Pali BJT3593. තෙසං අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵුටා තිට්ඨන්ති සබ්බදා.
Sinhala BJT3593. ඒ නරකයන්ගේ අයෝමය භූමිය ගින්නෙන් දිලිසෙන්නී තෙදින් යුතු වූවා ය. හාත්පස යොදුන් සියයක් හැම කල්හි පැතිරැ සිටී.
Pali BJT3594. එතෙ පතන්ති නිරයෙ උද්ධපාදා අවංසිරා, ඉසීනං අතිවත්තාරො සඤ්ඤතානං තපස්සිනං.
Sinhala BJT3594. තවුස්දම් රක්නා ශීල සංයමයෙන් යුත් ඍෂීන්ට පරුෂ වචන කියමින් ඉක්මවා බණින මොව්හු පා උඩුකුරු වූවාහු යටිකුරු වූ හිස් ඇති ව නිරයෙහි වැටෙති.
Pali BJT3595. තෙ භූනහුනො පච්චන්ති මච්ඡා බිලකතා යථා, සංවච්ඡරෙ අසඞ්ඛෙය්යෙ නරා කිබ්බිසකාරිනො.
Sinhala BJT3595. ඍෂීන්ට පරුෂ වචන කීමෙන් ඉක්මවා බැන්නා වූ ඒ පව්කාර මිනිස්සු කොටස් වශයෙන් වෙන් කළ මසුන් සේ අසංඛ්‍ය සංවත්සරයන්හි පැසෙත්.
Pali BJT3596. දය්හ{1}මානෙන ගත්තෙන නිච්චං සන්තරබාහිරං, නිරයා නාධිගච්ඡන්ති ද්වාරං නික්ඛමනෙසිනො.
Sinhala BJT3596. නිතොර ඇතුළත පිටත දෙක්හි ම දනු ලබන ශරීරයෙන් යුතු ව නරකයෙන් නික්මෙනු කැමැති වූවාහු ද දොරටුවට නො පැමිණෙත්.
Pali BJT3597. පුරත්ථිමෙන ධාවන්ති තතො ධාවන්ති පච්ඡතො, උත්තරෙනපි ධාවන්ති තතො ධාවන්ති දක්ඛිණං.
Sinhala BJT3597. පෙර දිගට දුවත්. ඉන්පසු බටහිරට ද දුවත්. උතුරු දිගට ද දුවත්. ඉන්පසු දකුණු දෙසට ද දුවත්.
Pali BJT3598. යං යං හි ද්වාරං ගච්ඡන්ති තං තදෙව පිථීයති,{2} බහූනිවස්සසහස්සානි{3} ජනා නිරයගාමිනො.{4} බාහා පග්ගය්හ නන්දන්ති පත්වා දුක්ඛං අනප්පකං.
Sinhala BJT3598. යම් යම් දොරටුවකට යෙත් නම් ඒ ඒ දොරටු වැසෙයි. මෙසේ නිරයගාමී ජනයෝ අනල්ප වූ නිරය දුකට පැමිණ බොහෝ වර්‍ෂ දහස් ගණන් දෙ අත් හිස්හි බැඳැගත්තාහු හඬත්.
Pali BJT3599. ආසීවිසංව කුපිතං{5} තෙජස්සිං{6} දූරතික්කමං, න සාධුරූපෙ ආසීදෙ සඤ්ඤතානං තපස්සිනං.
Sinhala BJT3599. එ හෙයින් ළං වියැ නොහැකි කිපියා වූ තෙදැති ආශීර්විෂයකු සේ සංයම ඇත්තා වූ තපස්වීන්ට පරුෂ වචනයෙන් ඝටා නො බණින්නේ ය. එ බඳු යහපත් ගති ඇති ගුණවතුන් නො ගටන්නේ ය.
Pali BJT3600. අතිකායො මහිස්සාසො අජ්ජුනො කෙකකාධිපො,{7} සහස්සබාහු උච්ඡින්නො{8} ඉසිමාසජ්ජ ගොතමං.
Sinhala BJT3600. මහත් ශරීර ඇති දුනු දරන්නා වූ දහසක් බාහු ඇත්තා වූ කේකක රටට අධිපති වූ අර්ජුන නම් රජ තෙම ගෞතම නම් ඍෂිවරයා ගටා බැණැ විනාශයට පත්වූයේ ය.
Pali BJT3601. අරජං රජසා වච්ඡං කිසං අවකිරිය දණ්ඩකී, තාලොව මූලතො{9} ඡින්නො සරාජා විභවඞ්ගතො.
Sinhala BJT3601. ඒ දණඩකී රජ තෙම රජස් රහිත වූ කිසවච්ඡ තවුසා මතැ රජස් විසුරුවා මුලින් සිඳින ලද තල් ගසක් මෙන් විනාශයට පත් විය.
Pali BJT3602. උපහච්ච මනං මෙජ්ඣො{10} මාතඞ්ගස්මිං යස්සසිනෙ, සපාරිසජ්ජො උච්ඡින්නො මෙජ්ඣාරඤ්ඤං{11} තදා අහූ.
Sinhala BJT3602. යශස් ඇති මාතඞ්ග ඍෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මේධ්‍ය රජ තෙමේ පිරිස් සහිත වැ සිඳී ගියේ ය. එ කල්හි මේධ්‍යාරාණ්‍ය විය.
Pali BJT3603. කණ්හාදීපායනාසජ්ජ ඉසිං අන්ධකවෙණ්හුයො, අඤ්ඤමඤ්ඤං මුසලෙ{1} හන්ත්වා සම්පත්තා යමසාධනං.
Sinhala BJT3603. අන්‍ධකවෙණහු නම් රජවරු කණ්හදීපායන නම් තවුසා ගටා ඔවුනොවුන් මොහොලින් නසාගෙන යම පුරයට පිවිසියහ.
Pali BJT3604. අථායං ඉසිනා සත්තො අන්තලික්ඛෙ චරො පුරෙ, පාවෙක්ඛි පඨවිං{2} චෙච්චො හීනත්තො පත්තපරියායං.
Sinhala BJT3604. වැළි දු පෙර අහසැ හැසිරුණා වූ චේතිය නම් රජ තෙම කපිල තවුසා සමඟ විරුඬ වූයේ ඍද්ධියෙන් පිරිහෙත් ම මරණාසන්න කාලයට පැමිණ පොළොවැ පිවිසියේ ය.
