Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3201-3300 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2559. නිසම්ම දණ්ඩං පණයෙය්ය ඉස්සරො වෙගාතකං{2} තපතෙ{3} භූමිපාල, සම්මාපණිධි ච නරස්ස අත්ථා අනානුතප්පා තෙ භවන්ති පච්ඡා.
Sinhala BJT2559. මහරජ, අධිපතිතෙම පරීක්‍ෂා කොට දඬුවම් පණවන්නේ ය. නො විමසා වහා කරන ලද්ද තැවීම් ඇති කරන්නේය. නුවණින් මෙනෙහි කොට කරන ලද අර්‍ත්‍ථයෝ (යහපත් ක්‍රියාවෝ) වෙද්ද, ඔවුහු පසුව තැවීම් ගෙනදෙන්නෝ නො වෙති.
Pali BJT2560. අනානුතප්පානි හි යෙ කරොන්ති විභජ්ජ කම්මායතනානි ලොකෙ, විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි භවන්ති වද්ධානුමතානි තානි.
Sinhala BJT2560. ලෙව්හි යම් කෙනෙක් කටයුතු නො කටයුතු දෑ විමසා බලා වැඩ කෙරෙද්ද නුවණැත්තන් විසින් පසස්නා ලද සැප විපාක ගෙන දෙන්නා වූ ඒ වැඩ වෘද්ධයන් (පණ්ඩිතයන්) අනුමත කරනු ලබන්නා වූ ද, තැවීම් ගෙන නොදෙන්නා වූ ද කර්‍මයෝ වෙති.
Pali BJT2561. ආගඤ්ඡුං දොවාරිකා ඛග්ගබද්ධා කාසාවියා හන්තු මමං ජනින්ද, මාතු ච අඞ්කස්මිං අහං නිසින්නො ආකඩ්ඪිතො සහසා තෙහි දෙව.
Sinhala BJT2561. මහරජ, දොරටුපාලකයෝ ද කඩු බඳනාලද වධකයෝ ද මා නසන්නට ආවාහු ය. දේවයන් වහන්ස, මවු ඇකයෙහි හුන් මම ඔවුන් විසින් වහා අදින ලද්දෙම් වෙමි.
Pali BJT2562. කටුකම්භි සම්බාධං සුකිච්ඡපත්තො මධුරං පියං ජීවිතං ලද්ධු රාජ, කිච්ඡෙනාහං අජ්ජ වධා පමුත්තො පබ්බජ්ජමෙවාභිමනොහමස්මි.
Sinhala BJT2562. මහරජ කටුක වූ සම්බාධ වූ ඉතා දුකට පැමිණියෙම් වෙමි. ඒ මම අද දුකසේ වධයෙන් මිදුණෙම් මිහිරි වූ ප්‍රිය වූ ජීවිතය ලබා සිටිමි. දැන් ඒ මම පැවිදිවනු රිස්සෙමි යි කුමාර තෙම කීවේ ය.
Pali BJT2563. පුත්තො තවායං තරුණො සුධම්මෙ අනුකම්පකො සොමනස්සො කුමාරො, තං යාචමානො න ලභාමි සජ්ජ අරහාසි නං යාචිතවෙ තුවම්පි.
Sinhala BJT2563. සුධර්‍මාවෙනි, තීගේ මේ තරුණ පුත්‍ර සෝමනස්ස කුමාර තෙම අනුකම්පා ඇත්තෙකි. දැන් යාච්ඤා කරනු ලබන්නේ ඔහු නො ලදිමි. තෙපි ද ඔහුට යාච්ඤා කරන්නට නිසි නො වහු දැයි රජ තෙම කීවේ ය.
Pali BJT2564. රමස්සු භික්ඛාචරියාය පුත්ත නිසම්ම ධම්මෙසු පරිබ්බජස්සු, සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අනින්දිතො බ්රහ්මමුපෙහි ඨානං.
Sinhala BJT2564. පුත්‍රය, පිඬුසිඟීමෙහි ඇලෙව. ධර්‍මයන්හි ලා විමසීම් ඇති කොට තන්හි තන්හි හැසිරෙව. සියලු සත්‍වයන් කෙරෙහි දඬුවම් අත්හැර නින්‍දා නොලබන්නෙක්ව බ්‍රහ්මලෝකයට එළඹෙනු මැනවැ යි රජබිසොව කීවා ය.
Pali BJT2565. අච්ඡිරියරූපං{1} වත යාදිසඤ්ච දුක්ඛිතං මං දුක්ඛාපයසෙ සුධම්මෙ, යාචස්සු පුත්තං ඉති වුච්චමානා භිය්යොව උස්සාහයසෙ කුමාරං.
Sinhala BJT2565. සුධර්‍මාවෙනි, යම්බඳු වූ දුකට පත් මා තෙපි වැඩියත් දුකට පැමිණවූවහු ය. පුත්‍රයා ගිහිගෙයි වසන පරිදි යාච්ඤා කරන්නට යයි කියනු ලබන්නී කුමරා වැඩියත් පැවිදිබවට උනන්දු කළා ය. ආශ්චර්‍ය්‍යයකි.
Pali BJT2566. යෙ විප්පමුත්තා අනවජ්ජභොජිනො, පරිනිබ්බුතා ලොකමිමං චරන්ති, තමරියමග්ගං පටිපජ්ජමානං න උස්සහෙ වාරයිතුං කුමාරං.
Sinhala BJT2566. රාගාදියෙන් මිදුණු නිරවද්‍ය භෝජන ඇති කෙලෙස් පිරිනිවියෙන් පිරිනිවුණු යම්බඳු රහත්හු මේ ලෙව්හි හැසිරෙද්ද උන්වහන්සේලාගේ ඒ උතුම් මඟ පිළිපන්නා වූ කුමාරයා වළකාලන්නට උත්සාහ නො කරමි යි මවුබිසව කීවාය.
Pali BJT2567. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, යෙසායං සුත්වාන සුභාසිතානි අප්පොස්සුක්කා වීතසොකා සුධම්මා’ති.
Sinhala BJT2567. මේ සුධර්‍මා තොමෝ යම් කෙනෙකුන්ගේ යහපත් වචන අසා ඒකාන්තයෙන් අල්පොත්සුක වූවා පහවූ ශෝක ඇත්තී වූවා ද යම් කෙනෙක් ප්‍රාඥ වූවාහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු නොයෙක් කරුණු සිතන්නෝ වෙද්ද, ඒකාන්තයෙන් ම ඔවුහු සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීවේ ය.
Pali BJTසොමනස්ස ජාතකං
Sinhala BJTසෝමනස්ස ජාතක යි.
Pali BJT10. චම්පෙය්යජාතකං.
