Pali BJT3311. අයමස්ස අසොකවනිකා සුපුප්ඵිතා සබ්බකාලිකා රම්මා, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3311. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි උන්වහන්සේගේ සෑම කල්හි මනාව පිපියා වූ සිත්කලු ඒ අශෝක වනයයි.
Pali BJT3312. අයමස්ස අසොකවනිකා සුපුප්ඵිතා සබ්බකාලිකා රම්මා, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3312. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මේ වනාහි උන්වහන්සේගේ සෑම කල්හි පිපියා වූ ඒ සිත්කලු අශෝක වනය යි.
Pali BJT3313. ඉදමස්ස උය්යානං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3313. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද? මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ සිත්කලු උයනය.
Pali BJT3314. ඉදමස්ස උය්යානං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන
Sinhala BJT3314. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ උයන යි.
Pali BJT3315. ඉදමස්ස කණිකාරවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3315. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ කිණිහිරිය මල් උයනය.
Pali BJT3316. ඉදමස්ස කණිකාරවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන
Sinhala BJT3316. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ කිණිහිරිය මල් උයනය.
Pali BJT3317. ඉදමස්ස පාටළීවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3317. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ ඒ පළොල්වනය යි.
Pali BJT3318. ඉදමස්ස පාටළිවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3318. නැ සමූහයා විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක් හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියාවූ උන්වහන්සේගේ ඒ පළොල්වනය යි.
Pali BJT3319. ඉදමස්ස අම්බවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3319. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැමකල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹඋයන ය.
Pali BJT3320. ඉදමස්ස අම්බවනං සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3320. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැම කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹ උයන ය.
Pali BJT3321. අයමස්ස පොක්ඛරණී සඤ්ඡන්නා අණ්ඩජෙහි වීතිකිණ්ණා, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3321. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජතෙමේ යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජල කුසුමයන්ගෙන් පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
Pali BJT3322. අයමස්ස පොක්ඛරණී සඤ්ඡන්නා අණ්ඩජෙහි වීතිකිණ්ණා, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3322. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජලකුසුමයන්ගෙන් හා පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
Pali BJT3323. රාජා ඛො පබ්බජිතො සුතසොමො රජ්ජං ඉමං පහත්වාන, කාසායවත්ථසනො නාගොව එකකොව චරති.
Sinhala BJT3323. සුතසෝම රජ තෙම මේ රාජ්‍යය හැර දමා පැවිදි වූයේ ය. කසාවත් හැඳගත්තේ ඒකචර හස්තිරාජයකු මෙන් එකලාව හැසිරේ.
Pali BJT3324. මාස්සු පුබ්බෙ රතිකීළිතානි හසිතානි අනුස්සරිත්ථ, මා වො කාමා හනිංසු රම්මං හි සුදස්සනං නාම නගරං.
Sinhala BJT3324. පෙර තොප විසින් කරන ලද කාමක්‍රීඩා සහ කාය වාචා චිත්ත වශයෙන් කළ ක්‍රීඩා ද තොප සිත්හි පහළ නො වේවා. සිනහ කාරණයන් ද සිහි නො කරමු. යම් හෙයකින් සුදර්‍ශන නගරය සිත්කලු වන්නේ ද එහෙයින් ඒ නගරය සිහිපත් නො කරව. කාමයෝ වනාහි තොපට හිංසා නො කෙරෙත්වා.
Pali BJT3325. මෙත්තං චිත්තඤ්ච භාවෙථ අප්පමාණං දිවා ච රත්තො ච, අථ ගඤ්ඡිත්ථ දෙවපුරං ආවාසං පුඤ්ඤකම්මිනන්ති.
Sinhala BJT3325. දවල් ද රෑ ද අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩමු. ඉක්බිති පින් ඇත්තවුන්ගේ වාසස්ථානය වූ දෙව් පුරයට යවු යි. පිරිසට අවවාද කළේ ය.
Pali BJTචුල්ලසුතසොමජාතකං.
Sinhala BJTචුල්ලසුතසෝම ජාතක යි.
Pali BJTචත්තාළීසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචත්තාළීස නිපාතය නිමියේ යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුවපණ්ඩිතජම්බුකකුණ්ඩලිනො සරභඞ්ගමලම්බුසජාතකඤ්ච, පවරුත්තමසඞ්ඛසිරිව්හයකො සුතසොම අරින්දම රාජවරොති.
Sinhala BJTසුවපණ්ඩිත, ජම්බුක කුණ්ඩලි යන පක්‍ෂීන් ඇති තෙසකුණ ජාතකය ද, සරභඞ්ග ජාතකය ද, අලම්බුස ජාතකය ද, උතුම් වූ සඞ්ඛ නාගරාජ ජාතකය ද, සුතසෝම ජාතකය ද යන මොහු චත්තාළීස නිපාතයෙහි වෙත්.
Pali BJT18. පඤ්ඤාසනිපාතො
Sinhala BJT18. පඤ්ඤාස නිපාතය
Pali BJT1. නලිනිකාජාතකං.
Sinhala BJT1. නලිනිකා ජාතකය
Pali BJT3326. උඩ්ඪය්හතෙ{1} ජනපදො රට්ඨඤ්චාපි විනස්සති, එහි නලිනිකෙ{2} ගච්ඡ තං මෙ බ්රාහ්මණමානය.
Sinhala BJT3326. නලිනී කුමරිය, මෙහි එව. ජනපදය නියඟින් දැවේ. රට ද වැනසේ, යව, ඒ මාගේ රටට වැසි වළකන්නා වූ බ්‍රාහ්මණයා (ඉසිසිංග තාපසයා) මෙහි ගෙන එවයි රජ තෙම කීය.
Pali BJT3327. නාහං දුක්ඛක්ඛමා රාජ නාහං අද්ධානකොවිදා, කථං අහං ගමිස්සාමි වනං කුඤ්ජරසෙවිතං.
Sinhala BJT3327. පිය මහරජ, මම දුක් ඉවසිය හැක්කී නොවෙමි. මම හොඳින් මඟ දන්නියක් ද නොවෙමි. ඇතුන් විසින් සෙවුනා ලද වනයෙහි මම කෙසේ නම් යම් දැ යි නලිනිය ඇසුවා ය.
Pali BJT3328. ඵීතං ජනපදං ගන්ත්වා හත්ථිනා ච රථෙන ච, දාරුසඞ්ඝාටයානෙන එවං ගච්ඡ නලීනිකෙ{2}.
Sinhala BJT3328. එම්බා නලිනිය, ඇතුපිටින් හා රථයෙන් ද සමෘද්ධ වූ නුවරට ගොස් සුදුසු තන්හි බස්වාගෙන යන දැවමය යානයෙන්ද, නැව් ආදියෙන් ද යව.
Pali BJT3329. හත්ථි අස්සා රථා පත්තී{3} ගච්ඡෙවාදාය ඛත්තියෙ, තවෙව වණ්ණරූපෙන වසං තං ආනයිස්සසි.
Sinhala BJT3329. ක්‍ෂත්‍රිය කුමරියනි, ඇත් අස් රිය පාබළ යන සිව් රඟ සෙනග ගෙන යව. මෙසේ ක්ලාන්ත නොවී ගොස් තිගේ ශරීර වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ බ්‍රාහ්මණයා තමන්ගේ වසයට ගනුවයි කීයේ ය.
