Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4501-4600 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3785. තථෙව සන්ති මනුජා ධම්මෙ ධම්මපදං විදූ,{2} මග්ගො සග්ගස්ස ලොකස්ස යථා ජානාසි ත්වං ඉසෙ.
Sinhala BJT3785. ඍෂිවරය, නුඹ වහන්සේ මෙන් ම දන්නා වූ වෙනත් මිනිස්සු මෙහි ඇත. ඔවුහු නොයෙක් ආකාර ඇති ධර්‍මයෙහි වෘද්ධාපචායනයට අයත් වන මවු පිය උපස්ථානය ස්වර්‍ගලෝකයට මාර්‍ගය බව කියති.
Pali BJT3786. උට්ඨානපාරිචරියාය මාතාපිතු සුඛාවහං, තං මං පුඤ්ඤාභිවාරෙති අරියමග්ගාවරො නරො.
Sinhala BJT3786. මවු පියන්ට කායික චේතසික සුව ගෙනදෙන්නා වූ දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන මෙයින් උපස්ථාන කිරීමට ඉඩ නො දී යමෙක් මා වළකන්නේ නම් ඒ මිනිසා ආර්‍ය්‍යමාර්‍ගය වළකන්නෙකි යි නන්‍ද පණ්ඩිතයා කීවේ ය.
Pali BJT3787. සුණන්තු භොන්තො වචනං භාතු{3} රජ්ඣාවරා මම, කුලවංසං මහාරාජ පොරාණං පරිහාපයං අධම්මචාරී{4} යො ජෙට්ඨො නිරයං සො උපපජ්ජති.
Sinhala BJT3787. මාගේ සහෝදරයාගේ පිරිසට අයත් ව ආවා වූ මේ සියලු පින්වත්හු මාගේ වචනය අසත්වා. මහරජ, පැරැණි වූ කුලවංශය පිරිහෙළමින් අධර්‍මයෙහි හැසිරෙන්නා වූ යම් වැඩිමහල්ලෙක් වෙයි ද, හෙතෙම නිරයෙහි උපදී.
Pali BJT3788. යෙ ච ධම්මස්ස කුසලා පොරාණස්ස දිසම්පති, චාරිත්තෙන ච සම්පන්නා න තෙ ගච්ඡන්ති දුග්ගතිං.
Sinhala BJT3788. මහරජ, වෘද්ධාපචායන සංඛ්‍යාත ප්‍රවේණි ධර්‍මයට දක්‍ෂ වූ යම් කෙනෙක් වෙද්ද, චාරිත්‍ර ශීලයෙන් ද යුක්ත වූ ඔව්හු දුගතියට නො යත්.
Pali BJT3789. මාතාපිතා ච භාතා ච භගිනී ඤාතිබන්ධවා, සබ්බෙ ජෙට්ඨස්ස තෙ භාරා එවං ජානාහි භාරත.{1}
Sinhala BJT3789. රාජ්‍යහාරය උසුලන්නා වූ මහරජ, මාපියෝ ද සහෝදරයෝ ද සහෝදරියෝ ද ඤාති බන්‍ධූහු ද යන සියල්ලෝ ම වැඩිමහල්ලාහට භාර වෙති යි දැනැගනුව.
Pali BJT3790. ආදියිත්වා ගරුං භාරං නාවිකො විය උස්සහෙ, ධම්මඤ්ච නප්පමජ්ජාමි{2} ජෙට්ඨොචස්මි රථෙසභ.
Sinhala BJT3790. රථේශ්වරය, මහත් වූ බරක් ගත් නැවියෙක් අභිමතස්ථානය කරා නිරුපද්‍රැත ව නැව ගෙනයාමට යම් සේ උත්සාහ කෙරේ ද එ මෙන් ම මම ජ්‍යේෂ්ඨාපචායන ධර්‍මයෙහි අප්‍රමාද වෙමි. මම මුළු ලෝ වැස්සාට ම ජ්‍යේෂ්ඨ ද වෙමි. එ බැවින් මම ම නන්‍ද සමඟ මාපියන් උවටැන්හි යෙදීමට සුදුසු වෙමි. (කියා සෝණ පණ්ඩිත තෙමේ කීයේ ය.)
Pali BJT3791. අධිගතම්භා{3} තමෙ ඤාණං ජාලංව ජාතවෙදතො,{4} එවමෙව නො භවං ධම්මං කොසියො පවිදංසයි.
Sinhala BJT3791. වැසී තිබුණු ජෙට්ඨාපචායන ධර්‍මයෙහි දැනුම ලැබෙන පරිදි අපට කෝසිය ගෝත්‍රික තාපස තෙම ධර්‍මය ප්‍රකාශ කෙළේ ය. කඳු මුදුන්හි දැල් වූ ගින්නෙකින් හාත්පස රූපයන් බැබැළී පෙනෙන්නාක් මෙනි.
Pali BJT3792. යථා උදයමාදිච්චො වාසුදෙවො පභඞ්කරො, පාණිනං පවිදංසෙති රූපං කල්යාණපාපකං එවමෙව නො භවං ධම්මං කොසියො පවිදංසයි.
Sinhala BJT3792. ප්‍රභාව උපදවමින් පෘථිවිය බබුළුවන්නා වූ සූර්‍ය්‍ය තෙම උදාවෙමින් යහපත් වූත් අයහපත් වූත් රූපයන් සත්‍වයනට යම් සේ ප්‍රකාශ කෙරෙයි ද, එ මෙන් ම කෝසිය ගෝත්‍රික තාපස තෙමේ අපට ධර්‍මය ප්‍රකාශ කෙළේ යයි රජ තෙම කී ය.
Pali BJT3793. එවං මෙ යාචමානස්ස අඤ්ජලිං නාවඛුජ්ඣථ, තව බද්ධචරො{5} හෙස්සං වුට්ඨිතො පරිචාරකො.{6}
Sinhala BJT3793. මෙ සේ කමාව ඉල්ලන්නා වූ මාගේ ඇඳිලිබැඳීම ඔබ නො පිළිගන්නහු නම් ඔබ ම මාපියන් උවටැන් කරව. මම ඔබ හා එක් ව හැසිරෙන්නෙමි. වතාවත් කරන්නෙක් වන්නෙමි. දිවා රෑ දෙක්හි අනලස් ව ක්‍රියා කරන්නෙමි යි නන්‍ද පණ්ඩිත තෙමේ කී ය.
