT4762. ජාතියෙන් උසස් වූ ද උසස් නො වූ ද එක තාපසයකු කෙරෙහි වත් වෙනසක් නො කොටැ ඒ ඍජු භාවයට පැමිණි සිත් ඇති තාපස සමූහයන් නිතර වැන්දෙමි. සත්ත්‍වයෝ වනාහි කර්‍මබන්‍ධු වූවෝ වෙති.
Pali BJT4763. සබ්බෙ වණ්ණා අධම්මට්ඨා පතන්ති නිරයං අධො, සබ්බෙ වණ්ණා නිරුජ්ඣන්ති{7} චරිත්වා ධම්මමුත්තමං.
Sinhala BJT4763. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රිය ය බ්‍රාහ්මණ ය වෛශ්‍ය ය ශුද්‍ර ය යන සිව්පිරිස නරකයෙහි හිස යට කොටැ වැටෙති. සියලු සිවුපිරිස උතුම් ධර්‍මයෙහි හැසිරැ පිරිසිදු වෙති හෙවත් නිවන් දකිති.
Pali BJT4764. ඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, වෙදෙහං අනුසාසිත්වා සග්ගකායං අපක්කමි.
Sinhala BJT4764. සුජම්පතී නම් සක්දෙව් රජ තෙමේ මේ (උඩ සඳහන් පරිදි) කියා සැක ඇති වේදේහ රජුට අනුශාසනා කොටැ දෙව් ලොවට ගියේ ය.
Pali BJT4765. ඉමං භොන්තො නිසාමෙථ යාවන්තෙත්ථ සමාගතා, ධම්මිකානං මනුස්සානං වණ්ණං උච්චාවචං බහුං.
Sinhala BJT4765. යම් පමණ දේවතාවෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වූහු ද පින්වත් දේවතාවෙනි දාන සීලාදී පින් කරන මිනිසුන්ගේ උස් පහත් විපාකයෝ බොහෝ ය. මා කියන ගුණ වර්‍ණනාව අසනු මැනැවි.
Pali BJT4766. යථා අයං නිමිරාජා පණ්ඩිතො කුසලත්ථිකො, රාජා සබ්බවිදෙහානං අදා දානං අරින්දමො.
Sinhala BJT4766. කුසල් කැමැති මේ නිමිරජ තෙමේ ඉතා නුවණැත්තේ වේ. සතුරන් හික්මවන සියලු විදේහ රට වැසියනට රජ වූ හෙ තෙමේ දන් දුන්නේ ය.
Pali BJT4767. තස්ස තං දදතො දානං සඞ්කප්පො උදපජ්ජථ, දානං වා බ්රහ්මචරියං වා කතමංසු මහප්ඵලං.
Sinhala BJT4767. ඒ දන් දෙන එරජුහට මෙ බඳු අදහසක් පහළ විය. එනම් දන් දීම ය බ්‍රහ්මචර්‍ය්‍ය ය යන මෙයින් කවර නම් ගුණ ධර්‍මයෙක් මහත් විපාක ඇත්තේ ද යනු යි. සක්දෙව් රජ තෙමේ කී ය.
Pali BJT4768. අබ්භුතො වත ලොකස්මිං උප්පජ්ජි ලොමහංසනො, දිබ්බො රථො පාතුරහූ වෙදෙහස්ස යසස්සිනො.
Sinhala BJT4768. ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමුදහගන්නා වූ දෙයක් පහළ විය. එනම් පිරිවර ඇති වේදේහ රජුට දිව්‍යරථයක් පහළ වී යයි මහාජනක තෙමේ කී ය.
Pali BJT4769. දෙවපුත්තො මහිද්ධිකො මාතලී දෙවසාරථි, නිමන්තයිත්ථ රාජානං වෙදෙහං මිථිලග්ගහං.
Sinhala BJT4769. මහත් දේවර්ධි ඇති දිව්‍ය රථාචාරී වූ මාතලී නම් දෙව්පුත් තෙමේ මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජුට දේවයන් වහන්ස රථයට නැංග මැනැවැ යි ආරාධනා කෙළේ ය.
Pali BJT4770. එහිමං රථමාරුය්හ රාජසෙට්ඨ දිසම්පති, දෙවා දස්සනකාමා තෙ තාවතිංසා සඉන්දකා සරමානා හි තෙ දෙවා සුධම්මායං සමච්ඡරෙ.
Sinhala BJT4770. දිසාවනට අධිපති දේවයන් වහන්ස, මේ රියට නැඟ එනු මැනැවි. සක්දෙව් රජ සහිත ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දක්නට කැමැත්තාහු වෙති ඔබ සිහි කරමින් මැ ඒ දෙවියෝ සුධර්‍මා නම් දෙව්සබයෙහි රැස් වැ සිටිති යි මාතලී දෙව්පුත් තෙමේ කී ය.
