Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4801-4900 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4075. දානං දමං චාගමථොපි සංයමං ආදාය සද්ධාය කරොන්ති හෙකදා, ථෙය්යං මුසාකූටමථොපි පෙසුනං කරොන්ති හෙකෙ පුන විච්චුතා තාය.
Sinhala BJT4075. ඇතැම් කාලයෙක්හි සත්‍වයෝ තොප හා එක් වූවාහු දන් දීම ය, ඉන්‍ද්‍රියදමනය, පරිත්‍යාග ය, සිල් රැකීම ය, යන මේවා කරති. කිසි කලෙක්හි එම සත්‍වයෝ තීගෙන් වෙන් වූවාහු සොරකම ද බොරු කීම ද කූටකර්‍මය ද කේලාම් කීම ද කෙරෙත්.
Pali BJT4076. භරියාසු පොසො සදිසීසු පෙක්ඛවා සීලූපපන්නාසු පතිබ්බතාසුපි, විනෙත්වා ඡන්දං කුලධීතියාසුපි කරොති සද්ධං පන{9} කුම්භදාසියා.
Sinhala BJT4076. සමාන ජාති ඇති සිල්වත් පතිව්‍රතා ගුණෝපේත කුල දුහිතෲන් වන භාර්‍ය්‍යාවන් කෙරෙහි ගිජු වූ පුරුෂ තෙම ඔවුන් කෙරෙහි ආශාව හැරදමා කුම්භදාසියගේ වචනය පවා අදහන්නේය.
Pali BJT4077. ත්වමෙව සද්ධෙ පරදාරසෙවිනී පාපං කරොසි කුසලම්පි රිඤ්චසි, න තාදිසි අරහසි ආසනූදකං කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
Sinhala BJT4077. ශ්‍රද්ධාවෙනි, පුරුෂයා තීගේ වයසට පැමිණීමෙන් ම පරදාර සේවනය කරන හෙයින් තී පරදාර සේවනය කරන්නෙහි ය. පව් කරන්නෙහි ය. කුසල් හිස් කරන්නෙහි ය. තී වැන්නෝ අසුන් හා ජලය (පමණකුදු) ලැබීමට නො සුදුසු වෙති. සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තවුසා කීය.)
Pali BJT4078. ජිඝඤ්ඤරත්තිං අරුණස්මිමූහතෙ යා දිස්සතී උත්තමරූපවණ්ණිනී, තථූපමා මං පටිභාසි දෙවතෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි අච්ඡරා.
Sinhala BJT4078. රාත්‍රි කාලයාගේ අවසන්හි අරුණෝද්ගමන වේලායෙහි උතුම් රූපයෙන් හා වර්‍ණයෙන් යුක්ත වූ යම් පූර්‍වදිශාවක් දක්නා ලැබේ ද, දෙව්දුව, තී එබඳුය යි මට වැටහෙ යි. තී කිනම් අප්සරාවක් දැ යි මට කියව.
Pali BJT4079. කාළා නිදාඝෙරිව අග්ගජාතිව අනිලෙරිතා ලොහිතපත්තමාලිනී, කා තිට්ඨසි මන්දමිවාවලොකයං භාසෙසමානාව ගිරං න මුඤ්චසි.
Sinhala BJT4079. නියං සමයෙහි පළමුව හටගත් සුළඟින් කම්පාවන්නා වූ ලේවන් කොළවලින් පිරිවැරුණු තළුවැලක් සේ මඳ බැල්මෙන් යුතුව කවර නම් තැනැත්තියක් සිටින්නේ ද? කථාකිරීමට කැමැත්ත දක්වන්නේ නමුදු වචන නො මුදන්නෙහි ය.
Pali BJT4080. හිරාහං දෙවී{1} මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා. සුධා විවාදෙන තවන්තිමාගතා සා තං න සක්කොමි සුධම්පි යාචිතුං කොපිනරූපා විය යාචනත්ථියා.
Sinhala BJT4080. තාපසයන් වහන්ස, මම වනාහි මිනිසුන් කෙරෙහි පූජිත වූ හැම කල්හි අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලද හිරි නම් දෙවඟන වෙමි. සුධා විවාදයෙන් ඔබ වෙත පැමිණි ඒ මම සුධාභෝජන ඉල්ලීමට ද නො හැක්කෙමි. ස්ත්‍රියගේ ඉල්ලීම වූකලී රහසඟ පෙන්වීම බඳු හෙයිනි.
Pali BJT4081. ධම්මෙන ඤායෙන සුගත්තෙ ලච්ඡසි එසො හි ධම්මො නහි යාචනා සුධා, තං තං අයාචන්තිමහං නිමන්තයෙ සුධාය යම්පිච්ඡසි තම්පි දම්මි තෙ.
Sinhala BJT4081. මනා සිරුරු ඇත්තිය, ස්වාභාවික ක්‍රමයෙන් සුධාභෝජනය ලබන්නෙහිය. ඉල්ලීමෙන් සුධාභෝජනය නො ලබන්නෙහිය. මේ වනාහි ස්වභාව ධර්‍මය වේ. එහෙයින් නො ඉල්ලන්නා වූ තිට මම සුධාභෝජනයෙන් නිමන්ත්‍රණය කරමි. එපමණක් නොව තී යමක් කැමති නම් එය ද තිට දෙමි.
Pali BJT4082. සා ත්වං මයා අජ්ජ සකම්හි අස්සමෙ නිමන්තිතා කඤ්චනවෙල්ලි{2}විග්ගහෙ තුවං හි මෙ සබ්බරසෙහි පූජියා තං පූජයිත්වාන සුධම්පි අස්මියෙ.
Sinhala BJT4082. ස්වර්‍ණරාශියකට බඳු ශරීර ඇත්තිය, ඒ නුඹ අද මා විසින් සිය අසපුවෙහි නිමන්ත්‍රණය කරන ලද්දෙහි ය, තී වනාහි මා විසින් හැම රසයෙන් පිදිය යුත්තී ය. තී පුදා මම ද සුධාභෝජනය වළඳන්නෙමි යි (තාපස තෙම කීය.)
Pali BJT4083. සා කොසියෙනානුමතා ජුතීමතා අද්ධා හිරි රම්මං පාවිසියස්සමං, උදඤ්ඤචන්තං ඵලමරියපූජිතං අපාපසත්තූපනිසෙවිතං සදා.
Sinhala BJT4083. අනුභාව සම්පන්න කෝසිය තවුසා විසින් අනුදන්නාලද ඒ හිරි නම් දිව්‍යාංගනා තොමෝ ඒ ඒ තැන්හි දිය ඇත්තා වූ, නොයෙක් පලතුරුවලින් ගැවසීගත්තා වූ, නීවරණ දෝෂයෙන් මිදුණු ධ්‍යානලාභීන් විසින් පුදනලද්දා වූ, අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලද, ආශ්‍රමයට පිවිසියා ය.
Pali BJT4084. රුක්ඛග්ගහණා බහුතෙත්ථ පුප්ඵිතා අම්බා පියාලා පනසා ච කිංසුකා, සොභඤ්ජනා ලොද්දමථොපි පද්මකා කෙකා ච භඞ්ගා තිලකා ච පුප්ඵිතා.
Sinhala BJT4084. මෙහි වනාහි මලින් හා පලින් සැදුම්ලත්, වෘක්‍ෂ සමූහයෝ බොහෝ වෙති. අඹ ය, මොර ය, කොස් ය, කෑල ය, මුරුංගා ය, ලොත් ය, පද්මක ය, කේතක ය, භංග ය, පිපියා වූ එරහැන්ද ය,
Pali BJT4085. සාලා කරෙරි බහුකෙත්ථ ජම්බුයො අස්සත්ථ නිග්රොධ මධුකා ච චෙතසා, උද්දාලකා පාටලිසින්ධුවාරිකා මනුඤ්ඤගන්ධා මුචලින්දකෙතකා.
Sinhala BJT4085. සල් ය, ලුණුවරණ ය, දඹ ය, ඇසතු ය, නුග ය, මී ය, හොමුවගු ය, ඇසළ ය, පලොල් ය, නික ය, මනා සුවඳැති මිදෙල්ල ය, පංචවිධ කේතකීවෘක්‍ෂ ය යන මොහු මෙහි බොහෝ වෙත්.
Pali BJT4086. හරෙණුනා වෙළුකා වෙණුතින්දුකා{1} සාමාක නීවාරමථොපි චීනකා, මොචා කදලී බහුකෙත්ථසාලියො පවීහයො ආභුජිනො ච තණ්ඩුලා.
Sinhala BJT4086. අපරණ්ණ ගණයට අයත් හරේණුක (නම් ධාන්‍ය) ද වංසචොරක ද වල්මෑ ද තියඹරා{1} ද බොඩහමු ද ඌරුහැල් ද යළි රජමෑ ද ඇටකෙහෙල් ද කෙහෙල් ද හැල් ද නොයෙක් වීවර්‍ග ද භුජපත්‍ර ද ස්වයංජාත සහල් ද මෙහි බොහෝ වෙති.
Pali BJT4087. තස්ස ච උත්තරෙ පස්සෙ{2} ජාතා පොක්ඛරණී සිවා, අකක්කසා අපබ්භාරා{3} සාධු අප්පටිගන්ධියා.
Sinhala BJT4087. ඒ අසපුවට උතුරු දෙසින් හටගත් යහපත් පොකුණෙක් ඇත. ඕ අකර්‍කශ ය. නො සුන් ඉවුරින් යුතු ය. සුවඳ දියෙන් සුවඳවත් ය.
Pali BJT4088. තත්ථ මච්ඡා{4} සන්තිරතා ඛෙමිනො බහුභොජනා, සිඞ්ගු සවඞ්කා සකුලා{5} සතවඞ්කා ච රොහිතා ආලිගග්ගරකාකිණ්ණා පාඨීනා කාකමච්ඡකා.
Sinhala BJT4088. ඒ පොකුණෙහි නිර්‍භය වූ ගොදුරු සුලභ වූ නිතොර වෙසෙන සිඞ්ගු ය, සවඞ්ක ය, සකුල ය, සතවංක ය, රෝහිත ය, ආලි ය, ගග්ගරක ය, පෙටි ය, කාකමච්ඡ ය යන මත්ස්‍යයෝ වෙති.
Pali BJT4089. තත්ථ පක්ඛී සන්තිරතා ඛෙමිනො බහුභොජනා, හංසා කොඤ්චා මයූරා ච චක්කවාකා ච කුක්කුභා කුණාලකා බහුචිත්රා සිඛණ්ඩී ජීවංජිවකා.
Sinhala BJT4089. එහි නිර්‍භය වූ සුලභ වූ ගොදුරු ඇති හංස ය, කොස් ළිහිණි ය, මොනර ය, සක්වාළිහිණි ය, ඇටිකුකුළු ය, කොවුල් ය, විසිතුරු පියාපත් ඇති බහුචිත්‍ර නම් පක්‍ෂි ය, ඔසවනලද මුදුන් ඇති මොනර ය, ජීවඤ්ජීවක ය යන පක්‍ෂීහු නිතර වෙසෙති.
Pali BJT4090. තත්ථ පානායමායන්ති නානාමිගගණා බහු, සීහා ව්යග්ඝා වරාහා ච අච්ඡකොකතරච්ඡයො.
Sinhala BJT4090. එහි බොහෝ වූ මෘග සමූහයෝ පැන් බීමට එති. එනම් සිංහයෝ ද, ව්‍යාඝ්‍රයෝ ද, ඌරෝ ද, වලස්සු ද, වෘකයෝ ද, කළුහිස්වලස්සු ද,
Pali BJT4091. පලාසාදා ච ගවජා මහිසා රොහිතා රුරූ, එණෙය්යා ච වරාහා ච ගණිනො නිඞ්කසූකරා{6}.
Sinhala BJT4091. කඟවෙහෙණහු ද, ගවරු ද, මහිසයෝ ද, රෝහිත මෘගයෝ ද, රූරු මුවෝ ද, එණි මුවෝ ද, වරාහ නම් මුවෝ ද, ගෝන්නු ද සමූහ වශයෙන් ඇති නිංක නම් ඌරෝ ද,
Pali BJT4092. කදලිමිගා බහූ චෙත්ථ{7} බිළාරා සසකණ්ණකා ඡමාගිරි පුප්ඵවිචිත්ර සන්ථතා දිජාභිඝුට්ඨා දිජසඞ්ඝසෙවිතා.
Sinhala BJT4092. කෙහෙල්මුවෝ ද, බළල්ලු ද සාවෝ ද කර්‍ණක මෘගයෝ ද එති. විසිතුරු මල් අතුරනලද භූමියෙහි වූ පිටිපහණ පක්‍ෂීන් විසින් ඝෝෂාකරනලද්දේ පක්‍ෂි සමූහයා විසින් සෙවුනාලද්දේ ද වෙයි.
Pali BJT4093. සා සුත්තවා නීලදුමාභිලම්බිතා විජ්ජු මහාමෙඝරිවානුපජ්ජථ, තස්සා සුසම්බන්ධ සිරං{8} කුසාමයං සුචිං සුගන්ධං අජිනූපසෙවිතං අත්රිච්ඡකොච්ඡං හිරිමෙතදබ්රවි නිසීද කල්යාණි සුඛයිදමාසනං.
