Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3001-3100 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2373. යථාපි මාතා ච පිතා ච පුත්තං අනුසාසරෙ කින්ති සුඛීභවෙය්ය, එවම්පි මං ත්වං අනුසාස භන්තෙ යමාචරං පෙච්ච සුඛිභවෙය්යං.
Sinhala BJT2373. කවරාකාරයෙකින් පුතු සුවපත් වන්නේ දැ යි සලකා යම්සේ නම් මව්පියෝ පුතුට අනුශාසනා කෙරෙද්ද. ස්වාමීනි, එසේ ම යම් ලෙසකින් පිළිපදින්නෙම් නම් පරලොව සුව පිණිස හේතු වේ ද, එසේ ම මට අනුශාසනා කරන සේක්වා.
Pali BJT2374. නො චෙ තුවං උස්සහසෙ ජනින්ද කාමෙ ඉමෙ මානුසකෙ පහාතුං, ධම්මං ඛිලිං පට්ඨපයස්සු රාජ අධම්මකාරො ච තෙ මාහු රට්ඨෙ.
Sinhala BJT2374. ජනාධිපති මහරජ, ඉදින් තෙපි මිනිසුන් පිළිබඳ මේ පස්කම් සුව අත්හරින්නට නො හැක්කහු නම්, දැහැමින් අයබදු පිහිටුවවූ. තොපගේ රටෙහි අධර්‍ම ක්‍රියාවෝ ද නො වෙත්වා.
Pali BJT2375. දූතා විධාවන්තු දිසා චතස්සො නිමන්තකා සමණබ්රාහ්මණානං, තෙ අන්නපානෙන උපට්ඨහස්සු වත්ථෙන සෙනාසනපච්චයෙන ච.
Sinhala BJT2375. මහණබමුණන් හට ආරාධනය කරන්නා වූ දූතයෝ සිවු දිගට යවත්වා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාරයෙන් හා ගිලන්පසින් ද වස්ත්‍රයෙන් හා සෙනසුනින් ද සෙසු පසයෙන් ද උවැටැන් කෙරෙත්වා.
Pali BJT2376. අන්නෙන පානෙන පසන්නචිත්තො සන්තප්පය සමණබ්රාහ්මණෙ ච, දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතො සග්ගමුපෙහි ඨානං.
Sinhala BJT2376. පහන් සිත් ඇත්තේ ආහාරයෙන් ද ගිලන්පසින් ද මහණ බමුණන් සතපවු, හැකි පරිදි දීමත් කොට බුදීමත් කොට නින්‍දා නොලබන ලද්දේ ස්වර්‍ග ලෝකයට එළඹෙවු.
Pali BJT2377. සචෙ ව තං රාජ මදො සහෙය්ය නාරීගණෙහි පරිචාරයන්තං ඉමමෙවගාථං මනසිකරොහි භාසෙසි චෙ නං පරිසාය මජ්ඣෙ.
Sinhala BJT2377. මහරජ, ඉදින් ස්ත්‍රී සමූහයා සමග පරිචරණය කරන තොප රාජමදය තෙමේ යටපත් කෙරේ නම් මේ ගාථාව ම මෙනෙහි කරවු. තවද මේ ගාථාව පිරිස් මැද කියවු.
Pali BJT2378. අබ්භොකාසසයො ජන්තු වජන්ත්යා ඛීරපායිතො, පරිකිණ්ණො සුපානෙහි ස්වාජ්ජ රාජාති වුච්චතීති.
Sinhala BJT2378. පෙර මම තෘණ කුටියක් පමණ සෙවණකුත් නො වූයෙන් අභ්‍යවකාශයෙහි ශයනය කරන සැඩොලෙක් වීමි. එකල මව කිරි පොවා වලට ගිය කල්හි බැල්ලක විසින් කිරි පොවන ලද්දෙම්, බලු පැටවුන් විසින් පිරිවරන ලදුව වාසය කෙළෙමි. ඒ මම අද රජ යයි කියනු ලබමි.
Pali BJTචිත්තසම්භූත ජාතකං.
Sinhala BJTචිත්තසම්භූත ජාතක යි.
Pali BJT3. සිවිජාතකං{1}
Sinhala BJT3. සිවි ජාතකය
Pali BJT2379. දූරෙ අපස්සං ථෙරොව චක්ඛුං යාචිතුමාගතො, එකනෙත්තා භවිස්සාම චක්ඛුං මෙ දෙහි යාචිතො.
Sinhala BJT2379. මහරජ, ඇසින් කිසිවක් නො දක්නෙම්, මහල්ලෙක් වැ දුර සිට ඇසක් ඉල්ලා ගැනීම පිණිස ආවෙමි. (මාවිසින්) ඉල්ලන ලද (ඔබතුමා) මට ඇසක් දෙනු මැනැවි. (එවිට) අපි දෙදෙන ම එකැස් ඇත්තමෝ වන්නෙමු.
Pali BJT2380. කෙනානුසිට්ඨො ඉධමාගතොසි වණිබ්බක චක්ඛුපථානු යාචිතුං, සුදුච්චජං යාචසි උත්තමඞ්ගං යාමාහු නෙත්තං පුරිසෙන දුච්චජං.
Sinhala BJT2380. දුගී පුරුෂය, කවරකු විසින් අනුශාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීමට මෙහි ආවෙහි ද? මිනිසකු විසින් දෙන්නට අපහසුයි යමක් උදෙසා කියත් ද, ශරීරය පිළිබඳ උත්තමාංගයක් වූ ඒ ඇස් ඉල්ලන්නේහිය.
Pali BJT2381. යමාහු දෙවෙසු සුජම්පතීති මඝවාති තං ආහු මනුස්සලොකෙ, තෙනානුසිට්ඨො ඉධමාගතොස්මි වණිබ්බකො චක්ඛුපථානි යාචිතුං.
Sinhala BJT2381. දෙවියන් අතර සුජම්පති යයි යමකු උදෙසා කියද්ද, මිනිස් ලොවැ ඔහුට මඝවත් යයි කියත්. ඔහු විසින් අනුශාසනා කරනු ලැබූ දුගී මම ඇස් ඉල්ලීමට මෙහි පැමිණියෙමි.
Pali BJT2382. වණිබ්බතො මය්හං වණිං අනුත්තරං දදාහි මෙ චක්ඛුපථානි යාචිතො, දදාහි මෙ චක්ඛුපථං අනුත්තරං යමාහු නෙත්තං පුරිසෙන දුච්චජං.
Sinhala BJT2382. ඉල්ලීම් අතර මාගේ මේ ඉල්ලීම ප්‍රධානය. ඉල්ලන ලද තෙපි මට ඇස් දෙවු. මිනිසා විසින් දීමට දුෂ්කර යයි යමක් කියද්ද ඒ ඇස් මට දෙනුමැනැවි.
Pali BJT2383. යෙන අත්ථෙන ආගඤ්ඡි යමත්ථමභිපත්ථයං, තෙ තෙ ඉජ්ඣන්තු සඞ්කප්පා ලභ චක්ඛූනි බ්රාහ්මණ.
Sinhala BJT2383. යම් බලාපොරොත්තුවකින් යමක් පතමින් මෙහි ආයෙහි ද තොපගේ ඒ අදහස් සමෘද්ධ වේවා, බමුණු ඇස් ලබව.
