Pali BJT2933. තං වො වදාමි භද්දං වො යාවන්තෙත්ථ සමාගතා, මාස්සු මිත්තාන දුබ්භිත්ථො මිත්තදුබ්භො හි පාපාකො.
Sinhala BJT2933. එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් ම වේවා, යම් තාක් දෙනා මෙහි රැස් වූවාහු ද, ඒ සියල්ලෝ ම මිත්‍රදෝහී නො වෙත්වා, යම් හෙයෙකින් මිත්‍රද්‍රෝහකර්‍මය ලාමක වේ ද එහෙයිනි.
Pali BJT2934. කුට්ඨි කිලාසි භවති යො මිත්තානං{2} ඉධද්දුභී, කායස්ස භෙදා මිත්තද්දු{3} නිරයං සො උපපජ්ජතීති.
Sinhala BJT2934. මෙලොව යමෙක් මිත්‍රයනට ද්‍රෝහ කෙරේ ද, හෙ කුෂ්ටරොගියෙක් කිලාස ඇත්තෙක් වේ. ඒ මිත්‍රද්‍රෝහී තෙම මරණින් මතු නිරයෙහි උපදී යයි වදාළසේක.
Pali BJTමහාකපිජාතකං.
Sinhala BJTමහාකපි ජාතක යි.
Pali BJT7. දකරක්ඛසපඤ්හො
Sinhala BJT7. උදකරාක්‍ෂස ප්‍රශ්නය
Pali BJT2935. සචෙ වො වුය්හමානානං සත්තන්නං උදකණ්ණවෙ, මනුස්සබලිමෙසානො නාමං ගණ්හෙය්ය රක්ඛසො අනුපුබ්බං කථං දත්වා මුඤ්චෙසි දකරක්ඛිනො.
Sinhala BJT2935. මහරජ, ගැඹුරු සයුරෙහි නැවකින් යාත්‍රා කරන කල්හි මිනිස් බිල්ලක් සොයන්නා වූ රකුසෙක් නැව අල්ලා ගන්නේ නම් නුඹගේ මෑණියන් ඇතුළු සත් දෙනා අතුරෙන් කවරකු කෙසේ පිළිවෙළින් දියරකුසාට දී (දිය රකුසාගෙන්) මිදෙන්නෙහි දැ යි හෙරී නම් පරිව්‍රාජිකාව ඇසුවා ය.
Pali BJT2936. මාතරං පඨමං දජ්ජං භරියං දත්වාන භාතරං, තතො සහායං දත්වාන පඤ්චමං දජ්ජං{4} බ්රාහ්මණං ඡට්ඨාහං දජ්ජමත්තානං නෙවදජ්ජං මහොසධං.
Sinhala BJT2936. ආර්‍ය්‍යාවනි, පළමු කොට මෑණියන් දෙන්නෙමි. ඉන්පසු බිරිය දී සහෝදරයා දෙන්නෙමි. සතරවනුව යහළුවා දී පස්වනුව බ්‍රාහ්මණයා දෙන්නෙමි. සවනුව මම තමන් දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො මැ දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2937. පොසෙතා තෙ ජනෙත්තී ච දීඝරත්තානුකම්පිකා, ඡම්භී තයි පදුට්ඨස්මිං පණ්ඩිතා අත්ථදස්සිනී අඤ්ඤං උපනිසං කත්වා වධා තං පරිමොචයි.
Sinhala BJT2937. මහරජ, නුඹගේ මව නුඹ වැදූ තැනැත්තී ය. නුඹ පෝෂණය කළ තැනැත්තී ය. ඡම්භී නම් බ්‍රාහ්මණයා නුඹ කෙරෙහි දුෂ්ට වූ කල්හි නුවණැති වූ යහපත දැක්මෙහි සමත් ඕ අනෙකකු පෙන්නා නුඹ මරණයෙන් මිදුවා ය.
Pali BJT2938. තං තාදිසං පාණදදිං ඔරසං ගබ්භධාරිණිං, මාතරං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT2938. ප්‍රාණය දුන්නා වූ ලෙහි හොවා හැදු ගැබ්හි දරා සිටි එබඳු මෑණි කෙනකුන් කිනම් වරදක් නිසා ජලරකුසාට දෙන්නෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
Pali BJT2939. දහරා විය අලඞ්කාරං ධාරෙති අපිළන්ධනං, දොවාරිකෙ අනීකට්ඨෙ අතිවෙලං පජග්ඝති.
Sinhala BJT2939. මහලු වුව ද තරුණියක සේ නො පැළඳිය මනා අබරණ පළඳියි. දොරටුපාලයන් හා යුද සෙබළුන් හා වේලා ඉක්මවා මහත් කොට සිනාසෙයි.
Pali BJT2940. තතොපි පටිරාජානං සයං දූතානි සාසති, මාතරං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT2940. තවද සාමන්ත රජුනට මාගේ හස්න සේ අඟවා තොමෝ මැ දූතයන් අත හසුන්පත් යවයි. ඒ දෝෂය හේතු කොට ගෙන මව දිය රකුසාට දෙන්නෙමි යි කීය.
Pali BJT2941. ඉත්ථිගුම්බස්ස පවරා අච්චන්තපියවාදිනී{1}, අනුග්ගතා{2} සීලවතී ඡායාව අනපායිනී.
Sinhala BJT2941. මේ නන්‍දා දේවි තොමෝ ස්ත්‍රී සමූහයාහට උතුම් වූ බොහෝ ප්‍රිය වචන බෙණෙන බාලකාලයේ පටන් සිතැඟි ලෙස හැසුරුණු ආචාර සීලයෙන් යුත් සෙවණැල්ල මෙන් නොහැර පවත්නා වූ,
Pali BJT2942. අක්කොධනා පඤ්ඤවතී පණ්ඩිතා අත්ථදස්සිකී, උබ්බරිං{3} කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො
Sinhala BJT2942. නො කිපෙනසුලු වූ නුවණැති පණ්ඩිත වූ යහපත අයහපත දැක්මෙහි සමත් තැනැත්තියකි. එබඳු අගමෙහෙසිය කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි.
Pali BJT2943. ඛිඩ්ඪාරතිසමාපන්නං අනත්ථවසමාගතං, සා මං සකානං පුත්තානං අයාචං යාචතෙ ධනං.
Sinhala BJT2943. කාම ක්‍රීඩා රතියෙන් යුක්ත වූ අවැඩදායක වූ කෙලෙස් වසයට පැමිණි මාගෙන් මේ නන්‍දා තොමෝ දූ පුතුන්හට දෙන ලද හෙයින් නො ඉල්වියයුතු ධනය ඉල්ලයි.
Pali BJT2944. සොහං දදාමි සාරත්තො{4} බහුං උච්චාවචං ධනං, සුදුච්චජං චජිත්වාන පච්ඡා සොචාමි දුම්මනො උබ්බරිං තෙන දෙසෙන දජ්ජාමි දකරක්ඛිනො
Sinhala BJT2944. කාමයෙන් ඇලුණා වූ ඒ මම දීමට දුෂ්කර වූ කුදු මහත් ධනය දී පසුව (අඬමින් මා වෙත එන දූ පුතුන් දැක) දොම්නස් වූයෙම් ශෝක කරමි. ඒ දෝෂයෙන් මම අගබිසොව දිය රකුසාට දෙන්නෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2945. යෙනොචිතා ජානපදා{5} ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය{6} බහුං{7} ධනං.