Sinhala BJT4093. මනා සිවි ඇති ඕ තොමෝ නිල්වන් වෘක්‍ෂශාඛාවන් පරාමර්‍ශනය කරමින් මහාමේඝයක් අතරින් දිස්වන විදුලියක් මෙන් පහළවූවා ය. හොඳින් සම්බන්‍ධ කළ ඌර්‍ධවභාග ඇති ඉතා කැමතිවිය යුතු කුශතෘණමය කොච්ඡ නම් අසුනක් පිරිසුදු සුවඳැති අඳුන්දිවිසමකින් සෙවුනාලදු ව පනවා, සුන්‍දරිය, මේ අසුන සුව වෙයි. මෙහි හිඳගනුව යි හිරි දෙව්දුවට තාපස තෙම කීය.
Pali BJT4094. තස්සා තදා කොච්ඡගතාය කොසියො යදිච්ඡමානාය ජටාජිනං ධරො, නවෙහි පත්තෙහි සයං සහූදකං සුධාභිහාසී තුරිතො මහාමුනි.
Sinhala BJT4094. කොච්ඡ නම් අසුනෙහි හුන් සුධාභෝජනය කැමැත්තා වූ ඒ හිරි නම් දෙව්දුවට දළමඬුලු අඳුන් දිවිසම් දරන කෝසිය මහතවුස් තෙම තමා විසින් එකෙණෙහි ගෙනෙනලද නෙළුම්පතින් දක්‍ෂිණොදකය සහිත සුධාභෝජනය වහා ගෙනවුත් එළවීය.
Pali BJT4095. සා තං පග්ගය්හ{1} උභොගි පාණිහි ඉච්චබ්රවී අත්තමනා ජටාධරං, හන්දාහං එතරහි පූජිතා තයා ගච්ඡෙය්ය බ්රහ්මෙ තිදිවං ජිතාවිනී.
Sinhala BJT4095. ඕ තොමෝ එය දෑතින් පිළිගෙන තුටු සිත් ඇත්තී තවුසාට මෙසේ කීවාය. “දැන් මම නුඹ වහන්සේ විසින් ඒකාන්තයෙන් පුදන ලද්දෙමි. තවුසාණනි, ජයප්‍රාප්ත වූ මම දෙව්ලොවට යන්නෙමි” යී.
Pali BJT4096. සා කොසියානුමතා ජුතීමතා උදීරිතා{2} වණ්ණමදෙන මත්තා, සකාසෙ{3} ගන්ත්වාන සහස්සචක්ඛුනො අයං සුධා වාසව දෙහි මෙ ජයං.
Sinhala BJT4096. කෝසිය තවුසා විසින් අනුදන්නාලද අනුභාවසම්පන්න වූ වර්‍ණමදයෙන් මත් වූ ඒ හිරි නම් දෙව්දුව සක්දෙව්රජුගේ සමීපයට ගොස් “මේ සුධාභෝජනය වේ, මට දිනුම දෙව” යි කීවාය.
Pali BJT4097. තමෙන සක්කොපි තදා අපූජයි සහින්දා ච දෙවා සුර{4}කඤ්ඤමුත්තමං, සා පඤ්ජලී දෙවමනුස්සපූජිතා නවම්හි කොච්ඡම්හි යදා උපාවිසි.
Sinhala BJT4097. ඇඳිලි බැඳගත් දෙව්මිනිසුන් විසින් පුදනලද ඒ හිරි නම් දෙව්දුව යම් කලෙක්හි අලුත් කොච්ඡ නම් අසුනෙහි හුන්නී ද එකල්හි ශක්‍ර තෙමේ ද ඒ උතුම් දෙවඟනට පූජා කෙළේ ය. ඉන්‍ද්‍රයා සහිත සෙසු දෙවියෝ ද (පරසතු මල් ආදියෙන්) ඇය පිදූහ.
Pali BJT4098. තමෙව සංසී පුනරෙව මාතලී සහස්සනෙත්තො තිදසානමින්දො, ගන්ත්වාන වාක්යං මම බ්රූහි කොසියං ආසාය සද්ධා සිරියා ච කොසිය හිරී සුධං කෙන මලත්ථ හෙතුනා.
Sinhala BJT4098. නැවත, දෙවියනට අධිපති වූ දහසක් නෙත් ඇති ශක්‍ර තෙම ඒ මාතලී දෙව්පුත්හට මෙසේ කීය. “මාතලිය, කෝසිය තවුසා වෙත ගොස් මාගේ මේ වචනය කියව. “කෝසිය තවුසාණනි, ආසා ය, සද්ධා ය, සිරි ය යන මොවුන් හැර හිරි දෙව්දුව කවර හේතුවකින් සුධාභෝජනය ලැබීදැ” යි අසව යි (කීය.)
Pali BJT4099. තං සුපලවත්ථං උදතාරයී රථං දද්දල්ලමානං උපකිරිය{5} සාදිසං, ජම්බොනදීසං තපනෙය්ය සන්නිභං අලඞ්කතං කඤ්චනචිත්තසන්තිකං.
Sinhala BJT4099. මණ්ඩිත උපකරණයනට අනුකූල ව බබළන්නා වූ ගිනිසිළු බඳු දඹරන්මුවා රියහිස හා අටමඟලින් යුත් සරසනලද ඒ රිය සුවසේ ගමන් සඳහා පිළියෙළ කෙළේ ය.
Pali BJT4100. සුවණ්ණචන්දෙත්ථ බහූ නිපාතිතා හත්ථි ගවස්සා කිකිව්යග්ඝදීපියො{6}, එණෙය්යකා{7} ලඞ්ඝිමයෙත්ථ පක්ඛියො මිගෙත්ථ වෙළුරියමයා යුධායුතා{8}.
Sinhala BJT4100. මේ රියෙහි රන්මුවා සඳරූ බොහෝ නෙළනලද යැ. රන්මුවා ඇත්-ගව-අස්-වනුරු-වග-දිවි-ඒණීමුව රූ නෙළන ලද යැ, මෙහි ඉගිලෙන සැහැවි ලිහිණි රූ ඇත. මෙහි වෙරළු මිණිමුවා මෘගයෝ යුද කෙරෙති.
Pali BJT4101. තත්ථස්සරාජහරයො{1} අයොජයුං දසසතානි සුසුනාගසාදිසෙ, අලඞ්කතෙ{2} කඤ්චනජාලුරච්ඡදෙ ආවෙළිකෙ සද්දගමෙ අසඞ්ගිතෙ.
Sinhala BJT4101. බලයෙන් තරුණ ඇතුන් හා සම වූ සරසනලද රන් දැල්මුවා උරසැදින් යුත්, ආවේලි නම් කර්‍ණාභරණ ඇති, කෙවිටි පහරක් නැති වැ ශබ්ද මාත්‍රයෙන් ම ගමන් කරනසුලු වූ, ශීඝ්‍රගාමී වූ නිල්වන් අස්රජුන් දහසක් ඒ රියෙහි යෙදූහ.
Pali BJT4102. තං යානසෙට්ඨං අභිරුය්හ මාතලී දසාදිසා ඉමා අභිනාදයිත්ථ, නභඤ්ච සෙලඤ්ච වනස්පතීනි{3} ච සසාගරං පව්යථයිත්ථ මෙදිනිං{4}.
Sinhala BJT4102. මාතලි නම් දිව්‍යපුත්‍ර තෙම ඒ උතුම් යානයට නැග මේ දශදිශාවන් ඒකනින්නාද කෙළේ ය. අහස ද, පර්‍වත ද, වනදෙටු ගස් ද සයුර සහිත පොළොව ද කම්පා කළේ ය.
Pali BJT4103. ස ඛිප්පමෙව උපගම්ම අස්සමං පාවාරමෙකංසකතො කතඤ්ජලී, බහුස්සුතං වද්ධං{5} විනීතවන්තං{6} ඉච්චබ්රවි මාතලි දෙවබ්රාහ්මණං.
Sinhala BJT4103. ඒ මාතලී නම් දිව්‍යපුත්‍ර තෙම වහා ම අසපුවට පැමිණ එකස් කොට පොරවනලද දිව්‍යවස්ත්‍ර ඇත්තේ බද්ධාඤ්ජලි වූයේ බහුශ්‍රුත වූ ගුණවෘද්ධ වූ විනීත පැවැත්මෙන් යුත් දෙවියන් සම බ්‍රාහ්මණයාහට මෙසේ කීය.
Pali BJT4104. ඉන්දස්ස වාක්යං නිසාමෙහි කොසිය දූතො අහං පුච්ඡති තං පුරින්දදො, ආසාය සද්ධා සිරියා ච කොසිය හිරී සුධං කෙන මලත්ථ හෙතුනා.
Sinhala BJT4104. කෝසිය තාපසයාණනි, ශක්‍රයාගේ වචනය අසනු මැනවි. මම ඔහුගේ දූතයෙමි. ශක්‍ර තෙම ඔබ විචාරයි. “කෝසිය තාපසයාණනි, ආසාවට ද ශ්‍රද්ධාවට ද ශ්‍රීයට ද වඩා කවර හේතුවකින් හිරි තොමෝ සුධාභෝජනය ලැබූ ද” යනු යි.
Pali BJT4105. අන්ධා සිරී මං පටිභාති මාතලී සද්ධා අනිච්චා පන දෙව සාරථි, ආසා විසංවාදිකසම්මතා හි මෙ හිරී ච අරියම්භි ගුණෙ පතිට්ඨිතා.
Sinhala BJT4105. මාතලිය, ශ්‍රී තොමෝ (ශිල්ප දන්නා නො දන්නා කවුරුනුත් සේවනය කරන හෙයින්) අන්‍ධ යැ යි මට වැටහෙයි. ශ්‍රද්ධා තොමෝ (ඒ ඒ වස්තූන් හැර වෙනත් වස්තූන්හි පිහිටන හෙයින්) අනිත්‍ය යැ යි මට වැටහෙයි. ආසාව වනාහි රැවටිලි ඇත්තී යැ යි සම්මත ය. හිරි තොමෝ වනාහි ආර්‍ය්‍යගුණයෙහි පිහිටියා යැ යි.
Pali BJT4106. කුමාරියො යාචිමා ගොත්තරක්ඛිතා ජිණ්ණා ච යා යා ච සභත්තුඉත්ථියො, තා ඡන්දරාගං පුරිසෙසු උග්ගතං හිරියා නිවාරෙන්ති සචිත්තමත්තනො.
Sinhala BJT4106. මාතලිය, ප්‍රවේණිධර්‍මය රක්නා වූ කුලගෙහි වැඩෙන කුමරියෝ ය, වැන්දඹු ස්ත්‍රීහු ය, ස්වාමිපුරුෂයන් යටතෙහි සිටින ස්ත්‍රීහු ය යන මේ ත්‍රිවිධ ස්ත්‍රීවර්‍ගයා ම පරපුරුෂයන් අරමුණු කොට තම සිතෙහි හටගත් ඡන්‍දරාගය හිරියෙන් වළකාලති.
Pali BJT4107. සඞ්ගාමසීසෙ සරසත්තිසංයුතෙ පරාජිතානං පතතං පලායිනං, හිරියා නිවත්තන්ති ජහිත්ව ජීවිතං තෙ සංපටිච්ඡන්ති පුනා හිරීමනා.
Sinhala BJT4107. ඊ පහරින් හා අඩයටි පහරින් යුත් යුදබිම්හි පරදිනවුන් ද වැටෙන්නවුන් ද පලායන්නවුන් ද අතර ලජ්ජායෙන් යුතුවූවාහු ජීවිතය හැරදමා නවතිත්. නැවත ඔවුහු තමන්ගේ ස්වාමියා මුදාගනිත්.
Pali BJT4108. වෙලා යථා සාගරවෙගචාරිණි හිරායං හි පාපජනං නිවාරණී, තං සබ්බලොකෙ හිරිමරියපූජිතං ඉන්දස්ස{7} නං වෙදය දෙවසාරථි.
Sinhala BJT4108. සාගරවේගය වළකාලන වෙරළ මෙන් මේ හිරි තොමෝ ජනයා පවින් වළක්වන්නී ය. දෙවසාරථිය, ඒ හිරි තොමෝ මුළු ලෙව්හි පුදනලද්දී යැ යි ශක්‍රයාට කියව යි තාපසයා කීය.
Pali BJT4109. කො තෙ ඉමං කොසිය දිට්ඨිමොදහි බ්රහ්මා මහින්දො අථවා පජාපති, හිරායං දෙවෙසු හි සෙට්ඨසම්මතා ධීතා මහින්දස්ස මහෙසි ජායථ.
Sinhala BJT4109. කෝසිය තාපසය, මේ ලබ්ධිය ඔබගේ සිත්හි කවරෙක් පිහිටුවී ද? බ්‍රහ්මයා ද ශක්‍රයා ද නැතහොත් ප්‍රජාපති නම් දිව්‍ය පුත්‍රයා ද? මහර්ෂිය, ශක්‍රයාගේ දුහිතෘ වූ මේ හිරි තොමෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨ යැ යි සම්මත වී යැ යි මාතලී දෙව්පිත් කීය.
