Pali BJT3501. යොච රාජා ජනපදං අධම්මෙන පසාසති, සබ්බොසධීහි සො රාජා විරුද්ධං හොති ඛත්තියො.
Sinhala BJT3501. යම් රජෙක් අධර්‍මයෙන් (යම්) දනව්වක් පාලනය කෙරේ ද, ඒ ක්‍ෂත්‍රිය රජ තෙම සියලු ඖෂධයන් හා විරුද්ධ වූයේ වෙයි.
Pali BJT3502. තථෙව නෙගමෙ හිංසං යෙ යුත්තා කයවික්කයෙ, ඔජදානබලීකාරෙ{1} ස කොසෙන විරුජ්ඣති.
Sinhala BJT3502. එසේ ම නිගම වැසියන් ද, වෙළඳාමෙහි යම් කෙනෙක් යෙදුනේ නම් (ඔවුන් ද) බඩු ගෙන ඊම් සුංවත්දීම් වශයෙන් ඕජදාන හා (බදු ගෙවීම් වශයෙන්) බලිදීම කරන්නන් ද (හිංසා කෙරේ නම්) හේ කෝෂ්ටාගාරය හා විරුද්ධ වූයේ වෙයි.
Pali BJT3503. පහාරවරඛෙත්තඤ්ඤු සඞ්ගාමෙ කතනිස්සමෙ, උස්සිතෙ හිංසයං රාජා සබලෙන විරුජ්ඣති.
Sinhala BJT3503. පහරදීමට සුදුසු තැන් දන්නා වූ (ධනුර්ධරයන් ද), යුද්ධයෙහි කළ පුරුදු ඇති (මහා යෝධයන් ද), ප්‍රසිද්ධ වූ (මහ ඇමතියන් ද) (යම් රජෙක් හිසා කෙරේ නම්) ඒ රජ බලසෙනඟ හා විරුද්ධ වූයේ වෙයි.
Pali BJT3504. තථෙව ඉසයො හිංසං සංයමෙ බ්රහ්මචාරිනො,{2} අධම්මචාරී ඛත්තියො සො සග්ගෙන විරුජ්ඣති.
Sinhala BJT3504. එසේ ම සංයම ඇති, බ්‍රහ්මචාරී වූ, පැවිද්දන් හිංසා කරන අධර්‍මයෙහි හැසිරෙන ඒ ක්‍ෂත්‍රිය තෙම ස්වර්‍ගය හා විරුද්ධ වූයේ වෙයි.
Pali BJT3505. යො ච රාජා අධම්මට්ඨො භරියං හන්ති අදූසකං, ලුද්දං පසවතෙ පාපං{3} පුත්තෙහි ච විරුජ්ඣති.
Sinhala BJT3505. තවද, අධර්මිෂ්ඨ වූ යම් රජෙක් අදූසක (සිල්වත්) වූ භාර්‍ය්‍යාව නසා ද හෝ රෞද්‍ර වූ පාපය රැස්කරයි. පුත්‍රයන් සමග ද විරුද්ධ වූයේ වෙයි.
Pali BJT3506. ධම්මඤ්චරෙ ජානපදෙ නෙගමෙසු බලෙසු ච, ඉසයො ච න හිංසෙය්ය පුත්තදාරෙ සමඤ්චරෙ.
Sinhala BJT3506. (මහරජ, එබැවින්) දනව්වැස්සන් කෙරෙහි ද, නියම් ගම් වැස්සන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද ධර්‍මයෙහි හැසිරෙන්නේය. පැවිද්දන් ද හිංසා නො කරන්නේය. අඹු දරුවන් කෙරෙහි ද සමව හැසිරෙන්නේ ය.
Pali BJT3507. ස තාදිසො භූමිපති රට්ඨපාලො අකොධනො, සාමන්තෙ සම්පකම්පෙති ඉන්දොව අසුරාධිපොති.
Sinhala BJT3507. රට පාලනය කරන ක්‍රෝධ නොකරන එබඳු ඒ මිහිපති තෙම අසුරාධිප නම් වූ ඉන්‍ද්‍රයා මෙන් අසල්වැසි (සතුරන්) කම්පා කෙරෙයි.
Pali BJTමහාබොධිජාතකං
Sinhala BJTමහාබෝධි ජාතක යි.
Pali BJTපඤ්ඤාසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTපඤ්ඤාස නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං: -
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසනළීනිකමව්හයනො පඨමො දුතියො පන සඋම්මදන්තිවරො, තතියො පන බොධි සිරිව්හයනො කථිතාපන තීණි ජිනෙන සුභාති.
Sinhala BJTනලිනිකා නම් වූ පළමුවැන්න ද උම්මාදන්ති නම් වූ දෙවැන්න ද, මහාබෝධි නම් වූ තෙවැන්න දැ යි මේ ජාතක තුන සර්‍වඥයන් වහන්සේ විසින් දෙසනලදී.
Pali BJT19. සට්ඨිනිපාතො
Sinhala BJT19. සට්ඨි නිපාතය
Pali BJT1. සොණකජාතකං
Sinhala BJT1. සෝණක ජාතකය
Pali BJT3508. කස්ස සුත්වා සතං දම්මි සහස්සං දට්ඨු{1} සොණකං, කො මෙ සොණක මක්ඛාති{2} සහායං පංසුකීළිතං.{3}
Sinhala BJT3508. සෝණක නම් යහළුවා වසන තැන අසා කියන්නා වූ කවරකුහට මම සියයක් දෙම් ද, දැක කියන්නා වූ කවරකුහට දහසක් දෙම් ද, වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් තැනැත්තා ගැන මට කවරෙක් නම් කියන්නේ ද?