Sinhala BJT2945. මහරජ, යමකු විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහු ද, යමකුන් විසින් පිටරට විසූ තමුන්නාන්සේ නැවත ගෙට පමුණුවන ලද්දාහු ද පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ද-
Pali BJT2946. ධනුග්ගහානං පවරං සූරං තිඛිණමන්තිනං, භාරතං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො
Sinhala BJT2946. ධනුර්ධරයන් අතුරෙන් උතුම් වූ ශූර වූ සියුම් නුවණැති ඒ සහෝදරයා කිනම් දොසක් නිසා දිය රකුසාට දෙන්නෙහි ද?
Pali BJT2947. මයොචිතා{8} ජානපදා ආනීතා ච පටිග්ගහං, ආභතං පරරජ්ජෙහි අභිට්ඨාය බහුං ධනං.
Sinhala BJT2947. මා විසින් ජනපදයෝ දියුණු කරන ලද්දාහ. පිටරට සිටි රජ ද සිය ගෙට පමුණුවන ලද්දේ ය. පිටරටවලින් ඔවුන් මැඩලා බොහෝ ධනය ගෙනෙන ලද්දේ ය.
Pali BJT2948. ධනුග්ගහානං පවරො සූරො තිඛිණමන්ති ච, මයායං සුඛිතො රාජා අතිමඤ්ඤති දාරකො.
Sinhala BJT2948. මම ධනුර්ධරයන්ගෙන් උතුම් ද වෙමි. ශූර ද වෙමි. සියුම් නුවණැත්තෙම් ද වෙමි. මා විසින් මේ රජ සුවපත් කරන ලද්දේ යයි තරුණ වූ මෙතෙමේ මා ඉක්මවා හඟියි.
Pali BJT2949. උපට්ඨානම්පි මෙ අය්යෙ න සො එති යථා පුරෙ, භාරතං තෙන දෙසෙන දජ්ජාසිං දකරක්ඛිනො.
Sinhala BJT2949. ආර්‍ය්‍යාවෙනි, හෙ පෙර මෙන් උපස්ථානයට ද මා කරා නො එයි. ඒ දෝෂය හේතු කොට ගෙන සහෝදරයා දිය රකුසාට දෙමි යි රජ තෙමේ කීය.
Pali BJT2950. එකරත්තෙන උභයො තුවඤ්ච{1} ධනුසෙඛවා, උභො ජාතෙත්ථ පඤ්චාලා සහායා සුසමාවයා.
Sinhala BJT2950. ඔබ වහන්සේ ද ධනුශෙඛර කුමරා ද යන දෙදෙන ම මේ නුවර එක රැයෙක්හි උපන්නාහුය. එවක් පටන් සමාන වයස් ඇති ඔවුහු පංචාල දේශයෙහි යහළුවෝ වූහ.
Pali BJT2951. චරියා තං අනුබන්ධිත්ථො{2} එකදුක්ඛසුඛො තව, උස්සුක්කො තෙ දිවාරත්තිං සබ්බකිච්චෙසු ව්යාවටො{3}. සහායං තෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT2951. හේ කුඩාකල සිට ම ඔබ වහන්සේ සමග ම හැසිරුණේ ය. ඔබ හා සමාන සුව දුක් ඇත්තේ ය. දිවා රෑ දෙක්හි උත්සාහවත් ව ඔබගේ සැම කටයුත්තෙහි යෙදුණෙකි. එබඳු යහළුවා කිනම් දෝසයක් නිසා දිය රකුසාට දෙන්නෙහි දැ යි ඇසුවා ය.
Pali BJT2952. චරියාය{4} අයං අය්යෙ පජග්ඝිත්ථො මයා සහ, අජ්ජාපි තෙන වණ්ණෙන අතිවෙලං පජග්ඝති.{5}
Sinhala BJT2952. ආර්‍ය්‍යාවෙනි, පෙර මා සමග හැසිරීමෙන් මොහු මහත් කොට සිනාසුණේ ය. අදත් ඒ ආකාරයෙන් ම සීමාව ඉක්මවා මහත් කොට සිනාසේ යයි රජ තෙම කීය.
Pali BJT2953. උබ්බරියාපි මෙ අය්යෙ මන්තයාමි රහොගතො, අනාමන්තා පවිසති පුබ්බෙ අප්පටිවෙදිතො.
Sinhala BJT2953. ආර්‍ය්‍යාවෙනි, මා අගබිසොව සමග රහසිගත ව කථා කරන කල්හි නො කැඳවා ලද (මේතෙම) වහා ගේ තුළට පිවිසෙයි.
Pali BJT2954. ලද්ධවාරො කතොකාසො අහිරිකං අනාදරං, සහායං තෙන දොසෙන දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT2954. ලද වාර ඇත්තේ අවකාශ ලැබූ මම විළිනැති අනදරව හැසිරෙන ඒ යහළුවා ඒ දෝෂයෙන් දිය රකුසාට දෙමි යි රජ තෙම කීය.
Pali BJT2955. කුසලො සබ්බනිමිත්තානං රුදඤ්ඤූ{6} ආගතාගමො, උප්පාදෙ සුපිනෙ යුත්තො නිය්යාණෙ ච පවෙසනෙ.
Sinhala BJT2955. මහරජ, මේ කේවට්ට නම් බමුණු තෙම සියලු නිමිති කීමෙහි දක්‍ෂය. සතුන්ගේ හඬ දන්නේ ය. ධර්‍මශාස්ත්‍ර උගත්තේ ය. චන්‍ද්‍රග්‍රහණ සූර්‍ය්‍යග්‍රහණාදිය ඇතිවීමෙහි හේතු දන්නේ ය. ස්වප්න ඵලාඵල දන්නේ ය. ගමන් යාමෙහි ද ගෘහප්‍රවේශයෙහි ද ගුණාගුණ කියන්නේ ය.
Pali BJT2956. පද්ධො{7} භුම්මන්තලික්ඛස්මිං නක්ඛත්තපදකොවිදො, බ්රාහ්මණං කෙන දොසෙන දජ්ජාසි දකරක්ඛිනො.
Sinhala BJT2956. භූමියෙහි ද අහසෙහි ද ගුණාගුණ කීමෙහි දක්‍ෂය. නක්‍ෂත්‍ර පද දැනුමෙහි සමර්‍ත්‍ථය. එබඳු බමුණා කිනම් දොසක් නිසා දෙන්නෙහි දැ යි.
Pali BJT2957. පරිසායම්පි මෙ අය්යෙ මීලයිත්වා උදික්ඛති, තස්මා අජ්ජ භමුං ලුද්දං දජ්ජාහං දකරක්ඛිනො.
Sinhala BJT2957. ආර්‍ය්‍යාවෙනි, මේ බ්‍රාහ්මණයා පිරිස් මැද දී මා දෙස ඇස දල්වා බලයි. එහෙයින් මම රෞද්‍ර වූ බැම ඇති බමුණා රකුසාට දෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2958. සසමුද්දපරියායං මහිං සාගරකුණ්ඩලං, වසුන්ධරං ආවසසි අමච්චපරිවාරිතො.
Sinhala BJT2958. මුහුදින් වට වූ සාගරයට කුණ්ඩලාභරණයක් බඳු වූ සියල්ල දරන්නා වූ මේ පොළොව ඇමතියන් විසින් පිරිවරන ලද නුඹ වහන්සේ අයත් කොට ගෙන වසන්නහු ය.