Pali BJT4110. හන්දෙහිදානි තිදිවං සමක්කම{1} රථං සමාරුය්හ මමායිතං ඉමං, ඉන්දො ච තං ඉන්දසගොත්ත කඞ්ඛති අජ්ජෙව ත්වං ඉන්දසහව්යතං වජ.
Sinhala BJT4110. කෝසිය තාපසයන් වහන්ස, එනු මැනවි. මේ දිවියෙන් ච්‍යුත වන නුඹ වහන්සේ මා විසින් ගෙනෙනලද මේ රියට නැග දෙව් ලොවට ගමන් කරන සේක්වා. ඉන්‍ද්‍රයාට සම ගෝත්‍ර ඇති තාපසයන් වහන්ස, ඉන්‍ද්‍ර තෙමේ ද ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. නුඹ වහන්සේ අද ම ඉන්‍ද්‍රයා හා එක්ව විසීමට යනු මැනවැ යි මාතලී දෙව්පිත් කීය.
Pali BJT4111. එවං සමිජ්ඣන්ති අපාපකම්මිනො අථො සුචිණ්ණස්ස ඵලං න නස්සති, යෙ කෙචි මද්දක්ඛු සුධාය භොජනං සබ්බෙව තෙ ඉන්දසහව්යතං ගතාති.
Sinhala BJT4111. පව්කම් නැත්තෝ මෙසේ පිරිසුදු වෙති. තවද, මනාව පුරුදු කරනලද කර්‍මයාගේ විපාකය නො නැසේ. යම් කෙනෙක් ශක්‍රයාගේ සුධාභෝජන දානය දුටුහු ද, ඒ සියල්ලෝ ම ශක්‍රයා සමග විසීමට ගියාහු ය.
Pali BJT4112. හිරී උප්පලවණ්ණාසි කොසියො දානපති භික්ඛු, අනුරුද්ධො පඤ්චසිඛො ආනන්දො ආසි මාතලී.
Sinhala BJT4112. හිරි දෙව්දූ උප්පලවණ්ණා මෙහෙණ යි. දානපති භික්‍ෂුව කෝසිය තවුස් විය. අනුරුද්ධ ස්ථවිර පංචසිඛ නම් දිව්‍යපුත්‍ර විය. ආනන්‍ද ස්ථවිර මාතලී රියැදුරු විය.
Pali BJT4113. සුරියො කස්සපො භික්ඛු මොග්ගල්ලානොසි චන්දිමා, නාරදො සාරිපුත්තොසි සම්බුද්ධො ආසි වාසවොති.
Sinhala BJT4113. සූර්‍ය්‍ය දිව්‍යපුත්‍ර නම් කස්සප භික්‍ෂු ය. චන්‍ද්‍ර දිව්‍යපුත්‍ර මොග්ගල්ලාන ස්ථවිර ය. නාරද ඍෂි නම් ශාරිපුත්‍ර ස්ථවිර ය. ශක්‍ර වූයෙම් සම්බුදු වූ මම වේදැ යි වදාළසේක.
Pali BJTසුධාභොජනජාතකං.
Sinhala BJTසුධාභෝජන ජාතක යි.
Pali BJT4. කුණාලජාතකං.
Sinhala BJT4. කුණාල ජාතකය
Pali BJTඑවමක්ඛායති, එවමනුසූයති; සබ්බොසධධරණීධරෙ{2} නෙකපුප්ඵමාල්යචිත්තෙ{3} ගජගවජමහිසරුරුචමරපසදඛග්ග{4}ගොකණ්ණසීහව්යග්ඝදීපිඅච්ඡකොකතරච්ඡඋද්දාරකකදලිමිගබිළාරසසකණ්ණකානුචරිතෙ ආකිණ්ණනෙලමණ්ඩලමහාවරාහනාගකුලකණෙරුසඞ්ඝාධිවුත්ථෙ ඉස්සමිගසාඛමිගසරභමිගඵණිමිග වාතමිගපසදමිගපුරිසලලුකිම්පුරිසයක්ඛරක්ඛස නිසෙවිතෙ අමජ්ජමඤ්ජරීධරබ්රහට්ඨ{5}පුප්පපුප්ඵිතග්ගනෙකපාදපගණවිතතෙ{6} කුරරචකොරවාරණමයුර{7}පරාභූත{8}ජීවඤ්ජීවක{9}චෙලාවක
Sinhala BJTඑය (එම කුණාල වනෂණ්ඩය) මෙබඳු යැ යි කියනු ලැබේ. මෙබඳු යැ යි අසනු ලැබේ. සකලෞෂධයෙන් යුක්ත වූ පොළෝ තලය ඇති (ඵලජනක වූ ද පිළන්ධනූපග වූ ද) නොයෙක් පුෂ්පයෙන් සමලංකෘත වූ ඇත්තු ය, ගවරු ය, මහීෂයෝ ය, රන්වන් මුවෝ ය, සෙමරු ය, පසදමුවෝ ය, කඟවෙහෙණු ය, ගෝන්නු ය, සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, වෘකයෝ ය, කළුහිස් වලස්සු ය, උද්දාරක නම් මුවෝ ය, කෙසෙල් මුවෝ ය, බළල්ලු ය, සසකණ්ණකයෝ ය යන මොවුන්ගේ නිරතුරු හැසිරීමෙන් යුත්, ගැවසීගත් ඇත්පොවු මඩුල්ලෙන් යුත් මහඇතුන් ද දසවැදෑරුම් ඇත්කුලයෙහි ඇතුන් හා ඇතින්නන් සමූහයා ද වාසය කරන්නා වූ, කාලසිංහ ය, ශාඛාමෘග ය, සරභමෘග ය, එණිමෘග ය, මහාවාතමෘග ය, චිත්‍රමෘග ය, වඩවාමුඛයක්‍ෂිණීහු ය, කිඳුරු ය, යක්‍ෂ ය, රකුසු ය යන මොවුන් විසින් නිති සෙවුනාලද, මල් කැකුළින් හා මල් පොකුරින් ද සුපිපි මලින් හා අතුඅග (පමණක්) පිපුණු මලින් ද යුත් නන් වැදෑරුම් ගස් සමූහයෙන් පැතිරීගත්තා වූ, උකුසු ඇටිකුළු ඇත්කඳළිහිණි මොනර කොවුල් ජිවඤ්ජීවක චේලාවක
Pali BJTභිඞ්කාරකරවීකමත්තවිහඞ්ගසතසම්පඝුට්ඨෙ අඤ්ජනමනොසිලාහරිතාල හිඞ්ගුලකහෙමරජතකනකානෙකධාතුසතවිනද්ධපතිමණ්ඩිතප්පදෙසෙ එවරූපෙ ඛලු භො රම්මෙ වනසණ්ඩෙ කුණාලො නාම සකුණො පටිවසති අතිවිය චිත්තො අතිවිය චිත්තපත්තච්ඡදනො. තස්සෙව ඛලු භො කුණාලස්ස සකුණස්ස අඩ්ඪුඩ්ඪානි ඉත්ථිසහස්සානි පරිචාරිකා දිජකඤ්ඤායො. අථ ඛලු භො ද්වෙ දිජකඤ්ඤායො කට්ඨං මුඛෙන ඩසිත්වා{1} තං කුණාලං සකුණං මජ්ඣෙ නිසීදාපෙත්වා උඩ්ඩෙන්ති{2} මා නං කුණාලං සකුණං අද්ධානපරියායපථෙ කිලමථො උබ්බාහෙය්යාති. පඤ්චසතා දිජකඤ්ඤායො හෙට්ඨතො හෙට්ඨතො ඩෙන්ති සචායං කුණාලො සකුණො ආසනා පරිපටිස්සති මයං තං පක්ඛෙහි පටිග්ගහෙස්සාමාති. පඤ්චසතා දිජකඤ්ඤායො උපරූපරි ඩෙන්ති මා නං කුණාලං සකුණං ආතපො පරිතාපීති{3}. පඤ්චසතා දිජකඤ්ඤායො උභතො පස්සෙන ඩෙන්ති මා නං කුණාලං සකුණං සීතං වා උණ්හං වා තිණං වා රජො වා වාතො වා උස්සාවො වා උපප්ඵුසීති. පඤ්චසතා දිජකඤ්ඤායො පුරතො පුරතො ඩෙන්ති මා නං කුණාලං සකුණං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට්ඨහාරකා වා වනකම්මිකා වා කට්ඨෙන වා කඨලාය වා{4} පාණිනා වා (පාසාණෙන වා) ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා සක්ඛරාය වා පහාරං අදංසු. මායං කුණාලො සකුණො ගච්ඡෙහි වා ලතාහි වා රුක්ඛෙහි වා සාඛාහි වා ථම්භෙහි වා පාසාණෙහි වා බලවන්තෙහි වා පක්ඛීහි සඞ්ගා මෙසීති. පඤ්චසතා දිජකඤ්ඤායො පච්ඡතො පච්ඡතො ඩෙන්ති සණ්හාහි සඛිලාහි මඤ්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන්තියො මායං කුණාලො සකුණො ආසනෙ පරියුක්කණ්ඨිති. පඤ්චසතා දිජකඤ්ඤායො දිසො දිසං ඩෙන්ති නෙකරුක්ඛවිවිධවිකතිඵලමාහරන්තියො මායං කුණාලො සකුණො ඛුදාය පරිකිලමිත්ථාති. අථ ඛලු භො තා දිජකඤ්ඤායො තං කුණාලං සකුණං ආරාමෙනෙව ආරාමං උය්යානෙනෙව උය්යානං නදීතිත්ථෙනෙව නදීතිත්ථං පබ්බතසිඛරෙනෙව පබ්බතසිඛරං අම්බවනෙනෙව අම්බවනං ජම්බූවනෙනෙව ජම්බූවනං ලබුජවනෙනෙව ලබුජවනං නාළිකෙරසඤ්චාරියෙනෙව නාළිකෙරසඤ්චාරියං ඛිප්පමෙව අභිසම්භොන්ති රතත්ථාය. අථ ඛලු භො කුණාලො සකුණො තාහි දිජකඤ්ඤාහි දිවසං පරිබ්බූළ්හො එවං අපසාදෙති, නස්සථ තුම්හෙ වසලියො විනස්සථ තුම්හෙ වසලියො චොරියො ධුත්තියො අසතියො ලහුචිත්තායො කතස්ස අප්පතිකාරිකායො අනිලො විය යෙන කාමඞ්ගමායොති.
Sinhala BJTහිඞ්කාර කරවික යන සිය ගණන් මත් විහඟුන්ගේ නාදයෙන් මනහර වූ, අඳුන් මනෝසිලා හිරියල් හිඟුල් හෙම රිදී කනක යන නොයෙක් සියගණන් වර්‍ණධාතු රාජීන් පැතිරීමෙන් අලංකෘත වූ පෙදෙස් ඇති මෙබඳු රම්‍ය වනලැහැබෙක්හි අතිශයින් චිත්‍ර වූ අතිශයින් විචිත්‍ර වූ පියාපත් ඇති කුණාල නම් පක්‍ෂියෙක් වෙසෙයි. භවත්නි, ඒ කුණාල පක්‍ෂියාට පරිචාරිකා වූ පක්‍ෂිකන්‍යාවෝ තුන් දහස් පන්සියයක් වෙති. වැලි දු, පක්‍ෂිකන්‍යාවන් දෙදෙනෙක් මුවින් දඬුකඩක් ඩැහැගෙන ඒ කුණාල පක්‍ෂියා ඒ මත හිඳුවාගෙන “අතරමගදී ඒ කුණාල පක්‍ෂියාට ගමන් වෙහෙසින් බාධාවක් නො වේවා” පියාසර කරති. “ඉදින් මේ කුණාල පක්‍ෂියා අසුනෙන් පෙරැළි වැටෙන්නේ නම් අපි අපගේ පියාපත්වලින් ඔහු පිළිගනුම්හ” යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ යටින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා සූර්‍ය්‍යතාපයෙන් නො තැවේව”යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ මත්තෙහි පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ශීතය හෝ උෂ්ණය හෝ තෘණ හෝ දූවිලි හෝ වාතය හෝ පිනිබිඳු හෝ ස්පර්‍ශ නො කෙරේව”යි පන්සියයක් පක්‍ෂිකන්‍යාවෝ දෙපසින් පියාසර කරති. “ඒ කුණාල පක්‍ෂියා ගොපල්ලෝ හෝ පශුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කාෂ්ඨයෙන් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (ගලින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි අවියෙන් වේවයි බොරළු කැටින් වේවයි පහර නො දෙත්වා යී ද ඒ කුණාල පක්‍ෂියා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ එක් නො වේවා” යී ද පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ ඉදිරියෙන් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂියා අසුනෙහි උකටලීව නො සිටීවා” යි මටසිලිටි වූ ප්‍රියංකර වූ මිහිරි වදනින් පරිවරණය කරමින් පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ පිටුපසින් පියාසර කරති. “මේ කුණාල පක්‍ෂි තෙම කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ නොයෙක් වෘක්‍ෂයන්ගෙන් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කෙරෙත්. වැලි දු භවත්නි, ඒ පක්‍ෂි කන්‍යාවෝ අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹවනයෙන් අඹවනයට දඹවනයෙන් දඹවනයට දෙල්වනයෙන් දෙල්වනයට පොල්උයනින් පොල්උයනට සිත් ඇලවීම පිණිස ඒ කුණාල පක්‍ෂියා වහා පමුණුවත්. ඉක්බිති භවත්නි, ඒ කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දවස මුළුල්ලේ ඔසවාගෙනයන ලද්දේ නමුත් “නීච තෙනැත්තියනි, තෙපි නොපෙනී යව, නීච වූ සොර වූ සල්ලාල වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාර නො සලකන්නා වූ සුළඟ මෙන් කැමති යම් ඒ තැනකට යන්නා වූ තෙපි වැනසෙව” යි මෙසේ බැහැර කෙරෙයි.
