Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2653. පඤ්ඤො වජ්ඣො මහොසධොති යදි තෙ මන්තයිතං ජනින්ද දොසං, භරියාය රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT2653. මහරජ, මහා ප්‍රඥා ඇති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතුයයි නුඹ වහන්සේ විසින් පඬිවරුන් සමග මන්ත්‍රණය කරන ලද, එය රාත්‍රියෙහි කවරෙකුට කියන ලද ද? නුඹ වහන්සේ වනාහි රහසිගත ව භාර්‍ය්‍යාවට කීසේක. ඒ සැඟවිය යුතු කරුණ ප්‍රකට කරන ලද බව මා විසින් අසන ලදී.
Pali BJT2654. යං සාලවනස්මිං සෙනකො පාපකම්මං අකාසි අසබ්භිරූපං, සඛිනොව රහො ගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT2654. සේනකතෙම සල් උයන්හි අසභ්‍ය වූ යම්බඳු පාපකර්‍මයක් කෙළේ ද, එය රහසිගතව යහළුවෙකුට ම කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
Pali BJT2655. පුක්කුසපුරිසස්ස තෙ ජනින්ද උප්පන්නො රොගො අරාජයුත්තො, භාතුච්ච රහො ගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං
Sinhala BJT2655. මහරජ, නුඹ වහන්සේගේ පුක්කුස නම් රාජපුරුෂයා හට රජුන් විසින් ළං නොවිය යුතු කුෂ්ඨ රෝගයෙක් තිබේ. හෙතෙම රහසිගතව එය සහෝදරයාට කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
Pali BJT2656. ආබාධොයං අසබ්භිරූපො කාවින්දො නරදෙවෙන ඵුට්ඨො, පුත්තස්ස රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං
Sinhala BJT2656. මහරජ, කාවින්‍දතෙම නරදේව නම් යකකු විසින් පහස්නා ලද්දේය. මේ ආබාධය ලාමකය. රහසිගතවූයේ පුත්‍රයාහට කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
Pali BJT2657. අට්ඨවඞ්කං මණිරතනං උළාරං සක්කො තෙ අදදා පිතාමහස්ස, දෙවින්දස්ස ගතං තදජ්ජ හත්ථං මාතුච්ච රහො ගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං
Sinhala BJT2657. මහරජ, සක්දෙව් තෙමෙ මහත් අනුභාව ඇති අෂ්ටවංක නම් වූ මැණිකක් නුඹ වහන්සේගේ මුත්තා වන කුසරජුට දුන්නේය. දැන් ඒ මැණික දේවින්‍දයාගේ හස්තගතව පවතී. මේ කරුණ මවට රහසිගතව කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
Pali BJT2658. ගුය්හස්ස හි ගුය්හමෙව සාධු න හි ගුය්හස්ස පසත්ථමාවිකම්මං, අනිප්ඵාදාය සහෙය්ය ධීරො නිප්ඵන්නත්ථො යථාසුඛං භණෙය්ය.
Sinhala BJT2658. සැඟවිය යුත්ත සැඟවීම යහපති. සැඟවිය යුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නොවේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේය.
Pali BJT2659. න ගුය්හමත්ථං විවරෙය්ය රක්ඛෙය්ය නං යථා නිධිං, නහි පාතුකතො සාධු ගුය්හො අත්ථො පජානතා.
Sinhala BJT2659. රහස එළිදරව් නොකරන්නේය. එය නිධානයක් ලෙස රක්නේය. නුවණැත්තහු විසින් රහස එළිදරව් නො කරන ලද්දේ ම යහපති.
Pali BJT2660. ථියා ගුය්හං න සංසෙය්ය අමිත්තස්ස ච පණ්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්ථෙනො ච යො නරො.
Sinhala BJT2660. පණ්ඩිත තෙම ස්ත්‍රියට ද සතුරාට ද රහස නො කියන්නේය. යමෙක් ආමිෂයෙන් සංග්‍රහ ලැබ එකමුතු වන්නේද, යමකුත් සිතින් එකක් සිතමින් මුවින් අනෙකක් බෙණෙන මිත්‍ර ප්‍රතිරූපකයෙක් වේද, ඒ දෙදෙනාට ද රහස නො කියන්නේය.
Pali BJT2661. ගුය්හමත්ථමසංබුද්ධං සංබොධයති යො නරො, මන්තභෙදභයා තස්ස දාසභූතො{1} තිතික්ඛති.
Sinhala BJT2661. යම් මිනිසෙක් අනුන් නොදන්නා වූ රහස් කරුණ දන්වා ද, මන්ත්‍රණය බිඳෙන බියෙන් ඔහු විසින් කැරෙන ආක්‍රෝෂාදිය දාස ස්වභාවයෙන් සිටියේ ඉවසයි.
Pali BJT2662. යාවන්තො පුරිසස්සත්ථං ගුය්හං ජානන්තී මන්තිතං, තාවන්තො තස්ස උබ්බෙගා තස්මා ගුය්හං නවිස්සජෙ.
Sinhala BJT2662. මන්ත්‍රණය කළවුන් අතුරෙන් යම්තාක් දෙනා ඒ පුරුෂයාගේ රහස් කරුණ දනිද්ද, ඔහුට එපමණ ම සන්ත්‍රාසයෝ (තැති ගැනුම්) හටගනිත්. එහෙයින් රහස එළිදරව් නො කරන්නේය.
Pali BJT2663. විවිච්ච භාසෙය්ය දිවා රහස්සං. රත්තිං ගිරං{2} නාතිවෙලං පමුඤ්චෙ, උපස්සුතිකා හි සුණන්ති මන්තං තස්මා මන්තො ඛිප්පමුපෙති භෙදන්ති.
Sinhala BJT2663. දවල් කාලයෙහි විවේකව රහස කියන්නේ යි. යම් හෙයකින් බිත්ති ආදියෙහි සැඟවී සිට රහස අසන්නෝ වෙද්ද, එහෙයින් රාත්‍රීකාලයෙහි රහස කියන්නේ සීමාව ඉක්මවා ශබ්ද නඟමින් නො කියන්නේය. රහස වනාහි වහා අසමගිය ඇති කරන්නක් හෙයිනි.
Pali BJTපඤ්චපණ්ඩිතපඤ්හොං.
Sinhala BJTපස් පඬි පැනය යි.
Pali BJT13. හත්ථිපාලජාතකං.
Sinhala BJT13. හත්‍ථීපාල ජාතකය
Pali BJT2664. චිරස්සං වත පස්සාම බ්රාහ්මණං දෙවවණ්ණිනං, මහාජටං ඛාරිධරං පඞ්කදන්තං රජස්සිරං.