Pali BJT2959. චාතුරන්තො මහාරට්ඨො විජිතාවී මහබ්බලො, පථව්යා එකරාජාසි යසො තෙ විපුලං ගතො{8}.
Sinhala BJT2959. නුඹ වහන්සේ සිව් දිගට පතළා වූ මහත් රට ඇති දිනාගන්නා ලද ප්‍රදේශ ඇත්තේ මහාබලැත්තහුය. මුළු පොළවෙහි එක ම රජ වූවහු ය. නුඹ වහන්සේගේ යශස මහත් ව පැතිර ගියේ ය.
Pali BJT2960. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, නානාජනපදා නාරියො දෙවකඤ්ඤූපමා සුභා.
Sinhala BJT2960. පළඳනා ලද මිණිකොඬොල් ඇති නොයෙක් ජනපදයන්ට අයත් වූ ස්ත්‍රීහු දෙවඟනන් සේ පැහැපත් වූවාහු සොළොස් දහසක් වෙති.
Pali BJT2961. එවං සබ්බඞ්ගසම්පන්නං සබ්බකාමසමිද්ධිනං, සුඛිතානං පියං දීඝං ජීවිතං ආයු ඛත්තිය.
Sinhala BJT2961. මහරජ, මෙසේ සියලු අංගයන්ගෙන් යුත් සියලු කාම සම්පතින් පිරීගිය සුවපත් ව වෙසෙන්නන්හට දිගු කලක් ජීවත්වීම ප්‍රිය යයි නුවණැත්තෝ කියත්.
Pali BJT2962. අථ ත්වං කෙන වණ්ණෙන කෙන වා පන හෙතුනා, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජසි දුච්චජං.
Sinhala BJT2962. එසේ තිබිය දී කවර හේතුවක් නිසා මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හරනට නොහැකි වූ ප්‍රාණය පවා කෙසේ නම් හරනෙහි දැ යි පරිව්‍රාජිකාව ඇසුවා ය.
Pali BJT2963. යතොපි ආගතො අය්යෙ මම හත්ථං මහොසධො, නාභිජානාමි ධීරස්ස අණුමත්තම්පි දුක්කතං.
Sinhala BJT2963. ආර්‍ය්‍යාවනි, මහෞෂධ තෙමේ යම් දිනක සිට මා වෙතට පැමිණියේ ද එදා සිට මෙතෙක් කාලය තුළ මහෞෂධ පණ්ඩිතයන්ගේ ස්වල්ප මාත්‍ර වූ වරදක් ගැනවත් නො ම දනිමි.
Pali BJT2964. සචෙ ච{1} කිස්මිචි{2} කාලෙ මරණං මෙ පුරෙ සියා, පුත්තෙ ච මෙ පපුත්තෙ{3} ච සුඛාපෙය්ය මහොසධො.
Sinhala BJT2964. ඉදින් මාගේ මරණය පළමු කොට සිදු වේ නම් මහෞෂධ තෙමේ මාගේ දූ පුතුන් ද මුණුපුරන් ද සුවපත් කරන්නේ ය.
Pali BJT2965. අනාගතං පච්චුප්පන්නං සබ්බමත්ථං විපස්සති, අනාපරාධකම්මන්තං න දජ්ජං දක්රක්ඛිනො.
Sinhala BJT2965. මෙ තෙමේ අනාගතාර්‍ත්‍ථයත් ප්‍රත්‍යුත්පන්නාර්‍ත්‍ථයත් යන සියල්ල දකී. නිරපරාධ වූ ක්‍රියා ඇති ඔහු දියරකුසාට නො දෙමි යි රජ තෙම කීය.
Pali BJT2966. ඉදං සුණොථ පඤ්චාලා චූළනීයස්ස{4} භාසිතං, පණ්ඩිතං අනුරක්ඛන්තො පාණං චජති දුච්චජං.
Sinhala BJT2966. එම්බා පංචාල රටවැසියෙනි, චූලනීබ්‍රහ්මදත්ත රජුගේ මේ කීම අසවු. රජ තෙමේ මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හැර දැමිය නොහැකි ප්‍රාණය පවා හැර දමයි.
Pali BJT2967. මාතු භරියාය{5} භාතුච්ච සඛිනො බ්රාහ්මණස්ස ච, අත්තනො චාපි පඤ්චාලො ඡන්නං චජති ජීවිතං.
Sinhala BJT2967. පංචාල රජ තෙම සිය මවගේ ද භාර්‍ය්‍යාවගේ ද සහෝදරයාගේ ද යහළුවාගේ ද බ්‍රාහ්මණයාගේ ද තමන්ගේ ද යන සදෙනාගේ ම හැර දැමිය නො හැකි ජීවිත හැර දමයි.
Pali BJT2968. එවං මහත්ථිකා{6} පඤ්ඤා නිපුණා සාධුචින්තනී,{7} දිට්ඨධම්මෙ හිතත්ථාය සම්පරායෙ සුඛාය චාති.
Sinhala BJT2968. මෙසේ ප්‍රඥාතොමෝ මහත් ප්‍රයෝජන ඇත්තී ය. නිපුණ ය. යහපත් සිතුවිලි දනවන්නී ය. මෙලොවැ, හිත පිණිස හා පරලොව සුව පිණිස ද වන්නී ය, (හෙරි නම් පරිව්‍රාජිකාව කීවා යයි වදාළසේක.)
Pali BJTදකරක්ඛසපඤ්හො.
Sinhala BJTඋදාකරාක්‍ෂස පැනය යි.
Pali BJT8. පණ්ඩරකජාතකං.
Sinhala BJT8. පණ්ඩරක ජාතකය
Pali BJT2969. විකිණ්ණවාචං අනිගුය්හමන්තං{8} අසඤ්ඤතං අපරිචක්ඛිතාරං{9}, භයං තමත්වෙති සයං අබොධං නාගං යථා පණ්ඩරකං සුපණ්ණො.
Sinhala BJT2969. විසුරුණා වූ වචන ඇති, නො සඟවන ලද මන්ත්‍රණ ඇති, සංයත නො වූ කියයුතු නො කියයුතු බව නොදන්නා වූ අනුවණ ඒ පුද්ගලයා අනුව තමා විසින් කරන ලද්දා වූ ම භය පසු පස යෙයි. කුමක් මෙන් ද යත් : පණ්ඩරක නාග නම් වූ මා අනුව ගිය සුපර්‍ණයා මෙනි.
Pali BJT2970. යො ගුය්හමන්තං පරිරක්ඛණෙය්යං මොහා නරො සංසති භාසමානො, තං භින්නමන්තං භයමන්වෙති ඛිප්පං නාගං යථා පණ්ඩරකං සුපණ්ණො.
Sinhala BJT2970. යම් මිනිසෙක් සැඟවියයුතු රහස් මන්ත්‍ර කථා කරමින් එය රැකිය නො හැක්කහුට මුළායෙන් කියා ද බිඳුණා වූ මන්ත්‍ර ඇති ඒ පුද්ගලයා පසු පසැ බිය ගමන් කෙරෙයි. කවරකු මෙන් ද යත්: පණ්ඩරක නම් නාගයා අනුව ගිය සුපර්‍ණයා මෙනි.
Pali BJT2971. නානුමිත්තො ගරුං අත්ථං ගුය්හං වෙදිතුමරහති{1}, සුමිත්තො ච අසම්බුද්ධං සම්බුද්ධං වා අනත්ථවා.
