Pali BJT2837. කාසිස්ස රඤ්ඤො මහෙසී භදන්තෙ සා පූජිතා රාජකුලෙ සුභද්දා, තං{1} අද්දසා සා ච මමං අසංසි දන්තෙහි අත්ථොති ච මං අවොච.
Sinhala BJT2837. පින්වතුන් වහන්ස, කසී රජුගේ සුභද්ද්‍රා නම් ඒ මහිෂිකා තොමෝ රජකුලයෙහි පුදන ලද්දී ය. ඕ නුඹ දුටුවා ය. ඕ තොමෝ දළවලින් ප්‍රයෝජන ඇතැ යි මට ද කීවා ය.
Pali BJT2838. බහූ හි මෙ දන්තයුගා උළාරා යෙ මෙ පිතූනඤ්ච පිතාමහානං, ජානාති සා කොධනා රාජපුත්තී වධත්ථීකා වෙරමකාසි බාලා.
Sinhala BJT2838. මාගේ පියවරුන්ගේ ද මුත්තණුවරුන්ගේ ද මහත් වූ බොහෝ දන්ත යුග්මයෝ ඇත්තාහ යි ඕ තොමෝ දන්නී ය. ක්‍රෝධ ස්වභාව ඇති අඥාන වූ මා නසනු රිසි වූ, ඒ රාජපුත්‍රී තොමෝ වෛර කළා ය.
Pali BJT2839. උට්ඨෙහි ත්වං ලුද්ද ඛරං ගහෙත්වා දන්තෙ ඉමෙ ඡන්ද පුරා මරාමි, වජ්ජාසි තං කොධනං රාජපුත්තිං නාගො හතො හන්ද ඉමස්ස දන්තා.
Sinhala BJT2839. වැදිපුත්‍රය, තෝ කියත ගෙන නැඟී සිටුව. මාගේ මරණයට පෙර මේ දළ සිඳුව. “හස්ති තෙම ඒකාන්තයෙන් නසන ලද. එබැවින් මේ ඔහුගේ දළ දෙක ගනුව” යි ඒ ක්‍රෝධ ස්වභාවය ඇති රාජපුත්‍රියට කියව යි බෝසත් තෙම කීයේ ය.
Pali BJT2840. උට්ඨාය සො ලුද්දො ඛරං ගහෙත්වා ඡෙත්වාන දන්තානි ගජුත්තමස්ස, වග්ගූ සුභෙ අප්පටිමෙ පථබ්යා{2} ආදාය පක්කාමි තතො හි ඛිප්පං.
Sinhala BJT2840. ඒ වැදි තෙමේ ද කියත ගෙන නැඟීසිට උතුම් හස්තියාගේ දළ සිඳ මිහිපිට ඇති හැම දළයකට ම වඩා අසමාන වූ සෝභා ඇති ඉතා යහපත් වූ ඒ දළ දෙක ගෙන එතැනින් වහා නික්ම ගියේ ය.
Pali BJT2841. භයද්දිතා{3} නාගවධෙන අට්ටා යෙ තෙ නාගා අට්ඨ දිසා විධාවුං, අදිස්ව{4} පොසං ගජපච්චමිත්තං පච්චාගමුං යෙන සො නාගරාජා.
Sinhala BJT2841. ඇත්රජුට විදීමෙන් මරණ බියෙන් බියපත් වූ යම් ඒ හස්තීහු අට දිසාවට දිවගියාහු ද, ඇත් රජුගේ පසමිතුරු පුරුෂයා නො දැක ඒ ඇත්රජ යම් තැනෙක්හි නම් එහි පෙරළා පැමිණියාහු ය.
Pali BJT2842. තෙ තත්ථ කන්දිත්වා රොදිත්ව{5} නාගා සීසෙ සකෙ පංසුකං ඔකිරිත්වා, අගමංසු{6} තෙ සබ්බෙ සකං නිකෙතං පුරක්ඛත්වා මහෙසිං සබ්බභද්දං.
Sinhala BJT2842. ඒ ඇත්හු එහි හඬා වැලැප ස්වකීය හිස මත්තෙහි පස් විසුරුවා ගියහ. ඒ සියල්ලෝ ම සර්‍වභද්‍රා නම් මෙහෙසිය පෙරට කොට සිය නිවෙස් බලා ගියෝ ය.
Pali BJT2843. ආදාය දන්තානි ගජුත්තමස්ස වග්ගු සුභෙ අප්පටිමෙ පථබ්යා, සුවණ්ණරාජීහි සමන්තමොදරෙ සො ලුද්දකො කාසිපුරං උපාගමි උපානෙසී සො රාජකඤ්ඤාය දන්තෙ නාගො හතො හන්ද ඉමස්ස අන්තා.
Sinhala BJT2843. ඒ වැදි තෙම මිහිපිට තිබෙන හැම දළයකට ම වඩා මනෝඥ වූ ද සුන්‍දර වූ ද අසමාන වූ ද රන්වන් රැසින් හාත්පස බබළන්නා වූ ද ඇත්රජුගේ දළදෙක රැගෙන කසී රටට පැමිණියේ ය. හෙ තෙමේ “හස්තිරාජ තෙමේ නසන ලද්දේ ය. මේ ඔහුගේ දළ දෙක ගනුව යි” රාජකන්‍යාවට දුන්නේ ය.
Pali BJT2844. දිස්වාන දන්තානි ගජුත්තමස්ස භත්තුප්පියස්ස පුරිමාය ජාතියා, තත්ථෙව තස්සා හදයං අඵාලි තෙනෙව සා කාලමකාසි බාලා.
Sinhala BJT2844. පළමු ජාතියෙහි ප්‍රිය ස්වාමියා වූ උතුම් හස්තියාගේ දළ දෙක දැක එහිදී ම ඇගේ හදවත පැළුණේ ය. ඒ අඥ තැනැත්තිය එයින් ම කලුරිය කළා ය.
Pali BJT2845. {*}සම්බොධිපත්තො ච මහානුභාවො සිතං අකාසි පරිසාය මජ්ඣෙ, පුච්ඡිංසු භික්ඛූ සුවිමුත්තචිත්තා නාකාරණෙ පාතුකරොන්ති බුද්ධා.
Sinhala BJT2845. බුද්ධත්‍වයට පත් මහත් අනුභාව ඇත්තා වූ ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සිනා පහළ කළසේක. කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ භික්‍ෂුහු බුදුවරයෝ නම් නිකරුණේ සිනා පහළ නො කරති යි කාරණය විචාළහ.
Pali BJT2846. යමද්දසාථ දහරිං කුමාරිං කාසාවවත්ථං අනගාරියං චරන්තිං, සා ඛො තදා රාජකඤ්ඤා අහොසි අහං තදා නාගරාජා අහොසිං.