Pali BJT3509. අථ බ්රවි මාණවකො දහරො පඤ්චචූළකො, මය්හං සුත්වා සතං දෙහි සහස්සං දට්ඨු සොණකං අහං සොණකමක්ඛිස්සං{4} සහායං පංසුකීළිතං
Sinhala BJT3509. ඉක්බිති තරුණ වූ පඤ්චචූළක නම් මාණවක තෙම ප්‍රතිගායනා වශයෙන් මේ ගාථාව කීවේ ය. මහරජතුමනි, සෝණක නම් තැනැත්තා ගැන අසා කියන්නා වූ මට සියයක් දුන මැනැවි. සෝණක නම් තැනැත්තා දැක කියන්නා වූ මට දහසක් දුන මැනැවි. වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් යහළුවා මම කියමි යි.
Pali BJT3510. කතරස්මිං{5} සො ජනපදෙ රට්ඨෙසු නිගමෙසු ච, කත්ථ තෙ සොණකො දිට්ඨො{6} තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT3510. මාණවකය, ඒ සෝණක තෙම නුඹ විසින් කිනම් ජනපදයෙක්හි දී දක්නා ලද්දේ ද? කවර රටක දී කවර නියම්ගමෙක්හි දක්නා ලද ද, ඒ කරුණ විචාරනු ලබන්නා වූ නුඹ මට කියව යි රජ තෙම කීයේ ය.
Pali BJT3511. තවෙව දෙව විජිතෙ{7} තවෙචුය්යානභූමියා, උජුවංසා මහාසාලා නීලොභාසා මනොරමා තිට්ඨන්ති මෙඝසමානා රම්මා අඤ්ඤොඤ්ඤනිස්සිතා.
Sinhala BJT3511. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ම රටෙහි නුඹ වහන්සේගේ ම උයන් බිමෙහි ඍජු වූ කඳ ඇති නිල් පැහැති සිත්කලු වූ වැහිවලාකුළු බඳු ගසින් ගස හා අත්තෙන් අත්ත එකට වෙලීගත් මහා සාලවෘක්‍ෂයෝ වෙත්.
Pali BJT3512. තෙසං මූලස්මිං{8} සොණකො ඣායති අනුපාදනො, උපාදානෙසු ලොකෙසු දය්හමානෙසු{9} නිබ්බුතො.
Sinhala BJT3512. ඒ සාලවෘක්‍ෂයන්ගේ මුල්හි සෝණක තෙමේ කාමූපාදානයන්ගෙන් පිරී පවත්නා ලෝකයෙහි කාමූපාදාන විරහිත වූයේ එකොළොස් ගින්නෙන් දැවෙන ලෝකයෙහි නිවුණේ ම ධ්‍යාන කෙරේ යයි තරුණ තෙම කීයේ ය.
Pali BJT3513. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ්ගියා, කාරාපෙත්වා සමං මග්ගං අගමා යෙන සොණකො.
Sinhala BJT3513. ඉක්බිති ඒ අරින්‍දම රජතෙම සිවුරඟ සෙනග සමග පිටත් විය. මඟ සම කරවා සෝණක නම් පසේබුදුන් වහන්සේ යම් තැනෙක්හි නම් එහි ගියේ ය.
Pali BJT3514. උය්යානභූමිං ගන්ත්වාන විචරන්තො බ්රහාවනෙ, ආසීනං සොණකං දක්ඛි දය්හමානෙසු නිබ්බුතං
Sinhala BJT3514. රජතෙම උයන් බිමට ගොස් ඒ මහා උයන්හි හැසිරෙන්නේ එකොළොස් ගින්නෙන් දැවෙන සත්‍වයන් අතුරෙහි නිවී වැඩහුන් සෝණක නම් පසේබුදුන් වහන්සේ දැක්කේ ය.
Pali BJT3515. කපණොවතායං භික්ඛු මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, අමාතිකො අපිතිකො රුක්ඛමූලස්මිං ඣායති.
Sinhala BJT3515. හිස මුඩු කරගත් සඟළ සිවුරක් පෙරැවි මේ මහණ තෙම දිළින්දෙකි. මා පියන් නැත්තේ ම ගස මුල ධ්‍යාන කෙරේ යයි කීවේ ය.
Pali BJT3516. ඉමං වාක්යං නිසාමෙත්වා සොණකො එතදබ්රවි, න රාජා කපණො හොති ධම්මං කායෙන ඵස්සයං.
Sinhala BJT3516. සෝණක පසේබුදුරජාණන් වහන්සේ මේ වදන් අසා මෙසේ කීහ. “මහරජ, ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නාමකායයෙන් ස්පර්‍ශ කරනලද තැනැත්තා දිළින්දෙක් නොවන්නේ ය”.
Pali BJT3517. යොධ ධම්මං නිරංකත්වා අධම්මමනුවත්තති, ස රාජ කපණො හොති පාපො පාපපරායනො.
Sinhala BJT3517. මහරජ, මේ ලෝකයෙහි යම් කිසිවෙක් දස කුසල් දහම් බැහැර කොට දස අකුසල්හි යෙදේ ද, පාපී වූ ද පාපීන්ට පිහිට වූ ද හෙ තෙමේ දිළින්දෙක් වේ යයි.
Pali BJT3518. අරින්දමොති මෙ නාමං කාසිරාජාති මං විදූ, කච්චි භොතො සුඛසෙය්යා ඉධ පත්තස්ස සොණක.
Sinhala BJT3518. අරින්‍දම යනු මාගේ නම වෙයි. මා කසීරජය යි දනිත්. සෝණකයන් වහන්ස, මෙහි පැමිණි පින්වත් නුඹ වහන්සේට සුවපහසු කෙසේ දැ යි,
Pali BJT3519. සදාපි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භිං න කළොපියං පරනිට්ඨිත{1}මෙසානා තෙන යාපෙන්ති සුබ්බතා.
Sinhala BJT3519. මහරජ, ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුවකට සැමදා ම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයෙහි ධන ධාන්‍ය තැන්පත් නො කෙරෙත්. සැළෙහි ද නො දමත්. පැසෙහි ද නො දමත්. මනා පැවතුම් ඇති අනුන් විසින් නිමවන ලද්දා වූ ආහාර සොයන ඔව්හු ඒ අනුන් දෙන අහරින් යැපෙත්.