Sinhala BJT10. චම්පෙය්‍ය ජාතකය
Pali BJT2568. කානු විජ්ජුරිවාභාසි ඔසධී විය තාරකා, දෙවතානුසි ගන්ධබ්බී න තං මඤ්ඤාමි මානුසිං{2}
Sinhala BJT2568. විදුලිය සේ ද ඕසධී තරුව සේ ද බබළන තෝ කවර නම් තැනැත්තියක් ද? දේවතාවක් ද ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද? තී මිනිස් මාගමකැ යි නො හඟිමි යි උග්ගසේන රජතෙම කීය.
Pali BJT2569. නම්හි දෙවි න ගන්ධබ්බී න මහාරාජ මානුසී, නාගකඤ්ඤම්හි{3} භද්දන්තෙ අත්ථෙනම්භි ඉධාගතා.
Sinhala BJT2569. මහරජ, මම දෙව්දුවක් නොවෙමු. ගාන්‍ධර්‍ව ස්ත්‍රියක් ද නොවෙමු. මිනිස් මාගමක් ද නොවෙමු. ස්වාමීනි, මම නාග කන්‍යාවක්මු. මෙහි යම්කිසි කටයුත්තක් සඳහා ආවමු.
Pali BJT2570. විබ්භන්තචිත්තා කුපිතින්ද්රියාසි නෙත්තෙහි තෙ වරිගණා සවන්ති, කින්තෙ නට්ඨං කිම්පන පත්ථයානා ඉධාගතා නාරි තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJT2570. එම්බා නාගකන්‍යාව, තෝ විභ්‍රාන්ත සිත් ඇත්තී කිපුණු ඉඳුරන් ඇත්තී වෙහිය. තීගේ ඇස්වලින් කඳුළුධාරාවෝ වැගිරෙත්. තීගේ කවර නම් දැයක් නටුයේ ද? කවරක් පතමින් මෙහි ආවා ද? එය මට කියනු මැනැවි.
Pali BJT2571. යමුග්ගතෙජො උරගොති චාහු නාගොති තං ආහු ජනා ජනින්ද, තමග්ගහී පුරිසො ජීවිකත්ථො තං බන්ධනා මුඤ්ච පතී මමෙසො.
Sinhala BJT2571. මහරජ, උග්‍රතේජස් ඇති යමකුට ‘උරගය’ යි (බඩගා යන්නෙකැයි) කීහු ද? ජනයෝ ඔහුට නාගය යි කීහු. දිවි රැකීම ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. ඒ මාගේ ස්වාමිපුරුෂයා ය.
Pali BJT2572. කථංන්වයං බලවිරියූපපන්නො හත්ථත්ථ මාගඤ්ජි{1} වණිබ්බකස්ස, අක්ඛාහි මෙ නාගකඤ්ඤෙ තමත්ථං කථං විජානෙමු ගහීතනාගං.
Sinhala BJT2572. එම්බා නාග කන්‍යාවෙනි, බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ මේ නාග තෙම කෙසේ නම් වණිබ්බක්යාගේ අතට පත්වී ද? නාගකන්‍යාවෙනි, ඒ කරුණ මට කියව. ගන්නා ලද නාගයා ගැන තොරතුරු කෙසේ නම් දනිමු ද?
Pali BJT2573. නගරම්පි නාගො භස්මං කරෙය්ය තථා හි සො බලවිරියූපපන්නො ධම්මඤ්ච නාගො අපචායමානො තස්මා පරක්කම්ම තපො කරොති.
Sinhala BJT2573. බලයෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නාග තෙම නගරය අළු කරන්නේ ය. නාග තෙම ධර්‍මය ම ගරු කරන්නේ වේ. එහෙයින් දුක ඉවසා තපස් කරන්නේ ය.
Pali BJT2574. චාතුද්දසිං පණ්ණරසිඤ්ච රාජ චතුප්පථෙ සම්මතී නාගරාජා, තමග්ගහී පුරිසො ජිවිකත්ථො තං බන්ධනා මුඤ්ච පතී මමෙසො.
Sinhala BJT2574. මේ නාරජ තෙම තුදුස්වක්හි ද පසළොස්වක්හි ද සතර මංසන්‍ධියෙක්හි පෙහෙව වාසය කරයි. ස්වකීය ජීවිකාව ප්‍රයෝජන කොට ඇති පුරුෂයෙක් ඔහු අල්ලා ගත්තේ ය. ඔහු බැඳුමෙන් මුදාලව. හෙ තෙම මාගේ සැමියා ය.
Pali BJT2575. සොළසිත්ථිසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, වාරිගෙහසයා{2} නාරී තාපි තං සරණඞ්ගතා.
Sinhala BJT2575. අමුණන ලද මිණි කොඬොල් ඇති ජලය ම ගෘහශයනය කොට ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු වෙද්ද ඒ ස්ත්‍රීහු ඔහු සරණ ගියාහු ය.
Pali BJT2576. ධම්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික්ඛෙන ගවං සතෙන, ඔස්සට්ඨකායො{3} උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
Sinhala BJT2576. ගම්වර දීමෙන් ද ස්වර්‍ණනිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නොසැහැසි - දැහැමිබැවින් මොහු මුදනු මැනැවි. නාග තෙමේ මිදුණු සිරුරැත්තේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
Pali BJT2577. ධම්මෙන මොචෙහි අසාහසෙන ගාමෙන නික්ඛෙන ගවංසතෙන, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
Sinhala BJT2577. ගම්වර දීමෙන් ද ස්වර්‍ණ නිෂ්ක දීමෙන් ද සිය ගණන් ගවයින් දීමෙන් ද නො සැහැසිකමින් ම දැහැමින් ම මොහු මුදමි. මිදුණු සිරුරැති නාග තෙම සිත්සේ හැසිරේවා පින් කැමැති නාග තෙමේ බන්‍ධනයෙන් මිදේවා.
Pali BJT2578. දම්මි නික්ඛාසතං ලුද්ද ථුල්ලඤ්ච{4} මණිකුණ්ඩලං, චතුස්සදං{5} ච පල්ලඞ්කං උම්මාපුප්ඵසිරිංනිභං,
Sinhala BJT2578-2579. වැදි පුත්‍රය, ස්වර්‍ණ නිෂ්ක සියයක් ද මහත් වූ මිණි කොඬොලක් ද සිවුපසින් දිය බෙරළිය මල් පැහැති උස පර්‍ය්‍යඞ්කයක් ද සමාන ගුණැති භාර්‍ය්‍යාවන් දෙදෙනෙකුන් ද ගවයන් සියයක් සහිත වෘෂභයකු ද දෙමි. මිදුණු සිරුරැති නාග තෙමේ සිත්සේ හැසිරේවා, පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
Pali BJT2579. ද්වෙ ච සාදිසියො භරියා උසභඤ්ච ගවං සතං, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2580. විනාපි දානා තව වචනං ජනින්ද මුඤ්චෙමු තං උරගං බන්ධනස්මා, ඔස්සට්ඨකායො උරගො චරාතු පුඤ්ඤත්ථිකො මුච්චතු බන්ධනස්මා.