Pali BJT3794. අද්ධා නන්ද පජානාසි සද්ධම්මං සබ්භි දෙසිතං, අරියො අරියසමාචාරො බාළ්හං ත්වං මම රුච්චසි.
Sinhala BJT3794. නන්‍දය, සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද සද්ධර්‍මය නුඹ ඒකාන්තයෙන් දන්නෙහිය. යහපත්වූ යහපත් හැසිරීම් ඇත්තෙක්වූ නුඹ මට අතිශයින් ප්‍රියය.
Pali BJT3795. භවන්තං වදාමි භොතිඤ්ච සුණාථ වචනං මම, නායං භාරො භාරමත්තො අහු මය්හං කුදාචනං.
Sinhala BJT3795. පින්වත් පියාණන්ටත් පින්වත් මෑණියන්ටත් මෙ කරුණ කියමි. මගේ වචනය අසනු මැනවි මේ මවු පිය උපස්ථානය මට කිසි විටෙකත් ස්වල්පමාත්‍රවූ ද බරෙක් නොවේ ම ය.
Pali BJT3796. තං මං උපට්ඨිතං සන්තං මාතාපිතු සුඛාවහං, නන්දො අජ්ඣාචරං කත්වා උපට්ඨානාය යාචති.
Sinhala BJT3796. මාපියන්හට සුව ගෙනදෙන පරිදි උපස්ථාන කළාවූ ඒ මා, නන්‍ද තෙම පැරැත්ත කොට උපස්ථානය කිරීම ඉල්ල යි.
Pali BJT3797. යො චෙ ඉච්ඡති කාමෙන සන්තානං බ්රහ්මචාරිනං, නන්දං වො චරථ එකො කං නන්දො උපතිට්ඨතු.
Sinhala BJT3797. ශාන්ත වූ බ්‍රහ්මචාරී වූ තමුන්නාන්සේලා දෙදෙන අතුරෙන් යමෙක් කැමැති වේ ද, ඔහුගේ කැමැත්තෙන් නන්‍ද තෙමේ කවරකුට උපස්ථාන කෙරේදැයි නියම කරගනු මැනැවි යි සෝණ පණ්ඩිත තෙම කීය.
Pali BJT3798. තයා තාත අනුඤ්ඤාතා සොණ තං නිස්සිතා මයං, උපඝායිතුං{1} ලභෙ නන්දං මුද්ධනි බ්රහ්මචාරිනං.
Sinhala BJT3798. පුත්‍ර වූ සොණය, අපි තොප ඇසුරුකළෝ වෙමු. තොප විසින් අනුදන්නා ලද මම බ්‍රහ්මචාරීවූ නන්‍දයා මස්තකයෙහි සිඹින්නට ලබන්නෙමි යි මව කීවා ය.
Pali BJT3799. අස්සත්ථස්සෙව තරුණං පවාළං මාලුතෙරිතං, චිරස්සං නන්දං දිස්වාන හදයං මෙ පවෙධති.
Sinhala BJT3799. පවනින් කම්පිත වූ ඇසතු දල්ලක් මෙන් බොහෝ කලකින් නන්‍දයා දැක මගේ හෘදය කම්පා වෙයි.
Pali BJT3800. යදා සුත්තාපි සුපිනෙ{2} නන්දං පස්සාමි ආගතං, උදග්ගා සුමනා හොමි නන්දො නො ආගතො අයං.
Sinhala BJT3800. යම් කලෙක නිද්‍රෝපගත වූ මම ආවා වූ නන්‍දයා සිහිනෙන් දකිම් ද, එකල්හි ඔදවැඩීගිය සතුටු සිත් ඇත්තියක් වෙම් ද, අපගේ ඒ මේ නන්‍ද තෙම මෙහි ආයේ ය.
Pali BJT3801. යදා ච පටිබුජ්ඣිත්වා නන්දං පස්සාමි නාගතං, භීයො{3} ආවිසතී සොකො දොමනස්සඤ්චනප්පකං.
Sinhala BJT3801. යම් කලෙක්හි පිබිද ආවාවූ නන්‍දයා නො ම දක්නෙම් ද එවිට බොහෝ සෙයින් ශෝකය හටගනී. මහත් වූ දොම්නසට ද පැමිණෙමි.
Pali BJT3802. සාහං අජ්ජ චිරස්සම්පි නන්දං පස්සාමි ආගතං භත්තු ච මය්හඤ්ච පියො නන්දො නො පාවිසී ඝරං.
Sinhala BJT3802. ඒ මම අද බොහෝ කාලයකින් පැමිණියා වූ ද නන්‍දයා දකිමි. මගේ ස්වාමියාහට ද මට ද ප්‍රිය වූ අපගේ නන්‍දයා ගෙට පිවිසේවා.
Pali BJT3803. පිතු ච{4} නන්දො සුප්පියො{5} යං නන්දො නප්පවසෙ ඝරා,{6} ලභතු තාත නන්දො තං මං නන්දො උපතිට්ඨතු.
Sinhala BJT3803. යම් හෙයෙකින් නන්‍දයා පියාට ද ඉතා ප්‍රියයෙක් වේ ද එහෙයින් නන්‍ද තෙමේ ගෙදරින් පිට නො වෙසේවා, පුත්‍ර සොණය, නන්‍දයා යමක් කැමතිවේ නම් එය ලබාවා. නුඹ පියාට උපස්ථාන කරව. නන්‍ද තෙමේ මට උපස්ථාන කෙරේවා.
Pali BJT3804. අනුකම්පිකා{7} පතිට්ඨා ච පුබ්බෙ රසදදී ච නො, මග්ගො සග්ගස්ස ලොකස්ස මාතා තං වරතෙ ඉසෙ.
Sinhala BJT3804. නන්‍ද ඍෂිවරය, පළමුකොට ම පිහිටවූ ද මොළොක් සිත් ඇත්තා වූ ද ලේ කිරි කොට දුන්නා වූ ද අපගේ මව් තොමෝ නුඹ කැමැති වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වෙයි.
