Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1895. න චෙ නින්දා සුපරිවජ්ජයෙථ නානා ජනා සෙවිතබ්බා ජනින්ද, යෙනෙව එකො ලභතෙ පසංසං තෙනෙව අඤ්ඤො ලභතෙ නින්දිතාරං.
Sinhala BJT1895. රජතුමනි, නින්‍දාව පහසුවෙන් ඉවත් කළ නො හැකිය. නොයෙක් දේ රුස්නා ජනයා ඇසුරු කළ යුතු වේ. යමක් නිසා එකෙක් ප්‍රශංසා ලබා ද එයින් ම අනෙකා නින්‍දා ලබයි.
Pali BJT1896. සබ්බො ලොකො පරිචිත්තොන අචිත්තො{8} සබ්බො ලොකො විත්තවාසම්භි චිත්තෙ, පච්චෙකචිත්තා පුථුසබ්බසත්තා කස්සීධ චිත්තස්ස වසෙන වත්තති.
Sinhala BJT1896. රජතුමනි, හැම ලෝ වැසියා මෙරමා සිත් ඉක්ම සිටී සිත් ඇත්තේ ය. හැම ලෝ වැසියා හීනෝත්කෘෂ්ට විසින් සිය සිත්හි සිත් ඇතියේ නම. හැම සත්ත්‍වයෝ වෙනස් වෙනස් සිත් ඇතියෝ ය. ඔවුනතුරෙහි කවර එකක්හුගේ සිත් වශයෙන් පවතී ද?
Pali BJT1897. තුණ්හි අහූ කිම්පුරිසො සභරියො යොදානි ව්යාකාසි භයස්ස භීතො, සොදානි මුත්තො සුඛිතො ආරොගො වාචා කිරෙවත්ථවතී නරානන්ති.
Sinhala BJT1897. බිරිඳ සහිත කිඳුරා තුෂ්ණිම්භූත වැ මරණ බය නිසා දැන් බිණිය. දැන් හේ මරණින් මිදුණේ ය. සුවපත් ය. නීරෝග ය. සත්ත්‍වයන්ට වචනය ම හිත සැප ගෙන දේ.
Pali BJT8. තක්කාරියජාතකං
Sinhala BJT8. තක්කාරිය ජාතක යි.
Pali BJT1898. තස්ස ගාමවරං දම්මි නාරියො ච අලඞ්කතා, කො මෙ තං මිගමක්ඛාති මිගානං මිගමුත්තමං.
Sinhala BJT1898. ගම්වර හා සැරසුණ ස්ත්‍රීන් කාහට දෙම් ද? කවරෙක් මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියන්නේ ද?
Pali BJT1899. මය්හං ගාමවරං දෙහි නාරියො ච අලඞ්කතා, අහං තෙ මිගමක්ඛිස්සං මිගානං මිගමුත්තමං.
Sinhala BJT1899. ගම්වර ද සැරසුණු ස්ත්‍රීන් ද මට දෙව. මම තොපට මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියමි.
Pali BJT1900. එතස්මිං වනසණ්ඩස්මිං අම්බා සාලා ච පුප්ඵිතා, ඉන්දගොපකකසංඡන්නා එත්ථෙසො තිට්ඨතී මිගො.
Sinhala BJT1900. මේ වන ළැහැබෙහි පිපුණ අඹගස් ද සල් ගස් ද ඇත. රතිඳුගොව් පැහැය ඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී.
Pali BJT1901. ධනුං අදෙජ්ඣං{1} කත්වාන උසුං සන්ධායුපාගමි{2}, මිගො ච දිස්වා රාජානං දූරතො අජ්ඣභාසථ.
Sinhala BJT1901. රජතෙම දුනුදිය නගා දුන්න සරහා ගෙන පැමිණි යේය. මුවා ද එලෙස එන රජු දැකැ දුර සිට මෙලෙස කීය.
Pali BJT1902. ආගමෙහි මහාරාජ මා මං විජ්ඣි රථෙසභ. කො නු තෙ ඉදමක්ඛාසි{3} එත්ථෙසො තිට්ඨතී මිගො.
Sinhala BJT1902. රජතුමනි, බලාපොරොත්තු වනු මැනවි. මා නො විදින්නේ මැනැවි. ඒ රන්වන් මුවා මෙහි සිටිය යි තොපට කවරෙක් කීයේ?
Pali BJT1903. එස පාපචරො පොසො සම්ම තිට්ඨති ආරකා, සො හි මෙ ඉදමක්ඛාසි එත්ථෙසො තිට්ඨතී මිගො.
Sinhala BJT1903. මිත්‍රය, ලාමක ගති ඇති ඒ පුරුෂයා ඈත සිටියි. ඒ රන්වන් මුවා මෙහි සිටී යන පුවත හේ මට කීය.
Pali BJT1904. සච්චං කිරෙව මාහංසු නරා එකච්චියා ඉධ, කට්ඨං විපලාවිතං{4} සෙය්යො නත්වෙවෙකච්චියො නරො.
Sinhala BJT1904. මේ ලෝකයේ ඇතැම් මනුෂ්‍යයෝ “දියෙහි පා වී යන වියළි දඬුකඩ ගොඩ ලීම මැනැවි. (එහෙත්) ඇතැමකු ගොඩ ගැනීම නො මනාය යි සත්‍යයක් ම බිණූහු.”
Pali BJT1905. කින්නු රුරූ ගරහසි මිගානං කිං පක්ඛිනං කිං පන මානුසානං, භයං හි මං වින්දති නප්පරූපං සුත්වානං තං මානුසිං භාසමානං.