Pali BJT3605. තස්මා හි ඡන්දාගමනං නප්පසංසන්ති පණ්ඩිතා, අදුට්ඨචිත්තො භාසෙය්ය ගිරං සච්චූපසංහිතං.
Sinhala BJT3605. එ හෙයින් නුවණැත්තෝ ඡන්‍දාදියෙන් අගතියට යෑම නො පසසත්. දූෂ්‍ය නො වූ සිත් ඇත්තේ සත්‍ය වචන කියන්නේ ය.
Pali BJT3606. මනසා චෙ පදුට්ඨෙන යො නරො පෙක්ඛතෙ මුනිං, විජ්ජාචරණසම්පන්නං ගන්තා සො නිරයං අධො.
Sinhala BJT3606. ඉදින් යම් මිනිසෙක් ප්‍රදූෂ්‍ය වූ සිතින්, අෂ්ටවිද්‍යා පසළොස්චරණයන්ගෙන් යුත් මුනිවරයකු දෙස බලයි ද, හෙ තෙමේ ඒ අධෝගමනීය කර්‍මයෙන් අධොභාගයෙහි වූ නිරයට යන්නේ ය.
Pali BJT3607. යෙ වුද්ධෙ{3} පරිභාසන්ති ඵරුසුපක්කමා ජනා, අනපච්චා අදායාදා තාලවත්ථු භවන්ති තෙ.
Sinhala BJT3607. නපුරු ගති ඇති යම් කෙනෙක් ගුණයෙන් හා වයසින් වැඩිහිටියන්ට අවමන් කෙරෙද්ද, ඔව්හු දිටුදැමියෙහි ම මුලින් සිඳින ලද තල් ගසක් මෙන් වැනැසෙති. පරලෝ වශයෙන් දරුවන් හෝ වස්තුව හෝ නො ලබත්.
Pali BJT3608. යො ච පබ්බජිතං{4} හන්ති කතකිච්චං මහෙසිනං. ස කාළසුත්තෙ නිරයෙ චිරරත්තාය පච්චති.
Sinhala BJT3608. යමෙක් වනාහි කෘතකෘත්‍ය වූ ප්‍රව්‍රජිත මහර්ෂියකු නසා ද හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කලක් පැසෙනු ලැබේ.
Pali BJT3609. යො ච රාජා අධම්මට්ඨො රට්ඨවිද්ධංසනො{5} චුතො, තාපයිත්වා ජනපදං තාපනෙ පෙච්ච{6} පච්චති.
Sinhala BJT3609. යමෙක් වනාහි අධර්‍මයෙහි පිහිටා රට වනසන්නේ වේ ද, ජනපදය තවා මෙයින් චුත වැ පරලෙව්හි තාපන නම් නරකයෙහි පැසෙති.
Pali BJT3610. යො ච වස්සසහස්සානං{7} සතං දිබ්යානි{8} පච්චති, අච්චිසඞ්ඝපරෙතො සො දුක්ඛං වෙදෙති වෙදනං.
Sinhala BJT3610. යමෙක් දිව්‍යවර්‍ෂ ලක්‍ෂයක් එහි පැසේ ද, ගිනිසිළු සමූහයෙන් වටකරන ලද්දා වූ හෙ තෙමේ දුක් වූ වේදනාවක් මැ විඳී.
Pali BJT3611. තස්ස අග්ගිසිඛා කායා නිච්ඡරන්ති පභස්සරා, තෙජොභක්ඛස්ස ගත්තානි ලොමග්ගෙහි නඛෙහි ච.
Sinhala BJT3611. ගිනි මැ අනුභව කරන ඔහුගේ ශරීරයෙන් ප්‍රභාස්වර වූ ගිනිසිළු පිට වේ. ලෝමාග්‍රවලින් සහ නිය අගින් ද යුත් සියලු ශරීරාවයවයෝ එක සේ මැ දල්වෙත්.
Pali BJT3612. දය්හ{9}මානෙන ගත්තෙන නිච්චං සන්තරබාහිරං,{10} දුක්ඛාභිතුන්නො නදති නාගො තුත්තද්දිතො{11} යථා.
Sinhala BJT3612. නිතොර ම ඇතුළත පිටත දෙක්හි දැවෙන්නා වූ ශරීරයෙන් යුත් හෙ තෙම මහත් දුකින් පෙළුණේ අකුසුවලින් මඩනා ලද ඇතකු මෙන් නාද කරයි.
Pali BJT3613. යො ලොභා පිතරං හන්ති දොසා වා පුරිසාධමො, ස කාළසුත්තෙ නිරයෙ චිරරත්තාය පච්චති.
Sinhala BJT3613. යම් අධ මැ පුරුෂයෙක් යශස් යැ ධන යැ යන මේවා හේතු කොටගෙනැ පහළ වූ ලෝභය නිසා හෝ ද්වේෂය නිසා හෝ පියා නසයි ද, හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කාලයක් පැසෙන්නේ ය.
Pali BJT3614. ස තාදිසො පච්චති ලොහකුම්භියං පක්කඤ්ච සත්තීහි හනන්ති නිත්තචං, අන්ධං කරිත්වා මුත්තකරීසභක්ඛං ඛාරෙ{1} නිමුජ්ජෙන්ති තථාවිධං නරං.
Sinhala BJT3614. එ බඳු හෙ තෙම ලෝකුඹු නිරයෙහි පැසේ. පැසුණා වූ ද සම නැත්තා වූ ද ඔහු අඩයටිවලින් නසත්. එ බඳු සත්‍වයා ඇස් උපුටා දමා අන්‍ධ කොට මලමූ අනුභව කරන්නකුත් කොට ලෝදියෙහි ගල්වත්.
Pali BJT3615. තත්තං පක්කට්ඨිතං{2} අයොගුළඤ්ච දීඝෙ ච ඵාලෙ චිරරත්තතාපිතෙ, වික්ඛම්භමාදාය විභජ්ජ රජ්ජූහි විවටෙ මුඛෙ සංසවයන්ති{3} රක්ඛසා.
