Pali BJT9. අපායිම්හවග්ගො
Sinhala BJT9. අපායිම්හ වර්‍ගය
Pali BJT81. අපායිම්හ අනවචිම්හ අගායිම්හ රුදිම්හ ච, විසඤ්ඤකරණිං{1} පීත්වා{2} දිට්ඨා නාහුම්හ වානරා’ති.
Sinhala BJT81. සුරා පිම්හ, (අත් ලෙළවමින්) නැටුම්හ. මහහඬින් ගී කීම්හ, (සුරාපානය නපුරු ය යි පසුව) හැඬුම්හ. සිහිසන් නැති කරන රා බී (යම් හෙයෙකින්) වඳුරෝ නො වූවමෝ ද එය ම මැනැවි (යි තමාගේ නුගුණ කීවේ ය.)
Pali BJT1. සුරාපානජාතකං.
Sinhala BJT1. සුරාපාන ජාතක යි.
Pali BJT82. අතික්කම්ම රමණකං සදාමන්තඤ්ච දූභකං{3}, ස්වාසි පාසාණමාසීනො යස්මා ජීවං න මොක්ඛසී’ති.
Sinhala BJT82. පළිඟු පහය ද රිදී පහය ද මැණික් පහය ද ඉක්ම තෙපි (පාපක්‍ෂය වන තෙක්) ජීවත් වන්නහු (යම් උරචක්‍රයෙකින්) නො මිදෙන්නහු ද එබඳු පාෂාණ උරචක්‍රයෙකින් මඩනා ලද්දහු.
Pali BJT2. මිත්තවින්දජාතකං.
Sinhala BJT2. මිත්තවින්‍ද ජාතක යි.
Pali BJT83. මිත්තො හවෙ සත්තපදෙන{4} හොති සහායො පන ද්වාදසකෙන හොති, මාසද්ධමාසෙන ච ඤාති හොති තතුත්තරිං අන්තසමොපි හොති. සොහං කථං අන්තසුඛස්ස හෙතු{5} චිරසන්ථුතං{6} කාලකණ්ණිං ජහෙය්යන්ති.
Sinhala BJT83. එක් වැ සත්පියවරක් යෑමෙන් මිත්‍රයෙක් වන්නේ ය. දොළොස් දිනක් එක් වැ විසීමෙන් යහළුවෙක් වන්නේ ය. මසෙකින් ද අඩමසෙකින් ද නෑයකු හා සම වන්නේ ය. එයින් අධික කාලයක් එක් වැ විසීමෙන් ප්‍රාණසමයෙක් ද වන්නේ ය. ඒ මම තමාගේ සුවය කරණ කොටගෙනැ බොහෝ කාලයක් එක් වැ වාසය කොට පුරුදු වූ කාලකණ්ණි නම් යහළුවා කෙසේ හරනෙම් ද?
Pali BJT3. කාලකණ්ණිජාතකං.
Sinhala BJT3. කාලකණ්ණි ජාතක යි.
Pali BJT84. ආරොග්යමිච්ඡෙ පරමඤ්ච ලාභං සීලඤ්ච වුද්ධානුමතං සුතඤ්ච, ධම්මානුවත්තී ච අලීනතා ච{7} අත්ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙ’ති.
Sinhala BJT84. ආරෝග්‍ය නම් වු උතුම් ලාභය කැමැති වන්නේ ය, ආචාර ශීලය ද (ගුණයෙන්) වැඩිහිටියන්ගේ අනුමතය ද බහුශ්‍රැතබව ද ධර්‍මය අනුවැ පැවැත්ම ද චිත්තයාගේ නො හැකුළුණු බව ද යන මේ සදෙන දියුණුවට ප්‍රධාන වූ ද්වාරයෝ ය.
Pali BJT4. අත්ථස්සද්වාරජාතකං.
Sinhala BJT4. අත්‍ථස්සද්වාර ජාතක යි.
Pali BJT85. ආයතිදොසං නාඤ්ඤාය යො කාමෙ පතිසෙවති, විපාකන්තෙ හනන්ති නං කිංපක්කමිව භක්ඛිතන්ති.
Sinhala BJT85. මතු වන්නා වු දෝෂය නො දැන යමෙක් කාමයන් සෙවුනේ ද කන ලද කිම්පක්ක නම් විෂඵලය මෙන් (ඒ කාමයෝ) ඒ පුරුෂයා විපාක සඞ්ඛ්‍යාත අන්තයෙහි (නිරයෙහි නොයෙක් දුක් දී) නසත්.