Sinhala BJT2846. මහණෙනි, කසාවත් හැන්දා වූ සසුන්හි පැවිදි ව වසන්නා වූ යම් තරුණ කුමරියක් දක්නහු ද ඕ තොමෝ වනාහි එකල්හි රාජකන්‍යාව වූවා ය. මම වනාහි එකල්හි ඇත්රජ වීමි.
Pali BJT2847. ආදාය දන්තානි ගජුත්තමස්ස වග්ගූ සුභෙ අප්පටිමෙ පථබ්යා, යො ලුද්දකො කාසිපුරං උපාගමි සො ඛො තදා අදවදත්තො අහොසි.
Sinhala BJT2847. යමෙක් මිහිපිට තිබෙන දළ අතුරෙන් හැමට වඩා මනෝඥ වූ යහපත් වූ අසම වූ දළ ගෙන කසී රටට ගියේ ද? හෙ වනාහි මෙකල දේවදත්ත විය.
Pali BJT2848. අනාවසූරං චිරරත්තසංසිතං උච්චාවචං චරිතමිදං පුරාණං, වීතද්දරො වීතසොකො විසල්ලො සයං අභිඤ්ඤාය අභාසි බුද්ධො.
Sinhala BJT2848. පහ වූ කෙලෙස් දරථ ඇති පහ වූ ශෝක ඇති රාගාදි කෙලෙස් හුල් රහිත වූ බුදුරජ බොහෝ කලකට පෙර පුරුදු කරන ලද නොයෙක් ආකාර ඇති මේ පූර්‍ව චරිතය ප්‍රකාශ කොට වදාළසේක.
Pali BJT2849. අභං වො තෙන කාලෙන අහොසිං තත්ථ භික්ඛවො, නාගරාජා තදා හොසිං එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT2849. මහණෙනි, මම වනාහි එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වූයෙමි. එකල්හි ඇත් රජ ද වීමි. මෙසේ මේ ඡද්දන්ත ජාතකය දරවු.
Pali BJTඡද්දන්තජාතකං.
Sinhala BJTඡද්දන්ත ජාතක යි.
Pali BJT5. සම්භවජාතකං.
Sinhala BJT5. සම්භව ජාතකය
Pali BJT2850. රජ්ජඤ්ච පටිපන්නස්මා ආධිපච්චං සුචීරත,{1} මහත්තං{2} පත්තුමිච්ඡාමි විජෙතුං පඨවිං ඉමං.
Sinhala BJT2850. සුචීරත බ්‍රාහ්මණය, අපි මේ ඉඳිපත් නුවර රාජ්‍යයට ද කුරුරට අධිපති භාවයට ද පැමිණියෙමු. දැන් මේ පෘථිවිය දිනන්නටත් රාජ්‍යය මහත් බවට පමුණුවා ගන්නටත් කැමැත්තෙමු.
Pali BJT2851. ධම්මෙන නො අධම්මෙන අධම්මො මෙ න රුච්චති, කිච්චොව ධම්මො චරිතො රඤ්ඤො හොති සුචීරත.
Sinhala BJT2851. එය ද ධර්‍මයෙන් වේ. අධර්‍මයෙන් නො වේ. අධර්‍මය රුචි නො වේ. සුචීරත නම් බ්‍රාහ්මණය, රජුගේ ම ධර්‍මයත් චරිතයත් සෙසු ජනයා විසින් අනුගමනය කටයුතු ය.
Pali BJT2852. ඉධ චෙවානින්දිතා යෙන පෙච්ච{3} යෙන අනින්දිතා, යසං දෙවමනුස්සෙසු යෙන පප්පෙමු{4} බ්රාහ්මණ.
Sinhala BJT2852. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ද නින්‍දා නො ලබන ලද්දා වූ පරලෙව්හි ද නින්‍දා නො ලබන ලද වෙමු ද යම් හෙයෙකින් දෙව්මිනිසුන් අතුරෙහි යසසට පැමිණෙන්නෙමු ද එය කියනු මැනැවි.
Pali BJT2853. යොහං අත්ථඤ්ච ධම්මඤ්ච කත්තුමිච්ඡාමි බ්රාහ්මණ, තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච බ්රාහ්මණක්ඛාහි පුච්ඡිතො
Sinhala BJT2853. බ්‍රාහ්මණය, යම්බඳු මම ඵල විපාක සංඛ්‍යාත අර්‍ත්‍ථය ද මේ අර්‍ත්‍ථයට හේතු වූ ධර්‍මය ද කිරීමට කැමැත්තෙම් ද බ්‍රාහ්මණය, ඔබ විචාරන ලද්දේ ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද මට කියව.
Pali BJT2854. නාඤ්ඤත්ර විධුරා එතදක්ඛාතුමරහති, යං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච කත්තුමිච්ඡසි ඛත්තිය.
Sinhala BJT2854. ක්‍ෂත්‍රිය රජතුමනි, නුඹ වහන්සේ අර්‍ත්‍ථය ද ධර්‍මය ද කිරීමට කැමැත්තහු ය යන යමක් වේ ද, මෙය ප්‍රකාශ කිරීමට විධුරපණ්ඩිතයා හැර අනෙකෙක් සුදුසු නො වේ යයි සුචීරත බ්‍රාහ්මණ තෙම කීයේ ය.
Pali BJT2855. එහි ඛො පහිතො ගච්ඡ විධුරස්ස උපන්තිකං නික්ඛං රත්තසුවණ්ණස්ස හරං ගච්ඡ සුචීරත, අභිහාරං ඉමං දජ්ජා අත්ථධම්මානුසිට්ඨියා.
Sinhala BJT2855. සුචීරත බ්‍රාහ්මණය, මෙහි එව. මා විසින් මෙහෙයන ලද්දෙහි විධුර පණ්ඩිතයන් සමීපයට යව. ස්වර්‍ණය පිළිබඳ නිෂ්ක දහසක් හැරගෙන යව. අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කිරීම පිණිස පූජා වශයෙන් මෙය දෙව යි රජ තෙම කීයේ ය.
Pali BJT2856. ස්වාධිප්පාගා භාරද්වාජො විධුරස්ස උපන්තිකං, තමද්දස මහාබ්රාහ්මා අසමානං සකෙ ඝරෙ.
Sinhala BJT2856. ඒ භාරද්වාජ ගොත්‍රයෙහි වූ සුචීරත බ්‍රාහ්මණ තෙම විධුර පණ්ඩිතයන් සමීපයට ගියේ ය. මහාබ්‍රහ්මණ තෙමේ තම ගෙහි ආහාර අනුභව කරන්නා වූ ඔහු දුටුවේ ය.