Pali BJTතස්සෙව ඛලු භො හිමවතො පබ්බතරාජස්ස පුරත්ථිමදිසාභාගෙ සුසුඛුමසුනිපුණගිරිප්පභවා හරිතූපයන්තියො උප්පලකුමුදපදුමනලිනසතපත්තසොගන්ධිකමන්දාලවසම්පතිවිරූළ්හසුචිගන්ධම- නුඤ්ඤපාවකප්පදෙසෙ කුරවක{1}මුචලින්දකෙතකවෙතසවඤ්ජුලපුන්නාගවකුලතිලකපියකහසනසලසාළල චම්පකාසොකනාගරුක්ඛතිරීටභුජපත්තලොද්දචන්දනොඝවනෙ, කාළාගළුපදමකපියඞ්ගුදෙවදාරුකචොචගහණෙකකුධකුටජඅඞ්කොලකච්චිකාරකණිකාරකණ්ණකාරකණවෙර කොරණ්ඩකොවි ළා රකිංසුකයොධිනවමල්ලිකමනඞ්ගණමනවජ්ජභණ්ඩිසුරුචිරභගිනිමාලාදිමාල්යධරෙ ජාතිසුමනමධුගන්ධිකධනුකාරිතාළීසතගරඋසීරකොට්ඨකච්ඡවිතතෙ, අතිමුත්තකසඞ්කුසුමිතලතාවිතතපතිමණ්ඩිතප්පදෙසෙ, හංසපිලවකාදාම්බකාරණ්ඩවාභිනදිතෙ, විජ්ජාධරසිද්ධසමණතාපසගණාධිවුත්ථෙ වරදෙවයක්ඛරක්ඛසදානවගන්ධබ්බකින්නරමහොරගානුචිණ්ණප්පදෙසෙ එවරූපෙ ඛලු භො රම්මෙ වනසණ්ඩෙ පුණ්ණමුඛො නාම ඵුස්සකොකිලො පටිවසති අතිවිය මධුරගිරො විලසිතනයනමත්තක්ඛො.
Sinhala BJTභවත්නි, ඒ හිමවත් පර්‍වතරාජයාගේ ම පූර්‍ව දිශාභාගයෙහි ඉතා මටසිලිටි ඉතා සුන්‍දර පර්‍වතයන් ප්‍රභව කොට ඇති (කුණාල විලට) ගලා බස්නා වූ නිල්වන් නදීහු ඇත්තාහ. (එහි) නිලුපුල් ය කුමුදු ය පියුම් ය හෙළපියුම් ය පිරිපුන් සියපත් පියුම් ය සෙව්වන්‍දිය මන්‍දාරව ය යන (මෙකී) අභිනව ජාත (පුෂ්ප) සුගන්‍ධයෙන් මනහර වූ පවිත්‍ර ප්‍රදේශ ඇති, කරවු ය මිදෙල්ල ය වැටකේ ය හොමුවඟු ය හෝපලු ය දොඹ ය මුහුළු ය ඇසළ ය හෙළපියාය පියාය සල්ය සලලය සපුය අසෝකය නාරුක් ය රිටිගස් ය භුජපත්‍ර (අළුගස්) ය ලොත් ය සඳුන් ය යන වෘක්‍ෂසමූහයෙක් ගැවැසීගත් වනය ඇති, කළුඅගිල් ය පද්මක ය ප්‍රියඞ්ගු ය (පුවඟු) දෙව්දුරු ය කෙසෙල් ය යන මෙයින් ගහන වූ, කුඹුක් ය කෙළිඳ ය රුක්අඟුන ය කච්චිකාර ය රුක්කිණිහිරි ය වැල්කිණිහිරි ය කණවේර (කරවීර) ය කුරණ්ඩක ය කොබෝලීලය කෑලය යූථිකා (සීනිද්ද) ය යොහොඹුය නොකිලිටි නිදොස් වූ භණ්ඩි නම් පුෂ්පය අතිශයින් රුසිරු වූ භගිනිමාලා නම් පුෂ්පය යනාදි මල් දරන්නා වූ, දෑසමන් ය මධුගන්‍ධික ය දුනුපළොල් ය තලිස් ය තුවරලා ය සුවඳහොට ය කොට්ටක ය යන මෙයින් යුත් දෙණිවලින් ගැවැසීගත්, යොහොඹුවැලින් හා මනාව පිපුණු (මල් ඇති) සෙසු නොයෙක් වැලින් ද සැරසුණු පෙදෙස් ඇති, හංස මහවවුල් විල්ලිහිණි දියකිරල යන පක්‍ෂීන් විසින් පවත්වනලද මිහිරි නාද ඇති, විද්‍යාධර සිද්ධ ශ්‍රමණ තවුස් සමූහයන් වාස කළා වූ, උතුම් දෙව් යකු රකුස් අසුර ගදඹ කිඳුරු මහොරගයන් හැසිරෙන පෙදෙස් ඇති, මෙබඳු මනරම් වනලැහැබෙක්හි භවත්නි, අතිශයින් මිහිරි නාද ඇති, මනෝඥ වූ මඳ රත් පැහැ යුතු ඇස් ඇති, පූර්‍ණමුඛ නම් වූ ඵුස්ස කොකිල (පරපුටු කොවුලෙක්) යෙක් වෙසෙයි.
Pali BJTතස්සෙව ඛලු භො පුණ්ණමුඛස්ස ඵුස්සකොකිලස්ස අඩ්ඪුඩ්ඪානි ඉත්ථිසතානි පරිචාරිකා දිජකඤ්ඤායො. අථ ඛලු භො ද්වෙ දිජකඤ්ඤායො කට්ඨං මුඛෙන ඩසිත්වා තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං මජ්ඣෙ නිසීදාපෙත්වා උඩ්ඩෙන්ති, මා නං පුණ්ණමුඛං ඵුස්සකොකිලං අද්ධානපරියායපථෙ කිලමථො උබ්බහෙත්ථාති. පඤ්ඤාස දිජකඤ්ඤායො හෙට්ඨතො හෙට්ඨතො ඩෙන්ති, සචායං පුණ්ණමුඛො ඵුස්සකොකිලො ආසනා පරිපතිස්සති මයං තං පක්ඛෙහි පටිග්ගහෙස්සාමාති. පඤ්ඤාය දිජ කඤ්ඤායො උපරූපරි ඩෙන්ති, මා නං පුණ්ණමුඛං ඵුස්සකොකිලං ආතපො පරිතාපීති. පඤ්ඤාස දිජකඤ්ඤායො උභතො පස්සෙන ඩෙන්ති, මා නං පුණ්ණමුඛං ඵුස්සකොකිලං සීතං වා උණ්හං වා තිණං වා රජො වා වාතො වා උස්සාවො වා උපප්ඵුසීති. පඤ්ඤාස දිජකඤ්ඤායො පුරතො පුරතො ඩෙන්ති, මා නං පුණ්ණමුඛං ඵුස්සකොකිලං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට්ඨහාරකා වා වනකම්මිකා වා කට්ඨෙන වා කඨලාය වා පාණිනා වා (පාසාණෙන වා) ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා සක්ඛරාහි වා
Sinhala BJTභවත්නි, ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට පරිචාරිකා වූ පක්‍ෂි කන්‍යාවෝ තෙසිය පනස් දෙනෙක් වෙති. එකල්හි පක්‍ෂි කන්‍යාවෝ දෙදෙනෙක් මුවින් දඬු කඩක් ඩැහැගෙන ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා එය මැද හිඳුවා “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල පක්‍ෂියා අතරමග දී ගමනින් පීඩා නො විඳීව” යි පියාසර කරති. “ඉදින් මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අසුනෙන් ගිලිහී වැටෙන්නේ නම් අපි (අපගේ) පියාපත්වලින් ඔහු පිළිගන්නෙමු” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් යටින් පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අව්වෙන් නො තැවේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් මත්තෙහි පියාසර කරති. “ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා සීතල හෝ උණුසුම හෝ තණ හෝ දූලි හෝ පවන හෝ පින්න හෝ ස්පර්‍ශ නො කෙරේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස් දෙනෙක් දෙපසින් පියාසර කරති. “ගොපල්ලෝ හෝ පසුපාලකයෝ හෝ තණ ගෙනයන්නෝ හෝ දර ගෙනයන්නෝ හෝ වන කාර්මිකයෝ හෝ කැටින් වේවයි කැබිලිත්තෙන් වේවයි අතින් වේවයි (පහණින් වේවයි) මැටි කැටයෙන් වේවයි දණ්ඩෙන් වේවයි සැතින් වේවයි බොරළුයෙන් වේවයි
Pali BJTපහාරං අදංසු. මායං පුණ්ණමුඛො ඵුස්සකොකිලො ගච්ඡෙහි වා ලතාහි වා රුක්ඛෙහි වා සාඛාහි වා ථම්භෙහි වා පාසාණෙහි වා බලවන්තෙහි වා පක්ඛීහි සංගාමෙසීති. පඤ්ඤාස දිජකඤ්ඤායො පච්ඡතො පච්ඡතො ඩෙන්ති සණ්හාහි සඛිලාහි මඤ්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන්තියො, මායං පුණ්ණමුඛො ඵුස්සකොකිලං ආසනෙ පරියුක්කණ්ඨිති. පඤ්ඤාස දිජකඤ්ඤායො දිසොදිසං ඩෙන්ති, නෙකරුක්ඛවිවිධවිකතිඵලමාහරහන්තියො මායං පුණ්ණමුඛො ඵුස්සකොකිලො ඛුදාය පරිකිලමිත්ථාති. අථ ඛලු භො තා දිජකඤ්ඤායො තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං ආරාමෙනෙව අරාමං උය්යානෙනෙව උය්යානං නදීතිත්ථෙනෙව නදීතිත්ථං පබ්බතසිඛරෙනෙව පබ්බතසිඛරං අම්බවනෙනෙව අම්බවනං ජම්බූවනෙනෙව ජම්බූවනං ලබුජවනෙනෙව ලබුජවනං නාළිකෙරසඤ්චාරීයෙනෙව නාළිකෙරසඤ්චාරියං ඛිප්පමෙව අභිසම්භොන්ති රතත්ථාය. අථ ඛලු භො පුණ්ණමුඛො ඵුස්සකොකිලො තාහි දිජකඤ්ඤාහි දිවසං පරිබ්බූළ්හො එවං පසංසති සාධු සාධු භගිනියො එථ ඛො භගිනියො තුම්හාකං පතිරූපං කුලධීතානං යං තුම්හෙ භත්තාරං පරිචරෙය්යාථාති.
Sinhala BJTඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට පහර නො දෙත්වා” යි ද, “මේ පූර්‍ණමුඛ කොකිලයා පැළෑටි සමග හෝ වැල් සමග හෝ ගස් සමග හෝ අතු සමග හෝ කණු සමග හෝ ගල් සමග හෝ බලවත් පක්‍ෂීන් සමග හෝ දුඃඛ ස්පර්‍ශ වශයෙන් එක් නො වේවා” යී ද (අදහසින්) පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් ඉදිරියෙන් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිල තෙම අසුනෙහි උකටලී නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් මටසිලුටු මනෝඥ මිහිරි වදනින් පරිචරණය කෙරෙමින් පසුපසින් පියාසර කරති. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා කුසගින්නෙන් ක්ලාන්ත නො වේව” යි පක්‍ෂි කන්‍යාවන් පනස්දෙනෙක් නොයෙක් ගස්වලින් විවිධ පලවැළ ගෙනෙමින් දිගින් දිගට පියාසර කරත්. තව ද, ඒ පක්‍ෂි කන්‍යාවෝ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා අරමින් අරමට උයනින් උයනට ගංතොටින් ගංතොටට කඳුමුදුනින් කඳුමුදුනට අඹ වනයෙන් අඹ වනයට දෙල් වනයෙන් දෙල් වනයට පොල් වනයෙන් පොල් වනයට සිත් ඇලවීම පිණිස වහා පමුණුවත්. භවත්නි, එකල්හි ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොවුල් තෙම ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දිවා කල්හි පිරිවරන ලද්දේ “නැගණිවරුනි, (බුහුනනි,) ඉතා මැනව, ඉතා මැනව, බුහුනනි, යම්හෙයකින් තෙපි (තොපගේ) සැමියා සෙවුනාහු ද තෙල තොප බඳු කුලදූන්හට සුදුස්සෙකැ” යි මෙසේ පසසයි.