Sinhala BJT2580. මහරජාණන් වහන්ස, මේ වස්තු දීමෙන් තොරව ද මුබවහන්සේගේ වචනය ගරු කොට ඒ නාගයා බැඳුමෙන් මුදමු. මිදුණු සිරුරැති නා තෙමේ සිත්සේ හැසිරේවා! පින් කැමැති නාග තෙමේ බැඳුමෙන් මිදේවා.
Pali BJT2581. මුත්තො චම්පෙය්යකො නාගො රාජානං එතදබ්රවි, නමො තෙ කාසිරාජත්ථු නමො තෙ කාසිවඩ්ඪන අඤ්ජලිං තෙ පගණ්හාමි පස්සෙය්යම්මෙ නිවෙසනං
Sinhala BJT2581. බැඳුමෙන් මිදුණු චම්පෙය්‍යක නාග තෙමේ රජුට මෙසේ කීවේ ය. කසීරට මහරජ, නුඹවහන්සේට නමස්කාර වේවා, කසීරට දියුණු කරන මහරජාණන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා, මාගේ නාග භවනය දැකුම්කලුය. එය සපිරිවරින් අවුත් බලන මෙන් ආරාධනා කොට නුඹවහන්සේට ඇඳිලි බඳිමි යි නාරජ තෙම කීයේ ය.
Pali BJT2582. අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු යං මානුසො විස්සසෙ අමානුසම්භි, සච්චෙ මං යාචසි එතමත්ථං දක්ඛෙමු තෙ නාග නිවෙසනානි.
Sinhala BJT2582. පින්වත් නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නො කොට හැක්කකැ යි කියත්. ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම්, නුඹගේ නාග භවනයන් දක්නෙමු යි රජ තෙම කීයේ ය.
Pali BJT2583. සචෙහි වාතො ගිරිමාවහෙය්ය චන්දො ච සුරියො ච ඡමාපතෙය්යුං, සබ්බා ව නජ්ජො පටිසොතං වහෙය්යුං න ත්වෙවහං රාජ මුසා භණෙය්යං.
Sinhala BJT2583. මහරජ ඉදින් (වනාහි) වාතය තෙම පර්‍වතයක් ගසාගෙන යන්නේ නමුදු සඳ හිරු දෙදෙනා බිමැ වැටෙන්නාහු නමුදු හැම නදීහු ම උඩුගං බලා යෙත් නමුදු මම බොරු නො කියමි යි බෝසත් තෙමේ කීයේ ය.
Pali BJT2584. නභං ඵලෙය්ය උදධීපි සුස්සෙ සංවට්ටයං භූතධරා වසුන්ධරා, සිලුච්චයො මෙරු සමූලමුබ්බහෙ නත්වෙවහං රාජා මුසා භණෙය්යං.
Sinhala BJT2584. අහස පැළෙන්නේ නමුත් මුහුද වියැළෙන්නේ නමුත් භූතයන් දරා සිටින්නා වූ පෘථිවි තොමෝ හැකිළෙන්නී නමුත් පර්‍වතයන් අතුරෙන් උස් වූ මහමෙර සහමුලින් ඉදිරෙන්නේ නමුත් මහරජ මම බොරුවක් නම් නො කියමි යි බෝසත් තෙම කීයේ ය.
Pali BJT2585. අද්ධා හි දුබ්බිස්සසමෙතමාහු යං මානුසො විස්සසෙ අමානුසම්භි, සචෙ ච මං යාචසි එතමත්ථං දක්ඛෙමු තෙ නාග නිවෙසනානි.
Sinhala BJT2585. එම්බා නාරජ, මනුෂ්‍යයෙක් තෙම අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාසය තබන්නේ ය යන යමක් වේ නම් එය ඒකාන්තයෙන් ම විශ්වාස නොකොට හැක්කකැ යි කියත්, ඉදින් මේ ගැන මට යාච්ඤා කරන්නෙහි නම් නුඹගේ නා විමන් දකිමු යි රජ තෙම කීයේ ය.
Pali BJT2586. තුම්හෙ ඛොත්ථ ඝොරවිසා උළාරා මහාතෙජා ඛිප්පකොපී ච හොථ, මම කාරණා{1} බන්ධනස්මා පමුත්තො අරහසි නො ජානිතායෙ{2} කතානි.
Sinhala BJT2586. නාරජ, තෙපි වනාහි මහත් වූ දරුණු විෂ ඇති මහාතේජස් ඇති වහා කිපෙන සුල්ලෝ ද වන්නාහු ය. මා නිසා බන්‍ධනයෙන් මිදුණේ මා කළ උපකාර දැනගන්නට වටනෙහි ය.
Pali BJT2587. සො පච්චතං නිරයෙ ඝොරරූපෙ මා කායිකං සාතමලථෙ කිඤ්චි, පෙළාය බද්ධො මරණං උපෙතු යො තාදිසං කම්ම කතං න ජානෙ.
Sinhala BJT2587. යමෙක් කරනලද එබඳු උපකාර නො දන්නේ නම් හෙ තෙමේ භයානක දුක් ඇති නිරයෙහි පැසේවා, කිසියම් කායික සුවයක් නොලබාවා! පැසෙහි බැඳුණේ මරණයට යේවා, (මෙසේ කියා නාරජ තෙම දිවුළේ ය.)
Pali BJT2588. සච්චප්පටිඤ්ඤා තව මෙස හොතු අක්කොධනො{3} හොහි අනුපනාහී, සබ්බඤ්ච තෙ නාගකුලං සුපණ්ණා අග්ගිංව ගිම්භාසු විවජ්ජයන්තු.
Sinhala BJT2588. පින්වත් නා රජ, නුඹගේ මේ ප්‍රතිඥාව සත්‍ය ප්‍රතිඥාවක් වේවා නුඹ ක්‍රෝධ නො කරන්නෙක් වෙහිවා, බද්ධ වෛර නැත්තෙක් වෙහිවා, නුඹගේ මුළු නාකුලය ම සුපර්‍ණයෝ ග්‍රීෂ්මකාලයෙහි ගින්න මෙන් දුරු කෙරෙත්වා.
Pali BJT2589. අනුකම්පසී නාගකුලං ජනින්ද මාතා යථා සුප්පියං එකපුත්තං, අහං ච තෙ නාගකුලෙන සද්ධිං කාහාමි වෙය්යාවටිකං උළාරං.
Sinhala BJT2589. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේ ඉතා ප්‍රිය එක ම පුතකු ගැන අනුකම්පා කරන මවක මෙන් නාකුලයට අනුකම්පා කරන්නහු ය. මම ද නාකුලය සමග නුඹවහන්සේට බොහෝ වතාවත් කරමි යි නා රජ කීයේ ය.
