Pali BJT4537. කදාස්සු මං ගොණරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4537-4538. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4538. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4539. කදාස්සු මං අජරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4539-4540. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4540. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4541. කදාස්සු මං මෙණ්ඩරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4541-4542. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4542. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4543. කදාස්සු මං මිගරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4543-4544. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4544. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4545. කදාස්සු මං හත්ථාරූහා සබ්බාලඞ්කාරභූසිතා, නීලවම්මධරා සූරා තොමරඞ්කුසපාණිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4545. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4546. කදාස්සු මං අස්සාරූහා සබ්බාලඞ්කාරභූසිතා, නීලවම්මධරා සූරා ඉල්ලියා{1}චාපධාරිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4546. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන කරවාලායුධ හා දුනු දරන ශූර අසරුවෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4547. කදාස්සු මං රථාරූහා සබ්බාලඞ්කාරභූසිතා, නීලවම්මධරා සූරා චාපහත්ථා කලාපිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4547. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු ගත් අත් ඇති ශූර රථ සේනාවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4548. කදාස්සු මං ධනුග්ගහා සබ්බාලඞ්කාරභූසිතා, නීලවම්මධරා සූරා චාපහත්ථා කලාපිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4548. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු හියවුරු ගත් අත් ඇති ශූර ධනුර්ධරයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4549. කදාස්සු මං රාජපුත්තා සබ්බාලඞ්කාරභූසිතා, චිත්තවම්මධරා සූරා කඤ්චනාවෙඨධාරිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු{1} භවිස්සති.
Sinhala BJT4549. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන රන් සැරයටි ගත් අත් ඇති ශූර රාජ පුත්‍රයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4550. කදාස්සු මං අරියගණා වත්ථවන්තා අලඞ්කතා, හරිචන්දනලිත්තඞ්ගා කාසිකුත්තමධාරිනො; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4550. කවර කලෙක අලඞ්කාර වස්ත්‍රයෙන් සැරැසුණු රත්සඳුන් ගැල්වුනු ශරීරාවයව ඇති උතුම් කශීසළු දරන බ්‍රාහ්මණ සමූහයෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4551. කදාස්සු මං අමච්චගණා සබ්බාලඞ්කාරභූසිතා, පිතවම්මධරා සූරා පුරතො ගච්ඡමාලිනී; යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4551. කවර කලෙක සව්බරණින් සැරැසුණු කහපැහැ ඇති පෙරටුව යන ශූර ඇමැතිගණයා හුදෙකලා වනයට යන මා අනුව නො යද්ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4552. කදාස්සු මං සත්තසතා භරියා සබ්බාලඞ්කාරභූසිතා, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4552. කවර කලෙක සර්‍වාලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් ස්ත්‍රීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4553. කදාස්සු මං සත්තසතා භරියා සුසඤ්ඤා තනුමජ්ඣිමා, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4553. කවර කලෙක මනාකොට හික්මුණු කෘශ වූ සිරුරු මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4554. කදාස්සු මං සන්නතා භරියා අස්සවා පියභාණිනී, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4554. කවර කලෙක ප්‍රිය තෙපුල් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4555. කදාහං පත්තං ගහෙත්වාන මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, පිණ්ඩිකාය චරිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4555. කවර කලෙක හිස මුඬු කළ සඟළ සිවුරක් පෙර වූ මම පාත්‍රයක් රැගෙන පිඬු සිඟා හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4556. කදාහං පංසුකූලානං උජ්ඣිතානං මහාපථෙ, සඞ්ඝාටිං ධාරයිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4556. කවර කලෙක මහ මග හැර දැමූ පාංශුකූල වස්ත්‍රයෙන් සඟළ සිවුරක් දරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4557. කදාහං සත්තාහං මෙඝෙ{2} ඔවට්ඨො{3} අල්ලචීවරො, පිණ්ඩිකායා චරිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4557. කවර කලෙක (බැඳගෙන වස්නා) සත්දා වැස්සෙන් තෙත් සිවුරු ඇති මම පිඬු පිණිස හැසිරෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4558. කදාහං සබ්බහං{4} ඨානං රුක්ඛා රුක්ඛා වනා වනං, අනපෙක්ඛො විහරිස්සාමි{5} තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4558. කවර කලෙක ගසින් ගසට වනයෙන් වනයට පැමිණ ඇලුම් නොකොට මුළු දවස ම වසන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4559. කදාහං ගිරිදුග්ගෙසු පහීනභයභෙරවො, අදුතියො විහරිස්සාමි{6} තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4559. කවර කලෙක ගිරි දුර්‍ගමස්ථානයන්හි පහ වූ බිය ඇති වැ හුදෙකලා ව හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4560. කදා වීණංව රුජකො සත්තතන්තිං මනොරමං, චිත්තං උජුං කරිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4560. කවර කලෙක වීණා වාදකයෙකු සත් තතක් ඇති සිත්කලු වීණාව මෙන් සිත ඍජු කරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
Pali BJT4561. කදාහං රථකාරොව පරිකන්තං උපාහනං, කාමසංයොජනෙ ඡෙවඡං{1} යෙ දිබ්බෙ යෙ ච මානුසෙ.
Sinhala BJT4561. කවර කලෙක මම පාවහන් සිඳුනා සොම්වරකු මෙන් දිව්‍ය වූ ද මානුසික වූ ද කාමසඤ්ඤෝජනයන් සිඳින්නෙම් දැ යි (මහාජනක රජ කී ය.)
Pali BJT4562. තා ච සත්තසතා භරියා සබ්බාලඞ්කාරභූසිතා, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහිස්සසි.
Sinhala BJT4562. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප අත්හරින්නෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.
