Pali BJT2177. වාණිජකසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2177. මහරජ, වෙළෙඳුන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු වෙළඳ බමුණෝ යයි කියන ලදු. එබඳු ඔවුන් වෙත එළඹ ආරාධනා කරමු ද?
Pali BJT2178. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉති රාජාකොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2178. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔවුහු බමුණෝය යි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2179. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2179. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2180. නික්ඛන්තභික්ඛං{1} භුඤ්ජන්ති ගාමෙස්වෙකෙ පුරොහිතා, බහූ තෙ{2} පටිපුච්ඡන්ති අණ්ඩච්ඡෙදා නිලඤ්ඡකා{3} පසූපි තත්ථ හඤ්ඤන්ති මහිසා සූකරා අජා.
Sinhala BJT2180. ගම්වලැ පුරෝහිතයෝ වී නිරන්තර භික්‍ෂාව ලබා ගෙන බුදිත්. බොහෝ දෙනා නැකැත්, සුබ මොහොත් සහ මඟුල් පුරෝහිතයන් විචාරත්. ඔවුහු කුලී ගෙන හරකුන්ගේ අණ්ඩච්ඡේද කිරීමත් උන්ගේ වෙරැ ලකුණු තැබීමත් කරති. ඔවුන්ගේ නිවාසයන්හි මී ඌරු, එළු යන සිවුපාවෝ මරනු ලැබෙත්.
Pali BJT2181. ගොඝාතකසමාචාරා තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2181. ගවඝාතකයන් සමාන හැසිරීම ඇති ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
Pali BJT2182. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉති රාජා කොරව්යො) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ
Sinhala BJT2182. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2183. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2183. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (මෙබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2184. අසිචම්මං ගහෙත්වාන ඛග්ගං පග්ගය්හ බ්රාහ්මණා, වෙස්සපථෙසු තිට්ඨන්ති සත්ථං අබ්බාහයන්තිපි.
Sinhala BJT2184. මහරජ, ඇතැම් බමුණෝ කඩු පළඟ දරා කඩුව අතින් ගෙන වෙළෙඳුන් යන මාර්‍ගයන්හි සිටිති. වෙළෙඳුන්ගෙන් මුදල් ගෙන සොරුන් වෙසෙන වනයෙන් ගැල් තරණය කරවති.
Pali BJT2185. සමා ගොපනිසාදෙහි තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2185. ගෝපාලයන් ද ගම් පහරන සොරුන් ද සමාන ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
Pali BJT2186. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉති රාජා කොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2186. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලබති, විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2187. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2187. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2188. අරඤ්ඤෙ කුටිකං කත්වා කූටානි කාරයන්ති තෙ, සසඛිළාරෙ බාධෙන්ති ආගොධා මච්ඡකච්ඡපං.
Sinhala BJT2188. ඇතැම් බමුණෝ වනයෙහි කුටියක් තනාගෙන වෙසෙමින් මලපුඩු අටවත්. ගොයින් ඇතුළු සාවුන් බළලූන් සහ මස්කැස්බන් පෙළත්.
Pali BJT2189. ලුද්දකා තෙ මහාරාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණ, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2189. මහරජ, ඔවුහු වැද්දෝ වෙති. (එහෙත්) බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
Pali BJT2190. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉති රාජා කොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2190. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2191. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2191. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2192. අඤ්ඤෙ ධනස්ස කාමාහි හෙට්ඨාමඤ්චෙ පසක්ඛිතා, රාජානො උපරි නහායන්ති සොමයාගෙ උපට්ඨිතෙ.
Sinhala BJT2192. ධනය කැමැති වෙනත් බමුණෝ රනින් ඇඳන් තනවා එහි යටැ හොවිති. සෝම යාගය පැමිණි කලැ රජවරු ඇඳ මත්තේ සිටැ ජලස්නානය කරති. (ජලස්නානයෙන් පසු ඇඳන් බමුණන් සතු වේ.)
Pali BJT2193. මලමජ්ජකසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2193. මහරජ, නැහැවියන් වැනි ඔහු බමුණෝ යයි කියනු ලැබෙති. කියන ලද එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
Pali BJT2194. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉති රාජා කොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ
Sinhala BJT2194. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2195. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2195. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2196. අත්ථි බ්රාහ්මණා දෙව සීලවන්තො බහුස්සුතා, විරතා මෙථුනා ධම්මා යෙ තෙ භුඤ්ජෙය්යුං භොජනං.
Sinhala BJT2196. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබගේ බොජුන් වළඳත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු සිල්වත් බහුශ්‍රුත වූ බමුණෝ ඇත්තාහු ය.
Pali BJT2197. එකඤ්ච භත්තං භුඤ්ජන්ති න ච මජ්ජං පිවන්ති තෙ, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2197. (උන්වහන්සේ) එක් බතක් (එක වේලක්) පමණක් බුදිති. මත් පැන් පානය නො කරති. කියන ලද එබඳු ඒ උතුමන් වෙත ආරාධනා පිණිස යමු ද.
Pali BJT2198. එතෙ ඛො බ්රාහ්මණා විධුර සීලවන්තො බහුස්සුතා, එතෙ විධුර පරියෙස ඛිප්පඤ්ච තෙ නිමන්තයාති.
Sinhala BJT2198. විධුර පඬිතුමනි, මුන් වහන්සේ සිල්වත් වූ බහුශ්‍රුත වූ බමුණෝ වෙති. විධුර පඬිතුමනි, මොවුන් වහා සොයව. උන්වහන්සේ ආරාධනා කරච.
Pali BJT12. දසබ්රාහ්මණජාතකං.
Sinhala BJT12. දසබ්‍රාහ්මණ ජාතක යි.
Pali BJT2199. සුඛුමාලරූපං දිස්වාන{1} රට්ඨා විවනමාගතං, කූටාගාරවරූපෙතං මහාසයනමුපාසිතං,{2}
Sinhala BJT2199. මහඇගි කුළුගෙවල්හි වුසූ මහඇගි සිරි යහන් ඇසුරු කළ (සයනය කළ) රජතුමා රාජ්‍යය හැර දමා ප්‍රත්‍යන්තයට පැමිණි බව දැකැ,
Pali BJT2200. තස්ස තෙ පෙමකෙනාහං අදාසිං බද්ධ{3}මොදනං, සාලීනං විචිතං භත්තං සුචිං මංසූපසෙචනං.