Pali BJT5. කිම්පක්කජාතකං.
Sinhala BJT5. කිම්පක්ක ජාතක යි.
Pali BJT86. සීලං කිරෙව කල්යාණං සීලං ලොකෙ අනුත්තරං, පස්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ්ඤතී’ති.
Sinhala BJT86. ආචාර සීලය ම යහපත් ල, ලෝකයෙහි සීලය ශ්‍රේෂ්ඨ ය. බලව, නපුරු විෂ ඇති සර්‍ප තෙමේ සිල්වත් වෙමි යි (අන්‍යයනට) හිංසාවක් නො කෙරේ.
Pali BJT6. සීලවීමංසජාතකං.
Sinhala BJT6. සීලවීමංස ජාතකය යි.
Pali BJT87. යස්ස මඞ්ගලා සමූහතා උප්පාතා සුපිනා ච ලක්ඛණා ච, සමඞ්ගලදොසවීතිවත්තො{1} යුගයොගාධිගතො න ජාතුමෙතීති.
Sinhala BJT87. යම් රහත් කෙනකුගේ (දිට්ඨ-සුත-මුත ආදී) මංගලයෝ ද (සූර්‍ය්‍යග්‍රහණාදී) උත්පාතයෝ ද ස්වප්නයෝ ද ලක්‍ෂණයෝ ද මනාකොට නසන ලද්දහු ද මංගලදෝෂයන් ඉක්ම සිටියේ ද යුගධර්‍මයන් ද යෝගධර්‍මයන් ද යටපත් කොට සිටියේ ද ඒ රහත් උතුමා ඒකාන්තයෙන් (ප්‍රතිසන්‍ධි වශයෙන් මේ ලෝකයට) නො එන්නේ යි.
Pali BJT7. මඞ්ගලජාතකං.
Sinhala BJT7. මංගල ජාතක යි.
Pali BJT88. කල්යාණිමෙව මුඤ්චෙය්ය නහි මුඤ්චෙය්ය පාපිකං, මොක්ඛො කල්යාණියා සාධු මුත්වා තපති{2} පාපිකන්ති.
Sinhala BJT88. කල්‍යාණ වූ වචන ම කටින් නිකුත් කරන්නේ ය. ලාමක වචනයක් නො ම නිකුත් කරන්නේ ය. කල්‍යාණ වචනයාගේ (බිණීම) යහපති, ලාමක තෙපුල් බැණැ (දෙලොව) තැවෙන්නේ යි.
Pali BJT8. සාරම්හජාතකං.
Sinhala BJT8. සාරම්භ ජාතක යි.
Pali BJT89. වාචාව කිර තෙ ආසි සණ්හා සඛිලභාණිනො, තිණමත්තෙ අසජ්ජිත්ථො නො ච නික්ඛසතං හරන්ති.
Sinhala BJT89. මෘදු වූ තෙපුල් බණන්නා වූ තොපගේ වචන ම මට සිලිටි වී, තණකෙන්‍දක් පමණෙකැ නො ඇලුණෙහි ය, (එහෙත්) නිෂ්ක සියයක් හැරැ ගෙනැ යන්නේ නො වෙහි ද?
Pali BJT9. කුහකජාතකං
Sinhala BJT9. කුහක ජාතක යි.
Pali BJT90. යො පුබ්බෙ කතකල්යාණො කතත්ථො නාවබුජ්ඣති, පච්ඡා කිච්චෙ සමුප්පන්නෙ කත්තාරං නාධිගච්ඡති.
Sinhala BJT90. යමෙක් පෙරැ කරන ලද උපකාර ඇති වැ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ (කළ උපකාරය) නො දනී ද පසුව කටයුත්තක් පැමිණි කල්හි (ඔහුට) එය කැරැදෙන්නකු නො ලබා යී.
Pali BJT10. අකතඤ්ඤුජාතකං.
Sinhala BJT10. අකතඤ්ඤ ජාතක යි.
Pali BJTඅපායිම්හවග්ගො නවමො.
Sinhala BJTනවවැනි අපායිම්හ වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTඅපායිම්හ ච දූභකසත්තපදං ඡළද්වාර ච ආයතිනා ච පුන, අහිසීලවමඞ්ගලිපාපිකස්සා සතනික්ඛකතත්ථවරෙන දස.
