Pali BJT122. යසං ලද්ධාන දුම්මෙධො අනත්ථං චරති අත්තනො, අත්තනො ච පරෙසඤ්ච හිංසාය පටිපජ්ජතී’ති.
Sinhala BJT122. නුවණ නැත්තේ යශස් (පිරිවර සම්පත්) ලැබැ තමනට අනර්‍ත්‍ථ පිණිස හැසිරෙයි. තමහට ද මෙරමාහට ද හිංසා පිණිස පිළිපදී.
Pali BJT2. දුම්මෙධ ජාතකං.
Sinhala BJT2. දුම්මේධ ජාතක යි.
Pali BJT123. අසබ්බත්ථගාමිනං වාචං බාලො සබ්බත්ථ භාසති, නායං දධිං වෙදි න නඞ්ගලීසං දධිම්පයං{2} මඤ්ඤති නඞ්ගලීසන්ති.
Sinhala BJT123. නුවණ නැත්තේ හැම තැනට ම නුසුදුසු තෙපුල් හැම තන්හි ම බෙණෙයි. මේ තෙමේ දී ද (දීකිරි ද) නඟුලීස ද නො දන්නේ ය. (යම්සේ) දීකිරි ද නඟුලීස යයි සිතා ද එහෙයිනි.
Pali BJT3. නඞ්ගලීසජාතකං.
Sinhala BJT3. නඞ්ගුලීස ජාතක යි.
Pali BJT124. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, වායාමස්ස ඵලං පස්ස භුත්තා අම්බා අනීතිහන්ති.
Sinhala BJT124. නුවණැති පුරුෂ තෙමේ වෑයම් කෙරේ ම ය. නො කලකිරෙන්නේ ය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලව (රස) මෙසේ ද වී යැ යි මෙසේ ද වී යැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්‍රත්‍යක්‍ෂයෙන් ම) අඹ අනුභව කරන ලදාහු ය.
Pali BJT4. අම්බජාතකං.
Sinhala BJT4. අම්බ ජාතක යි.
Pali BJT125. බහුම්පි සො විකත්ථෙය්ය අඤ්ඤං ජනපදං ගතො, අන්වාගන්ත්වාන දූසෙය්ය භුඤ්ජ භොගෙ කටාහකාති.
Sinhala BJT125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
Pali BJT5. කටාහකජාතකං.
Sinhala BJT5. කටාහක ජාතක යි.
Pali BJT126. තථෙවෙකස්ස{1} කල්යාණං තථෙවෙකස්ස පාපකං, තස්මා සබ්බං න කල්යාණං සබ්බං වාපි න පාපකන්ති.
Sinhala BJT126. එකකුහට හේ ම (එය ම) කල්‍යාණය (යහපත් ය) එකකුහට හේ ම ලාමක ය. එහෙයින් සියල්ල කල්‍යාණ නො වේ. සියල්ල ලාමක ද නො වේ.
Pali BJT6. අසිලක්ඛණජාතකං
Sinhala BJT6. අසිලක්ඛණ ජාතක යි.
Pali BJT127. තෙ දෙසා තානි වත්ථූනි අහඤ්ච වනගොචරො, අනුවිච්ච ඛො තං ගණ්හෙය්යුං පිඛ{2} ඛීරං කලණ්ඩුකාති.
Sinhala BJT127. (තා උපන් මවුකුස නම් වූ) දේශය ද (මවු ගැබ නම් වූ) වස්තුව ද වනගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැනැ හැරැගන්නාහ. කලණ්ඩුකය කිරි බොව.
Pali BJT7. කලණ්ඩුකජාතකං.
Sinhala BJT7. කලණ්ඩුක ජාතක යි.
Pali BJT128. යො චෙ ධම්මං ධජං කත්වා නිගූළ්හො පාපමාචරෙ, විස්සාසයිත්වා භූතානි බිළාරං නාම තං වතන්ති.
Sinhala BJT128. යමෙක් ඒකාන්තයෙන් (දශකුශල) ධර්‍මයන් ධ්වජයක් කොට (මතු කොට පෙන්නා) සත්ත්‍වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කරවාගෙනැ තමන් තතු සඟවාගත්තේ පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම බිළාර නම් ව්‍රතය යි.
Pali BJT8. බිළාරවතජාතකං{3}.
Sinhala BJT8. බිළාරවත ජාතක යි.
Pali BJT129. නායං සිඛා පුඤ්ඤහෙතු ඝාසහෙතු අයං සිඛා, න’ඞ්ගුට්ඨගණනං යාති අලන්තෙ හොතු අග්ගිකාති.
