Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4101-4200 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3403. තුවඤ්හි මාතා ච පිතා ච මය්හං භත්තා පතී පොසකො දෙවතා ච, දාසො අහං තුය්හ සපුත්තදාරො යථා සුඛං සිබ්බ කරොහි කාමං.
Sinhala BJT3403. සිවි රජතුමනි, නුඹ වහන්සේ වනාහි මාගේ මව ද පියා ද ස්වාමියා ද පෝෂණය කරන්නා ද දේවතාවා ද වන්නාහු ය. අඹු දරුවන් සහිත වූ මම වනාහි නුඹ වහන්සේගේ දාසයෙක්මි, නුඹ වහන්සේ සිය කැමැත්තක් සුවසේ කරන සේක් වා.
Pali BJT3404. යො ඉස්සරොම්භීති කාරොති පාපං. කත්වා ච සො නුත්තපතෙ{1} පරෙසං, න තෙන සො ජීවති දීඝමායුං දෙවාපි පාපෙන සමෙක්ඛරෙ නං.
Sinhala BJT3404. යමෙක් මම් අධිපති වෙමැ යි පව්කම් කෙරේ ද, පව් කොට අනුන්ගේ අපවාදයට බිය නොවේ ද, හෙ තෙම ඒ කර්‍මයෙන් දිගු කලක් ජීවත් නො වේ. දෙවියෝ ද ඔහු ලාමක වශයෙන් සලකත්.
Pali BJT3405. අඤ්ඤාතකං සාමිකෙහී පදින්නං ධම්මෙ ඨිතා යෙ පටිච්ඡන්ති දානං, පටිච්ඡකා දායකා චාපි තත්ථ සුඛප්පඵලඤ්ඤෙව කරොන්ති කම්මං.
Sinhala BJT3405. මහරජ, අන්සතු වූ ඒ ස්වාමීන් විසින් දෙන ලද්දා වූ දානයක් ධර්‍මයෙහි පිහිටියා වූ යම් කෙනෙක් පිළිගනිද් ද, එහි දායකයෝත් ප්‍රතිග්‍රාහකයෝත් සැප විපාක ඇත්තා වූ ම කර්‍මයක් කරත්.
Pali BJT3406. අඤ්ඤො නු තෙ කොචි නරො පඨබ්යා සද්දහෙය්ය{2} ලොකස්මිං න මෙ පියාති, භුසො ච ත්යස්ස මනසො විඝාතො දත්වා පියං උම්මදන්තිං අදිට්ඨා.{3}
Sinhala BJT3406. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තී ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
Pali BJT3407. අද්ධා පියා මය්හ ජනින්ද එසා න සා මම{4} අප්පියා භූමිපාල, යන්තෙ මයා උම්මදන්තී පදින්නා භුසෙහි රාජා වනථං සජාහි.
Sinhala BJT3407. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන්ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාම පරිළාහයෙන් යුත් සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත් වා.
Pali BJT3408. යො අත්තදුක්ඛෙන පරස්ස දුක්ඛං සුඛෙන වා අත්තසුඛං දහාති, යථෙවිදං මය්හ තථා පරෙසං යො එවං ජානාති සවෙදි ධම්මං.
Sinhala BJT3408. යමෙක් තමහට වූ දුකින් අනුන්ගේ දුකක් හෝ අනුන්ගේ සුවයෙන් තමහට සුවයක් හෝ පිහිටුවා ද මෙය මට යම්සේ වේ ද අනුන්ටත් එසේ ම යයි දනී ද, හෙ ධර්‍මය දන්නෙකි.
Pali BJT3409. අඤ්ඤො නු තෙ කොචි නරො පඨබ්යා සද්දහෙය්ය ලොකස්මිං න මෙ පියාති, භුසො ච ත්යස්ස මනසො විඝාතො දත්වා පියං උම්මදන්තිං අදිට්ඨා.
Sinhala BJT3409. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තිය ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
Pali BJT3410. ජනින්ද ජානාසි පියා මමෙසා න සා මමං අප්පියා භූමිපාල, පියෙන තෙ දම්මි පියං ජනින්ද පියදායිනො දෙව පියං ලභන්ති.
Sinhala BJT3410. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය යයි දන්නෙහි ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. ජනාධිපති රජතුමනි, මට ප්‍රිය වූවකින් ඔබට ප්‍රිය වූවක් දෙමි. දේවයන් වහන්ස, ප්‍රිය දේ දෙන්නෝ ප්‍රිය දේ ලබති.
Pali BJT3411. සො නූනාහං වධිස්සාමි අත්තානං කාමහෙතුකං, නහි ධම්මං අධම්මෙන අහං විධිතුමුස්සහෙ.
Sinhala BJT3411. ඒකාන්තයෙන් ඒ මම කාම හේතුක වූ අයුත්තක් කොට තමන්ට හිංසා නො කරන්නෙමි. මම වනාහි අධර්‍මයෙන් ධර්‍මය නසන්නට උත්සාහ නො කරමි.
Pali BJT3412. සචෙ තුවං මය්හ සතිං ජනින්ද න කාමයාසි නරවීරසෙට්ඨ, චජාමි නං සබ්බජනස්ස සිබ්බ මයා පමුතතං තතො අව්හයෙසි නං.
Sinhala BJT3412. ජනාධිපති වූ නරශ්‍රේෂ්ඨය, ඉදින් නුඹ වහන්සේ මාගේ ඒ බිරිඳ නො කැමැත්තාහු නම්, සිවි රජතුමනි, මම ඇය හැම දෙනාට ම සාධාරණ වන ලෙස හැර දමමි. ඉන්පසු මා විසින් හැර දමන ලද ඇය කැඳවා ගනු මැනවි.
Pali BJT3413. අදූසියං චෙ අහිපාරක ත්වං චජාසි කත්තෙ අහිතාය ත්යස්ස, මහා{1} ච තෙ උපවාදොපි අස්ස න චාපි ත්යස්ස නගරම්හි පක්ඛො.
Sinhala BJT3413. හිතකාරී වූ අහිපාරකය, නුඹ දූෂ්‍ය නොකටයුතු වූ ඇය හැර දමන්නෙහි නම්, එය තොපට අහිත පිණිස වන්නේ ය. තොපට මහත් වූ අපවාදයෙක් ද වන්නේ ය. නගරයෙහි ද ජනයා තොපට පක්‍ෂ නො වන්නේ ය.
Pali BJT3414. අහං සභිස්සං උපවාදමෙතං නින්දං පසංසං ගරහඤ්ච සබ්බං, මමෙතමාගච්ඡතු භූමිපාල යථා සුඛං සිබ්බ{2} කරොහි කාමං.
