Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3401-3500 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2743. අජ්ඣෙනානි පටිග්ගය්හ කාමෙසු ගථිතො අහං, අචරිං දීඝමද්ධානං පරෙසං අහිතායහං.
Sinhala BJT2743. පෙර ජාතීන්හි මම් වේද හදාරා කාමයන්හි ඇලුණෙම් වීමි. බොහෝ කලක් අනුන්ට අහිත පිණිස හැසිරුණෙමි.
Pali BJT2744. යො පිට්ඨිමංසිකො හොති එවං උක්කච්ච ඛාදති, යථාහමජ්ජ ඛාදාමි පිට්ඨිමංසානි අත්තනොති.
Sinhala BJT2744. යමෙක් තෙම අනුන්ගේ පිටමස් කන්නා වූ කේලාම් කියන්නෙක් වේ ද, යම්සේ මම අද තමන්ගේ පිටමස් කන්නෙම් ද මෙසේ හෙ තෙම තමාගේ පිටමස් කඩ කඩා කන්නේ යයි විමාන ප්‍රේතයා කීයේ යයි වදාළසේක.
Pali BJTකිංඡන්ද ජාතකං.
Sinhala BJTකිංඡන්‍ද ජාතක යි.
Pali BJT2. කුම්භජාතකං
Sinhala BJT2. කුම්භ ජාතකය
Pali BJT2745. කො පාතුරාසි තිදිවා නභම්භි ඔභාසයං සංවරිං චන්දිමාව, ගත්තෙහි තෙ රස්මියො නිච්ඡරන්ති සතෙරිතා{1} විජ්ජුරිවන්තලික්ඛෙ.
Sinhala BJT2745. බ්‍රාහ්මණය, නුඹ කොහි සිට පහළවූයෙහි ද? දෙව්ලොවින් අවුත් රාත්‍රිය බබුළුවන චන්‍ද්‍රයා මෙන් අහසෙහි සිටිනෙහි ය. (සිය ගණන් රැලි ඇති) සතෙරිත නම් වූ විදුලිය මෙන් නුඹගේ ශරීරයෙන් රශ්මීහු නික්මෙත්.
Pali BJT2746. සො ඡින්නවාතං කමසි{2} අඝම්භි වෙහාසයං ගච්ඡසි තිට්ඨසී ච, ඉද්ධී නු තෙ වත්ථුකතා සුභාවිතා අනද්ධගුණමපි දෙවතානං.
Sinhala BJT2746. ඒ නුඹ වාතය රහිත අහස්හි සිටිනෙහි, පයින් මඟ නොයන්නා වූ දේවතාවන්ගේ යම් ඍද්ධියක් වේ ද, ඒ ඍද්ධි තොමෝ නුඹ විසින් මනාව මඩනා ලද්දී ප්‍රතිෂ්ඨාවක් මෙන් කරන ලද්දී වෙයි.
Pali BJT2747. වෙහාසයං කමමාගම්ම තිට්ඨසි{3} කුම්භං කිණාථාති යමෙතමත්ථං, කො වා තුවං කිස්ස වතාය කුම්භො අක්ඛාහි මෙ බ්රාහ්මණ එතමත්ථං.
Sinhala BJT2747. අහසෙහි ගමන් කරමින් මෙහි අවුත් සිටිනෙහි. කළය මිල දී ගනිවු යි යම් කරුණක් කියහි ද, ඒ නුඹ කවරෙක් ද? මේ කළය කුමකින් යුක්ත ද? බ්‍රාහ්මණය, මේ කරුණ මට කියව යි සබ්බමිත්ත නම් රජ කීයේ ය.
Pali BJT2748. න සප්පිකුම්භො නපි තෙලකුම්භො න ඵාණිතස්ස න මධුස්ස කුම්භො, කුම්භස්ස වජ්ජානි අනප්පකානි දොසෙ බහූ කුම්භගතෙ සුණාථ.
Sinhala BJT2748. මහරජ, මේ කළය ගිතෙල් කළයක් නො වෙයි. තලතෙල් කළයක් ද නො වෙයි. උක්සකුරු කළයක් ද නො වෙයි. මීපැණි කළයක් ද නො වෙයි. මේ කළය පිළිබඳ නොයෙක් ආදීනවයෝ ඇත්තාහ. කළයෙහි වූ බොහෝ දෝසයන් අසවු.
Pali BJT2749. ගලෙය්ය යං පීත්වා පතෙ පපාතං සොබ්භං ගුහං චන්දනියොළිගල්ලං, බහුම්පි භුඤ්ජෙය්ය අභොජනෙය්යං තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2749. යම් සුරාවක් පානය කොට ගමන් කරන්නේ පියවරක් පාසා පෙරැළෙන්නේ ද, ප්‍රපාතයට ද, වළට ද ගුහාවට ද අපිරිසිදු මඩවළට ද ගවරවළට ද වැටෙන්නේ ද, අනුභව නො කටයුතු බොහෝ දෙයත් අනුභව කරන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
Pali BJT2750. යං වෙ පීත්වා{4} චිත්තස්මිං{5} අනෙසමානො ආභිණ්ඩතී ගොරිව භක්ඛසාදී, අනාථමානො උපගායති නච්චතී ච තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2750. යම් සුරාවක් පානය කොට තම සිතෙහි අධිපති බව නැත්තේ සුරා කසට අනුභව කරන්නා වූ ගවයකු මෙන් ඇවිදී ද, අනාථයකු මෙන් ගයන්නා වූ අනෙකකු දැක ගායනය කෙරේ ද නැටීමත් කෙරේ ද ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
Pali BJT2751. යං වෙ පීත්වා අචෙලකොව නග්ගො චරෙය්ය ගාමෙ විසිඛන්තරානි සම්මූළ්හචිත්තො අතිවෙලසායී{*} තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2751. යම්බඳු සුරාවක් පානය කොට නිර්වස්ත්‍ර තවුසකු මෙන් ගමෙහි හා වීථි අතරෙහි හැසිරේ ද, ඉතා මුළා වූ සිතැතිව බොහෝ වේලා සයනය කෙරෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
Pali BJT2752. යං වෙ පීත්වා වුට්ඨාය පවෙධමානො සීසඤ්ච බාහුඤ්ච පසාරයන්තො, සො නච්චති දාරුකටල්ලකොව තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2752. යම්බඳු සුරාවක් පානය කොට නැගිට හෙතෙම වෙවුලමින් හිස ද අත ද දිගු කරමින් දැවමුවා යන්ත්‍රරූපයක් මෙන් නටයි ද, එයින් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2753. යං වෙ පීත්වා{1} අග්ගිදඩ්ඪා සයන්ති අථො සිගාලෙහිපි ඛාදිතාසෙ, බන්ධං වධං භොගජානිඤ්චුපෙන්ති තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2753. යම් සුරාවක් පානය කොට ගින්නෙන් දැවුණක්හු (මෙන්) ශයනය කෙරෙද්ද. වැලිදු සිඟාලයන් විසිනුත් කනුලබත් ද බන්ඩනයට ද වධයට ද සම්පත් පිරිහීමට ද පත්වෙත් ද ඒ සුරායෙන් පිරුණු කළය මිල දී ගනිවු.
