Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4701-4800 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3977. යො ච අරියරුදං භාසෙ අනරියධම්මමවස්සිතො, උභො සො ධංසතෙ ලොකා ඉධචෙව පරත්ථ ච.
Sinhala BJT3977. යමෙක් අනාර්‍ය්‍ය ධර්‍මයෙහි පිහිටියේ ආර්‍ය්‍ය වචන කියයිද, හෙතෙම මෙලෝ පරලෝ යන උභය ලෝකයෙන් ම පිරිහෙන්නේය.
Pali BJT3978. න මජ්ජෙථ යසං පත්තො න ව්යථෙ{5} පත්තසංසයං, වායමෙථෙව කිච්චෙසු සංවරෙ විවරානි ච.
Sinhala BJT3978. යමෙක් යසසට පැමිණ මත් නොවන්නේ ද ජීවිත සංසයට පැමිණි නමුදු චිත්ත පීඩාවට නො පැමිණෙන්නේ ද කටයුතුවල උත්සාහ කරන්නේ ද, තමන්ගේ සිදුරු වසන්නේ ද,
Pali BJT3979. යෙ වද්ධා{6} අබ්භතික්කන්තා සම්පත්තා කාලපරියායං, ඉධ ධම්මං චරිත්වාන එවෙතෙ{7} තිදිවං ගතා.
Sinhala BJT3979. ගුණවෘද්ධ වූ මරණකාලයට පැමිණියා වූ යම් කෙනෙක් මේ මිනිස් ලොව ඉක්මවද්ද, මෙලොව කුශලධර්‍මයෙහි හැසිර මෙසේ මොවුහු දෙව්ලොවට පැමිණියාහු වෙති.
Pali BJT3980. ඉදං සුත්වා කාසිපති ධම්මමත්තනි පාලය, ධතරට්ඨඤ්ච මුඤ්චාහි හංසානං පවරුත්තමං,
Sinhala BJT3980. කශීරජුනි, මෙය අසා තමන් කෙරෙහි ධර්‍මය රැකගනුව. ධතරට්ඨ නම් හංස රාජයා ද මුදාලව යි සුමුඛ කීයේ ය.
Pali BJT3981. ආහරන්තූදකං පජ්ජං ආසනඤ්ච මහාරහං, පඤ්ජරතො පමොක්ඛාමි ධතරට්ඨං යසස්සිනං.
Sinhala BJT3981. පා දෝනා දිය ද, පා ගල්වන තෙල් ද, මා ඇඟි අසුනක් ද ගෙනෙත්වා. යශස් ඇත්තා වූ ධතරට්ඨ නම් හංස රාජයා කූඩුවෙන් මුදන්නෙමි.
Pali BJT3982. තඤ්ච සෙනාපතිං ධීරං නිපුණං අත්ථචින්තකං, යො සුඛො සුඛිතො රඤ්ඤො දුක්ඛිතෙ හොති දුක්ඛිතො.
Sinhala BJT3982. යම් හංසයෙක් රජුගේ සැපතෙහි සුවපත්වූවේ ද, දුකෙහිදී දුඃඛිත වූයේ ද ප්‍රාඥවූ දක්‍ෂවූ යහපත සිතන්නාවූ ඒ සෙන්පතියා ද මුදන්නෙමි.
Pali BJT3983. එතාදිසා{1} ඛො අරහන්ති පිණ්ඩමස්නාතු භත්තුනො, යථායං සුමුඛො රඤ්ඤො පාණසාධාරණො සඛා.
Sinhala BJT3983. යම් සේ මේ සුමුඛ තෙම හංස රජුගේ ප්‍රාණ සාධාරණ යහළුවා වේද, මෙබන්දෝ ස්වාමියාගේ ආහාරය අනුභව කරන්නට සුදුස්සෝ වෙති.
Pali BJT3984. පීඨඤ්ච සබ්බසොවණ්ණං අට්ඨපාදං මනොරමං, මට්ඨං කාසිකපත්ථින්නං{2} ධතරට්ඨො උපාවිසි.
Sinhala BJT3984. සියල්ල ස්වර්‍ණමය වූ පා අටක් ඇති වැඩ අවසන් කළ කශීවස්ත්‍රයෙන් අතුරනලද පුටුවක ධතරට්ඨ නම් හංසරාජයා හිඳ ගත්තේ ය.
Pali BJT3985. කොච්ඡඤ්ච සබ්බසොවණ්ණං වෙය්යග්ඝපරිසිබ්බිතං, සුමුඛො අජ්ඣුපාවෙක්ඛි ධතරට්ඨස්ස අනන්තරං.
Sinhala BJT3985. සියල්ල ස්වර්‍ණමය වූ ව්‍යාඝ්‍රසමින් වටකොට මසනලද කොච්ඡ නම් පුටුවෙහි සුමුඛ තෙමේ ධතරට්ඨ හංසරාජයාට අනතුරුව හිඳගත්තේය.
Pali BJT3986. තෙසං කඤ්චනපත්තෙහි පුථු ආදාය කාසියො, හංසානං අභිහාරෙසුං අග්ගං රඤ්ඤො පවාසිතං.
Sinhala BJT3986. රජු විසින් පඬුරු පිණිස එවනලද ඒ උතුම් භෝජනය කශීරට වැසි බොහෝ දෙන ස්වර්‍ණභාජනවලින් ගෙනවුත් හංසයන්ට එළවූහ.
Pali BJT3987. දිස්වා අභිහටං අග්ගං කාසිරාජෙන පෙසිතං, කුසලො ඛත්තධම්මානං තතො පුච්ඡි අනන්තරා.
Sinhala BJT3987. ඉක්බිති කශී රජු විසින් යවනලදුව තමන් වෙත එළවනලද ඒ අග්‍ර භෝජනය දැක අනතුරුව, ක්‍ෂත්‍රියධර්‍මයන්හි දක්‍ෂ වූ හංස රජතෙම (එකින් එක) විචාළේ ය.
Pali BJT3988. කච්චි භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි රට්ඨමිදං ඵීතං ධම්මෙනමනුසිස්සති.
Sinhala BJT3988. පින්වත් රජුට යහපත්ද, භවත්හට ආරෝග්‍යය තිබේ ද, කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරනු ලැබේ ද?
Pali BJT3989. කුසලඤ්චෙව මෙ හංස අථො හංස අනාමයං, අථො රට්ඨමිදං ඵීතං ධම්මෙනමනුසිස්සති.
Sinhala BJT3989. හංසරාජය, මට යහපති, යළි මට ආරෝග්‍යයද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ.