Sinhala BJT2971. අනුවර්‍තන මාත්‍රයෙන් මිත්‍ර වූයේ ගරු වූ සඟවාලියයුතු කරුණ දැනගන්නට නිසි නොවේ. අනුවණ සුහද මිතුරා ද අනර්‍ත්‍ථකාරී නුවණැතියා ද රහස දැනගන්නට නිසි නොවේ.
Pali BJT2972. විස්සාසමාපජ්ජිමහං අචෙලො සමණො අයං සම්මතො භාවිතත්තො, තස්සාහමක්ඛිං විවරං{2} ගුය්හමත්ථං අතීතමත්ථො කපණං රුදාමි.
Sinhala BJT2972. මම මේ අචේලකයා ශ්‍රමණයෙකැ යි ද ලෝකසම්මත යැයි ද භාවිත සිත් ඇත්තෙකැ යි ද විශ්වාසයට පැමිණියෙමි. ඔහුට මම ගුහ්යාර්‍ත්‍ථය විවෘත කොට කීමි. දැන් ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.
Pali BJT2973. තස්සාහං පුරිමං බ්රහ්මෙ ගුය්හං වාචං හි මං නාසක්ඛිං{3} සංයමෙතුං තප්පක්ඛතො හි භයමාගතං මෙ අතීතමත්ථො කපණං රුදාමි.
Sinhala BJT2973. සුපර්‍ණය, පළමු කොට සැඟවිය යුතු මේ වචනය ඔහුට සඟවන්නට මම නොසමත් වීමි. මේ බිය මට ඔහුගේ පාර්ශ්වයෙන් පැමිණියේ ය. එහෙයින් ඉක්ම ගිය යහපත ඇත්තෙම් බැගෑපත් ව හඬමි.
Pali BJT2974. යො වෙ නරො සුහදං මඤ්ඤමානො ගුය්හමත්ථං සංසති දුක්කුලීනෙ, දොසා භයා අථවා රාගරත්තො පල්ලත්ථිතො{4} බාලො අසංසයං සො.
Sinhala BJT2974. යම් මිනිසෙක් මොහු සුහෘදය යි හඟිමින් පහත් කුලැතියකු කෙරෙහි ද්වේෂයෙන් හෝ බියෙන් හෝ වැලි රාගවශයෙන් ඇල්මෙන් හෝ සැඟවියයුතු කරුණක් කියා නම්, ඒ අඥාන තෙම නිසැක ව ම පෙරළා විනාශයට පමුණුවනු ලබන්නේ ය.
Pali BJT2975. තිරොක්ඛවාචො අසතං පවිට්ඨො යො සඞ්ගතීසු මුදීරෙති වාක්යං, ආසීවිසො දුම්මුඛො ත්යාහු තං නරං ආරා ආරා සංයමෙ තාදිසම්භා.
Sinhala BJT2975. පිළිසන්වචන ඇති අසත්පුරුෂයන්ට අයත් වූ යමෙක් සැඟවිය යුතු වචනය පිරිස් මැද කියා ද ඒ මිනිසා ආශීර්විෂයකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැ යි කියත්. එබන්දහු කෙරෙන් දුරින් ම දුරු වන්නේ ය.
Pali BJT2976. අන්නං පානං කාසි{5}කචන්දනඤ්ච මනාපිත්ථියො මාලච්ඡාදනඤ්ච,{6} ඔහාය ගච්ඡාමසෙ සබ්බකාමෙ සුපණ්ණ පාණූපගතාව ත්යම්භා.
Sinhala BJT2976. ආහාර ද පාන වර්‍ග ද කසී සඳුන් ද මනවඩන ස්ත්‍රීන් ද මල් ද දිව්‍යමය සිව්දැගඳ ද ඇඟ ඉලීම් ද, යන සියලු කාම සම්පත් අත් හැර දමා යන්නෙමු. සුපර්‍ණය, දිවිහිම් කොට තොප කරා පැමිණියම්හ. අපට පිහිට වව යි.
Pali BJT2977. කොනීධ{7} තිණ්ණං ගරහං උපෙති අස්මිඤ්ච ලොකෙ පාණභූ නාගරාජ, සමණො සුපණ්ණෙ අථවා තවෙව කිං කාරණා පණ්ඩරකග්ගහීතො.
Sinhala BJT2977. ප්‍රාණියකු වූ නාගරාජය, ශ්‍රමණයා ද සුපර්‍ණයා ද නුඹ ද යන තිදෙනා අතුරෙන් මෙලොව කවරෙක් නම් නින්‍දාවට පැමිණේ ද කවර හෙයෙකින් සුපර්‍ණයා විසින් මම ගන්නා ලද්දෙම්දැයි තමාට ම නින්‍දා කරව.
Pali BJT2978. සමණොති මෙ සම්මතත්තො අහොසි පියො ච මෙ මනසා භාවිතත්තො, තස්සාහමක්ඛිං විවරං ගුය්හමත්ථං අතීතමත්ථො කපණං රුදාමි.
Sinhala BJT2978. හෙතෙම මා විසින් (සත්පුරුෂ) ශ්‍රමණයෙකැයි සම්මත කරන ලද්දේ විය. මට ප්‍රියයෙක් ද විය. සිතින් සම්භාවනා කරන ලද්දෙක් ද විය. එහෙයින් මම ඔහුට සැඟවියයුතු කරුණ ප්‍රකට කොට කීමි. ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.
Pali BJT2979. න චත්ථි සත්තො අමරො පථබ්යා පඤ්ඤාවිධා නත්ථි න නින්දිතබ්බා, සච්චෙන ධම්මෙන ධියා දමෙන අලබ්භමබ්යාහරතී නරො ඉධ.
Sinhala BJT2979. නාගරාජය, මේ පෘථිවියෙහි නො මැරෙන ස්වභාව ඇති සත්‍වයෙක් නම් නැත්තේ ය. ප්‍රඥාව සමාන වූ නින්‍දා නො කටයුතු අන්කිසිවෙක් ද නැත. සත්‍යවචනයෙන් ද සුචරිත ධර්‍මයෙන් ද ප්‍රඥායෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද මෙලොව මනුෂ්‍ය තෙම නො ලැබිය හැකි දැය (අෂ්ටසමාපත්ති මාර්‍ග ඵල නිර්‍වාණ) ලබන්නේ ය.
Pali BJT2980. මතා පිතා පරමා බන්ධවානං නාස්ස{1} තතියො අනුකම්පකත්ථි, තෙසම්පි ගුය්හං පරමං න සංසෙ මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
Sinhala BJT2980. නෑයන් අතුරෙන් මවුපියෝ උසස් වෙති. මොහුට මවු පියනට වඩා අනුකම්පා කරන ස්වභාව ඇති තුන්වැන්නෙක් නම් නැත්තේ ය. මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද පරම රහස් නො කියන්නේ ය.
Pali BJT2981. මාතාපිතා භගිනීභාතරො ච සහායා වා යස්ස හොන්තී සපක්ඛා, තෙසම්පි ගුය්හං පරමං න සංසෙ මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
Sinhala BJT2981. යමකුගේ මවුපියෝ ද සහෝදර සහෝදරීහු ද යහළුවෝ ද යන ස්වපක්‍ෂයෙහි වූවෝ වෙත් නම්, මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.
