Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5201-5300 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4439. සායමෙකෙ න දිස්සන්ති{3} පාතො දිට්ඨා බහුජ්ජනා, පාතො එකෙ න දිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා.
Sinhala BJT4439. උදේ දුටු බොහෝ දෙනා සවස නොදක්නා ලැබෙත්. සවස දුටු බොහෝ දෙනා උදේ නොදක්නා ලැබෙත්.
Pali BJT4440. අජ්ජෙව කිච්චං ආතප්පං{4} කො ජඤ්ඤා මරණං සුවෙ, නහි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJT4440. අද අද ම වීර්‍ය්‍ය කටයුතු ය. හෙට මරණය වන්නේ යයි කවරෙක් දන්නේ ද? ඒ මහාසේනා ඇති මාරයා සමඟ අපේ පොරොන්දුවක් නැත්තේ මැ යි.
Pali BJT4441. චොරා ධනස්ස පත්ථෙන්ති රාජා මුත්තොස්මි බන්ධනා, එහි රාජ නිවත්තස්සු නාහං රජ්ජෙනමත්ථිකොති.
Sinhala BJT4441. සොරු ධනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. මහරජ, මම ඒ ධනබන්‍ධනයෙන් මිදුණෙමි. මහරජ, මෙහි එනු මැනවි. මාගේ වචනයෙහි මනාකොට පවතිනු මැනැවි. මම රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නො වෙමි.
Pali BJTමූගපක්ඛජාතකං පඨමං.
Sinhala BJTපළමුවන මූගපක්ඛ ජාතක යි.
Pali BJT2. මහාජනකජාතකං
Sinhala BJT2. මහාජනක ජාතකය
Pali BJT4442. කොයං මජ්ඣෙ සමුද්දස්මිං අපස්සං තීරමායුහෙ, කං{1} ත්වං අත්ථවසං ඤත්වා එවං වායමසෙ භුසං.
Sinhala BJT4442. පරතෙර නොපැනෙන මේ මුහුද මැද කවරෙක් නම් පීනමින් වීර්‍ය්‍ය කරන්නේ ද? තෙපි කවර ප්‍රයෝජනයක් දැනැ මෙසේ මහත් සේ වැර වඩන්නහු දැ යි මණිමෙඛෙලා නම් දෙව්දූ ඇසූ ය.
Pali BJT4443. නිසම්ම වත්තං ලොකස්ස වායාමස්ස ච දෙවතෙ, තස්මා මජ්ඣෙ සමුද්දස්මිං අපස්සං තීරමායුහෙ.
Sinhala BJT4443. එම්බා දෙව්දුව, මම ලෝවැසියා පිළිබඳ පවත්නා උත්සාහය ද කටයුතු ද එහි අනුසස් ද දැනැ වසමි. එහෙයින් මේ මුහුද මැද පරතෙර නො දක්නෙම් උත්සාහ කරමි යි මහාජනක කුමාර තෙමේ කී ය.
Pali BJT4444. ගම්භීරෙ අප්පමෙය්යස්මිං තීරං යස්ස න දිස්සති, මොඝො තෙ පුරිස වායාමො අප්පත්වාව මරිස්සසි.
Sinhala BJT4444. ගැඹුරු පමණ නො කළහැකි මේ සාගරයෙහි පරතෙර යමකුට නො පෙනේ ද එම්බා පුරුෂය තොපගේ උත්සාහය හිස් යැ පරතෙරට නො පැමිණ මැ මැරෙන්නෙහි යි දෙව්දූ පැවැසූ.
Pali BJT4445. අනණො ඤාතීනං හොති දෙවානං පිතුනො{2} ච සො, කරං පුරිසකිච්චානි න ච පච්ඡානුතප්පති.
Sinhala BJT4445. එම්බා දෙව්දුව, වීර්‍ය්‍ය කරන යම් පුරුෂයෙක් වේ නම් හේ නෑයනට ද දෙව්බඹුනට ද ණය නැත්තෙකි නොහොත් ඔවුනතර නො ගැරහිය යුත්තෙකි. නො පසු තැවෙන්නකැ යි ද කුමාර තෙමේ කී ය.
Pali BJT4446. අපාරනෙය්යං යං කම්මං අඵලං කිලමථුද්දයං, තත්ථ කො වායමෙනත්ථො මච්චු යස්සාභිනිප්පතං.{3}
Sinhala BJT4446. යම් කටයුත්තක් උත්සාහයෙන් මුදුන් පත් කළ නො හැකි ද ඵල නැත්තේ ද වෙහෙසම මැ උපදවා ද මරණය මැ එහි ලා වේ ද එ බඳු උත්සාහයෙන් කවර නම් වැඩෙක් දැ යි දෙව්දූ ඇසූ.
