Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 7733

SegmentPali BJTSinhala BJT
Pali BJT168. යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බධම්මෙ තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා නමො විමුත්තානං නමො විමුත්තියා. ඉමං සො පරිත්තං කත්වා මොරො චරති එසනා.
Sinhala BJT168. සියලු (ස්කන්‍ධාදි) ධර්‍මයන් සිය නැණින් දැනැ ගත්තා වූ යම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා, අර්‍හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, (තදඞ්ගාදි පඤ්ච) විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා, ඒ මයූරයා මේ පිරිත කොට ගොදුරු සෙවීම පිණිස හැසිරේ.
Pali BJT169. අපෙතයං චක්ඛුමා එකරාජා හරිස්සවණ්ණො පඨවිප්පභාසො, තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරෙමු රත්තිං.
Sinhala BJT169. චක්‍ෂුස්මත් වූ ඒකරජා වූ ස්වර්‍ණවර්‍ණ වූ පොළොව බබුළුවන්නා සූර්‍ය්‍යයා අස්තයට යෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ ඔබට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්‍ෂා කරන ලද්දමෝ රාත්‍රියෙහි වාස කරම්හ.
Pali BJT170. යෙ බ්රාහ්මණා වෙදගූ සබ්බධම්මෙ තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා නමො විමුත්තානං නමො විමුත්තියා. ඉමං සො පරිත්තං කත්වා මොරො වාසමකප්පයී’ති.
Sinhala BJT170. සියලු ධර්‍මයන් සිය නැණින් දැනැ ගන්නාවූ යම් (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද ඔවුනට මාගේ නමස්කාරය වේවා, ඒ උතුමෝ මා පාලනය කෙරෙත්වා, බුදුවරයනට මාගේ නමස්කාරය වේවා, බෝධිඥානයට ද මාගේ නමස්කාරය වේවා අර්‍හත්ඵලවිමුක්තීන් විමුක්තයනට ද මාගේ නමස්කාරය වේවා, විමුක්තියට ද මාගේ නමස්කාරය වේවා. ඒ මයුරයා මේ පිරිත කොට වාසය කෙළේ යි.
Pali BJT9. මොරජාතකං.
Sinhala BJT9. මොර ජාතක යි.
Pali BJT171. එවමෙව නූන{1} රාජානං වෙදෙහං මිථිලග්ගහං, අස්සා වහන්ති ආජඤ්ඤා යථා හංසා විනීලකං.
Sinhala BJT171. කාරණාකාරණ දන්නා වූ හංසයෝ යම්සේ විනීලක නම් වූ මා උසුළද්ද එමෙන් මැ විදේහාධිපති වූ මියුලු නුවරැ රජු අශ්වයෝ උසුළත්.
Pali BJT172. විනීල දුග්ගං භජසි අභූමිං තාත සෙවසි, ගාමන්තිකානි{2} සෙවස්සු එතං මාතාලයං තවා’ති.
Sinhala BJT172. විනීලය, තෝ පර්‍වත දූර්‍ගය සෙවුනෙහි දරුව, තට භූමි නො වූ පර්‍වත විෂමස්ථානය සෙවුනෙහි ග්‍රාමාන්තයෙහි වූ (කසළගොඩ අමුසොහොන් ආදී) ස්ථානයෝ සේවන කර, තෙල තොප මවගේ වාසස්ථාන යි.
Pali BJT10. විනීලකජාතකං.
Sinhala BJT10. විනීල ජාතක යි.
Pali BJTදළ්හවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි දළ්හ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරමල්ලිකදද්දරසුකරකො උරගුත්තම පඤ්චම ගග්ගවරො, මහතී චමූ යා ච සිගාලවරො සුහනුත්තමමොරවිනීල දස.
Sinhala BJTඋතුම් මල්ලික (රාජෝවාදක) යැ, දද්දර (සිඟාල) යැ, ශුකර ජාතක යැ, උරගජාතක යැ, පස්වැනි ගග්ගජාතක යැ, මහාසේනා ඇති (අලීනචිත්ත) ජාතක යැ, සිඟාල (ගුණ) ජාතක යැ, සුහනු ජාතක යැ, උතුම් වූ මොර ජාතක යැ, විසීලක ජාතක යැ, යන දසය යි.
Pali BJT2. සන්ථවවග්ගො
Sinhala BJT2. සන්‍ථව වර්‍ගය
Pali BJT173. න සන්ථවං කාපුරිසෙන කයිරා අරියො හි අරියෙන පජානමත්ථං විරානුවුත්ථොපි කරොති පාපං ගජො යථා ඉන්දසමානගොත්තං.
Sinhala BJT173. අර්‍ත්‍ථය දන්නා වූ (ආචාර) ආර්‍ය පුද්ගල තෙමේ අනාර්‍ය්‍ය වූ කුත්සිත පුද්ගලයා හි සහවාසය නො කරන්නේ ය. (කුමක් හෙයින් ද යත්) බොහෝ කාලයක් එක් වැ වාසය කළත් පව් කරන්නේ ය. බොහෝ කාලයක් එක් වැ වාසය කළ ඉන්‍දසමානගොත්ත නම් තාපසයා මැරූ හස්තියා මෙනි.