Pali BJT2982. භරියා වෙ පුරිසං වජ්ජා කොමාරී පියභාණිනි පුත්තරූපයසූපෙතා ඤාතිසඞ්ඝපුරක්ඛතා, තෙසම්පි ගුය්හං පරමං න සංසෙ මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
Sinhala BJT2982. ඉදින් ළදරු වියෙහි පසුවන ප්‍රිය තෙපුල් බෙණෙන, පුත්‍ර සම්පත්තියෙන් හා රූපසම්පත්තියෙන් ද යසසින් ද යුක්ත වූ නෑ සමූහයා විසින් පෙරටු කරන ලද භාර්‍ය්‍යා තොමෝ (තොපගේ රහස මට කියවයි) පුරුෂයාට කියන්නී නමුදු මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඇයට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.
Pali BJT2983. න ගුය්හමත්ථං විවරෙය්ය රක්ඛෙය්ය නං යථා නිධිං, න හි පාතුකතො සාධු ගුය්හමත්ථො{2} පජානතා.
Sinhala BJT2983. සැඟවිය යුත්ත ප්‍රකට කොට නො කියන්නේ ය. එය නිධානයක් මෙන් රක්නේ ය. දන්නහු විසින් සැඟවියයුතු කරුණ ප්‍රකට කිරීම යහපත් නොවේ.
Pali BJT2984. ථියා ගුය්හං න සංසෙය්ය අමිත්තස්ස ච පණ්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්ථෙනො ච යො නරො.
Sinhala BJT2984. පණ්ඩිතතෙම රහස ස්ත්‍රියට නො කියන්නේ ය. සතුරාට ද නො කියන්නේ ය. යමෙක් ආමිෂය හේතු කොට ගෙන එක් වේද ඔහුට ද, හිතෙහි සඟවාගත් සොර (කපටි) අදහස් ඇත්තහුට ද රහස නො කියන්නේ ය.
Pali BJT2985. ගුය්හමත්ථමසම්බුද්ධං සම්බොධයති යො නරො, මන්තභෙදභයා තස්ස දාසභුතො තිතික්ඛති.
Sinhala BJT2985. යම් මිනිසෙක් සැඟවියයුතු කරුණ නො දන්නහුට දක්වා ද හෙතෙම මන්ත්‍රණය අන්කෙනකුන් දැන ගනිතැයි හටගත් බියෙන් ඔහුට දාසයෙක් ව ඉවසයි.
Pali BJT2986. යාවන්තො පුරිසස්සත්ථං ගුය්හං ජානන්ති මන්තිතං, තාවන්තො තස්ස උබ්බෙගා තස්මා ගුය්හං න විස්සජෙ.
Sinhala BJT2986. මිනිසකුගේ මන්ත්‍රණය කරන ලද යම්තාක් සැඟවිය යුතු කරුණු යම් කෙනෙක් දනිත් නම් ඒතාක් ම ඔහුට තැති ගැනීම් ඇති වේ. එබැවින් රහස් නො මුදන්නේ ය.
Pali BJT2987. විවිච්ච භාසෙය්ය දිවා රහස්සං රත්තිං ගිරං නාතිවෙලං පමුඤ්චෙ, උපස්සුතිකා හි සුණන්ති මන්තං තස්මා මන්තො ඛිප්පමුපෙති භෙදං.
Sinhala BJT2987. දවල් කාලයෙහි රහස් කරුණ විවේකව සිට කියන්නේ ය. රාත්‍රියෙහි කියන්නේ සීමාව ඉක්මවා හෙවත් බිත්තියෙන් පිට ඇසෙන සේ නො කියන්නේ ය. යම් හෙයකින් ළඟ අසා සිටියහු මන්ත්‍රණය අසද්ද, එහෙයින් මන්ත්‍රණය වහා ම භේදයට පැමිණෙන්නේ යැ.
Pali BJT2988. යථාපි අස්ස නගරං මහන්තං අද්වාරකං ආයසං භද්දසාලං, සමන්තඛාතාපරිඛාඋපෙතං එවම්පි මෙ තෙ ඉධ ගුය්හමන්තා.
Sinhala BJT2988. දොර නැත්තා වූ සුන්‍දර ශාලා ඇත්තා වූ හාත්පස කරන ලද දියඅගල් ඇත්තා වූ මහත් අයෝමය නුවරක් යම්සේ වන්නේ ද, මේ ලෝකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝ ද මෙබන්දෝ යයි මට වැටහේ.
Pali BJT2989. යෙ ගුය්හමන්තා අවිකිණ්ණවාචා දළ්හා සදත්ථෙසු නරා දුජිව්හ, ආරා අමිත්තා බ්යවජන්ති තෙහි ආසීවිසාවාරිව සත්තසඞ්ඝා.
Sinhala BJT2989. නාගරාජය, රහස් මන්ත්‍රණ ඇත්තා වූ නො විසුරුණු වචන ඇත්තා වූ ස්වාර්‍ත්‍ථයෙහි ස්ථිර වූ යම්බඳු මනුෂ්‍යයෝ වෙද්ද. (ජීවත්වනු කැමැති) සත්‍වසමූහයා සර්‍පයන් කෙරෙන් මෙන් පස මිතුරෝ ඔවුන් කෙරෙන් බැහැර වෙත්. ඔවුන් කරා ළංවන්නට අවකාශයක් නො ලබත්.
Pali BJT2990. හිත්වා ඝරං පබ්බජිතො අචෙලො නග්ගො මුණ්ඩො විචරති ඝාසහෙතු, තම්හි නු ඛො විවරිං ගුය්හමත්ථං අත්ථා ච ධම්මා ච අපාගතම්භා.{1}
Sinhala BJT2990. ගිහිගේ අත්හැර පැවිදි වූ නිර්වස්ත්‍ර නග්න මුඩු මහණෙක් පිඬු පිණිස හැසිරෙයි. මම ඔහු කෙරෙහි රහස් කථා එළිදරව් කෙළෙමි. එහෙයින් අර්‍ත්‍ථයෙන් ද ධර්‍මයෙන් ද පිරිහුණෙමු.
Pali BJT2991. කථං කරො හොති සුපණ්ණරාජ කිංසීලො කෙන වතෙන වත්තං, සමණො චරං හිත්වා මමායිතානි කථංකරො සග්ගමුපෙති ඨානං.
Sinhala BJT2991. එම්බා සුපර්‍ණරාජය, කෙසේ කරනුයේ කවර ආචාරයෙකින් සමන්‍වාගත වූයේ කිනම් ව්‍රතයෙකින් පවත්නේ පැවිද්දෙහි හැසිරෙමින් තෘෂ්ණා මමායන හැරපියා කෙසේ පිළිපදින්නේ ස්වර්‍ගස්ථානයට එළඹේ ද?
Pali BJT2992. හිරියා තිතික්ඛාය දමෙන ඛන්තියා අක්කොධනො පෙසුනියං පහාය, සමණො චරං හිත්වා මමායිතානි{2} එවංකරො සග්ගමුපෙති ඨානං.
Sinhala BJT2992. (යහළු නාරජ,) ලජ්ජායෙන් ද, ඉන්‍ද්‍රිය දමනයෙන් ද තිතික්බා සංඛ්‍යාත අධිවාසන ක්‍ෂාන්තියෙන් ද (ඉවසීමෙන් ද) යුක්ත වූ නොකිපෙන ස්වභාව ඇත්තේ කේලාම් බස් හැරපියා මමායන දුරුකොට හැසිරෙන්නේ ශ්‍රමණ නම් වන්නේ ය. මෙසේ ක්‍රියා කරන්නේ ස්වර්‍ගස්ථානයට එළැඹෙන්නේ ය.
