Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2081. න සන්ති දෙවා ඉච්චාහු එකෙ ඉධෙව ජීවො විභවං උපෙති, තථා ඵලං සුකතදුක්කතානං දත්තු{2}පඤ්ඤත්තඤ්ච වදන්ති දානං. තෙසං වචො අරහතං සද්දහානො තස්මා අහං සකුණෙ බාධයාමි.
Sinhala BJT2081. ඇතැම් කෙනෙක් දෙවියෝ නැතැ යි කියති. ප්‍රාණය මෙ ලොව ම නැසේය යි ද පින් පව්හි විපාක නැතැ යි ද දානය මෝඩයන් පනවා ගත්තකැ යි ද කියති. රහතුන්ගේ ඒ කීම අදහන මම පක්‍ෂීන් මරමි.
Pali BJT2082. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ, ඉමස්ස ලොකස්ස පරස්ස වා තෙ කථන්නු තෙ ආහු මනුස්සලොකෙ.
Sinhala BJT2082 දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු මෙ ලොවට අයිති වෙත් ද නැතහොත් පරලොවට අයිති ද? ඒ විමන්හි දිව්‍ය පුත්‍රයෝ කෙසේ වෙත්දැයි මිනිස්ලොවැ කියත් ද?
Pali BJT2083. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ගච්ඡන්ති ඔභාසයමන්තලික්ඛෙ, පරස්ස ලොකස්ස න තෙ ඉමස්ස දෙවාති තෙ ආහු මනුස්සලොකෙ.
Sinhala BJT2083. දැකුම් කලු වූ සඳ හිරු දෙදෙන බබළමින් අහසේ ගමන් කරති. ඔව්හු පරලොවට අයත් වෙති. මෙ ලොවට අයත් නො වෙති. මිනිස්ලොවැ ඔව්හු දෙවියෝ යයි කියති.
Pali BJT2084. එත්ථෙව තෙ නිහතා හීනවාදා අහෙතුකා යෙ න වදන්ති කම්මං, තථා ඵලං සුකතදුක්කතානං දත්තූ{1} පඤ්ඤත්තං යෙ ච වදන්ති දානං.
Sinhala BJT2084. යම් කෙනෙක් අහේතුකවාදී වෙත් ද පුණ්‍ය පාප කර්‍මයන්ගේ විපාකය හෙවත් පිරිසුදු අපිරිසුදු බවට හේතු වන කර්‍ම නැතැ යි කියත් ද, දන් දීම මෝඩයන් විසින් පැනැවූවකැ යි කියත් ද ඒ මහණ බමුණෝ මේ කරුණෙහි නැසුණෝ වෙත්.
Pali BJT2085. අද්ධා හි සච්චං වචනං තවෙතං කථං හි දානං අඵලං වදෙය්ය, තථා ඵලං සුකතදුක්කතානං දත්තූපඤ්ඤත්තඤ්ච කථං භවෙය්යා
Sinhala BJT2085. තොපගේ මේ කීම ඒකාන්තයෙන් සත්‍යයෙකි. දානය විපාක නැතැ යි කියන්නේ කෙසේ ද? එසේ සුකෘත දුෂ්කෘතයන්ගේ පල විපාක මෝඩයන් පැනැවූවක් වන්නේ කෙසේ ද?
Pali BJT2086. කථං කරො කින්නිකරො කිමාචරං කිං සෙවමානො කෙන තපොගුණෙන, අක්ඛාහි{2} මෙ මොරරාජෙතමත්ථං{3} යථා අහං නො නිරයං පතෙය්යං.
Sinhala BJT2086. මොනර රජුනි, කුමක් කරන්නේ කෙසේ කරන්නේ කුමක හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කෙබඳු තවුස් ගුණයක් නිසා නිරයේ නො වැටෙම් ද එයට උපදෙස් කියව.
Pali BJT2087. යෙ කෙචි අත්ථි සමණා පථව්යා{4} කාසාවවත්ථා අනගාරියා{5} තෙ, පාතොව පිණ්ඩාය චරන්ති කාලෙ විකාලචරියා විරතා හි සන්තො.
Sinhala BJT2087. මෙ ලොවැ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් ද කසාවත දරන අනගාරික වූ නො කල්හි හැසිරීමෙන් වැළැකී ඒ සත්පුරුෂයෝ (පසේ බුදුවරු) උදාසන්හි සුදුසු කාලයෙහි පිඬුසිඟා වඩිති.
Pali BJT2088. තෙ තත්ථ කාලෙනුපසඞ්කමිත්වා පුච්ඡෙසි{6} යන්තෙ මනසො පියං සියා, තෙ තෙ{7} පවක්ඛන්ති යථා පජානං ඉමස්ස ලොකස්ස පරස්ස චත්ථුං.
Sinhala BJT2088. සුදුසු කලැ උන්වහන්සේ වෙතැ එළඹැ තොප කැමැති යමක් වේ නම් එය අසව. උන් වහන්සේ මෙලොව පරලොව දියුණුව දන්නා ආකාරයෙන් ප්‍රකාශ කරත්.
Pali BJT2089. තචංව ජිණ්ණං උරගො පුරාණං පණ්ඩූපලාසං හරිතො දුමොව, ඵසප්පහීනො මම ලුද්දභාවො පජහා{8}මහං ලුද්දකභාවමජ්ජ.
Sinhala BJT2089. සර්‍පයකු දිරාපත් වූ පැරැණි හැවය හරනා සේ, රුක තැනින් තැන ඇති පඬුවන් පැහැති පත් ඉවත් කරන්නා සේ මම ද අද මගේ රුදුරු ගතිය හරිමි. මේ මගේ රුදුරු ගතිය ප්‍රහීණ ය.
Pali BJT2090. යෙ චාපි මෙ සකුණා අත්ථි බද්ධා{1} සතානි නෙකානි නිවෙසනස්මිං, තෙසංපහං{2} ජීවිතං අජ්ජ දම්මී මොක්ඛඤ්ච තෙ පත්තො{3} සකං නිකෙතං.