Pali BJT174. යංත්වෙව{1} ජඤ්ඤා සදිසො මමන්ති සීලෙන පඤ්ඤාය සුතෙන චාපි. තෙනෙව මෙත්තිං කයිරාථ සද්ධිං, සුඛාවහො{2} සප්පුරිසෙන සඞ්ගමොති.
Sinhala BJT174. ශීලයෙන් ද ප්‍රඥාවෙන් ද ශ්‍රැතයෙන් ද,යම් තැනැත්තකු මා හා සදෘශ යයි දන්නේ ද ඔහු හා සමග ම මිත්‍රත්‍වය කරන්නේ මැනැවි. සත්පුරුෂයා හා එක් වැ වාසය සුව එළවන්නේ යි.
Pali BJT1. ඉන්දසමානගොත්තජාතකං.
Sinhala BJT1. ඉන්‍දසමානගොත්ත ජාතක යි.
Pali BJT175. න සත්ථවස්මා පරමත්ථි පාපියො යො සන්ථවො කාපුරිසෙන හොති, සන්තප්පිතො සප්පිනා පායසෙන{3} කිච්ඡා කතං පණ්ණකුටිං අදඩ්ඪහි.
Sinhala BJT175. කුත්සිත පුරුෂයා සමඟ යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. (කුමක් හෙයින් ද යත්) ගිතෙලින් කිරිබත් සන්තර්පිත වූ හෙවත් පුදනු ලැබූ ගින්න දුකසේ කරන ලද (ඒ කිරිබත පිසූ) අතුපැල දැවි ද (එහෙයිනි.)
Pali BJT176. න සන්ථවස්මා පරමත්ථි සෙය්යො යො සන්ථවො සප්පුරිසෙන හොති, සීහස්ස ව්යග්ඝස්ස ච දීපිනො ච සාමා මුඛං ලෙහති සන්ථවෙනා’ති.
Sinhala BJT176. සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේ ද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් බවෙක් නැත. (කුමක් මෙන් ද යත්) සහවාසය කරණ කොටගෙනැ සාමා මෘගධේනුව සිංහයාගේ ද ව්‍යාඝ්‍රයාගේ ද දිවියාගේ ද මුහුණ ලොවි. (එමෙනි)
Pali BJT2. සන්ථවජාතකං.
Sinhala BJT2. සන්‍ථව ජාතක යි.
Pali BJT177. කාළා මිගා සෙතදන්තා තව ඉමෙ{4} පරොසතං හෙමජාලාහිසඤ්ඡන්නා{5}, තෙ තෙ දදාමීති සුසීම බ්රූසි අනුස්සරං පෙත්තිපිතාමහානං.
Sinhala BJT177. සුසීම මහරජ, තොපගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සාදන ලදහ. තෙල ඇතුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඔවුනට (අන් බමුණනට) දෙමි යි කීයෙහි සැබැවෙක් ද?
Pali BJT178. කාළා මිගා සෙතදන්තා මම ඉමෙ{6} පරොසතං හෙමජාලාභිසඤ්ජන්නා, තෙ තෙ දදාමීති වදාමි මාණව අනුස්සරං පෙත්තිපිතාමහානත්ති.
Sinhala BJT178. මාණවකය, මාගේ මේ සියයකට අධික වූ සුදු දළ ඇති කළුපැහැ ඇත්හු රන්දැලින් සදන ලදහ. ඔවුන් පියමුතුන් සිරිත් සිහි කෙරෙමින් ඒ බමුණනට දෙමි යි කීමි.
Pali BJT3. සුසීමජාතකං.
Sinhala BJT3. සුසීම ජාතක යි.
Pali BJT179. යන්නු ගිජ්ඣො යොජනසතං කුණපානි අවෙක්ඛති, කස්මා ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣසි.
Sinhala BJT179. ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියා වූ ද කුණපයන් දකී. (එහෙත්) මරුදැලටත් මලපුඬුවටත් පැමිණ ද කුමක් හෙයින් එය නො දත්හි ද,
Pali BJT180. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ්ඛයෙ, අථ ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣතී’ති.
Sinhala BJT180. ජීවිතාවසානය පැමිණි යම් කලෙක්හි විනාශය වන්නේ ද එකල්හි සත්ත්‍ව තෙමේ මරුදැලට ද මලපුඬුවට ද පැමිණත් (ජීවිත විනාශ කාරණය) නො දනී.
Pali BJT4. ගිජ්ඣජාතකං.
Sinhala BJT4. ගිජ්ඣ ජාතක යි.
Pali BJT181. සන්ධිං කත්වා අමිත්තෙන අණ්ඩජෙන ජලාබුජ, විවරිය දාඨං සෙසි කුතො තං{1} භයමාගතං.
Sinhala BJT181. ජලාබුජය (මුගටිය) සතුරු වූ අණ්ඩජයා (සර්‍පයා) සමඟ මිතුරුකම් කොට දළ විවෘත කැරැගෙනැ හෝනෙහි ය. තට බිය කොයින් ආයේ ද,
Pali BJT182. සඞ්කෙථෙව අමිත්තස්මිං මිත්තස්මිම්පි න විස්සසෙ, අභයා භයමුප්පන්නං අපි මූලානි කන්තතී’ති.