Pali BJT3990. කච්චි භොතො අමච්චෙසු දොසො කොචි න විජ්ජති, කච්චින්නු තෙ තවත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
Sinhala BJT3990. කිම භවත්හුගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැද්ද? කිම, ඔව්හු ඔබගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද් ද?
Pali BJT3991. අථො පි මෙ අමච්චෙසු දොසො කොචි න විජ්ජති, අථො පි තෙ මමත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
Sinhala BJT3991. මාගේ ඇමතියන් අතර කිසියම් දොසෙක් නැති. වැලි ඔව්හු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියාකෙරෙති.
Pali BJT3992. කච්චි තෙ සාදිසී භරියා අස්සවා පියභාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
Sinhala BJT3992. කිම ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද, අවවාදක්‍ෂම ද, ප්‍රිය තෙපුල් කියන්නී ද, දරු සම්පතින් රූපයෙන් හා යසසින් සමන්‍විත ද, ඔබගේ අදහස් අනුව පවත්නී ද?
Pali BJT3993. අථො මෙ සාදිසී භරියා අස්සවා පියභාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
Sinhala BJT3993. මාගේ බිරිය සමාන ජාති ඇත්තියකි. අවවාදක්‍ෂමය. ප්‍රිය තෙපුල් කියන්නීය. දරු සම්පතින් රූපයෙන් හා යසසින් ද සමන්‍විතය. මාගේ අදහස් අනුව පවත්නීය.
Pali BJT3994. කච්චි රට්ඨං අනුප්පීළං අකුතොචි උපද්දවං, අසාහසෙන ධම්මෙන සමෙන මනුසිස්සති{3}.
Sinhala BJT3994. කිම, රටවැසියා නො පෙළනු ලැබේ ද? කිසිවකිනුත් උවදුරෙක් නැද්ද? සාහසික නොවූ ඔබ විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ ද?
Pali BJT3995. අථො රට්ඨං අනුප්පීළං අකුතොචි උපදද්වං, අසාහසෙන ධම්මෙන සමෙන මනුසිස්සති{1}.
Sinhala BJT3995. රටවැසියා නො පෙළනලදී. කිසිවකිනුත් උවදුරෙක් නැත. සාහසික නොවූ මා විසින් දැහැමින් සෙමෙන් රට අනුශාසනා කරනු ලැබේ.
Pali BJT3996. කච්චි සන්තො අපචිතා අසන්තො පරිවජ්ජිතා, නො චෙ ධම්මං නිරඞ්කත්වා අධම්මමනුවත්තසි.{2}
Sinhala BJT3996. කිම, ඔබ විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහු ද? අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහු ද? ධර්‍මය හැරදමා අධර්‍මය අනුව නොපවත්නෙහි ද?
Pali BJT3997. සන්තො ච මෙ අපචිතා අසන්තො පරිවජ්ජිතා, ධම්මමෙවානුවත්තාමි අධම්මො මෙ නිරඞ්කතො.
Sinhala BJT3997. මා විසින් ශීලාදි ගුණයුක්ත සත්පුරුෂයෝ පුදන ලද්දාහුය. අසත්පුරුෂයෝ දුරුකරන ලද්දාහුය. ධර්‍මය අනුව ම පවත්නෙමි. මා විසින් අධර්‍මය දුරුකරනලදී.
Pali BJT3998. කච්චි නානාගතං දීඝං සමවෙක්ඛසි ඛත්තිය, කච්චි න මත්තො මදනීයෙ පරලොකං න සන්තසි.
Sinhala BJT3998. මහරජ, කිමෙක්ද, ආයුෂ මඳ බව නො සලකන්නෙහි ද? කිමෙක් ද, මත්වියයුතු රූපාදි අරමුණෙහි මත් නො වන්නෙහි ද? කිමෙක් ද, පරලොවට බිය නැත්තෙහි ද?
Pali BJT3999. නාහං අනාගතං දීඝං සමවෙක්ඛාමි පක්ඛිම, ඨිතො දසසු ධම්මෙසු පරලොකං න සන්තසෙ.
Sinhala BJT3999. පක්‍ෂිරාජය, මම ආයුෂ මඳ බව සලකන්නෙමි. දශරාජ ධර්‍මයන්හි පිහිටියෙමි. පරලොවට බිය නො වන්නෙමි.
Pali BJT4000. දානං සීලං පරිච්චාගං අජ්ජවං මද්දවං තපං, අක්කොධං{3} අවිහිංසඤ්ච ඛන්තිඤ්ච අවිරොධනං.
Sinhala BJT4000. දන්දීමය, සිල්රැකීමය, පරිත්‍යාගය, ඍජුබවය, මෘදුබවය, උපෝසථශීලසමාදාන සංඛ්‍යාත තපසය, මෛත්‍රී පූර්‍වභාග කොට ඇති අක්‍රෝධය, කරුණා පූර්‍වභාගකොට ඇති අවිහිංසාවය, අධි වාසනා සංඛ්‍යාත ක්‍ෂාන්තිය ය, එකඟබවය.
Pali BJT4001. ඉච්චෙතෙ කුසලෙ ධම්මෙ ඨිතෙ පස්සාමි අත්තනි, තතො{4} මෙ ජායතෙ පීති සොමනස්සඤ්ඤචනප්පකං.
Sinhala BJT4001. මෙකී කුශල ධර්‍මයන් මා කෙරෙහි පිහිටියවුන් බලමි. මට එයින් ප්‍රීතියත්, මහත් සොම්නසත්, පහළ වන්නේය.
Pali BJT4002. සුමුඛො ච අචින්තෙත්වා විස්සජි ඵරුසං ගිරං, භාවදොසමනඤ්ඤාය අස්මාකායං විහඞ්ගමො.
Sinhala BJT4002. මේ සුමුඛ පක්‍ෂි තෙමේ ද මාගේ ගුණසමුදාය නොදැන සිත දූෂ්‍යවන බව නොසලකා මට පරොස් බස් කීයේ ය.
Pali BJT4003. සො කුද්ධො ඵරුසං වාචං නිච්ඡාරෙසි අයොනිසො, යානස්මාසු{5} න විජ්ජන්ති න ඉදං පඤ්ඤවතාමිව.
Sinhala BJT4003. හෙතෙම කිපියේ නුනුවණින් පරොස් බස් පිට කෙළේය. අප කෙරෙහි යම් වරදක් නැත්තේ ද, එහෙයින් සුමුඛගේ මේ කීම නුවණැත්තකුගේ කීමක් මෙන් නො වැටහේයයි (රජතෙමේ කීයේය).