Pali BJT4447. අපාරනෙය්යං අච්චන්තං යො විදිත්වාන දෙවතෙ, න රක්ඛෙ අත්තනො පාණං ජඤ්ඤා සො යදි{4} හාපයෙ.
Sinhala BJT4447. එම්බා දෙව්දුව, යමෙක් අත්‍යන්තයෙන් මුදුන්පත් නො කළ හැකි බව ද දැනැ උත්සාහය අත්හරී නම් හේ වනාහි තමන්ගේ ජීවිතය නො රකී යැ යි දනු මැනැවි.
Pali BJT4448. අධිප්පාය ඵලං එකෙ අස්මිං ලොකස්මි දෙවතෙ, පයොජයන්ති කම්මානි තානි ඉජ්ඣන්ති වා න වා.
Sinhala BJT4448. එම්බා දෙව්දුව, මෙ ලොවැ සමහරු තම අදහස් පරිදි ප්‍රයෝජන පතා වෙළහෙළඳාම් ආදි කටයුතු කෙරෙති. ඒ කටයුතු ඔවුන්ගේ අදහස් සිද්ධ කරන්නේ ද නො කරන්නේ ද වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය ඇත්තන්ට සමෘද්ධ වේ මැ යි.
Pali BJT4449. සන්දිට්ඨිකං කම්මඵලං නනු පස්සසි දෙවතෙ, සන්නා අඤ්ඤෙ තරාමහං තඤ්ච පස්සාමි සන්තිකෙ.
Sinhala BJT4449.එම්බා දෙව්දුව, මා සමඟ ආ සෙසු වෙළෙන්දෝ වීර්‍ය්‍ය නො කොටැ මුහුදෙහි ගිලුණාහ. මම වනාහි උත්සාහයෙන් මේතාක් පීනමි. සමීපයෙහි සිටින තොප ද දකිමි. මේ ජාතියෙහි ගන්නා ලද උත්සාහය පිළිබඳ විපාක නො වේ දැ යි බලව.
Pali BJT4450. සො අහං වායමිස්සාමි යථාසත්තිං යථාබලං, ගච්ඡං පාරං සමුද්දස්ස කාසං{5} පුරිසකාරියං.
Sinhala BJT4450. සමුද්‍රයාගේ පරතෙරට යන ඒ මම වනාහි උත්සාහ ගනිමි. ශක්ති පරිදි බල පරිදි පුරුෂයෙකුට අයත් ක්‍රියාව කරමි යි කුමාර තෙමේ කී ය.
Pali BJT4451. යො ත්වං එවං ගතෙ ඔඝෙ අප්පමෙය්යෙ මහණ්ණවෙ, ධම්මවායාමසම්පන්නො කම්මනා{6} නාවසීදසි, සො ත්වං තත්ථෙව ගච්ඡාහි යත්ථ තෙ{7} නිරතො මනො.
Sinhala BJT4451. යම් බඳු තෙපි මෙවැනි ගැඹුරු පළල් සැඬ පහර ඇති පමණ නො කළැකි මහසයුරෙහි දැහැමි වූ උත්සාහයෙන් යුත් වූයෙහි පුරුෂ වීර්‍ය්‍යයෙන් නො ගිලෙහු. යම් තැනෙකැ තොපගේ සිත ඇලුණේ ද එ තැනට යන්නැ යි දෙව්දූ පැවැසූ.
Pali BJT4452. සුරියුග්ගමනෙ නිධි අථො ඔග්ගමනෙ නිධි, අන්තො නිධි බහි නිධි න අන්තො න බහි නිධි.
Sinhala BJT4452. ඉර උදාවන තැන නිධාන යැ බස්නා තැන නිධාන යැ ඇතුළත නිධාන යැ පිටත නිධාන යැ ඇතුළතැ ද පිටතැ ද නො වූ නිධාන යැ.
Pali BJT4453. ආරොහනෙ මහානිධි අථො ඔරොහනෙ නිධි, චතුරො ච මහාසාලා සමන්තා යොජනෙ නිධි.
Sinhala BJT4453. නඟින තැන නිධාන යැ බහින තැන නිධාන යැ මහ සල්ගස් සතර තිබෙන තැන නිධාන සතර යැ හාත්පසින් යොදනක් තැන නිධාන ය.