Sinhala BJT2200. ඒ ඔබ වහන්සේට ප්‍රේමයෙන් මම සොයාබලා පවිත්‍ර කළ ඇල් සාලෙන් පිසූ, රසමසවුළෙන් යුතු උතුම් බත දුනිමි.
Pali BJT2201. තං ත්වං භත්තං පටිග්ගය්හ බ්රාහ්මණස්ස අපාපයි{4}, අත්තානං අනසිත්වාන කොයං ධම්මො නමත්ථු තෙ.
Sinhala BJT2201. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන අනුභව නො කොට බමුණාට දුන්හ. රජතුමනි, ඔබට නමස්කාර වේවා. මේ කිනම් ධර්‍මයක් ද?
Pali BJT2202. ආචරියො බ්රාහ්මණො මය්හං කිච්චාකිච්චෙසු ව්යාවටො, ගරු ච ආමන්තනීයො දාතුමරහාමි භොනං.
Sinhala BJT2202. මේ බමුණා මාගේ ආචාර්‍ය්‍යවරයා වේ. මාගේ කුදු මහත් කටයුතුවල යෙදුණෙකි. ගරු කටයුත්තෙකි. මා දුන් දෙය ගන්නට සුදුස්සෙකි. එසේ හෙයින් භෝජනය දෙන්නට සුදුසු වෙමි.
Pali BJT2203. බ්රාහ්මණන්දානි පුච්ඡාමි ගොතමං රාජපූජිතං, රාජා තෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
Sinhala BJT2203. දැන් මම ගෞතම ගෝත්‍රයෙහි වූ රාජ පූජිත බමුණා විචාරමි. රජතුමා ඔබට රසමසවුළෙන් යුතු ව පවිත්‍ර බත දුන්නේ ය.
Pali BJT2204. තං ත්වං භත්තං පටිග්ගය්හ ඉසිස්ස භොජනං අදා, අඛෙන්තඤ්ඤූසි දානස්ස කොයං ධම්මො නමත්ථු තෙ.
Sinhala BJT2204. ඔබ ඒ බත පිළිගෙන ඉසිවරයාට දුන්හ. ඔබ දානයට කෙත නො වේ යයි දත්තෙහි ද? ඔබට නමස්කාර වේවා, මේ කිනම් ධර්‍මයක් ද?
Pali BJT2205. භරාමි පුත්තෙ දාරෙ ච ඝරෙසු ගථිතො අහං, භුඤ්ජෙ මානුසකෙ කාමෙ අනුසාසාමි රාජිනො.
Sinhala BJT2205. ගිහිගෙයි බැඳුණු මම අඹුදරුවන් පෝෂණය කරමි. මිනිසුනට අයත් කම්සුව විඳින්නැ යි රජතුමාට අනුසාසන කරමි.
Pali BJT2206. ආරඤ්ඤකස්ස ඉසිනො චිරරත්තං තපස්සිනො, වද්ධස්ස{5} භාවිතත්තස්ස දාතුමරහාමි භොජනං
Sinhala BJT2206. වෙනෙහි වෙසෙන බොහෝ කල් වැඩූ තවුස්දම් ඇති ගුණයෙන් වැඩුණු දියුණු කළ සිත් ඇති ඉසිවරයාට භෝජනය දෙන්නට සුදුසු වෙමි.
Pali BJT2207. ඉසිඤ්චදානි පුච්ඡාමි කිසං ධමනිසන්ථතං. පරූළ්හකච්ඡනඛලොමං පඞ්කදන්තං රජස්සිරං.
Sinhala BJT2207. දැන් මම කෘශ වූ, නහර ඉල්පීගිය ශරීරය ඇති වැඩුණු කිසිලිලෝම හා නිය ද ඇති මැලියම් බැඳුණ දත් ඇති ධූලි සහිත හිසැති ඉසිවරයා විචාරමි.
Pali BJT2208. එකො අරඤ්ඤෙ විහරසි{6} නාවකඞ්ඛසි ජීවිතං, භික්ඛු කෙන තයා සෙය්යො යස්ස ත්වං භොජනං අදා
Sinhala BJT2208. (ස්වාමීනි,) හුදෙකලා ව වනයෙහි වෙසෙන්නෙහි ය. ජීවත් වීම නො කැමැත්තෙහි ද? යමකුට තෙපි භෝජනය දුන්නහු ඒ භික්‍ෂූන් වහන්සේ කුමකින් තොපට වඩා ශ්‍රේෂ්ඨ ද?
Pali BJT2209. ඛණන්තාලු{7}කලම්බානි බිළාලීතක්කළානි ච, ධුනං සාමාකනීවාරං සඞ්ඝාරියං{8} පසාරියං,
Sinhala BJT2209. මම අල වර්‍ග ද තල් අල ද බිළාලි අල ද තක්කළ අල ද සාරා ගනිමින් බොඩහමු හා ඌරුහැල් පොලමින් රැස් කරමින්,
Pali BJT2210. සාකං භිසං මධුං මංසං පදරාමලකානි ච, තානි ආහත්ව{1} භුඤ්ජාමි අත්ථි මෙ සො පරිග්ගහො.
Sinhala BJT2210. පලා වර්‍ග ද නෙළුම් අල ද මීමස් ද ඩෙබර සහ නෙල්ලි ද ගෙනවුත් වළඳමි. මට එය අයිති ව ඇත.
Pali BJT2211. පචන්තො අපචන්තස්ස අමමස්ස අකිඤ්චනො, අනාදානස්ස සාදානො දාතුමරහාමි භොජනං.
Sinhala BJT2211. පිසන්නෙක් වූ මම, නො පිසන මමායනය රහිත පළිබෝධ නැති නුදුන් දෙය නො ගන්නා වූ පසේබුදුරජාණන් වහන්සේට ගන්නා වූ භෝජනය දෙන්නට සුදුසු වෙමි.