Pali BJT3805. පුබ්බෙ රසදදී ගොත්තී මාතා පුඤ්ඤූපසඤ්හිතා, මග්ගො සග්ගස්ස ලොකස්ස මාතා තං වරතෙ ඉසෙ.
Sinhala BJT3805. පෙර කිරි දුන්නාවූ ද මව් තොමෝ පින් රැස්කර දෙන්නී වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වන්නේය. නන්‍ද ඍෂිවරය, ඒ මව නුඹ කැමතිවන්නී ය.
Pali BJT3806. ආකක්ඛමානා පුත්තඵලං දෙවතාය නමස්සති, නක්ඛත්තානි ච පුච්ඡති උතුසංවච්ඡරානි ච.
Sinhala BJT3806. පුත්‍ර ඵලය බලාපොරොත්තු වන්නාවූ මව් තොමෝ දෙවියන් වඳියි. නැකැත්ද ඍතු හා අවුරුදු ද විචාරයි.
Pali BJT3807. තස්සා උතුසිනාතාය හොති ගබ්භස්සවක්කමො,{8} තෙන දොහළිනී හොති සුහදා තෙන වුච්චති.
Sinhala BJT3807. ඔසප් ව ස්නානය කළා වූ ඇයට දරු ගැප් පිහිටීම වෙයි. ඒ ගැබින් ඕ තොමෝ දොළදුක් ඇත්තී වෙයි. එවිට සෙනෙහස උපදී. එහෙයින් මවුතොමෝ සුහදායයි කියනු ලැබේ.
Pali BJT3808. සංවච්ඡරං වා ඌනං වා පරිහරිත්වා විජායති, තෙන සා ජනයන්තීති ජනෙත්තී තෙන වුච්චති.
Sinhala BJT3808. අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් හෝ ගැබ පරිහරණය කොට දරුවා වදයි. එහෙයින් ඕ තොමෝ දරුවන් වදානුයි “ජනෙත්ති” යි කියනු ලැබේ.
Pali BJT3809. ථනක්ඛීරෙන ගීතෙන අඞ්ගපාපූරණෙන ච, රොදන්තං පුත්තං තොසෙති{1} තොසෙන්ති තෙන වුච්චති.
Sinhala BJT3809. තන කිරි දීමෙන් ද ගී කියා නැළවීමෙන් ද ශරීරාංශයට හොවාගෙන සුඛස්පර්‍ශය ඇතිකිරීමෙන් ද අඬන පුත්‍රයා තුටු කරයි. එහෙයින් මව “තෝසෙන්තී” යි කියනු ලැබේ.
Pali BJT3810. තතො වාතාතපෙ ඝොරෙ මමං{2} කත්වා උදික්ඛති, දාරකං අප්පජානන්තං{3} පොසෙන්ති තෙන වුච්චති.
Sinhala BJT3810. නැවත දරුණු වූ අව් සුළං ඇති කල්හි මමායනය කොට නොදන්නා වූ දරුවා බලයි. එහෙයින් “පෝසෙන්තී” යි කියනු ලැබේ.
Pali BJT3811. යඤ්ච මාතු ධනං හොති යඤ්ච හොති පිතුද්ධනං, උභයම්පෙතස්ස ගොපෙති අපි පුත්තස්ස නො සියා එවං පුත්ත අදුං පුත්ත ඉති මාතා විහඤ්ඤති.
Sinhala BJT3811. මවගේ යම් ධනයක් වෙයි ද පියාගේ යම් ධනයකුත් වේ ද ඒ දෙයාකාරවූ ම ධනය අපගේ පුත්‍රයාට මේ ධනය වන්නේ යයි මේ පුත්‍රයා සඳහා ආරක්‍ෂාකොට තබයි. පුත්‍රය මෙසේ පිළිගනුව, මෙසේ ක්‍රියා කරව, යනාදීන් කියමින් මව වෙහෙස වන්නීය.
Pali BJT3812. පමත්තං පරදාරෙසු නිසීථෙ{4} පත්තයොබ්බනෙ, සායං පුත්තං අනායන්තං ඉති මාතා විහඤ්ඤති.
Sinhala BJT3812. පුතු යොවුන් වියට පත් කල්හි පරදාරාවන් කෙරෙහි ඇලුම්කොට ගෙදර නො එන්නාවූ පුත්‍රයා බලමින් වෙහෙස වෙයි.
Pali BJT3813. එවං කිච්ඡා භතො පොසො මාතු අපරිචාරකො, මාතරි මිච්ඡා චරිත්වාන නිරයං සො උපපජ්ජති.
Sinhala BJT3813. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් මවට උපස්ථාන නොකෙරේද, මව කෙරෙහි උපස්ථාන නොකිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර හෙතෙමේ නිරයේ උපදී.
Pali BJT3814. එවං කිච්ඡා භතො පොසො පිතු අපරිවාරකො,{5} පිතරි මිච්ඡා චරිත්වාන නිරයං සො උපපජ්ජති.
Sinhala BJT3814. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් පියාට උපස්ථාන නො කෙරේද, පියා කෙරෙහි උපස්ථාන නො කිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර, හෙතෙමේ නිරයෙහි උපදී.
Pali BJT3815. ධනාපි{6} ධනකාමානං නස්සති ඉති මෙ සුතං. මාතරං අපරිචරිත්වාන කිච්ඡං වා සො නිගච්ඡති.
Sinhala BJT3815. මවට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා විනාශ වෙයි, හෙතෙමේ දුකට හෝ පැමිණෙයි කියා ද මා විසින් අසන ලදී.
Pali BJT3816. ධනාපි ධනකාමානං නස්සති ඉති මෙ සුතං. පිතරං අපරිචරිත්වාන කිච්ඡං වා සො නිගච්ඡති.
Sinhala BJT3816. පියාට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා වැනසේය යි ද හෙතෙමේ දුකට හෝ පැමිණේයයි ද මා විසින් අසන ලදී.
Pali BJT3817. ආනන්දො ච පමාදො ච සදා හසිතකීළිතං, මාතරං පරිචරිත්වාන ලබ්භමෙතං{7} විජානතො.
Sinhala BJT3817. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද මවට උපස්ථාන කොට නුවණැත්තාහට ලැබිය හැකිය.