Sinhala BJT1905. රූරු මෘගය, කිමෙක් ද, තෙපි මෘගයන්ට නින්‍දා කරන්නහු ද, පක්‍ෂීන්ට නින්‍දා කරන්නහු ද, මනුෂ්‍යයනට නින්‍දා කරන්නහු ද? මිනිස් බසින් බෙණෙන ඒ බස් අසා මට මහත් බියක් උපදී,
Pali BJT1906. යමුද්ධරිං වහනෙ{5} වුය්හමානං මහොදකෙ සලිලෙ සීඝසොතෙ, තතො නිදානං භයමාගතං මම දුක්ඛො භවෙ රාජ අසබ්භිසඞ්ගමො.
Sinhala BJT1906. වේගයෙන් ගලන මහ දිය කඳෙහි පා වී යන යමකු ගොඩට නගාලීම් ද ඒ හේතුවෙන් මට බිය පැමිණියේ ය. රජතුමනි, අසත්පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන් දුකෙකි.
Pali BJT1907. සොහං චතුප්පත්තමිදං විහඞ්ගමං තනුච්ඡිදං හදයෙ ඔස්සජාමි, හනාමි මිත්තදදුමකිච්චකාරිං යො තාදිසං කම්මකතං න ජානෙ.
Sinhala BJT1907. ඒ මම පියාපත් සතරක් තිබෙන, අහසින් යා හැකි, සිරුර සිඳ ලන, මේ හීය ඔහුගේ හදවතට යවන්නෙමි. යමෙක් කළ උපකාර නො දනී ද එ බඳු මිත්‍රද්‍රෝහියා නසමි.
Pali BJT1908. ධීරස්ස බාලස්ස හවෙ ජනින්ද සන්තො වධං නප්පසංසන්ති ජාතු, කාමං ඝරං ගච්ඡතු පාපධම්මො යඤ්චස්ස භට්ඨං තදෙතස්ස දෙහි අහඤ්ච තෙ කාමකරො භවාමි.
Sinhala BJT1908. ජනපතිතුමනි, පණ්ඩිතයාගේ ද මෝඩයාගේ ද විනාශය සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ප්‍රශංසා නො කෙරෙති. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. යමක් මොහුට දෙමි යි කීයේ ද එයත් ඔහුට දෙන්නේ මැනැවි. මම ද තොප කැමැති පරිදි කරන්නෙක් වෙමි.
Pali BJT1909. අද්ධා රුරූ අඤ්ඤතරො සතං සෙ{1} යො දුබ්භතො මානුසස්ස න දුබ්භි,{2} කාමං ඝරං ගච්ඡතු පාපධම්මො යඤ්චස්ස භට්ඨං තදෙතස්ස දම්මි අහඤ්ච තෙ කාමචාරං{3} දදාමි.
Sinhala BJT1909. ද්‍රෝහි මිනිසාට යමෙක් ද්‍රෝහ නො කෙළේ ද මේ රූරු මෘගයා ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් කෙනෙකි. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. ‘යමක් මොහුට දෙමි’ යි කීයෙම් ද එයත් මොහුට දෙමි. මම ද තොපට කැමැති පරිදි වාසය කරන්නට වර දෙමි.
Pali BJT1910. සුවිජානං සිගාලානං සකුන්තානඤ්ච වස්සිතං, මනුස්සවස්සිතං රාජ දුබ්බිජානතරං තතො.
Sinhala BJT1910. රජතුමනි, සිවලුන්ගේත් පක්‍ෂීන්ගේත් නාදය පහසුවෙන් තේරුම් ගත හැකිය. මනුෂ්‍යයන්ගේ නාදය තේරුම් ගැනීම ඊට වඩා අපහසු ය.
Pali BJT1911. අපි චෙ මඤ්ඤති පොසො ඤාති මිත්තො සඛාති වා, යො පුබ්බෙ සුමනො හුත්වා පච්ඡා සම්පජ්ජතෙ දිසො
Sinhala BJT1911. ඉදින් පුරුෂයෙක් (මේ) නෑයෙක, මිතුරෙක, යහළුවෙක කියා දනී ද, හේ පළමු සතුටු සිතැති වැ පසු වැ සතුරු වන්නේ ය.
Pali BJT1912. සමාගතා ජානපදා{4} නෙගමා ච සමාගතා, මිගා{5}ධඤ්ඤානි ඛාදන්ති තං දෙවො පටිසෙධතු{6}.
Sinhala BJT1912. රැස් වූ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද “රජතුමනි, මුවෝ ධාන්‍ය කන්නාහ. රජතුමා, එය වළකන සේක්වා” යී කීහ.
Pali BJT1913. කාමං ජනපදො{7} මාසි රට්ඨංවාපි විනස්සතු, නත්වෙවාහං රුරුං දුබ්භෙ දත්වා අභයදක්ඛිණං.
Sinhala BJT1913. ජනපදය ඒකාන්තයෙන් වැනසේවා. රට ද වැනසේවා. රූරු මුවාට අභය දානය දී (යළිත්) මම ද්‍රෝහ නො කරන්නෙමි.
Pali BJT1914. මා මෙ ජනපදො ආසි රට්ඨඤ්චපි විනස්සතු, නත්වෙව{8} මිග රාජස්ස වරං දත්වා මුසා භණෙති.
Sinhala BJT1914. මගේ ජනපදය වැනැසේවා. රට ද වැනැසේවා. මම මුවරජහට වර දී බොරු නො කියමි.
Pali BJT9. රූරුමිගජාතකං.
Sinhala BJT9. රූරු මෘග ජාතක යි.
Pali BJT1915. ආසිංසෙථෙව{9} පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
Sinhala BJT1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
Pali BJT1916. ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
Sinhala BJT1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
Pali BJT1917. වායමෙථෙව{10} පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහු.