Pali BJT2754. යං වෙ පීත්වා භාසෙය්ය අභාසනෙය්යං සහායමාසීනො අපෙතවත්ථො, සම්මක්ඛිතො වන්තගතො ව්යසන්නො තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2754. යම්බඳු සුරාවක් පානය කොට නො කියයුත්ත කියන්නේ ද, සභායෙහි හුන්නේ පහවූ වස්ත්‍ර ඇත්තේ ද කුණු තැවරීම් සහිතව සිය වමනයෙහි ගැලුණේ ව්‍යසනයට පැමිණියේ වේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2755. යං වෙ පීත්වා උක්කට්ඨො ආවිලක්ඛො{2} මමෙව සබ්බපඨවීති{*} මඤ්ඤති, න මෙ සමො සමො චාතුරන්තොපි රාජා තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2755. යම්බඳු සුරාවක් පානය කොට මම හැමට ම වඩා උත්කෘෂ්ට වෙමි යි සිතා ද, කැළැඹුණු ඇස් ඇත්තේ ද, සියලු පෘථිවිය මාගේ යයි හඟී ද, සතර දිශාවට අධිපති රජෙක් ද මා හා සම නො වේයයි සිතා ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2756. මානාතිමානා කලහාති පෙසුනී දුබ්බණ්ණිනී නග්ගියිනී පලායිනී, චොරාන ධුත්තාන{3} ගතී නිකෙතො තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2756. යම් සුරාවක් පානය කොට මානය ඇත්තාහු අධික මානය ඇත්තාහු වෙද්ද, කලහ ඇත්තාහු කේලාම් කියන්නාහු වෙද්ද, අයහපත් වර්‍ණ ඇත්තාහු නග්න භාවය ඇත්තාහු පලායන්නෝ ද, සොරුන්ගේත් ධූර්‍තයන්ගේත් නිෂ්පත්තියට නිවාසස්ථාන වේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2757. ධඤ්ඤං ධනං රජතං ජාතරූපං ඛෙත්තං ගවං යත්ථ විනාසයන්ති, උච්ඡෙදනී විත්තවතං කුලානං තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2757. සුරාපානය කළා වූ යම් කුලයෙක්හි ධාන්‍ය ද ධනය ද රන්රිදී ද කෙත් ද ගවයෝ ද යන මේ වස්තූහු විනාශයට යෙන් ද, යමක් පොහොසත් කුලයන්ගේ විනාශය ඇති කෙරේ ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිලදී ගනිවු.
Pali BJT2758. ඉද්ධානි ඵීතානි කුලානි අස්සු අනෙකසාහස්සධනානි ලොකෙ, උච්ඡින්නදායජ්ජකතානිමාය තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2758. ලෙව්හි නොයෙක් දහස් ගණන් ධනය ඇති සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරීගියා වූ යම් කුලයෝ වූහු ද, ඒ සියල්ල මේ සුරායෙන් සිඳුණු ධනය ඇති කුල බවට පමුණුවන ලද්දේය. ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2759. යං පීත්වා දුට්ඨරූපොව පොසො අක්කොසති පිතරං මාතරඤ්ච, සස්සුම්පි ගණ්හෙය්ය අථොපි සුණ්හං තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2759. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති පුරුෂ තෙම පියාට ද මවට ද ආක්‍රෝශ කෙරේ ද, නැන්දණිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද, ලේළිය ද භාර්‍ය්‍යාව යයි සිතා අතින් අල්ලාගන්නේ ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2760. යං වෙ පීත්වා දුට්ඨ{4}රූපාව නාරී අක්කොසති සසුරං සාමිකඤ්ච, දාසම්පි ගණ්හෙ පරිචාරකම්පි තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2760. යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇති ස්ත්‍රී තොමෝ මාමාට ද ස්වාමිපුරුෂයාහට ද ආක්‍රෝශ කරන්නී ද, දාසයා ද සමීපයෙහි හැසිරෙන තැනැත්තා ද ස්වාමි පුරුෂයා යයි (කෙලෙස් වශයෙන්) ගන්නී ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2761. යං වෙ පිවිත්වාන{1} හනෙය්ය පොසො ධම්මෙ ඨිතං සමණං බ්රාහ්මණං වා, ගච්ඡෙ අපායම්පි තතො නිදානං තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2761. යම් සුරාවක් පානය කළ පුරුෂ තෙම දහම්හි හැසිරෙන ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ හිංසා කෙරේ ද, ඒ හේතුවෙන් අපායට යන්නේ ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2762. යං වෙ පීත්වා දුච්චරිතං චරන්ති කායෙන වාචාය ච චෙතසා වා, නිරයං වජන්ති දුච්චරිතං චරිත්වා තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2762. යම් සුරාවක් පානය කොට කයින් හෝ සිතින් හෝ දුසිරිත්හි හැසිරෙද්ද, දුසිරිත්හි හැසිර නිරයට යෙද්ද, ඒ සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2763. යං යාචමානා න ලභන්ති පුබ්බෙ බහුං හිරඤ්ඤම්පි පරිච්චජන්තා, සො තං පිවිත්වා අලිකං භණාති තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2763. පෙර බොහෝ වූ රන් පරිත්‍යාග කරමින් යදින්නාහු නමුත් යමකු ලවා බොරු කියැවීම නො ලබත් ද, හෙතෙම ඒ සුරාව පානය කොට බොරු කියා ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2764. යං වෙ පීත්වා පෙසනෙ පෙසයන්තො අච්චායිකෙ කරණීයම්භි ජාතෙ, අත්ථම්පි සො නප්පජානාති වුත්තො තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2764. යම් සුරාවක් පානය කොට, ඉක්මන් කටයුත්තක් ඇති කල්හි පණිවිඩ යැවිය යුතු කරුණෙක්හි ලා පණිවිඩය සඳහා යවනු ලබන්නේ (කුමක් පිණිස ආයෙහි දැ යි) විචාරන ලද්දේ කියන ලද කරුණ නොදනී ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2765. හිරීමනාපි අහිරීකභාවං පාතුං කරොන්ති මදනාය මත්තා, ධීරාපි සන්තා බහුකං භණන්ති තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2765. ලජ්ජා සහගත සිත් ඇත්තාහු ද, සුරාමදයෙන් මත්වූවාහු නිර්ලජ්ජාගතිය පහළ කෙරෙද්ද, ධීරවුවත් බොහෝ කොට බෙණෙද්ද, එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2766. යං වෙ පීත්වා එකථූපා සයන්ති අනාසකා ථණඩිලදුක්ඛසෙය්යං, දුබ්බණ්ණියං ආයසක්යඤ්චුපෙන්ති තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2766. යම් සුරාවක් පානය කොට ඌරු පැටවුන් මෙන් පහත් කුල ඇත්තවුන් සමඟත් එක්රැස් වූවාහු නිරාහාරව බිම දුකසේ සයනය කෙරෙද්ද, දුර්වර්‍ණ භාවයට හා නින්‍දාවටත් පැමිණෙත් ද, එබඳු සුරායෙන් පිරුණා වූ මේ කළය මිල දී ගනිවු.
Pali BJT2767. යං වෙ පීත්වා පත්තක්ඛන්ධා සයන්ති ගාවො කූටහතාරිව නහි වාරුණියා වෙගො නරෙන සුස්සහොරිව.
Sinhala BJT2767. ඉදින් යම් සුරාවක් පානය කොට, පාශයෙන් පෙළුණු ගවයන් මෙන් කර බාගෙන හොවිත් ද, ඒ සුරාපාන වේගය මිනිසා විසින් නො ඉසිලිය හැක්කේ ය.
Pali BJT2768. යං මනුස්සා විවජ්ජෙන්ති{2} සප්පං ඝොරවිසම්මිව, තං ලොකෙ විසසමානං කො නරො පාතාමරහති.
Sinhala BJT2768. මනුෂ්‍යයෝ යම් සුරාවක් විෂ ඝෝර සර්‍පයකු මෙන් දුරු කෙරෙද්ද. ලෝකයෙහි විෂ හා සම එය කවර මිනිසෙක් පානය කරන්නට සුදුසු වේ ද?
Pali BJT2769. යං වෙ පීත්වා අන්ධකවෙණ්හුපුත්තා සමුද්දතීරෙ පිරිචාරයන්තා, උපක්කමුං මුසලෙහඤ්ඤමඤ්ඤං තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
Sinhala BJT2769. යම් සුරාවක් පානය කොට අන්‍ධක වෙණ්හුපුත්ත නම් දසබෑ රජ දරුවෝ මුහුදු තෙර හැසිරෙන්නාහු මොහොලින් ඔවුනොවුන්ට පහර දුන්නාහු ද එබඳු සුරායෙන් පිරුණු මේ කළය මිල දී ගනිවු.