Pali BJT2590. යොජෙන්තු වෙ රාජරථෙ සුචිත්තෙ කම්බොජාක අස්සතරෙ සුදන්තෙ, නාගෙ ච යොජෙන්තු සුවණ්ණකප්පනෙ දක්ඛෙමු නාගස්ස නිවෙසනානි.
Sinhala BJT2590. මනා කොට විසිතුරු කරනලද රාජරථයෙහි ඉතා දැමුණු කාම්බෝජ අශ්වතරයන් යොදත්වා. රනින් සැරසුවා වූ ඇතුන් ද යොදත්වා, නාගයාගේ විමානයන් දකිමු යි රජ තෙම කීයේ ය.
Pali BJT2591. භෙරි මුතිඞ්ගා පණවා ච සඞ්ඛා ආවජ්ජිසුං{1} උග්ගසෙනස්ස රඤ්ඤො. පායාසි රාජා බහුසොභමානො පුරක්ඛතො නාරිගණස්ස මජ්ඣෙ.
Sinhala BJT2591. උග්ගසේන රජුගේ මහබෙර ද මිහිඟුබෙර ද පණාබෙර ද හක් ද වාදනය කළාහු ය. පිරිවරනලද ස්ත්‍රී සමූහයා මැද උග්ගසේන රජ ඉතා හොබනේ ගියේයයි වදාළසේක.
Pali BJT2592. සුවණ්ණචිතකං{2} භූමිං අද්දක්ඛි{3} කාසිවද්ධනො, සොවණ්ණමයෙ ව පාසාදෙ වෙළුරියඵලකත්ථතෙ.
Sinhala BJT2592. කසීරට දියුණු කරන රජ තෙමේ රන්වැලි අතුළ බිම ද වෛඩූර්‍ය්‍ය පුවරු අතුළ රන්මුවා ප්‍රාසාද ද දුටුවේ ය.
Pali BJT2593. ස රාජ පාවිසි ව්යම්භං චම්පෙය්යස්ස නිවෙසනං, {4}ආදිච්චවණ්ණූපනිභං කංසවිජ්ජුපභස්සරං.
Sinhala BJT2593. සූර්‍ය්‍යයාගේ වර්‍ණයට බඳු වූ රන්වන් විදුලිය සේ පැහැ විහිදෙන චම්පෙය්‍ය නාගයාගේ විමානයට ඒ උග්ගසේන රජ තෙම පිවිසියේ ය.
Pali BJT2594. නානාරුක්ඛෙහි සඤ්ඡන්නං නානාගන්ධසමෙරිතං{5} සො පාවෙක්ඛි කාසිරාජා චම්පෙය්යස්ස නිවෙසනං.
Sinhala BJT2594. ඒ කසීරජ තෙම නොයෙක් ගසින් ගැවසුණු නොයෙක් සුවඳින් සුවඳ කවනලද චම්පෙය්‍ය නාගයාගේ විමානය දැක්කේ ය.
Pali BJT2595. පවිට්ඨම්හි{6} කාසිරඤ්ඤෙ චම්පෙය්යස්ස නිවෙසනං. දිබ්බා තුරියා වජ්ජිංසු{7} නාගකඤ්ඤා ච නච්චයුං.
Sinhala BJT2595. කසීරජ චම්පෙය්‍ය නාගයාගේ නිවසට පිවිසි කල්හි දිව්‍යමය තූර්‍ය්‍යය වාදනය කළහ. නාගකන්‍යාවෝ නැටූහ.
Pali BJT2596. තං නාගකඤ්ඤා චරිතං ගණෙන අන්වාරුහී කාසිරාජා පසන්නො, නිසීදි සොවණ්ණමයම්භි පීඨෙ සාපස්සයෙ චන්දනසාරලිත්තෙ.
Sinhala BJT2596. නාගකන්‍යා සමූහයා විසින් හැසිරෙන ලද ඒ විමානයට පහන් සිත් ඇති කසීරජ තෙම නැඟුණේ ය. සඳුන් කලක ගල්වන ලද හේත්තුවන පුවරු සහිත ස්වර්‍ණමය පුටුවෙහි හිඳගත්තේ ය.
Pali BJT2597. සො තත්ථ භුත්වා ච අථො රමිත්වා චම්පෙය්යකං කාසිරාජා අවොච, විමානසෙට්ඨානි ඉමානි තුය්හං ආදිච්චවණ්ණානි පභස්සරානි නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2597. ඒ කසීරජ තෙම එහි අනුභව කොට නැවත සිත් අල්වා වැස චම්පෙය්‍යක නාගයාහට මෙසේ කීයේ ය. නුඹගේ මේ සූර්‍ය්‍යයාට බඳු වර්‍ණ ඇති පැහැ විහිදෙන උතුම් විමානයෝ වෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2598. තා කම්බුකෙයූරධරා සුවත්ථා වට්ටඞ්ගුලී තම්බතලූපපන්නා, පග්ගය්හ පායෙන්ති අනොමවණ්ණා නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2598. රන් අබරණ දරන්නා වූ මනාකොට හඳනා ලද වස්ත්‍ර ඇති වට ඇඟිලි ඇති තඹවන් අතුල් පතුල් වලින් යුක්ත වූ අලාමක වූ පැහැසටහන් ඇති ඒ නාගකන්‍යාවෝ දිව්‍යපානය ගෙනවුත් පොවති. මිනිස් ලොව මෙවැන්නක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2599. නජ්ජො ච තෙමා පුථුලොමමච්ඡා ආටා{1} සකුන්තාභිරුදා සුතිත්ථා, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2599. පුළුල් වරලින් යුත් මසුන් ඇති උකුසු පක්‍ෂීන් විසින් පවත්වන ලද නාද ඇති මනා තොටුපලින් යුත් ඒ මේ ගංගාවෝ ද ඇත්තාහ. මිනිස් ලොව එබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2600. කොඤ්චා මයූරා දිවියා ච හංසා වග්ගුස්සරා කොකිලා සම්පතන්ති, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2600. කොස්ලිහිණියෝ ද මොනරු ද දිව්‍ය හංසයෝ ද මිහිරි නාද පවත්වන කොවුලෝ ද ගසින් ගසට මාරුවෙති. මිනිස් ලොවැ මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2601. අම්බාව සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටළියො ච ඵුල්ලා, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2601. එම්බා නාගරාජය, පිපීගිය අඹ ද සල් ද එරහැන්ද ද දඹ ද ඇසළ ද පළොල් ද ඇත්තාහ. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2602. ඉමා ච තෙ පොක්ඛරඤ්ඤො සමන්තතො දිව්යා ච{2} ගන්ධා සතතං සම්පතන්තී, නෙතාදිසං අත්ථි මනුස්සලොකෙ කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT2602. එම්බා නාරජ, මේ පොකුණු හාත්පසැ නිතර දිව්‍යමය වූ සුවඳ හමයි. මිනිස් ලොව මෙබන්දක් නැත. නාගය, කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහි ද?