Sinhala BJT2664. ශ්‍රේෂ්ඨවර්‍ණ ඇති මහත් වූ ජටාවක් ඇති තවුස් පිරිකර දරන මැලියම් සහිත දත් ඇති රජසින් යුත් හිස ඇති බමුණකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
Pali BJT2665. චිරස්සං වත පස්සාම ඉසිං ධම්මගුණෙ රතං, කාසායවත්තවසනං වාකචීරං පටිච්ඡදං.
Sinhala BJT2665. සුචරිත කොටස්හි ඇලුණු කසාවත් හැන්දා වූ වැහැරි සිවුරක් පෙරැවූ ඍෂියකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
Pali BJT2666. ආසනං උදකං පජ්ජං පතිගණ්හාතු{1} නො භවං, අග්ඝෙ භවන්තං පුච්ඡාම අග්ඝං කුරුතු නො භවං.
Sinhala BJT2666. පින්වත් තෙමේ අපගේ ආසන ද ජලය ද පය ගල්වන තෙල් ද පිළිගනීවා, මේ ආසනාදි පිදිය යුතු දෑ පින්වත්හු විචාරමු. අපගේ මේ පිදිය යුතු දෑ පිළිගැනීම කෙරේවා.
Pali BJT2667. අධිච්ච වෙදෙ පරියෙස චිත්තං පුත්තෙ ගෙහෙ{2} තාත පතිට්ඨපෙත්වා, ගන්ධෙ රසෙ පච්චනුභුය්ය සබ්බං අරඤ්ඤං සාධු මුනි සො පසත්ථො.
Sinhala BJT2667. දරුව, වේදයන් හදාරා වස්තුව සොයාගෙන ගෙහි පුත්‍රයන් වස්වා ගන්‍ධ රස ඇතුළත් කොට ඇති සියලු පංචකාමයන් අනුභව කොට වනයට යෑම යෝග්‍ය වේ. එසේ වූ තපස්වී තෙම බුද්ධාදීන් විසින් පසස්නා ලද්දේ වෙයි.
Pali BJT2668. වෙදා න සච්චා න ච චිත්තලාභො න පුත්තලාභෙන ජරං විහන්ති, ගන්ධෙ රසෙ මුඤ්චනමාහු සන්තෙ සකම්මනා{3} හෙති ඵලූපපත්ති.
Sinhala BJT2668. වේදයෝ සත්‍ය නොවෙත් ධන ලාභය ද නිෂ්ඵල වේ. පුත්‍ර ලාභයෙන් ජරාව නො වැනැසේ. ගන්‍ධයන් හා රසයන් ඇතුළත් කොටැති සියලු පංචකාමයන්ගෙන් මිදීම ම යහපතැයි සත්පුරුෂයෝ පවසති. ස්වකීය කර්‍මයෙන් ම ඵලය ඉපදීම වේයයි කීයේය.
Pali BJT2669. අද්ධා හි සච්චං වචනං තවෙතං සකම්මනා හොති ඵලූපපත්ති ජිණ්ණා ච මාතාපිතරො තවයිමෙ පස්සෙය්යු{4} තං වස්සසතං අරොගං.
Sinhala BJT2669. ඒකාන්තයෙන් ම නුඹගේ මේ වචනය සත්‍යය. ඵලයාගේ උපත ස්වකීය කර්‍මයෙන් වේ. නුඹගේ මේ ජරායෙන් ජීර්‍ණ වූ මවුපියෝ වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ නුඹ දක්නාහුය.
Pali BJT2670. යස්සස්ස{5} සක්ඛි{6} මරණෙන රාජ ජරාය මෙත්ති නරවිරියසෙට්ඨ,{7} යොචාපි ජඤ්ඤා න මරිස්සං කදාචි පස්සෙය්යු තං වස්සසතං ආරොගං.
Sinhala BJT2670. මහරජ, යමකුගේ මරණය හා යහළුබවෙක් වන්නේ ද, නරවීර ශ්‍රේෂ්ඨය, යමකුගේ ජරාව හා මිත්‍රත්‍වයකුත් වන්නේ ද යමෙක් වනාහි මම කිසි කලෙකත් නො මැරෙමියි දන්නේ ද වර්‍ෂ සියයක් ගතව ගිය නීරෝග වූ ඔහු දකිමි.
Pali BJT2671. යථාපි නාවං පුරිසො දකම්හි එරෙති චෙනං උපනෙති තීරං, එවම්පි ව්යාධි සතතං ජරා ච උපනෙන්ති මච්චං{8} වසමන්තකස්ස.
Sinhala BJT2671. යම්සේ පුරුෂයෙක් දියෙහි නැවක් මෙහෙයාද ඉවුරටත් එය පමුණුවාද එසේ ම ව්‍යාධියටත් ජරාවටත් නිතර සත්‍වයා මරුවසඟයට පමුණුවන්නේය.
Pali BJT2672. පඞ්කො ව කාමා පලිපො ච කාමා මනොහරාදුත්තරා මච්චුධෙය්යා, එතස්මිං පඞ්කෙ පලිපෙ ව්යසන්නා{9} හීනත්තරූපා න තරන්ති පාරං.
Sinhala BJT2672. කාමයෝ වනාහි ලග්ගවාලන ස්වභාව ඇති හෙයින් මඩට බඳු උපමා ඇත්තේය. සිත් ඇදගන්නේය. තරණයට දුෂ්කරයහ. මරු වසඟයට පමුණුවන්නාහ. මෙබඳු කාමසංඛ්‍යාත ලැගෙන මඩෙහි ද, ගැලෙන මඩෙහි ද ගිලුණු ලාමක ස්වභාව ඇති සත්‍වයෝ නිර්‍වාණ සංඛ්‍යාත පරතෙරට යන්නට නො සමත් වෙත්.
Pali BJT2673. අයං පුරෙ ලුද්දමකාසි කම්මං ස්වායං ගහීතො න හි මොක්ඛිතො මෙ, ඔරුන්ධියානං{1} පරිරක්ඛිස්සාමි මායං පුනලුද්දමකාසි කම්මං.
Sinhala BJT2673. මහරජ, මාගේ මේ ආත්ම භාවය තෙම පෙර අස් ගොව්වන් සමග එක්ව මං පැහැරුම් ආදී බොහෝ සැහැසිකම් කෙළේය. ඒ මේ ආත්මභාවය එහි විපාක ගන්නා ලදී. මට එයින් මිදීමෙක් නැත. දැන් කායවාග්ද්වාරයන් අවුරාගෙන එය ආරක්‍ෂා කරන්නෙමි. මාගේ මේ ආත්මය නැවත සැහැසිකම් නො කෙරේවා කියාය.
Pali BJT2674. ගාවංව නට්ඨං පුරිසො යථා වනෙ පරියෙසති{2} රාජ අපස්සමානො, එවං නට්ඨො එසුකාරී මමත්ථො සොහං කථං න ගවෙසෙය්ය{3} රාජ.
