Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5401-5500 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4635. අත්ථි තෙසං උසාමන්තං අථ සාහස්ස ජීවිතං, උදකස්ස ච අලාභෙන මඤ්ඤෙ අන්ධා මරිස්සරෙ.
Sinhala BJT4635. ඒ මාගේ මව්පියන්ට භෝජන පමණක් ඇත. එකල්හි සදවසක් දිවි පවත්නේ ය. ඒ අඳ මව්පියෝ දිය නො ලැබීමෙන් මැරෙන්නාහු යැ යි සිතමි.
Pali BJT4636. න මෙ ඉදං තථා දුක්ඛං ලබ්භාහි පුමුනා ඉදං, යඤ්ච අම්මං න පස්සාමි තං මෙ දුක්ඛතරං ඉතො.
Sinhala BJT4636. මට මේ දුක එබඳු දුකක් නම් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතු ය. මෑණියන් නො දකිමි යන යම් දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි.
Pali BJT4637. න මෙ ඉදං තථා දුක්ඛං ලබ්භාහි පුමුනා ඉදං, යඤ්ච තාතං න පස්සාමි තං මෙ දුක්ඛතරං ඉතො.
Sinhala BJT4637. මෙය මට එවැනි දුකක් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතුය. පියාණන් නො දකිමි යන මේ දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි .
Pali BJT4638. සා නූන කපණා අම්මා චිරරත්තාය රුච්ඡති,{1} අඩ්ඪරත්තෙ ච රත්තෙ වා නදීව අවසුච්ඡති.
Sinhala BJT4638. ඒ මාගේ බැගෑපත් මෑණියෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.
Pali BJT4639. සො නූන කපණො තතො චිරරත්තාය රුච්ඡති, අඩ්ඪරත්තෙ ච රත්තෙ වා නදීව අවසුච්ඡති.
Sinhala BJT4639. ඒ මාගේ බැගෑපත් පියාණෝ ඒකාන්තයෙන් මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියැලෙන්නාහ.
Pali BJT4640. උට්ඨානපාරිචරියාය පාදං{2} සම්බාහනස්ස ච, “සාම තාතා” ති විලපන්තා හිණ්ඩිස්සන්ති{3} බ්රහාවනෙ.
Sinhala BJT4640. මහරජ, දිවා රෑ නැගී සිටි වීර්‍ය්‍යයෙන් ඔවුනට මෙහෙ කිරීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උවටැන් කෙළෙමි. ඔහු පුතා සාම යැයි වැළපෙමින් මේ වනයෙහි ඇවිදිනාහු ය.
Pali BJT4641. ඉදම්පි දුතියං සල්ලං කම්පෙති හදයං මම. යඤ්ච අන්ධෙ න පස්සාමි මඤ්ඤෙ හෙස්සාමි{4} ජීවිතං.
Sinhala BJT4641. ජීවිතය හැර දමන්නෙම් වන යමෙක් වේ ද අඳ මව්පියන් නො දකිමි යි යන යමක් ඇද්ද මේ දෙවෙනි ශෝක උල මා හද කම්පා කෙරේ යි සාම කුමරා කීය.
Pali BJT4642. මා බාළ්හං පරිදෙවෙසි සාම කල්යාණදස්සන, අහං කම්මකරො හුත්වා භරිස්සං තෙ බ්රහාවනෙ.
Sinhala BJT4642. සාම නම් කල්‍යාණ දර්‍ශනය දැඩි කොට නො වැලපෙව මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වෙනෙහි තොප මව්පියනට උපස්ථාන කළාක් මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කොට රැක බලාගන්නෙමි.
Pali BJT4643. ඉස්සත්ථෙ චස්මි කුසලො දළ්හධම්මොති විස්සුතො, අහං කම්මකාරො හුත්වා භරිස්සං තෙ බ්රහාවනෙ.
Sinhala BJT4643. ධනුශිල්පයෙහි ද මම දක්‍ෂයෙක්මී. දළ්හධර්‍මය යි ප්‍රකට වූ මම කටයුතු කරන්නෙක් වැ මේ මහ වන මැද නුඹ මෙන් නුඹගේ ඒ මව්පියන් පෝෂණය කිරීමෙන් රැක බලාගන්නෙමි.
Pali BJT4644. මිගානං විඝාසමන්වෙසං වනමූල ඵලානි ච, අහං කම්මකරො හුත්වා භරිස්සං තෙ බ්රහාවනෙ.
Sinhala BJT4644. සිංහාදී වන මුර්‍ගයන් කා ඉතිරි කළ මස් ද වනයෙහි අල මුල් ද පලවැල ද සොයා මම කටයුතු කිරීමෙන් මහ වන මැද නුඹ මෙන් නුඹගේ මව්පියන් රැකබලා පෝෂණය කරන්නෙමි.
Pali BJT4645. කතමං තං වනං සාම යත්ථ මාතා පිතා තව, අහං තෙ තථා භරිස්සං යථා තෙ අභරී තුවං.
Sinhala BJT4645. පින්වත් සාමය, නුඹගේ ඒ මව්පියෝ කවර තැනෙක වෙසෙත් ද ඒ කවර වනයක් ද? නුඹ මව්පියන් පෝෂණය කළේ යම් සේ ද මම ද එසේ පෝෂණය කරන්නෙමි යි රජ තෙමේ කී ය.