Pali BJTඅථ ඛලු භො පුණ්ණමුඛො ඵුස්සකොකිලෙ යෙන කුණාලො සකුණො තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො කුණාලස්ස සකුණස්ස පරිචාරිකා දිජකඤ්ඤායො තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන යෙන පුණ්ණමුඛො ඵුස්සකොකිලො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං එතදවොචුං. අයං සම්ම පුණ්ණමුඛ, කුණාලො සකුණො අතිවිය ඵරුසො අතිතිවියඵරුසවාචො අප්පෙවනාම ත්වම්පි ආගම්ම පියවාචං ලභෙය්යාමාති. අප්පෙවනාම භගිනියොති වත්වා යෙන කුණාලො සකුණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කුණාලෙන සකුණෙන සද්ධිං පටිසම්මොදිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පුණ්ණමුඛො ඵුස්සකොකිලො තං කුණාලං සකුණං එතදවොච: කිස්ස ත්වං සම්ම කුණාල, ඉත්ථීනං සුජාතානං කුලධීතානං සම්මා පටිපන්නානං මිච්ඡා පටිපන්නොසි. අමනාපභාණීනම්පි කිර සම්ම කුණාල, ඉත්ථීනං මනාපභාණිනා භවිතබ්බං කිමඞ්ගං පන මනාපභාණීනන්ති. එවං වුත්තෙ කුණාලො සකුණො තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං එවං අපසාදෙසි. තස්ස ත්වං සම්ම ජම්ම වසල, විනස්ස ත්වං සම්ම ජම්ම වසල කොනු තයා වියත්තො ජායාජිනෙනාති. එවං අපසාදිතො ච පන පුණ්ණමුඛො ඵුස්සකොකිලො තතො හෙව පටිනිවත්ති.
Sinhala BJTභවත්නි, ඉක්බිති ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා කුණාල පක්‍ෂියා යම් තැනෙක ද එතැනට එළඹියේ ය. කුණාල පක්‍ෂියාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවෝ එන්නා වූ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා දුරදී ම දුටහ. දැක පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලා යම් තැනෙක ද එහි එළඹියහ. එළඹ ඒ පූර්‍ණමුඛ නම් පරපුටු කොවුලාට මෙසේ කීහු. “යහළු පූර්‍ණමුඛය, මේ කුණාල පක්‍ෂියා ඉතා පරුෂය. ඉතා රළු වදන් ඇත්තේ ය. ඔබ ඇසුරට පැමිණ හෝ ප්‍රිය වචන ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ” යි. බුහුනනි, එය මැනවැ යි කියා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එතැනට එළඹියේ ය. එළඹ කුණාල පක්‍ෂියා සමග පිළිසඳර කොට එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා ඒ කුණාල පක්‍ෂියාට මෙසේ කීය. “යහළු කුණාලය, මනාසේ පිළිපදනා වූ සමානජාති ඇති කුලදෝණි වූ ඉතිරින්ට තෙපි කවරහෙයින් වරදවා පිළිපදනහු ද? යහළු කුණාලය, අමනාප බස් බණන ඉතිරින්හට ද මනාප බස් ඇත්තකු විය යුතු ය. මනාප බස් ඇත්තන් ගැන කියනු කිම?” යි. මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ නොසතුට පළ කෙළේ ය. “ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ මෙතැනින් යව. ලාමක අදහස් ඇති යහළු නීචය, තෝ වැනසෙව. ගැහැනුන් විසින් පරදවනලද තට වඩා වියතෙක් අන් කවරෙක් දැ” යි. මෙසේ ගරහන ලද ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා එයින් ම නැවතුනේ ය.
Pali BJTඅථ ඛලු භො පුණ්ණමුඛස්ස ඵුස්සකොකිලස්ස අපරෙන සමයෙන න චිරස්සෙව (අච්චයෙන) ඛරො ආබාධො උප්පජ්ජ, ලොහිතපක්ඛන්දිකා බාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. අථ ඛලු භො පුණ්ණමුඛස්ස, ඵුස්සකොකිලස්ස පරිචාරිකානං දිජකඤ්ඤානං එතදහොසි. ආබාධිකො ඛො අයං පුණ්ණමුඛො ඵුස්සකොකිලො අප්පෙවනාම ඉමම්හා ආබාධා වුට්ඨභෙය්යාති. තං එකකං අදුතියං ඔහාය යෙන කුණාලො සකුණො තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො කුණාලො සකුණො තා දිජකඤ්ඤායො දූරතොව ආගච්ඡන්තියො, දිස්වාන තා දිජකඤ්ඤායො එතදවොච: කහං පන තුම්හං වසලියො භත්තාති. ආබාධිකො ඛො සම්ම කුණාල පුණ්ණමුඛො ඵුස්සකොකිලො, අප්පෙවනාම තම්හා ආබාධා වුට්ඨහෙය්යාති. එවං වුත්තෙ කුණාලො සකුණො තා දිජකඤ්ඤායො එවං අපසාදෙසි. නස්සථ තුම්හෙ වසලියො, විනස්සථ තුමෙභ වසලියො, චොරියො ධුත්තියො අසතියො ලහුවිත්තායො කතස්ස අප්පටිකාරිකායො අනිලො විය යෙන කාමඞ්ගමායොති. වත්වා යෙන පුණ්ණමුඛො ඵුස්සකොකිලො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ත පුණ්ණමුඛං ඵුස්සකොකිලං එතදවොච: හං සම්ම පුණ්ණමුඛාති, හං සම්ම කුණාලාති, අථ ඛලු භො කුණාලො සකුණො තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං පක්ඛෙහි ච මුඛතුණ්ඩෙන ච පරිග්ගහෙත්වා වුට්ඨාපෙත්වා නානාභෙසජ්ජානි පායාපෙසි. අථ ඛලු භො පුණ්ණමුඛස්ස ඵුස්සකොකිලස්ස සො අබාධො පටිප්පස්සම්භිති.
Sinhala BJTභවත්නි, ඉක්බිති ඊට පසු නොබෝ කලකින් ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට ලෝහිත පක්ඛන්‍දිකා නම් (ලේ අතීසාරය) දරුණු ආබාධයෙක් හටගත්තේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. එකල ඒ පූර්‍ණමුඛ නම් ඵුස්ස කොකිලයාගේ පරිචාරක පක්‍ෂි කන්‍යාවන්ට මේ අදහස විය. “මේ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. මේ තෙම මේ ආබාධයෙන් නැගිටින්නේ දෝහෝ යි සැක සහිත යැ”යි (ඒ පක්‍ෂි කන්‍යාවෝ) ඔහු තනිව එකලා ව (එහි) හැරදමා කුණාල පක්‍ෂියා යම් තැනෙක්හි ද එහි එළඹියහ. කුණාල පක්‍ෂියා එන්නා වූ ඒ පක්‍ෂි කන්‍යාවන් දුරදී ම දුටුවේ ය. දැක ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ කීය. “නීච තැනැත්තියනි, තොපගේ සැමියා කොහි දැ” යි. “යහළු කුණාලය, ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා හටගත් ආබාධ ඇත්තේ ය. ඒ ආබාධයෙන් නැගිටීම සැක සහිත යැ” යි (ඔවුහු කීහ.) මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන්ට මෙසේ නො සතුට පැවසී ය. “නීච තෙනැත්තියනි, තෙපි මෙතැනින් යවු. නීච වූ සෙර වූ ධූර්‍ත වූ සිහි නැත්තා වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ කළ උපකාරයට ප්‍රත්‍යුපකාර නො කරන්නා වූ පවන මෙන් කැමති යම් ඒ තැනෙකට යන්නා වූ තෙපි වැනසෙවු” යි මෙසේ කියා පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා යම් තැනෙක්හි ද එහි එළඹියේ ය. එළඹ ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට “යහළු පූර්‍ණමුඛය, ජීවත්වෙහි” දැ යි කීය. “යහළු කුණාලය, ජීවත්වෙමි” යි හේ කීය. භවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂියා ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයා පියාපත්වලින් හා මුවතුඬින් ගෙන නඟාසිටුවා නොයෙක් බෙහෙත් පෙවී ය. භවත්නි, ඉන්පසු පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාගේ ඒ ආබාධය සන්හිඳුණේ යයි.
Pali BJTඅථ ඛලු භො කුණාලො සකුණො තං පුණ්ණමුඛං ඵුස්සකොකිලං ගිලානා වුට්ඨිතං අචිරවුට්ඨිතං ගෙලඤ්ඤා එතදවොච. දිට්ඨා මයා සම්ම පුණ්ණමුඛ කණ්හා ද්වෙ{1}පිතිකා පඤ්චපතිකාය ඡට්ඨෙ පුරිසෙ චිත්තං පටිබද්ධන්තියා යදිදං කවන්ධෙ පීඨසප්පිම්භීති. භවති ච පනු{2}ත්තරෙත්ථ වාක්යං.
Sinhala BJTවැලිදු භවත්නි, ගිලන් බැවින් නැගී සිටි ගිලන් බැවින් මිදුණු නොබෝ කල්ඇති ඒ පූර්‍ණමුඛ ඵුස්ස කොකිලයාට මෙසේ කීය. යහළු පූර්‍ණමුඛය, පියවරුන් දෙදෙනකු ඇති සැමියන් පස්දෙනකු ඇති කණ්හා නම් ස්ත්‍රිය සවැනි පුරුෂයකු වූ හිස සුන් සිරුර ඇතියකු බඳු පිළකු කෙරෙහි සිත් බඳින්නී මා විසින් දක්නා ලද, මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
Pali BJT4114. අථජ්ජුනො නකුලො භීමසෙනො යුධිට්ඨිලො සහ{3}දෙවොච රාජා, එතෙ පතී{4} පඤ්චමතීච්ච නාරී අකාසී ඛුජ්ජවාමනකෙන පාපන්ති.
Sinhala BJT4114. ඉක්බිති අර්ජුන ය, නකුල ය, භීමසේන ය, යුධිෂ්ඨිර ය, සහදේව ය යන රජවරුන් වූ මේ සැමියන් පස්දෙන ඉක්මවා ස්ත්‍රියක් කුදු මිට්ටකු සමග ලාමක වූ අනාචාර කර්‍මයක් කළා ය.
Pali BJTදිට්ඨා මයා සම්ම පුණ්ණමුඛ සච්චත{5}පාවී නාම සමණී සුසාන මජ්ඣෙ වසන්තී චතුත්ථභත්තං පරිණාමයමානා තුලාපුත්තකෙන{6} පාපමකාසි.
Sinhala BJTයහළු පූර්‍ණමුඛය, සච්චතපාවී{*} නම් ශ්‍රමණියක් සොහොන මැද වසන්නී සිව්වැනි බත ද ප්‍රතික්‍ෂේප කරන්නී රන්කරු පුතකු සමග අනාචාර කර්‍මය කළා ය. (ඕ) මා විසින් දක්නාලදු.
Pali BJTදිට්ඨා මයා සම්මා පුණ්ණමුඛ කාකාතී නාම දෙවී සමුද්දමජ්ඣෙ වසන්තී භරියා වෙනතෙය්යස්ස නටකුවෙරෙන පාපමකාසි. දිට්ඨා මයා සම්ම පුණ්ණමුඛ කුරුඞ්ගදෙවී නාම ලොමසුන්දරී එළකමාරකං කාමයමානා ඡළඞ්ගකුමාරධනන්තෙවාසිනා පාපමකාසි.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, කාකාතී නම් දේවී මුහුද මැද වසන්නී ගුරුළකුගේ බිරිය වූවා ගන්‍ධර්‍වයකු සමග අනාචාර කර්‍මයක් කළා ය. ඕ මා විසින් දක්නා ලදු. යහළු පුණ්ණමුඛය, ලෝමසුන්‍දරී නම් කුරඞ්ගදේවි තොමෝ එළකමාරික නම් තෙනැත්තහු කැමති වන්නී ඡළඞ්ග කුමාරයා හා ධනන්තෙවාසික නම් අතවැස්සා ද සමග අනාචාර ක්‍රියාවක් කළා ය, (ඕ) මා විසින් දක්නා ලදු.
Pali BJT4115. එවං හෙතං මයා ඤාතං බ්රහ්මදත්තස්ස මාතරං, ඔහාය කොසලරාජං පඤ්චාලචණ්ඩෙන පාපමකාසි.
Sinhala BJT4115. (යම් තෙනැත්තියක්) කොසොල් රජ හැරදමා පඤ්චාල චණ්ඩ සමග අනාචාර කර්‍මය කළා ද, බඹදත් රජුගේ මව පිළිබඳ වූ තෙල කරුණ මා විසින් දන්නා ලද්දේ ය.