Sinhala BJT1917. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
Pali BJT1918. වායමෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං උදකා ථලමුබ්භතං.
Sinhala BJT1918. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
Pali BJT1919. දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො ආසං න ඡින්දෙය්ය සුඛාගමාය, බහූහි ඵස්සා අහිතා හිතා ච අවිතක්කිතා මච්චුමුපබ්බජත්ති.
Sinhala BJT1919. දුකට පැමිණියේ නමුදු නැණවත් පුරුෂයා සැපතට පැමිණීමේ රිස්ස නො සිඳින්නේ ය. නො සිතූ හිතාහිත ස්පර්‍ශයෝ සත්ත්‍වයා වෙත පැමිණෙති.
Pali BJT1920. අවින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නහි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා.
Sinhala BJT1920. නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ.
Pali BJT1921. සරභං ගිරිදුග්ගස්මිං යං ත්වං අනුසරී පුරෙ, අලීනචිත්තස්ස තුවං වික්කන්නමනුජීවසි.
Sinhala BJT1921. පෙරැ ඔබ යම් ගිරි දුර්‍ගයෙක සරභ මුවකු ලුහුබැඳ ගියෝ ද, කරුණා සිතැති උගේ වෑයම නිසා තෙපි ජීවත් වව.
Pali BJT1922. යො තං විදුග්ගා නරකා සමුද්ධරි සිලාය යොග්ගං සරභො කරිත්වා, දුක්ඛුපනීතං මච්චුමුඛා පමොචයි අලීනචින්තං තමිගං වදෙසි.
Sinhala BJT1922. යම් සරභ මුවෙක් ගලෙන් උපක්‍රම යොදා, ගොඩ පැමිණිය නො හැකි නරාවළින් තොප ගොඩ ගත්තේ ද දුකට පත් වැ සිටි තොප මරු මුවෙන් මිදී ද, ධෛර්‍ය්‍යය සම්පන්න සිතැති ඒ මුවාගේ ගුණ කීහු ය.
Pali BJT1923. තුවං නු තත්ථෙව තදා අහොසි උදාහු තෙ කොචි නං එතදක්ඛා, විවත්තච්ඡද්දො{1} නුසි සබ්බදස්සී ඤාණන්නු තෙ බ්රාහ්මණ භිංසරූපං.
Sinhala BJT1923. බමුණ, තෙපි එදා එහි සිටියහු ද? නැතහොත් කිසිවෙක් එය තොපට කීවේ ද? (නැතහොත්) දුරු කළ කෙලෙස් ඇති සර්‍වඥ වූහු ද? තොපගේ නුවණ බලවත් පැවැතුම් ඇත්තේ ය.
Pali BJT1924. න චෙවහං තත්ථ තදා අහොසිං න චාපි මෙ කොචි නං එතදක්ඛා, ගාථාපදානඤ්ච සුභාසිතානං අත්ථං තදා නෙන්ති ජනින්ද ධීරා.
Sinhala BJT1924. ජනපති තුමනි, මම එදා එහි නො වීමි. කිසිවෙකුත් මට එය නො කීය. (එහෙත්) මනා කොට කී ගාථා පදයන්ගේ අර්‍ත්‍ථය නුවණැත්තෝ සොයති.
Pali BJT1925. ආදාය පත්තිං පරවිරියඝාතිං චාපෙ සරං කිං විචිකිච්ඡසෙ තුවං, නුණ්ණො{2} සරො සරභං හන්තු ඛිප්පං අන්නං හි එතං වරපඤ්ඤ රඤ්ඤො.
Sinhala BJT1925. අන්‍යයන්ගේ වෑයම නසන ඊතලය දුන්නෙහි බහාගෙන ඔබ සැක කරන්නේ කිම? ඊය විද වහා සරභයා නසත්වා. එය උතුම් පැණැති රජුගේ ආහාර යි.
Pali BJT1926. අද්ධා පජානාමි අහම්පි එතං අන්නං මිගො බ්රාහ්මණ ඛත්තියස්ස, පුබ්බෙ කතඤ්ච අපචායමානො තස්මා මිගං සරභං නො හනාමි.
Sinhala BJT1926. බමුණ, මුවා ක්‍ෂත්‍රියයාගේ ආහාර යි. එය මම ද ඒකාන්තයෙන් දනිමි. පෙරැ කළගුණය පුදන්නෙම්, මම සරඟමුවා නො මරමි.
Pali BJT1927. නෙසො මිගො මහාරාජ අසුරෙසො{1} දිසම්පති, එතං හන්ත්වා මනුස්සින්ද භවස්සු අමරාධිපො.
Sinhala BJT1927. දිශාධිපති රජතුමනි, මෙතෙම මුවෙක් නො වේ. මෙතෙම අසුරයා ය. නරදෙටුව, මොහු මරා ඔබ ශක්‍ර වන්නේ මනාය.
Pali BJT1928. ස්වෙව රාජ{2} විචිකිච්ඡසෙ තුවං හන්තුං මිගං සරභං සහායකං මෙ සපුන්නදාරො නරවිරියසෙට්ඨ{3} ගන්තා තුවං වෙතරණිං{4} යමස්ස.
Sinhala BJT1928. රජතුමනි, මේ සරභයා මාගේ මිතුරා යයි (යන හැඟීම නිසා) නසන්නට සැක උපදවා ද (එහෙයින්) නරදෙටුව, අඹු දරුවන් සහිත තෙපි යමයාගේ වේතරණී නම් නිරයට යන්නාහුය.