Pali BJT3818. ආනන්දො ච පමාදො ච සදා හසිතකීළිතං, පිතරං පරිචරිත්වාන ලබ්භමෙතං විජානතො.
Sinhala BJT3818. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද පියාට උපස්ථාන කොට නුවණැත්තාට ලැබිය හැකිය.
Pali BJT3819. දානඤ්ච පියවාචා ච අත්ථචරියා ච යා ඉධ, සමානත්තතා ච ධම්මෙසු තත්ථ තත්ථ යථාරහං.
Sinhala BJT3819. මේ ලෝකයෙහි දානය ද ප්‍රියවචනය ද වැඩ සිදුකරදීම ද ජෙට්ඨාපචායන ධර්‍මයන් පුරමින් පිරිස් මැදදීත්, රහසිගතවත් හැමතන්හිදී ම වැඳීමාදී ක්‍රියා සමව කිරීමයයි කියනු ලබන සමානාත්මතාවත් වේද,
Pali BJT3820. එතෙ ඛො සඞ්ගහා ලොකෙ රථස්සාණීව යායතො, එතෙ ච සඞ්ගහා නාස්සු න මාතා පුත්තකාරණා උඅභෙථ මානං පූජං වා පිතා වා පුත්තකාරණා.
Sinhala BJT3820. ලෙව්හි මේ සංග්‍රහයෝ වනාහි යන්නාවූ රියට කඩ ඇණය මෙන් වෙති. ඉදින් මේ සංග්‍රහයෝ නොවන්නාහු නම් පුත්‍රයකු වීම පමණින් මව බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නීය. පුත්‍රයකු වීම පමණින් පියා ද බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නේ ය.
Pali BJT3821. යස්මා ච සඞ්ගහා{1} එතෙ සමවෙක්ඛන්ති පණ්ඩිතා, තස්මා මහන්තං පප්පොන්ති පාසංසා{2} ච භවන්ති තෙ.
Sinhala BJT3821. යම් හෙයකින් නුවණැත්තෝ මේ සංග්‍රහයන් මනා කොට දනිද්ද, එහෙයින් ශ්‍රේෂ්ඨබවට පැමිණෙති. ඔව්හු ප්‍රශංසා කටයුත්තෝ ද වෙති.
Pali BJT3822. බ්රහ්මමාති මාතාපිතරො පුබ්බාචරියාති වුච්චරෙ, ආහුනෙය්යා ච පුත්තානං පජාය අනුකම්පකා.
Sinhala BJT3822. පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නා වූ මවුපියෝ වනාහි බ්‍රහ්මසමයහ, පූර්‍වාචාර්‍ය්‍යහ, ආහුනෙය්‍යහ යි කියනු ලැබෙත්.
Pali BJT3823. තස්මා හි තෙ නමස්සෙය්ය සක්කරෙය්යාථ{3} පණ්ඩිතො, අන්නෙන අථො පානෙන වත්ථෙන සයනෙන ච උච්ඡාදනෙන නහාපන්නෙ පාදානං ධොවනෙන ච.
Sinhala BJT3823. එහෙයින් නුවණැත්තේ ඔවුන් වඳින්නේය. නැවත ආහාර දීමෙන් ද පානවර්‍ග දීමෙන් ද වස්ත්‍ර දීමෙන් ද සයනාසන දීමෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය.
Pali BJT3824. තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා,{4} ඉධෙව{5} පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතීති.
Sinhala BJT3824. මාපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොවදී ම ඔහුට පසසත්. පරලෙව්හිදී හෙතෙමේ ස්වර්‍ග ලෝකයෙහි ඉපිද සතුටුවේය යි සෝණ පණ්ඩිත තෙම ධර්‍ම දේශනා කෙළේ ය.
Pali BJTසොණනන්දජාතකං.
Sinhala BJTසෝණනන්‍ද ජාතක යි.
Pali BJTසත්තතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTසත්තති නිපාතය නිමියේ ය.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ සත්තතිමම්හි නිපාතවරෙ ස භවං තු කුසාවති රාජවරො, අථ සොණනන්දවරො ච පුන අභිවාසිත සත්තතිමම්භි සුතෙති.
Sinhala BJTසත්තති නිපාතයෙහි කුසජාතක යැ සෝණනන්‍ද ජාතකයැයි ජාතක දෙකෙකි.
Pali BJT21. අසීතිනිපාතො
Sinhala BJT21. අසීති නිපාතය
Pali BJT1. චුල්ලහංසජාතකං.
Sinhala BJT1. චුල්ලහංස ජාතකය
Pali BJT3825. සුමුඛ අනුපචිනන්තා පක්කමන්ති විහඞ්ගමා, ගච්ඡ තුවම්පි මා කඞ්ඛි නත්ථි බද්ධෙ{1} සහායතා.
Sinhala BJT3825. සුමුඛය, ස්නේහවශයෙන් නො බලන්නා වූ හංසයෝ බැහැර යෙති. තෝ ද යව, බලාපොරොත්තු නො වව. පාසයෙහි බැඳුණු තැනැත්තා කෙරෙහි යහළු බවෙක් නැතැ යි හංසරාජ තෙම කීයේ ය.
Pali BJT3826. ගච්ඡෙවාහං න වා ගච්ඡෙ න තෙන අමරො සියං, සුඛිතං තං උපාසිත්වා දුක්ඛිතං තං කථං ජහෙ.
Sinhala BJT3826. හංසරාජය, මම යන්නෙම් හෝ වේවා නො යන්නෙම් හෝ වේවා. එයින් නොමැරෙන්නෙක් නො වෙමි. සුවපත් වූ ඔබ ඇසුරු කොට දුකට පැමිණියා වූ ඔබ කෙසේ හැරදමා යන්නෙම් ද?
Pali BJT3827. මරණං වා තයා සද්ධිං ජීවිතං වා තයා විනා, තදෙව මරණං සෙය්යො යඤ්චෙ ජීවෙ තයා විනා.{*}
Sinhala BJT3827. මෙහි ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන් ව ජීවත්වීම හෝ වන්නේ ය. ඉදින් යම් ලෙසෙකින් ඔබගෙන් වෙන් ව ජීවත්වන්නේ නම් එයට වඩා මරණය උතුමි.
