Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2465. එතදරියස්ස කල්යාණං යං ත්වං සුමුඛ භාසසි, තඤ්ච වීමංසමානොහං පතතෙතං අවස්සජිං.
Sinhala BJT2465. එම්බා සුමුඛය, “මම නුඹ වහන්සේ අත් නො හරිමි” යි නුඹ යමක් කීයෙහි ද, මෙය ආචාරයෙන් යුත් ආර්‍ය්‍යයාගේ යහපත් වචනය වේ. මම වනාහි නුඹ විමසන්නෙම් ‘පැන යව’ යි යන මේ වචනය කීවෙමි’ යි හංසරජ තෙම කීවේ ය.
Pali BJT2466. අපදෙන පදං යාති අන්තලික්ඛෙ චරො දිජො, ආරා පාසං න බුජ්ඣි ත්වං හංසානං පවරුත්තමො.
Sinhala BJT2466. අහසෙහි හැසිරෙන්නා වූ පක්‍ෂි තෙම පියවර නො තැබී මෙන් අහසෙහි පියවර කොට ගමන් කරයි. හංසයන් අතුරෙන් ඉතා උතුම් වූ නුඹ වහන්සේ දුර දී ම මළ පුඩුව නො දුටුහු දැ යි වැදි තෙම ඇසීය.
Pali BJT2467. යදා පරාභවො හොති පොසො ජීවිතසඞ්ඛයෙ, අථ ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි න බුජ්ඣති.
Sinhala BJT2467. වැදිපුත්‍රය, යම් කලෙක පිරිහීමෙක් වේ ද, ජීවිතාවසානයට පමුණුවන එබඳු පිරිහීමේ දී පුරුෂ තෙම දැලට හෝ මළපුඩුවට හෝ ඉතා ළං වුව ද නො දනියි හංස තෙම කීවේ ය.
Pali BJT2468. එතෙ හංසා පක්කමන්ති වක්කඞ්ගා භයමෙරිතා, හරිත්තච හෙමවණ්ණ ත්වඤ්ච තං අවහීයසි.
Sinhala BJT2468. රන්වන් වූ සිවිය ඇති රන්වන් වූ පැහැති පක්‍ෂිය, වක් වූ අවයව ඇති කම්පා වූ මේ පක්‍ෂීහු මොබින් ඉවත් වෙති. නුඹ පමණක් මෙහි රඳනෙහි ය.
Pali BJT2469. එතෙ භුත්වා පිවිත්වා ච පක්කමන්ති විහඞ්ගමා, අනපෙක්ඛමානා චක්කඞ්ග ත්වඤ්ඤෙචෙකො උපාසසි.
Sinhala BJT2469. වක් වූ අවයව ඇති, අහස්හි හැසිරෙන මේ පක්‍ෂීහු අනුභව කොට පැන් බී බලාපොරොත්තු නැත්තාහු බැහැර යෙති, නුඹ පමණක් හුදෙකලා ව මොහු ඇසුරු කරන්නෙහි ය.
Pali BJT2470. කින්නු තායං දිජො හොති මුත්තො බද්ධං උපාසසි, ඔහාය සකුණා යන්ති කිං එකො අවහිය්යසි.
Sinhala BJT2470. මිදුණා වූ නුඹ පාසයෙහි බැඳුණහු ඇසුරු කරන්නෙහි ය. මේ පක්‍ෂි තෙම තට නෑකමින් කවරෙක් වන්නේ ද? අනිත් පක්‍ෂීහු මේ පක්‍ෂියා හැරදමා යෙති නුඹ පමණක් කුමක් නිසා මෙහි රැඳෙන්නෙහි දැ? යි වැදි තෙම ඇසී ය.
Pali BJT2471. රාජො මෙ’සො දිජො මිත්තො සඛා පාණසමො ච මෙ, නෙව නං විජභිස්සාමි යාව කාලස්ස පරියායං.
Sinhala BJT2471. මේ පක්‍ෂි තෙම මාගේ රජ වෙයි. මිත්‍ර වෙයි. මගේ ප්‍රාණය හා සම යහළුවාත් වෙයි. එහෙයින් ජීවිතාන්තය දක්වා මම මොහු නො හරිමි යි සුමුඛ තෙම කීවේ ය.
Pali BJT2472. යො ච ත්වං සඛිනො හෙතු පාණං චජිතුමිච්ඡසි. සො තෙ සහායං මුඤ්චාමි හොතු රාජා තවානුගො.
Sinhala BJT2472. පින්වත් හංසය, යම්බඳු නුඹ යහළුවා නිසා ප්‍රාණය පුදන්නට කැමැත්තෙහි ද, එහෙයින් නුඹගේ ඒ යහළුවා මුදමි. නුඹගේ රජ නුඹ අනුව යන්නෙක් වේවා, යි වැදි තෙම කීවේ ය.
Pali BJT2473. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා දිජාධිපං.
Sinhala BJT2473. මලපුඩුවෙන් මිදුණු පක්‍ෂිරාජයා දැක අද මම යම්සේ සන්තෝෂ වෙම් ද, එපරිද්දෙන් ම වැදිපුත්‍රය, නුඹ හැම නෑයන් සමග තුටුවෙහිවා යි සුමුඛ තෙම අනුමෝදනා කෙළේ ය.
Pali BJT2474. කච්චින්නු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි රට්ඨමිදං ඵීතං ධම්මෙන මනුසාසසි.
Sinhala BJT2474. කිමෙක් ද පින්වත් මහරජ, ඔබතුමන්හට සුව ද? කිමෙක් ද පින්වත්හට ආරෝග්‍යය ඇත්තේ ද? කිමෙක් ද මේ රට සමෘද්ධ ද? ධර්‍මයෙන් අනුශාසනා කරන්නෙහි ද? කියා හංසරාජයා ඇසුවේ ය.
Pali BJT2475. කුසලං චෙව මෙ හංස අථො අනාමයං, අථො රට්ඨමිදං ඵීතං ධම්මෙන මනුසාසහං.
Sinhala BJT2475. හංසරාජය, මට සුව ය. තව ද හංසය නීරෝගය. මේ රට ද සමෘද්ධ ය. මම දැහැමින් අනුශාසනා කරමි.
Pali BJT2476. කච්චි භොතො අමච්චෙසු දොසො කොචි න විජ්ජති, කච්චි ආරා අමිත්තා තෙ ඡායා දක්ඛිණතොරිව,
Sinhala BJT2476. කිමෙක් ද පින්වත්හුගේ ඇමතියන් කෙරෙහි කිසියම් දොසෙක් නැද් ද? කිම? නුඹගේ අමිත්‍රයෝ (සතුරෝ) දක්‍ෂිණදිශාභිමුඛ සෙවණැල්ල මෙන් නො වැඩෙද් ද?
Pali BJT2477. අථොපි මෙ අමච්චෙසු දොසො කොචි න විජ්ජති, අථො ආරා අමිත්තා තෙ ඡායා දක්ඛිණතොරිව.