Pali BJT1929. කාමං අහං ජානපදා ච සබ්බෙ පුත්තා ච දාරා ච සහායසඞ්ඝා, ගච්ඡෙමු නං වෙතරණිං යමස්ස නත්වෙව හඤ්ඤො{5} යො මමපාණදස්ස{6}.
Sinhala BJT1929. බමුණ, මම ද දනවු වැසියෝ ද පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද මිතුරෝ ද යන හැමදෙන යමයාගේ වේතරණී නිරයට ඒකාන්තයෙන් යම්හ. (එහෙත්) යමෙක් මට පණ දුන්නේ ද හේ නො මැරිය යුතු ය.
Pali BJT1930. අයං මිගො කිච්ඡගතස්ස මය්හං එකස්ස කත්තා විවනස්මිං ඝොරෙ තං තාදිසං පුබ්බකිච්චං සරන්තො ජානං මහාබ්රහ්මෙ කථං හනෙය්යං.
Sinhala BJT1930. බමුණ, මේ මුවා මහවනයෙහි හුදෙකලා ව සිටි මට නරාවළෙන් ගොඩ එන්නට උපකාර කෙළේ ය. පෙරැ කළ ඒ උපකාර සිහි කරන්නෙම් දැන දැන ම ඔහු කෙසේ නසම් ද?
Pali BJT1931. මිත්තාභීරාධී{7} චිරමෙව ජීව රජ්ජං ඉමං ධම්මගුණෙ පසාස{8}, නාරීගණෙහි පරිවාරයන්තො මොදස්සු රට්ඨෙ තිදිවෙව වාසවො.
Sinhala BJT1931. මිතුරන් සතුටු කරන ඔබ බොහෝ කල් වෙසෙත්වා. (දශ)රාජ ධර්‍මයෙහි පිහිටා රාජ්‍යයානුශාසනා කෙරෙත්වා. ස්ත්‍රී සමූහයා පිරිවරා ගෙන වෙසෙන ශක්‍රයා මෙන් රටෙහි ප්‍රීතියෙන් වෙසෙත්වා.
Pali BJT1932. අක්කොධනො නිච්චපසන්නචිත්තො සබ්බාතිථියාචයොගො භවිත්වා{9} දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතො සග්ගමුපෙහි ඨානන්ති.
Sinhala BJT1932. නො කිපෙන සතුටු සිතැති (ඔබ) අමුත්තන්ගේ යාචනයට සුදුසු වෙත්වා. හැකි පමණින් දීමත් බිදීමත් කොට නින්‍දා රහිත වැ සැපතින් අග්‍රස්ථානය වන දෙව්ලොවට පැමිණෙත්වා.
Pali BJT10. සරභමිගජාතකං.
Sinhala BJT10. සරභමිග ජාතක යි.
Pali BJTතෙරසකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTතේරසක නිපාතය නිමියේ ය.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවරකම්බ{10} කුට්ඨාරිසහංවරො අථරඤ්ඤස්මිං දූතකපඤ්චකො අථඛොධි අකිත්තිසුතක්කරිනා අථරූරුමිගෙන පරොසරහොති.
Sinhala BJTඅම්බජාතකය, කුඨාරී (චන්‍දන) ජාතකය, ජවන හංස ජාතකය, චුල්ලනාරද ජාතකය, පස්වැනි දූත ජාතකය ද, යළි කාලිඞ්ග බෝධි ජාතකය, අකිත්ති ජාතකය, තක්කාරිය ජාතකය, රූරුමිග ජාතකය හා සරභමිග ජාතකය දැයි (ජාතක දශය වේ.)
Pali BJT14. පකිණ්ණකනිපාතො
Sinhala BJT14. පකිණ්ණක නිපාතය
Pali BJT1933. සම්පන්නං සාලිකෙදාරං සුවා භුඤ්ජන්ති කොසිය, පටිවෙදෙමි තෙ බ්රහ්මෙ න නං{1} වාරෙතු මුස්සහෙ
Sinhala BJT1933. කෝසිය ගොත්හි උපන් බමුණ, ඇල් කෙත සම්පූර්‍ණයෙන් පැසී තිබේ. කෙත ගිරවු කති. එය වළකන්නට නො හැක්කෙමි. එය ඔබට දන්වමි.
Pali BJT1934. එකො ච තත්ථ සකුණො සො තෙසං{2} සබ්බසුන්දරො, භුත්වා සාලිං යථාකාමං තුණ්ඩෙනාදාය ගච්ඡති.
Sinhala BJT1934. එහි ගිරවුන් අතරැ අංගෝපාංග සම්පූර්‍ණ බැවින් සර්‍ව සුන්‍දර වූ ගිරවෙක් වෙයි. හේ රිසි සේ ඇල් වී රස විඳැ වී කරල් රැගෙන යයි.
Pali BJT1935. ඔඩ්ඩෙන්තු{3} වාළපාසානි යථා බජ්ඣෙථ සො දිජො, ජිවඤ්ච නං ගහෙත්වාන ආනයෙථ මමන්තිකෙ.
Sinhala BJT1935. ඒ පක්‍ෂියා බැඳෙන පරිදි පුඩු අටවා තබත්වා. ජීවග්‍රහයෙන් ම ඔහු අල්ලා මා සමීපයට ගෙනෙව.
Pali BJT1936. එතෙ භුත්වා විවිත්වා ච පක්කමන්ති විහංගමා, එකො බද්ධොස්මි පාසෙන කිං පාපං පකතම්මයා.
Sinhala BJT1936. මේ පක්‍ෂීහු වී බිදැ පැන් බී ඉවත් වැ යති. හුදෙකලාව මම පුඩුවෙන් බැඳුනෙමි. මා කෙබඳු පාපයක් කරන ලද ද?