Pali BJT2857. රඤ්ඤොහං පහිතො දූතො කොරව්යස්ස යසස්සිනො, අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි ඉච්චබ්රවි යුධිට්ඨිලො තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච විධුරක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT2857. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කෝරව්‍ය රජු විසින් එවන ලද දූතයෙම් වෙමි. යුධිට්ඨිල ගොත්‍රයෙහි වූ ධනඤ්ජය රජ තෙම අර්‍ත්‍ථය ද ධර්‍මය ද අසවයි මට කීයේ ය. විධුර පණ්ඩිතය, විචාරන ලද නුඹ වහන්සේ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට කියා දෙනුමැන.
Pali BJT2858. මඞ්ගං මෙ පිදහිස්සන්ති න තං සක්කොමි බ්රාහ්මණ, අපිධෙතුං මහාසින්ධුං තං කථං සො භවිස්සති න තෙ සක්කොමි අක්ඛාතුං අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
Sinhala BJT2858. බ්‍රාහ්මණය, මහාජනයාගේ නොයෙක් සිතුවිලි නැමැති ගඟ වසන්නෙමි යි කටයුත්තෙක් මට ඇතිවිය. ඒ මම ඒ සිතුවිලි නැමැති මහමුහුද වසන්නට නො පිළිවන් වෙමි. ඊට කෙසේ නම් අවකාශයක් වන්නේ ද එහෙයින් අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද්දා වූ මම තොපට කියන්නට නො සමත්මි යි විධුර පණ්ඩිත තෙම කීයේ ය.
Pali BJT2859. භද්රකාරො ච මෙ පුත්තො ඔරසො මම අත්රජො, තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණ.
Sinhala BJT2859. බ්‍රාහ්මණය, තමාට දාව උපන් භද්‍රකාර නම් ඖරස පුත්‍රයෙක් මට ඇත. නුඹ ඔහු වෙත ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරව යි විධුරපණ්ඩිතයා කීයේ ය.
Pali BJT2860. ස්වාධිප්පාගා භාරද්වාජො භද්රකාරස්ස සන්තිකං, තමද්දස මහාබ්රහ්මා නිසින්නං සම්හි වෙස්මනි.
Sinhala BJT2860. ඒ භාරද්වාජ තෙමේ භද්‍රකාරයා කරා ගියේ ය. මහා බ්‍රාහ්මණ තෙමේ සිය ගෙහි හුන් ඒ භද්‍රකාර කුමරා දුටුවේ ය.
Pali BJT2861. රඤ්ඤොහං පහිතො දූතො කොරව්යස්ස යසස්සිනො, අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි ඉච්චබ්රවි යුධිට්ඨිලො තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච භද්රකාර බ්රවීහි මෙ.
Sinhala BJT2861. මම වනාහි යස පිරිවර ඇති කෝරව්‍ය රජහු වෙතින් පිටත්කර එවන ලද දූතයෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ තෙම අර්‍ත්‍ථයත් ධර්‍මයත් ගැන අසව යි කීයේ ය. භද්‍රකාරය, ඔබ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට ප්‍රකාශ කරනු මැනව.
Pali BJT2862. මංසකාජං{1} අවහාය ගොධං අනුපතාමහං, න තෙ සක්කොමි අක්ඛාතු අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
Sinhala BJT2862. යම්සේ පුරුෂයෙක් මුව මස් කද බිම තබා ගොයකු ලුහු බඳීද එමෙන් ම මම ගෙහි බිරිඳ සිටිය දී පරදාරාවන් වෙත යමි. එහෙයින් අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද්දා වූ මම තොපට කියන්නට නො හැක්කෙමි යි කීයේ ය.
Pali BJT2863. සඤ්ජයො නාම මෙ භාතා කණිට්ඨො මෙ සුචීරත, තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණ
Sinhala BJT2863. සුචීරත බ්‍රාහ්මණය, සඤ්ජය නම් වූ මාගේ කනිටු සහෝදරයෙක් ඇත. නුඹ ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් ඔහු විචාරව.
Pali BJT2864. ස්වාධිප්පාගා භාරද්වාජො සඤ්ජයස්ස උපන්තිකං, තමද්දස මහාබ්රහ්මා නිසින්නං සම්හි වෙසමනි.
Sinhala BJT2864. ඒ භාරද්වාජ තෙමේ සඤ්ජය වෙත ගියේ ය. මහාබ්‍රහ්මණ සිය නිවසෙහි හුන් ඔහු දුටුවේ ය.
Pali BJT2865. රඤ්ඤොහං පහිතො දූතො කොරව්යස්ස යසස්සිනො, අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි ඉච්චබ්රවි යුධිට්ඨිලො තං ත්වං අත්ථාඤ්ච ධම්මඤ්ච සඤ්ජයක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT2865. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කෝරව්‍ය රජහු වෙතින් එවන ලද දූතයෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ තෙම අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසව යි මෙසේ කීයේ ය.
Pali BJT2866. සදා මං ගිලතී{2} මච්චු සායං පාතො සුචීරත, න තෙ සකෙකාමි අක්ඛාතුං අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
Sinhala BJT2866. එම්බා සුචීරත බ්‍රාහ්මණය, හැම කල්හි හවස ද, උදය ද මරුවා මා ගිලියි. අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසන ලද්දෙහි මම නුඹට කියන්නට නො හැක්කෙමි යි සඤ්ජය තෙම කීයේ ය.
Pali BJT2867. සම්භවො නාම මෙ භාතා කණිට්ඨො මෙ සුචීරත, තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච ගන්ත්වා පුච්ඡස්සු බ්රාහ්මණ.
Sinhala BJT2867. එම්බා සුචීරත බ්‍රාහ්මණය, මාගේ සම්භව නම් කනිටු සහෝදරයෙක් ඇත. නුඹ එහි ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් ඔහු විචාරව යි සඤ්ජය තෙම කීයේ ය.
Pali BJT2868. අබ්භුතො වත භො ධම්මො නායං අස්මාකරුච්චති, තයො ජනා පිතාපුත්තා තෙසු පඤ්ඤාය නො විදූ.
Sinhala BJT2868. පින්වත ඒකාන්තයෙන් මේ ධර්‍මය අද්භූත ය. අපට මෙය රුචි නො වේ. පියාත් දෙපුතුනුත් යන තිදෙනෙක් වූහ. ඔවුනතර එකෙකුත් මේ ධර්‍මය ප්‍රඥායෙන් නො දකිත්.
Pali BJT2869. න නං සක්කොථ අක්ඛාතුං අත්ථං ධම්මඤ්ච පුච්ඡිතා, කථං නු දහරො ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
Sinhala BJT2869. අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද ඔවුහු එය කියන්නට නො හැකිවාහු ය. අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසන ලද ළදරු තෙමේ කෙසේ නම් එය දනී ද?