Pali BJT4563. තා ච සත්තසතා භරියා සුසඤ්ඤා තනුමජ්ඣිමා, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහිස්සසි.
Sinhala BJT4563. මනාව හික්මුණු කෘශ වූ මධ්‍යභාග ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.
Pali BJT4564. තා ච සත්තසතා භරියා අස්සවා පියභාණිනී, බාහා පග්ගය්හ පක්කන්දුං කස්මා නො විජහිස්සසි.
Sinhala BJT4564. කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවරහෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙන හැඬූහ.
Pali BJT4565. තා ච සත්තසතා භරියා සබ්බාලඞ්කාරභූසිතා, හිත්වා සම්පද්දයී{2} රාජා පබ්බජ්ජාය පුරක්ඛතො.
Sinhala BJT4565. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් ද හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
Pali BJT4566. තා ච සත්තසතා භරියා සුසඤ්ඤා තනුමජ්ඣිමා, හිත්වා සම්පද්දයී රාජා පබ්බජ්ජාය පුරක්ඛතො.
Sinhala BJT4566. මනාකොට හික්මුණු කෘශ වූ ශරීර මධ්‍ය ප්‍රදේශ ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
Pali BJT4567. තා ච සත්තසතා භරියා අස්සවා පියභාණිනී, හිත්වා සම්පද්දයී රාජා පබ්බජ්ජාය පුරක්ඛතො.
Sinhala BJT4567. කීකරුවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ නික්මැ ගියේ ය.
Pali BJT4568. හිත්වා සතඵලං{3} කංසං සොවණ්ණං සතරාජිකං, අග්ගහි මත්තිකාපත්තං{4} තං දුතියාභිසෙචනං.
Sinhala BJT4568. එ රජ තෙම සියක් පළමකින් කළ සියගණන් රේඛා ඇති රන්තලිය හැර දෙවැනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේ ය.
Pali BJT4569. වෙස්මා අග්ගිස්මා ජාලා කොසා{5} ඩය්හන්ති භාගසො, රජතං ජාතරූපඤ්ච මුත්තා වෙළුරියා බහුං.
Sinhala BJT4569. (මහරජ ඔබගේ නුවර පෙරමග) ගෙවල් ගින්නෙන් ඇවිල ගියේ ය. ගිනිදැලින් සම වැ දිලිසේ. බඩු ගබඩා කොටස් වශයෙන් දැවෙයි. එහි රිදී, රන්, මුතු, වෙරළුමිණි ද බොහෝ ය.
Pali BJT4570. මරණයො සඞ්ඛමුත්තා ච වත්ථිකං{6} හරිචන්දනං, අජිනං දන්තභණ්ඩඤ්ච ලොහං කාළායසං බහූ; එහි රාජ නිවත්තස්සු මා තෙ තං විනසා{7} ධනං.
Sinhala BJT4570. මැණික් ද, සක්මුතු ද, පිළී කොඩි ද, රසඳුන් ද, අඳුන් දිවිසම් ද, දළමුවා බඩු ද, තඹ ආදී ලෝහ භාණ්ඩ ද, කාළ ලෝහ භාණ්ඩ ද බොහෝ වෙයි. මහරජ එනු මැනව. නවතිනු මැනව. ඔබ සතු ධනය නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
Pali BJT4571. සුසුඛං වත ජිවාම යෙසං නො නත්ථි කිඤ්චනං, මිථිලාය{1} ඩය්හමානාය න මෙ කිඤ්චි අඩය්හථ.
Sinhala BJT4571. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. මියුලු නුවර දැවෙන කල්හි මා සතු කිසිවක් නො දැවෙන්නේ ය යි (රජ තෙම කීය.)
Pali BJT4572. අටවියො සමුප්පන්නා රට්ඨං විද්ධංසයන්ති තං, එහි රාජ නිවත්තස්සු මා රට්ඨං විනසා ඉදං.
Sinhala BJT4572. මහරජ, වනගත සොරු පැමිණියහ. ඔබසතු ඒ රට වනසති. මහරජ, එනු මැනව. නවතිනු මැනව. මේ රට නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
Pali BJT4573. සුසුඛං වත ජිවාම යෙසං නො නත්ථි කිඤ්චනං, රට්ඨෙ විලුම්පමානම්හි න මෙ කිඤ්චි අජීරථ.{2}
Sinhala BJT4573. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. රට පහරන කලැ මාගේ කිසිවක් නො නැසේ.
Pali BJT4574. සුසුඛං වත ජිවාම යෙසං නො නත්ථි කිඤ්චනං, පීතිභක්ඛා භවිස්සාම දෙව ආභස්සරා යථා.
Sinhala BJT4574. යම්බඳු අපට අයත් කිසිවක් නැද්ද අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වම්හ. ආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු යි (රජ තෙම කී ය.)
Pali BJT4575. කිම්භෙසො මහතො ඝොසො කා නු ගාමෙ කිලීලියා,{3} සමණඤ්ඤෙව{4} පුච්ඡාම කත්ථෙසො අභිසටො{5} ජනො.
Sinhala BJT4575. මේ මහා ජන ඝෝෂය කවර හෙයින් ද? ගමෙහි මෙන් මේ කිලිකිලි යන ශබ්දය කුමක් ද? ශ්‍රමණ වූ ඔබ මැ විචාරමු. කවර හෙයින් මේ මහජනයා රැස්වේ දැ යි (නාරද නම් තාපස තෙම ඇසී ය.)
Pali BJT4576. මමං ඔහාය ගච්ඡන්තං එත්ථෙසො අභිසටො ජනො, සීමාතික්කමනං යන්තං මුනීමොනස්ස පත්තියා; මිස්සං නන්දීහි ගච්ඡන්තං කිං ජානමනුපුච්ඡසි.
