Pali BJT3879. සොයං එවං ගතො පක්ඛි දිජො පරමධම්මිකො, මාදිසස්ස හි ලුද්දස්ස ජනයෙය්යාථ මද්දවං.
Sinhala BJT3879. මෙසේ සතුරන් අතට පත් පරම ධාර්මික වූ ද්විජ නමි වූ ඒ මේ පක්‍ෂී තෙම මා වැනි වැද්දකුගේ පවා මෛත්‍රිය පහළ කෙළේ ය.
Pali BJT3880. උපායනං හි{2} තෙ දෙව නාඤ්ඤං පස්සාමි එදිසං, සබ්බසාකුණිකගාමෙ තං පස්ස මනුජාධිප.
Sinhala BJT3880. දේවයන් වහන්ස, මේ වනාහි ඔබ වහන්සේට ගෙනෙන ලද තුටුපඬුරෙකි. මුළු වැදිගමෙහි මෙබඳු අනෙක් පඬුරක් නො දකිමි. නරශ්‍රේෂ්ඨ වූ මහරජ එය බලනු මැනවි.
Pali BJT3881. දිස්වා නිසින්නං රාජානං පීඨෙ සොවණ්ණයෙ සුභෙ, අජ්ඣභාසථ වක්කඞ්ගො වාචං කණ්ණසුඛං භණං.
Sinhala BJT3881. හංසරාජ තෙම රන්මුවා යහපත් පුටුවෙහි හුන් ඒ සකුල නම් රජු දැක කනට සුව එළවන්නා වූ බස් බෙණෙමින් මෙසේත් කී ය.
Pali BJT3882. කච්චිනු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි රට්ඨමිදං ඵීතං ධම්මෙන මනුසිස්සති.{3}
Sinhala BJT3882. පින්වත් රජුට යහපත් ද? පින්වතාට ආරෝග්‍යය තිබේ ද? කිම, සමෘද්ධ වූ මේ රට දැහැමින් අනුශාසනා කරන්නෙහි ද?
Pali BJT3883. කුසලඤ්චෙව මෙ හංස අථො හංස අනාමයං, අථො රට්ඨමිදං ඵීතං ධම්මෙන මනුසිස්සති.
Sinhala BJT3883. හංස රාජය, මට යහපති. යළි මට ආරෝග්‍යය ද තිබේ. තවද, සමෘද්ධ වූ මේ රට මා විසින් දැහැමින් අනුශාසනා කරනු ලැබේ ය යි රජ තෙමේ කී ය.
Pali BJT3884. කච්චි භොතො අමච්චෙසු දොසො කොචි න විජ්ජති, කච්චින්නු තෙ තවත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
Sinhala BJT3884. කිම, පින්වත්හුගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැද්ද? කිම, ඔවුහු ඔබගේ යුද්ධාදී කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙද්ද?
Pali BJT3885. අථොපි මෙ අමච්චෙසු දොසො කොචි න විජ්ජති, අථොපි තෙ මමත්ථෙසු නාවකඞ්ඛන්ති ජීවිතං.
Sinhala BJT3885. මාගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැත. වැළි ඔවුහු මාගේ යුද්ධාදි කාර්‍ය්‍යයන්හි දිවි නොතකා ක්‍රියා කෙරෙති.
Pali BJT3886. කච්චි තෙ සාදිසී භරියා අස්සවා පියභාණිනි, පුත්තරූපයසූපෙතා තව ඡන්දවසානුගා.
Sinhala BJT3886. කිම, ඔබගේ බිරිය සමාන ජාති ඇත්තී ද? අවවාදක්‍ෂම ද? ප්‍රිය තෙපුල් කියන්නී ද? දරු සම්පතින් හා රූපයෙන් ද යසසින් ද සමන්‍විත ද? ඔබගේ අදහස් අනුව පවතින්නී ද?
Pali BJT3887. අථො මෙ සාදිසී භරියා අස්සවා පිය්යාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
Sinhala BJT3887. මාගේ බිරිය සමාන ජාති ඇත්තීය. අවවාදක්‍ෂම ය. ප්‍රිය තෙපුල් කියන්නී ය. දරු සම්පතින් හා රූපයෙන් ද යශසින් ද මාගේ අදහස් අනුව පවත්නීය.
Pali BJT3888. භවං තු කච්චි නු මහාසත්තුහත්ථත්ථතඞ්ගතො, දුක්ඛමාපජ්ජි විපුලං තස්මිං පඨමමාපදෙ.
Sinhala BJT3888. කිමෙක් ද පින්වතා වනාහි මහා සතුරාගේ අතට හසුවූයේ ඒ පළමු විපතෙහි දී දැඩි දුකට පත්වී ද?
Pali BJT3889. කච්චියං{1} නාපතිත්වාන දණ්ඩෙන සමපොඨයි, එවමෙතෙසං ජම්මානං පාකතිකං භවති තාවදෙ.
Sinhala BJT3889. කිමෙක් ද, මේ වැද්දා පැන නොයන්නට දණ්ඩකින් පෙළුයේ ද? මෙසේ කිරීම මේ නීචයන්ගේ ඒ වේලාවෙහි ස්වභාව ය.
Pali BJT3890. ඛෙමමාසි මහාරාජ එවමාපදි{2} සංසති, න චායං කිඤ්චිරස්මාසු සතතූව සමපජ්ජථ{3}.
Sinhala BJT3890. මහරජ, මෙසේ විපත්තිය පැමිණි කල්හි නිර්‍භය වීමි. මෙතෙම අප කෙරෙහි සතුරකු මෙන් නො පිළිපන්නේ යැ.
Pali BJT3891. පච්චකම්පිත්ථ නෙසාදො පුබ්බෙව අජ්ඣභාසථ, තදායං සුමුඛොයෙව පණ්ඩිතො පච්චහාසථ{4}
Sinhala BJT3891. මහරජ, මේ වැදිතෙම පළමු කොට අප දැක මඳක් පසුබට විය. ඉන්පසු කථා කෙළේ ය. එවිට මේ පණ්ඩිත වූ සුමුඛ තෙම පිළිතුරු දුන්නේ ය.
Pali BJT3892. තස්ස තං වචනං සුත්වා පසාදමයමජ්ඣගා, තතො මං පාමුචී පාසා අනුඤ්ඤාසි සුඛෙන ච,
Sinhala BJT3892. ඔහුගේ ඒ වචනය අසා මෙතෙම පැහැදුණේ ය. ඉන්පසු මා පාසයෙන් මිදුවේ ය. සුවසේ චිත්‍රකූටයට ගොස් වසන්නට ද අනුදත්තේ ය.
Pali BJT3893. ඉදම්පි සුමුඛෙනෙව එතදත්ථාය චින්තිතං, භොතො සකාසෙ ආගමනං එතස්ස ධනමිච්ඡතා.
Sinhala BJT3893. පින්වත් ඔබ වෙත මේ පැමිණීම ද මොහුට ධනය ලබාදෙනු කැමැති වූ සුමුඛයා විසින් ම මොහු සඳහා ම සිතන ලද්දෙකැ යි හංස රාජයා කීයේ ය.