Sinhala BJT3615. නිරය පාලකයෝ ගිනියම් කළ පැස වූ යගුළි ද බොහෝ කලක් තවන ලද දික් වූ හීවැලින් මැඩැගෙන රැහැන්වලින් දිව එළියට ඇදැ හරින ලද මුවෙහි බහාලත්.
Pali BJT3616. සාමා ච සොණා සබලා ච ගිජ්ඣා කාකොළසඞ්ඝා ච දිජා අයොමුඛා, සඞ්ගම්ම ඛාදන්ති විප්ඵන්දමානං. ජිව්හං විභජ්ජ{4} විඝාසං{5} සලොහිතං.
Sinhala BJT3616. ශ්‍යාමවර්‍ණ වූ සුනඛයෝ ද තිත් සහිත සුනඛයෝ ද රතු හොට ඇති ගිජුලිහිණියෝ ද වන කවුඩු සමූහය ද අයෝමය මුඛ ඇත්තා වූ පක්‍ෂි සමූහය ද එක් ව දිව පිටතට ඇදැ කම්පා කරමින් ලේ සහිත වැ කඩකඩා කත්.
Pali BJT3617. තං දඩ්ඪතාලං පරිභින්නගත්තං නිප්ඵොඨයන්තා{6} අනුවිචරන්ති රක්ඛසා, රතී හි තෙසං දුඛිනො පනීතරෙ එතාදිසස්මිං නිරයෙ වසන්ති යෙ කෙචි ලොකෙ ඉධ පෙත්තිඝාතිනො.
Sinhala BJT3617. දැවෙන්නා වූ තල් ගසක් වැනි හැම පසින් ම බිඳුණු ශරීර ඇති ඔහුට තළමින් ඒ නිරය පාලකයෝ පසුපසැ යෙති. එය නිරය පාලකයන්ට ක්‍රීඩාවෙකි. අන්‍ය වූ නිරිසත්තු වනාහි දුක් ඇත්තාහු වෙත්. මේ ලෝකයෙහි පිතෘඝාතක කර්‍ම කරන්නා වූ යම් කෙනෙක් වෙද්ද, මෙ බඳු දුක් ඇති නරකයේ වෙසෙත්.
Pali BJT3618. පුත්තො ච මාතරං හන්ත්වා ඉතො ගන්ත්වා යමක්ඛයං, භුසමාපජ්ජතෙ දුක්ඛං අත්තකම්මඵලූපගො.
Sinhala BJT3618. පුත්‍ර තෙමේ ද මව මරා මෙයින් චුත වැ නිරයට ගොස් ස්වකීය කර්‍මවිපාක වශයෙන් පැමිණියේ ම මහත් දුකට පැමිණේ.
Pali BJT3619. අමනුස්සා අතිබලා{7} හන්තාරං ජනයන්තියා, අයොමයෙහි වාලෙහි පීළයන්ති පුනප්පුනං.
Sinhala BJT3619. මහත් ශක්තිය ඇත්තා වූ නිරය පාලකයෝ මව මැරූවහු යමුවා රැහැනින් වෙළා නැවැත නැවැතත් පෙළත්.
Pali BJT3620. තං පස්සවං{8} සකා ගත්තා රුධිරං{9} අත්තසම්භවං, තම්බලොහවිලීනංව{10} තත්තං පායෙන්ති මත්තියං.
Sinhala BJT3620. මව මැරූ ඔහුට සිය සිරුරින් වැගිරෙන්නා වූ තමාගෙන් ම හටගත් රත් වී දිය ව ගිය ලොදිය බඳු රුධිරය පොවත්.
Pali BJT3621. ජිගුච්ඡං කුණපං පූති දුග්ගන්ධං{11} ගූථකද්දමං. පුබ්බලොහිතසඞ්කාසං රහදං{12} ඔගය්හ තිට්ඨති.
Sinhala BJT3621. පිළිකුල් වූ ද, අපවිත්‍ර වූ ද, කුණු වූ ද, දුගඳ වූ ද, අසූචි කලල් ඇති පූයා ලේ බඳු ජලය ඇති විලට බැස සිටිති.
Pali BJT3622. තමෙනං කිමයො තත්ථ අතිකායා අයොමුඛා, ඡවිං ඡෙත්වාන ඛාදන්ති පගිද්ධා මංසලොහිතෙ.
Sinhala BJT3622. එහි මහත් වූ ශරීර ඇති අය සූචි බඳු මුඛ ඇති කෘමීහු මස් ලේ කෙරෙහි ගිජු වූවාහු සිවිය සිඳ කත්.
Pali BJT3623. සො ච තං නිරයං පත්තො නිමුග්ගො සතපොරිසං, පූතිකං කුණපං වාති සමන්තා සතයොජනං.
Sinhala BJT3623. හෙ තෙමේ ද ඒ නිරයට පැමිණියේ බඹ සියයක් ගිලුණේ වේ. කුණු වූ ද අපිරිසුදු වූ ද දුර්‍ගන්‍ධය හාත්පසැ සියක් යොත්නක් හමයි.
Pali BJT3624. චක්ඛුමාපි හි චක්ඛූහි තෙන ගන්ධෙන ජීයති, එතාදිසං බ්රහ්මදත්ත මාතුඝාතී{1} ලභෙ දුඛං.
Sinhala BJT3624. ඇස් ඇත්තේ නමුත් ඒ දුර්‍ගන්‍ධයෙන් ඇස්වලින් දිරාපත් වන්නේ ය. බ්‍රහ්මදත්ත නම් මහරජුනි, මව මැරූ තැනැත්තේ මෙ බඳු දුකක් ලබන්නේ ය.
Pali BJT3625. ඛූරධාරමනුක්කම්ම තික්ඛං දුරභිසම්භවං, පතන්ති ගබ්භපාතිනියො{2} දුග්ගං වෙතරණිං නදිං.
Sinhala BJT3625. ගැබ් හෙළන්නා වූ ස්ත්‍රීහු තියුණු වූ ද ළංවිය නොහැකි වූ ද ඛූරධාර නම් නිරය ඉක්මවා දුර්‍ගම වූ වේතරණී නදියට වැටෙත්.
Pali BJT3626. අයොමයා සිම්බලියො සොළසඞ්ගුලකණ්ටකා, උභතො මහිලම්බන්ති දුග්ගං තෙරණිං නදිං.