Pali BJT2770. යං වෙ පීත්වා පුබ්බදෙවා පමත්තා තිදිවා චුතා සස්සතියා සමායා, තං තාදිසං මජ්ජමිමං නිරත්ථකං ජානං මහාරාජ කථං පිබෙය්ය.
Sinhala BJT2770. ඉදින් යම් සුරාවක් පානය කොට ප්‍රමාදාපන්න වූ මායා සහිත අසුරයෝ ශාස්වත යයි සම්මත වූ (තව්තිසා) දෙව් ලොවින් චුත වූවාහු ද, මහරජ, ඒ මේ සුරාව එබඳු නිරර්‍ත්‍ථක එකෙකැයි දන්නේ (නුඹ වැන්නෙක්) කෙසේ නම් පානය කෙරේ ද?
Pali BJT2771. නයිමස්මිං කුම්භස්මිං දධි වා මධුං වා එවං අභිඤ්ඤාය කිණාහි රාජ, එවං හි මං කුම්භගතා මයා තෙ අක්ඛාතරූපං තව සබ්බමිත්ත.
Sinhala BJT2771. මහරජ, මේ කළයෙහි දී හෝ මී හෝ නො වේ යයි මෙසේ දැනගෙන මිල දී ගනුව. සබ්බමිත්ත නම් රජතුමනි, මෙසේ වනාහි මේ කළයෙහි වූ දේ ස්වභාව වශයෙන් මා විසින් නුඹට කියන ලද්දේ යැයි (බමුණු වෙසින් ආ ශක්‍රයා කීයේ ය.)
Pali BJT2772. න මෙ පිතා වා අථවාපි මාතා එතාදිසො යාදිසකො තුවංසි, හිතානුකම්පී පරමත්ථකාමො සොහං කරිස්සං වචනං තවජ්ජ.
Sinhala BJT2772. (බ්‍රාහ්මණය,) නුඹ යම්බඳු හිතානුකම්පා ඇත්තෙක් උතුම් වැඩ කැමැත්තෙක් වෙහි ද, මාගේ පියා හෝ මව හෝ මෙබඳු නො වෙයි. අද ඒ මම නුඹගේ වචනය පිළිපදිනෙමි.
Pali BJT2773. දදාමි තෙ ගාමවරානි පඤ්ච දාසීසතං සත්ත ගවං සතානි, ආජඤ්ඤයුත්තෙ ච රථෙ දසා ඉමෙ ආචරියො හොසි මමත්ථකාමො.
Sinhala BJT2773. මම නුඹට ගම්වර පසක් ද දාසීන් සියයක් ද ගවයන් සත් සියයක් ද මේ ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය දසය ද දෙමි. මට වැඩ කැමති නුඹ ඇදුරු වෙහි.
Pali BJT2774. තවෙව දාසී සතමත්ථු රාජ ගාමා ච ගාවො ච තවෙව හොන්තු. ආජඤ්ඤයුත්තා ච රථා තවෙව සක්කො හමස්මි{1} තිදසානමින්දො.
Sinhala BJT2774. මහරජ, දාසීන් සියය නුඹට ම වේවා. ගම්වර ද ගවයෝ ද නුඹට ම වෙත්වා. ආජඤ්ඤ අශ්වයන් යෙදූ රිය ද නුඹට ම වේවා. මම වනාහි දෙවියන්ට අධිපති වූ ශක්‍ර වෙමි.
Pali BJT2775. මංසොදනං සප්පිපායඤ්ච{2} භුඤ්ජ ඛාදස්සු ච ත්වං මධුමාසපූවෙ,{3} එවං තුවං ධම්මරතො ජනින්ද අනින්දිතො සග්ගමුපෙහි ඨානන්ති.
Sinhala BJT2775. මහරජ, නුඹ මාංශයෙන් යුත් බත ද ගිතෙල් හා කිරි ද වළඳව. මීයෙන් යුක්ත වූ මෑවලින් කළ කැවුම් ද අනුභව කරව. මෙසේ නුඹ ධර්‍මයෙහි ඇලුණේ නින්‍දා නො ලබන්නෙක් ව ස්වර්‍ග ලෝකයට (උප්පත්ති වශයෙන්) යව.
Pali BJTකුම්භජාතකං.
Sinhala BJTකුම්භ ජාතක යි.
Pali BJT3. ජයද්දිසජාතකං.
Sinhala BJT3. ජයද්දිස ජාතකය
Pali BJT2776. චිරස්සං වත මෙ උදපාදි අජ්ජ භක්ඛො මහා සත්තමිභත්තකාලෙ, කුතොසි කො වාසි තදිඞ්ඝ බ්රූහි ආචික්ඛ ජාතිං විදිතො යථාසි.
Sinhala BJT2776. ඒකාන්තයෙන් නිරාහාර වැ සිටිනා වූ මට සත්වැනි දිනයෙහි ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් කෑ යුතු ආහාරයක් පහළ විය. තෙපි කොහි සිට ආවහු ද කවරෙක් හෝ වවූ ද එය යම්සේ මම් දන්නා ලද්දෙම් වෙම් ද එසේ තොපගේ ජාතිය කියව.
Pali BJT2777. පඤ්චාලරාජා මිගවං පවිට්ඨො{1} ජයද්දිසො නාම යදිස්සුතො තෙ, චරාමි කච්ඡානි වනානි චාහං පසදිමං{2} ඛාද මමජ්ජ මුඤ්ච.
Sinhala BJT2777. මුව දඩයමට පිවිසියා වූ ජයද්දිස නම් වූ පංචාල රජ තොප විසින් අසන ලද්දේ ද ඒ මම පර්‍වත පාර්‍ශවයන්හි ද වනයන්හි ද හැසිරෙමි. මේ පසදමෘගයා අනුභව කරව. අද මා මුදවයි ජයද්දිස රජ තෙම කීයේ ය.
Pali BJT2778. සෙනෙව ත්වං පණසි සස්සමානෙ{3} මමෙසො භක්ඛො පසදො යං වදෙසි, තං ඛාදියාන පසදං ජිඝඤ්ඤං{*} ඛාදිස්සං පච්ඡා න විලාපකාලො.
Sinhala BJT2778. මා විසින් හිංසා කරනු ලබන තෙපි මා සතු දෙයින් ම තමා විකුණාගන්නහු යැ. තා පළමු අනුභව කොට අනුභව කරනු කැමැති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැලැපීමට කාලය නො වේ යයි යක්‍ෂ තෙම කීයේ ය.
Pali BJT2779. න චත්ථි මොක්ඛො මම වික්කයෙන{4} ගන්ත්වාන පච්ඡා ගමනායපණ්හෙ, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛි පුනරාවජිස්සං.
Sinhala BJT2779. ඉදින් මට ගනුදෙනුවෙන් මිදීමෙක් නැද්ද, එහෙයින් ගොස් බමුණාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරළා ඊමට ප්‍රතිඥා ගනුව. සත්‍යවචනය රක්නෙම් නැවත මෙහි එන්නෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2780. කිං කම්මජාතං අනුතප්පතී තං{5} පත්තං සමීපං මරණස්ස රාජ, ආචික්ඛ මෙ තං අපි සක්කුණෙමු අනුජානිතුං ආගමනාය පණ්හෙ.
Sinhala BJT2780. මහරජ, මරු සමීපයට පැමිණි තොප කිනම් කර්‍මයක් තවා ද? හෙට උදෑසන ඊමට හැක්කහු නම්, අවසර දෙන්නට හැක්කෙමු. එය මට කියව යි කීයේ ය.