Pali BJT4646. අයං එකපදී රාජ යො යං උස්සීසකෙ මම, ඉතො ගන්ත්වා අඩ්ඪකොසං තත්ථ{1} තෙසං අගාරකං; තත්ථ මාතා පිතා මය්හං තෙ භරස්සු ඉතො ගතො.
Sinhala BJT4646. මහරජ, මාගේ හිස පැත්තෙන් යම් ඒක පදික මගෙක් වේ ද මේ මඟින් ගොස් ශබ්ද ඇසෙන දුර පමණින් බාගයක් හෙවත් අඩ හඬසනක් පමණ දුර යම් තැනක් වේ ද මව්පියන් වෙසෙන ගෙය එහි ය. මේ මඟින් එහි ගොස් ඔවුන් පෝෂණය කරන්න යි සාම කුමාරයා කී ය.
Pali BJT4647. නමො තෙ කාසිරාජත්ථු නමො තෙ කාසිවඩ්ඪන, අන්ධා මාතා පිතා මය්හං භරස්සු බ්රහාවනෙ.
Sinhala BJT4647. කසී රජතුමනි, ඔබට මාගේ නමස්කාරය වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබට නමස්කාර වේවා! මාගේ මව්පියෝ අන්‍ධයෝය. මහවනයෙහි ඔවුන් පෝෂණය කරව.
Pali BJT4648. අඤ්ජලිං තෙ පග්ගණ්හාමි කාසිරාජ නමත්ථු තෙ, මාතරං පිතරං මය්හං වුත්තො වජ්ජාසි වන්දනං.
Sinhala BJT4648. කසී රජතුමනි, ඔබට ඇඳිලි බඳිමි. ඔබට නමස්කාර වේවා! මා කියන ලදුයේ මව්පියනට මා වැන්ද බව කියනු මැනව යි සාම කුමාරයා කී ය.
Pali BJT4649. ඉදං වත්වාන සො සාමො යුවා කල්යාණදස්සනො, මුච්ඡිතො විසවෙගෙන විසඤ්ඤි සමපජ්ජථ.
Sinhala BJT4649. තරුණ කල්‍යාණ දර්‍ශන ඇති ඒ සාම කුමාර තෙමේ මෙ බස කියා විෂවේගයෙන් සිහිමුළා වූයේ විසංඥ බවට පැමිණියේය.
Pali BJT4650. ස රාජා පරිදෙවෙසි බහුං කාරුඤ්ඤසංහිතං, අජරාමරො වහං ආසිං අජ්ජෙතං{2} ඤාසි නො පුරෙ; සාමං කාලකතං දිස්වා “නත්ථි මච්චුස්ස නාගමො”.
Sinhala BJT4650. ඒ රජ තෙමේ මම මෙපමණ කල් ජරා මරණ නැත්තෙක් යැ යි සිතීමි. අද කලුරිය කළ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුගේ නො පැමිණීමක් නැත යි දැන ගතිමි. මින් පෙර එසේ නො දැක්කෙමි. කරුණා සහගත වැ බෙහෙවින් වැලපුණේ ය.
Pali BJT4651. යස්සු මං පතිමන්තෙති සවිසෙන සමප්පිතො, ස්වාජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිහාසති.
Sinhala BJT4651. විෂ සහිත ඊයෙන් විඳිනු ලැබූ යමෙක් මා සමග දැන් කථා කෙළේ ද හේ තෙමේ මෙබඳු මරණයකට පැමිණි කළ කිසිවකුදු කථා නො කෙරේ.
Pali BJT4652. නිරයං නූන ගච්ඡාමි එත්ථ මෙ නත්ථි සංසයො, තදාහි පකතං පාපං චිරරත්තාය කිබ්බිසං.
Sinhala BJT4652. එකල මා කළ පාපය බොහෝ කල් දුක් විඳීමට සමර්‍ත්‍ථ දරුණු වූ කර්‍මයෙකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයෙක් නැත.
Pali BJT4653. භවන්ති තස්ස වත්තාරො ගාමෙ කිබ්බිසකාරකො, අරඤ්ඤෙ නිම්මනුස්සම්හි කො මං වත්තුමරහති.
Sinhala BJT4653. පව් කරන තැනැත්තා හට අපරාධ කරුවෙකැ යි ගමෙහි නින්‍දා කරන්නෝ වෙති. මිනිසුන් නැති මේ වනයෙහි මට නින්‍දා කරන්නට කවරෙක් සුදුසු වේ ද?
Pali BJT4654. සාරයන්ති හි කම්මානි ගාමෙ සංගච්ඡ මානවා, අරඤ්ඤෙ නිම්මනුස්සම්හි කො නු මං සාරයිස්සති.
Sinhala BJT4654. ගම්හි මිනිස්සු එක් වැ කළ කම් සිහි කරවති නොහොත් චෝදනා කරති. මිනිසුන් නැති මේ වනයෙහි මට කවරෙක් චෝදනා කරන්නේ දැයි පිළියක් රජ වැලපුණේ ය.
Pali BJT4655. සා දෙවතා අන්තරහිතා පබ්බතෙ ගන්ධමාදනෙ, රඤ්ඤොව අනුකම්පාය ඉමා ගාථා අභාසථ.
Sinhala BJT4655. එකල ‘බහුසෝදරී නමැති දේවතා තොමෝ ගන්‍ධමාදන පර්‍වතයෙහි අතුරුදහන් වූවා රජහට ම අනුකම්පාවෙන් මේ ගාථා කියූ.