Pali BJT3894. ස්වාගතඤ්චෙවිදං භවතං පතීතොචස්මි දස්සනා, එසො අපි බහුං විත්තං ලභතං යාවතිච්ඡති.
Sinhala BJT3894. පින්වතුන්ගේ මේ පැමිණීම යහපත් පැමිණීමෙකි. ඔබ දැක්මෙන් මම සොම්නස් වීමි. මෙතෙමේ ද යම්තාක් ධනය කැමති වේ නම් ඒ තාක් බොහෝ ධනය ලබන්නේ ය.
Pali BJT3895. සන්තප්පයිත්වා නෙසාදං භොගෙහි මනුජාධිපො, අජ්ඣභාසථ වක්කඞ්ගං{5} වාචං කණ්ණසුඛං භණං.
Sinhala BJT3895. රජ තෙම සම්පතින් වැද්දා සතප්වා මිහිරි වදන් කියමින් හංස රාජයාට මෙසේ කීයේ ය.
Pali BJT3896. යං බලු ධම්මධීනං{6} වසො වත්තති කිඤ්චනං, සබ්බත්ථිස්සරියං{7} භවතං පසාසථ{8} යදිච්ඡථ.
Sinhala BJT3896. හංසරාජය, යම්කිසිවක් මා වසයෙහි පවතී ද ඒ සියල්ල මම ධර්‍මයට අයත් කොට හෙවත් ධර්‍මපූජා වශයෙන් දෙමි. ඒ සියල්ලෙහි අධිපති බව පින්වතාට වේවා. රුචි පරිදි අනුශාසනා කරනු මැනවි.
Pali BJT3897. දානත්ථං උපභොත්තුං වා යඤ්චඤ්ඤං උපකප්පති, එතං දදාමි වො විත්තං ඉස්සෙරං විස්සජාමි වො.
Sinhala BJT3897. දානයට හෝ පරිභෝගයට හෝ අන්කිසි යමකට හෝ කැමැත්තේ නම් එය කරව. ඒ සම්පත ඔබට දෙමි. මාගේ අධිපති භාවය ඔබට පවරා දෙමි යි රජ කී ය.
Pali BJT3898. යථා ච ම්යායං සුමුඛො අජ්ඣහාසෙය්ය පණ්ඩිතො, කාමසා බුද්ධිසම්පන්නො තං ම්යාස්ස පරමප්පියං.
Sinhala BJT3898. ඉදින් මේ පණ්ඩිත වූ බුද්ධිසම්පන්න සුමුඛයාත් තම කැමැත්තෙන් යමක් කියන්නේ නම් එය මට ඉතා ප්‍රිය වන්නේ ය යි රජ කීයේ ය.
Pali BJT3899. අහං ඛලු මහාරාජ නාගරාජාරිවන්තරං, පටිවත්තුං න සක්කොමි න මෙ සො විනයො සියා.
Sinhala BJT3899. මහරජ, මම වනාහි මහගල් පව් දෙකක් අතරට වූ ඇත් රජකු මෙන් ඔබ අතර කථා කරන්නට නො හැක්කෙමි. එසේ කථා කරන්නෙම් නම් එය හික්මීම ද නො වන්නේ ය.
Pali BJT3900. අම්හාකඤ්චෙව යො සෙට්ඨො ත්වඤ්ච උත්තමසත්තවො, භූමිපාලො මනුස්සින්දො පූජා බහූහි හෙතුහි.
Sinhala BJT3900. අපගේ සයානූදහසක් හංසයන්ට ශ්‍රේෂ්ඨ වූ යම් ඒ හංස රාජයෙක් වේ ද, හෙ තෙමේ ද පෘථිවිය පාලනය කරන්නා වූ මිනිසුන්ට අධිපති වූ උතුම් කෙනකු වන ඔබ ද යන දෙදෙනා බොහෝ හේතූන් නිසා පිදිය යුත්තෝ ය.
Pali BJT3901. තෙසං උභින්නං භණතං වත්තමානෙ විනිච්ඡයෙ, නාන්තරං{1} පටිවත්තබ්බං පෙස්සෙන{2} මනුජාධිප.
Sinhala BJT3901. නර ශ්‍රේෂ්ඨ මහරජතුමනි, ඔවුන් දෙදෙනා කථා කරද්දී විනිශ්චය පවත්නා විට මෙහෙකරු වූ මා විසින් අතර තුර කථා නො කළයුතු ය.
Pali BJT3902. ධමෙමන කිර නෙසාදො පණ්ඩිතො අණ්ඩජො ඉති, නහෙව අකතත්තස්ස නයො එතාදිසො සියා.
Sinhala BJT3902. වැදි තෙම ඇතිසැටියෙන් ම පණ්ඩිත වූ පක්‍ෂියෙකැ යි කීසේ ය. පුරුදු නොකළ සිතැත්තකුට මෙබඳු ප්‍රඥාවක් නො වන්නේ ම ය.
Pali BJT3903. එවං අග්ගපකතිමා එවං උත්තමසත්තවො, යාවතත්ථි මයා දිට්ඨා නාඤ්ඤං පස්සාමි එදිසං.
Sinhala BJT3903. මෙතෙම මෙසේ උතුම් ස්වභාව ඇත්තෙකි. මෙසේ උතුම් සත්‍වයෙකි. මා විසින් දක්නාලද යම්තාක් පක්‍ෂීහු ඇද්ද, ඔවුනතර මෙබඳු අන් පක්‍ෂියකු නො දකිමි.
Pali BJT3904. තුට්ඨොස්මි චො පකතියා වාක්යෙන මධුරෙන ච, එසො චාපි මම ඡන්දො චිරං පස්සෙය්ය වො උභො.
Sinhala BJT3904. යහළු හංසරාජය, මම (පළමු කොට ම) ඔබ දැක්මෙන් ප්‍රකෘතියෙන් තුටුවූයෙම් වෙමි. දැන් ඔබගේ මිහිරි වචනයෙන් සතුටු වූයෙම් වෙමි. ඔබ දෙදෙනා (මෙහි ම වාසය කරවාගෙන) බොහෝ කලක් බලන්නෙමි යි යන මෙය ද මගේ කැමැත්ත වේ.
Pali BJT3905. යං කිච්චං පරමෙ මිත්තෙ කතරස්මාසු{3} තං තයා, පත්තා නිස්සංසයං ත්යම්භා භත්තිරස්මාසු යා තව.
Sinhala BJT3905. මහරජ, උතුම් මිත්‍රයකු කෙරෙහි කටයුතු යමක් වේ ද, ඔබ විසින් ඒ සියල්ල අප කෙරෙහි කරනලදී. අප කෙරෙහි ඔබගේ යම් බඳු භක්තියක් වේ ද, ඒ භක්තියෙන් අපි නිසැක ව ම ඔබ සමග සහ වාසයට පැමිණියමෝ වෙමු.