Sinhala BJTඅපායිම්හ (සුරාපාන) දූහක (මිත්තවින්‍දක) සත්තපද (කාලකණ්ණි) ජළද්වාර (අත්‍ථස්ස ද්වාර) ආයති (කිම්පක්ක) අභිසීලව (සීලවිමංස) මංගල පාපික (සාරම්භ) සතනික්ඛ (කුහක) කතත්‍ථවර (අකතඤ්ඤ) යන දසය යි.
Pali BJT10. ලිත්තවග්ගො
Sinhala BJT10. ලිත්ත වර්‍ගය
Pali BJT91. ලිත්තං පරමෙන තෙජසා ගිලමක්ඛං පුරිසො න බුජ්ඣති, ගිල රෙ ගිල පාපධූත්තක පච්ඡා තෙ කටුකං භවිස්සතීති.
Sinhala BJT91. මහාතේජස් ඇති හලාහලවිෂයෙන් රැඳුණු පසඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී, නීචය, (පසඇට) ගිල, පාපධුර්‍තය ගිල, පසුව හෙවත් මෙය ගිලූ කලැ තට කටුක විපාකයෙක් වන්නේ ය.
Pali BJT1. ලිත්තජාතකං
Sinhala BJT1. ලිත්ත ජාතක යි.
Pali BJT92. උක්කට්ඨෙ සූරමිච්ඡන්ති මන්තීසු අකුතූහලං, පියඤ්ච අන්නපානම්හි අත්ථෙ ජාතෙ ච පණ්ඩිතන්ති.
Sinhala BJT92. එළඹසිටි යුද්ධයෙහි හෙවත් යුද්ධයක් පැමිණි කල්හි ශුරයා (නිර්‍භය පුරිෂයා ද) මන්ත්‍රණය කරන කල්හි (රහස් හෙළි නො කරන හෙයින්) අකුතුහල පුරුෂයා ද මධුරාහරාදීන් එළවූ කල්හි (එක් වැ වළඳනා) ප්‍රියයා ද (ප්‍රශ්න විසර්‍ජනාදි) අථියක් උපන් කල්හි පණ්ඩිතයා ද කැමති වෙති. (පැතිය යුත්තේ ය.)
Pali BJT2. මහාසාරජාතකං.
Sinhala BJT2. මහාසාර ජාතක යි.
Pali BJT93. න විස්සසෙ අවිසසත්ථෙ විස්සත්ථෙපි න විස්සසෙ, විස්සාසා භයමන්වෙති සීහංව මිගමාතුකා’ති.
Sinhala BJT93. (පෙරැ විශ්වාසයෙන් සිට පසුව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේ ය. (පෙරැ අවිශ්වාස ව සිටැ) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. එබඳු විශ්වාසයෙන් මීවින්න (මෘගමාතෘ) ගෙන් සිංහයාට මෙන් භය පැමිණේ.
Pali BJT3. විස්සාසභොජනජාතකං.
Sinhala BJT3. විශ්වාස භෝජන ජාතක යි.
Pali BJT94. සො තත්තො සොසීනො එකො භිංසනකෙ වනෙ නග්ගො න චග්ගිමාසීනො එසනා පසුතො මුනී’ති.
Sinhala BJT94. (හිරුරැසින්) විශේෂයෙන් තැවුණෙමි, (හිමදියෙන්) විශේෂයෙන් තෙත් වූයෙම්, බියකරු වෙනෙහි හුදකලා වූයෙම්, නග්න වූයෙම්, ගිනි සමීපයෙහි නො හිදිනෙම්. (බ්‍රහ්මචර්‍ය්‍යා) සෙවීමෙහි යෙදුණෙම්. (මුනිභාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.
Pali BJT4. ලොමහංසජාතකං.
Sinhala BJT4. ලෝමහංස ජාතක යි.
Pali BJT95. අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
Sinhala BJT95. සංස්කාරයෝ හෙවත් හේතුප්‍රත්‍යයයෙන් හටගත් වස්තූහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපද නස්නා ස්වභාවය ඇත්තාහ. ඉපැද නැති වෙති. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම නම් වූ නිවන් ම සුව ය යි.
Pali BJT5. මහාසුදස්සනජාතකං.
Sinhala BJT5. මහාසුදස්සන ජාතක යි.
Pali BJT96. සමතිත්තිකං අනවසෙසකං{1} තෙලපත්තං යථා පරිහරෙය්ය, එවං සචිත්තමනුරක්ඛෙ පත්ථයානො දිසං අගතපුබ්බන්ති.