Pali BJT2212. භික්ඛුඤ්චදානි පුච්ඡාමි තුණ්හීමාසීන සුබ්බතං. ඉසි තෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
Sinhala BJT2212. දැන් මම නිහඬ ව වැඩ සිටින සිල්වත් භික්‍ෂූන් වහන්සේ විචාරමි. පවිත්‍ර ලෙස සකස් කළ රසමසවුළෙන් යුතු බත ඉසිවරයා ඔබ වහන්සේට දුන්නේ ය.
Pali BJT2213. තං ත්වං භත්තං පටිග්ගය්හ තුණ්හී භුඤ්ජසි එකකො, නාඤ්ඤං කඤ්චි නිමන්තෙසි කොයං ධම්මො නමත්ථු තෙ.
Sinhala BJT2213. ඔබ වහන්සේ ඒ බත පිළිගෙන නිහඬ ව හුදෙකලා ව වළඳති. අන් කිසිවකුට කැඳවීමක් නැත. ඔබ වහන්සේට නමස්කාර වේවා. මේ කිනම් ධර්‍මයක් ද?
Pali BJT2214. න පචාමි න පාචෙමි න ඡින්දාමි න ඡෙදයෙ, තං මං අකිඤ්චනං ඤත්වා සබ්බපාපෙහි ආරතං.
Sinhala BJT2214. මම නො පිසමි. නො පිසවමි. නො සිඳිමි. නො සිඳවමි. පළිබෝධ රහිත මා සියලු පාපයන්ගෙන් දුරු වැ සිටින බව දැනැ,
Pali BJT2215. වාමෙන භික්ඛමාදාය දක්ඛිණෙන කමණ්ඩලුං, ඉසි මෙ භත්තං පාදාසි සුචිං මංසූපසෙචනං.
Sinhala BJT2215. ඉසිවරයා, වමතින් ආහාර (බඳුන) ගෙන දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන මට රසමසවුල් සහිත පවිත්‍ර බත පිළිගැන්නුවේ ය.
Pali BJT2216. එතෙ හි දාතුමරහන්ති සමමා සපරිග්ගහා, පච්චණීකමහං මඤ්ඤෙ යො දාතාරං නිමන්තයෙ.
Sinhala BJT2216. මමායනය සහිත අයිතිය ඇති මොව්හු මා වැන්නවුන්ට දෙන්නට සුදුස්සෝ වෙති. යමෙක් දෙන්නහුහට පවරා ද එය විරුද්ධ ප්‍රතිපදාවය යි මම හඟිමි.
Pali BJT2217. අත්ථාය වත මෙ අජ්ජ ඉධාගඤ්ජි{2} රථෙසභො, ඉතො පුබ්බෙ න පජානාමි{3} යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT2217. ඒකාන්තයෙන් මට වැඩ පිණිස අද රජතෙම මෙහි පැමිණියේ ය. යමකුට දුන් දෙය මහත් පල ද එය මීට පෙරැ නො දනිමි.
Pali BJT2218. රට්ඨෙසු ගිද්ධා රාජානො කිච්චාකිච්චෙසු බ්රාහ්මණා, ඉසී මූලඵලෙ ගිද්ධා විප්පමුත්තා ච භික්ඛවොති.
Sinhala BJT2218. රජවරු රටවල් (ලබා ගැනීමට) ගිජුවූහ. බමුණෝ රජවරුන්ගේ කුදු මහත් කටයුතු කිරීමට ගිජුවූහ. ඉසිවරයෝ අල වර්‍ග සහ ගෙඩිවර්‍ග වලට ගිජු වූහ. පසේ බුදුවරයෝ සියලු භවයන්ගෙන් මිදුණෝ වෙති.
Pali BJT13. භික්ඛාපරම්පරජාතකං.
Sinhala BJT13. භික්ඛාපරම්පර ජාතක යි.
Pali BJTපකිණ්ණකනිපාතං නිට්ඨිතං
Sinhala BJTපකිණ්ණක නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුව කින්නරමුක්කඛරාජීන සො, භිසජාත මහෙසි කපොතවරො, අථ මොර සතච්ඡක වාණිජකො අථ රාජ දසබ්රාහ්මණා භික්ඛපරන්ති.
Sinhala BJTසුවජාතක යැ චන්‍දකින්නර ජාතක යැ මහා උක්කුස (උක්ක) ජාතක යැ උද්දාලක (ඛරාජින) ජාතක යැ භිස ජාතක යැ සුරූචී (මහේසි) ජාතක යැ පඤ්චුපෝසථ යැ (කපොත) ජාතකයැ මහමොර ජාතක යැ තච්ඡකසූකර ජාතක යැ මහාවාණිජ ජාතක යැ සාධීන (රාජ) ජාතක යැ දසබ්‍රාහ්මණ ජාතක යැ භික්ඛාපරම්පර ජාතක යි.
Pali BJTසුත්තන්තපිටකෙ - ඛුද්දකනිකායෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි - ඛුද්දකනිකයෙහි
Pali BJTජාතකපාළි
Sinhala BJTජාතකපාළි
Pali BJT(දුතියො භාගො)
Sinhala BJT(ද්විතීය භාගය)
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT15. වීසතිනිපාතො
Sinhala BJT15. වීසති නිපාතය
Pali BJT1. මාතඞ්ගජාතකං
Sinhala BJT1. මාතඞ්ග ජාතකය
Pali BJT2328. කුතො නු ආගච්ඡසි රුම්මවාසී{1} ඔතල්ලකො පංසුපිසාචකොව, සඞ්කාරචොළං පටිමුච්ච{2} කණ්ඨෙ කො රෙ තුවං හොහිසි අදක්ඛිණෙය්යො.
Sinhala BJT2328. අපිරිසිදු කඩමාලු හඳනා, ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙලැ දැවටී ලාමක වූ තෝ, කොහි සිට ආවෙහි ද? එම්බල දක්‍ෂිණාර්‍හ නො වූ තෝ කවරෙහි දැයි මණ්ඩබ්බ කුමාර තෙමේ ඇසීය.