Sinhala BJT129. මේ සිඛාව (හිසැ මුදුනෙහි බැඳි කෙස් රොද) පින් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහා ය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො යේ. අග්ගිකය තාගේ (මීයන් ගිණීම්) මෙ පමණ වේවා.
Pali BJT9. අග්ගික{4}ජාතකං.
Sinhala BJT9. අග්ගික ජාතක යි.
Pali BJT130. යථා වාචා ච භුඤ්ජස්සු යථාභුත්තඤ්ච ව්යාහර, උභයං තෙ න සමෙති වාචාභුත්තඤ්ච කොසියෙති.
Sinhala BJT130. කෝසියාව (ලෙඩෙමි යන) වචනයට අනුකූල වැ අනුභව කරව. කෑ දෙයට අනුකූල වැ මෙහෙ කරව. තීගේ (ලෙඩෙමි යන) කීම ද අනුභව කිරීම ද යන මේ දෙකරුණ සම නො වේ.
Pali BJT10. කොසියජාතකං.
Sinhala BJT10. කෝසිය ජාතක යි.
Pali BJTකුසනාළිවග්ගො{5} තෙරසමො.
Sinhala BJTතෙළෙස්වැනි කුසනාළි වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTකුසනාළිසිරිවහයනො ච යසං දධිමම්බකටාහකපඤ්චමකො, අථ පාපක ඛීරබිළාරවතං සිඛිකොසියසව්භයනෙන දස.
Sinhala BJTකුසනාළි - යසං (දුම්මේධ) දධි (නඞ්ගලීස) - අම්බ - කටාහක - පාපක - (අසිලක්ඛණ) ඛීර (කලණ්ඩුක) බිළාරවත - සිඛී (අග්ගික) කෝසිය යන දසය යි.
Pali BJT14. අසම්පදානවග්ගො.
Sinhala BJT14. අසම්පදාන වර්‍ගය
Pali BJT131. අසම්පදානෙනිතරීතරස්ස බාලස්ස මිත්තානි කලීභවන්ති, තස්මා හරාමි භුසං අඩ්ඪමානං මා මෙ මිත්ති ජීයිත්ථ{1} යස්සතායන්ති.
Sinhala BJT131. කිසියම් හීන වූ ද උතුම් වූ ද වස්තුවක් නො ගැනීම නිසා අනුවණයාගේ මිතුරෝ කිලුටු වෙත්. (හෙවත් බිඳෙත්.) එහෙයින් (මිත්‍රත්‍වය රකිනු පිණිස) මිතුරා දෙන ලද බොල් කුරුණි සතර ගතිමි. මගේ මිත්‍රත්‍වය නො පිරිහේවා, මිත්‍රත්‍වය සදා පවතීවා.
Pali BJT1. අසම්පදානජාතකං.
Sinhala BJT1. අසම්පදාන ජාතක යි.
Pali BJT132. කුසලූපදෙසෙ ධිතිසා දළ්හාය ච අවත්ථිතතත්තා{2} භයහීරුතාය ච, න රක්ඛසීනං වසමාගමිම්හ{3} ස සොත්ථිභාවො මහතා භයෙන මෙති,
Sinhala BJT132. දක්‍ෂ වූ (පසේබුදුවරයන්ගේ) අවවාදයෙහි දැඩි වැ පිහිටි හෙයින් ද භය භීරුතායෙන් නො නැවති හෙයින් ද යකින්නන්ගේ වශයට නො පැමිණියම්හ. මට මහත් වූ බියෙන් ඒ සෙත් බව වී.
Pali BJT2. පඤ්චගරුකජාතකං{4}.
Sinhala BJT2. පඤ්චගරුක ජාතක යි.
Pali BJT133. ඛෙමං යහිං තත්ථ අරී උදීරිතො උදකස්ස{5} මජ්ඣෙ ජලතෙ ඝතාසනො, න අජ්ජ වාසො මහියා මහීරුහෙ දිසා භජව්හො සරණජ්ජ නො භයන්ති.
Sinhala BJT133. යම් තැනෙකැ නිර්‍භය ද එ තැන සතුරා නැඟීසිටියේ ය. දිය මැදැ ගිනි දිලිසෙයි. පොළෝ තෙලෙහි වූ රුක්හි අද වාසයෙක් නැත. අන් දෙසෙක යවු අපට පිහිට වූ තැනින් අද බිය උපන.