Pali BJT2603. න පුත්තභෙතු න ධනස්ස හොතු න ආයුනො චාපි ජනින්ද හෙතු, මනුස්සයොනිං අභිපත්ථයානො තස්මා පරක්කම්ම තපො කරොමි.
Sinhala BJT2603. මහරජ, මම පුත්‍රයන් හේතු කොට ගෙන පෙහෙවස් නො රකිමි, ධනය හේතුකොට ගෙන ද නො රකිමි, ආයුෂ හේතු කොට ගෙන ද නො රකිමි, මිනිස් ලොව උප්පත්තිය පතමි. එහෙයින් වීර්‍ය්‍යය වඩා තපස් රකිමි යි නාරජ කීයේ ය.
Pali BJT2604. ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො අලඞ්කතො කප්පිතකෙසමස්සු, සුරොසිතො ලොහිතචන්දනෙන ගන්ධබ්බරාජාව දිසා පභාසසි.
Sinhala BJT2604. එම්බා මහරජ, නුඹ වහන්සේ ලේවන් ඇස් ඇත්තේ නසන ලද අන්තරාය ඇති සරසන ලද්දේ කපන ලද කෙස් රවුළු ඇති රත්සඳුනෙන් සුවඳ ගල්වන ලද්දේ ගාන්‍ධර්‍ව රාජයකු මෙන් දිශාවන් බබුළුවන්නෙහි ය.
Pali BJT2605. දෙවිද්ධිපත්තොසි මහානුභාවො සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං සෙය්යො ඉතො කෙන මනුස්සලොකො.
Sinhala BJT2605. නාගරාජය, නුඹ සියලු කාමසම්පතින් යුක්ත වූයෙහි මහානුභාව සම්පන්න වූයෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියෙහි ය. මේ කාරණය නුඹ අතින් විචාරමි. කවර හෙයින් මිනිස් ලොව මීට වඩා ශ්‍රේෂ්ඨ ද?
Pali BJT2606. ජනින්ද නාඤ්ඤත්ර මනුස්සලොකා සුද්ධී ච සංවිජ්ජති සංයමො ච, අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං කාහාමි ජාතිමරණස්ස අන්තං.
Sinhala BJT2606. මහරජ, මිනිස් ලොවින් වෙන් ව නිර්‍වාණ ශුද්ධියක් හෝ සීලසංයමයක් හෝ නැත්තේ ය. මම ද මිනිස් උපත ලබා ජාතිමරණයන් කෙළවර කරමි යි සිතා තපස් කරමි යි නාරජ කීවේ ය.
Pali BJT2607. අද්ධා භවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාරියො ච දිස්වාන තවං ච නාග කරොහි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT2607. නාගරාජය, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. නුඹ ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරමි යි රජ ප්‍රකාශ කෙළේ ය.
Pali BJT2608. අද්ධා භවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාරියො ච දිස්වාන මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT2608. මහරජ, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාහු බහුශ්‍රුත වෙද්ද, නුවණැති ඔවුහු සේවනය කටයුත්තාහ. මා ද නාග කන්‍යාවරුන් ද දැක බොහෝ පින් කරව යි නාරජ තෙම උග්ගසේන රජුට කීවේ ය.
Pali BJT2609. ඉදඤ්ච මෙ ජාතරූපං පහූතං{1} රාසී සුවණ්ණස්ස ච තාලමත්තා, ඉතො හරිත්වා{2} සොවණ්ණඝරානි{3} කාරය රූපියස්ස ච පාකාරං කරොන්තු.
Sinhala BJT2609. මහරජ, මාගේ මේ බොහෝ වූ රන් ඇත. තල්ගස් පමණ ස්වර්‍ණ රාශීහු ද ඇත්තාහ. මෙයින් රන් ගෙන ගොස් ස්වර්‍ණ ගෘහ කරව. රිදීයෙන් පවුරක් ද කරව.
Pali BJT2610. මුත්තානඤ්ච{4} වාහසහස්සානි පඤ්ච වෙළුරියමිස්සානි ඉතො හරිත්වා, අන්තෙපුරෙ භූමියං සන්ථරන්තු නික්කද්දමා හොහිති{5} නීරජා ච.
Sinhala BJT2610. වෛඩූර්‍ය්‍ය මිශ්‍ර වූ මුතු ගැල් පන්දහසක් මෙයින් ගෙන ගොස් අන්තඃපුර භූමියෙහි අතුරත්වා, භූමි තොමෝ මඩ නැත්තී රජස් විරහිත වන්නී ය.
Pali BJT2611. එතාදිසං ආවස රාජාසෙට්ඨ විමානසෙට්ඨං බහුසොභමානං, බාරාණසිං{6} නගරං ඉද්ධඵිතං රජ්ජඤ්ච කාරෙහි අනොමපඤ්ඤාති.
Sinhala BJT2611. රාජශ්‍රේෂ්ඨය, ඉතා හොබනා වූ මෙබඳු උතුම් විමානයෙක්හි වාසය කරව, අලාමක වූ නුවණැත්ත, සමෘද්ධියෙන් පිරීගිය බරණැස් නුවර රාජ්‍යය ද කරව යි නාරජ තෙම කීයේ ය.
Pali BJTචම්පෙය්ය ජාතකං.
Sinhala BJTචම්පෙය්‍ය ජාතක යි.
Pali BJT11. පලොභනජාතකං.
Sinhala BJT11. මහාපලෝභන ජාතකය
Pali BJT2612. බ්රහ්මලොකා චවිත්වාන දෙවපුත්තො මහිද්ධිකො, රඤ්ඤො පුත්තො උදපාදි සබ්බකාමසමිද්ධිසු.
Sinhala BJT2612. මහත් ඍද්ධි ඇති දෙව් පුතෙක් බඹ ලොවින් සැව සියලු කාමසම්පතින් සමෘද්ධ වූ කසී දනව්වෙහි රජුහට පුත් ව උපන්නේ ය.
Pali BJT2613. කාමා වා කාමසඤ්ඤා වා බ්රහ්මලොකෙ න විජ්ජති, ය්වාස්ස{7} තායෙව සඤ්ඤාය කාමෙහි විජිගුච්ඡථ.
Sinhala BJT2613. යම් කුමාරයෙක් බඹලොව දී හටගත් කාම විරහිත එම සංඥායෙන් ම කාමයෙන් කෙරෙන් පිළිකුල් ඇති කරයි ද, බඹලෙව්හි ඒ කාමයෝ හෝ කාමසංඥාවෝ හෝ විද්‍යාමාන නො වෙති.
Pali BJT2614. තස්ස චන්තෙපුරෙ ආසි ඣානාගාරං සුමාපිතං, සො තත්ථ පතිසල්ලීනො එකො රහසි ඣායථ.
Sinhala BJT2614. ඔහුගේ අන්තඃපුරයෙහි පියා විසින් කරවනලද ධ්‍යානාගාරයක් විය. හෙතෙම එහි විවේකයෙහි ඇලුණේ තනි ව රහසිගත ව ධ්‍යාන කෙළේ ය.