Pali BJT2329. අන්නං තව{3} ඉදං පකතං යසස්සී{4} තං ඛජ්ජරෙ භුඤ්ජරෙ පිය්යරෙ ච, ජානාසි මං ත්වං පරදත්තූපජීවිං{5} උත්තිට්ඨපිණ්ඩං ලභතං සපාකො.
Sinhala BJT2329. මහත් යශස්ඇති මණ්ඩව්‍ය කුමාරය, පිළියෙළ කරන ලද ඔබගේ මේ ආහාරය බොහෝ දෙනා කති, බුදිති, පානය ද කරත්. නුඹ මෙරමා දුන් දැයෙන් යැපෙන්නකු කොට මා දනුව. එහෙයින් යාචක පිණ්ඩය චණ්ඩාල තෙමේත් ලබාවා යී මාතඞ්ග තෙමේ කීය.
Pali BJT2330. අන්නං මම{6} ඉදං පකතං බ්රාහ්මණානං අත්තත්ථාය සද්දහතො මමයිදං, අපෙහි එත්තො කිමිධට්ඨිතොසි න මාදිසා තුය්හං දදන්ති ජම්ම.
Sinhala BJT2330. මාගේ මේ ආහාරය ජාතිසම්පන්න බ්‍රාහ්මණයන්ට පිළියෙළ කරන ලදය. සැදැහැති මාගේ මේ දානය තමහට වැඩ පිණිස වේ. සැඩොල, මෙතැනින් පහව යා. කුමකට මෙහි සිටිනෙහි ද? නීචය, මා වැන්නෝ තට නොදෙති.
Pali BJT2331. ථලෙ ච නින්නෙ ච වපන්ති බීජං අනූපඛෙත්තෙ ඵලමාසසානා{7}, එතාය සද්ධාය දදාහි දානං අප්පෙව ආරාධයෙ දක්ඛිණෙය්යෙ.
Sinhala BJT2331. එම්බා කුමාරය, ශස්‍යඵල කැමැත්තෝ ගොඩ ද, වළ ද, දෙණිය ද යම්සේ බිජුවට වපුරද්ද, එසේම නුඹ මේ ඵල ශ්‍රද්ධායෙන් (දානයෙන් ලැබෙන උසස් විපාක ගැන ඇදහීමෙන් යුතුව) පැමිණි හැමට දන් දෙව. (මෙසේ) දක්‍ෂිණාර්‍හයන් අරියනෙහි (ලබනෙහි) නම් මැනවි.
Pali BJT2332. ඛෙත්තානි මය්හං විදිතානි ලොකෙ යෙසාහං බීජානි පතිට්ඨපෙමි, යෙ බ්රාහ්මණා ජාතිමන්තූපපන්නා තානීධ ඛෙත්තානි සුපෙසලානී.
Sinhala BJT2332. යම්බඳු පුණ්‍යක්‍ෂේත්‍රයන්හි මම බිජුවට පිහිටුවම්ද, ලෝකයෙහි ඒ පුණ්‍යක්‍ෂේත්‍රයෝ මා විසින් දන්නා ලදහ. ජාතියෙන් ද මන්ත්‍රයෙන් ද යුක්ත වූ යම් බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඉතා ප්‍රියශීලී වූ ඔවුහු මෙලොව පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
Pali BJT2333. ජාතිමදො ව අතිමානිතා ච ලොභො ච දොසො ච මදො ච මොහො, එතෙ අගුණා{1} යෙසු වසන්ති සබ්බෙ, තානීධ ඛෙත්තානි අපෙසලානි.
Sinhala BJT2333. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි පවතිද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ (සපුන් පිරි තුඹස් සේ) අපේශල වෙති.
Pali BJT2334. ජාතිමදො ව අතිමානිතා ච ලොභො ච දොසො ච මදො ච මොහො, එතෙ අගුණා යෙසු න සන්ති සබ්බෙ, තානීධ ඛෙත්තානි සුපෙසලානි.
Sinhala BJT2334. ජාතිමදය ද අතිමානය ද ලෝභය ද ද්වේෂය ද මදය ද මෝහය ද යන තෙල හැම දෝෂයෝ යම් කෙනකුන් කෙරෙහි නැද්ද, මෙලොව ඒ ක්‍ෂේත්‍රයෝ සුපේශල වෙති. (ඔවුන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.)
Pali BJT2335. කෙවත්ථ{2} ගතා උපජොතියො ච උපජ්ඣායො අථවා භණ්ඩකුච්ඡි{3}, ඉමස්ස දණ්ඩඤ්ච වධඤ්ච දත්වා ගලෙ ගහෙත්වා ඛලයාථ{4} ජම්මං.
Sinhala BJT2335. (මේ වාසල් තුනෙහි රැකවලැ යෙදුණු) උපජෝති ද උපජ්ඣාය ද භණ්ඩකුච්ඡි ද යන මොහු කොහි ගියාහු ද? මොහුට දඬුවම් ද වධ ද දී, සැඩොලා ගෙලෙහි ගෙනැ බැහැර කරවු (යී මණ්ඩව්‍ය කුමාරයා කීවේය.)
Pali BJT2336. ගිරං නඛෙන ඛණසි අයො දන්තෙන ඛාදසි, ජාතවෙදං පදහසි යො ඉසිං පරිභාසසි.
Sinhala BJT2336. මාණවකය, යම්බඳු වූ නුඹ ඍෂියාට පරිභව කරන්නෙහි ද? ඒ නුඹ පර්‍වතයක් නියෙන් සාරන්නෙහි ය. දතින් යකඩ කන්නෙහි ය. ගිනි ගිලීමට උත්සාහ කරන්නෙහි ය. (ඍෂියාට පරිභව කිරීම පර්‍වතයක් නියෙන් සෑරීම වැනි තම පරිහානියට ම හේතු වන බව මේ කී සැටි යී.)
Pali BJT2337. ඉදං වත්වාන මාතඞ්ගො ඉසි සච්චපරක්කමො, අන්තලික්ඛස්මිං පක්කාමි බ්රාහ්මණානං උදික්ඛතං.