Pali BJT2781. කතා මයා බ්රාහ්මණස්ස ධනාසා තං සඞ්ගරං පටිමොක්ඛං{6} න මුත්තං, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛී පුනරාවජිස්සං.
Sinhala BJT2781. මා විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් කරන ලද්දී නම්, එය මා විසින් නොමුදන ලදී. ඒ පොරොන්දුව බ්‍රාහ්මණයාහට දී සත්‍යවචනය රකිමින් නැවත පෙරළා එන්නෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2782. යං තෙ කතා බ්රාහ්මණස්ස ධනාසා තං සඞ්ගරං පටිමොක්ඛං න මුත්තං, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛී පුනරාවජස්සු.
Sinhala BJT2782. තොප විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් ඇති කරන ලද්දී නම් ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේ ය. බ්‍රාහ්මණයාහට ඒ පොරොන්දු ධනය දී සත්‍ය රක්නේ නැවත පැමිණෙව යි යක්‍ෂ තෙම කීයේ ය.
Pali BJT2783. මුත්තො ච සො පුරිසාදස්ස හත්ථා ගන්ත්වා සකං මන්දිරං කාමකාමී, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය ආමන්තයී පුත්ත මලීනසත්තං.{7}
Sinhala BJT2783. කාමයන් කැමැති හෙ පොරිසාදයාගේ අතින් මිදුණේ සිය මැදුරට ගොස් ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාහට දී අලීනසත්ත නම් පුත් කුමරු කැඳවූයේ ය.
Pali BJT2784. අජ්ජෙව රජ්ජං අභිසෙචයස්සු ධම්මඤ්ච රට්ඨෙසු ජනෙසු චාපි,{8} අධම්මකාරො ච තෙ මාහු රට්ඨෙ ගච්ඡාමහං පොරිසාදස්ස ඤත්තෙ.
Sinhala BJT2784. පුත්‍රය, අද ම රාජ්‍යයෙහි අභිසේක වෙව. රටවැසියන් කෙරෙහි ද ජනයන් කෙරෙහි ද දැහැමින් රාජ්‍යය කරව. තොපගේ රටෙහි අධර්‍මයෙන් රාජ්‍යය කිරීමෙක් නම් නො වේවා, මම පොරිසාදයාගේ සමීපයට යමි.
Pali BJT2785. කිං කම්ම කුබ්බං තව දෙව පාදෙ නාරාධයිං තදිච්ඡාමි සොතුං, යමජ්ජ රජ්ජම්භි උදසසයෙ ත්වං. රජ්ජම්පි න ඉච්ඡෙය්යං{1} තයා විනා අහං.
Sinhala BJT2785. දේවයන් වහන්ස, නුඹ වහන්සේට කිනම් කර්‍මයක් කරමින් සතුටු නො කෙළෙම් ද? යම් හෙයකින් අද නුඹ මා රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙහි ද, එය අසන්නට කැමැත්තෙමි. නුඹ වහන්සේගෙන් වෙන් ව මම රාජ්‍යය ද නො කැමැත්තෙමී කුමාරයා කීයේ ය.
Pali BJT2786. න කම්මුනා වා වචසාව තාත අපරාධිතොහං තුවියං සරාමි, සන්ධිඤ්ච කත්වා පුරිසාදකෙන සච්චානුරක්ඛී පුනහං ගමිස්සං.
Sinhala BJT2786. පුත්‍රය, මම නුඹගේ ක්‍රියාවකින් හෝ වචනයෙකින් හෝ සිදු වූ අපරාධයක් සිහි නො කරමි. මම පෝරිසාදයා සමග පොරොන්දුවක් වී ආයෙමි. සත්‍යය රක්නෙම් නැවත මම එහි යන්නෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2787. අහං ගමිස්සාමි ඉධෙව හොහි නත්ථි තතො ජීවතො විප්පමොක්ඛො, සචෙ තුවං ගච්ඡසියෙව රාජ අහම්පි ගච්ඡාමි උභො න හොම.
Sinhala BJT2787. පියාණන් වහන්ස, මම යන්නෙමි. නුඹ වහන්සේ මෙහි ම වුව මැනැවි. ඒ පෝරිසාදයා කෙරෙන් ජීවත්වන්නහුගේ මිදීමෙක් නම් නැත්තේ ය. ඉදින් නුඹ යන්නෙහි ම නම් මම ද යන්නෙමි. එසේ ඇති කල්හි අපි දෙදෙනා ම නො වන්නෙමු යි කුමාර තෙම කීයේ ය.
Pali BJT2788. අද්ධා හි තාත සතානෙස ධම්මො මරණා ච මෙ දුක්ඛතරං තදස්ස, කම්මාසපාදො තං යදා පචිත්වා පසය්හ ඛාදෙ භිදා රුක්ඛ{2}සූලෙ.
Sinhala BJT2788. පුත්‍රය, මෙය ඒකාන්තයෙන් ම සත්පුරුෂයන්ගේ ස්වභාවය වේ. එසේ වුවත් යම් දවසක කම්මාසපාද නම් වූ පෝරිසාද තෙම තියුණු හුලින් ඇන පලහා නුඹ කන්නේ ද එය මට මරණයටත් වඩා දුකෙකැ යි රජ තෙම කීයේ ය.
Pali BJT2789. පාණෙන තෙ පාණමහං නිමිස්සං මා ත්වමගා පොරිසාදස්ස ඤත්තෙ, එතඤ්ච තෙ පාණම්හං නිමිස්සං තස්මා මතං ජීවිතස්ස වරෙමි.{3}
Sinhala BJT2789. පිය රජ්ජුරුවෙනි, මම නුඹවහන්සේගේ පණින් මාගේ පණ පරිවර්‍තනය කරන්නෙමි. නුඹ වහන්සේ පොරිසාදයාගේ ළඟට නො යන සේක්වා, යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රාණය හා මාගේ ප්‍රාණය මාරු කරන්නෙමි, යන යමෙක් වේද එහෙයින් මම ජීවත්වීමට වඩා මරණය කැමැත්තෙමි යි කීයේ ය.
Pali BJT2790. තතො හවෙ ධිතිමා රාජපුත්තො වන්දිත්ථ මාතුච්ච පිතුච්ච පාදෙ, දුඛිනිස්ස මාතා නිපතී පථබ්යා{4} පිතස්ස පග්ගය්හ භුජානි කන්දති.
Sinhala BJT2790. ඉන්පසු ඒකාන්තයෙන් ධෛර්‍ය්‍යවත් රාජපුත්‍ර තෙමේ මවගේ ද පියාගේ ද පා වැන්දේ ය. මොහුගේ මවු තොමෝ දුක් ඇත්තී බිම ඇද වැටුණීය. මොහුගේ පිය තෙම අත් බැඳගෙන හඬයි.
Pali BJT2791. තං ගච්ඡන්තං තාව පිතා විදිත්වා පරම්මුඛො වන්දති පඤ්ජලීකො{5}, සොමො ච රාජා වරුණො ච රාජා පජාපතී චන්දිමා සුරියො ච එතෙහි ගුත්තො පුරිසාදකම්හා අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි තාත.
Sinhala BJT2791. පළමු කොට පියරජ තෙමේ යන්නා වූ ඔහු දන ඇඳිලිබැඳගත්තේ වඳියි. පුත්‍රය, සෝම දෙව්රජ ද වරුණ දෙව්රජ ද මහබඹහු ද සඳ ද හිරු ද, යන මේ දෙවියන් විසින් රක්නා ලද නුඹ පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දේ සුවසේ පෙරළා පැමිණෙත්වා යි ආශංසනය කෙළේ ය.
Pali BJT2792. යං දණ්ඩකාරඤ්ඤගතස්ස මාතා රොමස්සකා{6} සොත්ථානං සුගුත්තා තන්තෙ අහං සොත්ථානං කරොමි එතෙන සච්චෙන සරන්තු දෙවා. අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි පුත්ත.