Sinhala BJT3414. සිවි මහරජතුමනි, මේ දෝෂය ද, නින්‍දාව ද, ප්‍රශංසාව ද, ගර්‍හාව ද යන සියල්ල ම මම ඉවසන්නෙමි. භූමිපාලය, මේ සියල්ල මා කරා ඒවා. නුඹ වහන්සේගේ කැමැත්තක් සුවසේ කරනු මැනවි.
Pali BJT3415. යො නෙව නින්දං න පුනප්පසංසං{3} ආදීයති ගරහං නොපි පූජං, සිරී ච ලක්ඛී ච අපෙති තම්හා ආපො සුවුට්ඨිව යථා ථලම්භා.
Sinhala BJT3415. යමෙක් නින්‍දාව නොපිළිගනී ද යළි ප්‍රශංසාවත් නොපිළිගනී ද ගැරහීම නොපිළිගනී ද පූජාවත් නොපිළිගනී ද, ඔහු කෙරෙන් ඓශ්වර්‍ය්‍ය සංඛ්‍යාත ශ්‍රියත් ප්‍රඥා සංඛ්‍යාත ලක්‍ෂමියත් ගොඩබිමින් ලිස්සා යන වර්‍ෂා ජලයක් මෙන් පහව යේ.
Pali BJT3416. යං කිඤ්චි දුක්ඛං ච සුඛඤ්ච එත්තො ධම්මාතිසාරඤ්ච මනොවිඝාතං, උරසා අහං පටිච්ඡිස්සාමි සබ්බං පඨවී යථා ථාවරානං තසානං.
Sinhala BJT3416. මෙපමණකින් යම්කිසි දුකක් හෝ සැපයක් හෝ ධර්‍මය ඉක්ම යාමක් හෝ චිත්තසන්තාපයක් හෝ සිදු වන්නේ නම් රහතුන්ගේ ද පුහුදුනන්ගේ ද සියල්ල පිළිගන්නා මහපොළොව මෙන් මම් ඒ සියල්ල පිළිගනිමි.
Pali BJT3417. ධම්මාතිසාරඤ්ච මනොවිඝාතං දුක්ඛං ච නිච්ඡාමි අහං පරෙසං, එකොපිමං තාරයිස්සාමි භාරං ධම්මෙ ඨිතො කඤ්චි අහාපයන්තො.
Sinhala BJT3417. මම අනුන්ගේ ධර්‍මය ඉක්මවා යෑමද චිත්තසන්තාපය ද කායික දුක ද නො කැමැත්තෙමි. මම් ධර්‍මයෙහි පිහිටියෙම් කිසිවකු නො පිරිහෙළන්නේ හුදෙකලා ව මේ දුඃඛභාරය එතෙර කරන්නෙමි (යි රජ තෙම කීවේ ය.)
Pali BJT3418. සග්ගූපගං පුඤ්ඤකම්මං ජනින්ද මා මෙ තුවං අන්තරායං අකාසි, දදාමි තෙ උම්මදන්තිං පසන්නො රාජාව යඤ්ඤං{1} ධනං බ්රාහ්මණානං.
Sinhala BJT3418. ජනාධිපතිතුමනි, නුඹ වහන්සේ මාගේ ස්වර්‍ගගාමී වූ පින්කමට අනතුරක් නො කළහු ය. මම නුඹ වහන්සේහට පහන් සිතැත්තෙමි. රජ කෙනකුන් බමුණනට යාග සඳහා දෙන ධනයක් මෙන් උම්මදන්තිය දෙමි (යි ඇමති තෙම කීවේ ය.)
Pali BJT3419. අද්ධා තුවං කතෙන හිතොසි මය්හං සඛා මම උම්මදන්තී තුවඤ්ච, නින්දෙය්යු දෙවා පිතරො ච සබ්බෙ පාපඤ්ච පස්සං අභිසම්පරායං.
Sinhala BJT3419. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්ති ද, නුඹ ද, මාගේ යහළුවෝ ය. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද සියලු රට වැස්සෝ ද යන සියල්ලෝම නින්‍දා කරන්නාහ. පරලෙව්හි විපාක දෙන්නා වූ පාපයක් ද දකිමි.
Pali BJT3420. නහෙතං ධම්මං සිවිරාජ වජ්ජුං සනෙගමා ජානපදා ච සබ්බෙ, යන්තෙ මයා උම්මදන්තී පදින්නා භුසෙහි රාජා වනථං සජාහි.
Sinhala BJT3420. සිවි රජතුමනි, නියම්ගම් වැස්සන් සහිත සියලු දනවු වැසියෝ ම මා විසින් නුඹ වහන්සේහට උම්මදන්තී දෙන ලද්දී ය යන මෙය අධර්‍මයකැ යි නො කියන්නෝ ය. එබැවින් රජ තෙම ඒ කාමතෘෂ්ණාව දියුණු කෙරේවා (නොරුස්නාහු නම් මාහට ම) දෙනු මැනවි. (ඇමති තෙම කීවේ ය.)
Pali BJT3421. අද්ධා තුවං කත්තෙ හිතොසි මය්හං සඛා මම උම්මදන්තී තුවඤ්ච, සතඤ්ච ධම්මානි සුකිත්තිතානි සමුද්දවෙලාව දුරච්චයානි.
Sinhala BJT3421. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්තී ද නුඹ ද මාගේ යහළු වෝ ය. මනා කොට ප්‍රකාශ කරන ලද්දා වූ සත් පුරුෂ ධර්‍මයෝ මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කෝ වෙති.
Pali BJT3422. ආහුනෙය්යො මෙසි හිතානුකම්පී ධාතා විධාතා චසි කාමපාලො, තයි හුතා දෙව මහප්ඵලා හි කාමෙන මෙ උම්මදන්තිං පටිච්ඡ.
Sinhala BJT3422. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වනාහි මාගේ පිදිය යුත්තාද වන්නාහු ය. හිතානුකම්පා ඇත්තා ද වන්නාහු ය. විධාන කරන්නා ද කැමති දෑ පාලනය කරන්නා ද වන්නාහු ය. එහෙයින් නුඹ වහන්සේ කෙරෙහි පුදන ලද්දී මහත් ඵල වන්නී ය. මාගේ කැමැත්තෙන් උම්මදන්තිය පිළිගනු මැනැවැ යි (ඇමති තෙම කීවේ ය.)