Sinhala BJT96. මුවවිට දක්වා සමව පිරුණු නො වැගිරෙන්නා වූ තලතෙල් පාත්‍රය යම්සේ ගෙනැ යන්නේ ද, එසේ ම නො ගියවිරූ නිවන් දිසාව පතන්නේ ස්වකීය සිත (භාවනාවෙක යොදා) විසිර යා නො දි රක්නේ ය.
Pali BJT6. තෙලපත්තජාතකං
Sinhala BJT6. තෙලපත්ත ජාතක යි.
Pali BJT97. ජිවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතං{2}, පන්ථකඤ්ච වනෙ මූළ්හං පාපකො පුනරාගතො’ති.
Sinhala BJT97. ජීවකයා ද මළහු දැක ධනපාලී ද දුගී වූවා දැක පන්‍ථකයා ද වෙනෙහි මංමුළා වූවකු දැක පාපක නමැත්තා නැවත (ආපසු) ආවේ ය.
Pali BJT7. නාමසිද්ධිජාතකං.
Sinhala BJT7. නාමසිද්ධි ජාතක යි.
Pali BJT98. සාධු ඛො පණ්ඩිතො නාම නත්වෙව අතිපණ්ඩිතො. අතිපණ්ඩිතෙන පුත්තෙන මනම්හි{3} උපකූලිතො’ති,
Sinhala BJT98. පණ්ඩිතයා නම් යහපත, උතුම් ය. (නාම මාත්‍රයෙන්) අති පණ්ඩිතයා උතුම් නො වේ ම ය. අතිපණ්ඩිත පුත්‍රයා විසින් ඇසිල්ලෙකින් දවන ලද්දෙම් වෙමි.
Pali BJT8. කූටවාණිජජාතකං.
Sinhala BJT8. කූටවාණිජ ජාතක යි.
Pali BJT99. පරොසභස්සම්පි සමාගතානං කන්දෙය්යුං{4} තෙ වස්සසතං අපඤ්ඤා, එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො යො භාසිතස්ස විජානාති අත්ථ’න්ති.
Sinhala BJT99. රැස්වූවන් අතුරෙහි දහසකට අධික වූ ප්‍රඥා රහිත වු ඔවුහු අවුරුදු සියයක් හඬන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නො වේ.) යමෙක් ප්‍රකාශිත වචනයාගේ අර්‍ත්‍ථය දනී ද ඒ එක ප්‍රඥාවත් පුරුෂ තෙමේ ම උතුම් වේ.
Pali BJT9. පරොසහස්සජාතකං.
Sinhala BJT9. පරොසහස්ස ජාතක යි.
Pali BJT100. අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං දුක්ඛං සුඛස්ස රූපෙන පමත්තමතිවත්තතී’ති.
Sinhala BJT100. අමධුරය (අකුශලකර්‍ම විපාක දෙන තුරු) මධුර ස්වරූපයෙන් ද අප්‍රියවස්තුව ප්‍රියස්වරූපයෙන් ද දුඃඛය සුඛස්වරූපයෙන් ද ප්‍රමත්ත (මුළාසිහි ඇති) පුරුෂයා යටපත් කෙරෙයි.
Pali BJT10. අසාතරූපජාතකං.
Sinhala BJT10. අසාතරූප ජාතක යි.
Pali BJTලිත්තවග්ගො දසමො.
Sinhala BJTදසවැනි ලිත්ත වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTගිලමක්ඛකුතූහලමාතුකස්සා මුනිනා ච අනිච්චතපත්ථවරං, ධනපාලිවරො අතිපණ්ඩිතකො සපරොසහස්සඅසාත දස.
Sinhala BJTගිලමක්ඛ (ලිත්ත) අකුතුහල (මහාසාර) මාතුක (විස්සාසභෝජන) මුනි (ලෝමහංස) අනිච්චත (මහාසුදස්සන) පත්‍ථවර (තෙල පත්ත) ධනපාලිවර (නාමසිද්ධි) අතිපණ්ඩිත (කූටවාණිජ) පරොසහස්ස සාත (රූප) යන දසය යි.
Pali BJTමජ්ඣිමපණ්ණාසකො.
Sinhala BJTමජිඣිම පණ්ණාසක යි.
Pali BJT11. පරොසතවග්ගො
Sinhala BJT11. පරොසත වර්‍ගය
Pali BJT101. පරොසතඤ්චෙපි සමාගතානං ඣායෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා, එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො යො භාසිතස්ස විජානාති අත්ථ’න්ති.