Pali BJT3330. කදලීධජපඤ්ඤාණො ආභුජීපරිවාරිතො, එසො පදිස්සති රම්මො ඉසිසිඞ්ගස්ස අස්සමො.
Sinhala BJT3330. කදලි සංඛ්‍යාත කෙසෙල් ධ්වජ සලකුණු ඇත්තා වූ ආභුජී පත්‍ර වනයෙන් පිරිවරන ලද්දා වූ ඉසිසිංග තාපසයාගේ රම්‍ය ආශ්‍රමය අර පෙණේ.
Pali BJT3331. එසො අග්ගිස්ස සඞ්ඛාතො එසො ධූමො පදිස්සති, මඤ්ඤෙ නො අග්ගිං හාපෙති ඉසිසිඞ්ගො මහිද්ධිකො.
Sinhala BJT3331. අර ගින්න ඒ තාපසයා විසින් පුදන ලද ගින්න වේ. අර දුම දක්නට ලැබේ. මහත් ඍද්ධි ඇති ඉසිසිංග තාපස තෙම ගින්න නොනිවන්නේ යයි හඟිමි.
Pali BJT3332. තඤ්ච දිස්වාන ආයන්තිං ආමුත්තමණිකුණ්ඩලං{4}, ඉසිසිඞ්ගො පාවිසි භීතො අස්සමං පණ්ණඡාදනං.
Sinhala BJT3332. ඉසිසිංග තාපස තෙමේ මිණි කොඬොල් පැළඳ එන්නා වූ ඇය දැක බිය වී (කොළ පියසි ඇති) ආශ්‍රමයට ඇතුළු විය.
Pali BJT3333. අස්සමස්ස ච සා ද්වාරෙ භෙණ්ඩුකෙනස්ස කීළති, විදංසයන්තී අඞ්ගානි ගුය්හං පකාසිතානි ච.
Sinhala BJT3333. ඒ නලිනී තොමෝ අසපු දොර සිට රහසඟත් ප්‍රකට නොකටයුතු අවයවත් පෙන්නමින් පන්දුවකින් ක්‍රීඩා කරයි.
Pali BJT3334. තඤෙ දිස්වාන කීළන්තිං{5} පණ්ණසාලගතො ජටී, අස්සමා නික්ඛමිත්වාන ඉදං වචනමබ්රවි.
Sinhala BJT3334. පන්සලට පිවිසියා වූ තාපස තෙම ක්‍රීඩා කරන්නා වූ ඇය දැක අසපුවෙන් නික්ම මේ වචන කීයේ ය.
Pali BJT3335. අම්භො කො නාම සො රුක්ඛො යස්ස තෙවංගතං ඵලං, දූරෙපි ඛිත්තං පච්චෙති න තං ඔහාය ගච්ඡති.
Sinhala BJT3335. පින්වත, යම්බඳු නුඹගේ දුරට දමන ලද ඵලය (පන්දුව) ආපසු එයි ද තා හැර නොයයි ද, මේ ආකාරයක් ඇති ඵලය හටගන්නා වූ ඒ ගස කවරෙක්දැයි තාපස තෙම ප්‍රශ්න කෙළේ ය.
Pali BJT3336. අස්සමස්ස මමං{6} බ්රහ්මෙ සමීපෙ ගන්ධමාදනෙ, පබ්බතෙ තාදිසා රුක්ඛා යස්ස තෙවඞ්ගතං ඵලං දූරෙපි ඛිත්තං පච්චෙති න මං ඔහාය ගච්ඡති.{7}
Sinhala BJT3336. බ්‍රාහ්මණය, ගන්‍ධමාදන පර්‍වතයෙහි මාගේ අසපුව සමීපයෙහි යම් ගසක ඵලය මෙසේ දුරට දමා ගැසූ කල පෙරළා ඒ ද, මා හැරදමාත් නොයා ද එබඳු වෘක්‍ෂයෝ එහි ඇත්තාහ.
Pali BJT3337. එතු භවං අස්සමිමං අදෙතු පජ්ජඤ්ච භක්ඛඤ්ච පටිච්ඡ දම්මි, ඉදමාසනං අත්ර භවං නිසීදතු ඉතො භවං මූලඵලානි ඛාදතු{1}
Sinhala BJT3337. පින්වතුන් වහන්සේ මේ ආශ්‍රමයට පිවිසෙන සේක්වා. (ඇති සැටියකින්) ආහාර අනුභව කෙරෙත් වා. පයෙහි ගල්වන තෙල් ද, මිහිරි ඵලාඵල ද සූදානම් කොට දෙමි. මේ නුඹ වහන්සේට ආසනයයි. පින්වතුන් වහන්සේ මෙහි හිඳගන්නා සේක් වා. පින්වතුන් වහන්සේ මෙයින් අලමුල් හා පලවැළ ද අනුභව කෙරෙත් වා.
Pali BJT3338. කින්තෙ ඉදං ඌරූනමන්තරසමිං සුපිච්ඡිතං කණ්හරිවප්පකාසති, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං කොසෙනු තෙ උත්තමඞ්ගං පවිට්ඨං.
Sinhala BJT3338. පින්වත, නුඹගේ කළවායුවල අතර හොඳින් හේත්තු වූ කළුවන් සටහනක් සේ මේ කවරක් නම් පෙනේ ද? මා විසින් විචාරන ලද නුඹ මේ කරුණ මට කියව. තොපගේ රහසඟ ශරීර සංඛ්‍යාත කෝෂයෙහි ඇතුළු වීද?
Pali BJT3339. අහං වනෙ මූලඵලෙසනං චරං ආසාදයිං{2} අච්ඡං සුඝොරරූපං, සො මං පතිත්වා සහසජ්ඣපත්තො{3} පනුජ්ජ මං අබ්බහි{4} උත්තමඞ්ගං.
Sinhala BJT3339. පින්වත් තාපසයෙනි, මම වනයෙහි අල මුල් හා පලතුරු සොයමින් හැසුරුණෙම් ඉතා දරුණු ස්වභාව ඇති වලසකුට ගලකින් ගැසුවෙමි. ඒ වලසා මා දෙසට පැන වහා මා වෙත පැමිණියේ මා පෙරළා මාගේ රහසඟ කටින් උදුරා ඩැහැ ගත්තේය.
Pali BJT3340. ස්වායං වණො ඛජ්ජති කණ්ඩුවායති සබ්බඤ්ච කාලං න ලභාමි සාතං, පහො භවං කණ්ඩුමිමං විනෙතුං කුරුතං භවං යාචිතො බ්රාහ්මණත්ථං.
Sinhala BJT3340. එතැන් පටන් මාගේ ඒ වණය සෑරෙයි. කැසීමද හටගනී. එහෙයින් හැම කල්හිම සුවයක් නොලබමි. පින්වත් තෙම මේ කැසීම සුව කරන්නට පොහොසත් ය. මා විසින් යදින ලද නුඹ වහන්සේ බ්‍රාහ්මණ වූ මා පිණිස යහපතක් කරන සේක් වා.
Pali BJT3341. ගම්භීරරූපො තෙ වණො සලොහිතො අපූතිකො පක්කගන්ධො මහා ච, කරොමි තෙ කිඤ්චි කසායයොගං යථා භවං පරමසුඛී භවෙය්ය.