Sinhala BJT3626. අයෝමය වූ සොළොස් අඟල් පමණ කටු ඇති ඉඹුල් ගස් දුර්‍ගම වූ වේතරණී ගඟෙහි දෙපසැ එල්බෙයි.
Pali BJT3627. තෙ අච්චිමන්තො තිට්ඨන්ති අග්ගික්ඛන්ධාව ආරකා, ආදිත්තා ජාතවෙදෙන උද්ධං යොජනමුග්ගතා.
Sinhala BJT3627. ඒ නිරිසත්තු ගිනිසිළු ඇත්තාහු දුර වූ ගිනි කඳක් මෙන් සිටිත්. ගින්නෙන් දිලිසුණේ ම උඩට යොදුනක් උස්වූවාහු වෙත්.
Pali BJT3628. එතෙ සජන්ති නිරයෙ තත්තෙ තිඛිණකණ්ටකෙ, නාරියො ච අතිචාරිණියො{3} නරා ච පරදාරගූ.
Sinhala BJT3628. සැමියා ඉක්මවා හැසිරෙන ස්ත්‍රීහු ද පරස්ත්‍රී සේවනය කරන පුරුෂයෝ ද යන මොව්හු නිරයෙහි තිබෙන ගිනියම් වූ තියුණු කටු ඇති මේ ඉඹුල් ගස්වලැ නගිත්.
Pali BJT3629. තෙ පතන්ති අධොක්ඛන්ධා{4} විවත්තා{5} විහතා පුථු, සයන්ති විනිවිද්ධඞ්ගා දීඝං ජග්ගන්ති සංවරිං.
Sinhala BJT3629. බොහෝ කල්ගියා වූ ඔව්හු නිරය පාලකයන් විසින් පෙළන ලද්දාහු පෙරැළී යටිකුරු වූ හිස් ඇත්තාහු වෙත්. එවිට හුලින් විනිවිද ගිය ශරීර ඇත්තෝ සයනය කෙරෙත්. දිගු කලක් නිදි වරති.
Pali BJT3630. තතො රත්යා විවසනෙ මහතිං පබ්බතූපමං, ලොහකුම්භිං පවජ්ජන්ති තත්තං අග්ගිසමූදකං.
Sinhala BJT3630. ඉන්පසු බොහෝ කාලයක්හුගේ ඇවෑමෙන් මහත් වූ පර්‍වතයක් බඳු රත් වූ ගිනි හා සම ජලය ඇති ලෝකුඹු නම් නිරයෙහි වැටී පැසෙත්.
Pali BJT3631. එවං දිවා ච රත්තො ච දුස්සීලා මොහපාරුතා, අනුභොන්ති සකං කම්මං පුබ්බෙ දුක්කතමත්තනො.
Sinhala BJT3631. මෙසේ මෝහයෙන් පිරිවරා ගන්නා ලද දුශ්ශීලයෝ දිවා රෑ දෙක්හි ම පෙරැ තමා විසින් කරන ලද ස්වකීය දුෂ්කෘත කර්‍මය අනුභව කෙරෙත්.
Pali BJT3632. යා ච භරියා ධනක්කීතා සාමිකං අතිමඤ්ඤති, සස්සුං වා සසුරං වාපි ජෙට්ඨං වාපි නනන්දරං{6}.
Sinhala BJT3632. මිල දී ගන්නා ලද යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, සැමියා කෙරෙහි කළමනා වතාවත් නොකිරීම් වශයෙන් සැමියා ඉක්මවයි ද නැන්දා හෝ මාමා හෝ සැමියාගේ වැඩිමහලු සහෝදරිය හෝ යන මොවුන් උදෙසා කළමනා වතාවත් නොකිරීම වශයෙන් ඉක්මවයි ද,
Pali BJT3633. තස්සා වඞ්කෙන ජිව්හග්ගං නිබ්බහන්ති සබන්ධනං, සබ්යාමමත්තං කිමිනං ජිව්හං පසස්ති අත්තනො විඤ්ඤාපෙතුං සක්කොති තාපනෙ පෙච්ච{7} පච්චති.
Sinhala BJT3633. ඇගේ ජිහ්වාග්‍රය බැඳුම් සහිත වැ පිටතට අදිත්. ඒ නිරිසතා පණුවන් සහිත බඹයක් පමණ වූ තමාගේ දිව දකී. තමන්ගේ දුක කියනු කැමැති වුව ද කිසිවක් කියා අවබෝධ කරවන්නට නො සමත් වෙයි. පසු වැ තාපන නම් නිරයෙහි පැසෙයි.
Pali BJT3634. ඔරබ්භිකා සූකරිකා මච්ඡිකා මිගබන්ධකා, චොරා ගොඝාතකා ලුද්දා අවණ්ණෙ වණ්ණකාරකා.
Sinhala BJT3634. එළුවන් මරා දිවි රක්නෝ ද ඌරන් මරා දිවි රක්නෝ ද මුවන් මරා දිවි රක්නෝ ද සොරකම් කරන්නෝ ද ගවයන් මරා දිවි රක්නෝ ද යන මෙකී රෞද්‍ර ක්‍රියා ඇත්තෝත් නුගුණෙහි ගුණ කියන්නෝ හෙවත් කේලාම් කියන්නෝ යන මොහු,
Pali BJT3635. සත්තීහි ලොහකූටෙහි නෙත්තිංසෙහි උසූහි ච, හඤ්ඤමානා ඛාරනදිං පපතන්ති{1} අවංසිරා.
Sinhala BJT3635. අඩයටිවලින් ද ලොහොකුළුවලින් ද කඩුවලින් ද ඊවලින් ද අනිනු ලබන්නාහු යටිකුරු වූ හිස් ඇත්තෝ වේතරණී නම් නරකයෙහි වැටෙති.
Pali BJT3636. සායං පාතො කූටකාරී අයොකූටෙහි හඤ්ඤති, තතො වන්තං දුරත්තානං පරෙසං භුඤ්ජතෙ{2} සදා.