Pali BJT1937. උදරං නූන අඤ්ඤෙසං සුව අච්චොදරං තව, භුත්වා සාලිං යථාකාමං තුණ්ඩෙනාදාය ගච්ඡසි.
Sinhala BJT1937. ගිරා පෝතකය, සෙසු ගිරවුන්ගේ බඩට වඩා තොපගේ බඩ ඉතා මහත් යයි සිතමි. රිසි සේ ඇල් වී කා තුඩෙනු දු ගෙන යන්නෙහිය.
Pali BJT1938. කොට්ඨන්නු තත්ථ පූරෙසි සුව වෙරන්නු තෙ මයා පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කුහිං සාලිං නිධීයසි.
Sinhala BJT1938. ගිරවාණෙනි, එහි කොටුගුලක් පුරවන්නෙහි ද? නැතහොත් මා හා වෛරයක් පවතී ද? මිතුර, විතාරන මට කිය. ඇල් වී කොහි තැන්පත් කරන්නෙහි ද?
Pali BJT1939. න මෙ වෙරං තයා සද්ධිං කොට්ඨො මය්හං න විජ්ජති, ඉණං මුඤ්චාමිණංදම්මි සම්පත්තො කොටිසිම්බලිං{4} නිධිම්පි තත්ථ නිදහාමි එවං ජානාහි කොසිය.
Sinhala BJT1939. කෝසිය බමුණ, තොප හා මාගේ වෛරයෙක් නැත. මට කොටුගුලෙකුත් නැත. ඉඹුල් රුකට පැමිණ ණයක් මුදමි. ණය ද දෙමි. එහි නිධානයක් ද නිදන් කරමි. (මෙය) මෙසේ දනුව.
Pali BJT1940. කීදිසං තෙ ඉණදානං ඉණමොක්ඛො ච කීදිසො, නිධිං{5} නිධානං අක්ඛාහි අථ පාසා පමොක්ඛසි.
Sinhala BJT1940. ගිරවාණෙනි, තොපගේ ණය දීම කෙබඳු ද? ණයෙන් මිදීම කෙබඳු ද? නිදන් කිරීම කෙබඳු ද? එකලැ තෙපි පුඩුවෙන් මිදෙන්නහුය.
Pali BJT1941. අජාතපක්ඛා තරුණා පුත්තකා මය්හ{6} කොසිය, තෙ මං භතා භරිස්සන්ති තස්මා තෙසං ඉණං දදෙ.
Sinhala BJT1941. කෝසිය බමුණ, පියාපත් නො සෑදුණු මාගේ පුත්‍ර පැටවු සිටිති. මා විසින් පෝෂණය කරනු ලැබූ ඔවුහු යළිත් මා පුස්නාහ. එ හෙයින් ඔවුනට ණය දෙමි.
Pali BJT1942. මාතා පිතා ච මෙ වුද්ධා ජිණ්ණකා ගතයොබ්බනා, තෙසං තුණ්ඩෙන භාතූන මුඤ්චෙ පුබ්බෙ කතං{7} ඉණං.
Sinhala BJT1942. මගේ මවුපියෝ වෘද්ධයහ. ජරාවෙන් යුක්තහ. යොවුන් බව පහව ගොස් ඇත. තුඩින් ගෙන ගොස් (ඇල් වී කරල්) ඔවුනට දී මම පෙර ගත් ණය මුදමි.
Pali BJT1943. අඤ්ඤෙපි තත්ථ සකුණා ඛීණපක්ඛා සුදුබ්බලා, තෙසං පුඤ්ඤත්ථිකො දම්මි තං නිධිං ආහු පණ්ඩිතා.
Sinhala BJT1943. එහි ඉතා දුබල නැසුණ පියාපත් ඇති තවත් පක්‍ෂීහු වෙසෙති. පින් සඳහා ඔවුනටත් දෙමි. එය අනුගාමික නිධානය යි නුවණැත්තෝ කියති.
Pali BJT1944. එදිසං{1} මෙ ඉණදානං ඉණමොක්ඛො මෙ එදිසො, නිධිං නිධානං අක්ඛාතං{2} එවං ජානාහි කොසිය.
Sinhala BJT1944. කෝසිය බමුණ, මාගේ ණය දීම මෙබඳු වෙයි. මාගේ ණය මිදීම ද මෙබඳු වේ. කියන ලද නිදන් කිරීමත් මෙලෙස දැන ගනුව.
Pali BJT1945. භද්දකො වතයං{3} පක්ඛී ද්විජො පරමධම්මිකො, එකච්චෙසු මනුස්සෙසු අයං ධම්මො න විජ්ජති.
Sinhala BJT1945. පියාපත් ඇති මේ පක්‍ෂියා යහපත් ය. ඉතා දැහැමිය. ඇතැම් මිනිසුන් අතර ද මේ ගුණ දහම විද්‍යමාන නො වේ.
Pali BJT1946. භුඤ්ජ සාලිං යථාකාමං සහ සබ්බෙහි ඤාතිහි, පුනාපි සුව පස්සෙමු පියං මෙ තව දස්සනං.
Sinhala BJT1946. සියලු නෑයන් සමග කැමැති පරිදි ඇල් වී අනුභව කරව. යළිදු (තොප) දකිමු. තොපගේ දැක්ම මට ප්‍රිය ය.
Pali BJT1947. භුත්තඤ්ච පීතඤ්ච තවස්සමම්භි රතීව නො කොසිය තෙ සකාසෙ, නික්ඛිත්තදණ්ඩෙසු දදාහි දානං, ජිණ්ණෙච මාතාපිතරො භරස්සු.