Sinhala BJT3341. පින්වත, තොපගේ වණය ගැඹුරුය. ලේවන් පැහැත්තේ ය. කුණුමස් නැත්තේ ය. මදක් දුගඳ ඇත්තේ ය. විශාල ය. යම් සේ පින්වත් තෙමේ ඉතා සුවපත් වූවෙක් වන්නේ ද එසේ යම්කිසි කෂාය යෝගයක් තොපට කරමි.
Pali BJT3342. න මන්තයොගා න කසාවයොගා න ඔසධා බ්රහ්මචාරී කමන්ති, යං තෙ මුදු තෙන විනෙහි කණ්ඩු යථා අහං පරමසුඛී භවෙය්යං.
Sinhala BJT3342. පින්වත් බ්‍රහ්මචාරිය, මන්ත්‍ර හෝ කසාය යෝග හෝ වෙනත් ඖෂධ හෝ මේ වණය සුවපත් නො කෙරේ. යම් සේ මම ඉතා සුවැත්තෙක් වන්නෙම් ද එපරිද්දෙන් නුඹගේ මෘදු වූ යම් අවයවයක් වේ නම් එයින් ගටා මේ කැසීම දුරුකරවයි නලිනී කීවා ය.
Pali BJT3343. ඉතො නු භොතො කතමෙන අස්සමො කච්චි භවං අභිරමසී අරඤ්ඤෙ, කච්චිනු තෙ මූලඵලං පහූතං{5} කච්චි භවන්තං න විහිංසන්ති වාළා.
Sinhala BJT3343. පින්වතාගේ ආශ්‍රමය මෙයින් කවර දිශායෙක්හි ද? කිම පින්වතා වනයෙහි සිත් අලවන්නේ ද? කිම නුඹට අල මුල් හා පලතුරු බොහෝ තිබේ ද? කිම ව්‍යාල සත්තු පින්වතා නො වෙහෙසත් ද?
Pali BJT3344. ඉතො උජුං උත්තරායං දිසායං ඛෙමා නදී හිමවන්තා පභාති,{6} තස්සා තීරෙ අස්සමො මය්හ රම්මො අහො භවං අස්සමං මය්හ පස්සෙ.
Sinhala BJT3344. පින්වත, මෙතැනින් ඍජුව උතුරු පැත්තෙහි ඛේමා නම් ගඟක් හිමවතෙන් ගලා බසියි. මාගේ රම්‍ය වූ ආශ්‍රමය ඒ ගංගාවගේ ඉවුරේ ය. අනේ, පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපතැ යි නලිනී කීවා ය.
Pali BJT3345. අම්බා ච සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටලියො ච ඵුල්ලා, සමන්තතො කිම්පුරිසාභිගීතං අහො භවං අස්සමං මය්හ{1} පස්සෙ.
Sinhala BJT3345. එහි අඹ ගස් ද සල් ගස් ද එරහැන්ද ගස් ද දඹ ගස් ද ඇහැළ ගස් ද පළොල් ගස් ද පිපියාහු වෙත්. හාත්පසින් කිඳුරන් විසින් ගායනා කරන ලද්දේ වේ. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යෙහෙක.
Pali BJT3346. තාලා ච මූලා ච ඵලා ච මෙත්ථ වණ්ණෙන ගන්ධෙන උපෙතරූපා, තං භූමිභාගෙහි උපෙතරූපං අහො භවං අස්සමං මය්හ පස්සෙ.
Sinhala BJT3346. මෙහි පැහැයෙන් සහ සුවඳින් යුත් තල්ගස් ද තල් අල ද තල් ගෙඩි ද ඇත්තාහ. ඒ ආශ්‍රමය මෙබඳු භූමිභාගයකින් යුක්තය. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපති.
Pali BJT3347. ඵලා ච මූලා ච පහූත{2} මෙත්ථ වණ්ණෙන ගන්ධෙන රසෙනුපෙතා, ආයන්ති ච ලුද්දකා නං පදෙසං මා මෙ තතො මූලඵලං අභාසුං.{3}
Sinhala BJT3347. මෙහි පැහැයෙන් ද සුවඳින් හා රසයෙන් ද යුත් පලතුරු ද අල මුල් ද බොහෝ ය. ඒ ප්‍රදේශයට වැද්දෝ ද එන්නාහ. ඒ ආශ්‍රමයෙන් ඔවුහු අල මුල් හා පලතුරු හැරගෙන නො යත්වා යි (නලිනිය ප්‍රකාශ කළා ය.)
Pali BJT3348. පිතා මමං මූලඵලෙසනං ගතො ඉදානි ආගච්ඡති සායකාලෙ,{4} උභොව ගච්ඡාමසෙ අස්සමං තං යාව පිතා මූලඵලතො එතු.
Sinhala BJT3348. මාගේ පියා අල මුල් හා පලතුරු සෙවීමට ගියේ ය. සවස් කාලයෙහි දැන් එන්නේ ය. පියා අල මුල් හා පලතුරු සොයා ගෙන එනතුරු බලව. (එවිට) අපි දෙදෙනා ම ඒ ආශ්‍රමයට යමුයි (තාපසයා කීයේය.)
Pali BJT3349. අඤ්ඤෙ බහූ ඉසයො සාධුරූපා රාජිසයො අනුමග්ගෙ වසන්ති, තෙයෙව පුච්ඡෙසි මමස්සමං තං තෙ තං නයිස්සන්ති මමං සකාසෙ.
Sinhala BJT3349. තාපසය, තවත් බොහෝ යහපත් ස්වභාව ඇත්තා වූ බ්‍රාහ්මණ ඍෂීහු ද රාජර්ෂීහු ද මාගේ ආශ්‍රමයට යන මාර්‍ගයෙහි දෙපස වසන්නාහ. නුඹ මාගේ ආශ්‍රමයට යන මග ඔවුන් විචාරා දනුව. ඒ ඍෂිවරු තොප මාගේ අසපුවට පමුණුවන්නා හ. (කියා නලිනී ගියා ය.)
Pali BJT3350. න තෙ කට්ඨානි භින්නානි න තෙ උදකමාභතං, අග්ගිපි තෙ න භාසිතො{5} කින්නු මන්දොව ඣායසි.
Sinhala BJT3350. (පුත්‍රය,) තා විසින් දර නොකඩන ලද. දිය නො ගෙනෙන ලද. පූජාග්නිය නො දල්වන ලද. කුමක් නිසා බාලයකු මෙන් සිතුවිල්ලෙහි යෙදී සිටිනෙහිද?
Pali BJT3351. භින්නානි කට්ඨානි හුතො ච අග්ගි තපනීපි{6} තෙ සමිතා බ්රහ්මචාරි, පීඨඤ්ච මය්හං උදකඤ්ච හොති රමසි ත්වං බ්රහ්මභූතො පුරත්ථා.
Sinhala BJT3351. බ්‍රහ්මචාරී තාපසය, පෙර නුඹ විසින් දර බිඳින ලදහ. පූජාග්නිය ද දල්වන ලද්දේ ය. ගිනි තපින උපකරණ ද තා විසින් ම සපයන ලද්දාහ. මාගේ පුටුව ද එළවා තබන ලද්දේ වෙයි. පා දෝනා දිය ද එළවන ලද්දේ ය. නුඹ ද මෙයින් පෙර ශ්‍රෙෂ්ඨයෙක් ව මේ ආශ්‍රමයෙහි සිත් ඇලවූවෙහි ය.