Sinhala BJT2337. ස්වභාවික පරාක්‍රමයෙන් යුත් මාතඞ්ග ඍෂි තෙම මෙසේ කියා බමුණන් බලා සිටියදී ම අහසෙහි නැඟී ගියේ ය.
Pali BJT2338. ආවෙඨිතං{5} පිට්ඨිතො උත්තමඞ්ගං බාහං{6} පසාරෙති අකම්මනෙය්යං සෙතානි අක්ඛීනි යථා මතස්ස කො මෙ ඉමං පුත්තමකාසි එවං.
Sinhala BJT2338. හිස පිටුපසට පෙරළන ලදී. අත ද අකර්‍මණ්‍ය ලෙස දිග හරියි. (දරදඬු ය) මළ එකක්හුගේ මෙන් ඇස් සුදු ය. මාගේ පුත්‍රයාට කවරෙක් නම් මේ විපත සිදු කෙළේ ද?
Pali BJT2339. ඉධාගමා සමණො රුම්මවාසී ඔතල්ලකො පංසුපිසාචකොව සඞ්කාරචොළං පටිමුච්ච කණ්ඨෙ සො තෙ ඉමං පුත්තමකාසි එවං.
Sinhala BJT2339. අපිරිසිදු කඩමාලුයෙන් මැසූ වස්ත්‍ර ඇති ලාමක පාංශුපිශාචයකු මෙන් කසළගොඩෙන් ඇසිඳගත් කඩක් ගෙල දවටා ගත් ශ්‍රමණයෙක් මෙහි ආවේ ය. හෙ තෙමේ තීගේ මේ පුතුට මෙසේ කෙළේ ය. (යී එහි සිටි ජනයා කීවේය.)
Pali BJT2340. කතමං දිසං අගමා භූරිපඤ්ඤො අක්ඛාථ මෙ මාණවා එතමත්ථං ගන්ත්වාන තං පටිකිරියෙමු{7} අච්චයං අප්පෙව නං පුත්තං ලභෙමු ජීවිතං.
Sinhala BJT2340. මාණවකයෙනි, බොහෝ ප්‍රඥා ඇත්තා වූ ඒ ශ්‍රමණයන් වහන්සේ කිනම් දිශාවකට ගියාහු ද? යන මේ කරුණ මට කියවු. ඔහු වෙත ගොස් ඒ වරදට පිළියම් කරන්නෙමු. (කමා කරවන්නෙමු.) පුතුට ජීවිතය ලබා දෙන්නෙමු නම් ඉතා යෙහෙක (යි දිට්ඨමංගලිකාව කීවාය.)
Pali BJT2341. වෙහාසයං අගමා භූරිපඤ්ඤො පථද්ධුනො පණ්ණරසෙව චන්දො, අපිචාපි සො පුරිමං දිසං අගඤ්ඡි සච්චප්පටිඤ්ඤො ඉසි සාධුරූපො.
Sinhala BJT2341. බොහෝ ප්‍රඥා ඇති ඒ ශ්‍රමණ තෙම ආකාශපථයාගේ මැද පූර්‍ණචන්‍ද්‍රායමාණ වැ අහසට වැඩම කෙළේය. තවද සත්‍ය වූ ප්‍රතිඥා ඇති යහපත් ස්වභාව ඇති ඒ ඍෂි තෙමේ පෙරදිගට වැඩම කෙළේය. (යී එහි හුන් මාණවකයෝ කීහ.)
Pali BJT2342. ආවෙඨිතං පිට්ඨිතො උත්තමඞ්ගං බාහං පසාරෙති අකම්මනෙය්යං, සෙතානි අක්ඛීනි යථා මතස්ස කො මෙ ඉමං පුත්තමකාසි එවං.
Sinhala BJT2342. (මාගේ පුත්‍රයාගේ) හිස පිටිපසට කැරැකිණි. අකර්‍මණ්‍ය ලෙස අත දිග හරියි, මළ එකක්හුගේ මෙන් ඇස් සුදුවන් ය, මාගේ පුත්‍රයාට මේ විප්‍රකාරය කවරෙක් කෙළේ ද? (යනුවෙන් දිට්ඨමංගලිකාව මාතඞ්ග පණ්ඩිතයන්ගෙන් ඇසුවා ය.)
Pali BJT2343. යක්ඛා හවෙ සන්ති මහානුභාවා අන්වාගතා ඉසයො සාධුරූපා, තෙ දුට්ඨචිත්තං කුපිතං විදිත්වා යක්ඛා හි තෙ පුත්තමකංසු එවං.
Sinhala BJT2343. ඍෂීන් අනුව ගිය යහපත් ස්වභාව ඇති මහානුභාවසම්පන්න යක්‍ෂයෝ ඇත්තාහු ම ය. ඒ යක්‍ෂයෝ දුෂ්ට සිත් ඇති කිපුණා වූ ඔබ පුතු දැන මේ විප්‍රකාරය කළහ.
Pali BJT2344. යක්ඛා ච මෙ පුත්තමකංසු එවං ත්වඤ්ඤෙව මෙ මා කුද්ධො බ්රහ්මචාරි, තුම්හෙව පාදෙ සරණං ගතාස්මි අන්වාගතා පුත්තසොකෙන භික්ඛු.
Sinhala BJT2344. මාගේ පුතුට යක්‍ෂයෝ මෙසේ කළාහු ද, බ්‍රහ්මචාරීන් වහන්ස, නුඹ වහන්සේ ම මාගේ පුත්‍රයාට නො කිපෙන සේක්වා, මම නුඹ වහන්සේගේ ම පාදයන් සරණ කොට ගියමු. තවුසාණන් වහන්ස, මම පුත්‍රශෝකයෙන් නුඹ වහන්සේ කරා පැමිණියමු.
Pali BJT2345. තදෙවහි එතරහි ච මය්හං මනොපදොසො න මමත්ථි කොචි, පුත්තො ච තෙ වෙදමදෙන මත්තො අත්ථං න ජානාති අධිච්ච වෙදෙ.