Sinhala BJT4576. ඔවුන් හැර යන මා නිසා මේ මහාජනයා මෙහි රැස් වූයේ ය. කෙලෙස් සීමාව ඉක්මවා යන අනගාරිය මුනි සංඛ්‍යාත තපසට පැමිණීම් පිණිස සතුටින් යන මා දැන ගෙන කුමට විචාරන්නෙහි දැ යි (රජ තෙම ඇසී ය.)
Pali BJT4577. මාස්සු තිණ්ණො අමඤ්ඤිත්ථො{6} සරීරං ධාරයං ඉමං, අතීරණෙය්යමිදං{7} කම්මං බහූ හි පරිපන්ථයො.
Sinhala BJT4577. මේ පැවිදි සිරුර දරන්නේ කෙලෙස් නැසුවේ යැ යි නො සිතව. මේ කෙලෙස් සමූහය මෙපමණකින් තරණය කළහැකි ද නො වේ. උපද්‍රවයෝ බොහෝ යැ යි (තාපස තෙම කී ය.)
Pali BJT4578. කො නු මෙ පරිපන්ථස්ස මම එවං විහාරිනො, යො නෙවදිට්ඨෙ නාදිට්ඨෙ කාමානමභිපත්ථයෙ.
Sinhala BJT4578. යමෙක් මේ ලොව්හි ද පරලොව්හි ද කාමසම්පත් නො පතන්නේ නම් එසේ වෙසෙන මට කවර උවදුරෙක් වන්නේ දැ යි (බෝසත් තෙම කී ය.)
Pali BJT4579. නිද්දා තන්දී විජම්භිකා අරතී භත්තසම්මදො, ආවසන්ති සරීරට්ඨා බහූහි පරිපන්ථයො{8}.
Sinhala BJT4579. නින්ද ය අලසබව ය ඈනුම් ඇරීම ය නො ඇල්ම ය බත්මත ය යන බොහෝ උවදුරු තොපගේ සිරුරෙහි පිහිටා වෙසෙතැ යි (නාරද තාපස තෙම කී ය.)
Pali BJT4580. කල්යාණං වත මං භවං බ්රාහ්මණමනුසාසසි, බ්රාහ්මණං යෙව{9} පුච්ඡාමි කොනු ත්වමසි මාරිස.
Sinhala BJT4580. පින්වත් බ්‍රාහ්මණය, මට යහපත් අනුශාසනා කෙරෙහි. නිදුකාණෙනි, ඔබ කවරෙක් දැ යි බ්‍රාහ්මණ වූ ඔබ මැ විචාරමි යි (බෝසත් තෙම කී ය.)
Pali BJT4581. නාරදො ඉති මෙ නාමං{1} කස්සපො ඉති මං විදූ, භොතො සකාසෙ ආගඤ්ඡිං සාධු සබ්භි සමාගමො.
Sinhala BJT4581. නාරද යනු මාගේ නමයි, ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැ යි මා දනිති. පින්වත් තොප සමීපයට පැමිණියෙමි. සත්පුරුෂයන් හා සමාගමය යහපති.
Pali BJT4582. තස්ස තෙ සබ්බො ආනන්දො විහාරො උපවත්තතු, යදූනං තං පරිපූරෙහි ඛන්තියා උපසමෙන ච.
Sinhala BJT4582. ඒ තොපට සියලු සතුටු විහරණ වේවා, සිවු බඹවිහරණය පවතීවා, යමක් අඩු වෙයි නම් එය ඉවසීමෙන් හා සන්හිඳීමෙන් සම්පූර්‍ණ කළ මැනවි.
Pali BJT4583. පසාරය සන්නත්තඤ්ච උන්නත්තඤ්ච පසාරය, කම්මං විජ්ජඤ්ච ධම්මඤ්ච සක්කත්වාන පරිබ්බජ.
Sinhala BJT4583. අවමානය ද දුරු කළ මැනවි. අතිමානය ද දුරු කළ මැනවි. දශ කුසලකර්‍ම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ද මහණදම් ද සකස් කොට පවතිනු මැනවැ යි (නාරද තාපස තෙම අවවාද කොට ගියේ ය.)
Pali BJT4584. බහූහත්ථි ච අස්සෙ ච නගරෙ ජනපදානි ච, හිත්වා ජනක පබ්බජිතො කපල්ලෙ රතිමජ්ඣගා.
Sinhala BJT4584. එම්බා මහාජනක රජතුමනි, බොහෝ ඇතුන් ද අසුන් ද නගරයන් හා ජනපදයන් ද හැර පැවිදි වූ ඔබ මැටි පාත්‍රයෙහි ඇලුණහු ය.
Pali BJT4585. කච්චින්නු තෙ ජානපදා{2} මිත්තා මච්චා ච ඤාතකමා, දුභිං අකංසු{3} ජනක කස්මා චෙතං{4} අරුච්චථ.
Sinhala BJT4585. එම්බා මහාජනක රජතුමනි, කිම එ දනව් වැස්සෝ ද මිත්‍රාමාත්‍යයෝ ද, නෑයෝ ද ඔබට කිසි අපරාධයක් කළාහු ද කවර හෙයින් මේ මැටි පාත්‍රය කැමති වූහු දැ යි (මිගාජින නම් තාපස තෙම ඇසී ය.)
Pali BJT4586. න මිගාජින ජාතුච්ච{5} අහං කඤ්චි කුදාචනං, අධම්මෙන ජිනෙ ඤාතිං න චාපි ඤාතයො මමං.
