Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3701-3800 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3027. තිණලතානි ඔසධ්යො පබ්බතානි වනානි ච, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3027. තෘණ වර්‍ග ද ලතා වර්‍ග ද ඔෂධි වර්‍ග ද පර්‍වත ද වන ද යන මේ තන්හි යම් දෙවිකෙනෙක් අධිගෘහිත ව වෙසෙද් ද, මම ඔවුන් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොප පිහිට සොයා ගියා වෙමි.
Pali BJT3028. වන්දෙ ඉන්දීවරීසාමං රත්තිං නක්ඛත්තමාලිනිං, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3028. නැකැත් පෙළින් යුක්ත වූ නිලුපුල් බඳු වර්‍ණ ඇති රාත්‍රිය ද මම් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.
Pali BJT3029. වන්දෙ භාගීරථිං ගඞ්ගං සවන්තීනං පටිග්ගහං, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3029. සෙසු ගංගාවන්ගේ ජලය පිළිගන්නා වූ භාගීරථි නම් ගඟ මම වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.
Pali BJT3030. වන්දෙ අහං පබ්බතරාජසෙට්ඨං හිවවන්තං සිලුච්චයං, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3030. හිමවන්ත නම් පර්‍වතරාජශ්‍රේෂ්ඨයා මම් වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් මම තොපගේ සරණ ගියා වෙමි යි (සම්බුලා තොමෝ වැළපුණා ය.)
Pali BJT3031. අතිසායං වතාගඤ්ජි රාජපුත්ති යසස්සිනි, කෙනනුජ්ජ සමාගඤජි කො තෙ පියතරො මයා.
Sinhala BJT3031. යශස් ඇත්තා වූ රාජපුත්‍රිය, තෝ ඉතා සවස්හි ආයෙහි ය. අද කවරකු හා එක්වූවා ද? තිට මට වඩා ප්‍රියතරයෙක් කවරේ දැ යි රාජපුත්‍රයා ඇසී ය.
Pali BJT3032. ඉදං ඛොහං තදවොචං ගහිතා තෙන සත්තුනා, න මෙ ඉදං තථා දුක්ඛං යං මං ඛාදෙය්ය රක්ඛසො යඤ්ච මෙ අය්යපුත්තසස මනො හෙසස්ති අඤ්ඤථා.
Sinhala BJT3032. ඒ සතුරා විසින් අල්ලා ගන්නා ලද මම ඔහුට මෙය ප්‍රකාශ කෙළෙමි. යම්හෙයෙකින් රකුස් තෙම මා කන්නේ නම් එය මට දුකක් නො වේ. මාගේ ස්වාමිපුත්‍රයාගේ සිත්හි යම්බඳු වෙනසක් වේ නම් එය මට එයට වඩා දුකකැ යි කියා යි.
Pali BJT3033. චොරීනං බහුබුද්ධීනං යාසු සච්චං සුදුල්ලභං, ථිනං භාවො දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතං.
Sinhala BJT3033. සෙරවූ ද, බොහෝ අදහස් ඇත්තා වූ ද යම් ඒ ස්ත්‍රීන් අතුරෙහි සත්‍යවචනය ඉතා දුර්‍ලභ ය. මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්‍ගය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.
Pali BJT3034. තථා මං සච්චං පාලෙතු පාලයිසස්ති චෙ මමං, යථාහං නාභිජානාමි අඤ්ඤං පියතරං තයා එතෙන සච්චවජ්ජෙන ව්යාධි තෙ වූපසම්මතු.
Sinhala BJT3034. යම්සේ මම නුඹට වඩා ඉතා ප්‍රිය වූ අන්‍යයකු නොදනිමි යි කියම් ද, ඉදින් එසේ මාගේ සත්‍යය රක්නේ නම්, ඒ සත්‍ය තෙමේ මා රකීවා. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ ව්‍යාධිය සන්හිඳේවා යි (සම්බුලා තොමෝ සත්‍යක්‍රියා කළාය.)
Pali BJT3035. යෙ කුඤ්ජරා සත්තසතා උළාරා රක්ඛන්ති රත්තින්දිවං උය්යුතාවුධා, ධනුග්ගහානඤ්ච සතානි සොළස කථං විධෙ පස්සසි භද්දෙ සත්තවො.
Sinhala BJT3035. සම්බුලාවෙනි, මහත් හස්තීහු සත්සියයක් ද (ඔවුන් පිට නැඟි) අවිදරන ධනුර්ධරයන් සොළොස්සියයක් ද මෙනුවර රකිත්. (එසේ කල්හි) කෙබඳු සතුරන් දක්නෙහි දැයි (රාජතාපස තෙමේ සම්බුලාවගෙන් ඇසුවේය.)
Pali BJT3036. අලඞ්කතායො පදුමුත්තරත්තවා විරාගිතා පස්සති භංසගග්ගරා, තාසං සුණිත්වා මිතගීතවාදිතං න දානි මෙ තාත තථා යථා පුරෙ.
Sinhala BJT3036. පියාණන් වහන්ස, නුඹවහන්සේගේ පුත්‍ර තෙමේ පියුම් ගැබ මෙන් මතුපිට රන්වන් සිවියෙන් බබළන්නා වූ අලංකාර ලෙස සැරසුණා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇත්තා වූ හංසයන්ගේ බඳු ස්වර ඇත්තා වූ ස්ත්‍රීන් දකී. ඔවුන්ගේ මිහිරි ගීත වාදිතය අසා හෙතෙමේ පෙර මෙන් දැන් මා කෙරෙහි නො පවතී.
Pali BJT3037. සුවණ්ණසඞ්කච්චධරා සුචිග්ගහා අලඞ්කතා මානුසියච්ඡරූපමා, සෙනොපියා තාත අනින්දිතඞ්ගියො{1} ඛත්තියකඤ්ඤා පටිලොභයන්ති නං.
Sinhala BJT3037. ස්වර්‍ණමය සංකව්වාහරණ (තනපට) දරන්නා වූ අලංකාර කරන ලද මනා සිරුරු ඇත්තා වූ මිනිස් දෙවඟනන් බඳු වූ ක්‍ෂත්‍රිය කන්‍යාවරු නින්‍දා නොකරන ලද ශරීරාවයව ඇත්තාහු සොත්‍ථිසේන රජුට ප්‍රිය වෙත්. පියාණෙනි, ඒ කන්‍යයාවෝ සොත්‍ථිසේන රජු පොළඹවත්.
Pali BJT3038. සචෙ අහං තාත තථා යථා පුරෙ පතිං තමුඤ්ඡාය{2} පුනා වනෙ භරෙ, සම්මානයෙ මං න ච මං විමානයෙ ඉතොපි මෙ තාත තතො වරං සියා.
