Pali BJT3119. ධම්මං චර මහාරාජ මාතාපිතුසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3119. මහරජ, මවුපියන් කෙරෙහි කළමනා උපස්ථාන ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3120. ධම්මං චර මහාරාජ පුත්තදාරෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3120. ක්‍ෂත්‍රිය මහරජ, අඹු දරුවන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3121. ධම්මං චර මහාරාජ මිත්තාමච්චෙසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3121. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
Pali BJT3122. ධම්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3122. මහරජ, හස්ති අශ්වාදි වාහනයන් කෙරෙහි ද කළමනා යුතුකම් දහම්හි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.
Pali BJT3123. ධම්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3123. මහරජ, ගම් නියම්ගම් වැස්සන් කෙරෙහි අධික අයබදු ගැනීම් ආදිය නො කොට ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
Pali BJT3124. ධම්මං චර මහාරාජ රට්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3124. මහරජ, රටවැසියා කෙරෙහි ද දනව් වැසියා කෙරෙහි ද හිතවත් බව එළවීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
Pali BJT3125. ධම්මං චර මහාරාජ සමණබ්රාහ්මණෙසු ච, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3125. මහරජ, මහණ බමුණන් කෙරෙහි ද සිව්පසය දීමාදී ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.
Pali BJT3126. ධම්මං චර මහාරාජ මිගපක්ඛීසු ඛත්තිය, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3126. ක්‍ෂත්‍රිය මහරජ, මුව පක්‍ෂීන් කෙරෙහි අභය දානය කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.
Pali BJT3127. ධම්මං චර මහාරාජ ධම්මො චිණ්ණො{1} සුඛාවහො, ඉධ ධම්මං චරිත්වාන රාජ සග්ගං ගමිස්සසි.
Sinhala BJT3127. මහරජ, කුසල ධර්‍මයෙහි හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙම සුව එළවයි. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT3128. ධම්මං චර මහාරාජ සඉන්දා{2} දෙව සබ්රහ්මකා, සුචිණ්ණෙන දිවං{3} පත්තා මා ධම්මං රාජ පමාදො
Sinhala BJT3128. මහරජ, කුශල ධර්‍මයෙහි හැසිරෙව. ශක්‍ර බ්‍රහ්මයන් සහිත වූ දෙවියෝ ධර්‍මයෙහි හැසිරීමෙන් දෙව්ලොවට ගියහ. මහරජ, ධර්‍මයෙහි නොපමා වව.
Pali BJT3129. තත්ථෙව තෙ වත්තපදා එසාව අනුසාසනී, සප්පඤ්ඤසෙවිකල්යාණී සමත්තං{4} සාමතං{5} විදූති.
Sinhala BJT3129. ඒ ප්‍රශ්නයෙහි ම ඒ ව්‍රතපදයෝ ඇතුළත් වෙති. මෝ තොමෝ ම අනුශාසනාව වන්නී ය. නුවණැත්තන් ඇසුරු කරමින් යහපත් ගුණයෙන් යුක්ත ව තෙමේ ම මේ ගුණයන් හොඳින් දැන සමාදන් ව මේ අනුශාසනාවන් නො ඉක්මවා පිළිපදුව යි අවවාද කෙළේ ය.
Pali BJTතෙසකුණජාතකං.
Sinhala BJTතෙසකුණ ජාතක යි.
Pali BJT2. සරභඞ්ගජාතකං.
Sinhala BJT2. සරභඞ්ග ජාතකය
Pali BJT3130. අලඞ්කතා කුණ්ඩලිනො සුවත්ථා වෙළුරියමුත්තා ථරුඛග්ගබන්ධා, රථෙසභා තිට්ඨථ කෙනු තුම්හෙ කථං වො ජානන්ති මනුස්සලොකෙ.
Sinhala BJT3130. අලංකාර ලෙස සැරසුණු කුණ්ඩලාභරණ පැලැන්දා වූ යහපත් වස්ත්‍ර ඇන්දා වූ වෛඩූර්‍ය්‍ය මැණික්වලින් හා මුතුවලින් ද සරසන ලද මිටි ඇති කඩු බඳිනා ලද රථේශ්වර වූ නුඹ වහන්සේ මෙහි සිටින්නහු ය. නුඹ වහන්සේ කවරහු ද? කෙසේ නම් හඳුනද් ද?
Pali BJT3131. අහමට්ඨකො භීම{6}රථො පනායං කාලිඞ්ගරාජා පන උග්ගතො අයං, සුසඤ්ඤතානං ඉසීනං දස්සනාය ඉධාගතා පුච්ඡිතායෙම්හ පඤ්හෙ.
Sinhala BJT3131. මම අට්ඨක නම් වෙමි. මෙතෙම වනාහි භීමරථ නම් වෙයි. ප්‍රකට ව පෙනෙන මෙතෙමේ කලිඟුරජ ය. අපි මනා සංවර ඇති ඍෂීන් දැකුමටත් සරභංග ශාස්තෘවරයාගෙන් ප්‍රශ්න අසන්නටත් මෙහි පැමිණියෙමු.
Pali BJT3132. වෙහාසයං තිට්ඨති අන්තලික්ඛෙ පථද්ධුනො පණ්ණරසෙව චන්දො, පුච්ඡාමි තං යක්ඛ මහානුභාව කථං තං ජානන්ති මනුස්සලොකෙ.
Sinhala BJT3132. අන්තරීක්‍ෂ නම් වූ අහසෙහි පසළොස්වක්හි අහස් මැදට වන් චන්‍ද්‍රයා මෙන් සිටින්නෙහි ය. මහත් අනුභාව ඇති යක්‍ෂය නුඹ විචාරමි. මිනිස් ලොව තා කෙසේ දනිද්ද? කියා ය.
Pali BJT3133. යමාහු දෙවෙසු සුජම්පතීති මඝවාති තං ආහු මනුස්සලොකෙ, සදෙවරාජා ඉදමජ්ජ පත්තො සුසඤ්ඤතානං ඉසීනං දස්සනාය.
Sinhala BJT3133. දෙවියන් අතර සුජම්පතී යයි යමකු ගැන කියද්ද, මිනිස් ලොවැ ඔහුට “මඝවා” යි කියත්. ඒ සක්දෙව්රජ වන මම මනා සංවර ඇති ඍෂීන් දැක්මට අද මෙහි පැමිණියෙමි.
Pali BJT3134. දූරෙ සුතා නො ඉසයො සමාගතා මහිද්ධිකා ඉද්ධිගුණූපපන්තා, වන්දාමි තෙ අයිරෙ පසන්නචිත්තො යෙ ජීවලොකෙත්ථ මනුස්සසෙට්ඨා.
Sinhala BJT3134. ස්වාමීනි, මහත් ඍද්ධි ඇති ඍද්ධි ගුණයෙන් යුත් ඍෂි වරු මෙහි රැස්වූවා යැයි අප විසින් දුරදී ම අසන ලද්දාහ. ස්වාමීනි, මේ මිනිස් ලොව මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ වූ යම් ඍෂිවරයෙක් වෙත් නම් ඔවුන් පැහැදුණා වූ සිතින් මම වඳිමි.