Pali BJT4116. එතා ච අඤ්ඤා ච අකංසු පාපං තස්මාහං ඉත්ථීනං න විස්සසෙ නප්පසංසෙ, මහී යථා ජගති{1} සමානරත්තා වසුන්ධරා ඉතරීතරා පතිට්ඨා සබ්බංසහා අඵන්දනා අකුප්පා තථිත්ථියො තායො න විස්සසෙ නරො.
Sinhala BJT4116. මේ ස්ත්‍රීහු ද අන් ස්ත්‍රීහු ද ලාමක ක්‍රියාව කළාහු ය. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි. ඔවුන්ට නො පසසමි. යම්සේ ජගතී නම් වූ පෘථිවි තොමෝ සමාන ඇලුම් ඇත්තී ද, ධනය උසුලන්නී ද, හීන ප්‍රණීත සියල්ලන්ට ම පිහිටවන්නී ද, සියල්ල ඉවසන්නී ද නො සැලෙන්නී ද, නො කිපෙන්නී ද, ස්ත්‍රීහු ද එසේ වෙති. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.
Pali BJT4117. සීහො යථා ලොහිතමංසභොජනො වාළමිගො පඤ්චහත්ථො{2} සුරුද්දො{3}, පසය්හ ඛාදී පරහිංසනෙ රතො තථිත්ථියො තයො න විස්සසෙ නරො.
Sinhala BJT4117. ලේ මස් බුදින, (මුඛය ගාත් සතරය යන) අත් පසක් ඇති, ඉතා දරුණු ව්‍යාල මෘග වූ සිංහයා යම්සේ පරහිංසාවෙහි ඇලුණේ බලාත්කාරයෙන් අල්වාගෙන කන්නේ වේ ද, ස්ත්‍රීහු ද එසේ වෙත්. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.
Pali BJTන ඛලු භො සම්ම පුණ්ණමුඛ වෙසියො නාරියො ගමනියො, නහෙතාව බන්ධකියො නාම වධිකායො නාම එතායො, යදිදං වෙසියො නාරියො ගමනියොති. චොරා විය වෙණිකතා මදිරා{4} විය දිද්ධා වාණිජා විය වාචාසන්ථුතියො ඉස්සසිඞ්ගමිව විපරිවත්තායො උරගමිව දුජිව්හායො සොබ්බමිව පටිච්ඡන්නා පාතාලමිව දුප්පූරා රක්ඛසී විය දුත්තොසා යමොචෙකන්තභාරියෙ සිඛිරිව සබ්බභක්ඛා නදීරිව සබ්බවාහිනී අනිලො විය යෙන කාමඤ්චරා නෙරුවිය අවිසෙසකරා විසරුක්ඛො විය නිච්චඵලිතායොති. භවති ච පනුත්තරෙත්ථ වාක්යං.
Sinhala BJTඑම්බා යහළු පුණ්ණමුඛය, මොහු වේසීහු, නාරීහු, ගණිකාවෝ පමණක් නො වෙති. යම් මේ වේසීහු ය, නාරීහු ය, ගණිකාවෝ යයි (නාමයෝ) කියනු ලැබෙත් ද, ඔහු බන්‍ධකී නමුදු වෙති. වධිකා (සැමියන් නසන්නෝ) නමුදු වෙත්. මොවුහු (බඳනා ලද හිස් වැසුම් ඇති) සොරුන් වැන්න. විෂ යෙදූ සුරා වැන්න. පැසසුම් කරන වදන් ඇත්තාහු (පණ්‍ය වස්තුවෙහි අගුණ වසා ගුණ ම කියන) වෙළඳුන් වැන්න. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන සිතැත්තෝ ය. උරගයකු මෙන් (මුසාවාදී බැවින්) දෙදිව් ඇතියහ. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් (වස්ත්‍රාභරණාදියෙන්) වැසී සිටිනාහු ය. (මහසයුරෙහි) පාතාලය මෙන් (සිත) පිරවීමට දුෂ්කරයහ. (මසට ම ගිජු රකුසියක මෙන් තුටු කිරීමට දුෂ්කරයහ. යමයා මෙන් (කිසිවකු නො හැර) ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් සියල්ල භක්‍ෂණය කරන්නෝ ය. (සියල්ලන් ම සේවනය කරන්නෝ ය.) නදිය මෙන් සියල්ල උසුලාගෙන යන්නෝ ය. (සියල්ලන් භජනය කරන්නෝ ය.) පවන මෙන් කැමති තැනෙක හැසිරෙන්නෝ ය. (හිමවතැ) නේරු පර්‍වතය මෙන් (කිසිවකුට) වෙනසක් නො කරන්නෝ ය. විෂ රුකක් මෙන් නිති පල දරන්නෝ ය. (නිතර රමණීය ලෙස පෙනෙන්නෝ ය.) මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
Pali BJT4118. යථා චොරො යථා දිද්ධො{1} වාණිජොව විකත්ථනී, ඉස්සසිඞ්ගමිවාවට්ටා{2} දුජිව්හා උරගො යථා{3}.
Sinhala BJT4118. (ස්ත්‍රීහු නම්) සොරකු මෙන් ද, විෂ මිශ්‍ර සුරාවක් මෙන් ද, (විකිණිය යුතු දෑහි අගුණ වසා ගුණ ම පවසන) වෙළඳකු මෙන් ද වෙති. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන්නෝ ය. (බොරු කියන හෙයින්) සර්‍පයකු මෙන් දෙදිව් ඇත්තෝ ය.
Pali BJT4119. සොබ්භමිව පටිච්ඡන්නා පාතාගමිව දුප්පූරා, රක්ඛසී විය දුත්තොසා යමොවෙකන්තහාරියො යථා සිඛී නදී වාහො {*}අනිලො කාමචාරවා{4}.
Sinhala BJT4119. (පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් ප්‍රතිච්ඡන්නයහ. (මහමුහුදෙහි) පාතාලය මෙන් දුෂ්පූරයහ. යමයා මෙන් ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය. ගින්න මෙන් ද, සියල්ල උසුලාගෙන (ගසා ගෙන) යන නදිය මෙන් ද වෙති. වාතය මෙන් කැමති තැන හැසිරෙන්නෝ වෙති.
Pali BJT4120. නෙරූව අවිසෙසා ච විසරුක්ඛො විය නිච්චඵලා, නාසයන්ති ඝරෙ භොගං රතනානන්තකරිත්ථියොති.
Sinhala BJT4120. (හිමවතෙහි) නෙරු පර්‍වතය මෙන් (වෙතට පැමිණි හැම පුරුෂයන්) එකසේ දකිති. (කිම්පක්ක) නම් විෂ රුක මෙන් නිති පල ඇත්තන් ලෙස පැනෙති. (සැමියා විසින් දුකසේ සපයන ලද) රත්නයන්ට අන්තරායකාරී ස්ත්‍රීහු ගෙහි භොගය නසත්.
Pali BJTචත්තාරිමානි සම්ම පුණ්ණමුඛ යානි පරකුලෙ න වාසෙතබ්බානි. ගොණං ධෙනුං යානං භරියං, චත්තාරි එතානි පණ්ඩිතො යානි ඝරා න විප්පවාසයෙ.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, අන්කුලයෙක්හි නො වැසැවිය යුතු යම් සතරෙක් වෙත් ද, ගොනු ය, දෙන ය, යාන ය, බිරිය ය යන මේ සතර නුවණැත්තේ සිය ගෙයින් වෙන් කොට වාස නො කරන්නේ ය.
Pali BJT4121. ගොණං ධෙනුඤ්ච යානඤ්ච භරියං ඤාතිකුලෙ න වාසයෙ, භුඤ්ජන්ති{5} රථං අයානකා අතිවාහෙන හනන්ති පුඞ්ගවං දොහෙන හනන්ති වච්ඡකං භරියා ඤාතිකුලෙසු දුස්සතීති.
Sinhala BJT4121. ගොනා ද දෙන ද යානය ද බිරිය ද යන සතර නෑ කුලයෙක්හි නො වැසැවිය යුත්තේ ය. රියක් නැත්තෝ රිය පරිභෝග කෙරෙති. අධික බර වහනය කරවීමෙන් ගවයා නසති. අධික දෙවීමෙන් වසුපැටියා නසති. නෑකුලයන්හි දී බිරිය දූෂණය කරනු ලබයි.
Pali BJTඡ ඉමානි සම්ම පුණ්ණමුඛ යානි වත්ථූනි කිච්චෙ ජාතෙ අනත්ථාචරානි භවන්ති.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, යම් වස්තුවක් වැඩක් ඇති කල්හි අනර්‍ත්‍ථකර වේ ද එබඳු වස්තු සයෙකි.
Pali BJT4122. අගුණං ධනු ඤාතිකුලෙ ච භරියා පාරං නාවා අක්ඛභග්ගඤ්ච යානං, දූරෙ මිත්තො පාපසහායකො ච කිචෙච ජාතෙ අනත්ථචාරිනී භවන්ති{6}.
Sinhala BJT4122. දුනුදිය රහිත දුන්න ද, නෑ කුලයෙහි වූ බිරිය ද, පරතීරයෙහි වූ නැව ද, කඩ ඇණය බුන් යානය ද, දුර සිටුනා මිතුරා ද, පවිටු මිතුරා ද යන සය වැඩක් පැමිණි කල්හි ප්‍රයෝජනවත් නො වෙති.
Pali BJTඅට්ඨහි ඛලු සම්ම පුණ්ණමුඛ ඨානෙහි ඉත්ථි සාමිකං අවජානාති: දළිද්දතා ආතුරතා ජිණ්ණතා සුරාසොණ්ඩතා මුද්ධතා පමත්තතා සබ්බකිච්චෙසු අනුවත්තිතා සබ්බධනමනුප්පදානෙන, ඉමෙහි ඛලු සම්ම පුණ්ණමුඛ අඅට්ටහි ඨානෙහි ඉත්ථි සාමිකං අවජානාති. භවති ච පනුත්තරෙත්ථ වාක්යං.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය කරුණු අටෙකින් සැමියා පහත් කොට සිතයි. දිළිඳුබව ය, ගිලන්බව ය, මහලුබව ය, සුරාසොඬබව ය, මෝඩබව ය, ප්‍රමත්තබව ය, හැම කිසෙහි අනුව පවත්නා බව ය, සියලු ධනය දීමෙන් දැ යි යන මේ අට කරුණෙන් යහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය සැමියා අවමන් කොට සිතයි. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
Pali BJT4123. දළිද්දං ආතුරඤ්චාපි ජිණ්ණං සුරාසොණ්ඩකං, පමත්තං මුද්ධපත්තඤ්ච රත්තං{1} කිච්චෙසු හාපනං සබ්බකාමප්පදානෙන අවජානන්ති සාමිකන්ති.
Sinhala BJT4123. දිළින්දා ද රෝගියා ද මහල්ලා ද සුරාසොඬහු ද ප්‍රමත්ත වූවහු ද මුළාවට පැමිණි (තමා කෙරෙහි) ඇලුණහු ද කෘත්‍යයන් පිරිහෙළීම කරන්නහු ද සියලු කැමති දෑ දීමෙන් ද (ස්ත්‍රීහු) සැමියාට අවමන් කෙරෙත්.
Pali BJTනවහි ඛලු සම්ම පුණ්ණමුඛ ඨානෙහි ඉත්ථි පදොසමාහරති. ආරාමගමනසීලා ච හොති උය්යානගමනසීලා ච හොති නදීතිත්ථගමනසීලා ච හොති ඤාතිකුලගමනසීලා ච හොති පරකුලගමනසීලා ච හොති ආදාසදුස්සමණ්ඩනානුයොගමනුයුත්තසීලා ච හොති මජ්ජපායිනි ච හොති නිල්ලොකනසීලා ච හොති පද්වාරට්ඨායිනී{2} ච හොති. ඉමෙහි ඛලු සම්ම පුණ්ණමුඛ නවහි ඨානෙහි ඉත්ථි පදොසමාහරතීති. භවති ච පනුත්තරෙත්ථ වාක්යං.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, ස්ත්‍රිය නව ආකාරයකින් (ස්වාමියා කෙරෙහි) ද්වේෂය එළවන්නී ය. (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට යන සුලු ද, උයනට යනසුලු ද, ගංතොටට යනසුලු ද, නෑදෑගෙවලට යනසුලු ද, (සන්‍දිට්ඨ සම්භක්ත ආදී) අන් ගෙවලට යනසුලු ද, කැටපතින් බලමින් වස්ත්‍රාභරණාදියෙන් සැරසීමෙහි යෙදෙනසුලු ද, මත්පැන් බොන්නී ද, (කවුළු ආදියෙන්) බලනසුලු ද, (අඟ පසඟ දක්වමින්) දොරකඩ සිටිනසුලු ද වෙයි. යහළු පුණ්ණමුඛය, මේ නව කරුණෙන් ස්ත්‍රිය සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නී ය. මෙහි මතු දැක්වෙන වාක්‍යය ද වේ.
Pali BJT4124. ආරාමසීලා ච උය්යානං නදී ඤාතිපරකුලං, දුස්සමණ්ඩනමනුයුත්තා{3} යාචිත්ථි මජ්ජපායිනි.