Sinhala BJT2477. තවද, මාගේ ඇමතියන් කෙරෙහි කිසි දොසක් නැත. වැලි මාගේ අමිත්‍රයෝ (සතුරෝ) දක්‍ෂිණදිශාභිමුඛ සෙවණැල්ල මෙන් නො වැඩෙත්.
Pali BJT2478. කච්චි තෙ සාදිසී භරියා අස්වා පියභාණිනි, පුනතරූපයසූපෙතා තව ඡන්දවසානුගා.
Sinhala BJT2478. කිම නුඹගේ භාර්‍ය්‍යාවෝ සමාන ගුණැත්තියෝ ද? කීකරු ද? ප්‍රිය තෙපුල් බෙණේද් ද? රූප සම්පත් යශස් යන මේ සම්පතින් යුක්ත වූවාහු ද? නුඹගේ කැමැත්ත අනුව පවතිද් ද?
Pali BJT2479. අථො මෙ සාදිසී භරියා අස්සවා පියභාණිනී, පුත්තරූපයසූපෙතා මම ඡන්දවසානුගා.
Sinhala BJT2479. තවද, මාගේ භාර්‍ය්‍යාවෝ සමාන ගුණැත්තියෝ ය. කීකරු ය. ප්‍රිය තෙපුල් බෙණෙති. දරු සම්පත් රූප සම්පත් යශස් යන මේ සම්පතින් යුක්ත වූවා මාගේ කැමැත්ත අනුව පවතිත්.
Pali BJT2480. කච්චි තෙ බහවො පුත්තා සුජාතා රට්ඨවඩ්ඪන, පඤ්ඤාජවෙන සම්පන්නා සම්මොදන්ති තතො තතො.
Sinhala BJT2480. මහරජ, නුඹගේ රට දියුණු කිරීමෙහි සමත් මවුපිය දෙපසින් පිරිසුදු උප්පත්තියක් ඇති බොහෝ පුත්‍රයෝ ප්‍රඥාවේගයෙන් යුක්ත වූවාහු ඒ ඒ තන්හි අවිරුද්ධව සන්තෝෂ වෙද්දැ? යි හංස තෙමේ ඇසුවේ ය.
Pali BJT2481. සතං එකො ච මෙ පුත්තා ධතරට්ඨ මයා සුතා, තෙසං ත්වං කිච්චමක්ඛාහි නාවරජ්ඣන්ති තෙ වචො.
Sinhala BJT2481. ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජය, මා හා ප්‍රකට වූ මාගේ පුත්‍රයෝ එක්සිය එක්දෙනෙක් වෙත්. ඔවුන්ට කළමනා දේ නුඹ වහන්සේ ප්‍රකාශ කරන සේක්වා, නුඹ වහන්සේගේ වචනය ඔවුහු නො වරදවති යි රජ තෙම කීය.
Pali BJT2482. උපපන්නොපි චෙ හොති ජාතියා විනයෙන වා, අථ පච්ඡා කුරුතෙ යොගං කිච්චෙ ආපාසු සීදති.
Sinhala BJT2482. ඉදින් යමෙක් ජාතියෙන් හෝ ආචාරයෙන් හෝ යුක්ත වූයේ ද, උගතයුතු කාලයෙහි නොඉගෙන පසුව උත්සාහ කෙරේ ද, ඒ තැනැත්තා කාර්‍ය්‍යයක් පැමිණි කල්හි හෝ විපතෙහි දී හෝ ගිලෙයි.
Pali BJT2483. තස්ස සංහීරපඤ්ඤස්ස විවරො ජායතෙ මහා, නත්තමන්ධොව රූපානි ථුල්ලානි මනුස්සති{1}.
Sinhala BJT2483. නූගත් හෙයින් අනිශ්චල ප්‍රඥා ඇති ඔහුට භෝගදිය සම්බන්‍ධ සිදුරක් (පිරිහීම් දොරටුවක්) හටගනී. හෙතෙම රාත්‍රියෙහි මහත් රූප ම දක්නා රාත්‍රි අන්‍ධයකුමෙන් ඖදාරික කාරණා මිස සියුම් කරුණු නො දකී.
Pali BJT2484. අසාරෙ සාරයොගඤ්ඤු මතිං නත්වෙව වින්දති, සරභොව ගිරිදුග්ගස්මිං අන්තරායෙව සීදති.
Sinhala BJT2484. නිස්සාර වූ ආගම ධර්‍ම කෙරෙහි මේ ධර්‍මය සාරත්වයෙන් යුක්තයි සිතන තැනැත්තා බොහෝ ඉගෙන ද නුවණ නො ලබයි. ගිරිදුර්‍ගයෙහි වේගයෙන් නිවෙසකරා දුව එන සරභමෘගයෙක් සමස්ථානයකැයි සිතා විසමස්ථානයෙන් පැන අතරමග දීම මහාප්‍රපාතයෙහි ගිලෙන්නේ යම්සේ ද එමෙනි.
Pali BJT2485. හිනජච්චො’පි චෙ හොති උට්ඨාතා ධිතිමා නරො, ආචාරසීලසම්පන්නො නිසෙ අග්ගීව භාසති.
Sinhala BJT2485. ඉදින් පහත් ජාති ඇත්තේ ද උත්‍ථාන වීර්‍ය්‍යයෙන් යුක්ත ද ප්‍රඥා ද, ආචාරයෙන් හා ශීලයෙන් සමන්‍විත ද ඒ මනුෂ්‍යතෙම රාත්‍රිකාලයෙහි ගින්නක් මෙන් බබළයි.
Pali BJT2486. එතං මෙ උපමං කත්වා පුත්තෙ විජ්ජාසු වාචය, සංවිරූළ්හෙථ මෙධාවී ඛෙත්තබීජංව වුට්ඨියාති.
Sinhala BJT2486. මා විසින් කියන ලද මේ කරුණු උපමා කොටගෙන නුඹ වහන්සේගේ පුත්‍රයන් හට විද්‍යාවන් උගන්වව. එසේ උගන්වන ලද්දාවූ නුවණැත්තේ මනා කෙතෙහි වපුළ බිජුවට වැසි දියෙන් සශ්‍රිකව වැඩෙන්නාක් මෙන් මනාව දියුණුවන්නේ යයි හංසරාජ තෙම ප්‍රකාශ කෙළේ ය.
Pali BJTචුලහංස ජාතකං.
Sinhala BJTචූලහංස ජාතක යි.
Pali BJT7. සත්තිගුම්බජාතකං
Sinhala BJT7. සත්තිගුම්බ ජාතකය
Pali BJT2487. මිගලුද්දො මහාරාජා පඤ්චාලානං රථෙසභො, නික්ඛන්තො සහ සෙනාය ඔගණො වනමාගමා.
Sinhala BJT2487. පඤ්චාල දේශ වාසීන්ගේ රථශ්‍රේෂ්ඨ වූ මුව දඩයම් කරන්නාවූ මහරජ තෙම සෙනග සමග නික්මුණේ සමූහයාගෙන් වෙන්ව වනයට පිවිසියේ ය.