Pali BJT4771. තතො ච රාජා තරමානො වෙදෙහො මිථිලග්ගහො, ආසනා වුට්ඨහිත්වාන පමුඛො රථමාරුහි.
Sinhala BJT4771. ඉක්බිති මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජ තෙමේ ඉක්මනින් හුනස්නෙන් නැගිට අභිමුඛ වැ දෙව්රියට නැංගේ ය.
Pali BJT4772. අභිරූළ්හං එථං දිබ්බං මාතලී එතදබ්රවි, කෙන තං නෙමි මග්ගෙන රාජසෙට්ඨ දිසම්පති. යෙන වා පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච යෙ නරා.
Sinhala BJT4772. දෙව්රියට නැංග නිමි රජුට මාතලී දෙව්පුත් තෙමේ මෙය කී ය: දිසාවනට අධිපති දේවයන් වහන්ස, යම් මඟකින් ගොස් පව්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. යම් මඟකින් ගොස් පින්කම් කළ සත්ත්‍වයෝ වෙසෙද්ද ඒ ස්ථානය දැක්ක හැකි ය. ඒ දෙමඟින් කවර මඟෙකින් ඔබ ගෙනයම් දැ යි මාතලී දෙව්පුත් තෙමේ ඇසී.
Pali BJT4773. උභයෙනෙව මං නෙහි මාතලී දෙවසාරථි, යෙන වා පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච යෙ නරා.
Sinhala BJT4773. මාතලී නමැති දිව්‍ය රථාචාර්‍ය්‍යය, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් යම් මඟෙකින් ගොස් ඒ ස්ථානය දැක්ක හැකි ද ඒ දෙමඟින් මැ මා ගෙන යව යි නිමි රජ තෙමේ කී ය.
Pali BJT4774. කෙන තං පඨමං නෙමි රාජසෙට්ඨ දිසම්පති, යෙන වා පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච යෙ නරා.
Sinhala BJT4774. දිසාවනට අධිපති දේවයන් වහන්ස, පව්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද පින්කම් කළ සත්ත්‍වයෝ වෙත් නම් ඔවුන් යම් මඟෙකින් ගොස් දැක්ක හැකි ද මේ දෙමඟින් කවර මඟෙකින් ඔබ පළමු කොට ගෙන යන්නෙම් දැ යි මාතලී දෙව්පුත් ඇසී.
Pali BJT4775. නිරයෙ{1} තාව පස්සාමි ආවාසෙ{2} පාපකම්මිනං, ඨානානි ලුද්දකම්මානං දුස්සිලානං ච යා ගති.
Sinhala BJT4775. නිරයෙහි පව්කම් කළ සත්ත්‍වයන් වෙසෙන තැන් ද දරුණු පව් කළ සතුන් උපදින තැන් ද දුස්සීලයන් අකුසල විපාකයෙන් උපන් තැන් ද ඇතහොත් ඒ නරකයන් පළමු කොට දක්නට කැමැත්තෙමි යි නිමි රජ තෙමේ කී ය.
Pali BJT4776. දස්සෙසි මාතලී රඤ්ඤො දුග්ගං වෙතරණිං නදිං, කුථන්තිං{3} ඛාරසංයුත්තං තත්තං අග්ගිසිඛූපමං.
Sinhala BJT4776. මාතලී දෙව්පුත් තෙමේ නිමි රජහට කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නො හැකි ලෝ දියෙන් යුත් වේතරණී නම් නදිය දැක් වී.
Pali BJT4777. නිමි හවෙ මාතලිං අජ්ඣභාසථ දිස්වා ජනං පතමානං විදුග්ගෙ, භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලී දෙවසාරථි ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා වෙතරණි{1} පතන්ති.
Sinhala BJT4777. නිමි රජ තෙමේ ඒකාන්තයෙන් ඉතා යා නොහැකි නරකයෙහි වැටෙන ජනයා දැක මාතලී දෙව්පුත්හට මෙසේ කී: එම්බා මාතලී රථාචාර්‍ය්‍යය, මට මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලිය තොප විචාරමි. යම් මේ මනුෂ්‍යයෝ වෙද්ද ඔහු කිනම් පව්කම් කළාහු වේතරණී නරකයෙහි වැටෙද්දැ යි ඇසී.
Pali BJT4778. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාප කම්මානං ජානං අක්ඛාසජානතො.{2}
Sinhala BJT4778. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම පිළිබඳ විපාක දත් හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4779. යෙ දුබ්බලෙ බලවන්තො ජිවලොකෙ හිංසෙන්ති රොසෙන්ති සුපාපධම්මා, තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙ වෙ ජනා වෙතරණිං පතන්ති.