Sinhala BJT1947. කෝසිය බමුණ, තොපගේ නිවෙසෙහි කෑවෙමි. බීවෙමි. තොප කෙරෙහි ඇල්ම ද ඇති විය. බහා ලූ දඬු ඇත්තන්ට දන් දෙව. ජරපත් මවුපියන් පෝෂණය කරව.
Pali BJT1948. ලක්ඛී වත මෙ උදපාදි අජ්ජ යො අද්දසාසිං{4} පවරං දිජානං, සුවස්ස සුත්වාන සුභාසිතානි කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT1948. පක්‍ෂීන්ගෙන් උතුම් ගිරවා මම දුටුයෙම් ද ඒ මට ශ්‍රී කාන්තාව ඒකාන්තයෙන් පහළ වූවා ය. ගිරවාගේ සුභාෂිත අසා බොහෝ පින් කරමි.
Pali BJT1949. සො කොසියො අත්තමනො උදග්ගො අන්නඤ්ච පානඤ්චභිසඞ්ඛරිත්වා{5}, අන්නෙන පානෙන පසන්නචිත්තො සන්තප්පයි සමණෙ බ්රාහ්මණෙචාති.
Sinhala BJT1949. ඒ කෝසිය බමුණා මුදිත වූයේ ප්‍රමුදිත වූයේ, කෑම බිම පිළියෙළ කොට පහන් සිතින් ආහාරපානයෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සතුටු කරවී ය.
Pali BJT1. සාලිකෙදාරජාතකං{6}.
Sinhala BJT1. සාලිකේදාර ජාතක යි.
Pali BJT1950. උපනීයතිදං මඤ්ඤෙ චන්දෙ ලොහිතමදෙන මජ්ජාමි, විජහාමි ජිවතං පාණා මෙ චන්දෙ නිරුජ්ඣන්ති{7}.
Sinhala BJT1950. චන්‍ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා පැමිණියේය යි හඟිමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත් හරිමි. ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
Pali BJT1951. ඔසධි මෙ දුක්ඛං මෙ හදයං මෙ දය්හතෙ නිතම්මාමි, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
Sinhala BJT1951. මාගේ පණ නවතී. මට දුකෙකි. මාගේ හදවත දැවේ. ඉතා ක්ලාන්ත ඇත්තේ වෙමි. මේ මාගේ දුක ශෝක කරන චන්‍ද්‍රාව නිසා උපනි. අන් කරුණ නිසා නො වේ.
Pali BJT1952. තිණමිව වනමිව මිය්යාමි{1} නදී අපරිපුණණියාව සුස්සාමි, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
Sinhala BJT1952. රත් වූ ගලෙහි ලූ තණ මෙන් ද මුලසුන් කැලෑ ගසක් මෙන් ද මලානික වෙමි. දිය නො පිරුණු නදියක් මෙන් වියළෙමි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වෙයි.
Pali BJT1953. වස්සංව සරෙ පාදෙ ඉමානි මස්සූනි වත්තරෙ මය්හං, තව චන්දියා සොචන්තියා න නං අඤ්ඤෙහි සොකෙහි.
Sinhala BJT1953. පර්‍වත පාදයෙහි වැසි දිය මෙන් මගේ කඳුළු ධාරා නො සිඳී ගලයි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වේ.
Pali BJT1954. පාපොසි ඛො රාජපුත්ත යො මෙ ඉච්ඡිතපතිං වරාකියා, විජ්ඣි වනමූලස්මිං සො යං විද්ධො ඡමා සෙති.
Sinhala BJT1954. රාජපුත්‍රය, යමෙක් දුක්පත් මා කැමැති මාගේ සැමියා වනයෙහි විද්දේ ද (ඒ නුඹ) පාපියෙක් වෙහි. විදුම් ලද හෙතෙම බිමැ හෝනේ ය.
Pali BJT1955. ඉමං මය්හං හදයසොකං පටිමුඤ්චතු රාජපුත්ත තව මාතා, යො මය්හං හදයසොකො කිම්පුරිසං අවෙක්ඛමානාය.
Sinhala BJT1955. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ සිත්හි යම් දුකෙක් වේ ද, මාගේ සිත්හි හටගත් දුක තොපගේ මව ද ලබාවා.
Pali BJT1956. ඉමං මය්හං හදයසොකං පටිමුඤ්චතු රාජපුත්ත තව ජාතා, යො මය්හං හදයසොකො කිම්පුරිසං අවෙක්ඛමානාය.
Sinhala BJT1956. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ හිතෙහි යම් දුකෙක් වේ ද, මාගේ හිතෙහි හටගත් දුක තොපගේ බිරිඳ ද ලබාවා.
Pali BJT1957. මා ච පුත්තෙ{2} මා ච පතිං අද්දක්ඛි රාජපුත්ත තව මාතා, යො කිම්පුරිසං අවධි අදූසකං{3} මය්හකාමාහි.
Sinhala BJT1957. රාජපුත්‍රය, යමෙක් අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ මව ද දූදරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා.
Pali BJT1958. මා ච පුත්තෙ මා ච පතිං5 අද්දක්ඛි රාජපුත්ත තව ජායා, යො කිම්පුරිසං අවධි අදූසකං මය්හකාමාහි.{4}
Sinhala BJT1958. රාජපුත්‍රය, යමෙක්, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ බිරිඳ දරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා යි සාප කළා ය.
Pali BJT1959. මා තුවං චන්දෙ රුජ්ජි{5} මා සොචි මනතිමිරමත්තික්ඛි, මම ත්වං හොහිසි භරියා රාජකුලෙ පූජිතා නාරී{6}.