Pali BJT2488. තත්ථද්දසා අරඤ්ඤස්මිං තක්කරානං කුටිං කතං, තස්සා කුටියා නික්ඛම්ම සුවො ලුද්දානි භාසති.
Sinhala BJT2488. ඒ වනයෙහි සොරුන් විසින් කරන ලද කුටියක් ඒ රජතෙම දුටුවේ ය. ගිරවෙක් ඒ කුටියෙන් නික්ම අවුත් රෞද්‍ර වචන කියයි.
Pali BJT2489. සම්පන්නවාහනො පොසො යුවා සම්මට්ඨකුණ්ඩලො, සොභති ලොහිතුණ්හීසො දිවාසුරියොව භාසති.
Sinhala BJT2489. අශ්වවාහනයෙන් යුක්ත වූ රතු පැහැති නළල්පටක් ඇති තරුණ වූ පුරුෂ තෙම දිවා සූර්‍ය්‍යයා මෙන් බබළයි.
Pali BJT2490. මජ්ඣන්තිකෙ සම්පටිකෙ සුත්තො රාජා සසාරථි, හන්දස්සාභරණං සබ්බං ගණ්හාම සහසා මයං.
Sinhala BJT2490. දැන් මේ මධ්‍යාහ්නයෙහි රියැදුරු සහිත රජ තෙම නිදයි. අපි ඒකාන්තයෙන් ම මොහුගේ සියලු අබරණ බලාත්කාරයෙන් ගනිමු.
Pali BJT2491. නිසීථෙපි රහොදානි සුත්තො රාජා සසාරථි, ආදාය වත්ථං මණිකුණ්ඩලඤ්ච හන්ත්වාන සාඛාහි අපත්ථරාම.
Sinhala BJT2491. රියැදුරු සහිත රජතෙම මධ්‍යම රාත්‍රියෙහි මෙන් දැනු දු නිදියි. මොහුගේ වස්ත්‍ර ද මිණිකොන්ඬොල් ද ගෙන මරා කොළ අතුවලින් වසාදමමුයි සත්තිගුම්බ නම් ගිරවා පතිකොළම්බ නම් සොරාට කීවේ ය.
Pali BJT2492. කින්නු උම්මත්තරූපොව සන්තිගුම්බ පභාසසි, දූරාසදා හි රාජානො අග්ගි පජ්ජලිතො යථා.
Sinhala BJT2492. එම්බා සත්තිගුම්බය, කිම තෝ උමතුවූවකු මෙන් දොඩවන්නෙහි ද? රජවරු වනාහි දිලිසෙන ගින්නක් සේ ළංවියැ නො හැක්කාහු වෙත්.
Pali BJT2493. අථ ත්වං පතිකොළම්බ{1} මත්තො ථුල්ලානි ගච්ඡසි, මාතරි මය්හ නග්ගාය කින්නු ත්වං විජිගුච්ඡසෙ.
Sinhala BJT2493. එම්බා පතිකොළම්බය, තෝ මත් වූයෙහි මහත් වූ ගර්‍ජනා කරන්නෙහි ද? මාගේ මව (ද) නග්නව සිටි කල්හි කවරහෙයින් නුඹ සොරකම පිළිකුල් කරන්නෙහිදැ යි සත්තිගුම්බතෙම ඇසීය.
Pali BJT2494. උට්ඨෙහි සම්ම තරමානො රථං යොජෙහි සාරථි, සකුණා මෙ න රුච්චන්ති අඤ්ඤං ගච්ඡාම අස්සමං.
Sinhala BJT2494. යහළු රියැදුර, වහා නැගීසිටුව. රිය යොදව. මේ පක්‍ෂීහු මට රුචි නො වෙත්. අන් අසපුවකට යමුයි රජ තෙම කීය.
Pali BJT2495. යුත්තො රථො මහාරාජ යුත්තො ච බලවාහනො, අධිතිට්ඨ මහාරාජ අඤ්ඤං ගච්ඡාම අස්සමං.
Sinhala BJT2495. මහරජ, බලැති අසුන් බැඳී රිය යොදන ලදී. මහරජ එහි නගිනු මැනව. අන් අසපුවකට යමුයි රියැදුරා කීවේ ය.
Pali BJT2496. කොනු මෙව ගතා සබ්බෙ යෙ අස්මිං පරිචාරකා,{2} එස ගච්ඡති පඤ්චාලො මුත්තො තෙසං අදස්සනා.
Sinhala BJT2496. මේ අසපුවෙහි වාසය කරන්නා වූ යම් සොර කෙනෙක් වෙද්ද? මේ සියල්ලෝ ම කොහි ගියාහු ද? ඒ සොරුන්ගේ නො දැක්ම හේතු කොටගෙන මිදුණා වූ මේ පඤ්චාල රජතෙම යෙයි.
Pali BJT2497. කොදණ්ඩකානි ගණ්හථ සත්තියො තොමරානි ච, එස ගච්ඡති පඤාලො මා වො මුඤ්චිත්ථ ජීවිතං.
Sinhala BJT2497. දුනු ගනිවු, අඩයටි ද තෝමර ද ගනිවු. මේ පඤ්චාල තෙමේ යයි. තෙපි ජීවත්වන පඤ්චාලයා නො මුදව.
Pali BJT2498. අථාපරො{3} පටිනන්දිත්ථ සුවො ලොහිතතුණ්ඩකො, ස්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං. ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය.
Sinhala BJT2498. ඉක්බිති ලේවන් තුඩක් ඇති වෙන ගිරවෙක් මහරජ, නුඹ වහන්සේගේ යහපත් පැමිණීමක් වේවා. තවද, අප සමීපයට නුඹ වහන්සේගේ පැමිණීම ඉතා යහපති. මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ මෙහි අධිපතිවන්නහුය. මෙහි කැමති යමක් වේ නම් දන්වනු මැනවි.
Pali BJT2499. තින්දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ රාජ වරං වරං.
Sinhala BJT2499. තිඹිරිගෙඩි ද මොරගෙඩි ද මීගෙඩි ද එරමිණිය ද යන මේ ඵල ඇත්තාහ. මහරජ, හොඳ හොඳ මේ කුඩාගෙඩි අනුභව කරනු මැනවි.
Pali BJT2500. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාරාජ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT2500. මහරජ, මේ සිහිල් පැන් ද කඳුරැළියෙන් ගෙනෙන ලදය. මහරජ, ඒ නිසා නුඹවහන්සේ කැමැත්තාහු නම් එය පානය කරනු මැනවි.
Pali BJT2501. අරඤ්ඤං උඤ්ඡාය ගතා යෙ අස්මිං පරිචාරකා, සයං උට්ඨාය ගණ්හව්හො හත්ථා මෙ නත්ථි දාතවෙ.
Sinhala BJT2501. ‘මහරජ, මේ අසපුවෙහි වාසය කරන්නාවූ යම් ඍෂි කෙනෙක් වෙද්ද, උන්වහන්සේලා පලවැළ පිණිස වනයට ගියහ. එහෙයින් තෙමේ නැගිට ගොස් ගනුමැනවි. දීමට මට අත් නැතැ’ යි පුප්ඵක නම් ගිරාතෙම කීයේ ය.