Pali BJT3423. අද්ධා හි සබ්බං අහිපාරක ත්වං ධම්මං අචාරි මම කත්තුපුත්ත, අඤ්ඤො නු තෙ කො ඉධ සොත්ථිකත්තා දිපදො නරො අරුණෙ ජිවලොකෙ.
Sinhala BJT3423. කත්තු නමැත්තහුගේ පුත්‍ර වූ අහිපාරකය, නුඹ එකැතින් ම මට හිතකර වූ හැම දහමෙක්හි ම හැසුරුණෙහි ය. (හෙට) අරුණ නැගි කල්හි මේ මිනිස් ලොව දෙපා ඇත්තා වූ අන් කවර නම් රජෙක් නුඹට යහපතක් කරන්නේ දැ යි (ඔහු නිහඬ කිරීම පිණිස රජ තෙමේ ඇසී ය.)
Pali BJT3424. තුවං නු සෙට්ඨො ත්වමනුත්තරොසි ත්වං ධම්මගුත්තො ධම්මවිදූ සුමෙධො, සො ධම්මගුත්තො චිරමෙව ජීව ධම්මඤ්ච මෙ දෙසය ධම්මපාල.
Sinhala BJT3424. මහරජතුමනි, නුඹ වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නාහු ය. උතුම් වන්නාහු ය. නුඹ වහන්සේ ධර්‍මය රක්නහු ය. ධර්‍මය දන්නහු ය. මනා නුවණැත්තහු ය. ධර්‍මය රක්නා වූ ඒ නුඹ වහන්සේ බොහෝ කලක් ජීවත්වන සේක් වා. ධර්‍මය රක්නා වූ දේවයන් වහන්ස, මට ධර්‍මය ද දෙසන සේක් වා.
Pali BJT3425. තදිඞ්ඝ අහිපාරක සුණොහි වචනං මම, ධම්මන්තෙ දෙසයිස්සාමි සතං ආසෙවිතං අහං.
Sinhala BJT3425. අහිපාරකය, එසේ නම් මාගේ වචනය අසව, මම බුද්ධාදි සත්පුරුෂයන් විසින් සෙවුනා ලද ධර්‍මය තොපට දෙසන්නෙමි.
Pali BJT3426. සාධු ධම්මරුචී රාජා සාධු පඤ්ඤාණවා නරො, සාධු මිත්තානමද්දුබ්භො පාපස්සාකරණං සුඛං.
Sinhala BJT3426. දහම් කැමති වන්නා වූ රජ තෙම යහපත් වේ. නුවණැති මිනිස් තෙම යහපත් වේ. මිතුරන්ට ද්‍රෝහ නො කරන්නා යහපත් වේ. පාපයා ගේ නො කිරීම සුවයට කරුණු වේ.
Pali BJT3427. අක්කොධනස්ස විජිතෙ ඨිතධම්මස්ස රාජිනො, සුඛං මනුස්සා ආසෙථ සීතච්ඡායාය සඞ්ඝරෙ.
Sinhala BJT3427. නොකිපෙනසුලු වූ ධර්‍මයෙහි පිහිටි රජුගේ නුවර මනුෂ්‍යයෝ දූපුතුන් නෑමිතුරන්ගේ සිහිල් සෙවණැති, නොදැහැමි බිලියම් ආදියෙන් පීඩිත නොවූ සිය ගේදොර ඇත්තාහු සුවසේ වෙසෙත්.
Pali BJT3428. න චාහමෙතං අභිරොචයාමි කම්මං අසමෙක්ඛ කතං අසාධු, යෙවාපි ඤත්වාන සයං කරොන්ති උපමා ඉමා මය්හ තුවං සුණොහි.
Sinhala BJT3428. අපරීක්‍ෂාවෙන් කරන ලද මේ කර්‍මය ද මම කැමති නො වෙමි. යම් කෙනෙක් (තුමූ) සොයා දැන කටයුතු කෙරෙත් නම් එය කැමැත්තෙමි, මාගේ මේ උපමාවන් නුඹ අසව.
Pali BJT3429. ගවඤ්චෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හං ගතෙ සති.
Sinhala BJT3429. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක් වැ යේ නම්, පෙරටුව යන්නා වක් ව ගිය කල්හි ඒ මුළු ගව රැළ ම වක්ව යෙද්ද.
Pali BJT3430. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම්මිකො.
Sinhala BJT3430. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ තෙම අධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ නොදැහැමි නම් මුළු රට ම දුකසේ වෙසෙයි.
Pali BJT3431. ගවඤ්චෙ තරමානානං උජුං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා උජුං ගච්ඡන්ති නෙත්තෙ උජුගතෙ සති.
Sinhala BJT3431. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටු ව යන ගව තෙම ඍජු ව යේ නම් පෙරටු ව යන්නා ඍජුව ගිය කල්හි ඒ මුළු ගව රැළම ඍජු ව යෙද්ද.
Pali BJT3432. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙපි ධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම්මිකො.
Sinhala BJT3432. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ ධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.
Pali BJT3433. න චාපහං අධම්මෙන අමරත්තමහිපත්ථයෙ, ඉමං වා පඨවිං සබ්බං විජෙතුං අහිපාරක.
Sinhala BJT3433. අහිපාරකය, මම ද නොදැහැමින් දේවත්‍වය නො පතන්නෙමි. මේ මුළු පොළොව හෝ දිනන්නට නො කැමැත්තෙමි.
Pali BJT3434. යං හි කිඤ්චි මනුස්සෙසු රතනං ඉධ විජ්ජති, ගාවො දාසො හිරඤ්ඤඤ්ච වත්ථියං හරිචන්දනං.
Sinhala BJT3434. මෙලොව මිනිසුන් කෙරෙහි ගව – දැසි – අමුරන් – වස්ත්‍ර රත් සඳුන් යන යම්කිසි රත්න ජාතියක් විද්‍යමාන වේ ද,
Pali BJT3435. අස්සිත්ථියො ච රතනං මණිකඤ්ච යඤ්චාපි මෙ චන්දසුරියාභිපාලයන්ති, න තස්ස හෙතු විසමං චරෙය්ය මජ්ඣෙ සිවීනං උසභොස්මි ජාතො
Sinhala BJT3435. අශ්වයෝ ද, ස්ත්‍රීහු ද, සප්තවිධ මාණික්‍යරත්න ද මහ ඇඟි භාණ්ඩ ද යන යමකුත් මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ එළිය කරමින් රකිත් ද, ඒ සක්විති රජය හේතුකොට ගෙන ද විෂම ව නො හැසිරෙමි. යම් හෙයකින් මම සිවි රජුන් අතර ශ්‍රේෂ්ඨ ව උපන්නෙම් ද, එහෙයිනි.