Pali BJT3. ඝතාසනජාතකං.
Sinhala BJT3. ඝතාසන ජාතක යි.
Pali BJT134. යෙ සඤ්ඤිනො තෙපි දුග්ගතා යෙපි අසඤ්ඤිනො තෙපි දුග්ගතා, එතං උභයං විවජ්ජය තං සමාපත්තිසුඛං අනඞ්ගණ’න්ති.
Sinhala BJT134. සිතැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත නැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කරව, ඒ අරූප සමවත් සුව නිදොසි.
Pali BJT4. ඣානසොධනජාතකං.
Sinhala BJT4. ඣානසෝධන ජාතක යි.
Pali BJT135. චන්දාභං සුරියාහඤ්ච යො’ධ පඤ්ඤාය ගාධති, අවිතක්කෙන ඣානෙන හොති ආහස්සරූපගොති.
Sinhala BJT135. මෙ ලොවැ යමෙක් ඕදාතකසිණය ද පීතකසිණය ද නුවණින් වඩා ද, මේ දෙයාකාරයෙන් වැඩූ විතර්‍ක රහිත දැහැනින් (දෙවැනි දැහැනින්) ආභස්සර බඹ ලොවට පැමිණියේ වෙයි.
Pali BJT5. චන්දාභජාතකං.
Sinhala BJT5. චන්‍දාභ ජාතක යි.
Pali BJT136. යං ලද්ධං තුට්ඨබ්බං අතිලොභො හි පාපකො, හංසරාජං ගහෙත්වාන සුවණ්ණා පරිහායථාති.
Sinhala BJT136. යමක් ලැබුණේ ද එයින් (ලද දෙයින්) සතුටු විය යුතු ය. අධික ලෝභය ලාමක ය. (රන් වැඩියක් ලබනු රිසි ව) ස්වර්‍ණහංස රාජයා අල්ලා ගැනීම නිසා රනින් පිරිහුණේ ය. (ලැබෙන්නට තිබූ රන් ද නො ලැබුණේ ය.)
Pali BJT6. සුවණ්ණහංසජාතකං.
Sinhala BJT6. ස්වර්‍ණහංස ජාතක යි.
Pali BJT137. යත්ථෙකො ලභතෙ බබ්බු දුතියො තත්ථ ජායති, තතියො ච චතුත්ථො ච ඉදං බබ්බුකා බිලන්ති.
Sinhala BJT137. යම් තැනෙකැ බළලෙක් (ගොදුරක්) ලබා ද එතැනැ දෙවෙනි බළලෙක් උපදී. තෙවැන්නෙක් ද සිවුවැන්නෙක් ද උපදී. මේ තීගේ බබ්බුකා බිලය යැ. (පිළිඟු ගුහාව යැ.)
Pali BJT7. බබ්බුකජාතකං.
Sinhala BJT7. බබ්බුක ජාතක යි.
Pali BJT138. කින්තෙ ජටාහි දුම්මෙධ කින්තෙ අජිනසාටියා, අබ්භන්තරං තෙ ගහනං බාහිරං පරිමජ්ජසීති
Sinhala BJT138. මෝඩය, ජටායෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? අඳුන් දිවි සමෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? තාගේ හිත රාගාදි කෙලෙස් කසළින් පිරී ඇත. පිටත (සිරුර) තවුස්වෙස් දරා පිරිමඳනෙහි ය.
Pali BJT8. ගොධජාතකං.
Sinhala BJT8. ගෝධ ජාතක යි.
Pali BJT139. අක්ඛි භින්නා පටො නට්ඨො සඛී ගෙහෙ ච භණ්ඩනං, උභතො පදුට්ඨකම්මන්තො උදකම්හි ථලම්භි චාති.
Sinhala BJT139. නේත්‍රයෝ බුන්හ, පටය (වස්ත්‍රය) නටුයේ ය. (නැති විය) යෙහෙළිය හා තාගේ බිරිය ගෙයි කහල යැ. දිය ගොඩ දෙතැන්හි දුෂිතකර්‍මාන්ත ඇත්තෙහි යැ.
Pali BJT9. උභතොභට්ඨජාතකං.
Sinhala BJT9. උභාතොභට්ඨ ජාතක යි.
Pali BJT140. නිච්චං උබ්බිග්ගහදයා සබ්බලොකවිහෙසකා, තස්මා තෙසං වසා නත්ථි කාකානස්මාක ඤාතීන’න්ති.