Sinhala BJT182. සතුරා කෙරෙහි දු සැක කරන්නේ මැ ය. මිතුරා කෙරෙහි දු විශ්වාස නො කරන්නේ ය. මිත්‍ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල් ද කපා විනාශ කරන්නේ ය.
Pali BJT5. නකුලජාතකං.
Sinhala BJT5. නකුල ජාතක යි.
Pali BJT183. උපසාළ්හකනාමානං සහස්සානි චතුද්දස්ස, අස්මිං පදෙසෙ දඩ්ඪානි නත්ථි ලොකෙ අනාමතං.
Sinhala BJT183. උපසාළ්හක නමින් තුදුස් දහස් දෙනෙක් මේ ප්‍රදේශයෙහි දවන ලදහ. මේ ලොව්හි අමාතස්ථානයෙක් නැත.
Pali BJT184. යම්හි සච්චඤ්ච ධම්මො ච අහිංසා සංයමො දමො, එතදරියා සෙවන්ති එතං ලොකෙ අනාමතන්ති.
Sinhala BJT184. යම් පුද්ගලයකු කෙරෙහි සත්‍යය ද ධර්‍මය ද අවිහිංසාව ද ශීලසංයමය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණයෝ වෙත් ද ආර්‍ය්‍යයෝ මේ ස්ථානය සේවනය පිණිස එළඹෙත්. ලොව්හි මේ ගුණසමූහය (අමෘතභාවය සිදු කරනුයෙන්) අමෘතස්ථාන නම් වේ.
Pali BJT6. උපසාළ්හජාතකං.
Sinhala BJT6. උපසාළ්හක ජාතක යි.
Pali BJT185. අභුත්වා භික්ඛසි භික්ඛු න හි භුත්වාන භික්ඛසි, භුත්වාන භික්ඛු භික්ඛස්සු මා තං කාලො උපච්චගා.
Sinhala BJT185. මහණ, යොවුන් වියෙහි කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙහි. කාමයන් අනුභව කොට භික්‍ෂාවෙහි නො හැසිරෙන්නෙහි. මහණ, තරුණ කාලයෙහි කාමයන් අනුභව කොට මහලු වියෙහි භික්‍ෂාවෙහි හැසිරෙව. (කාමයන් අනුභවයට සුදුසු කාලය තොප නො ඉක්මේවා).
Pali BJT186. කාලං වොහං න ජානාමි ඡන්නො කාලො න දිසස්ති, තස්මා අභුත්වා භික්ඛාමි මා මං කාලො උපච්චගාති.
Sinhala BJT186. මම (ඔබ කියන) කාලය නො දනිමි. කාලය සැඟවුණේ නො දක්නා ලැබෙයි. එහෙයින් කාමයන් අනුභව නො කොට භික්‍ෂාවෙහි හැසිරෙමි. මා තපස්කාලය නො ඉක්මේවා.
Pali BJT7. සමිද්ධිජාතකං.
Sinhala BJT7. සමිද්ධි ජාතක යි.
Pali BJT187. සෙනො බලසා පතමානො ලාප ගොචරඨායිනං, සහසා අජ්ඣප්පත්තො මරණං තෙනුපාගමි.
Sinhala BJT187. වේගයෙන් දිවෙන උකුසු ගෝචරයෙහි සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේ ඒ ශීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේ ය.
Pali BJT188. සොහං නයෙන සම්පන්නො පෙත්තිකෙ ගොචරෙ රතො, අපෙතසත්තු මොදාමි සම්පස්සංමි අත්ථමත්තනොති.
Sinhala BJT188. නීතියෙන් සම්පූර්‍ණයෙමි, පිය පරපුරෙන් ආ ගෝචරයෙහි ඇලුණෙමි. පහ වූ සතුරා ඇති ඒ මම තමහට අර්‍ත්‍ථයක් බලාපොරොත්තුවෙමින් සතුටු වෙමි.
Pali BJT8. සකුණග්ඝිජාතකං.
Sinhala BJT8. සකුණග්සි ජාතක යි.
Pali BJT189. යො චෙ මෙත්තෙන චිත්තෙන සබ්බලොකානුකම්පති, උද්ධං අධො ච තිරියඤ්ච අප්පමාණෙන සබ්බසො.
Sinhala BJT189. යමෙක් ඒකාන්තයෙන් මැ අප්‍රමාණ වූ මෛත්‍රි සිතින් උඩින් ද යටින් ද සරසින් දැ යි සර්‍වප්‍රකාරයෙන් සකල ලෝකයා කෙරෙහි අනුකම්පා කෙරේ ද,
Pali BJT190. අප්පමාණං හිතං චිත්තං පරිපුණ්ණං සුභාවිතං, යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සතී’ති.
Sinhala BJT190. අප්‍රමාණ වූ හිත වූ මෛත්‍රී චිත්තය සම්පූර්‍ණ කොට මනා වැ වඩන ලද ද, (එසේ මැ) ප්‍රමාණවත් වැ කරන ලද (යම් කාමාවචර) කුශලකර්‍මයෙක් වේ ද ඒ කර්‍මය මෛත්‍රී චිත්තයෙහි නො සිටිනේ ය. (අර්‍පණාප්‍රාප්ත මෛත්‍රී චිත්තය කාමාවචර කුශල කර්‍මය යටපත් කොට සිටි යනු අදහසය.)