Pali BJT2615. ස රාජා පරිදෙවෙසි පුත්තසොකෙන අට්ටිතො, එකපුත්තො චයං මය්හං න ච කාමානි භුඤ්ජති.
Sinhala BJT2615. පුත්‍රශෝකයෙන් පෙළුණු ඒ රජ තෙම මගේ එක ම පුත්‍රයා කාමසම්පත් පරිභෝග නො කෙරේ යයි වැළපුණේ ය.
Pali BJT2616. කොනු ඛෙත්ථ{1} උපායො සො{2} කො වා ජානාති කිඤ්චනං, කො මෙ පුත්තං පලොභෙය්ය යථා කාමානි පත්ථයෙ.
Sinhala BJT2616. මෙහිලා කවර නම් උපායෙක් ඇත්තේ ද? එයට පළිබෝධයක් කවරෙක් නම් දනී ද? යම්සේ මාගේ පුත්‍රයා කාමසම්පත් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම් එසේ කවරෙක් නම් පොළඹවා ද?
Pali BJT2617. අහූ කුමාරී තත්ථෙව රූපවණ්ණ{3}සමාහිතා, කුසලා නච්චගීතස්ස වාදිතෙ ච පදක්ඛිණා සා තත්ථ උපසඞ්කම්ම රාජානං එතදබ්රවි.
Sinhala BJT2617. රූපයෙන් හා වර්‍ණයෙන් යුත් නෘත්‍යගීතයන්හි දක්‍ෂ වාදනයෙහි ද සමත් කුමරියක් ඒ අන්තඃපුරයෙහි ම වූ යැ. ඕ එහි එළැඹ රජුට මෙසේ කීවා ය.
Pali BJT2618. අහං ඛො තං පලොභෙය්යං සචෙ භත්තා භවිස්සති, තං තථාවාදිනිං රාජා කුමාරිං එතදබ්රවි. ත්වඤ්ඤෙව නං පලොහෙහි තව භත්තා භවිස්සති.
Sinhala BJT2618. හෙ තෙමේ මට සැමි වන්නේ නම් මම ඔහු පොළඹවන්නෙමි. (ඇය කී විට) රජ තෙම එසේ කියන්නා වූ ඒ කුමරියට මෙසේ කීයේ ය. තෝ ඒ කුමරා පොළඹවා ගනුව, තිට හේ සැමි වන්නේ ය කියායි.
Pali BJT2619. සා ච අන්තෙපුරං ගන්ත්වා බහූ කාමූපසංහිතං, හදයඞ්ගමා පෙමණීයා චිත්රගාථා{4} අභාසථ.
Sinhala BJT2619. ඕ ද ඒ අන්තඃපුරයට ගොස් කාමූපසංහිත වූ ත් හෘදයාංගම වූ ත් ප්‍රේමණීය වූ ත් බොහෝ විසිතුරු ගාථාවන් කිවු ය.
Pali BJT2620. තස්සා ච ගායමානාය සද්දං සුත්වාන නාරියා, කාමච්ඡන්දස්ස උප්පජ්ජ ජනං සො පරිපුච්ඡථ.
Sinhala BJT2620. ගායනා කරන ඒ ස්ත්‍රියගේ හඬ අසා ඒ කුමාරයාට කාමාසාව උපන්නේ ය. හේ තෙමේ ජනයා අතින් විචාළේ ය.
Pali BJT2621. කස්සෙසො සද්දො කො වා සො භණති උච්චාවචං බහු, හදයඞ්ගමං පෙමණියං අථො කණ්ණසුඛං මම.
Sinhala BJT2621. මේ හඬ කවරෙකුගේ ද? ඒ කවරක් නම් හෘදයාංගමව ප්‍රේමණීය ව කර්‍ණසුඛ ව උස් පහත් හඬින් බොහෝ කොට බෙණේ දැ කියා (අනිත්‍ථිගන්‍ධ) කුමාර තෙම ඇසී ය.
Pali BJT2622. ඵසා ඛො පමදා දෙව ඛිඩ්ඩා එසා අනප්පිකා, සචෙ ත්වං කාමෙ භුඤ්ජෙය්ය භිය්යො භිය්යො ඡාදෙයසු තං.
Sinhala BJT2622. දේවයන් වහන්ස, මෝ තොමෝ ස්ත්‍රියක, මෝ තොමෝ මහත් වූ ක්‍රීඩිකාවක, ඉදින් නුඹ වහන්සේ කාමසම්පත් අනුභව කරන්නාහු නම්, ඊට වැඩිවැඩියක් කැමතිවන්නාහු ය.
Pali BJT2623. ඉඞ්ඝ ආගච්ඡතොරෙන අවිදූරම්භි ගායතු, අස්සමස්ස සමීපම්හි සන්තිකෙ මය්හ ගායතු.
Sinhala BJT2623. එසේ නම් මොබට ඒවා, නුදුරු තන්හි ගායනා කෙරේවා, ශයනාගාරයට සමීප ව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.
Pali BJT2624. තිරොකුඩ්ඪම්භි ගායිත්වා ඣානාගාරම්භි පාවිසි, බන්ධි{5} නං අනුපුබ්බෙන ආරඤ්ඤමිව කුඤ්ජරං.
Sinhala BJT2624. බිත්තියෙන් පිටත්හි ගායනය කොට ධ්‍යානාගාරයට පිවිසි යා ය. කැලේ ඇතකු මෙන් ක්‍රමයෙන් ඕ ඔහු බැඳගත්තා ය.
Pali BJT2625. තස්ස කාමරසං ඤත්වා ඉස්සාධම්මො අජායථ, අහමෙව කාමෙ භුඤ්ජෙය්යං මා අඤ්ඤො පුරිසො අහූ.
Sinhala BJT2625. ඒ කුමාරයාට කාමරසය දැනී ඊර්‍ෂ්‍යා ස්වාභාවයෙක් හට ගත්තේ ය. මම ම කාමයන් අනුභව කරමි. කම්සැප විඳින අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
Pali BJT2626. තතො අසිං ගහෙත්වාන පුරිසෙ හන්තුං උපක්කමි, අහමෙව එකො භුඤ්ජිස්සං මා අඤ්ඤො පුරිසො සියා.
Sinhala BJT2626. ඉක්බිති කඩුවක් ගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. මම ම තනිවැ කම්සුව අනුභව කරමි. අන් පුරුෂයෙක් නො වේවා කියා යි.
Pali BJT2627. තතො ජානපදා සබ්බෙ වික්කන්දිංසු සමාගතා, පුත්තො ත්යායං මහාරාජ ජනං භෙඨෙත්යදූසකං.
Sinhala BJT2627. ඉක්බිති දනව්වැසි සියල්ලෝ ම රැස්ව “මහරජුනි, නුඹ වහන්සේගේ මේ පුත්‍රයා නිරපරාධ ජනයා නසති” යි වැළැපෙමින් කියා සිටියහ.