Sinhala BJT140. සතතයෙන් තැතිගත් සිත් ඇතියහ. සියලු ලෝවැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑසියන් වූ ඒ කවුඩනට වුරුණුතෙල් නැත.
Pali BJT10. කාකජාතකං.
Sinhala BJT10. කාක ජාතක යි.
Pali BJTඅසම්පදානවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි අසම්පදාන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTඉතරීතරරක්ඛසිඛෙමියො ච පරොසතපඤ්හෙන ආහස්සරො පුන, අථ හංසවරුත්තමබබ්බුජටං පටනට්ඨකකාකවරෙන දස.
Sinhala BJTඉතරීතර (අසම්පදාන) යැ රක්ඛසී (පඤ්චගරුක) යැ ඛේමි (ඝතාසන) යැ පරොසතපඤ්හ (ඣානසෝධන) යැ ආභස්සර (චන්‍ද්‍රාභ) යැ හංසවරුතගම යැ බබ්බු යැ ජටා (ගෝධ) යැ පටනට්ඨක (උභාතොභට්ඨ) යැ කාක යැ යි ජාතක දසයෙකි.
Pali BJT15. කකණ්ටකවග්ගො.
Sinhala BJT15. කකණ්ටක වර්‍ගය
Pali BJT141. න පාපජනසංසෙවී අච්චන්තසුඛමෙධති, ගොධාකුලං කකණ්ටො’ව {*}කලිං පාපෙති අත්තානන්ති.
Sinhala BJT141. පාපජනයා සෙවුනා පුද්ගල ඒකාන්තයෙන් සුව නො වඩයි. (නො ලබයි.) කකණ්ටකයා (කටුස්සා) කෙරෙන් ගෝධාකුලය මෙන් තමා ද තමා හා එක් වූවනුදු විනාශයට පමුණුවයි.
Pali BJT1. ගොධජාතකං.
Sinhala BJT1. ගෝධ ජාතක යි.
Pali BJT142. එතං හි තෙ දුරාජානං යං සෙසි මතසායිකං, යස්ස තෙ කඩ්ඪමානස්ස හත්ථා දණ්ඩො න මුච්චතී’ති.
Sinhala BJT142. යම් කාරණයෙකින් මළ එකක්හු මෙන් හෝනෙහි ද? තොපගේ මේ කාරණය නො දතහැකි ය. (කවර හෙයින් ද යත්:) දඬුකෙළවර අදනා කල්හි තොපගේ අතින් මුගුරුදණ්ඩ නො මිදේ ද (එහෙයිනි.)
Pali BJT2. සිගාලජාතකං.
Sinhala BJT2. සිඟාල ජාතක යි.
Pali BJT143. ලසී ච තෙ නිප්ඵලිතා මත්ථකො ච විදාළිතො, සබ්බා තෙ ඵාසුකා භග්ගා අජ්ජ ඛො ත්වං විරොචසී’ති.
Sinhala BJT143. තාගේ හිස්මුල් ද පිටතට නික්මුණේ ය. හිසද පළන ලද්දේ ය. තාගේ සියලු ඉළඇට බිඳුණේ ය. අද වූකලි තෝ බබළන්නෙහි ය.
Pali BJT3. විරොචනජාතකං.
Sinhala BJT3. විරොචන ජාතක යි.
Pali BJT144. බහුම්පෙතං අසඞ්ගි ජාතවෙද යං තං වාලධිනා හි පූජයාම, මංසාරහස්ස නත්ථජ්ජ මංසං නඞ්ගුට්ඨම්පි භවං පටිග්ගහාතූ’ති.
Sinhala BJT144. අසත්පුරුෂ වූ ගිනිදෙවිය, යම් හෙයෙකින් තා වාලධියෙන් පුදමෝ ද මෙ පමණකුදු (තමනට අයිති දේ රැකගත නොහැකි තොපට) බෙහෙව මාංසානුභවයට සුදුසු තොපට අද මස් නැත. පින්වත නඟුට ද පිළිගනීවා.
Pali BJT4. නඞ්ගුට්ඨජාතකං.
Sinhala BJT4. නඞ්ගුට්ඨ ජාතක යි.
Pali BJT145. න ත්වං රාධ විජානාසි අඩ්ඪරත්තෙ අනාගතෙ, අව්යායතං විලපසි විරත්තා කොසියායනෙ’ති.