Pali BJT3436. නෙතා පිතා උග්ගතො රට්ඨපාලො ධම්මං සිවීනං අපචායමානො, සො ධම්මමෙවානුවිචින්තයන්තො තස්මා සකෙ චිත්තචසෙ න වත්තෙ.
Sinhala BJT3436. මම වනාහි නායකයෙක් ද, පියෙක් ද, ප්‍රසිද්ධ කෙනෙක් ද රට පාලනය කරන්නෙක් ද, සිවි රජුන්ගේ ධර්‍මය ගරු කරන්නෙක් ද වෙමි. ඒ මම ඒ ධර්‍මය අනුව ම සිතන්නෙමි. එහෙයින් තමන්ගේ චිත්ත වසයෙහි නො පවතිමි යි (රජ තෙම කීවේ ය.)
Pali BJT3437. අද්ධා තුවං මහාරාජ නිච්චං අබ්යසනං සිවං, කරිස්සසි චිරං රජ්ජං පඤ්ඤා හි තව තාදිසී.
Sinhala BJT3437. මහරජ, ඒකාන්තයෙන් නුඹ වහන්සේ නිතරම විපත්ති රහිත ව නිර්‍භය ව බොහෝ කලක් රජය කරවන්නාහු ය. යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රඥාව එබඳු වන්නී ද එහෙයිනි.
Pali BJT3438. එතං තෙ අනුමොදාමි යං ධම්මං නප්පමජ්ජසි, ධම්මං පමජ්ජ ඛත්තියො ඨානා චවති ඉස්සරො.
Sinhala BJT3438. ධර්‍මයෙහි ප්‍රමාද නො වව යි යම් බඳු ධර්‍මයක් ප්‍රකාශ කෙළෙහි ද, නුඹගේ මේ ධර්‍මයට මම සන්තෝෂ වෙමි. අධිපති ක්‍ෂත්‍රිය තෙම ධර්‍මයෙහි ප්‍රමාද වී ස්ථානයෙන් චුත වේ.
Pali BJT3439. ධම්මං චර මහාරාජ මාතාපිතුසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3439. ක්‍ෂත්‍රිය මහරජ, මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මව්පියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3440. ධම්මං චර මහාරාජ පුත්තදාරෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3440. ක්‍ෂත්‍රිය මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව මහරජ, මෙලොව අඹුදරුවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3441. ධම්මං චර මහාරාජ මිත්තාමච්චෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3441. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3442. ධම්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3442. මහරජ, බළ සේනාවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව බළ සේනාවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3443. ධම්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3443. මහරජ, ගම් නියම්ගම් වැසියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ ගම් නියම්ගම් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිතධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3444. ධම්මං චර මහාරාජ රට්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3444. මහරජ, රට වැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි ද, දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව රටවැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3445. ධම්මං චර මහාරාජ සමණබ්රාහ්මණෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3445. මහරජ, මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මහණ බමුණන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3446. ධම්මං චර මහාරාජ මිගපක්ඛීසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3446. ක්‍ෂත්‍රිය මහරජ, මෘගපක්‍ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ මෘගපක්‍ෂීන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නේ ය.
Pali BJT3447. ධම්මං චර මහාරාජ ධම්මො චිණ්ණො සුඛාවහො, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3447. මහරජ, දැහැමින් හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙමේ සැප ගෙනදෙන්නේ වෙයි. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යව.
Pali BJT3448. ධම්මං චර මහාරාජ සඉන්දා දෙවා සබ්රහ්මකා, සුචිණ්ණෙන දිවං පත්තා මා ධම්මං රාජ පමාදොති.
Sinhala BJT3448. මහරජ, දැහැමින් හැසිරෙව. ශක්‍රයා සහිත දෙවියෝත් මහාබ්‍රහ්මයා සහිත සෙසු බ්‍රහ්මයෝත් මොනොවට පුරුදු කරන ලද ධර්‍මය කරණ කොට ගෙන දෙව්ලොවට පැමිණෙන්නාහු ය. මහරජ, ධර්‍මයෙහි ලා ප්‍රමාද වන්නෙක් නො වව. (මෙසේ අහිපාරක නම් සෙනෙවි තෙම රජහට ධර්‍ම දේශනා කෙළේ ය).
Pali BJTඋම්මාදන්තී ජාතකං.
Sinhala BJTඋම්මාදන්තී ජාතක යි.
Pali BJT3. මහාබොධිජාතකං.
Sinhala BJT3. මහාබෝධි ජාතකය
Pali BJT3449. කින්නු දණ්ඩං කිමජිනං කිං ඡත්තං කිං උපාහනං, කිං අඞ්කුසඤ්ච පත්තඤ්ච සඞ්ඝාටිඤ්චාපි බ්රාහ්මණ තරමානරූපො ගණ්හාසි කන්නු පත්ථයසෙ දිසං.
Sinhala BJT3449. ස්වාමීනි, තවුස් බ්‍රාහ්මණයන් වහන්ස, නුඹ වහන්සේ කවර හෙයින් දණ්ඩක් ගත්තහු ද? කුමක් හෙයින් වෙලෙවි වැ අඳුන් දිවිසමත්, කුඩයත්, උවහනත්, අකුස්සත්, පාත්‍රයත්, සංඝාටියත් ගත්තහු ද? කවර නම් දිසාවකට වැඩම කරනු කැමැත්තහුදැයි (රජ තෙම ඇසුවේ ය.)
Pali BJT3450. ද්වාදසෙතානි වස්සානි වුසිතානි තවන්තිකෙ, නාභිජානාමි සොණෙන පිඞ්ගලෙනාභිකුජ්ජිතං.
Sinhala BJT3450. මහරජ, මේ දොළොස් වසක් නුඹ සමීපයෙහි වසන ලදී. එහෙත් පිංගල නම් වූ නුඹගේ සුනඛයා විසින් කරන ලද මෙබඳු මහත් ශබ්දයක් ගැන නො දනිමි.
Pali BJT3451. ස්වායං දිත්තොව නදති සුක්කදාඨං විදංසයං, තව සුත්වා සභරියස්ස වීතසද්ධස්ස මං පති.