Pali BJT4004. අත්ථි මෙතං අතිසාරං වෙගෙන මනුජාධිප, ධතරට්ඨෙ ච බද්ධස්මිං දුක්ඛං මෙ විපුලං අහු.
Sinhala BJT4004. නරශ්‍රේෂ්ඨය, ධතරට්ඨ හංසරාජයා පාසයෙහි බැඳුණු කල්හි මට මහ දුකෙක් විය. ඒ දුක් වේගයෙන් මා විසින් එය පමණ ඉක්මවා කරනලද ප්‍රකාශයෙකි.
Pali BJT4005. ත්වං නො පිතාව පුත්තානං භූතානං ධරණීරිව, අස්මාකං අධිපන්නානං ඛමස්සු රාජකුඤ්ජර.
Sinhala BJT4005. ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔබ වනාහි දරුවන්ට පියා මෙන්ද, සත්‍වයන්ට පොළොව මෙන්ද, අපට උපකාරය. වරදට යටත් වූ අපට කමා කරනු මැනවි. (සුමුඛ තෙමෙ කීයේ ය).
Pali BJT4006. එතං තෙ අනුමොදාම යං භාවං න නිගූහසි, ඛීලං පභින්දසී පක්ඛී උජුකොසි විහඞ්ගම.
Sinhala BJT4006. එම්බා විහඞ්ගම වූ පක්‍ෂිය, නුඹ යම්හෙයකින් අදහස නොසඟවන්නෙහි ද, සිතෙහි හුල බිඳින්නෙහි ද, ඍජු වූයෙහි ද, එහෙයින් නුඹගේ මේ දෝෂය කමාකරමියි රජතෙම කීයේ ය.
Pali BJT4007. යං කිඤ්චි රතනං අත්ථි කාසිරාජනිවෙසනෙ, රජතං ජාතරූපඤ්ච මුත්තා වෙළුරියා බහු.
Sinhala BJT4007. කශීරජනිවෙස්හි යම්කිසි රත්න සමූහයක් නිදන්කොට ඇත්තේ ද, එනම් රිදී ද, රන් ද, මුතු ද, බොහෝ වෛඩූර්‍ය්‍ය ද,
Pali BJT4008. මණයො සඞ්ඛමුත්තඤ්ච වත්ථකං හරිචන්දනං, අජිනං දන්තභණ්ඩඤ්ච ලොහං කාලායසං බහුං, එතං දදාමි වො විත්තං ඉස්සෙරං විස්සජාමි වො.
Sinhala BJT4008. මිණිමුවා බඩු ද, සක් හා මුතු ද, කසීසළු ද, රත්සඳුන් ද, අඳුන් මුව සම් ද, දළමුවා බඩු ද, තඹලෝමුවා බඩු ද, කාල ලෝහමය බඩු ද බොහෝ ඇත. මේ වස්තුව ඔබට දෙමි. මේ මාගේ බරණැස් රජයේ ආධිපත්‍යය ඔබට පවරා දෙමි යි (රජතෙම කීය).
Pali BJT4009. අද්ධා අපචිතා ත්යම්හා සක්කතා ච රථෙසභ, ධම්මෙසු වත්තමානානං ත්වං නො ආචරියො භව.
Sinhala BJT4009. ශ්‍රේෂ්ඨ රජතුමනි, ඔබ විසින් අප පුදන ලද්දමෝ වෙමු. සත්කාර කරන ලද්දමෝ ද වෙමි. කුශල කර්‍මපථ ධර්‍මයන්හි පිහිටා ක්‍රියාකරන්නා වූ අපට ඔබ ආචාර්‍ය්‍ය වනු මැනව.
Pali BJT4010. ආචරියසමනුඤ්ඤාතා තයා අනුමතා මයං, තං පදක්ඛිණතො කත්වා ඤාතී පස්සෙමරින්දම.
Sinhala BJT4010. මහරජ, ආචාර්‍ය්‍ය වූ ඔබ විසින් අනුදන්නාලද අනුමත කරනුලැබූ අපි ඔබ පැදකුණු කොට නෑයන් දකිමු යි හංසරජ කීය.
Pali BJT4011. සබ්බරත්තිං චින්තයිත්වා මන්තයිත්වා යථා තථං, කාසිරාජා අනුඤ්ඤාසි හංසානං පවරුත්තමං.
Sinhala BJT4011. කශීරජතෙම මුළුරැයම, ඔවුන් සමග සුදුසු පරිදි චින්තනය කොට මන්ත්‍රණය කොට උතුම් වූ ඒ හංසයන්ට යෑම පිණිස අනුදත්තේය.
Pali BJT4012. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං{1} පති, පෙක්ඛතො කාසිරාජස්ස භවනා{2} තෙ විගාහිසුං.
Sinhala BJT4012. ඉන්පසු රාත්‍රිය ඇවෑමෙන් හිරු උදාවන වේලෙහි එදෙස බලාසිටි කසීරජුගේ භවනයෙන් ඒ හංසයෝ අහසට නැංගාහ.
Pali BJT4013. තෙ අරොගෙ අනුප්පත්තෙ දිස්වාන පරමෙ දිජෙ, කෙ කෙති මකරුං හංසා පුථුසද්දො අජායථ.
Sinhala BJT4013. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක, හංසයෝ කෙ කෙ යන රාවය කළහ. එයින් මහත් ශබ්දයක් හටගති.
Pali BJT4014. තෙ පතීතා පමුත්තෙන භත්තුනා භත්තුගාරවා, සමන්තා පරිකරිංසු අණ්ඩජා ලද්ධපච්චයා.
Sinhala BJT4014. මළ පුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණ කොටගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමිගෞරවය ඇත්තාහු “පක්‍ෂීහු පිහිට ලද්දෝය” යි ඔහු හාත්පස පිරිවරා ගත්හ.
Pali BJT4015. එවං මිත්තවතං අත්ථා සබ්බෙ හොන්ති පදක්ඛිණා, හංසා යථා ධතරට්ඨා ඤාතිසඞ්ඝමුපාගමුන්ති.
Sinhala BJT4015. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැයි වදාළසේක.
Pali BJTමහාහංසජාතක යි.
Sinhala BJTමහාහංස ජාතක යි.
Pali BJT3. සුධාභොජනජාතකං.