Pali BJT4656. ආගුං කරි මහාරාජ අකරා{1} කම්මදුක්කටං, අදූසකා පිතා පුත්තා තයො එකූසුනා හතා.
Sinhala BJT4656. මහරජ, රජතෙම මහත් අපරාධයක් කෙළේය. කෙළේ ඉතා ලාමක පහත් ක්‍රියාවකි. නිදොස් මව්පිය දෙදෙනා ද පුතා ද යන මේ තිදෙන එක හී පහරින් නසන ලදහ.
Pali BJT4657. එහි තං අනුසික්ඛාමි යථා තෙ සුගතී සියා, ධම්මෙනන්ධෙ{2} වනෙ පොස මඤ්ඤෙහං සුගතී තයා.
Sinhala BJT4657. මහරජ, මෙහි එනු මැනවි. යම්සේ ඔබට සුගතියක් වන්නේ නම් එසේ ඔබට අනුශාසනා කරමි. මහවනයෙහි ඒ අඳ මව්පියන් සාම කුමරු මෙන් දැහැමින් පෝෂණය කිරීමෙන් රැක බලාගනු. ඔබ එසේ කළ කල සුගතියට යන්නහු යයි මම සිතමි යි දෙවිඳු කියූ.
Pali BJT4658. ස රාජා පරිදෙවිත්වා බහුං කාරුඤ්ඤසංහිතං, උදකකුම්භමාදාය පක්කාමි දක්ඛිණාමුඛො.
Sinhala BJT4658. ඒ පිළියක් රජ තෙමේ කරුණා සහගත වැ (සොවින්) බොහෝ වැලැපැ, දිය කළය රැගෙන දකුණු දිග බලා නික්ම ගියේ යැ.
Pali BJT4659. කස්ස න එසො පදසද්දො මනුස්සස්සෙව ආගතො, නෙසො{3} සාමස්ස නිග්ඝොසො කො නු ත්වමසි මාරිසං.
Sinhala BJT4659. මෙහි ආ මිනිසකුගේ වැනි මේ පියවර ශබ්දය කවරකුගේ ද මේ පා ශබ්දය සාම කුමාරයාගේ ද? ඒ ශබ්දය නම් නො වේ. පින්වත, මෙහි ආ තොප කවරහු ද?
Pali BJT4660. සන්තං හි සාමො වජති සන්තං පාදානි ඤත්තති,{4} නොසො සාමස්ස නිග්ඝොසො කො නු ත්වමසි මාරිස.
Sinhala BJT4660. සාම කුමරු සන්සුන් ලෙස එයි. සන්සුන් වැ පා තබයි. මේ ශබ්දය නම් සාම කුමරුගේ නො වේ. පින්වත, මෙහි ආ තෙපි කවරහු දැයි දුකුල පණ්ඩිත නම් වන සාම කුමරුගේ අන්‍ධ පියා ඇසී ය.
Pali BJT4661. රාජාහමස්සමි කාසීනං පිළියක්ඛොති මං විදූ, ලොභා රට්ඨං පහත්වාන{5} මිගමෙසං{6} චරාමහං.
Sinhala BJT4661. පින්වත, මම කසීරට වැසියන්ගේ රජ වෙමි. පිළියක් රජ නමින් මා දනිති. මස් ලොබින් රට හැර අවුත් මම මුවන් සොයමින් හැසිරෙමි.
Pali BJT4662. ඉස්සත්ථෙ චස්මි කුසලො දළ්හධම්මොති විස්සුතො, නාගොපි මෙ න මුඤ්චෙය්ය ආගතො උසුපාතනං.
Sinhala BJT4662. ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ද ප්‍රසිද්ධය. මාගේ ඊ පහරට පැමිණි ඇතෙක් ද එයින් නො මිදේ යැ යි රජ තෙමේ කීය.
Pali BJT4663. ස්වාගතන්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය.
Sinhala BJT4663. මහරජ, ඔබට යහපත් පැමිණීමක් වේවා. තවද ඔබට අයහපත් පැමිණීමක් නො වේවා. මෙහි පැමිණියේ අපට අධිපති වෙහි ය. මෙහි කැමති යමක් ඇත් නම් එය පිළිගනු මැනවි.
Pali BJT4664. තින්දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ රාජ වරං වරං.
Sinhala BJT4664. විලිකුන් තිඹිරි ද මොර ද මී ද මිහිරි එරමිණිය ද යන කුඩා ඵල වර්‍ග මෙහි බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.
Pali BJT4665. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාරාජ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT4665. පර්‍වත ගුහාවෙන් ගෙනා මේ සිහිල් පැන් වෙයි. ඉඳින් මහරජ, තෙපි කැමැත්තාහු නම් බොනු මැනව යි පිළිසඳර කථා වශයෙන් පැවසී ය.
Pali BJT4666. නාලං අන්ධා වනෙ දට්ඨුං කො නු මෙ{1} ඵලමාහරී, අනන්ධස්සෙවයං සම්මා නිවාපො{2} මය්හ ඛායති.
Sinhala BJT4666. අන්‍ධයෝ වනයෙහි මේ ඵල වර්‍ග දක්නට නො හැක්කෝ වෙති. මෙය ගෙනාවේ කවරෙක් ද? මේ යහපත් පලතුරු රැස් කිරීම අඳ නො වූවකුගේ කටයුත්තක් මෙන් මට වැටහේ යැ යි රජ තෙමේ කීය.