Sinhala BJT101. රැස්වූවන් අතුරෙහි සියයකට අධික වූ ද ප්‍රඥා රහිත වූ ඔවුහු අවුරුදු සියයක් පරික්‍ෂා කොට බලන්නාහු නමුදු (කාරණය වටහා නො ගනිති. එහෙයින් උතුම් නොවේ.) යමෙක් ප්‍රකාශිත වචනයෙන් අර්‍ත්‍ථය දනී ද ඒ ප්‍රඥාවත් එක පුරුෂයා ම උතුම් වේ.
Pali BJT1. පරොසතජාතකං.
Sinhala BJT1. පරොසත ජාතක යි.
Pali BJT102. යො දුක්ඛඵුට්ඨාය භවෙය්ය තාණං සො මෙ පිතා දූභි{1} වනෙ කරොති, සා කස්ස කන්දාමි වනස්ස මජ්ඣෙ යො තායිතා සො සහසා කරොතීති.
Sinhala BJT102. යමෙක් දුකින් පහරන ලද තැනැත්තියට පිහිට වන්නේ ද මාගේ ඒ පියා වෙනෙහි මිත්‍රද්‍රෝහි කර්‍මය කෙරෙයි. වෙනෙහි මැදැ ඒ මම කවරක් හට (පිහිට සොයා) හඬම් ද, යමෙක් (මට) පිහිට වන්නට සුදුසු ද හෙතෙමේ ම සාහසික කර්‍මයක් කෙරෙයි.
Pali BJT2. පණ්ණිකජාතකං.
Sinhala BJT2. පණ්ණික ජාතක යි.
Pali BJT103. යත්ථ වෙරී නිවසති න වසෙ තත්ථ වසෙ තත්ථ පණ්ඩිතො, එකරත්තං දිරත්තං වා දුක්ඛං වසති වෙරිසූති.
Sinhala BJT103. යම් තැනෙක්හි වෛරී පුද්ගලයා වෙසේ ද එතන්හි නුවණැත්තේ නො වසන්නේ ය. (කුමක් හෙයින් ද යත්:) එක දවසක් හො දෙකක් හො වෛරීන් අතුරෙහි (වසන්නේ) දුකින් (ම) වෙසේ.
Pali BJT3. වෙරීජාතකං.
Sinhala BJT3. වේරී ජාතක යි.
Pali BJT104. චතුබ්භිඅට්ඨජ්ඣගමා අට්ඨාහි-පි ච සොළස, සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො. ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති.
Sinhala BJT104. සතර දෙනකුගෙන් අසන්තුෂ්ට වැ අටදෙනකුන් කරා ගියේ ය. අටදෙනකුන්ගෙන් අසන්තුෂ්ට වැ සොළොස්දෙනකුන් කරා ද සොළොස්දෙනකුගෙන් අසන්තුෂ්ට වැ දෙතිස්දෙනකුන් කරා ද ගියේ ය. (ලද දෙයින් නො සතුටු වැ) වැඩියක් පතන්නේ උරචක්‍රයට පැමිණියේ ය. තෘෂ්ණාවෙන් පෙළන ලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්‍රය (නැවත නැවත වැටීමෙන්) බමයි.
Pali BJT4. මිත්තවින්දජාතකං.
Sinhala BJT4. මිත්තවින්‍දක ජාතක යි.
Pali BJT105. බහුං පෙතං වනෙ කට්ඨං වාතො භඤ්ජති දුබ්බලං; තස්ස චෙ භායසී නාග කිසො නූන භවිස්සසීති.
Sinhala BJT105. වෙනෙහි බොහෝ වූ (යම්) මේ දුර්‍වල කාෂ්ටයක් (දණ්ඩක්) සුළඟ බිඳී ද, නාගය, ඉදින් එයට බියපත් වෙහි නම් ඒකාන්තයෙන් කෘෂ වූවෙක් වන්නෙහි ය.
Pali BJT5. දුබ්බලකට්ඨජාතකං.
Sinhala BJT5. දුබ්බලකට්ඨ ජාතක යි.
Pali BJT106. සුසුඛං වත මං ජීවන්තං{1} පචමානා උදඤ්චනී චොරී ජායප්පවාදෙන තෙලං ලොණඤ්ච යාචතීති.
Sinhala BJT106. ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වන්නා වූ මා පෙළන්නාවූ දිය ඉස්නා ඝටිකාවක් මෙන් අන්සතු දෑ පැහැර ගන්නා වූ භාර්‍ය්‍යා නාමයෙන් යුක්ත සෙරක් තෙල් ද ලුණු ද (ආදි කැමැති කැමැති වස්තුව) ඉල්ලයි.