Sinhala BJT2792. දණ්ඩකාරණ්‍යයට ගියා වූ රාම නම් තැනැත්තහුට මනාව රක්නා ලද ඔහුගේ මව යම්බඳු සුවයක් කළා ද, ඒ සුවය මම අද නුඹට කරමි. පුත්‍රය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කරත්වා, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි මව සත්‍යත්ක්‍රියා කළා ය.
Pali BJT2793. ආවී රහො වාපි මනොපදොසං නාහං සරෙ ජාතුමලීනසත්තෙ, එතෙන සච්චෙන සරන්තු දෙව අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි භාත.
Sinhala BJT2793. අලීනසත්තු නම් මාගේ සහෝදරයා ඉදිරියෙහි හෝ රහසින් හෝ කළ සිත් වේදනාවක් ඒකාන්තයෙන් මම සිහි නොකරමි. සහෝදරය, මේ සත්‍යය කරණකොට ගෙන දෙවියෝ සිහි කෙරෙත්වා, සහෝදරය, පෝරිසාදයාගෙන් අවසර ලද්දෙහි සුවසේ පෙරළා එවයි නැගණිය සත්‍යක්‍රියා කළා ය.
Pali BJT2794. යස්මා ච මෙ අනධිමනොසි සාමි නචාපි මෙ මනාස අප්පියොසි, එතෙන සච්චෙන සරන්තු දෙවා අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි සාමි.
Sinhala BJT2794. මාගේ ස්වාමී වූ අලීනසත්තු කුමාරයාණෙනි, යම්හෙයෙකින් නුඹ වහන්සේ මා නො ඉක්මවාලූ සිත් ඇත්තහු ද එසේ ම මාගේ සිතින් ද නුඹ වහන්සේ අප්‍රිය නොවනු ද, මේ සත්‍යයෙන් දෙවියෝ සිහි කෙරෙත්වා, පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දහු සුවසේ පෙරළා පැමිණෙත්වා යි අගමෙහෙසිය සත්‍යක්‍රියා කළා ය.
Pali BJT2795. බ්රහා උජූ චාරුමුඛො කුතොසි න මං පජානාසි වනෙ වසන්තං, ලුද්දඤ්ච මං ඤත්වා පුරිසාදකොති කො සොත්ථිමාජානමිධාවජෙය්ය.
Sinhala BJT2795. මහත් වූ ඍජු වූ මනෝඥ වූ මුහුණක් ඇති නුඹ කොයි සිට ආයෙහි ද? වනයෙහි වසන්නා වූ මා ගැන නො දන්නෙහි ද? රෞද්‍ර වූ මා පුරුෂයන් කන්නෙකැයි දන්නා කවරෙක් නම් සුව පතා මෙහි එන්නේ ද?
Pali BJT2796. ජානාමි ලුද්ද පුරිසාදකො ත්වං න තං න ජානාමි වනෙ වසන්තං, අහඤ්ඤච පුත්තොස්මි ජයද්දිසස්ස මමජ්ජ ඛාද පිතුනො පමොක්ඛා.
Sinhala BJT2796. රෞද්‍ර වූ තැනැත්ත, නුඹ පුරුෂයන් කන්නෙකැ යි මම දනිමි. වෙනෙහි වෙසෙන්නා වූ නුඹ ගැන නො දන්නෙම් නොවෙමි. මම් වනාහි ජයද්දිස රජුගේ පුත්‍ර වෙමි. පියාගේ මිදීම හේතු කොටගෙන අද මා කව යි අලීනසත්තු කුමාරයා කීයේ ය.
Pali BJT2797. ජානාමි පුත්තොති ජයද්දිසස්ස තථාහි වො මුඛවණ්ණො උභින්නං, සුදුක්කරඤ්ඤෙව කතං තවෙදං යො මත්තුමිච්ඡෙ{1} පිතුනො පමොක්ඛො.
Sinhala BJT2797. නුඹ වහන්සේ ජයද්දිස රජුගේ පුත්‍රයා යයි දනිමි. තමුන්නාන්සේලා දෙදෙනාගේ ම මුඛවර්‍ණය එකාකාර ය. යමෙක් පියාගේ මිදීම හේතු කොට ගෙන මරණයට කැමැති වේ නම්, මෙය නුඹ විසින් කරන ලද ඉතා දුෂ්කර දෙයකි.
Pali BJT2798. න දුක්කරං කිඤ්චිමහෙත්ථ මඤ්ඤෙ යො මත්තුමිච්ඡෙ පිතුනො පමොක්ඛා, මාතුච්ච{2} හෙතු පරලොකගම්යා{3} සුඛෙන සග්ගෙන ච සම්පයුත්තො.
Sinhala BJT2798. යමෙක් පියාගේ මිදීම් හේතු කොට ගෙන හෝ මවගේ මිදීම හේතු කොට ගෙන හෝ මරණයට කැමැති වන්නේ නම්, හෙතෙම පරලොව ගොස් ස්වර්‍ගයෙහි වූ සැපයෙන් යුක්ත වේ. එහෙයින් මෙහි ලා කිසි දුෂ්කරයක් ගැන නො හඟිමි යි කුමාර තෙමේ කීයේ ය.
Pali BJT2799. අහඤ්ච ඛො අත්තනො පාපකිරියං ආවී රහො චාපි සරෙ න ජාතු. සඞ්ඛාතජාතිමරණොහමස්මි යථෙව මෙ ඉධ තථා පරත්ථ.
Sinhala BJT2799. මම ද වනාහි ඉදිරියෙහි හෝ රහසිගත ව හෝ කිසිවිටෙකැ තමන්ගේ පාපක්‍රියාවක් සිහි නො කරමි. මම නුවණින් පිරිසිඳින ලද ජාති මරණ ඇත්තෙම් වෙමි. මට මේ ලෝකයෙහි යම්සේ ද පරලොව ද එසේම ය.
Pali BJT2800. ඛාදජ්ජ මංදානි මහානුභාව කරස්සු කිච්චානි ඉමං සරීරං, රුක්ඛස්ස වතෙ පපතාමි අග්ගා ඡාදයමානො මය්හං ත්වමදෙසි මංසං.
Sinhala BJT2800. මහත් අනුභාව ඇත්ත, අද මා අනුභව කරව. මේ ශරීරයෙන් කළයුතු වැඩ කරව. ගස් කෙළවරකින් හෝ තා පිණිස මම වැටෙමි. කැමති වන්නෙහි නුඹ මාගේ මස් අනුභව කරව යි කුමාර තෙම කීයේ ය.
Pali BJT2801. ඉදඤ්ච තෙ රුච්චති රාජපුත්ත චජාසි පාණං පිතුනො පමොක්ඛා, තස්මාතිහ ත්වං{1} තරමානරූපො සම්භඤ්ජ කට්ඨානි ජලෙහි අග්ගිං.
Sinhala BJT2801. රාජපුත්‍රය, නුඹ පියාගේ මිදීම කැමැත්තෙහි ප්‍රාණය හරනෙහි. එහෙයින් නුඹ වහා හර ඇති දර ගෙනවුත් ගිනි දල්වව.
Pali BJT2802. තතො හවෙ ධිතිමා රාජපුත්තො දාරූ{2} සමාහත්ව{3} මහන්තමග්ගිං, ආදීපයිත්වා{4} පටිවෙදයිත්ථ ආදීපිතොදානි මහායමග්ගි.
Sinhala BJT2802. ඉන්පසු නුවණැති රාජපුත්‍ර තෙමේ දර රැස්කොට මහත් වූ ගින්නක් දල්වා දැන් මේ මහගින්නක් මා විසින් දල්වන ලද්දේ යයි දැන්වී ය.
Pali BJT2803. ඛාදජ්ජ මං දානි පසය්හකාරි කිං මං මුහුං පෙක්ඛසි හටඨලොමො, තථා තථා තුය්හමහං කරොමි යථා යථා මං ඡාදයමානො{5} අදෙසි.