Pali BJT2993. මාතා ච පුත්තං තරුණං තනූජං{3} සම්පස්ස තං සබ්බගත්තං එරෙති, එවම්පි මෙ ත්වං පාතුරහූ දිජින්ද මාතාව පුත්තං අනුකම්පමානො.
Sinhala BJT2993. යම්සේ මව සිරුරෙන් උපන් තරුණ පුත්‍රයා දක ඔහු (වැළඳ) මුළු සිරුරෙහි පුත්පහස පතුරුවා ද, පක්‍ෂිරාජය, පුතුට අනුකම්පා කරන්නා වූ මවක මෙන් නුඹ මට පහළ වූයෙහි.
Pali BJT2994. භන්දජ්ජ ත්වං මුච්ච{4} වධා දුජිව්හ තයො හි පුත්තා නහි අඤ්ඤො අත්ථි, අන්තෙවාසී දින්නකො අත්රජො ච රජස්සු පුත්තඤ්ඤතරො මෙ අහොසි.
Sinhala BJT2994. එම්බා නාගය, එසේ වී නම් අද තෝ වධයෙන් මිදෙව. පුත්‍රයෝ තිදෙනෙක් ම වෙති. අනෙක් සතරවැන්නෙක් නැත. ඔහු නම්, අතවැසියැ, අනුන් විසින් දෙන ලද්දේ යැ. තමාට දාව උපන්නේයැ යි. නුඹ මට ඔවුන්ගෙන් එක්තරා පුත්‍රයෙක් වූයෙහි ය. ඇලුම් කොට වසව.
Pali BJT2995. ඉච්චෙව වාක්යං විසජ්ජි{5} සුපණ්ණො භුම්යං{6} පතිට්ඨාය දිජො දුජිව්හං, මුත්තජ්ජ ත්වං සබ්බභයාතිවත්තො ථලූදකෙ හොහි මයාභිගුත්තො.
Sinhala BJT2995. සුපර්‍ණ තෙම මේ වාක්‍යය කියා නාගයා හැරපීය. තෙමේ ද පොළොවෙහි පිහිටියේ “නුඹ අද මිදුණේ සියලු බිය ඉක්මවා සිටියෙහිය. ගොඩ හා දියෙහි මා විසින් රක්නා ලද්දෙක් වෙව.
Pali BJT2996. අතඞ්කිනං යථා කුසලො භිසක්කො පිපාසිතානං රහදොව සීතො, වෙස්මං යථා හිමසීතට්ටිතානං{7} එවම්පි තෙ සරණමහං භවාමි.
Sinhala BJT2996. ලෙඩකුට දක්‍ෂ වෛද්‍යයකු යම්සේ ද පවස් ඇත්තකුහට සීතල ජලාශය යම්සේ ද, හිම කාලයෙහි සීතලෙන් පීඩා ඇත්තහුට ගෙයක් යම්සේ ද, එසේ ම මම තොපට පිහිට වෙමි.” (කීය.)
Pali BJT2997. සන්ධිං කත්වා අමිත්තෙන අණ්ඩජෙන ජලාබුජ, විවරිය දාඨං සයසි{8} කුතො තෙ භයමාගතං.
Sinhala BJT2997. එම්බා නාගරාජය, පසමිතුරු වූ පක්‍ෂියකු හා මිත්‍රසන්‍ථවය කොට දළ විවෘත කොට සයනය කෙරෙහි. තට කොයින් බියක් ආයේ දැ යි (සුපර්‍ණයා ඇසී ය.)
Pali BJT2998. සඞ්කථෙව අමිත්තම්හි මිත්තස්මිම්පි න විස්සසෙ, අභයා භයමුප්පන්නං අපි මූලානි කන්තති.
Sinhala BJT2998. අමිත්‍රයා කෙරෙහි සැක කටයුතු මය. අමිත්‍රයා මිත්‍ර වූ කල්හි ද විශ්වාස නො කරන්නේ ය. අභයස්ථාන වූ මිතුරා කෙරෙන් බිය උපන්නේ ය. ජීවිත සංඛ්‍යාත වූ මුල ම සිඳියි.
Pali BJT2999. කථන්නු විස්සසෙ ත්යම්හි යෙනාසි කලහො කතො, නිච්චයත්තෙන ඨාතබ්බං සො දිසබ්භී න රජ්ජති.
Sinhala BJT2999. යමකු සමඟ කලහ කරන ලද්දේ ද ඔහු කෙරෙහි කෙසේ නම් විශ්වාස කරන්නේ ද? සතුරන් ඇත්තහු විසින් නිතර යත්නයෙන් විසියයුතුයි. හෙතෙම සතුරන් සමඟ නො ඇලෙයි.
Pali BJT3000. විස්සාසයෙ න ච නං විස්සසෙය්ය අසඞ්කිතො ච සඞ්කිතො භවෙය්ය, තථා තථා විඤ්ඤූ පරක්කමෙය්ය යථා යථා භාවං පරො න ජඤ්ඤා,
Sinhala BJT3000. තමා කෙරෙහි විශ්වාසය ඇතිකරවන්නේය. එහෙත් ඔහු විශ්වාස නො කරන්නේය. තමා කෙරෙහි සැක නො කරන ලද්දේ ද (සතුරා කෙරෙහි) සැක කරන්නෙක් වන්නේය. යම් යම් විදියකින් අන්‍යයා අදහස නො දැනගනී නම් නුවණැත්තේ එසේ එසේ වීර්‍ය්‍යය කරන්නේ ය.
Pali BJT3001. තෙ දෙවවණ්ණා සුඛුමාලරූපා උභො සමා සුජයො පුඤ්ඤක්ඛන්ධා, උපාගමුං කාදම්බියං අචෙලං. මිස්සීභූතා අස්සවාහාව නාගා.
Sinhala BJT3001. දෙවියන්ට සමාන වර්‍ණ ඇති සිවුමැලි වූ, පිරිසිදු වූ පින්කඳු දෙකක් බඳු ඔවුනොවුන් එක සමාන වූ පුරුෂ නාගයෝ දෙදෙන එක්ව රිය උසුලන අසුන් මෙන් කාදම්බිය නම් අචේලකයා වෙත පැමිණියහ.
Pali BJT3002. තතො හවෙ පණ්ඩරකො අචෙලං සයමෙවුපාගම්ම ඉදං අවොච, මුත්තජ්ජහං සබ්බභයාතිවත්තො න හි නූන තුය්හං මනසො පියම්හා.
Sinhala BJT3002. ඉක්බිති පණ්ඩරක නම් නාරජ තෙම අචේලකයා වෙත තෙමේ ම පැමිණ මෙය කීයේ ය. “අද සියලු භය ඉක්ම වූ මිදුණා වූ මම ඒකාන්තයෙන් නුඹගේ සිතට ප්‍රියයෙක් නො වීමි” යි.
Pali BJT3003. පියො හි මෙ ආසි සුපණ්ණරාජා අසංසයං පණ්ඩරකෙන සච්චං. සො රාගරත්තො ච අකාසිං එතං පාපං කම්මං සම්පජානො න මොහා.