Sinhala BJT4586. එම්බා මිගාජින තවුසනි, ඒකාන්තයෙන් ම මම කවර කලෙකවත් අධර්‍මයෙන් කිසි නෑයෙකු නො දිනුවෙමි. නෑයෝ ද මා නො දිනූහ යි බෝසත් තෙමේ කී ය.
Pali BJT4587. දිස්වාන ලොකවත්තන්තං ඛජ්ජන්තං කද්දමිකතං, හඤ්ඤරෙ බජ්ඣරෙ චෙත්ථ යත්ථ සත්තො පුථුජ්ජනො; එතාහං උපමං කත්වා භික්ඛකොස්මි මිගාජින.
Sinhala BJT4587. එම්බා මිගාජින තවුසනි, යම් ක්ලේශවස්තුවක ඇලුණු පෘථග්ජනයෙක් නැසේ ද බැඳේ ද මෙහි මෙහි කෙලෙසුන් විසින් අනුභව කරන කෙලෙසුන් විසින් ම මඩ ගොහුරුවක් කරන ලද ලෝකයාගේ පැවැත් ම දුටු මම මේ කාරණය ම උපමා කොට පිඬු සිඟන්නෙක් වීමි යි බෝසත් තෙමේ කීය.
Pali BJT4588. කොනු තෙ භගවා සත්ථා කස්සෙතං වචනං සුචි නහි කප්පං වා විජ්ජං වා පච්චක්ඛාය රථෙසභ: සමණං ආහු වත්තන්තං යථා දුක්ඛස්සතික්කමො.
Sinhala BJT4588. මහරජ, ඔබගේ පින්වත් අනුශාසක තෙමේ කවරෙක් ද? ඔබ කියන පිරිසිදු බස කවරකුගේ වචනයක් ද? ශ්‍රමණ වේශය හෝ ශ්‍රමණ විද්‍යාව හෝ හැර යම්සේ දුක් ඉක්මවා ද එසේ පවත්නා ශ්‍රමණයකු නො ම කියද්ද එහෙයිනැ යි මිගාජින තෙමේ කී ය.
Pali BJT4589. න මිගාජින ජාතුච්ච අහං කඤ්චි කුදාචනං, සමණං බ්රාහ්මණං වාපි සක්කත්වා අනුපාවිසිං.
Sinhala BJT4589. පින්වත් මිගාජින තවුසනි, ඒකාන්තයෙන් මම කිසි කලෙක කිසියම් ශ්‍රමණයකුට හෝ කිසියම් බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ඇසීමට නො පැමිණියෙමියි බෝසත් තෙමේ කී ය.
Pali BJT4590. මහතා චානුභාවෙන ගච්ඡන්තො සිරියාජලං, ගීයමානෙසු ගීතෙසු වජ්ජමානෙසු වග්ගුසු; තුරියතාළිතසංඝුට්ඨෙ සම්මතාලසමාහිතෙ.
Sinhala BJT4590-4591. පින්වත් මිගාජින තවුසනි, මනහර ගී ගයන කල මිහිරි නද ඇති වාද්‍ය වයන කල වයන තූර්‍ය්‍ය ඝෝෂ ඇති කල කුලුතාලම් ශබ්ද ඇති කල මහත් රාජානුභාවයෙන් ද ශෝභාවෙන් ද දිලියෙමින් යන ඒ මම ඵල කැමැති මිනිසුන් විසින් විනාශ කළ එම ඵල දරන අඹ රුකක් ප්‍රාකාරයෙන් වටකළ උයනෙහි දිටිමි.
Pali BJT4591. සමිගාජින මද්දක්ඛිං ඵලං{1} අම්බං තිරොච්ඡදං, තුජ්ජමානං{2} මනුස්සෙහි ඵලකාමෙහි{3} ජන්තුහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4592. සො ඛො හන්තං සිරිං හිත්වා ඔරොහිත්වා මිගාජින, මූලං අම්බස්සුපාගඤ්ඡිං ඵලිනො නිප්ඵලිතස්ස ච.
Sinhala BJT4592. මිගාජින නම් තවුසාණෙනි, ඒ මම ද වනාහි උයන් සිරි බලා ඇතු පිටින් බැස ඵල දරන වැනැසුණු අඹරුක මුලට පැමිණියෙමි.
Pali BJT4593. ඵලං අම්බං හතං දිස්වා විද්ධසතං{4} විනලීකතං, අථෙතං ඉතරං අම්බං නීලොභාසං මනොරමං.
Sinhala BJT4593. විනාශ කළ කොළ අතු පවා වැනසූ ඵල විනාශ කළ අඹරුක දැක ඉක්බිති සිත්කලු නීලවර්‍ණයෙන් බබළන මේ අනික් ඵල නැති අඹරුක දිටිමි.
Pali BJT4594. එවමෙව නූනම්හෙපි ඉස්සරෙ බහුකණ්ටකෙ, අමිත්තා නො වධිස්සන්ති යථා අම්බො ඵලී හතො.
Sinhala BJT4594. යම්සේ ඵල ඇති අඹරුක වනසන ලද ද එසේ ම බොහෝ කරදර ඇති ඉසුරුමත් අපට ද සතුරෝ හිංසා නො කරන්නාහු ද?
Pali BJT4595. අජිනම්හි හඤ්ඤතෙ දීපි නාගො දන්තෙහි හඤ්ඤතෙ, ධනම්හි ධනිනො හන්ති අනිකෙතමසන්ථවං; ඵලී අම්බො අඵලො ච තෙ සත්ථාරො උභො මම.