Sinhala BJT3038. පියාණෙනි, ඉදින් මම පෙර මෙන් නැවත ද වනයෙහි සිඟා හැසිරීමෙන් ඒ ස්වාමියා පෝෂණය කරන්නෙම් නම්, මට සම්මානන කරන්නේය. මට අවමන් නො කරන්නේය. පියාණෙනි, මෙයට වඩා මට එය උතුම් වන්නේය.
Pali BJT3039. යමන්නපානෙ විපුලස්මි ඔහිතෙ නාරි විමට්ඨාභරණා අලඞ්කතා, සබ්බඞ්ගු{3}පෙතා පතිනො ච අප්පියා අඛජ්ඣ තස්සා මරණං තතො වරං.
Sinhala BJT3039. ආහාර පාන බොහෝ කොට පිළියෙළ කොට තිබෙන ගෘහයෙහි නානාලංකාරයෙන් සැරසුණා වූ සියලු අංගයන්ගෙන් යුක්ත වූ ස්ත්‍රී තොමෝ ස්වාමියාහට අප්‍රිය වන්නී නම්, ඇයට ගෙල වැල බැඳගෙන මරණයට පත්වීම ඒ ගෘහවාසයට වඩා උතුම් වේ.
Pali BJT3040. අපි චෙ දළිද්දා කපණා අනාළ්හියා{4} කටාදුතීයා පතිනොච සා පියා, සබ්බඞ්ගුපෙතායපි අප්පියාය අයමෙව සෙය්යා කපණාපි යා පියා.
Sinhala BJT3040. තවද දිළිඳු වූ බැගෑපත් වූ සහල් නැළියක්වත් නැත්තා වූ නිදන කලාල දෙවැනි කොට ඇති ස්ත්‍රියක් වන්නී නම් ඕ තොමෝ සැමියාට ප්‍රිය ද, සියලු අංගයන්ගෙන් යුක්ත වූ ද අප්‍රිය ස්ත්‍රියට වඩා දුප්පත් වූ යම්බඳු ප්‍රිය තැනැත්තියක් වේ නම් ඕ උතුමි යි (සම්බුලා තොමෝ කීවාය.)
Pali BJT3041. සුදුල්ලභිත්ථි පුරිසස්ස යා හිතා භත්තිත්ථියා දුල්ලභො යො හිතො ච, හිතා ච තෙ සීලවතී ච භරියා ජනින්ද ධම්මං චර සම්බුලාය.
Sinhala BJT3041. යම් තැනැත්තියක් පුරුෂයාට හිතවත් ද ඕ ඉතා දුර්‍ලභ ස්ත්‍රියකි. යම් පුරුෂයෙක් තෙමේ ස්ත්‍රියට බැතිමත් ද හෙතෙමේත් දුර්‍ලභය. මේ සම්බුලා නම් භාර්‍ය්‍යා තොමෝ තොපට හිතවත් ය. ගුණවත්ය. මහරජ, සම්බුලාව සමග දැහැමින් වාසය කරවයි තාපස වූ පිය රජතෙම අවවාද කෙළේය.
Pali BJT3042. සචෙ තුවං විපුලෙ{5} ලද්ධභොගෙ ඉස්සාවතිණ්ණා මරණං උපෙසි, අහඤ්ච තෙ භද්දෙ ඉමා රාජකඤ්ඤා සබ්බෙව තෙ වචනකරා භවාමාති.
Sinhala BJT3042. සම්බුලාවෙනි, ඉදින් තෙපි අභිෂේකවශයෙන් ලබන ලද මහත් භොග ඇති කල්හි ඊර්‍ෂ්‍යාවට බැස ගත්තාහු මරණයට පැමිණෙන්නහු ද, එසේ නම් සොඳුර, මමත් මේ හැම රාජ කන්‍යාවරුත් තිගේ වචනය පිළිපදින්නමෝ වෙමුයි රජතෙම කීයේය.
Pali BJTසම්බුලා ජාතකං.
Sinhala BJTසම්බුලා ජාතක යි.
Pali BJT10. ගන්ධතින්දුකජාතකං.{*}
Sinhala BJT10. ගන්‍ධතින්‍දුක ජාතකය
Pali BJT3043. අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං, අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.
Sinhala BJT3043. කුශලයෙහි සිහියෙන් වෙන් නොවීම නම් වූ නො පමාව නිවනට මඟ යි. කුසල් පිරීමේ එළඹ සිටි සිහියක් නැතිබව සසර දුකට මඟ යි. නො පමාවූවෝ සසර දුකට නොපැමිණෙත් හෙවත් නොමැරෙත්. පමාවූවෝ මළවුන් වැනි වෙත්.
Pali BJT3044. මදා පමාදො ජායෙථ පමාදා ජායතෙ ඛයො, ඛයා ච දොසා{1} ජායන්ති මා මදො භරතූසභ.{2}
Sinhala BJT3044. මහරජ, ආරෝග්‍යාදී ත්‍රිවිධ මදයෙන් ප්‍රමාදය හටගනී. ප්‍රමාදයෙන් විනාශය හටගනී. විනාශ හේතුවෙන් ද්වේෂයෝ හටගනිත්. එබැවින් රට පෝෂණය කරන්නාවූ ශ්‍රේෂ්ඨය, මදයට නො පැමිණෙව.
Pali BJT3045. බහූ හි ඛත්තියා ජිනා අත්ථං රට්ඨං පමාදිනො, අථොපි ගාමිනො ගාමා අනාගාරා අගාරිනො.
Sinhala BJT3045. ප්‍රමාද වූ බොහෝ රජදරුවෝ වස්තුවය රටය යන මෙයින් පිරිහුණාහ. තවද ප්‍රමාදාපන්න වූ ගම්දෙටුවෝ ගමින් පිරිහුණාහ. ප්‍රමාදාපන්න ගිහිගේ වැස්සෝ ධාන්‍යාදියෙන් සහ ගිහිගෙයින් ද, පැවිද්දෝ පැවිදි බවෙන් ද පිරිහුණහ.
Pali BJT3046. ඛත්තියස්ස පමත්තස්ස රට්ඨස්මිං රට්ඨවඩ්ඪන, සබ්බෙ භොගා විනස්සන්ති රඤ්ඤො තං වුච්චතෙ අඝං.
Sinhala BJT3046. රටදියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි හැම සම්පත්හු ම වැනසෙත්. එය රජුට දුකය යි කියනු ලැබේ.
Pali BJT3047. නෙස ධම්මො මහාරාජ අතිවෙලං පමජ්ජසි, ඉද්ධං ඵීතං ජනපදං චොරා විද්ධංසයන්ති නං.