Sinhala BJT3. සුධාභෝජන ජාතකය
Pali BJT4016. {*}නෙව කිණාමි නපි වික්කිණාමි න චාපි මෙ සන්නිචයො ච අත්ථි, සුකිච්ඡරූපං වතිදං පරිත්තං පත්ථොදනො නාලමයං දුවින්නං.
Sinhala BJT4016. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස්කළ ධනයෙක් ද නැත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
Pali BJT4017. අප්පම්භා අප්පකං දජ්ජා අනුමජ්ඣතො මජ්ඣකං, බහුම්භා බහුකං දජ්ජා අදානං නූපපජ්ජති.
Sinhala BJT4017. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
Pali BJT4018. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT4018. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි: දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT4019. මොඝඤ්චස්ස හුතං හොති මොඝඤ්චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං.
Sinhala BJT4019. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
Pali BJT4020. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT4020. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT4021. සච්චං තස්ස හුතං හොති සච්චඤ්චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
Sinhala BJT4021. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
Pali BJT4022. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT4022. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව තමා ද වළඳ කරව. ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT4023. සරඤ්ච ජුහති යො සො බහුකාය ගයාය ච, දොණෙ තිම්බරුතිත්ථස්මිං සීඝසොතෙ මහාවහෙ.
Sinhala BJT4023. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්‍ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්පකරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්‍රවාහ ඇති ශීඝ්‍ර ශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්‍ම කෙරේ ද,
Pali BJT4024. අත්රචස්ස හුතං හොති අත්රචස්ස සමීහිතං අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
Sinhala BJT4024. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්‍ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
Pali BJT4025. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT4025. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේත් වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT4026. බලිසං හි සො නිග්ගිලති දීඝසුත්තං සබන්ධනං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං.
Sinhala BJT4026. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්‍ඝසූත්‍රයක් ඇති බන්‍ධන සහිත වූ බිලියක් ගිලියි.
Pali BJT4027. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරූහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT4027. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT4028. උළාරවණ්ණා වත බ්රාහ්මණා ඉමෙ අයඤ්ච වො සුනඛො කිස්ස හෙතු, උච්චාවචං වණ්ණනිභං විකුබ්බති අක්ඛාථ නො බ්රාහ්මණා කෙනු තුම්හෙ.
Sinhala BJT4028. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් උස්පහත් පැහැසටහන් විකුර්‍වණ (නිර්‍මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයාණෙනි, අපට කියව, තෙපි කවරහු ද?
Pali BJT4029. චන්දො ච සුරියො ච උභො ඉධාගතා අයං පන මාතලි දෙවසාරථි, සක්කොහමස්මි තිදසානමින්දො එසො ච ඛො පඤ්චසිඛොති වුච්චති.
Sinhala BJT4029. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලී දේවසාරථී වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ පඤ්චසිඛ යැ යි කියනු ලැබේ.
Pali BJT4030. පාණිස්සරා මුතිඞ්ගා ච මුරජාළම්බරානි ච, සුත්තමෙනං පබොධෙන්ති පටිබුද්ධො ච නන්දති.
Sinhala BJT4030. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
Pali BJT4031. යෙ කෙචිමෙ මච්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්රාහ්මණානං, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා නිරයං වජන්ති.
Sinhala BJT4031. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
Pali BJT4032. යෙ කෙචිමෙ සුග්ගතිමාසසානා ධම්මෙ ඨිතා සංයමෙ සංවිභාගෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා සුගතිං වජන්ති.
Sinhala BJT4032. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්‍මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්‍මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
Pali BJT4033. ත්වං නො ඤාති පුරිමාසු ජාතිසු සො මච්ඡරී රොසකො පාපධම්මො, තවෙව අත්ථාය ඉධාගතම්භා මා පාපධම්මො නිරයං අපත්ථ.
Sinhala BJT4033. තෙපි පූර්‍වජාතියෙහි අපගේ ඥාති යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්‍ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්‍ම ඇතියහු නිරයට නො යවු.
Pali BJT4034. අද්ධා හි මං වො හිතකාමා යං මං සමනුසාසථ, සොහං තථා කරිස්සාමි සබ්බං වුත්තං හිතෙසිහි.
Sinhala BJT4034. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
Pali BJT4035. එසාහමජ්ජෙව උපාරමාමි න චාපහං කිඤ්චි කරෙය්ය පාපං, න චාපි මෙ කිඤ්චි අදෙය්යමත්ථි න චාපි දත්වා උදකම්පහං පිබෙ.
Sinhala BJT4035. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
Pali BJT4036. එවඤ්ච මෙ දදතො සබ්බකාලං භොගා ඉමෙ වාසව ඛීයිස්සන්ති, තතො අහං පබ්බජිස්සාමි සක්ක හිත්වාන කාමානි යථොධිකානීති.
Sinhala BJT4036. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්‍ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.
Pali BJT4037. නගුත්තමෙ ගිරිවරෙ ගන්ධමාදනෙ මොදන්ති තා දෙවවරාභිපාලිතා, අථාගමා ඉසිවරො සබ්බලොකගූ සුපුප්ඵිතං දූමවරසාඛමාදිය.
Sinhala BJT4037. පර්‍වතයන්ට අධිපති වූ ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයෙහි සක් දෙවිඳුන් විසින් රක්නා ලද ඒ දිව්‍යස්ත්‍රීහු සන්තෝෂ වෙති. එවිට මුළුලොවැ යා හැකි ඍෂිවරයෙක් මනාව පිපීගිය ශාඛා පුෂ්පයක් ගෙන පැමිණියේ ය.
Pali BJT4038. සුචිං සුගන්ධං තිදසෙහි සක්කතං පුප්ඵුත්තමං අමරවරෙහි සෙවිතං, අලද්ධ මච්චෙහි වා දානවෙහි වා අඤ්ඤත්ර දෙවෙහි තදාරහං හිදං.
Sinhala BJT4038. දෙවියන් විසින් සත්කාර කරනලද්දා වූ ද, ශක්‍රයා විසින් සෙවුනා ලද්දා වූ ද, පිරිසුදු සුවඳැති මේ උතුම් මල දෙවියන් මිස මිනිසුන් විසින් හෝ අසුරයන් විසින් හෝ නොලද හැකිය. එය දෙවියන්ට ම සුදුසු වේ.
Pali BJT4039. තතො චතස්සො කනකත්තචූපමා උට්ඨාය නාරීයො පමදාධිපා මුනිං, ආසා ච සද්ධා ච තතො සිරී හිරි ඉච්චබ්රවුං නාරද දෙවබ්රාහ්මණං.