Pali BJT3352. අභින්නකට්ඨොසි අනාභතොදකො අභාසිතග්ගීසි අසිද්ධභොජනො, න මෙ තුවං ආලපසී මමජ්ජ නට්ඨන්නු කිං චෙතසිකඤ්ච දුක්ඛං.
Sinhala BJT3352. ඒ නුඹ අද නොකැඩූ දර ඇත්තෙහි ය. දිය නොගෙනායෙහි ය. නොදල්වන ලද පූජාග්නි ඇත්තෙහි ය. පිළියෙළ නොකරන ලද ආහාර ඇත්තෙහි ය. අද නුඹ මා හා කතා නො කරන්නෙහි ය. නුඹගේ යම් කිසිවක් නැතිවී ද? කවර නම් චෛතසික දුකක් ඇත්තෙහි ද? (යි පිය තාපසයා ප්‍රශ්න කළේ ය.)
Pali BJT3353. ඉධාගමා ජටිලො බ්රහ්මචාරී සුදස්සනෙය්යො සුතනූ විනෙති, නෙවාතිදීඝො නපනාතිරස්සො සුකණ්හකණ්හච්ඡදනෙභි භොතො.
Sinhala BJT3353. (පියාණෙනි,) ජටාධර වූ බ්‍රහ්මචාරී තාපසයෙක් මෙහි පැමිණියේ ය. ඉතා දැකුම්කලු ශරීරයක් ඇත්තා වූ හෙතෙම මේ අසපුව බබුළුවයි. ඉතා දික් නොවූයේ ද ඉතා මිටි නොවූයේ ද වේ. ඒ පින්වත් තාපසයාගේ හිස වනාහි ඉතා කළු පැහැත්තා වූ කෙස්වලින් වැසුණේ ය.
Pali BJT3354. අමස්සුජාතො අපුරාණවණ්ණී ආධාරරූපඤ්ච පනස්ස කණ්ඨෙ, ද්වෙපස්ස{1} ගණ්ඩා උරෙ සුජාතා සුවණ්ණපිණ්ඩූපනිභා{2} පභස්සරා.
Sinhala BJT3354. හෙතෙමේ රැවුල නැත්තේ ය. පැවිදි වූ නොබෝ කල් ඇත්තේ ය. ගෙලෙහි පාත්‍රාධාරය තරම් පළඳනාවක් ඇත්තේ ය. ළයෙහි හටගත් රන්පිඬු මෙන් බබළන ගෙඩි දෙකක් ද ඔහුට ඇත.
Pali BJT3355. මුඛඤ්ච තස්ස භුස{3}දසසනෙය්යං කණ්ණෙසු ලම්බන්ති ච කුඤ්චිතග්ගා, තෙ ජොතරෙ චරතො මාණවස්ස සුත්තඤ්ච යං සංයමනං ජටානං.
Sinhala BJT3355. ඔහුගේ මූන ඉතාම දැකුම් කලුය. කන් දෙකෙහි අගින් නැමී ගිය යම් කිසිවක් එල්ලෙයි. හැසිරෙන්නාවූ ඒ මාණවකයාගේ ජටා එක්කොට බැඳි නූල ද බබළන්නේ ය.
Pali BJT3356. අඤ්ඤා ච තස්ස සඤ්ඤමනී චතස්සො නීලා පීතා ලොහිතිකා ච සෙතා, තා සංසරෙ චරතො මාණවස්ස චිරීටිසඞ්ඝාරිව පාවුසම්හි.{4}
Sinhala BJT3356. නිල් – කහ – ලේ – සුදු යන වශයෙන් සිව් වැදෑරුම් වර්‍ණයන් ඇති තවත් ආභරණ සතරක් තිබේ. එහා මෙහා යන්නා වූ මාණවකයාගේ ඒ පළඳනාවෝ වර්‍ෂා කාලයෙහි රෑහි සමූහයා මෙන් නාද කෙරෙත්.
Pali BJT3357. න මෙඛලං{5} මුඤජමයං ධාරෙති න සන්තචෙ{6} නො පන බබ්බජස්ස,{7} තා ජොතරෙ ජඝනන්තරෙ{8} විසත්තා සතෙරිතා විජ්ජුරිවන්තලික්ඛෙ.
Sinhala BJT3357. හෙතෙම මුදු තණින් කළ මෙවුල් දම් නොදරයි. වැහැරිවලින් වියන ලද මෙවුල් දම් ද නොදරයි. බබුස් තණයෙන් කළ මෙවුල් දම් ද නොදරයි. උකුළු අතරෙහි වෙසෙසින් ඇලුණාවූ ඔහුගේ වැහැරි අහස් හි සියරැලි විදුලියක් සේ බබළ යි.
Pali BJT3358. අඛීලකානි ච අවණ්ටකානි හෙට්ඨා නාභ්යා{9} කටිසමොහිතානි, අඝට්ටිතා නිච්චකිලිං කරොන්ති හං තාත කිං රුක්ඛඵලානි තානි.
Sinhala BJT3358. (පියාණෙනි,) ඔහුගේ නාහියෙන් යට ඉණෙහි බඳනා ලද්දාවූත් සවි නොකරන ලද්දාවූත් නැට්ටක් නැත්තාවූත් ඵලයෝ වෙති. නො ගටන ලද ඒ ඵලයෝ නිතර කිලිං යන අනුකරණය කෙරෙත්. පින්වත් පියාණෙනි, ඒ කවර ගස්වල ඵල ද?
Pali BJT3359. ජටා ච තස්ස භුසදස්සනෙය්යා පරොසතං වෙල්ලිතග්ගා සුගන්ධා, ද්වෙධාසිරො සාධුවිභත්තරූපො අහො නුඛො මය්හ තථා ජටාස්සු.
Sinhala BJT3359. (පියාණෙනි,) ඔහුගේ ජටාව ද බොහෝ සෙයින් දැකුම් කලුය. සියයකටත් වඩා වක්වූ අග්වලින් යුක්තවූවා සුවඳවත් ය. හිස දෙකොටසකට බෙදා මනාකොට බඳින ලද ජටා ඇත්තේ ය. මගේ ජටාවද එසේ වන්නේ නම් යහපති.
Pali BJT3360. යදා ච සො පකිරති තා ජටායො වණ්ණෙන ගන්ධෙන උපෙතරූපා, නීලුප්පලං වාතසමෙරිතංව තථෙව සංවාති වනස්සමො අයං.
Sinhala BJT3360. යම් කලෙක්හි හෙතෙම වර්‍ණයෙන් හා සුවඳින් යුතුවූ ඒ ජටාවන් විසුරුවා ද, එකල්හි වාතයෙන් කම්පා කරන ලද නිලුපුල් වනයක් මෙන් මේ වන අසපුව ද සුවඳ හමන්නේය.
Pali BJT3361. පඞ්කො ච තස්ස භුසදස්සනෙය්යො නෙතාදිසො යාදිසො මය්හකායො, සො වායති එරිතො මාළුතෙන වනං යථා අග්ගගිම්භෙ සුඵුල්ලං.
Sinhala BJT3361. ඔහුගේ ඉතා දැකුම්කලු කය මාගේ කයමෙන් මඩ සහිත (කිලුටු) නොවේ. හෙතෙම සුළඟින් කම්පා කරන ලද්දේ වසන්ත කාලයෙහි මනාව පිපි වනයක් මෙන් සුවඳ හමන්නේ ය.