Sinhala BJT145. රාධය, තෝ මධ්‍යමරාත්‍රිය නො ආ කල්හි (මෙතෙක් දෙනා ආවාහු යයි) නො දන්නෙහි ය. (එසේ වූ තෝ පරපුරුෂයන් වළකනුව) අව්‍යක්ත වූ විලාපයක් බණන්නෙහි ය. බැමිණිය බමුණා කෙරෙහි නො ඇලුණා ය.
Pali BJT5. රාධජාතකං.
Sinhala BJT5. රාධ ජාතක යි.
Pali BJT146. අපි නු හනුකා සන්තා මුඛඤ්ච පරිසුස්සති, ධරමාම න පාරෙම පූරතෙව මහොදධී’ති.
Sinhala BJT146. අපගේ හනු (හකු) විඩාවට පැමිණියේ ය. මුඛය ද වියළෙයි. මුහුදු දිය ඇදලන්නට වීර්‍ය්‍ය කරම්හ. දිය හිස් කළ නො හෙම්හ. මහමුහුද පිරේ ම ය.
Pali BJT6. කාකජාතකං.{1}
Sinhala BJT6. කාක ජාතක යි.
Pali BJT147. න ඉදං දුක්ඛං අදුං දුක්ඛං යං මං තුදති වායසො යං සාමා පුප්ඵරත්තෙන කත්තිකං නානුභොස්සතීති.
Sinhala BJT147. කවුඩු තෙම (හුල තියා සිටින) මා තුඩින් විදින්නේ ය. යන යම් දුකක් ඇද්ද, මෙය මට දුක් නො වෙයි. (මාගේ අඹු) සාමා වනුක් මලින් රැඳූ වස්ත්‍රයෙන් සැරසී කාර්තිකොත්සවශ්‍රීය නො විඳී යන යමක් ඇද්ද, එය මට දුක් වේ.
Pali BJT7. පුප්ඵරතජාතකං.
Sinhala BJT7. පුප්ඵරත්ත ජාතක යි.
Pali BJT148. නාහං පුනං න ච පුනං න චාපි අපුනප්පුනං. හත්ථිඛොන්දිං පවෙක්ඛාමි. තථා හි භයතජ්ජිතො’ති.
Sinhala BJT148. මම ඇත්කඳ තුළට නැවත නො යෙමි, නැවත ද නො යෙමි, නැවත නැවත ද නො යෙමි. ඒ එසේ මැ ය. එපමණම භයින් තැති ගත්තෙම් වෙමි.
Pali BJT8. සිගාලජාතකං.
Sinhala BJT8. සිඟාල ජාතක යි.
Pali BJT149. එකපණ්ණො අයං රුක්ඛො න භූම්යා චතුරඞ්ගුලො, ඵලෙන විසකප්පෙන මහායං කිං භවිස්සතීති.
Sinhala BJT149. මේ (කොසඹ) ගස (දෙපසෙහි) එක එක පත් ඇත්තේ ය. බිමින් සතරඟුලක් වැඩියේ ද නො වෙයි. හලාහල විෂ සමාන වූ පත්‍රයෙන් යුක්ත ය. මහත් වැ වැඩුණේ කුමක් නම් වන්නේ ද.
Pali BJT9. එකපණ්ණජාතකං.
Sinhala BJT9. ඒකපණ්ණ ජාතක යි.
Pali BJT150. අසන්තං යො පගණ්හාති අසන්තඤ්චුපසෙවති, තමෙව ඝාසං කුරුතෙ ව්යග්ඝො සඤ්ජීවකො යථාති.
Sinhala BJT150. යමෙක් අසත්පුරුෂයාට සත්කාර සම්මාන කෙරේ ද අසත්පුරුෂයා සේවන හෝ කෙරේ ද, (ඒ අසත්පුරුෂයා) ඔහු ම ගිලගනී. (විනාශයට පත් කෙරෙයි) ව්‍යාඝ්‍ර සංජීවක දෙ දෙනා මෙනි.
Pali BJT10. සඤ්ජිවජාතකං.
Sinhala BJT10. සඤ්ජීව ජාතක යි.
Pali BJTකකණ්ටකවග්ගො{1} පණ්ණරසමො.
Sinhala BJTපසළොස් වැනි කකණ්ටක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුඛමෙධතිදණ්ඩවරො ච පුන ලසිවාලධීපඤ්චමරාධවරො, සමභොදධිකත්තිකඛොන්දි පුන චතුරඞ්ගුලබ්යග්ඝවරෙන දස.