Pali BJT4667. දහරො යුවා නාතිබ්රහා සාමො කල්යාණදස්සනො, දීඝස්ස කෙසා අසිතා අථො සූනග්ගවෙල්ලිතා.
Sinhala BJT4667. තරුණ යෞවන ඉතා නො මහත් සාම කුමාරයා යහපත් දැකුම් ඇත්තෙකි. තව ද ඔහුගේ දිගු කාළවර්‍ණ කෙස් මස් කොටන කති අග මෙන් නැමුණේ ය.
Pali BJT4668. සො භවෙ ඵලමාහත්වා ඉතො ආදා කමණ්ඩලුං, නදිං ගතො උදහාරො මඤ්ඤෙ න දූරමාගතො.
Sinhala BJT4668. ඒ සාම කුමාරයා පලවැල ගෙනවුත් තබා මෙයින් කමඬලාව රැගෙන දිය ගෙනෙන්නට මිගසම්මත ගඟට ගියේ දැන් ළඟ ම ඇතැ යි හඟිමි යි පණ්ඩිත තෙමේ කී ය.
Pali BJT4669. අහං තං අවධිං සාමං යො තුය්හං පරිචාරකො, යං කුමාරං පවෙදෙථ සාමං කල්යාණදස්සනං.
Sinhala BJT4669. තොප මෙහෙ කරන යමෙක් වේ ද යහපත් දැකුම් ඇති සාම යැ යි යම් කුමාරයකු හට කියන්නාහු ද ඒ කුමරු මුවෙකු යි සිතා මම විද මැරීමි.
Pali BJT4670. දීඝස්ස කෙසා අසිතා අථො සූනග්ගවෙල්ලිතා, තෙසු ලොහිතලිත්තෙසු සෙති සාමො මයා හතො.
Sinhala BJT4670. ඔහුගේ දික්වූ කේශ කලාපය කාළවර්‍ණය. සූන නම් මස් කොටන කැති අග මෙන් වක් වූ කෙසඟ ඇත. ලේ තැවරුණු ඒ දිගු නිල් කේශ කලාපයෙහි වැතිර මා විසින් මැරූ සාම කුමාර තෙමේ වැලිතලාවෙහි හොත්තේ යයි පිළියක් රජ තෙමේ කී ය.
Pali BJT4671. කෙන දුකූලමන්තෙසී “හතො සාමො”ති වාදිනා, “හතො සාමා”ති සුත්වාන හදයං මෙ පවෙධති.
Sinhala BJT4671. එම්බා දුකුල පණ්ඩිතයෙනි, සාම කුමාරයා නැසුවේ යයි කියන කවරෙකු හා කථා කරන්නහු ද? සාම කුමාරයා නසන ලදැයි අසා මාගේ හෘදය කම්පා වේ.
Pali BJT4672. අස්සත්ථස්සෙව තරුණං පවාළං මාලුතෙරිතං, “හතො සාමො”ති සුත්වාන හදයං මෙ පවෙධති.
Sinhala BJT4672. සුළඟින් කම්පා වන ඇසතු ළපල්ලක් මෙන් සාම කුමාරයා නසන ලදැයි අසා මා හද වෙව්ල යි, පාරිකා නම් අන්‍ධ මව් කී ය.
Pali BJT4673. පාරිකෙ කාසිරාජායං සො සාමං මිගසම්මතෙ, කොධසා උසුනා විජ්ඣි තස්ස මා පාපමිච්ඡිම්හා.
Sinhala BJT4673. එම්බා පාරිකාවෙනි, ඒ මේ කසීරජ මිගසම්මත නම් ගං ඉවුරෙහි දී මුවා මරමි යි ක්‍රෝධ සිතින් සාම කුමාරයාට ඊයකින් විද්දේය. රජුට අපි පව් සිතිවිලි නො කැමැත්තෝ වෙමු යි පණ්ඩිත තෙමේ කීය.
Pali BJT4674. කිච්ඡා ලද්ධො පියො පුත්තො යො අන්ධෙ අභරී වනෙ, තං එකපුත්තං ඝාතිම්භි කථං චිත්තං න කොපයෙ.
Sinhala BJT4674. දුකසේ ලැබූ යම් ප්‍රිය පුතෙක් අන්‍ධ අප වනයෙහි දී රැක බලා පෝෂණය කෙළේ ද ඒ එක මැ පිය පුතු මැරූ ඔහු කෙරෙහි කෙසේ නම් සිත කෝප නො කෙරෙම් දැයි මව් ඇසුය.
Pali BJT4675. කිච්ඡා ලද්ධො පියො පුත්තො යො අන්ධො අභරී වනෙ, තං එකපුත්තං ඝාතිම්භි අක්කොධං ආහු පණ්ඩිතා.
Sinhala BJT4675. දුකෙන් ලැබූ යම් ප්‍රිය පුත්‍ර යම් කුමාරයෙක් මහවනයෙහි අඳ මව්පියන් පෝෂණය කෙළේ නම් ඒ එක මැ පුතු නැසූ කලැ ද ක්‍රෝධ නො කිරීම මැනව යි දුකුල පණ්ඩිත තෙමේ කී ය.