Pali BJT3135. ගන්ධො ඉසීනං චිරදික්ඛිතානං කායා චුතො ගච්ඡති මාළුතෙන, ඉතො පටික්කම්ම සහස්සනෙත්ත ගන්ධො ඉසීනං අසුචි දෙවරාජ.
Sinhala BJT3135. දහසක් නුවණැස් ඇති දිව්‍යරාජය, පැවිදි වූ බොහෝ කල් ඇති තාපසවරුන්ගේ ශරීරයෙන් නික්මෙන ගඳ වාතයෙන් ගෙන යයි. ශක්‍රය, මෙතැනින් ඉවත් වව. ඍෂිවරුන්ගේ ගඳ අපිරිසිදු යැයි තපස තෙම කීයේ ය.
Pali BJT3136. ගන්ධො ඉසීනං චිරදික්ඛිතානං කායා චුතො ගච්ඡතු{1} මාළුතෙන, විචිත්රපුප්ඵං සුරභිංව මාලං ගන්ධං එතං පාටිකඞ්ඛාම භන්තෙ න හොත්ථ දෙවා පටික්කූලසඤ්ඤිනො.
Sinhala BJT3136. ස්වාමීනි, පැවිදි වූ බොහෝ කල් ඇති ඍෂිවරුන්ගේ කයින් නික්මෙන ගඳ සුළඟින් යේවා. සුවඳැති විසිතුරු මලක් මෙන් ද මල් මාලාවක් මෙන් ද අපි මේ ගඳ කැමැත්තෙමු. මේ ගඳෙහි ලා දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නො වෙත්.
Pali BJT3137. පුරින්දදො භූතපතී යසස්සී දෙවානමින්දො මඝවා සුජම්පති, ස දෙවරාජා අසුරගණප්පමද්දනො ඔකාසමාකඞ්ඛති පඤ්හ{2}පුච්ඡිතුං.
Sinhala BJT3137. පෙර දන්දුන් හෙයින් පුරින්‍දද නම් වූ භූතයන් අතර ශ්‍රේෂ්ඨ බැවින් භූතපති නම් වූ පරිවාර සම්පත්තීන් යුත් දෙවියන්ගේ ප්‍රධානයා හෙයින් දේවානමින්‍ද නම් වූ පෙර ජාතියක වශයෙන් මඝ නම් වූ සුජා නම් අසුර කන්‍යාවගේ ස්වාමි බැවින් සුජම්පති නම් වූ දෙවියන්ගේ සිත් අලවන බැවින් දේවරාජ නම්වූ අසුර සමූහයා මඩින්නා වූ ඒ ශක්‍ර තෙම ප්‍රශ්න අසන්නට බලාපොරොත්තු වෙයි.
Pali BJT3138. කොනෙවිමෙසං ඉධ පණ්ඩිතානං පඤ්හෙ පුට්ඨො නිපුණෙ ව්යාකරිස්සති, තිණ්ණඤ්ච රඤ්ඤං මනුජාධිපානං දෙවානමින්දස්ස ච වාසවස්ස.
Sinhala BJT3138. මෙහි සිටින පණ්ඩිතයන් අතුරෙන් කවරෙක් නම් රජුන් තිදෙනා විසින් ද ශක්‍රයා විසින් ද අසන ලද සියුම් ප්‍රශ්න විසඳන්නේ ද?
Pali BJT3139. අයං ඉසී සරභඞ්ගො යසස්සී යතො ජාතො විරතො මෙථුනස්මා, ආචරිය{3}පුත්තො සුචිනීතරූපො සො නෙසං පඤ්හානි ව්යාකරිසස්ති.
Sinhala BJT3139. පරිවාර සම්පත් ඇති උපන්දා සිට ම මෙවුන්දමින් වැළැකුණු පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ ඉතා කීකරු වූ සරභංග නම් යම් මේ ඍෂිවරයෙක් වේ නම් හෙ මොවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ ය.
Pali BJT3140. කොණ්ඩඤ්ඤ පඤ්හානි වියාකරොහි යාචන්ති තං ඉසයො සාධුරූපා, කොණ්ඩඤ්ඤ එසො මනුජෙසු ධම්මා යං වුඩ්ඪමාගච්ඡති එස භාරො.
Sinhala BJT3140. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තා වූ ඍෂීන් වහන්ස, ප්‍රශ්න විසඳනු මැනැවි. යහපත් ස්වභාවය ඇති ඍෂිවරු තොප යදිත්, කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති ඍෂිවරයාණන් වහන්ස, නුවණින් වැඩි දියුණු වූ යම් බඳු වෘද්ධයකු වෙතොත් ප්‍රශ්න විසඳීම් භාරය ඔහු අයත් ය යන මෙකරුණ මිනිසුන් කෙරෙහි පවත්නා ස්වභාවයෙකි.
Pali BJT3141. කතාවකාසා පුච්ඡන්තු භොන්තො යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථිතං, අහං හි තං තං වො වියාකරිස්සං ඤත්වා සයං ලොකමිමං පරඤ්ච.
Sinhala BJT3141. යම් කිසි ප්‍රශ්නයක් සිතින් කැමතිවන ලද ද කරන ලද අවකාශ ඇත්තෝ එය අසත්වා, මෙලොවත් පරලොවත් දැක දැන මම ඒ ඒ ප්‍රශ්න තොපට විසඳන්නෙමි.
Pali BJT3142. තතො ච මඝවා සක්කො අත්ථදස්සී පුරින්දදො, අපුච්ඡි පඨමං පඤ්හං යඤ්චාසි අභිපත්ථිතං.
Sinhala BJT3142. ඉක්බිති යහපත දන්නා වූ පුරින්‍ද ද නම් ශක්‍ර තෙම සිත්හි ලා සලකන ලද යම් ප්‍රශ්නයෙක් වී නම් ඒ ප්‍රථම ප්‍රශ්නය ඇසුවේ ය.
Pali BJT3143. කිංසු වධිත්වා න කදාචි සොචති කිස්සප්පහානං ඉසයො වණ්ණයන්ති, කස්සීධ වුත්තං ඵරුසං ඛමෙථ අක්ඛාහි මෙ කොණ්ඩඤ්ඤ එතමත්ථං.
Sinhala BJT3143. කුමක් නසා කිසි කලෙක ශෝක නො කෙරේ ද? ඍෂීහු කවරකුගේ ප්‍රහාණය වර්‍ණනා කරද් ද? මේ ලෝකයෙහි කවරක්හු කියන ලද පරුෂ වචනය ඉවසන්නේ ද? කොණ්ඩඤ්ඤය, ඒ කාරණය මට කියව.
Pali BJT3144. කොධං වධිත්වා න කදාචි සොචති මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති, සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ එතං ඛන්තිං උත්තමමාහු සන්තො.
Sinhala BJT3144. ක්‍රෝධය නසා කිසි කලෙක ශෝක නො කරමි. ගුණමකු ගතිය ප්‍රහාණය කිරීම ඍෂීහු වර්‍ණනා කරත්. සියල්ලන් ම කියන ලද පරුෂ වචනය ඉවසන්නේයැ. සත්පුරුෂයෝ එය උතුම් ක්‍ෂාන්ති යයි කීහු.