Sinhala BJT4124. යම් ස්ත්‍රියක් (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට ද, උයනට ද, ගංතොටට ද, නෑකුලයට ද, අන් කුලවලට ද යන ස්වභාව ඇත්තී ද, වස්ත්‍රාදියෙන් සැරසීමෙහි යෙදුනී ද, මත්පැන් පානය කරන්නී ද,
Pali BJT4125. යා ච නිල්ලොකනසීලා යා{4} ච පද්වාරට්ඨායිනී, නවහෙතෙහි ඨානෙහි පදොසමාහරන්තිත්ථියොති.
Sinhala BJT4125. යම් ස්ත්‍රියක් (කවුළු ආදියෙන් නිතර) බලනසුලු ද, යම් ස්ත්‍රියක් (අඟ පසඟ පෙන්වමින්) දොරකඩ සිටින්නී ද මේ නව කරුණින් ස්ත්‍රීහු සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නෝ යි.
Pali BJTචත්තාළීසාය ඛලු සම්ම පුණ්ණමුඛ ඨානෙහි ඉත්ථි පුරිසං අච්චාවදති{5}. විජම්භති විනමති විලාසති විලිඛති විලජ්ජති නඛෙන නඛං ඝට්ටෙති පාදෙන පාදං අක්කමති කට්ඨෙන පඨවිං ලිඛති{6} දාරකං උල්ලංඝෙති ඔලංඝාපෙති කීළති කීළාපෙති චුම්බති චුම්බාපෙති භුඤ්ජති භුඤ්ජාපෙති දදති ආයාචති කතමනුකරොති උච්චං භාසති නීචං භාසති අවිවිච්චං භාසති විවිච්චං භාසති නච්චෙන ගීතෙන වාදිතෙන රොදිතෙන{7} විලසිතෙන විභූසිතෙන ජග්ඝති පෙක්ඛති කටිං චාලෙති ගුය්හභණ්ඩකං සඤ්චාලෙති ඌරුං විවරති ඌරුං පිදහති ථනං දස්සෙති කච්ඡං දස්සෙති නාභිං දස්සෙති අක්ඛිං නිඛණති භමුකං උක්ඛිපති ඔට්ඨං පලිඛති ජිව්හං නිල්ලාලෙති දුස්සං මුඤ්චති දුස්සං පටිබන්දති සිරසං මුඤ්චති සිරසං බන්ධති ඉමෙහි ඛලු සම්ම පුණ්ණමුඛ චත්තාළීසාය ඨානෙහි ඉත්ථි පුරිසං අච්චාවදති.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, කරුණු සතලිසකින් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය. විජෘම්භනය කරයි. නැමෙයි, (ගමනාදි ඉරියව්වලින්) ලීලා දක්වයි, ඉරි අඳියි, ලජ්ජාවෙයි, නියෙන් නිය ගටයි, පයින් පය ඇක්මෙයි, දඬුවෙන් පොළොවෙහි ලියයි, දරුවකු ගෙන ඔසොවයි, පහතට වඩයි, (ඒ දරුවා) සිඹියි, (දරුවා ලවා) සිඹීම කරවයි, (තොමෝ) බුදියි, (දරුවා ලවා) කවයි, (දරුවකුට කිසිවක්) දෙයි, (පසුව එය) ඉල්වයි, (දරුවා කළ දෑ) අනුව කරයි, උස් හඬින් කියයි, පහත් හඬින් කියයි, මහසෙනග මැද (අපටිච්ඡන්න ව) කියයි, තනිව (පටිච්ඡන්න ව) කියයි, නැටීමෙන්, ගී කීමෙන්, වාදිතයෙන්, හැඬීමෙන්, සැරසීමෙන්, ආභරණ පැළඳීමෙන් නිමිති දක්වයි, මහත් හඬින් සිනාසෙයි, බලයි, කටිය සොලවයි, රහස් පියස සොලවයි, කලවය විවෘත කරයි, කලවය වසයි, පියයුරු පෙන්වයි, කිසිල්ල පෙන්වයි, නැබ පෙන්වයි, ඇස් සාරයි (පොඩි කරයි), බැම ඔසොවයි, තොල හපයි, දිව ලෙලවයි, වස්ත්‍රය මුදයි, වස්ත්‍රය නැවත හඳියි, කේශ බන්‍ධනය ලිහයි, කේශ බන්‍ධනය බඳියි, යහළු පුණ්ණමුඛය, මේ සතලිස් කරුණින් ස්ත්‍රී පුරුෂයා ඉක්මවා හැසිරෙන්නී ය යි.
Pali BJTපඤ්චවීසාය ඛලු සම්ම පුණ්ණමුඛ ඨානෙහි ඉත්ථි පදුට්ඨා වෙදිතබ්බා භවති. සාමිකස්ස පවාසං වණ්ණෙති පවුත්ථං{1} න සරති ආගතං නාභිනන්දති අවණ්ණං තස්ස භණති වණ්ණං තස්ස න භණති අනත්ථං තස්ස චරති අත්ථං තස්ස න චරති අකිච්චං තස්ස කරොති කිච්චං තස්ස න කරොති පරිදහිත්වා සයති පරම්මුඛි නිපජ්ජති පරාවත්තකජාතා{2} ඛො පන හොති කුඞ්කුමියජාතා දීඝං අස්සසති{3} දුක්ඛං වෙදයති උච්චාරපස්සාවං අභිණ්හං ගච්ඡති විලොමං ආචරති පරපුරිසසද්දං සුත්වා කණ්ණසොතවිවරමොදහති නිහතභොගා ඛො පන හොති පටිවිස්සකෙහි සන්ථවං කරොති නික්ඛන්තපාදා ඛො පන හොති විසිඛානුචාරිනී අතිචාරිනී ඛො පන හොති සාමිකෙ අගාරවා පදුට්ඨමනසඞ්කප්පා අභිණ්හං ද්වාරෙ තිට්ඨති කච්ඡානි අඞ්ගානි ථනානි දස්සෙති දිසොදිසං ගන්ත්වා පෙක්ඛති. ඉමෙහි ඛලු සම්ම පුණ්ණමුඛ පඤ්චවීසාය ඨානෙහි ඉත්ථි පදුට්ඨා වෙදිතබ්බා භවති.
Sinhala BJTයහළු පුණ්ණමුඛය, පස්විසි කරුණෙකින් කිපුණු ස්ත්‍රී දතයුත්තී වෙයි. සැමියාගේ ප්‍රවාසය (අන් තැනෙක විසීම) වර්‍ණනා කරයි, ප්‍රවාසයට ගියහු නො සිහි කරයි, (යළි) පැමිණියහුට නො සතුටු වෙයි, ඔහුගේ අගුණ කියයි, ඔහුගේ ගුණ නො කියයි, ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි, ඔහුගේ අර්‍ත්‍ථය පිණිස නො හැසිරෙයි, ඔහුගේ නො කළයුතු කිස කරයි, කළයුතු කිස නො කරයි, දැඩි ලෙස හැඳ පෙරව නිදයි, විමුඛ ව නිදයි, ඒ මේ අත පෙරළෙන්නී කලහ කරන්නී වෙයි, දීර්‍ඝව ආශ්වාස කරයි, දුක් වේදනා පවසයි, නිතර මල මූ සඳහා (බැහැර) යයි, විලොම් ව හැසිරෙයි, පරපුරුෂයකුගේ හඬ අසා කන් සිදුර එළවයි (ඇහුම්කන් දෙයි), භොග විනාශ කරන්නී වෙයි, අසල්වැසියන් සමග (කෙලෙස් වශයෙන්) සන්‍ථවය කරයි, (සොර සැමියාගේ උපධාරණය පිණිස) නික්මුණු පා ඇත්තී වීථි සංචාරයෙහි යෙදුනී වෙයි, සිය සැමියා කෙරෙහි අගෞරවයෙන් ප්‍රදුෂ්ට සිත් ඇත්තී (සැමියා) ඉක්මවා හැසිරෙන්නී වෙයි, නිතර දොරකඩ සිටියි, කිසිලි ද අවයව ද පියයුරු ද දක්වයි, දිගින් දිග ගොස් බලයි, යහළු පුණ්ණමුඛය, මේ පස්විසි කරුණින් කිපුණු ස්ත්‍රී දතයුතු වේ යි.
Pali BJTභවති ච පනුත්තරෙත්ථ වාක්යං.
Sinhala BJTමෙහි මතු දැක්වෙන වාක්‍යය ද වෙයි.
Pali BJT4126. පවාසමස්ස වණ්ණෙති ගතං නානුසොචති,{4} දිස්වා පතිං ආගතං නාභිනන්දති භත්තාරවණ්ණං න කදාචි භාසති එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4126. ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වනයි. බැහැර ගියහු (සැමියා) අනුව ශෝක නො කරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුටුවීම නො කරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නො කියයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
Pali BJT4127. අනත්ථං තස්ස චරති අසඤ්ඤතා අත්ථඤ්ච හාපෙති අකිච්චකාරිණී, පරිදහිත්වා සයති පරම්මුඛී එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4127. සංයම නැත්තී ඔහුගේ අනර්‍ත්‍ථය පිණිස හැසිරෙයි. නො කළයුතු දෑ කරන්නී අර්‍ත්‍ථය ද නසයි. දැඩි කොට හැඳ විමුඛ ව නිදයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
Pali BJT4128. පරාවත්තජාතා{5} ච භවති කුඞ්කුමී දීඝඤ්ච අස්සසති දුක්ඛවෙදිනී, උච්චාරපස්සාවමභිණ්හගච්ඡති එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4128. ඔබ මොබ පෙරළී කලබල කරන්නී වෙයි. දීර්‍ඝ ලෙස ආශ්වාස කරන්නී දුක් වේදනා ඇත්තී යැ යි කියයි. නිතර මලමූකිස පිණිස යයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.
Pali BJT4129. විලොමමාචරති අකිච්චකාරිණී සද්දං නිසාමෙති පරස්ස භාසතො, හතභොගා ච කරොති සන්ථවං{6} එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4129. විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කථා කරන පරපුරුෂයන්ගේ ශබ්දය අසයි. නසන ලද භොග ඇත්තී ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ ය.
Pali BJT4130. කිච්ඡෙන ලද්ධං කසිරෙනාභතං{1} ධනං විත්තං විනාසෙති දුකෙඛන සම්භතං, පටිවිස්සකෙහි ච කරොති සන්ථවං එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4130. දුකසේ ලද, දුකසේ ගෙනනලද ධනය ද, දුකසේ රැස්කරනලද වස්තුව ද විනාශ කරයි. අසල්වැසියන් සමග ක්ලේශ සන්‍ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
Pali BJT4131. නික්ඛන්තපාදි විසිඛානුචාරිනී නිච්චං ස සාමිම්භි පදුට්ඨමානසා, අතිචාරිනී හොති තථෙව{2}ගාරවා එතෙ පදුට්ඨා භවන්ති ලක්ඛණා.
Sinhala BJT4131. (සොර සැමියන් සෙවීම පිණිස) බැහැර කරනලද පා ඇත්තී ය. වීථි සංචාරය කරන්නී ය. නිතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ්‍ය වූ සිත් ඇත්තී (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගෞරව නැත්තී වෙයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
Pali BJT4132. අභික්ඛණං තිට්ඨති ද්වාරමූලෙ ථනානි කච්ඡානි ච දස්සයන්ති, දිසොදිසං පෙක්ඛති භන්තවිත්තා එතෙ පදුට්ඨාය භවන්ති ලක්ඛණා.
Sinhala BJT4132. පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දොරළඟ සිටී. භ්‍රාන්ත වූ සිත් ඇත්තී දිශානුදිශාවන් බලයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.
Pali BJT4133. සබ්බා නදී වඞ්කගතී{3} සබ්බෙ කට්ඨමයා වනා, සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ{4} නිවාතකෙ.
Sinhala BJT4133. සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රහස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පව් කරන්නාහ.
Pali BJT4134. සචෙ ලභෙථ ඛණං වා රහො වා නිවාතකං චාපි ලභෙථ තාදිසං, සබ්බාව ඉත්ථි කරෙය්යු{5} නො පාපං අඤ්ඤං අලත්ථ පීඨසප්පිනාපි සද්ධිං.
Sinhala BJT4134. ඉදින් මන්ත්‍රණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබඳු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ම අන් පුරුෂයකු නො ලද කල්හි පිළකු සමග හෝ පාපකර්‍මය (අනාචාරය) කෙරෙත් මැ නු.
Pali BJT4135. නරානමාරාමකරාසු නාරිසු අනෙකචිත්තාසු අනිග්ගහාසු ච, සබ්බත්තනාපීතිකරාපි චෙ සියා{6} න විස්සසෙ තිත්ථසමා හි නාරියො.
Sinhala BJT4135. මිනිසුන්ගේ සිත් ඇලුම් කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සිත් ඇත්තා වූ නිග්‍රහයෙන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මුළු හිතින් තුටු කරවනු ලබන්නාහු නමුත් වේශ්‍යාවෝ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්‍ත්‍ථ සම වෙත්.