Sinhala BJT2090. මා විසින් බඳින ලද සිය ගණන් පක්‍ෂීන් නිවෙසේ ඇද්ද ඔවුනටත් මම අද ජීවිත දානය දෙමි. මම නිවනට පැමිණියෙමි. ඒ සත්‍ය බලයෙන් සියලු සත්ත්‍වයෝ තමන් වසන තැන්වලට යෙත්වා.
Pali BJT2091. ලුද්දො චරී පාසහත්ථො අරඤ්ඤෙ බාධෙතුං{4} මොරාධිපතිං යසස්සිං බන්ධිත්ව{5} මොරාධිපතිං යසස්සිං දුක්ඛා පමුච්චි{6} යථාහං පමුත්තොති.
Sinhala BJT2091. යසස් ඇති මොනර රජ බැඳ ගන්නට, පුඩු අතැ’ති වැද්දෙක් වනයෙහි හැසුරුණේ ය. යසස් ඇති මොනර රජ බැඳ යම්සේ දුකින් මිදුණේ ද, එසේ මම ද දුකින් මිදුණෙමි.
Pali BJT8. මහාමොරජාතකං.
Sinhala BJT8. මහාමෝර ජාතක යි.
Pali BJT2092. යදෙසමානා විචරිම්හ පබ්බතානි වනානි ච, අන්වෙසං විචරිං{7} ඤාතී{8} තෙමෙ අධිගතා මයා
Sinhala BJT2092. යම් ඥාති සමූහයක් සොයමින් අපි පර්‍වතයන්හි ද වනාන්තරයන්හි ද හැසුරුණෙමු ද (යම්) කෙනකු ඥාතීන් සොයමින් හැසුරුණෙම්ද? මා විසින් ඔවුහු ලබන ලදහ.
Pali BJT2093. බහුං ඉදං{9} මූලඵලං භක්ඛො චායං අනප්පකො, රම්මා චිමා ගිරි නදියො ඵාසු වාසො භවිස්සති.
Sinhala BJT2093. මේ අල වර්‍ග ද ගෙඩි වර්‍ග ද බොහෝ ය. කෑ යුතු දෙය ද බොහෝ ය. මේ පර්‍වත නදීහු මනරම් වෙති. වාසයට පහසු තැනක් වන්නේ ය.
Pali BJT2094. ඉධෙවාහං වසිස්සාමි සහ සබ්බෙහි ඤාතිභි, අප්පොස්සුක්කො නිරාසඞ්කි අසොකො අකුතොභයො.
Sinhala BJT2094. වෑයම් රහිත වැ නිසැක වැ ශෝක රහිත වැ බියක් නැති වැ සියලු ඥාතීන් සමග මම මෙහි ම වසන්නෙමි.
Pali BJT2095. අඤ්ඤං හි ලෙනං{10} පරියෙස සත්තු නො ඉධ විජ්ජති, සො තච්ඡ සූකරෙ හන්ති ඉධාගන්ත්වා වරං වරං
Sinhala BJT2095. තච්ඡ සූකරය, වෙන ලෙනක් සොයව. මෙහි අපට සතුරෙක් සිටී. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
Pali BJT2096. කොනම්හාකං ඉධ සත්තු කො ඤාතී සුසමාගතෙ, අප්පධංසෙ පධංසෙති තම්මෙ අක්ඛාථ පුච්ඡිතා.
Sinhala BJT2096. මෙහි අපගේ සතුරා කවරෙක් ද? නැසිය නොහැකි ලෙස එක්වූ ඥාතීන් කවරෙක් නසා ද ? විචාරන ලද මට එය කියව.
Pali BJT2097. උද්ධග්ගරාජී මිගරාජා බලී දාඨාවුධො මිගො, සො තච්ඡ සූකරෙ{11} හන්ති ඉධාගන්ත්වා වරං වරං.
Sinhala BJT2097. තච්ඡය, උඩට ගිය ඉරි සහිත මෘගරාජයකු වූ බල ඇත්තා වූ දළ මැ අවි කොට ගත් ව්‍යාඝ්‍රයෙක් වේ. හේ මෙහි අවුත් වැඩුණු මසැති හොඳ හොඳ ඌරන් මරයි.
Pali BJT2098. න නො දාඨා න විජ්ජන්ති බලං කායෙ සමූහතං{12}, සබ්බෙ සමග්ගා හුත්වාන වසං කාහාම එකකං.
Sinhala BJT2098. අපි දළ නැත්තෝ නො වෙමු. බලය සිරුරේ ඇත. හැම දෙන එකතු වැ තනි වූ ඔහු යටත් කරමු.
Pali BJT2099. හදයඞ්ගමං කණ්ණසුඛං වාචං භාසසි තච්ඡක, යොපි යුද්ධෙ පලායෙථ{13} තම්පි පච්ඡා හනාමසෙ.
Sinhala BJT2099. තච්ඡකය, හිතට වදින කනට මිහිරි වචනයක් කියති. සටනෙහි අපෙන් යමෙක් පලා ගියොත් පසුව ඔහුත් නසන්නෙමු.
Pali BJT2100. පාණාතිපාතා විරතො නු අජ්ජ අභයං නු තෙ සබ්බභූතෙසු දින්නං, දාඨා නු තෙ මිග විරියං න සන්ති යො සඞ්ඝපත්තො කපණොව ඣායසි.
Sinhala BJT2100. අද ප්‍රාණඝාතයෙන් වැළකුණෙහි ද? සව්සත්නට අභය දෙන ලද ද? නුඹේ දළ නැද්ද? මෘග බල නැද්ද? සූකර සමූහයා මැදට පැමිණ කුමක් සිතන්නේ ද?