Pali BJT2384. එකං තෙ යාචමානස්ස අභයානි දදාමහං සචක්ඛුමා ගච්ඡ ජනස්ස පෙක්ඛතො, යදිච්ඡසෙ ත්වං තං තෙ{2} සමිජ්ඣතු.
Sinhala BJT2384. එක ඇසක් ඉල්ලන්නා වූ තොපට මම ඇස් දෙක ම දෙමි. ඇස් ඇත්තෙක්වැ ජනයා බලාසිටියදී ම නුඹ මගෙන් යමක් බලාපොරොත්තු වෙහි ද, එය තට සමෘද්ධ වේවා, යි සිවිරජ තෙමේ කීවේය.
Pali BJT2385. මා නො දෙව අදා චක්ඛුං මා නො සබ්බෙ පරාකරි, ධනං දෙහි මහාරාජ පුත්තා වෙළුරියා බහූ.
Sinhala BJT2385. දේවයන්වහන්ස, ඇස් නොදෙනු මැනැවි. ඇස් දී අප සියල්ලන් හැරැ නොදමනු මැනැවි. මහරජ (මොහුට) ධනය දෙනු මැනවි. බොහෝ මුතු ද වෙරළුමිණි ද යන වස්තුව දුන මැනැවි.
Pali BJT2386. යුත්තෙ දෙව රථෙ දෙහි ආජානීයෙ චලඞ්කතෙ, නාගෙ දෙහි මහාරාජ හෙමකප්පනවාසසෙ.
Sinhala BJT2386. දේවයන්වහන්ස, අසුන් යොදන ලද රථ ද, අලංකෘත ආජානේය අශ්වයන් ද, දෙනු මැනැවි. රන් අබරණින් සැරසූ ඇතුන් දෙනු මැනැවි.
Pali BJT2387. යථා තං සිවයො සබ්බෙ සයොග්ගා සරථා සදා, සමන්තා පරිකිරෙය්යුං එවං දෙහි රථෙසභ.
Sinhala BJT2387. රජ්ජුරුවන් වහන්ස, සේනා සහිත වූ රථ සහිත වූ මුළු සිවිරට වාසීහු හැම කල්හි නුඹ වහන්සේගේ හාත්පසැ යම්සේ පිරිවරා සිටිද්ද, මෙසේ ම ඇස් නොදී සෙසු වස්තූන් දුන මැනැවැ යි කීහ.
Pali BJT2388. යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො, භුම්යා සො පතිතං පාසං ගීවාය පටිමුඤ්චති.
Sinhala BJT2388. යමෙක් යමක් දෙන්නෙමි යි කියා පසුව නො දීමට සිත් පහළ කෙරේ ද, හේ තෙමේ ඒකාන්තයෙන් ම බිමැ හුණු මළ පුඬුවක් ගෙන බෙල්ලෙහි බහාගනී.
Pali BJT2389. යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො, පාපා පාපතරො හොති සම්පත්තො යමසාධනං.
Sinhala BJT2389. යමෙක් යමක් දෙන්නෙමැ යි කියා පසුව නොදෙන්නට සිතයි ද, හේ තෙමේ පවිටකුටත් වඩා පවිටු වූයේ යමයාගේ අණ පවත්නා තැනට පැමිණියේ වෙයි.
Pali BJT2390. යං හි යාචෙ තං හි දදෙ යං න යාචෙ න තං දදෙ, ස්වාහං තමෙ ච දස්සාමි යං මං යාචති බ්රාහ්මණො.
Sinhala BJT2390. යමක් ඉල්ලන්නේ නම් එය ම දෙන්නේ ය. යමක් නො ඉල්ලන්නේ නම් එය නො දෙන්නේ ය. බමුණු තෙම යමක් මගෙන් ඉල්ලා ද, ඒ මම එය ම දෙන්නෙමි යි රජ තෙම කීය.
Pali BJT2391. ආයුං නු වණ්ණං නු සුඛං බලං නු කිං පත්ථයානො නු ජනින්ද දෙසි, කථං හි රාජා සිවිනං අනුත්තරො චක්ඛූනි දජ්ජා පරලොකහෙතු.
Sinhala BJT2391. ජනාධිපති මහරජතුමනි, ආයුෂ පතා ඇස් දෙන්නෙහි ද? එසේ නැත. වර්‍ණය පතා ද? එසේත් නැත. සැපය පතා ද? එසේත් නැත. බලය පතා ද? මෙයින් කවරක් පතමින් දෙන්නෙහි ද? සිවිරට වාසීන්ට උතුම් වූ රජ පරලෝ සැප පිණිස කෙසේ නම් ඇස් දෙන්නෙහි ද?
Pali BJT2392. නචාහමෙතං යසසා දදාමි න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං, සතඤ්ච ධම්මො චරිතො පුරාණො ඉච්චෙව දානෙ රමතෙ මනො මමං.
Sinhala BJT2392. මම යශස හේතු කොට ගෙන මේ ඇස් නො දෙමි. පුත්‍ර සම්පත්තිය නො කැමැත්තෙමි. ධනය ද නො කැමැත්තෙමි. රටෙහි අධිපති බව ද නො කැමැත්තෙමි. එසේ ද වුවත් මෙය සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද ධර්‍මයෙකි. මාගේ සිත එසේ හෙයින් දානයෙහි ම ඇලෙයි.
Pali BJT2393. න මෙ දෙස්සා උභො චක්ඛූ අත්තානං මෙ න දෙස්සියං සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා චක්ඛුං අදාසහං.
Sinhala BJT2393. මට දෙඇස් අප්‍රිය නැත. මාගේ ආත්මය (ජීවිතය) ද අප්‍රිය නැත. මට සර්‍වඥතාඥානය ප්‍රිය ය. ඒ නිසා මම ඇස් දිනිමි යි.
Pali BJT2394. සඛා ච මිත්තො ච මමාසි සීවක සුසික්ඛිතො සාධු කරොහි මෙ වචො, උද්ධත්ව චක්ඛූනි මමං ජිගිංසතො හත්ථෙසු ආවෙසි වණිබ්බකස්ස.
Sinhala BJT2394. යහළු සීවකය, තෙපි මාගේ යහළුවා ද මිත්‍රයා ද වව. වෛද්‍ය ශිල්පයෙහි මනාව හික්මුණෙහිය. මාගේ වචනය කරව. මා බලා සිටිය දී ම ඇස් උදුරා දුගියාගේ අතෙහි තබව.
Pali BJT2395. චොදිතො සිවිරාජෙන සීවකො වචනංකරො, රඤ්ඤො චක්ඛූනි උද්ධත්වා බ්රාහ්මණස්සුපනාමයි සචක්ඛු බ්රාහ්මණො ආසි අන්ධො රාජා උපාවිසි.
Sinhala BJT2395. සිවිරජ විසින් මෙහෙයවන ලද සීවක තෙමේ රජුගේ වචනය කෙළේ ය. රජුගේ ඇස් උදුරා බ්‍රාහ්මණයාට දුන්නේ ය. බ්‍රාහ්මණ තෙමේ ඇස් සහිත විය. අන්‍ධ වූ රජ තෙමේ හිඳගත්තේ ය.