Pali BJT3828. නෙස ධම්මො මහාරාජ යං තං එවං ගතං{2} ජහෙ, යා ගති තුය්හං සා මය්හං රුච්චතෙ විහගාධිප.{3}
Sinhala BJT3828. මහරජ, මෙසේ විපතට පත් වූ ඔබ අත්හැරීම ය යන යමක් ඇද්ද එය සත්පුරුෂ ධර්‍මයෙක් නො වේ. පක්‍ෂිරාජය, ඔබට යම් දෙයක් වේ නම් එය මට ද රුචි ය.
Pali BJT3829. කා නු පාසෙන බුද්ධස්ස{4} ගති අඤ්ඤා මහානසා, සා කථං චෙතයානස්ස මුත්තස්ස තව රුච්චති.
Sinhala BJT3829. සුමුඛය, පාසයෙන් බැඳුණහුට මුළුතැන්ගෙය හැර අන් කවර ගතියෙක් ද? සිතියහැකි නුවණැත්තා වූ පාස විරහිත තට එය කෙසේ නම් රුචි වේ ද?
Pali BJT3830. කං වා ත්වං පස්සසෙ අත්ථං මම තුය්හඤ්ච පක්ඛිම, ඤාතීනං වාවසිට්ඨානං උභින්නං ජීවිතක්ඛයෙ.
Sinhala BJT3830. පියාපත් ඇති සුමුඛය, මාගේ ද තොපගේ ද යන දෙදෙනාගේ ජීවිත විනාශය ඇති කල්හි අප දෙදෙනාට හෝ සෙසු නෑයන්ට හෝ කවර නම් යහපතක් හෝ දක්නෙහි ද?
Pali BJT3831. යං නු කඤ්චනදෙපිච්ඡ{5} අන්ධෙන තමසා ගතං, තාදිසෙ සඤ්චජං පාණං කමත්ථමභිජොතයෙ.
Sinhala BJT3831. රන්වන් පියාපත් දෙක ඇති සුමුඛය, අන්‍ධයකු විසින් අඳුරෙහි කරනලද්දක් මෙන් ඔබ විසින් යම් ප්‍රාණත්‍යාගයෙක් කරන ලද්දේ ද, එහි ලා ඔබ කිනම් ප්‍රයෝජනයක් දක්නහු ද?
Pali BJT3832. කථන්නු පතතං සෙට්ඨ ධම්මෙ අත්ථං න ඛුජ්ඣසෙ, ධම්මො අපචිතො සන්තො අත්ථං දස්සෙති පාණිනං.
Sinhala BJT3832. පක්‍ෂිරාජය, කෙසේ නම් ධර්‍මයෙහි අර්‍ත්‍ථය නො දන්නෙහි ද, ධර්‍මය තෙම පුදනලද්දේ ම සත්‍වයනට දියුණුව පෙන්වයි.
Pali BJT3833. සොහං ධම්මං අවෙක්ඛන්තො ධම්මා චත්ථං සමුට්ඨිතං, භත්තිඤ්ච තයි සම්පස්සං නාවකඞ්ඛාමි ජීවිතං.
Sinhala BJT3833. ඒ මම ධර්‍මය ද ධර්‍මයෙන් සිදුවන යහපත ද දක්නෙමි. ඔබ කෙරෙහි භක්තිය දකිමින් ජීවිතය බලාපොරොත්තු නො වෙමි.
Pali BJT3834. අද්ධා එසො සතං ධම්මො යො මිතෙතා මිත්තමාපදෙ, නච්චජෙ ජීවිතස්සාපි හෙතු ධම්මං අනුස්සරං.
Sinhala BJT3834. යම් මිත්‍රයෙක් ධර්‍මය සිහි කරමින් ජීවිතය හේතුකොට ගෙන ද විපතේ දී මිත්‍රයා නො හරී නම් ඒකාන්තයෙන් ම එය සත්පුරුෂ ධර්‍මයෙකි.
Pali BJT3835. ස්වායං ධමෙමා ච තෙ චිණ්ණො භත්ති ච විදිතා මයි, කාමං කරස්සු මය්හෙතං ගච්ඡෙවානුමතො මයා.
Sinhala BJT3835. ඒ මේ සත්පුරුෂධර්‍මය ද නුඹ විසින් පුරුදු කරන ලදී, මා කෙරෙහි භක්තිය ද ප්‍රකට කරනලදී. මළපුඩුවෙහි බැඳුණු මට මේ වැද්දා කැමැත්තක් කෙරේවා, නුඹ මා විසින් අනුදන්නාලද්දේ යව.
Pali BJT3836. අපි ත්වෙවං ගතෙ කාලෙ යං බද්ධං ඤාතීනං මයා, තයා තං බුද්ධිසම්පන්න අස්ස පරමසංවුතං.
Sinhala BJT3836. තවද මෙසේ පාසයෙහි බැඳී කල්ගිය කල්හි ඤාතීන් උදෙසා මා විසින් කිරීමට බැඳී පවත්නා යම් යුතුකමෙක් වේ ද, ඤාණවන්තය එය නුඹ විසින් පිරිමැසිය හැකි වන්නේ ය.
Pali BJT3837. ඉච්චෙවං මන්තයන්තානං අරියානං අරියවුත්තිනං, පච්චදිස්සථ නෙසාදො ආතුරානමිවන්තකො.
Sinhala BJT3837. ආර්‍ය්‍ය පැවතුම් ඇති උතුම් වූ හංසයන් දෙදෙනා මෙසේ කථා කරමින් සිටිය දී ම ගිලනුන්ට මාරයා මෙන් වැද්දා පෙනුණේ ය.
Pali BJT3838. තෙ සත්තුං අභිසංචික්ඛ දීඝරත්තං හිතා දිජා, තුණ්හීමාසිත්ථ උභයො න ච සඤ්චෙසුමාසනා.
Sinhala BJT3838. බොහෝ කලක් හිතවත් වූ ඒ පක්‍ෂීන් දෙදෙනා සතුරු වැද්දා දැක නිශ්ශබ්ද වූහ. අසුනෙන් නො සෙල්වුණාහ.