Pali BJT3362. නිහන්ති සො රුක්ඛඵලං පඨබ්යා සුචිත්තරූපං රුචිරං දස්සනෙය්යං, ඛිත්තඤ්ච තස්ස පුනරෙති හත්ථං හං තාත කිං රුක්ඛඵලං නු ඛො තං.
Sinhala BJT3362. හෙතෙම ඉතා විසිතුරු මන වඩන්නාවූ දැකුම්කලු වෘක්‍ෂඵලයක් පොළොවෙහි ගසයි. පොළොවෙහි ගසන ලද ඒ ඵලය නැවත ඔහුගේ අතට පැමිණෙයි. පින්වත් පියාණෙනි, එය කිනම් ගසක ඵලයක් ද?
Pali BJT3363. දන්තා ච තස්ස භුසදස්සනෙය්යා සුද්ධා සමා සඞ්ඛවරූපපන්නා, මනො පසාදෙන්ති විවරියමානා නහ නූන සො සාකමඛාදි තෙහි.
Sinhala BJT3363. ඔහුගේ දන්තයෝ ද ඉතා දැකුම්කලු වූවාහු සුදු පැහැ ඇත්තාහු මන කොට සෝදන ලද්දා වූ හක් ගෙඩියක් බඳු වූවා හු විවෘත කරනු ලබන්නාහු සිත පහදවත්. (අප මෙන්) ඒ තරුණ තෙම ඒ දත්වලින් පලා අනුභව නොකෙළේ වනැයි ඒකාන්තයෙන් හඟිමි.
Pali BJT3364. අකක්කසං අගළිතං{1} මුහුං මුදුං උජුං අනුද්ධතං අචපලමස්ස භාසිතං, රුදං මනුඤ්ඤං කරවීතසුස්සරං හදයඞ්ගමං රඤ්ජයතෙව මෙ මනො
Sinhala BJT3364. ඔහුගේ වචනය රළු නොවේ. ගොත ගසන්නේ නොවෙයි. නැවත කියන්නේ ද ඉතා මෘදුය, ඍජුය, තැන්පත්ය, අචපලය, කුරවිකෙවිල්ලන්ගේ මෙන් ඉතා මිහිරිය. හෘදයඞ්ගමය, මගේ සිත එහි ඇලේ ම ය.
Pali BJT3365. බින්දුස්සරො නාතිවිස්සට්ඨවාක්යො න නූන සජ්ඣායමතිප්පයුත්තො, ඉච්ඡාමි ඛො{2} තං පුනරෙව{3} දට්ඨුං මිත්තං හි මෙ මාණවාහු පුරත්ථා.
Sinhala BJT3365. විහිදී නොගිය වාක්‍ය ඇත්තේ අප්‍රකට ස්වරයෙන් යුක්තය. හෙතෙමේ හැදෑරීමෙහි ඉතා යෙදුනෙක් නොවේ. ඔහු නැවත දැකීමට මම කැමැත්තෙමි. ඒ මාණවක තෙම පළමු මාගේ මිත්‍රයා විය.
Pali BJT3366. සුසන්ධි සබ්බත්ථ විමට්ඨිමං වණං පුථූ සුජාතං ඛරපත්තසන්නිභං, තෙනෙව මං උත්තරියාන මාණවො විවරිය ඌරුං ජඝතෙන පීළයි.
Sinhala BJT3366. මනා ගැළපීම් ඇති සියලු තන්හි විශේෂයෙන් වටවූ විශාල ලෙස මනාව හටගත්තා වූ නෙලුම් කැකුළකට බඳු වූ ඔහුගේ වණයක් වෙයි. ඒ තරුණ තෙමේ මා වසා මැඩ ගෙන ඌරු යුග්මය විවෘත කොට කටියෙන් මා පෙළුවේ ය.
Pali BJT3367. තපන්ති ආභන්ති විරොචරෙ ච සතෙරතා විජ්ජුරිවන්තලික්ඛෙ, බාහා මුදා අඤ්ජනලොමසාදිසා විචිත්රවට්ටඞ්ගුලිකාස්ස සොභරෙ.
Sinhala BJT3367. ඒ මාණවකයාගේ සිරුරෙන් නික්මෙන්නා වූ රශ්මිහු අහස් හි සියරැලි විදුලි මෙන් දිලිසෙත්. ආලොකවත් වෙත්. බබළත්. ඔහුගේ බාහුව ද අඳුන්වන් ලොම් වැනි ලොම් ඇත්තේ මෘදු වූයේ විසිතුරු වූ ද වට වූ ද ඇඟිලිවලින් යුක්තව බබළ යි.
Pali BJT3368. අකක්කසඞ්ගො න ච දීඝලොමො නඛස්ස දීඝා අපි ලොහිතග්ගා, මුදූහි බාහාහි පළිස්සජන්තො කල්යාණරූපො රමයං උපට්ඨහි.
Sinhala BJT3368. ඒ මාණවක තෙම කර්‍කශ නොවූ ශරීරාවයව ඇත්තේ නොදික් ලොම්වලින් යුක්තය. ඔහුගේ නිය දික් වූයේ නමුත් අග රතු පැහැයෙන් යුතුය. යහපත් ස්වභාව ඇති හෙතෙම මෘදු අත්වලින් මා වැළඳ ගෙන අභිරමණය කරවමින් මට උපස්ථාන කෙළේ ය.
Pali BJT3369. දුමස්ස තූලූපනිභා පභස්සරා සුවණ්ණකම්බූතලවට්ටසුච්ඡවි, හත්ථා මුදු තෙහි මං සම්ඵුසිත්වා ඉතො ගතො තෙ මං දහන්ති තාත.
Sinhala BJT3369. ගසක පුළුන් වැනි සුවපහස් ඇති පැහැ විහිදෙන්නා වූ රන්මුවා කැටපතක් සේ වට වූ ද යහපත් සිවියක් ඇත්තා වූ ද හස්තයෝ ඒ තරුණයාහට ඇත්තා හ. ඒ අත්වලින් මා වැළඳ ගෙන සිය පහස මා සිරුරෙහි පතුරුවා මෙතැනින් ගියේ ය. පියාණෙනි, ඒ ස්පර්‍ශයෝ මා දවත් (යයි ඉසිසිංග තවුසා කීයේ ය.)
Pali BJT3370. නහ නූන සො ඛාරිවිධං අහාසි න නූන කට්ඨානි සයං අභඤ්ජි, න නූන සො හන්ති දුමෙ කුඨාරියා න පිස්ස හත්ථෙසු ඛීලානි අත්ථි.
Sinhala BJT3370. පියාණෙනි, ඒ මාණවක තෙම ඒකාන්තයෙන් ම තවුස් පිරිකර ගෙන නොගියේ වන. තෙමේ කාෂ්ඨයන් නොබින්දේ යයි හඟිමි. හෙතෙම පොරොවෙන් ගස් නො කැපුයේ යයි හඟිමි. ඔහුගේ අත්වල කරගැට නැත.
Pali BJT3371. අච්ඡො ච ඛො තස්ස වණං අකාසි සො මං බ්රවී සුඛිතං මං කරොහි, තාහං කරිං තෙන මමාසි සොඛ්යං සො මං බ්රවී සුඛිතොස්මීති බ්රහ්මෙ.