Sinhala BJT2674. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙම නැති වූ ගවයකු නො දක්නේ සොයා ද ඒසුකාරී නම් රජුනි, මෙපරිද්දෙන් ම මගේ ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථය තෙම නැතිවූයේ වෙයි. මහරජ, ඒ මම කෙසේ නම් එය නො සොයම්දැයි කීයේය.
Pali BJT2675. හිය්යොති හීයති පොසො පරෙථ පරිහායති, අනාගතං නෙතමත්ථිති ඤත්වා, උප්පන්නං ඡන්දං{4} කොපනුදෙය්ය ධීරො.
Sinhala BJT2675. මහරජ, අද කටයුතු දේ හෙටයයි ද හෙට කටයුතු දේ අනිද්දායයි ද කල් දමන පුරුෂ තෙම පිරිහේ. යමෙක් නොපැමිණියේ ද මෙය නැත්තේය යි දැන උපන්නා වූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේ දැයි ගොපලු කුමාරතෙම කීයේය.
Pali BJT2676. පස්සාමි වොහං දහරිං කුමාරිං මත්තූපමං කෙතක{5} පුප්ඵනෙත්තං, අභුත්තභොගෙ{6} පඨමෙ වයස්මිං ආදාය මච්චු වජතෙ කුමාරිං.
Sinhala BJT2676. හාවභාව විලාසයෙන් මත් වූවක මෙන් හැසිරෙන වැටකෙයියා මල්පෙති බඳු ඇස් ඇත්තා වූ තරුණ කුමරියක දකිමි. කාමසම්පත් අනුභව නො කළා වූ පළමු වයස්හි සිටියා වූ ඒ කුමරිය මෘත්‍යුමාරයා හැරගෙන යේ.
Pali BJT2677. යුවා සුජාතො සුමුඛො සුදස්සනො සාමො කුසුම්භපරිකිණ්ණමස්සු, හිත්වාන කාමෙ පටිගච්ච ගෙහං අනුජාන මං පබ්බජිස්සාමි දෙව.
Sinhala BJT2677. තරුණ වූ මනාව හටගත් ශෝභන මුඛයක් ඇති දැකුම් කලු රන්වන් පැහැති තරුණ කොමඩු කෙසරු මෙන් ගැවසී ගත් රවුළු ඇති කුමාරයෙක් වේද, මෙබඳු කුමාරයෙක් ද මරුවසඟයට යන්නේය. එහෙයින් ඉන් පළමුව කාමයන් හා ගිහිගේ අත්හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට පැවිද්දට අවසර දෙනු මැනැවි යි අජපල් කුමාරතෙම කීයේ ය.
Pali BJT2678. සාඛාහි රුක්ඛො ලභතෙ සමඤ්ඤං පහිනසාඛං පන ඛාණුමාහු, පහීනපුත්තස්ස මමජ්ජ හොති වාසෙට්ඨි භික්ඛාචරියාය කාලො.
Sinhala BJT2678. අතුවලින් ගසයයි නම ලබයි. පහව ගිය අතු ඇත්ත කණුවය යි කියත්. පින්වත් වාසෙට්ඨි ගෝත්‍ර ඇති බැමිණිය, පහව ගියා වූ පුත්‍රයන් ඇති මට දැන් පැවිදිවීමට කාලය පැමිණ තිබෙයි. පුරෝහිත බ්‍රාහ්මණතෙම කීයේ ය.
Pali BJT2679. අඝස්මිං කොඤ්චාව යථා හිමච්චයෙ තන්තානි{7} ජාලානි පදාළෙය්ය හංසා, ගච්ඡන්ති පුත්තා ච පතී ච මය්හං සාහං කථං නානුවජෙ පජානං.
Sinhala BJT2679. අහසෙහි නො ගැටෙමින් ගමන් කරන කොස් ලිහිණියන් මෙන් ද, වැසි කල් අවසන්හි අදින ලද දැල පලාගෙන යන හංසයන් මෙන් ද මගේ පුත්‍රයෝත් සැමියාත් කාම සම්පත් නමැති දැල බිඳගෙන යති. ඒ මම දරුවන් ගියමඟ අනුව කිම නොයන්නෙම් ද?
Pali BJT2680. එතෙ භුත්වා වමිත්වා ච පක්කමන්ති විහඞ්ගමා, යෙ ච භුත්වා න වමිංසු තෙ මෙ හත්ථත්ථමාගතා.
Sinhala BJT2680. මේ ලිහිණි පක්‍ෂීහු මස් අනුභව කොට වමාරා බැහැර යෙති. යම් කෙනෙකුන් අනුභව කොට නො වැමෑරුවාහු ද ඔවුහු මගේ අතට පැමිණියාහුය.
Pali BJT2681. අවමී බ්රාහ්මණො කාමෙ තෙ ත්වං පච්චාවමිස්සසි, වන්තාදො පුරිසො රාජ න සො හොති පසංසියො.
Sinhala BJT2681. බ්‍රාහ්මණතෙම කාම සම්පත් වැමෑරුවේය. ඒ සම්පත් නුඹ පසුව අනුභව කරන්නෙහිය. මහරජ, වැමෑරූ දෙය අනුභව කරන්නා වූ යම් පුරුෂයෙක් වේද හෙතෙම බුද්ධාදි පණ්ඩිතයන් විසින් පැසසිය යුතු නො වේයයි (අගමෙහෙසිය) කිවු ය.
Pali BJT2682. පඞ්කෙව පොසං පලිපෙ ව්යසන්නං{1} ඛලී යථා දුබ්බලං උද්ධරෙය්ය, එවම්පි මං ත්වං උදතාරි හොති පඤ්චාලි ගාථාහි සුභාසිතාහි.
Sinhala BJT2682. පංකයෙහි (ලැගෙන මඩෙහි) පලිපයෙහි (ගැලෙන මඩෙහි) හෝ ගිලුණු දුබල පුරුෂයෙකු යම්සේ නම් බලවතෙක් ගොඩගන්නේ ද, මෙපරිද්දෙන් ම පින්වත් පංචාල රාජ දුහිතෘව මනාව කියන ලද ගාථා වලින් නුඹ මා කාම පංකයෙන් ගොඩලූයෙහි ය.
Pali BJT2683. ඉදං වත්වා මහාරාජා එසුකාරී දිසම්පති, රට්ඨං හිත්වාන පබ්බජි{2} නාගො ඡෙත්වා{3} ව බන්ධනං.
Sinhala BJT2683. දිශාධිපති වූ ඒසුකාරී රජතෙම මෙසේ කියා බැඳුම් සිඳ ලූ හංසයකු මෙන් රට හැර පැවිදි වූයේය.