Pali BJT6. උදඤ්චනීජාතකං.
Sinhala BJT6. උදඤ්චනී ජාතක යි.
Pali BJT107. සාධු ඛො සිප්පකං නාම අපි යාදිසකීදිසං, පස්ස ඛඤ්ජප්පහාරෙන{2} ලද්ධා ගාමා චතුද්දිසාති.
Sinhala BJT107. යම්තම් වූ ශිල්පය නමුදු යහපත් ම ය. බලව කොරා ගේ (එළුබෙටි) ගැසීමෙන් සතර දිගින් සතරක් ගම්හු ලබන ලදහ.
Pali BJT7. සාලිත්තකජාතකං.
Sinhala BJT7. සාලිත්තක ජාතක යි.
Pali BJT108. සික්ඛෙය්ය සික්ඛිතබ්බානි සන්ති සච්ඡන්දිනො ජනා, බාහියා හි සුභන්තෙන{3} රජානමභිරාධයීති{4}.
Sinhala BJT108. හික්මෙන්නට සුදුසු ශිල්පයන් හික්මෙන්නේ ය, (ඉගෙන ගන්නේය) ඒ ඒ ශිල්පයෙහි කැමැති ජනයෝ ඇත්තාහ. යම් හෙයෙකින් බිහි ජනපදයෙහි උපන් ස්ත්‍රී මනා කොට කළ පුරිෂසර්‍ගයෙන් රජහු සිත් ගත්තී ද (එහෙයිනි).
Pali BJT8. බාහියජාතකං{5}.
Sinhala BJT8. බාහිය ජාතක යි.
Pali BJT109. යථන්නො පුරිසො හොති තථන්නා තස්ස දෙවතා, ආහරෙතං කණං පූවං{6} මා මෙ භාගං විනාසයාති
Sinhala BJT109. පුරුෂ තෙමේ යම්බඳු ආහාරයක් ඇත්තේ වේ ද ඔහු ගේ දේවතාවා ද එබඳු ම ආහාර ඇත්තේ ය, මේ කුඩුපූව (කුඩුකැවුම) ගෙනෙව, මාගේ කොටස නො නසව.
Pali BJT9. කුණ්ඩපූවජාතකං.
Sinhala BJT9. කුණ්ඩපූව ජාතක යි.
Pali BJT110. සබ්බසංහාරකො නත්ථි සුද්ධං කඞ්ගු පවායති. අලිකං භාසති යං ධුත්තී සච්චමාහ මහල්ලිකාති.
Sinhala BJT110. මෙහි සර්‍වසංහාර (සියල්ල එකතු වූ) සුවඳ නැත්තේ ය. (අනෙක් සුවඳෙකින් අමිශ්‍ර හෙයින්) පිරිසිදු පුවඟුමල්සුවඳ ද විහිදෙයි. ධූර්‍ත වූ මෝ තොමෝ බොරු කියයි. මහල්ලිකා (මැහැලි) තොමෝ සැබවක් කිව.
Pali BJT10. සබ්බසංහාරකපඤ්හො.
Sinhala BJT10. සබ්බසංහාරක ජාතක යි.
Pali BJTපරොසතවග්ගො එකාදසමො.
Sinhala BJTඑකළොස්වැනි පරොසත වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTසපරොසතතායිතවෙරී පුන භමචක්කථ නාගසිරිව්හයවනො, සුඛකඤ්චවතසිප්පකබාහියා කුණ්ඩපූවමහල්ලිකකා ච දස.
Sinhala BJTපරොසත - තායිත (පණ්ණික) වේරී හමචක්ක (මිත්තවින්‍දක) නාගසිරි (දුබ්බලකට්ඨ) සුඛ (උදඤ්චනී) සිප්පක (සාලිත්තක) බාහිය කුණඩපූව මහල්ලික (සබ්බසංහාරක) යන දසය යි.
Pali BJT12. හංසිවග්ගො
Sinhala BJT12. හංස වර්‍ගය
Pali BJT111. හංසි ත්වං{1} එවමංඤ්ඤසි සෙය්යො පුත්තෙන පිතාති රාජසෙට්ඨ, හන්දස්සතරස්ස තෙ අයං අස්සතරස්ස හි ගද්රභො පිතා’ති.