Pali BJT2396. තතො සො කතිපාහස්ස උපරූළ්හෙසු චක්ඛුසු, සූතං ආමන්තයී රාජා සිවීනං රට්ඨවඩ්ඪනො.
Sinhala BJT2396. ඉන්පසු සිවිරැටියන්ගේ රට දියුණු කරන්නා වූ ඒ රජ තෙම ඇස් පිහිටි තන්හි මස් ලියලූ විට රියැදුරා ඇමතුවේ ය.
Pali BJT2397. යොජෙහි සාරථි යානං යුත්තඤ්ච පටිවෙදය, උය්යානභූමිං ගච්ඡාම පොක්ඛරඤ්ඤො වනානි ච.
Sinhala BJT2397. එම්බා සාරථිය, යානයක් යොදව. යොදන ලද්ද ද දන්වව. උයන් බිමට ද, පොකුණුවලට ද, වනයට ද යමි යි රජ තෙමේ කීවේ ය.
Pali BJT2398. සො ච පොක්ඛරණියා තීරෙ පල්ලඞ්කෙන උපාවිසි, තස්ස සක්කො පාතුරහු දෙවරාජා සුජම්පති.
Sinhala BJT2398. ඒ රජ තෙමේ ද පොකුණුතෙර පර්‍ය්‍යවංකයෙන් හිඳගත්තේ ය. ඔහුගේ ඉදිරියෙහි සුජම්පති නම් වූ සක්දෙව්රජ තෙම පහළ විය.
Pali BJT2399. සක්කො හමස්මි දෙවින්දො ආගතොස්මි තවන්තිකෙ, වරං වරස්සු රාජීසි යං කිඤ්චි මනසිච්ඡසි.
Sinhala BJT2399. මම දේවේන්‍ද්‍ර වූ ශක්‍ර වෙමි. නුඹ වහන්සේගේ සමීපයට ආයෙම් වෙමි. රාජර්ෂිය, නුඹ වහන්සේ සිත්හි යමක් කැමැතිවන සේක් නම් වරයක් ඉල්ලව.
Pali BJT2400. පහූතං මෙ ධනං සක්ක බලං කොසො චනප්පකො, අන්ධස්ස මෙ සතොදානි මරණඤ්ඤෙව රුච්චති.
Sinhala BJT2400. ශක්‍රය, මාගේ ධන බොහෝ ය. බලය බෙහෙවි. කෝෂ්ඨාගාරය ද අනල්ප ය. දැන් අන්‍ධ වූ මට මරණය ම රුචිවේ යයි රාජර්ෂි තෙම කීවේ ය.
Pali BJT2401. යානි සච්චානි දිපදින්ද තානි භාසස්සු ඛත්තිය, සච්චන්තෙ භණමානස්ස පුන චක්ඛුං භවිස්සති.
Sinhala BJT2401. දෙපා ඇතියන්ට ප්‍රධාන වූ රජතුමනි, යම් සත්‍ය කාරණයෝ වෙද්ද, ඒ සත්‍යයෙන් ම කියනු මැනව සත්‍යයකියන්නා වූ නුඹ වහන්සේට නැවැත ඇසක් ඇතිවන්නේ ය.
Pali BJT2402. යෙ මං යාචිතුමායන්ති නානාගොත්තා වණිබ්බකා, යොපි මං යාචතෙ තත්ථ සොපි මෙ මනසො පියො. එතෙන සච්චවජ්ජෙන චක්ඛුම්මෙ උපපජ්ජථ.
Sinhala BJT2402. නා නා ගෝත්‍ර ඇති යම් යාචක කෙනෙක් මගෙන් ඉල්ලන්නට පැමිණෙද්ද, ඔවුන් අතුරෙහි යමෙක් මගෙන් ඉල්ලා ද හෙ තෙමේ ද මගේ සිතට ප්‍රිය වේ. මේ සත්‍යවචනය කරණ කොට ගෙන මට ඇසක් පහළ වේවා.
Pali BJT2403. යං මං සො යාචිතුං ආග දෙහි චක්ඛුන්ති බ්රාහ්මණො, තස්ස චක්ඛූනි පාදාසිං බ්රාහ්මණස්ස වණිබ්බිනො.
Sinhala BJT2403. ඒ බ්‍රාහ්මණ තෙමේ යම් හෙයකින් ඇසක් දෙවයි ඉල්ලීමට මා කරා පැමිණියේ ද, දුගී ඒ බමුණාට ඇස් දුනිමි.
Pali BJT2404. භිය්යො මං ආවිසී පීති සොමනස්සඤ්චනප්පකං, එතෙන සච්චවජ්ජෙන දුතියම්මෙ උපපජ්ජථ.
Sinhala BJT2404. මට බොහෝ ප්‍රීතිය ඇති විය. නො අඩු සොම්නසක් ද විය. මේ සත්‍යවචනයෙන් දෙවැනි ඇස උපදීවා.
Pali BJT2405. ධම්මෙන භාසිතා ගාථා සිවීනං රට්ඨවඩ්ඪන, එතානි තව නෙත්තානි දිබ්බානි පටිදිස්සරෙ.
Sinhala BJT2405. සිවීන්ගේ රටට වැඩ සිදු කරන උතුමාණෙනි, නුඹ වහන්සේ විසින් දැහැමි ස්වභායෙන් ම ගාථා කියන ලද. නුඹ වහන්සේ දිව්‍යානුභාවයෙන් යුත් මේ ඇස් දක්නට ලැබෙත්.
Pali BJT2406. තිරො තුඩ්ඪං තිරො සෙලං සමතීග්ගය්හ පබ්බතං, සමන්තා යොජනසතං දස්සනං අනුභොන්තු තෙ.
Sinhala BJT2406. මහරජ, නුඹ වහන්සේගේ මේ ඇස් බිත්තියෙන් සරස ද ශෛලයෙන් සරස ද පර්‍වතයෙන් සරස දැ යි මෙසේ හාත්පස යොදුන් සියයක් තුළ රූප දර්‍ශනය සිද්ධ කෙරේවා’ යි ශක්‍ර තෙම ආශීර්‍වාද කෙළේ ය.
Pali BJT2407. කොනීධ විත්තං න දදෙය්ය යාචිතො අපි විසිට්ඨං සුපියම්පි අත්තනො, තදිඞ්ඝ සබ්බෙ සිවයො සමාගතා දිබ්බානි නෙත්තානි මමජ්ජ පස්සථ.
Sinhala BJT2407. මෙලොව ඉල්ලන ලද්දේ උතුම් වූ ද තමනට ඉතා ප්‍රිය වූ ද කුමන වස්තුවක් වුවත් කවරෙක් නම් නො දෙන්නේ ද, එසේ දීමෙන් පහළ වූ දිව්‍යමය වූ මාගේ ඇස් අද මෙහි රැස් වූ සිවිරට වැසි සියල්ලෝ ම බලත්වා.
Pali BJT2408. තිරො කුඩ්ඩං තිරො සෙලං සමතීග්ගය්හ පබ්බතං, සමන්තා යොජනසතං දසස්නං අනුභොන්ති මෙ.
Sinhala BJT2408. මාගේ මේ දිව්‍ය නේත්‍රයෝ භික්තියෙන් සරස ද ගලින් සරස ද පර්‍වතය ඉක්මවා ද, හාත්පස යොදුන් සියයක් රූප දැක්ම සිද්ධ කෙරෙත්.