Sinhala BJT3371. ඔහුට වලසෙක් වණයක් ඇති කෙළේ ය. ඒ වණය සුව කරන්නට යැයි හෙතෙම මට කීයේ ය. එය මම කෙළෙමි. එයින් මට ද සැපයක් විය. “බ්‍රාහ්මණය, මම සුවපත් කරන ලද්දෙමි” යි හෙතෙම මට ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3372. අයඤ්ච තෙ මාලුවපණ්ණසන්ථතා විකිණ්ණරූපාව මයා ච තෙන ච, කිලන්තරූපා උදකෙ රමිත්වා පුනප්පුනං පණ්ණකුටිං වජාම.
Sinhala BJT3372. (පියාණෙනි,) නුඹ වහන්සේගේ මේ මාලුවා පත්‍රමය ආස්තරණය ද ඔහු විසින් හා මා විසිනුත් විසුරුවන ලද පරිදිමය. ක්ලාන්ත ස්වභාව ඇති වූයෙමි. ජලයෙහි රමණය කොට නැවත නැවතත් පන්සලට වැදුණෙමි.
Pali BJT3373. න මජ්ජ මන්තා පටිභන්ති තාත න අග්ගිහුත්තං නපි යඤ්ඤතන්ත්රං, න චාපි තෙ මූලඵලානි භුඤෙජ යාව න පස්සාමි තං බ්රහ්මචාරිං.
Sinhala BJT3373. පියාණෙනි, මට අද මන්ත්‍ර නො වැටහේ. ගිනි පිදීම ද නො වැටහේ. යාග කිරීම ද නො වැටහේ. නුඹ වහන්සේ විසින් ගෙනෙන ලද අල මුල් පලතුරු ද ඒ තාපසයා දකිනතුරු නො බුදිමි.
Pali BJT3374. අද්ධා පජානාසි තුවම්පි තාත යස්සං දිසායං වසතෙ බ්රහ්මචාරී, තං මං දිසා පාපය තාත ඛිප්පං මා තෙ අහං අමරිං අස්සමම්හි.
Sinhala BJT3374. පියාණෙනි, නුඹ ද ඒ තාපසය වාසය කරන දිසාව දන්නෙහි නම්, පියාණෙනි, ඒ මා ඒ දෙසට වහා පමුණුවනු මැනවි. මම නුඹ වහන්සේගේ ආශ්‍රමයෙහි නො මැරෙම්වා (යි තාපසයා කීවේ ය.)
Pali BJT3375. විචිත්රපුප්ඵං හි වනං සුතං මයා දිජාභිඝුට්ඨං දිජසඞ්ඝසෙවිතං, තං මං වනං පාපය තාත ඛිප්පං පුරා තෙ පාණං විජහාමි අස්සමෙ.
Sinhala BJT3375. පියාණෙනි, ඒ ආශ්‍රමය විසිතුරු මල් ඇත්තෙක. පක්‍ෂීන් විසින් කරන ලද නාද ඇත්තෙක. පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලදැ යි මා විසින් අසන ලදි. පියාණෙනි, නුඹ වහන්සේගේ අසපුවෙහි මා මැරෙන්ට ප්‍රථම ඒ වනයට පමුණුවන සේක්වා’ යි (තාපසයා කීයේ ය.)
Pali BJT3376. ඉමස්මාහං ජොතිරසෙ වනම්හි ගන්ධබ්බදෙවච්ඡරසඞ්ඝසෙවිතෙ, ඉසීනමාවාසෙ සනන්තනම්හි නෙතාදිසං අරතිං පාපුණෙථ.
Sinhala BJT3376. හෝමාග්නියෙන් බබළන ගාන්‍ධර්‍වයන් හා දිව්‍යාප්සරා සමූහයා විසින් සෙවුනා ලද ඉතා පුරාණ වූ ඍෂීන්ගේ වාසභූමිය චන මේ අසපුවෙහි කිසිවෙක් මෙබඳු නො ඇල්මකට නො පැමිණියේය.
Pali BJT3377. භවන්ති මිත්තානි අථො න හොන්ති ඤාතීසු මිත්තෙසු කරොන්ති පෙමං, අයඤ්ච ජම්මො කිස්ස වා නිවිට්ඨො යො නෙව ජානාති කුතොම්භි ආගතො.
Sinhala BJT3377. ලොව සමහරුන්හට මිත්‍රයෝ වෙති. සමහරුන්හට මිත්‍රයෝ නොවෙත්. ඔවුන්ගෙන් සමහරු නෑයන් කෙරෙහි ද සමහරු මිත්‍රයන් කෙරෙහි ද ප්‍රේම කරත්. යම් මේ (ඉසිසිංග) තාපසයෙක් වේද, හේ කොයින් ආයෙම්දැ යි තමා ගැනත් නො දනී. (එසේ වූ මොහු කුමක් හෙයින් මේ මාගම කෙරෙහි මිත්‍රයාය යන හැඟීමෙන් ඇතුළත් වී දැ යි සිතුවේ ය.)
Pali BJT3378. සංවාසෙන හි මිත්තානි සන්ධීයන්ති පුනප්පුනං, ස්වෙව මිත්තො අඝඞ්ගත්තු අසංවාසෙන ජීරති.
Sinhala BJT3378. පුත්‍රය, එක්ව වාසය කිරීමෙන් වනාහි මිත්‍රයෝ නැවත නැවත එක්වෙත්. ඒ මිත්‍ර තෙමේ එක් වැ වාසය නොකිරීමෙන් ම විනාශ වේ.
Pali BJT3379. සචෙ තුවං දක්ඛසි බ්රහ්මචාරිං සචෙ තුවං සල්ලපි{1} බ්රහ්මචාරිනා, සම්පන්නසස්සං ව මහොදකෙන තපොගුණං ඛිප්පමිමං පහස්සසි.{2}
Sinhala BJT3379. පුත්‍රය, ඉදින් නුඹ ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමaද්ධ වූ ශස්‍යයන් මහ දිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ තපෝගුණය වහා ම පැහැර ගන්වන්නෙහි ය.
Pali BJT3380. පුනපි චෙ දක්ඛසි බ්රහ්මචාරිං පුනපි චෙ සල්ලපෙ බ්රහ්මචාරිනා, සම්පන්නසස්සං ව මහොදකෙන උස්මාගතං ඛිප්පමිමං පභස්සසි.{3}
Sinhala BJT3380. ඉදින් නුඹ නැවතත් ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් නැවතත් ඒ බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමෘද්ධ වූ ශස්‍යයන් මහදිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ ශ්‍රමණ තේජස වහා පැහැර ගන්වන්නෙහි ය.
Pali BJT3381. භූතානි හෙතානි චරන්ති තාත විරූපරූපෙන මනුස්සලොකෙ, න තානි සෙවෙථ නරො සපඤ්ඤො ආසජ්ජ නං නස්සති බ්රහ්මචාරීති,
Sinhala BJT3381. පුත්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි විරූප ස්වභාවයෙන් (මේ යක්‍ෂීණී සංඛ්‍යාත) භූතයෝ හැසිරෙත්. නුවණැති මිනිසා ඒ භූතයන් සේවනය නො කරන්නේය. බ්‍රහ්මචාරී තාපස තෙම ඒ භූතයාට ළංව නස්නේයයි (තාපස තෙම පුත්‍රයාට අවවාද කෙළේ යැයි වදාළ සේක.)
Pali BJTනලිනිකාජාතකං.
Sinhala BJTනලිනිකා ජාතක යි.