Sinhala BJT4779. මිනිස් ලොව ඉතා පහත් ස්වභාව ඇති බලවත් යම් කෙනෙක් දුබලයනට පීඩා කෙරෙද්ද නන් අයුරින් ආක්‍රෝශ පරිභව කෙරෙද්ද දරුණු ක්‍රියා ඇති ඔහු පව් රැස් කොට නිරතුරු ඒකාන්තයෙන් ඒ මිනිස්සු වේතරණී නම් නරකයට වැටෙති යි මාතලී දෙව්පුත් තෙමේ කී.
Pali BJT4780. සාමා ච සොණා සබලා ච ගිජ්ඣා කාකොළසඞ්ඝා ච අදෙන්ති භෙරවා; භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච්චා කිමකංසු පාපං යයිමං ජනං{3} කාකොළා අදෙන්ති.
Sinhala BJT4780. රත් පැහැති බල්ලෝ ද කබර පැහැති බල්ලෝ ද ගිජු ලිහිණියෝ ද භයානක කපුටු සමූහයෝ ද මස් කඩ කඩා කති. මේ දැක මට භය උපදී. එම්බා සාරථිය ඔබ විචාරමි. කවුඩන් කනු ලබන යම් මේ නිරිසත්තු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
Pali BJT4781. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4781. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4782. යෙ කෙචි මෙ මච්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්රාහ්මණානං හිසෙන්ති රොසෙන්ති සුපාපධම්මො, තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තයිමං ජනං කාකොළා අදෙන්ති.
Sinhala BJT4782. මසුරු බැවින් අනුන්ට නොදෙන, අනුන්ට දෙන දේත් වළකන හෙයින් මසුරු වූ ඉතා පහත් ස්වභාව ඇති යම් කිසි කෙනෙක් මහණ බමුණන්ට නින්‍දා පරිභව කෙරෙද්ද හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පාපකර්‍ම ඇති ඔහු පව් රැස් කොට නිරයට යෙත්. ඒ මේ නිරිසතුන්ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කී.
Pali BJT4783. සජොතිභූතා පඨවිං කමන්ති තත්තෙහි ඛන්ධෙහි ච පොථයන්ති භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා ඛන්ධහතා සයන්ති.
Sinhala BJT4783. ගිනිදැල් සහිත වූ යපොළොව ආක්‍රමණය කෙරෙති, රත් වූ මුගුරුවලින් තැළෙති. සාරථිය, මට මෙය දැකීමෙන් භය උපදී. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබගෙන් අසමි: යමුගුරුවලින් තැලෙන නිරිසත්තු සයනය කෙරෙද්ද? මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි නිමි රජ ඇසී.
Pali BJT4784. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4784. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4785. යෙ ජීවලොකස්මිං සුපාපධම්මිනො නරඤ්ච නාරිඤ්ච අපාපධම්මං; හිංසෙන්ති රොසෙන්ති සුපාපධම්මා තෙ ලුද්දකම්මා පසවෙත්ථා{1} පාපං තෙමෙ ජනා ඛන්ධහතා සයන්ති.
Sinhala BJT4785. මිනිස් ලොවැ ඉතා පහත් ස්වභාව ඇති යම් කෙනෙක් නිවැරැදි පුරුෂයකුට හෝ ස්ත්‍රියකට හිංසා ආක්‍රෝශ පරිභව කෙරෙද්ද භයානක පව්කම් ඇති ඔවුහු පව් රැස් කොට නිරයට යෙති. යමුගුරුවලින් තැළෙන යපොළොවෙහි සයනය කරන්නෝ ඒ මේ නිරිසත්තු ය යි මාතලී නම් දේවසාරථී කී.
Pali BJT4786. අඞ්ගකාසුං අපරෙ ථුනන්ති නරා රුදන්තා පරිදඩ්ඪගත්තා; භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා අඞ්ගාරකාසුං ථුනන්ති.{2}
Sinhala BJT4786. හාත්පසින් දැවෙන ශරීර ඇති හඬන අනික් කෙනෙක් ගිනි අඟුරු වළට වැටෙති; (ඔවුන්ගේ ඇඟට ගිනි අඟුරු දමති). සාරථිය, මෙය දැක්මෙන් භය උපදී. සාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මේ අඟුරු වළට වැටෙත් ද මේ සත්ත්‍වයෝ කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
Pali BJT4787. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4787. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් තෙමේ ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙමේ නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4788. යෙ කෙචි පූගායතනස්ස හෙතු සක්ඛිං කරිත්වා ඉණං ජාපයන්තී; තෙ ජාපයිත්වා ජනතං ජනින්ද තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙමෙ ජනා අඞ්ගාරකාසුං ථුනන්ති
Sinhala BJT4788. යම් කිසි කෙනෙක් සමූහයා සතු ධනය හේතු කොට ගෙන බොරු සාක්‍ෂි කියා ධනය පිළිබඳ ණය නසා ලද්ද, මහරජ ඔව්හු ජනසමූහය පිළිබඳ ණය මෙසේ බොරුවෙන් විනාශ කොට භයානක පව්කම් කරන්නාහු පව් රැස් කොට නිරයට යෙති. ඔව්හු අඟුරුවළට වැටීමෙන් කම්පා වෙති යි කී.