Pali BJT2409. න චාගමත්තා පරමත්ථි කිඤ්චි මච්චානං ඉධ ජීවිතෙ, දත්වා මානුසකං චක්ඛුං ලද්ධං මෙ චක්ඛුං අමානුසං.
Sinhala BJT2409. ජීවලෝකයෙහි මිනිසුනට ත්‍යාගයට වඩා උතුම් වූ අන් කිසිවක් නම් නැත. මිනිස් ඇසක් දී මා විසින් දිව්‍ය නේත්‍රයක් ලබන ලදි.
Pali BJT2410. එතම්පි දිස්වා සිවයො දෙථ දානානි භුඤ්ජථ දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතා සග්ගමුපෙථ ඨානන්ති.
Sinhala BJT2410. මේ කාරණය ද දැක සිවිරට වැසියෙනි, දැන් දෙවු. අනුභවය ද කරවු. ශක්ති පමණින් දීමත් කොට අනුභවයත් කොට නින්‍දා නොලබන ලද්දාහු ස්වර්‍ගලෝකයට පැමිණෙවු යයි.
Pali BJTසිවි ජාතකං.
Sinhala BJTසිවි ජාතක යි.
Pali BJT4. සිරිමන්දජාතකං
Sinhala BJT4. සිරිමන්‍ද ජාතකය
Pali BJT2411. පඤ්ඤායුපෙතං සිරියා විහීනං යසස්සිනඤ්චාපි අපෙතපඤ්ඤං, පුච්ඡාමි තං සෙනක එතමත්ථං කමෙත්ථ සෙය්යො කුසලා වදන්ති.
Sinhala BJT2411. එම්බා සේනකය, ප්‍රඥාවෙන් යුතු වූ සම්පතින් තොර තැනැත්තා ද යශසින් යුතු වූ ප්‍රඥාවෙන් තොර තැනැත්තා ද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුමැ යි පණ්ඩිතයෝ කියද්ද? යන මේ කරුණ මෙහි දී නුඹගෙන් අසමි යි රජ තෙම කීවේ ය.
Pali BJT2412. ධීරා ච බාලා ච හවෙ ජනින්ද සිප්පූපපන්නා ච අසිප්පිනො ච, සුජාතිමන්තොපි අජාතිමස්ස යසස්සිනො පෙස්සකරා භවන්ති. එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2412. මහරජ, පණ්ඩිතයෝ ද මෝඩයෝ ද ශිල්ප දන්නෝද ශිල්ප නො දන්නෝ ද උසස් ජාති ඇත්තෝ ද යන සියල්ලෝ ද පහත් ජාතික සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ ද දැක ප්‍රඥා ඇත්තා නිහීන ය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨ ය යි කියමි යි සේනක තෙමේ කීවේ ය.
Pali BJT2413. තවම්පි පුච්ඡාමි අනොමපඤ්ඤ මහොසධ කෙවලධම්මදස්සි, බාලං යසස්සිං පණ්ඩිතං අප්පභොගං කමෙත්ථ සෙය්යො කුසලා වදන්ති.
Sinhala BJT2413. අලාමක ප්‍රඥා ඇති සියලු ධර්‍මයන් දක්නාසුලු මහෞෂධය, ඔබ ද විචාරමි. අඥාන වූ සම්පත් ඇත්තහු ද පණ්ඩිත වූ සම්පත් නැත්තහු ද යන මේ දෙදෙනා අතුරෙන් කවෙරෙක් ශ්‍රේෂ්ඨ යයි පණ්ඩිතයෝ කියද්දැ යි මෙහි දී අසමි යි රජ තෙම කීයේ ය.
Pali BJT2414. පාපානි කම්මානි කරොති බාලො ඉදමෙව සෙය්යො ඉති මඤ්ඤමානො ඉධලොකදස්සි පරලොකං අදස්සි, උභයත්ථ බලො කලිමග්ගහෙසි එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤොව සෙය්යො න යස්සසී බාලො.
Sinhala BJT2414. මේ ලෝකයෙහි ඓශ්වර්‍ය්‍යය ම ශ්‍රේෂ්ඨ යි හඟිමින් අඥාන තෙමේ පව්කම් කරයි. මෙලොව ගැන පමණක් පෙනෙන පරලොව ගැන නො පෙනෙන අඥාන තෙමේ දෙලොවෙහි ම පරාජය ම ගනියි. (ලබයි.) මේ කරුණ ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇත්තා වූ අඥානයා උතුම් නො වේ ය යි මම කියමි යි. මහෞෂධ තෙමේ කීවේ ය.
Pali BJT2415. න සිප්පමෙතං විද්ධාති භොගං න බන්ධවා න සරීරාවකාසො පස්සෙළමූගං සුඛමෙධමානං සිරිහීනං භජතෙ ගොරිමන්දං එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2415. මහරජ, මේ ශිල්පය සම්පත් නො දරයි. ශිල්ප දන්නා පමණක් මුත් නෑයන් ඇත්තේ නො වෙයි. ශරිරාවකාශ ඇත්තේත් නො වෙයි. කෙළ වැගිරෙන මුව ඇතිවැ සැප විඳින්නා වූ මේ ගොමරින්‍ද සිටුහු බැලුව මැනවි. ශ්‍රී තොමෝ ඒ ගොමරින්‍දයා භජනය කෙරෙයි. මේ කාරණය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨය යයි මම කියමි යි සේනක තෙම කීයේ ය.
Pali BJT2416. ලද්ධා සුඛං මජ්ජති අප්පපඤ්ඤො දුක්ඛෙන ඵුට්ඨොපි පමොහමෙති ආගන්තුනා සුඛදුක්ඛෙන ඵුට්ඨො පවෙධති වාරිචරොව ඝම්මෙ එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2416. මහරජ, මඳ නුවණැත්තේ සැප ලබා මත්වේ. දුකින් ස්පර්‍ශ කරන ලද්දේ මුළාවට යෙයි. ආගන්තුක වූ සුවදුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ අව්වෙහි තබන ලද මත්ස්‍යයකු මෙන් සැලෙයි. මෙයත් දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නො වේ ය යි මම කියමි යි මහෞෂධ තෙම කීය.
Pali BJT2417. දූමං යථා සාලුඵලං අරඤ්ඤෙ සමන්තතො සබ්භි චරන්ති පක්ඛී එවම්පි අඩ්ඪං සධනං සභොගං, බහුජ්ජනො භජති අත්ථහෙතු එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2417. මහරජ, වනයෙහි මිහිරිපල ඇති රුක් සිසාරා පක්‍ෂීහු යම්සේ හැසිරෙද්ද, එසේ ම ආඪ්‍ය වූ ධන සහිත වූ සම්පත් ඇති පුද්ගලයා ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය තකා බොහෝ දෙන ආශ්‍රය කරත්. මේ කාරණය දැක නුවණැත්තා උතුම් නො වේ. සම්පත් ඇත්තේ ම උතුම් වේ යයි මම කියමි යි සේනක තෙම කීය.