Pali BJT2684. රාජා ච පබ්බජ්ජමරොචයිත්ථ රට්ඨං පහාය නරවිරියසෙට්ඨා, තුවම්පි නො හොහි යථෙව රාජා අම්හෙහි ගුත්තං අනුසාස රජ්ජං.
Sinhala BJT2684. නරවීරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ ද රට හැර දමා පැවිදි වීමට කැමති විය. රජ තෙමේ යම් සේ වේ නම් තෙපි ද අපට එසේ වෙව. අප විසින් රක්නා ලද රාජ්‍යය අනුශාසනා කරව යි මහජනයා දේවියට කීය.
Pali BJT2685. රාජා ච පබ්බජ්ජමරොචයිත්ථ රට්ඨං පහාය නරවිරියසෙට්ඨො,{4} අහම්පි එකාව චරිස්සාමි ලොකෙ හිත්වාන කාමානි යථොධිකානි.
Sinhala BJT2685. නරවීරශ්‍රේෂ්ඨ වූ රජ තෙමේ ද රට හැරදමා පැවිද්ද කැමති විය. මම ද සිත්කලු වූ කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි යි.
Pali BJT2686. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහන්ති, අහම්පි එකාව චරිස්සාමි ලෙකෙ හිත්වාන කාමානි මනොරමානි.
Sinhala BJT2686. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථම වයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයන් හැර දමත්. මම ද මනරම් කාමයන් හැරදමා තනියම හැසිරෙන්නෙමි.
Pali BJT2687. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයො ගුණා අනුපුබ්බං ජහන්ති, අහම්පි එකාව චරිස්සාමි ලොකෙ හිත්වාන කාමානි යථොධිකානි.
Sinhala BJT2687. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂය කරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද තුබූ තුබූ පරිදි කාම කොටස් හැර දමා හුදෙකලාව හැසිරෙන්නෙමි.
Pali BJT2688. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයො ගුණා අනුපුබ්බං ජහන්ති, අහම්පි එකාව චරිස්සාමි ලොකෙ සීතීභූතා සබ්බමතීච්ච සඞ්ගන්ති.
Sinhala BJT2688. පෙරවරු ආදි කාලයෝ ඉක්මයති. රාත්‍රීහු ආයුසංස්කාර ක්‍ෂයකරමින් තරණය කරති. ප්‍රථමවයසාදි වයස් කොටස් පිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මම ද සිහිල් වූවා සියලු රාගාදි සංගයන් ඉක්මවා ලෝකයෙහි හුදෙකලාව හැසිරෙන්නෙමි යි දේවිය කීවාය.
Pali BJTහත්ථිපාල ජාතකං.
Sinhala BJTහත්‍ථිපාල ජාතක යි.
Pali BJT14. අයොඝරජාතකං.
Sinhala BJT14. අයොඝර ජාතකය
Pali BJT2689. යමෙකරත්තිං පඨමං ගබ්භෙ වසති මාණවො, අබ්භුට්ඨිතොව සයති සගච්ඡං න නිවත්තති.
Sinhala BJT2689. සත්‍වතෙම යම් එක රැයක ප්‍රථමයෙන් මවුකුසැ වාසය කෙරේ ද? හෙතෙම වලාකුළක් මෙන් ඉදිරියට යයි. යමින් හේ ආපස්සට ගමන් නො කෙරෙයි.
Pali BJT2690. න යුජ්ඣමානා න බලෙන වස්සිතා නරා න ජීරන්ති නවාපි මීයරෙ, සබ්බං හි තං ජාතිජරායුපද්දුතං තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2690. යුද්ධකරන්නා වූ ද, බලයෙන් යුක්ත වූ ද මනුෂ්‍යයෝ නොදිරන්නෝ නො වෙත්. නොමියන්නෝ නො වෙත්. ඒ සියල්ලෝ ම ජාති ජරාවන්ගෙන් උපද්‍රැතයහ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
Pali BJT2691. චතුරඞ්ගිනිං සෙනං සුභිංසරූපං ජයන්ති රට්ඨාධිපතී පසය්හ, න මච්චුනො ජයිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2691. ඉතා බිහිසුණු ස්වභාව ඇති සිවුරඟ සෙනග ගෙන රාෂ්ට්‍රාධිපති රජවරු බලාත්කාරයෙන් ජය ගනිති. මරහුගේ සෙනග ජය ගන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
Pali BJT2692. හත්ථීහි අස්සෙහි රථෙහි පත්තිහි පරිවාරිතා මුච්චරෙ{1} එකවෙය්යා,{2} න මච්චුනො මුච්චිතුං{3} උස්සහන්ති{4} තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2692. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ඇතැමෙක් සතුරන්ගෙන් මිදෙති. ඔවුහු මරසෙනගින් මිදෙන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
Pali BJT2693. හත්ථීහි අස්සෙහි රථෙහි පත්තිහි සූරා{4} පහඤ්ජන්ති පධංසයන්ති, න මච්චුනො භඤ්ජිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2693. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ශූර රජවරු පසමිතුරන්ගේ නුවරවල් බිඳිති. පසමිතුරන් නසති. ඔවුහු මරහුගේ බල බිඳින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
Pali BJT2694. මත්තා ගජා භින්නගළා පභින්නා නගරානි මද්දන්ති ජනං හනන්ති, න මච්චුනො මද්දිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2694. ත්‍රිමද ගලිත හස්තීහු නුවරවල් මඩිති. ජනයා නසති. ඔවුහු මරහු මඩින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
Pali BJT2695. ඉස්සාසිනො කතහත්ථාපි ධීරා දූරෙපාතී අක්ඛණවෙධිනොපි, න මච්චුනො විජ්ඣිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2695. නුවණැති ඉලක්කය නො වරදවා දුරවිදීමෙහි දක්‍ෂ වූ කෘතහස්ත ධනුර්ධරයෝ ඇත්තාහ. ඔවුහු මරහු විදින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් මම “ධර්‍මයෙහි හැසිරෙමියි” යන මේ සිත මට ඇති විය.