Sinhala BJT4039. ඉක්බිති රන්බඳු සිවිය ඇති ස්ත්‍රීන්හට අධිපතිවූ ආසාය, සද්ධාය, සිරි ය, හිරිය යන මේ ස්ත්‍රීහු සතරදෙන නැගිට නාරද දේව බ්‍රාහ්මණ නම් වූ මුනිවරයාට මෙසේ කීහ.
Pali BJT4040. සචෙ අනුද්දිට්ඨං තයා මහාමුනි පුප්ඵං ඉමං පාරිඡත්තස්ස බ්රහ්මෙ, දදාහි නො සබ්බගති තෙ ඉජ්ඣතු ත්වම්පි නො හොහි යථෙව වාසවො.
Sinhala BJT4040. මහා ඍෂි වූ බ්‍රාහ්මණය, ඉදින් ඔබ විසින් මේ පරසතු මල කිසිවකුට නො උදෙසනලද නම් අපට දෙනුමැනවි. ඔබ වහන්සේගේ සියලු අදහස් සමෘද්ධ වේවා. අපට ශක්‍ර තෙම යම් සේ වේ ද ඔබ වහන්සේ ද එසේ ම වෙත්වා.
Pali BJT4041. තං යාචමානාභිසමෙක්ඛ නාරදො ඉච්චබ්රවී සඞ්කලහං උදීරයි, න මය්හමත්ථත්ථි ඉමෙහි කොචිනං යා යෙව වො සෙය්යසී සා පිළය්හථ{1}.
Sinhala BJT4041. නාරද තෙම ඒ මල දැක ඉල්ලන්නවුන්හට මෙසේ කීවේ ය. මහත් කලහ වැඩෙන කථාවක් ඇති විය. මට මේ මලින් කිසි වැඩක් නැත. නුඹලා අතුරින් යම් තැනැත්තියක් ගුණයෙන් ජ්‍යේෂ්ඨ වූ නම් ඕ පැළඳගන්නීය යි ඍෂි තෙම කීවේ ය.
Pali BJT4042. ත්වං නොත්තමොවාභිසමෙක්ඛ නාරද, යස්සිච්ඡසි තස්සං අනුප්පචෙච්ඡසු, යස්සා හි නො නාරද ත්වං පදස්සසි සා යෙව නො හොහිති සෙට්ඨසම්මතා.
Sinhala BJT4042. උතුම් නාරද ඍෂිවරය, නුඹවහන්සේ ම අප බලා අප අතුරින් යම් තැනැත්තියකට දෙනු කැමැත්තේ නම් ඈට දුන මැනැවි. නාරද ඍෂිවරය, නුඹ වහන්සේ අප අතුරින් යම් තැනැත්තියකට දෙන්නහු නම් අප අතුරින් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ සම්මත වන්නීය යි කීහ.
Pali BJT4043. අකල්ලමෙතං වචනං සුගත්තෙ කො බ්රාහ්මණො කො කලහං උදීරයෙ, ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ සචෙ න ජානාථ ඉධුත්තමාධමං.
Sinhala BJT4043. මනා සිරුරැත්තිය, ඒ කීම නුසුදුසු ය. කවර නම් බ්‍රාහ්මණයෙක් කලහ ඇති කෙරේ ද? ඉදින් මෙහි තොප අතුරින් උත්තම වූ හෝ අධම වූ හෝ තැනැත්තිය කවරීදැ යි නොදන්නහු නම් භූතාධිපති වූ සක්දෙව්රජු වෙත ගොස් විචාරව යි ඍෂිතෙම කීයේ ය.
Pali BJT4044. තා නාරදෙන පරමප්පකොපිතා උදීරිතා වණ්ණමදෙන මත්තා, සකාසෙ{2} ගන්ත්වාන සහස්සචක්ඛුනො පුච්ඡිංසු භූතාධිපං කානු සෙය්යසී.
Sinhala BJT4044. නාරද ඍෂිවරයා විසින් (කුසුම නො දෙමින්) ඉතා ම කුපිත කර වූ, සක්දෙවිඳුන්ගෙන් අසවැ යි කියනලද වර්‍ණමදයෙන් මත් වූ ඒ අප්සරාවෝ සක්දෙව්රජු සමීපයට ගොස් කවර නම් තැනැත්තියක් ශ්‍රේෂ්ඨ දැ යි විචාළහ.
Pali BJT4045. තා දිස්වා ආයත්තමනා පුරින්දදො ඉච්චබ්රවී දෙවවරො කතඤ්ජලී, සබ්බාව වො හොථ සුගත්තෙ සාදිසී කො නෙව භද්දෙ කලහං උදීරයි.
Sinhala BJT4045. දෙවියනට ශ්‍රේෂ්ඨ වූ දෙවියන් විසින් ඇඳිලි බඳනාලද ශක්‍ර තෙම උත්සුක වූ සිත් ඇති ඒ අප්සරාවන් දැක මෙසේ කීයේ ය. මනා සිරුරු ඇති අප්සරාවනි, තෙපි හැම දෙන ම සමානවවු. සුන්‍දර අප්සරාවරුනි, මෙසේ කවර කෙනෙක් කලහ වර්ධනය කළෝ ද? කියා යි.
Pali BJT4046. යො සබ්බලොකං චරකො මහාමුනි ධම්මෙ ඨිතො නාරදො සච්චනික්කමො, සො නො බ්රවී ගිරිවරෙ ගන්ධමාදනෙ ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ සචෙ න ජානාථ ඉධුත්තමාධමං.
Sinhala BJT4046. සත්‍ය වූ පරාක්‍රම ඇති ධර්‍මයෙහි පිහිටි මුළු ලොව හැසිරෙන්නා වූ නාරද නම් යම් ඍෂිවරයෙක් වේ ද හේ තොප අතුරින් උත්තම හෝ අධම තැනැත්තිය කවර දැ යි නොදනිවු නම්, ශක්‍රයා වෙතට ගොස් අසව යි ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයෙහි දී අපට කීයේ යයි ඒ අප්සරාවෝ කීහ.
Pali BJT4047. අසු බ්රහාරඤ්ඤචරො මහාමුනී නාදත්වා භත්තං වරගත්තෙ භුඤ්ජති, විචෙය්ය දානානි දදාති කොසියො යස්සා හි සො දස්සති සාව සෙය්යසී.