Pali BJT9. අරකජාතකං.
Sinhala BJT9. අරක ජාතක යි.
Pali BJT191. නායං පුරෙ උන්නමති{1} තොරණග්ගෙ කකණ්ටකො, මහොසධ විජානාහි කෙන ථද්ධො කකණ්ටකො.
Sinhala BJT191. තොරණෙහි අගැ සිටින මේ කටුස්සා පූර්‍වයෙහි උඩඟු නො වී ය. මහෞෂධය, කටුස්සා කවර හෙයින් උඩඟු වී දැ යි දනුව.
Pali BJT192. අලද්ධපුබ්බං ලද්ධානං අද්ධමාසං කකණ්ටකො, අතිමඤ්ඤති රාජානං වෙදෙහං මිථිලග්ගහන්ති.
Sinhala BJT192. කටුස්සා පෙරැ නො ලද විරූ අඩමස්සක් ලදින් මියුලු නුවරැ වේදේහ රජු ඉක්මවා සිතා යි.
Pali BJT10. කකණ්ටක ජාතකං{*}.
Sinhala BJT10. කකණ්ටක ජාතක යි.
Pali BJTසන්ථවවග්ගො දුතියො
Sinhala BJTදෙවෙනි සන්‍ථව වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ ඉන්දසමානසපණ්ණකුටි සුසිමුත්තමගිජ්ඣජලාබුජකා, උපසාළ්හකභික්ඛු සලාපවරො අථ මෙන්තවරො දස උන්නමතීති.
Sinhala BJTපණ්ණකුටිය සැවූ සන්‍ථවජාතකය සමඟ ඉන්‍දිසමාන ගොත්ත ජාතකය යැ. උතුම් වූ සුසීම ජාතක යැ. ගිජ්ඣ ජාතක යැ, (ජලාබුජක) නකුල ජාතක යැ, උපසාළ්හක යැ. (භික්‍ඛු) සමිද්ධි ජාතකයැ. (ලාප) සකුණග්සී ජාතක යැ, (මෙත් වැඩූ) අරක ජාතක යැ. (උන්නමනය ඇති) කකණ්ටක ජාතකය යන දසය වෙත්.
Pali BJT3. කල්යාණධම්මවග්ගො
Sinhala BJT3. කල්‍යාණධම්ම වර්‍ගය
Pali BJT193. කල්යාණධම්මොති යදා ජනින්ද ලොකෙ සමඤ්ඤා අනුපාපුණාති, තස්මා න හීයෙථ නරො සපඤ්ඤො හිරියාපි සන්තො ධුරමාදියන්ති.
Sinhala BJT193. නිරිඳුනි, ලොව්හි යම් කලෙකැ කල්‍යාණධර්‍ම ඇත්තේ යයි සම්මතයට පැමිණි ද නුවණැති මනුෂ්‍ය තෙමේ ඒ සොඳුරුබව නො පිරිහෙළයි. විළිබියෙන් යුත් සත්පුරුෂයෝ පැවිද්ද ලබාගනිත්.
Pali BJT194. සායං සමඤ්ඤා ඉධ ම’ජ්ජපත්තා කල්යාණධම්මොති ජනින්ද ලොකෙ, තා’හං සමෙක්ඛං ඉධ පබ්බජිස්සං. න හි ම’ත්ථි ඡන්දො ඉධ කාමභොගෙ’ති.
Sinhala BJT194. නිරිඳුනි, ලොව්හි කල්‍යාණධර්‍ම යයි යමක් ඇත්තේ ද ඒ මේ ප්‍රඥප්තිය මා විසින් අද ලබන ලද ද ඒ ප්‍රඥප්තිය මම බලන්නෙම්, පැවිදි වන්නෙමි, කාමානුභවයෙහි කැමැත්තෙක් නැති.
Pali BJT1. කල්යාණධම්මජාතකං.
Sinhala BJT1. කල්‍යාණධම්ම ජාතක යි.
Pali BJT195. කො නු සද්දෙන මහතා අභිනාදෙති දද්දරං, කිං සීහා නප්පටිනන්දන්ති{1} කො නාමෙසො මිගාධිභූ
Sinhala BJT195. මෘගරාජය, මේ රිදී පර්‍වතය මහත් ශබ්දයෙන් ගුගුරුවන්නේ කවරෙක් ද කවර හෙයින් සිංහයෝ ප්‍රතිනාද නො කෙරෙත් ද මේ තෙමේ කිනම් ඇත්තෙක් ද.
Pali BJT196. අධමො මිගජාතානං සිගාලො තාත වස්සති, ජාතිමස්ස ජිගුච්ඡන්තා තුණ්හී සීහා සමච්ඡරෙති.
Sinhala BJT196. පුත්‍රය, මෘගජාතීනට අධම වූ සිවලා හඬයි. මොහුගේ ජාතිය පිළිකුල් කෙරෙමින් නිහඬ වැ හිඳිත්.