Sinhala BJT111. රාජෝත්තමය, ඉදින් තෙපි පුතාට වඩා පියා උතුමැ යි මෙසේ හඟනහු ද එබැවින් තොපගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා උතුම් වන්නේ ය. යම් හෙයෙකින් කොටළු තෙම අශ්වතරයාට පිය වූයේ ද එහෙයිනි.
Pali BJT1. ගද්රභපඤ්හො.
Sinhala BJT1. ගද්‍රභපඤ්හ ජාතක යි.
Pali BJT112. යෙන සත්තුඛිලඞ්ගා ච දිගුණ පලාසො ච පුප්ඵිතො, යෙනාදාමි තෙන වදාමි යෙන නාදාමි න තෙන වදාමි එස මග්ගො යව මජ්ඣකසස එතං ඡන්නපථං විජානාහිති.
Sinhala BJT112. යම් තැනෙක්හි අත්සුණු ද කාඩි ද විකුණන අංගානියෙක් (කඩපිළක්) ඇද්ද, යම් තැනෙක්හි පිපුණා වූ දෙකක් ව මැදින් බෙදී ගිය පත් ඇති කොබෝලීල රුක ද යම් අතකින් බුදිම් ද ඒ (දකුණු) දිසාවෙන් මග කියමි. යම් අතකින් නො බුදිම් ද ඒ (වම්) දිසාවෙන් (මග) නො කියමි. යවමැදුම්ගමැ පිහිටි අපගේ ගෙට මේ මාර්‍ගය ය. මේ සඟවා කී කාරණය දැනැගනුව.
Pali BJT2. අමරාදෙවිපඤ්හො.
Sinhala BJT2. අමරාදේවිපඤ්හ ජාතක යි.
Pali BJT113. සද්දහාසි සිගාලස්ස{2} සුරාපීතස්ස බ්රාහ්මණ, සිප්පිකානං සතං නත්ථි කුතො කංසසතා දුවෙති.
Sinhala BJT113. බ්‍රාහ්මණය, සුරා බොන ලද හිවලාගේ වචනය අදහන්නෙහි ද (මා ළඟ) බොල්ලන් (සිප්පි) සියයකුදු නැත, කහවණු දෙසියයක් කොයින් ද?
Pali BJT3. සිගාලජාතකං{3}.
Sinhala BJT3. සිඟාල ජාතක යි.
Pali BJT114. බහුචින්තී අප්පචින්තී ච උභො ජාලෙ අබජ්ඣරෙ, මිතචින්ති අමොචෙසි{4} උභො තත්ථ සමාගතා’ති.
Sinhala BJT114. බහුචින්තී නම් මත්ස්‍යයා ද අප්පචින්තී නම් මත්ස්‍යයා ද යන දෙදෙනා ම දැලෙහි බැඳුණාහ. මිතචින්තී නම් මත්ස්‍යයා (ඔහුත්) දැලෙහි මිදි ය. බහුචින්තී අප්පචින්තී දෙදෙනා ම දියෙහි මිතචින්තී හා එක්වූහ.
Pali BJT4. මිතචින්තීජාතකං.
Sinhala BJT4. මිතචින්තී ජාතක යි.
Pali BJT115. යායඤ්ඤමනුසාසති{5} ලොලුප්පචාරිණි, සායං විපක්ඛිකා සෙති හතා චක්කෙන සාළිකාති{6}.
Sinhala BJT115. යමක් තොමෝ ලොල් වැ හැසිරෙන්නී අන්‍යයනට අනුශාසනා කරන්නී ද ඒ මේ සැළලිහිණි රියසකින් නසන ලද්දී පහවූ පියාපත් ඇති වැ මාර්‍ගයෙහි හෝනී ය.
Pali BJT5. අනුසාසිකජාතකං{7}.
Sinhala BJT5. අනුසාසික ජාතක යි.
Pali BJT116. අතිකරමකරාචරීය මය්හම්පෙතං න රුච්චති, චතුත්ථෙ ලඞ්ඝයිත්වාන පඤ්චමියස්මිං{1} ආවුතොති.{2}
Sinhala BJT116. ආචාර්‍ය්‍යය, තොපට නො පිළිවන් වූ අධික වූ ක්‍රියාවක් කෙළෙහි ය. මට ඒ කාරණය නො රුස්සයි. සතරවැනි ශස්ත්‍රයෙහි (නොවැටී සිරුර) පන්වා පස්වැන්නෙහි ඇවිණී ගියෙහි ය.
Pali BJT6. දුබ්බචජාතකං.
Sinhala BJT6. දුබ්බච ජාතක යි.