Pali BJT4676. මා බාළ්හං පරිදෙවෙථ “හතො සාමා”ති වාදිනා, අහං කම්මකරො හුත්වා භරිස්සාමි බ්රහාවනෙ.
Sinhala BJT4676. පින්වත්නි, සාම කුමරු නැසිනැ යි කීමෙන් දැඩි කොට නො වැළපුන මැනවි. මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කරන්නෙමි.
Pali BJT4677. ඉස්සත්ථෙ චස්මි කුසලො දළ්හධම්මොති විස්සුතො, අහං කම්මකරො හුත්වා භරිස්සාමි බ්රහාවනෙ.
Sinhala BJT4677. මම ධනුශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හධර්‍ම ය යි ප්‍රසිද්ධ මම උවැටන් කරන්නෙක් වැ මේ මහවනයෙහි තොප පෝෂණය කොට රැකබලා ගන්නෙමි යි රජ තෙමේ කී ය.
Pali BJT4678. මිගානං{1} විඝාසමන්වෙසං වනමූල ඵලානි ච, අහං කම්මකරො හුත්වා භරිස්සාමි බ්රහාවනෙ.
Sinhala BJT4678. සිංහාදී වන මෘගයන් කා දැමූ මස් ද අල මුල් පලවැල ද සොයමින් මම උපස්ථායකයෙක් වැ මේ මහවනයෙහි තොප දෙදෙනා පෝෂණය කිට රැක බලා ගන්නෙමි යි රජ තෙමේ කීය.
Pali BJT4679. නෙස ධම්මො මහාරාජ නෙතං අම්හෙසු කප්පති, රාජා ත්වමසි අම්හාකං පදෙ වන්දාම තෙ මයං.
Sinhala BJT4679. මහරජ, මේ ස්වභාව ධර්‍මයක් නොවේ. මෙය අපහට නො හොබී. ඔබ අප රජ තුමා ය. අපි ඔබ පා වඳිමු යි කීහ.
Pali BJT4680. ධම්මං නෙසාද භණථ කතා අපවිතී තයා, පිතා ත්වමසි අම්හාකං මාතා ත්වමසි පාරිකෙ.
Sinhala BJT4680. පින්වත් වැදි පුතුනි, ඔබ දහම් දෙසන්නාහු ය. සත්කාර ද කරන ලදී. දුකුල පණ්ඩිතයෙනි අද පටන් ඔබ මාගේ පියාණෝ ය. එම්බා පාරිකාවෙනි, ඔබ ද මාගේ මෑණියෝ ය යි රජ තෙමේ කී ය.
Pali BJT4681. නමො තෙ කාසිරාජත්ථු නමො තෙ කාසිවඩ්ඪන, අඤ්ජලිං තෙ පගණ්හාම යාව සාමානුපාපය.
Sinhala BJT4681. කසී රජතුමනි, ඔබට නමස්කාර වේවා! කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබතුමන්ට නමස්කාර වේවා! ඔබට ඇඳිලි බඳිමි. සාම කුමාරයා යම් තැනක වේ ද එතැනට අප පමුණුවනු මැනවි.
Pali BJT4682. තස්ස පාදෙ පමජ්ජන්තා{2} මුඛඤ්ච භුජදස්සනං, සංසුම්භමානා අත්තානං කාලමාගමයාමසෙ.
Sinhala BJT4682. ඔහුගේ පා පිරිමදිමින් දැකුම්කලු මුහුණු පිරිමැද බලා ලං කොට ඔහු සමග මරණයට පත්වන්නෙමු යි ඒ අඳ මව්පියෝ කීහ.
Pali BJT4683. බ්රහා වාළමිගාකිණ්ණං ආකාසන්තං පදිස්සති, යත්ථ සාමො හතො සෙති චන්දොව පතිතො ඡමා.
Sinhala BJT4683. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු චන්‍ද්‍රයා මෙන් සයනය කරයි ද එ පෙදෙස චණ්ඩ මෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.
Pali BJT4684. බ්රහා වාළමිගාකිණ්ණං ආකාසන්තං පදිස්සති, යත්ථ සාමො හතො සෙති සුරියොව පතිතො ඡමා.
Sinhala BJT4684. නැසුණු සාම කුමාරයා යම් තැනෙක බිම වැටුණු සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයා මෙන් හොත්තේ ද එ පෙදෙස චණ්ඩ වනමෘගයන් ගැවසී ගත් ඉතා උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනෙයි.
Pali BJT4685. බ්රහා වාළමිගාකිණ්ණං ආකාසන්තං පදිස්සති, යත්ථ සාමො හතො සෙති පංසුනා පතිකුණ්ඨිතො
Sinhala BJT4685. යම් තැනෙක නැසුණු සාම කුමාරයා පසින් වැකුණේ හෝ වී ද එ පෙදෙස වල් මෘගයන්ගෙන් ගැවසීගත් උස් භුමියෙකි. අහස් කෙළවර මෙන් පෙනේ.
Pali BJT4686. බ්රහා වාළමිගාකිණ්ණං ආකාසන්තං පදිස්සති, යත්ථ සාමො හතො සෙති ඉධෙව වසථ අස්සමෙ.
Sinhala BJT4686. සාම කුමාරයා යම් තැනෙක නැසුණේ ද එතැන වන මෘගයන් ගැවසීගත් ඉතා උස් ප්‍රදේශයකි. එය අහස් කෙළවර මෙන් පෙනේ. එහෙයින් මේ අසපුවෙහි මැ වාසය කරන්න යි රජ තෙමේ කී ය.