Pali BJT3145. සක්කා උභින්නං වචනං තිතික්ඛිතුං සදිසස්ස වා සෙට්ඨතරස්ස වාපි, කථන්නු හීනස්ස වචො ඛමෙථ අක්ඛාහි මෙ කොණ්ඩඤ්ඤ එතමත්ථං.
Sinhala BJT3145. කොණ්ඩඤ්ඤතුමනි, සමානයකුගේ හෝ තමනට වඩා ශ්‍රේෂ්ඨයකුගේ හෝ යන දෙදෙනාගේ පරුෂ වචන ඉවසන්නට පිළිවන. නීචයාගේ වචන කෙසේ නම් ඉවසිය හැකි දැ යි යන මේ කරුණ මට ප්‍රකාශ කරනු මැනැවි.
Pali BJT3146. භයා හි සෙට්ඨස්ස වචො ඛමෙථ සාරම්භහෙතු පන සාදිසස්ස, යො චිධ හීනස්ස වචො ඛමෙථ එතං ඛන්තිං උත්තමමාහු සන්තො.
Sinhala BJT3146. ශ්‍රේෂ්ඨයාගේ වචන බියෙන් ඉවසන්නේ ය. කරණුත්තරිය කරණය හේතුකොට සමානයාගේ වචන ඉවසන්නේ ය. යමෙක් වනාහි හීනයාගේ පරුෂ වචන ඉවසා නම් එය උතුම් ක්‍ෂාන්ති යයි කීහ.
Pali BJT3147. කථං විජඤ්ඤා චතුමට්ඨරූපං සෙට්ඨං සරික්ඛං අථවාපි හීනං, විරූපරූපෙන චරන්ති සන්තො තස්මා හි සබ්බෙස වචො ඛමෙථ.
Sinhala BJT3147. සතර ඉරියව්වෙන් වැසී ගිය ස්වභාවය ඇත්තහු ශ්‍රේෂ්ඨ යයි කියාත් සමාන යයි කියාත් වැළිදු හීනය කියාත් කෙසේ නම් දැන ගන්නේ ද? උතුම් සත්පුරුෂයෝ ද ලාමකයන්ගේ ස්වරූපයෙන් හැසිරෙත්. එහෙයින් ශ්‍රේෂ්ඨ-සමාන-පහත් යන සියල්ලන්ගේ ම පරුෂ වචන ඉවසන්නේ ය.
Pali BJT3148. න හෙතමත්ථං මහතීපි සෙනා සරාජිකා යුජ්ඣමානා ලභෙථ, යං ඛන්තිමා සප්පුරිසො ලභෙථ ඛන්තීබලස්සූපසමන්ති වෙරා.
Sinhala BJT3148. ඉවසනසුලු සත්පුරුෂ තෙම යම් අර්‍ත්‍ථයක් ලබයි ද, යුද කරන්නා වූ රජුන් සහිත මහසෙනඟ ද මෙබඳු අර්‍ත්‍ථයක් යහපතක් නො ලබන්නේ ය. ඉවසීමේ බලයෙන් වෛරයෝ සන්හිඳෙත්.
Pali BJT3149. සුභාසිතන්තෙ අනුමොදියාන අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි, යථා අහූ දණ්ඩකී නාළිකීරො{1} අථජ්ජුනො කලාබු චාපි රාජා, තෙසං ගතිං බ්රූහි සුපාපකම්මිනං කත්ථුපපන්නා ඉසීනං විහෙඨකා.
Sinhala BJT3149. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව අන් ප්‍රශ්නයක් නුඹ අතින් විචාරමි. එබැවින් එය කියනු මැනවි. දණ්ඩකී නම් රජ ද නාළිකීර නම් රජ ද අර්ජුන නම් රජ ද කලාබු නම් රජ ද යන මොවුහු යම් සේ වූහු නම් අතිශයින් කරන ලද පාප ක්‍රියා ඇත්තා වූ ඔවුන්ගේ පරලොව ගමන ගැන කියනු මැනවි. ඍෂීන්හට වෙහෙස කළා වූ ඔවුහු කොහි උපන්නෝ ද?
Pali BJT3150. කිසං හි{2} වච්ඡං අවකිරිය{3} දණ්ඩකී උච්ඡින්නමූලො සජනො සරට්ඨො, කුක්කුලනාමෙ නිරයම්හි පච්චති තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ.
Sinhala BJT3150. දණ්ඩකී නම් රජ තෙම කිසවච්ඡ නම් තාපසයාට අවමන් කොට සපිරිවරින් රටවැසියා සහිත ව සිඳින ලද මුල් ඇත්තේ (ප්‍රතිෂ්ඨාවක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ ශරීරයෙහි සහළගුරු වැටේ.
Pali BJT3151. යො සඤ්ඤතෙ පබ්බජිතෙ අහෙඨයි{1} ධම්මං භණන්තෙ සමණෙ අදූසකෙ, තං නාළිකීරං සුනඛා පරත්ථ සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමානං.
Sinhala BJT3151. යම් රජෙක් කිසිවකුට දුෂ්ට චේතනා පහළ නො කළ සන්හිඳුවන ලද පව් ඇති (දසකුශල ධර්‍ම සංඛ්‍යාත) බණ දේශනා කරන්නා වූ සංයත වූ නිරපරාධ වූ පැවිද්දන් වෙහෙසුයේ ද, වැලපෙන්නා වූ ඒ නාලිකීර නම් රජ පරලෙව්හි දී සුනඛයෝ රැස්ව කා දමත්.
Pali BJT3152. අථජ්ජුනො නිරයෙ සත්තිසූලෙ අවංසිරො පතිතො උද්ධපාදො, අඞ්ගීරසං ගොතමං හෙඨයිත්වා ඛන්තිං තපස්සිං චිරබ්රහ්මචාරිං.
Sinhala BJT3152. තවද අර්ජුන නම් රජ තෙම ඉවසීම් ඇති බොහෝ කල් රක්නා ලද බඹසර ඇති ගෞතම ගොත්‍රයෙහි වූ අංගීරස නම් වූ තාපසයන් හිංසා කොට සත්‍තිසූල නම් නිරයෙහි හිස යටිකුරු ව පා උඩුකුරුව වැටුණේ වෙයි.
Pali BJT3153. යො ඛණ්ඩසො පබ්බජිතං{2} අඡෙදයී ඛන්තිං වදන්තං සමණං අදූසකං, කාලබුවීචිං උපපජ්ජ පච්චති මහාපතාපං කටුකං භයානකං.
Sinhala BJT3153. යම් රජෙක් ක්‍ෂාන්තිය ප්‍රකාශ කරන්නා වූ නිරපරාධ වූ සන්හිඳුවන ලද පව් ඇති පැවිද්දකු කඩ කඩ කොට සින්දේ ද කලාබු නම් ඒ රජ තෙම භයානක වූ කටුක වූ මහත් දුක් ඇත්තා වූ අවීචියේ ඉපද පැසේ.
Pali BJT3154. එතානි සුත්වා නිරයානි පණ්ඩිතො අඤ්ඤානි පාපිට්ඨතරානි චෙත්ථ, ධම්මං චරෙ සමණබ්රාහ්මණෙසු එවං කා සග්ගමුපෙති ඨානං.