Sinhala BJT3047. මහරජ, සීමාව ඉක්මවා පමාවන්නෙහි නම් එය පැරණි රජුන්ගේ ස්වභාවය නොවෙයි. ආහාර පානාදියෙන් සමෘද්ධ වූ ස්වර්‍ණාදියෙන් පිරුණා වූ ජනපදය සොරු විනාශ කරත්,
Pali BJT3048. න තෙ පුත්තා භවිස්සන්ති න හිරඤ්ඤං න ධානියං, රට්ඨෙ විලුප්පමානම්හි සබ්බභොගෙහි ජීයසි.
Sinhala BJT3048. රට පැහැර ගනු ලබන කල්හි සියලු භෝගයන්ගෙන් පිරිහෙන්නේය. එවිට ප්‍රවේණිය රකින පුත්‍රයෝ ද නො වන්නාහ. (අධර්‍ම රජුගේ පුත්‍රයෝයයි රට වැසියෝ ඔහු බැහැර කරත්.) එසේ ම අධාර්මික රජුගේ හිරණ්‍යාදි ධනය ද නො වන්නේය. ධාන්‍යාදිය ද නො වන්නේය.
Pali BJT3049. සබ්බභොගපරිජිණ්ණං රාජානං වාපි ඛත්තියං{3}, ඤාතිමිත්තා සුහජ්ජා ච න තං මඤ්ඤන්ති මානියං.{4}
Sinhala BJT3049. සියලු භොග සම්පතින් පිරිහුණු ක්‍ෂත්‍රිය රජහු පවා නෑමිතුරෝ ද සුහදයෝ ද ඔහු පිදියයුතු කොට නො සිතත්.
Pali BJT3050. හත්ථාරොහා{5} අනීකට්ඨා රථිකා පත්තිකාරකා, තමෙවමුපජීවන්තා න තං මඤ්ඤන්ති මානියං.
Sinhala BJT3050. ඇතරුවෝ ද බළඇණිවල නියුක්තයෙන් ද රිය පදවන්නෝ ද පාබළසේනාවෝ ද යන සියල්ලෝම ඔහු ඇසුරු කරමින් ජීවත්වන්නාහු නමුත් ඔහු පිදිය යුත්තකු වශයෙන් නො හඟිත්.
Pali BJT3051. අසංවිහිතකම්මන්තං බාලං දුම්මන්ති මන්තිනං, සිරී ජහති දුම්මෙධං ජිණ්ණංව උරගො තචං.
Sinhala BJT3051. හොඳින් විධාන නො කළ කර්‍මාන්ත ඇති නපුරු කථා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලයා, දිරාගිය සැව හැරයන සර්‍පයකු මෙන්, ශ්‍රී තොමෝ හැරදමා යන්නීය.
Pali BJT3052. සුසංවිහිතකම්මන්තං කාලුට්ඨායිං අතන්දිතං, සබ්බෙ භොගාභිවඩ්ඪන්ති ගාවො සඋසභාමිව.
Sinhala BJT3052. හොඳින් විධාන කරන ලද කර්‍මාන්ත ඇති සුදුසු කල්හි වීර්‍ය්‍යය කරන්නා වූ අනලස් වූ රජුට වෘෂභයා සහිත ගව මුළ මෙන් සියලු සම්පත් වැඩෙත්.
Pali BJT3053. උපස්සුතිං මහාරාජ රට්ඨෙ ජනපදෙ චර, තත්ථ දිස්වා ච සුත්වා ච තතො තං පටිපජ්ජසි,
Sinhala BJT3053. මහරජ, දනවුපුවත් ඇසීම පිණිස රටෙහි ද ජනපදයෙහි ද හැසිරෙව. එහි දැක්ක යුතු දෑ දැක ඇසිය යුතු දෑ අසා (මැනවින් දැනගෙන) එයට අනුව පිළිපදුව.
Pali BJT3054. එවං වෙදෙතු පඤ්චාලො සඞ්ගාමො සරසමප්පිතො,{6} යථාහමජ්ජ වෙදෙමි කණ්ටකෙන සමප්පිතො.
Sinhala BJT3054. අද මම කටුවකින් විදුනා ලද්දේ යම්සේ දුක් විඳිම් ද, මෙසේ ම පණ්වාල රජතෙම යුද්ධයෙහි දී ඊයෙන් විදින ලද්දේ දුක් විඳීවා.
Pali BJT3055. ජිණ්ණො දුබ්බලචක්ඛූසි න රූපං සාධු පස්සසි, කිං තත්ථ බ්රහ්මදත්තස්ස යං තං මග්ගෙය්ය කණ්ටකො.
Sinhala BJT3055. (එම්බා මහලු පුරුෂය,) නුඹ ජරායෙන් ජීර්‍ණවූයෙහි දුර්‍වල ඇස් ඇත්තෙහිය. හොඳින් රූප නො දක්නෙහිය. ඒ නිසා කටුවක් ඇනුනේය යන යමක් ඇද්ද එහි බඹදත් රජුගේ කිනම් දෝෂයෙක්දැයි (පුරෝහිත තෙම ඇසීය.)
Pali BJT3056. බව්හෙත්ථ{1} බ්රාහ්මදත්තස්ස යොහං මග්ගස්මි{2} බ්රාහ්මණ, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
Sinhala BJT3056. බ්‍රාහ්මණය, යම් ඒ මම කටු ඇති මාර්‍ගයෙහි (කටු ඇනුනෙම් ද) මෙහි බ්‍රහ්මදත්ත රජුගේ බොහෝ දෝෂයෝ වෙත්. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහුය. නො දැහැමි අයබදු ගැනුමෙන් ඒ ජනපද වැසියෝ නසන ලද්දාහ.
Pali BJT3057. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
Sinhala BJT3057. රාත්‍රි කාලයෙහි ද සොරු පැහැර ගනිත්. දවල් අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපීරජහුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මිකයහ.
Pali BJT3058. එතාදිසෙ භයෙ තාත{3} භයට්ටා තාව{4} මානවා, නිල්ලෙනකානි කුබ්බන්ති වනෙ ආහත්ව{5} කණ්ටකං.
Sinhala BJT3058. දරුව, මෙබඳු බිය ඇති වූ කල්හි බියෙන් පෙළුණු මිනිස්සු කටු ගෙනවුත් (දොරටුව අවුරා ගෙවල් හැරගොස්) වනයේ සැඟවී සිටිය හැකි තැන් සාදා ගනිත්.
Pali BJT3059. කදාස්සු නාමයං රාජා බ්රහ්මදත්තො මරිස්සති, යස්ස රට්ඨම්හි{6} ජීයන්ති{7} අප්පතීකා{8} කුමාරිකා.
Sinhala BJT3059. යම් රජකුගේ රටෙහි සැමියන් නැති කුමරියෝ මහලුවෙත් ද, මේ බ්‍රහ්මදත්ත රජ කවර දවසක මැරෙන්නේ දැ යි (දිළිඳු මවක් හඬමින් කීවාය.)