Pali BJT4687. යදි තත්ථ සහස්සානි සතානි නහුතානි ච, නෙවම්හකාං භයං කොචි වනෙ වාළෙසු විජ්ජති.
Sinhala BJT4687. මහරජ, සීයක්, දාහක්, දසදාහක් ද වන මෘගයෝ ඇත්තාහු මේ වනයෙහි අපට මෙතෙක් සිදුවන භයක් ඔවුන්ගෙන් නැත යි ඔහු කීහ.
Pali BJT4688. තතො අන්ධානමාදාය කාසිරාජා බ්රහාවනෙ, හත්ථෙ ගහෙත්වා පක්කාමි යත්ථ සාමො හතො අහු.
Sinhala BJT4688. ඉක්බිති කසීරජ තෙමේ මහවන්යෙහි අන්‍ධ වූ ඔවුන්ගේ අත් අල්වා ගෙන සාම කුමරු නැසුණේ යම් තැනක නම් එ තැනට ගියේය.
Pali BJT4689. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, අපවිද්ධං බ්රහාරඤ්ඤෙ චන්දංව පතිතං ඡමා.
Sinhala BJT4689. මහවනයෙහි හැරදැමූ මිහිමත වැටුණු සඳමඬල මෙන් විත් කා ඇදවැටුණු පස් වැකුණු සාම නම් පුත්‍රයා දැකැ,
Pali BJT4690. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, අපවිද්ධං බ්රහාරඤ්ඤෙ සුරියංව පතිතං ඡමා.
Sinhala BJT4690. වනයෙහි හැරදැමූ බිම හුනු හිරුමඬල මෙන් පසින් ගැවසුණු සාම නම් තම ප්‍රිය පුතා දැකැ
Pali BJT4691. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, අපවිද්ධං බ්රහාරඤ්ඤෙ කරුණං පරිදෙවයුං.
Sinhala BJT4691. මහවනයෙහි හැරදැමූ බිම වැටුණු පස් වැකුණු සාම නම් ප්‍රිය පුත්‍රයා දැක හැඳින ගෙන දැඩි ශෝකයෙන් හැඩුහ.
Pali BJT4692. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, බාහා පග්ගය්හ පක්කන්දුං “අධම්මො කිර භො” ඉති.
Sinhala BJT4692. මහවනයෙහි වැටුණු පස් වැකුණු ශරීර ඇති තම ප්‍රිය සාම නම් පුතා දැකැ පින්වත, අධර්‍මය දැන් ලෝකයෙහි පවතී ය යි හිස අත් බැඳගෙන මව්පියෝ හැඬූහ.
Pali BJT4693. බාළ්හං ඛොසි තුවං සුත්තො සාමකල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4693. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බොහෝ කොට නිදියෙහි ද?
Pali BJT4694. බාළ්හං ඛොසි තුවං මත්තො සාමකල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4694. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බලවත් වැ මත් වෙහි ද?
Pali BJT4695. බාළ්හං ඛොසි ත්වං පමත්තොසි{1} සාම කල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4695. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කළ කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, විශේෂයෙන් ප්‍රමාද වෙහි ද?
Pali BJT4696. බාළ්හං ඛොසි තුවං කුද්ධො{2} සාමකල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4696. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, දැඩි වැ කිපුනෙහි ද?
Pali BJT4697. බාළ්හං ඛොසි තුවං දිත්තො{3} සාමකල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4697. අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල්හි කිසි කථාවකුදු අප හා නො කෙරෙහි ද යහපත් දැකුම් ඇති සාමය, දැඩි එඩි ඇති වෙහි ද?
Pali BJT4698. බාළ්හං ඛො ත්වංසි විමනොසි සාමකල්යාණදස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ න කිඤ්චි මභිභාසසි.
Sinhala BJT4698. යහපත් දැකුම් ඇති සාම නම් පුත, නුඹ බෙහෙවින් අපගත සිත් අත්තෙහි ය. යමෙක් අද මෙසේ කලුරිය කළ කල්හි කතාබස් නො කෙරෙයි ද එමෙනි.
Pali BJT4699. ජටං වලිතං පඞ්ක{1}ගතං කොදානි සණ්ඨපෙස්සති, සාමො අයං කාලකතො{2} අන්ධානං පරිචාරකො.
Sinhala BJT4699. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් අවුල් වූ මඩ තැවරුණු දළමඬුලු සෝදා පිළියෙළ කරන්නේ ද?
Pali BJT4700. කො චෙ සම්මජ්ජනාදාය{3} සම්මජ්ජිස්සති අස්සමං, සාමො අයං කාලකතො අන්ධානං පරිචාරකො.
Sinhala BJT4700. අඳ මව්පියන්ට ඇත පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. අද කවරෙක් නම් හමදනා මුස්න රැගෙන ආශ්‍රමය හමදී ද?
Pali BJT4701. කොදානි නභාපයිස්සති සීතෙනුණ්හොදකෙන ච, සාමො අයං කාලකතො අන්ධානං පරිචාරකො.
Sinhala BJT4701. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. සිහිල් වූ උණු ජලයෙන් දැන් කවරෙක් නම් නහවන්නේ ද?
Pali BJT4702. කොදානි භොජයිස්සති වනමූලඵලානි ච, සාමො අයං කාලකතො අන්ධානං පරිචාරකො.