Pali BJT2628. තඤ්ච රාජා විවාහෙසි සම්හා රට්ඨාතො ඛත්තියො, යාවතා විජිතං මය්හං න තෙ වත්තබ්බ{1} තාවදෙ.
Sinhala BJT2628. රජ තෙමේ ද ඔහු “මගේ රට යම්තාක් වේ ද ඒ තාක් තැන නොසිටිය යුතුය” යි සිය රටින් බැහැර කෙළේ ය.
Pali BJT2629. තතො සො භරියං ආදාය සමුද්දං උපසඞ්කමි, පණ්ණසාලං කරිත්වාන වනං උඤ්ඡාය{2} පාවිසි.
Sinhala BJT2629. ඉක්බිති ඒ කුමර තෙම බිරිය ගෙන මුහුදු වෙරළට එළැඹියේ ය. එහි පන්සලක් කොට වසන්නේ පලවැළ පිණිස වනයට ද පිවිසියේ ය.
Pali BJT2630. අථෙත්ථ ඉසිමාගඤඡි සමුද්දං උපරූපරි, සො තස්ස ගෙහං පාවෙක්ඛී භත්තකාලෙ උපට්ඨිතෙ.
Sinhala BJT2630. එකල්හි ඍෂිවරයෙක් දීපාන්තරයෙහි සිට මුහුදු දිය මතුයෙහි එහි පැමිණියේ ය. හෙතෙමේ ආහාර වේලාව පැමිණි කල්හි ඔහුගේ ගෙට ඇතුළු විය.
Pali BJT2631. තඤ්ච භරියා පලොභෙසි පස්ස යාව සුදාරුණං, චුතො සො බ්රහ්මචරියම්භා ඉද්ධියා පරිහායථ.
Sinhala BJT2631. භාර්‍ය්‍යා තොමෝ ඒ තවුසා ද පොළඹවා ගත්තා ය. ඇයගේ ඉතා දරුණුකමක් බලව. හේ බඹසරින් චුතවූයේ ඍද්ධියෙන් ද පිරිහුණේ ය.
Pali BJT2632. රාජපුත්තො ච උඤ්ඡාතො වනමූලඵලං බහුං, සායං කාජෙන ආදාය අස්සමං උපසඞ්කමි.
Sinhala BJT2632. රාජපුත්‍ර තෙමේ ද සිඟීමෙන් ලත් බොහෝ වනමුල් ඵලාඵල සවස් කාලයෙහි කදින්ගෙන ආශ්‍රමයට එළැඹියේ ය.
Pali BJT2633. ඉසී ච ඛත්තියං දිස්වා සමුද්දං උපසඞ්කමි, වෙහාසයං ගමිස්සන්ති සීදතෙ සො මහණ්ණවෙ.
Sinhala BJT2633. ඍෂිතෙමේ ද ක්‍ෂත්‍රියයා දැක සමුද්‍රයකරා පැමිණියේ යැ. හේ අහසෙහි යන්නෙමැ යි මහමුහුදෙහි ම ගිලෙයි.
Pali BJT2634. ඛත්තියො ච ඉසිං දිස්වා සීදමානං මහණ්ණවෙ, තස්සෙව අනුකම්පාය ඉමා ගාථා අභාසථ.
Sinhala BJT2634. ක්‍ෂත්‍රිය තෙමේ ද මහසයුරෙහි ගිලෙන ඍෂිහු දැක ඔහුට ම අනුකම්පා පිණිස මේ ගාථාවන් කීයේ ය.
Pali BJT2635. අභිජ්ජමානෙ වාරිස්මිං සයං ආගම්ම ඉද්ධියා, මිස්සීභාවිත්ථියා ගන්ත්වා සංසීදසි මහණ්ණවෙ
Sinhala BJT2635. තෙමේ, නොබිඳෙන දිය මතුපිට ඍද්ධියෙන් අවුත් ස්ත්‍රිය හා එක්වීමට පැමිණ මහසයුරෙහි ගිලෙහිය.
Pali BJT2636. ආවට්ටනී මහාමායා බ්රහ්මචරියවිකොපනා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවච්චයෙ.
Sinhala BJT2636. මේ ස්ත්‍රීහු නම් කාමාවර්‍තයෙන් ආවර්‍තනය කරන හෙයින් ආවර්‍තනීයහ. මහත් වූ මායා ඇත්තාහ. බ්‍රහ්මචර්‍ය්‍යය විනාශ කිරීමෙන් පුරුෂයන් අපායෙහි ගල්වන්නාහ. මෙය දැන නුවණැති පුරුෂ තෙමේ ස්ත්‍රීන් දුරින් ම දුරුකරන්නේ ය.
Pali BJT2637. අනලා මුදුසම්භාසා දුප්පූරා තා නදීසමා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT2637. කොතෙක් පිරිමින් ලදුවත් සෑහීමකට පත් නොවන හෙයින් අනලා නම් වූ මොළොක් කථා ඇති තෘප්ත නො කට හැක්කා වූ ගංගාවන් හා සමාන වන්නා වූ ඒ ස්ත්‍රීහු තමන් වෙත පැමිණියවුන් අපායෙහි ගල්වති යි දැන නුවණැත්තන් විසින් දුරින් ම දුරුකට යුත්තාහු ය.
Pali BJT2638. යං එතා උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, . ජාතවෙදොව සණ්ඨානං ඛිප්පං අනුදහන්ති තං.
Sinhala BJT2638. මේ ස්ත්‍රීහු සිය කැමැත්තෙන් හෝ ධනය හේතුකොට හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙද්ද ස්වකීය ස්ථානය දවන්නා වූ ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත්.
Pali BJT2639. ඛත්තියස්ස වචො සුත්වා ඉසිස්ස නිබ්බිදා අහූ, ලද්ධා පොරාණකං මග්ගං ගච්ඡතෙ සො විහායසං.
Sinhala BJT2639. ක්‍ෂත්‍රියයාගේ වචනය අසා ඍෂිවරයාහට කලකිරීම ඇති විය. හෙතෙමේ පැරණි ධ්‍යාන මාර්‍ගය ලැබ අහසින් යයි.
Pali BJT2640. ඛත්තියො ච ඉසිං දිස්වා ගච්ඡමානං විහායසං, සංවෙගං අලභී ධීරො පබ්බජ්ජං සමරොචයි.
Sinhala BJT2640. ක්‍ෂත්‍රිය තෙමේ ද අහසින් යන ඍෂිහු දැක සංවේගය ලැබ ගත්තේ ය. ඒ ක්‍ෂත්‍රිය පණ්ඩිත තෙමේ ද පැවිද්ද කැමැති විය.
Pali BJT2641. තතො සො පබ්බජිත්වාන කාමරාජග විරාජයි, කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගො අහූති.