Sinhala BJT4047. උතුම් සිරුරැති දිව්‍යාංගනාවරුනි, තෙල මහවනයෙහි හැසිරෙන මහාමුනි තෙම අන්හට නොදී වළඳ නොකරයි. ඒ කෝසිය තාපස තෙම පරීක්‍ෂා කොට දන් දෙයි. හෙ තෙම තොපගෙන් යම් තැනැත්තියකට දෙන්නේ නම් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ වේ යයි ශක්‍ර තෙම කීයේ ය.
Pali BJT4048. අසූහි යො සම්මති දක්ඛිණං දිසං ගඞ්ගාය තීරෙ හිමවන්තපස්මනී, ස කොසියො දුල්ලභපානභොජනො තස්ස සුධං පාපය දෙවසාරථි.
Sinhala BJT4048. දෙව සාරථිය, යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පාර්ශ්වයෙහි වාසය කෙරේ ද, ඒ කෝසිය තාපස තෙම දුර්‍ලභ ආහාර පාන ඇත්තේ ය. ඔහුට සුධාභෝජනය පමුණුව යි කීයේ ය.
Pali BJT4049. ස මාතලී දෙවවරෙන පෙසිතො සහස්සයුත්තං අභිරුය්හ සන්දනං, ස ඛිප්පමෙව උපගම්ම අස්සමං අදිස්සමානො මුනිනො සුධං අදා{1}.
Sinhala BJT4049. දේවොත්තමයා විසින් යවනලද ඒ මාතලී දිව්‍යපුත්‍ර තෙම දහසක් අසුන් යෙදූ යානයට නැඟ වහා අසපුවට පැමිණ අදෘශ්‍යමාන වූයේ ඍෂිවරයාහට සුධාභෝජනය දුන්නේ ය.
Pali BJT4050. උදග්ගිහුත්තං උපතිට්ඨාතො හි මෙ පභඞ්කරං ලොකතමොනුදුත්තමං, සබ්බානි භූතානි අතිච්ච වාසවො කො නෙව මෙ පාණිසු කිං සුධොදහි.
Sinhala BJT4050. උදෑසන ගිනි දෙවියා පුදා ලෝකාන්‍ධකාරය දුරු කරන්නා වූ පහංකර වූ උතුම් හිරු වෙත එළඹ සිටි මාගේ අත්වල කවරෙක් සුධාභෝජනය බහාලී ද? කිම, සියලු භූතයන් ඉක්මවා සිටින ශක්‍ර තෙමේ ද?
Pali BJT4051. සංඛූපමං සෙතමතුල්යදස්සනං සුචිං සුගන්ධං පියරූපමබ්භුතං, අදිට්ඨපුබ්බං මම ජාත{2}චක්ඛුහි කා දෙවතා පාණිසු කිං සුධොදහි.
Sinhala BJT4051. සක් ගෙඩියක් මෙන් සුදු වූ අසමාන වූ දැකුම් ඇති පිරිසුදු සුවඳවත් දැකුම්කලු වූ අද්භූත වූ පියවි ඇසින් නො දක්නා ලද විරූ සුධාභෝජනය කවර නම් දෙවියෙක් කවර හෙයින් මා අතැ තැබීදැ යි ඍෂිවරයා ප්‍රශ්න කෙළේ ය.
Pali BJT4052. අහං මහින්දෙන මහෙසි පෙසිතො සුධාභිහාසිං තුරිතො මහාමුනි, ජානාසි මං මාතලි දෙව සාරථි භුඤ්ජස්සු භත්තුත්තමං මා විචාරයි{3}.
Sinhala BJT4052. මහර්ෂි වූ මහා මුනිවරය, මම වනාහි සක්දෙව් රජු විසින් මෙහෙයවන ලද්දෙම් වහා සුධාභෝජනය ගෙන ආයෙමි. මා දේවසාරථී වූ මාතලී බව දනුමැනවි. උතුම් බත වළඳනු මැනවි. ප්‍රපඤ්ච නො කරව.
Pali BJT4053. භුත්තා ච සා ද්වාදස හන්ති පාපකෙ ඛුදං පිපාසං අරතිං දරක්ලමං{4}, කොධූපනාහඤ්ච විවාදපෙසුනං සීතුණ්හතන්දිඤ්ච රසුත්තමං ඉදං.
Sinhala BJT4053. වළඳන ලද්දා වූ ඒ සුධාභෝනය බඩගින්න ය, පිපාස ය, නො ඇල්ම ය, කායදරථ ය, ක්ලාන්තගති ය, කෝප ය, බද්ධ වෛර ය, විවාද ය, කේලාම් කීම ය, සීත ය, උෂ්ණ ය, අලස බව ය යන දොළොස් පාපධර්‍මයන් නසන්නේ ය.
Pali BJT4054. න කප්පති මාතලි මය්හ භුඤ්ජිතුං පුබ්බෙ අදත්වා ඉති මෙ වතුත්තමං, න චාපි එකාසනමරියපූජිතං අසංවිභාගී ච සුඛං න වින්දති.
Sinhala BJT4054. එම්බා මාතලිය, පළමුකොට නොදී වැළඳීම මට කැප නැත. මෙසේ මාගේ උතුම් ව්‍රතයෙක් ඇත. එකලා වැ වැළඳීම ආර්‍ය්‍යයන් විසින් නො පුදන ලද්දේ යැ. බෙදාගෙන නොවළඳන තැනැත්තේ දෙව් මිනිස් සුව නො විඳියි.
Pali BJT4055. ථිඝාතකා යෙචිමෙ පාරදාරිකා මිත්තද්දුනො යෙච සපන්ති සුබ්බතෙ, සබ්බෙව තෙ මච්ඡරීපඤ්චමාධමා තස්මා අදත්වා උදකම්පි නාස්මියෙ.
Sinhala BJT4055. ස්ත්‍රීන් නසන, පරදාරාවන් කරා යන මේ යම් කෙනෙකුත් වෙත් ද, මිත්‍රද්‍රෝහි යම් කෙනෙකුත් වෙත් ද, දැහැමි මහණ බමුණන්ට ආක්‍රෝශ කරන යම් කෙනෙකුත් වෙත් ද, මසුරු කම පස් වැනි කොට ඇති ඒ හැම දෙන අධමයෝ ය. එහෙයින් නොදී දිය පවා නො බොමි.
Pali BJT4056. යො හිත්ථියා චා පුරිසස්ස වා පන දස්සාමි දානං විදුසම්පවණ්ණිතං, සද්ධා වදඤ්ඤූ ඉධ වීතමච්ඡරා භවන්ති හෙතෙ සුචිසම්මසම්මතා{1}.