Pali BJT4454. දන්තග්ගෙසු මහානිධි වාලග්ගෙසු ච කෙබුකෙ, රුක්ඛග්ගෙසු මහානිධි සොළසෙතෙ මහානිධි සහස්සත්ථාමො පල්ලඞ්කො සීවලාරාධනෙන ච.
Sinhala BJT4454. දළ කෙළවරැ මහා නිධාන යැ වලග කෙළවරැ නිධාන යැ දිය ඇති තැන නිධාන යැ ගස් මුදුන නිධාන යැ යි යන මේ සොළොස් නිධානයෝ වෙති. සීවලී දේවිය සතුටු කිරීමෙන් යමෙක් සහස්‍රස්ථාම දුන්නෙහි දුනුදිය නඟාලියහේ ද සිවුරැස් පර්‍ය්‍යඞ්කයෙහි හිස් දොර දතහේ ද ඔහුට රජය දියයුතු යැ යි පෝලජනක රජු විසින් මරණ මඤ්චකයේ දී පැවැසිණ.
Pali BJT4455. ආසිංසෙථෙව පුරිසො{1} න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
Sinhala BJT4455. නුවණැති පුරුෂ තෙම ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
Pali BJT4456. ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
Sinhala BJT4456. නුවණැ’ති පුරුෂ තෙමේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ ආ ඒ තමන් දකිමි.
Pali BJT4457. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
Sinhala BJT4457. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
Pali BJT4458. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
Sinhala BJT4458. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ නගනලද (ඒ) තමා දකිමි.
Pali BJT4459. දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො ආසං න ඡින්දෙය්ය සුඛාගමාය, බහූ හි ඵස්සා අහිතා හිතා ච අවිතක්කිතා මච්චුමුපබ්බජන්ති.{2}
Sinhala BJT4459. නුවණැ’ති මිනිස් තෙමේ දුකට පත් වූයේ ද සුවපත් වීමට ඇති කැමැත්ත සුන් නො කරන්නේ ය. පහස්හු හිත ද අහිත ද වෙති. එය නො සිතන්නෝ මරණයට පත් වෙති.
Pali BJT4460. අචින්තිතම්පි භවති චිත්තිතම්පි විනස්සති, න හි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා.
Sinhala BJT4460. නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතීමෙන් මැ සිදුවන සම්පත් නැතැ යි (මහාජනක රජතෙමේ උදන් ඇණී ය.)
Pali BJT4461. අපුරාණං{3} වත භො රාජා සබ්බභුම්මො දිසම්පති, නාජ්ජ නච්චෙ නිසාමෙති න ගීතෙ කුරුතෙ මනො.
Sinhala BJT4461. පින්වත්නි, සියලු පොළොවට හිමි දිසාවනට අධිපති රජ තෙමේ ඒකාන්තයෙන් මැ පෙර පරිදි නො වේ. අද නැටුම් නො බලයි. ගී ගැයීමෙහි සිත් ඇලුම් නො කෙරේ.
Pali BJT4462. න මිගෙ නපි උය්යානෙ නපි හංසෙ උදික්ඛති, මූගොව තුණ්හිමාසීනො න අත්ථමනුසාසති.
Sinhala BJT4462. මෘගයුද්ධ නො බලයි, උයන්කෙළි නො කෙරෙයි, හංසයන් ද නො බලයි, ගොළුවකු මෙන් නිහඬ වැ හුන්නේ අර්‍ත්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා නො කෙරේ යයි ද මහාජන තෙමේ කී ය.
Pali BJT4463. සුඛකාමා රහොසීලා වධබන්ධා උපාරතා,{1} කෙසන්නු{2} අජ්ජ ආරාමෙ දහරා වුද්ධා ච අච්ඡරෙ.
Sinhala BJT4463. නිවන්සුව කැමැති වැසුණු සීලාදී ගුණ ඇති වධබන්‍ධන නැති තරුණ මහලු පසේබුදුවරු කවර කෙනෙකුන්ගේ අරමෙහි අද වෙසෙත් ද?
Pali BJT4464. අතික්කන්තවනථා ධීරා නමො තෙසං මහෙසිනං, යෙ උස්සුකම්භි ලොකම්හි විහරන්ති අනුස්සුකා.
Sinhala BJT4464. තෘෂ්ණා නැති නුවණැ’ති යම් කෙනෙක් රාගාදි කෙලෙසුන්ගෙන් උත්සන්න බවට පත් ලෝකයෙහි උත්සාහ නැත්තෝ වැ වෙසෙද්ද ඒ මහර්ෂී උතුමන්ට නමස්කාර වේවා.