Pali BJT2502. භද්රකො{1} වත යං පක්ඛී ද්විජො පරමධම්මිකො, අථෙසො ඉතරො පක්ඛී සුවො ලුද්දානි භාසති.
Sinhala BJT2502. යම්හෙයකින් ද්විජ නම් වූ මේ පක්‍ෂිතෙම උතුම් ධර්‍මයෙහි පිහිටියේ ද එබැවින් හෙ යහපත්ය. තවද, මේ අනිත් ගිරා පක්‍ෂි තෙම රෞද්‍ර වචන කියයි.
Pali BJT2503. එතං හනථ බන්ධථ මා වො මුඤ්චිත්ථ ජීවිතං, ඉච්චෙවං විලපන්තස්ස සොත්ථිං පත්තොස්මි අස්සමං.
Sinhala BJT2503. මොහු මරවු, බඳිවු. මොහුගේ ජීවිතය තිබෙනතුරු අත්නොහරිවු. මෙසේ කියද්දී ම සුවසේ ආශ්‍රමයට පැමිණියෙම් වෙමියි රජතෙම කීවේ ය.
Pali BJT2504. භාතරොස්ම මහාරාජ සොදරියා එකමාතුකා, එකරුක්ඛස්මිං සංවඩ්ඪා නානාඛෙත්තගතා උහො.
Sinhala BJT2504. මහරජ, අපි දෙදෙනා එක ම මවක විසින් පෝෂණය කරන ලද්දා වූ එක ගසෙක්හි වැඩුණා වූ නොයෙක් තැන්වලට ගියා වූ එක ම මවුකුසැ උපන් සහෝදරයෝ වෙමු.
Pali BJT2505. සත්තිගුම්බො ච චොරානං අහඤ්ච ඉසිනං ඉධ, අසතං සො සතං අහං තෙන ධම්මෙන නො විනා.
Sinhala BJT2505. ඒ සත්තිගුම්බතෙම සොරුන් වෙතට ගියේය. මම් වනාහි මෙහි තවුසන් වෙතට පැමිණියෙමි. හේ අසත්පුරුෂයන්ගේ සමීපයට ගියේය. මම සත්පුරුෂයන් ළඟට පැමිණියෙමි. ඒ කරුණින් අපගේ වෙනස් බව ඇතිවීය යි පුෂ්පක තෙම කීයේ ය.
Pali BJT2506. තත්ථ වධො ච බන්ධො ච නිකතී වඤ්චනානි ච, ආලොපසහසාකාරා{2} තානි සො තත්ථ සික්ඛති.
Sinhala BJT2506. මහරජ, ඒ සොරුන්ගේ සමීපයෙහි හිංසාව ද බැඳීම ද රැවටීම ද වංචාව ද දවල් ගම්පැහැරීම ද බලාත්කාරකම් ද ඇත්තාහ. හෙතෙමේ එහි දී ඒවා ඉගෙන ගනී.
Pali BJT2507. ඉධ සච්චඤ්ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො, ආසනූදකදායීනං අඞ්කෙ වද්ධොස්මි භාරත.
Sinhala BJT2507. මහරජ, මම වනාහි මෙහි දී සත්‍යය ද සුචරිත ධර්‍මය ද අවිහිංසාව ද සංවරශීලය ද ඉන්‍ද්‍රියදමනය ද යන මේ ගුණ දහම් පුරුදු කරන්නාවූ ආගන්තුකයනට අසුන් පැනවීම පැන් එළවා තැබීම ආදී වතාවත් පුරන තව්සන්ගේ ඇකයෙහි වැඩුණෙම් වෙමියි, පුෂ්පක තෙම කීයේ ය.
Pali BJT2508. යං යං හි රාජ භජති සතං{3} වා යදි වා අසං, සීලවන්තං විසීලං වා වසං තස්සෙව ගච්ඡති.
Sinhala BJT2508. මහරජ, යමෙක් සත්පුරුෂ හෝ අසත්පුරුෂ හෝ සිල්වත් හෝ දුසිල් හෝ යම්බඳු කෙනෙකුන් ඇසුරු කෙරේ ද හේ ඔහුගේ ම වසයට යන්නේ ය.
Pali BJT2509. යාදිසං කුරුතෙ මිත්තං යාදිසඤ්චූපසෙවති, සොපි තාදිසකො හොති සහවාසො හි තාදිසො.
Sinhala BJT2509. යමෙක් යම්බඳු කෙනෙක් මිත්‍රයෙකු වශයෙන් තබාහනී ද යම්බඳු කෙනකුන් ඇසුරු කෙරේ ද හෙතෙමේත් එබඳු ම වෙයි. එක්ව විසීම ඒ ස්වභාවය ඇත්තකි.
Pali BJT2510. සෙවමානෙ සෙවමානං සම්ඵුට්ඨො සම්ඵුසං පරං, සරො දිද්ධො කලාපං ව{4} ආලිත්තමුපලිම්පති. උපලෙපභයා{5} ධීරො නෙව පාපසඛා සියා.
Sinhala BJT2510. සෙවුනා ලබන්නේ සෙවුනා අනිකා ද පහස්නා ලද්දේ පහස්නා අනෙකා ද විෂපොවන ලද ඊය ඊකලබ (විෂ ගල්වන්නාක්) මෙන් පාපධර්‍මයෙහි නො තැවැරුණහු තවරයි. පාපධර්‍මයෙහි තැවරීම් බියෙන් නුවණැත්තේ පවිටු යහළුවන් ඇත්තෙක් නො වන්නේ ය.
Pali BJT2511. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති. කුසාපි පූති වායන්ති එවං බාලූපසෙවනා.
Sinhala BJT2511. යම් මිනිසෙක් කුණු මසුන් කුසතණ අගින් බඳියි (දවටා) ද ඒ කුසතණ ද ගඳ වහනය වන්නේ ය. බාලයන් ඇසුරු කිරීමත් මෙසේ ම ය.
Pali BJT2512. තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති, පත්තාපි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා.
Sinhala BJT2512. යම් මිනිසෙක් පත්‍රයකින් තුවරලා දවටා ද, ඒ පත්‍රයෝ ද සුවඳ හමත්. පණ්ඩිතයන් අසුරුකිරීමත් මෙබඳු ය.
Pali BJT2513. තස්මා ඵල{1}පුටස්සෙව ඤත්වා සම්පාකමත්තනො, අසන්තෙ නොපසෙවෙය්ය සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො අසන්තො නිරයං නෙත්ති සන්තො පාපෙන්ති සුග්ගතින්ති.
Sinhala BJT2513. එබැවින් සුවඳ එතූ කොළයෙහි ඇති වූ සුවඳවත් බව මෙන් තමහට වන විපාකය දැන නුවණැත්තේ අසත්පුරුෂයන් සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන් ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයා නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ තමන් ඇසුරු කරන අන්‍යයන් සුගතියට පමුණුවත්.
Pali BJTසත්තිගුම්බජාතකං.