Pali BJT2870. මා නං දහරොති උඤ්ඤාසි{3} අපුච්ඡිත්වාන සම්භවං, පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2870. සම්භවකුමරා නොවිචාරා ඔහු දරුවෙකැ යි අවඥා නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා අර්‍ත්‍ථයත් ධර්‍මයත් දනුව.
Pali BJT2871. යථාපි චන්දො විමලො ගච්ඡං ආකාසධාතුයා, සබ්බෙ තාරා{4}ගණෙ ලොකෙ ආභාය අතිරොචති.
Sinhala BJT2871. යම්සේ අහස්හි යන චන්‍ද්‍ර තෙම නිර්‍මල ද? ඒ චන්‍ද්‍රයා ස්වකීය දීප්තියෙන් ම ලෙව්හි සියලු තාරකාවන් ඉක්මවා ද?
Pali BJT2872. එවම්පි දහරූපෙතා පඤ්ඤායොගෙන සම්භවො, මා නං දහරොති උඤ්ඤාසි අපුච්ඡිත්වාන සම්භවං පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2872. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. ඒ සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවඥා කොට නො සිතව. අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු විචාරා දැනගනුව.
Pali BJT2873. යථාපි රම්මකො මාසො ගිම්හානං හොති බ්රාහ්මණ, අතෙවඤ්ඤොහි මාසෙහි දූමපුප්ඵෙහි සොභති.
Sinhala BJT2873. බ්‍රාහ්මණය, යම්සේ ග්‍රීෂ්මමාසයන් සම්බන්‍ධ වූ සිත්කලු වූ බක්මස සෙසු මාසවලට වඩා ගස්වල පිපි මල්වලින් ඉතා ශෝභමාන වේ ද-
Pali BJT2874. එවම්පි දහරූපෙතො පඤ්ඤායොගෙන සම්භවො, මා නං දහරොති උඤ්ඤාසි අපුච්ඡිත්වාන සම්භවං පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2874. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු අතින් විචාරා දැනගනුව.
Pali BJT2875. යථාපි හිමවා බ්රහ්මෙ පබ්බතො ගන්ධමාදනො, නානාරුක්ඛෙහි සඤ්ඡන්නො මහාභූතගණාලයො ඔසධෙහි ච දිබ්බෙහි දිසා භාති පවාති ච.
Sinhala BJT2875. බ්‍රාහ්මණය, යම්සේ, හිමෙන් යුක්ත වූ නොයෙක් වෘක්‍ෂයෙන් ගැවැසීගත්තා වූ දේවසමූහයාට වාසස්ථාන වූ ගන්‍ධමාදන පර්‍වතය දිව්‍යමය වූ ඖෂධයෙන් සියලු දිශාවන් බබුළුවා ද, සුවඳ විහිදුවා ද,
Pali BJT2876. එවම්පි දහරූපෙතො පඤ්ඤායොගෙන සම්භවො, මා නං දහරොති උඤ්ඤාසි අපුච්ඡිත්වාන සම්භවං පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2876. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද, සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතව. බ්‍රාහ්මණය, අර්‍ත්‍ථයත් ධර්‍මයත් සම්භව කුමරු අතින් විචාරා දැනගනුව.
Pali BJT2877. යථාපි පාවකො බ්රහ්මෙ අච්චිමාලී යසස්සිමා, ජලමානො වනෙ ගච්ඡෙ අනලො කණ්හවත්තතී.
Sinhala BJT2877. බ්‍රාහ්මණය, ගිනිසිළු ඇති තේජසින් යුත් කොතෙක් දර ලූවත් සෑහීමට පත් නොවන්නා වූ ගියමග කළු කරන්නා වූ ගින්න යම්සේ නම් බබළා ද-
Pali BJT2878. ඝතාසනො ධූමකෙතු උත්තමාහෙවනං දහො, නිසීථෙ{1} පබ්බතග්ගස්මිං පහූතෙධො{2} විරොචති.
Sinhala BJT2878. පූජා වශයෙන් ලූ ගිතෙල් අනුභව කරන්නා වූ ස්වකීය ධූමයෙන් ම කේතු කෘත්‍යය සිදු කරන්නා වූ උතුම් වන ලැහැබ් දවන්නා වූ බොහෝ දර දවන්නා වූ කඳුමුදුන්හි ගින්න රාත්‍රියෙහි යම්සේ බබළා ද,
Pali BJT2879. එවම්පි දහරූපෙතො පඤ්ඤායොගෙන සම්භවො, මා නං දහරොති උඤ්ඤාසි අපුච්ඡිත්වාන සම්භවං පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2879. එසේ ම ප්‍රඥා යෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතවු. බ්‍රාහ්මණය, සම්භව කුමරු අතින් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරා දැනගනුව.
Pali BJT2880. ජවෙන භද්රං ජානන්ති බලිවද්දඤ්ච{3} වාහියෙ,{4} දොහෙන ධෙනුං ජානන්ති භාසමානඤ්ච පණ්ඩිතං.
Sinhala BJT2880. ගමන් වේගයෙන් ආජානීය අශ්වයා ගැන දැනගනිත්. බර ඉසිලීමෙන් වෘෂභයා ගැන දැනගනිත්. දෙවීමෙන් ධේනුව ගැන දැනගනිත්. කථාවෙන් පණ්ඩිතයා ගැන දැනගනිත්.
Pali BJT2881. එවම්පි දහරූපෙතො පඤ්ඤායොගෙන සම්භවො, මා නං දහරොති උඤ්ඤාසි අපුච්ඡිත්වාන සම්භවං පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා අත්ථං ධම්මඤ්ච බ්රාහ්මණ.
Sinhala BJT2881. එසේ ම ප්‍රඥායෝගයෙන් යුත් සම්භව කුමරා ළදරු වූයේ ද සෙස්සන් ඉක්මවා බබළයි. සම්භව කුමරු නො විචාරා ළදරු යයි අවමන් කොට නො සිතවු. බ්‍රාහ්මණය, සම්භව කුමරා අතින් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරා දැනගනුව.
Pali BJT2882. ස්වාධිප්පාගා භාරද්වාජො සම්භවස්ස උපන්තිකං, තමද්දස මහාබ්රහ්මා කීළමානං බහීපුරෙ.
Sinhala BJT2882. භාරද්වාජ ගොත්‍රයෙහි වූ ඒ බ්‍රාහ්මණ තෙමේ සම්භව කුමරුගේ සමීපයට ගියේ ය. මහාබ්‍රාහ්මණ තෙම ගෙයින් පිටත්හි ක්‍රීඩා කරන්නා වූ ඔහු දුටුයේ යයි වදාළසේක.