Pali BJT2101. න මෙ දාඨා න විජ්ජන්ති බලං කායෙ සමූහතං, ඤාතී ච දිස්වාන සමඞ්ගි{1}එකතො තස්මා ඣායාමි වනම්හි එකතො
Sinhala BJT2101. මගේ දළ නැත්තේ නො වෙයි. සිරුරේ ශක්තිය ඇත. සමගි සම්පන්නව එක් වූ නෑයන් දුටු හෙයින් තනි ව වනයෙහි කල්පනා කරමි.
Pali BJT2102. ඉමස්සුදං යන්ති දිසොදිසං පුරෙ භයද්දිතා{2} ලෙනගවෙසිනො පුථු, තෙදානි සඞ්ගම්ම වසන්ති{3} එකකො යත්ථට්ඨිතා දුප්පසහජ්ජ තෙ මයා.
Sinhala BJT2102. පෙ රැ මොහු බියපත් වැ වෙන් වෙන් වැ ලෙන් සොයා දිසාවෙන් දිසාවට යති. දැන් ඔහු එක්තැන් ව වෙසෙති. මා විසින් අද ඔවුන් මැඩැලන්නට හැකි නො වේ.
Pali BJT2103. පරිණායකසම්පන්නා සහිතා එකවාදිනො{4} තෙ මං සමග්ගා හිංසෙය්යුං තස්මා තෙසං න පත්ථයෙ{5}.
Sinhala BJT2103. නායකයකු ඇති ව එක්සත් වූ සමගි කතා ඇති ඒ සියල්ලෝ මට හිංසා කරන්නාහ. එහෙයින් අද මම ඔවුන් නො පතමි.
Pali BJT2104. එකොව ඉන්දො අසුරෙ ජිනාති එකොව සෙනො හන්ති දිජෙ පසය්හ, එකොව ව්යග්ඝො{6} මිගසඞ්ඝපත්තො වරං වරං හන්ති බලං හි තාදිසං.
Sinhala BJT2104. හුදෙකලා ව ශක්‍රයා අසුරයන් දින යි. හුදෙකලාව උකුස්සා පක්‍ෂීන් නස යි. හුදෙකලා ව ව්‍යාඝ්‍රයා මෘග සමූහයා වෙත පැමිණ වැඩුණු මසැති හොඳ හොඳ ඌරා මර යි. බලය නම් එබඳු ය.
Pali BJT2105. නහෙව ඉන්දො න සෙනො නපි ව්යග්ඝො මිගාධිපො, සමග්ගෙ සහිතෙ ඤාතී ව්යගෙඝ{7} ච කුරුතෙ වසෙ.
Sinhala BJT2105. සමගි වූ නෑයන් ඇති ව ව්‍යාඝ්‍රයන් බඳු වූවන් ශක්‍රයා ද වසඟ නො කරන්නේ ය. උකුස්සා ද වසඟ නො කරන්නේ ය. මෘගාධිපති ව්‍යාඝ්‍රයා ද වසඟයෙහි පවත්වා ගන්නට නො හැක්කේ ය.
Pali BJT2106. කුම්භීලකා සකුණිකා{8} සඞ්ඝිනො ගණචාරිනො, සම්මොදමානා එකජ්ඣං උප්පතන්නි ඩයන්ති ච{9}
Sinhala BJT2106. පිරිවරා ගත් සමූහය සමග හැසිරෙන කුම්භීලක පක්‍ෂීහු ප්‍රීත වෙමින් එක් වැ ගොදුරු සොයමින් අහසින් යති.
Pali BJT2107. තෙසඤ ඩයමනානං එකෙත්ථ අපවත්තති{10}, තඤ්ච{11} සෙනො නිතාළෙති වෙය්යග්ඝියෙව සා ගති.
Sinhala BJT2107. අහසින් යන ඔවුන්ගෙන් (යම්) කුරුල්ලෙක් ඉවත්ව යේ ද උකුස්සා ඌ පැහැර ගනී. ව්‍යාඝ්‍රයන්ගේ ස්වභාවයත් මෙය යි.
Pali BJT2108. උස්සාහිතො ජටිලෙන{12} ලුද්දෙනාමිසචක්ඛුනා, දාඨි දාඨිසු පක්ඛන්දි මඤ්ඤමානො යථාපුරෙ.
Sinhala BJT2108. ආමිෂ ලෝලයකු වූ රෞද්‍ර ඇස් ඇති ජටිලයා විසින් උනන්දු කරන ලද දළ සහිත ව්‍යාඝ්‍රයා පෙර සේ සිතමින් දළ ඇති ඌරන් වෙත පැන්නේ ය.
Pali BJT2109. සාධු සම්බහුලා ඤාති අපි රුක්ඛා අරඤ්ඤජා, සූකරෙහි සමග්ගෙහි ව්යග්ඝො එකායනෙ{13} හතො.
Sinhala BJT2109. නෑයන් බොහෝ වීම යහපත් වේ. වනයෙහි රුක් බොහෝ වීම යහපත් වේ. සමගි වූ ඌරන් විසින් එක් වරකින් ම ව්‍යාඝ්‍රයා නසනු ලැබී ය.
Pali BJT2110. බ්රාහ්මණඤ්චෙව ව්යග්ඝඤ්ච උභො හන්ත්වාන සූකරා, ආනන්දිනො පමුදිතා{1} මහානාදඤ්ච නාදිසුං.
Sinhala BJT2110. බ්‍රාහ්මණයා ද ව්‍යාඝ්‍රයා ද යන දෙදෙන නසා ඌරෝ සතුටු වැ ඉතා සතුටු වැ මහානාද පැවැත්වූහ.
Pali BJT2111. තෙ{2}සු උදුම්බරමූලස්මිං සූකරා සුසමාගතා, තච්ඡකං අභිසිඤ්චිංසු ත්වං නො රාජාසි ඉස්සරොති.
Sinhala BJT2111. දිඹුල්ගස මුලැ ඌරෝ රැස් වැ තෙපි අපගේ අධිපති රජ වව යි තච්ජක ඌරා අභිෂේක කළහ.
Pali BJT9. තච්ඡසූකරජාතකං.