Sinhala BJTසත්තිගුම්බජාතක යි.
Pali BJT8. හල්ලාටියජාතකං.
Sinhala BJT8. හල්ලාටිය ජාතකය
Pali BJT2514. හල්ලාටියො නාම අහොසි රාජා රට්ඨං පහාය මිගවං අචාරි සො, අගමා ගිරිවරං ගන්ධමාදනං සම්පුප්ඵිතං කිම්පුරිසානුචිණ්ණං
Sinhala BJT2514. පෙරැ හල්ලාටිය නම් රජෙක් විය. හේ රට හැර මුව දඩයමට ගියේ ය. මනාව පිපුණා වූ කිඳුරන්ගෙන් ගැවසීගත් ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයට ගියේ ය.
Pali BJT2515. සාලූරසඞ්ඝඤ්ච නිසෙධයිත්වා ධනුං කලාපඤ්ච සො නික්ඛිපිත්වා, උපාගමි වචනං වත්තුකාමො යත්ථට්ඨිතා කිම්පුරිසා අහෙසුං.
Sinhala BJT2515. හෙතෙම සුනඛ සමූහයා වළකා දුනු හියවුරු බහාතබා වචනයක් කියනු (බණනු) කැමැත්තේ කිඳුරෝ යම් තැනෙක්හි සිටියාහු ද එහි එළැඹියේ ය.
Pali BJT2516. හිමච්චයෙ හෙමවතාය තීරෙ කිමිධට්ටිතා මන්තයව්හො අභිණ්හං, පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ කථං වො ජානන්ති මනුස්සලොකෙ.
Sinhala BJT2516. හේමන්ත ඍතුවගේ අවසන්හි හේමවත නම් ගං ඉවුරෙහි සිටියා වූ තෙපි මෙහි කුමක් ගැන නිතර කතා කරන්නහු ද? මිනිස් සිරුරබඳු සිරුරු ඇති තොප අතින් මෙ කරුණ අසමි. තෙපි මිනිස් ලෙව්හි කෙසේ නම් හඳුන්වන්නහු ද? කියා යි.
Pali BJT2517. {*}මල්ලං ගිරං පණ්ඩරකං තිකූටං {2}සීතොදියා අනුවිචරාම නජ්ජො, මිගා මනුස්සාව නිභාසවණ්ණා ජානන්ති නො කිම්පුරිසාති ලුද්ද.
Sinhala BJT2517. සබඳ වැද්දාණෙනි, අපි මේ මල්ලපණ්ඩරක - ත්‍රිකූට යන පර්‍වත ද සිහිල් දිය ඇති ගංගාවන් ද අනුව හැසිරෙමු. මිනිසුන් හා සමාන මෘගයෝ වන අපි කිම්පුරිසයෝ යයි හඳුන්වනු ලබමු.
Pali BJT2518. සුකිච්ඡරූපං පරිදෙවයව්හො ආලිඞ්ගිතොචාසි පියො පියාය, පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ කිමිධ වනෙ රොදථ අප්පතීතා.
Sinhala BJT2518. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි හඬවු ද?
Pali BJT2519. සුකිච්ඡරූපං පරිදෙවයව්හො ආලිඞ්ගිතො චාසි පියො පියාය, පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ කිමිධ වනෙ විපපථ අප්පතීතා.
Sinhala BJT2519. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි විලාප කියන්නහු ද?
Pali BJT2520. සුකිච්ඡරූපං පරිදෙවයව්හො ආලිඞ්ගිතො චාසි පියො පියාය, පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ කිමිධ වනෙ සොචථ අප්පතීතා.
Sinhala BJT2520. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි ශෝක කරවු ද?
Pali BJT2521. මයමෙකරත්තං{1} විප්පවසිම්භ ලුද්ද අකාමකා අඤ්ඤමඤ්ඤං සරන්තා, තමෙකරන්තිං අනුතප්පමානා සොචාම සා රත්ති පුනං න හෙස්සති.
Sinhala BJT2521. සබඳ වැද්දාණෙනි, අපි නො කැමැත්තමෝ ඔවුනොවුන් සිහි කරමින් එක රැයක් වියෝවැ වුසුම්හ. ඒ එක් රැය ගැන තැවෙමින් ඒ රැය නැවත නො එන්නී යයි ඒ එක රැය අනුව තැවෙන්නමෝ ශෝක කරමු.
Pali BJT2522. යමෙකරත්තිං අනුතප්පථෙතං ධනං ව නට්ඨං පිතරං ව පෙතං, පුච්ඡාමි වො මානුසදෙහවණ්ණෙ කථං විනාවාසමකප්පයිත්ථ.
Sinhala BJT2522. තෙපි යම්බඳු එක්රැයක් ගැන තැවෙන්නහු ද, එය නැසුණු ධනය හෝ පරලෝ ගිය පියා හෝ සිතා ඒ අනුව තැවෙන්නහු ද? මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොපගෙන් මෙය විචාරමි. කෙසේ නම් වෙන්ව විසූහු ද කියා යි.
Pali BJT2523. යයිමං{2} නදිං පස්සසි සීඝසොතං නානාදුමච්ඡදං සෙලකූටං, තම්මෙ පියො උත්තරි වස්සකාලෙ මමඤ්ච {3}මඤ්ඤං අනුබන්ධතීති.
Sinhala BJT2523. වහා බස්නා දිය පහර ඇති නොයෙක් ගසින් වැසීගියා වූ පර්‍වත දෙකක් අතරින් බැස යන යම් මේ ගංගාවක් දක්නෙහි ද? මගේ ප්‍රිය තෙම මා ද පසුපසැ එනවා යයි හඟිමින් වර්‍ෂා කාලයෙහි ඒ ගඟ තරණය කෙළේ ය.
Pali BJT2524. අහඤ්ච අඞ්කොලකං ඔචිනාමි අති{4}මුත්තකං සත්තලීයොථිකඤ්ච, පියො ච මෙ හොහිති මාලභාරී අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං.
Sinhala BJT2524. මම වනාහි පිපීගිය අඟුනමල් ද කෝඩු මල් ද සත්පෙති දෑ සමන් ද නෙළීමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල් මාලා ඇති ව ඔහු වෙත එළැඹෙන්නෙමැ යි සිතීමි.
Pali BJT2525. අහඤ්චිදං කුරවකං ඔචිනාමි උද්දාලකා පාටලිසින්දුවාරකා, පියො ච මෙ හොහිති මාලභාරී අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං.
Sinhala BJT2525. මම වනාහි පිපුණ රත්කරවුමල් ද ඇසළ ද පළොල් ද නිකමල් ද කඩා රැස් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල්මාලා ඇත්තී ඔහු වෙත එළැඹෙන්නෙමි යි කියා යි.
Pali BJT2526. අහඤ්ච සාලස්ස සුපුප්ඵිතස්ස ඔචෙය්ය පුප්ඵානි කරොමි මාලං, පියො ච මෙ හොහිති මාලභාරී අහඤ්ච නං මාලිනී අජ්ඣුපෙස්සං.