Pali BJT117. අච්චුග්ගතා{3} අතිබලතා අතිවෙලං පහාසිතා, වාචා හන්ති දුම්මෙධං තිත්තිරංවාතිවස්සිත’න්ති.
Sinhala BJT117. ඉතා උස්වූ (ඉතා මහත් කොට කියන ලද්දා වූ) ඉතා බලවත් වූ ප්‍රමාණය ඉක්මවා ප්‍රකාශිත වචනය ප්‍රමාණය ඉක්මවා හැඬූ වටුවා මෙන්, නුවණ නැත්තහු නසයි.
Pali BJT7. තිත්තිරජාතකං.
Sinhala BJT7. තිත්තිර ජාතක යි.
Pali BJT118. නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති, චින්තිතස්ස ඵලං පස්ස මුත්තොස්මි වධබන්ධනා’ති.
Sinhala BJT118. පුරුෂ තෙමේ (පැමිණි දුකින් මිදීමට උපාය) නො සිතන්නේ දුකින් මිදීම නම් වූ විශේෂයට නො පැමිණේ, (එසේ) චින්තිත කර්‍මයාගේ ප්‍රයෝජනය බලව. මම මරණයෙන් ද බන්‍ධනයෙන් ද මිදුණෙමි.
Pali BJT8. වට්ටකජාතකං.
Sinhala BJT8. වට්ටක ජාතක යි.
Pali BJT119. අමාතාපිතරි{4} සංවද්ධො අනාචරියකුලෙ{5} වසං, නායං කාලං{6} අකාලං වා අභිජානාති කුක්කුටො’ති.
Sinhala BJT119. මවුපියන් සමීපයෙහි නො වැඩුණු ආචාර්‍ය්‍යකුලයෙහි නො වුසූ මේ කුකුළා හැඬුවමනා කාලය හෝ නො හැඬූවමනා කාලය හෝ නො දනී.
Pali BJT9. අකාලරාවීජාතකං.
Sinhala BJT9. අකාලරාවි ජාතක යි.
Pali BJT120. අබද්ධා{7} තත්ථ බජ්ඣන්ති යත්ථ බාලා පභාසරෙ, බද්ධාපි තත්ථ මුච්චන්ති යත්ථ ධීරා පහාසරෙ’ති.
Sinhala BJT120. යම් තැනෙක් හි අඥානයෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට නුසුදුස්සෝ ද බැඳෙති. යම් තැනෙක්හි නුවණැත්තෝ බෙණෙද්ද එතැන්හි බන්‍ධනයට සුදුස්සෝ ද මිදෙති.
Pali BJT10. බන්ධනමොක්ඛජාතකං.
Sinhala BJT10. බන්‍ධනමොක්ඛ ජාතක යි.
Pali BJTභංසවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි හංස වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅථගද්රභසත්තු චකංසසතං බහුචින්තිසාසිකායාතිකර, අතිවෙලවිසෙසමනාචරියො ච ධීරාපභාසරතෙන දස.
Sinhala BJTගද්‍රභ - සත්තු (අමරාදේවිපඤ්හ) කාසසත (සිගාල) බහුචින්ති (මිතවින්ති) සාසික (අනුසාසිත) අතිකර දුබ්බච අතිබල (තිත්තිර) විසේස (වට්ටක) අනාචරිය (අකාලරාවි) ධීරාපහාසර (බන්‍ධනමොක්ඛ) යන දසය යි.
Pali BJT13. කුසනාළිවග්ගො
Sinhala BJT13. කුසනාළි වර්‍ගය
Pali BJT121. කරෙ සරික්ඛො අථවාපි සෙට්ඨො නිහීනකො චා’පි කරෙය්ය එකො, කරෙය්යුං{1} තෙ ව්යසනෙ උත්තමත්ථං යථා අහං කුසනාළී රුචාය’න්ති.
Sinhala BJT121. (ජාත්‍යාදීන්) සමාන වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. එකෙක් හීන වූයේ ද (මිත්‍රධර්‍මය) කරන්නේ ය. ඒ මිත්‍රයෝ විපත්තියෙහි දී උතුම් වූ අර්‍ත්‍ථයක් ම (යහපතක් ම) කරන්නාහු ය. බුරුදගස උපන් මා ද දියබෙරලිය ගස උපන් කුසනාළි ද මෙනි.
Pali BJT1. කුසනාළිජාතකං.
Sinhala BJT1. කුසනාළි ජාතක යි.