Sinhala BJT3636. වංචනික ලෙස නඩු විසඳන්නෝ යැ, බොරු නඩු සාදන්නෝ ය, කිරීම් මැනීම්වලින් සහ බොරු කහවණුයෙන් රවටන්නෝ ය, බොරු තක්සේරු කාරයෝ යැ යන කූටකර්‍ම කරන්නෝ උදේ සහ සවසත් යකුළුවලින් නසනු ලැබෙති. ඉන් පසු මෙ ලෙස ම දුකට පත් වූ අන් සතුන්ගේ වමනය හැම කල්හි අනුභව කෙරෙති.
Pali BJT3637. ධඞ්කා භෙරණ්ඩකා{3} ගිජ්ඣා කාකොළා ච අයොමුඛා, විප්ඵන්දමානං{4} ඛාදන්ති නරං කිබ්බිසකාරිනං.
Sinhala BJT3637. කවුඩෝ ද සිවල්ලු ද ගිජුලිහිණියෝ ද වනකවුඩෝ ද යන අයෝමය මුඛ ඇත්තාහු පව්කළා වූ නිරිසතා ඔබ මොබ අදිමින් කති.
Pali BJT3638. යෙ විගෙන මිගං හන්ති පක්ඛිං වා පන පක්ඛිනා, අසන්තො රජසා ඡන්නා ගන්තා තෙ නිරයුස්සදං
Sinhala BJT3638. යමෙක් මුවකුගෙන් (හීලෑ මුවකු ඉදිරිපත් කර ගෙන) මුවකු නසයි ද පක්‍ෂියකුගෙන් පක්‍ෂියකු හෝ නසයි ද අසත්පුරුෂ වූ රජසින් ගැවැසී ගත්තා වූ ඔව්හු ඔසුපත් නිරයට යන්නෝ වෙති.
Pali BJT3639. සන්තො ච උද්ධං ගච්ඡන්ති සුවිණ්ණෙනිධ කම්මුනා, සුචිණ්ණස්ස ඵලං පස්ස සහින්දා දෙවා සබ්රහ්මකා.
Sinhala BJT3639. මේ ලෝකයෙහි මනා ව පුරුදු කරන ලද කර්‍ම නිසා දෙව් ලොවට යෙත්. මනා ව පුරුදු කරන ලද කර්‍මයා ගේ විපාකය බලව. ශක්‍රයා සහිත දෙවියෝත් බ්‍රහ්මයා සහිත දෙවියෝත් එහි වෙති.
Pali BJT3640. තං තං බ්රූමි මහාරාජ ධම්මං රට්ඨපතී චර, තථා{5} තථා රාජ චරාහි ධම්මං යථා තං සුචිණ්ණං නානුතප්පෙය්ය පච්ඡාති.
Sinhala BJT3640. මහරජ, එ හෙයින් නුඹට කියමි. රටෙහි අධිපතිතුමනි, සුචරිත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ යම්සේ මනා ව පුරුදු කරන ලද ධර්‍මය පසු වැ පසුතැවිල්ල නූපදවා ද එසේ සුචරිත ධර්‍මයෙහි හැසිරෙවු.
Pali BJTසඞ්කිච්ච ජාතකං.
Sinhala BJTසංකිච්ච ජාතක යි.
Pali BJTසට්ඨිනිපාතං නිට්ඨිතං.
Sinhala BJTසැට වැනි නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථ සට්ඨිනිපාතම්හි සුණාථ මම භාසිතං, පවරො සොණක අරින්දමසව්හයනො තථා වුත්ත රථෙසභ කිච්ච වරොති.
Sinhala BJTසැට වැනි නිපාතයෙහි මාගේ භාෂිතය අසව. අරින්‍දම නම් රජු සහිතවූ සෝණක ජාතකයැ එසේමැ බඹදත් රජු සහිත වූ සඞ්කිච්ච ජාතක යැ යි ජාතක දෙකෙකි.
Pali BJT20. සත්තතිනිපාතො
Sinhala BJT20. සත්තති නිපාතය
Pali BJT1. කුසජාතකං.
Sinhala BJT1. කුස ජාතකය
Pali BJT3641. ඉදං තෙ රට්ඨං සධනං සයොග්ගං සකායූරං සබ්බකාමූපපන්නං, ඉදන්තෙ රජ්ජං අනුසාස අම්ම ගච්ඡාමහං යත්ථ පියා පභාවති.
Sinhala BJT3641. මෑණියෙනි, ඔබ තුමියගේ මේ රට ධන සහිත ය. හස්ති සේනාදියෙන් යුක්ත ය. පඤ්ච රාජකකුධභාණ්ඩ සහිත ය. කැමැති වන තාක් සම්පතින් යුක්ත ය. ඔබ තුමියගේ මේ රජය අනුශාසනා කරනු මැනැවි. මාගේ ප්‍රියාව වන ප්‍රභාවතිය යම් තැනෙක්හි නම් මම එහි යමි යි කුසරජ තෙම කීයේ ය.
Pali BJT3642. අනුජ්ජුභූතෙන හරං මහන්තං{1} දිවා ච රත්තො ච නිසීථකාලෙ{2}, පටිගච්ඡ ත්වං ඛිප්පං කුසාවතිං කුස න ඉච්ඡාමි{3} දුබ්බණ්ණමහං වසන්තං.
Sinhala BJT3642. කුසරජතුමනි, ඔබතුමා රාත්‍රියෙහි ද දවාලෙහි ද මධ්‍යම රාත්‍රිකාලයෙහි ද වක් සිතින් කදක් ගෙනෙමින් මහත් දුකක් විඳින්නේ ය. ඔබතුමා කුසාවතී නගරයට ආපසු වහා යන්න. මෙහි වසන්නා වූ දුර්වර්‍ණ ඔබතුමා මම ප්‍රිය නො කරමි යි පභාවතී තොමෝ කීවා ය.
Pali BJT3643. නාහං ගමිස්සාමි ඉතො කුසාවතිං පභාවති වණ්ණපලොභිතො තව, රමාමි මද්දස්ස නිකෙතරම්මෙ හිත්වාන රට්ඨං තව දස්සනෙ රතො.
Sinhala BJT3643. එම්බා ප්‍රභාවතිය, මම මෙයින් නික්ම කුසාවතියට නො යමි. මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් තීගේ දර්‍ශනයෙහි ඇළුණක් වැ රට හැර මදුරජුගේ සිත්කලු වූ ගෘහයෙහි සිත් අලවා වාසය කරමි.