Pali BJT3520. දුතියම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, අනවජ්ජපිණ්ඩො භොත්තබ්බො න ච කොචූපරොධති.
Sinhala BJT3520. යම් හෙයෙකින් කැප සරුප් ලෙස ලැබුණු හෙයින් නිරවද්‍ය පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ දෙවැනි යහපත ද වේ.
Pali BJT3521. තතියම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, නිබ්බුත{2}පිණ්ඩො භොත්තබ්බො න ච කොචූපරොධති.
Sinhala BJT3521. යම් හෙයෙකින් පස්විකා වැළැඳිය යුතු හෙයින් නිබ්බුතපිණ්ඩය නම් ලත් පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට තෙ වැනි යහපත ද වේ.
Pali BJT3522. චතුත්ථම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, මුත්තස්ස රට්ඨෙ චරතො සඞ්ඝො යස්ස න විජ්ජති.
Sinhala BJT3522. යම් හෙයෙකින් කුලාදියෙහි නො ඇලී රටෙහි හැසිරෙන යම් ඒ භික්‍ෂුවක්හට රාගාදි කිසියම් සඞ්ග කෙනෙක් නැද්ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සිවු වැනි යහපතත් වේ.
Pali BJT3523. පඤ්චමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, නගරම්හි දය්හමානම්හි නාස්ස කිඤ්චි අදය්හථ.
Sinhala BJT3523. යම් හෙයෙකින් නගරය ගින්නෙන් දැවෙනු ලබන කල්හි යම් භික්‍ෂුවකගේ කිසිවක් නො දැවේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ පස්වැනි යහපතත් වේ.
Pali BJT3524. ඡට්ඨම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, රට්ඨෙ විලුම්පමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.{3}
Sinhala BJT3524. යම් හෙයෙකින් රට සොරුන් පැහැර ගනු ලබන කල්හි මේ භික්‍ෂුවගේ කිසිවක් පැහැර නො ගනු ලැබේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ ස වැනි යහපතත් වේ.
Pali BJT3525. සත්තමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, චොරෙහි රක්ඛිතං මග්ගං යෙ චඤ්ඤෙ පරිපන්ථිකා පත්තචීවරමාදාය සොත්ථිං ගච්ඡති සුබ්බතො.
Sinhala BJT3525. යම් හෙයෙකින් සොරුන් විසින් රක්නා ලද මාර්‍ගයෙහි ද අන්‍ය වූ යම් බඳු මාර්ගෝපද්‍රව ඇත් නම් එ බඳු තැන්හි ද මනා පැවතුම් ඇති භික්‍ෂු තෙම පා සිවුරු ගෙන සුවසේ යයි ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සත් වැනි යහපතත් වේ.
Pali BJT3526. අට්ඨමම්පි භද්රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො, යං යං දිසං පක්කමති අනපෙක්ඛොව ගච්ඡති.
Sinhala BJT3526. යම් හෙයෙකින් භික්‍ෂු තෙම යම් යම් දිසාවකට පිටත් ව යේ ද, ඒ ඒ දිසාවට අපේක්‍ෂා රහිත ව යේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ අට වැනි යහපතත් වේ.
Pali BJT3527. බහූනි{1} සමණභද්රානි යෙ ත්වං භික්ඛු පසංසසි, අහඤ්ච ගිද්ධො කාමෙසු කථං කාහාමි සොණක
Sinhala BJT3527. භික්‍ෂූන් වහන්ස, නුඹ වහන්සේ යම් ඒ ශ්‍රමණභද්‍රකාරණයන් පසසන සේක් ද, එ බඳු ශ්‍රමණභද්‍රකාරණයෝ බොහෝ වෙති. සෝණකයන් වහන්ස, මම වනාහි කාමයන්හි ගිජු කෙනෙක්මි. කෙසේ නම් එය කෙරෙම් ද?
Pali BJT3528. පියා මෙ මානුසා කාමා අථො දිබ්යාපි{2} මෙ පියා, අථ කෙන නු වණ්ණෙන අභො ලොකෙ ලභම්භසෙ.
Sinhala BJT3528. මට මිනිස් කාමයෝ ප්‍රිය වෙත්. වැළි දිව්‍යමය කාමයෝ ද ප්‍රිය වෙත්. එසේ ඇති කල්හි කවර ආකාරයෙකින් දෙ ලොවැ ම කාම සම්පත් ලබන්නෙම් දැ යි රජ තෙමේ කීවේ ය.
Pali BJT3529. කාමෙසු ගිද්ධා කාමරතා කාමෙසු අධිමුච්ඡිතා, නරා පාපානි කත්වාන උපපජ්ජන්ති දුග්ගතිං.
Sinhala BJT3529. මහරජ, කාමයන්හි ගිජු වූ කාමයන්හි ඇලුණා වූ, කාමයන්හි අධික වශයෙන් මුසපත් වූ මනුෂ්‍යයෝ පාපකර්‍ම කොට දුගතියෙහි උපදිති.
Pali BJT3530. යෙ ච කාමෙ පහත්වාන නික්ඛන්තා අකුතොභයා, එකොදිභාවාධිගතා න තෙ ගච්ඡන්ති දුග්ගතිං.
Sinhala BJT3530. යමෙක් කාමසම්පත් හැරපියා ගිහි ගෙයින් නික්මුණාහු කොයිනුත් බියක් නැත්තාහු හුදෙකලා වාසයට ගියෝ වෙත් ද, ඒ පැවිද්දෝ දුගතියට නො යත්.
Pali BJT3531. උපමන්තෙ කරිස්සාමි තං සුණොහි අරින්දම, උපමායපිධෙකච්චෙ{3} අත්ථං ජානන්ති පණ්ඩිතා.
Sinhala BJT3531. අරින්‍දම රජුනි, තොපට උපමාවක් ගෙනහැර පාන්නෙමි. එය අසව. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් උපමායෙනුදු අර්‍ත්‍ථය දැනැගනිත්.