Pali BJT4465. තෙ ඡෙත්වා මච්චුනො ජාලං තං තං මායාවිනො දළ්හං, ඡින්තාලයත්තා{3} ගච්ඡන්ති කො තෙසං ගතිමාපයෙ.
Sinhala BJT4465. උන්වහන්සේ ඉතා මායාකාරී වූ මරුවාගේ ඒ දැඩි දැල සිඳ සුන් කළ කෙලෙස් ඇති බැවින් (සසරින් නික්ම) යෙති. ඒ උතුමන් වසන තැනට මා පමුණුවන්නේ කවරෙක් ද යි (මහාජනක රජ තෙමේ සතුට ප්‍රකාශ කෙළේ යැ.)
Pali BJT4466. කදාහං මිථිලං ඵීතං විසාලං සබ්බතොපභං,{4} පහාය පබ්බජිස්සාමි තං කදාස්සු{5} භවිස්සති.
Sinhala BJT4466. කවර කලෙක මම සමෘද්ධ වූ විශාල වූ හාත්පසින් බබළන්නා වූ මියුලු නම් නුවර හැර දමා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4467. කදාහං මිථිලං ඵීතං විභත්තං භාගසො මිතං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4467. කවර කලෙක මම බෙදා කොටස් වශයෙන් ප්‍රමාණ කළ සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? ඒ පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4468. කදාහං මිථිලං ඵීතං බහුපාකාරතොරණං,{*} පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4468. කවර කලෙක මම මහත් පවුරු{*} දොරටු තොරණින් යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? කවරදා එය සිදු වන්නේ ද?
Pali BJT4469. කදාහං මිථිලං ඵීතං දළ්හමට්ටාලකොට්ඨකං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4469. කවර කලෙක මම දැඩි අටලු දොරකොටු යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4470. කදාහං මිථිලං ඵීතං සුවිභත්තං මහාපථං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4470. කවර කලෙක මම මැනැවින් කොටස් කළ මහවීදි ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4471. කදාහං මිථිලං ඵීතං සුවිභත්තන්තරාපණං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4471. කවර කලෙක මම මැනැවින් විභාග කළ සල්පිල් ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4472. කදාහං මිථිලං ඵීතං ගවාස්සරථපීළිතං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4472. කවර කලෙක මම ගවයන් අසුන් යෙදූ රථ ගැවසී ගත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4473. කදාහං මිථිලං ඵීතං ආරාමවනමාලිනිං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4473. කවර කලෙක මම පුෂ්පාරාම ඵලාරාම හා උයන්පෙළ ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4474. කදාහං මිථිලං ඵීතං උය්යානවනමාලිනිං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු{1} භවිස්සති.
Sinhala BJT4474. කවර කලෙක මම උයන් වතු ද වන පංති ද ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පියා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4475. කදාහං මිථිලං ඵීතං පාසාදවනමාලිනිං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4475. කවර කලෙක මම ප්‍රාසාද හා වන පංති ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4476. කදාහං මිථිලං ඵීතං තිපුරං{2} රාජබන්ධුනිං, මාපිතං සොමනස්සෙන වෙදෙහෙන යසස්සිනා පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4476. කවර කලෙක මම රජුගේ නෑයන්ගෙන් යුත් තුන්පවුරකින් පිරිවර වූ සෝමනස්ස නම් වේදේහ රජු විසින් මවන ලද සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4477. කදාහං වෙදෙහෙ{3} ඵීතෙ නිචිතෙ ධම්මරක්ඛිතෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4477. කවර කලෙක මම දැහැමින් රැකුණු රැස් කළ ධන ධාන්‍ය ඇති සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4478. කදාහං වෙදෙහෙ ඵීතෙ අජෙය්යෙ ධම්මරක්ඛිතෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4478. කවර කලෙක දැහැමින් රැකුණු සතුරන් විසින් නො දිනිය හැකි සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4479. කදාහං අන්තෙපුරං රම්මං විභත්තං භාගසො මිතං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4479. කවර කලෙක විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4480. කදාහං අන්තෙපුරං රම්මං සුධාමත්තිකලෙපනං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4480. කවර කලෙක සුණු පිරියම් ද මැටි ආලේප ද කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4481. කදාහං අන්තෙපුරං රම්මං සුචිගන්ධං මනොරමං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4481. කවර කලෙක පිවිතුරු සුවඳින් යුත් මනරම් වූ අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4482. කදාහං කූටාගාරෙ විභත්තෙ භාගසො මිතෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4482. කවර කලෙක මම විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ, කුටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4483. කදාහං කූටාගාරෙ ච සුධාමත්තිකලෙපනෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4483. කවර කලෙක මම සුණු පිරියමින් ද මැටි ආලේපයෙන් ද යුත් කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4484. කදාහං කූටාගාරෙ ච සුචිගන්ධෙ මනොරමෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4484. කවර කලෙක මම පිවිතුරු සුවඳ ඇති සිත් අලවන කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4485. කදාහං කූටාගාරෙ ච ලිත්තෙ චන්දනඵොසිතෙ,{4} පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4485. කවර කලෙක මම ආලේප කළ, රත්සඳුන් ඉස්නාලද කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4486. කදාහං සුවණ්ණපල්ලඞ්කෙ ගොණකෙ චිත්තසන්ථතෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4486. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින්කළ විසිතුරු පලස් අතුළ රන්මුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4487. කදාහං මණිපල්ලඞ්කෙ ගොණකෙ චිත්තසන්ථතෙ, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4487. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු පලස් අතුළ මිණිමුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4488. කදාහං කප්පාසකොසෙය්යං ඛොමකොටුම්බරානි ච, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4488. කවර කලෙක මම කපුපිළී හා කෝසෙය්‍ය වස්ත්‍ර ද කොමුපිළි ද කොටුම්බර දේශයෙහි නිපන් වස්ත්‍ර ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4489. කදාහං පොක්ඛරණියො රම්මා චක්කවාකූපකූජිතා,{1} මන්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච පහාය පබ්බජිස්සාමි තං කදාස්සු{2} භවිස්සති.
Sinhala BJT4489. කවර කලෙක මම සක්වාලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති මන්‍දාලකයන්ගෙන් හා පියුම් උපුල් ආදී පස්පියුමින් ගැවසී ගත් රමණීය පොකුණු හැර පියා පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4490. කදාහං හත්ථිගුම්බෙ සබ්බාලඞ්කාරභූසිතෙ, සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ හෙමකප්පනවාසසෙ.{3}
Sinhala BJT4490-4491. කවර කලෙක සව්බරණින් සැරහුණු රන් පොරොදු හා රන් ශීර්‍ෂාභරණයෙන් හා රන් දැලින් ද යුත් තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුනු ඇත්රජුන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4491. ආරූළ්හෙ ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4492. කදාහං අස්සගුම්බෙ සබ්බාලඞ්කාරභූසිතෙ, ආජානිය්යෙ ච ජාතියා සින්ධවෙ සීඝවාහනෙ.
Sinhala BJT4492-4493. කවර කලෙක උපතින් ම ආජානීය වූ සව්බරණින් සැරැසුණු සෛන්‍ධව නම් ශීඝ්‍රවාහන වූ කරවාල දුනු දරන අසරුවන් නැගුනු අශ්ව සමූහයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4493. ආරූළ්හෙ ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4494. කදාහං රථසෙණියො සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4494-4495. කවර කලෙක මැනැවින් සැදුණු එසවුණු ධජ ඇති අතුළ දිවිසම් ද ව්‍යාඝ්‍රසම් ද ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ දුනු ගත් අත් ඇති යුද්ධ සැට්ටයෙන් සැරැසුණු රියැදුරන් නැගුණු රථ පංති ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4495. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4496. කදාහං සොවණ්ණරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4496-4497. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ස්වර්‍ණමය රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4497. ආරූළ්හෙ ගාමිණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4498. කදාහං සජ්ඣුරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4498-4499. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු රිදී රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4499. ආරූළ්හෙ ගාමිණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4500. කදාහං අස්සරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4500-4501. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු අශ්වයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද. එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4501. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4502. කදාහං ඔට්ඨරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4502-4503. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4503. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4504. කදාහං ගොණරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4504-4505. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4505. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4506. කදාහං අජරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4506-4507. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් ද හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4507. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4508. කදාහං මෙණ්ඩරථෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4508-4509. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4509. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4510. කදාහං මිගරථෙ{1} සන්නද්ධෙ උස්සිතද්ධජෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සබ්බාලඞ්කාරභූසිතෙ.
Sinhala BJT4510-4511. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4511. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4512. කදාහං හත්ථාරූහෙ{2} සබ්බාලඞ්කාරභූසිතෙ, නීලවම්මධරෙ{3} සූරෙ තොමරඞ්කුස පාණිනෙ; පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4512. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවර දෑ සිදු වන්නේ ද?