Pali BJT3644. පභාවතී වණ්ණපලොභිතො තව සම්මූළ්හරූපො විචරාමි මෙදිනිං, දිසං න ජානාමි කුතොම්භි ආගතො තයම්හි මත්තො මිගමන්දලොචනෙ.
Sinhala BJT3644. එම්බා ප්‍රභාවතිය, මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් කෙලෙස් වශයෙන් මුළා වූව වැ පොළෝ තෙලෙහි හැසිරෙමි. මුව දෙනකට බඳු මන්‍දලෝචන ඇත්තී යැ. තී විසින් මම මත් කරන ලද්දෙමි. කොහි සිට පැමිණියෙම් දැ යි දිශාව සලකාගන්නට ද අපොහොසත් වෙමි.
Pali BJT3645. සුවණ්ණචීරවසනෙ ජාතරූපසුමෙඛලෙ, සුස්සොණි{4} තව කාමා හි නාහං රජ්ජෙනමත්ථිකො.
Sinhala BJT3645. රනින් විසිතුරු කළ වස්ත්‍ර හැන්දා වූ රන්මුවා මෙවුල්දම් ඇති, මනා වැ වැඩුණු මධ්‍යප්‍රදේශ ඇති ප්‍රභාවතිය, තිට කැමැති හෙයින් මම මෙහි ම වසමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි යි කුස රජ තෙමේ කීය.
Pali BJT3646. අබ්භූ හි තස්ස භො හොති යො අනිච්ඡන්තමිච්ඡති, අකාමං රාජ කාමෙහි අකන්තො කන්ත{5} මිච්ඡසි.
Sinhala BJT3646. පින්වත් කුස රජුනි, යමෙක් නොකැමැත්තහු කැමැත්තේ ද ඔහුට අවැඩක් (පිරිහීමක්) ම වන්නේ ය. මහරජ, ඔබතුමා වනාහි නොකැමැති මා කැමැති වන්නේ ය. අකාන්ත වූයේ දුටුවන් නොපහදනාසුලු වූයේ කාන්ත තැනැත්තියක වූ මා කැමැත්තේ ය.
Pali BJT3647. අකාමං වා සකාමං වා යො නරො ලභතෙ පියං, ලාභමෙත්ථ පසංසාමි{6} අලාභො තත්ථ පාපකො.
Sinhala BJT3647. යම් මිනිසෙක් කැමැති නොවන්නා වූ හෝ කැමැති වන්නා වූ හෝ ප්‍රියාවක් ලබා ද ඒ ලාභය මෙහි ලා පසසමි. නොලැබීම ලාමක වන්නේ යැ යි රජ තෙමේ කීයේ ය.
Pali BJT3648. පාසාණසාරං ඛණසි කණිකාරස්ස දාරුනා, වාතං ජාලෙන බාධෙසි යො අනිච්ඡන්තමිච්ඡති.
Sinhala BJT3648. යම් බඳු වූ ඔබ නොකැමැති තැනැත්තියක වූ මා කැමැත්තෙහි නම්, කිණිහිරි දර කඩකින් ගල්හර කණනෙහි ය. දැලකින් සුළඟ වළකන්නෙහි ය.
Pali BJT3649. පාසාණො නූන තෙ හදයෙ ඔහිතො මුදුලක්ඛණෙ, යො තෙ සාතං න වින්දාමි තිරොජනපදාගතො
Sinhala BJT3649. මෘදු ලක්‍ෂණ ඇත්තිය, යම් බඳු වූ මම අන් රටකින් ආයෙම් තීගේ පිළිසඳර මාත්‍ර වූ සුවයක් වත් නො ලබන්නෙම් නම් මා කෙරෙහි ස්නේහය වැළැක්වීම පිණිස තීගේ හෘදයෙහි ගලක් තබන ලද්දේ ය කියා හඟිමි.
Pali BJT3650. යදා මං භූකුටිං{1} කත්වා රාජපුත්ති උදික්ඛසි, ආළාරිකො තදා හොමි රඤ්ඤො මද්දස්ස{2} ථිපුරෙ.
Sinhala BJT3650. රාජපුත්‍රිය, යම් විටක බැම හකුළුවා මා දෙස බලහි ද එවිට මදු රජුගේ අන්තඃපුරයෙහි අරක්කැමියෙක් වෙමි.
Pali BJT3651. යදා උම්භයමානා මං රාජපුත්ති උදික්ඛසි, නාළාරිකො තදා හොමි රාජා හොමි තදා කුසො.
Sinhala BJT3651. රාජපුත්‍රිය, යම් විටක සිනාසෙමින් මා දෙස බලහි ද, එවිට මම අරක්කැමියකු මෙන් නො වෙමි. එවිට කුසාවතී නුවර රජ මෙන් වෙමි යි කුසරජ තෙමේ කීවේ ය.
Pali BJT3652. සචෙ හි වචනං සච්චං නෙමිත්තානං භවිස්සති, නෙව මෙ ත්වං පති අස්ස කාමං ඡින්දන්තු සත්තධා.
Sinhala BJT3652. ඉදින් වනාහි නිමිත්තපාඨකයන්ගේ වචනය සත්‍ය වන්නේ නම් මා සත් කඩක් කොට සිඳිතත් ඔබතුමා මට සැමියා නො වන්නේ ය යි ප්‍රභාවතිය කීවා ය.
Pali BJT3653. සචෙ හි වචනං සච්චං අඤ්ඤෙසං යදි වා මම, නෙව තුය්හං පති අත්ථි අඤ්ඤො සීහස්සරා කුසා.
Sinhala BJT3653. ඉදින් අනිත් නිමිත්ත පාඨකයන්ගේ හෝ මාගේ හෝ වචනය සත්‍ය වන්නේ නම්, සිංහස්වර ඇත්තා වූ කුසරජුගෙන් අන්‍ය වූවෙක් තිට සැමි නො වන්නේ යැයි කුසරජ තෙමේ කීයේ ය.
Pali BJT3654. නෙක්ඛං{3} ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු ඔලොකෙය්ය පභාවතී.
Sinhala BJT3654. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා දෙස බලන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
Pali BJT3655. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං{4} පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු{5} ආලපෙය්ය පභාවතී.