Pali BJT2883. රඤ්ඤොහං පහිතො දූතො කොරව්යස්ස යසස්සිනො, අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි ඉච්චබ්රවි යුධිට්ඨිලො තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච සම්භවක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT2883. මම වනාහි යස පිරිවර ඇති කෝරව්‍ය රජු වෙතින් පිටත් කරන ලද දූතයෙම් වෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ අර්‍ත්‍ථයත් ධර්‍මයත් අසව යි කීයේ ය. සම්භව කුමාරය, මා විසින් විචාරන ලද ඔබ වහන්සේ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් කියා දෙනුමැන.
Pali BJT2884. තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාපි කුසලො තථා, රාජා ච ඛො තං ජානාති යදි කාහති වා නවා.
Sinhala BJT2884. එබැවින් ඉතා දක්‍ෂයෙක් යම්සේ ද, තොපගේ රජ තෙමේත් යම්සේ දැනගනී ද? එසේ මම තොපට කියන්නෙමි. ඉදින් කරන්නේ හෝ නො කරන්නේ හෝ වේ ද, එයින්, මට කම් නැත.
Pali BJT2885. අජ්ජ සුවෙති සංසෙය්ය රඤ්ඤා පුටෙඨා සුචීරත, මා කත්වා අවසී රාජා අත්ථෙ ජාතෙ යුධිට්ඨිලො.
Sinhala BJT2885. සුචීරත බ්‍රාහ්මණය, අද කටයුත්තක් ගැන රජු විසින් විචාරන ලද ප්‍රධාන ඇමතියෙක් සෙට යයි කියා ද, යුධිට්ඨිල ගොත්‍රයෙහි වූ රජ එබඳු කටයුත්තක් ඇති වූ කල්හි එය ප්‍රමාද කොට නො වෙසේවා.
Pali BJT2886. අජ්ඣත්තඤ්ඤෙව සංසෙය්ය රඤ්ඤා පුට්ඨො සුචීරත, කුම්මග්ගං{1} න නිවෙසෙය්ය යථා මූළ්හො අචෙතසො.
Sinhala BJT2886. සුචීරත බ්‍රාහ්මණය, රජහු විසින් විචාරන ලද්දේ අධ්‍යාත්මය පිළිබඳ අනිත්‍යතා ලක්‍ෂණය ම කියන්නේ ය. චින්තන ශක්තියක් නැති මුළා වූවෙක් යම්සේ නම්, එසේ වූ අන්‍ධානුකරණයෙන් විශ්වාස කරනු ලබන දෙසැට මිසදිටු සංඛ්‍යාත වැරදි මාර්‍ගයෙහි නො පිහිටුවන්නේ ය. දශකුශලකර්‍මපථ මාර්‍ගයෙහි පිහිටු වන්නේ ය.
Pali BJT2887. අත්තානං නාතිවත්තෙය්ය අධම්මං න සමාචරෙ, අතිත්ථෙ නප්පතාරෙය්ය{2} අනත්ථෙ න යුතො සියා.
Sinhala BJT2887. තමා ඉක්මවා නො පවත්නේ ය. හෙවත් අපායගාමී අකුසල් නො කරන්නේ ය. ත්‍රිවිධ දුශ්චරිත සංඛ්‍යාත අධර්‍මයෙහි නො හැසිරෙන්නේ ය. දෙසැට දෘෂ්ටි සංඛ්‍යාත අනර්‍ත්‍ථයෙහි නොබස්නේ ය. නිකරුණේ යමක නො යෙදෙන්නේ ය.
Pali BJT2888. යො ච එතානි ඨානානි කත්තුං ජානාති ඛත්තියො, සදා සො වඩ්ඪතෙ රාජා සුක්කපක්ඛෙව චන්දිමා.
Sinhala BJT2888. යම් රජෙක් තෙමේ මෙකී කාරණ කරන්නට දනී ද, ඒ රජ හැමකල්හි පුරපස සඳ මෙන් වැඩේ.
Pali BJT2889. ඤාතීනඤ්ච පියො හොති මිත්තෙසු ච විරොචති, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතීති.
Sinhala BJT2889. හෙ ඤාතීන්හට ද ප්‍රිය වෙයි. මිත්‍රයන් අතර ද බබළයි. ඒ ප්‍රාඥ තෙමේ ශරීරයාගේ බිඳීමෙන් පසු ස්වර්‍ගලෝකයෙහි උප්පත්තියට යේයි වදාළසේක.
Pali BJTසම්භවජාතකං.
Sinhala BJTසම්භව ජාතක යි.
Pali BJT6. මහාකපිජාතකං.
Sinhala BJT6. මහාකපි ජාතකය
Pali BJT2890. බාරාණස්සං{3} අහු රාජා කාසීනං රට්ඨවඩ්ඪනො{4}, මිත්තාමච්ච පරිබූළ්හො{5} අගමාසි මිගාජිරං{6}.
Sinhala BJT2890. බරණැස් නුවර කසී දනවු වැස්සන්ගේ රට කරන්නා වූ රජෙක් විය. සගයහළු ඇමතියන් ද පිරිවරන ලද ඒ රජ මිගාජිර නම් උයනට ගියේ ය.
Pali BJT2891. තත්ථ බ්රාහ්මණමද්දක්ඛි සෙතං චිත්රංකිලාසිනං, විද්ධසතං කොවිළාරංව කිසං ධමනිසන්ථතං.
Sinhala BJT2891. එහි ශ්වේතකුෂ්ටයෙන් සුදු වූ කබර කුෂ්ටයෙන් කැලැල් ඇති, පූයා වැගිරෙන, කසන කුෂ්ටයෙන් යුත්, පිපුණු කොබෝ ලීල ගසක් මෙන් තැනින් තැන කැඩී ගියා වූ කෘශ වූ ඉල්පී ගිය නහර ඇත්තා වූ බමුණකු දුටුයේ ය.
Pali BJT2892. පරමකාරුඤ්ඤතං පත්තං දිස්වා කිච්ඡගතං නරං, අවච බ්යම්හිතො රාජා යක්ඛානං කතමොනුසි.
Sinhala BJT2892. අතිශයින් බැගෑපත් බවට පැමිණි, දුකින් පීඩිත ඒ මිනිසා දැක විශ්මය පත් වූ රජ තෝ කිනම් යක්‍ෂයෙහි දැ? යි ඇසුවේ ය.
Pali BJT2893. හත්ථපාදා ච තෙ සෙතා තතො සෙතතරං{1} සිරො, ගත්තං කම්මාසවණ්ණන්තෙ කිලාසබහුලොවසී.
Sinhala BJT2893. නුඹගේ හස්ත පාදයෝත් ශ්වේතවර්‍ණයහ. සිරස ඊටත් වඩා සුදු ය. නුඹගේ ශරීරය තිත් සහිතය. මෙසේ නුඹ කුෂ්ට රෝග බහුල කොට ඇත්තෙහි ය.
Pali BJT2894. වට්ටනාවළිසඞ්කාසා පිට්ඨි තෙ නිනන්තුන්නතා, කාළපබ්බාව තෙ අඞ්ගා නාඤ්ඤං පස්සාමි එදිසං.