Pali BJT2696. සරානි ඛීයන්ති සසෙලකානනා සබ්බං හි තං{5} ඛීයති දීඝමන්තරං, සබ්බං හි තං භඤ්ජරෙ කාලපරියං තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2696. අනවතප්තාදී මහවිල් සත ද පර්‍වතයන් සහිත මහා වනයෝ ද ක්‍ෂය වෙත්. දිගු කලක් ඇවෑමෙන් ඒ සියල්ල ම ක්‍ෂය වෙයි. ඒ සියල්ල ම නස්නා කාලයට පැමිණ බිඳෙයි. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
Pali BJT2697. සබ්බෙසමෙවං හි නරානනාරිනං චලාවලං පාණභුනොධ ජීවිතං, පටොව ධුත්තස්ස දුමොව කූලජො තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2697. මෙසේ ම මෙලොව නර නාරීන්ගේ ද සියලු ප්‍රාණීන්ගේ ද ජීවිතය චංචල වේ. සුරාධූර්‍තයකුගේ වස්ත්‍රය මෙන් ද ගං ඉවුරෙහි හටගත් ගසක් මෙන් ද සත්‍වයන්ගේ ජීවිතය ස්ථිර නොවේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
Pali BJT2698. දුමප්ඵලානෙව පතන්ති මාණවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, නාරියො නරා මජ්ඣිමපොරිසා ච තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2698. ළදරුවෝ ද වෘද්ධයෝ ද තරුණයෝ ද සිත්‍රීහු ද පුරුෂයෝ ද උඝතොබ්‍යඤ්ජනකයෝ ද යන සියල්ලෝ ම ගස්වල ගෙඩි මෙන් ශරීරභේදයෙන් වැටෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
Pali BJT2699. නායං වයො තාරකරාජසන්නිභො යාදබ්භතීතං ගතමෙවදානි තං, ජිණ්ණස්ස හි නත්ථි රතී කුතො සුඛං තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2699. මේ සත්‍වයන්ගේ වයස කෘෂ්ණ පක්‍ෂයෙහි පිරිහී ශුක්ල පක්‍ෂයෙහි වැඩෙන්නා වූ සඳ මෙන් නොවේ. යමක් ඉක්මැ ගියේද දැන් එය ගියේ මැ යි. ජරාජීර්‍ණයාහට කාමගුණයන්හි ඇල්මෙක් නැති. සැපතක් නම් කොයින් ද? එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
Pali BJT2700. යක්ඛා පිසාචා අථවාපි පෙතා කුපිතාපි{1} තෙ අස්සසන්තී මනුස්සෙ, න මච්චුනො අස්සසිතුස්සහන්ති{2} තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2700. යක්‍ෂයෝ ද පාංශුපිශාචයෝ ද ප්‍රේතයෝ ද කිපුණාහු මිනිසුන්හට ආවේශ වෙති. ඔවුහු මරුහට ආවේශ වන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
Pali BJT2701. යක්ඛෙ පිසාචෙ අථවාපි පෙතෙ කුපිතෙපි{3} තෙ නිජ්ඣපනං කරොන්ති, න මච්චුනො නිජ්ඣපනං කරොන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2701. යක්‍ෂයන් ද පාංශුපිශාචයන් ද ප්‍රේතයන් ද කිපුණු කල්හි බලිකර්‍මාදිය කිරීමෙන් ඔවුන් පහදවති, මරුවා නො පහදවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
Pali BJT2702. අපරාධකෙ හෙඨකෙ දූසකෙ ච රාජානො දණ්ඩෙන්ති විදිත්වා දොසං, න මච්චුනො දණ්ඩයිතුස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2702. රාජාපරාධ කරන්නාවූ ද රාජ්‍යදූෂකවූ ද ජනයා පෙළන්නාවූ ද මිනිසුන්ගේ අපරාධ දැන රජවරු දඬුවම් කරත්. ඔවුහු මරහුට දඬුවම් කරන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
Pali BJT2703. අපරාධකා දූසකා හෙඨකා ච ලභන්ති තෙ රාජිනො නිජ්ඣපෙතුං, න මච්චුනො නිජ්ඣපනං කරොන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2703. රාජාපරාධකරුවෝ ද රාජ්‍ය දූෂකයෝ ද ජනයා පෙළන්නෝ ද (සාක්‍ෂිවලින් තමන්ගේ නිරපරාධී බව ප්‍රකාශ කරවා) අස් වැසීමක් ලබති. මරහු (එසේ සාක්‍ෂිවලින්) නිරපරාධ බව ප්‍රකාශ නො කරවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
Pali BJT2704. න ඛත්තියොති න පි බ්රාහ්මණොති න අඩ්ඪකා බලවා තෙජවාපි, න මච්චුරාජස්ස අපෙඛමත්ථි තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2704. ක්‍ෂත්‍රියයෙකැ බ්‍රාහ්මණයෙකැ ආඪ්‍යයෙකැ බලැත්තෙකැ තෙදැත්තෙකැයි මාරයාගේ අපේක්‍ෂාවක් නැත්තේය. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට පහළ වෙයි.
Pali BJT2705. සීහාච ව්යග්ඝාව අථොපි දීපියො පසය්හ ඛාදන්ති විප්ඵන්දමානං, න මච්චුනො ඛාදිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2705. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද දිවියෝ ද මිනිසුන් බලාත්කාරයෙන් අල්ලාගෙන බෙහෙවින් කම්පාවන ඔවුන් කති. ඔවුහු ද මරහු අල්ලා කන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන අදහස මට ඇති වෙයි.
Pali BJT2706. මායකාරා{1} රඞ්ගමජ්ඣෙ කරොන්තා මොහෙන්ති චක්ඛූනි ජනස්ස තාවදෙ, න මච්චුනො මොහයිතුස්සහන්ති{2} තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2706. නෘත්‍යස්ථාන මධ්‍යයෙහි මායා කරන්නාවූ මායා කාරයෝ එකෙණෙහි ජනයාගේ ඇස් මුළාකෙරෙති. ඔවුහු මරහු මුළාකරන්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් මම් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
Pali BJT2707. ආසීවිසා කුපිතා උග්ගතෙජා ඩසන්ති මාරෙන්තිපි තෙ මනුස්සෙ, න මච්චුනො ඩසිතුං උස්සහන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2707. කිපියා වූ උග්‍රතේජස් ඇති සර්‍පයෝ මිනිසුන් දෂ්ට කෙරෙති. එයින් ම මරණයට පවා පත් කරති. ඔවුහු මරහු ඩසින්නට උත්සාහ නොකෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
Pali BJT2708. ආසීවිසා කුපිතා{3} යං ඩසන්ති{4} තිකිච්ඡකා තෙසං විසං හනන්ති, න මච්චුනො දට්ඨවිසං හනන්ති තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2708. කිපියා වූ සර්‍පයෝ යම් පුද්ගලයකු ඩසිත් නම්, විෂ වෛද්‍යවරු ඔහුගේ විෂ නැති කරති. ඔවුහු ද මරහු දෂ්ට කළ විෂ නො නසත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන මේ සිත මට පහළ වෙයි.