Pali BJT2. උම්මාදන්තීජාතකං
Sinhala BJT2. උම්මාදන්තී ජාතකය
Pali BJT3382. නිවෙසනං කස්ස නුදං සුනන්ද පාකාරෙන පණ්ඩුමයෙන ගුත්තං, කා දිස්සති අග්ගිසිඛාව දූරෙ වෙහාසයං{4} පබ්බතග්ගෙව අච්චී.
Sinhala BJT3382. එම්බා සුනන්‍ද නම් සාරථිය, රතුගඩොළුමුවා පවුරෙන් ආරක්‍ෂා කරන ලද මේ ගෙය කාගේ ද? කඳු මුදුනක අහස්හි බබළන ගිනිකඳක් මෙන් ද දුර පිහිටි ගිනිසිළක් මෙන් ද, කවරක් බබළා ද?
Pali BJT3383. ධීතානයං කස්ස සුනන්ද හොති සුණිසානයං කස්ස අථොපි භරියා, අක්ඛාහි මෙ ඛිපපමිධෙව පුට්ඨො අවාවටා යදි වා අත්ථි භත්තා
Sinhala BJT3383. සුනන්‍දය, මෝ තොමෝ කවරකුගේ දුවක් ද? කවරකුගේ ලේලියක් ද? කවරකුගේ බිරියක් ද? විචාරන ලද්දා වූ මට වහා ම මෙහි දී ම කියව. මැයට යම් කිසිවකුගේ රැකවරණයක් ඇත්තේ ද? නැතහොත් ස්වාමිපුරුෂයෙක් ඇත්තේ ද යන බව මට කියව (යි රජ තෙම කීයේ ය.)
Pali BJT3384. අහං හි ජානාමි ජනින්ද එතං මත්යා ච පෙත්යා ච අථොපි අස්සා, තවෙව සො පුරිසො භූමිපාල රත්තින්දිවං අප්පමතො තවත්ථෙ.
Sinhala BJT3384. රජතුමනි, මැයගේ මව්පසින් ද පියපසින් ද කිවහැකි තොරතුරු මම දනිමි. පෘථිවිපාලක රජතුමනි, රෑ දාවල් දෙක්හි නුඹ වහන්සේ සඳහා අප්‍රමාද ව ක්‍රියා කරන්නා වූ ඒ පුරුෂ තෙම නුඹ වහන්සේගේ ම සේවකයෙකි.
Pali BJT3385. ඉද්ධො ච ඵීතො ච සුවඩ්ඪි{1}තො ච අමච්චො ච තෙ අඤ්ඤතරො ජනින්ද, තස්සොසා{2} භරියා අහිපාරකස්ස උම්මාදන්තී{3} නාමධෙය්යෙන රාජ.
Sinhala BJT3385. ජනාධිපතිතුමනි, සම්පතින් සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරුණා වූ ආඪ්‍ය වූ එක්තරා අමාත්‍යයෙක් නුඹ වහන්සේට ඇත. රජතුමනි, උම්මාදන්තී යන නාමයක් ඇති මෝ තොමෝ අහිපාරක නම් වූ ඔහුගේ භාර්‍ය්‍යාව ය.
Pali BJT3386. අම්භො අම්භො නාමමිදං ඉමිස්සා මත්යා ච පෙත්යා ච කතං සුසාධු, තථා හි{4} මය්හං අවලොකයන්ති උම්මත්තකං උම්මදන්තී අකාසි.
Sinhala BJT3386. පින්වත, පින්වත, මැයගේනම මව්පියන් විසින් මනා කොට තබන ලද්දකි. ඒ එසේ ම ය. මා දෙස බලන්නී වූ උම්මාදන්තී තොමෝ මා උමතුවකු කළා ය.
Pali BJT3387. සා පුණ්ණමාසෙ මිගමන්දලොචනා උපාවිසී පුණ්ඩරීකත්තචඞ්ගී, ද්වෙ පුණ්ණමායො තදහු අමඤ්ඤං දිස්වාන පාරාවතරත්තවාසිනිං.
Sinhala BJT3387. පූර්‍ණ චන්‍ද්‍රයාගෙන් යුත් රාත්‍රියෙහි මුව දෙනක මෙන් මඳ බැලුම් ඇත්තා වූ රත්පියුමකට බඳු සිවියක් ඇති යම් තැනැත්තියක් තොමෝ (කවුළුව සමීපයෙහි) හුන්නී ද, පරවියන්ගේ පා වැනි වර්‍ණ ඇති වස්ත්‍ර හැඳි ඇය දැක එදවස්හි චන්‍ද්‍රයෝ දෙදෙනෙක් වූහ යි සිතුවෙමි.
Pali BJT3388. අළාරපම්හෙහි සුභෙහි වග්ගුහි පලොහයන්ති මං යදා උදික්ඛති, විජම්භමානා හරතෙව මෙ මනො ජාතා වනෙ කිම්පුරිසීව පබ්බතෙ.
Sinhala BJT3388. යම් දිනෙක ඕ තොමෝ මා පොළඹවමින් යහපත් වූ ද විශාල වූ ද ඇස්වලින් මා දෙස බැලූ ද, එවිට කම්පාවට පත් ඕ තොමෝ වනයෙහි වූ පර්‍වතයෙක්හි උපන් කිඳුරු දෙනක මෙන් මාගේ සිත පැහැර ගත්තා ම ය.
Pali BJT3389. තදා හි බ්රහතී සාමා ආමුත්තමණිකුණ්ඩලා, එකච්චවසනා නාරී මිගී භන්තාවුදික්ඛති.
Sinhala BJT3389. එකල්හි මහත් වූ රන් මෙන් ශ්‍යාමවර්‍ණ වූ පලඳන ලද මිණිකොඬොල් ඇති එක් වස්ත්‍රයක් හැන්දා වූ ඒ ස්ත්‍රී තොමෝ භ්‍රාන්ත වූ මුව දෙනක මෙන් මා දෙස බැලුවා ය.
Pali BJT3390. කදාස්සු මං තම්බනඛා සුලොමා බාහා මුදූ චන්දනසාරලිත්තා, වට්ටඞ්ගුලී සන්නතධීරකුත්තියා නාරී උපඤ්ඤිස්සති සීසතො සුභා.
Sinhala BJT3390. තඹවන් නිය ඇති යහපත් ලොම් ඇති මොළොක් වූ අත්වලින් යුත් සඳුන්කල්ක ගල්වන ලද වට ඇඟිලි ඇත්තා වූ යහපත් වූ ඒ ස්ත්‍රී තොමෝ කවදා නම් හිස පටන් යහපත් ලෙස ස්පර්‍ශ කිරීමෙන් දක්‍ෂ ව ක්‍රියා කොට මා තුටු කරන්නීදැ යි (කියමින් රජ තෙම වැලැපුණේ ය.)
Pali BJT3391. කදාස්සු මං කඤ්චනජාලුරච්ඡදා ධීතා තිරීටිස්ස විලාකමජ්ඣා, මුදූහි බාහාහි පළිස්සජිස්සති බ්රහාවනෙ ජාතදුමංව මාලුවා.
Sinhala BJT3391. කවර කලෙක්හි රන්මය උර වැස්මෙන් අලංකාර වූ කෘශ වූ මධ්‍යප්‍රදේශ ඇති තිරිටි නම් සිටුහුගේ දියණි තොමෝ විශාලවනයෙහි හටගත් වෘක්‍ෂයක් මාලුවා වැලක් (වැළඳ ගන්නාක්) මෙන් මා වැළඳ ගන්නී ද,
Pali BJT3392. කදාස්සු ලාඛාරසරත්තසුච්ඡවි ඛින්දුත්ථනී පුණ්ඩරීකත්තචඞ්ගී, මුඛං මුඛෙන උපනාමයිස්සති සොණ්ඩොව සොණ්ඩස්ස සුරාය ථාලං.