Pali BJT2. දද්දරජාතකං.
Sinhala BJT2. දද්දර ජාතක යි.
Pali BJT197. තාත මාණවකො ඵසො තාලමූලං අපස්සිතො, අගාරකඤ්චිදං අත්ථි හන්ද දෙමස්ස’ගාරකං.
Sinhala BJT197. පියාණෙනි, තෙල මාණවක තල්ගසමුලැ ඇසුරු කොට සිටී. මේ ගෙය ද ඉඩ ඇත. එබැවින් මොහුට අපගේ ගෙය ඉඩ දෙමු.
Pali BJT198. මා ඛො තං තාත පක්කොසි දූසෙය්ය නො අගාරකං, නෙතාදිසං මුඛං හොති බ්රාහ්මණස්ස සුසීලිනො’ති.
Sinhala BJT198. දරුව, ඔහු නො කැඳව, අපගේ ගෙය දූෂණය කරන්නේ ය, සුසිල්වත් බමුණකුගේ මුහුණ මෙබඳු නො වේ.
Pali BJT3. මක්කටජාතකං.
Sinhala BJT3. මක්කට ජාතක යි.
Pali BJT199. අදම්හ තෙ වාරි පහූතරූපං{2} ඝම්මාභිතත්තස්ස පිපාසිතස්ස, සොදානි පීත්වාන කිකිං කිරොසි අසංගමො{3} පාපජනෙන සෙය්යො.
Sinhala BJT199. හිරු රැසින් තැවී පිපාසිත වූ තට බොහෝ ජලය දුනිමි. හේ තෝ ජලය බී දැන් කිං කිං (යි වඳුරු ශබ්ද) කෙරෙහි ය. පාපජනයන් හා එක් නොවීම ශ්‍රේෂ්ඨ යි.
Pali BJT200. කො තෙ සුතො වා දිට්ඨො වා සීලවා නාම මක්කටො, ඉදානි කො තං ඌහච්ච{4} ඵසා අස්මාක ධම්මතා’ති.
Sinhala BJT200. කවර නම් වඳුරෙක් සිල්වතැ යි තා විසින් අසන ලද ද දක්නා ලද ද, දැන් තා හිසැ වර්චස් හෙළා කිලිටි කෙරෙමි. මෝ තොමෝ අපගේ ධර්‍මතා යි.
Pali BJT4. දුතියමක්කටජාතකං.
Sinhala BJT4. දුතියමක්කට ජාතක යි.
Pali BJT201. සබ්බෙසු කිර භූතෙසු සන්ති සීලසමාහිතා, පස්ස සාඛා මිගං ජම්මං ආදිච්චමුපතිට්ඨති.
Sinhala BJT201. සියලු භූතයන් (සත්ත්‍වයන්) කෙරෙහි සිල්වත් එකඟ සිතැත්තෝ ඇත්ල. හීන වූ වඳුරා බලව. (හෙතෙමේ) සූර්‍ය්‍යයා වඳිමින් සිටී.
Pali BJT202. නාස්ස සීලං විජානාථ අනඤ්ඤාය පසංසථ අග්ගිහුත්තඤ්ච ඌහන්තං{1} ද්වෙ ච භින්නා කමණ්ඩලූ’ති.
Sinhala BJT202. මොහුගේ ශීලය නො දන්නහු ය, නො දැනැ ප්‍රශංසා කරන්නහු ය. (මොහු විසින්) ගිනිදෙවි පුදන කෙණෙස්ස ද වර්චසින් කිලිටි කරන ලද, දෙ කුණ්ඩිකාවෝ ද බිඳින ලදහ.
Pali BJT5. ආදිච්චුපට්ඨානජාතකං.
Sinhala BJT5. ආදිච්චුපට්ඨාන ජාතක යි.
Pali BJT203. බාලො වතායං දුමසාඛගොචරො පඤ්ඤා ජනින්ද නයිමස්ස විජ්ජති, කළායමුට්ඨං අවකිරිය කෙවලං එකං කළායං පතිතං ගවෙසති.
Sinhala BJT203. ජනේශ්වරය, වෘක්‍ෂශාඛාවන්හි හැසිරෙන මේ වඳුරා එකතින් මැ අඥාන ය, මොහුට නුවණ නැත. කළුමෑමිට බිම හෙළා බිමහුණු එක් මැ මෑඇටය සොයයි.
Pali BJT204. එවමෙව මයං රාජ යෙ චඤ්ඤෙ අතිලොභිනො, අප්පෙන බහු ජිය්යාම{2} කළායෙනෙව වානරොති.
Sinhala BJT204. එපරිද්දෙන් මැ මහරජ, දැඩි ලෝභී වූ අපි ද යම් අනෙක් කෙනෙක් දැ යි යන සියල්ලෝ මැ මෑඇට මිටින් වඳුරා මෙන් බෙහෙවින් පිරිහෙමු.
Pali BJT6. කළායමුට්ඨිජාතකං.
Sinhala BJT6. කළායමුට්ඨි ජාතක යි.
Pali BJT205. ධනුහත්ථ කලාපෙහි නෙත්තිංසවරධාරිහි, සමන්තා පරිකිණ්ණම්හා කථං මොක්ඛො භවිස්සති.