Sinhala BJTසුඛමේධ (ගෝධ) දණ්ඩවර (සිගාල) ලසි (විරොචන) වාලධි (නඞ්ගුට්ඨ) පස් වැනි රාධ මහොදධි (කාක) කත්තීක (පුප්ඵරත්ත) බොන්‍දි (සිගාල) චතුරඞ්ගුල (ඒකපණ්ණ) ව්‍යග්ඝ (සංජීව) යන දසය යි.
Pali BJTඋපරිමපණ්ණාසකො.
Sinhala BJTඋපරිම පණ්ණාසක යි.
Pali BJTඑකකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඑකක නිපාතය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වග්ගුද්දාන:
Pali BJTඅපණ්ණකං සීලවග්ගකුරුඞ්ග කුලාවකං අත්ථකාමෙනපඤ්චමං, ආසිංසොඉත්ථිවරුණං අපායි. ලිත්තවග්ගෙන තෙරස, පරොසතං හංසිසරික්ඛං අසම්පදංකකණ්ටවග්ගො.
Sinhala BJTඅපණ්ණක - සීලව - කුරුඞ්ග - කුලාවක - පස්වැනි අත්‍ථකාම - ආසිංස - ඉත්‍ථි - වරණ - අපායිම්හ - දස වැනි ලින්ත - පරොසත - හංසි - පරික්ඛ (කුසනාළි) අසම්පදාන - කකණ්ටක යනු යි.
Pali BJT2. දුකනිපාතො
Sinhala BJT2. දුක නිපාතය
Pali BJT1. දළ්හවග්ගො
Sinhala BJT1. දළ්හ වර්‍ගය
Pali BJT151. දළ්හං දළ්හස්ස ඛිපති මල්ලිකො{1} මුදුනා මුදුං සාධුම්පි සාධුනා ජෙති අසාධුම්පි අසාධුනා, එතාදිසො අයං රාජා මග්ගා උය්යාහි සාරථි.
Sinhala BJT151. මල්ලික නම් රජ දැඩි (තද) අයට තදින් පහර දෙයි. මෘදු අය මෘදුභාවයෙන් දිනයි. සත්පුරුෂයා සාධු ගුණයෙන් ද අසත්පුරුෂයා අසාධු ගුණයෙන් ද දිනයි. මෙ රජ මෙබඳු ගති ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයා බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.)
Pali BJT152. අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ, ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං{2} එතාදිසො අයං රාජා මග්ගා උය්යාහි සාරථීති.
Sinhala BJT152. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නො කිරීමෙන් (මෛත්‍රියෙන්) දිනයි. අසත්පුරුෂයා සාධු ගුණයෙන් දිනයි. තදමසුරා (තදමසුරුබව) දීමෙන් දිනයි. බොරු කියන්නා සත්‍යවචනයෙන් දිනයි. මෙ රජ මෙබඳු ගුණ ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයා) මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.
Pali BJT1. රාජොවාදජාතකං.
Sinhala BJT1. රාජෝවාද ජාතක යි.
Pali BJT153. අසමෙක්ඛිතකම්මන්තං තුරිතාභිනිපාතිනං, සානි කම්මානි තප්පෙත්ති උණ්හං වජ්ඣොහිතං මුඛෙ.
Sinhala BJT153. මනා කොට පරික්‍ෂා නො කොට කරන ලද කර්‍මාන්ත ඇති, (නොවිචාරා) වහා කටයුතු පටන් ගන්නහු, උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමාගේ ක්‍රියාවෝ (ඔහු) තවත් (ස්වකීය ක්‍රියාවලින් ඔහු තැවෙයි, දැවෙයි.)
Pali BJT154. සීහො ච සීහනාදෙන දද්දරං අභිනාදයි, සුත්වා සීහස්ස නිග්ඝොසං සිගාලො දද්දරෙ වසං භීතො සන්තාසමාපාදි හදයඤ්චස්ස අප්ඵලීති.
Sinhala BJT154. සිංහ තෙමේ ද සිංහනාදයෙන් පර්‍වතය ඒකනාද කෙළේ ය. පර්‍වතයෙහි වසන්නා වූ හිවලා සිංහයාගේ මහහඬ අසා (මරණ බියෙන්) බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේ ය. ඔහුගේ හෘදය ද පැළුණේ යි.
Pali BJT2. සිගාලජාතකං.
Sinhala BJT2. සිඟාල ජාතක යි.
Pali BJT155. චතුප්පදො අහං සම්ම ත්වම්පි සම්ම චතුප්පදො,{3} එහි සීහ නිවත්තස්සු කින්නු භීතො පලායසී.