Sinhala BJT4595. සම හේතු කොටගෙන අඳුන් දිවියා නසනු ලැබේ. දළ හේතු කොටගෙන ඇතා නසනු ලැබේ. ධනය හේතු කොට ගෙන ධනවතා නසනු ලැබේ. වාසස්ථානයක් නැති බැඳුමක් නැති පැවිද්දහු කවරෙක් නසා ද? ගෙඩි ඇති අඹරුක ද ගෙඩි නැති අඹරුක ද යන ඒ දෙරුක මාගේ ශාස්තෘවරයෝ වූවහ යි බෝසත් තෙමේ කී ය.
Pali BJT4596. සබ්බො ජනො පව්යධිතො රාජා පබ්බජිතො ඉති, හත්ථාරොහා අනීකට්ඨා රථිකා පත්තිකාරිකා.
Sinhala BJT4596. මහරජ, ඔබ පැවිදි වූහ යි ඇතරුවෝ ද සේනාවන්හි නතු වූවෝ ද රථ සේනාවෝ ද පාබළ සේනාවෝ ද යන සියලු මහජන තෙමේ බියෙන් තැති ගති.
Pali BJT4597. අස්සාසයිත්වා ජනතං ඨපයිත්වා පටිච්ඡදං, පුත්තං රජ්ජෙ ඨපෙත්වා අථ පච්ඡා පබ්බජිස්සසි.
Sinhala BJT4597. මහජනයා අස්වසා නුවරට ආරක්‍ෂා සලසා දීඝාවුකුමාර නමැති පුතා රජයෙහි පිහිටුවා ඉන්පසු පැවිදි වන්නහු නම් මැනවැ යි සීවලී දේවි පැවසූ.
Pali BJT4598. වත්තා මයා ජානපදා මිත්තාමච්චා ච ඤාතකා, සන්ති පුත්තා විදෙහානං දීඝාවු රට්ඨවඩ්ඪනො; තෙ රජ්ජං කාරයිස්සන්ති මිථිලායං පජාපති.
Sinhala BJT4598. එම්බා දේවිය, මවිසින් දනවුවැස්සෝ හරන ලදහ. මිත්‍රයෝ ද නෑයෝ ද හැරදමන ලදහ. විදේහවාසීන්ගේ රට වර්ධනය කරන දීඝාවු නම් පුත්‍රයෝ ඇත, ඔව්හු මියුලු නුවර රජය කරවන්නාහ යි රජ තෙමේ කීය.
Pali BJT4599. එහි තං අනුසික්ඛාමි යං වාක්යං මම රුච්චති, රජ්ජං තුවං කාරයන්ති පාපං දුච්චරිතං බහුං: කායෙන වාචා මනසා යෙන ගඤ්ඡිසි දුග්ගතිං.
Sinhala BJT4599. එම්බා දේවිය, මාගේ යම් වචනයකට කැමැති ද එසේ නම් එව, එයින් තිට අනුශාසනා කරමි. රජය කරවන තී කය, වචන, සිත යන යමකින් දුගතියට යන්නෙහි ද එබඳු දුසිරිත් බොහෝ පව් කරන්නෙහි ය.
Pali BJT4600. පරදින්නකෙන පරනිට්ඨිතෙන, පිණ්ඩෙන යාපෙහි සධීරධම්මො.
Sinhala BJT4600. අනුන් විසින් නිමැවුණු දෙන ලද ආහාරයකින් යැපෙව, මේ පිඬු සිඟා යැපීම නම් නුවණැත්තන්ගේ ස්වභාව ධර්‍මයෙකැ යි බිසොවට අවවාද කෙළේ ය.
Pali BJT4601. යොපි චතුත්ථෙ භත්තකාලෙ න භුඤ්ජෙ අජද්ධුමාරිව{1} ඛුදාය මීයෙ, න ත්වෙව පිණ්ඩං ලුලිතං අනරියං කුලපුත්තරූපො සප්පුරිසො න සෙවෙ තයිදං න සාධු තයිදං න සුට්ඨු සුනඛුච්ඡිට්ඨකං භුඤ්ජසෙ ත්වං.
Sinhala BJT4601. ඉදින් යමෙකු සතරවැනි බත් අනුභව කරන කලැ අනුභව නො කරන්නේ ද අනාථ මරණ ඇත්තේ ම ක්‍ෂුධාවෙන් මිය යන්නේ ද, වැලි තැවරුණු අයහපත් අහර අනුභව කරන්නේ ද කුලපුත්‍ර ස්වභාව ඇති සත්පුරුෂ තෙමේ මෙ බඳු ආහාර අනුභව නො කරන්නේ ය. මහරජ, යම් බල්ලකු ඉඳුල් කළ අහරක් ඔබ වළඳන්නහු නම් ඒ වැළඳීම යහපත් නො වේ. ශෝභන නො වේ ය යි බිසොව කීවා.
Pali BJT4602. න චා පි මෙ සීවලි සො අභක්ඛො යං හොති චත්තං ගිහිනො සුනඛස්ස වා, යෙ කෙචි භොගා ඉධ ධම්මලද්ධා සබ්බො සො භක්ඛො අනවජ්ජාති{2} වුත්තො.
Sinhala BJT4602. එම්බා සීවලී දේවිය, ගිහියකු විසින් ද සුනඛයකු විසින් ද හැර දැමූ යමක් වේ නම් ඒ පිණ්ඩපාතය මා නො කෑ යුත්තක් නො වේ. මෙ ලෙව්හි දැහැමින් ලද යම්කිසි භෝගයෝ වෙත් නම් ඒ සියල්ල අනුභව කටයුතු ය. නිවැරැදි ය යි පැවැසුණු බව රජ තෙමේ කීය.