Sinhala BJT2894. තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත් ය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල්පුරුක් මෙන් වෙති. මෙබඳු අන් පුරුෂයකු නම් නොදුටු විරීමි.
Pali BJT2895. උග්ඝට්ටපාදො තසිතො කිසො ධමනිසන්ථතො, ඡාතො ආතත්තරූපොසි කුතොසි{2} කත්ථ ගච්ඡසි.
Sinhala BJT2895. නුඹ රජසින් ගැවැසීගත් පා ඇත්තෙහි ය. හටගත් උද්වෙග ඇත්තෙහි ය. කෘෂ වූයෙහි, ඉල්පුණ නහර ඇත්තෙහි, සයින් පීඩිත වූයෙහි, වියළි සිරුරු ඇත්තෙහි ය. කොහි සිට එන්නෙහි ද? කොහි යන්නෙහි ද?
Pali BJT2896. දුද්දසී අප්පකාරොසි දුබ්බණ්ණො භීමදස්සනො{3}, ජනෙත්ති යාපි තෙ මාතා න තං ඉච්ඡෙය්ය පස්සිතුං.
Sinhala BJT2896. බැලිය නොහැකි වූ, අයහපත් සටහන් ඇත්තෙහි ය. දුර්වර්‍ණ වූයෙහි බිහිසුණු දැකුම් ඇත්තෙහි ය. නුඹගේ වැදූ මව වූ යම් තැනැත්තියක් වේ ද, ඒ මව පවා තා දක්නට නො කැමැති වන්නී ය.
Pali BJT2897. කිං කම්මමකරා{4} පුබ්බෙ කිං{5} අවජ්ඣං අඝාතයි, කිබ්බිසං යං කරිත්වාන ඉදං දුක්ඛං උපාගමි.
Sinhala BJT2897. පෙර කිනම් කර්‍මයක් කෙළෙහි ද? කවර නම් අවධ්‍යයකු (වද නො කටයුත්තකු) නැසුයේ ද? යම් ඒ දරුණු කර්‍මයක් කොට මේ දුකට පැමිණියේ දැ? යි ඇසුවේ ය.
Pali BJT2898. තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාපි කුසලො තථා, සච්චවාදිං හි ලොකස්මිං පසංසන්තීධ පණ්ඩිතා.
Sinhala BJT2898. යම් හෙයෙකින් වනාහි මෙලොව සත්‍ය වචන කියන්නහුට නුවණැත්තෝ පසසත් ද, එබැවින් මම දක්‍ෂ පුරුෂයෙක් යම්සේ ද එසේ ඔබට කියන්නෙමි.
Pali BJT2899. එකො චරං ගොගවෙසෙ මූළ්හො අච්චසරිං වනෙ, අරඤ්ඤෙ ඊරිණෙ{6} විවනෙ නානාකුඤජරසෙවිතෙ.
Sinhala BJT2899. මම එකලාව ගවයන් සොයමින් ඇවිදිමින් මං මුළා වූයෙමි. අරාජක වූ, හිස් වූ විවේකයෙන් යුත් නොයෙක් හස්තීන් විසින් සේවනය කරන ලද්දාවූ හිමාලයේ මිනිස් පියස ඉක්මවා හැසුරුණෙමි.
Pali BJT2900. වාළමිගානුචරිතෙ විප්පනට්ඨොස්මි කානනෙ, අචරිං තත්ථ සත්තාහං ඛුප්පිපාසාසමප්පිතො.
Sinhala BJT2900. චණ්ඩ මෘගයන් විසින් හැසිරෙන ලද මහවනයෙහි මම මුළා වූයෙමි. එහි සත් දිනක් තිස්සේ සා පවසින් පෙළෙමින් හැසුරුණෙමි.
Pali BJT2901. තත්ථ තින්දුකමද්දක්ඛිං{7} විසමට්ඨං බුභුක්ඛිතො, පපාතම්භි ලම්බන්තං සම්පන්නඵලධාරිනං.
Sinhala BJT2901. ආහාර අනුභව කැමැති වූ මම එහි විෂම තැනෙක්හි පිහිටියා වූ ප්‍රපාතය දෙසට නැමුණු මිහිරි ඵල දරන තිඹිරි ගසක් දැක්කෙමි.
Pali BJT2902. වාතසීතානි{8} භක්ඛෙසිං තානි රුච්චිංසු මෙ භුසං, අතිත්තො රුක්ඛමාරුය්හ{9} තත්ථ හෙස්සාමි ආසිතො{10}
Sinhala BJT2902. පළමු කොට සුළඟින් වැටුණා වූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචි විය. එයින් සෑහීමකට පත් නො වූයෙම් ඒ ගසට නැඟ එහි හිඳගෙන හුන්නෙමි.
Pali BJT2903. එකම්මෙ භක්ඛිතං ආසි දුතියං අභිපත්ථිතං, තතො සා භඤ්ජථ{11} සාඛා ඡින්නා ඵරසුනා විය.
Sinhala BJT2903. මා විසින් එක ගෙඩියක් කන ලදි. දෙවන ගෙඩිය කැමැති වන ලදි. ඉන්පසු පොරොවෙන් සිඳනා ලද්දක් මෙන් ඒ ශාඛා තොමෝ බිඳුණාය.
Pali BJT2904. සොහං සහාව සාඛාහි උද්ධපාදො අවංසිරො, අප්පතිට්ඨෙ අනාලම්බෙ ගිරිදුග්ගස්මිං පාපතං.
Sinhala BJT2904. ඒ මම අතු සමඟ උඩුකුරු වූ පා ඇත්තෙම් යටිකුරු වූ හිස ඇත්තෙම් පිහිටක් ආලම්බනයක් නැති පර්‍වතදුර්‍ගයෙහි වැටුණෙමි.
Pali BJT2905. යස්මා ච වාරිගම්භීරං තස්මා න සමපජ්ජසිං,{1} තත්ථ සෙසිං නිරානන්දො අනාථො දස රත්තියො.
Sinhala BJT2905. යම් හෙයෙකින් ජලයෙන් ගැඹුරු වී ද එහෙයින් අත් පා බිඳීමට නො පැමිණියෙමි. එහි දුක්වූයෙම් පිහිටක් නැත්තෙම් දස රැයක් සයනය කෙළෙමි.
Pali BJT2906. අථෙත්ථ කපි මගඤ්ඡි ගොනඞ්ගුට්ඨො{2} දරීවරො, සාඛාහි සාඛං විචරන්තො ඛාදමානො දුමප්ඵලං.
Sinhala BJT2906. ඉක්බිති ගෙරින්ගේ වල්ග වැනි වලගක් ඇති පර්‍වතයෙහි හැසිරෙන්නා වූ වඳුරෙක් අත්තෙන් අත්තට පනිමින් ගස්වල ගෙඩි කමින් එහි පැමිණියේ ය.