Pali BJT4789. සජොතිභූතා ජලිතා පදිත්තා පදිස්සති මහතී ලොහකුම්භී; භයං හි මං වින්දති සූත දිස්වා ඉමෙ නු මච්චා කිමකංසු පාපං පුච්ඡාමි තං මාතලි දෙවසාරථි යෙමෙ ජනා අවංසිරා ලොහකුම්භිං පතන්ති.
Sinhala BJT4789. ඇවිල ගත් දිලියෙන ගිනිදැල් සහිත මහත් ලෝ සැළිය පෙනේ. රථාචාර්‍ය්‍යය මෙය දැක්මෙන් භය උපදී. එම්බා සාරථිය, ඔබ විචාරමි: යටිකුරු වූ හිස් ඇති යම් මේ නිරිසත්තු ලෝ සැළියට වැටෙද්ද, මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.
Pali BJT4790. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4790. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4791. යෙ සීලවං සමණං බ්රාහ්මණං වා හිංසෙන්ති රොසෙන්ති{3} සුපාපධම්මිනො; තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තොමෙ ජනා (අවංසිරා) ලොහකුම්භිං පතන්ති.
Sinhala BJT4791. මෙ ලොව ඉතා අධම ස්වභාව ඇති යම් කෙනෙක් සිල්වත් මහණ බමුණන්ට හිංසා ආක්‍රෝශ කෙරෙද්ද දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. යටිකූර හිස් ඇති මේ ජනයෝ ලෝකුඹු නිරයට වැටෙති යි දේවසාරථී තෙම කී.
Pali BJT4792. ලුඤ්චෙන්ති ගීවං අථ වෙඨයිත්වා{1} උණ්හොදකස්මිං පකිලෙදයිත්වා; භයං හි මං වින්දති සුත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා ලුත්තසිරා{2} සයන්ති.
Sinhala BJT4792. තවද ගිනිගෙන දිලියෙන යොතින් ගෙළ වෙළා උණු ලෝදියෙහි දමා තෙමා ගෙළ සිඳිති. මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු සිඳින ලද හිස් ඇත්තෝ හොවිත් ද මොව්හු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
Pali BJT4793. තස්ස පුට්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4793. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය: පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
Pali BJT4794. යෙ ජීවලොකස්මිං සුපාපධම්මිනො පක්ඛි ගහෙත්වාන විහෙඨයන්ති තෙ හෙඨයිත්වා{3} සකුණං ජනින්ද තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙමෙ ජනා ලුත්තසිරා සයන්ති.
Sinhala BJT4794. සත්ත්‍වලෝකයෙහි ඉතා අධමස්වභාව ඇති යම් කෙනෙක් පක්‍ෂීන් අල්වා ගෙන පිහාටු ගලවා ගෙළ සිඳ මරත් ද මහරජ, එසේ කිරීමෙන් දරුණු පව්කම් කරන ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණෙති. සුන් වූ හිස් ඇති ඒ මේ නිරිසත්තු සයනය කරති යි කී ය.
Pali BJT4795. පහුත{4} තොයා අනිඛාතකූලා{5} නදී අයං සන්දති සූපතිත්ථා; ඝම්මාභිතත්තා මනුජා පිවන්ති පිවතඤ්ච{6} තෙසං භුසං හොති පානි.
Sinhala BJT4795. දිය බහුල වූ නො ගැඹුරු ඉවුරු ඇති මනා තොට ඇති මේ නදිය ගලා බසී. ග්‍රීස්මයෙන් තැවුණු සත්ත්‍වයෝ පැන් බොති. ඔවුන් පානය කළ ජලය බොල් බවට පත් වේ.
Pali BJT4796. භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං පිවතඤ්ච{6} තෙසං භුසං හොති පානි.
Sinhala BJT4796. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේව සාරථිය, ඔබ විචාරමි: ඔවුන් බොන ඒ පැන් බොල් බවට පැමිණේ. මේ නිරිසත්තු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
Pali BJT4797. තස්ස පුට්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4797. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙළ නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4798. යෙ සුද්ධධඤ්ඤං පලාපෙන{7} මිස්සං අසුද්ධකම්මා කයිනො දදන්ති, ඝම්මාභිතත්තානං පිපාසිතානං පිවතඤ්ච තෙසං භුසං හොති පානි.
Sinhala BJT4798. මෙ ලොව අපිරිසිදු කර්‍මාන්ත ඇති හෙවත් පව් කරන යම් කෙනෙක් පිරිසුදු සප්තවිධ ධාන්‍යයෙන් යම් ධාන්‍යයක් බොල් හා මුසු කොට මිලයට ගන්නා තැනැත්තාහට දෙද්ද ග්‍රීෂ්මයෙන් තැවුණු පැන් බොනු කැමැති ඔවුන් බොන පැන් බොල් බවට පැමිණේ ය යි කී.