Sinhala BJT2803. බලාක්කාරකම් කරන ස්වභාවය ඇති තැනැත්ත, අද දැන් මා අනුභව කරව. ලොමුදහගත්තේ කුමක් නිසා මා දෙස නැවත නැවත බලන්නෙහි ද? යම් යම් පරිද්දෙකින් කැමැති වන්නෙහි මා අනුභව කරන්නෙහි ද? ඒ ඒ පරිද්දෙන් නුඹගේ වචනය මම කරමි යි කුමාර තෙම කීයේ ය.
Pali BJT2804. කො තාදිසං අරහති ඛාදිතායෙ ධම්මෙ ඨිතං සච්චවාදිං වදඤ්ඤුං, මුද්ධාපි තස්ස විඑලෙය්ය සත්තධා යො තාදිසං සච්චවාදිං අදෙය්ය.
Sinhala BJT2804. ධර්‍මයෙහි පිහිටි සත්‍ය වචන ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ නුඹ වැන්නකු අනුභව කරන්නට කවරෙක් නම් සුදුසු වේ ද? යමෙක් නුඹ වැනි සත්‍ය වචන ඇත්තකු අනුභව කරන්නේ නම් ඔහුගේ මුදුන ද සත්කඩක් වැ පැළෙන්නේ යයි පෝරිසාදයා කීයේ ය.
Pali BJT2805. ඉදං හි සො{*} බ්රාහ්මණං{6} මඤ්ඤමානො සසො අවාසෙසි සකෙ සරීරෙ, තෙනෙව සො චන්දිමා දෙවපුත්තො සසත්ථුතො කාමදුහජ්ජ යක්ඛ.
Sinhala BJT2805. මේ වනාහි සස පණ්ඩිත තෙම බ්‍රාහ්මණයෙකැ යි හඟිමින් ස්වකීය ශරීරමාංශය දීම පිණිස බමුණා වාසය කරවී ද යක්‍ෂය, එහෙයින් ම ඒ චන්‍ද්‍රදිව්‍යපුත්‍ර තෙම සසලාඤ්ජන සහිත වූයේ ප්‍රසිද්ධ වැ ප්‍රේම වර්ධනය කරන්නේය යි කීයේ ය.
Pali BJT2806. චන්දො යථා රාහුමුඛා පමුත්තො විරොචතෙ පණ්ණරසෙව භානුමා, එවං තුවං පොරිසාදා පමුත්තො විරොච කම්පිල්ල මහානුභාව, ආමොදයං පිතරං මාතරඤ්ච සබ්බො ච තෙ නන්දතු ඤාතිපක්ඛො.
Sinhala BJT2806. යම්සේ රාහුමුඛයෙන් මිදුණු පසළොස්වක්හි චන්‍ද්‍ර තෙම බබළා ද, යම්සේ සූර්‍ය්‍යයා බබළා ද, එපරිද්දෙන් මහත් අනුභාව ඇති කුමාරය, පෝරිසාදයාගෙන් මිදුණා වූ නුඹ පියා ද මව ද සතුටු කරමින් කම්පිල්ල දේශය බබළව. නුඹගේ සියලු නෑ පිරිවර ද සතුටුවේවා, (යී පෝරිසාදයා පවසා මහසත්හු පිටත් කෙළේ ය.)
Pali BJT2807. තතො හවෙ ධිතිමා රාජපුත්තො කතඤ්ජලී පරියගා{7} පොරිසාදං, , අනුඤ්ඤාතො සොත්ථි සුඛී අරොගො පච්චාගමා කම්පිල්ලමලීනසත්තො.
Sinhala BJT2807. ඉක්බිති ප්‍රාඥ වූ අලීනසත්ත රාජපුත්‍ර තෙම පෝරිසාදයාට කළ ඇඳිලි ඇත්තේ පෙරළා ගියේ ය. පෝරිසාදයා විසින් අනුදන්නා ලද කුමාර තෙම සුව ඇත්තේ නීරෝග වූයේ කම්පිල්ල දේශයට සුවසේ ගියේ ය.
Pali BJT2808. තං නෙගමා ජානපදා ච සබ්බෙ හත්ථාරොහා රථිකා පත්තිකා ව, නමස්සමානා පඤ්ජලිකා උපාගමුං නමත්ථු තෙ දුක්කරකාරකොසීති.
Sinhala BJT2808. නියම්ගම් වැස්සෝ ද දනව් වැස්සෝ ද ඇතරුවෝ ද රථ සෙනඟ ද පාබළ සෙනඟ ද යන සියල්ලෝ ම බැදැඳිලි ඇත්තාහු (නමස්කාර කරමින්) නුඹ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නෙක් වන්නහු ය. නුඹ වහන්සේට නමස්කාර වේවා යි කියමින් එළඹියාහ.
Pali BJTජයද්දිසජාතකං.
Sinhala BJTජයද්දිස ජාතක යි.
Pali BJT4. ඡද්දන්තජාතකං
Sinhala BJT4. ඡද්දන්ත ජාතකය
Pali BJT2809. කින්නු සොචසි අනුච්චඞ්ගී පණ්ඩූසි වරවණ්ණිනි, මිලායසි විසාලක්ඛි මාලාව පරිමද්දිතා.
Sinhala BJT2809. රන්වන් සිරුර ඇත්තිය. කුමක් නිසා ශෝක කරහි ද? උතුම් ශරීරවර්‍ණ ඇත්තිය, කුමක් නිසා පඬුවන් වෙහි ද? විශාල වූ ඇස් ඇත්තී ය, අතින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මලානික වෙහි දැ? යි රජ ඇසී ය.
Pali BJT2810. දොහළො මෙ මහාරාජ සුපිනන්තෙනුපච්චගා, න සො සුලභරූපොව යාදිසො මම දොහළො.
Sinhala BJT2810. මහරජ, මට සිහිනෙන් දොළෙක් හටගත්තේ ය. මගේ යම්බඳු ඒ දොළෙක් නම්, එය සන්හිඳුවීම පහසු නැතැ යි බිසොව කීවා ය.
Pali BJT2811. යෙ කෙචි මානුසා කාමා ඉධ ලොකස්මිං නන්දනෙ, සබ්බෙ තෙ පචුරා මය්හං අහන්තෙ දම්මි දොහළං.
Sinhala BJT2811. එම්බා නන්‍දනිය, මිනිසුන් පිළිබඳ වූ යම්කිසි කාම සම්පත්ති කෙනෙක් මෙලොව ඇද්ද? ඒ සියල්ල මට ඉතා සුලභ ය. මම තීගේ දොළ දෙමි යි රජ තෙම කීය.
Pali BJT2812. ලුද්දා ද්වෙ සමායන්තු යෙ කෙචි විජිතෙ තව, එතෙසං අහමක්ඛිස්සං යාදිසො මම දොහළො.
Sinhala BJT2812. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ රටෙහි වැද්දෝ පැමිණෙත්වා, මාගේ යම්බඳු වූ දොළෙක් වේ ද, එය ඔවුන්ට මම කියන්නෙමි.
Pali BJT2813. ඉමෙ තෙ ලුද්දකා දෙවි කතහත්ථා විසාරදා, වනඤ්ඤු ච මිගඤ්ඤූ ච මමත්ථෙ චත්තජීවිතා.
Sinhala BJT2813. එම්බා දේවිය, ඒ මේ වැද්දෝ කෘතහස්තතා ඇති නිර්‍භය වූවෝ වෙති. වනය දන්නෝ ද මුවන් දන්නෝ ද වෙති. මා සඳහා හරනලද දිවි ඇත්තෝ ද වෙත්.
Pali BJT2814. ලුද්දපුත්තා නිසාමෙථ යාවන්තෙත්ථ සමාගතා, ඡබ්බිසාණං ගජං සෙතං අද්දසං සුපිනෙ අහං, තස්ස දන්තෙහි මෙ අත්ථො අලාභෙ නත්ථි ජීවිතං.