Pali BJT3906. අදුඤ්ච නූන සුමහා ඤාතිසඞ්ඝස්සමන්තරං, අදස්සනෙන අස්මාකං දුක්ඛං බහුසු පක්ඛිසු.
Sinhala BJT3906. බොහෝ පක්‍ෂීන් කෙරෙහි අප නො දැක්මෙන් දුකෙක් උපන්නේ ද, තෙල අපගේ, ඥාති සමූහයාගේ මහත් දුබල බවෙකි.
Pali BJT3907. තෙසං සොකවිඝාතාය තයා අනුමතා මයං, තං පදක්ඛිණතො කත්වා ඤාතී පස්සෙ මරින්දම{4}.
Sinhala BJT3907. මහරජ, ඔවුන්ගේ ශෝකය දුරු කිරීම පිණිස ඔබ විසින් අනුදන්නාලද අපි ඔබ ප්‍රදක්‍ෂිණා කොට නෑයන් දක්නෙමු.
Pali BJT3908. අද්ධාහං විපුලං පීතිං භවතං වින්දාමි දස්සනා, එසො චාපි මහා අත්ථො ඤාතිවිස්සාසනා සියා.
Sinhala BJT3908. මම පින්වත්හුගේ දැක්මෙන් ඒකාන්තයෙන් ම මහත් ප්‍රීතියක් විඳිමි. යම් නෑයන් දැක්මෙක් වේ නම් මෙය ද මහත් අභිවෘද්ධියක් වේ යයි හංස තෙම කීයේ ය.
Pali BJT3909. ඉදං වත්වා ධතරට්ඨා{5} හංසරාජා නරාධිපං, උත්තමජවමත්තාය ඤාතිසඞ්ඝමුපාගමුං.
Sinhala BJT3909. ධතරට්ඨ නම් වූ හංස රාජයෝ රජුට මෙය කියා මහත් ජවයෙන් නෑ සමූහයා වෙත එළැඹියහ.
Pali BJT3910. තෙ අරොගෙ අනුප්පත්තෙ දිස්වාන පරමෙ ද්විජෙ, කෙකාතිමකරුං හංසා පුථු සද්දො අජායථ.
Sinhala BJT3910. නීරෝග වූ එහි පැමිණි ඒ උතුම් හංසයන් දැක හංසයෝ කෙ, කෙ, යන රාවය කළහ. එයින් මහත් ශබ්දයෙක් හටගති.
Pali BJT3911. තෙ පතීතා පමුත්තෙන භත්තුනා භත්තුගාරවා, සමන්තා පරිකරිංසු අණ්ඩජා ලද්ධපච්චයා.
Sinhala BJT3911. මළපුඬුවෙන් මිදුණා වූ ස්වාමියා කරණකොට ගෙන තුටු සිත් ඇත්තා වූ ඒ හංසයෝ ස්වාමි ගෞරවය ඇත්තාහු ‘පක්‍ෂීහු පිහිටලද්දෝ ය’ යි ඔහු හාත්පස පිරිවරාගත්හ.
Pali BJT3912. එවං මිත්තවතං අත්ථා සබ්බෙ හොන්ති පදක්ඛිණා, හංසා යථා ධතරට්ඨා ඤාතිසඞ්ඝමුපාගමුත්ති.
Sinhala BJT3912. මෙසේ කල්‍යාණමිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේ ය. ධතරට්ඨ නම් වූ හංසයෝ යම් සේ නෑ සමූහයා වෙතට පැමිණියාහු ද එමෙනැ යි වදාළසේක.
Pali BJTචුල්ලහංසජාතකං.
Sinhala BJTචූලහංස ජාතක යි.
Pali BJT2. මහාහංසජාතකං.
Sinhala BJT2. මහාහංස ජාතකය
Pali BJT3913. එතෙ හංසා පක්කමන්ති වක්කඞ්ගා භයමෙරිතා, හරිත්තච හෙමවණ්ණ කාමං සුමුඛ පක්කම.
Sinhala BJT3913. රන්වන් සිවිය ඇති හෙයින් ස්වර්‍ණ වර්‍ණ වූ සුන්‍දර වූ මුඛ ඇත්තා වූ සුමුඛ ය, බියෙන් තැතිගත් මේ හංසයෝ බැහැර යෙත්. නුඹ ද යව.
Pali BJT3914. ඔහාය මං ඤාතිගණා එකං පාසවසං ගතං, අනපෙක්ඛමානා ගච්ඡන්ති කිං එකො අවහිය්යසි.
Sinhala BJT3914. තනිව මළපුඬුවෙහි අසු වූ මා හැරදමා ඤාති සමූහයෝ අපේක්‍ෂා රහිත වූවාහු යෙත්. එකලා වූ තෝ කුමක් හෙයින් පසුබස්නෙහි ද?
Pali BJT3915. පතෙව පතතං සෙට්ඨ නත්ථි බද්ධෙ{1} සහායතා, මා අනීඝාය හාපෙසි කාමං සුමුඛ පක්කම.
Sinhala BJT3915. ශ්‍රේෂ්ඨ පක්‍ෂිය, තෝ ද පැනයව. බැඳුණහු කෙරෙහි යහළුබවෙක් නැත. නිදුක් බැවින් නො පිරිහෙව. සුමුඛය, ඒකාන්තයෙන් බැහැර යව.
Pali BJT3916. නාහං දුක්ඛපරෙතොති{2} ධතරට්ඨ තවං ජහෙ, ජීවිතං මරණං වා මෙ තයා සද්ධිං භවිස්සති.
Sinhala BJT3916. ධතරට්ඨනම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ අත් නො හරිමි. මාගේ ජීවිතය හෝ මරණය හෝ ඔබ සමග වන්නේ ය.
Pali BJT3917. නාහං දුක්ඛපරෙතොති ධතරට්ඨ තවං{3} ජහෙ, න මං අනරියසංයුත්තෙ කම්මෙ යොජෙතුමරහසි.
Sinhala BJT3917. ධතරට්ඨ නම් මහරජ, මම දුකින් පෙළුණෙමැ යි කියා ඔබ නො හරිමි. මිත්‍රද්‍රෝහි අනාර්‍ය්‍යයන්ගේ කාර්‍ය්‍යයෙක්හි මා යොදවන්නට නුසුදුස්සෙහි ය.
Pali BJT3918. සකුමාරො සඛාත්යස්මි සචිත්තෙ චස්මිං තෙ ඨිතො, ඤාතො සෙනාපති ත්යාහං හංසානං පවරුත්තම.
Sinhala BJT3918. හංසරාජය, මම ඔබ හා සමාන ව උපන් බැවින් සමාන කුමාර වෙමි. එක්ව වැඩුණු බැවින් යහළුවා ද වෙමි. ඔබ සිතැඟි පරිදි හැසිරෙන්නෙක් ද වෙමි. සෙන්පතියකු වශයෙන් ද ප්‍රකට වූයෙමි.
Pali BJT3919. කථං අහං විකත්ථිස්සං{4} ඤාතිමජ්ඣෙ ඉතො ගතො, තං හිත්වා පතතං සෙට්ඨ කින්තෙ වක්ඛාමිතො ගතො ඉධ පාණං චජිස්සාමි නානරියං කත්තුමුසසහෙ.