Pali BJT3060. දුබ්භාසිතඤ්හි තෙ ජම්මි අනත්ථපදකොවිදෙ, කුහිං රාජා කුමාරීනං භත්තාරං පරියෙසති.
Sinhala BJT3060. අවැඩ වචන කීමෙහි දක්‍ෂ නීච තැනැත්තිය, තී විසින් නපුරු වචනයක් ම කියන ලද. කුමරියන්හට සැමියන් සොයන රජෙක් කොහි වෙසේ ද? (කියා පුරෝහිතයා ඇසුවේය.)
Pali BJT3061. න මෙ දුබ්භාසිතං බ්රහ්මෙ කොවිදත්ථපදා අහං, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
Sinhala BJT3061. බ්‍රාහ්මණය, මා විසින් නපුරක් නො කියන ලද. මම අර්‍ත්‍ථ පද කීමෙහි දක්‍ෂ වෙමි. රජු විසින් ජනපද වැසියෝ නොරක්නා ලද්දාහ. නො දැහැමින් අයබදු ගැනුමෙන් ජනපද වැසියෝ නසන ලද්දාහ.
Pali BJT3062. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො දුජ්ජීවෙ දුබ්භරෙ{9} දාරෙ කුතො භත්තා කුමාරියො.
Sinhala BJT3062. රාත්‍රියෙහි ද සොරු පැහැර ගනිත්. දවල් කාලයෙහි අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ අධාර්මිකයහ. දුකසේ ජීවත්වන්නාවූ, දුකසේ භාර්‍ය්‍යාවන් පෝෂණය කරන්නා වූ රටෙහි දැරියෝ කොයින් සැමියන් ලබත් ද?
Pali BJT3063. එවං සයතු පඤ්චාලො සඞ්ගාමෙ සත්තියා හතො, යථායං කපණො සෙති භතො ඵාලෙන සාලියො.
Sinhala BJT3063. යම්සේ සාලිය නම් ගව තෙම සීවැලින් ඇනුණේ බැගෑපත්ව සයනය කෙරේ ද? මෙපරිද්දෙන් ම පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හෙල්ලකින් අනින ලද්දේ ශයනය කෙරේවායි (ගොවියෙක් ශාප කෙළේය.)
Pali BJT3064. අධම්මෙන තුවං ජම්ම බ්රාහ්මදත්තස්ස කුජ්ඣසි, යො ත්වං සපසි රාජානං අපරජ්ඣිත්වාන අත්තනො.{1}
Sinhala BJT3064. නීච ගොවිය, යම්බඳු වූ තෝ තමා ම අපරාධ කොට රජුට ශාප කරන්නෙහි ද එබඳු තෝ බ්‍රහ්මදත්ත රජුට නිකරුණේ කිපුණෙහි ය.
Pali BJT3065. ධම්මෙන බ්රහ්මදත්තස්ස අහං කුජ්ඣාමි බ්රාහ්මණ, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
Sinhala BJT3065. බ්‍රාහ්මණය, මම බඹදත් රජුට ධර්‍මයෙන් (කරුණු ඇතිව) කිපෙමි. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහ. ඔහු විසින් අධර්‍ම අයබදු ගැනුමෙන් ඔහු පෙළන ලද්දාහ.
Pali BJT3066. අත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
Sinhala BJT3066. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අධර්‍මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි නොදැහැමි ජනයා බොහෝ ය.
Pali BJT3067. සා නූන පුන රෙ පක්කා විකාලෙ භත්තමාහරි, භත්තහාරිං අපෙක්ඛන්තො හතො ඵාලෙන සාලියො.
Sinhala BJT3067. ඒ මාගේ භාර්‍ය්‍යයා තොමෝ දෙවනුව පිස විකාලයෙහි බත් ගෙනාවා ය. බත් ගෙනෙන තැනැත්තිය ගැන අපේක්‍ෂා ඇත්තේ වීමි. එවිට සාලිය තෙමේ සීවැලින් හැනුණේය යි ගොවියා කීයේ ය.
Pali BJT3068. එවං හඤ්ඤතු පඤ්චාලො සඞ්ගාමෙ අසිනා හතො,{2} යථාහමජ්ජ පහටො ඛීරඤ්ච මෙ පවට්ටිතං.{3}
Sinhala BJT3068. අද යම්සේ දෙන විසින් මම පහරදෙන ලද්දෙම් ද, මාගේ කිරි බඳුනත් පෙරළන ලද ද, මෙසේ ම පඤ්චාල රජ තෙම, යුද්ධ භූමියෙහි කඩුවෙන් ගසන ලද්දේ නැසේවා යි ගොපල්ලෙක් කී ය.
Pali BJT3069. යං පසු ඛීරං ඡඩ්ඩෙති පසුපාලඤ්ච හිංසති.{4} කිං තත්ථ බ්රහ්මදත්තස්ස යං නො ගරහතෙ{5} භවං.
Sinhala BJT3069. දෙන කිරි බඳුන පෙරළුවා ය. ගොපල්ලාටත් හිංසා කළා ය. යන යමක් ඇද්ද පින්වත, එහිලා යම් හෙයකින් නුඹ බ්‍රහ්මදත්ත රජුට ගර්‍හා කරන්නෙහි නම්, ඒ කවර හෙයකින් ද?
Pali BJT3070. ගාරය්හො බ්රහ්මෙ පඤ්චාලො බ්රහ්මදත්තස්ස රාජිනො, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
Sinhala BJT3070. බ්‍රාහ්මණය, පඤ්චාල රජ තෙමේ ගර්‍හා කළ යුත්තෙකි. බ්‍රහ්මදත්ත රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහු නොදැහැමි අයබදු ගැනුමින් නසන ලද්දාහ.
Pali BJT3071. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
Sinhala BJT3071. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මික වේ.
Pali BJT3072. චණ්ඩා අටනකා ගාවී යං පුරෙ න දුහාමසෙ, තං දානි අජ්ජ දොහාම ඛීරකාමෙහුපද්දුතා.
Sinhala BJT3072. නපුරු වූ පැන දුවන්නා වූ මේ දෙන යම් හෙයකින් පෙර නො දෙවුමෝ ද, අද කිරි කැමැති රාජපුරුෂයන් විසින් උපද්‍රැත වූවාහු ඇය දොවම්හ.
Pali BJT3073. එවං කඤ්ඤතු පඤ්චාලො විපුත්තො විප්පසුක්ඛතු, යතායං කපණා ගාවී විපුත්තා පරිධාවති.
Sinhala BJT3073. මේ දුප්පත් ගවදෙන පුත්‍රයාගෙන් වෙන් වූවා, වැළැපෙමින් ඔබමොබ දුවයි ද එසේ ම පඤ්චාල රජ තෙම පුත්‍රයාගෙන් වෙන් වූයේ හඬාවා, පුත්‍රයන්ගෙන් වෙන් වූයේ වියළේවා යි ගම් දරුවෝ ශාප කළහ.