Sinhala BJT2814. මෙහි යම්තාක් වැදි පුත්‍රයෝ රැස්වූවාහු ද? ඒ සියල්ලෝ මා කියන කරුණ අසවු. මම ස්වප්නයෙහි ෂඩ්වර්‍ණ දළ ඇති ශ්වේත වර්‍ණ ඇතකු දිටිමි. උගේ දළවලින් මට ප්‍රයෝජන ඇත්තේ ය. එය නො ලැබීමෙහි මාගේ ජීවිතය නැතැ යි දේවී කීවා ය.
Pali BJT2815. න නො පිතූනං න පිතාමහානං දිට්ඨො සුතො කුඤ්ජරො ඡබ්බිසාණො, යමද්දසා සුපිනෙ රාජපුත්ති අක්ඛාහි නො යාදිසො හත්ථිනාගො.
Sinhala BJT2815. එම්බා දේවිය, අපගේ මවුපියන් විසින් ද මුත්තණුවන් විසින් ද ෂඩ්වර්‍ණ දළ ඇති ඇතෙක් දක්නා ලද බවක් නො මැ අසන ලද. රාජපුත්‍රිය, ස්වප්නයෙහි දී යම්බඳු ඇතකු දැක්කෙහි නම්, ඒ ඇතා යම්සේ නම් එය අපට කියව.
Pali BJT2816. දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධො දසදිසා ඉමායො, කතමං දිසං තිට්ඨති නාගරාජා යමද්දසා සුපිනෙ ඡබ්බිසාණං.
Sinhala BJT2816. ෂඩ්වර්‍ණ දළ ඇති යම්බඳු ඇතකු ස්වප්නයෙහි දැක්කා නම් සතර දිගය සතර අනුදිග ය උඩ ය යට ය යන මේ දස දිගුන් අතර කවර නම් දිසාවෙක්හි ඒ ඇත්රජ සිටී දැයි වැද්දෝ ඇසූහ.
Pali BJT2817. ඉතො උජුං උත්තරියං{1} දිසායං අතික්කම්ම සො සත්ත ගිරී බ්රහන්තෙ, සුවණ්ණපස්සො නාම ගිරී උළාරො සුපුප්ඵිතො කිම්පුරිසානුචිණ්ණො.
Sinhala BJT2817. මොබින් උතුරු දිශාවෙහි කෙළින් මහත් පර්‍වත සතක් ඇත. එයින් සයක් ඉක්ම ගියතැන කිඳුරන්ගෙන් ගැවැසීගත්තා වූ මනාව පිපීගිය ස්වර්‍ණ පාර්ශ්ව නම් මහත් වූ පර්‍වතයෙක් වෙයි.
Pali BJT2818. ආරුය්හ සෙලං භවනං කින්නරානං ඔලොකය පබ්බතපාදමූලං, අථ දක්ඛසි මෙඝසමානවණ්ණං නිග්රොධරාජං අට්ඨසහස්සපාදං.{2}
Sinhala BJT2818. කිඳුරන්ගේ වාස භවනය වූ ඒ පර්‍වතයට නැඟී පර්‍වත පාදයාගේ මුල බලව. එවිට මේඝයට සමාන වර්‍ණ ඇති අටදහසක් මුල් ඇති නුගගසක් දක්නෙහි ය.
Pali BJT2819. තත්ථච්ඡති කුඤ්ජරො ඡබ්බිසාණො සබ්බසෙතො දුප්පසෙහො පරෙහි, රක්ඛන්ති නං අට්ඨසහස්සනාගා ඊසාදන්තා වාතජවප්පහාරිනො.
Sinhala BJT2819. එහි ෂඩ්වර්‍ණ දළ ඇති තනි සුදු පැහැයෙන් යුත් අන්‍යයන් විසින් මැඩලිය නො හැකි ඇත්රජ හිඳියි. රිය හිසකට සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නා වූ අටදහසක් ඇත්හු ඒ ඇතු ආරක්‍ෂා කෙරෙත්.
Pali BJT2820. තිට්ඨන්ති තෙ තුමුලං පස්සසන්තා කුප්පන්ති වාතස්සපි එරිතස්ස, මනුස්සභූතං පන තත්ථ දිස්වා භස්මං කරෙය්යුං නාස්ස රජොපි තස්සාති.
Sinhala BJT2820. ඒ ඇත්හු බිහිසුණු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. කම්පා වූ වාතයට ද කිපෙත්. එහි දී මිනිස් වූවකු දැක අළු කරන්නාහ. ඔහුගේ ධූලි ද ඉතිරි නො වන්නේය යි දේවී තොමෝ කීවා ය.
Pali BJT2821. බහූ හි මෙ රාජකුලම්භි සන්ති පිළන්ධනා ජාතරූපස්ස දෙවි, මුත්තා මණීවෙළුරියාමයා ච කිං කාහසි දන්තපිළන්ධනෙන, මාරෙතුකාමා කුඤ්ජරං ඡබ්බිසාණං උදාහු ඝාතෙස්සසි ලුද්දපුත්තෙ.
Sinhala BJT2821. එම්බා දේවීනි, මේ රජකුලයෙහි රන්මුවා පළඳනාවෝ ද මුතු මැණික් වෙරළු මිණිමුවා බොහෝ පළඳනාවෝ ද ඇත්තාහ. දළ පැළඳුමෙන් කවරක් කරන්නට ද? ෂඩ්වර්‍ණ දළැති ඇතු මරවනු කැමැත්තී වෙහි. නො එසේ නම් වැදි පුත්‍රයන් නස්වනු කැමැත්තෙහි දැ? යි වැදි පුත්‍රයා ඇසී ය.
Pali BJT2822. සා ඉස්සිතා දුක්ඛිතා චස්මි ලුද්ද උද්ධඤ්ච සුස්සාමි අනුස්සරන්තී, කරොහි මෙ ලුද්දක එතමත්ථං දස්සාමි තෙ ගාමවරානි පඤ්ච.
Sinhala BJT2822. වැදි පුත්‍රය, ඒ මම හටගත් ඊර්‍ෂ්‍යයා ඇත්තී දුකින් පෙළුණීම් ද වෙමි. එය සිහි කරමින් මම මත්තෙහි ද සුසුම් ලන්නෙමි. වැදි පුත්‍රය, මාගේ මේ කාරණය කරව. තට ගම්වර පසක් ද දෙන්නෙමි යි දේවිය කීවා ය.
Pali BJT2823. කත්ථච්ඡති කත්ථමුපෙති ඨානං වීථිස්ස කා නහානගතස්ස හොති, කථඤ්හි සො නහායති නාගරාජා කථං විජානෙමු ගතිං ගජසස.
Sinhala BJT2823. දේවීනි, ඒ හස්තිනාග තෙම කොතනක වෙසේ ද? කිනම් තැනක සිටීමට පැමිණියේ ද? නෑමට ගියා වූ ඔහුගේ ගමන් මාර්‍ගය කවරෙක් ද? හේ කෙසේ ස්නාන කෙරේ ද? ඇතුගේ ගතිය (පිළිවෙළ) කෙසේ නම් දැනගනිමු දැ යි වැදි තෙම ඇසුවේ ය.
Pali BJT2824. තත්ථෙව සා පොක්ඛරණී අදූරෙ රම්මා සුතිත්ථා ච මහොදිකා ච, සම්පුප්ඵිතා භමරගණානුචිණ්ණා එත්ථ හි සො නහායති නාගරාජා.
Sinhala BJT2824. ඒ වාසස්ථානයෙහි ම නුදුරුතන්හි සිත්කලු මනා තොටුපළක් ඇති මහත් ජලයෙන් යුත් මනාව පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් ඒ පුෂ්කරණියක් (ඡද්දන්ත නම් විල) ඇත්තේ ය. ඒ හස්තිරාජ තෙම මෙහි ස්නානය කරයි.