Sinhala BJT205. දුනු හියවුරු ගත් දුනුවායන් විසින් ද උතුම් කඩු ගත් යෝධයන් විසින් ද හාත්පසින් පිරිවරනලදුම්හ. මෙයින් මිදීමෙක් කෙසේ නම් වන්නේ ද,
Pali BJT206. අප්පෙව බහුකිච්චානං අත්ථො ජායෙථ කොචි නං, අත්ථි රුක්ඛස්ස අච්ඡින්නං ඛජ්ජතඤ්ඤෙව තින්දුකන්තී.
Sinhala BJT206. බොහෝ කටයුතු ඇතියනට කිසි අර්‍ත්‍ථයෙක් උපන්නේ වි නම් යෙහෙක. තිඹිරි ගසෙහි ඵල නො කැඩූ තැන් ඇත. තින්‍දුක ඵල කන්නට ලැබේවා.
Pali BJT7. තින්දුකජාතකං.
Sinhala BJT7. තින්‍දුක ජාතක යි.
Pali BJT207. ජනිත්තම්මෙ භවිත්තම්මෙ{3} ඉති පඞ්කෙ අවස්සයිං, තං මං පඞ්කො අජ්ඣභවි යථා දුබ්බලකං තථා තං තං වදාමි භග්ගව සුණොහි වචනං මම.
Sinhala BJT207. මාගේ උපන් බිම ය කියා ද වැඩුණු බිම ය කියා ද මඩෙහි වැදැ හොත්තෙමි. මා ඒ මඩ දුර්‍වලවූවකු යම්සේ ද එසේ මැ විනාශයට පැමිණවී ය. භාර්‍ගවය, එහෙයින් තට කියමි. මාගේ වචන අසව.
Pali BJT208. ගාමෙ වා යදි රඤ්ඤෙ සුඛං යත්රාධිගච්ඡති, තං ජනිත්තං භවිත්තඤ්ච{1} පුරිසස්ස පජානතො, යම්හි ජීවෙ තම්හි{2} ගච්ඡෙ න නිකෙතහතො සියාති.
Sinhala BJT208. ගමෙහි වේවයි අරණ්‍යයෙහි වේවයි යම් තැනෙක්හි සුව පැමිණියේ ද ඒ ස්ථානය කරුණු දන්නා වූ පුරුෂයාට උපන් තැන ද වැඩුණු තැන ද වේ. යම් තැනෙක්හි ජීවත්වියහැක්කේ ද එතැනට යන්නේ ය. වසනතැන නැති වූයේ නො වන්නේ යි.
Pali BJT8. කච්ඡපජාතකං.
Sinhala BJT8. කච්ඡප ජාතක යි.
Pali BJT209. තඤ්ච අප්පඤ්ච උච්ඡිට්ඨං තඤ්ච කිච්ඡෙන නො අදා, සොහං බ්රාහ්මණජාතිකො මං භුත්තං තම්පි උග්ගතං.
Sinhala BJT209. ඒ බත ද ස්වල්පය (මඳ ය), ඒ මඳබත ද ඉඳුල් ය, ඒ මඳ වූ ඉඳුල් වූ බත දුකසේ දින (ලැබිණ). ඒ මම පිරිසිදු බමුණුකුල ඇත්තෙමි. මා විසින් කන ලද එකී ආහාරය ද ලේත් සමඟ උඩට නැඟිණ (වමනය විය).
Pali BJT210. එවං ධම්මං නිරං කත්වා යො අධම්මෙන ජීවති, සතධම්මොව ලාභෙන ලද්ධෙනපි න නන්දතී’ති.
Sinhala BJT210. එලෙසින් (ආජීව පාරිශුද්ධි ශීල නම් වූ) ධර්‍මය දුරු කොට යම් මහණෙක් අධර්‍මයෙන් ජීවත් වේ ද හේ සතධර්‍ම බ්‍රාහ්මණයා මෙන් ලද අහරින් තුටු නො වේ. (දුකට පැමිණේ.)
Pali BJT9. සතධම්මජාතකං.
Sinhala BJT9. සතධම්ම ජාතක යි.
Pali BJT211. දුද්දදං දදමානානං දුක්කරං කම්මකුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො.
Sinhala BJT211. අසත්පුරුෂයෝ (හැම දෙනා විසින් මැ නො කළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන් ද දුෂ්කර ක්‍රියා කරන්නවුන් ද අනුකරණ නො කෙරෙති. (එසේ මැ) සත්පුරුෂයන්ගේ ස්වභාව සඞ්ඛ්‍යාත දානය (මෙ බඳු ඵලවිපාක ඇතැයි) නො දත හැකි වෙති.
Pali BJT212. තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතො ගති, අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණා’ති.
Sinhala BJT212. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු භවයෙහි ප්‍රතිසන්‍ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සවර්‍ගපරායණ වෙත්.
Pali BJT10. දුද්දදජාතකං.
Sinhala BJT10. දුද්දද ජාතක යි.
Pali BJTකල්යාණධම්මවග්ගො තතියො.