Sinhala BJT3392. කවර කලෙක්හි ලාක්‍ෂාරස පොවන ලද්දක් සේ මනා සිවි ඇත්තා වූ දියබුබුළු මෙන් වට වූ පයෝධර ඇත්තා වූ රත් නෙළුම් බඳු පැහැති ශරීරවර්‍ණ ඇති ඕ තොමෝ රා සොඬකුහට අන් රා සොඬකු සුරා තැටියක් එළවන්නා සේ මුඛයෙන් මුඛයට ළං වන්නී ද–
Pali BJT3393. යදාද්දසං තං තිට්ඨන්තිං සබ්බගත්තං මනොරමං, තතො සකස්ස චිත්තස්ස නාවබොධාමි කඤ්චිනං.
Sinhala BJT3393. යම් දිනෙක සිත්කලු වූ සියලු ශරීරාවයව ඇතිවැ සිටුනා ඇය දක්කෙම් ද, එදා පටන් සිය සිත පිළිබඳ කිසිවක් මම නො දනිමි.
Pali BJT3394. උම්මාදන්තිමහං දිට්ඨො ආමුත්තමණිකුණ්ඩලං, න සුපාමි දිවාරත්තිං සහස්සංව පරාජිතො.
Sinhala BJT3394. පළඳනා ලද මිණිකොඬොල් ඇති උම්මාදන්තී නම් තැනැත්තිය මම දුටුවෙමි. ඒ මොහොතේ සිට මම දහසකින් පැරැදුනකු සේ රෑ දවල් නිදි නො ලබමි.
Pali BJT3395. සක්කො ච මෙ වරං දජ්ජා සො ච ලබ්භෙථ මෙ වරො, එකරත්තං දිරත්තං වා භවෙය්යං අභිපාරකො උම්මාදන්ත්යා රමිත්වාන සිවිරාජා තතො සියං.
Sinhala BJT3395. ඉදින් ශක්‍ර තෙමේ මට වරයක් දෙන්නේ නම් මම ඒ වරය ලබමි. (කිනම් වරයක් ද යත්:) එක් රැයක් හෝ දෙරැයක් මම අහිපාරක වන්නෙම්වා. එසේ අහිපාරක වී උම්මාදන්තිය සමග අභිරමණය කොට ඉන්පසු සිවිරජ වෙම්වා (යන මේ වරය යි.)
Pali BJT3396. භූතානි මෙ භූතපතී නමස්සතො ආගම්ම යක්ඛො ඉදමෙවමබ්රවි,{1} රඤ්ඤො මනො උම්මදන්ත්යා නිවිට්ඨො දදාමි තෙ තං පරිචාරයස්සු.
Sinhala BJT3396. මහරජ, බිලියම් පිණිස භූතයන් වඳින්නා වූ මට යක්‍ෂයෙක් අවුත් රජුගේ සිත උම්මාදන්ති ය කෙරෙහි පිහිටියේ ය යන මෙය මෙසේ කීවේ ය. ඔබට ඒ උම්මාදන්ති ය දෙමි. ඇය පරිචාරිකාව කර ගනුව (යි ඇමති තෙම කීවේ ය.)
Pali BJT3397. පුඤ්ඤා විධංසෙ{2} අමරො න චම්හි ජනො ච මෙ පාපමිදන්ති ජඤ්ඤා, භුසො ච ත්යස්ස මනසො විඝාතො දත්වා පියං උම්මදන්තිං අදිට්ඨා.
Sinhala BJT3397. යහළු අහිපාරකය, එසේවීනම් මම පිනෙන් පිරිහෙමි. ඇය සමග කෙලෙස් සසගින් විසූ පමණින් අමරණිය ද නො වෙමි. මහජනයා ද මාගේ මේ ලාමක කමැයි දැන ගන්නේ ය. ප්‍රිය වූ උම්මාදන්තිය නොදැක්මෙන් තොපගේ සිතට ද මහත් දුකෙක් ඇති වන්නේ ය.
Pali BJT3398. ජනින්ද නාඤ්ඤතු තයා මයා වා සබ්බාපි කම්මස්ස කතස්ස ජඤ්ඤා, යන්තෙ මයා උම්මදන්තී පදින්නා භුසෙහි රාජා වනථං සජාහි.
Sinhala BJT3398. මහරජ, නුඹ වහන්සේත් මාත් හැර සියලු ප්‍රජාව ම නුඹ වහන්සේට උම්මාදන්ති ය දෙන ලද්දී ය යන කරුණ නොදන්නේ ය. එහෙයින් රජ තෙමේ (ඇය සමග සිත් අලවා වෙසෙමින්) මනදොළ සපුරා ගනීවා. ඉන්පසු නුඹ වහන්සේ නොරුස්නාහු නම්, ඇය මාහට ම දෙනු මැනවි.
Pali BJT3399. යො පාපකං කම්මකරං මනුස්සො සො මඤ්ඤති මායිදං මඤ්ඤිංසු අඤ්ඤෙ, පස්සන්ති භූතානි කරොන්තමෙතං යුත්තා ව යෙ හොන්ති නරා පඨබ්යා.
Sinhala BJT3399. (අහිපාරකය,) පව්කම් කරන යම් මිනිසෙක් වේ නම්, “මා කරන පව්කම අන්‍යයෝ නො දැන ගනිත්වා” යි හෙ තෙමෙ සිතයි. එහෙත් ලෝකයෙහි (බුදු – පසේ බුදු) ඈ ඉදුබල ඇති මනුෂ්‍යයෝත් භූතයෝත් ඒ පාපකර්‍ම කරන්නහු දකිත්.
Pali BJT3400. අඤ්ඤො නු තෙ කොචි නරො පඨබ්යා සද්දහෙය්ය{3} ලොකස්මිං න මෙ පියාති, භුසො ච ත්යස්ස මනසො විඝාතො දත්වා පියං උම්මදන්තිං අදිට්ඨා.
Sinhala BJT3400. (අහිපාරකය,) ලෝකයෙහි කිසියම් මිනිසෙක් මට උම්මදන්ති ය ප්‍රිය නැතැ යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මදන්තිය ය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
Pali BJT3401. අද්ධා පියා මය්හ ජනින්ද එසා න සා මම අප්පියා භූමිපාල, ගච්ඡෙව ත්වං උම්මදන්තිං භදන්තෙ සීහොව සෙලස්ස ගුහං උපෙහි.
Sinhala BJT3401. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාමපරිළාහයෙන් යුතු සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත්වා.
Pali BJT3402. න පීළිතා අත්තදුක්ඛෙන ධීරා සුඛප්ඵලං කම්මං පරිච්චජන්ති, සම්මොහිතාවාපි සුඛෙන මත්තා න පාපකම්මඤ්ච සමාචරන්ති.
Sinhala BJT3402. ආත්ම දුඃඛයෙන් පෙළන ලද පණ්ඩිතයෝ සුව විපාක ඇති කර්‍ම නො හරිත්. එසේ ම සුවයෙන් මත් ව මුළා වූවාහු පාප කර්‍ම ද නො කරත්.