Pali BJT3074. යං පසු පසුපාලස්ස පබ්භමෙය්ය රවෙය්ය වා, කොනිධ අපරාධත්ථි බ්රහ්මදත්තස්ස රාජිනො.
Sinhala BJT3074. දරුවෙනි, ගවයා නම් ගොපල්ලා වෙත දුවන්නේ ය. ගොපල්ලා දැක කෑගසන්නේ ය. මෙහි ලා බඹදත් රජුගේ කවර නම් අපරාධයක් ඇත්තේ ද?
Pali BJT3075. අපරාධො මහාබ්රහ්මෙ බ්රහ්මදත්තස්ස රාජිනො, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
Sinhala BJT3075. මහාබ්‍රාහ්මණය, බඹදත් රජුගේ අපරාධය නම්: රජු විසින් දනව්වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්‍ම අයබදු ගැනීමෙන් පෙළන ලද්දාහ.
Pali BJT3076. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස{1} බහු අධම්මිකො ජනො කථං නො අසිකොසත්ථා ඛීරපා හඤ්ඤතෙ පජා.
Sinhala BJT3076. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් නො දැහැමි අයබදු ගන්නෝ පැහැර ගනිති. පවිටු රජුගේ රටෙහි නො දැහැමි ජනයා බොහෝ ය. කඩු කොපුව තනා ගැනීම පිණිස කිරිබොන වස්සෝ කෙසේ නම් නසනු ලැබෙද්ද?
Pali BJT3077. එවං ඛජ්ජතු පඤ්චාලො හතො යුද්ධෙ සපුත්තකො, යථාහමජ්ජ ඛජ්ජාමි ගාමකෙහි{2} අරඤ්ඤජො.
Sinhala BJT3077. වනයෙහි උපන් මම ගම්වැසි කවුඩන් විසින් ඇදකනු ලබම් ද? එසේ ම පඤ්චාල රජ තෙමේ යුද්ධයෙහි පුත්‍රයන් සහිත ව නසන ලදුයේ කනු ලබාවා.
Pali BJT3078. න සබ්බභූතෙසු විධෙන්ති රක්ඛං රාජානො මණ්ඩුක මනුස්සලොකෙ නෙන්තාවතා රාජා අධම්මචාරී යා තාදිසං ජිවමදෙය්යුං ධඞ්කා.
Sinhala BJT3078. මණ්ඩුකය, මිනිස් ලොව රජවරු සියලු සතුන් කෙරෙහි ආරක්‍ෂාව නොපිහිටුවමින් තා වැනි ජීවත්වන්නකු කපුටෝ කන්නාහු ය යන යමක් වේ ද, මේ නිසා රජ තෙම අධාර්මික නො වේ යයි පුරෝහිතයා කීයේ ය.
Pali BJT3079. අධම්මරූපො වත බ්රහ්මචාරි අනුම්පියං{3} භාසසි{4} ඛත්තියස්ස, විලුම්පමානාය{5} පුථුප්පජාය පූජෙසි රාජං පරමප්පවාදං.{6}
Sinhala BJT3079. බ්‍රාහ්මණ තෙම ඒකාන්තයෙන් අධර්‍ම ස්වභාවය ඇත්තෙක. රජුගේ කැමැත්ත අනුව ම කියන්නේ ය. බොහෝ සතුන් විනාශ කරනු ලබන කල්හි අතිශයින් දොස් කියයුතු රජ පුදන්නේ ය.
Pali BJT3080. සචෙ ඉදං බ්රහ්මෙ සුරජ්ජකං සියා ඵීතං රට්ඨං මුදිතං විප්පසන්නං, භුත්වා බලිං අග්ගපිණ්ඩඤ්ච කාකා න මාදිසං ජිවමදෙය්යුං ධඞ්කාති.
Sinhala BJT3080. බ්‍රාහ්මණය, ඉදින් මෙරට සමෘද්ධ වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ජනයා ඇති යහපත් රාජ්‍යයක් වන්නේ නම්, කවුඩෝ පූජාව වූ අග්‍ර පිණ්ඩය අනුභව කොට වාසය කෙරෙත්. මා වැනි ජීවත් වන්නකු කවුඩෝ නො කන්නාහ යි මැඩියා කී ය.
Pali BJTගන්ධතින්දුක{*} ජාතකං.
Sinhala BJTගන්‍ධතින්‍දුක ජාතක යි.
Pali BJTතිංසති නිපාතො නිට්ඨිතො.
Sinhala BJTතිංසති නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකිංඡන්ද කුම්භජයද්දිසඡද්දන්ත අථ පණ්ඩිත සම්භව සීරකම්පි, දකරක්ඛස පණ්ඩරනාසවරො අථ සම්බුල තින්දුකදෙවපුත්තොති.
Sinhala BJTකිංඡන්‍දජාතක යැ කුම්හජාතක යැ ජයද්දීසජාතක යැ ඡද්දන්ත ජාතක යැ සම්භවජාතක යැ මහාකපිජාතක යැ දකරක්ඛසජාතක යැ පණ්ඩරකජාතක යැ සම්බුලාජාතක යැ ගන්‍ධතින්‍දුකජාතක යැ යි දසදෙයකි.
Pali BJT17. චත්තාළීසනිපාතො
Sinhala BJT17. චත්තාළීස නිපාතය
Pali BJT1. තෙසකුණජාතකං
Sinhala BJT1. තෙසකුණ ජාතකය
Pali BJT3081. වෙස්සන්තරං තං පුච්ඡාමි සකුණා භද්දමත්ථු තෙ, රජ්ජං කාරෙතුකාමෙන කිංසු කිච්චං කතං වරං.
Sinhala BJT3081. වෙස්සන්තර නම් පක්‍ෂිය, තට යහපතක් වේවා! රාජ්‍යය කරවනු කැමැත්තහු විසින් කවර නම් කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
Pali BJT3082. චිරස්සං වත මං තාතො කංසො බාරාණසිග්ගහො, පමත්තො අප්පමත්තම්පි{1} පිතා පුත්තං අචොදයි.
Sinhala BJT3082. පිය වූ කංස නම් බරණැස් රජතෙම බොහෝ කල් පමා වූයේ නොපමා වූ ද පුත්‍ර වූ ද මාගෙන් ප්‍රශ්නයක් විචාළේ යැ යි වෙස්සන්තර නම් බකමූණු පක්‍ෂියා චෝදනා කෙළේ ය.
Pali BJT3083. පඨමෙනෙව විතථං කොධං හාසං නිවාරයෙ, තතො කිච්චානි කාරෙය්ය තං වතං{2} ආහු ඛත්තිය.