Pali BJT4799. උසූහි සත්තීහි ච තොමරෙහි දුභයානි පස්සානි තුදන්ති කන්දතං, භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා සත්තිහතා සයන්ති.
Sinhala BJT4799. ඊ අඩයටි තෝමර යන මෙයින් අඬන නිරිසතුන්ගේ උභය පාර්ශ්වය විදිත්. සාරථිය, මට වනාහි මෙය දැක්මෙන් භය උපදී. එම්බා මාතලී නම් සාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරි සත්තු අඩයටි ආදි ආවුදවලින් නැසුණෝ හොවිද්ද, මේ නිරිසත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී.
Pali BJT4800. තස්ස පුට්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාප කම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4800. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4801. යෙ ජීවලොකස්මිං අසාධුකම්මිනො, අදින්නමාදාය කරොන්ති ජීවිකං, ධඤ්ඤං ධනං රජතං ජාතරූපං අජෙළකං චාපි පසුං මහීසං{1} තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙමෙ ජනා සත්තිහතා සයන්ති.
Sinhala BJT4801. පාපකර්‍ම ඇති යම් කෙනෙක් සත්ත්‍වලෝකයෙහි ධන ධාන්‍ය ය රන්රිදී ය එළුබැටළු ය ගවමහිස ය යන මෙයින් හිමියන් විසින් නුදුන් යම් දෙයක් සොර සිතින් ගෙන දිවි පවත්වද්ද, දරුණු පව්කම් ඇති ඔව්හු පව් රැස් කොට නිරයට යෙති. ඒ මේ නිරි සත්තු ආවුදවලින් නැසුණාහු හොවිත්.
Pali BJT4802. ගීවාය බද්ධා කිස්ස ඉමෙ පුනෙකෙ අඤ්ඤෙ විකත්තා{2} බිලකතා පුනෙකෙ භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා බිලකතා සයන්ති.
Sinhala BJT4802. යළි මේ නිරිසතුන්ගෙන් ඇතැමෙක් බෙල්ලෙන් බඳනා ලදහ; සමහරු කඩ කඩ කොටැ කපා වෙන් කරන ලද; තවද සමහරු යපොළොවෙහි මස් ගොඩවල් බවට පත් කරන ලද. සාරථිය මෙය දැක්මෙන් මට භය උපදී. දේවසාරථිය, ඔබ විචාරමි: මේ නිරිසත්තු කිනම් පව් කළාහු ද, යම් මේ සත්ත්‍වයෝ මස් කරන ලද්දාහු හොවිද්ද මොව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
Pali BJT4803. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙව සාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4803. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4804. ඔරබ්භිකා සූකරිකා ච මච්ඡිකා පසුං මහිසඤ්ච අජෙළකඤ්ච හන්ත්වාන සුනෙසු පසාරයිංසු තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙමෙ ජනා බිලකතා සයන්ති.
Sinhala BJT4804. එළුවන් මරා ඌරන් මරා දිවි පවත්වන්නාවූ ද මසුන් මරා දිවි පවත්වන්නාවූ ද ඔවුහු ගව මහිස එළු බැටෙළුවන් මරා මස් කොට මස්ලොඹුවල විකිණීමට කොටස් වශයෙන් තැබූහු ද ඒ දරුණු පව්කම් ඇත්තෝ පව් රැස් කොටැ නරකයට යෙති. කොටස් කළ මස් බවට පත් ඒ මේ නිරිසත්තු හොවිති.
Pali BJT4805. රහදො අයං මුත්තකරීසපූරො දුග්ගන්ධරූපො අසුචි පූති වායති ඛුදා{3} පරෙතා මනුජා අදෙන්ති{4} භයං හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා මුත්තකරීසභක්ඛා.
Sinhala BJT4805. මල මුත්‍ර පිරුණු දුර්‍ගන්‍ධ වූ මේ විල දුගඳ හමයි. සාදුකින් පෙළෙන සත්ත්‍වයෝ එය අනුභව කරති. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු මලමූත්‍ර අනුභව කෙරෙද්ද ඔවුහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
Pali BJT4806. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4806. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
Pali BJT4807. යෙ කෙචි මෙ කාරණිකා විරොසකා පරෙසං භිංසාය සදා නිවිට්ඨා තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං මිත්තද්දුනො මීළ්හමදෙන්ති බාලා රහදො අයං ලොහිතපුබ්බපූරො දුග්ගන්ධරූපො අසුචි පූති වායති.