Sinhala BJT9. තච්ඡසූකර ජාතක යි.
Pali BJT2112. වාණිජා සමිතිං කත්වා නානාරට්ඨතො ආගතා, ධනාහාරා පක්කමිංසු එකං කත්වාන ගාමණිං.
Sinhala BJT2112. නොයෙක් රටවලින් පැමිණි වෙළෙන්දෝ රැස් වැ එකකු ප්‍රධානයා ලෙස පත් කොට ධනය ගෙන වෙළඳාමට ගියහ.
Pali BJT2113. තෙ තං කන්තාරමාගම්ම අප්පභක්ඛං අනොදකං, මහානිග්රොධමද්දක්ඛුං සීතච්ඡායං මනොරමං.
Sinhala BJT2113. ඒ වෙළෙන්දෝ ආහාරයත් ජලයත් නැති කාන්තාරයකට අවුත් මනරම් සිහිල් සෙවණ සහිත මහනුගරුකක් දුටහ.
Pali BJT2114. තෙ ච තත්ථ නිසීදිත්වා තස්ස රුක්ඛස්ස ඡාදියා{3}, වාණිජා සමචින්තෙසු බාලා මොහෙන පාරුතා.
Sinhala BJT2114. අවිද්‍යාවෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ නුගරුක් සෙවණෙහි හිඳ මෙසේ සිතූහ.
Pali BJT2115. අද්දායතෙ{4} අයං රුක්ඛො අපි වාරි ච{5} සන්දති, ඉඞ්ඝස්ස පුරිමං සාඛං මයං ඡින්දාම වාණිජා.
Sinhala BJT2115. වෙළෙඳුනි, මේ ගස තෙත් සහිත සේ ය. ජලය ද වැගිරේ. එහෙයින් ගසේ පළමුවන අත්ත අපි කපමු යි.
Pali BJT2116. සා ච ඡින්නාව පග්ඝරි අච්ඡං වාරිං{6} අනාවිලං, තෙ තත්ථ නහාත්වා ච පිවිත්වා ච යාවතිච්ඡිංසු වාණිජා.
Sinhala BJT2116. ඒ අත්ත කැපීමත් සමග පවිත්‍ර වූ බොර නො වූ ජලය වැගිරුණේ ය. ඒ වෙළෙන්දෝ කැමැති තාක් ජලය නහා බි සතුටු වූහ.
Pali BJT2117. දුතියං සමචින්තෙසු බාලා මොහෙන පාරුතා, ඉඞ්ඝස්ස දක්ඛිණං සාඛං මයං ඡින්දාම වාණිජා.
Sinhala BJT2117. මෝහයෙන් වැසුණ (මනසැති) මෝඩ ඒ වෙළෙන්දෝ දෙවන වර මෙසේ සිතූහ. අපි ගසේ දකුණු අත්ත කපමුයි.
Pali BJT2118. සා ච ඡින්නාව පග්ඝරි සාලිමංසොදනං බහුං, අප්පොදවණ්ණෙ කුම්මාසෙ{7} සිඞ්ගිං{8} බිදල සූපියො.
Sinhala BJT2118. ඒ අත්ත කැපීමත් සමග මස් සහිත ඇල්හාලේ බත් ද දිය නුමුසු කිරිබත් වැනි කොමුපිඬු ද අවුළුපත් ද මුං ආදි සූප ද වැගිරුණේ ය.
Pali BJT2119. තෙ තත්ථ භුත්වා ඛාදිත්වා{9} යාවතිච්ඡිංසු වාණිජා, තතියං සමචින්තෙසුං බාලා මොහෙන පාරුතා.
Sinhala BJT2119. මෝහයෙන් වැසුණ මෝඩ ඒ වෙළෙන්දෝ කැමැති පමණ අනුභව කොට තෙවනු ව මෙසේ සිතූහ.
Pali BJT2120. ඉඞ්ඝස්ස පච්ඡිමං සාඛං මයං ඡින්දාම වාණිජා, සා ච ඡින්නාව පග්ඝරි නාරියො සමලඞ්කතා.
Sinhala BJT2120. වෙළෙඳුනි, අපි මේ ගසේ බටහිර දෙසට ගිය අත්ත ද කපමු යි. ඒ අත්ත කැපීමත් සමග සැරැසුණ ස්ත්‍රීහු වැගිරුණාහ.
Pali BJT2121. විචිත්රවත්ථාභරණා{10} ආමුත්තතමණිකුණ්ඩලා, අපිසු වාණිජා එකා නාරියො පණ්ණවීසති.
Sinhala BJT2121. එක් එක් වෙළඳකුට විසිතුරු වත් පැළැඳි, මිණි කොඬොල් ආදි අබරණින් සැරැසුණ එක් එක් ස්ත්‍රියක් ද ගැල් නායකයාට පස්විසි ස්ත්‍රී කෙනෙක් ද ලැබිණි.
Pali BJT2122. සමන්තා පරිකරිංසු{11} තස්ස රුක්ඛස්ස ඡාදියා, තෙ තාහි පරිචාරෙසුං{12} යාවතිච්ඡිංසු වාණිජා.
Sinhala BJT2122. ඒ රුක් සෙවණ වටා රැස් වූ ඒ වෙළෙන්දෝ ස්ත්‍රීන් සමග රිසි සේ සතුටු වූහ.
Pali BJT2123. චතුත්ථං සමචින්තෙසුං බාලා මොහෙන පාරුතා ඉඞ්ඝස්ස උත්තරං සාඛං ඡින්දාම වාණිජා.
Sinhala BJT2123. මෝහයෙන් වැසුණ මෝඩ වෙළෙන්දෝ සතරවෙනු ව මෙසේ සිතූහ. මේ ගසේ උතුරු දෙසට ගිය අත්ත ද අපි කපමු යි.
Pali BJT2124. සා ච ඡින්නාව පග්ඝරි මුත්තා වෙළුරියෙ බහු, රජතං ජාතරූපඤ්ච කුත්තියො පටියානි ච.