Sinhala BJT1959. චන්‍ද්‍රාවෙනි, නො හඬන්න. දුක් නො වන්න. තී මානෙල් මල් බඳු ඇස් ඇත්තීය. තෙපි රජකුලයේ ස්ත්‍රීන්ගෙන් පිදුම් ලබන්නී මාගේ භාර්‍ය්‍යාව හෙවත් අගමෙහෙසිය වන්නහු ය.
Pali BJT1960. අපිනූනහං{1} මරිස්සං නචපනාහං{2} රාජපුත්ත තව හෙස්සං යො කිම්පුරිසං අවධි අදූසකං මය්හකාමාහි.
Sinhala BJT1960. රාජපුත්‍රය, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා යමෙක් මැරී ද, මම මිය යතත් (ඒ) තොපගේ භාර්‍ය්‍යා නො වෙමි.
Pali BJT1961. අපි භීරුකෙ අපිජීවිතුකාමිකෙ කිම්පුරිසි ගච්ඡ හිමවන්තං, තාලිස්සතගරභොජනෙ{3} අරඤ්ඤෙ තං මිගා රමිස්සන්ති.
Sinhala BJT1961. තලිස් පතුරු හා තුවරලා ආහාර කොට ගන්නා බියසුලු කිඳුරිය, ජීවත් වන්නට කැමැති නම් හිමවතට යව. වනයෙහි මෘගයෝ තී රමණය කරන්නාහ.
Pali BJT1962. තෙ පබ්බතා තාච කන්දරා තා ච ගිරිගුහායො, තත්ථ{4} තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං{5}
Sinhala BJT1962. කිඳුරාණෙනි, ඒ පර්‍වත ද ඒ කඳුරැලි ද ඒ පර්‍වත ගුහා ද ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1963. තෙ පණ්ණසත්ථතා රමණීයා වාළමිගෙහි අනුචිණ්ණා, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
Sinhala BJT1963. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු කොළ ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1964. තෙ පුප්ඵසන්ථාරමණියා වාළමිගෙහි අනුචිණ්ණා, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
Sinhala BJT1964. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු රමණීය වූ මල්ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1965. අච්ඡා සවන්ති ගිරිවරනදියො{6} කුසුමාභිකිණ්ණසොතායො, තත්ථ තං අපස්සන්තී කිංපුරිස කථං අහං කාසං
Sinhala BJT1965. කිඳුරාණෙනි, පිරිසුදු දිය ඇති කුසුම් විසුරුණු දියදහර ඇති ගිරිනදීහු මෙහි ගලා බසිති. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1966. නීලානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1966. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ නිල්පැහැති පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
Pali BJT1967. පීතානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1967. කිඳුරාණෙනි, හිමවතෙහි දැකුම්කලු රන්වන් පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
Pali BJT1968. තම්බානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1968. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ තඹපැහැති පර්‍වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1969. තුඞ්ගානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1969. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ උස් වූ පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1970. සෙතානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං.
Sinhala BJT1970. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ සුදුපැහැති පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1971. චිත්රානි හිමවතො පබ්බතස්ස කූටානි දස්සනෙය්යානි, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං.
Sinhala BJT1971. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ විසිතුරු පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1972. යක්ඛගණසෙවිතෙ ගන්ධමාදනෙ ඔසධෙහි සඤඡන්නෙ, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1972. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු බූමාටුදෙවියන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1973. කිම්පුරිසසෙවිතෙ ගන්ධමාදනෙ ඔසධෙහි සඤඡන්නෙ, තත්ථ තං අපස්සන්තී කිම්පුරිස කථං අහං කාසං
Sinhala BJT1973. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු කිඳුරන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
Pali BJT1974. වන්දෙ තෙ පාදෙ අයිර බ්රහ්මෙ{1} යො මෙ ඉච්ඡිතපතිං වරාකියා, අමතෙන අභිසිඤ්චි සමාගතස්මිං පියතමෙන
Sinhala BJT1974. උතුම් බමුණාණෙනි, යමෙක් දුක්පත් මාගේ සැමියා අමාදියෙන් ඉස්සේ ද, (එ හෙයින්) ප්‍රියතම සැමියා හා එක්වීම් ලදිමි. ඒ ඔබ වඳිමි.
Pali BJT1975. විචරාම දානි ගිරිවරනදියො කුසුමාභිකිණ්ණසොතායො, නානාදුමවසනායො පියංවදා අඤ්ඤමඤ්ඤස්සාති.
Sinhala BJT1975. අපි දැන් මලින් ගැවැසුණු දියදහර ඇති නන්වැදෑරුම් තුරුසෙවණ නැමැති වස්ත්‍ර ඇති ගිරිමතින් ඇද හැලෙන නදීන්හි ඔවුනොවුනට ප්‍රිය බස් බෙණෙමින් හැසිරෙම්හ.
Pali BJT2. චන්දකින්නරජාතකං.
Sinhala BJT2. චන්‍දකින්නර ජාතක යි.
Pali BJT1976. උක්කා{1} මිලාචා බන්ධන්ති දීපෙ පජා මමං{2} ඛාදිතුං පත්ථයන්ති, මිත්තං සහායඤ්ච වදෙහි{3} සෙනක ආචික්ඛ ඤාතිව්යසනං දිජානං
Sinhala BJT1976. උකුස්සාණෙනි, මාගේ දරුවන් කන්නට රිසිඇති දනවු වැස්සෝ අප වසන දූපතෙහි හුළු බඳිති. එක් වැ හැසිරෙන මිතුරකුට කියව. පක්‍ෂී වූ අපගේ ඥාති ව්‍යසනය උකුසුරජුට කියනු මැනැවි.