Pali BJT2825. සීසං{1} නහාතො උප්පලමාලධාරී සබ්බසෙතො පුණ්ඩරීකත්තචඞ්ගී, ආමොදමානො ගච්ඡති සන්තිකෙ තං පුරක්ඛත්වා මහෙසිං සබ්බභද්දං.
Sinhala BJT2825. හිස පටන් නෑවාවූ උපුල් මල් දරන්නා වූ සියල්ල සුදු වූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් “සබ්බභද්දා” නම් මෙහෙසිය පෙරට කොට ස්වකීය වාසස්ථානයට පැමිණියේ යයි දේවී තොමෝ කීවා ය.
Pali BJT2826. තත්ථෙව සො උග්ගහෙත්වාන වාක්යං ආදාය තුණිඤ්ච ධනුඤ්ච ලුද්දො, විතුරිය{2} සො සත්ත ගිරී බ්රහන්තෙ සුවණ්ණපස්සං නාම ගිරිං උළාරං.
Sinhala BJT2826. ඒ වැදි තෙම එහි දී ම දේවියගේ වචනය ඉගෙන හියවුර ද මහදුන්න ද ගෙන මහත් වූ පර්‍වත හත ඉක්මවා “සුවණ්ණපස්ස” නම් වූ මහාපර්‍වතය දැන ගත්තේ ය.
Pali BJT2827. ආරුය්හසෙලං භවනං කින්නරානං ඔලොකයී පබ්බතපාදමූලං, තත්ථද්දසා මෙඝසමානවණ්ණං නිග්රොධරාජං අට්ඨසහස්සපාදං.
Sinhala BJT2827. කිඳුරන්ගේ වාසභවනය වූ පර්‍වතයට නැඟ පර්‍වතයාගේ පාමුල බැලුවේ ය. එහි මේඝයට සමාන වර්‍ණ ඇති අට දහසක් මුල් ඇති නුගගස දුටුවේ ය.
Pali BJT2828. තත්ථද්දසා කුඤ්ජරං ඡබ්බිසාණං සබ්බසෙතං දුප්පසහං පරෙහි, රක්ඛන්ති තං අට්ඨසහස්සනාගා ඊසාදන්තා වාතජවප්පහාරිනො.
Sinhala BJT2828. එහි ෂඩ්වර්‍ණ දළ ඇති සියල්ල සුදු වූ අන්‍යයන් විසින් මැඩ පැවැත්විය නො හැකි හස්තියා දැක්කේ ය. රියහිස සමාන දළ ඇති වාත වේගයෙන් ගොස් පහර දෙනසුලු වූ අට දහසක් හස්තීහු ඒ ඇත්රජු ආරක්‍ෂා කරත්. යම් තැනෙක්හි ඒ හස්තිරාජයා ස්නානය කෙරේ ද,
Pali BJT2829. තත්ථද්දසා පොක්ඛරණිං අදූරෙ රම්මං සුතිත්ථඤ්ච මහොදිකඤ්ච, සම්පුප්ඵිතං භමරගණානුචිණ්ණං යත්ථ හි සො නහායති නාගරාජා.
Sinhala BJT2829. එහි නුදුරු තන්හි පිහිටි සිත්කලු යහපත් තොටුපලක් ඇති, මහත් දියෙන් පිරුණු මනාව මල් පිපීගිය බමර සමූහයා විසින් ගැවැසීගත් පොකුණ දුටුවේ ය.
Pali BJT2830. දිස්වාන නාගස්ස ගතිං ඨිතිඤ්ච වීථිස්ස යා නහානගතස්ස හොති, ඔපාතමාගඤ්ඡි අනරියරූපො පයොජිතො චිත්තවසානුගාය.
Sinhala BJT2830. ඇත්රජහු ගමන් කරන තැන් ද නැවැතී සිටින තැන් ද ස්නානයට ගියා වූ මොහුගේ යම් ගමන් වීථියක් වේ නම් එය දැක චිත්ත වසඟයට ගියා වූ මෙහෙසිය විසින් මෙහෙයවන ලද අනාර්‍ය්‍ය ස්වභාව ඇති වැදි තෙමේ වළක් සෑරුවේ ය.
Pali BJT2831. ඛණිත්වාන{1} කාසුං ඵලකෙහි ඡාදයි අත්තානමොධාය ධනුඤ්ච ලුද්දො, පස්සාගතං පුථුසල්ලෙන නාගං සමප්පයී{2} දුක්කට{3}කම්මකාරී.
Sinhala BJT2831. වැදි තෙම වළක් සාරා තමන් ද දුන්න ද එහි ප්‍රවේශ කරවා පුවරු වලින් වැසුවේ ය. නපුරුකම් කරනසුලු වූ ඒ වැදි තෙම තමන් පාර්‍ශවයෙහි ආවා වූ ඒ ඇත්රජුට මහත් වූ ඊයකින් විද්දේ ය.
Pali BJT2832. විද්ධො ච නාගො කොඤ්චමනාදි ඝොරං සබ්බෙව නාගා නින්නදුං ඝොරරූපං, තිණඤ්ච කට්ඨඤ්ච චුණ්ණං කරොන්තා ධාවිංසු තෙ අට්ඨ දිසා සමන්තතො.
Sinhala BJT2832. විදිනලද ඇත් තෙමේ භයානක ලෙස කුඤ්චනාද කෙළේ ය. සියලු හස්තීහු ම භයානක ලෙස කුඤ්චනාද කළාහු ය. ඒ හස්තීහු තෘණ ද කාෂ්ට ද සුණු කරමින් හාත්පස අටදිගට ම දිව්වෝය.
Pali BJT2833. වධිස්සමෙතන්ති පරාමසන්තො කාසාවමද්දක්ඛි ධජං ඉසීනං, දුක්ඛෙන පුට්ඨස්සුදපාදි සඤ්ඤා අරහද්ධජො සබ්භි අවජ්ඣරූපො.
Sinhala BJT2833. මොහු නසමි යි පරාමර්‍ශනය කරන්නේ ඍෂීන්ගේ ධ්වජය වූ කාෂාය වස්ත්‍රය දුටුවේ ය. දුකින් ස්පර්‍ශ කරන ලද්දා වූ ඒ ඇත්රජුට රහතුන්ගේ ධ්වජය සත්පුරුෂයන් විසින් නො නැසියයුතු යයි හැඟීමක් පහළ විය.
Pali BJT2834. අනික්කසාවො කාසාවං යො වත්ථං පරිදහෙස්සති, අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
Sinhala BJT2834. යමෙක් වනාහි රාගාදි කෙලෙස් කසටින් යුක්ත වූයේ ඉන්‍දිය දමනයෙන් හා වාක්සත්‍යයෙන් තොර වූයේ කසාවත් දරයි ද හේ කසාවත් දැරීමට නුසුදුසු වේ.
Pali BJT2835. යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති,
Sinhala BJT2835. යමෙක් වනාහි ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වමාරා දැමූ කෙලෙස් කසට ඇතිවැ සිවුපිරිසිදු සිල්හි පිහිටියේ නම් ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් ද යුත් ඔහු කසාවත් දැරීමට සුදුසුය.
Pali BJT2836. සමප්පිතො පුථුසල්ලෙන නාගො අදුට්ඨචිත්තො ලුද්දකං අජ්ඣභාසි, කිමත්ථයං කිස්ස වා සම්ම හෙතු මමං වධී කස්ස වායං පයොගො.
Sinhala BJT2836. මහත් වූ ඊයකින් විදිනු ලැබූ ඇත් තෙම දූෂිත නො වූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීයේ ය: යහළු වැදිපුත්‍රය, කුමක් පතමින් කුමක් හේතු කොට ගෙන මට විද්දෙහි ද? මේ කවරකුගේ ප්‍රයොගයෙක් ද?