Pali BJT2418. න සාධු බලවා බාලො සාහසං වින්දතෙ ධනං, කන්දන්තමෙව දුම්මෙධං කඩ්ඪන්ති නිරයෙ භුසං, එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2418. මහරජ, අඥාන වූ බලවතා යහපත් නොවේ. හේ සාහසික ලෙස ධනය ලබයි. පසුව නිරයපාලකයෝ අඬන්නා වූ ම ඔහු රුදුරු නිරයට ඇද ගනිති, මේ කාරණය ද දැක නුවණැත්තා උතුම් වෙයි. සම්පත් ඇති බාලයා එසේ උතුම් නො වේය යි මම කියමි යි මහෞෂධ තෙම කීයේ ය.
Pali BJT2419. යා කාචි නජ්ජො ගඞ්ගමභිස්සවන්ති, සබ්බාව තා නාමගොත්තං ජහන්ති ගඞ්ගා සමුද්දං පටිපජ්ජමානා න ඛායතෙ ඉද්ධිපරො හි ලොකෙ, එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2419. යම්කිසි ඇළ දොළවල් ගඟකරා ගළා බසිද්දී ඒ සියල්ලෝ ම පෙරැ පැවති නාමගෝත්‍ර හැරදමද්ද, මුහුදට ගලාබස්නා ගංගාව ද මුහුදට වැටුණු පසු ප්‍රකට නොවන්නී ද? එපරිද්දෙන් ම ලෝවැසි තෙම ඉසුරුමත් තැනැත්තා ප්‍රධාන කොට ඇත්තේය. මේ කරුණ ද දැක නුවණැත්තා නිහීන යැ, සම්පත් ඇත්තා ම උතුම්ය යි කියමි යි සේනක තෙම කීයේ ය.
Pali BJT2420. යමෙනමක්ඛා උදධිං මහන්තං සවන්ති නජ්ජො සබ්බකාලං අසඞ්ඛං, සො සාගරො නිච්චමුළාරවෙගො වෙලං න අච්චෙති මහාසමුද්දො.
Sinhala BJT2420. යම් ඒ මහාසාගරයක් නුඹ කීයෙහි ද? එයට හැම කල්හි ම නොගිණිය හැකි සංඛ්‍යාවක් ඇළ දොළ ගළා බසිත්. ඒ සාගරය නිතර මහාරළවේග ඇත්තේ වෙරළ නො ඉක්මවා ද?
Pali BJT2421. එවම්පි බාලස්ස පජප්පිතානි පඤ්ඤං න අචෙචති සිරී කදාචි, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2421. මෙපරිද්දෙන් ම අඥානයාගේ කථාවෙන් නුවණැත්තහු ඉක්මවා නොයත් (නුවණැත්තහු කරා පැමිණ බිඳෙත්.) සම්පත් තොමෝ ද කිසිකලෙකත් ප්‍රඥාවන්තයා නො ඉක්මවයි. මේ කරුණ ද දැන නුවණැත්තා ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නැතැයි කියමියි කීයේ ය.
Pali BJT2422. අසඤ්ඤතො චෙපි පරෙසමත්ථං භණාති සන්ථානගතා යසස්සී, තස්සෙව තං රූහති ඤාතිමජ්ඣෙ සිරිහීනං තාරයතෙ න පඤ්ඤා එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2422. කායාදිසංයම නැත්තා වූ ද යස පිරිවර ඇති තැනැත්තේ විනිශ්චය ස්ථානයෙහි සිට අනුනට වැඩ පිණිස කරුණක් ප්‍රකාශ කෙරේද, නෑ සමූහයා මැද ඔහුගේ කීම ම පිළිගැනේ. එය සම්පත් තොමෝ ම සිදු කරවයි. මෙය ද දැක නුවණැත්තේ නිහීනය. සම්පත් ඇත්තේ ම ශ්‍රේෂ්ඨය යි මම කියමි යි සේනක තෙම කීයේ ය.
Pali BJT2423. පරස්ස වා අත්තනොචාපි හෙතු බලො මුසා භාසති අප්පපඤ්ඤො සො නින්දිතො හොති සභාය මජ්ඣෙ, පෙච්චාපි සො දුග්ගතිගාමි හොති. එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2423. මඳ නුවණැති බාලතෙම අනුන් හෝ තමන් හේතු කොට ගෙන හෝ මුසා බෙණේ නම්, හෙතෙමේ සභා මධ්‍යයෙහි නින්‍දිතයෙක් වේ. හෙතෙමේ පරලෙව්හි ද දුගතිගාමි වෙයි. මෙය ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නැතැයි මම කියමියි මහෞෂධ තෙම කීයේ ය.
Pali BJT2424. අත්ථම්පි චෙ භාසති භූරිපඤ්ඤො අනාළ්හියො අප්පධානො දළිද්දො න තස්ස තං රූහති ඤාතිමජ්ඣෙ සිරී ච පඤ්ඤාණවතො න හොති, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2424. සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහ නුවණැත්තෙක් සත්‍ය කාරණයක් කියන්නේ නමුත් ඔහුගේ ඒ වචන ඤාති සමූහයා මැද ගණනට නොයේ. සම්පත් තොමෝ ද නුවණැත්තහුට නොවේ. මේ කාරණය ද දැක නුවණැත්තා හීනය. සම්පත් ඇත්තා ම උසස් යයි මම කියමි යි සේනක තෙම කීවේ ය.
Pali BJT2425. පරස්සවා අන්තනොවාපි හෙතු න භාසති අලිකං භූරිපඤ්ඤො සො පූජිතො හොති සභාය මජ්ඣෙ පෙච්චං ච සො සුග්ගතිගාමි හොති. එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2425. මහනුවණැතිතෙම අනුන් හෝ තමන් හෝ හේතු කොට ගෙන බොරු නො කියයි ද, හෙතෙමේ සභා මධ්‍යයෙහි පූජිත වෙයි, පරලෙව්හි ද හෙතෙමේ සුගතිගාමී වන්නේය. මේ කරුණ ද දැන ප්‍රඥාවන්තයා ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නොවේ යයි මම කියමියි කීයේ ය.
Pali BJT2426. හත්ථිගවාස්සා මණිකුණ්ඩලා ච නාරියො ච ඉද්ධෙසු කුලෙසු ජාතා සබ්බාව තා උපභොගා භවන්ති, ඉද්ධස්ස පොසස්ස අනිද්ධිමන්තො එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2426. ඇත්තු ද ගවයෝ ද අශ්වයෝ ද මාණික්‍යකුණ්ඩලාභාරණයෝ ද සමෘද්ධ කුලයන්හි උපන් ස්ත්‍රීහු ද නිර්ධනයෝ ද යන ඒ සියලු වස්තූහු ධනවතාගේ උපභෝග වස්තූහු වෙති. මේ කාරණය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම උතුම් යයි කියමි යි සේනක තෙම කීයේ ය.
Pali BJT2427. අසංවිහිතකම්මන්තං බාලං දුම්මන්තමන්තිනං සිරී ජහති දුම්මෙධං ජිණ්ණංව උරගො තචං, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2427. හොඳින් විධාන නො කළ කර්‍මාන්ත ඇති නපුරු කතා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලයා දිරාගිය සැව හැරපියා යන සර්‍පයෙකු සෙයින් ශ්‍රී තොමෝ හැරපියා යන්නීය. මෙය ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාල තෙමේ එසේ ශ්‍රේෂ්ඨ නොවේ යයි මම මහෞෂධ තෙම කීය.