Pali BJT4136. යං වෙ දිස්වා කණ්ඩරීකින්තරානං{7} සබ්බිත්ථියො න රමන්ති අගාරෙ, තං තාදිසං මච්චං චජිත්වා භරියා අඤ්ඤං දිස්වා පුරිසං පීඨසප්පිං.
Sinhala BJT4136. කණ්ඩරී රජ ය, කින්නරා දෙවි ය යන මොවුන්ගේ යම් නො ඇල්මෙක් වී ද, එය දැක සියලු ස්ත්‍රීහු ඒකාන්තයෙන් ගෘහයෙහි (ස්වකීය) ස්වාමිවරුන් කෙරෙහි නො ඇලෙති යි දත යුතු ය. ඒ එසේ මැ යි. අන්‍ය වූ පිළු පුරුෂයකු (පීඨසප්පි) දැක එබඳු රජු හැර භාර්‍ය්‍යාව පාපකර්‍මය (අනාචාරය) කළා යැ යි කීයේ ය.
Pali BJT4137. බකස්ස ච පාවාරිකස්ස{8} රඤ්ඤො අච්චන්තකාමානුගතස්ස භරියා, අචාචරි බද්ධවසානුගස්ස{9} කං වාපි ඉත්ථි නාතිචරෙ තදඤ්ඤං.
Sinhala BJT4137. අත්‍යන්තයෙන් කැමැත්ත අනුව පැවැත්තා වූ බක නම් රජුගේ ද පාවාරික නම් රජුගේ ද භාර්‍ය්‍යා වූ පංචපාපා තොමෝ තම සිත බැඳුණු තම වසයෙහි සිටි පණිවිඩකරුවකු සමීපයෙහි ලාමක සේ හැසිරුනීය. (එහෙයින්) ස්ත්‍රී එයින් අන්‍ය වූ කවර නම් පුරුෂයකු ඉක්මවා නො හැසිරෙන්නී ද?
Pali BJT4138. පිඞ්ගියානී සබ්බලොකිස්සරස්ස රඤ්ඤො පියා බ්රහ්මදත්තස්ස භරියා, අවාචරී බද්ධවසානුගස්ස තං වාපි සා නාජ්ඣගා කාමකාමිනී.
Sinhala BJT4138. මුළු ලොවට අධිපති වූ බඹදත් රජුගේ පිඞ්ගියානී නම් භාර්‍ය්‍යාව තම වසඟයෙහි සිටියකු (අස්ගොව්වකු) සමග අනාචාරයෙහි හැසුරුනී ය. කාමයන් පතන්නා වූ ඕ තොමෝ එය ද (අස්ගොව්වා ද අගමෙහෙසුන් තනතුර ද යන දෙක ම) නො ලැබුවා ය.
Pali BJT4139. ඛුද්දානං{1} ලහුචිත්තානං අකතඤ්ඤුන දූභිනං{2}, නාදෙවසත්තො පුරිසො ථිනං සද්ධාතුමරහති.
Sinhala BJT4139. බඳනාලද සොරුන් කෙරෙහි පවා ඇලෙන ලාමක වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ අකෘතඥ වූ ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ සිල්වත් ස්වභාවය භූතාවිෂ්ට නො වූ පුරුෂයෙක් නො අදහන්නේ ය.
Pali BJT4140. න තා පජානන්ති කතං න කිච්චං න මාතරං පිතරං භාතරං වා, අනරියා සමතික්කන්තධම්මා සස්සෙව චිත්තස්ස වසං වජන්ති.
Sinhala BJT4140. ඒ ස්ත්‍රීහු කළ දෑ නො දනිත්. කළ යුතු දෑ නො දනිත්. මව හෝ පියා හෝ සහෝදරයා හෝ නො දනිත්. ලජ්ජාවිරහිත වූ ඉක්ම වූ ගුණදම් ඇති ඔවුහු තම චිත්තයාගේ වසඟයට ම යෙත්.
Pali BJT4141. චිරානුවුත්ථම්පි පියං මනාපං අනුකම්පකං පාණසමම්පි සන්තං{3}, ආවාසු{4} කිච්චෙසු ච නං ජහන්ති තස්මානං ඉත්ථීනං න විස්සසාමි.
Sinhala BJT4141. බොහෝ කාලයක් එක්ව විසුවා වූ ප්‍රිය වූ මනාප වූ අනුකම්පා ඇති ප්‍රාණ සම වූ ඒ ස්වාමියා ආපදාපන්න අවස්ථාවන්හි ද කටයුත්තක් පැමිණි කල්හි ද හැරදමති. එබැවින් මම ස්ත්‍රීන්ගේ ස්වභාවය විශ්වාස නො කරමි.
Pali BJT4142. ථිනං හි චිත්තං යථා වානරස්ස කන්තප්පකන්තං යථා රුක්ඛඡායා, චලාවලං හදයං ඉත්ථියානං චක්කස්ස නෙමි විය පරිවතත්ති.
Sinhala BJT4142. ස්ත්‍රීන්ගේ සිත වනාහි වඳුරාගේ සිත මෙනි. උස් පහත් භේදයක් නැතිව වැටෙන ගස් සෙවණ මෙන් ස්ත්‍රීන්ගේ සිත එක තැනෙක නො පිහිටයි. ගමන්කරන රථචක්‍රයාගේ නිම්වළල්ල මෙන් (ස්ත්‍රීන්ගේ සිත) නොයෙක් අරමුණට පෙරළෙයි.
Pali BJT4143. යදා තා පස්සන්ති සමෙක්ඛමානා ආදෙය්යරූපං පුරිසස්ස විත්තං, සණ්හාහි වාචාහි නයන්ති මෙතං කම්බොජකා ජලජෙනෙව අස්සං.
Sinhala BJT4143. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකිත් ද එවිට කාම්බෝජ වැසියන් දියෙහි හටගත් සෙවෙලින් අසකු අල්වාගන්නා මෙන් මෘදු වචනයෙන් ඒ පුරුෂයා තම වසයට ගනිත්.
Pali BJT4144. යදා න පස්සන්ති සමෙක්ඛමානා ආදෙය්යරූපං පුරිසස්ස විත්තං, සමන්තතො තං පරිවජ්ජයන්ති තිණ්ණො නදීපාරගතොව කුල්ලං.
Sinhala BJT4144. සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් නො දකිත් ද (එවිට) ගඟ තරණය කළ, ගඟින් එතෙර වූ තෙනැත්තා පසුර අත්හරින්නා මෙන් ඒ පුරුෂයා හාත්පසින් දුරු කෙරෙත්.
Pali BJT4145. සිලෙසූපමා සිඛීරිව සබ්බභක්ඛා තික්ඛමායා නදීරිව සීඝසොතා, සෙවන්ති හෙතා පියමප්පියඤ්ච නාවා යථා ඔරකුලං පරඤ්ච
Sinhala BJT4145. (පුරුෂයන්ගේ සිත් අලවන හෙයින්) ලාටු බඳු වූ ද, සියල්ල භක්‍ෂණය කරන හෙයින් ගින්න බඳු වූ ද, (වේගයෙන් ගලා යන දිය පහර ඇති නදීන් මෙන්) ශීඝ්‍ර (තියුණු) මායා ඇති මේ ස්ත්‍රීහු එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන්නා වූ නැවක් මෙන් ප්‍රිය වූවහු ද අප්‍රිය වූවහු ද සේවනය කෙරෙත්.
Pali BJT4146. න තා එකස්ස න ද්වින්නං ආපණොව පසාරිතො, යො තා මය්හන්ති මඤ්ඤෙය්ය වාතං ජාලෙන බාධයෙ{1}
Sinhala BJT4146. ඒ ස්ත්‍රීහු එකකුට (අයිති) නො වෙති. දෙදෙනකුට ද නො වෙති. විවෘත කරනලද සල්පිළක් බඳු ය. යමෙක් ඒ ස්ත්‍රීන් මගේ යැ යි සිතන්නේ නම් හෙතෙම දැලින් සුළඟ වැළැක්ම ද කරන්නේ ය.
Pali BJT4147. යථා නදී ච පත්ථො ච පානාගාරං සභා පපා, එවං ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති.
Sinhala BJT4147. ගංගාව ද මාර්‍ගය ද සුරාපානශාලාව ද සභාව ද පැන් හල ද යන මොහු යම්සේ වෙත් ද, ලෝකයෙහි ස්ත්‍රීහු ද එබඳු වෙත්. ඔවුනට මර්‍ය්‍යාදාවක් (සීමාවක්) නැත.
Pali BJT4148. ඝතාසනසමාහෙතා කණ්හසප්පසිරූපමා, ගාවො බහි තිණස්සෙව ඔමසන්ති වරං වරං.
Sinhala BJT4148. මේ ස්ත්‍රීහු වනාහි ගින්න හා සම වෙති. කෘෂ්ණ සර්‍පයකුගේ හිසට බඳු උපමා ඇත්තාහ. (තණ කෑ තැන් අත්හැර) පිටත අලුත් අලුත් තණ සොයා යන ගෙරින් සේ ස්ත්‍රීහු උතුම් පුරුෂයකු (ධන නැත්තහු හැරදමා ධනවතකු) සොයති.
Pali BJT4149. ඝතාසනං කුඤ්ජරං කණ්හසප්පං මුද්ධාභිසිත්තං පමදා ච සබ්බා, එතෙ නාරො නිච්චයත්තො භජෙථ තෙසං භවෙ දුබ්බිදූ සච්චභාවො{2}.
Sinhala BJT4149. ගින්න ද ඇතා ද කෘෂ්ණසර්‍පයා ද රජු ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් මනුෂ්‍ය තෙම සිහි ඇත්තෙක් ව සේවනය කරන්නේ ය. ඒකාන්තයෙන් ඔවුන්ගේ ඇති තතු දැනගැනීම දුෂ්කර ය.
Pali BJT4150. නාච්චන්තවණ්ණා{3} න බහූනි කන්තා න දක්ඛිණා පමදා සෙවිතබ්බා, න පරස්ස භරියා න ධනස්ස හෙතු එතිත්ථියො පඤ්ච න සෙවිතබ්බා.
Sinhala BJT4150. විශිෂ්ට රූ ඇත්තී ද බොහෝ දෙනාට ප්‍රිය තෙනැත්තී ද නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ වූ ස්ත්‍රිය ද අනෙකකුගේ භාර්‍ය්‍යාව ද සේවනය නො කටයුත්තී ය. ධන හේතුවෙන් ද සේවනය නො කටයුත්තී ය. මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නො කටයුත්තාහු වෙති යි කුණාල පක්‍ෂියා කීය.
Pali BJTඅථ ඛලු භො ආනන්දො ගිජ්ඣරාජා කුණාලස්ස සකුණස්ස ආදිමජ්ඣකථාපරියොසානං විදිත්වා තායං වොලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTභවත්නි, ඉක්බිති ආනන්‍ද නම් ගිජුලිහිණි රජ කුණාල පක්‍ෂි රාජයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන එවේලෙහි මේ ගාථාවන් කීය.
Pali BJT4151. පුණ්ණම්පි චෙමං පඨවිං ධනෙන දජ්ජත්ථියා පුරිසො සම්මතාය, ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්ය තම්පි තාසං වසං අසතීනං න ගච්ඡෙ.
Sinhala BJT4151. ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්‍ණ වූ පෘථිවිය සම්මත වූ යම් ස්ත්‍රියකට දෙයි ද, ඕ ඉඩක් ලැබ ඒ පුරුෂයා ද ඉක්මවන්නී ය. එහෙයින් එබඳු ස්මෘති විරහිත ස්ත්‍රීන්ගේ වසයට නො යන්නේ ය.
Pali BJT4152. උට්ඨාහකඤ්චෙපි අලීනවුත්තිං කොමාරභත්තාරං පියං මනාපං, ආවාසු කිච්චෙසු ච නං ජහන්ති තස්මා හි ඉත්ථීනං න විස්සසාමි.
Sinhala BJT4152. උත්සාහවත් නො පසුබට පැවතුම් ඇති ප්‍රිය වූ මන වඩන තුරුණු වියෙහි සිටි සැමියා පවා විපත්වලදී ද ඇවැසි කටයුත්තක් පැමිණි කල්හි ද (ස්ත්‍රීහු) යම් හෙයකින් හැර දමත් ද එහෙයින් ස්ත්‍රීන්ගේ (සදාචාර ස්වභාවය) විශ්වාස නො කරමි.
Pali BJT4153. න විස්සසෙ ඉච්ඡති මන්ති පොසො න විස්සසෙ රොදති මෙ සකාසෙ, සෙවන්ති හෙතා පියමප්පියඤ්ච නාවා යථා ඔරකුලං පරඤ්ච.
Sinhala BJT4153. (මෝ තොමෝ) මා කැමති වන්නී යැ යි පුරුෂ තෙම ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. මා සමීපයෙහි හඬා යයි ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. යම් හෙයකින් එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මේ ස්ත්‍රීහු ප්‍රිය අප්‍රිය දෙදෙන ම සේවනය කෙරෙත් ද එහෙයිනි.