Pali BJT3532. ගඞ්ගාය කුණපං දිස්වා වුය්හමානං මහණ්ණවෙ, වායසො සමචින්තෙසි අප්පපඤ්ඤො අචෙතසො.
Sinhala BJT3532. අනුවණ වූ කාරණාකාරණ නොසිතන කවුඩෙක් ගැඹුරු පුළුල් දිය ඇති ගඟෙහි පාවෙමින් යන්නා වූ ඇත් කුණපයක් දැක මෙසේ සිතුවේ ය.
Pali BJT3533. යානඤ්ච වතිදං ලද්ධං භක්ඛොවායං අනප්පකො, තත්ථ රත්තිං තත්ථ දිවා තත්ථෙව නිරතො මනො.
Sinhala BJT3533. ඒකාන්තයෙන් මට හස්තියානයෙක් ලැබිණ. මෙය ම මාගේ ආහාරය ද වේ. එහි ම රෑ දාවල් ගෙවන්නෙමි යි කවුඩාගේ සිත ඒ ඇත්කුණෙහි ම ඇලී සිටියේ ය.
Pali BJT3534. ඛාදං නාගස්ස මංසානි පිවං භාගීරථොදකං, සම්පස්සං වනචෙත්යානි න පලෙත්ථ{4} විහඞ්ගමො.
Sinhala BJT3534. ඇතාගේ මස් කමින් භාගිරථි ගඟෙහි දිය බොමින් වනයන් හා චෛත්‍ය වෘක්‍ෂයන් බලමින් යන ඒ කවුඩා පියාසර කොට නො ගියේ ය.
Pali BJT3535. තඤ්ච ඔතරණී ගඞ්ගා පමත්තං කුණපෙ රතං, සමුද්දං අජ්ඣගාහාසි අගතී යත්ථ පක්ඛිනං.
Sinhala BJT3535. සමුද්‍රාභිමුඛ වැ ගලාබස්නා වූ ගංගා තොමෝ ඇත්කුණෙහි ඇලුණා වූ ප්‍රමාදයට වන් ඒ කවුඩා ද, යම් තැනෙක්හි පක්‍ෂීන්ට යා හැකි නො වේ ද, එ බඳු මහාසමුද්‍රයට ඇදගෙනැ ගියා ය.
Pali BJT3536. සො ච භක්ඛපරික්ඛීණො උප්පතිත්වා{5} විහඞ්ගමො, න පච්ඡතො න පුරතො නුත්තරං නොපි දක්ඛිණං.
Sinhala BJT3536. ආහාරය අවසන් වූ ඒ කවුඩු තෙමේ ද අහසට පැන පෑළදික්හි ද පිහිටක් නොලැබුවේ ය. පෙර දික්හි ද පිහිටක් නො ලැබුවේ ය. උතුරු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය. දකුණු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය.
Pali BJT3537. දීපං සො න අජ්ඣගඤ්ඡි අගතී යත්ථ පක්ඛිනං, සො ච තත්ථෙව පාපත්ථ යථා දුබ්බලකො තථා.
Sinhala BJT3537. ඒ කවුඩු තෙම යම් තැනෙක්හි පක්‍ෂීන්ට නො යාහැකි ද එබඳු සාගරය මැද දිවයිනකට නො පැමිණියේ ය. දුර්‍වලයකු වැටෙන්නාක් මෙන් සාගර මධ්‍යයෙහි ම වැටුණේ ය.
Pali BJT3538. තඤ්ච සාමුද්දිකා මච්ඡා කුම්භීලා මකරා සුසු, පසය්හකාරා ඛාදිංසු ඵන්දමානං විපක්ඛිනං.{1}
Sinhala BJT3538. මුහුදෙහි වාසය කරන්නා වූ මත්ස්‍යයෝ ද කිඹුලෝ ද මෝරු ද සුසු නම් චණ්ඩ මත්ස්‍යයෝ ද විසිරීගිය පියාපත් ඇති සැලෙමින් සිටියා වූ ඒ කවුඩා බලාත්කාරයෙන් කෑහ.
Pali BJT3539. එවමෙව තුවං රාජ යෙ චඤ්ඤෙ කාමභොගිනො, ගිද්ධා චෙ න වමිස්සන්ති කාකපඤ්ඤාය{2} තෙ විදූ.
Sinhala BJT3539. මහරජ, මෙ පරිද්දෙන් ම නුඹ ද කාමභෝගී වූ අන්‍යයෝ ද කාමයන්හි ගිජු වූවාහු නම් ඉදින් කාමයන් හැර නො දමන්නාහු ද ඔව්හු කවුඩන්ගේ ප්‍රඥාවට බඳු ප්‍රඥා ඇත්තෝය යි නුවණැත්තෝ කියත්.
Pali BJT3540. එසා තෙ උපමා රාජ අත්ථසන්දස්සනී කතා, ත්වං ච පඤ්ඤායසෙ තෙන යදි කාහසි වා න වා.
Sinhala BJT3540. මහරජ, මා විසින් කරුණු ප්‍රකාශ වන්නා වූ මේ උපමාව තොපට ගෙනහැර දක්වන ලදී. ඉදින් එය කරන්නෙහි හෝ නොකරන්නෙහි හෝ ඒ සැටියෙන් නුඹ ද ප්‍රකාශ වන්නෙහි යයි (පසේබුදුරජාණන් වහන්සේ අවවාද දුන් සේක.)
Pali BJT3541. එකවාචම්පි ද්වෙ වාචං භණෙය්ය අනුකම්පකො, තතුත්තරිං{3} න භාසෙය්ය දාසො වය්යස්ස{4} සන්තිකෙ.
Sinhala BJT3541. අනුකම්පා ඇති තැනැත්තේ එක වරක් කීම ද දෙ වරක් කීම ද කරන්නේ ය. දාසයකු ස්වාමියා වෙත මෙන් ඉන් මතු නො කියන්නේ ය.
Pali BJT3542. ඉදං වත්වාන පක්කාමි සොණකො අමිතබුද්ධිමා, වෙහාසෙ අන්තලික්ඛස්මිං අනුසාසිත්වාන ඛත්තියං.