Sinhala BJT3154. ශක්‍රය, නුවණැත්තේ මේ නරකයන් ද මෙයටත් වඩා ලාමක (පාපිෂ්ඨකර) නරකයන් ද අසා දැන මෙහි (මෙලොව) මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙන්නේ ය. මෙසේ කරන්නා වූ පුද්ගල තෙම දෙව්ලොවට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3155. සුභාසිතං තෙ අනුමොදියාන අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි කථං විධං සීලවන්තං වදන්ති කථං විධං පඤ්ඤවන්තං වදන්ති, කථං විධං සප්පුරිසං වදන්ති කථං විධං නො සිරි නො ජහාති.
Sinhala BJT3155. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එය ද කියනු මැනවි. කෙබඳු වූවහු සිල්වත් යැ යි කියද් ද? කෙබඳු වූවහු නැණවත් යැ යි කියද් ද? කෙබන්දකු සත්පුරුෂ යැ යි කියද් ද? කෙබඳු පුද්ගලයකු සම්පත්ති තොමෝ අත් නො හරී යයි කියද් ද?
Pali BJT3156. කායෙන වාචාය ච යො ධ සඤ්ඤතො මනසා ච කිඤ්චි න කාරොති පාපං, න අත්තහෙතු අලිකං භණාති{3} තථා විධං සීලවන්තං වදන්ති.
Sinhala BJT3156. යමෙක් මෙලොව කයින් ද වචනයෙන් ද සිතින් ද සංයම වූයේ කියි පාපයක් නො කරයි ද තමා හේතු කොටගෙන පවා බොරුවක් නො කියා ද එබඳු පුද්ගලයා සිල්වතෙකැයි කියත්.
Pali BJT3157. ගම්භීර පඤ්හං මනසා විචින්තයං නාච්චාහිතං{4} කම්ම කරොති ලුද්දං, කාලාගතං අත්ථපදං න රිඤ්චති තථා විධං පඤ්ඤවන්තං වදන්ති.
Sinhala BJT3157. ගැඹුරු වූ ප්‍රශ්න සිතින් සිතමින් යමෙක් අතිශයින් අවැඩදායක රෞද්‍ර කර්‍ම නො කෙරේ ද, සුදුසු කාලයට පැමිණියා වූ අර්‍ත්‍ථපදය හෙවත් යහපත් කටයුත්ත හිස් නො කරයි ද, එබඳු වූවහු ප්‍රඥාවත් පුද්ගල යයි කියත්.
Pali BJT3158. යො චෙ කතඤ්ඤූ කතවෙදි ධීරො කල්යාණමිත්තො දළ්හභත්තී ච හොති, දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං තථාවිධං සප්පුරිසං වදන්ති.
Sinhala BJT3158. යම් ප්‍රාඥයෙක් කළගුණ දන්නේ කෘතොපකාර සලකන්නේ යහපත් මිතුරන් ඇත්තේ දෘඪ භක්ති ඇත්තේ ද දුකට පැමිණියා වූ තම යහළුවාගේ කටයුත්ත සකස්කොට කෙරේ ද, එබඳු පුද්ගලයා සත්පුරුෂයා යයි කියත්.
Pali BJT3159. එතෙහි සබ්බෙහි ගුණෙහුපෙතො සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ, සඞ්ගාහකං සඛිලං සණ්හවාචං තථාවිධං නො සිරි නො ජහාති.
Sinhala BJT3159. මෙකී සියලු ගුණයන්ගෙන් යුත් ශ්‍රද්ධා ඇත්තාවූ මෘදු වචන ඇත්තා වූ ලද දෙය බෙදාගෙන පරිභෝග කරනසුලු වූ යාචකයන්ගේ වචන දන්නා වූ යමෙක් වේ ද, සිව්සඟරා වතින් සංග්‍රහ කරන්නා වූ මිහිරි වචන ඇත්තා වූ සිලුටු වචන ඇත්තා වූ එබඳු පුද්ගලයා සම්පත්ති තොමෝ අත් නොහරී යයි කීයේ ය.
Pali BJT3160. සුභාසිතන්තෙ අනුමොදියාන අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි, සීලං සිරිඤ්චාපි සතඤ්ච ධම්මං පඤ්ඤච්ච කං සෙට්ඨතං වදන්ති.
Sinhala BJT3160. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙනත් ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. ශීලයත් සම්පත්තියත් සත්පුරුෂ ධර්‍මයත් ප්‍රඥාවත් යන මේවා අතුරෙන් කවරක් ඉතා ශ්‍රේෂ්ඨ යයි කියද් ද?
Pali BJT3161. පඤ්ඤා හි සෙට්ඨා කුසලා වදන්ති නක්ඛත්තරාජාරිව තාරකානං, සීලං සිරිඤ්චාපි සතඤ්ච ධම්මො අන්වායිකා පඤ්ඤවතො භවන්ති.
Sinhala BJT3161. තරු අතුරෙන් චන්‍ද්‍රයා ම ප්‍රධාන වන්නාක් මෙන් නොහොත් සෙසු හැම තරු චන්‍ද්‍රයා ම පිරිවරාගෙන සිටින්නාක් මෙන් කුශලයෝ වනාහි ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තෝ ම ය. යම් හෙයකින් ශීලයත් ඓශ්වර්‍ය්‍යයත් සත්පුරුෂ ධර්‍මයත් යන මේ තුන ම ප්‍රඥාවන්තයා පසුපස යන්නාහු වෙද්ද? එහෙයිනි.
Pali BJT3162. සුභාසිතන්තෙ අනුමොදියාන අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි, කථංකරො කින්තිකරො කිමාචරං කිං සෙවමානො ලභතීධ පඤ්ඤං, පඤ්ඤායිදානි{1} පටිපදං වදෙහි කථං කරො පඤ්ඤවා හොති මච්චො.
Sinhala BJT3162. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. කෙසේ කරන්නේ කිනම් කර්‍මයක් කරන්නේ කිමෙකැ හැසිරෙන්නේ කවරකු සේවනය කරන්නේ (මෙලොව) ප්‍රඥාව ලබා ද? දැන් ප්‍රඥාව ලබාගැනීම පිණිස පිළිවෙත ප්‍රකාශ කරනු මැනවි. මනුෂ්‍ය තෙම කෙසේ කරන්නේ නුවණැත්තේ වේ ද?
Pali BJT3163. සෙවෙථ වුඩ්ඪෙ නිපුණෙ බහුස්සුතෙ උග්ගාහකො පරිපුච්ඡකො{2} සියා, සුණෙය්ය සක්කච්ච{3} සුභාසිතානි එවංකරො පඤ්ඤවා හොති මච්චො.
Sinhala BJT3163. ප්‍රඥායෙන් වැඩී සිටි, සියුම් කරුණු දැනීමෙහි සමත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් සේවනය කරන්නේ ය. ඉගෙන ගන්නේ ප්‍රශ්න විචාරන්නෙක් වන්නේ ය. සුභාෂිතයන් ඉතා සැලකිල්ලෙන් අසන්නේ ය. මෙසේ කරන්නා වූ මනුෂ්‍ය තෙම නුවණැත්තේ වෙයි.
Pali BJT3164. ස පඤ්ඤවා කාමගුණෙ අවෙක්ඛති අනිච්චතො දුක්ඛතො රොගතො ච, එවං විපස්සී පජහාති ඡන්දං දුක්ඛෙසු කාමෙසු මහබ්භයෙසු.