Sinhala BJT4807. මේ යම්කිසි සත්ත්‍ව කෙනෙක් අත් පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්හට දරුණු වද දෙද්ද යහළුවන් වෙහෙසන අනුන්හට හිංසා පීඩා කිරීමෙහි නියුතු දරුණු පව් කරන්නාවූ මිතුරන්හට ද්‍රෝහ කරන අඥාන වූ ඔව්හු පව් රැස් කොට නරකයට පැමිණ අශුචි අනුභව කෙරෙතී කී.
Pali BJT4808. ඝම්මාභිතත්තා මනුජා පිවන්ති භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා ලොහිතපුබ්බභක්ඛා.
Sinhala BJT4808. ලේ සැරව පිරුණු දුගඳ වූ මේ විල අපවිත්‍ර වූ දුර්‍ගන්‍ධය පතුරුවයි. ග්‍රීෂ්මයෙන් තැවුණු සත්ත්‍වයෝ එය බොති. සාරථිය, මෙය දැකීමෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු ලේ සැරව අහර කොට ඇත්තාහු ද ඔව්හු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
Pali BJT4809. තස්ස පුට්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4809. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4810. යෙ මාතරං වා පිතරං වා ජිවලොකෙ පාරාජිකා අරහන්තෙ හනන්ති. තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙමෙ ජනා ලොහිතපුබ්බභක්ඛා.
Sinhala BJT4810. යම් කෙනෙක් මේ සත්ත්‍වලෝකයෙහි ගිහි වැ සිට මව හෝ පියා හෝ රහතන් හෝ මරත් ද දරුණු පව්කම් ඇති ඔව්හු නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ලේ සැරව අනුභව කරන්නෝ වෙතියි කී ය.
Pali BJT4811. ජිව්හඤ්ච පස්ස ඛලිසෙන විද්ධං විහතං යථා සඞ්කුසතෙන චම්මං; ඵන්දන්ති මච්ඡාව ථලම්හි ඛිත්තා මුඤ්චන්ති ඛෙළං රුදමානා කිමෙතෙ.
Sinhala BJT4811. සිය ගණන් උල් ගැසූ සමක් මෙන් බිලියෙන් විදින ලද දිව බලනු මැනවි. ගොඩ දැමූ මසුන් මෙන් මේ සත්ත්‍වයෝ කවර හෙයින් සැලෙත් ද, හඬමින් කෙළ වගුරුවද්ද?
Pali BJT4812. භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙමෙ ජනා වඞ්කඝස්තා සයන්ති.
Sinhala BJT4812. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දෙවසාරථිය, ඔබ විචාරමි: යම් මේ නිරිසත්තු ගිලින ලද බිලී ඇත්තාහු හොවිත් ද මේ සත්තු කිනම් පව් කළාහු දැ යි ඇසී ය.
Pali BJT4813. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4813. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4814. යෙ කෙචි සන්ථානගතා මනුස්සා අග්ඝෙන අග්ඝං කයං හාපයන්ති{1} කූටෙන කූටං ධනලොභහෙතු, ඡන්නං යථා වාරිචරං වධාය.
Sinhala BJT4814. බඩු මිල නියම කරන ස්ථානයෙහි නියුතු යම් කිසි මිනිස් කෙනෙක් ඒ ඒ දේ අගය කිරීම් වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරීම් වශයෙන් වෙළඳුන්ගේ ලාභයට හානි පමුණුවද්ද වස්තු ආශාවෙන් හොර කිරුම් මිනුම් ආදි කූට ක්‍රියායෙන් ඇමෙන් වැසූ බිලිය රැගෙන මසකු මරන්නට ළං වන්නා සේ තුලාකූට ආදිය කෙරෙද්ද,
Pali BJT4815. න හි කූටකාරිස්ස භවන්ති තාණා සකෙහි කම්මෙහි පුරක්ඛතස්ස,{1} තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං තෙ මෙ ජනා වඞ්කඝස්තා සයන්ති.
Sinhala BJT4815. තමන්ගේ කර්‍මබලයෙන් ඉදිරිපත් කළ එ වැනි කූටකම් කරන්නාහට රැකෙන තැනක් නම් නැත. ඒ දරුණු පව්කම් ඇත්තාහු පව් රැස් කොට නරකයට යෙති. ඒ මේ නිරිසත්තු ගිලි බිලී ඇත්තෝ හොවිති යි කී.
Pali BJT4816. නරියො{2} ඉමා සම්පරිභින්තගත්තා පග්ගය්හ කන්දන්ති භුජෙ දුජච්චා, සම්මක්ඛිතා ලොහිතපුබ්බලිත්තා ගාවො යථා ආඝාතනෙ විකත්තා{3} තා භූමිභාගස්මිං සදා නිඛාතා ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා,
Sinhala BJT4816. යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් මේ ස්ත්‍රීහු හිස අත් බැඳ ගෙන හඬති. ලේ සැරව තැවරුණු ශරීර ඇති වදබිමෙහි ගෙරින් මෙන් කැපූ ඔව්හු යපොළොවෙහි හැම කල්හි ඉගටිය පමණ ගැලුනාහු ගින්නෙන් දිලියෙන පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.