Sinhala BJT3542. අප්‍රමාණ වූ බුද්ධි ඇති සෝණක පසේබුදුරජාණන් වහන්සේ මෙසේ කියා රජුට අනුශාසනා කොට අහසට නැඟ වැඩමකළ සේක
Pali BJT3543. කො නු මෙ රාජකත්තාරො සුතා චෙය්යත්තිමාගතා,{5} රජ්ජං නිය්යාදයිස්සාමි නාහං රජ්ජෙනමත්ථිකො.
Sinhala BJT3543. සමර්‍ත්‍ථ වූ ව්‍යක්තභාවයට පැමිණි මේ රාජ්‍යයට සුදුස්සෙන් අභිෂේක කරන්නෝ කොහි ද? මම රජය භාර දෙන්නෙමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.
Pali BJT3544. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3544. අද ම පැවිදි වන්නෙමි. හෙට මරණය වන්නේ දැ යි කවරෙක් දනීද? මම දුෂ්ප්‍රාඥ වූ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි යි රජ තෙම කීවේ ය.
Pali BJT3545. අත්ථි තෙ දහරො පුත්තො දීඝාවු රට්ඨවඩ්ඪනො, තං රජ්ජෙ අභිසිඤ්චස්සු සො නො රාජා භවිස්සති.
Sinhala BJT3545. දේවයන් වහන්ස, නුඹ වහන්සේට රට දියුණු කරන්නා වූ දීඝාවු නම් පුතෙක් ඇත්තේ ය. ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙරේවා. හෙ තෙමේ අපගේ රජ වන්නේ යැ යි ඇමතියෝ කීහ.
Pali BJT3546. ඛිප්පං කුමාරං ආනෙථ දීඝාවුං රට්ඨවඩ්ඪනං, තං රාජ්ජෙ අභිසිඤ්චිස්සං සො වො රාජා භවිස්සති.
Sinhala BJT3546. රට දියුණු කරන්නා වූ දීඝාවු නම් කුමරා වහා ගෙන එව. මම ඔහු රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙමි. හෙ තොපගේ රජ වන්නේ යයි රජ තෙමේ කීවේ ය.
Pali BJT3547. තතො කුමාරං ආනෙසුං දීඝාවුං රට්ඨවඩ්ඪනං, තං දිස්වා ආලපි රාජා එකපුත්තං මනොරමං.
Sinhala BJT3547. ඉක්බිති රට දියුණු කරන්නා වූ දීඝාවු කුමාරයා ගෙනාවෝ ය. රජ තෙමේ, සිය එකම පුතු වූ මනරම් ඒ කුමරා දැක මෙ සේ කීය.
Pali BJT3548. සට්ඨි ගාමසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3548. පුත්‍රය, හැම ලෙසින් ම සම්පූර්‍ණ වූ ගම් සැටදහසක් ඇත. ඒ ගම් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.
Pali BJT3549. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3549. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි.
Pali BJT3550. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
Sinhala BJT3550. සියලු හස්ත්‍යලංකාරයෙන් සරසන ලද රන් පොරොදු ඇත්තා වූ රන්මුවා අබරණින් වසන ලද ශරීර ඇත්තා වූ මාතඞ්ග නම් හස්තීහු සැට දහසක් ඇත්තාහ.
Pali BJT3551. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3551. පුත්‍රය, තෝමර හා අංකුස ගත් අත් ඇති වැ, නැඟුණු ඇතරුවන් ඇති ඒ ඇතුන් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.
Pali BJT3552. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3552. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
Pali BJT3553. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයා ච ජාතියා සින්ධවා සීඝවාහනා.
Sinhala BJT3553. සියලු අශ්වාලංකාරයෙන් සරසන ලද කරුණු නො කරුණු හොඳින් දන්නා වූ සින්‍ධුදේශයෙහි උපන්නා වූ ඉක්මන් ගමන් ඇති අශ්වයෝ සැට දහසක් වෙති.
Pali BJT3554. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3554. පුත්‍රය, ආයුධ හා දුනු දරන අශ්වාරෝහකයන් නැඟුණු ඒ අසුන් භාර ගනුව. තොපට මම රජය පවරාදෙමි.
Pali BJT3555. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3555. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
Pali BJT3556. සට්ඨිරථසහස්සානි සන්නද්ධා උස්සිතද්ධජා, දීපා අථොපි වෙය්යග්ඝා{1} සබ්බාලඞ්කාරභූසිතා.
Sinhala BJT3556. සැරැසූ, ඔසවන ලද ධජ ඇත්තා වූ දිවි සම් හා ව්‍යාඝ්‍ර සමින් වට කරන ලද්දා වූ සියලු අලංකාරයෙන් අලංකාරවත් වූ රිය සැට දහසෙක් ඇත.
Pali BJT3557. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, තෙ පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3557. පුත්‍රය, දුනු ගත් අත් ඇති යුද ඇඳුමින් සැරැසුණු රියැදුරන් නැඟුණු ඒ රථයන් භාරගනුව. තොපට රජය පවරා දෙමි.
Pali BJT3558. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3558. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
Pali BJT3559. සට්ඨිධෙනුසහස්සානි රොහඤ්ඤා පුඞ්ගවූසභා, තා පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3559. පුත්‍රය, රතු පැහැති ප්‍රධාන වෘෂභයකු සහිත ධෙනුහු සැට දහසෙක් ඇත. ඔවුන් භාරගනුව. තොපට රජය පවරාදෙමි.
Pali BJT3560. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3560. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.
Pali BJT3561. සොළසිත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, විචිත්රවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා තා පුත්ත පටිපජ්ජස්සු රජ්ජං නිය්යාදයාමි තෙ.
Sinhala BJT3561. සියලු අලංකාරයෙන් සරසන ලද්දා වූ වස්ත්‍රාභරණ ඇති පලන් මිණිකොඬොලින් යුත් සොළොස් දහසක් ස්ත්‍රීහු ඇත්තාහ. පුත්‍රය, ඔවුන් භාරගනුව. නුඹට රජය පවරාදෙමි.