Sinhala BJT3083. පිය රජුනි, රජ තෙමේ, පළමු කොට බොරුව ද, දෙවනුව ක්‍රෝධය ද, තෙවනු ව ක්‍රීඩාශීලී ස්වභාවය ද දුරු කරන්නේ ය. ඉක්බිති රාජ්‍යකෘත්‍යයන් කරවන්නේ ය. එය රාජව්‍රත යයි කීය.
Pali BJT3084. යං ත්වං තාත තපෙ{3} කම්මං පුබ්බෙකතමංසයං, රත්තො දුට්ඨො ච යං කයිරා න තං කයිරා තතො පුන.
Sinhala BJT3084. පිය රජුනි, පෙර කළා වූ යම් ඒ කර්‍මයක් ඒකාන්තයෙන් නුඹ තවන්නේ ද, රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේත් යම් කර්‍මයක් කරයි ද, ඉන්පසු නැවත ඒ කර්‍මය නො කරන්නේ ය.
Pali BJT3085. ඛත්තියස්ස පමත්තස්ස රට්ඨස්මිං රට්ඨවඩ්ඪන, සබ්බෙ භොගා විනස්සන්ති රඤ්ඤො තං වුච්චතෙ අඝං.
Sinhala BJT3085. රට දියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි සියලු භෝගයෝ වැනසෙත්. ඒ පාපය රජුගේ යයි කියනු ලැබේ.
Pali BJT3086. සිරී ච තාත ලක්ඛී{4} ච පුච්ඡිතා එතදබ්රවුං, උට්ඨානවිරියෙ පොසෙ රමාහං අනුසූයකෙ{5}.
Sinhala BJT3086. පිය රජුනි, ශ්‍රී කාන්තාව ද කාලකණ්ණිය ද විචාරන ලද්දාහු මෙය කීහ. ශ්‍රී නම් වූ මම උට්ඨානවීර්‍ය්‍යය ඇති අනුනට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවමි යි කීවා ය.
Pali BJT3087. උසූයකෙ{6} දූහදයෙ පුරිසෙ කම්මදූසකෙ,{7} කාලකණ්ණි මහාරාජ රමතී චක්කභඤ්ජනී.
Sinhala BJT3087. මහරජ, සම්පත් චක්‍රය බිඳින්නා වූ කාලකණ්ණි තොමෝ මෙරමාට ඊර්‍ෂ්‍යා කරන නපුරු සිත් ඇත්තා වූ යහපත් වැඩ දූෂ්‍ය කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවයි.
Pali BJT3088. සො ත්වං සබ්බෙසු{8} සුහදයො සබ්බෙසං රක්ඛිතො භව, අලක්ඛිං නුද මහාරාජ ලක්ඛ්යා භව නිවෙසනං.
Sinhala BJT3088. මහරජ, ඒ නුඹ සියල්ලන් කෙරෙහි සුහෘද වව. සියල්ල රක්නෙක් වව. කාලකණ්ණිය දුරු කරව. ශ්‍රී කාන්තාවට වාසස්ථාන වව.
Pali BJT3089. සලක්ඛී ධිතිසම්පන්නො පුරිසො හි මහග්ගතො, අමිත්තානං කාසිපති මූලං අග්ගඤ්ච ඡින්දති.
Sinhala BJT3089. කසී රට අධිපති රජුනි, ලක්‍ෂමිය සහිත වූ ප්‍රඥායෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ උසස් අදහස් ඇති පුරුෂ තෙම පස මිතුරන්ගේ මුල ද අග ද සිඳී.
Pali BJT3090. සක්කොපි හි භූතපති උට්ඨානෙ නප්පමජ්ජති, සකල්යාණෙ ධිතිං කත්වා උට්ඨානෙ කුරුතෙ මනො.
Sinhala BJT3090. මහරජ, ශක්‍ර තෙමේ ද උට්ඨානවීර්‍ය්‍යයෙහි ප්‍රමාද නො වේ. හෙ තෙමේ කුශලක්‍රියායෙහි ම ධෛර්‍ය්‍යය කොට උට්ඨාන වීර්‍ය්‍යයෙහි සිත පිහිටුවයි.
Pali BJT3091. ගන්ධබ්බා පිතරො දෙවා සජීවා{9} හොන්ති තාදිනො, උට්ඨහතො අප්පමජ්ජතො අනුතිට්ඨන්ති දෙවතා.
Sinhala BJT3091. ගන්‍ධර්‍වයෝ ද බ්‍රහ්මයෝ ද ඒ සක්රජුට සමාන ජීවිකා ඇත්තෝ ය. දේවතාවෝ උත්සාහවත් වූ පමා නොවන්නා වූ ඔහු අනුව පවතිත්.
Pali BJT3092. සො අප්පමත්තො අකුද්ධො තාත කිච්චානි කාරය, වායමස්සු ච කිච්චෙසු{1} නාලසො වින්දතෙ සුඛං.
Sinhala BJT3092. පියාණෙනි, ඒ නුඹ නොපමා වූයේ නොකිපියේ කටයුතු කළ මැනව. කටයුතුවල වෑයම් කරන්නේ මැනව. අලස තෙමේ සැප නොවිඳී.
Pali BJT3093. තත්ථෙව තෙ වත්තපදා එසාව අනුසාසනී, අලං මිත්තෙ සුඛාපෙතුං අමිත්තානං දුඛාය ච.
Sinhala BJT3093. මහරජ, ඒ මා කී ප්‍රකාශනයෙහි ම ඒ ව්‍රතපදයෝ වෙත්. මෝ තොමෝ මැ අනුශාසනා වන්නී ය. මිතුරන් සුවපත් කිරීමට ද සතුරන්හට දුක් පිණිස ද මෙය සමර්‍ත්‍ථ වේ යයි වෙස්සන්තර නම් පක්‍ෂියා කීවේ ය.
Pali BJT3094. සඛී{2} තුවං කුණ්ඩලිනී මඤ්ඤසි ඛත්තබන්ධුනී, රජ්ජං කාරෙතු කාමෙන කිංසු කිච්චං කතං වරං.
Sinhala BJT3094. ඛත්ත නම් බකමූණු පක්‍ෂියාට සහෝදරිය වන කුණ්ඩලිණිය, මා විසින් විචාරන ලද ප්‍රශ්නය කියන්නට හැක්කෙහි ද? රජය කරවනු කැමැත්තහු විසින් කවර කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?
Pali BJT3095. ද්වෙව තාත පදකානි යත්ථ සබ්බං පතිට්ඨිතං, අලද්ධස්ස ච යො ලාභො ලද්ධස්ස අනුරක්ඛනා.
Sinhala BJT3095. යමෙක්හි සියල්ල පිහිටියේ නම්, එබඳු පද දෙකෙකි. නො ලද ලාභ ලබා ගැනුම ද ලද දෙය රැක ගැනුම ද යන දෙක ය.