Sinhala BJTතෙවන කල්‍යාණ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුසමඤ්ඤමිගාධිභූ මාණවකො වාරිපහුතරූපාදිච්චුපට්ඨානා, සකළායසතින්දුකපඞ්ක පුන සතධම්ම සුදුද්දදකෙන දස.
Sinhala BJTසුසමඤ්ඤ කල්‍යාණධම්ම ජාතක යැ (මිගාධිභූ) දද්දර ජාතක යැ, (මාධවක) මක්කට ජාතක යැ, (වාරි පහූත) දුතිය මක්කට ජාතක යැ, ආදිච්චුපට්ඨාන ජාතක යැ, කළායමුට්ඨි තින්‍දුක ජාතක සහිත වූ (පඞ්ක) කච්ඡප ජාතක යැ, සතධම්ම ජාතකය හා දුද්දද ජාතකයෙන් දසය වේ.
Pali BJT4. අසදිසවග්ගො
Sinhala BJT4. අසදිස වර්‍ගය
Pali BJT213. ධනුග්ගහො අසදිසො රාජපුත්තො මහබ්බලො, දූරෙපාතී{1} අක්ඛණවෙධී මහාකායප්පදාලනො.
Sinhala BJT213. මහත් වූ බල ඇති සර (ඊතල) දුරට විදිනා වූ ඉලක්ක නො වරදවා විදින මහාකායයන් පළන්නා වූ අසදෘශ නමැති රාජ පුත්‍ර ධනුර්ධර තෙමේ;
Pali BJT214. සබ්බාමිත්තෙ රණං කත්වා න ච කිඤ්චි විහෙඨයි{2}, භාතරං සොත්ථිං කත්වාන සඤ්ඤ මං අජ්ඣුපාගමී’ති.
Sinhala BJT214. සියලු සතුරන් යුද කොට පලවා හැරැ කිසිවක්හු නො පෙළී ය. මලණුවන් සුවපත් කොට ශීලසංයමයට හෙවත් පැවිද්දට පැමිණියේ යි.
Pali BJT1. අසදිසජාතකං.
Sinhala BJT1. අසදිස ජාතක යි.
Pali BJT215. සඞ්ගාමාවචරො සූරො බලවා ඉති විස්සුතො, කින්නු තොරණමාසජ්ජ පටික්කමසි තුඤ්ජර.
Sinhala BJT215. යුද මැඩ හැසිරෙන ශූර වූ එඩි ඇති බලවතැ යි කියා ප්‍රසිද්ධයෙහි ය. හස්තිය, වාසල් දොරටුවට පැමිණ කවර හෙයින් පසුබසිහි ද?
Pali BJT216. ඔමද්ද ඛිප්පං පළිඝං ඵසිකානි ච අබ්බ{3}, තොරණානි{4} පමද්දිත්වා ඛිප්පං පවිස කුඤ්ජරාති.
Sinhala BJT216. යතුරු අගුල වහා මඩිනු, එසිකාස්තම්භයන් ද (අගුලුකණුව) වහා උදුරව. හස්තිරජාය, වාසල් දොරටුව මැඩැ වහා (නුවරට) පිවිසෙව.
Pali BJT2. සඞ්ගාමාවචරජාතකං.
Sinhala BJT2. සඞ්ගාමාවචර ජාතක යි.
Pali BJT217. {*}වාළොදකං අප්පරසං නිහීනං පීත්වා මදො ජායති ගද්රභානං, ඉමඤ්ච පීත්වාන රසං පණීතං මදො න සඤ්ජායති සින්ධවානං.
Sinhala BJT217. (නියඳ කඩින් පෙරූ) අල්ප වූ හීන වූ රස ඇති ජලය බී කොටළුවනට මද හටගනී. ප්‍රණීත වූ මේ රසය බී සෛන්‍ධවයනට මද නො හටගනී. (මීට කාරණා කිම් දැ යි විචාළේ ය.)
Pali BJT218. අප්පං පිවිත්වාන නිභිනජච්චො සො මජ්ජති{5} තෙන ජනින්ද ඵුට්ඨො, ධොරය්හසීලො ච කුලම්භි ජාතො න මජ්ජති අග්ගරසං පිවිත්වා’ති.
Sinhala BJT218. ජනෙන්‍ද්‍රය, හීනජාති ඇති ඒ හීනභාවයෙන් පහස ලැබූ හෙතෙමේ රසමඳ ජලය බී මත් වෙයි. ධුරවහනසුලු උසස් කුලයෙහි උපන් (හෙයින්) සෛන්‍ධවයා අග්‍ර වූ මිදිරස බී ද මත් නො වේ.
Pali BJT3. වාළොදකජාතකං.
Sinhala BJT3. වාලෝදක ජාතක යි.
Pali BJT219. දූසිතො ගිරිත්තෙන හයො සාමස්ස පණ්ඩවො, පොරාණං ව පකතිං හිත්වා තස්සෙව අනුවිඨියති.
Sinhala BJT219. සාම රජුගේ පණ්ඩව නම් අශ්වයා ගිරිදත්ත නම් කොර අස්පලුවා විසින් දූෂණය කැරිණ. පුරාණ (නො කොර) ස්වභාවය හැරැ අස්පලුගේ කොරය අනු වැ හික්මේ.