Sinhala BJT2345. දිට්ඨමංගලිකාවෙනි, ඒ බණින කල්හිත් තීගේ පුතුට මා සිත්හි කිසියම් ද්වේෂයෙක් නො වී ය, දැනුදු නැත, තීගේ පුත්‍රයා වනාහි වේදයන් ඉගෙන වේද මදයෙන් මත් වූයේ වැඩ අවැඩ නො දනී.
Pali BJT2346. අද්ධා හවෙ භික්ඛු මුහුත්තකෙන සම්මුය්හතෙව පුරිසස්ස සඤ්ඤා, එකාපරාධං ඛම භූරිපඤ්ඤ න පණ්ඩිතා කොධබලා භවන්ති.
Sinhala BJT2346. තවුසාණන් වහන්ස, ඒකාන්තයෙන් ම මිනිසාගේ සංඥාව මොහොතකින් මුළා වේ ම ය. මහාප්‍රාඥය, මේ එක ම අපරාධය කමා කරන සේක්වා, පණ්ඩිතයෝ නම් ක්‍රෝධය බල කොට ඇත්තෝ නො වෙත්.
Pali BJT2347. ඉමඤ්ච{1} මය්හං උත්තිට්ඨපිණ්ඩං තං මණ්ඩව්යො භුඤ්ජතු අප්පපඤ්ඤො, යක්ඛා ච තෙ නං න විභෙඨයෙය්යුං පුත්තො{2} ච තෙ හොහිති සො අරොගො.
Sinhala BJT2347. මාගේ මේ ඉඳුල් බත්පිඩ අනුවණ මණ්ඩව්‍ය තෙමේ අනුභව කෙරේවා, ඒ යක්‍ෂයෝ ද ඔහු නො වෙහෙසන්නාහ, තීගේ ඒ පුත් තෙමේ ද නිරෝග වන්නේ ය.
Pali BJT2348. මණ්ඩව්ය බාලොසි පරිත්තපඤො යො පුඤ්ඤක්ඛෙත්තානං අකොවිදොසි, මහක්කසාවෙසු දදාහි{3} දානං කිලිට්ඨකම්මෙසු අසඤ්ඤතෙසු.
Sinhala BJT2348. නුඹ මහත් වූ රාගාදි කෙලෙස් කසටින් යුත් කිලුටු කර්‍ම ඇති අසඤ්ඤතයන් කෙරෙහි දන් දෙන්නෙහි ය, යම්බඳු වූ නුඹ මෙසේ කිරීමෙන් පුණ්‍යක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුමෙහි අදක්‍ෂ වෙහි ද, මණ්ඩව්‍ය කුමාරය, එහෙයින් නුඹ අඥාන වෙහි ය.
Pali BJT2349. ජටා ච කෙසා අජිනා නිවත්ථා ජරූදපානංව මුඛං පරූළහං, පජං ඉමං පස්සථ රුම්මරූපිං{4} න ජටාජිනං තායතෙ අප්පපඤ්ඤං.
Sinhala BJT2349. පුත මාණ්ඩව්‍යය, නුඹගේ දක්‍ෂිණාර්‍හයන් අතුරෙන් ඇතැමුන්ගේ කේසයෝ හැඩපළු ගසා බඳින ලද්දාහ. ඛුර සහිත අඳුන් දිවිසම් පොරවන ලද්දාහ. ජීර්‍ණකූපයක්සේ දික් රැවුළෙන් වැසුණ මුව සිදුරු ඇති අපිරිසිදු රාක්‍ෂ වේසය ඇති මේ ප්‍රජාව බලවු. මේ දළ මඩුලු හා අඳුන් දිවිසම් දරන තැනැත්තා මඳ නුවණැත්තාහු නො රකී. හෙවත් පිහිට නො වේ.
Pali BJT2350. යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන්තො තෙසු දින්නං මහප්ඵලං. {*} උපහච්ච මනං මෙජ්ඣො මාතඞ්ගස්මිං යසස්සිනෙ, සපාරිසජ්ජො උච්ඡින්නො මෙජ්ඣාරඤ්ඤං තදා අහූ’ති.
Sinhala BJT2350. යම් කෙනකුගේ රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් පහවී ද, ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු වෙද්ද උන්වහන්සේ කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේ. {*} මේධ්‍ය රජ තෙම යශස් ඇත්තා වූ මාතඞ්ග ඍෂි කෙරෙහි සිත දූෂ්‍ය කොට සහපිරිවරින් වැනැසුණේ ය. එකල්හි මේධ්‍යාරණ්‍යය වූයේ ය.
Pali BJTමාතඞ්ග ජාතකං.
Sinhala BJTමාතඞ්ග ජාතක යි.
Pali BJT2. චිත්තසම්භුතජාතකං.
Sinhala BJT2. චිත්තසම්භූත ජාතකය
Pali BJT2351. සබ්බං නරානං සඵලං සුචිණ්ණං න කම්මනා{1} කිඤ්චන මොඝමත්ථි, පස්සාමි සම්භූතං මහානුභාවං සකම්මනා පුඤ්ඤඵලූපපන්නං.
Sinhala BJT2351. මිනිසුන් විසින් මැනවින් පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. ස්වකීය කර්‍මයෙන් පුණ්‍ය විපාකයට පැමිණ මහත් ආනුභාව ඇති සම්භූත නම් වූ තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දකිමි.
Pali BJT2352. සබ්බං නරානං සඵලං සුචිණ්ණං න කම්මනා කිඤ්චන මොඝමත්ථි, කච්චින්නු චිත්තස්සපි එවමෙව ඉද්ධො මනො තස්ස යථාපි මය්හං.
Sinhala BJT2352. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. යම්සේ මාගේ යශස් සමෘද්ධවීද කිම? එසේම මා සොහොවුරු චිත්තයාගේ සිතත් සමෘද්ධ වීද?
Pali BJT2353. සබ්බං නරානං සඵලං සුචිණ්ණං න කම්මනා කිඤ්චන මොඝමත්ථි, චිත්තං විජානාහි තථෙව දෙව ඉද්ධො මනො තස්ස යථාපි තුය්හං.