Pali BJT2428. පඤ්ච පණ්ඩිතා මයං භදන්තෙ සබ්බෙ පඤ්ජලිකා උපට්ඨිතා ත්වං නො අභිභුය්ය ඉස්සරොසි සක්කො භූතපතීව දෙවරාජා එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT2428. ස්වාමීනි, අපි පණ්ඩිතයෝ පස්දෙන සියල්ලෝ ම ඇඳිලි බැඳගත්තෝ එළඹ සිටියෙමු. නුඹවහන්සේ භූතයනට අධිපති සක් දෙව් රජහු මෙන් අප සියල්ලන් මැඩගෙන අධිපති වන්නහුය. මෙය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨය යි කියමි යි සේනක තෙම කීයේ ය.
Pali BJT2429. දාසො ව පඤ්ඤස්ස යසස්සි බලො අත්ථෙසු ජාතෙසු තථාවිධෙසු යං පණ්ඩිතො නිපුණං සංවිධෙති, සම්මොහමාපජ්ජති තත්ථ බලො එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සි බලො.
Sinhala BJT2429. එබඳු කටයුතු ඇති වූ කල්හි යශස් ඇත්තා වූ බාල තෙම නුවණැත්තාට දාසයකු මෙන් වේ. නුවණැත්තේ යම් කරුණක් දක්‍ෂ ලෙස සංවිධානය කෙරේද, එහිදී අඥාන තෙමේ මුළාවට පැමිණෙන්නේය. මෙය ද දැක නුවණැත්තේම උතුමැ සම්පත් ඇති අනුවණයා එසේ උසස් නොවේ යයි මම කියමියි මහෞෂධ තෙම කීයේ ය.
Pali BJT2430. අද්ධා හි පඤ්ඤාව සතං පසත්ථා කන්තා සිරී භොගරතා මනුස්සා ඤාණඤ්ච බුද්ධානමතුල්යරූපං පඤ්ඤං න අච්චෙති සිරි කදාචි.
Sinhala BJT2430. මහරජ, ප්‍රඥාතොමෝ බුද්ධාදි සත්පුරුෂයන් විසින් ඒකාන්තයෙන් ම පසස්නා ලද්දීය. මිනිස්සු සම්පත්හි අලුණාහු ම වෙත්. එහෙයින් ශ්‍රීතොමෝ ඔවුන් කැමැත්තීය. ඥානවෘද්ධයන්ගේ නුවණ ද අසමාන ස්වභාව ඇත්තේය. ශ්‍රී තොමෝ කිසිකලෙකත් නුවණැත්තාහු නො ඉක්මවා යයි මහෞෂධ තෙම කීයේ ය.
Pali BJT2431. යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො මහොසධ කෙවලධම්මදස්සි ගවං සහස්සං උසභඤ්ච නාගං ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ගාමවරානි සොළසාති.
Sinhala BJT2431. සියලු ධර්‍මයන් දක්නා ස්වභාවය ඇති මහෞෂධ පණ්ඩිතයන් වහන්ස, අපි යමක් විචාළෙමු නම් එය අපට කීයෙහිය. ප්‍රශ්න විසඳීමෙන් තුටු වූ සිත් ඇති මම ගවයන් දහසක් ද ශ්‍රේෂ්ඨ හස්තියකු ද ආජානේය අසුන් යෙදූ මේ රථ දශයක් ද ගම්වර සොළසක් ද තොපට දෙමි යි රජ තෙම කීයේ ය.
Pali BJTසිරිමන්ද ජාතකං.
Sinhala BJTසිරිමන්‍ද ජාතක යි.
Pali BJT5. රොහන්තමිගජාතකං
Sinhala BJT5. රෝහන්තමිග ජාතකය
Pali BJT2432. එතෙ යූථා පටියන්ති භීතා මරණස්ස චිත්තක, ගච්ඡ තුවම්පි මා කඞ්ඛි ජීවිස්සන්ති තයා සහ.
Sinhala BJT2432. චින්තකය, මේ රැළෙහි වූ මුවෝ මරණයට බියවූවෝ පැනදුවති. තොපි ද යව, බලාපොරොත්තු නොවව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහ. මෙසේ රෝහන්ත මෘග තෙම කීයේ ය.
Pali BJT2433. නාහං රොහන්ත ගච්ඡාමි හදයම්මෙ අවකස්සති, න තං අහං ජහිස්සාමි ඉධ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT2433. රෝහන්තය, මම නොයමි. මගේ හෘදය ශෝකයෙන් අදිනු ලැබේ. මම තොප නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි.
Pali BJT2434. තෙ හි නූන මරිස්සන්ති අන්ධා අපරිනායකා, ගච්ඡ තුවම්පි මා කඞ්ඛි ජීවිස්සන්ති තයා සහ.
Sinhala BJT2434. ඇස් අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරය, තෙපි එහි යව, බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත් වන්නාහු ය.
Pali BJT2435. නාහං රොහන්ත ගච්ඡාමි හදයම්මෙ අවකස්සති, න තං බද්ධං ජහිස්සාමි ඉධ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT2435. රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළපුඩුවෙහි බැඳුණු තොප හැර නො යමි. ජීවිතය මෙහි ම හරනෙමි.
Pali BJT2436. ගච්ඡ භීරු පලායස්සු කූටෙ බද්ධොස්මි ආයසෙ, ගච්ඡ තුවම්පි මා කඞ්ඛි ජීවිස්සන්ති තයා සහ.
Sinhala BJT2436. බියවනසුලු තැනැත්තිය, වහා යව. පැනදුවව. මම අයෝමය කණුවක ඇට වූ මළ පුඩුවෙක්හි බැඳුණෙමි. තෙපි ද යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහු යයි බෝසත් තෙම සුනන්‍දා නම් නැගණියන්ට කීයේ ය.
Pali BJT2437. නාහං රොහන්ත ගච්ඡාමි හදයම්මෙ අවකස්සති, න තං අහං ජහිස්සාමි ඉධ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT2437. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තොප මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි යි සුනන්‍දා මුවදෙන කීවා ය.
Pali BJT2438. තෙ හි නූන මරිස්සන්ති අන්ධා අපරිනායකා, ගච්ඡ තුවම්පි මා කඞ්ඛි ජීවිස්සන්ති තයා සහ.
Sinhala BJT2438. අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරිය, තෙපි ද මෙතැනින් යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත්වන්නාහ යි රෝහන්ත තෙම කීයේ ය.
Pali BJT2439. නාහං රොහනන ගච්ඡාමි හදයම්මෙ අවකස්සති, න තං බද්ධං ජහිස්සාමි ඉධ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT2439. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තෙපි මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි. සුනන්‍දා නම් මුවදෙන කීවාය.
Pali BJT2440. අයං සො ලුද්දකො එති රුද්දරූපො සහාවුධො, සො නො වධිස්සති අජ්ජ උසුනා සත්තියාමපි.
Sinhala BJT2440. රෞද්‍ර ස්වභාව ඇත්තේ ආවුධ සහිත වැ ඒ මේ වැදිතෙම එයි. හේ අද අපට හීයෙන් ද අඩයටියෙන් ද හිංසා කරන්නේ ය. (එහෙයින්) වහා පැනයව යි මුවරජ තෙම කීයේ ය.