Sinhala BJT2526. තවද, මම වනාහි මනාව පිපීගිය සල්ගසක මල් නෙළා මාලාවක් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ මල්බර ඇත්තෙක් වන්නේය. මම ද මාලා ඇත්තී ඔහු වෙත එළඹෙන්නෙමි.
Pali BJT2527. අහඤ්ච සාලස්ස සුපුප්ඵිතස්ස ඔචෙය්ය පුප්ඵානි කරොමි භාරං, ඉදඤ්ච නො හොහිති සත්ථරත්ථං යත්ථජ්ජමං විහරිස්සාමු රත්තිං.
Sinhala BJT2527. මම වනාහි මනාව පිපීගිය සල්ගසක මල්නෙළා බරක් කෙළෙමි. යම් තැනක අද මේ රැය වසන්නෙමු ද මේ මල්රැස ද එහි ඇතිරීම පිණිස වන්නේ ය.
Pali BJT2528. අහං ච ඛො අගළුං චන්දනඤ්ච සිලාය පිංසාමි පමත්තරූපා, පියො ච මෙ හොහිති රොසිතඞ්ගො අහඤ්ච න රොසිතා ආජ්ඣුපෙස්සං.
Sinhala BJT2528. මම වනාහි ප්‍රමාද වූවා අගිල් ද සඳුන් ද ගලෙහි ලා ඇඹරීමි. මගේ ප්‍රිය තෙමේ ද සඳුන් ගල්වන ලද ශරීර ඇත්තෙක් වන්නේ ය. මම ද සුවඳ ගැල්වූවා ඔහු වෙත එළැඹෙන්නෙමි.
Pali BJT2529. අථාගමා සලිලං සීඝසොතං නුදං සාලෙ සලළෙ කණ්ණිකාරෙ. අපූරථ තෙන මුහුත්තකෙන සායං නදී ආසි මයා සුදුත්තරා.
Sinhala BJT2529. ඉක්බිති වහා බස්නා වූ ගඟදිය රැස් කරන ලද සල්මල් ද සළලමල් ද කිණිහිරිමල් ද ගසාගෙන යමින් පැමිණියේ ය. ඒ මොහොතකින් ගඟ පිරී ගියා ය. මේ ගඟ මා විසින් එතෙර කළ නොහැකි වූවා ය.
Pali BJT2530. උභොසු තීරෙසු මයං තදා ඨිතා සම්පස්සන්තා උභයො අඤ්ඤමඤ්ඤං, සකිම්පි රොදාම සකිං හසාම කිච්ඡෙන නො අගමා සංවරී සා.
Sinhala BJT2530. එදා අපි දෙතෙර සිටියමෝ ඔවුනොවුන් දක්නමෝ වරක් හැඬීමු. වරක් සිනාසුණෙමු. මෙසේ අපට ඒ රාත්‍රිතොමෝ දුකින් ගතවූවා ය.
Pali BJT2531. පාතො ච ඛො උග්ගතෙ සූරියම්භි චතුක්කං නදිං උත්තරියාන ලුද්ද, ආලිඞ්ගියා අඤ්ඤමඤ්ඤං මයං උභො සකිම්පි රොදාම සකිං හසාම.
Sinhala BJT2531. එම්බා වැදිපුත්‍රය, උදෑසන හිරු උදා වූ කල්හි දිය හිස් වූ නදිය තරණය කොට අපි දෙදෙනා ඔවුනොවුන් වැළඳගෙන වරකුත් හැඬීමු. වරකුත් සිනාසුණෙමු.
Pali BJT2532. තීහූනකං සත්ත සතානි ලුද්ද යමිධ මයං විප්පවසිම්හ පුබ්බෙ, වාසෙකිමං{*} ජීවිතං භූමිපාල කොනීධ කන්තාය විනා වසෙය්ය.
Sinhala BJT2532. වැදිපුත්‍රය, යම් කලෙක්හි අපි වෙන්ව විසුවෙමු ද, ඒ කාලය මෙයින් පෙර තුනකින් අඩු වූ සත්සිය වසකට පෙර ය. භූමිපාලය, වාසය කිරීම මේ එක්සිය වසක් පමණ වූ ජීවිත කාලය තුළ ය. මේ සුළු ජීවිත කාලයෙහි කවරෙක් නම් ප්‍රිය භාර්‍ය්‍යාවන් ගෙන් වෙන් ව වාසය කෙරේ දැ යි ඇසී ය.
Pali BJT2533. ආයුඤ්ච වො කීවතකො නු සම්ම සචෙපි ජානාථ වදෙථ ආයුං, අනුස්සවා වද්ධතො ආගමා වා අක්ඛාථ මෙ තං අවිකම්පමානා.
Sinhala BJT2533. යහළු කිඳුරෙනි, තොපගේ ආයුෂ කොතෙක් වේදැ යි. ඉදින් දන්නහු නම් කියව. කිසිවකු කියන කල්හි ඇසීමෙන් හෝ මව්පියාදි වැඩිහිටියන් අතින් ඉගෙනීමෙන් හෝ දැනීමක් ඇත් නම් කම්පා නොවී එය මට කියනු මැනැවි.
Pali BJT2534. ආයුඤ්ච නො වස්සසහස්සං ලුද්ද න චන්තරා පාපකො අත්ථි රොගො, අප්පඤ්ච දුක්ඛං සුඛමෙව භිය්යො අවීතරාගා විජහාම ජීවිතං.
Sinhala BJT2534. සබඳ වැද්දාණෙනි, අපගේ ආයුෂ කාලය වර්‍ෂ දහසෙකි. මේ ආයුෂ කාලය තුළ පවිටු රෝගයක් ද නැත්තේ ය. දුක ස්වල්ප ය. සැප ම අධික ය. ඔවුනොවුන් කෙරෙහි පහ නොවූ ප්‍රේම ඇති ව ජීවිතය හරිමු යි කිඳුරිය කීවා ය.
Pali BJT2535. ඉදඤ්ච සුත්වාන අමානුසානං භල්ලාටියො ඉත්තරං ජීවිතන්ති, {1}නිවන්තථ න මිගවධං අචාරි අදාසි දානානි අභුඤජි භොගෙ.
Sinhala BJT2535. හල්ලාටිය රජතෙම නොමිනිස් වූ කිඳුරන්ගේ මේ අනුශාසනය අසා ජීවිත කාලය ස්වල්ප යයි දැන ආපසු හැරී ගියේ ය. මුව දඩයම සඳහා නො ගියේ ය. දන් දුන්නේ ය. සම්පත් අනුභවය ද කෙළේ ය.
Pali BJT2536. ඉදඤ්ච සුත්වාන අමානුසානං සම්මොදථ මා කලහං අකත්ථ, මා වො තපී අත්තකම්මාපරාධො යථාපි තෙ කිම්පුරිසෙකරත්තිං.
Sinhala BJT2536. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය ද අසා සතුටු වවු. කලහ නො කරවු. ඒ කිඳුරෝ එක් රැයක් වෙන්ව විසීමෙන් යම්සේ තැවුණුහු ද එබඳු ආත්මකර්‍මාපරාධයෙන් තොප නො තවාවා.