Sinhala BJT4702. අඳ මව්පියන්ට අත් පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කලුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් වනමුල් පලවැල අනුභව කරවන්නේ දැයි (අඳ මව්පියෝ වැලපුනාහ.)
Pali BJT4703. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, අට්ටිතා පුත්තසොකෙන මාතා සච්චමභාසථ:
Sinhala BJT4703. මිගසම්මත නම් ගං වෙරෙළෙහි වැටුණු මැටි තැවරුණු ශරීර ඇති සාම නැමැති ප්‍රිය පුත්‍රයා දැක පුත්‍ර ශෝකයෙන් බලවත් පීඩාවට පත් මව් තොමෝ සත්‍ය ක්‍රියා කළාය;
Pali BJT4704. යෙන සච්චෙනයං සාමො ධම්මචාරී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4704. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයා ගේ විෂ නැසේවා:
Pali BJT4705. යෙන සච්චෙනයං සාමො බ්රහ්මචාරී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4705. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4706. යෙන සච්චෙනයං සාමො සච්චවාදී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4706. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4707. යෙන සච්චෙනයං සාමො මාතා පෙත්ති{4}භරො අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4707. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4708. යෙන සච්චෙනයං සාමො කුලෙ ජෙට්ඨාපචායිකො, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4708. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4709. යෙන සච්චෙනයං සාමො පාණා පියතරො මම, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4709. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4710. යං කිඤ්චිත්ථි කතං පුඤ්ඤං මය්හං චෙව පිතුච්ච තෙ, සච්චෙන{5} තෙන කුසලෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4710. මා විසින් ද තොපගේ පියාණන් විසින් ද යම්කිසි පිනක් කරන ලද ද ඒ කුශල නම් වූ සත්‍යය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4711. දිස්වාන පතිතං සාමං පුත්තකං පංසුකුණ්ඨිතං, අට්ටිතො පුත්තසොකෙන පිතා සච්චමභාසථ:
Sinhala BJT4711. මිගසම්මත ගං වෙරළෙහි වැටුණු පස් තැවරුණු සාම නම් පුතු දැක පුත්‍ර ශෝකයෙන් අතිශයින් පෙළුණු පිය තෙමේ මෙසේ සත්‍යක්‍රියා කෙළේය:
Pali BJT4712. යෙන සච්චෙනයං සාමො ධම්මචාරී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4712. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර ධර්‍මයෙහි හැසුරුණේ වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා:
Pali BJT4713. යෙන සච්චෙනයං සාමො බ්රහ්මචාරි පුරෙ අහු, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4713. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4714. යෙන සච්චෙනයං සාමො සච්චවාදී පුරෙ අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4714. යම් සත්‍යයෙකින් මේ සාම කුමාරයා සත්‍ය වචන ඇත්තෙක් වීද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4715. යෙන සච්චෙනයං සාමො මාතාපෙත්තිභරො අහූ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4715. යම් සත්‍යයෙකින් සාම කුමාරයා මව්පියන්ට උපස්ථාන කෙළේ ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4716. යෙන සච්චෙනයං සාමො කුලෙ ජෙට්ඨාපචායිකො, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4716. යම් සත්‍යයෙකින් සාම කුමාරයා කුලදෙටුවන් පිදී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4717. යෙන සච්චෙනයං සාමො පාණා පියතරො මම, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4717. යම් සත්‍යයෙකින් සාම කුමාරයා පණටත් වඩා මට ප්‍රිය වී ද ඒ සත්‍ය වචනයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4718. යං කිඤ්චත්ථි කතං පුඤ්ඤං මය්හං ච මාතුයා ච තෙ, සච්චෙන තෙන කුසලෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4718. තොපගේ මව විසින් ද මා විසින් ද කළ යම් පිනක් ඇත්ද ඒ කුශල සත්‍යය බලයෙන් සාම කුමාරයාගේ විෂ නැසේවා යි සත්‍යක්‍රියා කෙළේ ය.
Pali BJT4719. සා දෙවතා අන්තරහිතා පබ්බතෙ ගන්ධමාදනෙ, සාමස්ස අනුකම්පාය ඉමං සච්චමභාසථ.
Sinhala BJT4719. ගන්‍ධමාදන පර්‍වතයෙහි අන්තර්‍ධාන වූ දේවතා තොමෝ සාම කුමාරයාට අනුකම්පාවෙන් මේ සත්‍යක්‍රියා කළාය:
Pali BJT4720. පබ්බත්යාහං ගන්ධමාදනෙ චිරරත්තනිවාසිනී, න මෙ පියතරො කොචි අඤ්ඤො සාමා{1} න විජ්ජති. එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4720. ගන්‍ධමාදන පර්‍වතයෙහි මම බොහෝ කල් මුළුල්ලෙහි සිට වෙසන්නී වෙමි. සාම කුමරු ට වඩා අතිශයින් ප්‍රියවන අන් කිසිවෙක් මට නැත. මේ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4721. සබ්බෙ වනා ගන්ධමයා පබ්බතෙ ගන්ධමාදනෙ, එතෙන සච්චවජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු.
Sinhala BJT4721. ගන්‍ධමාදන පර්‍වතයෙහි සියලු මැ වෘක්‍ෂයෝ සුවඳින් යුත් වෙති. ඒ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.