Pali BJT4603. කුමාරිකෙ{3} උපසෙනියෙ නිච්චං නිගළ{4} මණ්ඩිතෙ, කස්මා තෙ එකො භුජො ජනති එකො තෙ න ජනති භුජො,
Sinhala BJT4603. නිතර මව ළඟ සයනය කරන ස්වභාව ඇති එම්බල දැරිය කවර හෙයින් තීගේ එක් අතක් ශබ්ද කෙරේ ද එක් අතක් ශබ්ද නො කෙරේ දැ යි රජ තෙමේ ළදැරිය ගෙන් ඇසී ය.
Pali BJT4604. ඉමස්මිං මෙ සමණ හත්ථෙ පටිමුක්කා දුනීධුරා,{5} සඞ්ඝාතා ජායතෙ සද්දො දුතියස්සෙව සා ගති.
Sinhala BJT4604. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි පැළඳි වළලු දෙකෙකි. ශබ්දය හටගන්නේ එකට හැපීමෙන් ය. දෙවැන්නක් ඇත්තහුගේ ම මේ ස්වභාවය වෙයි.
Pali BJT4605. ඉමස්මිං මෙ සමණා හත්ථෙ පටිමුක්කො එකනීධුරො,{6} සො අදුතියො න ජනති මුනිභූතොව තිට්ඨති.
Sinhala BJT4605. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමන ලදී. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්ද ය. කෙලෙස් පහ කළ මුනිවරයකු මෙන් එය නිහඬ වැ සිටී.
Pali BJT4606. විවාදප්පත්තො දුතියො කෙනෙකො විවදිස්සති, තස්ස තෙ සග්ගකාමස්ස එකත්තමුපරොචතං.
Sinhala BJT4606. දෙවැන්නක ඇත්තේ විවාදයට පත් වූයේ වෙයි. හුදෙකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද? එහෙයින් සඟ සැප කැමති ඒ ඔබට හුදෙකලා බව කැමති වේව යි ළදැරිය කීවා ය.
Pali BJT4607. සුණසි{7} සීවලී ගාථා කුමාරියා පවෙදිතා, පෙස්සියා මං ගරහිත්ථො දුතියස්සෙව සා ගති.
Sinhala BJT4607. එම්බා සීවලී දේවිය, ළදැරිය කියූ ගාථා ඇසුවෙහි ය. වැඩකාරියක් වන ඕ තොමෝ දෙවැන්නෙක් ඇත්තහුගේ මැ මේ ස්වභාවය වේය යි මට නින්‍දා කළාය.
Pali BJT4608. අයං ද්වෙධා පථො භද්දෙ අනුචිණ්ණො පථාවිහි, තෙසං ත්වං එකං ගණ්හාහි අහමෙකං පුනාපරං.
Sinhala BJT4608-4609. සොඳුර, මඟීන් යන එන මෙ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනුව. නැවත මම අනික් මඟ ගනිමි. සීවලී දේවිය, මාගේ ස්වාමියා ය යි තී නො කියව. මම ද මාගේ භාර්‍ය්‍යාව ය යි නො කියමි රජ තෙම කී ය. මෙ බස කියන්නෝ මැ ථූණ නම් නුවරට පැමිණියහ.
Pali BJT4609. නෙව මං ත්වං “පතී මෙ”ති මාහං “භරියා” ති වා පුන, ඉමමෙව කථං කථයන්තා ථූණං නගරුපාගමුං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4610. කොට්ඨකෙ උසුකාරස්ස භත්තකාලෙ උපට්ඨිතෙ, තත්ර ච සො උසුකාරො (එකං දණ්ඩං උජුං කතං;) එකඤ්ච චක්ඛුං නිග්ගය්හ ජිම්හමෙකෙන පෙක්ඛති.
Sinhala BJT4610. එහි රජ තෙමේ තමන් අනුභව කරන වේලාව පැමිණි කල හී වඩුවාගේ කොටුව වෙත පැමිණ සිටියේ ය. එහි ද ඒ හී වඩුවා එක් ඇසක් වසා එක් ඇසින් ඇදය බලයි.
Pali BJT4611. එවං නො සාධු පස්සසි උසුකාර සුණොහි මෙ, යදෙකං චක්ඛුං නිග්ගය්හ ජිභම්මෙකෙන පෙක්ඛසි.
Sinhala BJT4611. යහළු හී වඩුව, මෙසේ මැනැවින් බලන්නෙහි නම් මාගේ බස් අසව. එක් ඇසක් පියා එක් ඇසකින් බලව යන යමක් ඇත්නම් එය යි.
Pali BJT4612. ද්වීහි සමණ චක්ඛූහි විසාලං විය ඛායති, අසම්පත්වා පරං{1} ලිඞ්ගං නුජජුභාවාය කප්පති.
Sinhala BJT4612. පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෑසින් බලන කළ විශාල වූවාක් මෙන් වැටහෙයි. ඇද තැනට නො පැමිණ ඇද නැති කරන්නට සුදුසු නො වේ.
Pali BJT4613. එකඤ්ච චක්ඛුං නිග්ගය්හ ජිම්භමෙකෙන පෙක්ඛතො, සම්පත්වා පරමං ලිඞ්ගං උජුභාවාය කප්පති.
Sinhala BJT4613. එක් ඇසක් පියාගෙන එක් ඇසකින් බලන්නහුට ඇද තැන බලා ඍජු කිරීම සුදුසු වේ.
Pali BJT4614. විවාදප්පත්තො දුතියො කෙනෙකො විවදිස්සති, තස්ස තෙ සග්ගකාමස්ස එකත්තමුපරොවතං.