Sinhala BJT3451. ඒ මේ සුනඛ තෙම, මා කෙරෙහි පහව ගිය ශ්‍රද්ධා ඇති භාර්‍ය්‍යාව සහිත නුඹගේ (මා මැරවීමට කළ) කථාව අසා සුදු දළ විහිදුවමින් එඩිතරයකු මෙන් (ඔබ මෙහි එන්නේ කිම? රජු විසින් ඔබ මරනු පිණිස අණ කරන ලද බව නොදන්නා සේක්දැයි අඟවමින්) නාදකරයි. (බුරයි).
Pali BJT3452. අහු එස කතො දොසො යථා භාසසි බ්රාහ්මණ, එස භිය්යො පසීදාමි වස බ්රාහ්මණ මාගමා.
Sinhala BJT3452. තාපසයාණන් වහන්ස, යම්සේ කියන්නාහු නම් ඒ දෝෂය අප විසින් කරන ලද්දේය. මම දැන් වැඩියක් පහන් වෙමි. තාපසයන් වහන්ස, මෙහි ම වසනු මැන. නො වඩිනු මැනවැයි (රජ තෙම කීවේ ය.)
Pali BJT3453. සබ්බසෙතො පුරෙ ආසි තතොපි සබලො අහු, සබ්බලොහිතකොදානි කාලො පක්කමිතුං මම.
Sinhala BJT3453. මහරජ, පළමුවෙන් (නුඹගේ ගෙහි මට දුන් බත) සුදු විය. (හෙදකයන්ගේ වචන වලින් පසුව) මිශ්‍ර විය. දැන් ලේ වන් විය. එබැවින් මට බැහැර යෑමට දැන් කාලය පැමිණ තිබේ.
Pali BJT3454. අබ්භන්තරං පුරෙ ආසි තතො මජ්ඣෙ තතො බහි, පුරා නිද්ධමනා හොති සයමෙව වජාමහං.
Sinhala BJT3454. මහරජ, පළමු මට දුන් අසුන රජ මැදුර තුළ විය. ඉන්පසු මධ්‍යයෙහි (හිණිහිස) ය. ඉන්පසු පිටත්හිය. නැවත ගෙලෙහි ගෙන ඇද දමීමට පෙර මම තෙමේම යන්නෙමි.
Pali BJT3455. වීතසද්ධං න සෙවෙය්ය උදපානංව නොදකං, සචෙපි නං අනුඛණෙ වාරිකද්දමගන්ධිකං.
Sinhala BJT3455. පහව ගිය ශ්‍රද්ධා ඇත්තහු දිය නැති ලිඳක් මෙන් සේවනය නො කරන්නේ ය. ඉදින් එය නැවත සාරන්නේ නම් මඩ ගඳින් යුත් ජලය ඇති වන්නේ ය. (එමෙන් පහ වූ ශ්‍රද්ධා ඇත්තහු ඇසුරු කරන්නා ලබන ප්‍රත්‍යය මඳ වූයේ ද රූක්‍ෂ වූයේ ද වෙයි. එහෙයින් පරිභෝගයට නුසුදුසු වන්නේ ය.)
Pali BJT3456. පසන්නමෙව සෙවෙය්ය අප්පසන්නං විවජ්ජයෙ, පසන්නං පයිරුපාසෙය්ය රහදංවොදකත්ථිකො.
Sinhala BJT3456. පිහිටි ශ්‍රද්ධා ඇත්තහු ම සේවනය කරන්නේ ය. නො පහන් වූවහු දුරු කරන්නේ ය. දිය කැමැත්තහු ගැඹුරු මහ විලක් මෙන් (පැවිද්දා ද) සැදැහැත්තකු ම ඇසුරු කරන්නේ ය.
Pali BJT3457. භජෙ භජන්තං පුරිසං අභජන්තං න භජ්ජයෙ,{1} අසප්පුරිසධම්මො සො යො භජන්තං න භජ්ජති.{2}
Sinhala BJT3457. තමා භජනය කරන්නකු තෙමේ භජනය කරන්නේය. තමා භජනය නො කරන්නකු (පසමිතුරකු) තෙමේ භජනය නො කරන්නේ ය. තමා කෙරෙහි ඉත සිතින් භජනය කරන්නකු යමෙක් භජනය නොකෙරේ නම් හේ අසත්පුරුෂ ධර්‍ම ඇත්තෙකි.
Pali BJT3458. යො භජන්තං න භජති සෙවමානං න සෙවති, ස වෙ මනුස්සපාපිට්ඨො මිගො සාඛස්සිතො යථා.
Sinhala BJT3458. යමෙක් තමා භජනය කරන්නකු භජනය නො කෙරේ ද සේවනය කරන්නකු සේවනය නො කෙරේ ද හෙතෙම ගස්වල අතු ඇසුරු කළ වඳුරකු මෙන් ඒකාන්තයෙන් මිනිස් පවිටෙකි.
Pali BJT3459. අච්චාභික්ඛණසංසග්ගා අසමොසරණෙන ච, එතෙන මිත්තා ජීරන්ති අකාලෙ යාචනාය ච.
Sinhala BJT3459. අධික වූ නිතර ආශ්‍රයෙන් ද එක්ව නො හැසිරීමෙන් ද නො කල්හි ඉල්ලීමෙන් ද යන මේ කරුණින් මිත්‍රයෝ දිරත්. (මිතුරු බව නැතිවේ.)
Pali BJT3460. තස්මා නාභික්ඛණං ගච්ඡෙ න ච ගච්ඡෙ චිරාචිරං, කාලෙන යාචං යාචෙය්ය එවං මිත්තා න ජීයරෙ.
Sinhala BJT3460. එහෙයින් නිතර නො එළඹෙන්නේය. ඉබොහෝ කලකින් ද නො එළඹෙන්නේය. සුදුසු කල්හි ඉල්ලිය යුත්තක් ඉල්ලන්නේ ය. මෙසේ ඇති කල්හි මිත්‍රයෝ නො දිරත්. (මිතුරු බව නොනැසී පවතී.)
Pali BJT3461. අතිචිරං නිවාසෙන පියො භවති අප්පියො, ආමන්ත ඛො තං ගච්ඡාම පුරා තෙ හොම අප්පියා.
Sinhala BJT3461. ඉබොහෝ කලක් එකට විසීමෙන් ප්‍රිය තැනැත්තේත් අප්‍රිය වේ. එහෙයින් තොපට මා අප්‍රිය වන්නට පෙර තොප (හා) කථා කොට යන්නෙමි. (තාපස තෙම කීයේ ය.)
Pali BJT3462. එවං චෙ{3} යාචමානානං අඤ්ජලිං නාවඛුජ්ඣසි, පරිචාරකානං සත්තානං වචනං න කාරොසි නො එවං තං අභියාචාම පුන කයිරාසි පරියායං.