Pali BJT2441. සා මුහුත්තං පලායිත්වා භයට්ටා භයතජ්ජිතා, සුදුක්කරං අකරා භීරු මරණායුපනිවත්තථ.
Sinhala BJT2441. බියෙන් පෙළුණා වූ බියෙන් තැතිගත්තා වූ බියවනසුලු වූ ඒ මුවැත්තිය මොහොතක් කල් පැන ගොස් ඉතා දුෂ්කර වූවක් කළා. මරණය සඳහා නැවැත පෙරළා ආවා ය.
Pali BJT2442. කින්නු තෙ මෙ මිගා හොන්ති මුත්තා බද්ධං උපාසරෙ, න තං චජිතුමිච්ඡන්ති ජීවිතස්සපි කාරණා.
Sinhala BJT2442. බන්‍ධනයෙන් මිදුණාහු මළ පුඩුවෙහි බැඳුණු තොප සමීපයෙහි හිඳිති. ජීවිතය හේතුකොට ගෙන ද තොප හැරයන්නට නො කැමැති වෙති. මේ මුවෝ තොපගේ කවරහු වෙද්දැ යි වැදි තෙම ඇසුවේ ය.
Pali BJT2443. භාතරො හොන්ති මෙ ලුද්ද සොදරියා එකමාතුකා, න මං චජිතු මිච්ඡන්ති ජීවිතස්සපි කාරණා.
Sinhala BJT2443. එම්බා වැදි පුත්‍රය, මොහු සමානකුස ඇත්තා වූ එක මව වෙත වැඩුණා වූ මාගේ සහෝදරයෝ වෙති. මොහු ජීවිතය හේතු කොටගෙන හෝ මා හැර යන්නට නො කැමැති වෙති යි මුවරජ තෙම කීයේ ය.
Pali BJT2444. තෙ හි නූන මරිස්සන්ති අන්ධා අපරිනායකා, පඤ්චන්නං ජීවිතං දෙහි භාතරං මුඤ්ච ලුද්දක.
Sinhala BJT2444. එම්බා වැදි පුත්‍රය, පිළිදැගුම් කරන්නකු නැති අන්‍ධ වූ ඒ මවුපියෝ ඒකාන්තයෙන් ම මැරෙන්නාහ. එහෙයින් ඔවුන් දෙදෙනාගේ ද අප තිදෙනාගේ ද යන අප පස් දෙනකුගේ ජීවිත දෙනු මැනැවි. මාගේ සහෝදරයා මුදාහරිනු මැනැවැ යි චින්තක නම් මෘග තෙම කීයේ ය.
Pali BJT2445. සො වො අහං පමොක්ඛාමි මාතාපෙත්තිභරං මිගං, නන්දන්තු මාතාපිතරො මුත්තං දිස්වා මහාමිගං.
Sinhala BJT2445. එම්බා මුවරජ, ඒ මම මවුපියන් පෝෂණය කරන්නා වූ මුවරජහු මුදා හරනෙමි. මරණයෙන් මිදුණා වූ මුවරජ දැක මවුපියෝ සතුටු වෙත්වා යි වැදි තෙම කීයේ ය.
Pali BJT2446. එවං ලුද්දක නන්දස්සු සහ සබ්බෙහි ඤාතිභි, යථාහමජ්ජ නන්දාමි මුත්තං දිස්වා මහාමිගං.
Sinhala BJT2446. එම්බා වැදිපුත්‍රය, මම අද මරණයෙන් මිදුණා වූ මුවරජ දැක යම්සේ සතුටුවන්නෙම් ද, එසේ ම නුඹ ද සියලු නෑයන් සමග සතුටුවෙහිවා යි චිත්‍රක තෙම අනුමෙවෙනි වශයෙන් ප්‍රකාශ කෙළේ ය.
Pali BJT2447. කථං පමොක්ඛො ආසි උපනීතස්මිං ජීවිතෙ, කථං පුත්ත අමොචෙසි කූටා පාසම්භා ලුද්දකො.
Sinhala BJT2447. පුත්‍රය, ජීවිතය මරණයට ළං කොට පැමිණ වූ කල්හි (මරණාසන්නයේ දී) කෙසේ මිදුණෙහි ද? පුත්‍රය, වැදි තෙම නුඹ මළ පුඩුවෙන් කෙසේ මුදා හැරියේ ද?
Pali BJT2448. භණං කණ්ණසුඛං වාචං භදයඞ්ගං හදයනිස්සිතං, සුභාසිතාහි වාචාහි චිත්තකො මං අමොචයි.
Sinhala BJT2448. පින්වත් මවුපියවරුනි, මාගේ චිත්‍රක නම් සහෝදර තෙම හෘදයාංගම වූ හෘදයනිඃශ්‍රිත වූ කනට සුව ගෙනදෙන්නා වූ වචන කියන්නේ ඒ සුභාෂිත වචන බලයෙන් මා මළපුඩුවෙන් මිදැවී.
Pali BJT2449. භණං කණ්ණසුඛං වාචං භදයඞ්ගං හදයනිස්සිතං, සුභාසිතාහි වාචාහි සුතනා මං අමොචයි.
Sinhala BJT2449. පින්වත් මවුපියවරුනි, සුතනා තොමෝ ද සිත් ඇදගන්නා වූ හෘදයනිඃශ්‍රිත කර්‍ණරසායන වචන කියන්නී ඒ සුභාෂිත වචන බලයෙන් මා මළපුඩුවෙන් මිදැවූ ය.
Pali BJT2450. සුත්වා කණ්ණසුඛං වාචං භදයඞ්ගං හදයනිස්සිතං, සුභාසිතානි සුත්වාන ලුද්දකො මං අමොචයි.
Sinhala BJT2450. සිත් ඇදගන්නාසුලු හෘදයනිඃශ්‍රිත වූ කනට සුවදෙන වචන අසා තුටු පහටු වූ වැදිතෙමේ මනා කොට කියූ ඒ වචන ඇසීම හේතු කොටගෙන මා බන්‍ධනයෙන් මිදුවේ ය.
Pali BJT2451. එවං ආනන්දිතො හොතු සහ දාරෙහි ලුද්දකො, යථා මයජ්ජ නන්දාම දිස්වා රොහන්තමාගතං.
Sinhala BJT2451. මරණයෙන් මිදී ආ රෝහන්ත නම් මුවරජ දැක අද අපි යම්සේ ප්‍රීති වෙමු ද, වැදි තෙමේත් එසේ ම සිය අඹුදරුවන් සමග ප්‍රීති වේවා යි මවුපියෝ අනුමෙවෙනි කළහ.
Pali BJT2452. නනු ත්වං අවචා ලුද්ද මිගචම්මානි ආහරිං, අථ කෙන නු වණ්ණෙන මිගචම්මානි නාහරි.
Sinhala BJT2452. එම්බා වැදිපුත්‍රය, මුවකු හෝ මුවසම් හෝ ගෙනෙන්නෙමි යි නුඹ කීවෙහි නොවේ ද? එසේ කියා තිබිය දී කවර කාරණයකින් මුවකු හෝ මුවසම් හෝ නො ගෙනාවෙහි ද? යි රජ තෙම ඇසී ය.