Sinhala BJT4614. දෙවැන්නක ඇත්තේ විවාදයට පැමිණියේ වෙයි. හුදෙකලා වූයේ කවරකු සමග විවාද කරන්නේ ද? ස්වර්‍ගයට යනු කැමති ඒ ඔබට හුදෙකලා වීම කැමති වේව යි හී වඩු තෙමේ අවවාද කෙළේය.
Pali BJT4615. සුණසි සීවලි ගාථා උසුකාරෙණ පවෙදිතා, පෙස්සියා{2} මං ගරහිත්ථො දුතියස්සෙව සා ගති.
Sinhala BJT4615. එම්බා සීවලී දේවිය, හී වඩුවා කියූ ගාථා ඇසුවෙහි ද? දෙවැන්නක ඇත්තහුගේ මේ ස්වභාවය යි කියා හී වඩුවා මට අපහාස කෙළේය.
Pali BJT4616. අයං ද්වෙධා පථො භද්දෙ අනුචිණ්ණා පථාවිහි, තෙසං ත්වං එකං ගණ්හාහි අහමෙතං පුනාපරං.
Sinhala BJT4616-4617. සොඳුර මඟීන් යන එන මේ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනු. ඉක්බිති මේ අනික් මඟ මම ගනිමි. මගේ සැමියා යැ යි තී මට නො කියව. මම ද මගේ භාර්‍ය්‍යාව ය යි නැවත නො කියමි රජ තෙමේ කී ය. එම්බා සීවලී දේවිය, වෙන් කොට ගත් මුදු තණ ගොබය මෙන් තී හා නැවත එක් නොවී මම තනි වැ වසන්නෙමි. තී ද තනි වැ වසව යි ඇයට අවවාද කෙළේ යැ යි වදාළහ.
Pali BJT4617. නෙව මං ත්වං “පති මෙ”ති මාහං “භරියා” ති වා පුන, මුඤ්ජාවිසිකා{3} පවාළ්හා එකා විහර සීවලී ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමහාජනකජාතකං දුතියං.
Sinhala BJTදෙවන මහාජනක ජාතක යි.
Pali BJT3. සාමජාතකං
Sinhala BJT3. සාම ජාතකය
Pali BJT4618. කො නු මං උසුනා විජ්ඣි පත්තං උදහාරකං,{1} ඛත්තියො බ්රාහ්මණො වෙස්සො කො මං විද්ධා නිලීයසි.{2}
Sinhala BJT4618. දිය ගෙන යන්නට ප්‍රමාද වූ මට ඊයෙන් විද්දේ කවරෙක් ද? රජ, බමුණු, වෙළඳ යන ආදී සිවු පිරිසෙන් කවරෙක් මට විදෑ සැඟවුණේ දැයි සාම කුමාර තෙමේ ඇසී ය.
Pali BJT4619. න මෙ මංසානි ඛජ්ජානි චම්මෙනත්ථො න විජ්ජති, අථ කෙන නු වණ්ණෙන විද්ධෙය්යං මං අමඤ්ඤථ.
Sinhala BJT4619. මාගේ මස් කෑ යුතු නො වේ. සමින් ද වැඩෙක් නැත. එසේ ඇති කල මට කවර කරුණෙකින් විදියයුතු ය යි සිතූහු දැයි කී ය.
Pali BJT4620. කො වා ත්වං කස්ස වා පුත්තෙ කථං ජානෙමු තං මයං, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කිං මං විද්ධා නිලීයසි.
Sinhala BJT4620. නුඹ කවරෙක් හෝ වෙහි ද? කවරෙකුගේ පුතෙකු හෝ වෙහි දැයි අපි කෙසේ තා දනිමු ද? යහළුව, මා විචාරන ලද්දේ කියව. කවර හෙයින් මා විදැ සැඟැවුණෙහි දැයි සාම කුමාර තෙමේ ඇසීය.
Pali BJT4621. රාජාහමස්මි කාසීනං පිලියක්ඛොති මං විදූ, ලොභා රට්ඨං පහත්වාන{3} මිගමෙසං{4} චරාමහං.
Sinhala BJT4621. කසීරට රජ නම් මම වෙමි. පිළියක් නමින් මා දනිති. මස් ලොබින් රට හැර මුවන් සොයමින් හැසිරෙමි.
Pali BJT4622. ඉස්සත්ථෙචස්මි කුසලො දළ්හධම්මොති විස්සුතො, නාගොපි මෙ න මුඤ්චෙය්ය ආගතො උසුපාතනං.
Sinhala BJT4622. දුනු සිප්හි ද දක්‍ෂ වෙමි. සහස්සත්‍ථාම නම් දුන්න නඟන්නට පිළිවන් බැවින් දළ්හධම්ම ය යි ප්‍රකට ය. මාගේ ඊ පහරට පැමිණි ඇතා ද නැ මිදේ ය යි පිළියක් රජ කී ය.
Pali BJT4623. ත්වඤ්ච තස්ස වා පුත්තොසි කථං ජානෙමු තං මයං, පිතුනො අත්තනො චාපි නාමගොත්තං පවෙදය.
Sinhala BJT4623. තෙපි ද කවරකුගේ පුතෙක් දැයි අපි තොප කෙසේ දනිමු ද? පියාණන්ගේ හෝ තමන්ගේ නාමගෝත්‍ර කියන්නැ යි රජ තෙමේ කී ය.
Pali BJT4624. නෙසාදපුත්තො භද්දන්තෙ සාමො ඉති මං ඤාතයො, ආමන්තයිංසු ජීවන්තං ස්වාජ්ජෙවාහං{5} ගතො සයෙ.