Sinhala BJT3462. ස්වාමීනි, මෙලෙසින් අයැද සිටින්නා වූ අපගේ අඤ්ජලී ප්‍රණාමය නුඹ වහන්සේ නොපිළිගන්නාහු නම් සමීපචාරී වූ අපගේ කීම නො කරන්නාහු නම් යළි මෙහි එක්වරක් පැමිණීම (පමණක්) කරනු මැනව.
Pali BJT3463. එවං චෙ නො විහරතං අන්තරායො න හෙසස්ති, තුම්හං චාපි{4} මහාරාජ අම්හං{5} වා රට්ඨවඩ්ඪන අප්පෙවනාම පස්සෙම{6} අහොරත්තානමච්චයෙ.
Sinhala BJT3463. රට වඩන්නා වූ මහරජ, ඉදින් මෙසේ (වෙන්ව) වාසය කරන්නා වූ තොපට ද අපට ද යන අප දෙදෙනාට කිසියම් අන්තරායෙක් නොවන්නේ නම් කල්යෑමෙන් දක්නෙමු නම් ඉතා යෙහෙකි.
Pali BJT3464. උදීරණා චෙ සඞ්ගත්යා භාවාය මනුවත්තති, අකාමා අකරණීයං වා කරණීයං වාපි කුබ්බති අකාමකරණීයස්මිං{1} ක්විධ පාපෙන ලිප්පති{2}.
Sinhala BJT3464. ඉදින් ලෝ වැසි තෙම එක්වීමෙන් හා ස්වභාවයෙන් සුවදුක් අනුව පවත්නේ (ඒ ඒ තන්හි සුව දුක් විඳින්නේ) නො කැමැත්තෙන් වුවද නොකටයුතු පාප කර්‍මයක් හෝ කටයුතු කුශල කර්‍මයක් හෝ කෙරෙයි යනු තොපගේ කීම නම් මෙසේ නොකැමැත්තෙන් (ස්වාභාවිකව) කරන මේ ක්‍රියාවෙහි කවරෙක් නම් ඒ පාපකර්‍මයෙන් බැඳේ ද?
Pali BJT3465. සො චෙ අත්ථො ච ධම්මො ච කල්යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච්චං සුහතො වානරො මයා.
Sinhala BJT3465. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මයද (අහේතුක වාදය) යහපත් වේ නම්, ලාමක නොවේ නම්, භවත්හුගේ වචනය සත්‍යවේ නම්, ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ කවර වරදෙක් ද?)
Pali BJT3466. අත්තනො චෙ හි වාදස්ස අපරාධං විජානියා, න මං ත්වං ගරහෙය්යාසි භොතො වාදො හි තාදිසො.
Sinhala BJT3466. ඉදින් තමාගේ වාදයෙහි අපරාධය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහිය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)
Pali BJT3467. ඉස්සරො සබ්බලොකස්ස සචෙ කප්පෙති{3} ජීවිතං, ඉද්ධිබ්යසනභාවඤ්ච කම්මං කල්යාණපාපකං නිද්දෙසකාරී පුරිසො ඉස්සරො තෙන ලිප්පති.
Sinhala BJT3467. ඉදින් (යම් ඒ) ඊශ්වරයෙක් මුළු ලෝකයාගේ දිවි පැවැත්ම සංවිධානය කෙරේ ද, දියුණුව හා පිරිහීමත් කුශල හා අකුශල කර්‍මත් කරන්නේ ද, (කර්‍මකාරී) පුරුෂයා ඒ ඊශ්වරයාගේ අණ ඉටුකරන්නෙකි. ඊශ්වරයා ඒ පාපකර්‍මයෙන් බැඳේ.
Pali BJT3468. සො චෙ අත්ථො ච ධම්මො ච කල්යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච්චං සුහතො වානරො මයා.
Sinhala BJT3468. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (ඊශ්වර නිර්‍මාණ වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කවරෙක් ද?)
Pali BJT3469. අත්තනො චෙ හි වාදස්ස අපරාධං විජානියා, න මං ත්වං ගරහෙය්යාසි භොතො වාදො හි තාදිසො.
Sinhala BJT3469. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳුයි (තාපස තෙම කීවේ ය.)
Pali BJT3470. සචෙ පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං නිගච්ඡති, පොරාණකං කතං පාපං තමෙසො මුඤ්චතෙ ඉණං පොරාණකඉණමොක්ඛො ක්විධ පාපෙන ලිප්පති.
Sinhala BJT3470. ඉදින් සත්‍ව තෙම පෙරකළ කර්‍ම හේතුකොට ගෙන සුව දුක් දෙකට පැමිණෙයි ද, පුරාකෘත පාපසංඛ්‍යාත ඒ ණය මුදා ද, එසේ ඇති කල්හි මාගේ ද මෙය පුරාණ ණයෙන් මිදීම වේ. මෙහිලා කවරෙක් පාප කර්‍මයෙන් බැඳේ ද?
Pali BJT3471. සො චෙ අත්ථො ච ධම්මො ච කල්යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච්චං සුහතො වානරො මයා.
Sinhala BJT3471. තොප විසින් ප්‍රකාශ කරන ලද ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (පුබ්බේකතහේතු වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කුමක් ද?)
Pali BJT3472. අත්තනො චෙ හි වාදස්ස අපරාධං විජානියා, න මං ත්වං ගරහෙය්යාසි භොතො වාදො හි තාදිසො.
Sinhala BJT3472. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි. (තාපස තෙම කීවේ ය,)
Pali BJT3473. චතුන්නංයෙවුපාදාය රූපං සම්භොති පාණිනං, යතො ච රූපං සම්භොති තත්ථෙව{1} අනුපගච්ඡති.
Sinhala BJT3473. සත්‍වයන්ගේ රූපස්කන්‍ධය සතර මහා භූතයන් නිසා හට ගනී. යමකින් රූපය හටගනී ද (කාලක්‍රියා කාලයෙහි) යළි එහි ම එළඹෙයි.
Pali BJT3474. ඉධෙව ජීවති ජීවො පෙච්ච පෙච්ච විනස්සති, උච්ඡිජ්ජති අයං ලොකො යෙ බාලා යෙ ච පණ්ඩිතා උච්ඡිජ්ජමානෙ ලොකස්මිං ක්විධ පාපෙන ලිප්පති.