Pali BJT2709. ධම්මනාරි වෙතරණි{5} ච භොජො විසානි හන්ත්වාන භුජඞ්ගමානං, සූයන්ති තෙ කාලකතා{6} තථෙව තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2709. ධම්මන්තරී, වේතරණී, භෝජ නම් වූ වෛද්‍යයෝ සර්‍පයන්ගේ විෂ නසා, තුමූ ද කාලක්‍රියා කළහයි අසනු ලැබේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට ඇති වෙයි.
Pali BJT2710. විජ්ජාධරා ඝොරමධීයමානා අදස්සනං ඔසධෙහි වජන්ති, න මච්චුරාජස්ස වජන්තදස්සනං තම්මෙ මතී හොති චරාමි ධම්මං.
Sinhala BJT2710. ඝෝර නම් විද්‍යාව හදාරන විද්‍යාධාරයෝ ඖෂධ බලයෙන් සතුරන්ගේ නො දැක්මට යෙති. ඔවුහු ද මරහුගේ නො දැක්මට නොයෙත්. එහෙයින් ධර්‍මයෙහි හැසිරෙන්නෙමි යන මේ හැඟීම මට ඇති වෙයි.
Pali BJT2711. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
Sinhala BJT2711. ධර්‍මය තෙමේ ධර්‍මයට අනුව හැසිරෙන්නහු ඒකාන්තයෙන් ම රකී. මනාව පුරුදු කරන ලද ධර්‍මය සුව ගෙන දෙයි. ධර්‍මය හොඳින් පුරුදු කළ කල්හි මේ අනුසසි. ධර්‍මයට අනුව හැසිරෙන්නා දුගතියට නොයයි.
Pali BJT2712. න හි ධම්මො අධම්මො ච උභො සමවිපාකිනො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතින්ති.
Sinhala BJT2712. ධර්‍මයත් අධර්‍මයත් දෙක සම විපාක ඇත්තේ නොවේ. අධර්‍මය නරකයට පමුණුවයි. ධර්‍මය සුගතියට පමුණුවයි.
Pali BJT14. අයොඝරජාතකං.
Sinhala BJT14. අයොඝර ජාතක යි.
Pali BJTවීසතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTවිසිවැනි නිපාතය නිමියේ ය.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමාතඞ්ග සම්භූත සිවි සිරිමන්තො{7} රොහණ හංස සන්තිගුබ්බො භල්ලාටිය, සොමනස්ස චම්පෙය්ය බ්රහ්ම පඤ්ච පණ්ඩිත චිරස්සං වත අයොඝරානි.
Sinhala BJT(උද්දානය සුගම යි.)
Pali BJT16. තිංසතිනිපාතො
Sinhala BJT16. තිංසති නිපාතය
Pali BJT1. කිංඡන්දජාතකං
Sinhala BJT1. කිංඡන්‍ද ජාතකය
Pali BJT2713. කිං ඡන්දො කිමධිප්පායො එකො සම්මසි ඝම්මනි, කිං පත්ථයානො කිං එසං කෙන අත්ථෙන බ්රාහ්මණ.
Sinhala BJT2713. බ්‍රාහ්මණය, කවර අදහස් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් සොයමින් කවර කරුණක් නිසා ග්‍රීෂ්ම ඇත්තා වූ මේ ගං ඉවුරෙහි එකලාව හිඳිනෙහි දැ? යි දෙව්දුව ඇසු ය.
Pali BJT2714. යථා මහාවාරිධරො කුම්භො සුපරිනාභවා, තථූපමං අම්බපක්කං වණ්ණගන්ධරසුත්තමං.
Sinhala BJT2714. විශාල වූ මහත් වූ දියකළයක් යම්සේ ද එබඳු වූ වර්‍ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද උතුම් වූ අඹගෙඩියක් විය.
Pali BJT2715. තං වුය්හමානං සොතෙන දිස්වානාමලමජ්ඣිමෙ, පාණීහි නං ගහෙත්වාන අග්යායතනමාහරිං.
Sinhala BJT2715. නිර්‍මල වූ මධ්‍ය ප්‍රදේශ ඇති දෙව්දූනි, ගඟ දියෙන් ගසාගෙන යන්නා වූ එය දැක අතින් රැගෙන ගිනිහල්ගෙට ගෙන ගියෙමි.
Pali BJT2716. තතො කදලිපත්තෙසු නික්ඛිපිත්වා සයං අභං, සත්ථෙන නං විකප්පෙත්වා ඛුප්පිපාසං අහාසි මෙ.
Sinhala BJT2716. ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම තෙමේ ම පිහියෙන් එය කපා මගේ සාපිපාසා දුරුකර ගත්තෙමි.
Pali BJT2717. සොහං අපෙතදරථො ව්යන්තීභූතො දුඛක්ඛමො,{1} අස්සාදං නාධිගච්ඡාමි ඵලෙසවඤ්ඤෙසු කෙසුපි.
Sinhala BJT2717. ඒ මම පහව ගියා වූ කාය චිත්ත පීඩා ඇත්තෙමි. ඒ අඹඵලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන්කිසිම ඵලයෙක්හි ආස්වාදයක් නො ලබමි.
Pali BJT2718. සොසෙත්වා{2} නූන මරණං තං මමං ආවහිසස්ති, අම්බං යස්ස ඵලං සාදුං මධුරග්ගං මනොරමං යමුද්ධරිං වුය්හමානං උදධිස්මා මහණ්ණවෙ.
Sinhala BJT2718. යම් අඹ ඵලයක් මිහිරි වූ රසයෙන් අග්‍ර වූ සිත්කලු වූවක් වී ද. මහාජලයෙහි පාවෙන්නා වූ යම්බඳු අඹයක් මම දියෙන් ගොඩ ගනිම් ද එය මා වියළවා මට ඒකාන්තයෙන් මරණය එළවන්නේ ය.
Pali BJT2719. අක්ඛාතං තෙ මයා සබ්බං යස්මා උපවසාමහං, රම්මං පතිනිසින්නොස්මි පුථුලොමායුතා පුථු.
Sinhala BJT2719. යම් හෙයෙකින් මම උපවාසය කෙරෙම් ද, මසුන්ගෙන් යුක්ත වූ දිගු පුළුලැති සිත්කලු වූ ගඟ බලා හුන්නෙම් ද? මා විසින් ඒ සියල්ල නුඹට කියන ලදී.
Pali BJT2720. ත්වං ච ඛො මෙ අක්ඛාසි අත්තානමපලායිනී, කා වා ත්වමසි කල්යාණි කිස්ස වා ත්වං සුමජ්ඣිමෙ.
Sinhala BJT2720. අපලායිනිය හෙවත් පැන නොයන්නිය, තෙපි ද තමා ගැන මට කියව. කල්‍යාණිය තෙපි කවරක් හෝ වවු ද, යහපත් වූ මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, කුමකට හෝ තෙපි මෙහි අවු ද?