Pali BJT3839. ධතරට්ඨෙ ච දිස්වාන සමුඩ්ඪෙන්තෙ තතො තතො, අභික්කමථ වෙගෙන ද්විජසත්තු ද්විජාධිපෙ.
Sinhala BJT3839. පක්‍ෂීන්ට සතුරු වූ වැදි තෙම මරණ භයින් ඒ මේ අත උඩට පනින හංසයන් දැක ඔවුන් වෙත වේගයෙන් ළංවීය.
Pali BJT3840. සො ච වෙගෙනභික්කම්ම ආසජ්ජ පරමෙ දිජෙ, පච්චකම්පිත්ථ නෙසාදො බද්ධා ඉති විචින්තයං.
Sinhala BJT3840. ඒ වැදි තෙම වේගයෙන් පැමිණ ඒ උතුම් පක්‍ෂිරාජයන් වෙත එළඹ බැඳුණහු ය යි, සිතමින් කම්පිත විය.
Pali BJT3841. එකඤ්ච බද්ධමාසීනං අබද්ධඤ්ච පුනාපරං, ආසජ්ජ බද්ධමාසීනං පෙක්ඛමානමදීනවං.
Sinhala BJT3841. මළපුඬුවෙහි බැඳි හුන්නා වූ එකකු ද නැවත නො බැඳී ආදීනව බලමින් බැඳූණහු සමීපයෙහි හුන් අනෙකකු ද දැක්කේ ය.
Pali BJT3842. තතො සො විමතො යෙව පණ්ඩරෙ අජ්ඣභාසථ, පවද්ධකායෙ ආසීනෙ දිජසඞ්ඝගණාධිපෙ.
Sinhala BJT3842. එහෙයින් හෙතෙම හටගත් විමති ඇත්තේ ම පක්‍ෂි සමූහයාට අධිපති වූ හොඳින් වැඩුණු සිරුරු ඇති එක්ව හුන්නා වූ ඒ ශ්වේතහංසයන් දෙදෙනාට මෙසේ කී ය.
Pali BJT3843. යන්නු පාසෙන මහතා බද්ධො න කුරුතෙ දිසං, අථ කස්මා අබද්ධො ත්වං බලී පක්ඛී න ගච්ඡසි.
Sinhala BJT3843. මේතෙම යම් හෙයෙකින් මහත් වූ පුඬුවෙහි බැඳුණේ වේ ද එහෙයින් දිශාවකට පලායෑම නො කෙරෙයි. එහෙත් බලවත් පියාපත් ඇති නො බැඳුණු තෝ කුමක් නිසා නො යන්නෙහි දැ යි ඇසී ය.
Pali BJT3844. කින්නු තායං දිජො හොති මුත්තො බද්ධං උපාසසි, ඔහාය සකුණා යන්තී කිං එකො අවහීයසි.
Sinhala BJT3844. මිදුණා වූ තෝ බැඳුණා වූ මොහු සමීපයෙහි හිඳින්නෙහි ය. තට මේ පක්‍ෂියා කවරෙක් ද? අනික් පක්‍ෂීහු මොහු හැර යත්. තනි නුඹ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
Pali BJT3845. රාජා මෙසො දිජාමිත්ත සඛා පාණසමො ච මෙ, නෙව නං විජහිස්සාමි යාව කාලස්ස පරියායං.
Sinhala BJT3845. පක්‍ෂීන්ගේ සතුරු වූ වැදි පුත්‍රය, මෙතෙමේ මාගේ රජ ය. ප්‍රාණසම යහළුවා ය. මරණය පැමිණෙන තුරු මම මොහු අත් නො හරින්නෙමි.
Pali BJT3846. කථං පනායං විහගො නාද්දසා පාසමොඩ්ඩිතං, පදං හෙතං මහන්තානං බොද්ධුමරහන්ති ආපදං.
Sinhala BJT3846. මේ පක්‍ෂිරාජ තෙම අටවනලද මලපුඬුව කෙසේ නම් නො දැක්කේ ද? උසස් බවට පත්වූවන් විසින් විපත්ති දැනීම නම් වූ කාරණය දැනගන්නට වටනේ ය.
Pali BJT3847. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ්ඛයෙ, අථ ජාලඤ්ච පාසඤ්ච ආසාජ්ජපි න බුජ්ඣති.
Sinhala BJT3847. යම් කලෙක්හි පිරිහීමෙක් වේ ද, ජීවිත විනාශය පැමිණියා වූ ඒ කාලයෙහි පුරුෂ තෙමේ දැලට ද මළපුඬුවට ද ළංව සිටියත් නො දැනගනී.
Pali BJT3848. අපි ත්වෙව මහාපඤ්ඤ පාසා බහුවිධා තතා, ගුළ්හමාසජ්ජ බජ්ඣන්ති අථෙවං ජීවිතක්ඛයෙ.
Sinhala BJT3848. මහාප්‍රාඥය, යළි එක් කරුණක් ඇත. අටවනලද්දා වූ මළපුඬු බොහෝ වෙති. එසේ ද වුවත් මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි සැඟැවුණු මළපුඬුවට පැමිණ බැඳෙත් යයි වැද්දා කීයේ ය.
Pali BJT3849. අපිනායං තයා සද්ධිං සම්භාසස්ස සුඛුද්රයො, අපි නො අනුමඤ්ඤසි අපි නො ජීවිතං දදෙ.
Sinhala BJT3849. වැද්දාණෙනි, නුඹ සමග වූ මේ සම්භාෂණය සැපවූ විපාක ඇත්තක් වන්නේ නම් අපට යෑමට අවසර දෙන්නෙහි ය. අපගේ ජීවිතය ද දෙන්නෙහි යයි සුමුඛ තෙම කීයේ ය.
Pali BJT3850. න චෙව මෙ ත්වං බද්ධොසි නපි ඉච්ඡාමි තෙ වධං, කාමං ඛිප්පමිතො ගන්ත්වා ජිව ත්වං අනිඝො චිරං.
Sinhala BJT3850. නුඹ මා විසින් නො බඳනා ලද්දෙහි ය. තොපගේ වධය ද මම නො කැමැත්තෙමි. මෙයින් නික්ම කැමැති තැනකට වහා ගොස් බොහෝ කලක් නිරුපද්‍රැත ව ජීවත් වව යි වැද්දා කීයේ ය.