Pali BJT2907. සො මං දිස්වා කිසං පණ්ඩුං කාරුඤ්ඤමකරා{3} මයි, අම්භො කොනාම සො එත්ථ එවං දුක්ඛෙන අට්ටිතො මනුස්සො අමනුස්සො වා අත්තානං මෙ පවෙදය.
Sinhala BJT2907. ඒ වඳුරා කෘශ වූ පඬුවන් මා දැක මා කෙරෙහි කුළුණු කෙළේ ය. පින්වත, මෙහි දුකින් පෙළුණා වූ හේ (මෙතෙම) කවරෙක් නම් වේ ද? මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක් ද? තමා තතු මට දන්වව.
Pali BJT2908. තස්සඤ්ජලිං පණාමෙත්වා ඉදං වචනමබ්රවිං, මනුස්සොහං බ්යසම්පත්තො{4} සා මෙ නත්ථි ඉතො ගති තං වො වදාමි{5} භද්දං වො ත්වඤ්ච මෙ සරණං භව.
Sinhala BJT2908. ඒ වඳුරාට ඇඳිලි බැඳ මේ වචනය කීයෙමි. මම වනාහි විපතට පත් මිනිසෙක්මි. මට මෙතැනින් යෑමෙක් නම් නැත. එය නුඹට කියමි. නුඹට යහපතෙක් වේවා, නුඹ ද මට පිහිට වෙවයි කීමි.
Pali BJT2909. ගරුසිලං{6} ගහෙත්වාන විචරං{7} පබ්බතෙ කපි, සිලාය යොග්ගං කත්වාන නිසභො එතදබ්රවි.
Sinhala BJT2909. වඳුරු රජ තෙම බර වූ ගලක් ගෙන ගල හා යෙදීමක් කොට පර්‍වතයෙහි හැසිරෙමින් මෙය කීයේ ය.
Pali BJT2910. එහි මෙ පිට්ඨිමාරුය්හ ගීවං ගණ්හාහි බාහුහි, අහං තං උද්ධරිස්සාමි ගිරිදුග්ගත වෙගසා.
Sinhala BJT2910. එව මගේ පිටට නගුව. දෝතින් ගෙල අල්ලා ගනුව. මම තා වේගයෙන් ගිරි දුර්‍ගයෙන් ගොඩට ගන්නෙමි යි වඳුරා කීයේ ය.
Pali BJT2911. තස්ස තං වචනං සුත්වා වානරින්දස්ස සිරීමතො, පිට්ඨිමාරූය්හ ධීරස්ස ගීවං බාහාහි අග්ගහිං.
Sinhala BJT2911. ශ්‍රීමත් වූ ඒ වඳුරු රජුගේ වචනය අසා ධෛර්‍ය්‍ය සම්පන්න වූ ඔහුගේ පිටට නැඟ දෙ අතින් ගෙල අල්ලා ගත්තෙමි.
Pali BJT2912. සො මං තතො සමුට්ඨාසි තෙජස්සී බලවා කපි, විහඤ්ඤමානො කිච්ඡෙන ගිරිදුග්ගත වෙගසා,
Sinhala BJT2912. තේජස් ඇති ශක්ති සම්පන්න වූ ඒ වඳුරා ඉතා වෙහෙසට පැමිණෙමින් දුකසේ ඒ නරකාවාටයෙන් මා වහා ගොඩ ගත්තේ ය.
Pali BJT2913. උද්ධරිත්වාන මං සන්තො නිසභො එතදබ්රවි, ඉඞ්ඝ මං සම්ම රක්ඛස්සු පස්සුපිසසං මුහුත්තකං.
Sinhala BJT2913. මා ගොඩ ගෙන වෙහෙස වූ ශ්‍රේෂ්ඨ වඳුරු තෙම මේ වචන කීයේ ය. යහළුව, මම මොහොතක් කල් නිදන්නෙමි. එබැවින් මා ආරක්‍ෂා කරව.
Pali BJT2914. සීහා ව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡයො, තෙ මං පමත්තං හිංසෙය්යුං තෙ ත්වං දිස්වා නිවාරය.
Sinhala BJT2914. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද වලස්සු ද වෘකයෝ ද යනාදි චණ්ඩ මෘගයෝ මේ වනයෙහි වෙද්ද, නිදි ගත් හෙයින් ප්‍රමත්ත වූ මා ඒ සත්‍වයෝ හිසා කෙරෙත්, නුඹ ඔවුන් දැක වළකව.
Pali BJT2915. එවං මෙ පරිත්තාතූන පස්සුපී සො මුහුත්තකං තදාහං පාපකං දිට්ඨිං පටිලච්ඡිං අයොනිසො.
Sinhala BJT2915. මෙසේ මට ආරක්‍ෂා කරන්නට කියා ඒ වඳුරු තෙම මොහොතක් නිදා ගත්තේ ය. එකල්හි නුනුවණින් මෙනෙහි කිරීමෙහි යෙදුණ මම ලාමක වූ අදහසක් ඇති කරගත්තෙමි.
Pali BJT2916. භක්ඛො අයං මනුස්සානං යථා චඤ්ඤෙ වනෙ මිගා, යන්නූනිමං වධිත්වාන ඡාතො ඛාදෙය්යං වානරං.
Sinhala BJT2916. සෙසු වන මෘගයන් මෙන් ම මෙ තෙමේ ද මිනිසුන්ගේ ආහාරය වේ. එබැවින් සා දුකින් පෙළුණෙම් මොහු මරා කන්නෙම් නම් යෙහෙකැ යි සිතුවෙමි.
Pali BJT2917. අසිතො ච ගමිස්සාමි මංසමාදාය සම්බලං, කන්තාරං නිත්ථරිස්සාමි පාථෙය්යං මෙ භවිස්සති.
Sinhala BJT2917. අනුභව කරන ලද්දේ ද මාර්ගෝපකරණ වශයෙන් මස් හැරගෙන යන්නෙමි. එහෙයින් වන කාන්තාරය එතෙර කරන්නෙමි. මට මාර්ගෝපකරණ ද වන්නේය.
Pali BJT2918. තතො සිලං ගහෙත්වාන මත්ථකං සන්නිතාළයිං, මම භත්තකිලන්තස්ස{1} පහාරො දුබ්බලො අහු.
Sinhala BJT2918. ඉන්පසු ගලක් ගෙන හිසට ගැසුවෙමි. ආහාරයෙන් ක්ලාන්ත වූ මගේ පහර දුර්‍වල විය.
Pali BJT2919. සො ච වෙගෙනුදප්පත්තො කපි රුධිරමක්ඛිතො,{2} අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදන්තො මං උදික්ඛති.