Sinhala BJT2124. ඒ අත්ත කැපීමත් සමගම මුතු වෙරළුමිණි රන්, රිදී, ඇතුන් පිට අතුරන පලස් හා ලොම්මුවා පසතුරුණු ද වැගිරුණේ ය.
Pali BJT2125. කාසිකානි ච වත්ථානි උද්දියානෙ ච කම්බලෙ{1}, තෙ තත්ථ භාරෙ බන්ධිත්වා යාවතිච්ඡිංසු වාණිජා.
Sinhala BJT2125. තවද කසී සළු උද්දියාන නමැති කම්බිලි (පොරෝනා) ද වැගිරුණේය. ඒ වෙළෙන්දෝ කැමැති පමණ එහි බැඳ (තබා) සතුටු වූහ.
Pali BJT2126. පඤ්චමං සමචින්තෙසුං බාලා මොහෙන පාරුතා, ඉඞ්ඝස්ස මූලං ඡින්දාම අපි භිය්යො ලභාමසෙ.
Sinhala BJT2126. මෝහයෙන් මුළා වැ නුවණ රහිත වූවෝ අපි මේ ගසේ මුල කපමු. වැඩියක් වස්තුව ලබන්නෙමු යි සිතූහ.
Pali BJT2127. අථුට්ඨහී සත්ථවාහො යාචමානො කතඤ්ජලී, නිග්රොධෙ කිං අපරජ්ඣථ{2} වාණිජා භද්දමත්ථු තෙ.
Sinhala BJT2127. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා යි ඇඳිලි බැඳැ යදිමින්, කවර හෙයින් නුගරුකට අපරාධ කරන්නාහු දැ යි (අසමින්) සාර්‍ත්‍ථවාහක තෙම (ඊට විරුද්ධ ව) නැගී සිටියේ ය.
Pali BJT2128. චාරිදා පුරිමා සාඛා අන්නපානං ච දක්ඛිණා, නාරිදා පච්ඡිමා සාඛා සබ්බකාමෙ ච උත්තරා නිග්රොධෙ{3} කිං අපරජ්ඣථ වාණිජා භද්දමත්ථු තෙ.
Sinhala BJT2128. වෙළෙදුනි, ඔබට යහපතක් වේවා. මේ ගසේ පෙර දිග අත්ත ජලය ද දකුණු දිග අත්ත කෑම බීම ද පැසුළු දිග අත්ත ස්ත්‍රීන් ද උතුරු දිග අත්ත කැමති හැම දේ ද දුන්නා ය. මේ නුගරුකට කවර හෙයින් අපරාධ කරවු ද?
Pali BJT2129. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි{4} පාපකො.
Sinhala BJT2129. යම් රුකක්හුගේ සෙවණෙහි හිඳුනේ ද හෝනේ ද (සත්පුරුෂයා) ඒ ගසේ අතු නො කඩන්නේ ය. මිත්‍රද්‍රෝහීකම ලාමක ය.
Pali BJT2130. තෙ ච තස්ස අනාදිත්වා එකස්ස වචනං බහූ. නිසිතාහි කුඨාරීහි මූලතො තං උපක්කමුං.
Sinhala BJT2130. බොහෝ වෙළෙන්දෝ ඔහුගේ කීම නො පිළිගෙන මුවහත් පොරෝවලින් ඒ ගස මුලින් ම කපන්නට පටන් ගත්හ.
Pali BJT2131. තතො නාගා නික්ඛමිංසු සන්නද්ධා පණ්ණවීසති, ධනුග්ගහානං තිසතා ඡසහස්සා ච වම්මිනො.
Sinhala BJT2131. ඉක්බිති සටන් සඳහා සැරැසී ගත් නාගයෝ විසිපස් දෙනෙක් ද දුනු ඊ ගත්තෝ තුන්සිය දෙනෙක් ද යුද්ධසැට්ට ඇඳ ගත්තෝ සය දහසක් ද නික්මුණහ.
Pali BJT2132. එතෙ හනථ බන්ධථ මා වො මුඤ්චිත්ථ ජීවිතං, ඨපෙත්වා සත්ථවාහං සබ්බෙ භස්මීකරොථ තෙ.
Sinhala BJT2132. මොවුන් නසවු, බඳිවු. මොවුන්ගේ ජීවිත නො හරිවු, ගැල් නායකයා හැර ඔවුන් හැම අළු කරවු.
Pali BJT2133. තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො. ලොභස්ස න වසං ගච්ඡෙ හනෙය්ය{5} දිසතං මනං.
Sinhala BJT2133. එ හෙයින් නුවණැති පුරුෂයා තමාගේ අභිවෘද්ධිය දක්නේ ලෝභයේ වසඟයට නො යන්නේ ය. ලෝභ සහිත සතුරු සිත නසන්නේ ය.
Pali BJT2134. එතමාදීනවං ඤාත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJT2134. තණ්හාව නිසා දුක් හටගන්නේය යි මේ දෝෂය දැනැ, පහ කල තණ්හාව ඇත්තේ. තණ්හාවෙන් කිසිවක් නො ගන්නෙක් ව සිහි ඇති භික්‍ෂු තෙම වසන්නේ ය.
Pali BJT10. මහාවාණිජජාතකං.
Sinhala BJT10. මහාවාණිජ ජාතක යි.
Pali BJT2135. අබ්භුතො වත ලොකස්මිං උප්පජ්ජි ලොමහංසනො, දිබ්බො රථො පාතුරහූ වෙදෙහස්ස යසස්සිනො.
Sinhala BJT2135. ලෝකයෙහි ඒකාන්තයෙන් ම ලොමුදහ ගන්වන්නා වූ පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේ ය. (පහළවිය) යසස් ඇත්තා වූ වේදේහ රජුට දිව්‍ය රථයක් පහළ විය.