Pali BJT3851. න වාහමෙතං{1} ඉච්ඡාමි අඤ්ඤත්රෙතස්ස ජීවිතා, සචෙ එකෙන තුට්ඨොසි මුඤ්චෙතං මඤ්ච භක්ඛය.
Sinhala BJT3851. මොහුගේ ජීවිතයෙන් වෙන් ව මම ජීවත්වීම නො කැමැත්තෙමි. ඉදින් නුඹ එකකුගෙන් තුටුවෙහි නම් මොහු මුදවා මා කව.
Pali BJT3852. ආරොහපරිණාහෙන තුල්යස්මා වයසා උභො, න තෙ ලාභෙන ජිනත්ථි{2} එතෙන නිමිනා තුවං.
Sinhala BJT3852. අපි දෙදෙන උස මහතින් ද වයසින් ද සම වෙමු. මේ මාරුකිරීමෙන් නුඹට ලාභයෙන් අඩුවක් නැත්තේ ය.
Pali BJT3853. තදිඞ්ඝ සමවෙක්ඛස්සු හොතු ගිද්ධි තවාස්මසු, මං පුබ්බෙ බන්ධ පාසෙන පච්ඡා මුඤ්ච දිජාධිපං.
Sinhala BJT3853. එහෙයින් සලකාබලව, අප කෙරෙහි තොපගේ ආසාවක් වේ නම් පළමු ව මා පාසයෙන් බඳුව. පසුව පක්‍ෂි රාජයා මුදාලව.
Pali BJT3854. තාවදෙව ච තෙ ලාභො කතස්ස යාචනාය ච, මිත්ති ච ධතරට්ඨෙහි යාවජීවාය තෙ සියා.
Sinhala BJT3854. එපමණෙකින් ම තොපට ලාභය ද වන්නේ ය. මාගේ ඉල්ලීම ද කරන ලද්දේ වෙයි. හංසයන් සමග දිවි ඇති තාක් මෛත්‍රිය ද තට වන්නේ ය යි සුමුඛ තෙම කී ය.
Pali BJT3855. පස්සන්තු නො මහාසඞ්ඝා තයා මුත්තං ඉතො ගතං, මිත්තාමච්චා ච භත්තා ච පුත්තදාරා ච බන්ධවා.
Sinhala BJT3855. පක්‍ෂිරාජය, (තොපගේ ඇවිටිල්ල නිසා මුදන ලද බැවින්) තා විසින් මුදනලද්දා වූ මෙතැනින් ගිය මේ පක්‍ෂියා මිත්‍රාමාත්‍යයෝ ද ස්වාමීහු ද අඹු දරුවෝ ද නෑයෝ ද යන මහත් සමූහයා දකිත්වා.
Pali BJT3856. න ච තෙ තාදිසා මිත්තා බහුන්නං{3} ඉධ විජ්ජති, යථා ත්වං ධතරට්ඨස්ස පාණසාධාරණො සඛා.
Sinhala BJT3856. යම්සේ නුඹ ධෘතරාෂ්ට්‍ර නම් පක්‍ෂි රාජයාහට ප්‍රාණය හා සම යහළුවා වෙහි ද, එබඳු යහළුවෝ බොහෝ දෙනකුන්ට නැත.
Pali BJT3857. සො තෙ සහායං මුඤ්චාමි හොතු රාජා තවානුගො, කාමං ඛිප්පමිතො ගන්ත්වා ඤාතිමජ්ඣෙ විරොචථ.
Sinhala BJT3857. ඒ ඔබගේ යහළුවා මුදමි. ඒ පක්‍ෂිරාජ තෙම ඔබ අනුව යන්නෙක් වේවා. වහා ම මෙයින් ගොස් නෑ සමූහයා මැද රුචි පරිදි බබළව යි වැද්දා කී ය.
Pali BJT3858. සො පතීතො පමුත්තෙන භත්තුනා භත්තුගාරවො, අජ්ඣභාසථ වක්කඞ්ගො වාචං කණ්ණසුඛං භණං.
Sinhala BJT3858. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන්නා වූ වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3859. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා දිජාධිපං.
Sinhala BJT3859. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, වැදි පුත්‍රය, ඔබ ද සියලු නෑයන් සමග එසේ ම තුටු වව.
Pali BJT3860. එහි තං අනුසික්ඛාමි යථා තුවම්පි ලච්ඡසෙ, ලාභං යථායං{4} ධතරට්ඨො පාපං කිඤ්චි න දක්ඛති.
Sinhala BJT3860. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නො දක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
Pali BJT3861. ඛිප්පමන්තෙ පුරං නෙත්වා{5} රඤ්ඤො දස්සෙහි නො උභො, අබද්ධෙ පකතීභූතෙ කාජෙ උභයතෙ ඨිතෙ.
Sinhala BJT3861. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වව.
Pali BJT3862. ධතරට්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො,
Sinhala BJT3862. මහරජ, මොහු වනාහි ධෘතරාෂ්ට්‍ර නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා හංස සේනාපති වෙයි.
Pali BJT3863. අසංසයං ඉමං දිස්වා හංසරාජං නරාධිපො, පතීතො සුමනො විත්තො බහුං දස්සති තෙ ධනං.
Sinhala BJT3863. රජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැත්තෙක් ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය කියා සුමුඛ නම් හංසයා කීයේ ය.
Pali BJT3864. තස්ස තං වචනං සුත්වා කම්මනා{1} උපපාදයි, ඛිප්පමන්තෙපුරං ගන්ත්වා රඤ්ඤො හංසෙ අදස්සයි. අබද්ධෙ පකතීභූතෙ කාජෙ උභයතො ඨිතෙ.
Sinhala BJT3864. ඔහුගේ ඒ වචනය අසා වැදි තෙම කායකර්‍මයෙන් එය සම්පාදනය කෙළේ ය. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි හංසයන් දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වී ය.
Pali BJT3865. ධතරට්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො.
Sinhala BJT3865. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මෙතෙමේ හංසයන්ගේ රජ ය. අන්‍යයා හංස සේනාපති ය.
Pali BJT3866. කථං පනිමෙ විහගා{2} තව හත්ථත්ථමාගතා, කථං ලුද්දො මහන්තානං ඉස්සරෙමිධමජ්ඣගා.