Sinhala BJT2353. මිනිසුන් විසින් මොනොවට පුරුදු කරන ලද හැම කර්‍මයක් ම විපාක සහිත ය. කුශලාකුශල කර්‍ම අතුරෙන් හිස් කර්‍ම කිසිවක් නැත. දේවයන් වහන්ස, යම්සේ නුඹ වහන්සේගේ යශස් සමෘද්ධ වී ද, එසේ ම ඒ චිත්තයාගේ ද සිත සමෘද්ධ විය. චිත්තයා ගැන (මෙසේ) දැන ගන්නේ මැනැවි.
Pali BJT2354. භවං නු චිත්තො සුතමඤ්ඤතො තෙ උදාහු තෙ කොචිනං එතදක්ඛා, ගාථා සුගීතා න මමත්ථි කඞ්ඛා දදාමි තෙ ගාමවරං සතඤ්ච.
Sinhala BJT2354. පින්වත, මම චිත්ත නම් වෙ මැ යි කියන චිත්තයාගෙන් ම තට මෙය අසන්නට ලැබිණි ද? නැතහොත් අනෙකුගෙන් අසන්නට ලැබිණි ද? මෙය නුඹට කවරෙක් කීවේ ද? ගාථාව නම් මැනැවින් ගායනය කරන ලදී. ඒ ගැන මට සැකෙක් නැත. නුඹට ගම්වර සියයක් ද දෙමි.
Pali BJT2355. න චාහං චිත්තො සුතමඤ්ඤතො මෙ ඉසී ච මෙ එතමත්ථං අසංසි ගන්ත්වාන රඤ්ඤො පටිගාහි ගාථං අපි තෙ වරං අත්තමනො දදෙය්ය.{2}
Sinhala BJT2355. මම චිත්ත නම් වේ මැ යි කියන චිත්තයාගෙන් ම මට මෙය අසන්නට නො ලැබිණි. ඔබ තුමාගේ උයනෙහි වෙසෙන ඍෂිවරයෙක් මට මේ කරුණ කීවේ ය. රජු වෙත ගොස් මේ ගාථාව ගයව. එවිට තුටුසිත් රජ තෙමේ තට වරයක් ද දෙන්නේ ය.
Pali BJT2356. යොජෙන්තු වෙ රාජරථෙ සුකතෙ චිත්තසිබ්බනෙ, කච්ඡං නාගානං බන්ධථ ගීවෙය්යං පටිමුඤ්චථ.
Sinhala BJT2356. විසිතුරු මැසුම් ඇති අලංකාර ලෙස සරසන ලද රාජ රථයන් යොදත්වා, ඇතුන්ගේ පොරොද්ද බඳිමු. ග්‍රීවාභාරණයන් ද පළඳමු.
Pali BJT2357. ආහඤ්ඤන්තු භෙරිමුදිඞ්ගසඞ්ඛෙ සීඝානි යානානි ච යොජයන්තු අජ්ජෙවහං අස්සමං තං ගමිස්සං යත්ථෙව දක්ඛිස්සං ඉසිං නිසින්නං.
Sinhala BJT2357. බෙර - මිහිඟු බෙර - සක් යන තූර්‍ය්‍යයන් නාද කෙරෙත්වා, වේග ගමන් ඇති වාහන ද යොදත්වා, යම් තැනක හුන් ඍෂිවරයා දක්නට හැක්කෙම් නම්, අද ම ඒ අසපුවට යන්නෙමි යි රජ තෙමේ කීවේ ය.
Pali BJT2358. සුලද්ධලාභො වත මෙ අහොසි ගාථා සුගීතා පරිසාය මජ්ඣෙ, සොහං ඉසිං සීලවතූපපන්නං දිස්වා පතීතො සුමනොහමස්මි.
Sinhala BJT2358. ඒකාන්තයෙන් මට යහපත් ලාභයෙක් විය. මා විසින් පිරිස් මැද ගාථාව මැනැවින් ගායනය කරන ලදි. ශීල ව්‍රතයෙන් සමන්‍විත වූ ඍෂිවරයා දැක ඒ මම ප්‍රීත වූයෙම් සතුටුසිත් ඇත්තෙම් වෙමි.
Pali BJT2359. ආසනං උදකං පජ්ජං පතිගණ්හාතු නො භවං, අග්ඝෙ භවන්තං පුච්ඡාම අග්ඝං කුරුතු නො භවං.
Sinhala BJT2359. පින්වතුන් වහන්ස, අපගේ අසුන ද පා දෝනා පැන් ද පිළිගන්නා සේක්වා, පින්වතුන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් පිදීම් වශයෙන් විචාරමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා.
Pali BJT2360. රම්මඤ්ච තෙ ආවසථං කරොන්තු නාරීගණෙහි පරිචාරයස්සු කරොහි මකාසමනුග්ගහාය උභොපිමං ඉස්සරියං කරොම.
Sinhala BJT2360. නුඹ වහන්සේට සිත්කලු ගෘහයක් කෙරෙත්වා, ස්ත්‍රීසමූහයා විසින් තෙපි පිරිවරනු ලබව. අනුග්‍රහ පිණිස එයට අවකාශ කළ මැනැවැ. අපි දෙදෙනා මැ මේ රජ සැපත අනුභව කරම්හ යි රජ තෙම කීවේ ය.
Pali BJT2361. දිස්වා ඵලං දුච්චරිතස්ස රාජ අථො සුචිණ්ණස්ස මහාවිපාකං, අන්තානමෙවං පටිසඤ්ඤමිස්සං න පත්ථයෙ පුත්තං පසුං ධනං වා.
Sinhala BJT2361. මහරජ, දුශ්චරිතයාගේ විපාකය දැක වැළිදු මනාව පුරුදු කළ සුචරිතයාගේ විපාකයත් දැක මෙසේ තමන් ම සංවරයට පැමිණියෙමි. පුත්‍ර සම්පත් හෝ ගව මහිෂාදී පශු සම්පත් හෝ ධන සම්පත් හෝ නො පතන්නෙමි.
Pali BJT2362. දසෙවිමා වස්සදසා මච්චානං ඉධ ජීවිතං, අප්පත්තඤ්ඤෙව තං ඔධිං නළො ඡින්නොව සුස්සති.