Sinhala BJT2641. ඉක්බිති හේ පැවිදිව කාමරාගය දුරු කෙළේ ය. කාමරාගය දුරු කොට බඹලොව උපන්නේ යි.
Pali BJTමහාපලොභන ජාතකං.
Sinhala BJTමහාපලෝභන ජාතක යි.
Pali BJT12. පඤ්චපණ්ඩිතපඤ්හො
Sinhala BJT12. පස්පඬි පැනය
Pali BJT2642. පඤ්ච පණ්ඩිතා සමාගතා පඤ්හො මෙ පටිභාති තං සුණාථ, නින්දියමත්ථං පසංසියං වා, කස්සෙවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2642. මෙහි රැස් වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයෙක් වටහයි. එය අසවු නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහසක් නම් කවරකුහට එළිදරව් කළයුතු වන්නේ දැ යි රජ තෙම ඇසී ය.
Pali BJT2643. ත්වං නො ආවිකරොහි භූමිපාල භත්තා භාරසහො තුවං වදෙතං, තච ඡන්දඤ්ච රුචිඤ්ච සම්මසිත්වා අථ වක්ඛන්ති ජනින්ද මඤ්ච ධීරා.
Sinhala BJT2643. මහරජ, නුඹ වහන්සේ අපට එළිදරව් කරනු මැනව. නුඹ වහන්සේ වනාහි අපගේ ස්වාමියා ද බර උසුලන තැනැත්තේ ද වන්නාහු ය. එහෙයින් පළමු කොට නුඹ වහන්සේ ම මෙය කියන සේක්වා, මහරජ, නුඹ වහන්සේගේ කැමැත්ත ද රුචි කරුණු ද දැනගෙන අනතුරු ව පඤ්ච පණ්ඩිතයෝ ප්‍රකාශ කරත් යී සේනක තෙම කීවේ ය.
Pali BJT2644. යා සීලවතී අනඤ්ඤධෙය්යා භත්තුච්ඡන්දවසානුගා මනාපා, නින්දියමත්ථං පසංසියං වා, භරියායාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2644. යම් භාර්‍ය්‍යාවක් සිල්වත් ද, අනුන් වසඟයෙහි නො පවතී ද, සැමියාගේ කැමැත්ත අනුව ජීවත් වන්නී ද, මනවඩන්නී ද එවැනි භාර්‍ය්‍යාවට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එළිදරව් කළයුතු වන්නේ ය.
Pali BJT2645. යො කිච්ඡගතස්ස ආතුරස්ස සරණං හොති ගතී පරායණඤ්ච, නින්දියමත්ථං පසංසියං වා, සඛිනොවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2645. යමෙක් පිහිටක් නොමැතිව කරදරයට පත් වූ ගිලනා හට පිහිට වේද නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු යහළුවාට එළිදරව් කරන්නේ ය.
Pali BJT2646. ජෙට්ඨො අථ මජ්ඣිමො කණිට්ඨො සො චෙ සීලවකො සමාහිතො ඨිතත්තො, නින්දියමත්ථං පසංසියං වා, භාතුවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2646. ජ්‍යේෂ්ඨ වූ හෝ මධ්‍යම වූ හෝ කණිෂ්ඨ වූ හෝ යම් ඒ සහෝදරයෙක් තෙම ශීලයෙන් යුක්ත වූයේ ස්ථිර ස්වභාව ඇත්තේ වේ ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු සහෝදරයාට ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT2647. යො වෙ හදයස්ස පද්ධගු අනුජාතො පිතරං අනොමපඤ්ඤො, නින්දියමත්ථං පසංසියං වා, පුත්තයසාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2647. යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිත් වූ පරිදි ක්‍රියා කෙරේ ද පියා හා සමගුණ ඇත්තේ වේ ද, අලාමක ප්‍රඥා ඇත්තේ ද එබඳු පුත්‍රයාට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT2648. මාතා දිපදා ජනින්දසෙට්ඨ යා තං පොසෙති ඡන්දසා පියෙන, නින්දියමත්ථං පසංසියං වා, මාතුයාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT2648. දෙපා ඇත්තවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජතුමනි, යම් මවක් කැමැත්තෙන් හා ප්‍රේමයෙන් පුතකු පෝෂණය කරන්නී ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ සැඟවිය යුතු කරුණ ඒ මවට ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT2649. ගුය්හස්ස හි ගුය්හමෙව සාධු නහි ගුය්හස්ස පසත්ථමාවිකම්මං, අනිප්ඵාදාය සහෙය්ය ධීරො නිප්ඵන්නත්ථො යථා සුඛං භණෙය්ය.
Sinhala BJT2649. සැඟවියයුත්ත සැඟවීම ම යහපති. සැඟවියයුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නො වේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේ ය.
Pali BJT2650. කින්නු ත්වං විමනොසි රාජසෙට්ඨ දිපදින්ද වචනං සුණොම නෙතං, කිං චින්තයමානො දුම්මනොසි නූන දෙව අපරාධො අත්ථි මය්හං.
Sinhala BJT2650. උතුම් මහරජතුමනි, නුඹ වහන්සේ කුමක් හෙයින් දොම්නස් වන්නාහු ද? දෙපා ඇත්තවුන්හට ශ්‍රේෂ්ඨය, නුඹ වහන්සේගේ මේ වචනය නො අසමු. කුමක් සිතමින් දොම්නස් වන්නහු ද? දේවයන් වහන්ස, ඒකාන්තයෙන් මාගේ අපරාධයෙක් ඇත්තේ ද? කියා උදුම්බරා දේවිය ඇසූ ය.
Pali BJT2651. පඤ්ඤො වජ්ඣො මහොසධොති ආණත්තො මෙ වධාය භූරිපඤ්ඤා, තං චින්තයන්තො දුම්මනොස්මි න හි දෙවි අපරාධො අත්ථි තුය්හං.
Sinhala BJT2651. බොහෝ නුවණැති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතු යයි මා විසින් මරණයට නියම කරන ලද ඒ කරුණ සිතමින් දොම්නස් වෙමි. දේවිය තීගේ වරදෙක් නැතැ යි රජ තෙම කීයේ ය.
Pali BJT2652. අභිදොසගතො ඉදානි එසි කිං සුත්වා කිමාසඞ්කතෙ මනො තෙ, කො තෙ කිමවොච භූරිපඤ්ඤ ඉඞ්ඝ තං වචනං සුණොම බ්රූහි මෙතං.
Sinhala BJT2652. බොහෝ නුවණ ඇති මහෞෂධය, ඊයේ සවස ගිය නුඹ දැන් එන්නෙහිය. තාගේ සිත කුමක් අසා කුමකට සැක කෙරේ ද? මහත් ප්‍රඥා ඇත්ත, නුඹට කවරෙක් කුමක් කීයේ ද? ඒ වචනය මට කියව. මම එය අසමියි රජතෙම කීයේ ය.