Sinhala BJT3003. පණ්ඩරක නම් නාගයාට වඩා සුපර්‍ණරාජයා නිසැකයෙන් ම මට ප්‍රියය යන මේ කරුණ සත්‍යයකි. රාගයෙන් ඇලුණා වූ ද ඒ මම දැනගෙන ම මේ පාපකර්‍මය කෙළෙමි. මුළාවෙන් නො දැන නො වේ යයි අචේලකයා කීයේ ය.
Pali BJT3004. න මෙ පියං අප්පියං වාපි හොති සම්පස්සතො ලොකමිමං පරඤ්ච, සුසඤ්ඤතානං හි වියඤ්ජනෙන අසඤ්ඤතො ලොකමිමං චරාසි.
Sinhala BJT3004. මෙලොවත් පරලොවත් බලන්නා වූ පැවිද්දකුට මට ප්‍රියය, අප්‍රිය ය, යන හැඟීමක් නැත. නුඹ වනාහි මනා සංයත වූ පැවිද්දන්ගේ වේශයෙන් අසංයත වූයෙහි මෙලොව හැසිරෙන්නෙහි ය.
Pali BJT3005. අරියාවකාසොසි අනරියො චාසි අසඤ්ඤතො සඤ්ඤතසන්නිකාසො, කණ්හාභිජාතිකොසි අනරියරූපො පාපං බහුං දුච්චරිතං අචාරි.
Sinhala BJT3005. නුඹ වනාහි ආර්‍ය්‍යයකුට බඳු ස්වභාව ඇත්තෙහි. එහෙත් ගති පැවතුමින් අනාර්‍ය්‍ය ද වෙහි. සංයම නැත්තෙහි. එහෙත් සංයම ඇත්තකු බඳු වෙහි. පාප සංඛ්‍යාත කෘෂ්ණයෙහි ඇලුණෙක් වෙහි. නිර්ලජ්ජා ස්වභාවය ඇත්තෙහි. ලාමක වූ බොහෝ දුශ්චරිතයෙහි හැසුරුණෙහි යයි නාරජ තෙම නින්‍දා කෙළේ ය.
Pali BJT3006. අදුට්ඨස්ස තුවං දුබ්භි දුබ්භි ච පිසුනො චසි, එතෙන සච්චවජ්ජෙන මුද්ධා තෙ ඵලතු සත්තධා.
Sinhala BJT3006. “(එම්බා නිගණ්ඨය,) මිත්‍රද්‍රෝහි වූ නුඹ ද්‍රෝහ නො කළා වූ මිත්‍රයාට ද්‍රෝහ කෙළේ ද වෙහි. කේලාම් කියන්නේ ද වූයෙහි. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ මස්තකය සත් කඩක්ව පැලේවා” යි නාරජ සාප කෙළේ ය.
Pali BJT3007. තස්මා හි මිත්තානං න දුබ්භිතබ්බං මිත්තදුබ්භා පාපියො නත්ථි අඤ්ඤො, ආසිත්තසත්තො නිහතො පථබ්යා ඉන්දස්ස වාක්යෙන හි සංවරො හතොති.
Sinhala BJT3007. මිත්‍රද්‍රෝහිකම අනිෂ්ට විපාක ගෙන දෙන හෙයින් මිත්‍රයන්ට ද්‍රෝහ නො කළ යුතු. මිත්‍ර ද්‍රෝහකමට වඩා අන් පාපයෙක් නැත්තේය. පොළෝහි ඉසින ලද විෂ ඇති නාගයා විසින් ශාපකරන ලද්දේ, නා රජුගේ සත්‍ය ක්‍රියාවෙන් සංවරයෙහි සිටිමි යි ප්‍රතිඥා කළ (ඒ) කූට ආජීවක තෙම නැසුණේ යයි වදාළසේක.
Pali BJTපණ්ඩරකජාතකං.
Sinhala BJTපණ්ඩරක ජාතක යි.
Pali BJT9. සම්බුලාජාතකං
Sinhala BJT9. සම්බුලා ජාතකය
Pali BJT3008. කා වෙධමානා ගිරිකන්දරාය එකා තුවං තිට්ඨසි සඤ්ඤතූරු, පුට්ඨාසි මෙ පාණිපමෙය්යමජ්ඣෙ අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච.
Sinhala BJT3008. මේ පර්‍වත කඳුරැළියෙහි වෙව්ලමින් පිරුණු වටොර යුවලක් ඇති එකලා වැ සිටුනා තෝ කවරහි. මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, මා විසින් විචාරන ලද වෙහි. තීගේ නම ද ඤාතීන් ද මට කියව.
Pali BJT3009. ඔභාසයං වනං රම්මං සීහව්යග්ඝනිසෙවිතං, කා වා ත්වමසි කල්යාණි කස්ස වා ත්වං සුමජ්ඣිමෙ අභිවාදෙමි තං භද්දෙ දානවාහං නමත්ථු තෙ.
Sinhala BJT3009. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇති සුන්‍දර ස්ත්‍රිය, සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් ගැවැසීගත් සිත්කලු වූ මේ වනය බබුළුවමින් සිටුනා තෝ කවරහි. සොඳුර තිට වඳිමි. මම අසුරයෙක්මි. තිට නමස්කාර වේවා යි අසුරයා කීයේ ය.
Pali BJT3010. යො පුත්තො කාසිරාජස්ස සොත්ථිසෙනොති නං විදූ, තස්සාහං සම්බුලා භරියා එවං ජානාහි දානව අභිවාදෙමි භද්දන්තෙ සම්බුලාහං නමත්ථු තෙ.
Sinhala BJT3010. අසුරය, කසී රජුගේ යම් පුත්‍රයෙක් වේද, සොත්‍ථිසේන යයි ඔහු දනිත්. මම වනාහි ඔහුගේ සම්බුලා නම් භාර්‍ය්‍යා වෙමි, අසුරය මෙසේ දැන ගනුව.
Pali BJT3011. වෙදෙහපුත්තො භද්දන්තෙ වනෙ වසති ආතුරො, තමහං රොගසම්මත්තං එකා එකං උපට්ඨහිං.
Sinhala BJT3011. සම්බුලා නම් වූ මම තොප වඳිමි. තොපට නමස්කාර වේවා. පින්වත් අසුරය, වේදේහ පුත්‍ර තෙමේ රෝගී වූයේ වනයෙහි වෙසෙයි. මම වනාහි රෝගයෙන් පෙළුණු එකලා වූ ඔහුට එකලා වැ උපස්ථාන කෙළෙමි.
Pali BJT3012. අහඤ්ච වනමුඤ්ඡාය මධුමංසං මිගාවිලං, යදා හරාමි තං භක්ඛො තස්ස නූනජ්ජ නාධති.
Sinhala BJT3012. මම ද මැස්සන් නැති මීත් සිංහාදීන් කා දැමූ මසුත් සොයා ගෙන යම් කලෙක හැරගෙන එම් ද, වේදේහ පුත්‍ර තෙම එය බුදින්නේය. අද ඔහුට එය ද නො ලැබ ඒකාන්තයෙන් තැවෙතියි සිතමි.
Pali BJT3013. කිං වනෙ රාජපුත්තෙන ආතුරෙන කරිස්සසි, සම්බුලෙ පරිචිණ්ණෙන අහං භත්තා භවාමි තෙ.
Sinhala BJT3013. සම්බුලාවෙනි, ආතුර වූ දිරාපත් වූ රාජපුත්‍රයකු හේතුවින් කුමට පරිචර්‍ය්‍යා කරහි ද? මම තිට ස්වාමි පුරුෂ වෙමි යි (දානවයා කීය.)