Pali BJT3096. අමච්චෙ තාතා ජානාහි ධීරෙ අත්ථස්ස කොවිදෙ, අනක්ඛාකිතවෙ{3} තාත අසොණ්ඩෙ අවිනාසකෙ.
Sinhala BJT3096. පියාණෙනි, ප්‍රාඥ වූ යහපතට දක්‍ෂ වූ දූකෙළියෙහි නොයෙදෙන්නා වූ ඇමතියන් භාණ්ඩාගාරිකාදි තනතුරුවල යෙදිය යුතු බව දැනගනු මැනවි.
Pali BJT3097. යො ච තං තාත රක්ඛෙය්ය ධනං යඤ්චෙව තෙ සියා, සූතොව රථං සඞ්ගණ්හෙ සො තෙ කිච්චානි කාරයෙ.
Sinhala BJT3097. පියාණෙනි, නුඹගේ යම් ධනයකුත් වේ නම්, යම් ඇමතියෙක් එය රක්නේ ද, රිය සගන්නා රියදුරකු වැනි වූ හෙතෙම නුඹගේ කටයුතුවල යෙදවීම කරව.
Pali BJT3098. සුසඞ්ගහීතන්තජනො සයං විත්තං අවෙක්ඛිය, නිධිඤ්ච ඉණදානඤ්ච න කරෙ පරපත්තියා.
Sinhala BJT3098. මනා කොට සංග්‍රහ කරන ලද ඇතුළත්හි වූ ජනය. ඇතිව තෙමේ ම වස්තුව බලා තැන්පත් කර තැබීම ද, ණය දීම ද කරන්නේ ය. අනුන් ලවා නො කරවන්නේ ය.
Pali BJT3099. සයං ආයං වයං ජඤ්ඤා සයං ජඤ්ඤා කතාකතං, නිග්ගණ්හෙ නිග්ගහාරහං පග්ගණ්හෙ පග්ගහාරහං.
Sinhala BJT3099. තෙමේ ම අයවැය දැනගන්නේ ය. කළ නො කළ දේත් තෙමේ ම දැන ගන්නේ ය. නිග්‍රහ කටයුත්තාට නිග්‍රහ කරන්නේ ය ප්‍රග්‍රහ කටයුත්තාට ප්‍රග්‍රහ කරන්නේ ය.
Pali BJT3100. සයං ජානපදං අත්ථං අනුසාස රථෙසභ, මා තෙ අධම්මිකා යුත්තා ධනං රට්ඨඤ්ච නාසයුං.
Sinhala BJT3100. මහරජ, ඒ දනව්වැස්සෝ නො දැහැමි වූවාහු ධනයත් රටත් නො නසත්වා යි කියා දනව් වැස්සන්හට තමනට ප්‍රත්‍යක්‍ෂ කරුණින් අනුශාසනා කරන්නේ ය.
Pali BJT3101. මා ච වෙගෙන කිච්චානි කාරෙසි කාරයෙසි වා, වෙගසා හි කතං කම්මං මන්දො පච්ඡානුතප්පති.
Sinhala BJT3101. පිරික්සා නො බලා වහා කටයුතු කරන්නෙක් නො වව. අනුන් ලවා කරවන්නෙක් හෝ නො වව. වහා කරන ලද කර්‍ම අනුව අඥාන තෙම පසුව තැවේ.
Pali BJT3102. මා තෙ අධිසරෙ මුච්ච{4} සුඛාළ්හමධිකොපිතං, කොධසා හි ඛහූ ඵිතා කුලා අකුලතං ගතා.
Sinhala BJT3102. පියාණෙනි, නුඹගේ සිත අකුශලය ඉක්මවා යන කල්හි අනුන්ගේ අකුශල කර්‍මයෙහි ඉතා දැඩිව කෝප වී කටයුතු නොකරව. ක්‍රෝධයෙන් වනාහි බොහෝ සමෘද්ධ වූ කුලයෝ අකුල බවට ගියාහ.
Pali BJT3103. මා තාත ඉස්සරොම්භීති අනත්ථාය පතාරයි, ඉත්ථීනං පුරිසානඤ්ච මා තෙ ආසි දුඛුද්රයො.
Sinhala BJT3103. පියාණෙනි, මම අධිපති වෙමි යි අන්‍යයා අනර්‍ත්‍ථයට නො බස් වව නුඹගේ රාජ්‍යයෙහි ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට ද දුකෙක් නො වේවා.
Pali BJT3104. අපෙතලොමහංසස්ස රඤ්ඤො කාමානුසාරිනො, සබ්බෙ භොගා විනස්සන්ති රඤ්ඤො තං වුච්චතෙ අඝං
Sinhala BJT3104. පහ වූ ලොමුදහ ගැනුම් ඇති කැමැති පරිදි හැසිරෙන්නා වූ රජුගේ සියලු භෝගයෝ වැනසෙත්. එහි පාපය වේ යයි කියනු ලැබේ.
Pali BJT3105. තත්ථෙව තෙ වත්තපදා එසාව අනුසාසනී, දක්ඛස්සුදානි පුඤ්ඤකරො අසොණ්ඩො අවිනාසකො සීලවස්සු{1} මහාරාජ දුස්සීලො විනිපාතිකො.
Sinhala BJT3105. මහරජ, නුඹගේ මේ ප්‍රශ්නයෙහි ම ව්‍රතපදයෝ ඇතුළත් වෙත්. මෝ ම අනුශාසනාව යි. දැන් පින් කරන රාසොඬ නොවූ වස්තුව විනාශ නො කරන දක්‍ෂයෙක් වව. මහරජ, සිල්වතෙක් වව. දුස්සීලයා වනාහි නිරයෙහි වැටෙන්නේ යයි කුණඩලිනිය කීවා ය.
Pali BJT3106. අපුච්ඡිම්හා කොසියගොත්තං කුණ්ඩලිනිං තථෙව ච, ත්වං දානි වදෙහි ජම්බුක බලානං බලමුත්තමං.
Sinhala BJT3106. පුත්‍ර ජම්බුකය, තොපගේ කෝසිය ගෝත්‍ර ඇති වෙස්සන්තර නම් සහෝදරයා ද එසේ ම කුණඩලිනී, නම් සහෝදරිය ද රාජ ධර්‍මය විචාළෙමු. දැන් නුඹ බල අතුරින් උතුම් බලය කුමක් දැ යි කියව.
Pali BJT3107. බලං පඤ්චවිධං ලොකෙ පුරිසස්මිං මහග්ගතෙ, තත්ථ බාහුබලන්නාම චරිමං වුච්චතෙ බලං.
Sinhala BJT3107. මහරජ, මහත් අදහස් ඇති පුරුෂයා කෙරෙහි ලෙව්හි පවත්නා බලය පස් ආකාර ය. එහි කායබලය නම් ලාමක බලයයි කියනු ලැබේ.