Pali BJT1977. දිජො දිජානං පවරොසි පක්ඛි, උක්කුසරාජ{4} සරණං තං උපෙමි, පජා මම ඛාදිතුං පත්ථයන්ති ලුද්දා මිලාචා භව මෙ සුඛාය.
Sinhala BJT1977. උකුසුරජාණෙනි, ඔබ පක්‍ෂීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ පක්‍ෂි වෙති. මම ඔබ සරණ යමි. රුදුරු ජනපද වාසීහු මාගේ දරුවන් කන්නට රිසි වන්නාහ. ඔබ මට සැප පිණිස වෙත්වා.
Pali BJT1978. මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා කාලෙ අකාලෙ සුකමෙසමානා{5}, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
Sinhala BJT1978. උකුස්සාණෙනි, ප්‍රාඥයෝ කල්හි දු නො කල්හි දු සැපය සොයන්නාහු උපකාර කරන මිතුරන් සහායයන් ඇති කර ගනිති. එහෙයින් මම ඔබට මේ උපකාරය කරමි. ආචාරසම්පන්න පුද්ගල ආචාරසම්පන්න පුද්ගලහට කටයුතු දෑ කෙරෙයි.
Pali BJT1979. යං හොති කිච්චං අනුකම්පකෙන අරියස්ස අරියෙන කතං තවයිදං{6}, අත්තානුරක්ඛී භව මා අඩය්හ ලච්ඡාම පුත්තෙ තයි ජිවමානෙ.
Sinhala BJT1979. අනුකම්පා ඇති ආචාරසම්පන්න ඔබ විසින් කටයුතු යමක් ඇත් ද, ආචාරගුණ ඇති මට මේ උපකාරය කරන ලදී. තමා රැකෙන්නේ මැනැවි. නො දැවෙන්නේ මැනැවි. ඔබ ජීවත් වන කලැ (අපි) දරුවන් ලබන්නමු.
Pali BJT1980. තවෙව{7} රක්ඛාවරණං කරොන්තො සරීරභෙදාපි න සන්තසාමි, කරොන්ති හෙකෙ{8} සඛිනං සඛාරො පාණං චජන්ති{9} සත{10} මෙසධම්මෙ.
Sinhala BJT1980. (මිතුර,) ඔබගේ ම රැකවරණ සඳහා ක්‍රියා කරන මම මැරෙතු දු සන්ත්‍රාසයට පත් නො වෙමි. ඇතැම් මිතුරෝ මිතුරන් නිසා සිය පණ ද අත් හරිති. මෙය සත්පුරුෂ ධර්‍ම යි.
Pali BJT1981. සුදුක්කරං කම්මමකා{11} අණ්ඩජායං විහඞ්ගමො අත්ථාය කුරරො{12} පුත්තෙ අඩ්ඪරත්තෙ අනාගතෙ.
Sinhala BJT1981. ආකාශචාරී මේ උකුසු පක්‍ෂි තෙමේ අඩරැයක් ගෙවෙන තාක් මිතුරාගේ පුතුන් සඳහා ඉතා දුෂ්කර කාර්‍ය්‍යයක් කෙළේ ය.
Pali BJT1982. චුතාපි එකෙ ඛලිතා සකම්මුනා, මිත්තානුකම්පාය පතිට්ඨහන්ති, පුත්තා මමට්ටා ගතිමාගතොස්මි අත්ථං චරෙථ මම චාරිඡන්න.
Sinhala BJT1982. දියෙහි වසන මාගේ මිත්‍රය, ඇතැම් කෙනෙක් යසසින් හා ධනයෙන් පිරිහෙත් නමුදු මිතුරනට අනුකම්පාවෙන් පිහිට වෙති. මාගේ පුත්හු කරදරයට පත් වැ සිටිති. පිළිසරණ සොයා පැමිණියෙමි. හිතචර්‍ය්‍යායෙහි යෙදෙනු මැනැවි.
Pali BJT1983. ධනෙන ධඤ්ඤෙන ච අත්තනා ව මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
Sinhala BJT1983. නුවණැත්තෝ ධනධාන්‍යයට ද ජීවිතයට ද වඩා මිතුරාට සහායයාට උදව් කෙරෙති. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්‍ය්‍යය කරමි. ආචාරසම්පන්නයා ආචාරසම්පන්නයාගේ කාර්‍ය්‍යය ඉටු කෙරෙයි.
Pali BJT1984. අප්පොස්සුක්කො තාත තුවං නිසීද{1} පුත්තො පිතු චරති අත්ථචරියං, අහං චරිස්සාමි තවෙතමත්ථං{2} සෙනස්ස පුත්තෙ පරිතායමානො.
Sinhala BJT1984. පියාණෙනි, ඔබ වෙහෙස නො වනු මැනවි. පුත්‍රයා පියාගේ කාර්‍ය්‍යයෙහි නියුක්ත ව හැසිරෙයි. උකුස්සාගේ දරුවන් රකිමින් මම ඔබගේ මේ කාර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමි.
Pali BJT1985. අද්ධා හි තාත සතමෙස ධම්මො පුත්තො පිතු යං චරෙථ{3} අත්ථචරියං, අප්පෙව මං දිස්වා පවඩ්ඪකායං{4} සෙනස්ස පුත්තෙ න විහෙඨයෙය්යුං{5}.
Sinhala BJT1985. දරුව, පියාගේ කාර්‍ය්‍යයෙහි පුත්‍රයා නියුක්ත වීම ඒකාන්තයෙන් සත්පුරුෂ ගුණයෙකි. බොහෝ වැඩී ගිය මා දැකැ දනව් වැසියෝ උකුස්සාගේ පුතුන් වෙහෙස නො කරන්නාහු නම් මැනැවි.