Pali BJT4817. භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමා නු නරියො කිමකංසු පාපං යා භූමිභාගස්මිං සදා නිඛාතා ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා.
Sinhala BJT4817. සාරථිය, මේ දැක්මෙන් මට භය උපදී. එම්බා දෙව සාරථිය, ඔබ විචාරමි. යපොළොවෙහි හැම කල්හි ඉඟ තෙක් ගැලුණු ගිනිදැල් සහිත යම් ස්ත්‍රීහු යකඳන් ඉක්මැ පවත්නෝ ද මේ ස්ත්‍රීහු කිනම් පව්කම් කළාහු දැ යි ඇසී.
Pali BJT4818. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාප කම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4818. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට (නිමිරජුට) ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී.
Pali BJT4819. කොලිනියායො{4} ඉධ ජිවලොකෙ අසුද්ධකම්මා අසතං අචාරුං{5} තා දිත්තරූපා{6} පතිවිප්පහාය, අඤ්ඤං අචාරුං රතිඛිඩ්ඩහෙතු තා ජීවලොකස්මිං රමාපයිත්වා ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා.
Sinhala BJT4819. මේ මිනිස් ලොවැ අපිරිසුදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රීහු අසංයත පරිදි ක්‍රියා කළහ. ධූර්‍ත ස්වරූප ඇති ඔව්හු සිය සැමියා හැර පඤ්චකාම රති හා සෙසු ක්‍රීඩා පිණිස ද අන් සැමියන් හා සිත් පරිදි හැසුරුණාහ. ඔව්හු නිරයට පැමිණ ගිනිදැල් සහිත පර්‍වත වැනි යකඳන් ඉක්මවා පවතිත්.
Pali BJT4820. පාදෙ ගහෙත්වා කිස්ස ඉමෙ පුනෙකෙ අවංසිරා නරකෙ පාතයන්ති. භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති.
Sinhala BJT4820. මේ සමහර කෙනකු පා අල්ලා හිස යටිකුරු කොට ගෙන නරකයෙහි හෙළන්නාහ. මාතලිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ නිරිසත්තු හිස යටිකුරු කොට නරකයෙහි හෙළනු ලබද්ද ඒ මොව්හු මිනිස් වූවාහු කිනම් පාපකර්‍මයක් කළාහු දැ යි ඇසී.
Pali BJT4821. තස්ස පුට්ඨො වියාකාසි මාතලි දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4821. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4822. යෙ ජීවලොකස්මිං අසාධුකම්මිනො පරස්ස දාරානි අතික්කමන්ති, තෙ තාදිසා උත්තමභණ්ඩථෙනා තෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති.
Sinhala BJT4822. මිනිස් ලොවැ අයහපත් කර්‍ම ඇති යම් කෙනෙක් පරදාරාවන් කෙරෙහි ඉක්මවා හැසිරෙද්ද එවැන්නෝ උතුම් බඩු සොරකම් කරන්නෝ ය. නරකයට පැමිණි ඒ මේ නිරිසත්තු යටිකුරු හිස් ඇත්තෝ වැ නරකයෙහි හෙළනු ලබති.
Pali BJT4823. තෙ වස්සපූගානි බහූනි තත්ථ නිරයෙ දුක්ඛං වෙදනං වෙදයන්ති, නහි පාපකාරිස්ස භවන්ති තාණා සකෙහි කම්මෙහි පුරක්ඛතස්ස තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං. තෙ මෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති.
Sinhala BJT4823. ඒ නිරිසත්තු බොහෝ වර්‍ෂ සමූහයන් මුළුල්ලෙහි නරකයෙහි දුක් විඳිති. තමන්ගේ කර්‍ම බලයෙන් ඉදිරිපත් කළ පව්කරුවාට ආරක්‍ෂාවීමට ස්ථාන නැත. දරුණු පව්කම් කළ ඔව්හු පව් රැස් කොට නරකයට යති. ඒ මේ පව් කළ නිරිසත්තු හිස් යටිකුරු කොට නරකයට හෙළනු ලබත් ය යි කී.
Pali BJT4824. උච්චාවචාමෙ විවිධා උපක්කමා නිරයෙසු දිස්සන්ති සුඝොරරූපා භයං හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථි, ඉමෙ නු මච්චා කිමකංසු පාපං යෙ මෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා ඛාරා කටුකා වෙදනා වෙදයන්ති.
Sinhala BJT4824. දරුණු ස්වභාව ඇති කුඩා මහත් කම්කටුලු නරකයෙහි පෙනේ. සාරථිය, මෙය දැක්මෙන් මට භය උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. මේ නිරිසත්තු ඉතා තියුණු රළු කටුක වූ දුක් වේදනා විඳිත්. මේ සත්ත්‍වයෝ කිනම් පව් කළාහු දැ යි ඇසී.