Pali BJT4513. කදාහං අස්සාරූහෙ{1} සබ්බාලඞ්කාරභූසිතෙ, නීලවම්මධරෙ සූරෙ ඉල්ලියාචාපධාරිනෙ පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4513. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන කරවාල හා දුනු දරන ශූර අසරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4514. කදාහං රථාරූහෙ{2} සබ්බාලඞ්කාරභූසිතෙ, නීලවම්මධරෙ සූරෙ චාපහත්ථෙ කලාපිනෙ{3} පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4514. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනුගත් අත් ඇති හියවුරු දරන රියැදුරන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4515. කදාහං ධනුග්ගහෙ සබ්බාලඞ්කාරභූසිතෙ, නීලවම්මධරෙ සූරෙ චාපහත්ථෙ{4} කලාපිනෙ පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4515. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට ඇති හියවුරු දරන දුනු ගත් අත් ඇති ශූර ධනුර්ධරයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4516. කදාහං රාජපුත්තෙ{5} සබ්බාලඞ්කාරභූසිතෙ, චිත්තවම්මධරෙ සූරෙ කඤ්චනාවෙළධාරිනෙ; පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4516. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු විසිතුරු සැට්ට හා ස්වර්‍ණමය හිස් වෙළුම් ඇති ශූර වූ රාජ කුමාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4517. කදාහං අරියගණෙ වත්ථවන්තෙ{6} අලඞ්කතෙ, හරිචන්දනලිත්තඞ්ගෙ කාසිකුත්තමධාරිනෙ; පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4517. කවර කලක මම වස්ත්‍ර යුත් සැරැසුණු රන්වන් සඳුන් ගැල් වූ ශරීර ඇති උතුම් කසීසළු දරන බ්‍රාහ්මණ සමූහය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4518. කදාහං අමච්චගණෙ සබ්බාලඞ්කාරභූසිතෙ, පීතවම්මධරෙ සූරෙ පුරතො ගච්ඡමාලිනෙ; පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4518. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු කහපැහැ දරන ශූර වූ පෙරටුව යන ඇමති ගණයා හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4519. කදා සත්තසතා භරියා සබ්බාලඞ්කාරභූසිතා, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4519. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4520. කදා සත්තසතා භරියා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4520. කවර කලෙක මම මැනෙවින් හික්මුණු කෘශ වූ මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4521. කදා සත්තසතා භරියා අස්සවා පියභාණිනී, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4521. කවර කලෙක මම කීකරු පියවදන් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4522. කදා සතඵලං කංසං සොවණ්ණං සතරාජිකං, පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.
Sinhala BJT4522. කවර කලෙක මම සියක් පලමකින් කළ සිය ගණන් ඉරි ඇති රන්මුවා තලිය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
Pali BJT4523. කදාස්සු මං හත්ථගුම්බා සබ්බාලඞ්කාරභූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
Sinhala BJT4523-4524. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු රන් පොරොදු ඇති රන්මුවා ශීර්‍ෂාභරණ ද සැරැසුණු වස්ත්‍ර ද ඇති තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු හස්තිරාජයන්ගෙන් යුත් ඇත් සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4524. ආරූළ්හා ගාමණීයෙහි තොමරංකුසපාණිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4525. කදාස්සු මං අස්සගුම්බා සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයා ච ජාතියා සින්ධවා සීඝවාහනා.
Sinhala BJT4525-4526. කවර කලෙක සව්බරණින් සැරැසුණු උපතින් ම ශීඝ්‍ර ගමන් ඇති සෛන්‍ධව නම් වන කරවාලායුධ හා දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයෝ වනයට යන හුදෙකලා මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4526. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4527. කදාස්සු මං රථසෙණියො සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4527-4528. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රථ පන්තීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4528. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4529. කදාස්සු මං සොණ්ණරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා
Sinhala BJT4529-4530. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රන්මුවා රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4530. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4531. කදාස්සු මං සජ්ඣුරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා
Sinhala BJT4531-4532. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රිදියෙන් කළ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4532. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4533. කදාස්සු මං අස්සරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4533-4534. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු අසුන් යෙදූ රථයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4534. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4535. කදාස්සු මං ඔට්ඨරථා සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT4535-4536. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
Pali BJT4536. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, යන්තං මං නානුයිස්සන්ති තං කදාස්සු භවිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත