Pali BJT4250. න හායතෙ ඛාදිතුං{8} මය්හං පච්ඡා චිතකා අයං තාව සධූමිකා ච, නිද්ධූමකො පචිතං සාධු පක්කං සුණාමි ගාථායො සතාරහායො.
Sinhala BJT4250. පසුව ද නුඹ කෑමට කිසි බාධාවක් නොමැත. මේ සෑය ද තවම දුම් සහිත ය. දුම් නැති ගින්නෙහි පිසන ලද්ද මනාව පැසුණේ වෙයි. ඒ තාක් මම සතාරහ ගාථාවන් අසමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4251. අධම්මිකො ත්වං පොරිසාදකාසි{1} රට්ඨා ච භට්ඨො උදරස්ස හෙතු, ධම්මඤ්චිමා අභිවදන්ති ගාථා ධම්මො අධම්මො ච කුහිං සමෙති.
Sinhala BJT4251. එම්බා පෝරිසාදය, නුඹ අධාර්මිකයෙක් වූවෙහි මිනීමස් කන්නෙහි. උදර පෝෂණය හේතුකොටගෙන රටින් ද ගිලිහුනෙහි ය. මේ ගාථාවෝ ද නව ලොව්තුරා දහම පවසති. ධර්‍මය හා අධර්‍මය කොහි සම වේ ද?
Pali BJT4252. අධම්මිකස්ස ලුද්දස්ස නිච්චං ලොහිතපාණිනො, නත්ථි සච්චං කුතො ධම්මො කිං සුතෙන කරිස්සසි.
Sinhala BJT4252. නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නො දැහැමි නුඹගේ සත්‍යයෙක් නැත. ධර්‍මයක් කොයින්ද? නුඹ මේ දහම් ඇසීමෙන් කුමක් කරන්නෙහි ද?
Pali BJT4253. යො මංසභෙතු මිගවං චරෙය්ය යො වා හනෙ පුරිසං අත්තහෙතු, උභොපි තෙ පෙච්ච සමා භවන්ති කස්මා නො{2} අධම්මිකං බ්රූහි මං ත්වං{3}.
Sinhala BJT4253. යමෙක් මාංශය හේතු කොටගෙන මුව දඩයමෙහි හැසිරේ ද? ආත්මාර්‍ත්‍ථය හේතු කොටගෙන යමෙක් මිනිසකු හෝ නසයි ද, ඒ දෙදෙනා ම පරලොව සම වෙති. ඔබ කුමක් හෙයින් මා අධාර්මිකයකු කොට කියන්නහු දැ යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4254. පඤ්ච පඤ්ච නඛා භක්ඛා ඛත්තියෙන පජානතා, අභක්ඛං{4} රාජ භක්ඛෙසි තස්මා අධම්මිකො තුවං.
Sinhala BJT4254. කරුණු දන්නා වූ ක්‍ෂිත්‍රියයකු විසින් නිය තිබෙන පසක් සතුන් අතුරින් පස් දෙනෙක් කෑ යුත්තාහ. මහරජ, නුඹ වනාහි නොකෑයුතු මිනීමස් කන්නෙහි ය. එබැවින් නුඹ අධාර්මික වෙහි.
Pali BJT4255. පුත්තො තුවං පොරිසාදස්ස හත්ථා ගන්ත්වා සකං මන්දිරං කාමකාමී, අමිත්තහත්ථං පුනරාගතොසි න ඛත්තධම්මෙ{5} කුසලොසි රාජ.
Sinhala BJT4255. කාමසම්පත් කැමති වන්නා වූ රජතුමනි, ඔබ පෝරිසාදයා වූ මා අතින් මිදී නැවත සතුරා වෙතට ආවහු ය. මහරජ එබැවින් ඔබ ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂයෙක් නො වන්නහු ය යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4256. යෙ ඛත්තධම්මෙ කුසලා භවන්ති පායෙන තෙ නෙරයිකා භවන්ති, තස්මා අහං ඛත්තධම්මං{5} පහාය සච්චානුරක්ඛි පුනරාගතොස්මි යජස්සු යඤ්ඤං ඛාද මං පොරිසාද.
Sinhala BJT4256. එම්බා පෝරිසාදය, යම් කෙනෙක් ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂ වෙද්ද, ඔව්හු බොහෝ සෙයින් ම නිරිසත්තු වෙති. එබැවින් මම ක්‍ෂත්‍රිය ධර්‍මය හැරපියා සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. මා මරා යාගය හෝ කරව. මාංශය හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.
Pali BJT4257. පාසාදවාසා පඨවීගවාස්සං කාමිත්ථියො කාසිකචන්දනඤ්ච, සබ්බං තහිං ලභසි සාමිතාය සච්චෙන කිං පස්සසි ආනිසංසං.
Sinhala BJT4257. යහළු සුතසෝමය, තුන් ඍතුයෙහි වාසයට සුදුසු ප්‍රාසාද ය පොළොව ය ගව අශ්වාදී සත්ත්‍වයෝ ය කාම වස්තු වූ ස්ත්‍රීහු ය කසී සළු ය රත්සඳුන් ය යන සියල්ල ඉසුරුබව්හි පිහිටි හෙයින් ඒ නගරයෙහි දී නො අඩුව ලබන්නෙහි ය. සත්‍යයෙන් කුමන අනුසසක් දක්නෙහි ද? කියා පෝරිසාදයා ඇසී ය.
Pali BJT4258. යෙ කෙචි මෙ අත්ථි රසා පථව්යා{6} සච්චං තෙසං සාදුතරං රසානං, සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා ච තරන්ති ජාති{7}මරණස්ස පාරං.
Sinhala BJT4258. පොළොවෙහි යම් මේ රසයෝ වෙද්ද, ඒ රස අතුරින් සත්‍යය ඉමිහිරි රසය යි. යම් හෙයකින් සත්‍යයෙහි පිහිටා සිටි මහණ බමුණෝ ජාති - ජරා - මරණයාගේ පරතෙරට යෙද්ද, එහෙයිනැ යි සුතසෝම රජතෙමේ කීවේ ය.
Pali BJT4259. මුත්තො තුවං පොරිසාදස්ස හත්ථා ගන්ත්වා සකං මන්දිරං කාමකාමී, අමිත්තහත්ථං පුනරාගතොසි නහා නූන තෙ මරණභයං ජනින්ද අලීනචිත්තො චසි{1} සච්චවාදී.
Sinhala BJT4259. කාමසම්පත් කැමති වන්නා වූ මහරජුනි, පෝරිසාද නම් වූ මා අතින් මිදුණා වූ ඔබ සිය භවනයට ගොස් නැවත ද සතුරා අතට ආවහු ය. ජනාධිපතිය, සත්‍යවාදී වූ ඔබ අවංක සිතැත්තාහු මෙහි ආවහු ය. ඒකාන්තයෙන් ඔබට මරණභයක් නැත්තේ යයි සිතමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4260. කතා මෙ කල්යාණා අනෙකරූපා යඤ්ඤා යිට්ඨා යෙ විපුලා පසත්ථා, විසොධිතො පරලොකස්ස මග්ගො ධම්මෙ ඨිතො කො මරණස්ස භායෙ.
Sinhala BJT4260. මා විසින් නොයෙක් විදියේ සත්ක්‍රියා කරනලදී. ප්‍රශස්ත වූ ද, මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. පරලොවට යන මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි සිටි කවරෙක් නම් මරණයට බිය වන්නේ ද? නො වන්නේ ම ය.
Pali BJT4261. කතා මෙ කල්යාණා අනෙකරූපා යඤ්ඤා යිට්ඨා සෙ විපුලා පසත්ථා, අනානුතප්පං පරලොකං ගමිස්සං යජස්සු යඤ්ඤං ඛාද{2} මං පොරිසාද.
Sinhala BJT4261. මා විසින් නන්වැදෑරුම් සත්ක්‍රියාවෝ කරන ලද්දාහ. ප්‍රශස්ත වූ ද මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාග හෝ කරව. අනුභව හෝ කරව.
Pali BJT4262. පිතා ච මාතා ච උපට්ඨිතා මෙ ධම්මෙන මෙ ඉස්සරියං පසත්ථං, විසොධිතො පරලොකස්ස මග්ගො ධම්මෙ ඨිතො කො මරණස්ස භායෙ.
Sinhala BJT4262. පියා ද මව ද මා විසින් උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදී. මා විසින් පරලෝ මග පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
Pali BJT4263. පිතා ච මාතා ච උපට්ඨිතා මෙ ධම්මෙන මෙ ඉස්සරියං පසත්ථං, අනානුතප්පං පරලොකං ගමිස්සං යජස්සු යඤ්ඤං ඛාද මං පොරිසාද.
Sinhala BJT4263. මා විසින් පියා ද මව ද යන දෙදෙන උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරනලදී. නො තැවෙමින් පරලෝ යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.
Pali BJT4264. ඤාතීසු මිත්තෙසු කතා මෙ කාරා ධම්මෙන මෙ ඉස්සරිං පසත්ථං, විසොධිතො පරලොකස්ස මග්ගො ධම්මෙ ඨිතො කො මරණස්ස භායෙ.
Sinhala BJT4264. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. පරලෝ මඟ පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
Pali BJT4265. ඤාතීසු මිත්තෙසු කතා{3} මෙ කාරා ධම්මෙන මෙ ඉස්සරිං පසත්ථං, අනානුතප්පං පරලොකං ගමිස්සං යජස්සු යඤ්ඤං ඛාද මං පොරිසාද.
Sinhala BJT4265. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව, අනුභව හෝ කරව.
Pali BJT4266. දින්නං මෙ දානං බහුධා බහුන්නං{4} සන්තප්පිතා සමණබ්රාහ්මණා ච, විසාධිතො පරලොකස්ස මග්ගො ධම්මෙ ඨිතො කො මරණස්ස භායෙ.
Sinhala BJT4266. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. පරලෝ මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.
Pali BJT4267. දින්නං මෙ දානං බහුධා බහුන්නං සන්තප්පිතා සමණබ්රාහ්මණා ච, අනානුතප්පං පරලොකං ගමිස්සං යජස්සු යඤ්ඤං ඛාද මං පොරිසාද.
Sinhala BJT4267. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.
Pali BJT4268. විසං පජානං පුරිසො අදෙය්ය ආසීවිසං ජලිතං උග්ගතෙජං, මුද්ධාපි තස්ස විපතෙය්ය{1} සත්තධා යො තාදිසං සච්චාදිං අදෙය්ය.
Sinhala BJT4268. යමෙක් ඔබ වැනි සත්‍යවාදියකු අනුභව කරන්නේ නම් හෙතෙමේ විෂ බුදින්නේ ය. උග්‍ර තේජස් ඇති දිලියෙන සර්‍පයකු හෝ ග්‍රීවයෙන් අල්වා ගන්නේ ය. ඔහුගේ මුදුන ද සත්කඩක් ව පැලෙන්නේ ය යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4269. සුත්වා ධම්මං විජානන්ති නරා කල්යාණපාපකං, අපි ගාථා සුණිත්වාන ධමෙම මෙ රමතී{2} මනො.
Sinhala BJT4269. යහළු සුතසෝම රජුනි, මිනිස්සු ධර්‍මය අසා හොඳ නරක දැනගනිත්. ඒ සතාරහ ගාථාවන් අසා මගේ සිත දහම්හි ඇලෙන්නේ නම් ඉතා යෙහෙකැ යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4270. සකිදෙව සුතසොම{3} සබ්භි හොති සමාගමො, සා නං සඞ්ගති පාලෙති නාසබ්භි බහු සඞ්ගමො.
Sinhala BJT4270. සුතසෝමය, සත්පුරුෂයන් සමග එක් වරක් සමාගමය වේ ද, ඒ සමාගමය ඔහු ආරක්‍ෂා කෙරේ. අසත්පුරුෂයන් සමග බොහෝ සෙයින් කරනලද සමාගමය ද එසේ ආරක්‍ෂා නො කෙරේ.
Pali BJT4271. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං{4}, සතං සද්ධම්මමඤ්ඤාය සෙය්යො හොති න පාපියො.
Sinhala BJT4271. සත් පුරුෂයන් සමග ම එක්ව වාසය කරන්නේ ය. සත්පුරුෂයන් සමග මිත්‍රසන්‍ථවය කරන්නේ ය. සත් පුරුෂයන්ගේ සද්ධර්‍මය නම් වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. පාපියෙක් නො වන්නේ ය.
Pali BJT4272. ජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති, සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො භවෙ සබ්භි පවෙදයන්ති.
Sinhala BJT4272. විසිතුරු කරන ලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරති. තවද මේ ශරීරය ද ජරාවට එළඹෙයි. බුද්ධාදි උතුමන්ගේ සත් තිස් බෝපැකි දහම් ජරාවට නො එළඹෙයි. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් උතුම් වූ ධර්‍මය ප්‍රකාශ කෙරෙත්.
Pali BJT4273. නභඤ්ච දූරෙ පඨවී{5} ච දූරෙ පාරං සමුද්දස්ස තදාහු දූරෙ, තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච රාජ.
Sinhala BJT4273. අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ යම් පරතෙරක් වේ ද, එය ද දුර යයි කියත්. මහරජ, සත්පුරුෂයන්ගේ දහම ද, අසත්පුරුෂයන්ගේ දහම ද. ඊටත් වඩා ඒකාන්තයෙන් දුර ම ය යි කියති යි කීවේ ය.
Pali BJT4274. ගාථා ඉමා අත්ථවතී සුව්යඤ්ජනා{6} සුභාසිතා තුය්හං ජනින්ද සුත්වා, ආනන්දි චිත්තො සුමනො පතීතො චත්තාරි තෙ සම්ම වරෙ දදාමි.
Sinhala BJT4274. මහරජ අර්‍ත්‍ථවත් වූ ද මනාසේ ඝටිත අක්‍ෂරයෙන් යුතු වූ ද සුභාසිත වූ ද ඔබගේ මේ ගාථා අසා හටගත් සතුටු ඇත්තෙමි. යහපත් සිතැත්තෙමි. ප්‍රීතිමත් වූයෙම්. මම ඔබට සිවු වරයක් දෙමැ යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4275. යො නත්තනො මරණං බුජ්ඣසි ත්වං හිතාහිතං විනිපාතඤ්ච සග්ගං, ගිද්ධො රසෙ දුච්චරිතෙ නිවිට්ඨො කිං ත්වං වරං දස්සසි පාපධම්ම{7}.
Sinhala BJT4275. ලාමක ස්වභාව ඇත්තාණෙනි, යම්බඳු වූ නුඹ තමන්ගේ මරණය නො දන්නෙහි ද? තමහට හිත වූ ද, අහිත වූ ද, අපායට යන්නා වූ කර්‍මය හා ස්වර්‍ගයට යන්නා වූ කර්‍මය ද නො දන්නෙහි ය. මිනීමස් රසයෙහි ගිජු වූයෙහි ද දුශ්චරිතයෙහි පිහිටියෙහි ද එබඳු නුඹ කිනම් වරයක් දෙන්නෙහි ද?
Pali BJT4276. අහඤ්ච තං දෙහි වරන්ති වජ්ජං ත්වඤ්චාපි දත්වාන අවාකරෙය්ය, සන්දිට්ඨිකං කලහමිමං විවාදං කො පණ්ඩිතො ජානමුපබ්බජෙය්ය.
Sinhala BJT4276. මම ද තොපට වරයක් දෙව යි කියන්නෙමි. නුඹ ද වරයක් මට දී එය දෙව යි කීකල නො දෙන්නෙහි ය. විරුද්ධ වාද ඇති මේ කලහය තමන් විසින් ම දැක්ක හැකි ආදීනව ඇත්තෙක. එය දැන දැන කිනම් පණ්ඩිතයෙක් එයට පැමිණෙන්නේ ද? නො පැමිණෙන්නේ ම ය.
Pali BJT4277. න තං වරං අරහති ජන්තු දාතුං යං වාපි දත්වාන අවාකරෙය්ය, වරස්සු සම්ම අවිකම්පමානො පාණං චජිත්වානපි දස්සමෙව.
Sinhala BJT4277. යම් හෙයකින් වරයක් දී පසුව එය නො දෙන්නේ නම් ඒ සත්‍ව තෙම එම වරය දීමට නුසුදුසු ය. මිත්‍රය නො පසුබට ව වරය ගනු මැනවි. ප්‍රාණය අත්හැර වුව එය දෙන්නෙමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4278. අරියස්ස අරියෙ සමෙති සක්ඛි{1} පඤ්ඤස්ස පඤ්ඤාණවතා සමෙති, පස්සෙය්ය තං වස්සසතං අරොගං{2} එතං වරානං පඨමං වරාමි.
Sinhala BJT4278. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්තයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. නුඹ සියක් වස් ජීවත් වන්නකු ලෙස දක්නට කැමැත්තෙමි, යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස ඉල්ලමි යි සුතසෝම රජ කීවේ ය.
Pali BJT4279. අරියස්ස අරියෙ සමෙති සක්ඛි{3} පඤ්ඤස්ස පඤ්ඤාණවතා සමෙති, පස්සපි{4} මං වස්සසතං අරොගං එතං වරානං පඨමං දදාමි.
Sinhala BJT4279. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්නතයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු ය. මා සියවස් ජීවත්වන්නකු ලෙස දක්නට කැමැත්තෙහි යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස දෙමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4280. යෙ ඛත්තියාසෙ ඉධ භූමිපාලා මුද්ධාභිසිත්තා කතනාමධෙය්යා, න තාදිසෙ භූමිපතී අදෙසි එතං වරානං දුතියං වරාමි.
Sinhala BJT4280. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමි පාලනය කරන්නා වූ යම් ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
Pali BJT4281. යෙ ඛත්තියාසෙ ඉධ භූමිපාලා මුද්ධාභිසිත්තා කතනාමධෙය්යා, න තාදිසෙ භූමිපතී අදෙමි එතං වරානං දුතියං දදාමි.
Sinhala BJT4281. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමිය පාලනය කරන්නා වූ යම් ඒ ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4282. පරොසතං ඛත්තියා තෙ ගහීතා තලාවුතා අස්සුමුඛා රුදන්තා, සකෙ තෙ රට්ඨෙ පටිපාදයාහි එතං වරානං තතියං වරාමි.
Sinhala BJT4282. නුඹ විසින් අත්තලවලින් අවුණනලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇති, හඬන්නා වූ සියයකට අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවලට යවව. වර අතුරින් මෙය තෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
Pali BJT4283. පරොසතං ඛත්තියා තෙ ගහීතා තලාවුතා අස්සුමුඛා රුදන්තා, සකෙන{5} රට්ඨෙන පටිපාදයාමි තෙ එතං වරානං තතියං දදාමි.
Sinhala BJT4283. මා විසින් අත්තලවලින් අවුණන ලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇත්තා වූ හඬන්නා වූ සියයකට වඩා අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවල් සමග සම්බන්‍ධ කරමි යි යන මෙය වර අතුරින් තෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4284. ඡිද්දන්තෙ රට්ඨං බ්යාධිතං භයාහි පුථූ නරා ලෙණමනුප්පවිට්ඨා, මනුස්සමංසං විරමෙහි රාජ. එතං වරානං චතුත්ථං වරාමි.
Sinhala BJT4284. එම්බා පෝරිසාද රජතුමනි, නුඹ විසින් රට සිදුරු කරන ලද. මිනිස්සු ආරක්‍ෂා ස්ථානවලට පිවිසියාහු ය. රජතුමනි, මිනීමසින් වෙන්වනු මැනවි. වර අතුරින් මෙය සිවුවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ කීයේ ය.
Pali BJT4285. අද්ධා හි සො භක්ඛො මමං මනාපො එතස්ස හෙතුම්හි වනං පවිට්ඨො, සොහං කථං එත්තො උපාරමෙය්යං අඤ්ඤං වරානං චතුත්ථං වරස්සු.
Sinhala BJT4285. යහළු සුතසෝම රජතුමනි, ඒ ආහාරය මට ඒකාන්තයෙන් ම මන වඩනේ ය. මෙය හේතු කොටගෙන ම මම වනයට පිවිසියෙමි. ඒ මම කෙසේ නම් මෙයින් වැළකෙම් ද? වර අතුරින් සතරවැන්න කොට අනිත් වරයක් ඉල්ලව යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4286. න චෙ පියං මෙති ජනින්ද තාදිසො අත්තං නිරංකත්වා පියානි සෙවති, අත්තාව සෙය්යො පරමාව සෙය්යො ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡා.
Sinhala BJT4286. මහරජ, තා වැන්නෙක් තමා ගැන නො සලකා ඒකාන්තයෙන් ම මෙය මට ප්‍රිය යයි ප්‍රිය වස්තූන් සේවනය නො කෙරෙයි. මිනිසාට වනාහි අන්‍ය වූ ප්‍රිය වස්තූන්ට වඩා ආත්මය ම උතුම් වන්නේ ය. දියුණු කරනලද යහපත ඇත්තහු විසින් පසුව ද ප්‍රිය වස්තු ලැබගත හැකි යයි සුතසෝම රජ කීයේ ය.
Pali BJT4287. පියං මෙ මානුසං මංසං සුතසොම විජානහි, නම්හි{1} සක්කො නිවාරෙතුං අඤ්ඤං තුවං සම්ම වරං වරස්සු.
Sinhala BJT4287. සුතසෝම රජතුමනි, මට මිනීමස් ප්‍රිය ය. ඒ බව දැන ගනුව. එයින් වළකින්නට නො හැක්කෙම් වෙමි. මිත්‍රය අනික් වරයක් ඉල්ලනු මැනැවැ යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4288. යො වෙ පියං මෙති පියානුකඞ්ඛි{2} අත්තං නිරං කත්වා පියානි සෙවති සොණ්ඩාව පීත්වාන විසස්ස{3} ථාලං තෙනෙව සො හොති දුඛී{4} පරත්ථ.
Sinhala BJT4288. යමෙක් වනාහි මෙය මට ප්‍රිය යයි ප්‍රිය දැය ම කැමති වන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය නො කොට ප්‍රිය වස්තූන් සේවනය කෙරේ ද, හෙතෙමේ විෂමිශ්‍ර සුරා බඳුනක් පානය කොට විපතට පත් වන්නා වූ රා සොඬකු සේ එයින් ම පරලොව්හි දුකට පත්වන්නේ ය යි සුතසෝම රජ තෙමේ කීවේ ය.
Pali BJT4289. යො චීධ සඞ්ඛාය පියානි හිත්වා කිච්ඡෙනපි සෙවති අරියධම්මං{5}, දුක්ඛිතොව පීත්වාන යථොසධානි තෙනෙව සො හොති සුඛී පරත්ථ.
Sinhala BJT4289. පෝරිසාද රජතුමනි, මේ ලෝකයෙහි යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තූන් හැරදමා දුකසේ වුව ද ආර්‍ය්‍ය ධර්‍මය සේවනය කෙරේ නම් හෙතෙමේ අපහසුවෙන් බෙහෙත් පානය කොට සුවපත් වන්නකු මෙන් එයින් ම පරලොව සුව ඇත්තෙක් වන්නේ යයි සුතසෝම රජ කීය.
Pali BJT4290. ඔහායහං පිතරං මාතරඤ්ච මනාපිකෙ{6} කාමගුණෙ ච පඤ්ච, එතස්ස හෙතුම්භි වනං පවිට්ඨො තන්තෙ වරං කින්ති මහං දදාමි.
Sinhala BJT4290. යහළු සුතසෝම රජතුමනි, මම වනාහි මාපියන් ද මනවඩන පංචකාම වස්තූන් ද හැරදමා මේ හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඒ වරය මම නුඹට කුමක් කොට දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4291. න පණ්ඩිතා ද්විගුණං අහු වාක්යං සච්චප්පටිඤ්ඤාව භවන්ති සන්තො, වරස්සු සම්ම ඉති මං අවොච ඉච්චබ්රවී ත්වං න හි තෙ සමෙති.
Sinhala BJT4291. යහළු පෝරිසාදය, පණ්ඩිතයෝ එකක් කියා එය වළහමින් නැවත දෙවැන්නක් නො කියත්. ඒ සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඥා ඇත්තෝ වෙත් මැ යි. යහළුව කැමති වරයක් ඉල්වවයි, නුඹ මට කී වෙහි ය. ඒ හා මෙය සමතත්‍වයට නො යේ යයි සුතසෝම රජ කීය.
Pali BJT4292. අපුඤ්ඤලාභං අයසං අකිත්තිං පාපං බහුං දුච්චරිතං කිලෙසං, මනුස්සමංසස්ස කතෙ{7} උපාගා තන්තෙ වරං කින්තිමහං දදෙය්යං.
Sinhala BJT4292. යහළු සුතසෝම රජුනි, මනුෂ්‍යමාංශය හේතු කොටගෙන අපුණ්‍යලාභයට ද පරිවාරාදි සම්පත්වලින් දුරු වීමට ද අපකීර්තියට ද බොහෝ පව්කම්වලට ද දුශ්චරිතයට ද දුකට ද පැමිණියෙමි. ඒ වරය කෙසේ නම් ඔබට මම දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4293. න තං වරං අරහති ජන්තු දාතුං යං වාපි දත්වාන අවාකරෙය්ය, වරස්සු සම්ම අවිකම්පමානො පාණං චජිත්වානපි දස්සමෙව.
Sinhala BJT4293. යහළු පෝරිසාදය, සත්‍ව තෙමේ යම් වරයක් දී නැවත ගන්නේ නම් එබඳු වරය දෙන්නට නො වටී. ප්‍රාණය අත්හැර වුව දෙන්නෙම් මැ ය. නො පසුබට ව වර ගනීවා යි කීයෙහි ය.
Pali BJT4294. පාණං චජන්ති සන්තො නාපි ධම්මං. සච්චප්පටිඤ්ඤා ච භවන්ති සන්තො, දත්වා වරං ඛිප්පමවාකරොහි එතෙන සම්පජ්ජ සුරාජසෙට්ඨ.
Sinhala BJT4294. සත්පුරුෂයෝ ප්‍රාණය හැරදමති. ධර්‍මය නො හැරදමති. සත්පුරුෂයෝ සත්‍යප්‍රතිඥා ඇත්තෝ වෙති. උතුම් රාජශ්‍රේෂ්ඨය, මට වරය දී නැවත වහා නො ගනුව. මේ සත්‍යකාරණයෙන් යුක්ත වනු මැනවි.
Pali BJT4295. ධනං චජෙ{1} යො පන අඞ්ගහෙතු අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො, අඞ්ගං ධනං ජීවිතං චාපි සබ්බං චජෙ නරො ධම්මමනුස්සරන්තො.
Sinhala BJT4295. යහළු පෝරිසාදය, යම් නුවණැත්තෙක් ශරීරාංගයන් හේතු කොටගෙන ධනය හැරදමන්නේ ද, දිවි රක්නේ ශරීරාවයව හැරදමන්නේ ද, සත්පුරුෂ ධර්‍මය සිහි කරන තැනැත්තේ ශරීරාවයව ද ධනය ද ජීවිතය ද යන සියල්ල හැරදමන්නේ ය.
Pali BJT4296. යස්සා හි ධම්මං පුරිසො විජඤ්ඤා යෙ චස්ස කඞ්ඛං විනයන්ති සන්තො, තං හිස්ස දීපඤ්ච පරායණඤ්ච න තෙන මිත්තිං ජරයෙථ{2} පඤ්ඤො.
Sinhala BJT4296. යහළු පෝරිසාදය, යම් මනුෂ්‍යයෙක් යම් කෙනකුන්ගෙන් කුශලාකුශල ධර්‍මය දැනගන්නේ ද, යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුද්ගලයාගේ සැක දුරු කෙරෙද්ද, හේ ඔහුට පිහිට ද ආරක්‍ෂාව ද වෙයි. නුවණැත්තේ ඒ ඇදුරු පුද්ගලයා සමග මිත්‍රකම නො නසන්නේ ය යි සුතසෝම රජ කීයේ ය.
Pali BJT4297. අද්ධා හි සො භක්ඛො මමං{3} මනාපො එතස්ස හෙතුම්භි වනං පවිට්ඨො, සචෙව මං යාචසි එතමත්ථං එතම්පි තෙ සම්ම වරං දදාමි.
Sinhala BJT4297. ඒකාන්තයෙන් ම ඒ මිනීමස් කෑම මට මනාපය. එය හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඉදින් මේ පිණිස මගෙන් ඉල්ලන්නෙහි නම් නුඹට එම වරය ද දෙමි යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4298. සත්ථා ච මෙ හොසි සඛා ච මෙසි වචනම්පි තෙ සම්ම අහං අකාසිං, තුවම්පි මෙ සම්ම කරොහි වාක්යං උභොපි ගන්ත්වාන පමොචයාම.
Sinhala BJT4298. යහළු සුතසෝම රජුනි, නුඹ මගේ අනුශාසකයා වෙහි. මාගේ යහළුවා ද වන්නෙහි. යහළුව, නුඹගේ වචනය ද මම කෙළෙමි. යහළුව, නුඹ ද මගේ කීම කරවු. අපි දෙදෙනා ම ගොස් ඒ රජ දරුවන් මුදන්නෙමු යි පෝරිසාදය කීවේ ය.
Pali BJT4299. සත්ථා ච තෙ හොමි සඛා ච ත්යම්හි වචනම්පි මෙ සම්ම අහං අකාසි, අහම්පි තෙ සම්ම කරොමි වාක්යං උභොපි ගන්ත්වාන පමොචයාම.
Sinhala BJT4299. පින්වත් රජතුමනි, මම නුඹගේ අනුශාසකයා වෙමි. යහළුවා ද වෙමි. යහළුව, නුඹ මගේ වචනය කෙළෙහි. යහළුව, මම ද නුඹගේ වචනය කරමි. අපි දෙදෙනා ම ගොස් ඒ රජදරුවන් මුදන්නෙමු යි සුතසෝම රජ කීවේ ය.
Pali BJT4300. කම්මාසපාදෙන විහෙඨිතත්ථ{4} තලාවුතා අස්සුමුඛා රුදන්තා, න ජාතු දුබ්භෙථ ඉමස්ස රඤ්ඤො සච්චප්පටිඤ්ඤං මෙ පටිස්සුණාථ.
Sinhala BJT4300. පින්වත් රජුනි, තෙපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දහු ය. අතුල්තලවලින් අවුණන ලද්දහු කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වූවහු ය. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරවු. මේ සත්‍ය ප්‍රතිඥාව මට දෙව යි සුතසෝම රජ ඒ රජවරුන්ට කීවේ ය.
Pali BJT4301. කම්මාසපාදෙන විහෙඨිතම්භා තලාවුතා අස්සුමුඛා රුදන්තා, න ජාතු දුබ්භෙම ඉමස්ස රඤ්ඤො සච්චප්පටිඤ්ඤන්තෙ පටිස්සුණාම.
Sinhala BJT4301. අපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දෝ වෙමු. අතුල්තලවලින් අවුණන ලද්දෝ කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වෙමු. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරන්නෙමු. ඔබට සත්‍ය ප්‍රතිඥාව දෙමු යි රජවරු කීහ.
Pali BJT4302. යථා පිතා වා අථවාපි මාතා අනුකම්පකා අත්ථකාමා පජානං, එවමෙව වො හොතු අයඤ්ච රාජා තුම්හෙ ච වො හොථ යථෙව පුත්තා.
Sinhala BJT4302. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද තොපට එසේම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද තෙපි ද එසේම වව යි සුතසෝම රජ කීවේ ය.
Pali BJT4303. යථා පිතා වා අථවාපි මාතා අනුකම්පකා අත්ථකාමා පජානං, එවමෙව නො හොතු අයඤ්ච රාජා මයම්පි හෙස්සාම යථෙව පුත්තා.
Sinhala BJT4303. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද අපට එසේ ම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද, අපි ද එසේ වෙමු යි රජවරු කීහ.
Pali BJT4304. චතුප්පදං සකුණඤ්චාපි මංසං සූදෙහි රන්ධං සුකතං සුනිට්ඨිතං, සුධංව ඉන්දො පරිභුඤ්ජියාන හිත්වා කථෙකො රමසී අරඤ්ඤෙ.
Sinhala BJT4304. යහළු පෝරිසාදය, අරක්කැමියන් විසින් මනාව පිසන ලද හොඳින් පිළියෙළ කරනලද, මනාව නිමවනලද සිවුපා සතුන් පිළිබඳ වූ ද පක්‍ෂීන් පිළිබඳ වූ ද මස් සහිත බොජුන් ශක්‍රයා සුධා භෝජනය වළඳන්නාක් මෙන් වළඳා, දැන් එය අත්හැර වනයෙහි හුදෙකලා වැ කෙසේ නම් වසන්නෙහි ද?
Pali BJT4305. තා ඛත්තියා චෙලලි{1}විලාකමජ්ඣා අලඞ්කතා සම්පරිවාරයිත්වා, ඉන්දංව දෙවෙසු පමොදයිංසු හිත්වා කථෙකො රමසී අරඤ්ඤෙ
Sinhala BJT4305. රන්වන් රසින් බබළන්නා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇති අලංකෘත වූ ඒ රාජස්ත්‍රීහු හාත්පස පිරිවරාගෙන දෙවියන් කෙරෙහි ශක්‍රයා මෙන් ඔබ තුටුකළා හුය. දැන් ඔවුන් හැර කෙසේ නම් හුදෙකලා ව මේ වනයෙහි සිත් අලවන්නෙහි ද?
Pali BJT4306. තම්බූපධානෙ බහුගොණකම්භි සුචිම්භි සබ්බස්සයනම්භි සඤ්ඤතෙ,{2} සයනස්ස{3} මජ්ඣම්භී සුඛං සයිත්වා හිත්වා කථෙකො රමසී අරඤ්ඤෙ.
Sinhala BJT4306. රතු කොට්ට ඇති බොහෝ එළුලොම් ඇතිරි සහිත හැම ඇතිරියෙන් අතුරනලද, හොඳින් පිළියෙළ කරනලද, සයන මධ්‍යයෙහි සුවසේ සයනය කොට දැන් එය හැර හුදෙකලා ව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?
Pali BJT4307. පාණිස්සරං කුම්භථූනං නිසීථෙ{4} අථොපි වෙ නිප්පුරිසම්පි තුරියං, බහුං සුගීතඤ්ච සුවාදිතඤ්ච හිත්වා කථෙකො රමසී අරඤ්ඤෙ.
Sinhala BJT4307. රාත්‍රියෙහි අත්තල ගැසීම ය කළපිඹීම ය එසේ ම පුරුෂයන්ගෙන් අමිශ්‍රිත ව පවත්වනු ලබන තූර්‍ය්‍යය ද මනාකොට ගයන ලද බොහෝ යහපත් ගී ද මනාකොට වයනලද බොහෝ යහපත් වැයුම් ද අත්හැරදමා හුදෙකලාව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?
Pali BJT4308. උය්යානසම්පන්නං පහූතමාල්යං{5} මිගාවිරූපෙන{6} පුරං සුරම්මං, හයෙහි නාගෙහි රථෙහුපෙතං හිත්වා කථෙකො රමසී අරඤ්ඤෙ.
Sinhala BJT4308. බොහෝ මල් ඇති උද්‍යානාඞ්ගයන්ගෙන් පිරිපුන් මිගාචර නම් උයනින් යුක්ත වූ ද අසුන්ගෙන් හා ඇතුන්ගෙන් හා රිය වලින් ද යුත් ඉතා සිත්කලු නගරය අත්හැරදමා හුදෙකලාව මේ වනයෙහි සිත් අලවා කෙසේ නම් වෙසෙන්නෙහි දැ යි සුතසෝම රජ විචාළේ ය.
Pali BJT4309. කාළපක්ඛෙ යථා චන්දො හායතෙව සුවෙ සුවෙ, කාළපක්ඛූපමො රාජ අසතං හොති සමාගමො.
Sinhala BJT4309. යම්සේ නම් කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස පිරිහේ ද, මහරජ, අසත්පුරුෂයන්ගේ සමාගමය කෘෂ්ණපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.
Pali BJT4310. යථා රසකමාගම්ම සූදකං පුරිසාධමං, අකාසිං පාපකං කම්මං යෙන ගච්ඡාමි දුග්ගතිං.
Sinhala BJT4310. අධම පුරුෂ වූ රසක නම් අරක්කැමියාගේ ඇසුරට පැමිණ යම් පාපකර්‍මයක් කරණ කොටගෙන යම්සේ දුගතියට යෙම් ද එබඳු පාප කර්‍මයක් කෙළෙම් එහෙයිනි.
Pali BJT4311. සුක්කපක්ඛෙ යථා චන්දො වඩ්ඪතෙව සුවෙ සුවෙ, සුක්කපක්ඛූපමො රාජ සතං හොති සමාගමො.
Sinhala BJT4311. යම්සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස වැඩේ ද, රජතුමනි, සත්පුරුෂයන්ගේ සමාගමය ශුක්ලපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.
Pali BJT4312. යථාහං තව මාගම්ම සුතසොම විජානහි, කාහාමි කුසලං කම්මං යෙන ගච්ඡාමි සුග්ගතිං.
Sinhala BJT4312. සුතසෝමය, මම කුශලකර්‍මයක් කරණ කොටගෙන යම්සේ සුගතියට යෙම් ද, මම නුඹ වෙතට පැමිණ කුසල් කෙරෙම් ද එහෙයිනි.
Pali BJT4313. ථලෙ යථා වාරි ජනින්ද වට්ටං{1} අනද්ධ{2}නෙය්යං අචිරට්ඨිතිකං, එවම්පි චෙ හොති අසතං සමාගමො අනද්ධනෙය්යො උදකං ථලෙව.
Sinhala BJT4313. ජනාධිපතිය, යම්සේ ගොඩබිමැ වර්‍ෂා කළ ජලය අද්ධානක්‍ෂම නො වන්නේ වැඩිකල් නො පවත්නේ ද, අසත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිද්දෙන් ම වන්නේ ය. ගොඩබිමැ දියමෙන් අද්ධානක්‍ෂම නො වේ.
Pali BJT4314. සරෙ යථා වාරි ජිනින්ද වට්ටං චිරට්ඨිතිකං නරවිරිය{3}සෙට්ඨ, එවම්පි වෙ හොති සතං සමාගමො චිරට්ඨිතීකො{4} උදකං සරෙව.
Sinhala BJT4314. ජනාධිපතිය, යම්සේ නම් සමුද්‍රයෙහි වසිනලද ජලය බොහෝකල් පවත්නේ වේ ද, වීර්‍ය්‍යයෙන් අගතැන්පත් නරශ්‍රේෂ්ඨය, සත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිදි වේ. සමුද්‍රයෙහි වසිනලද ජලය මෙන් බොහෝ කල් පවත්නේ වෙයි.
Pali BJT4315. අව්යායිකො හොති සතං සමාගමො යාවම්පි තිට්ඨෙය්ය තථෙව හොති, ඛිප්පං හි වෙති අසතං සමාගමො තස්මා සතං ධම්මො අසබ්භි ආරකා.
Sinhala BJT4315. සත්පුරුෂයන්ගේ සමාගමය වෙන් ව නො යන්නේ වේ. යම්තාක් කල් ජීවත් වේ නම් ඒතාක් කල් පවත්නේ ය. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා විනාශයට යේ. එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය තෙම අසත්පුරුෂයන්ගෙන් දුරු වෙයි.
Pali BJT4316. න සො රාජා යො{5} අජෙය්යං ජිනාති න සො සඛා යො සඛාරං ජිනාති, න සා භරියා යා පතිතො විභෙති න තෙ පුත්තා යෙ{6} න භරන්ති ජිණ්ණං.
Sinhala BJT4316. යම් රජෙක් නො දිනිය යුතු මා පියන් දිනා ද, හෙතෙමේ රජෙක් නො වේ. යමෙක් යහළුවා දිනා ද, හෙතෙමේ යහළුවෙක් නො වේ. යම් ස්ත්‍රියක් ස්වාමිපුරුෂයාට බිය නැත්තී ද, ඕ තොමෝ භාර්‍ය්‍යාවක් නො වන්නී ය. යම් දරු කෙනෙක් ජරා ජීර්‍ණ වූ මා පියන් පෝෂණය නො කෙරෙද්ද, ඔවුහු පුත්‍රයෝ නො වෙත්.
Pali BJT4317. න සා සභා යත්ථ න සන්ති සන්තො සන්තො න තෙ යෙ න භනන්ති ධම්මං, රාගඤ්ච දොසඤ්ච පහාය මොහං ධම්මං භණන්තොව භනන්ති සන්තො.
Sinhala BJT4317. යම් සභාවෙක්හි පණ්ඩිතයෝ නො වෙද්ද, ඕ සභාවක් නො වන්නී ය. යමෙක් ස්වභාවධර්‍මය නො බෙණෙත් ද, ඔවුහු පණ්ඩිතයෝ නො වෙති. රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හිතානුකම්පී ව ධර්‍මය කියන්නාහු නම් පණ්ඩිතයෝ නම් වෙත්.
Pali BJT4318. න භාසමානං{1} ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං, භාසමානඤ්ච ජානන්ති දෙසෙන්තං අමතං පදං,
Sinhala BJT4318. බාලයන් හා මිශ්‍ර ව වෙසෙන කථා නො කරන්නහු පණ්ඩිතයා යයි නො දනිත්. අමෘතපදය දෙසන්නා වූ කථා කරන්නහු ම පණ්ඩිතයෝ යයි දනිත්.
Pali BJT4319. භාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිනං ධජං, සුභාසිතද්ධජා{2} ඉසයො ධම්මො හි ඉසිනං ධජොති.
Sinhala BJT4319. පණ්ඩිත පුරුෂ තෙම ධර්‍මය කියන්නේ ය. ධර්‍මය බබුළුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජය දැඩි කොට ගන්නේ ය. ඍෂිවරු සුභාෂිතය ධජ කොට ඇත්තෝ ය. ධර්‍මය වනාහි ඍෂිවරුන්ගේ ධ්වජය වේ මැ යි.
Pali BJTමහාසුතසොමජාතකං.
Sinhala BJTමහාසුතසෝම ජාතක යි.
Pali BJTඅසීතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඅසීති නිපාතය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුමුඛො පන හංසවරො ච මහා සුධාභොජනිකො ච පරො පවරො, සකුණාලදිජාධිපතිව්හයනො සුතසොම වරුත්තම සව්හයනො’ති.
Sinhala BJTඋතුම් වූ සුමුඛ හංසයා ඇති චුල්ලහංස ජාතකය ද, යළි මහාහංස ජාතකය ද, අන්‍ය ප්‍රවරවූ සුධාභෝජන ජාතකය ද, ඒ කුණාල නම් පක්‍ෂි රාජයා ඇති කුණාල ජාතකය ද, උතුම් වූ මහා සුතසෝම ජාතකය ද, වේ ය යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයේ
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTඛුද්දකනිකායෙහි
Pali BJTජාතකපාළි
Sinhala BJTජාතක පාළි
Pali BJT(තතියො භාගො)
Sinhala BJT(තෘතීය භාගය)
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTමහානිපාතො
Sinhala BJTමහා නිපාතය
Pali BJT1. මූගපක්ඛජාතකං
Sinhala BJT1. මූගපක්ඛ ජාතකය
Pali BJT4320. මා පණ්ඩිතියං{1} විභාවය බාලමතො භව සබ්බපාණිනං, සබ්බො ජනො{2} තං ඔචිනායතු එවං තව අත්ථො භවිස්සති.
Sinhala BJT4320. පුත, තේමිය කුමාරය, නුවණැති බව පහළ නො කළ මැනැවැ. හැම සතුනට අඥානයෙකැ යි සම්මතවනු මැනැවැ. සියලු මහජන තෙමේ තොප කාලකණ්ණියෙකැ යි අවඥා කෙරේවා. මෙසේ ඇති කල තොපගේ අභිමතාර්‍ත්‍ථය සිදුවන්නේ යැ යි සේසතට අරක්ගත් දෙව්දූ කීවා ය.
Pali BJT4321. කරොමි තෙ තං වචනං යං මං භණසි දෙවතෙ, අත්ථකාමාසි මෙ අම්ම හිතකාමාසි දෙවතෙ.
Sinhala BJT4321. එම්බා දේවතාවනි, මට යමක් කියහි ද ඔබගේ ඒ වචනය කෙරෙමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තාහු ය. දේවතාවනි, ඔබ මට හිත කැමැත්තාහු යි කුමාර තෙමේ කී ය.
Pali BJT4322. කින්නුසන්තරමානොව කාසුං ඛණසි සාරථි, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කිං කාසුයා කරිස්සසි.
Sinhala BJT4322. එම්බා සාරථීය, යුහුසුලු වැ කුමකට වළක් හාරන්නෙහි ද? යහළුව, පුළුවුස්නාලද්දෙහි මෙ කරුණ මට කියව. මේ වළින් කවර නම් වැඩක් කරන්නෙහි දැ යි කුමරු විචාළේ.
Pali BJT4323. රඤ්ඤො මූගො ච පක්ඛො ච පුත්තො ජාතො අචෙතසො, සොම්හි රඤ්ඤා සමජ්ඣිට්ඨො{3} පුත්තං මෙ නිඛණං{4} වනෙ.
Sinhala BJT4323. අපගේ රජුට ගොළු වූ පිළු වූ සිතිවිලි නැති පුතෙක් උපන. ඒ මම රජු විසින් ‘මාගේ පුතු වනයෙහි වළලව’ යි අණ ලද්දෙමි කී.
Pali BJT4324. න බධිරො න මූගොස්මි න පක්ඛො නපි පඞ්ගුලො,{5} අධම්මං සාරථි කයිරා මඤ්චෙ ත්වං නිඛණං වනෙ.
Sinhala BJT4324. සාරථිය, මම ගොළු නො වෙමි, බිහිරි නො වෙමි, කොර නො වෙමි, පිළු ද නො වෙමි ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
Pali BJT4325. ඌරූ බාහූ ච මෙ පස්ස භාසිතඤ්ච සුණොහි මෙ, අධම්මං සාරථි කයිරා මඤ්චෙ ත්වං නිඛණං වනෙ.
Sinhala BJT4325. මාගේ දෑත දෙකලවා බලව. මාගේ වචන ද අසව. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
Pali BJT4326. දෙවතානුසි ගන්ධබ්බො ආදු{6} සක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං.
Sinhala BJT4326. ඔබ දෙවියෙක් ද? ගන්‍ධර්‍වයෙක් ද? නොහොත් පුරින්‍දද නම් සක්දෙව් රජ ද? ඔබ කවර නම් කෙනෙක් ද? කවර නම් කෙනෙකුන්ගේ පුතෙක් දැ?යි සාරථී ඇසී.
Pali BJT4327. නම්හි දෙවො න ගන්ධබ්බො නපි{7} සක්කො පුරින්දදො, කාසිරඤ්ඤො අහං පුත්තො යං කාසුයා නිඝඤ්ඤසි.
Sinhala BJT4327. මම දෙවියෙක් ද නො වෙමි, ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි, පුරින්‍දද නම් සක්දෙව් රජ ද නො වෙමි. තෝ යමකු වළ ලන්නෙහි නම් ඒ කසී රජුගේ පුත් ම වෙමි කී.
Pali BJT4328. තස්ස රඤ්ඤො අහං පුත්තො යං ත්වං සමුපජීවසි,{1} අධම්මං සාරථි කයිරා මං වෙ ත්වං නිඛණං වනෙ.
Sinhala BJT4328. සාරථීය, තෝ යම් රජකු නිසා ජීවත් වෙහි ද මම ඒ රජුගේ පුතා වෙමි. ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
Pali BJT4329. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදූභො{2} හි පාපකො.
Sinhala BJT4329. යමෙක් යම් රුක් සෙවණකැ හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද ඔහු ඒ රුකෙහි අතු නො බිඳියයුතු ය. කවර හෙයින් ද යත්, මිත්‍රද්‍රෝහි තැනැත්තේ වනාහි පවිටු අසත්පුරුෂයෙකි.
Pali BJT4330. යථා රුක්ඛො තථා රාජා යථා සාඛා තථා අහං. යථා ඡායූපගො පොසො එවං ත්වමසි සාරථි; අධම්මං සාරථි කයිරා මඤ්චෙ ත්වං නිඛණං{3} වනෙ.
Sinhala BJT4330. සාරථීය, වෘක්‍ෂය යම්සේ නම් රජ තෙමේ ද එසේ වෙයි. එ රුකෙහි අත්තක් යම්සේ ද මම එසේ වෙමි. රුක් සෙවනට පැමිණි පුරුෂ තෙමේ යම්සේ ද තෝ එසේ වෙහි. සාරථීය, ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කරන්නෙහි යැ යි කී ය.
Pali BJT4331. පහුතභක්ඛො{4} භවති විප්පවුත්ථො{5} සකාඝරා,{6} බහූ නං උපජීවන්ති යො මිත්තානං න දූභති{7}
Sinhala BJT4331. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද හේ සිය නිවෙසින් නික්මැ බැහැර ගියේ බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ. ඔහු අනුව ජීවත් වන්නෝ ද බොහෝ වෙති.
Pali BJT4332. යං යං ජනපදං යාති නිගමෙ රාජධානියො,{8} සබ්බත්ථ පූජිතො හොති යො මිත්තානං න දූභති.
Sinhala BJT4332. යමෙක් මිත්‍රද්‍රෝහි නො කෙරේ ද හේ යම් යම් ජනපදයකට නියම්ගමකට රාජධානියකට හෝ යේ ද සියලු තන්හි දී මැ පුදන ලද්දෙක් වේ.
Pali BJT4333. නාස්ස චොරා පසහන්ති නාතිමඤ්ඤෙති{9} ඛත්තියො, සබ්බෙ අමිත්තෙ තරති යො මිත්තානං න දූභති.
Sinhala BJT4333. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද සොරකම් කිරීම වශයෙන් ඔහුට සොරු බලහත්කාරකම් නො කරති. රජ තෙමේ ඔහු ඉක්මවා නො සිතයි. හේ සියලු සතුරන් ජයගැනීමෙන් මැඩ පවත්වයි.
Pali BJT4334. අක්කුද්ධො{10} සඝරං එති සභාය{11} පටිනන්දිතො, ඤාතීනං උත්තමො හොති යො මිත්තානං න දූභති.
Sinhala BJT4334. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද බැහැර ගිය හේ නො කිපියේ සිය නිවෙසට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ නෑයනට උතුමෙක් ද වෙයි.
Pali BJT4335. සක්කත්වා සක්කතො හොති ගරු හොති සගාරවො,{12} වණ්ණකිත්තිභතො හොති යො මිත්තානං න දූභති.
Sinhala BJT4335. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද අනුනට සත්කාර කිරීමෙන් හේ ද සත්කාර ලද්දෙක් වෙයි. අනුනට ගරු ඇත්තේ තෙමේ ද ගරු කළ යුත්තෙක් වෙයි. උසස් කොට වර්‍ණනා කරනලද ගුණැත්තේ පතළ කීර්තියෙන් ද යුත් වේ.
Pali BJT4336. පූජකො ලභතෙ පූජං වන්දකො පටිවන්දනං, යසො කිත්තිඤ්ච පප්පොති යො මිත්තානං න දූභති.
Sinhala BJT4336. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද මිතුරන් පුදන හෙ පුද ලබන්නෙක් ද වෙයි. වැඳියයුත්තන් වඳින හෙ වැඳුම් ලබන්නෙක් ද වෙයි. කීර්තියෙන් හා පිරිවරින් ද යුතු වේ.
Pali BJT4337. අග්ගි යථා පජ්ජලති දෙවතාව විරොචති, සිරියා අජහිතො හොති යො මිත්තානං න දූභති.
Sinhala BJT4337. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද හේ ගිනි මෙන් දිලියෙයි. දෙවියකු මෙන් බබළයි. ශ්‍රීයා විසින් නො හරනා ලද්දේ ද වේ.
Pali BJT4338. ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති, වුත්තානං ඵලමස්නාති{1} යො මිත්තානං න දූභති.
Sinhala BJT4338. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද ඔහුට ගෙරි සරක් බොහෝ වෙති. හෙවත් බෙහෙවින් උපදිති. කෙතෙහි වපුළ බිජුවට මනා වැ වැඩේ. ඒ ධාන්‍ය ඵල හෙවත් අස්වැන්න මැනැවින් අනුභව කෙරේ.