Pali BJT220. සචෙ ව{6} තනුජො පොසො සිඛරාකාරකප්පිතො,{7} ආනනෙ තං ගහෙත්වාන මණ්ඩලෙ පරිවත්තයෙ ඛිප්පමෙව පහත්වාන තස්සෙව අනුවිධීයතීති.
Sinhala BJT220. ඉදින් ඕහට අනුරූප වැ උපන් සොඳුරු බැවින් කල්පිත වූ (සැදුම් ලත්) පුරුෂයෙක් මුවලනුව ගෙනැ අසු අශ්වමණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොරබව හැරැ වහා මැ අශ්වයාගේ උතුම් ස්වභාවය අනු වැ හික්මේ.
Pali BJT4. ගිරිදත්තජාතකං.
Sinhala BJT4. ගිරිදත්ත ජාතක යි.
Pali BJT221. යථොදකෙ ආවිලෙ අප්පසන්නෙ න පසස්ති සිප්පිසම්බුකං මච්ඡගුම්බං එවං ආවිලෙ හි චිත්තෙ න පස්සති අත්තදත්ථං පරත්ථං.
Sinhala BJT221. යම්සේ මඬින් මිශ්‍ර වූ නො පැහැදුණු ජලයෙහි රන්වන් බෙල්ලන් ද වටබෙල්ලන් ද මසුන් ද (බලන්නේ නමුදු) නො දකී. එමෙන් මැ සිත කැලැඹුණු කල්හි ද ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථයන් නො දකී. (නො පෙනේ).
Pali BJT222. යථොදකෙ අච්ඡෙ විප්පසන්නෙ සො පස්සති සිප්පිසම්බුකං මච්ඡගුම්බං එවං අනාවිලෙ හි චිත්තෙ සො පස්සති අත්තදත්ථං පරත්ථන්ති.
Sinhala BJT222. යම්සේ නො කැලැඹුණු පැහැදුණු දියෙහි රන්වන් බෙල්ලන් ද මසුන් ද හේ (බලන පුරුෂයා) දකී ද එමෙන් මැ හිත (ලෝහාදියෙන්) නො කැලඹුණු කල්හි ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද හේ (රාගාදීන් දුරු කළ සිතැති පුරුෂ) දකී.
Pali BJT5. අනභිරතිජාතකං.
Sinhala BJT5. අනභිරති ජාතක යි.
Pali BJT223. වණ්ණගන්ධරසූපෙතො අම්බායං{1} අහුවා පුරෙ, තමෙව පූජං ලභමානො කෙනම්බො කටුකප්ඵලො.
Sinhala BJT223. මේ අඹරුක පූර්‍වයෙහි වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද යුක්ත වූයේ වී ය. පූර්‍වයෙහි කළ සැලැකිලි දැනුදු ලබමින් මේ අඹ රුක කවර හෙයින් තිත්ත වූ ඵල ඇත්තේ වී ද?
Pali BJT224. පුචිමන්දපරිවාරො අම්බො තෙ දධිවාහන, මූලං මූලෙන සංසට්ඨං සාඛා සාඛා නිසෙවරෙ{2} අසතං සන්නිවාසෙන තෙනම්බො කටුකප්ඵලො’ති.
Sinhala BJT224. දධිවාහන රජුනි, ඔබේ අඹරුක කොහොඹ රුක් පිරිවර කොට ඇත්තේ මූලයෝ මුලින් එක් වැ සිටියහ. ශාඛාවෝ ශාඛාවන් හා සෙවුනාහ. ඒ අමධුර වූ කොහොඹ රුක් හා සහවාසයෙන් මිහිරි අඹරුක අමිහිරි පල ඇත්තේ වී ය.
Pali BJT6. දධිවාහනජාතකං.
Sinhala BJT6. දධිවාහන ජාතක යි.
Pali BJT225. උච්චෙවිටහි{3} මාරුය්හ මන්තයව්හො රහොගතා, නීචෙ ඔරුය්හ මන්තව්හො මිගරාජාපි සොස්සති{4}.
Sinhala BJT225. උස් ගසෙකැ වෙළපට නැඟී (තොපි) රහසේ මන්ත්‍රණය කරන්නහු ය. ගසින් බැසැ බිමැ සිට මන්ත්‍රණය කරවු. එවිට මෘගරාජයා ද එය අසයි.
Pali BJT226. යං සුපණ්ණො සුපණ්ණෙන{5} දෙවො දෙවෙන මන්තයෙ, කිං තෙත්ථ{6} චතුමට්ටස්ස ඛිලං{7} පවිස ජම්බුකාති.
Sinhala BJT226. යම් කරුණෙකින් හංසයා හංසයා හා ද දෙවියා දෙවියා හා ද මන්ත්‍රණ කෙරේ ද ඒ මන්ත්‍රණයෙහි ශරීර යැ ජාති යැ ස්‍වර යැ ගුණ යැ යන සතර කරුණෙකින් හීන වූ තට කවර නම් ප්‍රයෝජනයෙක් ද, ජම්බුකය (සිගාලය) බිලයට පිවිසෙව.
Pali BJT7. චතුමට්ඨජාතකං.
Sinhala BJT7. චතුමට්ඨ ජාතක යි.