Pali BJT3562. අජ්ජෙව පබ්බජිස්සාමි කො ජඤ්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම්මෙධො කාමානං වසමන්වගං.
Sinhala BJT3562. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යෙමි යි පියරජ තෙම කීයේ ය.
Pali BJT3563. දහරස්සෙව මෙ තාත මාතා මතාති මෙ සුතං, තයා විනා අහං තාත ජීවිතුම්පි න උස්සහෙ.
Sinhala BJT3563. පියාණන් වහන්ස, මා ළදරු කල්හි මැ මාගේ මව මළා යැයි අසන ලදී. පියාණන් වහන්ස, නුඹ වහන්සේගෙන් වෙන් ව මම ජීවත් වන්නටත් නො සිතමි.
Pali BJT3564. යථා ආරඤ්ඤකං නාගං පොතො අන්වෙති පච්ඡතො, ජෙස්සන්තං{1} ගිරිදුග්ගෙසු සමෙසු විසමෙසු ච.
Sinhala BJT3564. සම වූ ද විසම වූ ද ගිරි දුර්‍ගයන්හි හැසිරෙන්නා වූ වන්‍ය හස්තියකු පසුපසින් ඇත් පැටවෙක් යම්සේ හැසිරේ ද,
Pali BJT3565. එවං තං අනුගච්ඡාමි පුත්තමාදාය ගච්ඡතො, සුභරො තෙ භවිස්සාමි න තෙ හෙස්සාමි දුබ්භරො.
Sinhala BJT3565. එ පරිද්දෙන් මම නුඹ වහන්සේ සමඟ යමි. පුතු ගෙනයන්නා වූ නුඹ වහන්සේට මම සුහර ව (පෝෂණයට පහසු ලෙස) පවතින්නෙමි. නුඹ වහන්සේට පෝෂණය කට නොහැකි පරිදි (දුහර) නො වන්නෙමි යි පුත්‍රයා කීවේ ය.
Pali BJT3566. යථා සාමුද්දිකං නාවං වාණිජානං ධනෙසිනං, වොහාරො තත්ථ ගණ්හෙය්ය වාණිජා බ්යසනී{2} සියා එවමෙව{3} පුත්තකලි අන්තරායකරො මම.
Sinhala BJT3566. ධන සොයන්නා වූ වෙළෙඳුන්ගේ මුහුදු යාත්‍රාවක් ව්‍යවහාරයෙක් (මත්ස්‍ය, රකුස්, දියසුළි ආදී යටට අදනයෙක්) යම්සේ අල්ලා ගනී ද එ විට එහි වෙළෙන්දෝ ව්‍යසනයට පත් වන්නාහු ය. එ මෙන් ම ලාමක පුත්‍රයා මාගේ පැවිද්දට අන්තරාය කරන්නෙකැ යි රජ තෙමේ කීවේ ය.
Pali BJT3567. ඉමං කුමාරං පාපෙථ පාසාදං රතිවඩ්ඪනං, තත්ථ කම්බුසහත්ථායො යථා සක්කංව අච්ඡරා තා නං තත්ථ රමෙස්සන්ති තාහි චෙසො රමිස්සති.
Sinhala BJT3567. අමාත්‍යවරුනි, මේ කුමාරයා ඇලුම් වඩන පහයට ගෙන යවු, එහි ස්වර්‍ණාභරණයෙන් සැරැසුණු ඒ ස්ත්‍රීහු අප්සරාවන් විසින් සිත් අලවනු ලබන ශක්‍රයා මෙන් ඒ කුමරහු එහි අභිරමණය කරවන්නාහ. කුමාර තෙමේ ද ඒ ස්ත්‍රීන් සමඟ අභිරමණය කරන්නේ යැ යි රජ තෙම කීයේ ය.
Pali BJT3568. තතො කුමාරං පාපෙසුං පාසාදං රතිවඩ්ඪනං, තං දිස්වා අවචුං{4} කඤ්ඤා දීඝාවුං රට්ඨවඩ්ඪනං.
Sinhala BJT3568. ඉන් පසු කුමරු ඇලුම් වඩන පහයට පැමිණවූහ. එහි නාටක ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ දීඝාවු නම් ඒ කුමරා දැක මෙසේ කීහ:
Pali BJT3569. දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං.
Sinhala BJT3569. නුඹ වහන්සේ දේවතාවෙක් ද? ගාන්‍ධර්‍වයෙක් ද? නො එසේ නම් පුරින්‍දද නම් ශක්‍රයා වවු ද? නුඹ වහන්සේ කවරෙක් ද? කාගේ පුතෙක් හෝ වවු ද? ඒ කරුණ අපි කෙසේ දැනගනිමු ද?
Pali BJT3570. නම්හි දෙවො න ගන්ධබ්බො නපි{5} සක්කො පුරින්දදො, කාසි රඤ්ඤො අහං පුත්තො දීඝාවු රට්ඨවඩ්ඪනො මමං භරථ භද්දං වො{6} අහං භත්තා භවාමි වො.
Sinhala BJT3570. මම දෙවියෙක් නො වෙමි. ගාන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා නො ද වෙමි. මම වනාහි කසී රජුගේ පුත්‍ර වූ රට දියුණු කරන්නා වූ දීඝාවු නමැත්තෙමි. මා කෙරෙහි රුචි කරවු. නුඹලාට යහපතක් වේවා. මම නුඹලාගේ ස්වාමිපුරුෂයා වන්නෙමි යි කුමාරයා කීවේ ය.
Pali BJT3571. තං තත්ථ අවචුං කඤ්ඤා දීඝාවුං රට්ඨවඩ්ඪනං, කුහිං රාජා අනුප්පත්තො ඉතො රාජා කුහිං ගතො.
Sinhala BJT3571. එහි ඒ ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ ඒ දීඝාවු කුමරාට මෙසේ කීහ: රජ තෙමේ කොහි පැමිණියේ ද? රජ තෙමේ මෙයින් කොහි ගියේ ද?