Pali BJT2136. දෙවපුත්තො මහිද්ධිකො මාතලී දෙවසාරථි, නිමන්තයිත්ථ රාජානං වෙදෙහං මිථිලග්ගහං.
Sinhala BJT2136. දිව්‍ය රථාචාර්‍ය්‍ය වූ මහත් ඍද්ධි ඇත්තා වූ මාතලි දිව්‍ය පුත්‍රයා මියුලු නුවර අධිපති වූ සාධීන රජුට ආරාධනා කෙළේ ය.
Pali BJT2137. එහිමං රථමාරුය්හ රාජසෙට්ඨ දිසම්පති. දෙව දස්සනකාමා තෙ තාවතිංසා සඉන්දකා. සරමානා හි තෙ දෙවා සුධම්මායං සමච්ඡරෙ.
Sinhala BJT2137. දිසාධිපති වූ ශ්‍රේෂ්ඨ රජතුමනි, එනු මැනැවි. මේ රියට නගින්නේ මැනැවි. ශක්‍රයා සහිත තව්තිසා දෙව් ලොවැ දෙවියෝ ඔබ දකින්නට කැමැත්තෝ ය. ඒ දෙවියෝ (ඔබ) සිහි කරමින් ම සුදම් දෙව් සබේ සිටිති.
Pali BJT2138. තතො ච රාජා සාධීනො පමුඛො රථමාරුහි, සහස්සයුත්තං අභිරුය්හ අගා දෙවානසන්තිකෙ තං දෙව පටිනන්දිංසු දිස්වා රාජානමාගතං
Sinhala BJT2138. ඉක්බිති සාධීන රජ තෙමේ උතුම් රියට නැංගේ ය. දහසක් අසුන් යෙදූ රියට නැග දෙවියන් වෙත ගියේ ය. දෙවියෝ පැමිණි රජු දැක සතුටු වූහ.
Pali BJT2139. ස්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, නිසීදදානි රාජිසි දෙවරාජස්ස සන්තිකෙ.
Sinhala BJT2139. මහරජ ඔබේ යහපත් පැමිණීමකි. තවද අපේ සමීපයට පැමිණීමකි. ශ්‍රේෂ්ඨ රජතුමනි, දේවරාජයා සමීපයේ හුන මැනවි.
Pali BJT2140. සක්කොපි පටිනන්දිත්ථ වෙදෙහං මිථිලග්ගහං, නිමන්තයී ච කාමෙහි ආසනෙන ච වාසවො.
Sinhala BJT2140. මියුලු නගරයට අධිපති වේදේහ රජ (සමග) ශක්‍රයා ද සතුටු විය. ශක්‍රයා කාමසම්පත්තියෙන් ද ආසනයෙන් ද (රජු) පැවැරී ය.
Pali BJT2141. සාධු ඛොසි අනුප්පත්තො ආවාසං වසවත්තිනං, වස දෙවෙසු රාජිසි සබ්බකාමසමිද්ධිසු තාවතිංසෙසු දෙවෙසු භුඤ්ජ කාමෙ අමානුසෙ.
Sinhala BJT2141. රජතුමනි, කාම සම්පත් සිය වසඟයෙහි පවත්වන දෙවියන් වසන තැනට පැමිණීම යහපත් වෙයි. කාමසම්පත් සියල්ල දියුණුව පවතින දෙවියන් අතර වාසය කරව. තව්තිසා දෙවියන්ට ඇති මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
Pali BJT2142. අහං පුරෙ සග්ගගතො රමාමි නච්චෙහි ගීතෙහි ච වාදිතෙහි, සොදානි අජ්ජ න රමාමි සග්ගෙ ආයුං නු ඛීණො මරණං නු සන්තිකෙ උදාහු මූළ්හොස්මි ජනින්දසෙට්ඨ.
Sinhala BJT2142. සක්දෙවිඳුනි, පෙරැ මම දෙව්ලොවට පැමිණ නෘත්‍ය ගීතයෙන් හා වාද්‍යයෙන් සිත රමණය කෙළෙමි. ඒ මම අද දෙව්ලොව නො ඇලෙමි. (මගේ) ආයුෂ ගෙවුණේ ද මරණය ළංවූයේ ද නැතහොත් මුළා වූයෙම් ද?
Pali BJT2143. නචායු ඛීණං මරණං තෙ දූරෙ නචාපි මූළ්හො නරවිරිය{1} සෙට්ඨ, තවඤ්ච{2} පුඤ්ඤානි පරිත්තකානි යෙසං විපාකං ඉධ වෙදයිත්ථො.
Sinhala BJT2143. උතුම් නරවිරුවාණෙනි, ඔබගේ ආයුෂ ගෙවුණේ නො වෙයි. ඔබේ මරණය දුර ය. ඔබ මුළා වූයෙහි ද නො වේ. යම් පුණ්‍ය කර්‍මයක් නිසා මෙහි සැප වින්දයුතු ද ඔබගේ ඒ පින් මඳ වූහ.
Pali BJT2144. වස දෙවානුභාවෙන රාජසෙට්ඨ දිසම්පති, තාවතිංසෙසු දෙවෙසු භුඤ්ජ කාමෙ අමානුසෙ.
Sinhala BJT2144. දිසාධිපති රජතුමනි, දේවානුභාවයෙන් මෙහි වාසය කරව. තව්තිසා වැසි දෙවියන්ට අයිති වූ මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
Pali BJT2145. යථා යාචිතකං යානං යථා යාචිතකං ධනං. එවං සම්පදමෙවෙතං යං පරතො දානපච්චයා.
Sinhala BJT2145. ඉල්ලා ගත් යානය යම්සේ ද ඉල්ලා ගත් ධනය යම්සේ ද, අනුන් දුන් පිනෙන් යමක් ලබා නම් එද මෙසේ දතයුතු ය.
Pali BJT2146. නචාහමෙතං ඉච්ඡාමි යං පරතො දානපච්චයා, සයං කතානි පුච්චානි තම්මෙ ආවෙණිකං ධනං.
Sinhala BJT2146. අනුන් දුන් නිසා යමක් ලැබේ ද එය මම නො කැමැත්තෙමි. තමා කළ පින් වේ ද එය මට උරුම ධනය යි.
Pali BJT2147. සොහං ගන්ත්වා මනුස්සෙසු කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සංයමෙන දමෙන ච. යං කත්වා සුඛිනො හොති න ච පච්ඡානුතප්පති.
Sinhala BJT2147. ඒ මම මිනිසුන් අතරට ගොස් දන් දීමෙන් ද කායාදි ද්වාරත්‍රයෙන් කරන පාපයෙන් වැළැකැ හික්මීමෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුක්ත වැ යමක් කොට සැපවත් වෙම් ද පසුව නො තැවෙම් ද එබඳු බොහෝ කුසල් කරන්නෙමී.
Pali BJT2148. ඉමානි තානි ඛෙත්තානි ඉමං නික්ඛං සුකුණ්ඩලං{1}, ඉමා තා හරිතා නූපා{2} ඉමා නජ්ජො සවන්තියො.
Sinhala BJT2148. මේ ඒ භූමිභාගයෝ වෙති. මනා බිසෝකොටු සහිත දිය සොරොව් ද වෙයි. මේ ඒ නිල්පැහැති දිය සහිත බිම් ය. මේ ගලායන නදී ද වෙත්.
Pali BJT2149. ඉමා තා පොක්ඛරණියො රම්මා චක්කවාකූපකූජිතා, මන්දාලකෙහි{3} සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච යස්සිමානි මමායිංසු කින්නු තෙ දිසතං ගතා.
Sinhala BJT2149. සක්වා ළිහිණින් පවත්වන මධුර නාද නිසා මනරම් වූ හෙල්මැල්ලෙන් හා පියුම් උපුල් වලින් ගැවැසි මේ පොකුණු වෙත්. මා හා හැසුරුණු යම් කෙනෙක් මෙ තැනට ප්‍රිය කළෝ ද ඔහු කවර දෙසකට ගියාහු ද?
Pali BJT2150. තානීධ{4} ඛෙත්තානි සො භූමිභාගො තෙ ආරාමා තෙ වන මෙ පචාරා{5}, තමෙව මය්හං ජනතං අපස්සතො සුඤ්ඤාව මෙ නාරද ඛායතෙ දිසා.
Sinhala BJT2150. මේ උයනේ කෙත් ද බිම් කොටස් ද උයන් වතු ද වෙති. මේ වනයේ වාසස්ථාන ද වෙත්. ඒ පිරිවර ජනයා නො දක්නා මට සියලු දිසාවන් හිස් වූ සේ වැටහේ.
Pali BJT2151. දිට්ඨා මයා විමානානි ඔභාසෙන්තා{6} චතුද්දිසා, සම්මුඛා දෙවරාජස්ස තිදසානඤ්ච සම්මුඛා.
Sinhala BJT2151. සක්දෙව්රජ හමුවේ ද අනෙක් දෙවියන් හමුවේ ද සතර දිසාවන්හි ද බබළන විමානයෝ මා විසින් දක්නා ලදහ.
Pali BJT2152. වුත්ථං මෙ භවනං දිබ්බං{7} යුත්තා කාමා අමානුසා, තාවතිංසෙසු දෙවෙසු තිබ්බකාමසමිද්ධිසු.
Sinhala BJT2152. සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වූ තව්තිසා දෙව් ලොව දිව්‍යවිමානයෙක මාගේ විසීම විය. මනුෂ්‍යයන්ට අයත් නො වූ කම්සැප අනුභව කරන ලදි.
Pali BJT2153. සොහං එතාදිසිං දිස්වා{8} පුඤ්ඤාය’ම්භි ඉධාගතො, ධම්මමෙව චරිස්සාමි නාහං රජ්ජෙන අත්ථිකො.
Sinhala BJT2153. ඒ මම මෙ බඳු දෙව්සැප දැක පින් කරනු සඳහා මෙහි ආවෙමි මම කුශලධර්‍මයන්හි හැසිරෙමි. රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.
Pali BJT2154. අදණ්ඩාවචරං මග්ගං සම්මාසම්බුද්ධදෙසිතං. තං මග්ගං පටිපජ්ජිස්සං යෙන ගච්ඡන්ති සුබ්බතා’ති.
Sinhala BJT2154. යම් මගෙකින් සම්මා සම්බුදුවරු ගමන් කෙරෙත් ද සර්‍වඥයන් වහන්සේ දෙසූ, බහා තැබූ දඬු හා සත් ඇතියන් යායුතු ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය මමත් පිළිපදින්නෙමි.
Pali BJT11. සාධීනජාතකං{9}.
Sinhala BJT11. සාධීන ජාතක යි.
Pali BJT2155. රාජා අවොච විධුරං{1} ධම්මකාමො යුධිට්ඨිලො, බ්රාහ්මණෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2155-2156. පින් කැමැති සුයිට්ඨිල රජ තෙම විධුර පඬිතුමාට මෙසේ කීය. විධුර පඬිතුමාණෙනි, යමෙක් මගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණේවේ ද, සිල්වත් බහුශ්‍රුත බ්‍රාහ්මණයන් සොයව. යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2156. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං{2} භොජනං, දකඛීණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2157. දුල්ලභා බ්රාහ්මණා දෙව සීලවන්තො බහුස්සුතා, විරතා මෙථුනා ධම්මා යෙ තෙ භුඤ්ජෙය්යුං භොජනං.
Sinhala BJT2157. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබේ බොජුන් බුදිත් ද එසේ වූ සිල්වත් බහුශ්‍රුත මෙවුන්දම් සෙවුමෙන් වැළැකුණ බමුණෝ දුබල වෙත්.
Pali BJT2158. දස ඛලු මහාරාජ යා තා බ්රාහ්මණජාතියො, තෙසං විභඞ්ගං විචයං විත්ථාරෙන සුණොහි මෙ.