Pali BJT2453. ආගමාචෙව හත්ථත්ථං කුටපාසඤ්ච සො මිගො, අබජ්ඣිතඤ්ච මිගරාජං තඤ්ච මුත්තා උපාසරෙ.
Sinhala BJT2453. මහරජ, ඒ මුව තෙම මා ඇට වූ මළපුඩුවෙහි බැඳුණේ මාගේ අත්පසට ම පැමිණියේ ම ය. ඒ මුවරජ පුඩුවෙහි බැඳුණේ ය. පුඩුවෙහි බැඳුණු ඒ මුවා ඇසුරු කැරැගෙන නො බැඳුණු මුවෝ දෙදෙනෙක් සිටියහ.
Pali BJT2454. තස්ස මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො, ඉමං චාහං මිගං හඤ්ඤෙ අජ්ජ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT2454. ඒ මට ලොමුදහ ගන්නා වූ නො වූ විරූ සංවේගයක් පහළ විය. මම් මේ මුවා නසන්නෙම් නම් අද මෙහි ම ජීවිතය හරනෙමි යි කියා යි.
Pali BJT2455. කීදිසා තෙ මිගා ලුද්ද කීදාසා ධම්මිකා මිගා, කථං වණ්ණා කථං සීලා බාළ්හං ඛො තෙ පසංසසි.
Sinhala BJT2455. වැදිපුත්‍රය, ඒ මුවෝ කෙබඳු ද? කෙබඳු ධර්‍මයෙහි පිහිටියාහු ද? කෙබඳු වර්‍ණ ඇත්තෝ ද? කෙබඳු ස්වභාව ඇත්තෝ ද? නුඹ දැඩි කොට ප්‍රසංසා කරන්නෙහි යයි රජ ඇසුවේ ය.
Pali BJT2456. ඔදාතසිඞ්ගා සුවිවාළා ජාතරූපතචූපමා, පාදා ලොහිතකා තෙසං අඤ්ජිතක්ඛා මනොරමා.
Sinhala BJT2456. මහරජ, ඒ මුවන්ගේ රිදී දම් වැනි අං ඇත්තාහ. සෙමර වල්ග වැනි පිරිසුදු වල්ග ඇත්තේය. සම රන්වන් ය. ලේවන් පා ඇත්තාහ. අඳුන්ගාන ලද ඇස් වැනි සිත්කලු ඇස් ඇත්තේ ය.
Pali BJT2457. එදිසා තෙ මිගා දෙව එදිසා ධම්මිකා මිගා, මාතාපෙත්තිහරා දෙව න තෙ සො {*}අභිභාරයුං.
Sinhala BJT2457. දේවයන් වහන්ස, ඒ මුවෝ මෙබඳුයහ. ඒ මුවෝ මෙබඳු ධර්‍ම ඇත්තෝ ය. දේවයන් වහන්ස, ඒ මම මවුපියන් පෝෂණය කරන්නා වූ ඒ මුවන් නො ගෙනාවෙමි යි වැදි තෙම කීවේ ය.
Pali BJT2458. දම්මි නික්ඛසතං ලුද්ද ථුල්ලඤ්ච මණිකුණ්ඩලං, චතුද්දසඤ්ච පල්ලඞ්කං උම්මාපුප්ඵසිරිනිභං.
Sinhala BJT2458. එම්බා වැදිපුත්‍රය, තට රනින් නිෂ්ක සියයක් දෙමි. බොහෝ අගනා මිණි කොඬොලක් ද දෙමි. දිය බෙරළිය මල් බඳු පසතුරුණු ඇතුරූ උස් වූ සිව්රැස් අසුනක් ද දෙමි.
Pali BJT2459. ද්වෙ ච සාදිසියො භරියා උසභඤ්ච ගවං සතං, ධම්මෙන රජ්ජං කාරෙස්සං බහුකාරො මෙසි ලුද්දක.
Sinhala BJT2459. රූපයෙන් හා භෝගයෙන් ඔවුනොවුනට සමාන භාර්‍ය්‍යාවරුන් දෙදෙනකුන් ද දෙමි. වෘෂභයකු ඇතුළු ගවයන් සියයක් ද දෙමි. වැදිපුත්‍රය, මම දැහැමින් රජය ද කරවන්නෙමි. තෝ මට බොහෝ උපකාර ඇතියෙක් වෙහි ය.
Pali BJT2460. කසී වණිජ්ජා ඉණදානං උඤ්ඡාචරියාය ලුද්දක, එතෙහි දාරං පොසෙහි මා පාපං අකරා පුනන්ති.
Sinhala BJT2460. වැදිපුත්‍රය, තෝ සී සෑම ය, වෙළඳාම ය, ණයදීම ය, සිඟා හැසිරීම ය යන මෙයින් අඹුදරුවන් පෝෂණය කරව. නැවැත පාපයක් නො කරව යි රජ තෙම කීවේ ය.
Pali BJTරොහන්තමිගජාතකං.
Sinhala BJTරෝහන්තමිග ජාතකයි.
Pali BJT6. චූලහංසජාතකං.
Sinhala BJT6. චූලහංස ජාතකය
Pali BJT2461. එතෙ හංසා පක්කමන්ති වක්කඞ්ගා භයමෙරිතා, හරිත්තච හෙමවණ්ණ කාමං සුමුඛ පක්කම.
Sinhala BJT2461. රන්වන් සිවි ඇති රන්වන් පැහැති සුමුඛ නම් හංසය, වක් වූ අවයව ඇති භයින් කම්පා වූ මේ හංසයෝ ඉවත්ව යෙති. තෙපි ද ඒකාන්තයෙන් ඉවත්වව.
Pali BJT2462. ඔහාය මං ඤාතිගණා එකං පාසවසං ගතං, අනපෙක්ඛමානා ගච්ඡන්ති කිං එකො අවහීයසි.
Sinhala BJT2462. මාගේ නෑ සමූහයා මා ගැන බලාපොරොත්තුවක් නැත්තාහු හුදකලා ව මළ පුඩුවෙහි බැඳුණු මා අත්හැරැ යෙත්. එකලාවූ තෝ කවර හෙයින් වෙන් වැ නවතින්නෙහි ද?
Pali BJT2463. පතෙව පතතං සෙට්ඨ නත්ථි බද්ධෙ සහායතා. මා අනීඝාය හාපෙසි කාමං සුමුඛ පක්කම.
Sinhala BJT2463. අහස පියාසර කරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ හංසය, පාශයෙහි බැඳුණුහු කෙරෙහි යහළුබවෙක් නැත. සිය නිදුක්බව සඳහා කළයුතු වීර්‍ය්‍යය නො පිරිහෙළව. සුමුඛය, ඒකාන්තයෙන් ම මෙතැනින් යව.
Pali BJT2464. නාහං දුක්ඛපරෙතොති ධතරට්ඨ තුවං ජහෙ, ජීවිතං මරණං වා මෙ තයා සද්ධිං භවිස්සති.
Sinhala BJT2464. ධතරට්ඨ නම් හංසරාජය, නුඹ වහන්සේ මරණ දුකින් පෙළෙතැ යි එපමණෙකින් මම නුඹ වහන්සේ අත් නො හරිමි. මාගේ ජීවත්වීම හෝ මරණය නුඹ වහන්සේ සමග වන්නේ යයි සුමුඛ තෙම කීවේ ය.