Sinhala BJT4056. යම්බඳු මම ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ බුද්ධාදි පණ්ඩිතයන් විසින් වර්‍ණනා කරනලද දානය දෙම් ද එසේ මේ ලෝකයෙහි සැදැහැති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ පහව ගිය මසුරු මල ඇති මේ පුරුෂයෝ උතුම් යයි සම්මත වෙති.
Pali BJT4057. අතො මුතා{2} දෙවවරෙන පෙසිතා කඤ්ඤා චතස්සො කනකත්තචූපමා, ආසා ච සද්ධා ච සිරී තතො භිරි තං අස්සමං ආගමුං යත්ථ කොසියො.
Sinhala BJT4057. ඉක්බිති සක්දෙව් රජු විසින් අනුදන්නාලදු වැ පිටත් කොට හරිනලද, ස්වර්‍ණයට බඳු සිරුරු සමින් හොබනා වූ ආශාය, ශ්‍රද්ධා ය, ශ්‍රී ය, භ්රී ය යන කන්‍යාවන් සතර දෙන යම් අසපුවෙක්හි කෝසිය (තවුස්) තෙම වෙසේ ද ඒ අසපුවට පැමිණියහ.
Pali BJT4058. තා දිස්වා සබ්බො පරමප්පමොදිතො සුභෙන වණ්ණෙන සිඛාරිවග්ගිනො, කඤ්ඤා චතස්සො චතුරො චතුද්දිසා ඉච්චබ්රවී මාතලිනො ච සම්මුඛා.
Sinhala BJT4058. ශෝභන වූ වර්‍ණයෙන් ගිනිසිළු මෙන් සතර දිශායෙහි සිටියා වූ, දක්‍ෂ වූ, ඒ දිව්‍යප්සරාවන් සතර දෙන දැක අතිශය ප්‍රීතියට පත් කෝසිය තවුස් තෙම මාතලී දිව්‍යපුත්‍රයා හමුවෙහි මෙසේ කීය.
Pali BJT4059. පුරිමං දිසං කා ත්වං පභාසි දෙවතෙ අලඞ්කතා තාරවරාව ඔසධී, පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා{3}.
Sinhala BJT4059. එම්බා දෙව්දුව, උතුම් ඕසධී තරුව මෙන් පෙරදිග බබුළුවන්නා වූ තෝ කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුරු ඇත්තිය, තී විචාරමි. තෝ කවර නම් දෙව්දුවක් වෙහිදැයි මට කියව.
Pali BJT4060. සිරාහං දෙවී{4} මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා, සුධාවිවාදෙන තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
Sinhala BJT4060. හැම කල්හි අලාමක සත්‍වයන් විසින් සෙවුනා ලබන්නා වූ මිනිසුන් කෙරෙහි පූජ්‍යත්‍වයට පත් මම ශ්‍රී නම් වෙමි. මහාප්‍රාඥය, සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් ඔබ සමීපයට ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනවි.
Pali BJT4061. යස්සාහමිච්ඡාමි සුධං මහාමුනි ස{5} සබ්බකාමෙහි නාරො පමොදති, සිරීති{6} මං ජානහි ජූහතුත්තම තං මං සුධාය වරපඤ්ඤ භාජය.
Sinhala BJT4061. මහාතාපසය, මම යමකුට සැප කැමතිවෙම් ද, ඒ මිනිස් තෙම සියලු කාමසම්පතින් තුටු වෙයි. හෝම කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨය, මා ශ්‍රී නමැයි දනුව. මහාප්‍රාඥ තාපසයාණනි, ඒ මට සුධාභෝජනය දුන මැනවැ යි කීවාය.
Pali BJT4062. සිප්පෙන විජ්ජාචරණෙන බුද්ධියා නරා උපෙතා පගුණා සකම්මුනා, තයා විහීනා න ලභන්ති කිඤ්චනං තයිදං න සාධු යදිදං තයා කතං.
Sinhala BJT4062. හස්තිශිල්පාදි ශිල්පඥානයෙන් ද වෙදත්‍රය සංඛ්‍යාත විද්‍යායෙන් හා ශීලයෙන් ද බුද්ධිමහිමයෙන් ද යුත් තමහට සුදුසු කෘෂි වණික් ආදී කර්‍ම ප්‍රගුණකොට ගත්තා වූ මනුෂ්‍යයෝ තීගෙන් තොර වූවාහු ස්වල්ප මාත්‍ර වූ හෝ කවර සැපයක් වත් නො ලබත් ද, තී විසින් කරන ලද මේ යමක් ඇත් නම් එය නො සුදුසු ය.
Pali BJT4063. පස්සාමි පොසං අලසං මහග්ඝසං සුදුක්කුලීනම්පි අරූපිමං නරං, තයානුගුත්තො සිරි ජාතිමං අපි පෙසෙති දාසං විය භොගවා සුඛී.
Sinhala BJT4063. තී විසින් රකිනු ලබන අලස වූ බොහෝ බුදිනසුලු නීචකුලීන වූ මිනිසෙක් වේ ද, සම්පතින් යුත් සුව දිවියක් ගෙවන කුලීනයෝත් ඔහුගේ දාසභාවයට පත් වෙති.
Pali BJT4064. තං තං අසච්චං අවිභජ්ජසෙවිනිං ජානාමි මූළ්හං විදුරානුපාතිනිං, න තාදිසී අරහති ආසනූදකං කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
Sinhala BJT4064. ඒ ස්වභාව සත්‍යය නැති යුක්ති අයුක්ති විභාග නැති වැ සෙවුනා, පණ්ඩිතයන් පහත හෙළන්නා වූ මූඨ වූ තී හඳුනමි. තී වැන්නෝ අසුනක් පැනක් ලබනට වත් නො සුදුසු ය. සුධාභෝජනය ලැබීමට කොයින් සුදුසු වේ ද? මෙතැනින් යව. මට රුචි නො වෙහි යී (තවුසා කීය).
Pali BJT4065. කා සුක්කදාඨා පටිමුත්ත{1}කුණ්ඩලා චිත්තඞ්ගදා කම්බුවිමට්ඨධාරිනී, ඔසිත්තවණ්ණං පරිදය්හ සොභසි කුසග්ගිරත්තං අපිළය්හ මචජරිං.