Sinhala BJT3164. ඒ නුවණැත්තේ පංච කාමයන් අනිත්‍ය වශයෙන් ද, දුක් වශයෙන් ද, රෝග වශයෙන් ද, බලයි. මෙසේ නුවණින් බලන තැනැත්තේ දුක් වූ මහත් බිය එළවන්නා වූ කාමයන් කෙරෙහි ආශාව තදංග ප්‍රහාණ වශයෙන් දුරු කරයි.
Pali BJT3165. සවීතරාගො පවිනෙය්ය දොසං මෙත්තං චිත්තං භාවයෙ අප්පමාණං, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අනින්දිතො බ්රහ්මමුපෙති ඨානං.
Sinhala BJT3165. ශක්‍රය, තදංග ප්‍රහාණ වශයෙන් කාමයන් ප්‍රහීණ වූ ඒ වීතරාගී පුද්ගල තෙමේ නව ආඝාත වස්තුයෙන් හටගන්නා ද්වේෂය දුරු කොට සියලු සත්‍වයන් කෙරෙහි දඬු බහාතබා අප්‍රමාණ වූ මෛත්‍රී සිත දියුණු කරන්නේ ය. නින්‍දා නො ලබන්නේ බ්‍රහ්ම ලෝකයට උප්පත්ති වශයෙන් එළඹෙයි.
Pali BJT3166. මහිද්ධියං{1} ආගමනං අහොසි තවමට්ඨක භීමරථස්ස චාපි, කාලිඞ්ගරාජස්ස ච උග්ගතස්ස සබ්බෙස{2} වො කාමරාගො පහීනො.
Sinhala BJT3166. අට්ඨක නම් රජ නුඹගේ ද භීම රථ රජුගේ ද ප්‍රසිද්ධ වූ කලිඟු රජුගේ ද මෙහි පැමිණීම මහත් සමෘද්ධි ඇත්තක් විය. ඔබ සියල්ලන්ගේ ම කාම රාගය තෙම තදංග වශයෙන් ප්‍රහීණ වූයේ යැයි තාපස තෙම කීයේ ය.
Pali BJT3167. එවං මෙතං පරචිත්තවෙදී සබ්බෙස නො කාමරාගො පහීනො, කරොහි ඔකාසමනුග්ගහාය යථාගතිං තෙ අභිසම්භවෙම.
Sinhala BJT3167. පරසිත් දන්නා තාපසයාණන් වහන්ස, එය එසේ ම ය. අප සියල්ලන්ගේ කාමරාගය තදංග වශයෙන් ප්‍රහීණ විය. අපට අනුග්‍රහ පිණිස පැවිදි වීමට අවකාශ කරව. නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට අපි පැමිණෙන්නෙමු යි රජවරු කීහ.
Pali BJT3168. කරොමි ඔකාසමනුග්ගහාය තථා හි වො කාමරාගො පහීනො, ඵරාථ කායං විපුලාය පීතියා යථා ගතිං මෙ අභිසම්භවෙථ.
Sinhala BJT3168. මහරජුනි, එසේ ම ය. තොපගේ කාමරාගය ප්‍රහීණ ය. අනුග්‍රහ කොට පැවිදි වීමට අවකාශ කරමි. මහත් වූ ධ්‍යාන ප්‍රීතියෙන් කය පිනවයි. මාගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙමි යි තාපස තෙම කීයේ ය.
Pali BJT3169. සබ්බං කරිස්සාම තවානුසාසනං යං යං තුවං වක්ඛසි භූරිපඤ්ඤ, ඵරාථ කායං විපුලාය පීතියා යථා ගතිං මෙ අභිසම්භවෙම.
Sinhala BJT3169. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, නුඹ වහන්සේ යමක් යමක් කියන්නෙහි ද? නුඹ වහන්සේගේ ඒ සියලු අනුශාසනා පිළිපදිමි. මහත් ධ්‍යාන ප්‍රීතියෙන් කය පිණවමි, නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම් සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙන්නෙමු යි රජවරු කීහ.
Pali BJT3170. කතායං වච්ඡස්ස කිසස්ස පූජා ගච්ඡන්තු භොන්තො ඉසයො සාධුරූපා, ඣානෙ රතා හොථ සදා සමාහිතා එසා රතී පබ්බජිතස්ස සෙට්ඨා.
Sinhala BJT3170. පින්වත්නි, කිසවච්ඡ තාපසයන්හට මේ පූජාව කරන ලදී. ඍෂීහු යහපත් ස්වභාව ඇත්තෝ යෙත්වා, හැම කල්හි ධ්‍යානයෙහි ඇලුණාහු එකඟ වූ සිත් ඇත්තාහු වවු. පැවිද්දාහට මේ ඇල්ම ශ්‍රේෂ්ඨ ය.
Pali BJT3171. සුත්වාන ගාථා පරමත්ථසඤ්හිතා සුභාසිතා ඉසිනා පණ්ඩිතෙන, තෙ වෙදජාතා අනුමොදමානා පක්කාමු දෙවා දෙවපුරං යසස්සිනො.
Sinhala BJT3171. පණ්ඩිත වූ ඍෂීහු විසින් මනා කොට කියන ලද පරමාර්‍ත්‍ථයෙන් යුත් වූ ගාථාවන් අසා සතුටු වූ පිරිවර ඇත්තා වූ ඒ දෙවියෝ අනුමෝදන් වෙමින් දෙව්ලොවට ගියහ.
Pali BJT3172. ගාථා ඉමා අත්ථවතී සුබ්යඤ්ජනා සුභාසිතා ඉසිනා පණ්ඩිතෙන, යො කොචිමා අට්ඨිකත්වා සුණෙය්ය ලභෙථ පුබ්බාපරියං විසෙසං ලද්ධාන පුබ්බාපරියං විසෙසං අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ.
Sinhala BJT3172. පණ්ඩිත වූ ඍෂිවරයා විසින් අර්‍ත්‍ථවත් වූ ද ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ ද මේ ගාථාවෝ මනා කොට කියන ලද්දාහ. යම් කිසිවෙක් මේ ගාථාවන් අර්‍ත්‍ථ වශයෙන් මෙනෙහි කොට අසන්නේ නම් හේ ප්‍රථම - ද්විතීය ධ්‍යානයන් ලබන්නේ ය. ප්‍රථම ද්විතීය ධ්‍යාන ලබා මෘත්‍යුරාජයාගේ නො දැකීමට ද (නිවනට ද) යන්නේ ය.
Pali BJT3173. සාලීස්සරො සාරිපුත්තො මෙණ්ඩිස්සරො නාම කස්සපො, පබ්බතො අනුරුද්ධො ච කච්චායනො ච දෙවලො.
Sinhala BJT3173. එකල්හි සාලිස්සර නම් තාපස තෙම දැන් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය. මෙණ්ඩිස්සර නම් තාපස තෙම කාශ්‍යප තෙරණුවෝ ය. පබ්බත නම් තවුස් තෙම අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. දේවල නම් තවුස් තෙමේ කච්චායන ස්ථවිරයන් වහන්සේ ය.