Sinhala BJT3866. මේ පක්‍ෂීහු කෙසේ නම් තොපගේ අතට පත්වූහු ද? වැදි තෙම කෙසේ නම් මහත්බවට පත් මේ හංසයන්ගේ අයිතිකරුවා වී ද?
Pali BJT3867. විහිතා සන්ති මෙ පාසා පල්ලලෙසු ජනාධිප, යං යදායතනං මඤ්ඤෙ දිජානං පාණරොධනං.
Sinhala BJT3867. මහරජ, පක්‍ෂීන්ගේ ජීවිත විනාශය සිදු කරන්නා වූ යම් යම් තැන් තිබේ නම් ඒ ඒ තැන්වල පිහිටි මඩ වගුරුවල මා විසින් මළ පුඬු යොදනලදී.
Pali BJT3868. තාදිසං පාසමාසජ්ජ හංසරාජා අබජ්ඣථ, තං අබද්ධො උපාසීනො මමායං අජ්ඣභාසථ.
Sinhala BJT3868. හංසරාජ තෙම ළංවැ එබඳු මළ පුඬුවෙක බැඳුණේ ය. නොබැඳුණු මේ සේනාපති හංස තෙමේ ඒ බැඳුණු හංසයා සමීපයෙහි වූයේ මට මෙසේ කී ය.
Pali BJT3869. සුදුක්කරං අනරියෙහි දහතෙ භාවමුත්තමං, භත්තුරත්ථෙ පරක්කන්තො ධම්මෙ යුත්තො විහඞ්ගමො.
Sinhala BJT3869. ස්වාමියාගේ යහපත පිණිස උත්සාහ කරන්නා වූ ධර්‍මයෙහි යෙදුණා වූ පක්‍ෂි තෙම අප වැනි අනාර්‍ය්‍යයන් විසින් නො කටහැකි වූ තමන්ගේ උතුම් අදහස ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3870. අත්තනායං චජිත්වාන ජීවිතං ජීවිතාරහො, අනුත්ථුනන්තො ආසීනො භත්තු යාචිත්ථ ජීවිතං.
Sinhala BJT3870. ජීවත්වීමට සුදුසු වූ මේ හංස තෙම තම දිවි හැරපියා ස්වාමියාගේ ගුණ වණමින් ළඟ හිඳගෙන ස්වාමියාගේ ජීවිතය මගෙන් ඉල්ලී ය.
Pali BJT3871. තස්ස තං වචනං සුත්වා පසාදමහමජ්ඣගං, තතො නං පාමුවිං පාසා අනුඤ්ඤාසිං සුඛෙන ච.
Sinhala BJT3871. ඔහුගේ ඒ වචනය අසා මම ප්‍රසාදයට පැමිණියෙමි. එහෙයින් ඔහු මළපුඬුවෙන් මිදුවෙමි. ඥාතීන් සමග සුවසේ වසන්නට අනුදත්තෙමි.
Pali BJT3872. සො පතීතො පමුත්තෙන භත්තුනා භත්තුගාරවො, අජ්ඣභාසථ වක්කඞ්ගො වාචං කණ්ණසුඛං භණං.
Sinhala BJT3872. මුදනලද ස්වාමියා කරණකොටගෙන ප්‍රමුදිත වූ ස්වාමි ගෞරවය ඇති ඒ සුමුඛ නම් හංස තෙම කනට සුව එළවන වචන කියමින් මෙසේ ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3873. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා දිජාධිපං.
Sinhala BJT3873. මුදනලද හංසරාජයා දැක මම අද යම්සේ තුටු වෙම් ද, වැදිපුත්‍රය, ඔබ සියලු නෑයන් සමග එසේ තුටු වව.
Pali BJT3874. එහි තං අනුසික්ඛාමි යථා ත්වම්පි ලච්ඡසෙ, ලාභං යථායං ධතරට්ඨො පාපං කිඤ්චි නදක්ඛති.{1}
Sinhala BJT3874. නුඹ යම්සේ ධනය ලබන්නෙහි ද, මේ හංසරාජ තෙමේත් කිසියම් නපුරක් නොදක්නේ ද, එලෙස මම තට අනුශාසනා කරමි. මා සමග එව.
Pali BJT3875. ඛිප්පමන්තෙපුරං ගන්ත්වා රඤ්ඤො දස්සෙහි නො උභො, අබද්ධෙ පකතීභූතෙ කාජෙ උභයතො ඨිතෙ.
Sinhala BJT3875. නොබැඳි ප්‍රකෘති ස්වභාවයෙන් කද දෙකෙළවර සිටි අප දෙදෙන වහා අන්තඃපුරයට ගෙනගොස් රජුට පෙන්වව.
Pali BJT3876. ධතරට්ඨා මහාරාජ හංසාධිපතිනො ඉමෙ, අයං හි රාජා හංසානං අයං සෙනාපතීතරො.
Sinhala BJT3876. මහරජ, මොහු වනාහි ධතරට්ඨ නම් වූ හංසයන්ගේ අධිපතීහු වෙති. මේ හංසයන්ගේ රජ ය. අනෙක් තැනැත්තා නම් හංස සේනාපති ය.
Pali BJT3877. අසංසයං ඉමං දිස්වා හංසරාජං නරාධිපො, පතීතො සුමනො විත්තො බහුං දස්සති තෙ ධනං.
Sinhala BJT3877. මහරජ තෙමේ මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැති ව සතුටු වූයේ නිසැක ව ම නුඹට බොහෝ ධනය දෙන්නේ ය. කියා මේ සුමුඛ හංසයා කීයේ ය.
Pali BJT3878. එවමෙතස්ස වචනා ආනීතාමෙ උභො මයා, එත්ථෙව හි ඉමෙ අස්සු උභො අනුමතා මයා.
Sinhala BJT3878. මෙසේ මොහුගේ වචනයෙන් මේ දෙදෙන මා විසින් ගෙන එන ලද්දාහු වෙති. මේ මානස නම් විලෙහිදී ම මොහු දෙදෙන චිත්‍රකූට පර්‍වතයට යනු පිණිස මා විසින් අනුදන්නා ලද්දාහ.