Sinhala BJT2158. මහරජ, යම් බමුණුකුල දහයක් වේ ද ඔවුන්ගේ විභාගය මා විසින් සොයන ලදී. එය විස්තර වශයෙන් අසනු මැනැවි.
Pali BJT2159. පසිබ්බකෙ ගහෙත්වාන පුණ්ණෙ මූලස්ස සංවුතෙ, ඔසධියො{3} ගන්ථෙන්ති නහායන්ති ජපන්ති ච.
Sinhala BJT2159. ඇතැම් බමුණෝ අවුරන ලද මුදල් පිරැ වූ පසුම්බ් ගෙන බෙහෙත් ද්‍රව්‍ය ඔතා දෙති. නාවති, මතුරු ජප කිරීම ද කරති.
Pali BJT2160. තිකිච්ඡකසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2160. මහරජ, වෙදුන් හා සමාන වුව ද ඔවුහු බමුණෝ යයි කියනු ලබත්. මහරජ, ඔවුහු වෙද බමුණෝ වෙති යි කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද?
Pali BJT2161. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා{4} (ඉතිරාජාකොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙපි විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2161. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔව්හු බමුණෝ යයි කියනු නො ලැබෙති. මිත්‍රය, සිල්වත් බහුශ්‍රුත වූ වෙනත් බමුණන් සොයව.
Pali BJT2162. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං
Sinhala BJT2162. යමෙක් මාගේ බොදුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු ද යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල වේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2163. කිංකිණිකායො{5} ගහෙත්වාන ඝොසෙන්ති පුරතොපි තෙ, පෙසනානිපි ගච්ඡන්ති රථචරියාසු සික්ඛරෙ.
Sinhala BJT2163. ඔවුහු රජු සහ ඇමැති ආදීන් ඉදිරියේ කුළුතාලම් වයති. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි පුහුණු කරවත්.
Pali BJT2164. පරිචාරකසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2164. රජතුමනි, සේවකයන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු සේවක බමුණෝ වෙති. එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
Pali BJT2165. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉතිරාජා කොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2165. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2166. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං
Sinhala BJT2166. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2167. කමණ්ඩලුං ගහෙත්වාන වංකදණ්ඩඤ්ච බ්රාහ්මණා, පච්චුපෙස්සන්ති රාජානො ගාමෙසු නිගමෙසු ච. නාදින්නෙ වුට්ඨහිස්සාම ගමෙම්භි ච වනම්හි ච.
Sinhala BJT2167. මහරජ ඇතැම් බමුණෝ කෙණ්ඩියක් හා වක්දණ්ඩක් ගෙන ගම් නියම්ගම්හි ද රජුන් වෙත ද එළඹෙත්. (යැදි දෙය) නුදුන් කලැ, ගමෙහි වුව ද වෙනෙහි වුව ද නො නැගිටිමු යයි ඉඳ ගනිති.
Pali BJT2168. නිග්ගාහකසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ
Sinhala BJT2168. මහරජ, (තමාට) නිගා කර ගන්නා ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු ද මා විසින් කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද.
Pali BJT2169. අපෙතා තෙ බුහ්මඤ්ඤා (ඉති රාජාකොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙ විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2169. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2170. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං
Sinhala BJT2170. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (ඵ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2171. පරූළ්හකච්ඡ නඛලොමා{1} සඞ්කදන්තා රජස්සිරා. ඔකිණ්ණා රජරෙණූහි යාචකා විචරන්ති තෙ.
Sinhala BJT2171. බෙහෙවින් වැඩි ගිය කිසිලි ලෝම සහ නිය ඇති මැලියම් සහිත දත් ඇති දූවිල්ලෙන් ගැවැසි හිස් ඇති දූලි සහිත ඒ බමුණෝ යදිමින් හැසිරෙති.
Pali BJT2172. ඛාණුඝාතසමා රාජ තෙපි වුච්චන්ති බ්රාහ්මණා, අක්ඛාතා තෙ මහාරාජ තාදිසෙ නිපතාමසෙ.
Sinhala BJT2172. මහරජ අපවිත්‍ර සිරුරු ඇති හෙයින් දාගිය කණු සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු යාචක බ්‍රාහ්මණ යයි කියති. එ බඳු ඔවුන් වෙත ඵළඹ අරාධනා කරමු ද?
Pali BJT2173. අපෙතා තෙ බ්රහ්මඤ්ඤා (ඉතිරාජාකොරව්යො,) න තෙ වුච්චන්ති බ්රාහ්මණා අඤ්ඤෙපි විධුර පරියෙස සීලවන්තෙ බහුස්සුතෙ.
Sinhala BJT2173. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්‍ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්‍රුත වෙනත් බමුණන් සොයව.
Pali BJT2174. විරතෙ මෙථුනා ධම්මා යෙ මෙ භුඤ්ජෙය්යුං භොජනං, දක්ඛිණං සම්ම දස්සාම යත්ථ දින්නං මහප්ඵලං
Sinhala BJT2174. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙක (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්‍ෂිණාව දෙමු.
Pali BJT2175. හරීටකං{2} ආමකං අම්බං{3} ජම්බුවිහීටකං, ලබුජං දන්තපොණානි බෙලුවා ඛදරානි ච.
Sinhala BJT2175. (මහරජ) යමෙක් අරළු නෙල්ලි අඹ දඹ බුළු දෙල් දැහැටි බෙලි හා ඩෙබර ද,
Pali BJT2176. රාජායතනං උච්ඡුපුටං ධූමනෙත්තං මධුඅඤ්ජනං. උච්චාවචානි පණියානි විපණෙන්ති{4} ජනාධිප.
Sinhala BJT2176. කිරිපලු ද උක් හා එම පැණි ද දුම්කෝව ද මී හා අඳුන් ද යන ලොකු කුඩා වෙළෙඳ බඩු විකුණත් ද.