Sinhala BJT2919. වේගයෙන් නැගිට ලෙයින් වැකුණා වූ ඒ වඳුරු තෙමේ කඳුළු පිරි දෙනෙතින් හඬමින් මා දෙස බැලුවේ ය.
Pali BJT2920. මාය්යො මං කරි භද්දන්තෙ ත්වං ච නාමෙදිසං කරි, ත්වං ච ඛො නාම දීඝායු අඤ්ඤෙ වාරෙතුමරහසි.
Sinhala BJT2920. පින්වත් තෙම මට යහපතක් නො කළේ ය. නුඹ මෙබන්දක් මට කෙළෙහි ය. නුඹ ද දීර්‍ඝායු වෙහිවා, මට විපත් කරන අන්‍යයන් වළකන්නට වටනෙහි ය.
Pali BJT2921. අහො වත රෙ පුරිස තාව දුක්කරකාරක, එදිසා විසමා දුග්ගා පපාතා උද්ධතො මයා.
Sinhala BJT2921. මෙබඳු නො කළ හැක්කක් කළා වූ අසත්පුරුෂය, මා විසින් මේ දුර්‍ගම වූ ප්‍රපාතයෙන් ගොඩ නඟන ලද තෝ මෙබඳු අයුත්තක් කෙළෙහි ය.
Pali BJT2922. ආනීතො පරලොකාව දුබ්භෙය්යං මං අමඤ්ඤථ, තන්තෙන පාපධම්මෙන පාපං පාපෙන චින්තිතං.
Sinhala BJT2922. පරලොවින් ගෙනෙන ලද්දකු මෙන් නරාවළින් ගොඩ ගත්තා වූ තෝ (මා) මැරියයුතු කොට සිතුවෙහි ය. ලාමක ස්වභාව ඇති පාපී වූ තා විසින් ඒ පවිටු අදහස් සිතන ලදී.
Pali BJT2923. මා හෙව ත්වං අධම්මට්ඨ වෙදනං කටුකං ඵුසි, මාහෙව පාපකම්මන්තං ඵලං වෙළුංව තං වධි.
Sinhala BJT2923. අධර්‍මයෙහි පිහිටි තැනැත්ත, තෝ මෙබඳු කටුක වේදනාවක් ස්පර්‍ශ නො කෙරෙහි වා, තා විසින් කළ ඒ පාප කර්‍මයාගේ විපාකය හුණ ගස නසන්නා වූ ඵලය මෙන් තා නො නසාවා.
Pali BJT2924. තයි මෙ නත්ථි විස්සාසො පාපධම්මො අසසඤ්ඤතො,{*} එහි මෙ පිට්ඨිතො ගච්ඡ දිස්සමානොව සන්තිකෙ.
Sinhala BJT2924. ලාමක ස්වභාව ඇති නො හික්මුණු තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මා පිටුපස එව. ළඟ දකිමින් ම යව.
Pali BJT2925. මුත්තොසි{3} හත්ථා වාලානං පත්තොසි මානුසිං පදං, එසමග්ගො අධම්මට්ඨ තෙන ගච්ඡ යථා සුඛං.
Sinhala BJT2925. පින්වත් පුරුෂය, තෝ ව්‍යාලමෘගයන් අතින් මුදන ලද්දෙහි ය. මිනිස්පියට පැමිණියෙහි ය. අධර්මිෂ්ඨය, මේ මාර්‍ගය යි. ඒ මගින් සැපසේ යව.
Pali BJT2926. ඉදං වත්වා ගිරිචරො රුහිරං පක්ඛාල්ය{4} මත්ථකං, අස්සූනි සම්පමජ්ජිත්වා තතො පබ්බතමාරුහි.
Sinhala BJT2926. පර්‍වතචාරි වූ වඳුරු තෙම මෙසේ ප්‍රකාශ කොට මස්තකයෙහි ලේ සෝදා පියා කඳුළු පිසදමා එතැනින් පර්‍වතයට නැංගේ ය.
Pali BJT2927. සොහං තෙනාභිසත්තොස්මි පරිලාහෙන අද්දිතො,{5} ඩය්හමානෙන ගත්තෙන වාරිං පාතුං උපාගමිං.
Sinhala BJT2927. ඒ මම වඳුරු රජු විසින් සාප කරන ලද්දෙම් දැවිල්ලෙන් පෙළුණෙමි. දැවෙනු ලබන්නා වූ ශරීරයෙන් යුක්ත වැ ජලය පානය කරන්නට (එක් විලකට) ආවෙමි.
Pali BJT2928. අග්ගිනා විය සන්තත්තො රහදො රුධිරමක්ඛිතො, පුබ්බලොහිතසඞ්කාසො සබ්බො මෙ සමපජ්ජථ.
Sinhala BJT2928. මුළු විල ගින්නෙන් හුණු කරන ලද්දක් සේ ද ලෙයින් වැකී ගියාක් මෙන් ද පූයාවට හා ලෙයට සමාන ව මට වැටහුණේ ය.
Pali BJT2929. යාවන්තො උදඛින්දූනි කායස්මිං නිපතිංසු මෙ, තාවන්තො ගණ්ඩූ ජායෙථ අඩ්ඪබෙළුවසාදිසා.
Sinhala BJT2929. යම්තාක් දිය බින්‍දු මාගේ ශරීරයෙහි වැටුණාහු ද, ඒ තාක් අඩබෙලිපල පමණ බුබුළු හටගනී.
Pali BJT2930. පභින්නා පග්ඝරිංසු මෙ කුණපා පුබ්බලොහිතා, යෙන යෙනෙව ගච්ඡාමි ගාමෙසු නිගමෙසු ච.
Sinhala BJT2930. මේ ගණ්ඩයෝ කුණුවූවාහු බිඳී පූයා ලේ වැගුරුණාහ. යම් යම් මගෙකින් ගම් නියම්ගම්හි යෙම් ද–
Pali BJT2931. දණ්ඩහත්ථා නිවාරෙන්ති ඉත්ථියො පුරිසා ච මං, ඔකිණ්ණා{1} පූතිගන්ධෙන මාස්සු ඔරෙන ආගමා.
Sinhala BJT2931. එහි ස්ත්‍රීහු ද පුරුෂයෝ ද දඬුගත් අත් ඇත්තාහු කුණු ගඳින් ගැවැසීගත් හෙයින් මේ දිශාවට නො එව යි මා වළකත්.
Pali BJT2932. එතාදිසං ඉදං දුක්ඛං සත්ත වස්සානිදානි මෙ, අනුභොමි සකං කම්මං පුබ්බෙ දුක්කටමත්තනො.
Sinhala BJT2932. දැන් මාගේ මේ දුකට හවුරුදු සතක් විය. පෙර තමන්ගේ දුෂ්කෘත කර්‍මයාගේ විපාකය අනුභව කරමි.