Pali BJT3174. අනුසිස්සො ච ආනන්දො කිසවච්ඡො ච කොලිතො, නාරදො පුණෙණා මන්තානිපුත්තො සෙසපරිසා බුද්ධපරිසා සරභඞ්ගො ලොකනාථො එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT3174. අනුසිස්ස නම් තවුස් තෙමේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ය. කිසවච්ඡ නම් තවුස් තෙමේ කෝලිත නම් වීය. නාරද නම් තාපස තෙම පුණ්ණමන්තානිපුත්ත තෙරණුවෝ ය. සෙසු පිරිස බුදු පිරිස විය. සරභංග නම් බෝධිසත්‍ව තෙමේ දැන් බුදුවූ ලෝකනාථයන් වහන්සේ යයි ජාතකය මෙසේ දරා ගනිවු යයි වදාළ සේක.
Pali BJTසරභඞ්ගජාතකං.
Sinhala BJTසරභඞ්ග ජාතකය
Pali BJT3. අලම්බුසාජාතකං.
Sinhala BJT3. අලම්බුසා ජාතකය
Pali BJT3175. අථබ්රවි බ්රහා ඉන්දො වත්රභූ ජයතං පිතා, දෙවකඤ්ඤං පරාභෙත්වා සුධම්මායං අලම්බුසං.
Sinhala BJT3175. ඉක්බිති වක්ත්‍ර නම් අසුරයා මැඩ පැවැත් වූ ජයප්‍රාප්ත ව දෙවියන්ගේ පිතෘස්ථානයෙහි වැජඹෙන්නා වූ මහත් අනුභාව ඇති ශක්‍ර තෙම සුධර්‍මා නම් දිව්‍ය සභායෙහි පරීක්‍ෂා කොට දැන අලම්බුසා නම් දිව්‍ය කන්‍යාවට මෙය කීයේ ය.
Pali BJT3176. මිස්සෙ දෙවා තං යාචන්ති තාවතිංසා සඉන්දකා, ඉසිපලොභිකෙ ගච්ඡ ඉසිසිඞ්ගං අලම්බුසෙ.
Sinhala BJT3176. පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිශ්‍රා නම් වූ ඍෂීන් පොලොබවා ලීමෙහි දක්‍ෂ අලම්බුසාවනි, ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ඉසිසිංග තාපසයා පොලොබවීටම තිට යාච්ඤා කෙරෙත්, එහි යව.
Pali BJT3177. පුරායං අම්හෙ අච්චෙති වතවා බ්රහ්මචරියවා, නිබ්බානාභිරතො වුද්ධො තස්ස මග්ගානි ආවර.
Sinhala BJT3177. එම්බා අලම්බුසාව, ව්‍රත රක්නා බ්‍රහ්මචාරී වූ ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩි සිටියේ නිවන්හි ඇලුණේ ය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව යන මාර්‍ගයන් ආවරණය කරව.
Pali BJT3178. දෙවරාජ කිමෙව ත්වං මමෙව තුවං සික්ඛසි, ඉසි පලොභිකෙ ගච්ඡ සන්ති අඤ්ඤාපි අච්ඡරා.
Sinhala BJT3178. දිව්‍යරාජයාණෙනි, කිම නුඹ වහන්සේ මේ දෙව්ලොව ඍෂීන් පොලොබවීම පිණිස මාම දක්නෙහි ද? තවත් අප්සරාවෝ ඇත්තාහු නො වෙද්දැ යි අලම්බුසාව ප්‍රශ්න කළා ය.
Pali BJT3179. මාදිසියො පවරා චෙව අසොකෙ නන්දනෙ වනෙ, තාසම්පි හොතු පරියායො තාපි යන්තු පලොභිකා.
Sinhala BJT3179. ශෝක රහිත වූ නන්‍දන වනයෙහි මා වැනි අප්සරාවෝද මට වඩා උතුම් අප්සරාවෝ ද ඇත්තාහ. ඔවුනට මේ ගමන් වාරය වේවා. ඔවුහු ද තවුසා පොලොබවීමට යෙත්වා.
Pali BJT3180. අද්ධා හි සච්චං භණසි සන්ති අඤ්ඤාපි අච්ඡරා, තාදිසියො පවරා චෙව අසොකෙ නන්දානෙ වනෙ.
Sinhala BJT3180. ඒකාන්තයෙන් ම තෝ ඇත්තක් කියව. ශෝක රහිත නන්‍දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද තවත් අප්සරාවෝ ඇත්තාහ.
Pali BJT3181. න තා එවං පජානන්ති පාරිචරියං පුමංගතා, යාදිසං ත්වං පජානාසි නාරි සබ්බඞ්ග සොභනෙ.
Sinhala BJT3181. සියලු අංගයන්ගෙන් හොබනා වූ අලම්බුසාවනි, පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු තී යම් යම්බඳු පාරිචර්‍ය්‍යයක් දන්නී නම්, එය නොදන්නාහ.
Pali BJT3182. ත්වමෙව ගච්ඡ කල්යාණි ඉත්ථීනං පවරා චසි, තවෙව වණ්ණරූපෙන වසමානාපයිස්සසි.{1}
Sinhala BJT3182. යහපත් තැනැත්තිය, තෝ ම යව. තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නී ය. තිගේ ම වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟයට පමුණුවා ගන්නෙහි ය.
Pali BJT3183. න චාහං න ගමිස්සාමි දෙවරාජෙන පෙසිතා, විභෙමි චෙතං ආසාදුං උග්ගතෙජො හි බ්රාහ්මණො.
Sinhala BJT3183. දෙව්රජහු පිටත්කර යවන ලද මම නො යන්නෙම් නො වෙමි. එහෙත් මේ තව්සාට ළංවන්නට බිය වෙමි. ඒ තාපස තෙම උග්‍ර තේජස් ඇත්තේ ය.
Pali BJT3184. අනෙකෙ නිරයං පත්තා ඉසිමාසාදියා ජනා, ආපන්නා මොහසංසාරං තස්මා ලොමානි හංසයෙ.
Sinhala BJT3184. ඍෂීන් පොලොබවීමට ගිය බොහෝ දෙන මෝහයෙන් සංසාරයට බැසගත්තාහු නිරයට පැමිණියහ. ඒ නිසා ලොමුදහ ගනිත්.
Pali BJT3185. ඉදං වත්වාන පක්කාමි අච්ඡරා කාමවණ්ණිනී, මිස්සා මිස්සෙතු{2}මිච්ඡන්ති ඉසිසිඞ්ගං අලම්බුසා.
Sinhala BJT3185. පුරුෂයන් කැමතිවන ශරීර වර්‍ණයක් ඇති පුරුෂයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව මෙසේ කියා ඉසිසිංග තවුසා ක්ලේශයන්ගෙන් මිශ්‍ර කරන්නට ගියා ය.
Pali BJT3186. සා ච තං වනමොගය්හ ඉසිසිඞ්ගෙන රක්ඛිතං, බිම්බි{1}ජාලකසඤ්ඡන්නං සමන්තා අඩ්ඪයොජනං.
Sinhala BJT3186. ඕ තොමෝ ද ඉසිසිංග තාපසයා විසින් රක්නා ලද රත් කරව් ගසින් ගැවසීගත්තා වූ හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.