Pali BJT3572. පඞ්කං රාජා අතික්කන්තො ථලෙ රාජා පතිට්ඨිතො, අකණ්ටකං අගහනං පටිපන්නො මහාපථං.
Sinhala BJT3572. රජ තෙම රාගාදි ක්ලේශ පංකය ඉක්මැවූයේ ය. රජ තෙම පැවිද්ද නම් වූ ගොඩබිම්හි පිහිටියේ ය. රාගාදි කටු නැත්තා වූ ඒ රාගාදියෙන් ගහන නො වූ ස්වර්‍ගමෝක්‍ෂගාමී වූ මහාමාර්‍ගයට රජ තෙම පිළිපන්නේ ය.
Pali BJT3573. අහඤ්ච පටිපන්නොස්මි මග්ගං දුග්ගතිගාමිනං, සකණ්ටකං සගහනං යෙන ගච්ඡන්ති{1} දුග්ගතිං.
Sinhala BJT3573. මම් වනාහි යම් මඟෙකින් දුගතියට යේ නම් රාගාදි කටු සහිත වූ රාගාදියෙන් ගහන වූ ඒ දුගති මඟට පිළිපන්නෙම් වෙමි.
Pali BJT3574. තස්ස තෙ ස්වාගතං රාජා සීහස්සොව ගිරිබ්බජං, අනුසාස මහාරාජ ත්වං නො සබ්බාසමිස්සරොති.
Sinhala BJT3574. මහරජාණන් වහන්ස, ස්වර්‍ණමය ගුහාවකට කේශර සිංහයකුගේ පැමිණීම මෙන් නුඹ වහන්සේගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමෙකි. මහරජාණන් වහන්ස, අපට අනුශාසනා කරන සේක්වා. නුඹ වහන්සේ අප හැමගේ ම අධිපතියහුය.
Pali BJTසොණකජාතකං.
Sinhala BJTසෝණක ජාතක යි.
Pali BJT2. සඞ්කිච්චජාතකං
Sinhala BJT2. සඞ්කිච්ච ජාතකය
Pali BJT3575. දිස්වා නිසින්නං රාජානං බ්රහ්මදත්තං රථෙසභං, අථස්ස පටිවෙදෙසි යස්සාසි අනුකම්පකො.
Sinhala BJT3575. උයන්පල්ලා රාජසභාවෙහි හුන් ශ්‍රේෂ්ඨරථාචාර්‍ය්‍ය වූ බ්‍රහ්මදත්ත රජු දැක අනතුරු ව ඒ රජහට මෙසේ දැන්වී ය: “දේවයන් වහන්ස, නුඹ වහන්සේ යමකුට අනුකම්පා ඇතිසේක් ද,
Pali BJT3576. සඞ්කිච්චායං අනුප්පත්තො ඉසීනං සාධුසම්මතො, තරමානරූපො නිය්යාහි ඛිප්පං පස්ස මහෙසිනං.
Sinhala BJT3576. ඍෂීන් අතුරෙන් මැනැවැයි සම්මත වූ මේ සංකිච්ව නම් තාපස තෙම නුඹ වහන්සේ ගේ උයනට පැමිණියේ වෙයි. එහි වහා යනු මැනැව. නොපමා වැ දැකැගනුව” යි කියා යි.
Pali BJT3577. තතො ච රාජා තරරමානො යුත්තමාරුය්හ සන්දනං, මිත්තාමච්චපරිබ්බූළ්හො අගමාසි රථෙසභො.
Sinhala BJT3577. ඉක්බිති ශ්‍රේෂ්ඨ රථාචාර්‍ය්‍ය වූ ඒ රජ තෙමේ සුදුසු වූ යානාවකට නැඟැ මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලද්දේ වහා ගියේ ය.
Pali BJT3578. නික්ඛිප්ප{2} පඤ්ච කකුධානි කාසීනං රට්ඨවඩ්ඪනො, වාළවීජනිමුණ්හීසං ඛග්ගං ඡත්තඤ්චුපාහනං.
Sinhala BJT3578. කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ රජ තෙම උයන් දොරටුවට පැමිණ වල්විදුනාව ද නළල්පට ද කඩුව ද කුඩය ද උපාහනය ද යන පංචරාජකකුධභාණ්ඩයන් බහාතබා,
Pali BJT3579. ඔරුය්හ රාජා යානම්භා ඨපයිත්වා{3} පච්ඡදං, ආසීනං දායපස්සස්මිං සඞ්කිච්චමුපසඞ්කමි.
Sinhala BJT3579. රජ තෙමේ යානාවෙන් බැස පංචරාජකකුධභාණ්ඩ ඇමතියා අතට දී දායපස්ස නම් උයනේ වැඩහුන් සංකිච්ව තාපසයන් වෙතට එළැඹියේ ය.
Pali BJT3580. උපසඞ්කමිත්වා සො රාජා සම්මොදි ඉසිනා සහ, තං කථං වීතිසාරෙත්වා එකමන්තං උපාවිසි.
Sinhala BJT3580. ඒ රජ තෙමේ ඍෂිවරයා වෙත එළැඹැ ඍෂිවරයා සමඟ සතුටු සාමීචි කථා පැවැත්වී ය. ඒ සතුටු සාමීචි කථාව කොටැ නිමවා එකත් පසෙකැ හිඳගත්තේ ය.
Pali BJT3581. එකමන්තං නිසින්නොව අථ කාලං අමඤ්ඤථ, තතො පාපානි කම්මානි පුච්ඡිතුං පටිපජ්ජථ.
Sinhala BJT3581. එකත් පසෙක හුන්නේ මැ ප්‍රශ්න ඇසීමට කාලය දැනගත්තේ ය. ඉක්බිති පාපකර්‍මයන් විචාරීමට පිළිපන්නේ ය.