Pali BJT2537. ඉදඤ්ච සුත්වාන අමානුසානං සම්මොදථ මා විවාදං අකත්ථ, මා වො තපී අත්තකම්මාපරාධො යථාපි තෙ කිම්පුරිසෙකරත්තිං.
Sinhala BJT2537. නොමිනිස් වූ කිඳුරන්ගේ මේ වචනය ද අසා සතුටු වවු. විවාද නො කරවු. ඒ කිඳුරෝ එක්රැයක් වෙන්ව විසීමෙන් යම්සේ තැවුණුහු ද එබඳු ආත්මකර්‍මාපරාධයෙක් තොප නො තවාවා.
Pali BJT2538. විවිධඅධිමනා සුණොමහං වචනපථං තව අත්ථසංහිතං, මුඤ්ච ගිරං නුදසෙව මෙ දරං සමණ සුඛාවහ ජීව මෙ චිරන්ති.
Sinhala BJT2538. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, නොයෙක් ලෙසින් අලංකාර කොට දේශනා කරන ලද නුඹ වහන්සේගේ වැඩදායක වූ වචනය පහන් සිතති වැ ඇසුවෙමි. කර්‍ණරසායන මිහිරි වචන මුදා මාගේ ශෝකය දුරු කළ සේක. දෙව් මිනිස් සුව හා ලොවීලොව්තුරා සුවත් ගෙන දෙන්නා වූ ධර්‍මරාජන් වූ බුදුරජාණන් වහන්ස, බොහෝ කාලයක් ජීවත් වනුමැනැව යි මල්ලිකාදේවිය කීවා ය.
Pali BJTහල්ලාටියජාතකං.
Sinhala BJTහල්ලාටිය ජාතක යි.
Pali BJT9. සොමනස්සජාතකං
Sinhala BJT9. සෝමනස්ස ජාතකය
Pali BJT2539. කො තං හිංසති හෙඨෙති{1} කිං දුම්මනො සොචසි අප්පතීතො, කස්සජ්ජ මාතාපිතරො රුදන්තු ක්වජ්ජ{2} සෙතු නිහතො පථව්යා.
Sinhala BJT2539. ස්වාමීනි, කවරෙක් නුඹ වහන්සේට පහරදේ ද? කවරෙක් ආක්‍රෝශ කරයි ද? දොම්නසින් යුතුව නො සතුටු සිතැත්තේ කුමක් හෙයින් ශෝක කෙරෙහි ද? අද කවරකුගේ මවුපියෝ හඬද් ද? අද කවරෙක් නසන ලද්දේ පොළොවෙහි ශයනය කෙරේ දැ රේණු රජ තෙම ඇසීය.
Pali BJT2540. තුට්ඨොස්මි ද්වෙ තව දස්සනෙන චිරස්ස පස්සාමි තං භූමිපාල, අභිංසකො රෙණුමනුප්පවිස්ස පුත්තෙන තෙ හෙඨයිතොස්මි දෙව.
Sinhala BJT2540. දේවයන් වහන්ස, නුඹ වහන්සේ දැක්මෙන් තුටුවෙමි. භූමිපාලය, නුඹ වහන්සේ බොහෝ කාලයෙකින් දකිමි. රේණු නම් රජතුමනි, නුඹ වහන්සේගේ පුත්‍රයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම වෙහෙසට පමුණුවන ලද්දෙමි යි කූට ජටිලයා කීවේ ය.
Pali BJT2541. ආයන්තු දොවාරිකා ඛග්ගබද්ධා, කාසාවියා යන්තු අන්තෙපුරං තං, ගන්ත්වාන{3} තං සොමනස්සං කුමාරං ඡෙත්වාන සීසං වරමාහරන්තු.
Sinhala BJT2541. කඩුබඳනාලද දොරටුපාලයෝ යෙත්වා, චෞර ඝාතකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස කුමාරයා නසා උතුම් හිස ගෙනෙත්වා. (රජ අණ කෙළේ ය.)
Pali BJT2542. පෙසිතා රාජිනො දූතා කුමාරං එතදබ්රවුං, ඉස්සරෙන විතිණ්ණොසි {4}වධප්පත්තොසි ඛත්තිය.
Sinhala BJT2542. යවන ලද රජුගේ දූතයෝ කුමරහුට මෙය කීහ. එම්බා රාජ කුමාරය, නුඹ වහන්සේ රජහු විසින් හැර දමන ලද්දහු ය. එහෙයින් වධයට පැමිණියහු ය.
Pali BJT2543. ස රාජපුත්තො පරිදෙවයන්තො දසඞ්ගුලිං අඤ්ජලිං පග්ගහෙත්වා, අහම්පි ඉච්ඡාමි ජනින්ද දට්ඨුං ජීවං පනෙත්වා{5} පටිදසස යාථ.
Sinhala BJT2543. ඒ රාජපුත්‍ර තෙම අඬමින් දසැඟිලි එක් කොට ඇඳිලි බැඳ මම ද රජහු දක්නට කැමැත්තෙමි. ජීවත්වන්නා වූ මා ගෙන ගොස් රජුට දක්ව යි කීවේ ය.
Pali BJT2544. තස්ස තං වචනං සුත්වා රඤ්ඤො පුත්තං අදස්සයුං, පුත්තො ච පිතරං දිස්වා දූරතොවජ්ඣභාසථ.
Sinhala BJT2544. දූතයෝ කුමාරයාගේ වචනය අසා රජුට පෙන්වූහ. පුත්‍ර තෙමේ ද පිය දැක දුර දී ම මෙසේ කීවේ ය.
Pali BJT2545. ආගඤ්ඡුං දොවාරිකා ඛග්ගබද්ධා කාසාවියා හන්තු මමං ජනින්ද, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං අපරාධො කොනිධ මමජ්ජ අත්ථි.
Sinhala BJT2545. මහරජාණන් වහන්ස, කඩු බඳනා ලද දොරටු පාලයෝ ආවාහු ය. මා නසන්නට චෞරඝාතකයෝ ආවාහ. මෙහි මගේ කවර නම් අපරාධයෙක් ඇද්දැයි විචාරනලද මට අද ඒ කරුණ ප්‍රකාශ කරනු මැනැවි.
Pali BJT2546. සායඤ්ච පාතො උදකං සජාති අග්ගිං සදා පරිචරතප්පමත්තො, තං තාදිසං සංයතං බ්රහ්මචාරිං කස්මා තුවං බ්රූසි ගහපතීති.
Sinhala BJT2546. සවස ද උදය ද දියට බැසීම කරයි. නො පමා වූයේ හැමකල්හි ගිනි පුදයි. එබඳු සංයම වූ ඒ බ්‍රහ්මචාරී තාපසයාට නුඹ කුමක් හෙයින් ගෘහපතියායි කීයෙහි ද? (කියා රජ ඇසීය.)