Sinhala BJT4065. සුදු දත් ඇති පළඳනාලද කුණ්ඩලාභරණ ඇති විසිතුරු අඟුපලඳනා ඇති වෙසෙසින් මටකරනලද රන්මුවා අබරණ දරන තී වත්කළ දියදහරක් බඳු දිව දුහුලක් හැඳ කුසතණින් දැල්වුණු ගිනිසිළුවක් බඳු පත්‍ර සහිත හෝපලු කැනක් කනැ පැළඳ හොබනීය. තො කවරක් ද?
Pali BJT4066. මිගීව භන්තා සරචාපධාරිනා විරදිතා මන්දමිව උදික්ඛසි, කො තෙ දුතියො ඉධ මන්දලොචනෙ න භායසි එකිකා කානනෙ වනෙ.
Sinhala BJT4066. වැද්දකු විසින් විදිනලද පහර වැරද වූ බියපත් මුව දෙනකගේ මඳ බැල්ම මෙන් බලන්නෙහිය. මඳ බැලුම් ඇත්තිය, මෙහි තොපගේ කවර දෙවැන්නෙක් වේ ද? කානන නම් වූ වනයෙහි එකලා වූවා බිය නො වෙහි ද?
Pali BJT4067. න මෙ දුතියො ඉධමත්ථි කොසිය මසක්කසාරප්පභවම්භි දෙවතා, ආසා සූධාසාය තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
Sinhala BJT4067. කෝසිය තවුසාණනි, මෙහි මට දෙවැන්නෙක් නැත. මම් වනාහි තව්තිසා දෙව්ලොව උපන්නියක්මු. ආශා නම් වූ මම සුධාභෝජනය කෙරෙහි ආශාව හේතුකොටගෙන නුඹවහන්සේ සමීපයට ආමි. උතුම් ප්‍රඥා ඇති තාපසය, ඒ මට සුධාභෝජනය දුන මැනවි.
Pali BJT4068. ආසාය යන්ති වාණිජා ධනෙසිනො නාවං සමාරුය්හ පරෙන්ති අණ්ණවෙ, තෙ තත්ථ සීදන්ති අථොපි එකදා ජීනාධනා එන්ති විනට්ඨපාභතා.
Sinhala BJT4068. ධන සොයන වෙළෙන්දෝ ධනාශායෙන් නැව් නැග මහසයුරෙහි පරතෙරට යෙත්. ඔවුහු එහි ගිලෙති. වැළි ඇතැම් විට නැසුණු මාර්ගෝපකරණ ඇත්තාහු පිරිහුණු ධන ඇත්තෝ වන්නාහ.
Pali BJT4069. ආසාය ඛෙත්තානි කසන්ති කස්සකා වපන්ති බීජානි කරොන්තුපායසො, ඊතීනිපාතෙන අවුට්ඨිතාය වා න කිඤ්චි වින්දන්ති තතො ඵලාගමං.
Sinhala BJT4069. ගොවියෝ ආශායෙන් කෙත් සාති. බිජුවට වපුරති. උපාය වශයෙන් නොයෙක් දේ කරති. උවදුරු පැමිණීමෙන් හෝ වැසි නොලැබීමෙන් හෝ එයින් කිසි ප්‍රයෝජනයක් නො විඳිති.
Pali BJT4070. අථත්තකාරානි කරොන්ති භත්තුසු ආසං පුරක්ඛත්වා නරා සුඛෙසිනො, තෙ භත්තුරත්ථා අතිගාළ්භිතා පුන දිසා පනස්සන්ති අලද්ධ කිඤ්චනං.
Sinhala BJT4070. සැප සොයන්නා වූ මනුෂ්‍යයෝ ආශාව පෙරදැරි කොට ස්වාමිවරුන් පිණිස යුදබිම්හි වීර්‍ය්‍ය කරති. දැඩි වෙහෙස දරා ක්‍රියා කළ ඔහු නැවත කිසිවකුත් නොලබා පලායන්නාහ.
Pali BJT4071. ජහිත්ව{1} ධඤ්ඤඤ්ච ධනඤ්ච ඤාතකෙ ආසාය සග්ගාධිමනා සුඛෙසිනො, තපන්ති ලූඛම්පි තපං චිරන්තරං කුම්මග්ග{2}මාරුය්හ පරෙන්ති දුග්ගතිං.
Sinhala BJT4071. සැප සොයා ස්වර්‍ගාරෝහණය කරනු කැමැත්තෝ ධාන්‍ය ද ධනය ද නෑදෑයින් ද හැර ආශායෙන් බොහෝ කලක් මුළුල්ලේ රූක්‍ෂ වූ තපස් පවා රකිති. ඔවුහු කුමගට වැටී දුගතියට පැමිණෙති.
Pali BJT4072. ආසා විසංවාදිකසම්මතා{3} ඉමෙ අසෙ සුධාසං{4} විනයස්සු අත්තනි, න තාදිසී අරහති ආසනූදකං{5} කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසි.
Sinhala BJT4072. මේ සත්‍වයෝ ආශාව නිසා රැවැටෙන්නාහ යි සම්මතව ඇත. ආශාවෙනි, තමා කෙරෙහි පවත්නා සුධාභෝජන ආශාව දුරුකරව. තී වැන්නෝ අසුන් හා ජලයවත් ලැබීමට සුදුසු නො වෙති. එබැවින් සුධාභෝජනය කොයින් ලැබේ ද? යව. තී මට නො රුස්නෙහි ය යි (තාපස තෙම කීය.)
Pali BJT4073. දද්දල්ලමානා යසසා යසස්සිනී ඡිඝඤ්ඤ{6}නාමව්හයනං දිසං පති, පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා{7}
Sinhala BJT4073. පරිවාර සම්පතින් දිලියෙමින් බටහිර දික්හි සිටින යසස් ඇති තී කිනම් වෙහි ද? රන්රුවකට බඳු සිරුර ඇත්තිය, ඒ කරුණ තොප විචාරමි. තෙපි එය මට කියව. කිනම් දේවතාවක් වෙහි ද?
Pali BJT4074. සද්ධාහං දෙවී{8} මනුජෙසු පූජිතා අපාපසත්තූපනිසෙවිනී සදා, සුධාවිවාදෙන තවන්තිමාගතා තං මං සුධාය වරපඤ්ඤ භාජය.
Sinhala BJT4074. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, මිනිසුන් කෙරෙහි සැම කල්හි පූජිත වූ, උසස් සත්‍වයන් විසින් සෙවුනාලද, මම සද්ධා නම් වෙමි. සුධාභෝජනය පිළිබඳ විවාදයෙන් නුඹ වහන්සේ වෙත ආමි. ඒ මට සුධාභෝජනය දුන මැනව.