Sinhala BJT3919. මෙයින් ගියා වූ මම නෑයන් මැද කෙසේ කියන්නෙම් ද, පක්‍ෂි ශ්‍රේෂ්ඨය, ඔබ හැර මෙයින් ගියා වූ මම ඤාතීන් විසින් විචාරන ලද්දෙම් ඔවුන්ට කුමක් කියම් ද? මෙහි ම පණ හරින්නෙමි. අනාර්‍ය්‍ය ක්‍රියාවක් කරන්නට උත්සාහ නො කරමි.
Pali BJT3920. එසො හි ධම්මො සුමුඛ යං ත්වං අරියපථෙ ඨිතො, යො භත්තාරං සඛාරං මං න පරිච්චත්තුමුස්සහෙ{5}.
Sinhala BJT3920. සුමුඛය, ස්වාමි වූ ද යහළු වූ ද මා හැර යන්නට යම් හෙයකින් තෙපි උත්සාහ නො කරවු ද ඒ තෙපි ආර්‍ය්‍ය මාර්‍ගයෙහි පිහිටියහු ය. මෙය වනාහි පුරාතන ධර්‍මය වන්නේ ය.
Pali BJT3921. තං හි මෙ පෙක්ඛමානස්ස භයං න ත්වෙව ජායති, අධිගච්ඡසි ත්වං මය්හං එවම්භූතස්ස ජීවිතං.
Sinhala BJT3921. නුඹ දක්නා වූ මට වනාහි බියෙක් නොම උපදී. මෙසේ වූ මාගේ ජීවිතය ඔබ ලබාදුන්නහු ය.
Pali BJT3922. ඉච්චෙව මන්තයන්තානං අරියානං අරියවුත්තිනං, දණ්ඩමාදාය නෙසාදො ආපදී{1} තුරිතො භුසං.
Sinhala BJT3922. ආර්‍ය්‍ය වූ ආර්‍ය්‍ය පැවතුම් ඇත්තා වූ හංසයන් මෙසේ මන්ත්‍රණය කරමින් සිටිද්දී ම වැදිපුත්‍ර තෙම දැඩි වූ මුගුරක් ගෙන වහා පැමිණියේ ය.
Pali BJT3923. තමාපතන්තං දිස්වාන සුමුඛො අපරි{2}බ්රූහයි, අට්ඨාසි පුරතො රඤ්ඤො හංසො විස්සාසයං ව්යථං.{3}
Sinhala BJT3923. එන්නා වූ ඒ වැද්දා දැක සුමුඛ තෙමේ “බිය නො වව” යි මහ හඬින් කී ය. සුමුඛ නම් හංස තෙම බියපත් වූ හංස රජුට විශ්වාසය ඇති කරවමින් හංස රජු ඉදිරිපිට සිටියේ ය.
Pali BJT3924. මා භායි පත්තං සෙට්ඨ නහි භායන්ති තාදිසා, අහං යොගං පයුඤ්ඡස්සං යුත්තං ධම්මූපසංහිතං. තෙන පරියාපදානෙන{4} ඛිප්පං පාසා පමොක්ඛසි.
Sinhala BJT3924. පක්‍ෂි ශ්‍රේෂ්ඨය, බිය නො වව, තොප වැන්නෝ බිය නොවෙත්. මම දැහැමි වූ ස්ථානෝචිත උත්සාහයක් කරන්නෙමි. ඒ උත්සාහ කිරීමෙන් මළ පුඬුවෙන් වහා මිදෙන්නෙහි ය.
Pali BJT3925. තස්ස තං වචනං සුත්වා සුමුඛස්ස සුභාසිතං, පහට්ඨලොමො නෙසාදො අඤ්ජලිස්ස පණාමයි.
Sinhala BJT3925. ඒ සුමුඛයාගේ සුභාෂිත වූ ඒ වචන අසා හටගත් රෝමොද්ගමනය ඇති වැද්දා ඔහුට ඇඳිලි බැන්දේ ය.
Pali BJT3926. න මෙ සුතං වා දිට්ඨං වා භාසන්තො මානුසිං{5} දිජො, අරියං බ්රුවානො{6} වක්කඞ්ගො චජන්තො මානුසිං ගිරං.
Sinhala BJT3926. මිනිස් හඬ නිකුත් කරමින් නිදොස් ව මිනිස් බස් කියන පක්‍ෂියෙක් මින් පෙර මා විසින් නො දක්නා ලදී. නො අසන ලද්දේ ද වෙයි.
Pali BJT3927. කින්නු තායං දිජො හොති මුත්තො බද්ධං{7} උපාසසි, ඔහාය සකුණා යන්ති කිං එකො අවහීයසි.
Sinhala BJT3927. (පාසයෙන්) මිදුණා වූ නුඹ, බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්‍ෂියා කවරෙක් වෙයි ද? අනිත් පක්‍ෂීහු මොහු හැරයෙත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
Pali BJT3928. රාජා මෙ සො දිජාමිත්ත සෙනාපච්චස්ස කාරයිං, තමාපදෙ පරිච්චත්තුං නුස්සහෙ විහගාධිපං.
Sinhala BJT3928. පක්‍ෂීන්ගේ සතුරු වූ වැද්දාණනි, මෙතෙම මගේ රජ ය. මම මොහුගේ සෙන්පති බව කරවීමි. ඒ පක්‍ෂිරාජයා විපතෙහි හැරපියන්නට උත්සාහ නොකරමි.
Pali BJT3929. මහාගණාය භත්තා මෙ මෙ එකො ව්යසනං අගා, තථා තං සම්ම නෙසාද භත්තායං අභිතො රමෙ.
Sinhala BJT3929. මහත් හංස සමූහයාගේ ද මාගේ ද ස්වාමි වූ මෙතෙම තනිව විපතට නො පැමිණේවා. යහළු වැදි පුත්‍රය, එය එසේ ම ය. මෙතෙම මාගේ ස්වාමියා වේ. මම මොහු සමීපයෙහි සිත් අලවා වෙසෙමි.
Pali BJT3930. අරියවත්තසි චක්කඞ්ග යො පිණ්ඩමපචායසි, චජාමි තෙ තං භත්තාරං ගච්ඡථූභො යථා සුඛං
Sinhala BJT3930. හංසය, යමෙක් ස්වාමියාගෙන් ලත් පිණ්ඩාහාරයට පුදන්නෙහි ද, ඒ නුඹ ආර්‍ය්‍යයන්ගේ පැවැත්මෙන් යුක්ත වෙහි. මම නුඹගේ ඒ ස්වාමියා හරිමි. දෙදෙන සුවසේ යවු.
Pali BJT3931. සචෙ අත්තප්පයොගෙන ඔහිතො හංසපක්ඛිනං, පතිගණ්හාම{8} තෙ සම්ම එතං අභයදක්ඛිණං.