Pali BJT3187. පාතොව පාතරාසම්හි උදන්හසමයං පටි, අග්ගිට්ඨං පරිමජ්ජන්තං ඉසිසිඞ්ගං උපාගමි.
Sinhala BJT3187. පෙර බත්කාලයෙහි ඉර උදාවන්නා වූ උදෑසන ම අමදිමින් ගිනිහල් ගෙහි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළැඹියා ය.
Pali BJT3188. කානු විජ්ජුරිවාහාසි ඔසධී විය තාරකා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT3188. විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරැසුණු අමුණන ලද මිණිකොඬොල් ඇති තී විදුලියක සේ ද ඕසධී තරුව සේ ද බබළන්නෙහි ය. තෝ කවර තැනැත්තියක් ද?
Pali BJT3189. ආදිච්චවණ්ණසඞ්කාසා හෙමචන්දනගන්ධිනී, සඤ්ඤතූරු මහාමායා කුමාරී චාරුදස්සනා.
Sinhala BJT3189. සූර්‍ය්‍ය රශ්මිය වැනි වර්‍ණ ඇති, රත්සඳුන් සුවඳැති තෝ මනා වට වූ ඌරුයුග්ම ඇත්තී ය. මහා මායා ඇත්තී ය. ළදරුවයස් ඇත්තී ය. මනෝඥ දැකුම් ඇත්තී ය.
Pali BJT3190. විලාකා{2} මුදුකා සුද්ධා පාදා තෙ සුප්පතිට්ඨිතා, කමනා{3} කමනීයා තෙ හරන්තියෙව මෙ මනො.
Sinhala BJT3190. තෝ සිහින් වූ ඉඟටියක් ඇත්තී ය. සියුමැලි ය. නිර්‍මල ය. තීගේ පාදයෝ මනාව පිහිටියෝ ය. ගමන්කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇද ගන්නී ම ය.
Pali BJT3191. අනුබ්බා ච තෙ ඌරු නාගනාසසමූපමා, විමට්ඨා තුය්හං සුස්සොණී අක්ඛස්ස ඵලකං යථා.
Sinhala BJT3191. තීගේ කලවා යුවළ පිළිවෙළින් මහත් ය. ඇත් හොඬයක් බඳු උපමා ඇත්තේ ය. තීගේ ඉතා විශාල වූ උකුල රන් පෝරුවක් මෙනි.
Pali BJT3192. උප්පලස්සෙව කිඤ්ජක්ඛා නාභි තෙ සාධු සණ්ඨිතා, පූරාකඤ්හඤ්ජනස්සෙව දූරතො පටිදිසස්ති.
Sinhala BJT3192. මනාව පිහිටියා වූ තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳු ය. කළු අඳුනෙන් පිරීගියාක් මෙන් දුරට දක්නා ලැබේ.
Pali BJT3193. දුවිධා ජාතා උරජා අවණ්ටා සාධුපච්චුදා, පයොධරා අප්පතීතා අඩ්ඪලාබුසමා ථනා.
Sinhala BJT3193. තීගේ පයෝධර යුවළ ළෙහි හටගත් නැටි රහිත ව මනාව පැන නැගුණා වූ කිරි රඳා පවත්නා වූ මලානික නො වූ සමවට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.
Pali BJT3194. දීඝා කම්බුතලාභාසා ගීවා එණෙය්යකා යථා, පණ්ඩරාවරණා වග්ගු චතුත්ථමනසන්නිභා.
Sinhala BJT3194. දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබැළීම් ඇති තීගේ ග්‍රීවය ඒණි මුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුතුව.
Pali BJT3195. උද්ධග්ගා ච අධග්ගා ච දුමග්ගපරිමජ්ජිතා, දුවිජා නෙලසම්භූතා දින්නා තව සුදස්සනා.
Sinhala BJT3195. නිදොස් හනුමස් කෙළවර හටගත්තා වූ උඩුදත් හා යටී දත් දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දැකුම්කලු ය.
Pali BJT3196. අපණ්ඩරා ලොහිතන්තා ජිඤ්ජුකඵලසන්නිභා, ආයතා ච විසාලා ච නෙත්තා තව සුදස්සනා.
Sinhala BJT3196. කළුපැහැ මුල ඇති රතුපැහැ අග ඇති ඔලිඳ ඇට බඳු තීගේ ඇස් දික් වූයේත් මහත් වූයේත් ඉතා දැකුම්කලු ය.
Pali BJT3197. නාතිදීඝා සුසම්මට්ඨා කනකබ්යාසමොචිතා, උත්තමඞ්ගරුහා තුය්හං කෙසා චන්දනගන්ධිකා.
Sinhala BJT3197. ඉතා දික් නොවූ මැනැවින් මට කරන ලද්දා වූ රන්පණායෙන් පීරන ලද තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේ ය.
Pali BJT3198. යාවතා කසිගොරක්ඛා වාණිජානඤ්ච යා ගති, ඉසීනඤ්ච පරක්ඛන්තං සඤ්ඤතානං තපස්සිනං.
Sinhala BJT3198. යම් තාක් සීසාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද සංයම ඇත්තා වූ තපස් රක්නා ඍෂිවරුන්ගේත් යම් පරාක්‍රමයකුත් වේ ද.
Pali BJT3199. න තෙ සමසමං පස්සෙ අස්මිං පඨවිමණ්ඩලෙ, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං.
Sinhala BJT3199. මේ පොළෝ මඩුල්ලෙහි තොපට සමයකු නො දැක්කෙමි. නුඹ කවරෙක් ද? කාගේ පුත්‍රයෙක් ද? අපි තොප කෙසේ දනිමු ද?
Pali BJT3200. න පඤහකාලො භද්දන්තෙ කස්සපෙවං ගතෙ සතී, එහි සම්ම රමිස්සාම උභො අස්මාක අස්සමෙ එහි තං උපගූහිස්සං රතීනං කුසලො භව.
Sinhala BJT3200. කාශ්‍යප ගෝත්‍ර ඇති තාපසයාණෙනි, මෙසේ නුඹගේ සිත පැවැති කල්හි ප්‍රශ්න කිරීමට කල් නො වෙයි. නුඹට වැඩෙක් ම වේවා. මිත්‍ර තාපසය, අපි දෙදෙනා අපගේ ආශ්‍රමයෙහි අභිරමණය කරන්නෙමු. එව නුඹ වැළදැ ගන්නෙමි යි නුඹ පස්කම් සුව විඳින්නවුන් අතුරෙන් දක්‍ෂයෙක් වව යි අලම්බුසාව කීවා ය.
Pali BJT3201. ඉදං වත්වාන පක්කාමි අච්ඡරා කාමවණ්ණිනී, මිස්සා මිස්සෙතුමිච්ඡන්ති ඉසිඞ්ගං අලම්බුසා.
Sinhala BJT3201. පුරුෂයන් කැමැති වන්නා වූ ශරීර වර්‍ණයක් ඇත්තා වූ පුරුෂයන් ක්ලේශයන් හා මිශ්‍ර කරන්නා වූ අලම්බුසා නම් ඒ අප්සරාව ඉසිසිංග තාපසයා ක්ලේශයෙන් මිශ්‍ර කරනු කැමැත්තී මෙසේ කියා ගියා ය.