Sinhala BJT155. යහළුව, මම සිවුපායෙමි. යහළුව, තෝ ද සිවුපායෙහි. සිංහය මෙහි එව, නවතුව, බියපත් වූයේ කුමට පලායෙහි ද?
Pali BJT156. අසුචි පූතිලොමොසි දුග්ගන්ධො වාසි සූකර, සචෙ යුජ්ඣිතුකාමොසි ජයං සම්ම දදාමි තෙති.
Sinhala BJT156. (තෝ) අපවිත්‍ර වූ කුණු වූ ලොම් ඇත්තෙහි ය, දුගඳ හමන්නෙහි ය. ශුකරය, ඉදින් මා හා යුද කරනු කැමැත්තෙහි නම් යහළුව තට ජය දෙමි.
Pali BJT3. සූකරජාතකං.
Sinhala BJT3. සූකර ජාතක යි.
Pali BJT157. ඉධූරගානං පවරො{4} පවිට්ඨො සෙලස්ස වණ්ණෙන පමොක්ඛමිච්ඡං, බ්රහ්මඤ්ච වණ්ණං අපචායමානො බුභුක්ඛිතො නො විසහාමි. භොත්තුං.
Sinhala BJT157. මිදීමක් කැමැත්තා වූ සර්‍පරාජ තෙමේ ශෛල වර්‍ණයෙන් මේ වල්කලාවට හෙවත් තවුස් පොරෝණය ඇතුළට පිවිසියේ ය. මම තොප වහන්සේගේ බ්‍රහ්මවර්‍ණය පුදන්නෙම් (බඩගිනි ඇත්තෙම්) කනු කැමැත්තෙම් නමුදු කන්නට නො පොහොසත් වෙමි.
Pali BJT158. සො බ්රහ්මගුත්තො චිරමෙව ජීව දිබ්බා{1} ච තෙ පාතුභවන්තු භක්ඛා, යො බ්රහ්මවණ්ණං{2} අපචායමානො බුභුක්ඛිතො නො විසහාසි භොත්තුන්ති.
Sinhala BJT158. උත්තම වර්‍ණයට පුදන්නා වූ කනු කැමැත්තා වූ ද යමෙක් අනුභව කරන්නට නො පොහොසත් ද (ඒ තෝ) බ්‍රහ්මයා විසින් රක්නා ලද්දෙහි ය. බොහෝ කලක් මැ ජීවත් වේවා! තට දිව්‍යභෝජනයෝ පහළ වෙත්වා!
Pali BJT4. උරගජාතකං.
Sinhala BJT4. උරග ජාතක යි.
Pali BJT159. ජීව වසස්සතං ගග්ග{3} අපරානි ච වීසතිං{4} මා මං පිසාචා ඛාදන්තු ජීව ත්වං සරදොසතං.
Sinhala BJT159. ගග්ගය තෙපි එක්සිය විසි වසක් ජීවත් වව, පිසාචයෝ මා නො කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් (එක්සියවිසිවසක්) ජීවත් වව. (ශරත් ඍතු සියය නම් අවුරුදු සියයයි).
Pali BJT160. ත්වම්පි වස්සසතං ජීව අපරානි ච වීසතිං, විසං පිසාචා ඛාදන්තු ජීව ත්වං සරදොසතන්ති.
Sinhala BJT160. තෙපි දු එක්සිය විසිවසක් ජීවත් වව. පිසාචයෝ හලාහල විෂය කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් ජීවත් වව.
Pali BJT5. ගග්ගජාතකං.{5}
Sinhala BJT5. ගග්ග ජාතක යි.
Pali BJT161. අලීනචිත්තං නිස්සාය පහට්ඨා මහතී චමූ, කොසලං සෙනාසන්තුට්ඨං ජීවගාහං{6} අගාහයි.
Sinhala BJT161. අලීනචිත්ත කුමාරයා නිසා ඉතා සතුටු වූ මහත් වූ සේනා තොමෝ ස්වකීය රාජ්‍යයෙන් සතුටු නො වූ (පරරාජ්‍යලෝභයෙන් පැමිණි) කොසොල් රජු ජීවග්‍රාහයෙන් අල්වාගත්තී ද,
Pali BJT162. එවං නිස්සයසම්පන්නො භික්ඛු ආරද්ධවිරියො, භාවයං කුසලං ධම්මං යොගක්ඛෙමස්ස පත්තියා. පාපුණෙ අනුපුබ්බෙන සබ්බසංයොජනක්ඛයන්ති.