Sinhala BJT3931. මිත්‍රය, ඉදින් ඔබ විසින් ස්වකීය ප්‍රයෝජනය පිණිස හංසයන්ට හා වෙනත් පක්‍ෂීන්ට උගුල අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය පිළිගනිමි.
Pali BJT3932. නො චෙ අත්තප්පයොගෙන ඔහිතො හංසපක්ඛිනං, අනිස්සරො මුඤ්චමම්භෙ ථෙය්යං කයිරාසි ලුද්දක.
Sinhala BJT3932. ඉදින් ඔබ විසින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා හංසයන්ට සහ වෙනත් පක්‍ෂීන්ට උගුල අටවන ලද්දේ නො වේ නම්, නුඹ අධිපති නො වෙහි ය. වැදිපුත්‍රය, අප මුදා හරින්නා වූ නුඹ සොරකමක් කරන්නෙහි ය.
Pali BJT3933. යස්ස ත්වං භතකො{1} රඤ්ඤො කාමං තස්සෙව පාපය, තත්ථ සංයමනො රාජා යථාභිඤ්ඤං කරිස්සති.
Sinhala BJT3933. නුඹ යම් රජකුගේ බැළයෙක් වෙහි ද ඒකාන්තයෙන් ඔහු වෙතට ම අප පමුණුව. එහි දී ඇණවුම් සහිත රජ තෙම අභිමත වූවක් කරන්නේ ය(යි හංස සේනාපතියා කීයේ ය.)
Pali BJT3934. ඉච්චෙව වුත්තො නෙසාදො හෙමවණ්ණෙ හරිතතචෙ, උභො හත්ථෙහි සඞ්ගය්හ{2} පඤ්ජරෙ අජ්ඣවොදහි.
Sinhala BJT3934. මෙසේ කියනු ලැබූ වැදි තෙම රන්වන් සිවි ඇති ස්වර්‍ණ වර්‍ණවූ ඒ හංස රාජයන් දෙදෙන දෙඅතින් අල්ලාගෙන මැදිරිවල තැබීය.
Pali BJT3935. තෙ පඤ්ජරගතෙ පක්ඛී උභො හස්සරවණ්ණිනෙ, සුමුඛං ධතරට්ඨඤ්ච ලුද්දො ආදාය පක්කමි.
Sinhala BJT3935. ප්‍රභාස්වර වූ වර්‍ණ ඇති සුමුඛ, ධතරට්ඨ යන ඒ පඤ්ජරගත පක්‍ෂීන් දෙදෙන ගෙන වැද්දා ගියේ ය.
Pali BJT3936. හරීයමානො ධතරට්ඨො සුමුඛං එතදබ්රවි, බාළ්හං භායාමි සුමුඛ සාමාය ලක්ඛණූරුයා අස්මාකං වධමඤ්ඤාය අථත්තානං වධිස්සති.
Sinhala BJT3936. ගෙන යනු ලබන්නාවූ ධතරට්ඨ නම් හංස තෙම සුමුඛ නම් හංසයාට මෙය කීය. එම්බා සුමුඛය, රන්වන් අලංකාර ඌරු යුග්මයක් ඇති (භාර්‍ය්‍යාවගේ) මරණයට දැඩිව බියවෙමි. අපගේ මරණය අසා ඕ තමාම නැසෙන්නී ය.
Pali BJT3937. පාකහංසා ච සුමුඛ සුහෙමා හෙමසුත්තවා, කොඤ්චී සමුද්දතීරෙව කපණා නූන රුච්ඡති.
Sinhala BJT3937. සුමුඛය, පාකහංස දුහිතෘ වූ රන්වන් මනා සිවිය ඇති සුහේමා නම් වූ ඕ තොමෝ (මුහුදෙහි වැටී ස්වාමියා මළ කල්හි) වෙරළෙහි සිට බැගෑපත්ව හඬන කොස්ළිහිණිදෙනක මෙන් හඬන්නීය යි සිතමි.
Pali BJT3938. එවං මහන්තො ලොකස්ස අප්පමෙය්යො මහාගණී, එකිත්ථිමනුසොචෙය්ය න ඉදං පඤ්ඤවකොමිව
Sinhala BJT3938. මෙසේ හංස ලෝකයාගේ ගෞරවයට සුදුසු වූ අප්‍රමේය ගුණ ඇති ගණ ප්‍රධාන වූ ඔබ එකම හංස ධේනුවක සඳහා ශෝක කරන්නහුය. මෙය නුවණැත්තකුට නොගැළපෙන්නෙකි.
Pali BJT3939. වාතො ව ගන්ධමාදෙති උභයං ඡෙකපාපකං, බාලො ආමකපක්කං ව ලොලො අන්ධො ව ආමිසං.
Sinhala BJT3939. මහරජ, සුගන්‍ධ දුර්‍ගන්‍ධ දෙකම (නොතෝරා) ගන්නා වූ වාතය මෙන් ද, (අඹ දඹ ඈ ඵලහරිත ගසක් යට හිඳ) පැසුණු නොපැසුණු විසින් විභාග නොකොට අතට අසුවූවක් ගෙන කන්නාවූ කුඩා ළමයකු මෙන් ද රස තෘෂ්ණායෙන් ආහාරයක් බුදින ලොල්වූ අන්‍ධයකු මෙන් ද,
Pali BJT3940. අවිනිච්ඡයඤ්ඤු අත්ථෙසු මන්දොව පටිභාසි{3} මං, කිච්චාකිච්චං න ජානාසි සම්පත්තො කාලපරියායං.
Sinhala BJT3940. මරණාසන්න අවස්ථාව පැමිණියා වූ ඔබ යම් හෙයකින් කළයුත්ත නොකළයුත්ත නොදන්නහු ද, කාරණාකාරණයන්හි විනිශ්චය නොදන්නාහු ද, එහෙයින් ඔබ අන්‍ධ බාලයකු මෙන් මට වැටහෙයි.
Pali BJT3941. අඩ්ඪුම්මත්තො උදීරෙසි යො සෙය්යා මඤ්ඤසිත්ථියො, බහුසාධාරණා හෙතා සොණ්ඩානංව සුරාඝරං.
Sinhala BJT3941 යමෙක් ස්ත්‍රීහු උතුම් යයි හඟින්නේ නම් හෙතෙම අඩක් උමතු වූවකු මෙන් කථාකරන්නේ ය. මේ ස්ත්‍රීහු නම් සුරා සොඬුන්හට සුරා සැල මෙන් බොහෝ දෙනකුට සාධාරණ වෙති.
Pali BJT3942. මායා චෙසා මරිචී ච සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධනා චෙතා මච්චුපාසො ගුහාසයො තාසු යො විස්සසෙ පොසො සො නරෙසු නරාධමො.