Pali BJT3202. සො ච වෙගෙන නික්ඛම්ම ඡෙත්වා දන්ධපරක්කමං, තමුත්තමාසු වෙණීසු අජ්ඣප්පත්තො පරාමසී.
Sinhala BJT3202. තාපස තෙමේ ද සෙමින් යන ගමන අත්හැර වේගයෙන් නික්ම ගොස් ඇය වෙතට පැමිණියේ උතුම් කෙස් වැටිය ගෙන පිරිමැද්දේ ය.
Pali BJT3203. තමුදාවත්ත කල්යාණි පළිස්සජි සුසොභනා, චවි තම්හි බ්රහ්මචරියා යථා තං අථ තොසිතා.
Sinhala BJT3203. ඉතා ශෝභමාන වූ කල්‍යාණ දර්‍ශන ඇති ඕ තොමෝ පෙරළා නැවතී තවුසා වැළඳගත්තී ය. එසේ වැළඳගැනීමෙන් බ්‍රහ්මචර්‍ය්‍යයෙන් චුත වූ කල්හි ශක්‍රයා යම්සේ සිතී ද, එය සිදු වූයේ ය. එකල්හි අලම්බුසා තොමෝ ද සතුටු කරන ලද්දී ය.
Pali BJT3204. මනසා අගමා ඉන්දං වසන්තං නන්දනෙ වනෙ, තස්සා සඞ්කප්පමඤ්ඤාය මඝවා දෙවකුඤ්ජරො.
Sinhala BJT3204. අලම්බුසා තොමෝ නන්‍දන වනයෙහි වසන්නා වූ ශක්‍රයා වෙත සිතින් පැමිණියා ය. දෙවියන්ට උතුම් වූ ශක්‍ර තෙම ඇයගේ සිතුවිල්ල දැන-
Pali BJT3205. පල්ලඞ්කං පහිණී ඛිප්පං සොවණ්ණං සොපවාහනං, ස උත්තරච්ඡදපඤ්ඤාසං සහස්සපටිකත්ථතං.
Sinhala BJT3205. ශක්‍ර තෙමේ ද, පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති කොඳු පලස් දහසක් අතුරන ලද්දා වූ ස්වර්‍ණමය පර්‍ය්‍යංකයක් එවී ය.
Pali BJT3206. තමෙනං තත්ථ ධාරෙසි උරෙ කත්වාන සොභනා, යථා එකමුහුත්තංව තීණි වස්සානි ධාරයි.
Sinhala BJT3206. ශෝභන වූ අලම්බුසා තොමෝ ඒ මේ ඉසිසිංග තවුස්හු පුරා තුන්වර්‍ෂයක් ඒ පලඟෙහි ලා ළෙහි හොවා දැරුවා ය.
Pali BJT3207. විමදො තීහි වස්සෙහි පබුජ්ඣිත්වාන බ්රාහ්මණො, අද්දසාසි හරිතරුක්ඛෙ සමන්තා අග්ගියායනං.
Sinhala BJT3207. පහවූ මත් වීම් ඇති ඒ බ්‍රාහ්මණ තෙමේ තෙවසකින් පිබිද ගිනිහල් ගෙය සමීපයෙහි නිල්වන්ව වැඩී ගිය ගස් දුටුවේ ය.
Pali BJT3208. නවපත්තවනං ඵුල්ලං කොකිලාගණඝොසිතං, සමන්තා ස විලොකෙත්වා{1} රුදං අස්සූනි වත්තයි.
Sinhala BJT3208. තාපස තෙම කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති නවපත්‍රයෙන් සැදුම් ලත් පිපීගිය ඒ වනය හාත්පස බලා අඬමින් කඳුළු වගුරවන්නට පටන් ගත්තේ ය.
Pali BJT3209. න ජුහෙ න ජපෙ මන්තෙ අග්ගිහුත්තං පහාපිතං, කොනු මෙ පාරිචරියාය පුබ්බෙ චිත්තං පලොභයි.
Sinhala BJT3209. යාග නො කෙළෙමි. මන්ත්‍ර ජප නො කෙළෙමි. හෝමාග්නිය නසන ලදි. පරිචර්‍ය්‍යායෙන් කවරෙක් නම් මාගේ සිත මෙයින් පෙර පෙළඹවී ද? කියා තවුස් තෙම කෑ ගසා ඇඬුවේ ය.
Pali BJT3210. අරඤ්ඤෙ මෙ විහරතො යො මෙ තෙජාහ සම්භතං, නානාරතනපරිපුණ්ණං නාවංව ගණ්හි අණ්ණවෙ.
Sinhala BJT3210. අරණ්‍යයෙහි වසන්නා වූ මා විසින් ශ්‍රමණ තේජසින් රැස් කරන ලද්දා වූ මහාසාගරයෙහි නොයෙක් රුවනින් පිරීගිය නැවක් මෙන් වූ මාගේ ධ්‍යාන ගුණය යමෙක් පැහැර ගත්තේ නම් හේ කවරෙක් දැ යි තාපස තෙම මුරගා කී ය.
Pali BJT3211. අහන්තෙ පාරිචරියාය දෙවරාජෙන පෙසිතා, අවධිං චිත්තං චිතෙතන පමාදා ත්වං න බුජ්ඣසි.
Sinhala BJT3211. පින්වත් තාපසය, ශක්‍ර දිව්‍ය රාජයා පරිචර්‍ය්‍යාව පිණිස මෙහෙයන ලද මම මාගේ සිතින් නුඹගේ සිත මැඩ පැවැත්වීමි. එය නුඹ වහන්සේ ප්‍රමාදයෙන් අවබෝධ නො කළහ.
Pali BJT3212. ඉමානි කිර මං තාතො කස්සපො අනුසාසති, කමලාසරිසිත්ථියො තායො බුජ්ඣෙසි මාණව.
Sinhala BJT3212. මාගේ පිය වූ කාශ්‍යප තෙම මට මේ වචන කීයේ ය. මාණවකය, ලියතඹර මල් වැනි ස්ත්‍රීහු වෙත්. ඔවුන් දැනගනුව’ යි කීයේ ය.
Pali BJT3213. උරෙ ගණ්ඩායො බුජ්ඣෙසි තායො බුජ්ඣෙසි මාණව, ඉච්චානුසාසි මං තාතො යථා මං අනුකම්පකො.
Sinhala BJT3213. අනුකම්පා ඇත්තකු සේ මට මාගේ පිය වූ කාශ්‍යප තෙම අවවාද දෙනුයේ, මාණවකය, ළයෙහි මස්ගඩු දෙකක් ඇති ස්ත්‍රීන් දැන ගනුව. ඒ ස්ත්‍රීහු තමන් වසඟයට පැමිණියවුන් නසති යි දැනගනුව යි මෙසේ කීයේ ය.
Pali BJT3214. තස්සාහං වචනං නාකං පිතු වුද්ධස්ස සාසනං, අරඤ්ඤෙ නිම්මනුස්සම්හි ස්වාජ්ජ ඣායාමි එකකො.
Sinhala BJT3214. වයෝවෘද්ධ වූ ඒ පියාගේ අනුශාසනය මම නො පිළිපැද්දෙමි. මනුෂ්‍යයන් විරහිත වනයෙහි ඒ මම අද එකලා වැ වැලපෙමි යි තවුසා කීයේ ය.