Sinhala BJT2362. මෙලොව මිනිසුන්ගේ ජීවිතය වර්‍ෂයන් සම්බන්‍ධ දශක දශකයෙක් ම ය. ඒ දශකයන් සම්බන්‍ධ සීමාවට නොපැමිණ ම සිඳින ලද බට ගසක් මෙන් වියළෙයි. (මැරෙයි.)
Pali BJT2363. තත්ථ කා නන්දි කා ඛිඩ්ඩා කා රතී කා ධනෙසනා, කිම්මෙ පුත්තෙහි දාරෙහි රාජ මුත්තොස්මි බන්ධනා.
Sinhala BJT2363. මහරජ, ඒ නැසෙන ජීවිතයෙහි ලා පස්කම් අරබයා කවර සතුටක් ද? කිනම් කායික ක්‍රීඩාවක් ද? කවර සොම්නස් සහගත ඇල්මක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද? දරුවන්ගෙන් හා භාර්‍ය්‍යාවන්ගෙන් ඇති ප්‍රයෝජන හෝ කුමක් ද? මම බන්‍ධනයෙන් මිදුණෙමි.
Pali BJT2364. සො අහං සුප්පජානාමි මච්චු මෙ නප්පමජ්ජති, අන්තකෙනාධිපන්නස්ස කා රතී කා ධනෙසනා.
Sinhala BJT2364. ඒ මම හොඳින් ම දනිමි. මරුවා මට පමා නො වේ. මරුහට යටත් වූවහුට කවර රතියක් ද? කිනම් ධනෝපාර්‍ජනයෙක් ද?
Pali BJT2365. ජාති නරානං අධමා ජනින්ද චණ්ඩාලයොනි දිපදා කණිට්ඨා, සකෙහි කම්මෙහි සුපාපකෙහි චණ්ඩාලගබ්භෙ අවසිම්භ පුබ්බෙ.
Sinhala BJT2365. මහරජ, මිනිසුන්ගේ අධම වූ චණ්ඩාලයෝනිය දෙපා ඇත්තවුන් අතර පහත් වේ. පෙර අපි ස්වකීය පාපකර්‍ම විපාකයෙන් සැඬොල් මව් ගැබ්හි වුසූම්හ.
Pali BJT2366. චණ්ඩාලාහුම්හ අවන්තීසු මිගා නෙරඤ්ජරම්පති, උක්කුසා නම්මදාතීරෙ ත්යජ්ජ බ්රාහ්මණඛත්තියා,
Sinhala BJT2366. අපි දෙදෙන අවන්ති දනව්වෙහි චණ්ඩාලයෝ වූම්හ. ඉන් සැව නේරඤ්ජරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් චුත ව නර්‍මදා නදී තීරයෙහි උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද ඒ බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ.
Pali BJT2367. උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, කරොහි පඤ්චාල මමෙතවාක්යං මාකාසි කම්මානි දුඛුද්රයානි.
Sinhala BJT2367. මහරජ, මේ ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. ජරාවෙන් මරුවෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙති. පංචාලය, මාගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් වැඩෙන්නා වූ පාපකර්‍ම නොකරව.
Pali BJT2368. උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, කරොහි පඤ්චාල මමෙතවාක්යං මාකාසි කම්මානි දුක්ඛප්ඵලානි.
Sinhala BJT2368. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය, ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය කරව. (පිළිපදුව.) දුක් විපාක ගෙන දෙන කර්‍ම නො කරව.
Pali BJT2369. උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, කරොහි පඤ්චාල මමෙතවාක්යං මාකාසි කම්මානි රජස්සිරානි.
Sinhala BJT2369. ජීවිතය මරණය කරා පැමිණෙයි. සත්‍වයන්ගේ ආයු කාලය ස්වල්ප ය. ජරාවෙන් මරු වෙතට පැමිණියහුට පුත්‍රාදීහු පිහිට නො වෙත්. පංචාලය, මගේ මේ වචනය පිළිපදුව. කෙලෙස් රජසින් වැසීගිය හිස් ඇති කර්‍මයන් නො කරව.
Pali BJT2370. උපනීයති ජීවිතමප්පමායු වණ්ණං ජරා හන්ති නරස්ස ජීයතො, කරොහි පඤ්චාල මමෙතවාක්යං මාකාසි කම්මානි නිරයූපපත්තියා.
Sinhala BJT2370. ජීවිතය මරණයට පැමිණෙයි. සත්‍වයන්ගේ ආයුෂ කාලය ස්වල්ප ය. දිරන්නා වූ මිනිසාගේ ශරීරවර්‍ණය ජරා තොමෝ නසියි. පංචාලය, මාගේ මේ වචනය කරව. නිරයෙහි ඉපදීමට හේතු වන කර්‍ම නො කරව.
Pali BJT2371. අද්ධා හි සච්චං වචනං තවෙතං යථා ඉසි භාසසි එවමෙතං, කාමා ච මෙ සන්ති අනප්පරූපා තෙ දුච්චජා මාදිසකෙන භික්ඛු.
Sinhala BJT2371. ඒකාන්තයෙන් ම නුඹ වහන්සේගේ වචනය සත්‍ය ය. ඍෂි තෙම යම්සේ කියන්නේ නම්, එය එසේ ම ය. අප්‍රමාණ කාම සම්පත් මට ඇත්තාහ. ඍෂිවරය, ඒ කාම සම්පත් මා වැන්නකු විසින් අත්හැරිය නො හැකි ය.
Pali BJT2372. නාගො යථා පඞ්කමඣෙ බ්යසන්නො පස්සං ථලං නාභිසම්භොති ගන්තුං, එවංපහං කාමපඞ්කෙ බ්යසන්නො න භික්ඛුනො මග්ගමනුබ්බජාමි.
Sinhala BJT2372. මඩවගුරෙහි එරුණු ඇත් තෙමේ ගොඩ දක්නේ යම්සේ යා නො හැක්කේ වේ ද, එමෙන් ම කාම පංකයෙහි එරුණු මම භික්‍ෂුවගේ අනුශාසනා මාර්‍ගයට නො පැමිණෙමි. හෙවත් පැවිදි වන්නට නො පිළිවන් වෙමි.