Sinhala BJT3942. තවද මේ ස්ත්‍රීහු නම් (පුරුෂයන් රවටන හෙයින්) මායාවක් වැන්න. (අතට අසු නොවන හෙයින්) මිරිඟුවක් වැන්න. (තමන් ඇසුරු කරන්නවුනට ශෝකය හා කාශස්වාසාදී රෝගත් ඇතිකරන හෙයින්) ශෝක රෝගාදි උපද්‍රවයනට හේතුය, ක්‍රෝධාදීන් තද බැවින් කෲරය, අන්‍දු බන්‍ධනාදියට හේතුය. මේ ස්ත්‍රී නම් ශරීර ගුහාව ඇසුරු කරන්නා වූ මාර පාසය කි. එ බඳු ස්ත්‍රීන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කෙරේ නම් හේ මිනිසුන් අතුරෙහි අධම මිනිසෙකි. (සුමුඛයා කී ය).
Pali BJT3943. යං වුද්ධෙහි{1} උපඤ්ඤාතං කො තං නින්දිතුමරහති, මහාභූතිත්ථියො නාම ලොකස්මිං උදපජ්ජිසුං.
Sinhala BJT3943. මාතුගාම සංඛ්‍යාත වූ යම් වස්තුවක් නුවණැත්තන් විසින් ම දක්නා ලද ද, ඒ ස්ත්‍රියට නින්‍දා කරන්නට කවරෙක් සුදුසු වේ ද? මහත් ගුණැති ස්ත්‍රීහු නම් ලෝකයෙහි පළමුකොට උපන්නාහුය.
Pali BJT3944. ඛිඩ්ඩා පණිහිතා ත්යාසු රති ත්යාසු පතිට්ඨිතා, බීජානි ත්යාසු රූහන්ති යදිදං සත්තා පජායරෙ තාසු කො නිබ්බිදෙ පොසො පාණමාසජ්ජ පාණහි.
Sinhala BJT3944. සුමුඛය, ඒ ස්ත්‍රීන් කෙරෙහි කායවචී ක්‍රීඩාවෝ ද පිහිටියාහ. ඒ ස්ත්‍රීන් කෙරෙහි පස්කම් ගුණයෙහි ආලය ද පිහිටි යේය. (බුදු පසේ බුදු ආදි) යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ බීජයෝ ද ඔවුන් කෙරෙහි ම වැඩෙති. දිවි හැරීමෙන් වුව ද කවර නම් පුරුෂයෙක් ඔවුන් කෙරෙහි කලකිරෙන්නේ ද?
Pali BJT3945. ත්වමෙව නඤ්ඤො සුමුඛ ථිනං අත්ථෙසු යුඤජසි, තස්ස ත්යාජ්ජ භයෙ ජාතෙ භීතෙන ජායතෙ මතී.
Sinhala BJT3945. සුමුඛය, අනෙකකු නොව නුඹ ම ස්ත්‍රීන්ගේ කටයුතුවල යෙදෙන්නෙහිය. ඒ නුඹට අද බිය ඇතිවූ කල්හි ඒ මරණ බිය නිසා ස්ත්‍රීන්ගේ අගුණ දැකීමෙහි තියුණු නුවණක් ඇතිවිය යි හඟිමි.
Pali BJT3946. සබ්බො හි සංසයං පත්තො භයං භීරූ තිතික්ඛති, පණ්ඩිතා ච මහත්තානො අත්ථෙ යුඤ්ජන්ති දුය්යුජෙ.
Sinhala BJT3946. ජිවිතසංසයට පත් සියලු දෙන ම ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැතිව ඒ බිය ඉවසත්. පණ්ඩිත වූ, මහාත්මයෝ දුකසේ යෙදියයුතු අර්‍ත්‍ථයෙහි (වැඩවල) යෙදෙත්.
Pali BJT3947. එතදත්ථාය රාජානො සූරමිච්ඡන්ති මන්තිනං, පටිබාහති යං සූරො ආපදං අත්තපරියායං.
Sinhala BJT3947. මේ සඳහා රජවරු ශූර මන්ත්‍රියකු කැමතිවෙති. යම් හෙයෙකින් ශූරතෙමේ ස්වාමියාට පැමිණි ආපදාවන් වළකාලයි ද ආත්මාරක්‍ෂාවත් සිද්ධ කෙරේ ද එහෙයිනි.
Pali BJT3948. මා නො අජ්ජ විකන්තිංසු රඤ්ඤො සූදා මහානසෙ, තථාහි වණ්ණො පත්තානං ඵලං වෙළුංව තං වධි.
Sinhala BJT3948. (සුමුඛය,) අද රජුගේ අරක්කැමියෝ මුළුතැන්ගෙහිදී අප නොකපත්වා. යම්සේ හුණ ඵලය, හුණ ගස නසන්නේද, අපගේ පියාපත්වල වර්‍ණද එසේය. අපගේ විනාශයට (හේතුය) එසේ තා ද මා ද නො නසව.
Pali BJT3949. මුත්තො න ඉච්ඡි ඔඩ්ඩෙතුං බන්ධං උපාගමි, සොපජ්ජ සංසයං පත්තො අත්ථං ගණ්හාහි මා මුඛං.
Sinhala BJT3949. වැදි පුත්‍රයා විසින් මුදන ලද්දේ ද පියාඹා යන්නට නොකැමැති වූවෙහිය. තෙමේ ම බන්‍ධනයට එළැඹියෙහි. හෙද දැන් ජීවිත සැකයට පැමිණියේය. අප මිදෙන කරුණක් සිතා ගනුව. (ස්ත්‍රීන්ට නින්‍දා කිරීම පිණිස) මුව විවෘත නො කරව.
Pali BJT3950. සො තං යොගං පයුඤ්ජස්සු යුත්තං ධම්මූපසංහිතං, තවං පරියාපදානෙන{1} මම පාණෙසනං චර.
Sinhala BJT3950. (යහළු සුමුඛය,) ඒ නුඹ පළමු කී දැහැමින් යුත් උත්සාහය යොදව. තොපගේ ඒ පිරිසිදු වූ උත්සාහයෙන් මාගේ ජීවිතය සෙවීම කරව (යි හංස රජ කීයේ ය.)
Pali BJT3951. මාභායි පතතං සෙට්ඨ නහි භායන්ති තාදිසා, අහං යොගං පයුඤ්ජිස්සං යුත්තං ධම්මූපසංහිතං, මම පරියාපදානෙන ඛිප්පං පාසා පමොක්ඛසි.
Sinhala BJT3951. පක්‍ෂිරාජය, බිය නොවව, ඔබ වැන්නෝ බිය නො වෙති. මම දැහැමින් යුත් සුදුසු උත්සාහයක් යොදන්නෙමි. මාගේ ඒ පිරිසුදු උත්සාහයෙන් වහා දුඃඛපාසයෙන් මිදෙන්නෙහිය. (සුමුඛයා කීයේ ය).
Pali BJT3952. ස ලුද්දො හංසකාජෙන රාජද්වාරං උපාගමි, පටිවෙදෙථ මං රඤ්ඤො ධතරට්ඨායමාගතො.
Sinhala BJT3952. ඒ වැදිතෙම හංසයන් රැගත් කදින් යුක්තව රජගෙදර දොරටුවට එළඹියේය. මා පැමිණි බව රජුට කියවු. මේ ධතරට්ඨ නම් හංස රජු ද ආයේය යි ද රජුට දන්ව වු (යි දොරටුපාලයාට කීයේ ය).