Pali BJT3108. භොගබලඤ්ච දීඝාවු දුතියං වුච්චතෙ බලං අමච්චබලඤ්ච දීඝාවු තතියං වුච්චතෙ බලං.
Sinhala BJT3108. දීර්‍ඝායුෂ ඇති මහරජ, සම්පත් බලය දෙවැනි බලය යි කියනු ලැබේ. දීර්‍ඝායුෂ ඇති මහරජ, අමාත්‍යබලය තුන්වැනි බලයයි කියනු ලැබේ.
Pali BJT3109. අභිජච්චබලඤ්චෙව තං චතුත්ථං අසංසයං, යානි එතානි සබ්බානි අධිගණ්හාති පණ්ඩිතො.
Sinhala BJT3109. ඒ ජාති සම්පත්තියෙන් ඇතිවූ බලය නිසැකයෙන් සතරවැනි බලය යි. යම් මේ සියලු බල කෙනෙක් වෙද්ද නුවණැත්තේ ඒ සියල්ල (ඥාන බලයෙන්) යටපත් කෙරේ.
Pali BJT3110. තං බලානං බලසෙට්ඨං අග්ගං පඤ්ඤාබලං වරං, පඤ්ඤාබලෙනුපත්ථද්ධො අත්ථං වින්දති පණ්ඩිතො.
Sinhala BJT3110. බලයන් අතුරෙන් ශ්‍රේෂ්ඨබලය වූ ද අග්‍ර වූ ද ඒ ප්‍රඥා බලය ඉතා උතුම් ය. ප්‍රඥාබලයෙන් යුක්ත වූ පණ්ඩිත තෙම අභිවෘද්ධියට පැමිණේ.
Pali BJT3111. අපි චෙ ලභති මන්දො ඵීතං ධරණිමුත්තමං, අකාමස්ස පසය්හ වා අඤ්ඤො තං පටිපජ්ජති.
Sinhala BJT3111. ඉදින් අඥාන තෙමේ සම්පතින් පිරුණා වූ උතුම් වූ පෘථිවිය ලබා ද එය නුවණැති අන්‍යයෙක් බලහත්කාරකම් කොට හෝ ඔහුගේ නොකැමැත්ත තිබිය දී උදුරා ගනී ද,
Pali BJT3112. අභිජාතොපි චෙ හොති රජ්ජං ලද්ධාන ඛත්තියො, දුප්පඤ්ඤො හි කාසිපති සබ්බෙනපි න ජීවති.
Sinhala BJT3112. කසී රට අධිපති මහරජ, විශිෂ්ට ජාති ඇති ක්‍ෂත්‍රිය වුව ද රාජ්‍යය ලැබගත් නමුත් අඥානයෙක් වන්නේ නම්, ඒ සියලු රාජ්‍යය ඇති ව ජීවත් වන්නට අසමත් වේ.
Pali BJT3113. පඤ්ඤා සුතං විනිච්ඡිනී පඤ්ඤා කින්තිසිලොකවඩ්ඪනී,{3} පඤ්ඤාසහිතො නරො ඉධ අපි දුක්ඛෙපි සුඛානි{4} වින්දති.
Sinhala BJT3113. ප්‍රඥා තොමෝ අසන ලද්ද විනිශ්චය කරන්නී ය. ප්‍රඥා තොමෝ කීර්තිඝෝෂය හා ලාභ සත්කාර වඩන්නී ය. ප්‍රඥායෙන් යුත් මනුෂ්‍ය තෙම මෙලොව දුක් ඇති වූ කල්හි ද උපාය කුශලතායෙන් ක්‍රියා කොට සැප විඳියි.
Pali BJT3114. පඤ්ඤඤ්ච ඛො අසුස්සූසං න කොචි අධිගච්ඡති, බහුස්සුතං අනාගම්ම ධම්මට්ඨං අවිනිබ්භුජං.
Sinhala BJT3114. නුවණැත්තන් සේවනය නො කොට බහුශ්‍රැතයන් කරා නො එළඹ දැහැමි නො දැහැමි කරුණු විනිශ්චය නො කොට ස්වභාව කාරණයෙහි පිහිටා සිටීමෙන් පමණක් කිසිවෙක් නුවණ නො ලබයි.
Pali BJT3115. යො ච ධම්මවිභාගඤ්ඤූ කාලුට්ඨායී අතන්දිතො{1}, අනුට්ඨහති කාලෙන තම්ඵලං{2} තස්ස ඉජ්ඣති.{3}
Sinhala BJT3115. දශ කුශලකර්‍ම විභාගය දන්නා වූ සුදුසු කාලයෙහි උත්සාහ කරන්නා වූ අනලස් වූ යමෙක් ඒ ඒ කාලයෙහි කළමනා කටයුතු කෙරේ ද ඔහුගේ ඒ ක්‍රියා ඵලය සමෘද්ධ වේ.
Pali BJT3116. අනායතන{4} සීලස්ස අනායතන සෙවිනො, න නිබ්බින්දියකාරිස්ස සම්මදත්ථො විපච්චති.
Sinhala BJT3116. දුස්සීලකම් කරන්නා වූ එබඳු ම දුස්සීල පුද්ගලයන් ආශ්‍රය කරන්නා වූ කලකිරී කටයුතු කරන පුද්ගලයාගේ කුශලකර්‍ම විපාකය මැනවින් විපාක නො දේ.
Pali BJT3117. අජ්ඣත්තඤ්ච පයුත්තස්ස තථායතනසෙවිනො, අනිබ්බින්දියකාරිස්ස සම්මදත්ථො විපච්චති.
Sinhala BJT3117. තමා පිළිබඳව ද අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ එබඳු ම සිල්වතුන් ඇසුරු කරන්නා වූ නො කලකිරී කටයුතු කරන්නාගේ කුශලකර්‍ම විපාකය මනා කොට විපාක දේ.
Pali BJT3118. යොගප්පයොගසඞ්ඛාතං සම්භතස්සානුරක්ඛනං, තානි ත්වං තාත සෙවස්සු මා අකම්මාය රන්ධයි අකම්මුනා ච දුම්මෙධො නළාගාරංව සීදති.
Sinhala BJT3118. යෙදිය යුතු කරුණෙහි යෙදීමට සුදුසු වූ ප්‍රඥාව ද, රැස් කරන ලද ධනය රක්‍ෂා කරන්නා වූ ප්‍රඥාව ද, යන දෙක සහ පෙර කී ප්‍රඥාවන් ද යන සියල්ල පියාණෙනි, නුඹ සේවනය කරව. නිකරුණෙහි ධනය නො නසව. නුසුදුසු කටයුතු කිරීමෙන් අනුවණ පුද්ගල තෙමේ හුණ ගසින් කල ගෙයක් දිරා වැටෙන්නා සේ ගැලේ යයි ජම්බුක තෙම කීයේ ය.