Pali BJT2547. තාලා ච මූලා ච ඵලා ච දෙව පරිග්ගහා විවිධා සන්තිමස්ස, තෙ රක්ඛති ගොපයතප්පමත්තො බ්රාහ්මණො{1} ගහපති තෙන හොති.
Sinhala BJT2547. දේවයන්වහන්ස, තල් ද අලමුල් ද ඵලවර්‍ග ද යන විවිධ වස්තූහු මොහුට ඇත්තාහ. මෙතෙම ඒවා රකී. නො පමාවූයේ ඒ වස්තූන් ආරක්‍ෂා කෙරෙයි. එහෙයින් මේ බ්‍රාහ්මණතෙම ගෘහපති නම් වේ’ යි කුමාරයා කීය.
Pali BJT2548. සච්චං ඛො එතං වදසි කුමාර පරිග්ගහා විවිධා සන්තිමස්ස, තෙ රක්ඛති ගොපයතප්පමත්තො බ්රාහ්මණො{2} ගහපති තෙන හොති.
Sinhala BJT2548. කුමාරය, මොහුට නොයෙක් වස්තූහු ඇත්තාහ. ඒවා රකී. නො පමාවූයේ ආරක්‍ෂා කරයි. එහෙයින් (මේ) බ්‍රාහ්මණතෙම ගෘහපතියෙක යන මේ සත්‍යයක් ම නුඹ කීයෙහිය.
Pali BJT2549. සුණන්තු මය්හං පරිසා සමාගතා සුනෙගමා ජානපදා ච සබ්බෙ, බාලායං බාලස්ස වචො නිසම්ම අහෙතුනා ඝාතයතෙ ජනින්දො.
Sinhala BJT2549. නියම්ගම්වැසියන් සහිත මෙහි රැස්වූ සියලු දනව්වැසි පිරිස ම මාගේ වචනය අසත්වා. මේ අඥාන වූ රජතෙම අඥාන වූ තවුසාගේ වචනය අසා නිකරුණේ මා මරවා යී (කුමරා) කීය.
Pali BJT2550. දළ්හස්මි මූලෙ විසතෙ විරූළ්හෙ දුන්නික්ඛයො වෙළු පසාඛජාතො, වන්දාමි පාදානි තවං ජනින්ද අනුජාන මං පබ්බජිස්සාමි දෙව.
Sinhala BJT2550. දැඩි වූ මුල ඇතිව මහත්ව වැඩුණු කල්හි අතුපතර හටගත් උණ පඳුර වෙන් කොට අදින්නට නොපිළිවන. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා වඳිමි. දේවයන්වහන්ස, මම පැවිදි වෙමි. අනුදැන වදාළ මැනවි.
Pali BJT2551. භුඤ්ජස්සු භොගෙ විපුලඵලෙ{3} කුමාර සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි, අජ්ජෙව ත්වං කුරුනං හොහි රාජා මා පබ්බජි පබ්බජ්ජා හි දුක්ඛා.
Sinhala BJT2551. කුමාරය, මහත් ප්‍රයෝජන ඇත්තා වූ සම්පත් අනුභව කරව. තොපට හැම ඉසුරු ම දෙමි. තෙපි අද ම කුරුරට වැසියන්හට රජවවූ. පැවිදි නොවවු. පැවිද්ද වනාහි දුක් වන්නේය.
Pali BJT2552. කින්නූධ දෙව තවමත්ථි භොගො පුබ්බෙවහං දෙවලොකෙ රමිස්සං, රූපෙහි සද්දෙහි අථො රසෙහි ගන්ධෙහි ඵස්සෙහි මනොරමෙහි.
Sinhala BJT2552. දේවයන්වහන්ස, මෙහි නුඹ වහන්සේගේ කවර සම්පතක් ඇත්තේ ද? පෙර මම දෙව්ලොව සිත්කලු රූපවලින් ද ශබ්දවලින් ද රසවලින් ද සුවඳින් ද ස්පර්‍ශයෙන් ද සිත් අලවා විසීමි.
Pali BJT2553. භුත්තා මෙ භොගා තිදිවස්මි දෙව පරිවාරිතා අච්ඡරානං ගණෙන, තුවඤ්ච බාලං පරනෙය්යං විදිත්වා න තාදිසෙ රාජකුලෙ වසෙය්යං.
Sinhala BJT2553. දේවයන්වහන්ස, අප්සරා සමූහයා විසින් පිරිවරන ලද මා විසින් දෙව්ලොව සම්පත් අනුභව කරන ලදී. අනුන් විසින් පැමිණවියැයුතු වූ නුඹ බාලයෙකැයි දැන එබඳු රජ කුලයෙහි නොවසන්නෙමි.
Pali BJT2554. සචාහං බලො පරනෙය්යොහමස්මි එකාපරාධං ඛම පුත්ත මය්හං, පුනාපි චෙ එදිසකං භවෙය්ය යථාමතී සොමනස්සං{1} කරොහි.
Sinhala BJT2554. ඉදින් මම අනුන් විසින් පැමිණවියැයුතු (මගපෙන්වියැයුත්තෙක්) බාලයෙක් වන්නේ නම් පුත්‍රය, මගේ ඒ එක ම අපරාධය ගැන කමා කරව. සෝමනස්ස කුමාරය, ඉදින් නැවතත් මෙබඳු වරදෙක් වේ නම් තෙපි කැමැත්තක් කරව.
Pali BJT2555. අනිසම්ම කතං කම්මං අනවත්ථාය චින්තිතං, භෙසප්පස්සෙව වෙභඞ්ගො විපාකො හොති පාපකො.
Sinhala BJT2555. නො විමසා කළ ක්‍රියාව ද, නො සසඳා සිතන ලද්ද ද වැරදුණු බෙහෙතක්හුගේ විපත්තිය මෙන් ලාමක විපාක ඇත්තේ වෙයි.
Pali BJT2556. නිසම්ම ච කතං කම්මං සම්මාවත්ථාය චින්තිතං, භෙසප්පස්සෙව සම්පත්ති විපාකො හොති භද්රකො.
Sinhala BJT2556. විමසා කරන ලද ක්‍රියාව ද මනා කොට සිතන ලද්දද බෙහෙතක්හුගේ සම්පත මෙන් යහපත් විපාක ඇත්තේ වෙයි.
Pali BJT2557. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධු, රාජා න සාධු අනිසම්මකාරී යො පණ්ඩිතො කොධනො තං න සාධු.
Sinhala BJT2557. අලස වූ කාමභෝගී ගිහියා නො මැනැවි. සංයම නොවූ පැවිද්දා නො මැනැවි. පරීක්‍ෂා නො කොට කටයුතු කරන රජතෙමේ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේද, එය නො මැනැවි.
Pali BJT2558. නිසම්ම ඛත්තියො කයිරා නානිසම්ම දිසම්පති, නිසම්මකාරිකො රාජා යසො කිත්ති ච වඩ්ඪති.
Sinhala BJT2558. ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේය. රජතෙම නො විමසා කටයුතු නො කරන්නේය. මහරජ, විමසා කටයුතු කරන්නාහුගේ යශසත් කීර්තියත් වැඩේ.