Pali BJT4722. තෙසං ලාලප්පමානානං බහුං කාරුඤ්ඤසංහිතං, ඛිප්පං සාමො සමුට්ඨාසි යුවා කල්යාණදස්සනො.
Sinhala BJT4722. ඔවුන් දුකින් වැලැපෙමින් හඬද්දී යහපත් දැකුම් ඇති තරුණ සාම කුමාරයා වහාම නැගී සිටියේ ය.
Pali BJT4723. සාමො හමස්මි භද්දං වො සොත්ථිනාම්හි සමුට්ඨිතො, මා බාළ්හං පරිදෙවෙථ මඤ්ජුනාභිවදෙථ මං.
Sinhala BJT4723. සාම නම් මම වෙමි. ඔබට යහපතක් වේවා! විෂ බැස ගියෙන් මම සුවසේ නැගී සිටිමි. බලවත් සේ නො වැළපෙනු මැනව මිහිරි බස් තෙපලනු මැනව යි සාම කුමාරයා කී ය.
Pali BJT4724. ස්වාගතන්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය.
Sinhala BJT4724. මහරජ, ඔබට මෙහි යහපත් පැමිණීමක් වේවා! ඔබගේ අයහපත් පැමිණීමක් නො වේවා! මෙහි පැමිණි ඔබ අපට අධිපති ය . මෙහි ඔබ කැමති යමක් ඇත්නම් අනුභව කළ මැනවි.
Pali BJT4725. තින්දුකානි{1} පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ රාජ වර වරං.
Sinhala BJT4725. විලිකුන් මිහිරි තිඹිරි හා මොර ද මිහි ද එරමිණිය ද යන ඵල බොහෝ ය. මහරජ, හොඳ හොඳ ඵල අනුභව කළ මැනවි.
Pali BJT4726. අත්ථි මං පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාරාජ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT4726. කඳුරැළියෙන් ගෙනා සිහිල් පැන් ඇත. ඉඳින් මහරජ, ඔබ කැමැත්තහු නම් බොනු මැනවි. බෝසත් තෙමේ රජු සමග පිළිසඳර කථා වශයෙන් පැවසීය.
Pali BJT4727. සම්මුය්හාමි පමුය්හාමි සබ්බා මුය්හන්ති මෙ දිසා, පෙතං තං සාම අද්දක්ඛිං{2} කොනු ත්වං සාම ජීවසි.
Sinhala BJT4727. සාම කුමාරයෙනි, මම මුළා වෙමි. බෙහෙවින් මුළා වෙමි. මට සියලු දිශා මුළා වී වැටහෙති. පරලොව පත් ඔබ දිටිමි. දැන් ජීවත් වෙහි. කෙසේ දිවි ලදුයෙහි දැයි රජ තෙමේ ඇසී ය.
Pali BJT4728. අපි ජීවං මහාරාජ පුරිසං ගාළ්හවෙදනං, උපනීතමනසඞ්කප්පං ජීවන්තං මඤ්ඤතෙ මතං.
Sinhala BJT4728. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති භාවාඞ්ගයට පැමිණි සිත් හසර ඇති පුරුෂයා ජීවත් වන්නහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.
Pali BJT4729. අපි ජීවං මහාරාජ පුරිසං ගාළ්හවෙදනං, තං නිරොධගතං සන්තං ජීවන්තං මඤ්ඤතෙ මතං.
Sinhala BJT4729. මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති නිරුද්ධ වූ ආශ්වාස ප්‍රශ්වාස ඇති පුරුෂයා ජීවත් වන්නාහු මළහ යි ලෝවැසි තෙමේ දනිති.
Pali BJT4730. යො මාතරං වා පිතරං වා මච්චො ධම්මෙන පොසති, දෙවාපි නං තිකිච්ඡන්ති මාතාපෙත්ති භරං ජනං{3}
Sinhala BJT4730. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මව්පියන් පෝෂණය කරන ඒ ඒ ජනයාට දෙවියෝ ද පිළියම් කරති.
Pali BJT4731. යො මාතරං වා පිතරං වා මච්චො ධම්මෙන පොසති, ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදති.
Sinhala BJT4731. යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේ ද මෙලෙව්හි ද ඔහු පසසත්. පරලෙව්හි ස්වර්‍ගයෙහි සතුටු වන්නේ ය යි සාම කුමාරයා කී ය.
Pali BJT4732. එස භිය්යො පමුය්හාමි සබ්බා මුය්හන්ති මෙදිසා, සරණං තං සාම ගච්ඡාමි ත්වඤ්ච මෙ සරණං භව.
Sinhala BJT4732. ඒ මම බොහෝ සෙයින් මුළාවෙමි. සියලු දිශා මට නො වැටහෙති. සාම කුමාරයිනි, තොප සරණ යෙමි තෙපි ද මට පිහිට වව.
Pali BJT4733. ධම්මං චර මහාරාජ මාතාපිතුසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4733. මහරජ, මව්පියන් පෝෂණය කිරීමෙහි ධර්‍මයෙහි හැසිරුණ මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.
Pali BJT4734. ධම්මං චර මහාරාජ පුත්තදාරෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිසස්සි.
Sinhala BJT4734. මහරජ, අඹුදරුවන් කෙරේ ද දැහැමින් වසනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි දී ගුණධර්‍මයෙහි හැසිර පරලොව දී ස්වර්‍ගයට යන්නේ මැනවි.