Sinhala BJT3655. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා කථා කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
Pali BJT3656. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු උම්භායෙය්ය{6} පභාවතී.
Sinhala BJT3656. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මඳ සිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
Pali BJT3657. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පම්භායෙය්ය{7} පභාවතී.
Sinhala BJT3657. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මහසිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
Pali BJT3658. නෙක්ඛං ගීවන්තෙ කාරෙස්සං පත්වා ඛුජ්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පාණීහි{8} උපසම්ඵුසෙ.
Sinhala BJT3658. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය අත්වලින් මා ස්පර්‍ශ කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කර වන්නෙමි යි කුසරජ තෙමේ කී ය.
Pali BJT3659. නහි නූනායං රාජපුත්තී කුසෙ සාතම්පි වින්දති, ආළාරිකෙ භතෙ{1} පොසෙ වෙතනෙන{2} අනත්ථිකෙ.
Sinhala BJT3659. මේ රාජපුත්‍රී තොමෝ කුසරජු නිසා ස්වල්පමාත්‍ර සැපතකුදු නො වින්දේ ය යි සිතමි. වේතනයෙන් ද ප්‍රයෝජන නැති, අරක්කැමි ව බැළ මෙහෙ කරන්නා වූ මේ පුරුෂයා කෙරෙහි පිළිසඳර මාත්‍රයකුදු නො කරතැ යි කුදිය කීවා ය.
Pali BJT3660. නහි නූන{3} අයං ඛුජ්ජා ලභති ජිව්හාය ඡෙදනං, සුනිසිතෙන සත්ථෙන එවං දුබ්භාසිතං භණං.
Sinhala BJT3660. මෙසේ නපුරු තෙපුල් කියන්නා වූ මේ කුදිය සියුම් ආයුධයෙකින් ඒකාන්තයෙන් ම දිව සිඳීම නො ලබා ද? ලබා ම ය.
Pali BJT3661. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහායසොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3661. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය, හෙ තෙම මහත් යශස් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3662. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහද්ධනොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3662. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාධනවතෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3663. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහබ්බලොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3663. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාබලැත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3664. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරට්ඨොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3664. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහත් රටවල් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3665. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරාජාති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3665. එම්බා ප්‍රභාවතිය, තොපගේ රූසපුවෙන් හෝ උස මහතින් හෝ ඒ කුස රජතුමා ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහරජෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3666. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සීහස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3666. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සිංහස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3667. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, වග්ගුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3667. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ දර්‍ශන ඇත්තිය, හෙ තෙම ලීලායෙන් යුත් ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3668. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, බින්දුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3668. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මනා ව එක් වූ හඬ ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3669. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මඤ්ජුස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3669. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සුන්‍දරස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3670. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මධුරස්සරොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3670. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මධුර ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3671. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සතසිප්පොති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3671. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම තමන් විසින් ම දත් සිය ගණන් ශිල්ප ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3672. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, ඛත්තියොති කරිත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3672. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. රුචිර ස්ත්‍රිය, හෙ තෙම අසම්භින්න ක්‍ෂත්‍රියකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3673. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, කුසරාජාති කත්වාන කරස්සු රුචිරෙ පියං.
Sinhala BJT3673. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූසපුවෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රිය දැකුම් ඇත්තිය, හෙ තෙම කුසරජ ය යි මෙනෙහි කොට ප්‍රිය කරව.
Pali BJT3674. එතෙ නාගා උපත්ථද්ධා සබ්බෙ තිට්ඨන්ති වම්මිතා, පුරා මද්දන්ති පාකාරං ආනෙනෙත්තං පභාවතිං.
Sinhala BJT3674. දේවයන් වහන්ස, මේ රජවරු සත් දෙනා ඉතා තද පරුෂ පැවැතුම් ඇත්තාහු සියල්ලෝ ම යුද්ධයට සැරැසී සිටිත්. මොවුන් ප්‍රාකාරය මඩින්නට පෙර මේ ප්‍රභාවතිය ඔවුන් වෙත පමුණුවත්වා යි ඇමතියෝ කීහ.
Pali BJT3675. සත්ත ඛණ්ඩෙ{1} කරිත්වාන අහමෙතං පභාවතිං, ඛත්තියානං පදස්සාමි යෙ මං හන්තුමිධාගතා.
Sinhala BJT3675. මා නසන්නට මෙහි පැමිණියා වූ යම් කෙනෙක් ඇද්ද, ඒ ක්‍ෂත්‍රියයන්ට මම මේ ප්‍රභාවතිය සත්කඩක් කොට දෙන්නෙමි යි රජ තෙමේ කී ය.
Pali BJT3676. අථුට්ඨහී රාජපුත්ති සාමා කොසෙය්යවාසිනී, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි දාසීගණපුරක්ඛතා.
Sinhala BJT3676. කෝසෙය්‍යවස්ත්‍ර හැන්දා වූ රන්වන් වූ ප්‍රභාවතී නම් ඒ රාජපුත්‍රිය කඳුළු පිරි දෙනෙතින් යුතු ව දාසි සමූහයා විසින් පිරිවරන ලදු ව ආසනයෙන් නැගිට්ටා ය. (මව ළඟට ගොස් වැඳ මෙසේ කීවා ය.)
Pali BJT3677. තං නූන කක්කූපසෙවිතං මුඛං ආදාසදන්තා ථරුපච්චවෙක්ඛිතං, සුභං සුනෙත්තං විරජං අනඞ්ගණං ඡුද්ධං වනෙ ඨස්සති ඛත්තියෙහි.
Sinhala BJT3677. මෑණියෙනි, පස් වැදෑරුම් සුණුයෙන් සෙවුනා ලද දළමුවා මිටින් යුත් කැටපතෙන් බලා සරසන ලද යහපත් නෙත් ඇති රජස් රහිත ගඩු පිළිකාදි දෝෂ විරහිත ඒ මාගේ මුහුණ රජුන් විසින් වනයෙහි හැරපියා දමන ලදු ව තබන්නේ ය.