Sinhala BJT162. මෙසේ නිංශ්‍රය සම්පන්න වූ චතුර්විධ යෝගයාගේ ක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්‍ෂික කුශලධර්‍මයන් වඩන්නා වූ පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති මහණ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයට (රහත්බවට) පැමිණේ.
Pali BJT6. අලීනචිත්තජාතකං.
Sinhala BJT6. අලීනචිත්ත ජාතක යි.
Pali BJT163. යෙන කාමං පණාමෙති ධම්මො බලවතං මිගී, {*}උන්නදන්තී විජානාහි ජාතං සරණතො භයං.
Sinhala BJT163. උන්නත වූ දළ ඇති මෘගරාජය, ඊශ්වර තෙමේ යම් දිශාවෙකින් සේවකයා පහ කරනු කැමැති ද ඒ දිශාවෙන් ඒකාන්තයෙන් පහ කෙරෙයි. බලවතුන්ගේ ස්වභාවධර්‍මය මෙසේ දැනුව, නොහොත් උස් වූ නාද ඇති සිංහධේනුව යම් කාරණයෙකින් ඒකාන්තයෙන් හිංසා කෙරේ ද එපරිදි තී දනුව. යම් හෙයෙකින් පිහිට වැ සිටි තොප කෙරෙන් භය උපන්නේ ද එහෙයින් යම්හ.
Pali BJT164. අපි චෙපි දුබ්බලො මිත්තො මිත්තධම්මෙසු තිට්ඨති, සො ඤාතකො ච බන්ධූ ච සො මිත්තො සො ච මෙ සඛා දාඨීනි මාතිමඤ්ඤිත්ථො{7} සිගාලො මම පාණදොති.
Sinhala BJT164. ඉදින් දුර්‍වල වූ මිත්‍ර තෙමේ මිත්‍රධර්‍මයෙහි පිහිටියේ නම් හෙතෙමේ නෑයා ද, බන්‍ධු ද, මිත්‍ර ද, යහළුවා ද වේ. සිංහිය අවමන් නො කරව, හිවලා මාගේ ප්‍රාණදායක මිත්‍ර වේ.
Pali BJT7. ගුණජාතකං.
Sinhala BJT7. ගුණ ජාතක යි.
Pali BJT165. න ඉදං විසමසීලෙන සොණෙන සුහනුස්සහ, සුහනූපි තාදිසොයෙව යො සොණස්ස ස ගොචරො.
Sinhala BJT165. සුභානු නම් අශ්ව තෙමේ සෝණ නම් අශ්වයා සමඟ යම් ප්‍රේමයක් කෙරේ ද එය තමාගේ විෂම ස්වභාවයෙන් නො වේ. යම් සුභනු නම් අශ්වයෙක් සෝණ අශ්වයා හා සමාන ගෝචර ඇත්තේ ද සුහනු නම් අශ්වයා ද එබඳු මැ යි.
Pali BJT166. පක්ඛන්දිනා පගබ්භෙන{1} නිච්චං සන්දනඛාදිනා සමෙති පාපං පාපෙන සමෙති අසතා අසන්ති{2}.
Sinhala BJT166. අශ්වයන් මතුයෙහි පනින පියවි ඇති කායප්‍රගල්හතාදියෙන් යුක්ත වූ නිතර (තමා බැඳි) රැහන කන ස්වභාවය ඇති පාපස්වරූපඇතියහු හා දුශ්ශීලත්‍වය සමාන වන්නේ ය. (එසේම) අසත් පුරුෂයා අනාචාරයෙන් යුක්තයා හා සමාන වන්නේ යි.
Pali BJT8. සුහනුජාතකං.
Sinhala BJT8. සුහනු ජාතක යි.
Pali BJT167. උදෙතයං චක්ඛුමා එකරාජා හරිස්සවණ්ණො පඨවිප්පභාසො, තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරෙමු දිවසං.
Sinhala BJT167. (අන්‍ධකාර විධමන කොට දැකුම් ලබා දෙනුයෙන්) චක්‍ෂුස්මත් වූ (සක්වළ මුළුල්ලේ ආලොකය පතුරුවන්නන් කෙරෙන් ශ්‍රේෂ්ඨ හෙයින්) ඒකරාජ වූ ස්වර්‍ණවර්‍ණ වූ පොළොව බබුළු වන්නා වූ මේ සූර්‍ය්‍යයා උදා වේ. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ තොපට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්‍ෂා කරන ලද්දමෝ අද දවහල වාස කරම්හ.