Pali BJT3953. තෙ දිස්වා පුඤ්ඤසඞ්කාසෙ උභො ලක්ඛඤ්ඤසම්මතෙ, ඛලු සඤ්ඤමනො{2} රාජා අමච්චෙ අජ්ඣභාසථ.
Sinhala BJT3953. තමන්ගේ පිනට සරිලන, ශ්‍රේෂ්ඨය යි සම්මත ඒ හංසයන් දෙදෙන දැක සතුටු සිත් ඇති රජතෙම ඇමතියන්ට මෙසේ කීය.
Pali BJT3954. දෙථ ලුද්දස්ස වත්ථානි අන්නං පානඤ්ච භොජනං, කාමං කරො හිරඤ්ඤස්ස යාවන්තො එස ඉච්ඡති.
Sinhala BJT3954. මේ වැද්දාට වස්ත්‍ර ද, ආහාර පාන ද භෝජන ද දෙවු. මේ තෙම යම්තාක් කැමැත්තේ නම් ඒ තාක් අමුරන් දෙවු යි.
Pali BJT3955. දිස්වා ලුද්දං පසන්නත්තං කාසිරාජා{3} තදාබ්රවි, යදායං සම්ම ඛෙමක පුණ්ණා හංසෙහි තිට්ඨති.
Sinhala BJT3955. කසී රජතෙම පහන් වූ ඒ වැද්දා දැක මෙසේ කීය. යහළු ඛේමක නම් වැද්දාණෙනි, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරීපවතී නම්,
Pali BJT3956. කථං රුචිං{4} මජ්ඣගතං පාසහත්ථො උපාගමි, ඔකිණ්ණං ඤාතිසඞ්ඝෙහි නිමජ්ඣිමං{5} කථං ගහි.
Sinhala BJT3956. මනා දැකුම් ඇති හංසයන් මැද සිටියා වූද හංසයන් විසින් පිරිවරන ලද්දා වූ ද මේ හංස රාජයා වෙතට මළ පුඬුව ගත් අත් ඇතිව ගියෙහි ද? මේ නුඹ, හංස රාජයා කෙසේ අල්ලාගත්තෙහි ද?
Pali BJT3957. අජ්ජ මෙ සත්තමා රත්ති ආදානානි{6} උපාසතො, පදමෙතස්ස අන්වෙසං අප්පමත්තො ඝටස්සිතො.
Sinhala BJT3957. මොහු ගොදුරු ගන්නා තැන් සොයා යන්නා වූ මට අද සත්වැනි රැය ය. මම මොහුගේ පියවර සොයමින් චාටිපඤ්ජරයක් ඇසුරු කරමින් අප්‍රමාද වීමි.
Pali BJT3958. අථස්ස පදමද්දක්ඛිං චරතො අදනෙසනං, තත්ථාහං ඔදහිං පාසං එවෙතං{7} දිජමග්ගහිං.
Sinhala BJT3958. ඉක්බිති ගොදුරු පිණිස හැසිරෙන්නා වූ මොහුගේ පියවර දැක්කෙමි. මම එහි පාසය බහාලීමි. මෙසේ මේ පක්‍ෂියා ගත්තෙමියි (වැද්දා කීයේ ය.)
Pali BJT3959. ලුද්ද ද්වෙ ඉමෙ සකුණා අථ එකොති භාසසි, චිත්තන්නු තෙ විපරියත්තං ආදු කින්නු ජිගිංසසි.{8}
Sinhala BJT3959. එම්බල වැදිපුත්‍රය, මේ පක්‍ෂීහු දෙදෙනෙක් වෙති. එසේ ඇති කල්හි එකෙකැයි කියන්නෙහිය. කිම, තාගේ සිත පෙරළී ද? නැතහොත් අනෙකා අනිකකුට දෙනු කැමැත්තෙහිද?
Pali BJT3960. යස්ස ලොහිතකා තාළා තපනෙය්යනිභා සුභා,{9} උරං සංහච්ච තිට්ඨන්ති සො මෙ බන්ධං උපාගමි.
Sinhala BJT3960. (මහරජ,) මේ පක්‍ෂියකුගේ රත් රන් වන් රේඛාවෝ බබළමින් ගෙල වටා ගොස් උදරයට හැපී සිටිද්ද, හෙතෙම මාගේ බන්‍ධනයට පැමිණියේ ය.
Pali BJT3961. අථායං භස්සරො පක්ඛී අබද්ධො{1} බද්ධමාතුරං, අරියං බ්රුවානො අට්ඨාසි වජන්තො මානුසිං ගිරං.
Sinhala BJT3961. ඉක්බිති මේ ප්‍රභාස්වරවූ පක්‍ෂිතෙම නොබැඳුණේ, බැඳුණු ගිලන් වූ ස්වාමියා සනසමින් (ඉදිරියට පැමිණ) මා සමග මිනිස් තෙපුලෙන් කථාකරමින් සිටියේයයි (වැද්දා කීයේ ය.)
Pali BJT3962. අථ කින්නු{2}දානි සුමුඛ හනුං සංහච්ච තිට්ඨසි, ආදු මෙ පරිසං පත්තො භයා භීතො න භාසසි.
Sinhala BJT3962. සුමුඛය, එසේ ඇතිකල්හි දැන් කුමක් හෙයින් හනු එකට තද කොට ගෙන සිටිනෙහි ද? කිමෙක් ද? මාගේ පිරිසට පැමිණියේ බියෙන් තැතිගත්තෙහි කථා නොකෙරෙහිදැ යි රජ ඇසී ය.
Pali BJT3963. නාහං කාසිපතී භීතො ඔගය්හ පරිසං තව, නාහං භයා න භාසිස්සං වාක්යං අත්ථස්මිං තාදිසෙ.
Sinhala BJT3963. කසීරටට අධිපති මහරජතුමනි, මම ඔබගේ පිරිසට වැද බියපත්වූයෙම් නොවෙමි. මම බියෙන් නො බෙණෙන්නෙම් ද නොවෙමි. කථාකළයුතු සුදුසු අවස්ථා යෙහි කථා කරමි යි සුමුඛයා කීයේ ය.
Pali BJT3964. න තෙ අභිසරං පස්සෙ න රථෙ නපි පත්තිකෙ, නාස්ස චම්මංව කීටං වා වම්මිතෙ ච ධනුග්ගහෙ.
Sinhala BJT3964. තට රැකවරණ කරගෙන සිටින පිරිසක් නොදකිමි. රිය ද නොදකිමි. පාබළ සෙනගක් ද නොදකිමි. ඊ පහර වළකාලන චර්‍මයක් ද නොදකිමි. චාටිකපාලයක් ද නොදකිමි. යුද ඇඳුමින් සැරැසුණු ධනුර්ධරයන් ද නොදකිමි.