Pali BJT2721. රුප්පපට්ටපළිමට්ඨීව ව්යග්ඝිව ගිරිසානුජා, යා සන්නි නාරියො දෙවෙසු දෙවානං පරිචාරිකා,
Sinhala BJT2721. තෙපි මනාව මට කරන ලද රන් පටක් බඳු වූවහු. පර්‍වතයෙක්හි උපන් තරුණ ව්‍යාඝ්‍ර ධේනුවක මෙන් වූවහුය. දෙවියන් අතුරෙහි දෙවියන්ගේ පරිචාරිකා ස්ත්‍රීහු වෙද්ද?
Pali BJT2722. යාව මනුස්සලොකස්මිං රූපෙනත්වාගතිත්ථීයො, රූපෙ තෙ සාදිසී නත්ථි දෙවෙසු ගන්ධබ්බමනුස්සලොකෙ,{3} ඵුටඨාසි මෙ චාරුපුබ්බඞ්ගි බ්රූහි අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච.{4}
Sinhala BJT2722. මිනිස්ලෙව්හි ද රුවින් අගතැන්පත් යම් ස්ත්‍රීහු වෙද්ද, දෙව් - ගඳෙව් - මිනිස් යන ලෙව්හි රූපයෙන් තොප හා සම කළ හැකි තැනැත්තියක් නැත. මනෝඥ වූ උතුම් ලක්‍ෂණයෙන් යුත් තැනැත්තිය, මා විසින් විචාරණ ලද්දී එය කියව. මට තොපගේ නම ද නෑයන් ද කියව.
Pali BJT2723. යං ත්වං පතිනිසින්නොසි රම්මං බ්රාහ්මණ කොසිකිං, සාහං භුසාලයාවුත්ථා වරවාරිවහොඝසා.
Sinhala BJT2723. බ්‍රාහ්මණය, තෙපි සිත්කලු වූ යම් කෝසිකී නම් ගංගාවක් බලා හුන්නහු ද? උතුම් ජලය බැසයන සැඬපහරින් යුත් ගඟෙහි පිහිටි විමානයෙහි අධිගෘහිත වූ දේවතා දූ නම් මමය.
Pali BJT2724. නානාදුමගණාකිණ්ණා බහුතා ගිරිකන්දරා, මමෙව පමුඛා හොන්ති අභිසන්දන්ති පාවුසෙ.
Sinhala BJT2724. නොයෙක් වෘක්‍ෂසමූහයෙන් ගැවැසීගත් බොහෝ වූ කඳු රැලි මා මැ ප්‍රමුඛ කොට ඇත්තාහු වෙත්. බොහෝ වූ වර්‍ෂා ජලය මේ ගඟට ම පිවිසෙයි.
Pali BJT2725. අථො බහූ වනා තොදා නීලවාරිවහන්ධරා, බහුකා නාගචිත්තොදා අභිසන්දන්ති වාරිනා.
Sinhala BJT2725. තවද බොහෝ වූ ඒ ඒ වනයෙන් වෑහෙන්නා වූ ජලයෝ ද ප්‍රවිෂ්ට වෙත්. නීලවර්‍ණ ජලයෙන් යුත් දියකඳ දරන්නා වූ බොහෝ නාගයන් තුටු කරන ජලයෙන් යුත් නොයෙක් ගංගාවෝ මේ ගඟට ගලා බසිත්.
Pali BJT2726. තා අම්බජම්බුලබුජා නීපා තාලා චුදුම්බරා,{1} බහූනි ඵලජාතානි ආවහන්ති අභිණ්හසො.
Sinhala BJT2726. ඒ නදීහු අඹ දඹ හා දෙල් ද බක්මී තල් ද දිඹුල් ද යන බොහෝ ඵලජාතීන් නිතර ඇදැ ගනිත්.
Pali BJT2727. යං කිඤ්චි උභතො තීරෙ ඵලං පතති අම්බුනි, අසංසයං තං සොතස්ස ඵලං හොති වසානුගං.
Sinhala BJT2727. ඒ ගඟ උභයතීරයෙහි යම් කිසි ඵලයක් දියෙහි වැටේ ද ඒ ඵලය නිසැක වැ මාගේ ස්‍රොතස අනුව යන්නේ වේ.
Pali BJT2728. එතදඤ්ඤාය මෙධාවී පුථුපඤ්ඤ සුණොහි මෙ, මා රොචයමභිසඞ්ගං පටිසෙධ ජනාධිප.
Sinhala BJT2728. මහත් වූ ප්‍රඥා ඇත්තාණෙනි, මෙය දැන මාගේ වචනය අසව. මහරජ, තෘෂ්ණා වශයෙන් ඇලීම නො කොට එය දුරු කරව.
Pali BJT2729. න චාහං වද්ධවං මඤ්ඤෙ යං ත්වං රට්ඨාභිවද්ධන, ආචෙය්යමානො රාජිසි මරණං අභිකඞ්ඛසි.
Sinhala BJT2729. රට වර්ධනය කරන්නා වූ මහරජ, රාජර්ෂිය, මස් ලෙහෙයින් වැඩෙමින් තරුණ ව සිටි නුඹ වහන්සේ යම් හෙයෙකින් නිරාහාර ව වැස මරණයට කැමැත්තහු ද එහෙයින් මම මෙය නුඹගේ නුවණින් වැඩිහිටි බවකැ යි නො හඟිමි.
Pali BJT2730. තස්ස ජානන්ති පිතරො ගන්ධබ්බා ච සදෙවකා, යෙ චාපි ඉසයො ලොකෙ සඤ්ඤතත්තා යසස්සිනො{2} අසංසයන්තෙ{3} ජානන්ති වද්ධභූතා යසස්සිනො.
Sinhala BJT2730. ඔහුගේ තෘෂ්ණා වසඟවීම බ්‍රහ්මයෝ ද දෙවියන් සහිත වූ ගන්‍ධර්‍වයෝ ද යශසින් යුත් සංයත වූ ආත්ම ඇති යම් බඳු ඍෂීහු හෝ ලොව්හි වෙද්ද, නුවණින් වැඩුණු යශස් ඇති ඔවුහු නිසැක වැ දැනගනිත් යයි දෙව්දුව කීය.
Pali BJT2731. එවං විදිත්වා විදූ සබ්බධම්මං විද්ධංසනං චවනං ජීවිතස්ස, නාචීයති තස්ස නරස්ස පාපං සචෙ න චෙතෙති වධාය තස්ස.
Sinhala BJT2731. නුවණැත්තේ සියලු සුචරිත ධර්‍ම මෙසේ දැන ජීවිතයාගේ නැසීම ද චුතවීම ද දැන සිටී ද, හෙතෙමේ අන්‍යයාගේ වධය පිණිස නො සිතා ද, ඒ මිනිසාට පව් රැස් නො වේ.