Pali BJT3582. ඉසිං පුච්ඡාමි{1} සඞ්කිච්චං ඉසීනං සාධුසම්මතං, ආසීනං දායපස්සස්මිං ඉසිසඞ්ඝපුරක්ඛතං.{2}
Sinhala BJT3582. ඍෂීන් අතුරෙන් මැනැවැ යි සම්මත වූ ඍෂි සමූහයා විසින් පිරිවරන ලදු වැ දායපස්ස නම් උයනෙහි හුන්නා වූ සංකිච්ච නම් ඍෂිවරයා විචාරමි.
Pali BJT3583. කං ගතිං පෙච්ච{3} ගච්ඡන්ති නරා ධම්මාතිචාරිනො, අතිචිණ්ණො මයා ධම්මො තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT3583. දශකුශලධර්‍මය ඉක්මවා හැසිරෙන සත්‍වයෝ උත්පත්ති වශයෙන් පරලෙව්හි දී කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්‍මය ඉක්මවන ලදී. ඒ කරුණ විචාරන ලද්දා වූ මට කියනු මැනැවි.
Pali BJT3584. ඉසී අවච සඞ්කිච්චො කාසීනං රට්ඨවඩ්ඪනං, ආසීනං දායපස්සස්මිං මහාරාජ සුණොහි මෙ.
Sinhala BJT3584. සංකිව්ච ඍෂි තෙමේ කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ, දායපස්ස උයනේ හුන්නා වූ රජුට මෙසේ කීයේ ය. මහරජ, මාගේ වචනය අසව.
Pali BJT3585. උප්පථෙන වජන්තස්ස යො මග්ගමනුසාසති, තස්ස චෙ වචනං කයිරා නාස්ස මග්ගෙය්ය කණ්ටකො.
Sinhala BJT3585. සොරුන්ගෙන් ගැවැසීගත් මඟකින් යන්නහුට යමෙක් නිර්‍භය මාර්‍ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ වචනයත් කරන්නේ නම්, සොරු නමැති කටු ඔහුට හමු නො වන්නේ ය.
Pali BJT3586. අධම්මං පටිපන්නස්ස යො ධම්මමනුසාසති, තස්ස තෙ වචනං කයිරා න සො ගච්ඡෙය්ය දුග්ගතිං.
Sinhala BJT3586. අධර්‍මයෙහි පිළිපන්නහුට යමෙක් ධර්‍මයෙන් අනුශාසනා කෙරේ නම්, ඉදින් ඔහු ඔහුගේ වචනයට අනුව පිළිපදී නම් දුගතියට නො යන්නේ ය.
Pali BJT3587. ධම්මො පථො මහාරාජ අධම්මො පන උප්පථො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං.
Sinhala BJT3587. මහරජ, දශකුශල සංඛ්‍යාත ධර්‍මය තෙම සුගතිගාමී මාර්‍ගය බැවින් නියම මාර්‍ගය වේ. දශ අකුශල සංඛ්‍යාත අධර්‍මය තෙම අපායගාමී මාර්‍ගය බැවින් නොමනා වන්නේ ය. අධර්‍මය තෙම සත්‍වයා නිරයට පමුණුවයි. ධර්‍මය තෙම සත්‍වයා සුගතියට පමුණුවයි.
Pali BJT3588. අධම්මචාරිනො රාජ නරා විසමජීවිනො, යං ගතිං පෙච්ච ගච්ඡන්ති නිරයෙ තෙ සුණොහි මෙ.
Sinhala BJT3588. මහරජ, විසම ජීවිකාවෘත්ති ඇති අධර්‍මචාරී වූ මනුෂ්‍යයෝ පරලෙව්හි දී උත්පත්ති වශයෙන් යම් බඳු ගතියකට යෙද්ද, ඒ නිරයන් ගැන මම නුඹට කියමි. එය අසව.
Pali BJT3589. සඤ්ජීවො කාළසුත්තො ච සඞ්ඝාතො{4} ද්වෙ ච රොරුවා, අථාපරො මහාවීචි තපනො ච පතාපනො.
Sinhala BJT3589. සංජීව නම් නරකය ද කාළසූත්‍ර නම් නරකය ද සංඝාත නම් නරකය ද රොරුව නම් නරක දෙක ද තවද අන්‍ය වූ මහාවීචි නරකය ද තපන නම් නරකය ද පතාපන නම් නරකය ද,
Pali BJT3590. ඉච්චෙතෙ අට්ඨ නිරයා අක්ඛාතා දූරතික්කමා, ආකිණ්ණා ලුද්දකම්මෙහි පච්චෙකා සොළසුස්සදා.
Sinhala BJT3590. යන මේ අටමහා නරකයෝ ඉක්මවාලියැ නො හැක්කාහ යි කියන ලද්දාහ. මෙ කී එක එක නරකයෙක්හි සිවුපසැ සොළස බැගින් උස්‍යද නරකයෝ ද රුදුරු කර්‍මයෙන් ගැවසීගත්තාහු විද්‍යමාන වෙත්.
Pali BJT3591. කදරියතාපනා ඝොරා අච්චිමන්තො මභබ්භයා, ලොමහංසනරූපා ච භෙස්මා පටිභයා දුඛා.
Sinhala BJT3591. ඒ නරකයෝ තද මසුරන් තවන්නෝ යැ. බලවත් දුක් ඇත්තෝ ය. ගිනිසිළු විහිදුවන්නෝ ය. මහත් බිය ඇත්තෝ ය. ලොමුදහගන්නාසුලු ය. බිහිසුණු වූවාහු ය. ප්‍රතිභය ඇත්තාහු ය. දුක් ගෙන දෙන්නාහ.
Pali BJT3592. චතුක්කණ්ණා චතුද්වාරා විභත්තා භාගසො මිතා, අයොපාකාරපරියන්තා අයසා පටිකුජ්ජිතා.
Sinhala BJT3592. කොන් සතරක් ඇත්තාහ. දොර සතරක් ඇත්තාහ. කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාහ. යපවුරෙන් පිරිකෙව් කරන ලද්දාහ. යපියනින් වසන ලද්දාහ.