Pali BJT3678. තෙ නූන මෙ අසිතෙ වෙල්ලිතග්ගෙ කෙසෙ මුදු චන්දනසාරලිත්තෙ, සමාකුලෙ සීවථිකාය{2} මජ්ඣෙ පාදෙහි ගිජ්ඣා පරිකඩ්ඪයන්ති{3}.
Sinhala BJT3678. මෑණියෙනි, කාලවර්‍ණයෙන් යුත් උස් වූ කෙළවර ඇති මෘදු වූ සඳුන් කල්කයෙන් ගැවසීගත් කෙස් සොහොන් මැද දී ගිජුලිහිණියෝ ඒකාන්තයෙන් පාවලින් ඔබ මොබ අදින්නාහ යි හඟිමි.
Pali BJT3679. තා නූන මෙ තම්බනඛා සුලොමා බාහා මුදූ චන්දනසාරලිත්තා, ඡින්නා වනෙ උජ්ඣිතා ඛත්තියෙහි ගය්හ ධඞ්කො ගච්ඡති යෙනකාමං.
Sinhala BJT3679. මෑණියනි, තඹවන් නිය ඇති මනා ලොමින් යුත් මෘදු වූ සඳුන්කල්ක ගල්වන ලද්දා වූ මාගේ බාහු යුග්මය රජුන් විසින් සිඳින ලද්දේ වනයෙහි හැර දමන ලද්දේ කවුඩා ඩැහැගෙන සිත් වූ පරිදි කඩ කඩා කමින් යෙතැ යි සිතමි.
Pali BJT3680. තෙ නූන තාලුපනිභෙ අලම්බෙ නිසෙවිතෙ කාසිකචන්දනෙන, ථනෙසු මෙ ලම්බිස්සති සිගාලො{1} මාතූව පුත්තො තරුණො තනූජො.
Sinhala BJT3680. මෑණියෙනි, රන්වන් තල්ගෙඩි බඳු නො එල්බෙන්නා වූ ද කසී සඳුනෙන් නිතොර සේවිත වූ ද මාගේ පයෝධරයන්හි කුසෙහි උපන් ළදරු පුතකු මවගේ තනයෙහි එල්බෙන්නාක් මෙන් සිවල් තෙම එල්බෙන්නේ ය.
Pali BJT3681. තං නූන සොණිං පුථුලං සුකොට්ඨිතං නිසෙවිතං කඤ්චන මෙඛලාහි,{2} ඡින්නං වනෙ ඛන්තියෙහී අවත්ථං සිගාලසඞ්ඝා පරිකඩ්ඪයන්ති.{3}
Sinhala BJT3681. රන්මුවා මෙවුල්දමීන් නිසේවිත වූ මනා ව වඩනා ලද්දා වූ පුළුල් වූ ඒ මාගේ නිතම්බය ක්‍ෂත්‍රියයන් විසින් සිඳ වනයෙහි හැරදමන ලද්දේ වේ ද, එය සිවල් සමූහයා ඒ මේ අත අදිතී හඟිමි.
Pali BJT3682. සොණා ධඞ්කා සිගාලා ච යෙ චඤ්ඤෙ සන්ති දාඨිනො, අජරා නූන හෙස්සන්ති භක්ඛයිත්වා පභාවතිං,
Sinhala BJT3682. බල්ලෝ ද කවුඩෝ ද සිවල්ලු ද දළ ඇත්තා වූ සෙසු සත්‍වයෝත් වෙද්ද ඒ හැම ප්‍රභාවතී නම් වූ මා කා ඒකාන්තයෙන් නොදිරන්නාහු වෙතැ යි සිතමි.
Pali BJT3683. සචෙ මංසානි භාරෙසුං{4} ඛන්තියා දූරගාමිනො, අට්ඨීනි අම්ම යාචිත්වා අනුපන්ථෙ{5} දහාථ නං.
Sinhala BJT3683. මෑණියෙනි, ඉදින් දුර යන්නා වූ ක්‍ෂත්‍රියයෝ මාගේ මස් ගෙන යෙද්ද, ඇට ඉල්ලාගෙන මාර්‍ගයන් අතර එය දවවු යයි ප්‍රභාවතිය අඬමින් කීවා ය.
Pali BJT3684. ඛෙත්තානි අම්ම කාරෙත්වා කණිකාරෙත්ථ රොපය, යදා තෙ පුප්ඵිතා අස්සු හෙමන්තානං හිමච්චයෙ සරෙය්යාථ මමං අම්ම එවංවණ්ණා පභාවතී.
Sinhala BJT3684. මෑණියෙනි, ඒ දැවූ තැනැ මල්වතු කරවා කිණිහිරිගස් වවව. යම් දිනෙක හේමන්ත ඍතුවගේ අවසන්හි ඵග්ගුන මාසයෙහි ඒ ගස් මල් පිපෙන්නාහු ද එ විට මෑණියෙනි, ප්‍රභාවතී තොමෝ මෙ බඳු වර්‍ණ ඇත්තී ය කියා මා සිහි කරව යි ප්‍රභාවතිය කීවා ය.
Pali BJT3685. තස්සා මාතා උදට්ඨාසි ඛත්තියා දෙවවණ්ණිනී, දිස්වා අසිඤ්ච සූණඤ්ච රඤ්ඤො මද්දස්ස ථිපුරෙ.
Sinhala BJT3685. ඒ ප්‍රභාවතියගේ මව වූ දෙවඟනකට බඳු වර්‍ණ ඇති රාජමහිෂී තොමෝ ආසනයෙන් නැගිට රජු වෙත ගොස් සිටියා ය. මදුරජුගේ අන්තඃපුරයෙහි රජු ඉදිරියෙහි තබන ලද පොරොවත්, දංගෙඩියත් දැක වැලපෙමින් මෙසේ කීවා ය.
Pali BJT3686. ඉමිනා නූන අසිනා සුසඤ්ඤං තනුමජ්ඣිමං, ධීතරං මම හන්ත්වාන{6} ඛත්තියානං පදස්සසි.
Sinhala BJT3686. හඳුනාගැනීමට පහසු වූ කෘෂ වූ මධ්‍ය ප්‍රදේශ ඇති මාගේ දුව මේ පොරොවෙන් සිඳ ක්‍ෂත්‍රියයන්ට ඒකාන්තයෙන් දෙන්නෙහි දැ යි ඇසුවා ය.