Pali BJT2732. ඉසිපූගසමඤ්ඤාතෙ එවං ලොක්යා විදිතා සති, අනරිය{4} පරිසම්භාසෙ පාපකම්මං ජිගිංසසි.{5}
Sinhala BJT2732. මෙසේ ලෝකයාහට හිත ඇත්තේ යයි ඍෂි සමූහයා විසින් දක්නා ලද කල්හි මා කෙරෙහි නින්‍දා කිරීම රිසි තැනැත්තිය, තී පාපකර්‍මයන් රැස් කැරැ ගැනුමට කැමැත්තෙහි ය.
Pali BJT2733. සචෙ අහං මරිස්සාමි තීරෙ තෙ පුථු සුස්සොණි, අසංසයං අසිලොකො මයි පෙතෙ ආගමිස්සති.
Sinhala BJT2733. පුළුල් වූ යහපත් කටිප්‍රදේශ ඇත්තිය, ඉදින් මම තීගේ ගං ඉවුරෙහි මැරෙම් ද මා පරලොව ගිය කල්හි සැක නැති ව තිට අපකීර්තියක් පැමිණෙන්නේ ය.
Pali BJT2734. තස්මා හි පාපකං කම්මං රක්ඛස්සෙව{6} සුමජ්ඣිමෙ, මා තං{7} සබ්බො ජනො පච්ඡා පකත්ථාසි මයි මතෙ.
Sinhala BJT2734. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, එහෙයින් පාපකර්‍මයෙන් ආරක්‍ෂා වෙව. මා මළකල්හි තිට ජන තෙමේ නින්‍දා නො කෙරේවා.
Pali BJT2735. අඤ්ඤාතමෙතං අවිසය්හසාහි අත්තානං අම්බං ච දදාමි තෙ තං, යො දුච්චජෙ කාමගුණෙ පහාය සන්තිඤ්ච ධම්මඤ්ච අධිට්ඨිතොසි.
Sinhala BJT2735. නො ඉවසිය හැකි දෑ ඉවසනසුලු මහරජ, මේ කරුණ මා විසින් දන්නා ලදි. යමෙක් තෙම හැර දැමීමට දුෂ්කර කාමගුණයන් හැර දමා සංයම සීලයෙහි ද සුචරිත ධර්‍මයෙහි ද පිහිටියේ නම්, ඒ නුඹට තමා ද ඒ අඹ ද දෙමි.
Pali BJT2736. යො හිත්වා පුබ්බසංයොගං පච්ඡා සංයොජනෙ ඨිතො, අධම්මඤ්චව චරති පාපඤ්චස්ස පවඩ්ඪති.
Sinhala BJT2736. යමෙක් තෙම පෙරබන්‍ධනය හැරදමා පසුව තෘෂ්ණා බන්‍ධනයෙහි පිහිටියේ වේ ද, හෙතෙම අධර්‍මයෙහි ද හැසිරෙයි. ඔහුට පාපය ද වැඩේ.
Pali BJT2737. එහි තං පාපයිස්සාමි කාමං අප්පොස්සුක්කො භව, උපානයාමි සීතස්මිං විහරාහි අනුස්සුකො.
Sinhala BJT2737. එව, ඒ අඹ උයනට පමුණුවන්නෙමි. ඒකාන්තයෙන් අඹ ඵල කෙරෙහි මන්‍දෝත්සාහ වව. සිහිල් වූ අඹ උයනෙහි නො කලකිරී වසව.
Pali BJT2738. තං පුප්ඵරසමත්තෙහි වක්කඞ්ගෙහි අරින්දම, කොඤ්චා මයූරා දිවියා කොයට්ඨිමධුසාලියා.
Sinhala BJT2738. මහරජ, මල් රසයෙන් මත් වූ වක් වූ ග්‍රීවා ඇති පක්‍ෂීන් විසින් නාද කරන ලද ඒ අඹ උයන බලව. ඒ අඹ උයන්හි දිව්‍ය වූ කොස්ලිහිණියෝ ද මොනරු ද ස්වර්‍ණශාරිකා පක්‍ෂීහු ද මධුශාරිකා පක්‍ෂීහු ද වාසය කරත්.
Pali BJT2739. කූජිතා හංසපූගෙහි කොකිලෙත්ථ පබොධරෙ, අම්බෙත්ථ විප්පසූනග්ගා පලාලඛලසන්නිභා කොසුම්හසලලා නීපා පක්කතාලවිලම්බීනො.
Sinhala BJT2739. හංස සමූහයා විසින් නාද කරන ලද මේ අඹ උයනෙහි කොවුලෝ නාද කරන්නාහු තමන් ප්‍රබෝධ කෙරෙත්. පලබරින් නැමුණු ශාඛා ඇති අඹ වෘක්‍ෂයෝ මල් හටගැනුමෙන් හැල් පිදුරු ඇති කලවිටි සමාන ය. වනුක් ද හොරගස් ද බක්මී ද පැසුණු පල බරින් යුත් තල්ගස් ද ඇත්තේ යයි කීවා ය.
Pali BJT2740. මාලී තිරීටී කායූරී අඞ්ගදී චන්දනස්සදො, රත්තිං ත්වං පරිචාරෙසි දිවා වෙදෙසි වෙදනං.
Sinhala BJT2740. දිවමල් දරන දිව්‍යමය හිස් වෙළුම් වෙළන, දිව්‍යාභරණයෙන් සැරසුණු අංගදාභාරණයෙන් යුක්ත වූ රත්හඳුන් ගැල් වූ තෙපි රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරන්නහු ය. දහවල් දුක් වේදනා විඳින්නහු ය.
Pali BJT2741. සොළසිත්ථිසහස්සානි යා තෙමා පරිචාරිකා, එවං මහානුභාවොසි අබ්භුතො ලොමහංසනො.
Sinhala BJT2741. යම් මේ සොළොස් දහසක් පිරිවර දිව්‍යස්ත්‍රීහු වෙද්ද ඒ සියලු දිව්‍යස්ත්‍රීහු නුඹට පරිචරණය කරන්නාහ. මෙසේ අද්භූත වූ දුටුවන් ලොමුදහගන්වන්නා වූ මහත්අනුභාව ඇත්තේ වෙහි ය.
Pali BJT2742. කිං කම්මමකරී පුබ්බෙ පාපං අත්තදුඛාවහං, යං කරිත්වා මනුස්සෙසු පිට්ඨිමංසානි ඛාදසි.
Sinhala BJT2742. මිනිස් ලොව්හි යම් බඳු කර්‍මයක් කොට පිටමස් කඩා කන්නෙහි ද? පෙර තමහට ම දුක් එළවන්නා වු කවර නම් පාප කර්‍මයක් කෙළෙහි ද?