Pali BJT3965. න හිරඤ්ඤං සුවණ්ණං වා නගරං වා සුමාපිතං, ඔකිණ්ණපරිඛං{3} දුග්ගං දළ්හමට්ටාලකොට්ඨකං, යත්ථ පවිට්ඨො සුමුඛ භායිතබ්බං න භායසි.
Sinhala BJT3965. අමුරන්ද ස්වර්‍ණද නොදකිමි. දිය අගලකින් වටකරන ලද දුර්‍ගම වූ දැඩි අටලු හා කොටු ඇති යහපත්කොට තනනලද නගරයක්ද නොදකිමි. සුමුඛය, යම් තැනෙක්හි පැමිණියේ බිය විය යුත්තෙහි බිය නො වෙහි ද, එබඳු තැනක් නොදකිමි යි රජතෙම කීය.
Pali BJT3966. න මෙ අභිසරෙනත්ථො නගරෙන ධනෙන වා, අපථෙන පථං යාම අන්තලික්ඛෙ චරා මයං.
Sinhala BJT3966. මහරජ, මට රැකවරණය කරගෙන සිටින්නාවූ පිරිසෙන් ප්‍රයෝජනයක් නැත. නුවරින් හෝ ධනයෙන්ද ප්‍රයෝජනයක් නැත. අහසින් ගමන් කරන්නාවූ අපි අමාර්‍ගයෙහි මාර්‍ගය තනාගෙන යම්හ.
Pali BJT3967. සුතාව පණ්ඩිතා ත්යම්භා නිපුණා අත්ථචින්තකා, භාසෙමත්ථවතිං වාචං සච්චෙවස්ස පතිට්ඨිතො.
Sinhala BJT3967. අපි නුවණැත්තෝය, දක්‍ෂයෝය, කරුණු සිතන්නෝය යි ඔබ විසින් අසනලද්දමෝ වෙමු. ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටි කෙනෙක් වන්නහු නම් අර්‍ත්‍ථ සහිත වචනයක් කියන්නෙමි.
Pali BJT3968. කිඤ්ච තුය්හං අසච්චස්ස අනරියස්ස කරිස්සති, මුසාවාදිස්ස ලුද්දස්ස භණිතම්පි සුභාසිතං.
Sinhala BJT3968. සත්‍ය විරහිත වූ අනාර්‍ය්‍ය වූ බොරු කියන්නා වූ රෞද්‍ර ගති ඇති ඔබට කියනලද සුභාෂිතයක් වුවත් කවර නම් යහපතක් සලසා ද?
Pali BJT3969. තං බ්රාහ්මණානං වචනා ඉමං ඛෙමිං{4} අකාරයි, අභයඤ්ච තයා ඝුට්ඨං ඉමායො දසධා දිසා.
Sinhala BJT3969. (මහරජ,) ඔබ බ්‍රාහ්මණයන්ගේ කීමෙන් මේ ඛේමි නම් පොකුණ කරවූවහුය. ඔබ විසින් මේ දශ දිශායෙහි ම අභය ද ප්‍රකාශ කරන ලදී.
Pali BJT3970. ඔගය්හ තෙ පොක්ඛරණිං විප්පසන්නොදකං සුචිං, පහූතඤ්චාදනං{5} තත්ථ අභිංසාචෙත්ථ පක්ඛිනං.
Sinhala BJT3970. ඔබගේ පොකුණට බැස පිරිසිදු වූ ප්‍රසන්න ජලය ද බොහෝ වූ ආහාර ද ලබන්නාවූ පක්‍ෂීන්ට හිංසාවක් නැතැයි (ප්‍රකාශ කරනලදී.)
Pali BJT3971. ඉදං සුත්වාන නිග්ඝොසං ආගතම්හා{1} තවන්තිකෙ, තෙ තෙ බද්ධස්මා{2} පාසෙන එතං තෙ භාසිතං මුසා.
Sinhala BJT3971. මෙය අසා ඔබගේ සමීපයට (ඔබ විසින් කරවනලද පොකුණට) ආවෙමු. ඒ අපි ඔබගේ පාසයෙන් බැඳුණෙමු. මෙය ඔබ විසින් කියනලද බොරුවයි.
Pali BJT3972. මුසාවාදං පුරක්ඛත්වා ඉච්ඡාලොභඤ්ච පාපකං. උභොසන්ධිං අතික්කම්ම අසාතං උපපජ්ජති.
Sinhala BJT3972. මුසාවාදය පෙරදැරි කොට ලාමක වූ ඉච්ඡා සංඛ්‍යාත ලෝභය ද කොට දෙව් මිනිස් යන ප්‍රතිසන්‍ධි දෙක ඉක්මවා නිරයෙහි උපදින්නේය යි (සුමුඛයා රජුට ලජ්ජා ඉපදවීය.)
Pali BJT3973. නාපරජ්ඣාම සුමුඛ නපි ලොභා වමග්ගහිං, සුතා ච පණ්ඩිතාත්යත්ථ නිපුණාඅත්ථචින්තකා.
Sinhala BJT3973. එම්බා සුමුඛය, තොපට අපරාධ නොකරමු. ලෝභයෙන්ද තොප නොගත්තෙමි. තෙපි පණ්ඩිතයෝය, දක්‍ෂයෝය, අර්‍ත්‍ථචින්තකයෝ යි අසනලද්දේ ද වෙයි.
Pali BJT3974. අප්පෙවත්ථවතිං වාචං ව්යාකරෙය්යුං ඉධාගතා, තථා තං සම්ම නෙසාදො වුත්තො සුමුඛ මග්ගහි.
Sinhala BJT3974. මෙහි පැමිණියාවූ තෙපි අර්‍ත්‍ථ සහිත වචන ප්‍රකාශ කරන්නාහු නම් යෙහෙකැයි සිතුවෙමි. යහළු සුමුඛය, ඒ පිණිස මා විසින් කියන ලද වැද්දා තොප අල්ලා ගත්තේය.
Pali BJT3975. නෙව භීතා{3} කාසිපති උපනීතස්මිං ජීවිතෙ, භාසෙමත්ථවතිං වාචං සම්පත්තා කාලපරියායං.
Sinhala BJT3975. කසී රජුනි, මරණයට ළංවූ කල්හි බියවූවමෝ ජීවිතාවසානයට පත්වූවමෝ අර්‍ත්‍ථවත් වචන කියන්නෙමු.
Pali BJT3976. යො මිගෙන මිගං හන්ති පක්ඛිං වා පන පක්ඛිනා, සුතෙන වා සුතං කිණෙ{4} කිං අනරියතරං තතො.
Sinhala BJT3976. මනාව පුරුදු කරන ලද යමෙක් දීපක මුවකු කරණකොට ගෙන මුවකු නසයි ද, දීපක පක්‍ෂියකු කරණකොටගෙන පක්‍ෂියකු නසයිද, නිර්‍භයයයි ප්‍රසිද්ධ (දීපක මෘග සදෘශ) පියුම් විලකින් ධර්‍මකථිකයෙකැයි අසන ලද කෙනකුට හිංසා කරයිද, ඊට වඩා අනාර්‍ය්‍යවූ කුමක් ඇත් ද?