Pali BJT3014. සොකට්ටාය දුරත්තාය කිං රූපං විජ්ජතෙ මම, අඤ්ඤං පරියෙස භද්දන්තෙ අභිරූපතරං මයා.
Sinhala BJT3014. ශෝකාතුර වූ දුගී අත්බැව් ඇති මාගේ කවර රූප සම්පත්තියක් විද්‍යමාන ද? තට යහපතක් වේවා. මට වඩා රුවැති අන් අඟනක් සොයා ගනුව යි.
Pali BJT3015. එහිමං ගිරිමාරුය්හ භරියා මය්හං චතුස්සතා, තාසං ත්වං පවරා හොහි සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT3015. සුන්‍දරිය, එව. මේ පර්‍වතයට නැඟෙව. මාගේ භාර්‍ය්‍යාවෝ සාරසීයක් වෙති. සියලු කාමසම්පතින් සමෘද්ධ වූ තී ඔවුනට ප්‍රධාන වෙහි.
Pali BJT3016. නූන තාරකවණ්ණාභෙ යඞ්කිඤ්චි මනසිච්ඡසි, සබ්බන්තං පචුරං මය්හං රමස්සුජ්ජ මයා සහ.
Sinhala BJT3016. තරුබඳු ආලෝක ඇත්තිය, සිතින් යම්බඳු ප්‍රාර්‍ත්‍ථනයක් කෙරෙහි නම් ඒ සියල්ල මට අධික ව තිබේ. මා සමඟ අභිරමණය කරව.
Pali BJT3017. නො චෙ තුවං මහෙසෙය්යං සම්බූලෙ කාරයිසස්සි, අලං ත්වං පාතරාසාය මඤ්ඤෙ භක්ඛා භවිස්සසි.
Sinhala BJT3017. සම්බුලාව, ඉදින් තී මාගේ මෙහෙසි බව නො කරන්නී නම්, තී මාගේ ප්‍රාතරාසයට නිසි ඛාද්‍යය වන්නෙහියයි සිතමි.
Pali BJT3018. තඤ්ච සත්තජටො ලුද්දො කළාරො පුරිසාදකො, වනෙ නාථං අපස්සන්තිං සම්බුලං අග්ගහී භුජෙ.
Sinhala BJT3018. සත් දළමඬුල්ලක් ඇති රෞද්‍ර වූ පිටතට නික්මුණු දළ ඇත්තා වූ මිනිසුන් කන්නා වූ (ඒ රකුස් තෙම) වනයෙහි පිහිටක් නො දක්නා වූ ඒ සම්බුලාව ද අතින් අල්ලාගත්තේය.
Pali BJT3019. අධිපන්නා පිසාචෙන ලුද්දෙනාමිසචක්ඛුනා, සා ච සත්තුවසම්පත්තා පතිමෙවානුසොචති.
Sinhala BJT3019. රෞද්‍ර වූ ක්ලේශාමිෂ වශයෙන් ලොල් වූ ඇස් ඇති පිශාචයා විසින් යටත් කරන ලද (එහෙයින් ම) සතුරාගේ වසඟයට පැමිණියා වූ ඒ සම්බුලාව ද ස්වාමියා අනුවම ශෝක කරයි.
Pali BJT3020. න මෙ ඉදං තථා දුක්ඛං යං මං ඛාදෙය්ය රක්ඛසො, යඤ්ච මෙ අය්යපුත්තස්ස මනො හෙස්සති අඤ්ඤථා
Sinhala BJT3020. යම් හෙයෙකින් මා රකුසා කන්නේ නම් මෙ මට දුකෙක් නො වේ. මාගේ ආර්‍ය්‍යපුත්‍රයාගේ සිත අන් ලෙසක් වේ නම්, එය මට ඊට වඩා දුකෙකි.
Pali BJT3021. න සන්ති දෙවා පවසන්ති නූන න හි නූන සන්ති ඉධ ලොකපාලා, සහසා කරොන්තානං අසඤ්ඤතානං න හි නූන සන්ති පටිසෙධිතාරො.
Sinhala BJT3021. දෙවියෝ නැත. දුරුරට වෙසෙති සිතම්. මෙහි ලෝකපාලයෝ නැත් මැ යි සිතම්. එහෙයින් මැ බලාත්කාරකම් කරන අශික්‍ෂිතයන් වළකන්නාහු නැත් මැ යි සිතම්.
Pali BJT3022. ඉත්ථිනමෙසා පවරා යසස්සිනී සන්තා සමා අග්ගිරිවුග්ගතෙජා, තඤ්චෙ තුවං රක්ඛසාදෙසි කඤ්ඤං මුද්ධා ච හි සත්තධා තෙ ඵලෙය්ය මා ත්වං දහි මුඤ්ච පතිබ්බතා සා.
Sinhala BJT3022. මෝතොමෝ යශස් ඇත්තා වූ ශාන්ත වූ සම හැසිරීම් ඇති ගින්නක් මෙන් උග්‍ර තේජස් ඇත්තියකි. ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියකි. රාක්‍ෂසය, ඉදින් තෝ ඒ කන්‍යාව කන්නෙහි නම්, තාගේ මුදුන සත්කඩක් ව පැළෙන්නේ ය. තෝ මැය නොතවව. මුදා හරුව. ඕ තොමෝ පතිව්‍රතාවකි යි (එහි පැමිණි සක් දෙව්රජ කී).
Pali BJT3023. සා ච අස්සමමාගඤ්ඡි පමුත්තා පුරිසාදකා, නීළං ඵලිනසකුණීව ගතසිඞ්ගංව ආලයං.
Sinhala BJT3023. මිනීමස් කන අසුරයාගෙන් මිදුණා වූ ඕතොමෝ ගොදුරු ගෙන එන පක්‍ෂිධේනුවක් හිස් කැදැල්ලට මෙන් ද, ගවදෙනක් නික්ම ගිය වස්සා ඇති ගවහලට මෙන් ද, හිස් අසපුවට පැමිණියා ය.
Pali BJT3024. සා තත්ථ පරිදෙවෙසි රාජපුත්ති යසස්සිනී, සම්බුලා උතුමත්තක්ඛා වනෙ නාථං අපස්සතී.
Sinhala BJT3024. ඒ සම්බුලා නම් යශස් ඇති රාජපුත්‍රී තොමෝ ඒ වෙනෙහි හිමියා නො දක්මින් සොවින් උපන් උසුමින් රත් වූ ඇස් ඇති වැ වැලැපුණා යැ.
Pali BJT3025. සමණෙ බ්රාහ්මණෙ වන්දෙ සම්පන්නචරණෙ ඉසෙ, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3025. මම ශ්‍රමණයන් ද බ්‍රාහ්මණයන් ද චරණ ධර්‍මයන්ගෙන් යුත් ඍෂිවරුන් ද වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ පිහිට සොයා ගියා වෙමි.
Pali BJT3026. වන්දෙ සීහෙ ච බ්යග්ඝෙ ච යෙ ච යෙච අඤ්ඤෙ වනෙ මිගා, රාජපුත්තං අපස්සන්තී තුම්හම්හි සරණං ගතා.
Sinhala BJT3026. සිංහයන් ද ව්‍යාඝ්‍රයන් ද වෙනෙහි යම් සෙසු මෘගයෝ වෙත් නම් ඔවුන් ද මම වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.