Sinhala BJT4624. මහරජ, තොපට යහපතක් වේවා! මම වනාහි වැදි පුතෙක් වෙමි. ජීවත් වන නෑයෝ ‘සාම’ කියා මා ඇමතූහ. අද ඒ මම මෙසේ මරුමුවට පැමිණියෙම් සයනය කරමි.
Pali BJT4625. විද්ධොස්මි පුථුසල්ලෙන සවිසෙන යථා මිගො, සකම්හි ලොහිතෙ රාජ පස්ස සෙමි පරිප්ලුතො.
Sinhala BJT4625. මහරජ, විස සහිත මහත් ඊයකින් මුවෙකු මෙන් විදින ලද්දෙම් වෙමි. බලනු මැනැවැ. තම ලේ විලෙහි ගැලුණේ හොවිමි.
Pali BJT4626. පටිචම්ම{6}ගතං සල්ලං පස්ස විහාමි{7} ලොහිතං, ආතුරො ත්යානු පුච්ඡාමි කිං මං විද්ධා නිලීයසි.
Sinhala BJT4626. ඊතලය වම් පසින් ඇතුළු වී දකුණැලයෙන් නික්මිණි. ලේ වමාරමි. මා කවර හෙයින් විදැ සැඟැවුණෙහි දැයි තොප විචාරමි.
Pali BJT4627. අජිනම්හි හඤ්ඤතෙ දීපි නාගො අන්තෙහි හඤ්ඤතෙ, අථ කෙන නු වණ්ණෙන විද්ධෙය්යං මං අමඤ්ඤථ.
Sinhala BJT4627. සම නිමිති කොට අඳුන් දිවියා නසනු ලැබෙයි, දළ නිමිති කොට ඇතා නසනු ලැබෙයි. එසේ නම් මා විදිය යුත්තෙකු මෙන් කවර හෙයින් සිතී දැයි සාම කුමාරයා ඇසීය.
Pali BJT4628. මිගො උපට්ඨිතො ආසි ආගතො උසුපාතනං, තං දිස්වා උබ්බිජ්ජි සාම{1} තෙන කොධො මමාවිසි.
Sinhala BJT4628. පින්වත, ඊ පහරට පැමිණි මුවෙක් ඉදිරියෙහි සිටියේ ය. තොප දැක්මෙන් මුවා භය වී ගියේය. එයින් මට තරහ උපනැ යි රජ තෙමේ කී ය.
Pali BJT4629. යථො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං, න මං මිගා උත්තසන්ති{2} අරඤ්ඤෙ සාපදානිපි.
Sinhala BJT4629. යම් කලෙක සිට තමන් සිහි කෙරෙම් ද යම් කලෙක සිට නුවණැති බවට පැමිණියෙම් ද , මේ තාක් වනයෙහි චණ්ඩ වූ වන මුවෝ ද මා දැක භය නො වෙති.
Pali BJT4630. යතො නිධිං පරිහරිං යතො පත්තොස්මි යොබ්බනං, න මං මිගා උත්තසන්ති අරඤ්ඤෙ සාපදානිපි.
Sinhala BJT4630. යම් කලෙක පටන් වැහැරි සිවුරු පරිහරණය කෙරෙම් ද යම් කලෙක පටන් තරුණ බවට පැමිණියෙම් ද මේතාක් චණ්ඩ මෘගයෝ ද මා දැක භය නො වෙති.
Pali BJT4631. භීරූ කිම්පුරිසා රාජ පබ්බතෙ ගන්ධමාදනෙ, සම්මොදමානා ගච්ඡාම පබ්බතානි වනානි ච; අථ කෙන නු වණ්ණෙන උත්ත්රසෙ සො මිගො මමං.
Sinhala BJT4631. මහරජ, ගන්‍ධමාදන පර්‍වතයෙහි භය ජනක කිම්පුරුසයෝ ද වෙති. පර්‍වතයන්හි ද වනාන්තරයන්හි ද ඔවුන් සමග සතුටින් ගමන් කරමු. එසේ ඇති කළ කවර හෙයින් ඒ මුවා මා දැක බිය වන්නේ දැයි සාම කුමර තෙම ඇසීය.
Pali BJT4632. න තද්දසා{3} මිගො සාම කින්තාහං අලිකං{4} භණෙ, කොධලොභාභිභූතොහං උසුං තෙ තං අවස්සජිං.
Sinhala BJT4632 එම්බා සාම කුමරුනි, මුවා තොප නො දැක්කේ යැ. මම ඔබට කවර හෙයින් බොරු කියම් ද? ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මඬනා ලද සිත් ඇති මම ඒ ඊය තොපට විද්දෙමි යි රජතුමා කී ය.
Pali BJT4633. කුතො නු සම්ම ආගම්ම කස්ස වා පහිතො තුවං, උදහාරො නදිං ගච්ඡ ආගතො මිගසම්මතං.
Sinhala BJT4633. යහළුව, කවර තැනෙකින් හෝ අවුත් දිය ගෙනෙන්නට ගඟට යව යි කවරෙකු විසින් හෝ එවූ තෙපි මුවන්ගේ ය යි සම්මත මේ විලට ආවහු දැයි ඇසීය.
Pali BJT4634. අන්ධා මාතා පිතා මය්හං තෙ භරාමි බ්රහාවනෙ, තෙසාහං උදහාරකො{5} ආගතො මිගසම්මතං.
Sinhala BJT4634. මහරජ, මාගේ මව්පියෝ අන්‍ධයෝ ය. මේ මහා වනයෙහි සිට මම ඔවුන් පෝෂණය කරමි. ඔවුන්ට දිය ගෙනයන මම මේ මිගසම්මත නම් විලට ආයෙමි යි සාම කුමාරයා කී ය.