Sinhala BJT3474. සත්‍වතෙම මෙලොව මැ ජීවත් වෙයි. පරලෙව්හි (උපන් සත්‍වයා ගති වශයෙන් මෙ ලොවට නො පැමිණ එහි ම) විනාශ වෙයි. මේ ලෝකය (තෙමේ ම) විනාශයට පැමිණෙයි. යම් බාල කෙනෙක් හෝ යම් පණ්ඩිත කෙනෙක් හෝ වෙද්ද (ඒ සියල්ලෝ ද විනාශ වෙති.) (මෙසේ) ලොව විනාශයට පත්වන කල්හි මෙහි කවරෙක් නම් පාප කර්‍මයෙන් බැඳේ ද?
Pali BJT3475. සො චෙ අත්ථො ච ධම්මො ච කල්යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච්චං සුහතො වානරො මයා.
Sinhala BJT3475. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථයද ධර්‍මයද (උච්ඡේද වාදය) යහපත් වේ නම් අලාමකත් වේ නම් භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ වරද කුමක් ද?)
Pali BJT3476. අත්තනො චෙ හි වාදස්ස අපරාධං විජානියා, න මං ත්වං ගරහෙය්යාසි භොතො වාදො හි තාදිසො.
Sinhala BJT3476. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම්, නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු එකකි. (තාපස) තෙම කීවේ ය.
Pali BJT3477. ආහු බත්තවිධා ලොකෙ බාලා පණ්ඩිතමානිනො, මාතරං පිතරං හඤ්ඤෙ අථො ජෙට්ඨම්පි භාතරං හනෙය්ය පුත්තදාරෙ ච අත්ථො චෙ තාදිසො සියා.
Sinhala BJT3477. ඉදින් එබඳු ප්‍රයෝජනයක් වන්නේ නම් මාපියන් ද යළි දෙටු සොහොවුරා ද අඹුදරුවන් ද නසන්නේ ය යි (කියු) ක්‍ෂත්‍ර විද්‍යා දත් පණ්ඩිතමානී අඥයෝ වූහ.
Pali BJT3478. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි පාපකො.
Sinhala BJT3478. යම් ගසක්හුගේ සෙවනෙහි හිඳී ද, හොවීද ඒ ගසෙහි අත්තක් හෝ නොබිඳින්නේ ය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහකම ලාමක වේද එහෙයිනි.
Pali BJT3479. අථ අත්ථො සමුප්පන්නෙ සමූලමපි අබ්බහෙ. අත්ථො මෙ සම්බලෙනාසි සුහතො වානරො මයා.
Sinhala BJT3479. තවද කටයුත්තක් ඇති කල්හි සහමුලින් ම උදුරන්නේය. (යන කීමක් ඇත.) මට මාර්ගෝපකරණයෙන් ප්‍රයෝජන විය. එහෙයින් මා විසින් ඒ වානරයා මනාව නසන ලද්දේ ය.
Pali BJT3480. සො චෙ අත්ථො ච ධම්මො ච කල්යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච්චං සුහතො වානරො මයා.
Sinhala BJT3480. ඒ මිත්‍රදෝහිත්‍වය පිළිබඳ කීම අර්‍ත්‍ථ සහිතත් වේ නම් දැහැමිත් වේ නම් යහපතුත් වේ නම් අලාමකත් වේ නම්, පින්වතාගේ කීම සත්‍ය නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලදී. එහිලා මාගේ වරද කුමක් ද?
Pali BJT3481. අත්තනො චෙ හි වාදස්ස අපරාධං විජානියා, න මං ත්වං ගරහෙය්යාසි භොතො වාදො හි තාදිසො.
Sinhala BJT3481. ඉදින් (පින්වත, නුඹ යම් හෙයකින්) තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)
Pali BJT3482. අහෙතුවාදො පුරිසො යො ච ඉස්සරකුත්තිකො, පුබ්බෙකතී ච උච්ඡෙදී යො ච ඛත්තවිධො නරො
Sinhala BJT3482. යම් අහේතුකවාදී පුරුෂයෙක, ඊශ්වරවාදියෙක, පූර්වේකෘතහේතුවාදියෙක, උච්ඡේදවාදියෙක, යම් ක්‍ෂත්‍ර විද්‍යා දන්නා පුරුෂයෙකැ යි යන යම් පස් දෙනෙක් වෙත් ද,
Pali BJT3483. එතෙ අසප්පුරිසා ලොකෙ බාලා පණ්ඩිතමානිනො, කරෙය්ය තාදිසො පාපං අථො අඤ්ඤම්පි කාරයෙ අසප්පුරිසසංසග්ගො දුක්කටො කටුකුද්රයො.
Sinhala BJT3483. පණ්ඩිතමානී වූ බාල වූ මොවුහු ලෝකයෙහි අසත් පුරුෂයෝ වෙත්. එබඳු අසත්පුරුෂයා තෙමේද පව් කරන්නේ ය. වැළි අනුන් ලවාත් පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
Pali BJT3484. උරබ්භරූපෙන බකාසු{1} පුබ්බෙ අසඞ්කිතො අජයූථං උපෙති, හන්ත්වා උරණිං අජියං{2} අජඤ්ච චිත්රාසයිත්වා යෙන කාමං පලෙති.
Sinhala BJT3484. පෙර වෘකයෙක් නොසැකවූයේ බැටළු රුවින් එළු රැළකට පැමිණෙයි. තිරෙළු දෙනක් ද එළු දෙනක් ද එළුවකු ද නසා කා කැමති සේ පලා යයි.
Pali BJT3485. තථා විධෙකෙ සමණබ්රාහ්මණාසෙ ඡදනං කත්වා වඤ්චයන්ති මනුස්සෙ, අනාසකා ථණ්ඩිලසෙය්යකා ච රජොජල්ලං උක්කුටිකප්පධානං පරියායභත්තඤ්ච අපාණකත්තං{3} පාපාචාරා අරහන්තො වදානා.
Sinhala BJT3485. එබඳු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්. ඔවුහු ආහාර නො බුදින්නාහු ය. ගොඩැලි හිස් බිම්වල සයනය කරන්නාහු රජස් දැලින් යුක්ත වූවාහු උක්කුටිකයෙන් තපස් කරන්නාහු වාර භෝජනය ද පැන් පානය නො කිරීම ද කරන්නාහු පහත් හැසිරීම් ඇත්තාහු රහතුම්හ යි ප්‍රකාශ කරන්නාහු පැවිදි වෙසින් සිරුර වසා ගෙන මිනිසුන් රවටත්.
Pali BJT3486. එතෙ අසප්පුරිසා ලොකෙ බාලා පණ්ඩිතමානිනො, කරෙය්ය තාදිසො පාපං අථො අඤ්ඤෙපි කාරයෙ අසප්පුරිසසංසග්ගො දුක්කටො කටුකුද්රයො.