Pali BJT4825. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පාපකම්මානං ජානං අක්ඛාසජානතො
Sinhala BJT4825. මෙසේ ඇසූ මාතලී දෙව්පුත් ඔහුට ප්‍රකාශ කෙළේ ය. පාපකර්‍ම විපාක දන්නා හෙ තෙම නො දන්නා නිමි රජුට මෙසේ කී:
Pali BJT4826. යෙ ජීවලොකස්මිං සුපාපදිට්ඨිනො විස්සාසකම්මානි කරොන්ති මොහා; පරඤ්ච දිට්ඨීසු සමාදපෙන්ති තෙ පාපාදිට්ඨි පසවෙත්වා{1} පාපං තෙ මෙ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති.
Sinhala BJT4826. මේ මිනිස් ලොවැ ඉතා ලාමක දෘෂ්ටි ඇති මෝහයෙන් විශ්වාසයට අනුව පව් කෙරෙද්ද අන්‍ය ජනයා ලවා ද මිථ්‍යාදෘෂ්ටිය සමාදන් කරවද්ද අධම දෘෂ්ටි ඇති ඔව්හු පව් රැස් කොට නරකයට යෙති. මේ නිරිසත්තු තියුණු රළු කටුක දුක් වේදනා විඳිති යි කී.
Pali BJT4827. විදිතානි තෙ මහාරාජ ආවාසං පාපකම්මිනං, ඨානානි ලුද්දකම්මානං දුස්සීලානඤ්ච යා ගති; උය්යාහිදානි රාජිසි දෙවරාජස්ස සන්තිකෙ.
Sinhala BJT4827. මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්තිස්ථානයෝ ද දුස්සීල සත්ත්‍වයන්ගේ උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස, දැන් (මේ නරකයෙහි දුක් දුටු ඉක්බිති) සක්දෙව් රජුහු ගේ දිව්‍යසම්පත් දක්නා පිණිස යනු මැනවි යි මාතලී කී.
Pali BJTනිරයකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTනිරය කාණ්ඩය.
Pali BJT4828. පඤ්චථූපං දිස්සතිදං විමානං මාලා පිළන්ධා සයනස්ස මජ්ඣෙ, තත්ථච්ඡති නාරී මහානුභාවා උච්චාවචං ඉද්ධිං විකුබ්බමානා.
Sinhala BJT4828. කැරැලි පහක් ඇති මේ විමානය පෙනේ. එහි යහන මැද මාලා පැළැඳ ගත් මහත් අනුභාසම්පන්න ස්ත්‍රියක් කුදුමහත් දිව්‍ය ඍද්ධීන් දක්වමින් හිඳී.
Pali BJT4829. විත්තී හි මං වින්දති සූත දිස්වා පුච්ඡාමි තං මාතලි දෙවසාරථි, අයං නු නාරී කිමකාසි සාධුං යා මොදති සග්ගපත්තා විමානෙ.
Sinhala BJT4829. සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. එම්බා දේවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණි යම් ස්ත්‍රියක් තුටු වෙයි ද මේ ස්ත්‍රී තොමෝ කිනම් යහපතක් කළා දැ යි ඇසී.
Pali BJT4830. තස්ස පුට්ඨො වියාකාසි මාතලී දෙවසාරථි, විපාකං පුඤ්ඤකම්මානං ජානං අක්ඛාසජානතො.
Sinhala BJT4830. නිමි රජු විසින් ඇසූ මාතලී දෙව්පුත් ඔහුට එය ප්‍රකාශ කෙළේ ය. පුණ්‍යකර්‍ම විපාක දත් හෙ තෙම නො දන්නා රජුට මෙසේ කී ය:
Pali BJT4831. යදි තෙ සුතා ඛීරණී ජිවලොකෙ ආමාය දාසී අහු බ්රාහ්මණස්ස, සා පත්තකාලං අතිථිං විදිත්වා මාතාව පුත්තං සකිමාභිනන්දි. සඤ්ඤමා සංවිභාගා ච සා විමානස්මිං මොදති.
Sinhala BJT4831. ඉදින් මිනිස්ලොව බමුණකුගේ ගෘහදාසියක කුස උපන් බීරණී නමින් දාසියක් වූවා යැ යි ඔබ අසන ලද ද, ඕ ආගන්තුක සත්කාර දැන, දුර සිට ආ පුතු දැක්මෙන් එක්වර ම උපන් සතුටු ඇති මව මෙන් නිරතුරු සතුටින් උපස්ථාන කෙළේ ද සිල්වත් පරිත්‍යාග ගුණයෙන් යුත් ඕ තොමෝ මේ විමානයෙහි සතුටින් වෙසේ ය යි කී.