Sinhala BJT3486. පණ්ඩිතමානී වූ අඥ වූ මොවුහු ලොවෙහි අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද (පව්) කරවන්නේය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
Pali BJT3487. යමාහු නත්ථි විරියන්ති හෙතුඤ්ච අපවදන්ති{4} යෙ, පරකාරං අත්තකාරඤ්ච යෙ තුච්ඡං සමවණ්ණයුං.
Sinhala BJT3487. යම් කෙනෙක් වීර්‍ය්‍යයක් නැතැයි කියත් ද, යම් කෙනෙක් හේතුවක් නැතැයි කියත් ද, අනුන්ගේ ක්‍රියා හා තමන්ගේ ක්‍රියා හිස්ය යි යම් කෙනෙක් කියත් ද,
Pali BJT3488. එතෙ අසප්පුරිසා ලොකෙ බාලා පණ්ඩිතමානිනො, කරෙය්ය තාදිසො පාපං අථො අඤ්ඤෙපි කාරයෙ අසප්පුරිසසංසග්ගො දුක්කටො{5} කටුකුද්රයො.
Sinhala BJT3488. පණ්ඩිතමානී වූ, අඥ වූ මොවුහු අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.
Pali BJT3489. සචෙ හි විරියං නාස්ස කම්මං කල්යාණපාපකං, න භරෙ වඩ්ඪකිං{6} රාජා නපි යන්තානි{7} කාරයෙ.
Sinhala BJT3489. ඉදින් එබඳු වීර්‍ය්‍යයක් නොවන්නේ නම් යහපත් වූ ද ලාමක වූ ද කර්‍මයකුත් නොවන්නේ නම් රජ තෙම වඩුවකු පෝෂණය නො කරන්නේ ය. (සත්බුමු පහය ආදි) යන්ත්‍ර ද නො කරවන්නේ ය.
Pali BJT3490. යස්මා ච විරියං අත්ථි කම්මං කල්යාණපාපකං, තස්මා යන්තානි කාරෙති රාජා භරති වඩ්ඪකිං.
Sinhala BJT3490. යම් හෙයකින් වීර්‍ය්‍යය ඇත්තේද, යහපත් වූ ද ලාමක වූ ද කර්‍ම ඇත්තේ ද, එහෙයින් රජ තෙම (ප්‍රාසාදාදි) යන්ත්‍රයන් කරවයි. වඩුවා ද පෝෂණය කරයි.
Pali BJT3491. යදි වස්සසතං දෙවො න වස්සෙ න හිමං පතෙ, උච්ඡිජ්ජෙය්ය අයං ලොකො විනස්සෙය්ය අයං පජා.
Sinhala BJT3491. ඉදින් හවුරුදු සියයක් වැසි නොවසී ද හිම නොවැටේ ද, (එකල) මේ ලෝකයතෙම සිඳී යන්නේ ය. මේ ප්‍රජා තොමෝ වැනැසෙන්නී ය.
Pali BJT3492. යස්මා ච වස්සති දෙවො හිමං චාපි{1} ඵුසීයති, තස්මා සස්සානි පච්චන්ති රට්ඨඤ්ච පල්ලතෙ චිරං.
Sinhala BJT3492. යම් හෙයකින් වැසි වසී ද, හිම ස්පර්‍ශ කෙරේ ද, එහෙයින් ශස්‍යයෝ පැසෙත්, රට ද බොහෝ කලක් පාලනය කරනු ලැබේ.
Pali BJT3493. ගවඤ්චෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හං ගතෙ සති.
Sinhala BJT3493. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක්ව යේ නම්, පෙරටුව යන්නා වක්ව ගිය කල්හි ඒ සියල්ලෝම වක්ව යෙත් ද,
Pali BJT3494. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං දුක්ඛං සෙති රාජා චෙ හොති අධම්මිකො.
Sinhala BJT3494. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද ඉදින් හෙතෙම අධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙම නොදැහැමි වේනම් මුළු රට ම දුකසේ වෙසෙ යි.
Pali BJT3495. ගමඤ්චෙ තරමානානං උජුං ගච්ඡති පුඞ්ගවො, සබ්බා තා උජුං ගච්ඡන්ති නෙත්තෙ උජු{2}ගතෙ සති
Sinhala BJT3495. ඉදින් යන්නාවූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගවයා ඍජුව යේ නම්, පෙරටුව යන්නා ඍජුව ගිය කල්හි ඒ සියල්ලෝ ම ඍජුව යෙත්.
Pali BJT3496. එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙව ධම්මං චරති පගෙව ඉතරා පජා සබ්බං රට්ඨං සුඛං සෙති රාජා චෙ හොති අධම්මිකො.
Sinhala BJT3496. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද, ඉදින් හෙතෙම ධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද, ඉදින් රජ තෙම දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.
Pali BJT3497. මහාරුක්ඛස්ස ඵලිනො ආමං ඡින්දති යො ඵලං, රසඤ්චස්ස න ජානාති බීජඤ්චස්ස විනස්සති.
Sinhala BJT3497. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ අමු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද නොදනී. ඒ ඵලයෙහි බීජය ද නැසෙයි.
Pali BJT3498. මහාරුක්ඛූපමං රට්ඨං අධම්මෙන යො පසාසති, රසඤ්චස්ස න ජානාති රට්ඨඤ්චස්ස විනස්සති.
Sinhala BJT3498. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට අධර්‍මයෙන් අනුශාසනා කෙරේ ද, හෙතෙමේ ඒ රටේ (අයබදු) රසයත් නොවිඳියි. ඔහුගේ රටත් වැනසේ.
Pali BJT3499. මහාරුක්ඛස්ස ඵලිනො පක්කං ඡින්දති යො ඵලං, රඤ්චස්ස විජානාති බීජඤ්චස්ස න නස්සති.
Sinhala BJT3499. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ පැසුණු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද දැනගනී. එහි බීජය ද නො නැසේ.
Pali BJT3500. මහාරුක්ඛූපමං රට්ඨං ධම්මෙන යො පසාසති, රසඤ්චස්ස විජානාති රට්ඨඤ්චස්ස න නස්සති.
Sinhala BJT3500. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට දැහැමින් අනුශාසනා කෙරේ ද, හෙතෙම ඒ රටේ (අය බදු) රසය ද විඳියි. (ලබයි) ඔහුගේ රට ද නො නැසේ.